You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Nov 2016 09:16 AM by  hasithad
සර්පයන් ගැන අපි රැවටුන මිත්‍යා මත ඇතුලුව ලංකාවේ සර්පයන් ගැන දැනුවත් විය යුතුම කරුණු
 35 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
04 Nov 2016 09:52 AM
Posted By Poddi on 04 Nov 2016 03:32 AM
Posted By Rosi on 03 Nov 2016 09:37 AM
01. apple cider vinegar හා ජලය

උණුසුම් ජලය කෝප්පයකට apple cider vinegar බිංදු කිහිපයක් දමා මාස දෙකක් පමණ දිනපතා කෑමට පෙර පානය කරන්න

මේක නම් තව ගොඩක් රෝග වලින් මිදෙන්න ඇගට ගුණයි කියලා මන් අහලා තියෙනවා ,,අපේ ගෙදරත් බාවිතා කරනවා මේ විදියට දිනපතාම .

හොද පොස්ට් දෙකක් අයියේ ,,බොහොම ස්තුති

slim wenawada dan ne neda akki mewata
ඇයි පොඩ්ඩී තවත් ස්ලිම් වෙයි කියල බයද.........

0

Sanda
New Member
New Member
Posts:69

--
08 Nov 2016 02:54 AM
රැවුල නැති වුනත් මාත් කියැව්වා........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
08 Nov 2016 10:05 AM
මහත්තයට කියල දෙන්න අක්කේ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
08 Nov 2016 05:20 PM
අපේ මහත්තයා නම් රුවුල වවන්න අරන් නේ ..එක නිසා මට ඕනා නැ ..මට ලේසි
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
09 Nov 2016 04:46 AM
Posted By Rosi on 08 Nov 2016 05:20 PM
අපේ මහත්තයා නම් රුවුල වවන්න අරන් නේ ..එක නිසා මට ඕනා නැ ..මට ලේසි
ඒකනං සෝයි අක්කේ

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
13 Nov 2016 12:41 AM

සර්පයන් ගැන අපි රැවටුන මිත්‍යා මත ඇතුලුව ලංකාවේ සර්පයන් ගැන දැනුවත් විය යුතුම කරුණු 10ක්

කැලෑ කප කප මිනිස්සු ගෙවල් දොරවල් හදද්දි සර්පයන් මිනිස් වාසයන්ට එන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා ඔබ සිටින්නේ නාගරිකවද, ගම්බදවද යන්න බේදයකින් තොරව ඔබේ ප්‍රදේශයේත් සර්පයන් සොයාගත හැකියි. මෙම සටහන් ලියන්නේ සර්පයන් පිළිබඳව සමාජය දරණ මතය වෙනස් කරන අරමුණිනි. එය සර්පයන්ට සේම ඔබටද හොඳක්ම වනු ඇත. ශිවන්‍යා ඇවිල්ලා පොස් පොස් ගාලා දෂ්ඨ කරලා යනකං බලාගෙන සිටින තරුණයන් කරුණාකර මෙයින් සිත් නොරිදාගන්න.

1. සර්ප මිත්‍යා
myths about snakes

Source – ask.fm

නයි හාමි අපිව කන්නෙ නෑ, නයි හාමි යන්න වගේ දේවල් සර්පයන් ඉදිරියේ කීමෙන් පළක් නැත. සිදුවන්නේ නයින් ඔබට අනතුරු ඇඟවූ පසු ඔබෙන් ඔවුන්ට කරදරයක් නොමැති බව වැටහී ඔවුන් පසුබැස පිටව යෑම පමණි. සර්පයින් ඔබේ මුහුණ මතක තබාගෙන හිඳ පැමිණ පළිගන්නේත් නැහැ. ගැරඬියෙකු ඔබව කෑවොත් වෙනත් සර්පයෙකු ඔබව නොකන බවද මිත්‍යාවක්. ඔවුන්ගේ පිම්බුනු පෙණය පෙන්වන්නේ ඔබට අනතුරු ඇඟවීමටයි. එය ‍තේරුම් ගෙන වෙනිං විකාර නොකර සර්පයන් සිටින තැනින් ඈත්ව ඔවුන්ට යන්නට මගපෑදීමක් හෝ හැකිනම් පමණක් සර්පයා අල්ලා කැලයකට නිදහස් කිරීමක් යෝග්‍යය.

2. සර්පයෝ
myths about snakes

Source – ceylonradio.co.uk, adaderana.lk, wikipedia.org

සර්පයන් විස අනුව කොටස් හතරකට වෙන්වෙයි. ඒ උග්‍ර විස, මද විස, සුළු විස සහ විස රහිත ලෙසිනි. එයින් ලංකාව තුළ උග්‍ර විස සර්පයන් 21ක් සිටියි. එයින් 14ක් මුහුදේත් 7ක් ගොඩබිමේත් වෙසෙයි. ගොඩබිම වෙසෙන සර්පයන් හත්දෙනාගෙන් දෙදෙනෙකුට මිනිසාට තර්ජනයක් කළ නොහැක්කේ ඔවුන් ඉතා කුඩා නිසායි. ඒ අනුව ඔබට ගොඩ බිමේදී තර්ජනයක් විය හැක්කේ නයා, තිත් පොළඟා, වැලි පොළඟා, තෙල් කරවලා සහ මුදු කරවලාය. කුණකටුවන් මද විස සර්පයන් හැටියට සැලකුවත් මෑතක පටන් ඔවුන්ද වැඩි විෂකින් යුක්ත සර්පයින් ලෙසට නම් කර තිබෙනවා. මාපිලුන් ඇහැටුල්ලන් සහ දිය නයින් සුළු විස සර්ප ඝනයට වැටෙනවා. ගැරඬියන් සහ පිඹුරන් ඇතුළු අනෙක් සියලු සර්පයින් විස රහිත ලෙස වර්ග කළ හැකියි.

ඇස් උස අතට පිහිටා ඇති සර්පයන් රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී වෙන අතර ඇස් හරස් අතට පිහිටා ඇති සර්පයන් දිවා කාලයේදී ක්‍රියාශීලී වෙනවා. ඔවුන් ක්‍රියාශීලී නොවන කාලයේ සිරුර නිසල කර විවේකයෙන් සිටිනවා.

3. වස සහ විස
myths about snakes

Source – sickchirpse.com

විස (venom) යනු ප්‍රෝටීනයක් වන අතර එය ශරීර අභ්‍යන්තරයේ නිපදවෙන්නකි. එවැන්නකින් හානියක් වීමට එය ලේ සමග මුසු විය යුතුය. එනිසා සර්ප විස සමට හලාගත්තද පානය කළද (උගුරේ සහ බඩවැල්වල තුවාල නැතිනම් පමණක්) හානියක් වන්නේ නැහැ. නමුත් වස (Poison) සමෙන් උරාගැනීමේ හැකියාව ඇති ඒවායි. එය වෙන්කර දැන සිටීම වටියි. මේ පිළිබඳ සත්‍ය තත්ත්වය එසේ වුවත් විස පානය හෝ සමට හලාගෙන බැලීම අපි කිසිසේත් අනුමත නොකරන බව තරයේ සිහිතබා ගන්න.

4. සර්පයන් පිළිබඳ වාර්තා
myths about snakes

Source – australiandoglover.com

ලංකාවේ වැඩිම මරණ වාර්තාවන්නේ තිත් පොළඟාගේ දෂ්ඨ කිරීම්වලින් බව කියැවෙයි. එසේම ලංකාව තුළ වැඩිම දෂ්ඨ කිරීම් වාර්තා වන්නේ කුණකටුවාගෙනි. ලෝකයේ වැඩිම මරණ වාර්තාවන්නේ වැළි පොළඟාගෙනි.

5. සර්පයෙකු දැක්කොත්
myths about snakes

Source – facebook.com/premasiri.peiris

සර්පයන් යනු කෘමි උවදුර සහ මී උවදුර පාලනය කරමින් ආහාර ජාලයේ විශේෂ වැදගත් තැනක් හිමි කරගන්නා සත්ත්වයින් බවට දැක්විය හැකියි. ඒ අතර විස රහිත සර්පයන් 64ක් සිටියි. ඒ නිසා සර්පයන් නිකරුනේ මරා නොදමා ඔවුන් ගැන වැඩි තැකීමක් නොකර ඔවුන්ගේ මග නොඅහුරා නිවසෙන් පිටවන්නට ඉඩ සැලසීම යෝග්‍යම ක්‍රමයයි. සර්පයන් තමන්ට අනතුරක් බව දැනුනහොත් පෙණය පුම්බා බලා සිටින අතර ඒ ඔවුන් අනතුරු අඟවන ක්‍රමවේදයයි. එහෙත් ඔවුන් මුව හැර දත් පෙන්නුවහොත් බොහෝදුරට සපාකෑමකට ඉඩ ඇති බවද දැනසිටීම වැදගත්. එසේම කලබල වූ සර්පයන් අඳුරු ස්ථානවලට රිංගීම ප්‍රියකරන නිසා ඔබ විසින් අල්ලාගෙන සිටින බටයක ඔබේ පැත්තේ කොනට බෑගයක් බැඳ අනෙක් කෙලවර සර්පයාට ලංකිරීමෙන් ඔවුන් එයට ඇතුළුකරගෙන පසුව මුදාහැරීම සාර්ථක ක්‍රමවේදයකි. කුඩා සර්පයෙකු නම් බෝතලයකට වුව දැමිය හැක. එසේම කොස්සකින් වැනි උපකරණයකින් තල්ලුකර දැමීම වැනි යමක්ද සිදු කළ හැක.

6. සර්ප සපාකෑමකදී
myths about snakes

Source – pbase.com

සර්පයන්ගේ දත් පිහිටා තිබෙන්නේ පිටුපසටයි. ඒ නිසා සර්ප සපා කෑමකදී සර්පයාගේ හිසෙන් අල්ලා ඇද දැමීමෙන් ඔබේ සම සමග සිරුරේ මස් ගැලවී ඒමට ඉඩ ඇත. ඒ නිසා සර්ප හිසෙන් අල්ලා හිස ඉදිරියට කර දත් ‍සමෙන් ගලවා හිස ඉවත් කිරීම යෝග්‍යය.එසේම සර්ප සපාකෑමකදී පිටගැස්ම එන්නත අනිවාර්යයෙන්ම විදින්නටද මතක තබාගන්න.

7. දෂ්ඨනයකදී විශේෂයෙන්ම
myths about snakes

Source – mashable.com

සර්පයන්ට විෂ ඇත්තේ බොහෝම ස්වල්පයකි. ඔවුන් එය අවශ්‍යම අවස්ථාවක මිස නිකරුනේ පිට නොකරන්නේ ගොදුරක් අල්ලා ගැනීමට ඒ විෂ ස්වල්පය වැදගත් වන නිසාවෙනි. කෙසේ හෝ සර්ප දෂ්ඨනයකදී පළමුවෙන්ම රෝගියා සන්සුන් කිරීම පළමු කාරණයයි. එමගින් විස ශරීර ගත වීමේ වේගය පාලනය කර ගත හැකියි. දෂ්ඨනය ‍වූ රෝගියා නොසොල්වා තබා ගත යුතු අතර, විස ශරීර ගත වීමකදී සිරුර ඉදිමීමකට ලක්වන නිසා මුදු, වලලු සහ ඔරලෝසු වැනිදෑ සිරුරෙන් ඉවත් කිරීම සුදුසුය. සර්ප දෂ්ඨනයකදී කිසිම විටකත් සිරුරට තදින් රෙදිපටි බැඳීම සිදු නොකළ යුතුය. මන්දයත් ඒ වන විටත් වේගයෙන් විස ශරීර ගත වී හමාර බැවින් රෙදි පටිය බඳින ලද නිසා තුවාලයට ලේ ගමන් කිරීම වැළකී තුවාලය අවට සෛල මිය යෑමටද ඉඩ තිබෙයි. එසේම විස ලේ පිටකිරීමට තුවාලය කැපීම, ඇස්ප්‍රින්, තැඹිලි, මධ්‍යසාර, පැරසිටමෝල් ලබාදීම සිදු නොකළ යුතුය. එසේම තුවාලයට මුව තබා විස උරාදැමීම සිදු නොකළ යුත්තේ ඒවන විට විස සිරුර තුලට ගමන් කර ඇති නිසාත්, මුව තබන්නාගේ මුවින් තුවාලයට බැක්ටීරියා ඇතුළු විය හැකි නිසාත්, රුධිරය උරන්නාගේ මුවෙහි තුවාල තිබුනහොත් ඔහුගේද විස ශරීර ගත වීමට ඉඩ ඇති නිසාවෙනි.

8. දෂ්ඨනයෙන් පසු
myths about snakes

Source – stopvshi.ru

ඒ නිසා සර්ප දෂ්ඨනය වූ ප්‍රදේශය සබන් යොදා, ගලායන ජලයෙන් සෝදා රෝගියා රජයේ රෝහලකට ගෙනයාම උචිතය. බොහෝවිට පෞද්ගලික රෝහල්වල විස නසන ප්‍රතිවිස කාරක නොතිබීමටද, තිබුනත් මිල අධික වීමටද ඉඩ ඇත. ඒනිසා සෑමවිටම රෝගියා රජයේ රෝහලකට රැගෙන යන්න. රජයේ රෝහල් තුළ සර්ප දෂ්ඨ කිරීමේදී නියමිත ප්‍රතිකාර නියමිත ක්‍රමවේදයට සිදුවනු ඇත.

රෝගියා සමග සර්පයාද රැගෙන යෑමේ අත්‍යාවශ්‍යතාවයක් නැත. සමහරුන් පුරුදු වී සිටින්නේ දෂ්ට කරන ලද සර්පයා මරා දමා රෝගියාත් සමග රෝහලට රැගෙන යන්නටයි. සත්ත්ව ජීවිතයක් නසමින් කරන එවන් අනුවණ ක්‍රියා වලින් වැලකෙන්නටැයි අපි ඔබට අවවාද කරනවා. සර්පයා නිසි ලෙස හඳුනාගන්න ඔබට අවශ්‍ය නම් ඔබට පුලුවන් සර්පයාගේ ඡායාරූපයක් රැගෙන Protect our snakes අපේ සර්පයින් රැකගමු සමූහයේ පලකර විමසන්න. එහි සිටින සාමාජිකයන් මේ සඳහා අනිවා ඔබට උදවු කරාවි. ඒ වගේම නිරපරාදේ සත්ත්ව ජීවිතයකට හානි වීමද වැළකේවි.

9. අවදානමට පෙර ආරක්ෂාවට
myths about snakes

Source – mothernatured.com

නිවස අවට සහ තුළ ඇති අඳුරු ස්ථාන පිරිසිදුව තබාගැනීම හැකිනම් ආ‍ලෝකමත් කිරීම. රාත්‍රී කාලයේ ගමන් කිරීමේදී ආලෝකයක් රැගෙන යාම සහ පාද වළලුකර තෙක්වත් වැසෙන සේ පාවහන් පැළඳ යාමද වැදගත්. බිම නිදාගන්නේනම් නින්දට පෙර අවට පරිසරය සෝදිසි කිරීම, මීයන් වැනි සර්පයන්ට ගොදුරුවන කුඩා සතුන් නිවසට ඇතුළු නොවන්නට වගබලාගැනීම වැදගත්ය. එසේම කොළරොඩු, මල්පෝච්චි සහ ගල්ගොඩැලිවලට අත දැමීමට පෙර සැළකිලිමත් වීමටද සිහි තබාගත යුතුය.

10. දෂ්ඨනය වූ බවට ලක්ෂණ
myths about snakes

Source – healthcare-online.org

මුලින්ම උණුවතුර වැටුනාක් බඳු වේදනාවක් සර්ප දෂ්ඨනයකදී ඔබට දැනෙන්නට හැකියි. එවිට සර්පයෙකු අවට ඇතිදැයි බලා සර්ප විශේෂය කුමක්දැයි නොදන්නවානම් අවම වශයෙන් හැඩරුවවත් සිහි තබාගැනීම වටී. එසේම ඔබට දැනෙන වේදනාවට අමතරව දියපට්ටා ඇතිවීම, ඇස් පහළ වැටීම, වමනය, ගැස්ට්‍රයිටීස් තත්ත්වයන් සහ ඔලුව කැක්කුම වැනිදේ ඇතිවිය හැක.

සර්ප දෂ්ඨනයකදී වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් 0112686143 දුරකථන අංකයෙන් ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය ඇමතීමෙන් අවශ්‍ය උපදෙස් ලබාගැනීමේ හැකියාව ඔබට තිබෙනවා.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
13 Nov 2016 01:10 AM
meka honda wedagath lipiyak
mamath oya mulin kiyala tiyena mithya math vishwasa kale naha
anika nagayange kan ahenneth naha kiyalai mama danne
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
13 Nov 2016 01:51 AM
ස්තුතියි අයියේ.ගොඩක් වටින පොස්ට් එකක්.මාත් කියෙව්වා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
13 Nov 2016 09:46 AM
මෙතන ඉන්න සර්පයන්ගෙන් ඉහේ කෙස් ගානට මට කුනකට්ටෝ නම් අහුවෙනවා මේ දවස් වල.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462

--
13 Nov 2016 12:46 PM
හරිම වැදගත්. මමත් කියෙඋවා.
දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
16 Nov 2016 06:05 AM
Posted By samantha on 13 Nov 2016 12:41 AM

ඉතාමත් වටිනා ලිපියක්..

සර්පයන් ගැන එතරම් නොදන්නා නිසා නිකරුනේ මරා දමනවා..

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
16 Nov 2016 08:33 AM
හොද ලිපියක් ..නොදත් දේ බොහොමයි
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
20 Nov 2016 11:25 PM

ගොඩ වෙදකම් හෙවත් Land healthcare

5
කුඩා කාලයේදී බෙහෙත් ගෙනෙන්න යන්නට අපි පුදුමාකාර ලෙස කම්මැලියෝ වෙමු. බල්ලාට නිදාගැනීමට පෙර වට තුනක් කැරකී වකුටුවීමට උගන්වන්න ඕනෑ නැතුවාක් මෙන්ම අපිටද උප්පත්තියෙන්ම බෙහෙත් සමග ජම්මාන්තර වෛරක්කාර වීමට උගන්වන්න උවමනා නැත. මෙයිනුත් අපි දොස්තර බෙහෙත් වලට විශේෂයෙන්ම අකමැති වන්නේ හැම බෙහෙත් පෙත්තක්ම හල්කඳුරු තිත්ත බැවිනි. එනමුත් අපේ අම්මලා කැමතිම ඉතාමත් තිත්ත බෙහෙත් වලටය. අපට ලෙඩක් හැදුනවිට බලෙන් ඇදගෙන ගොස් බෙහෙත් ගෙනාවත් එයිට අමාරු කරුණක් වන්නේ බෙහෙත් පෙවීමය.  මුල්ම කාලයේ අම්මා බෙහෙත් ටික කුඩුකර එය මේස හැන්දට දමා දියකර ගෙන එයින් බිඳක් ඇඟිල්ලට ගෙන තොලගා බලයි. ඉන්පසු ලෙමන් පප් ඇඩ් එකේ ඉන්නා ගෑනි එයින් ඉස්කෝත්තක මුල්ලක් ලෙවකා ‘ම්ම්ම්ම්ම” කියන්නාක් මෙන් මා රවටන්නට
“පැනීම පැනි රහයි”
කියා චාටුවෙන් ළඟට ඇවිත් අසුරු සැනින් බෙහෙත් හැන්ද මගේ ගිරියේ ඔබන්නීය. නමුත් මේ කූට වැඩය දෙතුන් පාරකට වඩා කරන්නට නොහැකි වූයේ කිසිම බෙහෙතක් පැණි රහ නොමැති බව මගේ අත්දැකීම් මට කියාදුන් බැවින්. බෙහෙත් පැණි වර්ග අතරින්ද කිහිපයක් හැරුණු විට අනෙක්වා තිත්ත රසමය. ඔබ එහි තද රතුපාටට හෝ පැණි පාටට කිසිවිටකත් රැවටිය යුතු නොවේ. ඒවා පැන්ටා පාට, නෙක්ටෝ පාට ආදී කුමන පාටින් වෙස්වලාගෙන පැමිණියද බෙහෙත් පැමිණෙන්නේ සීනි හොරෙන් කන අපට තිත්ත රසින් දඬුවම් කිරීමටය. පාමසිවල ඇති එකම පැණිරස බෙහෙත මෝරගුලි පමණි.
මා කුඩා කාලයේ මට බෙහෙත් පෙවීමට වී කුරුණි හත අටක ගොයම් කපන්නට තරං සෙනගක් අවශ්‍ය වේ. පළමුවෙන්ම බෙහෙත් පෙවීමට පෙර මා කැලේ පැනීමෙන් වලක්වා ගැනීමට කෙනෙක් අවශ්‍ය වේ. නැතිනම් බෙහෙත් පෙති බාග, තුංකාල් සියල්ල කඩදාසියකට දමා පිහියේ මිටේ ආධාරයෙන් කුඩුකරන විට මං පල්ලම බැස ගොස් දොලෙන්ද එගොඩ වී හමාරය. ඇඳයට හැංගී බේරෙන්නට බැරි බව මා දන්නේ එක් දිනක් එසේ සැඟවී ඇඳ යට සිටි මට අම්මා කොස්සෙන් ඇන එළියට ගන්නට උත්සාහ කර එයිනුත් බැරි තැන ඇඳේ පැදුර, කාඩ්බෝඩ් ආදිය ඉවත්කර ඇඳ පොලු තුනක්ද ගලවා මා එළියට ඇදගත් බැවිනි. එබැවින් බෙහෙත් පෙවීමට පෙර අම්මා හදිසියේම මාව කාගේ හෝ අත්අඩංගුවට පත්කරයි. තාත්තා ගෙදර හිටියොත් ඔහුට එය භාර වෙයි.

“ඔන්නොය කොලු අල්ලගන්නව බොලේ”

“හා මංඅල්ලගන්නං තමිසෙ බෙහෙට්ටික්කුඩු කොන්නොවකො”

අම්මා බෙහෙත් ටික කුඩු කරන විට තාත්තාගේ අත්අඩංගුවේ සිටින මා ගෙයි උලු උඩ ගොස් පරාල රීප්ප ආදිය යටලීත් ඔසවාගෙනම ඉගිලෙන තරම් සද්දෙන් බලියන්නට පටං ගන්නා නිසා අම්මාට අවශ්‍ය අනෙක් සෙනග පහසුවෙන්ම සොයාගත හැක්කේ “ළමයා කෑගහන්නේ මොකදැයි” බැලීමට අවට අය එක් රොක් වන බැවිනි. එවිට සියළු දෙනාම එකතුවී මගේ ශරීරයේ හෙලවිය හැකි හැම අංගයක්ම අල්ලාගෙන අම්මාට සහය වේ. අම්මා මේස හැන්දට දැමූ බෙහෙත් කුඩු ටික යංතං ඇල්වතුරෙන් දියකර එක අතකින් රැගෙන මට පිටුපසින් පැමිණ අනෙක් අතේ වැලමිටෙන් මාගේ බෙල්ල මුලින්ම හිර කරගෙන අල්ලා ගන්නේ මට හෙලවීමට හැකි අවසාන අංගය වන ඔලුවත් නිශ්චල වස්තුවක් බවට පත්කරමිනි. මේවා වසර ගණනාවක අත්දැකීම් තුලින් අපේ අම්මා උගත් කාරණාය.

“ඕං මැයිකො අල්ලහං ඕකෑ අත්කෙටි දෙකෙං”

“නංගියෙ උඹ අල්ලහං අඬු දෙකෙං. නැත්තං උඩ පයිනව”

“බොලේ තවුසෙත්තෙනවකො මේ මූවාම්බං කොරගන්න”

දැන් මට ඇති එකම අවස්ථාව කට ඇරීම ප්‍රතික්ෂේප කර දත් කුට්ටම පූට්ටුකර ගැනීම පමණි. නමුත් හසල අත්දැකීම් ඇති අපේ අම්මා නොසැලෙන්නීය. උන්දෑ හැන්දේ අග කොටස මගේ දත් කුට්ටම වෙන්වන සිහින් සරල රේඛාවට තබා හැන්ද ලීවරයක් ලෙස භාවිතා කරමින් අලවංගුවකින් කිරි අල පඳුරක අල උලුප්පන්නාක් මෙන් මගේ දත් කුට්ටම වෙන් කරන්නට උත්සාහ දරන්නීය. කිහිප වරක්ම හැන්ද විදුරුමහේ ඇනීමෙන් පසු සිය උත්සාහය සාර්ථක කරගන්නා උන්දෑ දත් කුට්ටම අතරින් යන්තම් හැන්දේ තුඩ රිංගවා ගනී. මෙය ප්‍රමාණවත් බව දන්නා අම්මා ඒ හිඩසෙන් හැන්ද ඇලකර බෙහෙත් සියල්ල මගේ කටට ඔබන්නීය. හැන්දේ අඩියේ ඇති බෙහෙත් ඩිංගද මාපටැඟිල්ලෙන්ම හූරා හැන්ද ඔස්සේම යවන්නීය. දැන් මට බෙහෙත් වලින් පලිය ගත හැක්කේ ඒවා නොගිල සිට නිදහසක් ලද විගසම ඒවා දොට්ට විසික් කිරීමෙනි. නමුත් ඊට ඉඩ නොදෙමින් අම්මා මගේ නහය මිරිකන්නීය. එවිට මට මගේ කටින්ම හුස්ම ගන්නට වෙයි. එවිට කට ඇරෙනවා නොවැ. මාරුවෙන් මාරුවට නහය මිරිකීමෙන් සහ හැන්ද ගිරියේ ඇනීමෙන් බෙහෙත ගිරියෙං පල්ලට දොක්කං කිරීමට අම්මාට ඒ ඉඩ ප්‍රමාණවත්ය.

අම්මා පමණක් ගෙදර ඉන්නා දවස්වලට වඩාත් ඥානවන්තව කටයුතු කිරීමට ඇයට සිදුවේ. එවිට ඇය මාව කොහේට හෝ ගාල් කරයි.
“කන්ද උට්ට ගිහිං බල්ල වරෙං කරුම්මාමලෑ කඩේ ඇල්ලද කියල”
“පල්ලමට ගිහිං බල්ල වරෙං කුන්දු ගහත්තීනවද කියල”
මම එවැනි ගමනක් ගොස් එන කාලය අම්මාට ප්‍රමාණවත්ය. ඇය එවිට බෙහෙත් කුඩු කර දියකරගෙන හැන්දට දමාගෙන සූදානම්ව සිටී. මම ගෙට එනවිට දොර මුල්ලේ සැඟවී සිටින ඇය එකවරම මට පිටුපසින් ඇවිත් මගේ බෙල්ල හිරකරගෙන අල්ලා හැන්ද ගිරියේ ගසන්නීය. මෙය සමහර විට අති සාර්ථක වන අතර සමහර විට අන්තිම අසාර්ථක වේ. කෙසේ නමුත් බෙහෙත් ටික ගිරියෙං පහලට යාමෙන් පසු සිංහ වෙස් ගන්නා මම සීනි හැඳි හත කටක්ම කටේ ඔබාගෙන අඬමින්, මට බෙහෙත් පෙවීමට ආ සියළු දෙනාටම පලු විසිවෙන්න බනිමින් පැය බාගයක් පමණ අඬන්නෙමි.
බෙහෙතේ හොඳකම මැනගන්නේ බෙහෙත් බොන කෙනා දක්වන ප්‍රතිචාරයෙනි. සමහර බෙහෙත් වර්ග බීමේදී මම එතරම් විරෝධයක් නොපෑවොත් අපේ අම්මාට ඒ බෙහෙත අල්ලන්නේ නැතිය.
“වැඩහ්නෑ නංගියෙ ඒ බෙහෙත්. සෙඩ්ඩෙග්ගාව මහත්තයැං ගෙනාවෙ. මේ මූ නිකම්ම බොනව ඒවනං. ඩිංගක්වත් තිත්ත නෑ. ලෙඩේ එහෙම්මොමයි.”
එවිට චන්දරේ මාමලෑ නැංදා හොඳ බෙහෙත් ජාති ගැන කියන්නේය.
“අපේ නෝනට ගෙනාව බෙහෙත් කුමුදු මැඩම්ගෙන්. කැස්සට. එ් බෙහෙත් නං නියමයි. අපෙ නෝන කෙල්ලට ඒවයිං බෙහෙත් පොවන්න අපි දෙන්නයි සුවර්ණ නංගියි තුන්දෙනාම ඕනි. ඒ තරං තිත්තයි. හැබ්බැයි ටග්ගානකොට දෙවේලෙං සනීපයි.”
අපේ තාත්තාද දොස්තර බෙහෙත් වර්ජනය කරන්නෙකි. දිනපතා කසිප්පු පානය කිරීමෙන් ඇඟේ පවතින ලෙඩ රෝග පුච්චා අරින බව ඔහුගේ මතයයි. එමෙන්ම ඔහු ඇඟේ ඇති අපද්‍රව්‍ය ඉවත්වීමට මාස දෙකකට තුනකට වතාවක් අරලු පෙති කිහිපයක් බී බඩ එළියට ඇර දමයි. හිතුනොත් මාස හය හතකට වතාවක් නහයේ පොල් කෙන්දක් ගසාගෙන අවට කඳු බොකලං දෙදරවන තරම් කිඹුහුම් විසි පහක් තිහක් යවා ඇඟේ ඇති ‘හෙම්බිරිස්සා ගතිය’ ඉවත් කරයි. මා දන්නා පරිදි ඔහු ලෙඩ වී ඇත්තේ කිහිප වතාවක් පමණි. ඒ දිනවලට ඔහුට ගොක් කොල පමණක් නොව තැඹිලි වලුද පේන තරම් අසාධ්‍ය වේ. එවැනි අවස්ථාවලදී බෙහෙත් ලෙස පාවිච්චි කරන්නේ් කඩෙන් ගෙනෙන පස් පංගුව පැකට්ටෙකක් පමණි. ඔහු කියනා ආකාරයට අපි ලෙඩවන්නේ පොලෙන් ගෙනෙනා එළවලූ කෑමෙන්ය. තාත්තා කියන විදිහට ඔහුට අසාධ්‍ය තත්වයේ සිටින විට ලෙඩෙන් ගොඩ ඒමට නොහැක්කේ කසිප්පු ඩිංගක් බීමට යන්නට තරම්වත් ඇඟට පණක් නොමැති බැවිනි.

මේ ආකාරයෙන් ඉංගිරිසි බෙහෙත් හෙවත් දොස්තර බෙහෙත්වලට අකමැති අයට අපේ ගම සහ අවට ගම්වල විකල්ප වෙද්දු සිටිති. මේ අය ගොඩ වෙද්දු නම්වේ. දැන් එක එක වර්ගයේ රෝගවලට විශේෂඥ දොස්තරවරු සිටින්නාක් මෙන් එක එක ලෙඩේට අදාල ගොඩ වෙද්දු හෝ ගොඩ වෙදකම් තිබේ.

අත පය හෝ සර්වාංගයම හෝ පිච්චුනොත් වහාම කළ යුත්තේ එය සීතල වතුරට හෝ අයිස් වලට අල්ලා සිසිල් කිරීම බව වර්තමානයේ දොස්තරු පවසති. නමුත් ඔබ ඒ පට්ට බේගල් පිළිගත යුතු නැත. අතක් පයක් පිලිස්සුන විට වතුරට ඇල්ලුවොත් දිය පට්ටා මතුවන බවත් ඒ නිසා පිච්චුන තැනකට වතුර කිට්ටු කරන්නවත් හොඳ නැති බව අපේ ගමේ මතයයි. එබැවින් අතක් පයක් පිලිස්සුනු අපේ ගමේ අයෙක් කරන්නේ කා සමගවත් කතා නොකර පිලිකන්නට දිවීමයි. එසේ හනිකට දිවයන්නේ පිළිස්සුනු කොටසට මුත්‍රා කර ගැනීමටයි. එය කෙමකි. එවිට දිය පට්ටා එන්නේ නැත. ඕනෑ නම් කෝමාරිකා පිල්ලක් කඩා පිච්චුනු තැන ගාගත හැකිය. පිලිස්සීම බරපතල නම් පියදාස ආතා සොයාගෙන යා යුතුය. මෙවිට තමුන්ට සෑහෙන සද්දෙට කතා කිරීමට නොහැකි නම් එවැනි ‘හයියෙන් බලියන්න’ පුළුවන් අයෙක්ද කැටුව යා යුතුය. එසේ ගොස් පියදාස ආතාගේ කනේ මයිල් අපේ කට ඇතුළට රිංගන තරම් ආසන්නව ඔහුගේ කනට අපේ කට කිට්ටු කර අසල ගම් හතකට ඇසෙන පරිදි හඬනගා ලෙඩේ කිවයුතුය. එවිට පියදාස ආතා කොල වර්ග, මල්, අතු, පොතු, දඬු, මුල් ආදිය කඩාගෙන අවුත් බෙහෙත් සාදා තුවාලයේ බැඳ, සිය බෝතල් රාක්කයේ තිබෙනා කැරපොතු පාට බෙහෙත් තෙල් ගා ලෙඩා ගොඩ දමන්නේය. ගමේ මිනිස්සුන්ගෙන් මොනයම් විදිහකින්වත් සල්ලි නොගන්නා නිසා ගුරු පඬුරු වශයෙන් දුංකලයක්, හුණු, බුලත් ආදිය ටිකක් පමණක් ප්‍රමාණවත් වේ. මා දන්නා කාලයේ එසේ ගොඩ දැමුනේ අපේ ගෙවල් ලඟ නැන්දෙකි. උන්දෑ කුස්සියේ වැඩපලෙහි යෙදී සිටියදී සිදුවූ අත්වැරදීමක් නිසා උරණ වූ නොසන්ඩාල කුප්පි ලාම්පුව වංගෙඩිය මත සිට උන්දෑගේ තට්ටමක් උඩට පැන එය සම්පූර්ණයෙන්ම පුච්චා දැමුවේය. අන්තිමට පියදාස ආතා උන්දෑගේ තට්ටම ගොඩ දැම්මේ දවසට දෙවරක් කුකුල් පිහාට්ටෙන් තෙල් ගෑමෙනි.

සර්පයින් දෂ්ඨ කල විට හෝ බල්ලන් කෑ විටද බෙහෙත් කරන අය අනෙක් ප්‍රදේශවල සිටියද අපේ ගමේ සිටියේ නැත. පණිවිඩය කියන්නාට ටොක්කක් ඇන කාපු සතා මොකාදැයි කියන ජාතියේ ඉසිවරු නම් හිටියේම නැත. අපේ තාත්තාවද වරක් බල්ලෙක් සපාකෑ නමුත් ඔහු බෙහෙත් ගත්තේ නැත. ඔහුට පිස්සු බලු රෝගය හැදුනේද නැත. තාත්තා කියන ආකාරයට කසිප්පු වලින් බලු විෂ මර්දනය වන්නේලු. අපේ අඬන පුංචම්මාද කුඩා කාලයේදී බල්ලෙක් විසින් සපාකනු ලදුව බල්ලෙක් මෙන් බුරන්නටත් දුටු දුටුවන් සපා කන්නටත් පටන්ගත් බවත් පසුව ‘පුරාම ඈත’ පන්සලක හාමුදුරු කෙනෙක් උන්දෑව සුවපත් කල බවත් අපේ ආතා කියා ඇත. නමුත් කල්ගතවී බෙහෙත් කළ නිසා ලෙඩේ අහුකොන් ඉතුරුව ඇති බවත් දැනටත් උන්දෑ නිතරම චුරු චුරු ගාන්නේ එනිසා බවත් ආතා කීීවේය.

මෙවැනි ගොඩ වෙද්දුන්ගෙන් සමහරු ප්‍රසිද්ධ එක් එක් ලෙඩ සඳහා පමණි. ඒ අය සතුව ඇත්තේ එක බෙහෙත් වට්ටෝරුවක් පමණි. මේ වට්ටෝරුව රහසක්ව තබා ගනිමින් සිය පට්ටම ආරක්ෂා කරගන්නා ඔවුන් කෑල්ලක් කෑවත් එය පරම්පරාවෙන් පිට නොදෙති.

සමහර ලෙඩ සඳහා බෙහෙත් කවුරුත් දනී. නමුත් ඒවාට අවශ්‍ය අඩුමකුඩුම තිබෙන්නේ කිහිප දෙනෙකු ළඟ පමණි. අලි හක්කක් ඇත්තේ මහවැලියේ වැඩ කළ පියදාස මාමා ළඟ පමණි. එබැවින් කම්බුල්ගාය හැදුනොත් උරච්චි කර ගා ගැනීම සඳහා අලි හක්ක ඉල්ලාගෙන ඒමට එහිම යා යුතුය. නැතිනම් දෙහි කලවම් කළ නිල් කුඩු ගා ගත යුතුය.

රෝහලෙන් සනීප කළ නොහැකි ලෙඩ සඳහාද බෙහෙත් අපේ ගමේ තිබේ. ඔබ සිහිනෙන් බිය වන්නේ නම්, බල්ලෙකුට හෝ හොල්මනකට බය වුනේ නම් දොස්තරලා ළඟ ඒවාට බෙහෙත් නැත. එවැනි ලෙඩ වලට බෙහෙත් තිබේදැයි විමසිමටවත් කවුරුත් දොස්තරු වෙත යන්නේද නැත. එවැනි අවස්ථාවල පිහිටට ඉන්නේ පීටර ආතාය. පීටර ආතා යනු හංසනීගේ සීයාය. මාස දෙක තුනකට වතාවක් හීනෙන් බයවීමද, බල්ලන්ට බයවීමද, ගොම්මං වෙලාවට හෙලවෙන ගස්වැල් අතු ඉති වලට බයවීමද, බඩේ අජීර්ණ අතිවීමද නිසා මට පීටර් ආතාගේ ප්‍රතිකාර අවශ්‍ය වේ. අපේ අම්මාගේ ඉල්ලීම පරිදි හැන්දෑ වරුවක අපේ ගෙදරට ගොඩවදින පීටර ආතා සිය ඉනේ එල්ලා ඇති ටින් එක නොපෙරලෙන පරිදි පුටුවේ කොනක වාඩිවී මට ඇති අසනීපය අනුව බයවීමක් නම් තෙල්ද, අජීරණයක් නම් දෙහිද මතුරා දෙයි. අම්මා කුස්සියේ තිබෙන පොල්තෙල් කුප්පියෙන් තෙල් ඩිංගක් පීරිසියකට දමා කහ පොඩ්ඩක් මිශ්‍ර කර සාදාදෙන තෙල් ටිකට රහසින් මතුරමින් වරින් වර “හක්”සහ “පොහ්” කියමින් එයට පිඹින පීටර ආතා අවසානයේ එයින් ටිකක් මගේ ඔලුවේ තවරයි. මේ ආකාරයටම “හක්”සහ “පොහ්” කියා පිඹිමින් අජීරණ සඳහා දෙහිද මතුරා දෙයි. ඒ හැම “හක්”සහ “පොහ්” එකකින්ම විදුරුවේ ඇති ද්‍රාවණ ප්‍රමාණය ඉහල යන බවද කිව යුතුමය. පීටර ආතාටද පුවක් ගෙඩි හත අටක් සමග දුංකල ඉරුවක්, බුලත් ටිකක් පමණක් දීම සෑහේ.

මේ අතරේ අරුම පුදුම වෙදකම්ද ඇත්තේය. ඩැයිබර මාමාගේ වෙදකම්ද මෙයින් එක් අරුම පුදුමයකි. අතක පයක තුවාලයක් වූ විට ඔහු එයට දමන්නේ පෙට්ටල් හෝ බ්‍රේක් ඔයිල්ය. ඒ වෙදකම පත්තියං වන්නේ ඔහුටම පමණක් වන අතර අනෙක් අයට ඒ වෙදකම දොයිත්තකටවත් විශ්වාස නැත. අපේ පවුලේ වැඩිමහලු අය තුවාල බෙහෙත් ලෙස යොදන්නේ කෝපි දළු හෝ ලෝකපාලු දළුය. නමුත් මා වැනි බාලයන් කුඩා කාලයේ දනිස් හමගහගන්නා හැමවිටම පුංචම්මා විසින් හත් අට දෙනෙකු එකතු කොටගෙන මා සම්පූර්ණයෙන් නිශ්චල වන පරිදි ශරීරයේ එක් එක් කොටස භාරව එක් එක් අය පත්කර ‘සර්ජිකල් ඉස්පීට්’ නමැති අහස පොළව නුහුලන ද්‍රාවණයෙන් තුවාලයේ ඇටකට්ට දක්වාම සෙමින් සෙමින් සුද්ද කරන්නේ මගේ භාෂා හැකියාව මොනවට විදහා දක්වමිනි. ඉන්පසු තවත් ගම්මිරිස් හා සමාන දැවිල්ල ගන්නා ක්‍රීම් වර්ගයකින් තුවාලය පුරවා පුළුන්වලින් වසා ප්ලාස්ටර් කෑලි හතරක්ද ගසන්නේ ඊළඟ වතාවේ බෙහෙත් දැමීමට ප්ලාස්ටරය ගැලවීමේදී තුවාලය පුරා මුල් ඇද ඇති පුළුන් කෙඳි වලින් වැඩි ත්‍රාසයක් සමග උපරිම වින්දනයක් ලබාදීමටය.

දත් කැක්කුමට අරක්කු තැබීම නිර්දේශ කෙරේ. තවත් සමහරු එහි දත්බෙහෙත් පුරවති. නමුත් අපේ මාමාගේ බිරිඳගේ පාර්ශවයේ අය කරන්නේ ඇදුම් දෙන දත් කෝම්බ ඇතුලට දැල්වූ ගිනිකූරක් ඇතුල් කිරීමයි. මෙයින් ක්ෂණික සහනය ලැබෙන බව කියතත් එය මෙතෙක් මා විසින් අත්හදා බලා නැත. ඒ වෙනුවට කුරුඳු තෙල් හෝ සිද්ධාලේප ආලේප කිරීම නම් බොහෝ දෙනෙක් කරති.

මෙලෙසම සමහර සුළභ ලෙඩ වලට බෙහෙත් කඩෙන් මිලදී ගැනීමට හැකියාව තිබුණි. උණ, හෙම්බිරිස්සා කොයිකටත් පැන්ඩෝල්ය. නැත්තං පස්පංගුවය. කැක්කුං සියල්ලට ඩිස්ප්‍රීන්ය. බඩේ අමාරුවලට කිරිමරාජ ගුලි හෝ අසමෝදගම්ය. නමුත් පොඩි අයගේ බඩේ අමාරුවට මොරිසන්ස් ග්‍රයිප් මිශ්‍රය. මොරවක මෙඩිටෝ කියා සැරැති බීම ජාතියක්ද තිබුණු නමුත් එය බෙහෙතක්ද කියා මතක නැත.

කලින් කලට අපේ තාත්තා නම් දශමුලාරිෂ්ඨය නම් බීමක් ගෙනැවිත් කෑමට පෙර එයින් වීදුරු කාලක් පමණ ගිල දමයි. තැලුං, ඇඹරුං, කෙටුං, උලුක්කු සියල්ලට ‘කැක්කුං ඔක්කොම නස්නාලේපේ’ හෙවත් ‘සිත්තං දක්වන සිද්ධාලේපේ’ ය. කැස්සට නිවාරන් 90 ය. ඒවා නිකං ජොලියටත් බොන්නට පුළුවන. තුවාලවලට පුළුං කෑල්ලක් සමග එන දෑකැත්ත ලකුණ දරණ ‘නාහල්ලේ තෛලය’ය. මෙතැන සඳහන් කළේ කලක් තිස්සේ පාවිච්චි වන හොර බෙහෙතක් යැයි කිව නොහැකි වර්ගයේ ඒවාය. නමුත් කලින් කලට මතුවී පසුව හොයාගන්නටවත් නැතිවන බෙහෙත් ගුලි, තෙල්, ආලේප, පෙති ආදිය නැතුවා නොවේ. කලක් ‘සීතාරාම ගුලිය’ නම් බඩේ කැක්කුං ගුලි විශේෂයක් අපේ පුංචම්මාගේ කඩේ තිබුණු නමුත් එයින් එකක්වත් විකුණුනේ නැත.

මෙයිට අමතරව පොල දවසට විටින් විට කඩාපාත්වන තෙල් බෙහෙත් වෙලෙන්දන් නොයෙක් බෙහෙත් වර්ග, තෙල් වර්ග විකුණූහ. මහා බලැති, මහා අනුහස් ඇති ලෙස සඳහන් එම තෛල රාජයන් කුඩා කුප්පිවල දමා කිරල ඇබ ගසා තිබෙන අතර බෙහෙත් ගුලි සහ කල්ක රාජයන් කඩදාසි පැකැට්වල දමා අලවා ඇත. තමුන් වෙලෙන්දෙකු නොව වෙද මහත්මයෙකු බවත්, සමාජ සේවයක් ලෙස සලකා බෙහෙත් වර්ග ගම් නියම්ගම් වල බෙදාහරින බවත්, තමුන් ගෙනා මේ වටිනා බෙහෙත නැවතත් කල්ප කාලාන්තරයකට ඇහැටවත් දකින්නට නොලැබෙන බවත් “වාසනාවන්තයන් බොහොම ටික දෙනෙකුට” පමණක් ලබාදීමට එයින් ස්වල්පයක් පමණක් තමුන් ළඟ ඇති බවත් පවසා තව කයිවාරුවකුත් ගැසීමෙන් සෙනග රැස් කර ගැනීමට මේ වෙලඳුන් සමත්ය. මේ දිව්‍ය අවුසදයෙන් එකක් හෝ සිය නිවසටත් ගෙනයමියි සිතාගෙන පොරකන සෙනග අතර තෛල රාජයන් සහ කල්ක රාජයන් සැනෙකින් අලෙවි කර දමන වෙලෙන්දා සැනෙකින් අතුරුදහන් වෙයි. රටක් රාජ්‍යයක් ලද්දාක් මෙන් ඒවා ගෙදර ගෙන එන අය ලෙඩක් දුකකදී ඒවා පාවිච්චි කිරීමෙන් එහි ඇති අමුතු බලයක් නැති බව වටහා ගනී. සමහරු ඒවා බොහොම උජාරුවෙන් අනුන්ට දී සිය නමද සවුත්තු කර ගනී. අන්තිමට බෙහෙත විකුණූ වෙදාද සොයාගත නොහැකි නිසා

“අනේ මක් වෙනවෑ. රුපියල් විස්සනෙ.”

කියා හිත හදාගනී.

තවත් ක්‍රමයක් බස්වලට නගිනා පොත් වෙළඳුන් ළඟ ඇත. පොත් තුනම රුපියල් පනහට දෙන මොවුන් ළඟ එක එක ලෙඩට අත් බෙහෙත් වර්ග දැක්වෙන පිටු විස්සේ තිහේ පොත් පිංචවල් ඇත. කැඩුම් බිඳුං, වසංගත, සර්ප දෂ්ඨ, සුවකිරීමට කල්ගතවන ලෙඩ ආදිය උලුප්පා දක්වා ඇති එවැනි එකිනෙකට වෙනස් පොත් පහක් හයක් හොයාගත්විට ඕනෑම දරුණු ලෙඩකට වුව බෙහෙත් කිරීමට පුළුවන. අනුන්ට ලෙඩක් දුකක් වූ විට සිය නිවසේ ඇති එවැනි අක් බෙහෙත් පොතක එම ලෙඩේට පිළියම සඳහන් පිටුව පෙරලාගෙන වෙදකම් කරන්නට යන වෙදහාමිනේලාද අපේ ගමේ විරල නැත. නමුත් ඔවුන් එම පොත්වල සඳහන් අත් බෙහෙත් තමුන්ට හෝ පවුලේ අයට සිදුකරගන්නේ නැත.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
21 Nov 2016 02:32 AM
මම නම් තාමත් ක්‍රිමිරාජ ගුලිය ගහනවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
21 Nov 2016 04:15 AM
Posted By Ind007ka on 21 Nov 2016 02:32 AM
මම නම් තාමත් ක්‍රිමිරාජ ගුලිය ගහනවා
මම මෙහෙත් ගෙනත් තියාගෙන බොණවා.. අපි පොඩි කාලේ ඉඳලා බිව්වේ මේ ගුලිය තමයි.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
21 Nov 2016 09:16 AM
අනිත් ඒවා කෙසේ වෙතත් මටත් ඔය නාහල්ලේ තෙල් කියන එක මතකයි.
0
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12