Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 24 Apr 2017 02:23 AM by Dushan කැඳැලී කරා..(කඳුලත් සැනසුමත්-02.) 32 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 2 of 2 << < 12 Author Messages indika76Most Senior MemberPosts:10449 15 Apr 2017 07:24 PM Quote Reply සඳු තවත් කොටසත් දාලා.. ස්තූතියි නංගී... 0 DushanVeteran MemberPosts:2536 18 Apr 2017 11:06 PM Quote Reply ස්තුති ඊලග කොටසත් දාමු බලන්න එහෙනම් 0 Ind007kaMost Senior MemberPosts:12931 19 Apr 2017 12:45 AM Quote Reply අවුරුද්දෙන් පස්සෙ කො සදුනි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 සඳුනිVeteran MemberPosts:2462 19 Apr 2017 07:18 PM Quote Reply කැඳැලී කරා. (කඳුලත් සැනසුමක්-02) 06-කොටස. "ගෙනාපුවා මේ මල්ලේ ඇති ඇදලා බලන්නකෝ..‘‘ ශානු අයියා එල්ලගෙන ආපු ලොකු කවරය ලොකු අම්මාගේ දෑතට දෙමින් පැවසුවා. ‘‘සුදු යං තේ හදන්න.. ‘‘ ඇය මාවත් ඇදගෙන කුස්සියට ගියේ ශානු අයියා ගෙන ආ මල්ලද රැගෙනයි .ශානු අයියා එක්ක සාලයේ රැදුන ආච්චී අම්මා මොනවදෝ කියවමින් හිටියා.. ‘‘සදී නංගියා.. මම ඇඟ පොඩ්ඩක් හොද ගන්න යනවා..‘‘ ‘‘හරි ශානු අයියේ.. ඉන්න මම එන්නම්...‘‘ මම කුස්සියේ සිටම පැවසුවේ ලොකු අම්මා බඩු කවරය පැත්තකට වෙලා අදිද්දී. ‘‘යනවා යනවා... අයියා ඇදුම් ගිහින් දෙනවා.. මම තේ හදන්නම්..‘‘ ලොකු අම්මා මාව කුස්සියෙන් පැන්නුවා. ඇත්තට ලොකු අම්මා මටත් වඩා ශානු අයියා ගැන හිතනවා කියලා මට හිතෙනවා. අයියත් ඒ වගෙමයි. ඇගේ හැසිරීම අමුතු නිසාදෝ ඔහු ඇයට බොහෝ සෙයිම් ඇළුම් කළා . කෙතරම් කේන්තියෙන් සිටියත් ශානු අයියා ඇයට කවදාවත් නපුරට වචනයක් වත් කතා කලේ නෑ. එදා රාත්රිතය බොහොම සතුටින් ගෙවිලා ගියා. ලොකු අම්මගේ කියවිලි හමුවේ බඩ රිදෙන තුරු සිනා වුණ අපි කලකට පසු හුගක් සතුටින් හිටියා. සියලු අවසානයේ නින්දට සුදානම් වු අපි දෙදෙනාව කාමරයට දාලා සුභ රාත්රි යක් පැතූ ඇය නිදා ගන්න ගියා. ‘‘ලොකු අම්මා හරි හොදයිනේද සුදු මැණික.‘‘ ලොකු අම්මා ගිය පසු මාව තුරුළට ගත්තු ශානු අයියා කිව්වා. ලොකු අම්මා ආව එක ශානු අයියට ලොකු අස්වැසිල්ලක් වෙන්න ඇත. ලොකු අම්මා නිසා ආච්චී අම්මට වැඩිය කියවන්න වෙලාවක් ඉතුරු වුනේ නෑ. හැම කතාවකම මැද්ද පැන්න ලොකු අම්මා ශානු අයියගේ පැත්තට කතා කළා. ඒ ඇය ඇගේ අම්මට ආදරේ නැති නිසා නෙමෙයි. ඇයට ඒක වරදක් වගේ පේන්නේ නැතුව ඇති. ආච්චී අම්මා ඇය මොන තරම් බැන්නත් ඇයට දුකක් වත් තරහක් තිබුණේ නෑ. හැම වෙලේම සිනාසෙමින් සිටි ඇය සියල්ල විහිළුවට ගත්තා. අපි මෙන් කිව් වචන ගැන සිතමින් දුක් වුනේ නෑ. අපි මෙන් සිතන්නට ඇයටත් හැකි වුනා නම් මෙතරම් කල් අවිවාහකව අම්මා ළග ඉන්න ඇයට බැරි වෙන්න තිබුණා. ඇත්තට ඇය මොන් කිසිත් නොදැනවා , නොහැගෙනවා වගේ ඉන්න අපිටත් හැකී නම්.. විටක ඇගේ සැහැල්ලු ජීවිතය දෙස බලල මම සිතුවා. ‘‘ලොකු අම්මා ආපු එක නම් හොඳයි...‘‘ හිතේ හිර වෙලා තිබුණ හැගීම් එකින් එක ශානු අයියා මට බයක් නැතුව කිව්වේ.. ලොකු අම්මා රේඩියෝව ක්රිුයාත්මක කරගෙන සිටි නිසා. ‘‘ඔව් .. පවු ලොකු අම්මා...‘‘ ‘‘ඇයි එයා බදින්නේ නැත්තේ..‘‘ ශානු අයියා ඇය ගැන උපන් ආදරයෙන් මගෙන් විමසුවා .. ‘‘එයා පුංචී ළමෙක් වගේ කියලා කවුරුත් කැමතී නෑ එයා බන්දලා දෙන්න.. හරියන මනමාළයෙක් හම්බුනෙත් නෑ ශානු අයියේ...‘‘ ‘‘පව් සුදු මැණික.. එයාලේ ඇති අඩුපාඩුවක් නෑනේ... ඔහොම අයද බදින්නේ.. අපි කෙනෙක් හොයන්න බලමු.. මට හිතෙනවා අපිටත් වඩා හොදට එයා පවුල් කයි..‘‘ ශානු අයියා බර කල්පනාවක නික්මෙමින් පැවසුවා. ‘‘කොහොමද හොයන්නේ.. දැං කී දෙනෙක් ආවද සුදු අම්මා මනමාලි වගේ එයා කැමති නෑනේ කාටවත්ම.‘‘ ‘‘බලමු සුදු මැනික.. අපේ මාමාත් කපුකම් කරනවා එයාට කියලා බලමු..‘‘ ‘‘ඇත්තමද?...‘‘ මම දැනුන සතුටත් සමඟ තවන් ඔහුව තුරළුකර ගත්තා. ‘‘හ්ම්ම්..... අපි කතා කරලා බලමු..‘‘ ‘‘ම්ම්ම්.. දොයියමුද?..‘‘ මම කාමරේ දැල්වුන පුංචී බල්බයේ ආලොකයෙන් ඔහුගේ දෑස් මතම රැදෙමින් විමසුවා. ‘‘දො...මතද පණ..‘‘ ‘‘නෑ...මගේ අයියේ....‘‘ඔහුගේ මුහුණ දොතට මැදි කර ගනිමින් මම පැවසුවා. ‘‘ම්ම්ම්ම්ම්..‘‘ ................................................................................................... තවත් සැදෑවක මොටර් සයිකලයට නැගුණ අපි අම්මලාගේ ගෙදර යන්න පිටත් වුණා. නෙත ගැටුනු සියළු ගහ කොළ , ගෙවල්, කඩ, වෙල් එළි සියළු දේ අප පසු කර යනවා මෙන් දැනෙද්දි ශානුඅයියත් මාත් ඉදිරියට ඇදුනා. මම පුංචි කාලේ ඉදලම හිතන දෙයක් තමයි අපි අවට පරිසරය පසු කරන් ඉදිරියට ඇදුනත් අපේ හිතට දැනෙන්නෙම ඒ හැම දේම ආපස්සට ගමන් කරනවා නේද කියලා. ‘‘ශානු අයියේ... කොක්කු...‘‘ මම වෙලක තැනින් තැන වහලා හිටපු කොක්කු කීපදෙනෙක් දැකලා පුංචී ළමෙක් වගේ කෑගහන්න වුණා..‘‘ ‘‘මොකද සුදු මැණික කොක්කු දැකලා නැද්ද?..‘‘ ‘‘නෑ මට තාත්තා මතක් වුණා..‘‘ හිතේ තිබුණ සිතුට ටිකකට සැඟව යද්දි මම මුහුණු අදුරු කර ගනිමින් පැවසුවා. මම තාත්තා ලෙස හදුන්වන මිය ගිය සීයාව. ඔහු සිහි වී මගේ හඳවත රිදුම් දුන්නා. ‘‘කොක්කු දැක්කම...‘‘ ‘‘ඔව්.. මගේ අයියේ... ඉස්සර තාත්තාගේ බයික් එකේ සුදු අම්මායි මමයි නැගලා අම්මා බලන්න කොළඹ යනවා.. මම යන්නේ දෙන්නගේ මැද්දේ හිටගෙන් තාත්තාගේ කරේ එල්ලිලා.. ඉතිං මඟ දිගට දකින දකින දේවල් ගිරවී වගේ කියවනවා..‘‘ මම මඳකට කතාව නවතා අතීතය සිහි වී බොඳවෙමින් තිබුණ දෑස පිස දමා ගත්තා. කොක්කු කොහොමද ඒ කතාවට ගෑවුනේ...‘‘මට එක පාරටම හිනා ගියේ එවෙලෙම වෙලක හිටපු කොකෙක්ව දැකලා. ‘‘අර බලන්න ශානු අයියේ.. අර ඔලුවේ කළු පාට පෙදයක් තියෙන කොකා..‘‘ ‘‘ඉතිං...‘‘ සිනාසෙමින් ඒ කොකා දිහා බලලා පිටු පස බලපු ශානු අයියා විමසුවා.. ‘‘අයියෝ... මම ඔය කොක්කු දැක්කම හයියෙන් කෑ ගහනවා තාත්තේ ආන්න පරණ කොකෙක් කියලා.‘‘ ඒ වචනෙත් එක්ක ශානු අයියට බකස් ගාලා හිනා වුණා. ඒ එක්කම මටත් හිනා ගියේ ඒ වචයට වෙනත් අර්ථයක් තියෙන බව මම දැන් දන්න නිසා.. ඉස්සර මං එහෙම කෑ ගහද්දී පාරේ යන කට්ටිය හිනා වුනේ ඇයි කියලා මට දැන් තමයි තේරෙන්නේ.. මට මතකයි මම දුකින් ඉන්න වෙලාවට මගේ සියා මට ඔය කතා මතක් කරලා හිනා වෙන විදිය. ‘‘ඉතිං තව මොනවද කියන්නේ...‘‘ අමාරුවෙන් හිනාව නවත්ත ගත්ත ශානු අයියා විමසුවා.. ‘‘තව කියනා..... මම ශානු අයියගේ බඳ වාට දෙඅත් යවලා තදින් තුරුළු කර ගනනිමින් මොටර් සයිකලයේ වේගය සමග ගසාගෙන ආ සුළගට මුහුනේ වදින්න ඉඩ හැරියා . අපි හරිම සැහැල්ලුවෙන් වේගයෙන් ඉදිරියට ඇදුනා. ‘‘මොනාද කියන්නේ..‘‘ මහ හඬින් ශානු අයියා විමසුවේ වරින් වර පිටුපස බලමින්.. මොටර් සයිකල් එකේ ගමන් කරන විට කතා කිරීමෙන් අපි ලැබුවේ අපූරු ආස්වාදයක්. සුළගත් එක්ක පොරබදන සමහර වචන මට හරියට ඇහුනේ නෑ.. ඒ වගේ වෙලාවට ශානු අයියව අවුස්සන මම දෙතුන් වතාව කියපු එකම ආයි ආයි අහනවා.. ඒ වගේම මහ හඬින් කතා කරන්න වීමත් අපුරු දෙයක්. ‘‘තව කීනවා... අර ඉන්නේ අළුත් කොක්කු කියලා...‘‘ ‘‘මරු කොක්කු බෙදිල්ල..‘‘ ‘‘තව කැළණී ගගට කාසී දාන්න ඕන මට..‘‘ මම ශානු අයියගේ උරහිස මත නිකට තබා ගනිමින මම පැසුවා. ‘‘කාසී දාන්න..‘‘ ‘‘ඔව්.. ගෙදර ඉදන්ම කාසී අරන් යන්නේ.. පාලම උඩින් යද්දී තාත්තා බයික් එක නවත්තලා ගගට කාසී දාන්න දෙනවා..ආපහු එද්දිත් අම්මාගෙන් කාසී ඉල්ලන් එනවා ගඟට දාන්න..‘‘ මම කිව්වේ මගේ පුංචී කාලය ගැන සතුටු වෙමින්. ‘‘දැනුත් දාන්න ඕනෙද?.‘‘ ‘‘ම්ම්ම්ම්.. ඔයානේ දැන් මගේ තාත්තියා.. අපි දාමුද කාසී...‘‘ ‘‘පිස්සු කෙල්ල.... වෙනදාක දාමු...‘‘ වැඩි වෙලා යන් කලින් අපි නතර වුනේ අපේ ගෙදර. ඒ කියන්නෙ සේන බාප්පයි, අම්මයි, ලොකු මල්ලී, චුටී මල්ලී ඉන්න ගෙදර. මගේ ජීවිතේ පුංචිම හරි වෙනසක් වෙලා තිබුණත් මගේ අම්මාගේ ජීවිතේ තාමත් එතනමයි. කලින් හදලා තිබුණ මුදුන් බිත්ති නොනැග්ගූ.. ටකරන් හෙවිලි කළ කපරාදු නොකළ පුංචී කාමර කෑලි දෙකක් පමණක් වුණ නිවස තුළ ඇය තවමත් ජීවත් වුණා. සේන බාප්පා තාමත් ඉස්සර වගේමයි.. හොදටම බොනවා.. අම්මා පෙර පාසලේ උගන්නවලා ගන්න සල්ලී වලින් තමා මල්ලිගේ පාසල්වල වියදම් වුනත් දරා ගන්නේ..‘‘ශානු අයියේ..‘‘ මොටර් සයිකල් එකේ හඬත් සමග ඉදිරියට දුවගෙන ආවේ අවුරැදු දෙකක් වයසැති පුංචී මල්ලී. එයා ඉතින් ශානු අයියා දැක්කොත් උකුලේ තමා නතර වෙන්නේ.. පෙරමඟට දුවගෙන ආපු චුටී මල්ලි ව ශානු අයියා වඩා ගත්තා. අවුරුදු නමයක් වුණ ලොකු මල්ලී දොර ලඟට ඇවිත් එඹිලා බැලුවේ ලැජ්ජාවෙන් ඇඹරෙමින්.. ‘‘අම්මේ අක්කලා ඇවිත්...‘‘ එහෙම කියාගෙන ලොකු මල්ලී ගේ ඇතුළට දුවන් ගියා. "සුදු දු කියන්නේ වත් නැතුව ඇවිල්ලනේ..."මගේ දිහා ආදරේ පිරුණු සිනහවකින් බලපු අම්මා කිව්වා.මම දකින්නට ලැබුණු එක ඇයට ගෙන දී තිබුණ සතුට මම ඒ ඇස් දෙකෙන් හොදටම දැක්කා.. අනිත් හැම අම්මෙක්ම වගේ මගේ අම්මත් මාව එයාගේ ලගම තියා ගන්න ආස ඇති. මමත් ආසයි මගේ අම්මගේ උණුහුමට වෙලා ජීවත් වෙන්න.. අත දරුවෙක් කාලෙම අහිමි වුන ඒ උණුහුම මට ආයෙම කවදාවත් හිමි කර ගන්න ලැබුනේ නෑ.. ඒ සේන බාප්පා නිසා. මම අම්මා ලග කාලයක් ජීවත් වුණත් ආදරේ වෙනුවට අපි දෙන්නා අතර ඇති වුනේ බහින් බස් වීම්. රැවුම් ගෙරවුම්. සේන බාප්පා නිසා මම වින්ද අපහසුතා හමුවේ මම මගේ අම්මට වෛරකලා. මට දැන් තේරෙනවා.. මගේ අම්මා ඒ කාලේ මටත් වඩා අසරණ බව. "කලා එහෙම ශානු පුතේ." "ඔව් අම්මේ...."චුටී මල්ලිවත් උකුළට අරන් අසුනකට බර වුණ ශානු අයියා කිව්වා. "එහෙනම් රෑට කලා යමු නේද?" අම්මා කිව්වේ හරිම සතුටින්. ඒත් මට ඒ සතුට අහිමි කරන්න වෙනවා. මොකද මම සේන බාප්පව දකින්න කැමතී නෑ. අපි හැමදාම අම්මව බලන්න ආවේ සේන බාප්පා ගෙදර නැති වෙලාවට. "අනේ අද බෑ අම්මේ.. හෙට කිරි කපන්න යන්න පාන්දර ඇහැරෙන්නත් ඕනනේ.. "මගේ අකමැත්ත තේරුම් ගත් නිසාදෝ ශානු අයියා කිව්වා. මම දන්නවා ශානු අයියත් කැමතී නෑ සේන බාප්පා දකින්න. ගෙදර විස්තර අපෙන් අහන ගමන් අම්මා අපට ෆැෂන් ගෙඩි ටිකක් කඩන් ඇවිත් සිසිල් බීම විදුරු දෙකක් හදලා දුන්නා. ශානු අයියගේ බීම එක බිව්වේ චූටි මල්ලී. අම්මා අඩගැහුවත් මල්ලී මොහොතකට වත් ශානු අයියගේ උකුලෙන් බැස්සේ නෑ.පැයක් පමන එහි රැදී සිටිය අපි ශානු අයියලාගේ ගෙවල් පැත්තට යන්න සූදානම් වුනා. ශානු අයියලගේ ගෙවල් තිබුනේ අපේ අම්මලා හිටපු ගමට අල්ලපු ගමේ. ඒකනේ අපි දෙන්නා එක ඉස්කෝලෙට ගියේ. ඒකනේ මේක පාසල් ප්‍රේමයක ප්‍රතිඵලයක් වුනේ. "ආ .. සුදු දූ කියන්න බැරි වුණානේ..."මොනවද මන්දා ලොකු මල්ලක් පුරවලා මගේ අතට දෙන ගමන් අම්මා කිව්වා. "මොනවද අම්මේ මේ.. මොකද්ද කියන්න බැරි වුනේ.." ඒවෙද්දී මොටර් සයිකලේ පිටිපස අසුනේ වාඩි වී සිටි මම මල්ල උකුළට ගමින් විමසුවා. "ඔයාට ගෙදර ඉදන් කරන්න පොඩි වැඩක්..." "මොකද්ද අම්මේ...."මම සිතට නැගුන උද්දාමයත් සමඟ හදිසියෙන් විමසුවා. "ශෝර්ට් වගයක් මහන්න..." "කොහෙද අම්මේ.. ගෙදර ගෙනිහින් මහලා ගෙනත් දෙන්න දෙනවද?ශානු අයියත් ඒ ගැන විමසිලි වුනේ නිතරම මම රැකියාවකට යන්න අහලා කරදර කරන නිසා වෙන්න ඇති. "මේ ළග තැනක්... මුලින් මැෂින් එක ත්‍රීවිල් එකක හරි ගෙනියන්නකෝ.. මම වැඩේ කතා කරලා දෙන්නම්.." අම්මත් පසු වුනේ ලොකු බරකින් නිදහස් වුණාවගේ සතුටකින්. අම්මා දන්නවා එක්කෙනෙක් විතරක් රස්සාව කරලා අපිට ගොඩයෑමක් නෑ කියලා. "ත්‍රී වීල් එකක මැෂින් එක ගෙනියන්න පුළුවන්ද?.."මම ශානු අයියා දිහා බලමින් විමසුවේ එක කන්න බැරි වැඩක් වගේ දැනුන නිසා. "අපි ඒ ගැන හිතලා බලමුකෝ.. ගෙදර තියෙන බඩු ටිකත් ගෙනියන්නත් ඕනනේ..."ශානු අයියා එහෙම කිව්වේ එයාලගේ ගෙදර ඉද්දී ගත්තු බඩු මුට්ටු තාමත් ශානු අයියලාගේ ගෙදර නිසා. ගේ හදා ගන්නකන් ගේන්නේ නැතුව ඉන්න හිතුවට ආයෙමත් ඉක්මනින් ගෙනියව ගන්න මම හිතුවා. ඒ සතුටත් එක්කම අපි ශානු අයියලාගේ ගෙදරට ගොඩ වැදුනා.කාලෙකට පසු අපි එහි ගිය නිසාදො ඔවුන් අපිව ආදරෙන් පිළි ගත්තා.මගෙත් එක්ක වැඩිය හිත හොඳ නැතුව හිටිය මිනිස්සු මාත් එක්ක හොඳට කතා කලා. මම දැක්ක ගමන් නංගිත් එළියට දුවගෙන ආවා. කවදත් ඔවුන් මගේ මුහුණ කිසිත් කියා සිත රිදවන්නේ නෑ. ඒ නිසාම ඒ අමුතු සැලකිලි ගැන මට පැහැදීමක් තිබුනේ නෑ. ඔවුන්ගේ පෙරැත්ත කිරීම නිසාම රෑ කෑමටත් ඉන්න අපට සිද්ද වුණා. "පුතේ අර උගස් කරපු නංගිගේ මාලේ..."මම එහෙමෙහෙ වන තුරු සිට ශානු අයියාගේ අම්මා විමසනු මට අැසුනා. තවත් කොටසකින් හමුවෙමු. සිතුවිලි ගැළපුම සඳු. දිනයක වැටහේවී........... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Apr 2017 07:25 PM Quote Reply තව කොටසක් දාලා තියෙන්නේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 සඳුනිVeteran MemberPosts:2462 21 Apr 2017 07:31 PM Quote Reply කැඳැලි කරා. (කදුලත් සැනසුමක්-2) 07- වන කොටස. ''නංගිගේ චේන් එක බේරන්න ඕනේ අම්මේ තාම හරියකට සල්ලි ටිකක් අතට ලැබුනේ නෑ.‘‘ එයාලගේ කතාවට බාධා කන්න ගිය නැති මම හිටි තැනටම වෙලා කතාව අහගෙන හිටියා. අම්මා මේ කතා කරන්නේ සල්ලී හදිස්සියකට උගස් කරපු නංගිගේ චේන් එක ගැන බව මට තේරුනා. ඒ වෙද්දී අයියගේ චේන් එක උගස් කරලා තිබුනේ. අපි හැදුවේ ඒකෙන්ම තව සල්ලී ටිකක් ගන්න. ඒ වෙලේ අම්මා කිව්වා නංගිගේ එක තියලා අයියගේ මාලෙයි, අපි ඕන සල්ලී දෙකම ගන්න කියලා. ඒක නිසා ශානු අයියා කරපු දේ නංගිගේ චේන් එක උගස් තියලා ඒ සල්ලී වලින් ශානු අයියගේ චේන් එක බේරුවා. අපි නිසා නංගිට චේන් එක උගස් කරන්න දෙන්න වුනානේ, පවුනේ කියලා අපි බේර ගත්තු මාලේ නංගිට දුන්නේ , උගස් කරලා තියෙන නංගිගේ මාලේ බේර ගන්නකන්. මම හිටියේ නංගිගේ කාමරේ පොත් වගයක් බලන ගමන්. මම පොත් බලන මුවාවෙන් කතාව අහන් හිටියා. මමත් වෙලාවකට පට්ට කපටි. එහෙම නැතුව මේ මිනිස්සු එක්ක ජීවත් වෙන්න බෑ. කාටවත්ම රිදවන්න කැමතී නැති මම අනිත් අයගේ හැසිරීම් ඉස්සරහා ඉබේටම වෙනස් වෙලා. ‘‘නෑ පුතේ ... මම මේ.. කියන්න හැදුවේ.. ඔයාගේ මාලේ බේරගන්නනේ නැද්ද කියලා...‘‘ ශානු අයියගේ අම්මා මොකද්ද කරන්න එන්න යන්නේ කියලා මට හොදටම තේරුනා. අසාධාරනේට මගේ හිතට කේන්තියක් ආවත් නංගී ඉස්සරහා මම ඒ කේන්තිය පෙන්නන්නේ නැතුව හිටියා. ‘‘ඒ මොකද්ද අම්මේ ඒ කතාව.. දැන් උගස් තියලා තියෙන්නේ නංගිගේ මාලෙනේ.. නංගිගේ කරේ තියෙන්නේ මගේ මලේ.‘‘ අම්මා ඒ කතාව පිලිගන්න කැමතී වුනේම නෑ. පටලවලා පටලවලා ගානට අම්මා එයාගේ කතාවම ස්ථිර කර ගත්තා. මට නම් එක මාලයක් ගැනවත් ආසාවත් තිබුනේ නෑ. ඇත්තටම මම රත්තරං බඩු වලිට ආස කෙනෙක් නෙමෙයි. මට කියලා තිබුනේ කනේ කරාබු දෙක විතරයි. ලොකු ළමෙක් වුන දා පාටියේදී මගේ කරට චේන් දෙකක් දැම්මා. මුදු , කාරබු , වළලු ඒ හැමදේම හම්බෙලා තිබුනා. අපි දුප්පත් .අපේ අඟහිග කම් එක්ක මම ඒවා අම්මට උගස් තියන්න ඉඩ දුන්නේ හදිස්සි වෙලාවල් වලදී. පස්සේ අපිට ඒවා බේර ගන්න සල්ලියක් ඉතුරුවුනේ නෑ සේන බාප්පගේ බේබදුකම නිසා. ඒ වගේ මේ මාලේ ගැනත් මට කිසිම ඕන කමක් නෑ. ඒක නිසා මම නෑහුනා වගේ හිටියා. අනික මට අයිතියකුත් නෑ ඕවට කතා කරන්න. අයියගේ මාලේ නංගිගේ මාලෙට වාඩා පවුම් කාලක් වැඩී. ඒ පව්ම් කාලටනේ මේ නහින්නේ කියලා මට දැනුනේ දුකක්. ‘‘සදී නංගියෝ... පොඩ්ඩක් මෙහාට එන්න.‘‘ ශානු අයියගේ කටහඩ ඇහෙද්දිම මම එළියට දුවගෙන ආවා. ‘‘ඇයි ශානු අයියේ..‘‘ ‘‘උගස් කරලා තියෙන්නේ කාගේ මාලෙද?‘‘ ශික් ශානු අයියා මේකට මාවත් ඇදලා ගන්නවනෙ දීලා දාන්නේ නැතුව. මළ පෙරේත කම අඩු වෙන්න. ‘‘උගස් කරලා තියෙන්නේ නංගිගේ චේන් එකනේ.. ඒක තියලනේ ඔයාගේ එක බේරලා නංගිට දුන්නේ.‘‘ මම වෙච්චී දේ අහන් හිටියේ නැති ගානට කිව්වා. ‘‘ඒකනේ අම්මේ...‘‘ ‘‘නෑ .. නෑ... මේ ළමයිට වැරදිලා.. උගස් කරලා තියෙන්නේ ඔය ළමයගේ එක.‘‘ ආයෙත් අම්මා පටලවලා පවුම් කාලට ලෝභ කමට කතාව පැටලෙව්වා. මට ඉතිං මේවට තනියම හිනා. ‘‘අනේ මන්දා.. මම යනවා පේර කඩන්න...‘‘ එහෙම කියලා මම එතනින් මාරු වුනේ පේර කඩන්න ඕන නිසාම නෙමෙයි.... බොරු කතාවට මට කේන්ති යන නිසා. අම්මයි පුතයි තව තව වාද වෙද්දී මම පාතට ඇල වෙලා තිබුන පේර ගහේ කඳ උඩ ඉදගෙන පැහුන පේර ගෙඩියක් කඩන් කෑවේ හිත යටින් හිනා වෙමින්. දෙන්නා කියවලා කියවලා අන්තිමට අම්මා ඇත්ත පිළීගත්තෙත් නෑ. ශානු අයියා අම්මා කියන කතාව පිළිගත්තෙත් නෑ. සතුටින් ගිය ගමන මූන ඇඹුල් කරගෙන ගෙදර ආපු එක විතරයි වුණේ. ශානු අයියා මඟ දිගටම ඒ කතාව ගැන කියව කියව ආවා. මම කිව්වේ දෙන්න අකමැතින්ම් දෙකම එයාලට තියා ගන්න කියන්න කියලා. ඒත් ශානු අයියට දුකයි. මොකද චේන් එක අපි ළග තිබුණ කලේ ශානු අයියා ඒක මගේ කරට දාලා තිබුණේ. ශානු අයියා ආසාවෙන් හිටියේ ආයෙත් ඉක්මනට බේරගෙන මගේ කරට දාන්න. ඇත්තටම මෙහෙමත් අම්මලා එකම අම්මාගේ දරුවෝ වෙලා සැලකිලි දෙකයි. ඒක ඉතින් මම තේරුම් අරන් හුගක් කල්. ඉස්කෝලේ යන කාලේ ඉදන් වියදම් කිරිල්ලේ තිබුන ඔය වෙනස ගැන ශානු අයියා මට කියලා තිබුණා. මේ තරම් කල් ඒ මොන දේ වුණත් අම්මට තාත්තට ආදරෙන් ඉද්පු ශානු අයියගේ හිත හොදටම බිදිලා ගිහින් තිබුණා. ‘‘සුදු මැණික... හෙට මාත් එක්ක මාමලාගේ ගෙදර යමු..‘‘ රෑ නිදා ගන්න ලෑස්ති වෙද්දිත් ශානු අයියා හිටියේ හිතේ කරදරෙන්. ‘‘හරි මගේ අයියේ.. දැන් මදෑ.. ඕක හිතුවා.‘‘ ‘‘මගේ හිතට හරි නෑ සුදු මැණික... මම කවදාවත් හිතුවේ නෑ... අම්මා මට මෙහෙම දේවල් කරයි කියලා.‘‘ තනිම කල්පනා කරන්න උත්සහ ගන්න ශානු අයියගේ හිත හදන්න මම හුගක් උත්සහ ගත්තා. පහුවදා උදේම ශානු අයියා එක්ක ලෑස්ති වුන මමත් මාමාලාගේ ගෙදර ගියා. මාමායි අයියයි කිරි කපන්න ගියාම ගෙදර ඉතුරු වුනේ කිරි අම්මයි මමයි විතරයි. ඒක නිසා මමත් ශානු අයියලා එක්ක කිරි කට්ටියට ගියා. ශානු අයියා පස්සෙන් ගහක් ගහක් ගානට ගිය මම වත්ත පුරාම ඇවිදා. අමාරුම වැඩේ කූඩැල්ලෝ එල්ලෙන එක තමා. සබන් ගාගෙන ගියත් කූඩැල්ලන්ගෙන් බේරුමක් නෑ. මම කූඩැල්ලන්ට හරි බයයි. ඒත් ටික ටික එල්ලෙන කූඩැල්ලේ අයින් කර ගන්න මම පුරුදු වුනා. ඇඟ මැද කහ පාට ඉර තියෙන කූඩැල්ලෙක් එල්ලුනොත් නම් මම කකුල උස්සගෙන නෑ ගහන එක. කූඩැල්ලා ගලවලා දානකන් මම කෑ ගැහුවා. ශානු අයියට හරිම විනෝදයි මම එහෙම කෑ ගහද්දී. වෙලාවකට මාව බොරුවටත් බය කරනවා ලොකු කූඩැල්ලෙක් එල්ලිලා කියලා. කිරි කපලා ඉවර කරලා මාමයි , ශානු අයියයි, මමයි එක ගල් පොත්තක වාඩි වුනේ කිරි වැටිලා ඉවර වෙකන් ඉන්න. අපි ඒ වෙලාවේ උදේ එද්දි අරන් ආපු තේ වක්කරගෙන බිව්වා. මම නම් තේ බොනවට වාඩා කලේ කූඩැල්ලේ ඉන්නේ කොහෙද කියලා හොයන එක. ‘‘අනේ පුතේ මේ දුවව එක්ක ආවේ මොකටද මේ කැලෑවේ දුක් විදින්න.. බලන්න සාය පුරා තුත්තිරි.‘‘ මාමා එහෙම කියද්දී තමා මම සාය දිහා බැලුවේ.. සායෙන් එකයි තුත්තිරි. ‘‘අපරාදේ සාය...‘‘ ‘‘මම කිව්වනේ කිරි අම්මා එක්ක ගෙදර ඉන්න කියලා...‘‘ ශානු අයියා මම කට ඇද කරන් ඉද්දී හිනා වෙමින් කිව්වා. ‘‘මට කම්මැලීනේ.. කමක් නෑ මම මේ ඇදුම මෙහෙ අදින්නම තියා ගන්නවා.‘‘ එහෙම කියලා මම තුත්තිරි එකින් එක ගලවන්න ගත්තා. ඒවා ඉතින් ගලවලා ඉවර කරන්න බෑ. ඒ තරමටම තුත්තිරි. ‘‘මාමේ... අර පවුමේ ජේන් එක කාලෙද?.‘‘ අයියා හිතේ හිර කරන්න හිටිය ප්‍රශ්නේ එළියට ඇදලා ගත්තා. පව්මේ එක පුතාගේ.. මමනේ ඒක පුතාගේ කරට දැම්මේ.. තුන්කාලේ එක නංගිගේ.‘‘ ‘‘ඒකනේ බලන්නකෝ මාමේ අම්මා කියනවනේ පවුමේ එක නංගිගේ කියලා.‘‘ ‘‘ එහෙමද ලොකු නංගිට පිස්සුද? මම කතා කරලා බලන්නම්කෝ.‘‘ ඒ කතාවට වැඩිය කතා කරන්න අකමැති මම එතනින් ටිකක් ඈත් වුනා. නැත්තම් අන්තිමට ඒ සේරම මගේ කර පිටින් යන්නේ. අන්තිමට සේරම කියයි මම චේන් එකට ලෝභ කමේ අයියා අව්ස්සනවා කියලා. කිරි කපලා අකුළන්න ලෑස්ති වෙනකොට මමත් කිරි අකුළන්න උදව් වුනා. කිරි අකුළලා ඉවර වෙලා අත පුරා ගෑනුණ කිරි වේලීලා හැදුන සිවිය වගේ මිදුණ රබර් කිරි කොණිති ගගහ ගලවමින් මම ඔවුන් පසු පසින් ආවා. එතකොට දවල් එකොළහට කිට්ටුයි. ඒ වෙද්දී මගේ කකුල් අතපය සේරම දැවිල්ලයි. මූණ අතපය හොද ගත්තම ඒ දැවිල්ල තවත් වැඩි වුනේ කිරි කට්ටියේ කටු ගස් වලට සීරලා ඇති වුන සීරීම් තුවාල නිසා. ඒ මදිවට තෙමුණට පස්සේ මුළු ඇඟම කසනවා. කැලේ රිංගලා එක එක ගස් කොලං ඇඟේ ගෑවිලා. ඒවෑ බූවට ඇඟ සේරම කසනවා. ‘‘මොකද දූ... කසනවා නේද?. මම ලිඳ ළග ඉදන් කස කස එද්දී මාමා ඇහුවේ දුකෙන් වගේ. ‘‘කසනවා තමා මාමේ..‘‘ ‘‘හෙට ඉදන් නම් එන්න එපා... සාදී නංගියා අපි යනවා කිරි වක්කරන්න.‘‘ කිරි බූලිය කරට ගත්තු ශානු අයියා කිව්වා. ‘‘මාත් එනවා...‘‘ ‘‘ඔයා ඉන්න අපි ඉක්මණට එන්නම් නාන්න යමු.‘‘ තවත් මුරණ්ඩු නොවුන මම මිදුලේ අඹ ගහ යට තිබුණ ගල්වැටියේ ගලක් උඩ වාඩි වෙලා අයියලා එනකන් බලන් හිටියා. ‘‘දුවේ... මොකද .. කිරි කට්ටි ගිහින් මහන්සිද?.‘‘ මාමාලගේ ගේ පිළීකන්න පැත්තේ තමා අඹ ගහ තිබුණේ . මාමලාගේ ගේත් පුංචී ගෙයක්. එක කාමරයයි තිබුනේ. පුංචිම පුංචී කුස්සියක් තිබුනේ එක්කෙනෙකුටවත් හැරෙන්න අමාරු. ‘‘මහන්සී නම් නෑ ආච්චී අම්මේ.. කසනවා..‘‘ ‘‘ඔය දුවට පුරුදු වෑ ඕවෑ ඇවිදලා.‘‘ ඔයාලා මං ගැන දන්න තරම තමා. මම හිතයටින් හිතුවේ පුංචී කාලේ ඉදින් ඔය වගේ දේවල් මට පුරුදු නිසා. මම පුංචිම කාලෙත් ආච්චී අම්මා එක්ක ගමේ ලොකු කන්දක් මුදුණටම යනවා මට මතකයි. ඒ ගමන් වලට මම හරි ආසායි. ඒක නිසාම මට ඒ ගමන් වල අමාරුවක් දැනුනේ නෑ. ආච්චී අම්මා පස්සෙන් යන මම චූටී දර කොටු ටිකක් එකතු කරලා චූටී දර මිටියකුත් ආච්චී අම්මාට කියලා බැද ගන්නවා. ‘‘සුදු මැණික... ගමනක් යමුද?.‘‘ මගේ ළගට එන ගමන් ශානු අයියා කතා කරද්දී මම කල්පනාවෙන් මිදිලා ගැස්සිලා බැලුවා.. තවත් කොටසකින් හමු වෙමු. සිතුවිලි ගැළපුම සඳු. දිනයක වැටහේවී........... 0 indika76Most Senior MemberPosts:10449 21 Apr 2017 07:41 PM Quote Reply තවත් සුන්දර කොටසක්... තුත්තිරි ගැන මතක් කලාම හිත ඈත අතීතයට ගියා.. ඒ කාලේ අපි සෙල්ලම් කරන කොට මේස් වල තුත්තිරි විමානයයි.. 0 සඳුනිVeteran MemberPosts:2462 21 Apr 2017 07:54 PM Quote Reply මටත් ඇත්තටම තුත්තිරි ගැන අත්දැකීමක් තියේ.. ස්කෝලේ ගියෙත් පරක්කු වුනාම කැලෑ පාරකින්.. තුත්තිරි ගලවනවා ඉතිං.. ස්කෝලෙදිත්.. දිනයක වැටහේවී........... 0 DushanVeteran MemberPosts:2536 23 Apr 2017 12:43 AM Quote Reply මාත් කියෙව්වා ස්තුති මෙම ොටසටත් 0 සඳුනිVeteran MemberPosts:2462 23 Apr 2017 07:14 PM Quote Reply කැඳැලි කරා. (කදුලත් සැනසුමක්-2) 08- වන කොටස. ‘‘කොහෙද ශානු අයියේ...‘‘ මම වාඩි වෙලා හිටි තැනින් ඉබේටම නැගිට්ටා ‘‘නාන්න....‘‘ ‘‘අනේ... මම මේ හිතුවා වෙන විෂේශ ගමනක් කියලා.‘‘ ශානු අයියට හොදටම හිනා..ගේ ළඟ තිබුණ ලිඳේ වතුර අඩු නිසා අපි ගියා තේ වත්ත කෙලවර තියෙන වෙන ලිඳකට.කටින් උතුරා යන තරමට නිල් කැටේ වගේ වතුර .ඒ මදිවට මාරම සිතලයි. ගිණි අව්වේ නෑවත් මාරම සනීපයි. ශානු අයියලාගේ කිරි අම්මට දැන් හරිම වයසයි. ඇවිදින්නත් අමාරුයි. අපි නැතිවම තනියෙම යන්න බැරි නිසා අපි කිරි අම්මාවත් එක්කගෙන ගිහින් නාගෙන ආවා. මම තුතිත්තිරි පිරිච්ච ඇදුමත් හොදලා වැලට දාලා ආවේ පහුවදාට අදින්න හිතාන. ..................................................................................................... කාලය ඉගිලා යද්දී මම හැමදාමත් ශානු අයියා එක්ක කිරි කට්ටියට ගියේ පුරුද්දට වගේ.. මට ඉතිං කරන්න වැඩක් නෑ ..ශානු අයියාගේ පාළු මකන්න හිතාන එයාගේ පස්සෙන්ම කිරි කට්ටිය පුරාම ඇවිද්දා. ඇත්තට කිව්වොත් හද්ද කැලෑව. කැකිල්ල වැවිලා හැමතැනම .. රබර් ගස් පේළි අතර තිබුණ කාණු කැකිල්ල විලින් වැහැලා ගිහින්. වැටුනොක් එහෙම ඇඟම පතුරු ගහන් තමා ගොඩ එන්න වෙන්නේ. ගහ දිගේ නගිනවා වගේ කෙළින් කන්ද. මට ඒවයි අපහසුවක් දැනුනේ නෑ. ශානු අයියාගේ ළඟටම වෙලා දවස ගෙවන්නයි මට ඕනේ. සමහර වෙලාවට වැල්වල උල් වල පැටලිලා මම වැටෙනවා ..ඒත් මං ශානු අයියාට කියන්නේ නෑ. ගෙදර ආවම හරිම මහන්සී. අතපය සේරම රිදෙනවා. සුදු අම්මත් හැමදාම බනිනවා නොයා ඉන්න කියලා. මම හැමදාම රෑට කෙදිරිඟානවලු. කකුල් දෙක පුරාම සීරීම් තුවාල. මට ඒවයි වේදනාව ගැන ගානක් නෑ. මට ඕනේ ජීවතේ කටුක බව වුණත් සමබර කර ගන්න . ශානු අයියා තනියෙන් දුක් විදිනවට මම කැමති නෑ.ශානු අයියා එපා කිව්වත් මම ඒකයි පස්සෙන් යන්නේ. ශානු අයියාගෙන් කිරි පිහිය ඉල්ලගෙන මම ගහක දෙකක කිරිත් කපන්න පුරුදු වුණා. මම ටිකක් විතර කිරි කපන්න දන්නවා. අපේ වත්තෙතේ ඉස්සර රබර් තිබුනේ .මම එතකොට ඉතිං ගස් පතුරු ගහලා තියේ... දැනුත් එහෙම තමා. වැඩි වෙනසක් නෑ... ශානු අයියා බනිනවා මම රබර් ගස්වලට තුවාල කරනවලු.. එතකොට ගස් තැම්බෙනවලු.. කොහොම හරි මම කිරි කපන්නත් පුරුදු වුණා පොරකාලා මටත් කිරි පිහියක් ඉල්ලගෙන මමත් කිරි කපන්න පටන් ගත්තා. දැන් නම් පොඩ්ඩක් වත් කම්මැලි නෑ. කිරි කපන එක හරිම විනෝදයි මට නම්. කිරි පිහියෙන් පොත්තක් යැව්වම කිරි උණාගෙන එනවා . හරියට ආස හිතෙනවා. ඊට පස්සේ පොල්කටුවට කිරි පාර හදන්න ඕනේ. මට ගහක වැඩ ඉවර කරන්න සෑහෙන වෙලා යනවා. ශානු අයියලා තරම් වේගෙන් කපන්න බෑ.ඒත් ශානු අයියා මගේ ආසාව හින්දම මට සමහර රබර් ගස් පේලී භාර දෙනවා කපන්න. ‘‘දූව කොහොම හරි වැඩේ අල්ල ගත්තා නේද?‘‘ දවසක් මම කිරි කපන දිහා බලන් හිටිය මාමා කිව්වා. මම හිනා වෙලා නිකන් හිටියේ වැඩිය ආඩම්බර වෙන්න හොද නෑ කියලා හිතලා. ඇත්තට මොන වැඩේ වුනත් මම ඉක්මණට අල්ල ගන්නවා. ඒ මගේ හැටිය. ‘‘කොයි දේ උණත් පුරුදු වෙන එක හොඳ පුරුද්දක්. ජීවිතේට මොන මොන කාල එයිද කියලා අපිට හිතන්න බෑනේ.‘‘ ‘‘ඒක ඇත්ත මාමේ.. මම හරි ආසයි කිරි කපන්න..‘‘ මම හිනා වෙලා කියලා හිත යටින් මං ගැනම සතුටු වුණා. දැන් මම කිරි වක්කරලා මැසින් එකට අල්ලන තැනටත් යනවා . මට මේ වැඩ අළුත් නෑ. මම හිටියේ ගමක නිසා කරලා නැති වුනත් දැකලා අත්විදාලා තියෙනවා. මැෂින් එක ඇල්ලුවාම තමා මරු. රෝල කරකද්දී අනිත් පැත්තෙන් රබර් ශීට් එක එළියට එන්නේ ලස්සන කතිර කතිර රටාවකුත් එක්ක.. පස්සේ ඒ රබර් සීට්වල ලකුණක් ගහලා දුං ගෙයි වනලා අපි ආපහු එනවා. දුං ගේ කියන්නේ රබර් ශිට් වෙලන තැන. දර දලා ගින්දර දාලා උඩ වනලා තියෙන රබර් ශිට් වලට දුං ගහනවා. ඒ වැඩේට වෙනම කෙනෙක් ඉන්නවා. සේරම වැඩ දොළහා කිට්ටු වෙද්දී ඉවර කරළා නාලා කලා ගෙදර එනවා. සමහර දාට මහන්සියට නාන්නෙත් නැතුව පැය කීපයක් මාමලෑ ගෙයි සීතල සිමින්ති පොළවේ ගුලි වෙලා නිදා ගන්නා. පුදුම සනීපයක් ඒ සිමින්ති පොළොවේ නිදා ගන්න එකේ තියෙන්නේ. ශානු අයියයි මායි කිරි කපලා ඉවර කරලා නිදහසේ හිටියට මාමා නම් දවසම වැඩ. කිරි කපලා හවස් වරුවට එයා තේ දළු කඩන්න යනවා. ඔය මොන තරම් හම්බකරත් මාමට ඇති ඉතුරුවක් නෑ. මම අයියට කිව්වේ මාමාගේ පොතකට කීයක් හරි දාන්න.. අසනීපයක් වුණාම අපි අතෙත් ඉතුරු කරපු සල්ලියක් නෑනේ කියලා. ‘‘වැඩක් නෑ සුදු මැණික.. මාමාගේ හිත උණු වෙනවා වැඩී..අම්මයි නංගී ඇවිත් චුරු චුරු ගාපු ගමන් මෙයා සල්ලි ටික එයාලට දෙනවා. ඒ ගිහිල්ලත් ඉගෙන ගන්න වියඳම් කරනවා නම් කමක් නෑ ..එක එක විච්චුරන වලට වියදම් කරනවා.‘‘ ශානු අයියයි මම සිමින්ති පොළෙවේ දිගාවෙලා සනීපෙට ඉන්න ගමන් උණුසුම් කතාවක් පටන් ගත්තා. මාමා කාලා එහෙම දළු කඩන්න කියලා ගිහින්.. ‘‘ඒත් අයියේ කොහොම හරි මමාව කැමති කර ගන්න.‘‘ ‘‘ඉස්සරත් ඕකමනේ වුණේ. අම්මායි තාත්තයි මට පංති ගාස්තු ගෙවන්න සල්ලී දුන්නේ නෑ. මම මාමගෙන් ඉල්ල ගන්න එද්දී අම්මලා මට කලින් ඇවිල් ඒ සල්ලිත් ඉල්ලගෙන ගිහින්. ඔයාට ක්ලාස් යනවා කියලා බොරු කියලා මම ක්ලාස් දවසට, පොන් එක දවසම ඕප් කරන් ඉන්නවා. නැත්තම් ඔයා බයිනවානේ...‘‘ ඇත්තටම මට ශානු අයියා ගැන දුකයි .මම ශානු අයියාගේ පැත්ත හැරිලා කදුළු පිරුණු ඇස් දෙක දිහා බලන් හිටියා. ඇස් දෙකම බොඳ වෙලා. අමාරුවෙන් ඒ කදුළු හංග ගන්න ශානු අයියා උත්සහ කරනවා. ‘‘අනේ ඕවා ආයි කල්පනා කරන්න එපා ශානු අයියේ...‘‘ මම ශානු අයියගේ කම්බුලක් සිනිදුවට අතගාන ගමන් ආදරෙන් කිව්වා. ‘‘ඒත් මට දැන් ඒවා අමතක කරන්න බෑ සුදු මැණික. බලන්න චේන් එකට කරපු එක.. මොන තරම් අසාධාරණද?... මම එයාලගේ ළමෙක් නෙමෙයිද කියලා මට වෙලාවකට හිතෙනවා.‘‘ මගේ අතින් අල්ල ගත්තු ශානු අයියා තවත් කියන්න වුණා. ‘‘හැමදාම කලේ මට වෙනස් කම් කරපු එක. මම පාඩම් කරේම නෑ සුදු මැණීක .. ඔයාට පාඩම් කරනවා කියලා පොරොන්දු වෙලා පාඩම් කරන්න ඉදගත්තම මට මතක් වෙන්නේ මට කරන ඒවා. මම දමලා ගහලා යනවා යාළුවෙක්ගේ ගෙදරක... දවස් ගනන් ගෙදර එන්නේ නෑ... එයාලා අහන්නෙත්නෑ මම කොහෙද ගියේ කියලා. මම කියන්නෙත් නෑ මම කොහෙද ගියේ කියලා.‘‘ ශානු අයියගේ කටහඬත් වෙනස් වෙලා. මට දුකයි. ‘‘නංගී.. ඒකි ඉගෙන ගන්න ආසාවක් නෑ.. එත් අම්මා ඒකිගේ විච්චුරන වලට තමා වියදම් කරන්නේ.. පංති යනවා කියලා යනවා.. කෝ සාමාන්‍ය පෙළවත් පාස් වුණාද හරියකට. මට ඉගෙන ගන්න නැති වුණේ ඔය මිනිස්සු හින්දා.. මං හිංදා ඔයාටත් ඉගෙන ගන්න නැති වුණා.‘‘ ‘‘අනේ එහෙම කියන්න එපා මගේ අයියේ... ඔයා හින්දා නෙමෙයි... ඔයා හින්දා තමා මම නමට හරි උසස් පෙල ලියා ගත්තේ... මොන දේ වුනත් ඔයාලා හින්දා තමා මම පොළොවේ පය ගහලා ඇවිදින්නේ.. මම ඇවිදින්න බැරිව ඉද්දි මගේ කියන එකෙක් වත් බැලුවද ... නෑ.. වියදම් කරන්න වෙයි කියලා මං වැරදීකාරී කරලා අයින් වුණා.‘‘ තව ටිකක් වෙලා රතු වෙලා තිබුණු ශානු අයියාගේ ඇස් දිහා මම බලාගෙන හිටියා එක විදියටම. තවත් ඉවසන්න බෑ මගේ ඇස් දෙකටත් කදුළු උනාගෙන එනවා. මම ශානි අයියවා තදින් තුරුල් කර ගෙන ඉකි බිඳින්න පටන් ගත්තා. ‘‘මගේ සිදු මැණික... අඬන්න එපා... ඔයා දන්නවා ඔයා අඬද්දී මට කේන්ති යනවා කියලා.‘‘ ‘‘අඬන්නෑ මගේ අයියේ.. ඔයා දුක් වෙන්න එපා.. දවසක එයාලට ඔයාගේ අඟේ තේරෙයි. ‘‘ මම ශානු අයියගේ හිත හදන්න උත්සහ කලා. ‘‘තේරෙයි අපේ නංගී නිසා පවුලම විනාශ වුණ දාට.‘‘ ‘‘ඇයි මගේ අයියේ එහෙම කියන්නේ ඒ ඔයාගෙම නංගිනේ.. එයාලා මොනවා කරත් කමක් නෑ අපි පාඩුවේ ඉමු.. මාල දෙකම එයාලට තියා ගන්න කියන්න.. අපි සල්ලී නොදි එයාලටම බේර ගන්න කියමු..‘‘ ‘‘එහෙම බෑ... මගේ චේන් එක මට ඕනී.‘‘ශානු අයියා මුරණ්ඩු විදියට කිව්වා. ‘‘මට නම් එපා රත්තරං... මගේ ඕවට ආසවක් නෑ .. ඔයා දන්නවනේ.. මම ඔයා ලගට ආවේ හිස් අතින් ..ඔයත් එහෙමයි. අපි අපි දෙන්නගේ ජීවිත හදා ගමු ..කාගේවත් උදව් ඕනී නෑ..‘‘ ශානු අයියාගේ මුහුණේ යාන්තමට හිනාවෙක් ඇදුනා. ‘‘ඕන් බලන්නකෝ වෙන දේ.. අපේ නංගී කොයි වෙලේ හරි කොල්ලෙක් එක්ක පැනලා යනවා..අපේ අම්මලාගේ බුරුළ වැඩි .. මම හොයලා බලනවත් කැමතී නෑනේ ඕනී එකක් කර ගත්තුදෙන්.‘‘ ශානු අයියා කියන කාතාව ඇත්වෙයි සමහර විට. නංගිට හැම තැනම කොල්ලෝ. දවසක් පොන් එකක් හංගන් ඉදලා අහුවෙලා. අයියා එක පාරක් ගැහුවා කියලා අයියා කිව්වා මට මතකයි. එදා දෙන්නගේ මැද්දට පැනලා අම්මත් බැන්නේ අයියටලු.. මගේ කෙල්ල ගැන මං හොයා ගන්ම් ..උබ පාඩුවේ ඉදපන් කියලා.. ඇත්තට අම්මාගේ බුරුල වැඩි. නංගිගේ හැම දේම තාත්තාගෙන් හංගනවා. දවසක ලොකු කරදරයක් කර ගනී කියලා මටත් හිතෙනවා. නංගිත් පුදුම විදියට ආත්මාර්ථකාමී... කපටී... මට හොදට මතකයි දවසක් මට කිව්ව කතාව. දවසක් මගෙන් ඇහුවා සදී අක්කේ ඔයා ඇදුම් අරන් දෙන්න කියලා අම්මට කරදර කරන්නේ නැද්ද කියලා.. මම කිව්වා... නෑ කියලා. ඇයි කියලා.. මම නම් අම්මා සීට් විකුණුව දාට කොහොම හරි අඩලා ඇඳුම් දෙක තුනක් නම් ගන්වා මයි. අරන් දුන්නේ නැත්තම් මම අම්මට බයිනවා.. නැත්තම් තරහා වෙලා ඉන්නවා.. ඒක නිසා අම්මා මට අරන් දෙනවා.. ඒක තාමා නංගී හිතන විදිය. ඒත් නංගියෝ ඔයා හිතන විදිය වැරදී නේද? මම නම් අම්මට කරදර කරන්නේ නෑ මොකුත්ම අරන් දෙන්න කියලා. සමහර අළුත් අවුරුදු වලටත් මට ඇඳුම් අරන් දෙන්න අම්මට බැරි වෙලා තියෙනවා .සේන බාප්පා ගෙදරට සල්ලී දෙන්නේ නැති හින්දා. මම දන්නවා අම්මාට තියෙන දුක් කරදර .ඒක හින්දා මම ආස නෑ මගේ අම්මට වද දෙන්න. ඔයාගේ අම්මා ගැන ඔයා එහෙම හිතන්නැද්ද? තාත්තත් බොනවනේ.. අම්මා පව්. දුක නැද්ද කරදර කරන්න. තවත් කොටසකින් හමු වෙමු. සිතුවිලි ගැළපුම සඳු. දිනයක වැටහේවී........... 0 Ind007kaMost Senior MemberPosts:12931 23 Apr 2017 07:38 PM Quote Reply සදුනි නග අයෙත් වැඩෙට බැහැල වගෙ ..එල එල First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 23 Apr 2017 09:03 PM Quote Reply බොහොමත්ම ස්තූතියි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DushanVeteran MemberPosts:2536 24 Apr 2017 02:23 AM Quote Reply ස්තුති මේ කොටසටත් 0 Add Reply Page 2 of 2 << < 12 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit