You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 17 of 77 << < 1516171819 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Apr 2017 07:24 PM

https://i.imgsafe.org/aeb0082c18.jpg

https://i.imgsafe.org/aeb0709270.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Apr 2017 07:29 PM

සීෆුඩ් පිට්ටු


අවශ්‍ය ද්‍රව්‍ය

සහල්පිටි ග්‍රෑම් 500
සිහින්ව ගාගත් ‍පොල් ග්‍රෑම් 200
සිහින්ව කපාගත් මාළු ග්‍රෑම් 50
දැල්ලන් ග්‍රෑම් 50
ඉස්සන් ග්‍රෑම් 50
ලූනු කොළ ග්‍රෑම් 50

සාදන ආකාරය

මාළු වර්ග සියල්ල ඉතා හොඳින් සෝදා ගන්න. දැන් ඒවා ඉතා කුඩා කැබැලි වලට කපා ගන්න. ලූනු කොළද කුඩාවට කපා ගන්න. දැන් බඳුනක් ගෙන එයට මාළු, ‍පොල්, ලුණු, ලූනු කොළ දමා හොඳින් මිශ්‍ර කර ගන්න. ‍පොල්කිරි හෝ වතුර ස්වල්පය බැගින් ඉසිමින් පිට්ටු කැට කර ගන්න. ඉන්පසු පිට්ටු බම්බුවක හෝ ස්ටීමරයක දමා තම්බා ගන්න.

කටට රසට ක්‍රිස්පි පාන්

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පෙති 6ක් පමණ
පාමසන් චීස් ග්‍රෑම් 50
කෑලි මිරිස් ස්වල්පයක්
ලුණු ඉතා ස්වල්පයක්
තෙල්

සාදන ආකාරය

පාන් පෙති ඉතා කුඩා කොටු ලෙස කපා රත්වූ තෙලට දමා රන්වන් පාටට බැද තෙල් බේරාගන්න. දැන් එයට සිහින්ව කුඩු කරගත් චීස්, කෑලි මිරිස් සහ ලුණු ස්වල්පයක් දමා උඩ දමමින් කලවම් කර ගන්න.

 

කජු වාරයේ කමු කිරි කජු ව්‍යංජනයක්

අවශ්‍ය ද්‍රව්‍ය

කිරි කජු ග්‍රෑම් 500
සිහින්ව කපාගත් ලූනු ග්‍රෑම් 50
සිහින්ව කපාගත් අමුමිරිස් ග්‍රෑම් 50
සිහින්ව කපාගත් සුදුලූනු ග්‍රෑම් 10
කරපිංචා ඉති 2ක්
අමු තුනපහ කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/2
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
සිහින් කොටු ලෙස කපාගත් තක්කාලි ගෙඩි 1
රසට අනුව ලුණු
මිටි ‍පොල්කිරි අඬු කෝප්ප 2
දියකිරි අඬු කෝප්ප 2

සාදන ආකාරය

කජුවල කිරි ඉවත්ව යන ලෙස හොඳින් අතුල්ලා සෝදා හරින්න. කජු ටික පැයක් පමණ පෙඟෙන්නට තබන්න. දැන් සුදුසු භාජනයකට දමන්න. දැන් එයට කපාගත් ලූනු, කරපිංචා, අමුමිරිස්, සුදුලූනු, තුනපහ කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු සහ දියකිරි දමා තැම්බෙන්නට තබන්න. තැම්බිගෙන එන විට තක්කාලි කැබැලි දමන්න. කජු හොඳින් තැම්බුනු පසු මිටිකිරි දමා නටවා බිමට බාගන්න.

 

ස්ට්‍රින් බුරියානි


අවශ්‍ය ද්‍රව්‍ය

ඉඳිආප්ප 50ක් පමණ
කැරට් ග්‍රෑම් 100
ලික්ස් ග්‍රෑම් 50
බෝංචි ග්‍රෑම් 50
බිත්තර 3 යි
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව
සුප් කැට 2ක් පමණ
බටර් හෝ මාගරින් මේස
හැඳි 2-3ක්
අවශ්‍ය නම් චිලි පේස්ට් ටිකක්

සාදන ආකාරය

ඉඳිආප්ප කුඩාවට කඩා ගන්න. කැරට්, ලීක්ස්, බෝංචි සිහින්ව ලියා ගන්න. දැන් බටර් ටික ලිප තබා රත්වන විට කපාගත් එළවළු දමන්න. දැන් බිත්තර තට්ටු කර එකතු කරමින් කූරු ගාන්න. ලුණු, ගම්මිරිස්, සුප්කැට එකතු කරන්න. චිලි පේස්ට් දමන්න. දැන් කඩාගත් ඉඳිආප්ප දමා හොඳින් මිශ්‍ර කර ගන්න.

 

උණුසුම් කාලයට සුදුසු පානයක්

පැපායා මෙලන් ස්මූති

අවශ්‍ය ද්‍රව්‍ය

සූරාගත් ගස්ලබු අඬු කෝප්ප 1
සූරාගත් කොමඩු අඬු කෝප්ප 1/2
මුදවපු කිරි අඬු කෝප්ප 1/4
ෆේ‍ර්ෂ් මිල්ක් අඬු කෝප්ප 1/4
සීනි මේස හැඳි 1
අයිස්කැට 2යි

සාදන ආකාරය

ගස්ලබු, කොමඩු, මුදවපු කිරි, කිරි සියල්ල පැය 1/2 පමණ ශීතකරණයේ තබා ඒවා සීනි සහ අයිස් කැට සමග බ්ලෙන්ඩරයකට දමන්න. ඉතාම සියුම් පදමට එනතුරු බ්ලෙන්ඩර් කර වීදුරුවලට දමා පිළිගන්වන්න.

 

 

හැමෝටම ආස හිතෙන චොකලට් කස්ටඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

නන්ෆැට් කිරි කෝප්ප 2
කෝන් පිටි ග්‍රෑම් 150
කොකෝ පවුඩර් ග්‍රෑම් 50
සීනි රසකාරක තේ හැඳි 2

සාදන ආකාරය

කිරි ළිප තබා රත්වනවිට කෝන් පිටි දියකර එකතු කරමින් කලවම් කරන්න. මෙය උකුවේගෙන එන විට කොකෝ පවුඩර් එකතු කරන්න. සීනි රසකාරක දමා කලවම් කරන්න. දැන් සුදුසු බඳුනකට දමා නිවෙන්නට හැර කැබැලි කපාගන්න.

 

වැලි තලප


අවශ්‍ය ද්‍රව්‍ය

කැකුළු සහල් පිටි ග්‍රෑම් 250පැණි බෝතල් 3/4
ලුණු ස්වල්පයක් ‍පොල් ගෙඩියක්
කරදමුංගු කරාබුනැටි 2-3ක්

සාදන ආකාරය‍

පොල් ගෙඩිය ඉතාම සිහින් වනසේ ගාගන්න. දැන් සහල් පිටි ටික බඳුනකට දමා එයට ලුණු ස්වල්පයක්, ‍පොල් ටික ටික දමමින් වතුර ඇඟිලි තුඩු වලින් ඉසිමින් පිටි ටික පිට්ටු සාදන ආකාරයට කැට කර ගන්න. ලොකු කැට සෑදේ නම්, අතින් ඒවා කුඩු කර ගනිමින් කුඩාවට මල් කර ගන්න. දැන් පිට්ටු ටික බම්බුවක හෝ ස්ටීමරයක දමා හොඳින් තම්බා ගන්න. දැන් ඒවාද අතින් ‍පොඩිකර ගන්න. දැන් පැණි ළිප තබා උණු වන්නට හරින්න. උණුවන විට පැණි අඬු කෝප්ප 1/2 පමණ ගෙන පසෙකින් තබන්න. දැන් උණු වූ පැණි වලට පිට්ටු ටික ටික දමමින් කලවම් කරගන්න. මිශ්‍රණය ඝන වී ගෙන එන විට ළිපෙන් බාගන්න. අවශ්‍ය තරමට තව පැණි එකතු කරමින් අනා පැතලි පෘෂ්ඨයක වඩවා කෑලි කපා ගන්න.

 

මුං කැවුම්

අවශ්‍ය ද්‍රව්‍ය

මුං පිටි ග්‍රෑම් 500
සහල් පිටි ග්‍රෑම් 250
පැණි බෝතල් 1/2
සීනි ග්‍රෑම් 250
බිත්තරයක්
කහ ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
‍පොල් ගෙඩියක පමණ උකු කිරි
බැදීමට තෙල්

සාදන ආකාරය

මුං පිටි සහ සහල් පිටි වෙන වෙනම රන්වන් පාට වනතුරු බැදගන්න. දෙකම හොඳින් මිශ්‍ර කරන්න. බඳුනක් ගෙන එයට පැණි ටික දමා උණු කරන්න. උණු වී ගෙන එන විට එයට පිටි ටික ටික දමමින් හැඳි ගා ගුලියක් සෑදෙන පදමට පිසගන්න. දැන් මිශ්‍රණය ළිපෙන් බා ගන්න. එය ලෑල්ලකට දමන්න. එම පිටි මිශ්‍රණය සාදාගත් බඳුනකටම වතුර ටිකක් දමා උණු කරමින් හැඳි ගාන්න. එය උකු කැඳක් ලෙස සෑදේවි. ඉන්පසු ලෑල්ලක් මත ඇති පිටි ගුලියට දමා කැඳ ටික ටික දමමින් අනාගන්න. දැන් එය තෙල් ගාගත් පැතලි පෘෂ්ඨයක් මත වඩා අළුවා හැඩයට කෑලි කපා ගන්න. දැන් හාල්පිටි ග්‍රෑම් 200, බිත්තරය, මිටිකිරි, ලුණු, කහ ස්වල්පයක් දමා උකු පාප්පයක් සේ සාදා ගන්න. දැන් මුංපිටි වලින් තැනූ අළුවා කැබැලි පිටි මිශ්‍රණයේ දවටා රත්වූ තෙලට දමා බැද ගන්න.

 

උපුටා ගත්තේ - ලක්බිම වෙබ් පුවතින්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Apr 2017 09:19 PM
කෑම බිම වර්ග හදන හැටි, ෂා නියමනේ ඉද හිට වෙලාවක හදා ගන්න ඕන,
ආදරයේ උල්පත අම්මා ......................
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2017 04:45 AM
දැක්කමත් ඇති බඩ පිරෙන්න ...මේ කාලෙට සුදුසු ඒවා මේවා නම් .
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Apr 2017 06:49 PM

රස ඉතිරෙන සුමිහිරි අතුරුපස 

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
ගහ කොළ මලින් ඵලින් පිරුණු සොඳුරු වසන්තය අත ළඟටම ඇවිදින්. කොහෝ නාදය දසත පැතිරුණු මේ අලුත් අවුරුද්දේ ඔබ බෙහෙවින්ම කාර්යබහුලයි. කෑම බීම, ඇඳුම් පැලඳුම් ගේ දොර උපකරණ ආදී බොහෝ දේ ඔබේ උරමත. ඒ නිසාම අවශ්‍ය දේ ඉක්මනින් පහසුවෙන් තෝරාගන්න. කෑම බීම පිළිබඳ අතිරේක පෙළක්ම අප ඔබට ලබාදුන්නා.

 

සිංහල කැවිලි, කේක් වර්ග. අපේකමට අපේ කෑම, වගේම විදේශීය රසයන් සහිත අතිරේක පෙළක්ම ඒ අතරට එක්වුණා. අවුරුදු කෑම අතිරේක පෙළේ අවසන් අතිරේකය ලෙසින් අද ඔබේ දෝතට තිළිණ කරන්නේ රසැති අතුරුපස පිරුණු සුවිශේෂී අතිරේකයකි.

අවුරුද්දට පවුලේ අයට වගේම නිවෙසට පැමිණෙන නෑ හිත මිතුරන්ට සංග්‍රහ කරන්න කදිම මේ අතුරුපස ඔබේ සූපවේදී හැකියාවන් අගේට පෙන්වාවි.

පෝෂණ ගුණය වගේම රසයත් ඉහළ අතුරුපස බොහොමයකට එක්කරගෙන තිබෙන්නේ පලතුරු වීමත් විශේෂයක්. පුංචි දරුවො වගේම වැඩිහිටියොත් මේ අතුරුපස බොහොම ආශාවෙන් රස විඳීවි. නෑගම් යනකොට ගෙනියන කැවිලි පෙවිලි අතරටත් මෙහි දැක්වෙන අතුරුපසක් සාදා ගෙන යන්නත් පුළුවන්. එය නම් ඔබට හරිම සුවිශේෂී දෙයක් වේවි. ඒ වගේම තමයි අවුරුදු කාලෙන් පස්සෙත් වෙනත් විශේෂ අවස්ථාවනට වගේම පවුලේ කට්ටියට එකතුවෙලා නිවාඩුපාඩුවේ රස විඳින්නත් මේ අතුරුපස වර්ග සුදුසුයි.

රස ඉතිරෙන සුමිහිරි සුවඳින් යුත් මේ අතුරුපස සැකසීමේදී ගැටලු මතුවුණොත් උපදෙස් ලබාගන්නත් ඔබට අවස්ථාව තියෙනවා.

 

 

 

 

ස්ට්‍රෝබෙරි මූස්

අලුත් අවුරුද්දට ස්ට්‍රෝබෙරි මූස් එකක රස බලන්න තියෙනවා නම් හරිම අපූරුයි නේද? ස්ට්‍රෝබෙරි රසයට ලොකු කුඩා හැමෝම කැමැතියි නේ. ඔන්න එහෙනම් මේ විදිහට ස්ට්‍රෝබෙරි මූස් එකක් හදලා බලන්නකෝ.

 අවශ්‍ය ද්‍රව්‍ය:

රසකළ කිරිටින් 1/2 ක්

බිත්තර 3 ක් - ජෙලටින් තේ හැඳි 3 ක්

ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 150 ක් - වතුර කෝප්ප 1/4 ක්

උණු වතුර කෝප්ප 1/2 ක් - සීනි කෝප්ප 1/2 ක්

 

සාදන ක්‍රමය:

පළමුව ස්ටෙ‍්‍රීබෙරි සහ වතුර කෝප්ප 1/4ක් එකතුකර බ්ලෙන්ඩ් කරගන්න. එයට රසකළ කිරි ටින් එක දමා ගසාගන්න.

දැන් බිත්තර සුදුමද සහ කහමද වෙන්කර වෙන වෙනම ගසාගන්න. කහමදවලට සීනි එකතුකර ගසාගන්න. පසුව උණුවතුර කෝප්ප 1/2 කට ජෙලටින් දියකර කිරි මිශ්‍රණය එකතුකරන්න. එයටම සුදුමද මිශ්‍රණය ද එකතුකර ශීතකරණයේ තබා ආහාරයට ගන්න. ඊට පෙර ජෙලි, ස්ට්‍රෝබෙරි හෝ චෙරි යොදා අලංකාර කරගන්න.


 මොන්ටිලිමර් පුඩිම

 

අවශ්‍ය ද්‍රව්‍ය:

කිරි අවුන්ස 6 ක්

චෙරි ග්‍රෑම් 25 ක්

මාශ්මෙලෝ ග්‍රෑම් 50 ක්

ජෙලටින් තේ හැඳි 2 ක්

උණුවතුර මිලි

ලීටර් 125 ක්

ලෙමන් ගෙඩි 1/2 ක යුෂ

සීනි ග්‍රෑම් 25 ක්

සාදන ක්‍රමය:

පළමුව ජෙලටින් උණුවතුරේ දියකර ගන්න. පසුව එය නිවාගන්න. දැන් එය කිරි සමඟ මිශ්‍රකර ගසාගන්න. පසුව එයට ලෙමන්, චෙරීස්, මාස්මෙලෝ සහ සීනි එකතුකර බඳුනකට වත් කරගන්න. අන්නාසි සහ චෙරිවලින් අලංකාර කරගන්න. පසුව මෙය ශීතකරණයේ තබන්න. පිළිගැන්වීමට පෙර අනෙක්පස හරවා ගන්න.


 ඇපල් චාලොට්

ඇපල්වලින් හදපු මේ අතුරුපසත් ඔයාගෙ නිවෙසට එන නෑ හිත මිතුරන් වෙනුවෙන්මයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය -

බටර් අවුන්ස 3ක්

පාන් කුඩු අවුන්ස 8ක්

සීනි අවුන්ස 4ක්

කොළ ඇපල් රාත්තල් 1 1/2ක්

ලෙමන් ගෙඩියක්

වතුර මේස හැඳි 2ක්

මොක් ක්‍රීම් හෝ ඩබල් ක්‍රීම් මි.ලී125

සාදන ක්‍රමය -

පළමුව පෑන් එකක් ගෙන එයට බටර් දමා රත් කරගන්න. පසුව එයට පාන් කුඩු එකතුකර රන්වන් පැහැ වනතුරු සහ ක්‍රිස්පි වනතුරු කලවම් කරන්න. පසුව ළිපෙන් ඉවත්කර සීනි අවුන්ස දෙකක් එයට එකතු කරන්න. මෙය වෙනත් බඳුනකට දමාගන්න. දැන් පෑන් එක නැවතත් ළිප මත තබා එයට පොතු ඉවත්කර පෙති කපාගත් ඇපල්, ලෙමන් යුෂ, ඉතිරි සීනි සහ වතුර දමා වසා උයාගන්න. ඇපල් හොඳින් පියුරි වනතුරු (පොඩිවන තුරු) තබා ළිපෙන් බා නිවාගන්න.

දැන් බඳුනක් ගෙන ඒ මතට ඇපල් පියුරි දමාගන්න. එයට උඩින් පාන් කුඩු සහිත මිශ්‍රණය දමන්න. මෙය තට්ටු ආකාරයෙන් දමා උඩින් මොක් ක්‍රීම් දමාගන්න. ඒ මත චොකලට් දමා සරසා ශීතකරණයේ තබා කෑමට ගන්න. මොක් ක්‍රීම් වෙනුවට ඩබල් ක්‍රීම් යොදාගත හැකියි.

පාන් කුඩු වෙනුවට යටට පමණක් ඕට්ස් මිශ්‍රණයකින් කොටසක් දමා ඇපල් සහ මොක් ක්‍රීම් දමා කේක් කෑලි වරින් වර දමමින් ද සාදාගත හැකියි. එයට උඩින් පලතුරු, චෙරීස්, ප්ලම්ස් යොදා සරසා ගත හැකියි.


 ඩෝනට්

අතුරුපසක් විදිහට විතරක් නෙමෙයි රසකැවිල්ලක් විදිහට අවුරුදු කෑම මේසය හැඩකරන්නත් ඩෝනට් හරිම අපූරුයි. පුංචි දරුවො එක්කනම් තියාගන්නම බැරිවෙයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය:

පිටි ග්‍රෑම් 500 ක්

සීනි ග්‍රෑම් 75 ක්

ඊස්ට් ග්‍රෑම් 25 ක්

උණුකරගත් බටර් ග්‍රෑම් 100 ක්

වතුර මිලිලීටර් 150 ක්

බිත්තර 3 ක්

බැද ගැනීමට පොල්තෙල්

අයිසිං සීනි අවශ්‍ය පමණ

චොකලට් පවුඩර් ස්වල්පයක්

සැරසීමට ස්ප්‍රිංකල්

බටර් ග්‍රෑම් 100 ක්

 

සාදන ක්‍රමය:

පළමුව පිටි, සීනි සහ ඊස්ට් කලවම් කරගන්න. එයට වතුරද එකතුකර බීට් කරන්න. දැන් නැවතත් කලවම් කරගන්න. අතේ නොඇලෙන පදමට විනාඩි 10 ක් පමණ අනාගන්න.

ඉන්පසු බටර් එයට එකතුකර විනාඩි 15 ක් පමණ අනාගන්න. ඉන්පසු පිඟානක් ගෙන එයට පිටි ස්වල්පයක් ඉහින්න. ඒ මත පිටි ගුලිය තබා විනාඩි 30 ක් පමණ වසා තබන්න.

දැන් මේසයක් මත පිටි ස්වල්පයක් ඉස ඒ මත පිටි ගුලිය තබා අඟල් 10 ක් පමණ ඝනකමින් තුනිකරගන්න. පසුව එහි රවුම් කොටස් කපා ගන්න. මැදින් හිලක් විදින්න. ඒ සඳහා කටර් එකක් භාවිත කළ හැකියි.

ඉන්පසු එම රවුම් ද විනාඩි 20 - 30 ක් පමණ තබා ගැඹුරු තෙලේ බැදගන්න. පසුව අයිසිං සීනි ස්වල්පයකට චොකලට් පවුඩර් සහ උණුවතුර ස්වල්පයක් එකතුකර චොකලට් සෝස් සාදාගන්න.

දැන් බැදගත් ඩෝනට් චොකලට් සෝස්වල උඩ කොටසෙහි පොඟවා ගන්න. එහි උඩට ස්ප්‍රිංකල් හෝ අයිසිං කුඩු ස්වල්පයක් ඉස ගන්න.


 පාන් පුඩිම

පාන්, පුඩිමක් විදිහට හදලා රස බලන්නත් ඔයාලා කැමැති ඇතිනේ. ඔන්න ඒ නිසා අලුත් අවුරුද්දට නිවෙසට පැමිණෙන අමුත්තොත් එක්ක රස බලන්න පාන් පුඩිමක් හදාගන්න විදිහ ඔයාලට කියලා දෙනවා.

 

අවශ්‍ය ද්‍රව්‍ය:

කිරි මිලි ලීටර් 500 ක්

පාන් පෙති 6 ක්

බිත්තර 2 ක්

සීනි මේස හැඳි 3 - 4 ක් පමණ

බටර් ග්‍රෑම් 25 ක්

වැනිලා තේ හැඳි 2 ක්

ජෑම් අවශ්‍ය පමණ

ප්ලම්ස් ග්‍රෑම් 25 ක්

 

මෙරූන් වැස්ම සඳහා

බිත්තර සුදුමද 3 ක්

සීනි මේස හැන්දක්

ලුණු ස්වල්පයක්

 

සාදන ක්‍රමය:

මේ සඳහා පළමුව පාන්වල බටර් සහ ජෑම් ගාගන්න. ඉන්පසු තීරු කපාගන්න. දැන් බටර් තවරාගත් තැටියක අසුරමින් සීනි සහ ප්ලම්ස් ස්වල්පයක් ඉසින්න. ඉන්පසු කිරි, සීනි සහ වැනිලා මිශ්‍රකර පාන්වලට වත්කර පොඟවා ගන්න. පසුව සෙල්සියස් අංශක 160 ක උෂ්ණත්වයෙන් විනාඩි 20 ක් පමණ පෝරණුවට දමා පුළුස්සාගන්න. පාන්වල වටේ රන්වන් පැහැවනවිට මෙරූන් වැස්ම උඩින් දමාගන්න. දුඹුරු පැහැ වනවිට පෝරණුවෙන් ඉවතට ගන්න.

 

මෙරූන් වැස්ම සාදන ආකාරය

ඒ සඳහා බිත්තර සුදු මද, සීනි සහ ලුණු එකතුකර හොඳින් ගසාගන්න.


 චොකලට් පුඩිම

 

 මේ අතුරුපසට නම් ගොඩක්ම කැමැති පුංචි දරුවො.  මොන විදිහට හැදුවත් චොකලට්වල රස බලන්න කැමැති එයාලට මේ අවුරුද්දෙ චොකලට් පුඩිමක් හදලා දෙමු.

 අවශ්‍ය ද්‍රව්‍ය:

ටින්කිරි ටින් 1/2 ක්

චොකලට් කුඩු මේස හැඳි 2 ක්

නෙස්කැෆේ මේස හැන්දක්

බිත්තර 2 ක්

කජු මද ග්‍රෑම් 100 ක්

බ්‍රැන්ඩි එසන්ස් මේස හැන්දක්

බටර් ග්‍රෑම් 100 ක්

සීනි කෝප්ප 1/2 ක්

ජෙලටින් තේ හැඳි 4 ක්

උණු වතුර

කෝප්ප 1/2 ක්

සාදන ක්‍රමය:

 

පළමුව බිත්තර කහමද සහ සීනි එකට එකතුකර බීට් කරගන්න. ඉන්පසු චොකලට් කුඩු, නෙස්කැෆේ, ටින්කිරි, බ්‍රැන්ඩි එසන්ස් සහ කජු ග්‍රෑම් 50 ක් එයටම දමා බීට් කරගන්න.

දැන් උණුවතුර කෝප්ප 1/2 කට ජෙලටින් දමා දියකරගන්න. එයද ඉහත මිශ්‍රණයට දමා බීට් කරගන්න.

ඉන්පසු බිත්තර සුදුමද වෙනම ගසාගන්න. එයද ඉහත මිශ්‍රණයට කලවම් කරන්න.

දැන් බෝල් එකකට මෙම මිශ්‍රණය දමා උඩින් ඉතිරි කජු සහ චොකලට් කුඩු ඉසින්න. ශීතකරණයේ තබා සෙට් කරගන්න.

  ඡායා - ශාන් රඹුක්වැල්ල

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Apr 2017 06:53 PM

https://i.imgsafe.org/d87f62012f.jpg

https://i.imgsafe.org/d87f6a2159.jpg

https://i.imgsafe.org/d87fe008e2.jpg

http://imageresize.org/Output/f1285aa7-36a2-40dc-82e4-dc2917e9bcf9.jpg

https://i.imgsafe.org/d87ff25af6.jpg

https://i.imgsafe.org/d87fa530d7.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Apr 2017 09:23 AM
ඔන්න චාමර දාලා තියෙනවා වගේ මේ පාර අවුයිරුද්දට කිරි ටොපි අපිත් හැදුවා.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Apr 2017 06:21 PM

http://navaliya.com/2017/04/17/New%20folder/50.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Apr 2017 06:23 PM

https://i.imgsafe.org/4182f7727f.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Apr 2017 06:24 PM

https://i.imgsafe.org/418253eb35.jpg

https://i.imgsafe.org/41833b553e.jpg

https://i.imgsafe.org/41837708ed.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
16 Apr 2017 07:53 PM
මේවා දැක්කම කටට කෙළ උනනවා...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Apr 2017 06:02 PM

https://i.imgsafe.org/5651eecf83.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Apr 2017 06:06 PM

ග්‍රිල් කරගත් කෙසෙල් සමග හකුරු

අවශ්‍ය ද්‍රව්‍ය
ඉදුනු කෙසෙල් ගෙඩි, කුරුඳු කුඩු ස්වල්පයක්, ගාගත් හකුරු මේස හැඳි 2ක්, කිතුල් පැණි හෝ මී පැණි ස්වල්පයක්

සාදාගන්නා ආකාරය
කෙසෙල් ගෙඩිවල ලෙලි හැර එය මැදින් දික් අතට වෙන් නොවන්නට පැල්මක් දමා ගන්න. ඒ මැදට ගාගත් හකුරු සහ කුරුඳු කුඩු දමා ෆොයිල් පේපර් එකකින් ඔතාගන්න. පසුව සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් විනාඩි 7ක් බේක් කරගන්න. නැතිනම් පෑන් එකක දමා ග්‍රිල් කරගන්න. කිතුල් පැණි හෝ මී පැණි උඩින් දමා පිළිගන්වන්න. අවශ්‍ය නම් කපාගත් කජු ටිකක් ඉසින්න.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Apr 2017 06:07 PM

ලෙහෙසියෙන් හදා ගත හැකි ඉන්දියන් කෑමක් - සන්දේශ්

අවශ්‍ය ද්‍රව්‍ය
පනීර් කෝප්ප 1, සීනි මේස හැඳි 3, කුරුඳු කුඩු ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය
පනීර්වලට කුරුඳු කුඩු සහ සීනි එක් කර මෘදු වන තුරු අනාගන්න. එය බඳුනකට දමා අඩු ගින්දරේ ළිප තබා ගන්න. තෙත ගතිය ඉවත් වී මෘදු බෝලයක් වන තුරු කලවම් කරන්න. රස්නය තිබියදීම කුඩා කැබලිවලට කඩා කුඩා බෝල සාදා තරමක් අතින් පැතලි කරගන්න. අවශ්‍ය නම් ශිත කර හෝ මේ අයුරින්ම පිළිගන්වන්න.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Apr 2017 06:32 PM

https://s14.postimg.org/bak0975n5/page0012.jpg

https://s14.postimg.org/ndpbwrgpd/page0013.jpg

https://s14.postimg.org/b0h33lgep/page0014.jpg

https://s14.postimg.org/k9j9dppan/page0026.jpg

https://s14.postimg.org/emmwg8ms1/page0030.jpg

https://s14.postimg.org/sucl4vzgx/page0031.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Apr 2017 04:22 AM
කලූ දොදොල්
https://s18.postimg.org/q29z55ujt/dod1.jpg
අවශ්‍ය දේ :-

    හාල්පිටි -  250 g
    පොල් ගෙඩි 3 ක කිරි
    කරදමුංගු / කරාබුනැටි කුඩු තේ හැදි 1/2
    හකුරු කිලෝ  1 1/2
    කජු  100 g
    ලූණු ස්වල්පයක්


සාදන ආකාරය

පොල් හොදින් මිරිකාගාන්න. ලොකු තාච්චියකට පොල් කිරි දමා හොදින් කලවම් කර ලිප තබා නොනවත්වා හැදිගාන්න. මිශ‍්‍රණය ඝනවන විට පිත්තල හෝ යකඩ හැන්දකින් හැදිගාන්න. (දොදොල් පත්ත තෙල් උනන විට හැකි තරම් තෙල් ඉවත් කර ගන්න. (හැන්දකින් ඝන වී එනවිට සුවද ද්‍රව්‍ය හා කජු මද ඉසින්න. හොදින් හැදි ගෑම නොකළහොත් අඩිය ඇල්ලීමට ඉඩ තිබේ. තලපයක් මෙන් ඝන වී භාජනයේ නොඇලෙන මට්ටමට එන විට ලිපෙන් බා තැටියකට අතුරා ගන්න. ඒ මතුපිටද කජු වලින් සරසා ගත හැක.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
20 Apr 2017 04:31 AM
දැනුත් මේ දොදොල් කෑල්ලක් හප හපා ඉන්නේ...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Apr 2017 06:35 PM
එහෙනම් මේ පැත්තටත් එවන්නකෝ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Apr 2017 06:37 PM
එහෙනම් මේ පැත්තටත් එවන්නකෝ එහෙනම්.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Apr 2017 05:16 AM

තායි චිලි ෆ්‍රයිඩ් රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය
බාස්මතී සහලින් පිසගත්
බත් ග්‍රෑම් 200
සිහින්ව කපාගත් ගෝවා ග්‍රෑම් 25
සිහින්ව කපාගත් නිවිති ග්‍රෑම් 25
සේර ග්‍රෑම් 5
අමුමිරිස් කරල් 3 යි
මාළු සෝස් තේ හැඳි 3
බිත්තර 1 යි
එළවළු තෙල් තේ හැඳි 3
කුඩාවට කොටු කපාගත්
කුකුල් මස් ග්‍රෑම් 50
කුඩාවට කපාගත් ඉස්සන් ග්‍රෑම් 50
ලූනු කොළ ග්‍රෑම් 50
චිලි ඔයිල් තේ හැඳි 2
ලුණු රසට අනුව, තෙල් අවශ්‍ය තරමට

සාදන ආකාරය
කුකුල් මස් කැබැලි සහ ඉස්සන් රත්වූ ගැඹුරු තෙ‍ලේ රන්වන් පාටට බැද ගන්න. සේර සිහින්ව කපා ගන්න. දැන් බඳුනකට තෙල් ටිකක් දමා ළිප තබන්න. එය රත්වූ පසු ගෝවා, නිවිති එකතු කර විනාඩියක් පමණ පිසගන්න. දැන් බිත්තරය කඩා දමා කූරු ගාන්න. දැන් සේර සිහින්ව කපාගත් අමුමිරිස් ද එකතු කරන්න. පිසගත් බත් වලට මාළු සෝස්, ලුණු එකතු කර විනාඩි කීපයක් කලවම් කරමින් පිසගන්න. දැන් චිලී ඔයිල් බැදගත් මස්, ඉස්සන්, කපාගත් ලූනු කොළ එකතු කර හොඳින් මිශ්‍ර කර උණුවෙන්ම පිළිගන්වන.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 17 of 77 << < 1516171819 > >>