You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 19 of 77 << < 1718192021 > >>
Author Messages

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
30 Apr 2017 08:28 AM
මම හරිම කැමතියි හත්මාලුවට. අපේ පැති වල ඕක හදන්නේ ගොයම් වැඩ ඉවරවෙලා අලුත් හාලෙන් දෙවියන් වදින දවසට රෑ බතට.
කියල වැඩක් නෑ රස.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
30 Apr 2017 09:39 PM
මම නම් සෙනසුරාදා අපේ අවුරුදු උත්සවයේදී හත් මාළුව කෑවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 May 2017 09:32 PM

ස්පයිසි සී ෆුඩ් ස්පැගටි

අවශ්‍ය ද්‍රව්‍ය -:

ස්පැගටි - 400g

ඉස්සන් - 100g

දැල්ලන් - 100g

මාළු - 100 g

කෑලි මිරිස් තේ හැඳි - 2

සුදු කිරි අඬු කෝප්ප - 1

ලූනු - 100g

පාස්ලි - 50g

පදමට ලුණු,ගම් මිරිස්

කපාගත් ඉඟුරු,සුදු ලූනු - 10g

බැද ගැනීමට තෙල්

බටර්

සාදන ක්‍රමය -:

ස්පැගටි හොඳින් තම්බා ගන්න.ඉස්සන්,දැල්ලන් සහ මාළු ශුද්ධ කරගෙන ගැඹුරු තෙලේ බැද ගන්න.ලූනු සහ පාස්ලි පොඩිවට කපා ගන්න. දැන් තරමක භාජනයක් ගෙන ළිප තබා එයට බටර් හැඳි කිහිපයක් දමා රත්වන විට සුදු ලූනූ,ඉඟුරු සහ ලූනු දමා තෙම්පරාදු කරගන්න.තෙම්පරාදු වූ පසුව අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා කලවම් කර එයට සුදුකිරි දමා උතුරවා අවසානයේ තම්බාගත් ස්පැගට් දමා කලවම් කර ගන්න.ළිපෙන් බා පාස්ලි වලින් සරසා උණු උණුවෙම කෑමට ගන්න.


මෂ්රූම් ක්‍රීම් පැස්ටා

අවශ්‍ය ද්‍රව්‍ය-:

පැස්තා -: 400g

බට්න් මෂ්රූම් -100g

(නැතහොත් සාමාන්‍ය බිම් මල්)

නිවිති -50g

ලූනු -25g

අඹරාගත් ඉඟුරු,සුදු ලූනු

සුදු කිරි වීදුරු - 1

බටර් මේස හැඳි -2

පාන් පිටි -20 g

පදමට ලුණු ගම්මිරිස්

සාදන ආකාරය-:

පැස්තා හොඳින් තම්බා ගන්න.බටර් මෂ්රූම් (බිම් මල්)නිවිති,ලූනු,සිහින්ව කෑලි කපා ගන්න.දැන් තරමක භාජනයක් ළිප තබා එයට බටර් මේස හැන්දක් දමා රත්වුණු පසුව බිම් මල්,නිවිති, ලූනු ,සුදු ලූනු දමා තෙම්පරාදු කර ගන්න.දැන් මෙයට පැස්තා දමා හොඳින් කලවම් කර ගන්න.පසුව අනෙක් බටර් හැන්දත් සමඟ පාන්පිටි දමා තලපයක් සේ කලවම් කර එයට සුදු කිරි දමා සෝස් එකක් ආකාරයට සාදා ගන්න.

දැන් මේසයට යැවීමට සුදුසු පලඟානකට පැස්තා දමා ඒමතට සාදා ගත් සෝස් දමා පිළිගන්වන්න.

 


චීස් සමඟ අනියන් පැස්ටා

අවශ්‍ය වන්නෙ -:

තම්බා ගත් පැස්තා - 400g

හීනියට කපාගත් ලූනූ -50g

මොසරැල්ලා චීස් -100g

හීනියට කපා ගත් අමු මිරිස්

(කෝන් ඔයිල්)එළවළු තෙල් මේස හැඳි -2 ක් 3

කුඩාවට කපාගත් පාස්ලි -50g

පිළියෙල කරන ආකාරය-:

පළමුව මොසරැල්ලා චීස් හීනියට කපා ගන්න.පසුව තරමක භාජනයක් ළිප තබා එයට ලියාගත් ලූනු දමා හොඳින් තෙම්පරාදු කර ගන්න.ඉන්පසු අමු මිරිස් පාස්ලි සමඟ පැස්තා දමා හොඳින් කලවම් කර ගන්න.දැන් මෙයට චීස් දමා කලවම් කර තැටියක දමා 180cඋණුසුම් උඳුනක විනාඩි 10-12 ක් තබා චීස් දියවුණු පසුව කෑලි කපා කෑමට ගන්න‍

 


මින්ස් චිකන් ස්පැගට්්

මේවා අවශ්‍යයයි -:

ස්පැගට් - 400g

කුකුළු මස් -200g

බටර් මේස හැඳි - 2

කෑලි මිරිස් තේ හැඳි -2

පාස්ලි -50g

කැරට් -50g

පදමට ලුණු සහ ගම් මිරිස්

අඹරාගත් ඉඟුරු,සුදු ලූනු -40g

සාදන ආකාරය-:

කුකුළු මස් සෝදා අඹරා ගන්න.ස්පැගට් හොඳින් තම්බා ගන්න.කැරට් සහ පාස්ලි හීනියට කෑලි කපා ගන්න.දැන් භාජනයක් ළිප මත තබා රත්වන විට ඉඟුරු,සුදු ලූනු සහ අනෙකුත් සියලුම ද්‍රවය දමා හොඳින් තෙම්පරාදු කර ගන්න.දැන් එයට අනෙකුත් සියලුම ද්‍රව්‍ය සහ තම්බා ගත් ස්පැගටි දමා හොඳින් කලවම් කර උණු උණුවෙම රස බලන්න.

 

උපදෙස් විධායක සූපවේදි සුජිත් ආරියරත්න

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 May 2017 09:39 PM

https://i.imgsafe.org/80c35e0294.jpg

https://i.imgsafe.org/80c37c9cf9.jpg

https://i.imgsafe.org/80c33358a0.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 May 2017 10:08 PM

http://i.imgsafe.org/8141d9202d.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 May 2017 06:40 PM

https://i.imgsafe.org/9347191789.jpg

https://i.imgsafe.org/93478eb137.jpg

https://i.imgsafe.org/9348b29e8d.jpg

https://i.imgsafe.org/934819c90a.jpg

https://i.imgsafe.org/934850c0fd.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 May 2017 06:47 PM

සුදුලූනු සමඟ කන්කුන්

 සුදුලූනු සහ කන්කුන් ප්‍රසිද්ධ චීන අවන්හල්වලය. මේ දෙක ගෙදරදී පදමට හැදුවොත් නම් චීන අවන්හලකින් ඇණවුම් කළාදෝ යැයි සිතෙන තරම්.

 අවශ්‍ය වන්නේ:

කැබලි කඩාගත් කන්කුන් මිටියක්

තෙල් මේස හැඳි 1 ක්

කපාගත් ලූනු ගෙඩි 1 ක්

අඹරාගත් සුදුලූනු මේස හැඳි 1 ක්

චිලී සෝස් තේ හැඳි 1 ක්

පදමට ලුණු

සාදන්නේ මෙහෙමයි:

සාස්පානකට තෙල් දමා රත් වීගෙන එද්දී ලූනු සහ අඹරා ගත් සුදුලූනු එකතු කරන්න. එයට කන්කුන් එකතු කොට හොඳින් මිශ්‍ර කරගන්න. කන්කුන් ටික හොඳින් තෙම්පරාදු වීගෙන එද්දී චිලි සෝස් සහ ලුණු එකතු කරන්න.


  ලෙමන් සමඟ කජු බත්

 බතක් පිසින විවිධ ක්‍රම තිබියදීත් අපි හැමවෙලේම පිස ගන්නේ එකම බතනේ.

 ඇයි අපිට විවිධාංගීකරණය වෙන්න බැරි. පුංචි දරුවෝ වුණත් හැමදාම බත් ද අම්මේ කන්න වෙන්නේ කියලා නොඅසන්නට නම් මාසයකට වතාවක්වත් මෙවැනි බතක් පිළියෙල කර දෙන්නකෝ.

මේ සඳහා අවශ්‍ය වන්නේ

බාස්මතී සහල් ග්‍රෑම් 400 ක් පමණ

බටර් මේස හැඳි 1 ක් - කපාගත් ලූනු ගෙඩි 1 ක්

අඹරාගත් සුදුලූනු තේ හැඳි 1 ක්

කහ කුඩු තේ හැඳි 1/4 ක්

මිරිස් කුඩු කේ හැඳි 1/2 ක්

වතුර අවශ්‍ය පරිදි

රෝස්ට් කරගත් කජු ග්‍රෑම් 50 ක්

ලෙමන් ගෙඩි 2 ක යුෂ

සාදන අන්දම

රයිස් කුකරයේ බටර් රත්කර ලූනු රන්වන් පැහැ වනතෙක් තෙම්පරාදු කරගන්න. එයට සුදුලූනු, කහ සහ මිරිස් කුඩු ද එක්කර සුවඳ එනතෙක් තෙම්පරාදු කරගන්න. පසුව හාල් දමා අවශ්‍ය පරිදි වතුර එකතු කරන්න.

හාල් පිසුණු පසු ලෙමන් යුෂ සහ කජු හොඳින් මිශ්‍ර කර පිළිගන්වන්න.


 ග්‍රිල්ඩ් එළවළු ස්කුවර්ස්

 ස්කූවර්ස් වර්ගවලට ලොකු කුඩා කවුරුත් පාහේ කැමැතියි. ග්‍රිල්ඩ් එළවළු ස්කූවර්ස් ද එවැන්නකි.

 මේ සඳහා අවශ්‍ය වන්නේ

තෙල් මේස හැඳි 2 ක්

අඹරාගත් සුදුලූනු තේ හැඳි 1 ක්

නැවුම් දෙහි යුෂ මේස හැඳි 2 ක්

මිරිස් කුඩු තේ හැඳි 1 1/2 ක්

පදමට ලුණු සහ ගම්මිරිස්

බටත් මෂ්රූම් ස්වල්පයක්

ලූනු ගෙඩි 1 ක්

අඹ ගෙඩි 1 ක්

රතු පැහැ බෙල් පෙපර් 1 ක්

සුකිනි ගෙඩියක්

සාදන අන්දම

තෙල්, සුදුලූනු පේස්ට්, දෙහි යුෂ හා මිරිස් කුඩු එකට මිශ්‍ර කරගන්න. කුඩා කොටු ආකාරයට එළවළු කපා මාරුවෙන් මාරුවට ස්කූවර්ස්වලට අමුණා ගන්න. ඉහත සාදාගත් මිශ්‍රණය ස්කූවර්ස් මත අලේපකර දුඹුරු වනතෙක් ග්‍රිල් කරගන්න. 


 එනසාල් සහ පොල් මිශ්‍ර බත්

 ඒකාකාරී ජීවන රටාවෙන් මිදෙන ඔබ වෙනසකටත් එක්ක සති අන්තයේ වෙනස්ම කෑම වේලක් සකසන්න.

 මෙවැනි වට්ටෝරු කිහිපයක් කැටි කොට ගෙන ඔබ අතින් පිළියෙල වන කෑම වේල කෙරෙහි සැමියාගෙන්, දූ දරුවන්ගෙන් ඉහළම ප්‍රතිචාර ලැබේවි. ඒ වෙනස බත් එකෙන්ම පටන් ගන්න.

අවශ්‍ය වන්නේ

 බාස්මතී සහල් ග්‍රෑම් 500 ක්

තෙල් මේස හැඳි 2 ක්

කපාගත් ලූනු ගෙඩි 2 ක්

එනසාල් කරල් 8 ක්

වියළි පොල් කෝප්ප 1/4 ක්

පොල්කිරි මිලිලීටර් 50 ක්

සහල් පිස ගැනීමට අවශ්‍ය පරිදි වතුර

ලුණු තේ හැඳි 1 ක්

සාදන අයුරු

ඔබ බත පිසින්නේ රයිස් කුකර් එකේ නම් එයට තෙල් දමා රත්කොට ලූනු බැදගන්න. වියළි පොල් ද එකතුකර මිනිත්තු 2 ක් පමණ දිගටම බැදගන්න. එනසාල්, පොල් කිරි, ලුණු සහ සහල් එකතු කරන්න. අවශ්‍ය පරිදි වතුර ද එකතු කොට මෘදු වනතෙක් පිස ගන්න.

 


  

කර්ඩ් රයිස්

 නිර්මාංස ඔබ සතියකට වතාවත්වත් මීකිරි එකතුකර පිළියෙල කරගත් බත් කෑමට ගන්නේ නම් අවශ්‍ය පෝෂණ සංඝටක සියල්ල ලබාවී.

 මේ සඳහා අවශ්‍ය වන්නේ

පිසගත් බත් ග්‍රෑම් 300 ක්

මීකිරි කෝප්ප 1 ක්

කපාගත් අමුමිරිස් කරල් 2 ක්

කපාගත් ලූනු ගෙඩියක්

අඹරාගත් සුදුලූනු තේ හැඳි 1 ක්

පදමට ලුණු

බත සරසා ගැනීමට වර්ණවත් ඕනෑම දෙයක්

මෙය සාදනුයේ

බත් හැර අනෙකුත් සියලුම ද්‍රව්‍ය මිශ්‍ර කරගන්න. එම මිශ්‍රණයට බත් දමා බත් ද හොඳින් මිශ්‍ර කරන්න. බත සරසා ගෙන මේසයට යැවීමට පුළුවන. එසේ නොවී නම් ලුණු දෙහි සමඟ කෑමට කදිමයි.

 


  පිපිඤ්ඤා බයිට්

මේ නම් ඔබට හුරුපුරුදු කෑම වර්ගයක් නොවේ. පිපිඤ්ඤා බයිට් එකක් ලෙස එක්කර ගැනීම ඔබට ආගන්තුක වන්නට පුළුවනි. එහෙම නම් සාදා බලන්නකෝ.

 මේ සඳහා අවශ්‍ය වන්නේ

පිපිඤ්ඤා ගෙඩි 2 ක්

රටකජු ග්‍රෑම් 100 ක්

පොල් කිරි මේස හැඳි 4 ක්

පුරවා ගත් හකුරු තේ හැඳි 1 ක්

සාදන අයුරු

 

පිපිඤ්ඤා හැර අනෙකුත් සියලුම දෑ බ්ලෙන්ඩරයකින් හොඳින් පොඩිකර ගන්න. පිපිඤ්ඤාවල පොතු හැර සෙන්ටිමිටර් 4 කැබලි හරස් අතට සිලින්ඩරාකාර ලෙසට කපා ගන්න. කපාගත් කැබලිවල මැද ඉවත්කර මිශ්‍රණය පුරවා ගන්න.


 කැරට් කුරුමා

 කුරුමා මිශ්‍රණය එකතු කොට සාදන ව්‍යාංජනවලින් විහිදෙන්නේ ඉන්දීය කෑමවලට ආවේණික වූ රසයක් මෙන්ම සුවඳකි. මේ කැරට්වලට කුරුමා එකතුකර සාදන කැරට් කුරුමා එකයි.

අවශ්‍ය වන්නේ:

කපාගත් කැරට් ග්‍රෑම් 150 ක්

තෙල් මේස හැඳි 1 ක්

කපාගත් ලූනු ගෙඩි 1 ක්

කරපිංචා ඉත්තක්

කුරුමා මික්ස් තේ හැඳි 1 ක්

(වෙළෙදපොළෙහි ඇත)

පොල්කිරි මිලිලීටර් 100 ක්

අමු තුනපහ කුඩු තේ හැඳි 1 ක්

කපාගත් තක්කාලි ගෙඩි 1 ක්

 සාදන්නේ මෙහෙමයි:

තෙල් රත්කර ලූනු සහ කරපිංචා තෙම්පරාදු කරගන්න. එයට කැරට්, තුනපහ සහ කුරුමා මික්ස් එකතු කොට තක්කාලි ද එකතු කරන්න. දැන් පොල්කිරි මිශ්‍ර කොට කැරට් හොඳින් පිස ගන්න.

ඉන්දියානුවන්ටම ආවේණික සමේ රත්‍රං පැහැය ලැබෙන්නේ මෙවැනි ආහාර නිසාය.

  

උපදෙස් Ma’s ට්‍රොපිකල් ෆුඩ්ස් ආයතනයේ

ප්‍රධාන සූපවේදිනිී

ස්රා ඩී. අල්විස්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
02 May 2017 07:53 PM
සුදු ලූණු සමග කංකුන් නම් මම කාලා තියෙනවා...
ඒක නම් නියමයි...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 May 2017 06:16 AM

දරුවන්ට ගුණ දායක ග්‍රීන් ෆ්‍රයිඩ් රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය
කීරි සම්බා බත් ග්‍රෑම් 250
තම්බාගත් කඩල ග්‍රෑම් 50
තම්බාගත් ග්‍රීන්පීස් ග්‍රෑම් 50 
කන්කුන් හෝ මුකුණුවැන්න දලු ග්‍රෑම් 50
සුදුලූනු බික් 1 යි
කුඩා ඉඟුරු පෙත්තක්
බටර් මේස හැඳි 2
ලුණු රසට අනුව 
ගම්මිරිස් රසට අනුව 
 
සාදන ආකාරය 
බඳුනක් ළිප තබා බටර් දමා රත් කරන්න. දැන් එයට තලාගත් ඉඟුරු, සුදුලූනු දමා තෙම්පරාදුවන්නට හරින්න. කඩල, ග්‍රීන්පීස්, කන්කුන් දලු දමන්න. ලුණු, ගම්මිරිස් එකතු කරන්න. අන්තිමට බත් ටික දමා හොඳින් කලවම් කර ගන්න.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 May 2017 06:18 AM

සිරුර සිසිල් කරන වට්ටක්කා කළු‍පොල් මාලුව

අවශ්‍ය ද්‍රව්‍ය

 
වට්ටක්කා කිලෝග්‍රෑම් 1
අබ ඇට තේ හැඳි 2
ගම්මිරිස් කුඩු තේ හැඳි 2
තුනපහ කුඩු තේ හැඳි 2
රසට අනුව ලුණු
කුඩා ඉඟුරු කැබැල්ලක්
සුදුලූනු බික් 2-3ක්
රතුලූනු ගෙඩි 2-3ක්
අමුමිරිස් කරල් 2 යි
කරපිංචා ඉත්තක්
සිහින්ව ගා ගත් ‍පොල් මේස හැඳි 3 
දියකිරි අඬු කෝප්ප 4
මිටිකිරි අඬු කෝප්ප 2
සහල් මේස හැඳි 1
 
සාදන ආකාරය 
 
සෝදාගත් සහල් සහ ‍පොල් කබ‍ලේ රන්වන් පාටට බැදෙන්නට හරින්න. දැන් එයට සුදුලූනු, ඉඟුරු, අබ, ගම්මිරිස්, තුනපහ කුඩු එකතු කොට කුඩා ගුලියක් සේ අඹරා ගන්න. එය පසෙකින් තබන්න. වට්ටක්කා ඇට ඉවත් කර තරමක කැබැලිවලට කපා ගන්න. දැන් රතුලූනු, අමුමිරිස් කපා දමන්න. ලුණු සහ දියකිරි ද කරපිංචා ද එකතු කොට ළිප තබන්න. වට්ටක්කා තැම්බි ඉස්ම ගතිය සිඳීගෙන එන විට මිටිකිරිවලට අඹරාගත් ගුලිය දමා නටවා දියකර ගන්න.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 May 2017 06:16 PM

අන්නාසි ව්‍යංජනය

අවශ්‍ය ද්‍රව්‍ය

තරමක් පැසුණු අන්නාසි ගෙඩියක්
අමුමිරිස් ග්‍රෑම් 5 (කරල් පහක් හයක්)
කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
කුරුඳු ‍පොතු කැබැල්ලක් 
ලූනු ග්‍රෑම් 10
මිරිස් කුඩු තේ හැඳි 2
සූදුරු තේ හැඳි 1
අබ කුඩු තේ හැඳි 1/2
මිටි කිරි කෝප්ප 1
දියකිරි කෝප්ප 2
ලුණු තේ හැඳි 1/2
 
සාදන ක්‍රමය
අන්නාසි ගෙඩියේ ලෙල්ල ඉවත්කර අඟල් 1/2ක පමණ ප්‍රමාණයට කොටු කපා ගන්න. ඉන්පසු ඉහත සියල්ල එක්කොට දියකිරෙන් විනාඩි දහයක් පමණ පිසගන්න. අවසානයේ මිටිකිරි දමා නැවතත් විනාඩි පහක් පමණ පිස ගන්න.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 May 2017 06:17 PM

ග්‍ලේස්ඩ් කුකුල් මස්

අවශ්‍ය ද්‍රව්‍ය
චිකන් පපුව කොටස ග්‍රෑම් 500
සුප් කැට 1
ලූනු කොළ 6
සුදු ලූනු
මී පැණි මේස හැඳි 3
දොඩම් යුෂ මේස හැඳි 3
දොඩම් ගෙඩි1
සෝයා සේස් මේස හැඳි 2
විනාකිරි
පලතුරු හැඳි 1යි
 
සාදන ක්‍රමය
කුකුල් මස කටු  හැර තම්බා බටර් ගාන ලද බේකිං තැටියක තබන්න. දොඩම් ගෙඩිය ලෙලි හැර  බික් ගලවා ගන්න. තෙල් රත්කර කපාගත්  ලූනු කොළ. සුදු ලූනු,  බැදගෙන එයට මී පැණි දොඩම් යුෂ, දොඩම් බික්, කුඩුකරගත්  සුප් කැටය, සෝයා සෝස්, විනාකිරි එක්කර කලවම් කරන්න. මෙය හොඳට උයාගන්න.  මෙම මිශ්‍රණය කුකුල් මස්   මත වක්කොට බේක් කර ගන්න. බේක් කරන ලද අර්තාපල් සමග පිළිිගන්වන්න. 
 
(බුරියානු, ෆ්‍රයිඩ්රයිස් සහ නූඩ්ල්ස් සඳහා යෝග්‍යය)
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 May 2017 06:19 PM

කටට සැරට ඉස්සන් මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය

 
අමු ඉස්සන් ග්‍රෑම් 250
ඉඟුුරු ග්‍රෑම් 100
සුදුලූනු ග්‍රෑම් 15
බි ලූනු ග්‍රෑම් 20
අබ ඇට මේස හැඳි 1
කරුඳු‍පොතු කැබැල්ලක්
ගාගත්  ‍පොල් ගෙඩි 1/2ක්
රම්පේ කරපිංචා ඉති 2
අමුමිරිස් ග්‍රෑම් 5
ගම්මිරිස් ග්‍රෑම් 5
කහ කුඩු තේ හැඳි 1/2
සේර ස්වල්පයක්
ලුණු  මේස හැඳි 1
කරදමුංගු කරාබු නැටි තේ හැඳි 1/2 බැගින්
දෙහි ගෙඩි එකක්
 
සාදන ක්‍රමය
ලුණු සමග වතුර මිශ්‍රකර ඉස්සන්ගේ ප්‍රමණයට වතුර දමා තම්බාගන්න දැන් අනෙකුත් සියලුම දේවල් දමා වංගෙඩියක කොටා ගන්න. ඉන්පසු තම්බාගත් ඉස්සන්ගේ වතුර හිඳුණු පසු කොටාගත් ‍පොල් මිශ්‍රණය හොඳින් කලවම් කර අවසානයේ දෙහි යුෂ මිශ්‍ර කරන්න.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 May 2017 06:20 PM

ඇඹරැල්ලා ඇඹුල

අවශ්‍ය ද්‍රව්‍ය

 
ඇඹරැල්ල ග්‍රෑම් 200
සුදුලූනු ග්‍රෑම් 10
ලූනු ග්‍රෑම් 15
රම්පේ කරපිංචි ඉති 
දෙක බැගින්
උළුහාල් තේ හැඳි 1
එනසාල් තේ හැඳි 1
කුරුඳු ‍පොතු කැබලි 1
අබ ක්‍රීම් තේ හැඳි 1
මිරිස් කුඩු මේස හැඳි 1
තුනපහ කුඩු මේස හැඳි 2
මිටිකිරි කෝප්ප 1
දියකිරි කෝප්ප 2
ලුණු තේ හැඳි 1
අමුමිරිස් ග්‍රෑම් 5
සීනි තේ හැඳි 2
 
සාදන ක්‍රමය
‍පොතු ඉවත් කර ඇඹරැල්ලා ගෙඩිය කැබිලිවලට කපා ඇටයද ඉවත් කරන්න. මිරිස්, තුනපහ, කුරුඳු ‍පොතු සහ එනසාල් කබලක දමා රන්වන් පැහැවනතුරු බැඳගන්න කපාගත් ඇඹරැල්ලාවලට සියලුම දේවල් මිශ්‍ර කර දියකිරි සමග විනාඩි දහයක් පහළොවක් පමණ තැම්බෙන්නට හරින්න.
අවසානයේ මිටිකිරිවලට අබ ක්‍රීම් කලවම් කර ව්‍යංජනයට දමා විනාඩි පහක් පමණ පිස ගන්න.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 May 2017 08:52 AM
පට්ට කෑම ටිකක් නේ ...............
0

santhaa
Basic Member
Basic Member
Posts:249






--
04 May 2017 10:30 AM
කටට කෙලත් උන්නනවා නේ .......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 May 2017 06:01 AM
ග්‍රිල්ඩ් වෙජිටබල් සැන්ඩ්විච් 
 
අවශ්‍ය ද්‍රව්‍ය
බර්ගර් බනිස් කීපයක් 
පාට දෙකකින් බෙල් පෙපර් ගෙඩි 2ක්
ගෝවා කොළ කීපයක් 
සුදුලූනු බික් 3-4ක් 
බටර් ටිකක්, ලුණු ස්වල්පයක් 
ගම්මිරිස් ස්වල්පයක් 
ලොකු ලූනු ගෙඩියක් 
 
සාදන ආකාරය 
සුදුලූනු චොප් කරගන්න. ලූනු ලොකු සිහින් රවුම් ලෙස කපා ගන්න. බෙල් පෙපර් සිහින් දිග තීරු ලෙස කපා ගන්න. ගෝවාද සිහින් කෙඳිති සේ කපා ගන්න. දැන් පෑන් එකක් ළිප තබා බටර් ටිකක් දමා රත් කරන්න. චොප් කරගත් සුදුලූනු  එකතු කරන්න. ක්‍රමයෙන් ලූනු, බෙල් පෙපර්, ගෝවා දමන්න. යන්තමට සෝටර් කර ගන්න. ලුණු, ගම්මිරිස් ඉස ළිපෙන් බා ගන්න. දැන් බර්ගර් බනිස් දෙකට පලා ගන්න. ඒවායේ ඇතුල් පැත්ත රත්වූ පෑන් එක තබා යන්තම් ටෝස්ට් කර ගන්න. දැන් සාදාගත් බර්ගර් බන්වලට බටර් තවරන්න. එහි මැදට සාදාගත් එළවළු මිශ්‍රණය දමා උඩ පියනින් වසා ටූත් පික් එකක් ගසා උණුවෙන්ම කෑමට ගන්න. 
 
එග් වයිට් සැන්ඩ්විච් 
 
අවශ්‍ය ද්‍රව්‍ය
දුඹුරු පාන් පෙති කීපයක් 
බටර් ටිකක්, බිත්තර සුදුමද 3ක්
ලොකු ලූනු ගෙඩියකින් 1/2
බැසිල් කොළ දෙක තුනක්
හතු දෙක තුනක්
ලුණු රසට අනුව 
ගම්මිරිස් රසට අනුව 
 
සාදන ආකාරය 
බිත්තර සුදුමදවලට ඉතා ස්වල්පයක් ලුණු ගම්මිරිස් එකතු කර හොඳින් තට්ටු කර රත්වූ පෑන් එකක දමා තුනීයට ඔම්ලට් එකක් සාදා ගන්න. දැන් ලූනු, බැසිල් කොළ, හතු සිහින්ව කපා ගන්න. දැන් බටර් ඉතා ස්වල්පයක් දමා රත්කරගත් පෑන් එකක දමා කපාගත් ලූනු, හතු සහ බැසිල් කොළ සෝටර් කර ගන්න. 
පාන් පෙති යන්තමට ටෝස්ට් කරගෙන බටර් ගා ගන්න. දැන් පාන් පෙත්තක් ගෙන ඒ මත ඔම්ලට් එක තබන්න. පාන් පෙත්තකින් වසන්න. ඒ මත සෝටර් කරගත් එළවළු තට්ටුවක් දමන්න. 
තවත් පාන් පෙත්තකින් වසා ගන්න. දැන් වාටි කපා, අවශ්‍ය හැඩයට කපා පිළිගන්වන්න. 
 


ගාලික් ඇන්ඩ් චීස් සැන්ඩ්විච් 
 
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පෙති 8 යි
චොප් කරගත් සුදුලූනු මේස හැඳි 2
චොප් කරගත් ලොකුලූනු ගෙඩියක් 
කෑලි මිරිස් මේස හැඳි 1/2
චීස් පෙති 4 යි
ලුණු ස්වල්පයක් 
බටර් ටිකක් 
 
සාදන ආකාරය 
බටර් ස්වල්පයක් ළිප තබා රත්වන විට චොප් කරගත් සුදුලූනු, ලූනු දමා සෝටර් කර ගන්න. දැන් ලුණු, කෑලි මිරිස් දමා මිශ්‍රකර ගන්න. පාන් 
පෙතිවලට බටර් ගා ගන්න. දැන් පාන් පෙත්තක් ගෙන ඒ මත චීස් පෙත්තක් තබන්න. සාදාගත් මිශ්‍රණය ටිකක් දමන්න. තවත් පාන් පෙත්තකින් වසා පෑන් එකක දමා දෙපැත්ත ග්‍රීල් කර ගන්න. 
 
චිකන් ඇන්ඩ් ස්වීට් කෝන් සැන්ඩ්විච්
 
අවශ්‍ය ද්‍රව්‍ය
තම්බාගත් කුකුල් මස් ග්‍රෑම් 100
ස්වීට් කෝන් ග්‍රෑම් 100 
බටර් ටිකක් 
හොට් ඩෝග් බන් කීපයක් 
සිහින්ව කපාගත් 
ලොකු ලූනු ගෙඩියක් 
ලුණු රසට අනුව 
ගම්මිරිස් රසට අනුව 
 
සාදන ආකාරය 
මේ සඳහා තම්බා සකසා ඇති ටින් කළ ස්වීට්කෝන් හෝ තම්බාගත් ළපටි ඉරිඟු ඇට හෝ ගන්න. 
තම්බා ගත් මස් ටික සිහින් තීරු ලෙස ගලවා ගන්න. දැන් බටර් ස්වල්පයක් ළිප තබා රත්වන විට ලූනු ටික දමන්න. මෙයට කුකුල් මස් කැබැලි සහ ස්වීට්කෝන් එකතු කරන්න. ලුණු, ගම්මිරිස් එකතු කරන්න. 
දැන් බන් එකක් ගෙන හරස් අතට පලාගෙන ඇතුළත කුඩා කොටසක් ඉවත් කර ගන්න. බටර් ස්වල්පයක් ගා ගන්න. සකසාගත් පිරවුම දමා වසා ටූත් පික් එකක් ගසා සකසා ගන්න.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 May 2017 06:02 AM
මසාලා තෝසේ

අවශ්‍ය ද්‍රව්‍ය
උඳු ග්‍රෑම් 200
රුලං ග්‍රෑම් 400
උළුහාල් තේ හැඳි 1
ලුණු
 
සාදන ක්‍රමය 
කළු ‍පොතු ඉවත් කළ උඳු  උළුහාල් සමග පැය 6ක් පමණ පෙඟුණු පසු අඹරන ගලක හෝ  ලික්විඩයිසරයක දමා අඹරා ගන්න. රුලං හලා අඹරා උඳුවලට දමා අවශ්‍ය ප්‍රමාණයට ලුණු යොදා  අනාගන්න. තෝසේ  වත්කළ හැකි පදම වන තෙක් ජලය එක් කරමින් අනා පැය හයක් පමණ පිපෙන්නට තබන්න. ලූනු ලියා කරපිංචා සමග බැද ඒවා තෝසේ මිශ්‍රණයට එක් කරන්න. ඉන් පසු තැටියක මාගරින් තවරා රත් වූ පසු හැන්දකින් තැටිය මත වත්කර තුනී කර දෙපැත්ත දමමින් පුළුස්සා ගන්න.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 May 2017 05:34 AM
http://navaliya.com/2017/05/08/New%20folder/28.jpg
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 May 2017 05:36 AM
http://www.navaliya.com/2017/05/01/New%20folder/37.jpg
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 19 of 77 << < 1718192021 > >>