Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 May 2018 09:52 PM by maduranga001 අවසානයට පෙර නුඹ ගියා 9 Replies Sort: Oldest First Most Recent First Add Reply Author Messages sss.sanduNew MemberPosts:2 28 Apr 2018 06:39 AM Quote Reply ******************************* (කෙටි කතාව) ******************************* සුදු දුව ඔයාට කෝල් එකක්........ එනවා අම්මා....... හෙලොව්........ හෙලොව්....... සංසු........... ඔව්..... කතා කරනවා.......... සංසුට නම් මාව මතක නැතුව ඇති....... මං අර්ජුන........ ම්...ම්...ම්.... සොරි අර්ජුන........ මට මතක් වෙන්නේ නැහැනේ...... මමත් ඔයාලගේ මියුසික් ක්ලාස් එකට ආවා....... ඒත් සෙකන්ඩ්ෂයි කරන නිසා මට ආයෙම එන්න වෙන්නේ නෑ...... එහෙදි තමයි මං ඔයාව දැක්කේ....... හ්ම්....... එතකොට ඔයාට මගේ නම්බර් එක කොහෙන්ද........? උවමනාව තියෙනවනම් මොනවද සංසු කරන්න බැරි........? ඒ කියන්නේ ඔයාගේ යාලුවෙක් මගේ ක්ලාස් එකේ තවම ඇති......... හ්ම්........ දැන් ඇයි මට කතා කළේ........? මොකුත් නෑ,...... නිකන් අඳුර ගන්න......... හ්ම්..... හ්ම්....... හ්ම්....... මේ වෙලාවේ මං පොඩි වැඩක ඉන්නේ......... මං තියන්නම්......... ඕකේ සංසු....... බුදු සරණයි........ බුදුසරණයි...... ටේක් කෙයාර්....... දැහැමි සංසලා විජේවර්ධන......... නම එහෙම වුණාට දැහැමි හරිම දඟ කෙල්ලෙක්......... අම්මා, තාත්තා, අයියා අතරේ හිටපු දැහැමි ගොඩක් හුරුතලේට හැදුනේ....... උසස් පෙළ කලා අංශයෙන් කරපු දැහැමිට කැම්පස් යන්න රිසල්ස් මදි වුණා........ සෙකන්ඩ්ෂයි එක කරන්න කිව්වත් දැහැමිට වුවමනා වුණේ සංගීත අංශයෙන් උපාධියක් කරගන්න...... ඒ නිසයි කලායතනයට සම්බන්ධ වුණේ......... දැහැමි සංගීතය වගේම නර්ථනයත් කලායතනයෙන් හැදෑරුවා........ හේයි....... ගුඩ් මෝනිං....... ගුඩ් මෝනිං හර්ෂි........ මේ බං ඊයේ මාර වැඩක් වුණානේ.......... මොකද්ද.......? ඊට කලින් කියපන්, අර්ජුන කියලා බෝයි කෙනෙක් ක්ලාස් ආවද........? එහෙම මතකයක් නම් නෑ බං.... ඇයි ඒ...........? ඊයේ කවුද මන්දා කෝල් කලා බං ගෙදර නම්බර් එකට........ අර්ජුන කියලා........ මෙහේ ක්ලාස් ආවලු........ මං කිව්වා මට මතක නෑ කියලා....... නිකන් අඳුර ගන්න කිව්වා කතා කරන්නේ......... මං වැඩිය කතා කරන්නේ නැතුව ෆෝන් එක කට් කලා.......... ඒක හොඳයි.... ඒත් කවුද බං නම්බර් එක දෙන්න ඇත්තේ........ අනේ මන්දා....... බලමුකෝ......... එහෙම කියාගෙන කට්ටියත් එක්ක ගිහින් ක්ලාස් එකෙන් වාඩි වුණේ......... ක්ලාස් එකේ හිටපු තව බෝයි කෙනෙක් දැහැමි ගැන හෝප්ස් තියන් ඉන්නවා කියලා දැහැමි දන්නවා....... දැහැමි ආදරේට භය වුණා..... ඒ ඇයිද කියන්න නම් දැහැමි දැනගෙන හිටියේ නෑ,...... ඒත් දැහැමි ඒ ගැන කවදාවත් හිතුවේ නෑ........ ෆෝන් එක රින්ස් යනවා ඇහුනේ දැහැමි ටී.වී. බල බල ඉන්නෙද්දිමයි........ සුදු දුව ඔය ෆෝන් එක බලන්න......... හරි අම්මා....... දැහැමි ෆෝන් එක ළඟට ගියාම දැක්කා මේ ඊයේ ආපු නම්බර් එකමයි කියලා....... ඒත් දැහැමි අඳුරන්නේ නෑ වගේ කතා කළේ........ හෙලොව්....... හෙලොව් සංසු..... ඔව්...... කතා කරනවා..... සංසු මං අර්ජුන........ හොයා ගත්තද මං කවුද කියලා....... ඕ..... අර්ජුන........ අනේ නෑ අර්ජුන..... අද ටිකක් බිසී වුණා...... ප්‍රැක්ටිකල් වගයක් තිබුණා..... හ්ම්........ ඉතිං....... ඉතිං.. නතිං...... දැහැමි කිව්වේ විහිලුවට වගෙයි..... නතිං කියන්නේ මොනවද අනේ......... මේ ඇයි ආයේ එග්සෑම් නොකරන්නේ.......? කම්මැලියි මට....... ඇයි ඒ........ පාඩම් කරන්න බෑ....... මං ආස මියුසික් වලට....... ඩාන්සින් වලට........ හ්ම්..... ඔයා මොනවද ඒ ලෙවල් කරන්නේ........? කොමර්ස්....... කොහොමද කලින් රිසල්ස්....... ඔයා හිනාවෙයි මට......... හරි ඉතිං කියලා බලන්නකෝ......... මට ඒ 3ක් තියෙනවා....... රෑන්ක් එක 72...... මොකක්.........? එහෙනම් ඇයි සෙකන්ඩ්ෂයි එකකට ක්ලාස් යන්නේ........? ඒක තමයි මං කිව්වේ ඔයා හිනා වෙයි කියලා...... ඉතිං දැන් මං හිනා වුන් නැහැනේ......... ඇයි ආයේ ක්ලාස් යන්නේ..... කැම්පස් යන්න පුළුවන්නේ ඔයාට..... මට මැනේජ්මන්ට් යන්න ඕන....... ඒ නිසා ආයේ කරනවා එග්සෑම්...... ම්.. ගුඩ් බෝයි කෙනෙක්...... හොඳයි..... හොඳයි........ හැබැයි ගොඩක් මහන්සි වෙන්න වෙයි....... ඔව්....... ආසාවට මියුසික් කලාට ඕක බදාගෙන හිටියොත් එග්සෑම් ඇන ගන්නවා ෂුවර්........ ඒ නිසා ඉස්සෙල්ලා එග්සෑම් කරගෙන ඉන්නවා....... පස්සේ මියුසික් බලමුකෝ............ ඒක හොඳයි...... මේ ඒක නෙමෙයි කාගෙන්ද මගේ නම්බර් එක ඉල්ල ගත්තේ...... අපෝ ඔයාට කිව්වොත් ඔයා බනියි.......... නෑ....... මං එහෙම කරන්නේ නෑ....... මං දන්නේ නැද්ද අනේ සංසු ගැන........ ඔයා හෙට ගිහින් කනෙන් අල්ලගෙන ඒකව පන්තියෙනුත් එලවයි....... ඒ කියන්නේ කොල්ලෙක් දීලා තියෙන්නේ.......... දැන් හොයාගෙන මොනවා කරන්නද.......? බනිනවද එයාට මට නම්බර් එක දුන්නා කියලා........ ම්.. කියන්නකෝ.......... නෑ අනේ....... මං බනින්නේ නෑ,........ ප්‍රොමිස්........ ඕනී නෑ,.... මේ තරහා නැත්නම් මට මොබයිල් නම්බර් එක දෙන්නකෝ......... මේකට ගනිද්දී සල්ලි කැපෙනවනේ ගොඩක්......... මං පවුනේ සංසු එතකොට....... බෑ.......... මට කිවුවේ නැහැනේ කවුද නම්බර් එක දුන්නේ කියලා..... ඒ නිසා දෙන්නේ නෑ,....... හ්ම්...... ඉන්නකෝ මං හොයා ගන්න........ මං හෙට ඔයාගේ මොබයිල් එකටම ගන්නම්කෝ.......... හා....... මං තියනවා දැන්......... සල්ලි ඉවරයි......... බුදු සරණයි..... හ්ම්.... බුදු සරණයි........ ගුඩ් නයිට්....... දැහැමිට ලොකු ප්‍රශ්ණයක් වුණා මේ කවුද කියන එක........ ඒත් මේ ගැන අහන්න කොනෙකුත් නැහැනේ...... දැන් පන්ති එන්නේ නැති නිසා කවුද කියලා හොයා ගන්නත් බැහැනේ..... ඔහු නමින් අර්ජුන සමරවික්‍රම.......... මල්ලිලා හය දෙනෙක්ගේ අයියා කෙනෙක්........ අම්මයි, තාත්තයි ගොවිතැන් වැඩ කළේ........රත්නපුරේ මැණිකක් පස්සෙන් ගියාට අර්ජුන හිටියේ ඇඹිලිපිටියේ...... සංසුව දැක්ක දවසෙමයි අර්ජුනට සංසු ගැන ආදරයක් ඇති වුණේ....... ඒත් ඒ ගැන කියන්න අර්ජුන ටිකක් විතර භය වුණේ සංසු පන්තියේ හිටපු ගොඩක් දක්ෂ ළමයෙක් නිසයි..... අහම්බෙන් වගේ සංසුව දැක්කට අර්ජුන මුළු හිතින්ම සංසුට ආදරේ කළා......... ඒත් ඒ ගැන කියන්න කලින්ම තමයි අර්ජුන ක්ලාස් එන එක නැවැත්තුවේ.......... සංසුගේ ක්ලාස් එකේ සම්පත් තමයි අර්ජුනට නම්බර් එක හොයලා දුන්නේ........ දැහැමි ෆෝන් එක අතට ගත්තේ මැසේජ් එකක් එනවා ඇහිලා........ කොහාමද සුද්දී...... නම්බර් එක දැක්කම දැහැමිට පුදුම හිතුනා......... දැහැමි ඒ නම්බර් එක ඩයල් කලේ පුදුමෙන් වගේ.......... ෆෝන් එක එක සැරේ රින්ස් යනකොට ආන්සර් කළා........ වරදක් නෑ....... කිය්නනේ නැද්ද කොහෙන්ද මේ දේවල් හොයා ගන්නේ කියලා...... බෑ සුද්දී....... ඇයි ඒ....... මට නම්බර් එක දීපු කෙනාට ඔයා බනියි...... නෑ මං බනින්නේ නෑ,....... එපා........ මං දෙයක් කියන්න ගත්තේ....... ඒත් භයයි.... මොකද්ද.......? ඔයාට බෝයි කෙනෙක් නෑ කියලා මං දන්නවා........ ඒ නිසා මට බොරු කියන්න එපා....... මං ඔයාට අදරෙයි..... ඔයා දැක්ක දවසෙමයි මට ආදරයක් හිතුනේ....... අනේ මන්දා ඇයි කියන්න....... මට ඔයාව නිතරම මතක් වෙනවා සංසු....... දැහැමිට හිතා ගන්න බැරි වුණා........ සොරි අර්ජුන....... මං තාම ඒ දේවල් ගැන හිතලා නෑ........ මට සමාවෙන්න......... මං ඔයාට බල කරන්නේ නෑ.......... හොඳට හිතලා බලලා උත්තරයක් දෙන්න....... එතකම් මං බලන් ඉන්නම්........ ඒත් එක දෙයක්......? මොකද්ද.....? ඔයාගෙන් මොන උත්තරේ ලැබුණත් මං යාලුවෙක් විදියට ඔයාට කතා කරන එක නවත්තන්නේ නෑ....... ඔයාගේ හිතේ මට යාලුවෙක් විදියට ඉන්න ඉඩ දෙනවා නේද......? හ්ම්....... මේ දැහැමිගේ ගෙදර දොර යාලුවන්ට ඕන වෙලාවක ඇරලා තියෙනවා කියලත් දන්නවා ඇති නේද........? හ්ම්....... මං ආස දැහැමි නමට නෙමෙයි....... සංසු නමට......... හ්ම්........ එහෙනම් මං තියන්නම් අර්ජුන...... ඕකේ.. බුසු සරණයි..... පරිස්සමට ඉන්න සුද්දී........ හ්ම්.. බුදු සරණයි....... ගුඩ් නයිට්......... මේ විදියට ඇරඹුණු දැහැමිගෙයි, අර්ජුනගෙයි මිතුදම නම් දිගටම තිබුණා...... අර්ජුන නිතරම ආදරේ ගැන ඇහුවත් දැහැමි හරි උත්තරයක් දුන්නේ නෑ......... ඔය අතරේ දවසක් අර්ජුන එනවා දැහැමිව බලන්න ක්ලාස් එක ළඟට..... ඒ දැහැමිට ක්ලාස් ඉවරවෙන වෙලාවට....... කවුරු එනකම්ද දනනේ නෑ සංසු බලාගෙන ඉන්නේ.........? දැහැමි හැරිලා බැලුවේ අඳුරන මූණක් ද කියලා........ නැහැ.... දැහැමි කවදාවත් අර්ජුනව දැකපු බවක් නම් මතකේ තිබුණෙම නෑ...... දැහැමිගේ මුව ගොලු වුණේ දැහැමිවත් නොහිතපු වෙලාවක......... ඇයි සංසු....... මාව දැකලා භය වුනාද........? මේ.... මේ....... අනේ නෑ අර්ජුන......... මං කල්පනා කළේ මට ඔයාව දැකලා පුරුදුයි කියලා පොඩි මතකයක්වත් නෑ,....... වෙන්න ඇති සංසු....... මං දවස් දෙකයි ක්ලාස් එකට ආවේ....... ඊට පස්සේ නැවතුනානේ....... හ්ම්........ කාලය ගෙවිලා ගිහිල්ලා අර්ජුනගේ එග්සෑම් එකත් අත ළඟටම ආවා....... හොඳට එග්සෑම් කරන්න එහෙනම්........ හ්ම්....... හා........ ෂුවර්........ ඊට පස්සේ මට කැමති වෙනවා නේද........? අපි බලමුකෝ......... ඉඳලා හිටලා දවසක ටවුන් එකේදී අර්ජුන දැහැමිව දැක්කත්, කතා කරලා ගියත් සාමාන්‍ය මිතුදමක් විතරයි දෙන්නා අතර තිබුණේ.... මේ අපේ රිසල්ස් ආවා සංසු....... දන්නවද........? මං මේ කෝල් එකක් ගන්න හැදුවා විතරයි අර්ජුන........ කොහොමද රිසල්ස්......... ම්........ මොකද හිතෙන්නේ........? කියන විදියට නම් හොඳ රිසල්ස් එකක් දාලා ඇති කියලා හිතෙනවා........ හ්ම්...... දිස්ත්‍රික් රෑන්ක් එක 4....... මයි ටාර්ගට් එකට මං ගියා....... වාව්.......... සුපර්බ්....... මයි කන්ග්‍රැඩුලේෂන්ස්....... තැන්කිව් සුද්දී....... රිසල්ස් බලපු ගමන් ඔයාට කෝල් කලේ........ මං පස්සේ ආයෙම ගන්නම්....... හ්ම්...... බුදු සරණයි....... අර්ජුන කොච්චර ටුයි කළත් සංසුගේ හිත ගන්න බැරි වුණා....... දැන් අවුරුද්දකට වැඩියි කෙල්ලා ගැන හිතට ආදරයක් ඇවිල්ලා......... ඒත් අර්ජුනට හිතා ගන්න බැරි වුණා.......... කොහොමින් කොහොම හරි අර්ජුන ජ‘පුර කැම්පස් එකට යනවා....... ඒ ගියත් සංසුව නම් අමතක වුණේ නෑ.... නිතරම මතක් වුණා..... නිතරම කතා කළා.... සංසු කැම්පස් නොගියට මුළු කැම්පස් එකම සංසු ගැන දැනගෙන හිටියේ.......... මොකද අර්ජුන කියන්නේ කැම්පස් එකේ හිටපු බැජ් ටොප්........ අර්ජුන අවුරුදු දෙකක් විතර සංසු පස්සෙන් ආවත් කැමැත්තක් නැති නිසයි අර්ජුන සෙනුරි පස්සෙන් යන්නේ....... සෙනුරි අර්ජුනට වඩා පහළ බැජ් එකේ ඉන්නේ..... මේ වෙද්දී දැහැමිගේ හිතේ අර්ජුන ගැන පොඩි කැමැත්තක් ඇති වෙනවා........ ඒත් ඒ ගඅන අර්ජුනට කියා ගන්න බැරුව හිතේ තියාගෙන ඉන්නේ........ ඔය අතරේ තමයි සංසුගේ අයියට දුවෙක් ලැබෙන්නේ...... ඔය ගැන අර්ජුන එක්ක කියද්දී අර්ජුන විහිලුවට වගේ ආයෙම ආදරේ ගැන මතක් කරන්නේ........ ඔයා ආස නැද්ද ඒ වගේ දෝණි කෙනෙක්ට........? මොකද අනේ නැත්තේ......... ගෙදරින් මං විතරයි දුවෙක් ඉල්ලුවේ..... අනිත් හැමෝම පෙරුම් පිරුවේ පුතෙක්ට....... එහෙනම් මරු....... ඇයි........? මට පුළුවන් ඔයාගේ දුවගේ තාත්තා වෙන්න......... මොකද මාත් ආස දුවෙක්ටනේ......... ඇත්තද........? හ්ම්........ ඇත්ත තමයි......... බොරු කියලද හිතන්නේ........ කැමති නැද්ද මං ඔයාගේ දුවගේ තාත්තා වෙනවට........? කැමතියි....... දැහැමි කිව්ව කතාව අර්ජුනට විශ්වාස කරන්න බැරි වුණා........ සංසු........ ම්............ කෝ........ ඉන්නවද.......? හ්ම්...... මොකද්ද දැන් කිව්වේ.........? මොකුත් නෑ........ අනේ සුද්දී කතා කරන්න......... ම්........ මං තියනවා එහෙනම් සුද්දී......... එපා........... ආදරෙයිද මට.........? හ්ම්.......... ඔව්.... එහෙම කියපු දැහැමි ෆෝන් එක කට් කළා....... එදා පටන් ගත්තු දෙන්නගේ ආදරේ හරි ලස්සනට ගලාගෙන ගියා....... සංසුගේ පළවෙනි ආදරේ වුණේ අර්ජුන....... සංසු හරි ආදරෙන් හිටියේ...... මේ වෙනකොට සංසු පුද්ගලික අංශයේ රැකියාවක් කළා...... ඒ නිසා සංසු පුළුවන් විදියට අර්ජුනට ඉගෙන ගන්න උදව් කළා..... මේ වෙද්දී සංසුගේ මුළු ලෝකෙම වුණේ අර්ජුන........ ඒ තරමටම සංසු ආදරේ කළා....... ඔය අතරෙම අර්ජුනට සෙනුරිගේ කැමැත්තත් ලැබෙනවා....... අර්ජුනට හිතා ගන්න බැරි වුණා මොකක් කරන්නද කියලා....... අර්ජුන හිතලා බලද්දී අර්ජුනට ගොඩක් ගැලපෙන්නේ සෙනුරි........ මොකද දෙන්නම එකම කැම්පස් එකේ....... සංසු ලස්සනයි........ ඒත් සෙනුරි හැම අතින්ම මට ගැලපෙනවා....... මේ වෙනකොට සංසුගෙයි, අර්ජුනගෙයි ආදරේට මාස තුනක් වගේ වෙන්නේ........ අර්ජුන හිතනවා සංසු තමන්ව අමතක කරයි කියලා..... අන්තිම වතාව කියලා හිතාගෙන අර්ජුන යනවා සංසුව හමු වෙන්න....... ඒත් සංසුට කිසිම වෙනසක් පෙන්නන්නේ නැතිව ඉඳලයි අර්ජුන එන්නේ......... මං ගිහින් කෝල් කරන්නම් සුද්දී......... හරි මහත්තයෝ........ පරිස්සමට ගිහිල්ලා එන්න......... දෙන්නත් එක්ක පැය දෙක තුනක් කතා කර කර පාර්ක් එකේ ඉඳලයි ගියේ........... සංසු එදා ගෙදර ගිහිල්ලා අර්ජුනට ගන්න හැදුවට ෆෝන් එක වැඩ කරන්නේ නෑ........ සංසු ගොඩක් රෑ වෙනකම් ට්‍රයි කලා...... ඒත් ගන්න බැරි වුණා....... මහන්සියට නිදා ගන්න ඇති කියලා හිතලා ඊ ළඟ දවසෙත් කෝල් කරන්න ට්‍රයි කළා...... මේ විදියට දවස් කීපයක් ගියත් අර්ජුනව කන්ටැක්ට් කර ගන්න බැරි වුණා....... සංසු පිස්සුවෙන් වගේ කාලය ගත කළේ....... මොකද වුණේ කියලා සංසුට හිතා ගන්න බැරි වුණා........ සංසු අර්ජුනගේ මල්ලිට ගත්තත් මල්ලිත් ආන්සර් කළේ නෑ........ පස්සේ දවසක මල්ලී ෆෝන් එක ආන්සර් කරා... හෙලෝව් අක්කා........ අඳුරනවද මාව........ මතකයි, මතකයි අක්කා..... මොකද කරන්නේ........? මොකුත් නෑ මල්ලියා..... ඉන්නවා..... ඉතිං........ අපිත් ඉන්නවා අක්කා...... අක්කා මගෙත් එක්ක තරහා වෙලාද.......? නෑ මල්ලියා... මං මොකටද තරහා වෙන්නේ........? අයියා අපිත් එක්ක කතා කරන්නෙත් නෑ,..... මට අක්කට දෙන්න උත්තරයක් නැතිකමට මං ෆෝන් ආන්සර් නොකරේ....... හ්ම්....... ඒකට කමක් නෑ මල්ලියා...... මං තියන්නම්....... අනේ සමාවෙන්න අක්කා........ අපේ එකාට පිස්සු....... බුදු සරණයි.. බුදු සරණයි මල්ලියා........ අර්ජුන මල්ලි ළඟ ඉඳගෙන සංසු කියපු හැමදෙයක්ම අහගෙන හිටියේ...... අර්ජුනට ඇත්තටම ගොඩක් දුක හිතුනා...... ඒත් දැන් කරන්න දෙයක් නෑ,...... සෙනුරිට උත්තරයක් දීලා ඉවරයි..... එහෙම හිතලා අර්ජුන හිත හදා ගත්තා....... ඒත් සංසුට එච්චර ඉක්මණට අර්ජුනව අමතක කරන්න බැරි වුණා...... අර්ජුන ඒ තරම්ම ආදරයක් සංසුට දීලා තිබුණේ ඒ මාස තුනට..... අර්ජුන පුදුම විදියට අසරණ වෙලා තිබුණේ....... අන්තිමට සංසු දිගටම අර්ජුනට ඊ මේල් යැව්වා..... ඒත් ඒ කිසිම දේකට උත්තර ආවේ නෑ....... හැමදේම හීනයක් කියලා හිත හදාගන්න විතරයි සංසුට ඉතිරි වුණේ........ තනියම අඬලා හිත හදා ගත්තා....... අන්තිමට අවුරුදු ගානකට පස්සේ සංසු දැක්කා අර්ජුනගෙයි, සෙනුරිගෙයි මැරේජ් එකේ ෆොටෝ වගයක්....... අහම්බෙන් වගේ එෆ්.බී. තියෙනවා දකින්නේ...... අදටත් සංසු අර්ජුන ගැන හිත හිත දුක් වෙන එකයි කරන්නේ........ ආදරේ කියන්නේ විකාරයක් කියලයි සංසුට හිතෙන්නේ...... ගෙදරින් කොච්චර ප්‍රොපෝසල් ගෙනාවත් සංසු ඒ කිසිම දේකට කැමති වුණේ නෑ........ ඒත් සංසු අද අර්ජුනට, සෙනුරිට කිට්ටු වෙන්නවත් බැරි තරම් බිස්නස් ලෝකේ ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ...... සංසු රත්නපුරේ තියෙන ලොකුම ගාමන් ෆැක්ට්‍රි එකේ අයිතිකාරී......... ඒත් හිතින් තාම අර්ජුනට ආදරේ කරපු සංසුම තමයි......... ඇරඹුමම කඳුළක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඔබ ගියා........ දුක්බරම කවියක් ලියා එහි පද පෙළක් අඩුවෙන් තියා අරුත පසිදින්නට කියා අවසානයට පෙර ඔබ ගියා....... ශෝකාන්තය එන තුරා එහි රැඳෙන්නට සිත් නැති නියා අනන්තය ළඟ මා දමා අවසානයට පෙර ඔබ ගියා..... නිමි....... *******සඳලි අනුත්තරා******** 0 isurusamSuper Senior MemberPosts:7342 28 Apr 2018 07:05 AM Quote Reply කතාව ලස්සනයි......දිගටම අපිත් එක්ක මේ දේවල් බෙදා හදා ගන්න . 0 indika76Most Senior MemberPosts:10457 29 Apr 2018 02:30 AM Quote Reply කෙටි කතාවට ස්තූතියි සදු නගෝ.. තවම කියවූයේ නෑ... මම කියවලා හොද නරක කියන්නම්.. 0 chamaramindMost Senior MemberPosts:13471 29 Apr 2018 06:22 PM Quote Reply අර්ජුන බැඳල තියෙන්නේ සල්ලිකාර කෙල්ලෙක්නේ... 0 Udeshika HerathVeteran MemberPosts:3955 02 May 2018 02:16 AM Quote Reply පිරිමි නම් ඔහොම්මමයි. අනිත් කෙනා ගැන හිතන්නෑ. ලස්සනයි කතාව. 0 indika76Most Senior MemberPosts:10457 06 May 2018 02:23 AM Quote Reply සංසු ගැන හරිම දුකයි. බලාපොරොත්තු ඇති කරලා බිද දැමීම හරිම පවුකාරී ක්‍රියාවක්.. ඒවා කවදාක හෝ අර්ජුන ට විපාක දේවි.. ඉතාමත් සංවේදී කතාවක් .. නිර්මාණය ගොඩක් ලස්සනයි ...ඒ වගේම නූතන සමාජයේ මේ සිදුවීම් වෙන්න පුළුවනි.. 0 indika76Most Senior MemberPosts:10457 09 May 2018 02:51 AM Quote Reply තවත් කකාවත් දාන්න නංගී.. 0 kingDVeteran MemberPosts:3342 23 May 2018 02:56 AM Quote Reply කතාව නම් ගොඩක් ලස්සනයි නංගි ... තව ලියන්න 0 maduranga001Most Senior MemberPosts:14123 23 May 2018 09:51 PM Quote Reply නංගි ලියන විදිහ ලස්සනයි. කතාව කියවද්දී මටත් මගේ අතීතය මතක් වුණා. අවසානය කතාවේ විදිහට සිදු නොවුණත්. මොකද අද ඇය මගේ ප්‍රිය බිරිඳ. යහළුවන් විදිහට හමු වුණත් කැමැත්ත අහලා ඒක ලැබෙන්නත් කාලයක් ගත වුණා. මොකද සෑහෙන්න හිතල දෙන්න ඕන උත්තරයක්ය කියලයි කිව්වෙ. කොහොම නමුත් අදටත් මට ඉන්න හොඳම මිතුරිය ඇයයි. අපේ දරුවන් වෙනුවෙනුත් ස්වාමියා වෙනුවෙනුත් ඇය පුදුම කැප කිරීමක් කරන බව නොරහසක්. මේ කතාවේ විදිහට අවසානයේ ඒ දෙදෙනා එකතු වුනා නම් මම හිතනවා මේ කියන තරුණයාට හොඳ වෙන්න තිබුනා කියල. මොකද එහෙම හදිසි තීරණයකින් තොරව හොඳට හිතලා ගන්න තීරණය වඩාත් ශක්තිමත් එකක් කියල හිතනවා. තවත් රසවත් කෙටි කතා බලාපොරොත්තු වන්නෙමු. 0 maduranga001Most Senior MemberPosts:14123 23 May 2018 09:52 PM Quote Reply Posted By Udeshika Herath on 02 May 2018 02:16 AM පිරිමි නම් ඔහොම්මමයි. අනිත් කෙනා ගැන හිතන්නෑ. ලස්සනයි කතාව. පිරිමි ගැහැණු කියල වෙනසක් නැහැ නංගි ඒකට. ඔය හැම ආකාරයේම මිනිස්සු ඉන්නවා පිරිමි ගැහැණු දෙපාර්ශවයේම. 0 Add Reply Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit