Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Jun 2017 11:40 AM by Rosi පාට හතයි රස හතයි හත් මාළුව හදන්නේ මෙහෙමයි... 130 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 7 of 7 << < 34567 Author Messages samanthaMost Senior MemberPosts:13190 14 May 2017 09:30 PM පාට හතයි රස හතයි හත් මාළුව හදන්නේ මෙහෙමයි... ආචාර්ය පබිලිස් සිල්වා කියයි ආහාරවල රසය කනටත් දැනෙනවා කරවිල, වට්‌ටක්‌කා, පුහුල්, පිපිඤ්Æ ඇට කියන්නෙ ඖෂධ ජාතියේ මහා සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා සමඟ කරගෙන යන කතා බහ ඔහු විසින් රචිත "සූපවංශය" කෘතිය තරමටම පුළුල් ගැඹුරකින් අර්ථයෙන් යුක්‌තය. ගත වූ සති තුනක් තුළ ඔහු විසින් මෙරට ආහාර සංස්‌කෘතිය පිළිබඳ දක්‌වන ලද අදහස් ලිපි මාලාවක් ලෙස "දිවයින ඉරිදා සංග්‍රහයේ" පළවූ අතර මෙම ලිපිය ද එහි දිගුවක් වන්නේය. පළමුව "සූපවංශය" එළිදැක්‌වීමේ උළෙලට සහභාගී වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ග්‍රන්ථයේ ඇති වැදගත්කම අවබෝධ කර ගැනීමෙන් අනතුරුව එය ඉංගී්‍රසි බසට පරිවර්තනය කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී ඇති බැවින් නුදුරේදී එය ජාත්‍යන්තර වටිනාකමකින් යුත් ග්‍රන්ථයක් බවට පත්කිරීමට හැකියාව ලැබෙන බවත් එහි පූර්ණ ගෞරවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හිමි විය යුතු බවත්, පළමුව සඳහන් කරමින් පබිලිස් සිල්වා මහතා මෙවර කතා බහ හත්මාළුවෙන් ආරම්භ කළේය. "හත්මාළුව කියන්නේ එළවළු සහ අල වර්ග හතක් එකට මිශ්‍ර කරල හදන ආහාරයක්. මේක ලෝකයේ බොහෝ රටවල තිබෙන ක්‍රමයක්. දැන් ඉන්දියාව ගත්තොත් ඒ රටේ මේ සඳහා වර්ග නමයක් එකතු කරනව. සාමාන්‍යයෙන් නවරත්න කිව්වහම අපේ මතකයට නැඟෙන්නේ මැණික් වර්ග නමයක්‌නෙ. නමුත් අපි හත්මාළුව කියන එක ඉන්දියාවෙ හඳුන්වන්නෙ නවරත්න නමින්. දැන් අපේ රටේ ගත්විට අපි හත්මාළුව කියල හඳුන්වන ආහාරය පළාතෙන් පළාතට වෙනස් වෙන්න පුළුවන්. ඒක වෙන්නෙ මෙහෙමයි. කොතැනකවත් සඳහන් වෙලා නැහැ හත්මාළුවට අහවල් දේම පමණක දාන්න කියල. මේ සඳහා ඒ ඒ පළාත්වලට ආවේණික එළවළු වර්ග, අල වර්ග භාවිත කරන්න පුළුවන්. ඒ හින්ද අපට වර්ග කරල කියන්න පුළුවන් කමක් නැහැ. හත්මාළුවට මේ මේ වර්ග යොදා ගන්න කියල. හැබැයි මේකෙ තියෙන වැදගත්කම තමයි හත්මාළුව හැදුවට පස්‌සෙ ඒකට පාවිච්චි කළ එළවළු වර්ග වෙන්න පුළුවන් අල වර්ග වෙන්න පුළුවන් අන්න ඒ ටික වෙන වෙනම හඳුනගන්න පුළුවන්කම තිබෙන්න ඕන. අන්න එතකොට තමයි මේක හත්මාළුව වෙන්නෙ." "එහෙම නැතුව මේකෙ පාට වෙනස් වෙලා තැම්බිල වැඩිවෙලා අනවශ්‍ය රසකාරක දාල මේකෙ තියෙන්නෙ මොනවද කියල හොයාගන්න බැරි නම් ඒක හත්මාළුවක් වෙන්නෙ නැහැ. හත්මාළුවක් හදා ගැනීමේදී ඕනෑම පළාතකදී කජු විශේෂ වෙනව. මෙතැනදීත් කජු කිව්වම පැහුණුq ගෙඩියෙන් ලබාගන්න කජු මදය මේ සඳහා යොදා ගැනීමක් සිද්ධ වෙන්නෙ නැහැ. ඒ සඳහා ගත යුත්තේ නාඹර වයසෙ කජු මදය පමණයි. ඒ කියන්නෙ ළපටි කජු මද. ළපටි කජු මදය සුදු පාටයි. ඊළඟට අපි කොළපාට එළවළුවක් ගන්න ඕන. රතුපාට එළවළුවක් ගන්න ඕන. ඔය වගේ වර්ණ හතකින් කජු මාළුව සමන්විත වෙන්න ඕන. එතකොට උදාහරණයක් විදිහට අපට දුඹුරු පැහැති එළවළුවක් අල වර්ගයක් නැහැනේ. ඒකට කරන්නෙ අළු කෙසෙල් අරන් කපල බදිනව. අන්න දුඹුරු පැහැය එනව. හැබැයි මේ බැදගත් අළු කෙසෙල් හත් මාළුවට මිශ්‍ර කරන්න ඕන අනෙක් හය වර්ගයම යොදල හොද්ද හදාගත්තට පස්‌සෙ. එතකොට අර දාන අළු කෙසෙල් කෑලිවල පැහැය වෙනස් වෙන්නෙ නැහැ. දියවෙලා නොපෙනී යන්නේ නැහැ. හත්මාළුවට කළු වර්ණය ලබාගන්න ඕන නම් "ඉඳලොළු" දාන්න පුළුවන්. රතුපාට ගත්තොත් ඒ සඳහා අපට රතු නිවිති දාගන්න පුළුවන්." "එතකොට බීට්‌රූට් ගන්න බැරි ඇයි කියල කෙනකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. බීට්‌රූට් ගත්තොත් එයාගෙ අණසක සෑම තැනකම පැතිරෙන්න ගන්නව. හැමදේම රතුපාට වෙන්න ගන්නව. මෙතැනදී මට අමතක වුණ කාරණයක් තමයි හත්මාළුවක් හදද්දී ඒ සඳහා ගන්න එළවළු අල වර්ග එක සමාන ප්‍රමාණයට කපාගත යුතු වෙනව. මොකද මේකෙ කලාවක් තියෙනව. මම කියාගෙන ආපු කාරණයට නැවත ගියොත් බීට්‌රූට් ගන්නව නම් හත්මාළුවට ඒක මුලින්ම තම්බගන්න ඕන. අන්න එතකොට එයාගෙ තිබෙන රතුපාට බලය බිඳෙනවා. ඔන්න ඔය වගේ යම් යම් උපක්‍රම අපි දැනගන්න ඕන ආහාර පිළියෙළ කිරීමේදී විශේෂයෙන් හත්මාළුව ගැන සඳහන් කළොත් ඒක පිළියෙළ කරල ආහාරයට ගන්න වෙලාවේදී එය වර්ණ හතකින් සමන්විත වෙන්න ඕන." "ආහාරයෙන් අපි ඉන්ද්‍රියයන් පහක් පිනවනව. ඒව තමයි ඇස, කන, නාසය, මුඛය, ස්‌පර්ශය මේ ඉන්ද්‍රියයන් පහ ආගමානුකූල පැත්තෙන් ගත්තත් වැදගත් වෙනවනෙ. එතැනදී මේක වැදගත් වෙන්නෙ පව් සහ පින කියන කාරණා දෙක සම්බන්ධයෙන්නෙ. කෙනෙක් දිව්‍ය ලෝකයේ හෝ නරකාදියේ යන්නෙ. මේ ඉන්ද්‍රියයන් පහ පිනවන ආකාරයෙන්aනෙ. හැබැයි ආහාරවලින් මේ ඉන්ද්‍රියයන් පිනවන්න යන්න එපා. මොකද අධික රසයට ඕනම කෙනෙක් කැමැත්ත දක්‌වනව. හැබැයි අද මේ අධික රසය ගන්න බහුල වශයෙන් දාන්නෙ රස කාරක. ඒ හින්ද මම දෙන උපදෙස තමයි අධික රසයට ලොල් වෙන්න එපා කියන එක. දැන් යම් ආහාරයක් සැකසීමේදී ඕනෑවට වඩා ඒ දෙය තෙලෙන් බදිනව නම් වැඩිපුර තම්බනවනම් ඒකට හේතුවක් තියෙන්න ඕන. දැන් මම ඉස්‌සෙල්ල කිව්වෙ හත් මාළුවට අළු කෙසෙල් ගෙඩිය බදින්න ඕන කියල. අන්න ඒක අවශ්‍ය වර්ණය එනකම් බැද්දට ගැටලුවක් නැහැ. ඒකට හේතුවක් තියෙනවනෙ. මොකද ඒක බාගෙට බැදල දැම්මොත් දියවෙලා යනව. ඒ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. එතකොට ආහාර සමඟ ඉන්ද්‍රියයන් පහක් සම්බන්ධ වෙන ආකාරය ගැන නැවත කතා කළොත් ආහාරයක් වේවා බීමක් හෝ වේවා මුලින්ම අපි ඒකෙ රස බලන්නෙ නාසයෙන්. නාසයට ඒ සුවඳ දැනිල තත්පර ගණනකින් අපේ ශරීරය වෙනස් වෙනව. කටට කෙළ උනනව. ආශාව ඇති වෙනව මේ කාල රස බලල නොවෙයි. එතකොට අපි මුලින්ම ආහාරය භුක්‌ති විඳින්නෙ නාසයෙන්. දෙවැනි එක තමයි ඇස. එතැනදී සුවඳ එන පැත්ත දෙස අපි හැරිල බලනව. අන්න එතකොට අපි මේක දකිනව. අන්න අපි දෙවැනි වර දැසින් ආහාරයක් භුක්‌ති විඳිනව. ඊළඟට අපි ස්‌පර්ශය බලනව. මේක ඉදිලද, තැම්බිල ද, මෙළෙක් ගතියෙන් යුක්‌තද සෙවෙල ගතියක් තියෙනවද කියල. බලන්නෙ ස්‌පර්ශයෙන්. ඊළඟට තමයි අපි ඒක ආහාරයක් හෝ පාන වර්ගය වේවා භූක්‌ති විඳින්නෙ. ඒ හතරවැනි අවස්‌ථාව. තව එකක් ඉතිරි වෙනවානේ. ඒ තමයි පස්‌වැනි අවස්‌ථාව. අපි ආහාරයක් දත් දෙපළෙ ආධාරයෙන් හපල කනකොට ශබ්දය උපදිනව. ඒක කනට නෑසුණොත් එතකොටත් අපි ආහාරය පිළිකුල් කරනව. ඒ හින්ද දෙසවන් කියන්නෙත් ආහාර රසවිඳින ඉන්ද්‍රියයක්. දැන් උදාහරණයක් විදිහට පිපිඤ්Æ කෑල්ලක්, පපඩමක් ධාන්‍ය වර්ගයක් ආහාරයට ගනිද්දි යම් ශබ්දයක් ඇහෙන්නෙ නැත්නම් අපි දෙපාරක් කල්පනා කරනව. පෙඟුණ පපඩමක් අපි කන්නෙ නැහැනේ. ඒ හින්ද ආහාරයක තිබෙන රසය කනටත් දැනෙනව. එතකොට කෙනකුට ඕන නම් මේ ඉන්ද්‍රියයන් පහම පිනවන්න පුළුවන්. හැබැයි ඒක එච්චර හොඳ දෙයක් නොවෙයි. මේ දෙය කෘත්‍රිමව කරන්නත් පුළුවන්. ඒ කොහොමද කියනව නම් නාසය පිනවන්න පුළුවන් කෘත්‍රිම සුවඳ කාරක ආධාරයෙන් කට පිනවන්න රස කාරක තිබෙනව. ඇස පිනවන්න වර්ණ කාරක තිබෙනව සවණ පිනවන්න විවිධ තෙල් වර්ගවලින් බැද ගන්න පුළුවන්. ස්‌පර්ශය සඳහාත් ඒ ක්‍රමයම අනුගමනය කරන්න පුළුවන්. හැබැයි මේකෙ තියෙන අනතුර තමයි. මම අර කිව්ව ඉන්ද්‍රියයන් පිනවීමට යැමේදී අප නොදැනුවත්වම අපට හානි සිද්ධ වීම. ඒකයි මම කිව්වෙ ආහාරවලින් ඉන්ද්‍රියයන් පහක් පිනවන්න පුළුවන් හැබැයි අනතුරුදායකයි කියල. මොකද ඔය ඕනවට වඩා රස සොයන්න ගියොත් ඒක බෝ නොවන රෝගවලට අතවැනීමක්. ඒ හින්ද අර මම මුලින් කිව්ව අපාය හා දිව්‍ය ලෝකය කියල දෙකක් තිබෙනවානේ. ඒ හින්ද ඕනවට වඩා රසය සොයාගෙන යැම ඒ දෙකෙන් අපායට යනව වගේ වැඩක්. මොකද මම එහෙම කියන්නෙ ආහාර එක්‌ක සෙල්ලම් කරනව කියන්නේ ජීවිත එක්‌ක සෙල්ලම් කරනව වගේ වැඩක්. ආහාර ගැන ඉතිහාසය සොයා ගෙන යන කොට ආහාර පිළියෙළ කිරීමේ නිරතව ඉන්න අයට ඒ ගැන උනන්දුවක් තියෙනව නම් පොළොව යටින් වටිනා ඉල්ලම් මතු වෙනව වගේම ඒ අයගේ මනසටත් ආහාර සම්බන්ධව අලුත් සිතුවිලි පහළ වෙන්න ඕන. අපි කොහොමද රසවත් මෙන්ම ගුණවත් දෙයක්a හොයාගන්නෙ කියල. සමහරවිට අත් වැරැද්දකින් අලුත් දෙයක් අලුත් රසයක් හොයාගන්න පුළුවන් වන අවස්‌ථා තිබෙනව. මං අපේ රටින් උදාහරණයක් කියන්නම්.. දැන් කාලෙකට ඉස්‌සර අපේ රටේ "බුල්ටෝ" කියල දෙයක් තිබුණ. මං හිතන්නෙ දැන් ඒක වෙළෙඳපොළේ නැහැ. ඔය බුල්ටෝ එක හැදුණේa අත්වැරැදීමකින්. කවුරු හරි කෙනෙක් කියමුකො. එයා කිරිටෆී හදන්න ගියා වැරදීමකින් පමණට වැඩිය මේ මිශ්‍රණය රත් වුණා. එහෙම නැත්නම් අධික උෂ්ණත්වයකට පත් වුණා. මේක අහක දාන්න බැරිකමට රවුම් කලා කෑලි කපල කොලේක එතුව වෙළෙඳපොළට දැම්ම. අපි මොනතරම් ඇබ්බැහිවීමක් වුණාද ඒකට. ඒක හොයාගෙන ගිහින් මිලදී ගන්න තත්ත්වයට ආව. ඒ වගේ යම් යම් අත්වැරදීම් හේතුවෙන් ආහාර සංස්‌කෘතියට අලුතින් එකතු වූ දේත් තිබෙනව. මම කියාගෙන එන්නෙ අලුත් අත්හදා බැලීම් කළ යුතුයි කියලනෙ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ආහාර රසවත් කරන්න විවිධ සෝස් වර්ග යොදාගන්නව. මේව බොහොමයක තියෙන්නෙ කෘත්‍රිම රස කාරක හා වර්ණ කාරක හැබැයි ඒ කෘත්‍රිම දේ භාවිත නොකර සෝස් වර්ග හදාගන්න පුළුවන්. තමන්ගෙ ගෙදර පාවිච්චියට කියමු. ඒ දේ තමන්ට කරගන්න පුළුවන්නෙ. ඕනෑම පළතුරකින් සෝස් හදන්න පුළුවන්. මම ඒක මුලින්ම හඳුන්වල දීල තිබෙනව. දිවුල්, කාමරංක, බෙලි මෙන්ම මේ වගේ පළතුරුවලින් අපට ඒ දෙය කරගන්න පුළුවන්. විනාකිරි ටික ගත්තත් එහෙමයි. මේ වෙද්දී ලෝකයේ බොහෝ රටවල් රසය පැත්තකින් තියල ගුණය ගැන සැලකිලිමත් වෙන්න පටන් අරන් තියෙනව. ඒ කියන්නෙ ආහාර සඳහා පුළුවන් තරම් ස්‌වාභාවික දේ භාවිත කරන්න පටන් අරන් තියෙනව. රටක් ලෙස ගත් විට අපි ඒ තත්ත්වයට තවමත් යන්න හිතල නැහැ. මොකද ඔය කෘත්‍රිමව නිපදවන ලද ආහාර අපේ රටට එන්න ගත්තෙ දැනට දශක තුන හතරකට එපිට ඉඳල. ඒ කියන්නෙ තවමත් ඒක අපට අලුත්. ඒ හින්ද ඒකෙන් මිදෙන්න අපට තව කාලයක් ගත වෙනව. අපේ රටේ දැනට කාලයකට පෙර ආහාර රසවත් කරන්න භාවිත කළේ පොල් විනාකිරි. ඒක සියයට සියයක් ස්‌වාභාවිකයි. ගෙදර හදා ගත්තෙ. අද ඉන්න ගෘහණිය ඒක හදාගන්නෙ නෑ. හදන්න දන්නෙත් නෑ. ඒ අය මොකද කරන්නෙ කඩේට ගිහින් කෘත්‍රිමව හදන විනාකිරි ගෙනත් ආහාරයට දානව. ඒක හදන්නෙ ඇසිඩ් වර්ග භාවිත කරල. දැන් අපි ඇසිඩ් තමයි කන්නෙ විනාකිරි කියල. හැබැයි අපි පොල්ගෙඩිය බිඳල විසි කරල දාන වතුරෙන් ගෙදරදීම ඔය විනාකිරි ටික හදාගන්න පුළුවන්. ඒක ස්‌වාභාවිකයි. කොහොමද ඒක කරන්නෙ. ගෙදර බිඳින පොල් ගෙඩියෙ වතුර ටික අරගෙන ඒක පෙරළා අරගන්න. එහෙම ගන්න පොල්වතුර ලීටරයකට සීනි තේ හැන්දක් දාන්න ඕන. හොඳින් වහල පල්වෙන්න තියන්න. සති දෙක තුනක් යද්දී ඒක විනාකිරි බවට පත් වෙනව. ඉතින් අපි මේ දේවල් කරන්නෙ ආහාරය ඖෂධයක් බවට පත් කරන්නෙ කොහොමද කියල රටට කියන්න. විදේශවලට ගියාට පස්‌සේ මම දැකල තියෙන දෙයක් තමයි කරවිල ඇටය , පිපිඤ්Æ ඇටය, වට්‌ටක්‌කා ඇටය ඔය කොයික ගත්තත් ඒව මිල අධික ආහාර ලෙස වෙළෙඳපොළේ අලෙවි වෙනව. ඒක මිරිස් හෝ සීනි මිශ්‍ර කරල රසවත් ආහාරයක් බවට පත් කරගෙන තිබෙනවා. අපේ රටේ මේ දේවල් දාන්නෙ කුණු කූඩේට. මේ වගේ පුංචි පුංචි දේවල් ගැන අපි නොහිතුවට ඒව තුළ විශාල වටිනාකමක් පවතිනවා. අපේ රටේ තිබෙන අඩුපාඩුව තමයි මේ දේවල් ගැන සැලකිලිමත් නොවීම. ඔය හින්දම තමයි මම "සූපවංසය" කියන පොත ලියල මේ ගැන රට දැනුවත් කරන්න තීරණය කළේ මොකද මට මගේ රටේ යම් වටිනාකමක් හිමිවෙලා තිබෙනවා නම් රටට මගෙන් යම් යුතුකමක් ඉටු කළ යුතුයි. ඒ හින්ද අඩුම තරමින් අපේ අනාගත පරම්පරාව මේ ආහාර භීෂණයෙන් තරමක් හරි මුදවගන්න පුළුවන් නම් ඒක මම ලබන ලොකුම සැනසීමක් වෙනව." ආචාර්ය පබිලිස් සිල්වා එසේ පවසමින් කතා බහ හමාර කළ අතර ඔහුගේ කතාබහ ගත් විට එහි හරය වී ඇත්තේ ආහාරය ඖෂධයක් විය යුතු බවත් තවමත් එය එසේ යෑයි සිතීමට රට්‌ටුන් ලෙස බොහෝ දෙනෙක් මැලිකමක් දක්‌වන බවත් ය. එබැවින් ඔහු පවසන ආකාරයට කවුරු කවුරුත් තේරුම් ගත යුතුව ඇති කරුණක් වන්නේ ජීවත් වන්නේ ආහාර ගැනීම පිණිස නොව ආහාර ගන්නේ ජීවත්වීම පිණිසය යන්න වගය. රුවන් ජයවර්ධන සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Ind007kaMost Senior MemberPosts:12931 14 May 2017 10:04 PM ඔන්න කනවා නම් කැම First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 gaminiVeteran MemberPosts:4475 14 May 2017 10:57 PM අපි හැදුවොත් කලර් එක වෙනස් වෙනවානේ ------ ඕකනේ ප්‍රශ්නේ ආදරයේ උල්පත අම්මා ...................... 0 chamaramindMost Senior MemberPosts:13471 15 May 2017 03:28 AM හත්මාළුව මාර රසයි.කන්නම ආස කෑමක් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 DushanVeteran MemberPosts:2536 15 May 2017 03:31 AM නියම කෑමක් තමයි ඔන්න 0 maduranga001Most Senior MemberPosts:14118 15 May 2017 04:18 AM ගොඩක් ගරු කරන ආස කරන පුද්ගලයෙක් තමයි පබිලිස් සිල්වා මහතා. දක්ෂතාවය වගේම දේශීය දේ අගයන්න දන්නා නිහතමානී සුපවේදියෙක්. හත්මාළුව සබරගමු පලාතට ආවේනික ලෙස සකසන ආකාරය පසුගිය දිනෙක රුපවාහිනී වැඩසටහනකට පෙන්නුව. එකම පළාතේ උනත් මේ හදන එක වෙනස් තමයි. දකුණේ හදන විදිහට ඉස්සර අපේ අම්මත් හදල තියෙනව හත්මාලුව. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 smt90Veteran MemberPosts:1736 15 May 2017 06:34 AM රසවත් කෑමක් නේ ... 0 RosiSuper Senior MemberPosts:5335 15 May 2017 08:48 AM මේ විස්තර කියවනකොට නම් බඩ වගේම හිතත් පිරෙනවා .. 0 hasithadSuper Senior MemberPosts:5795 16 May 2017 09:03 AM හත් මාලුව පලාත් අනුවත් වෙනස්.මම කාලා තියෙන එක මෙහෙම නෙමෙයි. 0 samanthaMost Senior MemberPosts:13190 29 May 2017 12:58 AM සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් අවශ්‍ය ද්‍රව්‍ය, බාස්මතී හාල් කෝප්ප 02 වතුර කෝප්ප 03 කජු ග්‍රෑම් 100 මුද්දරප්පලම් ග්‍රෑම් 50 ග්‍රීන් පීස් ග්‍රෑම් 50 ඉස්සන් ග්‍රෑම් 250 කොටු කපා ගත ළූණු ගෙඩි 02 කරාබු නැටි 02 කුරුඳු අඟලේ කැබලි 01 සේර අඟලේ කැබලි 01 කහකුඩු තේ හැඳි ½ ලුණු මාගරින් ග්‍රෑම් 100 සාදන ක්‍රමය, භාජනයකට මාගරින් ග්‍රෑම් 50ක් දමා අඩු ගින්දරේ රත්කර එයට හාල්, ලුණු කුඩු,කහ කුඩු, කුරුඳු පොතු, කරාබු නැටි හා වතුර දමා බත හොඳින් පිස ගන්න. වෙනත් භාජනයක් ලිප තබා එයට ඉතිරි මාගරින් ග්‍රෑම් 50 දමා ළූණු, සේර දමා බැදෙන විට ඉස්සන් දමා තරමක් බැද ගන්න එයට කජු, ග්‍රීන් පීස්, මුද්දරප්පලම් දමා බැද පිසගත් බතට එකතු කරගන්න විකී බාස්කට් අවශ්‍ය ද්‍රව්‍ය, තම්බා ගත් බිත්තර 05 චීස් ග්‍රෑම් 100 බටර් ග්‍රෑම් 50 කලරින් තම්බා ගත අල ගෙඩි 01 ලුණු හා ගම්මිරිස් කැරට් තීරු ස්වල්පයක් පාස්ලි ස්වල්පයක් සාදන ක්‍රමය, බිත්තර තම්බා දෙකට පලා එහි කහ මදයට චීස්, බටර්, ලුණු, ගම්මිරිස් දමා මිශ්‍රකර කුඩා බෝල සාදා ගන්න අල පොඩි කර එයටද චීස්, බටර්, ලුණු හා කහපාට කලරින් ස්වල්පයක් දමා ගන්න බිත්තර පලු ගෙන සාදා ගත් බෝල ඒ මත තබා හොට ලෙස කැරට් කැබැල්ලක්, ඇස් දෙක ලෙස කුඩා කැරට් කැබලි දෙකක් තබාගන්න අල මිශ්‍රණය ස්ටා නොසලයෙන් මල් ආකාරයට තබා පාස්ලි කැබැල්ලක් ගසන්න චිකන් කුරුමා අවශ්‍ය ද්‍රව්‍ය, කුකුළු මස් කිලෝ 01 සුදු ළූණු බික් 05 වියලි මිරිස් කරල් 10 ඉඟුරු අඟලේ කැබලි 01 කුරුඳු අඟලේ කැබලි 01 කරදමුංගු කරල් 01 කහ කුඩු, මාගරින් මේස හැඳි 05 සේර අඟලේ කැබලි 01 කජු මේස හැඳි 03 බී ළූණු ගෙඩි 04 කෝන්පිටි තේ හැඳි 01 මුදවාපු කිරි ග්‍රෑම් 150 කොත්තමල්ලි කොළ තේ හැඳි 01 බැදපු තුනපහ කුඩු තේ හැඳි 02 සීනි තේ හැඳි 01 සාදන ක්‍රමය, භාජනයකට කුකුළු මස් දමා එයට අඹරාගත් සුදු ළූණු, වියළි මිරිස්,කොත්තමල්ලි කොළ,ඉඟුරු,සේර,කුරුඳු,කරදමුංගු, කහකුඩු,ලුණු දමා පදම් වීමට අරින්න වෙනත් බඳුනකට මාගරින් දමා ලිප තබා ළූණු දමා රන්වන් වන තුරු බැද ගන්න මෙයට පදම් කරගත් කුකුල් මස් ද එකතු කර හොඳින් මිශ්‍ර කර ගනිමින් බැද ගන්න දැන් මෙයට මුදවාපු කිරි, කජු,කෝන්පිටි, බැදපු තුනපහ කුඩු, සීනි එකතු කර හොඳින් කලවම් කර මස් තම්බුණ පසු ලිපෙන් ඉවතට ගන්න මැලේ අච්චාරු අවශ්‍ය ද්‍රව්‍ය, මාළු මිරිස් ග්රෑම් 100 බොම්බයි ළූණු ග්‍රෑම් 100 කැරට් ග්‍රෑම් 50 රට ඉඳී ග්‍රෑම් 200 ලුණු දෙහි ගෙඩි 02 ඉදුණු අන්නාසි ගෙඩි 1/4 විනාකිරි අඹරා ගත් අබ තේ හැඳි 01 ඉඟුරු කැබැල්ලක් හා සුදු ළූණු බික් 05 මිරිස් කුඩු මේස හැඳි 01 රස අනුව ලුණු හා සීනි සාදන ක්‍රමය, කැරට් තීරු ලෙසද මාළු මිරිස් අඟලේ රවුම් ලෙසද, බොම්බයි ළූණු ගෙඩි 04ටද ලුණු දෙහි දිග තීරු ලෙසද කපන්න භාජනයක් ගෙන එයට විනාකිරි දමා අඹරාගත් අබ,සුදු ළූණු,ඉඟුරු,වියළි මිරිස් කුඩු, ලුණු දමා සීනිද එකතු කර හැඳි ගාන්න උතුරන විට කැරට්, ගම්මිරිස්, රට ඉඳි, අන්නාසි,ලුණු දෙහි දමා කලවම් කර ලිපෙන් ඉවතට ගන්න සලාද කොළ සලාදය, අවශ්‍ය ද්‍රව්‍ය, සලාද කොළ ග්‍රෑම් 100 අමු මිරිස් කරල් 02 යෝගට් මේස හැඳි 02 කොටු කපන ලද බී ළූණු 02 සිහින්ව කැපූ පාස්ලි කොළ මේස හැඳි 02 කොත්තමල්ලි කොළ මේස හැඳි 02 මෙයෝනේස් සෝස් මේස හැඳි 03 ලුණු තේ හැඳි 1 1/2 සීනි තේ හැඳි 01 ගම්මිරිස් කුඩු තේ හැඳි 01 කොටු කපන ලද තක්කාලි ගෙඩි 03 සාදන ක්‍රමය, සලාද කොළ ලොකුවට කපන්න එයට සිහින්ව කපා ගත අමුමිරිස්, බී ළූණු, තක්කාලි සහ ඉතිරි සියල්ල දමා කලවම් කරගන්න රවුම් කපා ගත තක්කාලි මේසය වටේ අතුරා සාදාගත් සලාදය මැදින් තබා ගන්න සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 RosiSuper Senior MemberPosts:5335 07 Jun 2017 11:40 AM ස්තුති අයියේ ,,බඩගිනිත් එනවා අනේ මේවා දක්නා කොට 0 You are not authorized to post a reply. Page 7 of 7 << < 34567 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්‌ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes