Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 30 Nov 2018 10:24 AM by Udari කෑම පිටුව 1520 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 11 of 77 << < 910111213 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 01 Feb 2017 10:09 AM අර නුඩ්ල්ස් වලට නම් ආස හිතුනා .. ගෝවා මල් වලින් අපි හදනවා පොලොස් මැල්ලුම වගේ . 0 chamaramindMost Senior MemberPosts:13471 03 Feb 2017 06:59 PM පොලොස් සීනි සම්බෝලය මේ දේවල් අවශ්‍යයයි පොලොස් ගෙඩියක් සුදුලූනු බික් - 4ක් රතුලූනු - 250g ලොකු ලූනු - 250g කරපිංචා, රම්පේ ඉඟුරු කැබැල්ලක් කුරුඳු පොතු ටිකක් අබ අහුරක් එනසාල්, කරාබු නැටි ගම්මිරිස් කෑලිමිරිස් මේස හැඳි 1 1/2 උම්බලකඩ හෝ කූනිස්සන් - 100g රටඉඳි - ගෙඩි 8 ලුණු රස අනුව පොල්තෙල් අවශ්‍ය පමණ සාදන ක්‍රමය:- මුලින් ම පොලොස් ගෙඩිය සිහින්ව ලියා ගන්න. ඉන්පසුව උම්බලකඩ (කැබැලි ලෙස) හෝ කූනිස්සන් හොඳින් සෝදා ගන්න. රතු ලූනු, ලොකු ලූනු, සුදු ලූනු, ඉඟුරු හා කරපිංචා ද සිහින්ව ලියා ගන්න. අබ අඹරා ගන්න. දැන් පොලොස් කැබැලිගෙන ලුණු හා කහ ස්වල්පයක් දමා අතගා ගැඹුරු තෙලේ දමා රන්වන් පාට වන තෙක් බැදගන්න. දැන් කූනිස්සන් හෝ උම්බලකඩ, රතුලූනු, ලොකුලූ ලූනු හා කරපිංචා ද සරසර ගාන්නට බැදගන්න. පසුව මැටි භාජනයකට තෙල් ස්වල්පයක් දමා ළිප තබන්න. රත්වන විට එයට ඉඟුරු, සුදුලූනු දමා බැදෙන්නට හරින්න. ඉන්පසුව රම්පේ, අඹරාගත් අබ, එනසාල්, කරාබු නැටි, කුරුඳු පොතු, කෑලිමිරිස්, ගම්මිරිස්, ලුණු, රටඉඳි ආදිය ද එකතු කරන්න. අවසානයේ කලින් බැද සකසා ගත් පොලොස් සහ බැදගත් සියල්ල දමා හොඳින් කලවම් කරගන්න. මෙය නිවුණු පසු භාජනයක අසුරා තබාගෙන දිනක් දෙකක් පමණ පාන් බනිස් ආදිය සමඟ ආහාරයට ගත හැකියි. කී රොටී සමඟ කිරි පැණි හොද්ද මේ දේවල් අවශ්‍යයයි කැකුළු හාල් පිටි - 500g කිතුල් පැණි - 200ml උකු පොල්කිරි අඬු කෝප්ප - 4 - 5 කපාගත් සුදු ලූනු බික් - 2 ගම්මිරිස් ඇට - 4 - 5 පොල් වතුර අඬු කෝප්ප - 2 සාදන ආකාරය :- පළමුව හාල්පිටි පොල්වතුර සමඟ මිශ්‍රකර පදමට ලුණු දමා ඝනකම මිශ්‍රණයක් සාදා ගන්න. එයට මිටිකිරි ද එක්කර උකු මිශ්‍රණයක් සාදාගන්න. පසුව රොටී පුළුස්සන තැටියක් ළිප තබා රත්වුණු පසු එම මිශ්‍රණයෙන් අඬු කෝප්ප 1/2 බැගින් දමා රොටී පුළුස්සා ගත යුතුයි. (තෝසේ ආකාරයට) ඉන්පසුව වෙනත් භාජනයකට මිටිකිරි ළිපතබා මඳගින්නෙ උතුරවා ගන්න. එයට සුදුලූනු, ගම්මිරිස් සහ කිතුල් පැණි දමා කලවම් කර සාදා ගත් රොටී කිරි මිශ්‍රණයට දමා පොඟවා කෑමට ගන්න. පිපිඤ්ඤා මිශ්‍ර කොළමිදි පානය මේවා අවශ්‍යයයි පිපිඤ්ඤා ග්‍රෑම් 500ක් , කොළපාට මිදි - 200g පදමට සීනි , අයිස් කැට අවශ්‍ය ප්‍රමාණයට වතුර වීදුරු - 3 - 4 සාදන ආකාරය :- පිපිඤ්ඤා ගෙඩියේ කිරි ඉවත් කර පොතු ගසා ගන්න. දැන් මෙය කුඩාවට කපා ගන්න. මෙලෙස කෑලි කපා ගත් පිපිඤ්ඤා ඇට ඉවත්කර බ්ලෙන්ඩරයට දමා වතුර වීදුරු දෙකක් දමා පදමට සීනි දමා හොඳින් ගසා ඉස්ම පෙරා ගන්න. කොළපාට මිදි පොතු හා ඇට ඉවත් කර බ්ලෙන්ඩරයට දමා වතුර දමා ගසා ගන්න. දැන් යුෂ වර්ග දෙකම එකට දමා පදමට අයිස් සහ සීනි එකතු කර වීදුරු වලට දමා පිළිගන්වන්න. -SILUMINA- ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 05 Feb 2017 03:00 AM කී රොටී දවසක් හදල දුන්න කන්න නමුත් ඒක කන්න හිතෙන්නෙ නැහැ සමහර අයනං මාර ආසයි ඕකට රෙසිපි ටිකට ස්තූතියි මලේ 0 DanuLiyanageVeteran MemberPosts:3457 05 Feb 2017 03:58 AM අපෙත් හොටෙල් එකේ පොලොස් හදද්දී සීනි දානවා. ස්තුති චාමර රෙසිපි ටිකට මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 RosiSuper Senior MemberPosts:5335 05 Feb 2017 11:52 AM පොලොස් සීනි සම්බෝලයගැන නම් අදමයි ඇහුවේ ඕන්න හිටං ...ස්තුති මලයෝ . 0 chamaramindMost Senior MemberPosts:13471 05 Feb 2017 05:24 PM ආදරයේ මිහිරියාව චොකලට් රස ගෙනෙන විස්මය විශේෂාංග ලිව්වේ චම්පා වරුසප්පෙරුම දිවග රස මිහිරෙන් කුල්මත් කරනා චොකලට්වලට ඇත්තේ පුදුමාකාර ඉල්ලුමකි. කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ඕනෑම වයසක, ඕනෑම තරාතිරමක පුද්ගලයකු මේ චොකලට් කෑමට අසීමිත ආසාවක් දක්වන අතර ඕනෑම අවස්ථාවක එහි රස විඳින්නට නොපැකිලේ. මේ චොකලට් අපට විවිධාකාරයට රසවිඳින්නට හැකියාව ඇත. බිස්කට්, පුඩිං, අතුරුපස, අයිස්ක්‍රීම්, කේක්, මෆින්ස්, ටොෆි මේ ආදි නොයෙක් ආකාරයට චොකලට් මිශ්‍රිත ආහාර අපට මුණගැසෙන අතර ඒවායේ රස එකිනෙකට වෙනස් වේ. මේ නිසා තමන් කැමැතිම ආකාරයෙන් චොකලට් රසය විඳගත හැකියි. බාල, තරුණ, මහලු මේ කවුරුත් එකසේ රස බලන ඒ අපූරු චොකලට් රසය වෙනුවෙන් මෙවර තරුණී සුවිශේෂී අතිරේකය වෙන් කෙරේ. මේ ආදරණීයයන්ගේ මාසයේ ඔබේ ආදරය දිනාගත් ඔහු වෙනුවෙන් චොකලට් අතුරුපසක් හදා දෙන්නට හැකියාව ඇත්නම් එය ඔබේ ආදරය පෙන්විය හැකි වඩාත් හොඳම ක්‍රමය වේවි. උපදෙස් - ප්‍රවීණ සූපවේදිනී නිර්මලා විජේරත්න චොකලට් මාෂ්මෙලෝ කේක් අවශ්‍ය ද්‍රව්‍ය: ලුණු රහිත බටර් ග්‍රෑම් 100 ක් බිත්තර 02 ක් - සීනි ග්‍රෑම් 230 ක් වැනිලා තේ හැන්දක් - ෆ්‍රෙෂ් මිල්ක් ග්‍රෑම් 150 ක් කැබලි කඩාගත් චොකලට් (කුකිං චොකලට්) ග්‍රෑම් 100 ක් ආප්ප සෝඩා තේ හැඳි 01 ක් පිටි ග්‍රෑම් 180 ක් ලුණු (ඇඟිලි තුඩට ගත හැකි තරමේ ප්‍රමාණයක්) ග්‍රේට් කරගත් මිල්ක් චොකලට් ග්‍රෑම් 50 ක් සැරසීම සඳහා (ෆරොස්ටිං එක) හොඳින් බීට් කරගත් බිත්තර සුදුමද 02 ක් සීනි මේස හැඳි 02 ක් කිරි මේස හැඳි 01 ක් සුදු පැහැති මාෂ්මෙලෝස් ග්‍රෑම් 175 ක් සාදන ක්‍රමය: ගැඹුරු භාජනයකට බටර්, සීනි සහ වැනිලා දමාගන්න. මෙහිදී බටර් ග්‍රෑම් 100 න් හැන්දක ප්‍රමාණයක් පසෙකින් තබා ඉතිරි බටර් ටික දමන්න. බටර්, සීනි, වැනිලා සියල්ල ක්‍රීම් එකක් වනතුරා හොඳින් බිට් කරන්න. අනතුරුව හොඳින් ගසාගත් බිත්තර දෙක ද මෙයට එකතු කරන්න. කුකිං චොකලට් ටික ඩබල් බොයිල් ක්‍රමයට උණු කරගන්න. එය දියවීගෙන එනවිට ෆ්‍රෙෂ් මිල්ක් ටික ටික එකතු කරමින් හොඳින් ක්‍රීම් එකක් සේ මිශ්‍රවනතුරු කලවම් කරන්න. නිවෙන්නට පසෙකින් තබන්න. පිටි, ලුණු සහ ආප්ප සෝඩා වෙනම බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. අනතුරුව චොකලට් මිශ්‍ර කළ බඳුනට මෙම පිටි මිශ්‍රණයෙන් හැන්ද බැගින් දමමින් හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසුව ෆැරන්හයිට් අංශක 325 ට රත්වූ විදුලි උදුනක විනාඩි 45 ත් 50 ත් අතර කාලයක් බේක් කරගන්න. කේක් එක නිවෙන්නට හරින්න. දැන් අපි කේක් එක සරසා ගනිමු. ඒ සඳහා කිරි සහ මාෂ්මෙලෝස් බඳුනකට දමා මඳ ගින්නේ මාෂ්මෙලෝස් දියවනතුරා උණු කරගන්න. එයද නිවෙන්නට පසෙකින් තබන්න. බිත්තර සුදුමද හොඳින් ගසාගන්න. සීනි එකතුකර නැවතත් බීට් කරන්න. අනතුරුව උණු කරගත් මාෂ්මෙලෝස් මිශ්‍රණය මතට දමා විනාඩි 10 ක් තබන්න. ඉන්පසුව හොඳින් මිශ්‍රකර නිවාගත් මෙය කේක් එක මතට දමා ග්‍රේට් කරගත් මිල්ක් චොකලට්වලින් සරසා ගන්න. චොකලට් චිප් කුකීස් කටක් ගානෙ කජු සහ චොකලට් කැබලි හැපෙන මේ චොකලට් චිප් කුකීස් සැඳෑ වෙලාවක තේ මේසයකට අපූරු මිහිරක් එකතුකරාවි. ඒ විතරක් නෙමෙයි නැදෑ නිවෙසකට රැගෙන යන්නත් හරිම කදිමයි. අවශ්‍ය ද්‍රව්‍ය: පිටි ග්‍රෑම් 200 ක් සීනි ග්‍රෑම් 125 ක් මාගරින් ග්‍රෑම් 150 ක් බේකිං පවුඩර් පුරවපු තේ හැඳි 01 ක් වැනිලා තේ හැඳි 01 ක් කැබැලි සිටින්නට තළාගත් කජු ග්‍රෑම් 30 ක් කුඩාවට කඩාගත් චොකලට් ග්‍රෑම් 130 ක් සාදන ක්‍රමය: පිටි, කජු සහ චොකලට් හැර ඉතිරි සියල්ල පිරිසුදු බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. අනතුරුව එයට චොකලට් චිප්ස් (කඩාගත් චොකලට්), කජු කැබලි, පිටි හා බේකිං පවුඩර් ද කලවම් කරන්න. දැන් මාගරින් තවරා ගත් තෙල් කඩදාසියක් කේක් තැටියකට හෝ බන්දේසියකට එළන්න. ඉහත සඳහන් මිශ්‍රණයෙන් මේස හැන්දක් බැගින් එක සමාන ප්‍රමාණයක්, සමාන පරතරයක් ඇතිව දමාගන්න. අනතුරුව සෙල්සියස් අංශක 190 ට විදුලි උදුන රත්වන්නට තබා විනාඩි 10 ක් 12 ක් පමණ වේලාවක් බේක් කරගන්න. චොකලට් බ්‍රවුනීස් රටඉඳි, පුහුල් දෝසි වාගේ දේවල් එක්ක චොකලට් මිශ්‍ර කරලා හදන මේ චොකලට් බ්‍රවුනීස් රස වෑහෙන රස කැවිල්ලකි. උත්සව අවස්ථාවක නෑදෑ හිත මිතුරන්ට පිළිගන්වන්නට විතරක් නෙමෙයි නෑදෑ ගමනකට රැගෙන යන්නත් කදිම චොකලට් බ්‍රවුනීස් හදා ගන්නේ මෙහෙමයි. අවශ්‍ය ද්‍රව්‍ය: දුඹුරු සීනි ග්‍රෑම් 300 ක් චොකලට් පවුඩර් මේස හැඳි 06 ක් ඇපල් යුෂ මේස හැඳි 06 ක් රටඉඳි ග්‍රෑම් 50 ක් පුහුල් දෝසි ග්‍රෑම් 50 ක් හොඳින් ගසාගත් බිත්තර 04 ක් පිටි ග්‍රෑම් 175 ක් කුඩාවට කඩාගත් කුකිං - චොකලට් චිප්ස් ග්‍රෑම් 50 ක් වැනිලා මේස හැඳි 01 ක් ආප්ප සෝඩා තේ හැඳි 01 ක් අයිසිං සඳහා අයිසිං සීනි ග්‍රෑම් 125 ක් ජලය මේස හැඳි 04 ක් වැනිලා මේස හැඳි 01 ක් සාදන ක්‍රමය: කුඩාවට කපාගත් රටඉඳි, පුහුල් දෝසි සහ ඇපල් යුෂ බඳුනකට දමා මඳ ගින්නේ තම්බාගන්න. මෙය ළිපෙන් බා හොඳින් නිවුණු පසු ගසාගත් බිත්තර ටික කලවම් කරන්න. එයට සීනි සහ වැනිලා ද එකතු කරන්න. පිටි, ආප්ප සෝඩා, චොකලට් පවුඩර් මේස හැඳි 04 ක් සහ චොකලට් චිප්ස් ද මෙයට ටික ටික දමා කලවම් කරන්න. අනතුරුව අඟල් 12 x 10 ප්‍රමාණයේ බන්දේසියකට දමා විනාඩි 30 ක් බේක්කර කූලර් එකක් මතට දමා හොඳින් නිවෙන්නට හරින්න. දැන් අයිසිං එක සාදා ගත යුතුය. මේ සඳහා අයිසිං සීනි, වැනිලා, ජලය සියල්ල එකට මිශ්‍රකරන්න. එම මිශ්‍රණය තරමක් වැක්කෙරෙන ආකාරයට ක්‍රීම් එකක් ලෙස තිබිය යුතු අතර දියර ගතිය මදි නම් තවත් ජලය එකතු කරන්න. ඉන්පසුව කලින් සාදා නිවෙන්නට තැබූ කේක් එක මතට මේ අයිසිං එක දමා ඉතිරි චොකලට් පවුඩර් මේස හැඳි දෙක ද උඩින් ඉසගන්න. ෆ්‍රයිඩ් චොකලට් ෆින්ගර්ස් චොකලට් මිශ්‍ර තවත් රසවත් ආහාරයක් තමයි චොකලට් ෆින්ගර්ස් කියන්නෙ. හැබැයි චොකලට් ෆින්ගර්ස් රස බලලා තිබුණාට ඒවා තෙලෙන් බැදලා නම් ඔබ කාලා නැතුව ඇති. එහෙමනම් මේ විදිහට හදලා කොහොමද රස කියලා බලන්නකෝ. අවශ්‍ය ද්‍රව්‍ය: කිරි මිලි ලීටර් 600 ක් සීනි ග්‍රෑම් 125 ක් සූරියකාන්ත තෙල් මේස හැඳි 06 ක් තරමක් බීට් කරගත් බිත්තර 04 ක් ෂෙරි මේස හැඳි 05 ක් අඟලක් උසට කපාගත් - සැන්විචස් පාන් පෙති 08 ක් (මේ සඳහා දිනක් පරණ පාන් ගන්න) ගාගත් චොකලට් ග්‍රෑම් 230 ක් ෆෘට් ඇන්ඩ් නට් අයිස් ක්‍රීම් සාදන ක්‍රමය: කිරි, බිත්තර සහ ෂෙරි ගැඹුරු බඳුනකට දමන්න. හොඳින් මිශ්‍රකර බීට් කරන්න. පාන් පෙත්තක් තීරු තුනකට කපා මෙම මිශ්‍රණයේ ගිල්වා එය පේපර් සර්වියට් එකක් මත තබන්න. පතුල ඝන තරමක් පැතලි සාස්පානක් ගෙන එයට සූරියකාන්ත තෙල් දමා රත්වෙන්නට හරින්න. අනතුරුව කිරි මිශ්‍රණයේ ගිල්වා පිටත ගත් පාන් තීරු එහි දමා මඳ ගින්නේ විනාඩි 12 ක් දෙපැත්ත බැදගන්න. ඉන්පසුව තෙල් උරා ගැනීමට පේපර් සර්වියට් එකක් මතට දමා සියල්ල බැදගත් පසුව උණුවෙන්ම සීනි දවටාගන්න. ගාගත් චොකලට්වල ද දවටන්න. මේවා අයිස්ක්‍රීම් සමඟ පිළිගන්වන්න. ස්ටිකි චොකලට් පුඩිං රසම රස චොකලට් පුඩිම අතුරුපසට මොනතරම් නම් හොඳ ගැළපීමක් ද? විවිධ රසයට සකසන විවිධාකාරයේ පුඩිං අතරට එකතු වූ මේ චොකලට් පුඩිම ඔබට රස සාගරයක්ම වේවි. අවශ්‍ය ද්‍රව්‍ය: දුඹුරු සීනි ග්‍රෑම් 150 ක් බිත්තර 03 ක් මාගරින් ග්‍රෑම් 12 ක් කොකෝ පවුඩර් ග්‍රෑම් 25 ක් ලුණු ස්වල්පයක් පිටි ග්‍රෑම් 125 ක් කුකිං චොකලට් ග්‍රෑම් 30 ක් සුදු චොකලට් ග්‍රෑම් 75 ක් සෝස් එක සඳහා ෆ්‍රෙෂ් ක්‍රීම් ග්‍රෑම් 175 ක් බටර් ග්‍රෑම් 25 ක් දුඹුරු සීනි ග්‍රෑම් 75 ක් සාදන ආකාරය: සීනි සහ බටර් භාජනයකට දමා හොඳින් බීට් කරන්න. මෙය මෘදු වනවිට බිත්තර එක බැගින් දමමින් බීට් කරන්න. පිටි, කොකෝ පවුඩර් සහ ලුණු හොඳින් හලාගන්න. එය ඉහත මිශ්‍රණයට එකතු කරන්න. චොකලට් චිප්ස් සියල්ල ද මේ මිශ්‍රණයට එකතු කරගන්න. දැන් අවන් එකේ තැබිය හැකි පුඩිං කප්ස් 06 ක් ගෙන ඇලුමිනියම් ෆොයිල්වලින් අඩියේ සිට උඩට එනසේ හොඳින් තදකර වසන්න. උඩ වටේ කෙළවරවල් හොඳින් පිටට නමා තද කරන්න. අනතුරුව මේවාට ඉහත සකස් කළ මිශ්‍රණය දමා උතුරවන වතුර 3/4 ක් වත්කළ ගැඹුරු තැටියකට දමා සෙල්සියස් අංශක 180 ට රත්වූ විදුලි උදුනක පැයක කාලයක් බේක් කරගන්න. සීනි, බටර්, ෆ්‍රෙෂ් ක්‍රීම් බඳුනකට දමා ළිප තබා මඳ ගින්නේ හැඳිගාන්න. උතුරන තෙක් හැඳි ගා නිවෙන්නට හරින්න. බේක් කරගත් පුඩිං පිළිගැන්වීමේ දී ඇලුමිනියම් ෆොයිල් එක වටා පිහියකින් බුරුල්කර පැතැලි පිඟානක් මත අනිත් පැත්ත හැරවෙන සේ තබා මේ සෝස් එක උඩින් වත්කර පිළිගන්වන්න චොකලට් චිප් මෆින්ස් විවිධ රසයට සකස් කරන මෆින්ස්වලට වඩාත්ම ප්‍රියකරන්නේ අපේ පොඩිත්තනුයි. කෙටි කෑමක්, රස කැවිල්ලක් විදිහට ආහාරයට ගන්නා මේ මෆින්ස් හදාගන්නත් පහසුයි. ඒ වාගේම හරිම රසයි. විවිධ රසයේ මෆින්ස් අතර මේ චොකලට් චිප් මෆින්ස් කොයිතරම් නම් රසවත්දැයි බලන්න. අවශ්‍ය ද්‍රව්‍ය මාගරින් ග්‍රෑම් 100 ක් සීනි ග්‍රෑම් 225 ක් කිරි මේස හැඳි 05 ක් ලොකු බිත්තර 02 ක් යෝගට් ග්‍රෑම් 150 ක් පිටි ග්‍රෑම් 225 ක් චොකලට් චිප් ග්‍රෑම් 175 ක් ආප්ප සෝඩා තේ හැඳි 01 ක් සාදන ක්‍රමය පිරිසුදු බඳුනක් ගෙන එයට සීනි සහ මාගරින් දමා හොඳින් මෘදු වනතුරු ලී හැන්දකින් කලවම් කරන්න. එයට ගසාගත් බිත්තර එක් කරන්න. අනතුරුව යෝගට් ද දමා හොඳින් බීට් කරන්න. කිරි ටික ද එකතු කරන්න. පිටිවලට ආප්ප සෝඩා දමා හොඳින් හලාගෙන එයද එක් කරන්න. අවසානයට චොකලට් චිප් දමා කළවම් කරගන්න. දැන් මෆින්ස් ට්‍රේ එකක් ගෙන එයට කඩදාසි කප් දමන්න. අනතුරුව හැන්දකින් ටික ටික ගෙන කප් එකෙන් 3/4 ක් පිරෙන්න සේ මේ මිශ්‍රණය දමාගන්න. ඉන්පසුව සෙල්සියස් අංශක 190 උෂ්ණත්වයෙන් විනාඩි 25 ක් පමණ බේක් කරගන්න. චොකලට්වලින් අතුරුපසක් ප්‍රධාන කෑම වේලකට පස්සෙ අතුරුපසක් නම් අපිට නැතුවම බැහැ. පලතුරු, කිරි පැණි, පුඩිං, වටලප්පම්, යෝගට් මේ කුමන ආකාරයේ අතුරුපසක් වුණත් එක එක ක්‍රමයට සකසාගන්න අපේ ගෘහණියන් හරිම දක්ෂයි. ඉතින් මේ විදිහට අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඉක්මනින් සකස් කරගත හැකි චොකලට් අතුරුපසක්. අවශ්‍ය ද්‍රව්‍ය: කුඩා කැබැලිවලට කඩාගත් චොකලට් ග්‍රෑම් 175 ක් ජලය මිලි ලීටර් 150 ක් බිත්තර කහමද 03 ක් වැනිලා තේ හැඳි 01 ක් ගැටෝ ක්‍රීම් මිලි ලීටර් 300 ක් සීනි ග්‍රෑම් 150 ක් සැරසීමට බිස්කට් වර්ගයක් (අතුරුපස සඳහා භාවිත කරන බිස්කට් වර්ගයක් මේ සඳහා තෝරාගන්න.) සාදන ක්‍රමය: වතුර සහ සීනි භාජනයකට දමා මඳගින්නේ දියවනතුරු හැඳිගාන්න. විනාඩි 03 ක් හැඳි නොගා උතුරුවා ගන්න. අනතුරුව ළිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හරින්න. දැන් නිවාගත් සීනි මිශ්‍රණය සහ චොකලට් චිප්ස් බ්ලෙන්ඩරයකට දමා චොකලට් කැබලි හොඳින් දියවන්නට බ්ලෙන්ඩර් කරන්න. මෙයටම බිත්තර කහමදත් දමා ක්‍රීම් වනතුරු බ්ලෙන්ඩර් කරන්න. පසුව වැනිලා ටිකක් ද දමා හොඳින් කලවම් කරන්න. ඉන්පසුව වීදුරු බඳුන් හතරක් ගෙන එයට මේ මිශ්‍රණය වත්කරන්න. ලන්ච් ෂීට් එකකින් වසා ශීතකරණයේ තබන්න. පැය දෙකක් ගතවනවිට මෙය හොඳින් සෙට්වන අතර පසුව බිස්කට්වලින් සරසා පිළිගන්වන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 1 RosiSuper Senior MemberPosts:5335 06 Feb 2017 12:17 PM ම්ම්ම්ම්ම්ම් අනේ කාටද පුළුවන් මේවා හදලා දෙන්න 0 chamaramindMost Senior MemberPosts:13471 07 Feb 2017 11:36 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 සඳුනිVeteran MemberPosts:2462 07 Feb 2017 04:45 PM චාමර අයියා පත්තර බලනවා වගේ සෑහෙන්න. දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 07 Feb 2017 09:51 PM මල්ලි උඹත් මාර දේවල් තමයි අරං එන්නේ. 0 madhawasAdvanced MemberPosts:973 07 Feb 2017 10:02 PM ස්තූතියි චාමර, පින්තූර ටික නෝනට email කලා බලමු කවදද හදල දෙන්නේ කියල. 0 chamaramindMost Senior MemberPosts:13471 10 Feb 2017 07:37 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Feb 2017 08:16 AM ඒ කෑමම තමයි ඒත් රසය නම් වෙනස් විවිධ රසට අපිට කෑම ලිව්වේ මාලනී වේරගොඩආරච්චි එකම ආහාරය වුණත් විවිධ ක්‍රමවලට සාදා ගත්තොත් එහි ඇත්තේ වෙනස්ම රසයක්. අද තරුණී සුවිශේෂී කෑම අතිරේකයෙන් ඔබට ඉදිරිපත් කරන්නේත් වෙනදා ඔබ රස විඳි ආහාර වර්ග කිහිපයක් විවිධ රස ගෙන දෙන ලෙස සාදාගන්නා ආකාරයයි. බත්, කුකුළු මස්, ඉස්සන් වගේම එළවළු හා අතුරුපසත් රසයත් පෝෂණයත් සුරැකෙන අයුරින් සාදාගත් අවස්ථාවක් මේ. විවේකී සති අන්තයේ කෑම වේලට නවතාවයක් රැගෙන එන මේ රසවත් අතිරේකය හරහා ඔබට මුළුතැන්ගෙයි සකසන ආහාරවලට වෙනසක් කැඳවන්නට පුළුවනි. ඒ වෙනසට පවුලේ හැමෝම කැමැති වේවි. උපදෙස් - මීගමුව වින්ඩ්මිල් බීච් හෝටලයේ ප්‍රධාන සූපවේදී නේමින්ද රණතුංග (0766598030) ග්‍රීන් ලයිම් රයිස් අවශ්‍ය ද්‍රව්‍ය: කොත්තමල්ලි කොළ කෝප්ප 1/2 ක් පාස්ලි කොළ 6 - 7 ක් චොප් කරගත් ලූනු ගෙඩි 1/4 ක් අඹරාගත් සුදුලූනු බික් 2 ක් රස අනුව ලුණු හා ගම්මිරිස් ඔලිව් තෙල් මේස හැඳි 1 ක් වතුර මේස හැඳි 2 ක් දෙහි යුෂ මේස හැඳි 2 ක් බාස්මතී හාල් කෝප්ප 1 ක් වතුර කෝප්ප 1 1/2 ක් (බත ඉවීමට) සාදන ක්‍රමය: බඳුනකට වතුර කෝප්ප 1 1/2 ක් දමා ළිප තබා උතුරන්නට හරින්න. එයට සෝදාගත් සහල් එක්කර මූඩියකින් වසා ටික වේලාවකින් ගින්දර අඩුකර බත උයාගන්න. බත ඉදෙනතුරු බ්ලෙන්ඩරයට කොත්තමල්ලි කොළ, පාස්ලි, ලුණු, සුදුලූනු, ලූනු, ඔලිව් තෙල්, දෙහි යුෂ, ගම්මිරිස් හා වතුර මේස හැඳි 2 ක් දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න. බත හොඳින් ඉදුණු පසු බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණය බතට එක්කර ගෑරුප්පුවකින් මිශ්‍ර කරන්න. මෙය ඉතා පහසුවෙන් සාදාගත හැකි ශරීරයට ගුණදායක බතකි. ස්වීට් ඇන්ඩ් සවර් චිකන් අවශ්‍ය ද්‍රව්‍ය: චිකන් බ්‍රෙස්ට් 2 ක් කෝන් පිටි මේස හැඳි 1 ක් රතු පාට බෙල්පෙපර් 1 ක් කොළ පාට බෙල්පෙපර් 1 ක් ලොකු ලූනු ගෙඩියක් තෙල් මේස හැඳි 2 ක්ලුණු (රස අනුව) සෝස් එක සඳහා: සුදු සීනි කෝප්ප 3/4 ක් ඇපල් cider විනාකිරි හෝ සුදු විනාකිරි මේස හැඳි 2 ක් සෝයා සෝස් මේස හැඳි 2 ක් අඹරාගත් සුදුලූනු තේ හැඳි 1 ක් තක්කාලි සෝස් මේස හැඳි 2 ක් කෝන් පිටි මේස හැඳි 1 ක් වතුර මේස හැඳි 1 ක් සාදන ක්‍රමය: පළමුව සෝස් එක සාදා ගන්න ඕනේ. ඒ සදහා බඳුනකට සීනි, විනාකිරි, සෝයා සෝස්, සුදුලූනු, තක්කාලි සෝස් එක්කර හොඳින් මිශ්‍රකර ළිප තබා උතුරන්නට හරින්න. එය උතුරන විට කෝන් පිටිවලට වතුර මේස හැන්දක් දමා දියකර ගෙන එය ළිප මත ඇති බඳුනටම දමන්න. ටික වේලාවක් ගතවෙන විට සෝස් එක උකු බවට පත්වේවි. දැන් බදුන ළිපෙන් බාන්න. දැන් සෝස් එක සූදානම්. කුකුළු මස් කුඩාවට කොටු හැඩයට කපාගන්න. ඒ වගේම රතු හා කොළ බෙල්පෙපර් හා ලූනු ගෙඩියක් කුඩා කොටු කපාගන්න. දැන් කපාගත් කුකුළු මස් ටික බඳුනකට දමා එයට කෝන් පිටි මේස හැඳි 1 1/2 ක් එකතු කරන්න. දැන් පිටි ටික හොඳින් කුකුළු මස් කැබලිවල තැවරෙන පරිදි මිශ්‍ර කරන්න. පෑන් එකට තෙල් ටිකක් දමා ළිප තබා රත් වුණාම කුකුළු මස් එක්කර විනාඩි 5 ක් පමණ තැම්බෙන්න හරින්න. ඉන්පසු රතු හා කොළ බෙල්පෙපර්, ලුණු, ලූනු එක්කර විනාඩි 3 - 4 ක් තැම්බෙන්නට හැර අවසානයට සාදාගත් සෝස් එක එක්කර හොඳින් මිශ්‍ර කරන්න. ටික වේලාවකට පසු ළිපෙන් බා කෑමට ගන්න. මී පැණි හා ඉඟුරු මිශ්‍ර ඉස්සන් කරිය අවශ්‍ය ද්‍රව්‍ය: සාමාන්‍ය ප්‍රමාණයේ ඉස්සන් 12 - 15 පමණ මී පැණි මේස හැඳි 2 ක් අඹරාගත් සුදුලූනු මේස හැඳි 1 ක් අඹරාගත් ඉඟුරු තේ හැඳි 1 ක් දෙහි ගෙඩියක යුෂ ඔලිව් තෙල් මේස හැඳි 2 ක් ගම්මිරිස් කුඩු (රස අනුව) ලුණු (රස අනුව) සෝයා සෝස් මේස හැඳි 2 ක් සාදන ක්‍රමය: ඉස්සන් පිරිසුදුකර හොඳින් සෝදා පසෙකින් තබන්න. බඳුනකට මී පැණි, සෝයා සෝස්, සුදුලූනු, දෙහි යුෂ, ඉඟුරු, ලුණු, ගම්මිරිස් එක්කර හොඳින් මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණයෙන් බාගයක් වෙන්කර ඉතිරි කොටසට ඉස්සන් එකතු කරන්න. ඉස්සන් ටික සාදාගත් මිශ්‍රණයේ දමා හොඳින් මිශ්‍රකර විනාඩි 15 - 20 කාලයක් ශීතකරණයේ තබන්න. පෑන් එකකට ඔලිව් තෙල් දමා ළිප තබා රත්වෙන්නට හරින්න. දැන් ශීතකරණයෙන් පිටතට ගත් ඉස්සන් පිළිවෙළකට පෑන් එකෙහි අතුරන්න. විනාඩියක් එසේ තිබෙන්නට හැර ඉස්සන් ටික අනෙක් පැත්ත හරවා ඉතුරු සෝස් ටික එකතු කරන්න. විනාඩි කිහිපයක් පමණ තැම්බෙන්නට හැර ළිපෙන් බා සංග්‍රහයට යොදාගන්න. ටූනා මාළු සමඟ බැටර් කරගත් එළවළු අවශ්‍ය ද්‍රව්‍ය: ග්‍රෑම් 125 - 150 ක ටූනා මාළු පෙත්තක් කොටු හැඩයට කපාගත් කැරට් අලයක් බෝංචි කරල් 3 ක් (කුඩාවට කපා) කොටු කපා තම්බාගත් අල ගෙඩියක් ලෙමන් පෙති 1 ක් බටර් මේස හැඳි 1 ක් ඔලිව් තෙල් මේස හැඳි 2 ක් ලුණු (රස අනුව) ගම්මිරිස් කුඩු (රස අනුව) බේකිං පවුඩර් තේ හැඳි 1/2 ක් සාදන ක්‍රමය: වතුර බඳුනක් රත් වෙන්නට තබා එයට බේකිං පවුඩර් තේ හැඳි 1/2 ක් එකතු කරන්න. (බේකිං පවුඩර් එකතු කරන්නේ එළවළු අවපැහැවීම වළක්වා ගැනීමටයි.) වතුර ටික නටන විට කැරට් එක්කර විනාඩි 2 - 3 ක් තබා පිටතට ගෙන අයිස් කැට සහිත වතුරට දමන්න. ඉන්පසු බෝංචි ටික දමා විනාඩියක් තබා ඉහත ලෙසම පිටතට ගෙන අයිස් වතුරට දමන්න. ටූනා මාළු පෙත්ත සෝදා ටිෂූ එකකින් තෙතමාත්තු කරගන්න. ඉන්පසු ලුණු, ගම්මිරිස් එක්කර ටික වේලාවක් සීසන් වෙන්නට තබන්න. දැන් පෑන් එකකට ඔලිව් තෙල් දමා ළිප තබා රත්වූ පසු මාළු පෙත්ත දමා දෙපැත්ත හරවමින් විනාඩි 6 - 9 ක් තම්බා ගන්න. පෑන් එකක් ගෙන තම්බාගත් එළවළු හා බටර් හැන්දක් දමා ළිප තබා බටර් දියවනතුරු තබා රස පදමට ලුණු, ගම්මිරිස් එකතු කරන්න. පිළිගන්වන අවස්ථාවේ මාළු පෙත්ත හා තම්බාගත් එළවළු ලෙමන් පෙත්තක් සමඟ පිළිගන්වන්න. හනී ලයිම් චිකන් අවශ්‍ය ද්‍රව්‍ය: කුකුළු මස් කැබලි 2 ක් අඹරාගත් සුදුලූනු බික් 2 ක් මී පැණි මේස හැඳි 1 ක් මිරිස් කුඩු ස්වල්පයක් ලුණු ස්වල්පයක් සාදන්නේ මෙහෙමයි. බඳුනකට චිකන් හැර ඉතිරි සියල්ල දමා හොඳින් මිශ්‍රකරන්න. දැන් එම මිශ්‍රණයට චිකන් මස් කැබලි දෙක දමා හොඳින් අතගා ශීතකරණයේ විනාඩි 10 ක් තබන්න. බේකිං ට්‍රේ එකක් ගෙන එහි ඇලුමිනියම් කොළයක් දමා ඒ මත චිකන් කැබලි දෙක තබන්න. මෙය තවත් ඇලුමිනියම් කොළයකින් වසන්න. අවන් එක සෙල්සියස් අංශක 160 ට රත් කරගෙන බේකිං ට්‍රේ එක එහි තබා විනාඩි 20 ක් බේක් කරන්න. ඉන්පසු පිටතට ගෙන ඇලුමිනියම් කොළය ඉවත්කර නැවත අවන් එකෙහි තබා විනාඩි 4 - 5 ක කාලයක් බේක් කරගන්න. පොටෙටෝ චිලි චිකන් අවශ්‍ය ද්‍රව්‍ය: අඹරාගත් හෝ කුඩාවට කපාගත් කුකුළු මස් ග්‍රෑම් 250 ක් ලුණු තේ හැඳි 1/2 ක් චොප් කරගත් ලූනු ගෙඩි 2 ක් චොප් කරගත් සුදුලූනු බික් 3 ක් කුඩාවට කොටු කපාගත් තක්කාලි ගෙඩි 3 ක් තක්කාලි සෝස් කෝප්ප 1 ක් වතුර කෝප්ප 1 ක් ලොකු අල ගෙඩියක් (කුඩා කොටු කපාගත්) සූදුරු තේ හැඳි 1/2 ක් මිරිස් කුඩු තේ හැඳි 1 ක් කපාගත් ගෝවා කොළ කෝප්ප 1 ක් ප්ලේන් යෝගට් මේස හැඳි 1 ක් සාදන ක්‍රමය: පෑන් එකක් ළිප තබා තෙල් ටිකක් දමන්න. එය රත්වූ පසු සූදුරු එක්කර අඹරාගත් චිකන් සහ ලුණු එකතු කරන්න. කුකුළු මස් ටික බැදී දුඹුරු පාට වේගෙන එනවිට ලූනු, සුදුලූනු එකතු කරන්න. විනාඩි 2 ක් පමණ තැම්බෙන්නට හැර තක්කාලි, තක්කාලි සෝස්, මිරිස් කුඩු, කපාගත් අල සහ වතුර එකතුකරන්න. මෙය හොඳින් මිශ්‍රකර පියනකින් වසා අඩු ගින්දරේ විනාඩි 15 - 18 ක් පමණ තැම්බෙන්නට හරින්න. වරින් වර මෙම කරිය හැඳිගාන්න. අන්තිමට ගෝවා කොළ එක්කර විනාඩි 2 ක් පමණ තැම්බෙන්නට හැර ළිපෙන් බාන්න. පිළිගැන්වීමේදී උඩින් යෝගට් හැන්දක් එක්කර පිළිගන්වන්න. ට්‍රොපිකල් ෆෘට් සැලඩ් අවශ්‍ය ද්‍රව්‍ය: කොටු කපාගත් අන්නාසි කෝප්ප 1/2 ක් කොටු කපාගත් ඉදුණු අඹ කෝප්ප 1/2 ක් කොටු කපාගත් පැපොල් කෝප්ප 1/2 ක් කොටු කපාගත් කිවි ගෙඩියක් දෙහි ගෙඩියක යුෂ මිංචි කොළ අහුරක් සීනි මේස හැඳි 2 ක් ප්ලේන් යෝගට් ග්‍රෑම් 200 ක් සාදන ක්‍රමය: කුඩා වංගෙඩියක් ගෙන එයට මිංචි කොළ හා සීනි එක්කර මිංචි කොළ කුඩු වෙනතුරු කොටාගන්න. කපාගත් පලතුරු ටික බඳුනකට දමා එයට දෙහි යුෂ මිංචි සහ සීනි මිශ්‍රණය එක්කර ප්‍රවේශමෙන් මිශ්‍ර කරන්න. ලස්සනට කපාගත් කොමඩු කෙඩියක මදය ඉවත්කර ගෙන එහි පලතුරු ටික අසුරා එහි තැනින් තැනට තේ හැන්දක් ආධාරයෙන් යෝගට් අතුරා ගන්න. ඉන්පසු මිංචි කොළ තබා සරසා ගන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 samanthaMost Senior MemberPosts:13190 13 Feb 2017 09:31 PM චාමර මල්ලීගේ කුස්සියේ අළුත් කෑම ගොඩයි.. බොහොමත්ම ස්තූතියි මේවා ගෙනාවාට. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 14 Feb 2017 07:11 AM මාර කුස්සියක් තමයි චාමර මලයටත් තියෙන්නේ පබිලිස්ල පරාදයි 0 chamaramindMost Senior MemberPosts:13471 14 Feb 2017 04:22 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 14 Feb 2017 05:30 PM පෙනවා වගෙම රසත් ඇති නෙද මෙවයෙ ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 madhawasAdvanced MemberPosts:973 14 Feb 2017 06:29 PM මේ කෑම වට්ටෝරු ටිකටත් ගොඩක් ස්තූතියි චාමර මල්ලී. 0 chamaramindMost Senior MemberPosts:13471 17 Feb 2017 08:23 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 18 Feb 2017 12:24 AM ෂා තව කෑම ගොඩක් දාල තියෙන්නේ 0 You are not authorized to post a reply. Page 11 of 77 << < 910111213 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes