You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 12 of 77 << < 1011121314 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
19 Feb 2017 12:06 PM
අලුත් කෑම ගොඩයි..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Feb 2017 04:25 PM

නැවුම් අරුත් ගෙනෙන කේක් 

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී ප්‍රදීකා විජේසූරිය 077-6873588

 

 

 

බීච් වෙඩිං එකට කේක් එකක්

  

මුහුද තේමා කරගනිමින් සිදුකරන විවාහ මංගල්‍යයකට හොඳින්ම ගැළපෙන කේක් ආකෘතියකි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය:

අඟල් 14x14 ප්‍රමාණයේ බේස්බෝඩ් එකක්

අඟල් 12x12 ප්‍රමාණයේ හතරැස් කේක් දෙකක්

අඟල් 10x10 ප්‍රමාණයේ හතරැස් කේක් දෙකක්

බටර් අයිසිං

ෆොන්ඩන්ට් අයිසිං

වෙළෙඳපොළෙන් ලබාගත් මනාල යුවළකගේ රුවක්

    සාදන ක්‍රමය:

පළමුව බේස්බෝඩ් එක සී ග්‍රීන් වර්ණ ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණය කරගන්න. ඉන්පසු අඟල් 12ඔ12 ප්‍රමාණයට සාදාගත් කේක් දෙක ගෙන එක මත එක තබා බටර් අයිසිං තවරා පසුව සම්පූර්ණ කේක් එක බටර් අයිසිංවලින් ආවරණය කරගන්න.

ඒ ආකාරයට අනෙක් කේක් දෙක ද සැන්ඩ්විච්කර බටර් අයිසිං තවරා ගන්න. දැන් කේක් දෙකම සී ග්‍රීන් වර්ණ ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරන්න. පසුව මෙය බේස්බෝඩ් එක උඩ තබා කේක් දෙකෙහි යටින් සහ බේස්බෝඩ් එකෙහි යටින් සිල්වර් රිබන් පටියක් අලවන්න. ඉන්පසු නොම්බර 2 නොසලයෙන් කළු වර්ණයෙන් මුහුදු ගස් ඇඳගන්න. කේක් දෙක යටට නොම්බර 03 නොසලයෙන් බීඩ්ස් වර්ක් එකක් ආකාරයට දමාගන්න. ඉන්පසු කලින් සාදා වේළාගත් සිප්පිකටු හැඩතල කේක් එකෙහි අලවන්න. උඩට මනාල යුවළගේ රුව තබන්න.

 

කේක් එකට ඕපන් රෝසස්

  ගැහැනු ළමයි රෝස මල්වලට හරිම කැමැතියි. ඒ හින්දා ඔවුන් තමන්ගේ ජීවිතයේ විශේෂ අවස්ථාවල රෝස මල් යොදා ගන්නවා. බලන්නකො මේ කේක් එක හැඩකරලා තියෙන්නෙත් ඕපන් රෝස මල් දෙකකින්. මේ වගේ කේක් එකක් විවාහ ගිවිස ගැනීමේ උත්සවයකට වගේම උපන් දිනයක් හැඩ කරන්නත් හරිම අපූරුයි.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 12 ක විශ්කම්භයෙන් යුතු බේස්බෝඩ් එකක්

අඟල් 10 ක විශ්කම්භය සහිත රාත්තල් දෙකක් ප්‍රමාණයෙන් සාදාගත් රවුම් කේක් දෙකක්

අඟල් 8 ක විශ්කම්භය සහිත රාත්තල් 1 1/2 ක තැටියක සාදාගත් රවුම් කේක් 3 ක්

අඟල් 6 ක විශ්කම්භය සහිත රාත්තලක ප්‍රමාණයට සාදාගත් රවුම් කේක් දෙකක්

මේ සඳහා ඩමි ද භාවිත කළ හැකියි.

බටර් අයිසිං

සුදු පැහැති ෆොන්ඩන්ට් අයිසිං

රෝස පැහැති ෆොන්ඩන්ට් අයිසිං

සිල්වර් රිබන් පටියක්

පාච්මන්ට් අයිසිං

සාදන ක්‍රමය:

පළමුව රාත්තල් දෙකේ කේක් දෙක එක මත එක තබා බටර් අයිසිං මඟින් සැන්ඩ්විච් කරගන්න. ඉන්පසු රාත්තල් 1 1/2 කේක් තුන ද එලෙසම සැන්ඩ්විච් කරගන්න. මේ ආකාරයටම රාත්තලේ කේක් දෙක ද සැන්ඩ්විච්කර සම්පූර්ණ කේක් තුනම බටර් අයිසිංවලින් කවර් කරගන්න.

ඉන්පසු රාත්තල් දෙකක ප්‍රමාණයට සාදා සැන්ඩ්විච් කරගත් කේක් එක සහ රාත්තලේ ප්‍රමාණයට සාදා සැන්ඩ්විච් කළ කේක් එක සුදු ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගන්න.

පසුව අනෙක් කේක් එක රෝස වර්ණ ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණය කරගන්න. ඉන්පසු රෝස පාට ෆොන්ඩන්ට් අයිසිං මඟින් බේස්බෝඩ් එක ආවරණයකර ඒ මත අඟල් දහයක විශ්කම්භයට සාදාගත් සුදු පැහැති කේක් එක තබා එහි නොම්බර 1 හෝ 2 නොසලයෙන් කළු ෆොන්ඩන්ට්වලින් ලියවැල් මෝස්තරයක් දමන්න. අඟල් 6 ක විශ්කම්භයෙන් සාදාගත් කේක් එක වටා ද ඒ ආකාරයටම ලියවැල් මෝස්තරයක් දමාගන්න.

මැදින් ඇති කේක් එක කලින් සාදා වේළාගත් හයිඩ්‍රෙන්ජියා මල්වලින් සරසා ගන්න. කේක් තුන වටාම සිල්වර් රිබන් පටි අලවා අවසානයේ පාච්මන්ට් අයිසිං මඟින් සාදා වේළාගත් ඕපන් රෝස් මල් දෙකක් තබා කේක් එක සරසා ගන්න.

මෙය උපුටා ගැනිමකි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Feb 2017 04:29 PM

ගුණ අගුණ තරම දැන ආහාර ගනිමු...

 

අපි දිනපතා විවිධ රස ගුණ ඇති එළවළු, පලතුරු, කොළ වර්ග ආහාර වේලට එක්කර ගන්නවා. මේ මොන දේ කෑමට ගත්තත් ඒවායෙන් ලැබෙන පෝෂණයත් ගුණයත් අපි සොයා බලන්නේ නැති තරම්. ඒ නිසාම අපි අද එළවළු වර්ග කීපයක් තෝරා ගෙන ඒවායේ විශේෂත්වය ගැන සොයා බලමු.

 

පතෝල

ස්වාභාවික විස නාශකයකි. සෙම තුනීකරයි. විරේකයක් ලෙස ක්‍රියාකරයි. ඉදිමීම, දැවිල්ල සමනය කරයි. විස ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කරයි. පතෝලවල ළපටි නැවුම් පත්‍ර හදවතේ වේගවත් අක්‍රමවත් ගැස්ම හා වේදනාව පාලනය කරයි. සෙංගමාලය සඳහා ප්‍රතිකාරයකි.

අළු කෙසෙල්

වකුගඩු හා මුත්‍රාශයේ දෝෂවලට ගුණදායකයි. ‘සංතෘප්ත මේද’, කොලෙස්ටරෝල් හා සෝඩියම් ඇත්තේ ඉතා අඩු ප්‍රමාණයකි. විටමින් ඒ, විටමින් ඛ්, විටමින් ඕ6 හා පොටෑසියම් බහුලව අඩංගුයි. ශරීරයේ විස ගතිය නසයි. සෙම් හා පිත් රෝගවලට හිතකරයි.

පිපිඤ්ඤා

වකුගඩු සෞඛ්‍ය සම්පන්න ලෙස පවත්වා ගැනීමට උදව් කරයි. පිපිඤ්ඤා ඇට බැද කෝපි මෙන් කුඩුකර පානය කිරීමෙන් ආමාශයේ අපහසුතා සමනය කරයි. වෙහෙස වූ ඇස් මත පිපිඤ්ඤා පෙති තැබීමෙන් ඉතා සුවදායක තත්ත්වයක් ඇතිවේ. මුත්‍රා ආබාධ, අම්ල පිත්ත, ඇඟේ දැවිල්ල වැනි රෝග සඳහා ගුණදායකයි.

වැටකොළු

අකලට හිසකෙස් පැසීම වළක්වයි. රුධිරය පිරිසුදු කිරීමේ ගුණය ඇත. කොලෙස්ටරෝල් ඉතා අඩුය. ආහාරමය තන්තු, විටමින් ඛ්, රයිබොෆ්ලෙවින් හා සින්ක් බහුලව ඇත. ඉන්සියුලින් වැනි පෙප්ටයිඩ ඇති නිසා රුධිරයේ ඉන්සියුලින් මට්ටම ඉහළ නොයවා රුධිර ග්ලූකෝස් මට්ටම පහත දැමීමට උපකාර කරයි.

දඹල

රනිල කුලයට අයත් බෝංචි පවුලේ එළවළු අතර කැල්සියම් හා පිෂ්ට ධාතුව වැඩියෙන්ම අඩංගු එළවළුවයි. අස්ථි ජනනයේදී හා අස්ථි නිසි ලෙස පවත්වා ගෙන යාම සඳහා උදව් කරයි. එසේම ලෙඩ රෝග හා ශාරීරික දුර්වලතා අඩු කිරීමටත් සමස්ත ශාරීරික පැවැත්මටත් උදව් කරයි.

නෝකෝල්

කොහිරාබි (Kohifbi) ලෙස ද හඳුන්වන අතර විටමින් C, තන්තු සහ පොටෑසියම් ඉහළ සාන්ද්‍රණයකින් ඇත. එයින් ආහාර ජීර්ණය හා හෘද ස්වසතාව වැඩි දියුණු කරයි. ප්‍රතිශක්ති පද්ධතියට ආධාරකයකි.

කරවිල

ප්‍රමාණවත් ලෙස කෑමට ගත්විට කිරි දෙන මවුවරුන්ගේ මවු කිරි ජනනය වැඩි කරයි. මෙහි යුෂ රුධිර සීනි මට්ටම පහත හෙළයි. කරවිල කොළ අඹරා හිස් කබලට ගැල්වූ විට හිසකෙස් වැඩීම වර්ධනය කරයි. කෙස් වැටීම අවම කරයි.

රාබු

විටමින් ඛ් හා පොටෑසියම් බහුලව අඩංගුයි. කැලරි අගය අඩුය. සෙම් රෝග නසන අතර ආහාර රුචිය වඩයි.

මුකුණුවැන්න

රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අඩුකරයි. ඉතා වැඩි මට්ටමක විටමින්, ප්‍රෝටීන් හා තන්තු ඇත. අකලට හිසකෙස් පැසීම, ඇස් දැවිල්ල, ඇස් පෙනීම දුර්වලවීම, මලබද්ධය, වාත රෝග සමනය කරයි. ඉතා කුඩා කැබලිවලට කපා සලාදයක් ලෙස හෝ මැල්්ලුමක් ලෙස කෑම ගුණදායකයි.

කතුරුමුරුංගා

විටමින් A, විටමින් B,  යකඩ හා කැල්සියම් ඌනතාව මත ඇතිවන රෝගවලින් යථා තත්ත්වයට පත්වීමට උදව් කරයි. පීනස, රාත්‍රී අන්ධතාවය, තොල් පැළීම, දාහය වැනි රෝග සමනය කරයි.

ගොනික කොළ

මේවා කෑමෙන් ශරීරයේ වේදනාවට සහනයක් ලබා ගැනීමට හැකිවේ. කොලෙස්ටරෝල්වලට එරෙහිව ක්‍රියාකරයි. තෙල් සහිත ආහාරවලින් ඇතිවන සංකීර්ණතා සමනය සඳහා ගොනිකා සහ කරපිංචා කොළ කැඳ පානය ගුණදායකයි.

අසමෝදගම් කොළ

ආමාශයේ, අන්ත්‍රයේ සහ මුත්‍රාශයේ මාංසපේශිවල අනවශ්‍ය ගැස්ම නැති කරයි. පණු අමාරු සඳහා ප්‍රතිකාරයකි. අජීර්ණ හා සෙම් රෝග සඳහා ගුණදායකයි.

මිංචි කොළ

මැග්නීසියම් හා තන්තු බහුලයි. ආමාශයේ ආබාධ, වේදනා, ගෑස් ගතිය හා ආමාශයේ ගෑස් නිසා ඇතිවන අපහසුතා, මලබද්ධය පාචනය වැනි රෝග සඳහා ගුණදායකයි. පීනස වැනි සෙම් රෝග සඳහාත් පණුගායටත් ගුණදායකයි. නාසයට හෝ පපුවට පිටතින් ගැල්වූ විට සෙම ඉවත්කර ප්‍රතිශ්‍යාව නිසා ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාව දුරු කරයි.

ගොටුකොළ

විටමින් ඒ බහුලව ඇත. අධික වෙහෙස අවම කරයි. මතක ශක්තිය වැඩිකරන අතර ශිරා පද්ධතිය ශක්තිමත් කරයි. එය රුධිර නාලවල ගැටිති (ඍචපඪජධඵඥ) ඇතිවීම අඩුකරයි. රුධිර සංසරණය වැඩි දියුණු කරයි. පීනස, සෙම් රෝග, අපස්මාරය හා රක්ත හීනතාවයට ද ගුණදායකයි. හිසකෙස් හා නියපොතු නිරෝගිව තබයි.

තෙබු කොළ

රුධිර සීනි මට්ටම පහත දමයි. මෙහි මුලෙන් සාදන පාරම්පරික බෙහෙත් කැස්ස, පණු රෝග හා චර්ම රෝග සුවය සඳහා යොදා ගනී.

ඉඟුරු

මෙහි බොහෝ ප්‍රයෝජන ඇත. ආතරයිටිස්, පාචනය, සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය, හෘද රෝග, ඔසප් වේදනා, දියවැඩියාව, බඩේ අමාරු, මලපහ කිරීමේ දෝෂ සඳහා ගුණදායකයි.

පොල්පලා

මුත්‍රා රෝගවලට ගුණදායකයි. මුත්‍රාශය පිරිසුදු කරයි. ශරීරයේ විස බැහැර කරයි. ශරීරයේ උෂ්ණය, දැවිල්ල, ඉදිමීම නැතිකරයි.

සුදුලූනු

ස්වසන රෝග සමනය කරයි. ලේ තුනී කරයි. නිර්ඔක්සිකාරකයක් හා විස නසන ද්‍රව්‍යයකි. රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි. රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අඩු කරයි. එච්. අයි. වි. ඒඩ්ස් ආසාදනයට ප්‍රතිකාරයකි. ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කරයි.

වැඩිදුර තොරතුරු සඳහා 0714346024, 0714220310

(ශ්‍රී ලංකා නිර්මාංසාභාර සමිතියේ අනුග්‍රහයෙනි)

ලිව්වේ  මාලනී වේරගොඩආරච්චි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Feb 2017 04:58 PM

http://i.imgsafe.org/a3eff88d7d.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Feb 2017 06:34 AM
අපේ චාමර කුක් ගෙන් තවත් රෙසිපි ටිකක් නියමයි ස්තුති චාමර
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Feb 2017 02:53 PM

https://i.imgsafe.org/ce850ad8b5.jpg

https://i.imgsafe.org/ce857231b0.jpg

https://i.imgsafe.org/ce84f83b78.jpg

https://i.imgsafe.org/ce855bff1e.jpg

https://i.imgsafe.org/ce85465414.jpg

https://i.imgsafe.org/ce858062d2.jpg

https://i.imgsafe.org/ce86060619.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Feb 2017 02:57 PM
විශේෂ ස්තුතිය අපේ නැන්දා කෙනෙක් කියල දුන්නේ ඔයාලත් දන්නවද සව් සමපෝෂ හදන හැටි.මමත් බීලා තියනවා  හරිම රසයි
අවශ්‍ය ද්‍රවය :-
සව් ගෑම් 200
ලොකු සමපෝෂ පැකට් 1යි
පොල් ගෙඩියක කිරි
සිනී
ලුණු ස්වල්පයක්


සාදන ආකාරය -
පළමුව පොල් ටික මිරිකා ගන්න.එයට සමපෝෂ දමා හොදට දිය කරන්න.පසෙකින් තියන්න.ඊට පසු වතුර අවශ්‍ය ප්‍රමාණයට ලිප තියා වතුර උණු වෙන විට සව් ටික දමන්න.සව් තැම්බුන පසු සමපෝෂ දියකර සදාගත් පොල් කිරි ටික දමන්න.අවශ්‍ය ප්‍රමාණයට ලුණු,සීනී දමා රස බලන්න

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Feb 2017 06:31 PM
රස ඇති නේද සව් සමපෝෂ. මම නම් බීලා නෑ
සව් වලට මුං ඇට දාලත් කැද හදනවනෙ.. කවුද එහෙම බීලා තියෙන්නෙ?
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Feb 2017 04:36 PM
රසයි අක්කේ.මමත් බිව්වා.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Feb 2017 05:19 PM

https://i.imgsafe.org/0db49e405c.jpg

https://i.imgsafe.org/0db5a99fb2.jpg

https://i.imgsafe.org/0db4dbb322.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Feb 2017 05:24 PM
හරිම වටින තොරතුරු
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Feb 2017 05:25 PM

https://i.imgsafe.org/0dc937effa.jpg

https://i.imgsafe.org/0dc948882a.jpg

https://i.imgsafe.org/0dc8ea353a.jpg

https://i.imgsafe.org/0dc981443f.jpg

https://i.imgsafe.org/0dc9d0a4d2.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
24 Feb 2017 10:07 PM
බලාගෙන ගියාම කන්න මොණතරම් ජාති තියෙනවාද.. බොහොමත්ම ස්තූතියි චාමර.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 Feb 2017 11:28 PM
රට ඉඳි වලින් සෝසුත් හදන්න පුලුවන්ද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 Feb 2017 06:10 AM
රෙසිපි බර සෙට් එකක් චාමර ගාව තියෙනවා වගේ.
බිස්නස් එක කලොත් නරකද අප්පා......
0

malki
Basic Member
Basic Member
Posts:216






--
25 Feb 2017 09:05 AM
tnx .................charmara
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Feb 2017 05:50 PM

https://i.imgsafe.org/628b19c068.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Feb 2017 05:51 PM

https://i.imgsafe.org/62835958e3.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Feb 2017 05:52 PM

https://i.imgsafe.org/6284b775ce.jpg

https://i.imgsafe.org/6283fae55c.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Feb 2017 05:54 PM

කේරළ කෑමවේලක මියුරු රසය 

ඉන්දියාවේ නිරිත දිගින් පිහිටි කේරළයේ ආහාර සංස්කෘතියට දිගු ඉතිහාසයක් තිබේ. එකී ආහාර සැකසීම අපේ රටේ ආහාර සැකසීමට දැඩි ඥාතීත්වයක් දක්වයි. මිරිස්, කහ, කරපිංචා, අබ, සියඹලා හා අනෙකුත් කුළුබඩු වර්ග කේරළ ඉවුම් පිහුම්වලට ද අත්‍යවශ්‍ය වේ. පොල්, පොල්කිරි සහ සහල් ද කේරළ ආහාර වර්ග සැකසීමට නැතිවම බැරිය. බොහෝවිට ඔවුන්ගේ උදෑසන කෑම වේල සැකසෙන්නේ සහල් පිටි මුල්කරගෙනය. අපි යොදන තුනපහ වෙනුවට ඔවුන් කේරළයටම ආවේණික ලෙස ගරම් මසාලා සාදා තබා ඉන් ස්වල්පය බැගින් එක් කරයි. ‘තරුණී’ට හද බැඳි ඉවුම් පිහුම් කලාවේ නව ඉසව් සොයා යන ගෘහණියට දයාබර සැමියාට, ආදරණීය දරුවන්ට, නිවෙසට පැමිණෙන අමුත්තන්ට කේරළ කෑම වේලක රසය බලන්නට දෙන්න මෙන්න හොඳම අවස්ථාව. උපදෙස් - ප්‍රවීණ සූපවේදී රුක්ෂාන් ඉද්දමල්ගොඩ ගෙනි දු. ක. 0776205781

කේරළයේ විශේෂිතඉඟුරු, දෙහි බීම

අවශ්‍ය ද්‍රව්‍ය

අලුත් ඉඟුරු මේස
හැඳි 1 1/2 ක්
දෙහි ගෙඩියක යුෂ
වතුර වීදුරු 1 ක්
සීනි අවශ්‍ය පමණ
ලුණු ස්වල්පයක්
අයිස් කැට
සැරසීම සදහා මිංචි
කොළයක් හෝ දෙහි
පෙත්තක්

සාදන්නේ මෙහෙමයි
මිංචි, දෙහි පෙත්ත හා අයිස් කැට හැර අනෙකුත් සියලු දෑ බ්ලෙන්ඩරය ආධාරයෙන් හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.
පිරිසුදු වීදුරුවකට අයිස් කැට දමා සාදාගත් ඉඟුරු, දෙහි බීම එක්කොට වීදුරුව මිංචි කොළ හා දෙහි පෙත්ත ආධාරයෙන් සරසා පිළිගන්වන්න.


කේරළ ගරම් මසාලා

කේරළයේ කෑම්බීම් බොහොමයකට රසනහර
පිනායන මියුරු රසයක් දිවගට ගෙන එන්නට යොදන කුළුබඩු කිහිපයකම සොඳුරු නවාතැන්පොළකි, කේරළ ගරම් මසාලා.
එළවළු, මස්, මාළු, බිත්තර මේ ආදී දේ සකසා ගනිද්දි ගරම් මසාලා ස්වල්පයක් එක්කර ගැනීමෙන් කේරළයටම ආවේණික රසය, සුවඳ ඉන් විහිදුවනු ඇත.

මේ සඳහා අවශ්‍ය වන්නේ
මහදුරු ග්‍රෑම් 50 ක්
කුරුඳු පොතු සාමාන්‍යකැබලි 2 ක්
කරාබු නැටි 15 ක්- කරඳමුංගු 20 ක්
සාදික්කා මද 01 ක්- වසාවාසි 01 ක්
බුරියානි මල් (Star anise) 02 ක්

සාදන පිළිවෙළ
මහදුරු සෝදා වේළා ගන්න. අනෙකුත් ද්‍රව්‍යයන් ද මඳ පවනේ වේළා ගෙන මඳ ගින්දරේ වෙන වෙනම බැදගන්න.
බැදගත් සියලු දෑ සිහින් කුඩක් සේ කුඩුකර අවශ්‍ය මාළු පිනි සඳහා භාවිත කරන්න.


අන්නාසි බත

අවශ්‍ය ද්‍රව්‍ය
බාස්මති හාල් කිලෝ 1 ක
මධ්‍යම ප්‍රමාණයේ අන්නාසිගෙඩියක්
තළාගත් සුදුලූනු ස්වල්පයක්
අබ මේස හැඳි 1 ක්
වියළි මිරිස් කරල් 5 ක්
මධ්‍යම ප්‍රමාණයේ බී ලූනු
ගෙඩි 2 ක් (කැබලි කර)
අවශ්‍ය පමණට ලුණු
ගිතෙල් හෝ බටර්
සැරසීම සඳහා සිහින්ව
කපාගත් ලූනු කොළ ස්වල්පයක්

සාදන ආකාරය
පළමුව හාල් සෝදා විනාඩි 15 ක් පමණ පෙඟෙන්න හරින්න. බත පිසීම සඳහා අවශ්‍ය පමණ වතුර ළිප තබන්න.
ඒ අතරතුරේ අන්නාසි ගෙඩිය ශුද්ධකර මැද නාරටිය ඉවත්කර කුඩා කැබලිවලට කපාගන්න.
හාල් ටික උතුරන වතුරට එක්කොට ලුණු හා ගිතෙල් ස්වල්පයක් දමා තම්බා ගන්න. තැම්බුණු පසු වතුර පෙරා පසෙකින් තබා ගන්න.
තෙම්පරාදුව සඳහා මද ගින්දරේ පිරිසුදු භාජනයක් ළිප තබා ඊට ගිතෙල් හෝ බටර් එකතු කරන්න. අබ එක්කොට බැදුණු පසු ලූනු, සුදුලූනු, කැබලි කඩාගත් වියළි මිරිස් ද එක්කොට තෙම්පරාදුවට අන්නාසි කැබලි ද එක්කර ළිප නිවාගන්න. (අන්නාසි කැබලි තැම්බීමට නොදෙන්න.) මෙයට බත් එකතු කොට හොඳින් කලවම්කර බත් බන්දේසියකට දමා පිළිගන්වන්න. මේසයට යවද්දී අන්නාසි බතට උඩින් ලූනු කොළ දමන්නත් අමතක කරන්න එපා.
 


පාරම්පරික කේරළ එළවළු ව්‍යාංජනය

අවශ්‍ය ද්‍රව්‍ය
පොත්ත සමඟ දිගටිව
කපාගත් අළු කෙසෙල්
කෝප්ප 1/2 ක්
දිගටිව කපාගත් මෑ
කරල් කෝප්්ප 1/2 ක්
දිගටිව කපාගත් කැරට්
කෝප්්ප 1/2 ක්
මුරුංගා කෝප්ප 1/2 ක්
දිගටිව කපාගත්
වට්ටක්කා කෝප්්ප 1/2 ක්
ගා ගත් පොල් කෝප්ප01 ක්
මී කිරි කෝප්ප 1 1/2 ක්
කරපිංචා කෝප්ප 1/2 ක්
පොල්තෙල් මේස හැඳි 3 ක්
අමු මිරිස් කරල් 3 ක්
කහ සහ මිරිස් අවශ්‍ය ප්‍රමාණයට
සූදුරු තේ හැඳි 01 ක්
වතුර කෝප්ප 01 ක්

සාදාගන්නා ආකාරය
මෙම ව්‍යාංජනයේ විශේෂත්වය වනුයේ එළවළු සියල්ලම එකම ප්‍රමාණයට දිගටි හැඩයට කපා ගැනීමත් කරපිංචා සහ පොල්තෙල් ව්‍යාජනය පිසුණු පසු එකතුකර ගැනීමත් ය.
පළමුව පිරිසුදු භාජනයක් ළිප තබා එළවළු සියල්ල මිරිස්, කහ, අවශ්‍ය පමණ ලුණු හා වතුර කෝප්ප 01 දමා ළිප තබන්න. එළවළු සියල්ල නොකැඩෙන ආකාරයට තම්බා ගන්න.
ඒ අතර ගා ගත් පොල්, අමුමිරිස්, සූදුරු බ්ලෙන්ඩරයට දමා වතුර ස්වල්පයක් එක්කොට තලපයක් වනසේ බ්ලෙන්ඩ් කරගන්න.
එළවළු ටික තැම්බුණු පසු මීකිරි එකතුකරන්න. කලවම්කර අඹරාගත් පොල් එකතුකර අවශ්‍ය පමණ ලුණු ඇත්දැයි බලා ළිප නිවන්න. පසුව කරපිංචා, පොල්තෙල් ව්‍යාජනයට දමා කලම් කොට විනාඩි පහක් පමණ වසා දමා සුදුසු බඳුනකට දමා මේසයට යවන්න.කුඩුකර අවශ්‍ය මාළු පිනි සඳහා භාවිත කරන්න.


පෙපර් චිකන් කේරළ ස්ටයිල්

අවශ්‍ය ද්‍රව්‍ය

සෝදා මධ්‍යම ප්‍රමාණයේ කැබලිවලට
කපාගත් කුකුළු මස් ග්‍රෑම් 750 ක්
සිහින්ව කපා ගත් මධ්‍යම ප්‍රමාණයේ බී ලූනු ගෙඩි 2 ක්
කැබලි කරගත් තක්කාලි කෝප්ප 3 ක්
ඉඟුරු, සුදුලූනු තලප මේස හැඳි 2 ක්
කුඩුකර ගත් ගම්මිරිස් තේ හැඳි 1 1/2 ක්
කැබලි කරගත් ගම්මිරිස් තේ හැඳි 3 ක්
අමුමිරිස් කරල් 4 ක් (කැබලි ලෙස කපා)
කේරළ ගරම් මසාලා මේස හැඳි 1 ක්
කොත්තමල්ලි කුඩු තේ හැඳි 3 ක්
කහ තේ හැඳි 1/2 ක්
පොල් තෙල්
කරපිංචා
ලුණු අවශ්‍ය ප්‍රමාණයට
වතුර කෝප්ප 1/2 කින් ඇඹුරු කජු ග්‍රෑම් 50 ක්

සාදන අයුරු
පිරිසුදු භාජනයක් මඳ ගින්දරේ ළිප තබා භාජනය රත් වී ගෙන එද්දී පොල්තෙල් දමන්න. එයට ඉඟුරු, සුදුලූනු මිශ්‍රණය දමන්න. කැබලි කරගත් ලූනු, කරපිංචා, අමුමිරිස් කැබලි එක්කොට රන්වන් පැහැ ගැන්වෙනතුරු බැදගන්න.
පසුව එයට ගම්මිරිස් කුඩු, ගරම් මසාලා, කැබලි කරගත් ගම්මිරිස්වලින් තේ හැදි 01 ක්, කොත්තමල්ලි කුඩු, කහ කුඩු දමා කලවම්කර තක්කාලි එකතු කරගන්න. මෙම මිශ්‍රණය තැම්බී තලපයක් ලෙස සැකසූ පසු මස් කැබලි, ලුණු හා වතුර කෝප්ප 1/2 ක් දමා කලවම්කර භාජනය වසා හොඳින් පිසගන්න. පිස ගත් මස් ව්‍යාංජනයට අඹරාගත් කජු මිශ්‍රණය එක්කොට තවත් සුළු වේලාවක් පිසගන්න.
අවසාන වශයෙන් ලුණු බලා ඉතිරි කරගත් ගම්මිරිස් කැබලි දමා කලවම්කර ළිප නිවාගන්න.
සුදුසු භාජනයකට දමා ගැඹුරු තෙලේ බැදගත් කරපිංචා කොළවලින් සරසා මේසයට යවන්න.


 

බිත්තර මසාලා කරිය

අවශ්‍ය ද්‍රව්‍ය
තම්බාගත් බිත්තර 4 ක්
කහ කුඩු තේ
හැඳි 1/4 + 1/2 ක්
මිිරිස් කුඩු තේ
හැඳි 1/2 + 01 ක්
සිහින්ව කපාගත් බී ලූනු ගෙඩි 2 ක්
තක්කාලි ගෙඩි දෙකක්(සිහින්ව කපාගත්)
කේරළ ගරම් මසාලා තේ හැඳි 01 ක්
අමුමිරිස් කරල් 4 ක්
කරපිංචා කොළ 7, 8 ක්
කොත්තමල්ලි කුඩු
මේස හැදි 1 ක්
පොල්තෙල් මේස හැඳි 6 ක්
රස අනුව ලුණු

සාදන්නේ මෙහෙමයි
තම්බාගත් බිත්තර ගෑරුප්පුවක් ආධාරයෙන් සිදුරුකර ගන්න. (මෙම ක්‍රමය නිසා තෙල්වල බැදීමේදී බිත්තරයේ පිපිරීමක් සිදු නොවේ.) මිරිස් කුඩු, කහ කුඩු වෙන්කරගත් පරිදි පළමුව තේ හැඳි 1/2 ක් ගෙන වතුර ස්වල්පයක් දමා තලපයක් සාදා සිදුරු කරගත් බිත්තර මත ගල්වන්න.
සුදුසු භාජනයක් ළිපතබා එය රත්වද්දී පොල්තෙල් එක්කොට බිත්තර මද ගින්නේ බැද පසෙකින් තබාගන්න.
එම තෙල්වලටම බී ලූනු දමා රන්වන් පැහැය වනතෙක් බැදගන්න. ඉඟුරු, සුදුලූනු, තක්කාලි, අමු මිරිස් කරල්, ඉතිරි කහ කුඩු හා මිරිස් කුඩු ටික, කේරළ ගරම් මසාලා, කොත්තමල්ලි කුඩු දමා මද ගින්නේ තලපයක් සෑදෙන ආකාරයට තම්බා ගන්න.
පසුව මෙයට අඬුකෝප්ප 1/2 ක වතුර, කරපිංචා හා බිත්තර, රස අනුව ලුණු එකතු කොට ළිප නිවා විනාඩි 05 ක් පමණ භාජනය වසා තබන්න.
සුදුසු භාජනයකට දමා බැදගත් කරපිංචා කොළ ස්වල්පයක් උඩින් දමා මේසයට යවන්න.

-tharuni-

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 12 of 77 << < 1011121314 > >>