You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 18 of 77 << < 1617181920 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Apr 2017 05:18 AM

ඩීප් ෆ්‍රයිඩ් ගරුපා විත් තායි සැලඩ්


අවශ්‍ය ද්‍රව්‍ය
පිරිසිදු කරගත් ග්‍රෑම් 450ක පමණ
ගල් මාළු කූරියෙක්, ලුණු රසට අනුව
ගම්මිරිස් කුඩු මේස හැඳි 1
දෙහි ගෙඩියක යුෂ
කෝන්පිටි මේස හැඳි 2
බිත්තරයක්, පෙති කපාගත් ලොකු ලූනු ගෙඩි 2 යි, සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 3 යි, සිහින්ව කපාගත්
කොත්තමල්ලි කොළ ග්‍රෑම් 10
ටොම් යම් පේස්ට් මේස හැඳි 1
චිලි ඔයිල් තේ හැඳි 1
මාළු සෝස් තේ හැඳි 1
තෙල් අවශ්‍ය තරමට

සාදන ආකාරය
මාළුවා හොඳින් වියළි යන සේ සුද්ද කර සෝදා වෙන් නොවන සේ දෙපස තියුණු පිහියකින් ඉරි ගසා ගන්න. දැන් ලුණු, ගම්මිරිස් සහ දෙහි යුෂ යොදා හොඳින් අතගා පදම් වන්නට තබන්න. බිත්තරය සහ කෝන්පිටි මිශ්‍රකර මාළුවාගේ ශරීරයේ හොඳින් ආ‍ලේප කරන්න. දැන් රත්වූ තෙල් ටිකක දමා මාළුවා රන්වන් පාට වනතුරු බැදගන්න. බඳුනක් ගෙන එයට පෙති කපාගත් ලූනු, අමුමිරිස්, කොත්තමල්ලි කොළ, ටොමි යම් පේස්ට්, චිලි ඔයිල්, මාළු සෝස් සහ ලුණු ස්වල්පයක් එකතු කර හොඳින් අනාගන්න. දැන් මාළුවා දීසියක තබා සාදාගත් සලාදය වටේට දමා මේසයට යවන්න.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Apr 2017 07:20 PM
ආස්මී

අවශ්‍ය දේ
හාල්පිටි 1kg
දවුල් කුරුදු කොළ ටිකක්
පොල් බෑයක පමණ කිරි (කෝප්ප 02)
පැණි බෝතල් 1/2 (උණු කල සීනි 500 g)

 සාදන ආකාරය
හාල් කොටා කීපවාරයක් හලා ගන්න. පොල් කිරි ලූණු සමග මිශ‍්‍රකර ඝන මිශ‍්‍රණයක් සාදා ගන්න. දවුල් කුරුදු කොළ වලට වතුර ටිකක් දමා කොටා ඉස්ම මිරිකා ගන්න. (නානු මෙම නානු පිටි මිශ‍්‍රණයට දමා කළවම් කරගන්න. මිශ‍්‍රණයද නානු ගතියෙන් යුක්ත වීමට වග බලා ගත යුතුය.

තෙල් තාච්චියක් ලිප තබා මිශ‍්‍රයෙන් ස්වල්පයක් ගෙන ආස්මී හැන්දෙන් තෙල් තාච්චියට රවුම් කීපයක් සිටින සේ වක්කර දැලක් සේ සාදාගන්න. ඉන්පසු එය කෙට නමා කෙළවර තදකර ගන්න. අනෙක් පැත්තද හරවා බැදගන්න. ඉන්පසු දවස් 2-3 ක් තබාගෙන නැවත වරක් බැද ඒවා මත මෝසතරයකට උණු කළ පැණි හෝ සීනි (කැමති නම් වර්ණ ගැන්විය හැක) වක් කරන්න.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Apr 2017 07:22 PM
මුං කැවුම්

අවශ්‍ය ද්‍රව්‍ය

     බැදගත් හාල්පිටි 1 kg
     බැදගත් මුංපිටි 750 g
    පැණි අඩුකෝප්ප 3
    ලූණු සිවල්පයක්
    200 gහාල්පිටි
    කහ ස්වල්පයක්
    තෙල් (බැදගැනීමට අවශ්‍ය පමණ)

(මුං ඇට කැවුම් පැණිවලින් සකස් නොකර සීනිවලින් සකසන්නේ නම් සීනි අඩුකෝප්ප 1 1/2 සහ වතුර අඩුකෝප්ප 1 එක්කරන්න)

සාදන ආකාරය

බඳුනක් ගෙන එයට පැණි දමා ලිප තබන්න. පැණි උණු වූ පසු (පත්පැණි එයින් ට්කක් ඉවත් කර තබාගන්න. එසේ ඉවත් කර ගන්නේ මුං පිටි එකතු කරන විට පැණි වැඩි වීමට හැකි නිසාය.  මේ ආකාරයට පැණි තාච්චියට පිටි දමා ලූණු එකතුකර ලිප තබා හොදින් මශ‍්‍රකරන්න. මෙම මිශ‍්‍රණය අතේ ඇලෙන නොඇලෙන ප‍්‍රමාණයට සාදාගන්න. ඉන්පසුව මිශ‍්‍රණය තුනීකර ගන්න. එය අලූවා හැඩයට කපා ගන්න.

දැන් වෙනත් බදුනක් ගෙන එයට හාල් පිටි, බිත්තර, කහ දමා එකට මිශ‍්‍ර කරගන්න. මෙය තරමක් දියරුවට සාදාගෙන කැබලිවලට කපා පිටි මශ‍්‍රණයේ දමා තෙල් රත් වඋ පසු තෙලට දමන්න. මෙය බැදෙමින් පිපීගෙන එන විට එහි මුං කැවුම් ටිකක් පැත්තට කර අනිත් කැවුම් දමා බදින්න. එවිට මුං කැවුම් එකට නොඇලේ. මෙහි දී ලිපෙන් බා ගැනීම පහසුයි.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
21 Apr 2017 07:28 PM
මේවා නම් අපේ අම්මල හදනවා...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Apr 2017 10:58 PM
දකුණේ අයනේ ඉතිං.අනිවාර්යෙන්ම හදනවානේ.ගාල්ල පැත්තේ ආවොත් ඉන්දික අයියවත් බලල යන්න එන්නම්කෝ මේ අවුරුද්ද ඇතුලත.මං ලබන මසේ වගේ මාතර යන්න වෙනවා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Apr 2017 04:31 AM
පොලොස් අච්චාරුව


අවශ්‍ය ද්‍රව්‍ය

    සාමාන්‍ය ප‍්‍රමාණයේ පොලොස් ගෙඩි 03ක්
    රතුලූනු ග‍්‍රෑම් 500ක්
    අමු මිරිස් ග‍්‍රෑම් 200ක්

(අනෙකුත් ද්‍රව්‍ය අවශ්‍ය ප‍්‍රමාණයට)

    අබ
    කහ මිරිස් කුඩු
    ගම්මිරිස්
    කුරුඳු
    සුදු ලූනු
    එනසාල්
    විනාකිරි
    ලූණු
    ඉඟුරු කැබැල්ලක්
    මුරුංගා පොතු කැබැල්ලක්

 

සාදන ආකාරය

පොලොස් ගෙඩි කටු හැර සුද්ද කර වහල්ල කපා තීරුවලට කපා ගන්න. ඊට පසු කහ ස්වල්පයක් වතුරට මිශ‍්‍ර කර ශුද්ධ කර ගත් පොලොස් කැබලි සමග මැටි වළඳකට දමා බාගෙට තම්බා ගන්න. ඉන් අනතුරුව බේරා භාජනයට දමා කුඩා හතරැුස් කැබලිවලට කපා තබා ගත යුතුයි. රතුලූනු සහ අමුමිරිස්ද සෝදා තබා ගන්න. දැන් හොඳින් වියළුණු මැටි භාජනයක් අරගෙන එයට අවශ්‍ය පරිදි විනාකිරි දමා කුඩාවට කපා ගත් පොලොස් කැබලි ටික එයට දමා විනාඩියක් පමණ තැම්බෙන්නට හැර නැවතත් බාගත යුතුය. එම විනාකිරිවලටම රතුලූනු සහ අමුමිරිස් එක්වර විනාඩි දෙකක් පමණ තැම්බෙන්නට හරින්න. ඉන් අනතුරුව එම ද්‍රව්‍යය ද පොලොස් කැබලිවලට එක් කර ගත යුතුය. ඊට පසු ලිප තබාගත් ඉතිරි විනාකිිරිවලට අනෙකුත් අඹරාගත් කුළුබඩු වර්ග සමග ඉඟුරු සහ මුරුංගා පොතු කැබැල්ලත් තළා එයටම එක්කර හොඳින් හැදී ගගා විනාඩි දෙකක් පමණ තැම්බෙන්නට හැර ලිපෙන් බා ගන්න.

ඒ මිශ‍්‍රණයට විනාකිරි ස්වල්පයක් සමග සීනි ස්වල්පයක් එක්කර පොලොස් කැබලි, රතුලූනු, අමුමිරිස් එක් කර පොල් කටු හැන්දකින් හොඳට කවලම්කර නිවෙන්නට තබා පිරිසුදු තෙතමනය නැති මුට්ටියකට දමා කට ගැට ගසා එය අසුරා තැබිය යුතු
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Apr 2017 08:39 AM
පොලොස් අච්චාරු මේ පාර අවුරුද්දට අපිත් හැදුවා.
කියලා වැඩක් නෑ ඉතින්.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Apr 2017 06:04 PM

http://navaliya.com/2017/04/24/New%20folder/37.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Apr 2017 06:10 PM

https://s21.postimg.org/y76r6y2iv/13668.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Apr 2017 06:11 PM

https://s21.postimg.org/h2u1i0k07/13663.jpg

https://s21.postimg.org/64irztvev/13664.jpg

https://s21.postimg.org/f0tk3rm13/13665.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Apr 2017 04:21 AM

බිත්තර මුසු කළ රස ගුණ පිරි කෑම

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
හැදෙන වැඩෙන දරුවන්ට වාගෙම කොයි කාටත් ගුණදෙන ‘බිත්තර’ පවුලේ සමීපතම පෝෂණීය හිතවතාය. ඒ නිසාම හදිසියකට ගන්න බිත්තරයක් දෙකක් නැති ගෙයක් හොයාගන්නත් බැහැ. මේ පුංචි යාළුවා ප්‍රමාණයෙන් කුඩා වුණාට මොකද පෝෂණයෙන් හරිම ඉහළයි.

 

කෑම කන්න ප්‍රියතාවක් නැති මොහොතක දී ඔම්ලට්, බීලූනු සම්බල් සමඟ, නිකම්ම බැදලා, ස්ක්‍රම්බල් කරලා, තම්බලා ආදී මේ කොයි විදිහටත් අපේ බත්පතට එක්වෙනවා.
පුංචි දරුවන්ට නම් හොඳටම තම්බලායි දෙන්නෙ. තරමක් ලොකු දරුවන්ට බාගෙට තම්බලා දෙන්නත් පුළුවන්. සමහරු අමුවෙන්ම බොනවා. ඒත් ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්න නම් අමුවෙන් බිත්තර ආහාරයට ගැනීම එතරම් සුදුසු දෙයක් නෙමේ.

කුස ඉක්මනින් පුරවන, මානසික පීඩනය අවම කරන, නීරෝගි දීප්තිමත් සමක්, කෙස් කලඹක් ලබාදෙන බිත්තර කොලෙස්ටරෝල් රෝගීන්ට එතරම් හිතකර නැත. එහෙත් ඔවුනට කහමදය ඉවත්කර සුදුමදය යොදා කෑම සකසා ආහාරයට ගන්න පුළුවන්. මොළයට හිතකර, ශරීර ශක්තිය වැඩිකරන, ප්‍රතිශක්තිය වඩන බිත්තර ප්‍රෝටීන්, ඇමයිනෝ අම්ල, විටමින්, කැල්සියම්, යකඩ, තෙල්, පොස්පරස්, ඛනිජ ලවණ ආදී බොහෝ සංඝටක වලින් අනූනයි.

මේ විදිහට පෝෂණ ගබඩාවක් වූ බාල, තරුණ, මහලු කාටත් ගුණ දෙන බිත්තර විවිධ ක්‍රමවලට සකසා රස බලන්න පුළුවන්. හැමදාමත් එකම විදිහට බිත්තර ආහාරයට ගන්න ඔබට මෙමඟින් වෙනස්ම රසයක් විඳගන්නත් අවස්ථාව ලැබෙනවා. පුංචි දරුවන්ගේ සාදවලට බිත්තරවලින් රස කෑමක් හදන්න පුළුවන්.

ඉතින් මේ සියලුදේම කැටිකරලා රසයෙන් ගුණයෙන් පිරුණු බිත්තර කෑම අතිරේකය ඔබට තිළිණ කරනවා.


වටලප්පන්

අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර 6 ක්
හකුරු ග්‍රෑම් 250 ක්
උකු පොල් කිරි කෝප්පයක්
වැනිලා තේ හැඳි 1 ක්
(කරදමුංගු කුඩු හෝ සාදික්කා කුඩු
ද භාවිත කළ හැකියි)

සාදන ක්‍රමය

හකුරු සිහින්ව ගාගන්න. බිත්තර හොඳින් ගසාගන්න.
හකුරු පොල්කිරි සමඟ එක්කර හොඳින් දියකරගන්න. බිත්තර සමඟ වැනිලා එක්කර හකුරු පොල් කිරි මිශ්‍රණයට එක් කරන්න.
දැන් මේ සියල්ල ස්ටීම් කිරීමට සුදුසු පුඩිං භාජනයකට පෙරාගන්න. දැන් පුඩිං භාජනය ෆොයිල් එකකින් වසා වතුර භාජනයක බස්සලා හුමාලයෙන් පැයක් තම්බාගන්න.
තැම්බුණු පසු නිවෙන්න හැර ශීතකරණයේ තබා කෑමට ගන්න. කජුවලින් සරසා ගන්න.


ඩෙවිල්ඩ් එග්ස්

අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර 4 ක්
මයෝනිස් හෝ චීස් ස්ප්‍රෙඩ් එකෙන් මේස හැඳි 2 ක්
ගම්මිරිස් තේ හැඳි 1/4 ක්
ලුණු තේ හැඳි 1/4 ක්

සාදන ක්‍රමය

බිත්තර තම්බා ගන්න. තම්බාගත් බිත්තර හරි මැදින් කොටස් දෙකකට කපන්න.
දැන් එහි ඇති කහ මද වෙනම භාජනයකට එක්කරන්න.
එම කහ මද හොඳින් පොඩිකර එයට මයෝනිස්, ගම්මිරිස්, ලුණු එක්කරන්න.
ක්‍රීම් වනතුරු හොඳින් කලවම් කරන්න.
දැන් මෙය පයිපින් බෑග් එකක් තුළට බහා තරු නොසල් එකෙන් ලස්සනට සුදු බිත්තර පළු මැදට පුරවන්න.
පාස්ලි කොළ හා තක්කාලි මඟින් සරසා පිළිගන්වන්න.


බිත්තර සුදුමද කේක්

අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර සුදු මද 6 ක්
කිරි කෝප්ප 1 ක්
පාන් පිටි කෝප්ප 3 ක්
සීනි කෝප්ප 2 ක්
බටර් ග්‍රෑම් 250 ක්
වැනිලා තේ හැඳි 2 ක්
බේකිං පවුඩර් මේස හැඳි 2 ක් (ග්‍රෑම් 20)

සාදන ක්‍රමය
බිත්තර සුදු මද වෙන් කරගෙන හොඳින් ගසාගන්න. හිම වගේ වෙනකම්. බටර්, සීනි එක්කර හොඳින් ක්‍රීම් ් වනතුරු ගසාගන්න. පිටි හා බේකිං පවුඩර් දෙසැරයක් හලාගන්න. දැන් බටර්, සීනි මිශ්‍රණයට පිටි කොටසක් හා කිරි කොටසක් වෙන්න ටික ටික එක් කරමින් ලෝ ස්පීඩ් (අඩු වේගයෙන්) බීට් කරන්න. පසුව වැනිලා එකතු කරන්න. ගසාගත් බිත්තර සුදු මද ටික ටික එක් කරමින් ෆෝල්ඩ් ආකාරයට පෙරලමින් වගේ කලවම් කරන්න. සෙල්සියස් අංශක 180 ක
උෂ්ණත්වයට විනාඩි 7 කට විතර කලින් රත්කරගත් අවන් එකේ විනාඩි 35 ත් 40 ත් අතර කාලයක් බේක් කරගන්න. බේක් වුණු කේක් එක නිවෙන්න හැර කැමැති විදියට සරසා ගන්න. කොලෙස්ටරෝල් රෝගීන්ට මේ කේක් එක සුදුසුයි.


බිත්තර ඔම්ලට්


අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 4 ක්
ලොකු ලූනු ගෙඩි 1 1/2 ක්
සුදුලූනු බික් 2 ක්
මාළු මිරිස් කරල් 1 ක්
කරපිංචා ඉත්තක කොළ
තක්කාලි පොඩි ගෙඩි 1 ක්
කෑලි මිරිස් තේ හැඳි 1 ක්
උම්බලකඩ මේස හැඳි 1 ක්
තෙල් මේස හැඳි 1 ක්
රස අනුව ලුණු
මිරිස් කුඩු තේ හැඳි 1 ක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්

සාදන ක්‍රමය
තක්කාලි, ලූනු, සුදුලූනු, මාළුමිරිස්, කරපිංචා සියල්ල හීනියටම කපාගන්න. එයට මිරිස් කෑලි, ලුණු, උම්බලකඩ ටිකක් එකතු කරලා තෙල් එකතුකර බැදගන්න. (ලූනු තෙල් දානවා වගේ.) බිත්තර 4 වෙනම හොඳින් ගසාගන්න. එයට මිරිස් කුඩු, ලුණු, ගම්මිරිස් එකතු කරන්න. බැදගත් ලුනු මිශ්‍රණය පෑන් එකේ තුනී කරලා ඊට උඩින් සාදාගත් බිත්තර මිශ්‍රණය වත් කරන්න ඔක්කොම වෑහෙන පරිදි. දැන් පියනෙන් වහලා තැම්බෙන්න හරින්න. ගින්දර වැඩි කරන්න එපා. එතකොට උඩ තැම්බෙන්නේ නැහැ. ටික වේලාවකින් බිත්තර තැම්බී ඇත්දැයි බලන්න. හරි නම් ළිප නිවා පෑන් එක උඩට පිඟානක් තියලා අනිත් පැත්ත හරවා ගන්න.


උදේ ආහාරයට රසවත් බිත්තර පිරවුමක්

අවශ්‍ය ද්‍රව්‍ය
සුකිනි ගෙඩි 2 ක්
ලොකු ලූනු ගෙඩි 1/2 ක්
සුදුලූනු බික් 2 ක්
අර්තාපල් අල 1 ක් (ග්‍රෑම් 150)
අමු මිරිස් කරල් 2 ක්
තක්කාලි ගෙඩි 1 ක්
බිත්තර 2 ක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 ක්
කෑලි මිරිස් තේ හැඳි 1 ක්
කහ තේ හැඳි 1/4 ක්
ග්‍රේට් කරගත් මොසරල්ලා චීස් ග්‍රෑම් 50 ක්
රස අනුව ලුණු

සාදන ක්‍රමය
අල ගෙඩිය තම්බා ගන්න. සුකිනි ගෙඩි දෙකේ උඩින් කොටසක් කපා අයින් කරන්න. දැන් එහි මැද මදය කොටස ද අයින් කරන්න. (පිරවුමක් සාදා දැමිය හැකි ආකාරයට) එයට ලුණු ටිකක් ඉස සෙල්සියස් අංශක 200 ක උෂ්ණත්වයෙන් යුතු අවන් එකේ විනාඩි 20 ක් බේක්කර ගන්න.

ඒ අතරේ අපි පිරවුම හදමු.

කපා අයින් කළ සුකිනි ගෙඩියේ උඩ කොටස සහ මැද කොටස පුංචි කොටස්වලට කපන්න. ලොකු ලුනු, සුදුලූනු, අමු මිරිස්, තක්කාලි ද හීනියට කපාගන්න. බඳුනක් ළිප තබා එයට ඔලිව් තෙල් මේස හැන්දක් එක්කර සුදුලූනු බැදෙන්න හරින්න. එයටම කපාගත් සුකිනි, අමු මිරිස්, තක්කාලි එක්කරන්න. කෑලි මිරිස් හා රස අනුව ලුණු ද එක් කරන්න. මේ සියල්ල තෙලින් තැම්බුණු පසු තම්බා පොඩි කරගත් අල එකතු කරන්න. දැන් බේක්කරගත් සුකිනි එළියට ගෙන ඒ තුළට මේ පිරවුමෙන් කොටසක් එක් කරන්න. උඩටම නොවෙන්න 3/4 ක ප්‍රමාණයක් වෙන්න පුරවන්න. දැන් ඒ මතට බිත්තරයක් කඩා එක් කරන්න. උඩින් මොසරල්ලා චිස් සහ ගම්මිරිස් කුඩු ටිකක් ඉස නැවත බිත්තරය සමඟ බේක් වනතුරු විනාඩි 15 ක් අවන් එකේ බේක්කරන්න. ඔබට පුළුවන් සුකිනි වෙනුවට බෙල් පෙපර් ගන්න. බෙල් පෙපර් යොදා සකස් කරන විට කලින් බේක් කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ. එකසැරේම පිරවුම සමඟින්ම බේක් කරන්න. පිරවුම සඳහා කැරට්, ලීක්ස්, අර්තාපල් එකතු කරගන්න.

මේ මිශ්‍රණය පාන් සමඟත් කෑමට ගත හැකියි. ඒ සඳහා පාන් පෙති ගෙන ඒ මත බිත්තර සාරු බ්‍රෂ් එකක් මඟින් ගා ඉහත සාදාගත් මිශ්‍රණය එයට උඩින් අතුරා මොසරල්ලා චීස් ද ඒ මත අතුරා සෙල්සියස් අංශක 200 ක උෂ්ණත්වයෙන් යුතු අවන් එකේ විනාඩි 15 ක් බේක්කර කෑමට ගන්න.


බිත්තර බත්

අවශ්‍ය ද්‍රව්‍ය

හාල් ග්‍රෑම් 500 ක්
කහ කුඩු තේ හැඳි 1/2 ක්
ඔලිව් තෙල් මේස හැඳි 1 ක්
රස අනුව ලුණු
කුරුඳු පොතු 1 ක්

බත තැම්බීමට අවශ්‍ය පමණට වතුර ඉහත සඳහන් සියලු දේ එක්කර බත තැම්බෙන්න තියන්න.

අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය

ඔලිව් තෙල් මේස හැඳි 1 ක්
සුදුලුනු බික් 2 ක්
ඉඟුරු පොඩි කොටසක්
වියළි මිදි ග්‍රෑම් 75 ක්
ග්‍රීන් පීස් ග්‍රෑම් 75 ක්
බිත්තර 3 ක්

සාදන ක්‍රමය
බත තැම්බුණු පසු වෙනම පෑන් එකකට ඔලිව් තෙල් මේස හැඳි 1 ක් දමා එයට තළාගත් සුදුලූනු, වියළිමිදි, ග්‍රීන් පීස් එකතුකර බැදගන්න. ඒ ටික පොඩ්ඩක් ඒ පෑන් එකේම පැත්තකට අයින් කරලා බිත්තර කඩලා දාලා කලවම් කරගන්න. පසුව ඒ සියල්ලම බත් සමඟ කලවම් කරගන්න.මේ බත් එකටම ගැළපෙන දරුවෝ ආසාවෙන් කන බිත්තර එකතුකර චිකන් එකක් හදාගන්න.


බිත්තර බිරියානි

අවශ්‍ය ද්‍රව්‍ය
බාස්මතී හාල් ග්‍රෑම් 500 ක්
බේ කොළ 1 ක්
කරදමුංගු කරල් 3 ක්
කුරුඳු පොත්තක්
ඔලිව් තෙල් මේස හැඳි 1 ක්
රස අනුව ලුණු
බත තැම්බීමට අවශ්‍ය පමණ වතුර

සාදන ක්‍රමය
හාල් සෝදා ඉහත සඳහන් සියලුම දේ එකතුකර බත තැම්බෙන්න තියන්න. ඒ අතරේ, බිත්තර 4 තම්බා කටු ඉවත්කර ගන්න. පාන් පිටි මේස හැඳි 2 කට මිරිස් කුඩු තේ හැඳි 1 ක්, කහ කුඩු තේ හැඳි 1/4 ක්, තුනපහ තේ හැඳි 1/2 ක්, ලුණු තේ හැඳි 1/4 ක් වතුර පොඩ්ඩක් එකතු කරලා බැටර් එකක් සාදාගන්න. සාදාගත් එම බැටර් එකේ තම්බාගත් බිත්තර දමා පසුව පාන් කුඩු ද දවටා යන්තම් තෙලේ එහාට මෙහාට කරමින් බැදගන්න.


දැන් අපි බිරියානි එක හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය

ඔලිව් තෙල් මේස හැඳි 2 ක්
කුරුඳු පොත්තක්
කරදමුංගු කරල් 3 ක්
කරාබු නැටි 3 ක්
සුදුරු තේ හැඳි 1/2 ක්
ගරම් මසාලා තේ හැඳි 2 ක්
යෝගට් මේස හැඳි 4 ක්
ලොකු ලූනු ගෙඩි එකක් (සිහින්ව කපා බැදගන්න)
කහ කුඩු තේ හැඳි 1/4 ක්
මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්
කපාගත් රතු සහ කොළ බෙල් පෙපර් කොටස්
සුදුලූනු බික් 2 ක්
අමු ඉඟුරු පොඩි කොටසක්
කජු ග්‍රෑම් 100 ක්
රස අනුව ලුණු
කොත්තමල්ලි කොළ ටිකක්

සාදන ක්‍රමය

මුලින්ම ලොකු පෑන් එකක් ළිපේ තියලා ඔලිව් තෙල් මේස හැඳි 2 ක් එක්කරන්න. දැන් ඒ තෙලට කුරුඳු, කරදමුංගු, කරාබු නැටි, සූදුරු, කජු එකතු කරන්න. ඒවා බැදෙන්න ඇරලා තළාගත් සුදුලූනු, අමු ඉඟුරු පේස්ට් එකක් විදියට මේස හැඳි 2 ක් වෙන්න එකතු කරන්න. පසුව කපාගත් රතු හා කොළ බෙල් පෙපර්, කොත්තමල්ලි කොළ එකතු කරන්න. ඊළඟට බැදගත් ලූනු, යෝගට්, ගරම් මසාලා, කහ, ලුණු, මිරිස් කුඩු එකතු කරන්න. දැන් මේක සෝස් එකක් වගේ හැදෙනවා. ඒ උඩට උයාගත් බත් එකතු කරන්න. කලවම් කරන්න එපා. ඊට උඩින් බැදගත් ලුනු, කොත්තමල්ලි කොළ එකතු කරන්න. කිරි ටිකක් හා කහ ටිකක් දියකර බත උඩින් එක්කරන්න. දැන් විනාඩි කිහිපයකින් බත් එකට සෝස් එක උරාගන්න මඳ ගින්දරේ වහලා තියන්න. නැවත බිත්තර එකතුකර පොඩි වෙලාවක් පියනෙන් වසා තබා කලවම්කර කෑමට ගන්න.


උපදෙස් සහ ඡායාරූප - ඉතාලියේ පර්මාහි පදිංචි සූපවේදිනී

ජනනි ගුරුසිංහ

තරුණි වෙබ් අඩවියෙන්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Apr 2017 06:37 PM

https://s22.postimg.org/5l32ov0ch/page0012.jpg

https://s22.postimg.org/al0iwt5z5/page0013.jpg

https://s22.postimg.org/5nmybp401/page0014.jpg

https://s22.postimg.org/74327kwap/page0015.jpg

https://s22.postimg.org/4b9unjvy9/page0031.jpg

https://s22.postimg.org/ojx899v9d/page0032.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
25 Apr 2017 08:43 PM
වෙජිටබල් කෙබාඩ්..
නම ඇහුවෙත් අදයි...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
25 Apr 2017 09:04 PM
බිත්තර බත් නම් දැනට දින දෙක කට පෙර හැදුවා.. නියමෙට තිබුණා. පොලොස් නම් නිතරම හදනවා.. හැබැයි ටින් කල පොලොස් තමයි අපිට ලැබෙන්නේ.. එච්චර රසයක් නැහැ.. තායිලන්තයෙන් තමයි ගෙන්වන්නේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Apr 2017 05:56 PM
කන්ද උඩරටින් හැදෙන හත්මාළුව
හත්මාළුව සාදා ගන්නා ආකාරය ගැන දැන ගැනීමට පෙර හත්මාළුව ආහාරය සඳහා භාවිතා කරන්නේ ඇයි ද යන්න දැන ගැනීම වැදගත් වේ. විශේෂයෙන්ම කන්ද උඩරට ආවේනික සිරිත් විරිත් බොහොමයක්ම ඈත අතීතයේ සිටම පැවත එනු ලැබේ. අදට ද එම සිරිත් විරිත් චාරිත‍්‍ර බොහොමයක් අනුගමනය කරනු ලබන්නේ සිමිත පිරිසකි. එම නිසා මේ පිළිබඳව දැනුම්වත් වීම කාලීන අවශ්‍යතාවකි.

එදා කන්ද උඩරට ජනතාව හත් මාළුව අවස්ථා තුනකදී සාදා ගත්තේය. ඒ අඩුක්කු මංගල්ලයේදී, සිංහල සහ හින්දු අලූත් අවුරුද්දේදී සහ දෙයියන්ගේ ලෙඩ හැදුන අවස්ථාවේදීය. ය. අඩුක්කු මංගල්ලය යනු කන්ද උඩරට ජනතාව ගොවිතැන් කර පළමු අස්වැන්න ලබා ගැනීමෙන් පසු කෙරෙන උත්සවය වේ. මෙහිදී පළමුව සහලෙන් බත පිළියෙල කර දෙවියන්ට පිළිගන්වා දෙවනුව බත හත්මාළුව සමඟ ආහාරයට ලබා ගනී.

දෙවැනි අවස්ථාවට හත් මාළුව සාදා ගනු ලබන්නේ අලූත් අවුරුද්දේ හිස තෙල් ගාන දවසේදී ආහාරයට ගැනීම සඳහාය.  ස්නානයෙන් පසු ආහාර අනුභව කිරීමේදී පවුලේ සියලූ දෙන එකතුවබත සමග හත්මාළුව ආහාරයට ගනී.  අලූත් අවුරුදු කාලයේදී ලොකු, කුඩා, ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව විවිධ ආහාර දාව්‍ය තේරීමකින් තොරව ආහාරයට ගනී. එහිදීි ශරීරයට අහිතකර ආහාර ද්‍රව්‍ය වලින් වන හානිය අවම කර ගැනීම සඳහා හත්මාළුව පිළියෙල කර ගනී.
තෙවැනි අවස්ථාව පැපොල වැනි දෙයියන්ගේ ලෙඩ සෑදුණ පසු දින හතක් ඉක්ම යාමෙන් අනතුරුව ස්නානය කරනු ලැබේ. එහිදි හත්මාළුවට කරෝල හෝ හාල්මැස්සන් ද දමා පිළියෙල කර ආහාරයට ලබා දෙයි. එය ගුණදායක ආහාරයකි.


මෙහිදි තවත් විශේෂ කරුණක් සඳහන් කළ යුතුව තිබේ. එනම් හත්මාළුව සමග බත බෙරි කර සාදා ගනු ලැබේ.              

(සාමාන්‍යයෙන් අප බත ආහාරයට ගනු ලබන්නේ බෙරි කරන්නේ නැතුවය.)


අවශ්‍ය ද්‍රව්‍ය: 

    බටු                                                                                                                         
    කැකිරි                                                                                                                   
    මුරුංගා                                                                                                                 
    මෑ කරල්                                                                                                                       
    කිරිඅල                                                                                                             
    කොස්ඇට                                                                                                                 
    කොල්ලූ                                                                                                                       
    තුනපහ කුඩු                                                                                                       
    කරපිංචා, අමුමිරිස්, කරල් මිරිස්, අබ                                                                                        
    සියඹලා (සියඹලා බොරය සාදා ගත යුතුයි.)                                                                                    
    අමු ඉඟුරු                                                                                                               
    සුදුලූනු                                                                                                                       
    පොල් තෙල් ස්වල්පයක් (මෙම ද්‍රව්‍ය වල ප‍්‍රමාණය ඔබ ගේ පවුලේ සාමාජිකයන් ගේ සංඛ්‍යාව හෝ අවශ්‍යතාව අනුව තීරණය කළ යුතුව තිබේ.)

 


සාදන ක‍්‍රමය

පළමුව එළවළු හත සෝදා අවශ්‍ය ප‍්‍රමාණයට කපා ගන්න. කොල්ලූ පියලි කර කුඩා කැබලි ලෙස පිළියෙල කර ගත යුතුය. ඉන්පසු ලිප උඩ භාජනයක් තබා එයට ජලය අවශ්‍ය ප‍්‍රමාණයට දමා, කපාගත් එළවළු ද එම භාජනයට දමා තම්බා ගන්න. එයටම කැබලි කර ගත් කොල්ලූද දමන්න.

ඉන්පසු අමු ඉඟුරු සුදුලූනු හොඳින් අඹරා ගුළියක් ආකාරයෙන් සාදා ගන්න. මෙම හත්මාළුම උයා ගැනිම සඳහා මැටි භාජනයක් හෙවත් මුට්ටියක් භාවිතා කළ යුතුව තිබේ.  

ඉන්පසු තෙල් ටිකක් ලිපේ තියා, අබ ස්වල්පයක් ගෙන තෙලෙන් බැද ගන්න. රම්පේ, කරපිංචා, ලූනු රන්වන් පාට එනතෙක් බැද ගැනීමත් අවශ්‍ය වේ. එහිදී ඉතා ස්වල්ප වශයෙන් තෙල් භාවිතා කළ හැකි වුවත්, තෙල් භාවිතා නොකර වුවද, බැද ගත හැකිය. තම්බාගත් කිරිඅල පිටි වන ආකාරයෙන් පොඩි කර ගන්න.
අවසානයේදි ඉහත තම්බාගත් එළවළු, අමුඉඟුරු සුදුලූනු අඹරාගත් ගුළිය, රන්වන් පැහැය එනතුරු බැදගත් රම්පේ, කරපිංචා, සියඹලා බොරය, පිටිකර ගත් කිරිඅල සියල්ල මුට්ටියට දමා මිශ‍්‍ර කර ලිපඋඩ තබා පිසගන්න. අවසානයේ හත්මාළුව ලෙස මෙය ආහාරයට ගත හැකිය.  සාමාන්‍ය යෙන් හත් මාළුවට පොල් කිරි දමන්නේ නැත.

ඉහත සඳහන් කළ එළවළු හතෙන් එකක් සොයා ගත නොහැකි නම් ඒ වෙනුවට වට්ටක්කා ද භාවිිතා කිරීමට හැකියාව පවතී.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Apr 2017 05:58 PM
සබරගමුවේ හත්මාළුව
සබරගමු පළාතේ අලූත් අවුරුදු කෑම මේසයේ සුවිශේෂි අනන්‍යතාව වන හත්මා`ඵව වෑංජනය සබරගමුවේ සිංහල අවුරුදු උත්සවය දින සහ අවුරුදු සමයේ සෑම නිවසකම පාහේ පිළියෙල වන රසයෙන් ගුණයෙන් පිරිපුන් නිර්මාංශ ආහාරයකි. අලූත් අවුරුදු කෑම මේසයට හත්මා`ඵව පිළියෙල කරන අයුරු අපට විස්තර කළේ රත්නපුර කොස්පැලවින්න පදිංචි පී.ජී.ගමගේ මහත්මියයි.

අවශ්‍ය ද්‍රව්‍ය

    වට්ටක්කා දලූ ග‍්‍රෑම් 200ක්
    තම්පලා ග‍්‍රෑම් 200ක්
    කොස් ඇට 10 /15ක් පමණ
    කජු ග‍්‍රෑම් 150ක් පමණ
    වම්බටු ග‍්‍රෑම් 250ක් පමණ
    මෑකරල් ග‍්‍රෑම් 200ක් පමණ
    අඵ කෙසෙල් හෝ කිරිඅල ග‍්‍රෑම් 250ක් පමණ
    දියලූණු අවශ්‍ය පමණට
    සුදුලූනු, රම්පෙ, කරපිංචා, කුරුදු, රතුලූණු, අමුමිරිස්, අවශ්‍ය පමණ
    කහ කුඩු හෝ අඹරාගත් කහ  අවශ්‍ය පමණ
    තුනපහ කුඩු ස්වල්පයක්
    ගම්මිරිස් කුඩු ස්වල්පයක්
    අඹරාගත් අබ ස්වල්ප ප‍්‍රමාණයක්


සාදන අකාරය

හත්මාඵව හදනවිට පළමුව යොදාගන්නා වට්ටක්කා දලූ සහ තම්පලා  සහ වම්බටු අඵ කෙසෙල් මෑකරල් කජු සහ කොස්ඇට පිරිසුදු ජලයෙන් හොඳින් සෝදාගන්න. ඉන් පසුව අ`ඵකෙසෙල් සහ වම්බටු සිහින්ව කපාගන්න. කපන ලද වම්බටු අවපැහැගැනීම වැළැක්වීමට භාජනයකට කහකුඩු සහ ලූණු මිශ‍්‍ර ජලය යොදා එම ජලමිශ‍්‍රණ බඳුනේ සිහින්ව කපාගත් වම්බටු  විනාඩි කීපයක් බහා තබන්න.

 ඒ අතරතුර කාලයේ මෑකරල් සිහින්ව කපා ගැනීම හෝ අවශ්‍ය පරිදි සිහින්ව කඩා සකසා ගන්න. අඵකෙසෙල්ද සුදුසු අකාරයට කපාගන්න. කොස් ඇට පොතු හැර පිරිසුදු කර ගන්න කොස් ඇටය කැබලි ආකාරයට කුඩා ප‍්‍රමාණවලින් එක් කරගන්න. කජු ග‍්‍රෑම් 150ද එකතු කරන්න. අවසානයේ සෝදා පිරිසුදු කරගත් තම්පලා සහ වට්ටක්කා දලූද ඊටම එක් කර ගන්න.

මෙසේ පිළියෙල කරගත් අවශ්‍ය දේ සියල්ල  නැවුම් මැටි වළඳකට එසේ නැතිනම්  කට වහරෙන් කියන පරිදි ඇතිළිියකට දමාගන්න.

එම වළඳට අවශ්‍ය ප‍්‍රමාණවලින් තුනපහ කහ කුඩු රම්පෙ කරපිංචා සුදු ලූනු රතු ලූනු අමුමිරිස් සහ අවශ්‍ය පමණ ලූණු ස්වල්පයක් යොදා එය පසෙක තබා  පොල් කිරි කෝප්ප දෙකක් එයට එක්කර ලිප තබා මඳ ගින්නේ විනාඩි 20ක් පිසගන්න. කොස් ඇට ආදිය ඇති හෙයින් කෑමට සුදුසු ආකාරයෙන් මෘදුවනසේ පිසගැනීමට අවශ්‍යයි. අවශ්‍යනම් මෙසේ පිසගත් හත්මා`ඵව තෙම්පරාදු කරගන්න. අනතුරුව දීසියකට හත්  මාඵව වෑංජනය දමා උදාවූ අලූත් අවුරුද්දේ අවුරුදු කෑම මේසයට තබන්න.

ආහාර රුචිය වඩවන කුසගිනි වර්ධනය කරන නැවුම් සුවඳකින් යුතුව අලූත් අවුරුදු කෑම මේසය රසවත් කරයි. හත්මාඵව සඳහා අවශ්‍ය බොහෝදේ ඔබේ ගෙවත්තෙන්ම සපයාගැනීමට හැකිය. එසේම එය අඩු වියදමකින් වැඩි පෝෂ්‍ය ගුණයක් ගෙනදෙන ආහාරයකි. 

හත් මා`ඵව වෑංජනය  සබරගමුවේ පැරණි රජකල පටන් පවතින ගැමි සම්ප‍්‍රදායික ජීවන රටාව ගුරුකොට ගත් ඓතිහාසික වටිනාකමක් ඇති නිර්මාංශ පෝෂ්‍යදායි ආහාරයකි. එහි ඇති සංස්කෘතික වටිනාකම නම් එකමුතුකම සමගිය සංකේතවත් කිරීමයි.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
26 Apr 2017 07:59 PM
අහලා තිබුණට කාලම නෑ..
සබරගමුවේ පැත්තේ අය තරම් රසට අපට මේවා උයන්න බෑ...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
26 Apr 2017 09:03 PM
හත්මාළුව.......මම කළා තියෙනවා, ලංකාවට ආවම විශේෂයෙන් ඔය වගේ කෑම මට ගෙදරින් පිලියල කර දෙනවා නිතර මට කන්නට නොලැබේන නිසා.
ආදරයේ උල්පත අම්මා ......................
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
26 Apr 2017 09:46 PM
සබරගමුවේ හත් මාළුව නම් මමත් කාලා තියෙනවා. තව සමහර අය ඔය එළවළු වර්ග වෙනස් කර හදනවා. ඉස්සර අපි පොඩි කාලේ අපේ ගෙදරත් හදනවා..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
29 Apr 2017 09:09 PM
මම කවදාවත් කාල නෑනේ, . ස්තූතියි චාමර මල්ලී, ඔයාගේ කෑම පිටුව නැගල යනවා. (y)
0
You are not authorized to post a reply.
Page 18 of 77 << < 1617181920 > >>