You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Aug 2020 12:12 PM by  Chandima
සත්‍ය සිදුවිමක් ඇසුරෙන්
 6 Replies
Sort:
Author Messages

පිරිසිදු සිත
New Member
New Member
Posts:4






--
21 May 2020 11:21 AM
  •  Quote
  •  Reply
දිනක් එක්තරා අදුරු රැයක පාලූව කාන්සිය මගහැර ගැනීම සදහා මම මගේ දුරකථනයද රැගෙන මිදුලේ කොනක පුටුවක් තියාගෙන ඉදගත්තා.

පුරුදු විදියට ලොක් එක ඇරලා ඩේටා ඔන් කරගෙන facebook වෙත පිවිසුනා. පෝස්ට් බල බලා ලයික් කමෙන්ට් දදා ඉන්නකොට මටත් නොදැනීම කාලය ගෙවී ගියා.

කොහොමත් ඒ වෙනකොට ඇති රෑ 11.15ට විතර. වැහි බර කාලගුණය නිසා හීතල හුළං ඇගේ වදින්නවා හොදටම තේරෙන්න.

මම හිතුවෙවත් නැති වෙලාවක මහා අමුතු සද්දයක් එන්න ගත්තා. කාට කොහොම ඒ සද්දෙ මොන වගේ උනත් මටනම් ඒක අහන් ඉන්න අමාරු අහිමිරි සද්දයක් උනා. පොඩ්ඩක් හිත ගැස්සුනා.එහෙම උනේ නෑ කියනවනම් ඒකත් බොරුවක් වෙන්න ඔනේ. මොකද ඒක මහ පාලූ මූසල හඩක්. මම පෝන් එකත් අතේ තියාගෙන වට පිට බැලුවා. ගෙදර අයත් නිදි කාටවත් කතා කරන්නත් බෑ. ඒ සද්දේ මොකක්ද හොයාගන්නක්න් හිතටත් මොකක්ද වගේ.

මම සන්සුන්ව ඒ සද්දෙට කන් දීගෙන ඉන්නකොට නොසිතූ විලසින් ඒ එක සද්දය දෙකක් වෙන්න ගත්තා. හඩවල් දෙකක්. තවත් හිත බයට හැරුනා විතරයි දැනුනේ. මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව මාවම ගොලු උනා.

මම හෙමිට ගෙට ගියේ විදුලි පන්දමක් හොයාගන්න අරමුනින්. දුරකථනයේ එලිය මදි දෙයක් දුරට හොයලා බලන්න ඒ සද්දේ එන්නේ ලගින්ද දුරින්ද උඩින්ද බිමින්ද කියලා හිතාගන්න තරම් අමාරු දෙයක් උනා මට.

විදුලි පන්දම අතට අහු උනා හෙමින් මම එලියට ඇවිල්ලා වටේම බැලුවා ඒත් මුකුත් හොයාගන්න බෑ. සැරින් සැරේ ඒ සද්ද දෙක තරගෙට වගේ එනවා.

මොනදේ උනත් ඒ සද්දේ හොයාගන්නවා කියන තිරනෙන් වටේම බලන්න ගත්තා. ගස් උඩ ගස් යට වහලේ උඩ බිම දුර හැමතැනම බැලුවා. පැය බාගයක්නම් හොයන්න ඇති. හම්බ උනේ නෑ.

තවත් හොයාගෙන හොයාගෙන යනකොටනේ මම දැක්කේ අපේ ගෙදර පොල් ගහක අත්තක් උඩට අලුත් ජෝඩුවක් ඇවිල්ලා කියලා. ඒ දෙන්නා ආදරේ කරනවා මම ගිනි රත්වෙලා හොයනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි බකමූනු ජෝඩුවක්. මට තනියම හිනා අන්තිමට ඒක දැකලා. ආපු සද්දේට මම දෙලෝ රත්වෙලා කරපු කියපුව හිතපුව මතක් වෙද්දි මටම හිනා. ඒත් ඒ දෙන්නා දැක්කේ එදා විතරයි අද වෙනකන් තාම දැක්කේ නෑ

දැන් කොහේ ඇද්ද.?
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
23 May 2020 08:42 PM
  •  Quote
  •  Reply
මේ කතාවේ මුල් ටික කියවද්දී නම් මගේ හිතෙත් පොඩි තිගැස්මක් තිබුණා. අන්තිමට නම් හිනා ගියා..
මල්ලි ඔයාට හොඳට ලියන්න පුලුවන්.. දිගටම ලියමු..
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 May 2020 10:01 PM
  •  Quote
  •  Reply
නියමෙට ලියලා තියනවා දිගටම ලියමු ......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 May 2020 01:09 PM
  •  Quote
  •  Reply
දැන් කොහේ ඇද්ද.?
ඒ දෙන්න ඇති දැන් පොඩි එවුන්ව තොටිල්ලෙ දාල නැලවිලි කවි කියා කියා... අපිට මුසල උනාට පැටවුන්ට මිහිරි ඇති.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
19 Aug 2020 02:11 PM
  •  Quote
  •  Reply
MM.....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
19 Aug 2020 02:34 PM
  •  Quote
  •  Reply
Posted By පිරිසිදු සිත on 21 May 2020 11:21 AM
දිනක් එක්තරා අදුරු රැයක පාලූව කාන්සිය මගහැර ගැනීම සදහා මම මගේ දුරකථනයද රැගෙන මිදුලේ කොනක පුටුවක් තියාගෙන ඉදගත්තා.

පුරුදු විදියට ලොක් එක ඇරලා ඩේටා ඔන් කරගෙන facebook වෙත පිවිසුනා. පෝස්ට් බල බලා ලයික් කමෙන්ට් දදා ඉන්නකොට මටත් නොදැනීම කාලය ගෙවී ගියා.

කොහොමත් ඒ වෙනකොට ඇති රෑ 11.15ට විතර. වැහි බර කාලගුණය නිසා හීතල හුළං ඇගේ වදින්නවා හොදටම තේරෙන්න.

මම හිතුවෙවත් නැති වෙලාවක මහා අමුතු සද්දයක් එන්න ගත්තා. කාට කොහොම ඒ සද්දෙ මොන වගේ උනත් මටනම් ඒක අහන් ඉන්න අමාරු අහිමිරි සද්දයක් උනා. පොඩ්ඩක් හිත ගැස්සුනා.එහෙම උනේ නෑ කියනවනම් ඒකත් බොරුවක් වෙන්න ඔනේ. මොකද ඒක මහ පාලූ මූසල හඩක්. මම පෝන් එකත් අතේ තියාගෙන වට පිට බැලුවා. ගෙදර අයත් නිදි කාටවත් කතා කරන්නත් බෑ. ඒ සද්දේ මොකක්ද හොයාගන්නක්න් හිතටත් මොකක්ද වගේ.

මම සන්සුන්ව ඒ සද්දෙට කන් දීගෙන ඉන්නකොට නොසිතූ විලසින් ඒ එක සද්දය දෙකක් වෙන්න ගත්තා. හඩවල් දෙකක්. තවත් හිත බයට හැරුනා විතරයි දැනුනේ. මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව මාවම ගොලු උනා.

මම හෙමිට ගෙට ගියේ විදුලි පන්දමක් හොයාගන්න අරමුනින්. දුරකථනයේ එලිය මදි දෙයක් දුරට හොයලා බලන්න ඒ සද්දේ එන්නේ ලගින්ද දුරින්ද උඩින්ද බිමින්ද කියලා හිතාගන්න තරම් අමාරු දෙයක් උනා මට.

විදුලි පන්දම අතට අහු උනා හෙමින් මම එලියට ඇවිල්ලා වටේම බැලුවා ඒත් මුකුත් හොයාගන්න බෑ. සැරින් සැරේ ඒ සද්ද දෙක තරගෙට වගේ එනවා.

මොනදේ උනත් ඒ සද්දේ හොයාගන්නවා කියන තිරනෙන් වටේම බලන්න ගත්තා. ගස් උඩ ගස් යට වහලේ උඩ බිම දුර හැමතැනම බැලුවා. පැය බාගයක්නම් හොයන්න ඇති. හම්බ උනේ නෑ.

තවත් හොයාගෙන හොයාගෙන යනකොටනේ මම දැක්කේ අපේ ගෙදර පොල් ගහක අත්තක් උඩට අලුත් ජෝඩුවක් ඇවිල්ලා කියලා. ඒ දෙන්නා ආදරේ කරනවා මම ගිනි රත්වෙලා හොයනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි බකමූනු ජෝඩුවක්. මට තනියම හිනා අන්තිමට ඒක දැකලා. ආපු සද්දේට මම දෙලෝ රත්වෙලා කරපු කියපුව හිතපුව මතක් වෙද්දි මටම හිනා. ඒත් ඒ දෙන්නා දැක්කේ එදා විතරයි අද වෙනකන් තාම දැක්කේ නෑ

දැන් කොහේ ඇද්ද.?

 

කොහොම වුනත් මල්ලී බය නැති පොරක්. මේ වගේ සද්දයක් ඇහුණොත් මම නම් තනියම එළියට බහින්නේ නෑ...

 

0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
21 Aug 2020 12:12 PM
  •  Quote
  •  Reply
mamath mona unath eliyatanam yanne naha
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below