Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 30 Nov 2018 10:24 AM by Udari කෑම පිටුව 1520 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 20 of 77 << < 1819202122 > >> Author Messages hasithadSuper Senior MemberPosts:5795 07 May 2017 08:27 AM මාර තොගයක්නෙ චාමර මල්ලි. ගමේ කෑමත් ගොඩක් තියෙනවා. 0 chamaramindMost Senior MemberPosts:13471 07 May 2017 05:02 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 May 2017 06:54 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 May 2017 06:55 PM ගෙවත්තේ පලතුරුවලින් රසවත් බීමක් Written by තනූෂිකා මේ දිනවල පවතින උණුසුම අපට තදින්ම දැනෙනවා. අධික පිපාසය,තොලකට වියළීම, අධික දහඩිය දැමීම නිසා කවුරුත් කතා කරන්නේ මේ පරිසර විපර්යාසය ගැනයි. මෙයට එකම විසඳුම වැඩිපුර ජලය පානය කිරීමයි. හැබැයි ජලය පානය ගැන කොයි තරම් කතා කළත් ඇතැමුන්ට නම් එය මඟ හැරෙනවා. විශේෂයෙන් කුඩා දරුවන්ට ජලය පානයටදීම අපහසුම කටයුත්තක්. මෙයට කදිම විසඳුමක් වන්නේ විවිධ බීම වර්ග පානය යොමු කරවයි. බොහෝ ගෘහණියෝ බීම හදන්න හුරුවෙලා තිබෙන්නේ සෑම දෙනෙක්ම දන්න පලතුරු වර්ගවලින්. එසේ නැති නම් කෘත්‍රීම රසකාරක යොදාගෙන. එහෙත් මේ පලතුරු වාරේ අපේ ගෙවතුවල කොයි තරම් පලතුරු වර්ග අපතේ යනවාද? උදාහරණයක් ලෙස ජම්බු, අඹ, වෙරළු වැනි දෙයින් බීමක් හදන්න උනන්දු වෙන ගෘහණියෝ නම් හරිම අඩුයි. මේ එවැනි දෙයින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් තවත් බීම වර්ග කිහිපයක්. ඔබ වරක් අත්හදා බලන්න මෙවැනි බීමක රසය කොයිතරම් ද කියා. වදමල් පානය අවශ්‍ය ද්‍රව්‍ය රතු පාට පොකුරු වද මල් 4 පමණ සුදු සීනි රස අනුව ලුණු ස්වල්පයක් දෙහි ඇඹුල් ස්වල්පයක් කස කසා ඇට ටිකක් සාදන ක්‍රමය පොකුරු වද මල් ගෙන රේණු ඉවත් කර පෙති වෙන් කරගන්න. මල් පෙති සෝදා බඳුනක දාන්න. ප්ලාස්ටික් බඳුන් භාවිත නොකරන්න. දැන් උණු වතුර වත් කර වසා තබන්න. මල රතු පැහැ වුවද දම් පැහැයක් වතුරට එකතු වී ඇත. හොඳින් නිවුණු පසුව පෙරාගන්න. ලුණු සහ රස අනුව සීනි එකතු කර දිය කරන්න. දෙහි ඇඹුල් ස්වල්පයක් සහ කස කසා ඇට ටිකක් එකතු කර ශීතකරණයේ තබන්න. ඔබට මෙය තවත් හැඩ වැඩ සහ රසවත් කරගන්නට වැල් දොඩම් ද යොදාගත හැකියි. වද මල් වතුර ඔසුවක් ලෙස ද භාවිත කරන අතර අඩු වියදමින් සහ පහසුවෙන් සකස් කරගත හැකි පෝෂ්‍යදායක පානයකි. ජම්බු පානය අවශ්‍ය ද්‍රව්‍ය රතු ජම්බු ගෙඩි 30 ක් සුදු සීනි රස අනුව ලුණු ස්වල්පයක් දෙහි, දොඩම් හෝ නාරං ගෙඩි 1 ක් ශීතල වතුර (ශීතරණයකින් හෝ මැටි ගුරුලේත්තුවකින් ගන්නා ලද) කස කසා ඇට ටිකක් සාදන ක්‍රමය මේ සඳහා ඕනෑම ජම්බු වර්ගයක් යොදා ගත හැකි වුවද වර්ණය ගැන සැලකීමේ දී සුදුසු වන්නේ පිනි ජම්බුය (රත් පොඩි ජම්බු). ජම්බු පිරිසුදු කරගෙන ඇට ඉවත්කරගන්න. පසුව බ්ලෙන්ඩරයක දමා එයට වතුර ස්වල්පයක් එකතු කර පොඩි කරගන්න. ජම්බු යුෂ පෙරා ගන්න. (කැබැලි සහිතව ගන්නට ද හැකියි) එයට දෙහි යුෂ දොඩම් යුෂ හෝ නාරං යුෂ එකතු කරන්න. වතුර ස්වල්පයකට සීනි දිය කරගන්න. ඔබ සකස් කරගත් යුෂ බදුනට සීනි දියර එකතු කරන්න. කස කසා ඇට සහ ලුණු ස්වල්පයක් එකතු කරන්න. පැහැදිලි වීදුරුවකට අයිස් කැට ටිකක් දමා ජම්බු පානය වත් කරන්න. දෙහි මිශ්‍ර අන්නාසි පානය අවශ්‍ය ද්‍රව්‍ය පොඩි අන්නාසි ගෙඩියක් දෙහි ගෙඩි පහක් - සීනි රස අනුව ලුණු ස්වල්පයක් ශීතල වතුර (ශීතකරණයකින් හෝ මැටි ගුරුලේත්තුවකින් ගන්නා ලද) අයිස් කැට ටිකක් සාදන ක්‍රමය අන්නාසි පොතු හැරගෙන ලුණු වතුරින් සෝදා ගන්න. දෙහි පොතු පිටින් දෙකට කපා ගෙන ප්ලාස්ටික් හෝ වානේ නොවන පිරිසුදු බඳුනකට මිරිකාගන්න. දෙහි ලෙලිවල පැඟිරි එකතු වූවාට කමක් නැහැ. අන්නාසි, ග්‍රේටරයකින් සිහින්වට ගාගන්න. (ඔබ කැබලි හැපෙනවාට අකැමැති නම් ගාගත් අන්නාසි කැබලි පොල්කටු හැන්දකින් පොඩිකර එයට වතුර දමා පෙරාගන්න) බ්ලෙන්ඩරයකින් පොඩි කරගන්නටත්, පිහියෙන් සිහින්වට කපාගන්නටත් හැකියි. වතුර ටිකක් ගෙන සීනි දිය කරගන්න. සීනි දියවුණු පසුව දෙහි යුෂ සහ අන්නාසි පල්පය එකතුකර කලවම් කරන්න. දැන් ශීතල ජලය අවශ්‍ය පමණට එකතු කරගන්න. ලුණු ස්වල්පයක් එකතුකරන්න. මෙයට ද කස කසා ඇට ටිකක් එක් කරගන්නට හැකියි. පිළිගන්වන විට අයිස් කැට ටිකක් එකතු කරන්න. අලංකාර කහ පැහැයකින් යුක්ත වන නිසා පැහැදිලිව පෙනෙන වීදුරුවකට දමා පිළිගන්වන්න. මෙය සකස් කළ පසුව දින කිහිපයක් නොතබන්න. අම්ල සහිත පානයක් නිසා රසය, පෝෂණය අඩු වනවා පමණක් නොව අහිතකර සංයෝග සෑදෙන්නට ද හැකියි. පලතුරු බීම නැවුම්ව පානය කිරීමෙන් රස, ගුණ ලබා ගන්නට හැකියි. වරකා පානය අවශ්‍ය ද්‍රව්‍ය වරකා මදුළු පහක් පමණ සුදු සීනි රස අනුව ලුණු ස්වල්පයක් ශීතල වතුර (ශීතකරණයකින් හෝ මැටි ගුරුලේත්තුවකින් ගන්නා ලද) දෙහි බෑයක් කස කසා ඇට ටිකක් සාදන ක්‍රමය තරමක් ඉදුණු වරකා මදුළු ගන්න. (අඩුවෙන් හෝ වැඩියෙන් ඉදුණු වරකා නොගන්න) මේ සඳහා ඕනෑම වරකා වර්ගයක් ගත හැකියි. වරකා කැබැලි කුඩාවට කපාගෙන වතුර ස්වල්පයක් මිශ්‍ර කර බ්ලෙන්ඩරයකින් පොඩි කරගන්න. නැත්නම් ග්‍රේටරයකින් ගාගන්න. ඔබට කැබලි රහිතව අවශ්‍ය නම් පමණක් පෙරාගන්න. වතුර ස්වල්පයක් ගෙන අවශ්‍ය පමණට සීනි දිය කරගන්න. එයට වරකා පල්පය හෝ යුෂ එකතු කරන්න. දැන් ඔබ කැමැති ප්‍රමාණයක් වතුර එකතු කරන්න. දෙහි රේණු සමඟ මිරිකා ගත් යුෂ, ලුණු ස්වල්පය සහ කස කසා ඇට ටික ද එකතු කරන්න. අයිස් කැට හෝ ශීතකරණයේ විනාඩි කිහිපයක් තබා පිළිගන්වන්න. ඇසට ප්‍රිය අලංකාර වර්ණයකින් යුක්ත වන අතර, ඔබ ගන්නා ලද වරකා වර්ගය අනුව පැහැය වෙනස් වේ. පැහැදිලි වීදුරුවකට දමා පිළිගන්වන්න. සියඹලා පානය අවශ්‍ය ද්‍රව්‍ය අලුත් සියඹලා ග්‍රෑම් 100 ක් රතු සීනි රස අනුව ලුණු ස්වල්පයක් ශීතල වතුර (ශීතකරණයකින් හෝ මැටි ගුරුලේත්තුවකින් ගන්නා ලද) සාදන ක්‍රමය සියඹලා පොතු හැර ගන්න. කළුවී ගිය පරණ සියඹලා රසින් අඩු ය. එබැවින් අලුත් සියඹලා වඩාත් සුදුසු යි. වානේ නොවන බඳුනක් ගන්න. රේණු ඉවත්කර ගත් සියඹලා දමා එයට වතුර එකතු කරන්න. ඇට ඉවත් කරන්නට හොඳින් පොඩි කරන්න. දුඹුරු පැහැ සියඹලා මද වතුරට දියවුණු පසුව, පිරිසුදු පෙරණයක් ගෙන හොඳට පෙරා ගන්න. දැන් සියඹලා යුෂවලට ලුණු ස්වල්පයක් සහ සීනි එකතු කරන්න. හැන්දක් ගෙන සීනි දියවනතුරු හැඳි ගාන්න. තවත් ශීත වීමට අවශ්‍ය නම් ශීතකරණයේ විනාඩි තිහක් පමණ තියන්න. මෙම මිශ්‍රණය පැතලි තැටියකට දමා ඉරටු ගසා අධිශීතකරණයේ තබා අයිස් කැට සකස් කරගන්නටත් හැකියි. ඔබට දිනක් දෙකක් තබා ගන්නට අවශ්‍ය නම් මෙම මිශ්‍රණය උණු කර නිවුණු පසුව ශීතකරණයේ තබන්න. උණු නොකර දින ගණන් පලතුරු බීම තැබීම අහිතකරයි. එහෙත් ඔබට හොඳ පෝෂණයක් ගන්නට හැක්කේ ඒ මොහොතේ ම සකස් කර ගැනීමෙන් බව මතක තබාගන්න. සියඹලා බීම යැයි නොදන්නා කෙනෙකුට දිවුල් බීම යැයි රවටන්නට තරම් හැකියි. පිළිගන්වන විට එහා මෙහා පෙනෙන උස වීදුරුවකට දැමීමේ ඇසට ප්‍රිය බවක් ඇති කරන්නට හැකියි. සී විටමින් බහුල සියඹලා සිරුරට ගුණ දෙන පෝෂ්‍යදායක පලතුරකි. කොතරම් ගුණ වුවද පමණ දැන පාවිච්චි කරන්න. වස විස පිරුණු පැණි බීම බීලා ලෙඩ නොවී අඩුම වියදමින් රසට ගුණට පාටට සියඹලා බීම බොමු ද? අලිගැට පේර පානය අවශ්‍ය ද්‍රව්‍ය අලිගැටපේර ගෙඩියක් සුදු සීනි රස අනුව ලුණු ස්වල්පයක් සීතල වතුර දෙහි බිංදු කිහිපයක් සාදන ක්‍රමය නරක් නොවූ, හොඳින් ඉදුණු අලි ගැට පේර ගෙඩියක් ගන්න. හොඳින් වැඩී ඉඳුණු ගෙඩි ගැනීමෙන් පැහැය සහ රසය වැඩිකරගත හැකියි. මුලින්ම බඳුනක් ගෙන එයට අලිගැට පේර මදය හැන්දකින් සූරා ගන්න. පසුව එයට ලුණු ස්වල්පයක්, සීනි අවශ්‍ය ප්‍රමාණයට එකතු කර හොඳින් කලවම් කරගන්න. සීනි කැට දියවන විට අලිපේර මද ක්‍රිම් එකක් ලෙසින් පොඩි වේවි. පසුව ශීතකළ වතුර අවශ්‍ය පමණට එකතු කරගන්න. වතුර වැඩිපුර එකතුකළ විට දියර බව වැඩි වී රසය අඩු වේ. වතුර අඩුවෙන් එකතු කළ විට ඝණ වේ. එබැවින් නිසි පදමට වතුර එකතුකරන්න. පිළිගන්වන විට පැහැදිලි වතුර වීදුරුවකට දමන්න. අලිපේර සෑදීමේදී බොහෝ දෙනකු මෙයට කිරි පිටි, අයිස් ක්‍රීම්, ජෙලි, වර්ණ කාරක එකතු කිරීමට හුරුව තිබේ. එසේ කිරීමෙන් අලිපේර පානය කල්තබා ගැනීමට නොහැකිවන අතර ඇතැම් විට පානයේ නැවුම් රසය ද නැතිව යයි. ඔබට අවශ්‍ය නම් මේ සඳහා අයිස්ක්‍රීම් වැනි දෙයක් පිළිගන්වන විට එක් කිරීම ප්‍රමාණවත්ය. අතිරේක දායකත්වය ප්‍රවීණ සූපවේදනී, ලේඛිකා නිකිණි නේත්‍රාංජලී බණ්ඩාර 077-4247999 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 May 2017 06:56 PM මල්, පලතුරු පිරි මේ කාලේ හදමු චට්නි, අච්චාරු, සමඟ බීම වර්ග ලිව්වේ දුමින්ද කාරියවසම් කෝඩියල්, අච්චාරු, චට්නි කියූ පමණින් අපේ රස නහර පිනා යනවා. ඇත්තටම මේ රසවත් ආහාර පාන අපට ඉතාම පහසුවෙන් ගෙදර දී සාදා ගන්න පුළුවන්. ඒත් අපේ ගෘහණියෝ හුරු වී තිබෙන්නේ මේ සියලූ දේ වෙළඳපොළෙන් මිලදී ගන්න. එහෙත් අපේ ගස්වල පලතුරු, මල් පහසුවෙන් වැඩි මුදලක් වැය නොකර සොයා ගන්න පුළුවන්. එයින් රසවත්ව හා නැවුම් ලෙසින් ඔබේ නිවෙසේ කෑම මේසය රස කරගන්න පුළුවන් නම් ඔබ සැබෑම දක්ෂ ගෘහණිය. ඔබ නිර්මාණශීලි කාන්තාවක් නම් මෙය මුදල් උපයන මාර්ගයක් බවටත් පත් කරගත හැකියි. කාලෙන් කාලෙට පලතුරු, මල් පර වී වැටී යනවා අපි දකිනවා. ෙමි අපතේ යන පලතුරු මල් ප්‍රයෝජනයට ගෙන කෑම බීම සිය දහස් ගණනක් හදන්න පුළුවන්. හැබැයි අච්චාරු චට්නි හදන්න වැඩිපුරම විනාකිරි යොදා ගන්නවා. විනාකිරි ඇතැමුන්ට ආසාත්මිකයි. ඒ නිසා කිරි දෙන මවුවරුන්,ගැබිනි මවුවරුන්, කුඩා දරුවන් මේ කෑම වර්ග ආහාරයට ගැනීමට පෙර ආසාත්මිකතාව ගැනත් සිතිය යුතුයි. පොලොස් අච්චාරු අවශ්‍ය ද්‍රව්‍ය ළපටි පොලොස් ගෙඩියක් (තම්බා ගත්) විනාකිරි අඬු කෝප්ප එකහමාරක් පමණ විනාකිරෙන් අඹරාගත් අබ රතුලූනු ගෙඩි කිහිපයක් අමු මිරිස් කරල් කිහිපයක් ලුණු අවශ්‍ය පමණ, කහ ස්වල්පයක් කුරුඳු කැබැල්ලක්, අමු ඉඟුරු කැබැල්ලක්, මුරුංගා පොතු කැබැල්ලක් කෑලි මිරිස් මේස හැඳි තුනක් පමණ මිරිස් කුඩු මේස හැන්දක් පමණ, ගම්මිරිස් කුඩු ස්වල්පයක් සාදන ක්‍රමය පොලොස් අච්චාරුව රසවත්ව සහ අලංකාරවත්ව සකස් කරගැනීම සඳහා නොමේරූ පොලොස් ගෙඩියක් ගන්න. ඔබ මුලින් ම පොලොස් ගෙඩියේ පොත්ත සහ මැද නාරටිය ඉවත්කර ගෙන දිගැටි පෙති සිටින සේ කැබැලිවලට කපාගන්න. මැටි ඇතිළියකට හෝ මුට්ටිකට දමා කැබැලි වැසෙන ප්‍රමාණයට වතුර එක්කරන්න. එයට කහ ස්වල්පයක් සහ ලුණු කැට හෝ කුඩු ටිකක් එකතු කරන්න. පෙලොස් කැබැලි පොඩි වී නොයන සේ තම්බාගන්න. පොලොස් කැබැලි වතුරෙන් ඉවත කළ පසුව පලාගත් අමු මිරිස් කරල් කිහිපය සහ රතුලුනු දමා විනාඩියක් දෙකක් පමණ තබා ඉවත් කරගන්න. ඔබට කැමැති නම් අමු මිරිස් සහ රතු ලූනු අමුවෙන්ම ගන්නට ද හැකියි. තැම්බුණු පොලොස් කැබැලි, අමු මිරිස් සහ රතුලූනු දිය බේරෙන්නට පිරිසුදු කපු රෙදි කඩක අතුරන්න. ලුණු වතුරෙන් සෝදා ගත් අබ විනාකිරි ස්වල්පයකින් අඹරාගන්න. පසුව අමු ඉඟුරු, මුරුංගා පොතු කැබැල්ල ද හොඳින් පොඩිකරගන්න. වියළි මැටි බඳුනක් ගෙන එයට වතුර සිඳුනු පොලොස්, රතු ලූනු, පලාගත් අමු මිරිස් දමන්න. අඹරාගත් අබ, ඉඟුරු සහ මුරුංගා පොත්තත් එකතු කරන්න. ගම්මිරිස්, මිරිස් කුඩු, කෑලි මිරිස්, කුරුඳු පොතු කැබැලි ද එකතු කරන්න. පෙර ලුණු එකතු කළනිසා මේ මොහොතේ අවශ්‍ය පමණ දැනගෙන ලුණු එකතු කරන්න. වියළි පොල් කටු හැන්දක් ගෙන මේ සියල්ල ම හොඳින් මිශ්‍ර වන සේ හැඳිගාන්න. අවසානයේ විනාකිරි එකතු කරන්න. දැන් වියලි මැටි මුට්ටියකට දමා පිරිසුදු වියළි රෙදි කඩකින් මුට්ටියේ කට හොඳින් ගැට ගසන්න. වතුර මිශ්‍ර නොවන සේ සකස් කරගත් විට පොලොස් අච්චාරුව මාසයක් පමණ තබන්නට හැකියි. කටට රස වුවද මෙය ඌෂ්ණාධික ආහාරයක් වන බැවින් පමණ දැන ආහාරයට ගන්න. රෝගීන්ට මවුවරුනට මේ අච්චාරුව සුදුසු නොවේ. වෙරළු අච්චාරු අවශ්‍ය ද්‍රව්‍ය පැසුණු වෙරළු ගෙඩි විස්සක් පමණ විනාකිරි අඬු කෝප්ප එකක් විනාකිරෙන් අඹරාගත් අබ අමු මිරිස් කරල් කිහිපයක් ලුණු අවශ්‍ය පමණ කහ ස්වල්පයක් කුරුඳු කැබැල්ලක්, අමු ඉඟුරු කැබැල්ලක් මුරුංගා පොතු කැබැල්ලක් මිරිස් කුඩු මේස හැඳි භාගයක් ගම්මිරිස් කුඩු ස්වල්පයක් සීනි ස්වල්පයක් සාදන ක්‍රමය මේ සඳහා ලොකු වෙරළු වර්ගයක් නම් වඩාත් සුදුසු යි. වෙරළු ගෙඩි පිරිසුදු කරගෙන සෑම ගෙඩියකම ඉරටුවකින් සිදුරු කීපයක් හදන්න. පසුව ලුණු සහ කහ ස්වල්පයක් දමා තම්බාගන්න. අමු මිරිස් කරල් දිග අතට දෙකට කපාගෙන උණු වතුරේ දමා විනාඩියක් පමණ තම්බා ගන්න. දැන් මේ සියල්ල කිරි ගොටුවකට දමා වතුර බේරෙන්නට තියන්න. වතුර බේරුණු පසුව වියළි රෙදි කඩක් අතුරා තම්බා ගත් වෙරළු සහ අමු මිරිස් දිය සිඳෙන්නට තබන්න. මේ අතරේදි ලුණු වතුරෙන් සෝදා ගත් අබ විනාකිරෙන් අඹරාගන්න. මුරුංගා පොත්ත සහ ඉඟුරු කැබැල්ලත් හොඳින් පොඩි කරගන්න. වියළි මැටි බඳුනක් ගෙන අඹරාගත් සහ තළාගත් දේවල් එකතු කරන්න. වියළි පොල් කටු හැන්දක් ගෙන හොඳින් මිශ්‍ර කරන්න. දැන් වෙරළු සහ අමු මිරිස් කැබලි එකතු කරන්න. ඔබ කැමැති නම් රතු ලූනු ටිකක් ද එකතු කරගත හැකියි. හොඳින් මිශ්‍ර වූ පසුව විනාකිරි එකතුකර නැවතත් මිශ්‍ර කරන්න. වියළි මැටි මුට්ටියක් ගෙන අසුරා ගන්න. සීනි සහ මිරිස් ඔබට කැමැති පරිදි අඩු හෝ වැඩි කරගන්නට හැකියි. වියළි රෙදි කඩකින් මුට්ටියේ කට ගැට ගසන්න. වතුරෙන් සහ කෘමීන්ගෙන් පරිස්සම් කරගන්න. ඇඹරැල්ලා අච්චාරු අවශ්‍ය ද්‍රව්‍ය ඇඹරැල්ලා ගෙඩි දහයක් පමණ විනාකිරි අඬු කෝප්ප භාගයක් හෝ එකක් පමණ විනාකිරෙන් අඹරාගත් අබ රතුලූනු ගෙඩි කිහිපයක් අමු මිරිස් කරල් කිහිපයක් ලුණු අවශ්‍ය පමණ කහ ස්වල්පයක් මිරිස් කුඩු මේස හැන්දක් පමණ ගම්මිරිස් කුඩු ස්වල්පයක් සීනි ස්වල්පයක් සාදන ක්‍රමය හොඳින් පැසුණු ඇඹරැල්ලා ගෙඩි වඩාත් සුදුසු යි. ඇට ඉවත් වන සේ තරමක තීරු කපාගන්න. පෙති කපන්න එපා. පසුව ලුණු සහ කහ ස්වල්පයක් දමා පොඩි නොවන සේ තම්බා ගන්න. කපාගත් අමු මිරිස් සහ ලූනු ගෙඩි ද යන්තමට තම්බා ගන්න. මේවා කිරි ගොටුවක දමා දිය බේරෙන්නට තබා දෙවනුව වියළි රෙදි කඩක අතුරා හොඳින් දිය සිඳුවා ගන්න. මැටි බඳුනක් ගෙන ලුණු වතුරෙන් සෝදා විනාකිරෙන් අඹරාගත් අබ, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, කහ ස්වල්පයක්, සීනි ටිකක් සහ අවශ්‍ය පමණට ලුණු එකතුකර වියළි පොල් කටු හැන්දකින් හොඳින් කලවම් කරන්න. පසුව තම්බා ගත් ඇඹරැල්ලා, අමු මිරිස් සහ රතුලූනු එකතු කරන්න. නැවත කලවම් කරන්න. හොඳින් කලවම් වුණු පසුව විනාකිරි එකතුකර මිශ්‍ර කරන්න. ඔබට සීනි එකතු නොකර සිටින්නට ද හැකියි. ඔබේ රුචිකත්වය මත එකතු කරන දෑ තීරණය කරන්න. වියළි මැටි මුට්ටියක අසුරා තබන්න. මෙයට ද විනාකිරි එකතු කරන බැවින් උෂ්ණාධික ආහාරයක් වේ. රෝගීන්, කුඩා දරුවන්, ගැබිනි මවුවරුන් සහ කිරි දෙන මවුවරුන්ට සුදුසු නොවේ. සිංහල අච්චාරු අවශ්‍ය ද්‍රව්‍ය අමු මිරිස්, නොඉදුණු පොඩි ගස් ලබු ගෙඩියක් විනාකිරි අවශ්‍ය පමණ විනාකිරෙන් අඹරාගත් අබ රතුලූනු ග්‍රෑම් 250ක් පමණ ලුණු අවශ්‍ය පමණ කහ ස්වල්පයක් කුරුඳු කැබැල්ලක්, අමු ඉඟුරු කැබැල්ලක් තුනපහ කුඩු ස්වල්පයක් කරාබු නැට්ටක්, එනසාල් කරලක් ගම්මිරිස් කුඩු ස්වල්පයක් සාදන ක්‍රමය අමු ගස් ලබු ගෙඩියක් ගන්න. මදය සුදු පැහැති විය යුතුය. පොත්ත සහ මදයේ ඇට ඇති කොටස ඉවත් කර පිරිසුදුකර ඔබ කැමැති හැඩයකට , තරමක් සිහින්වට කපා ගන්න. අමු මිරිස් ගැනීමේ දී පොඩි කරල් මෙන්ම අතට තද කරල් ගන්න. දිග වැඩි මෙන්ම එබෙන මහත කරල් මේ සඳහා සුදුසු නොවේ. පැසුණු සැර ඇති අමු මිරිස් තෝරා ගන්න. පසුව දොඩම් කටුවක් හෝ උල් කරන ලද ඉරටුවක් ගෙන අමු මිරිස් කරල්වල පැලුමක් දමාගන්න. (මේ සඳහා හැට්ට කටු, ඇණ හෝ කම්බි නොගන්න) රතුලුනු ගෙඩි ද විශාල ගෙඩි වෙනුවට තරමක ප්‍රමාණයේ ඒවා ගන්න. රතුලූනු දෙපැත්ත කපා වතුරේ ටික වේලාවක් තබන විට පහසුවෙන් පොතු ඉවත් වෙයි. ඔබ දැන් ගස්ලබු, අමු මිරිස් සහ රතුලූනු පිරිසුදු කරගෙන අවසන් නම්, මැටි ඇතිළියකට වතුර දමා එයට කහ සහ ලුණු ස්වල්පයක් එකතු කර ළිප තබන්න. වතුර නටන විට පළමුව ගස්ලබු කැබලි දමා විනාඩි පහක් පමණ තබා ඉවත් කරන්න. දෙවනුව රතුලූනු විනාඩි දෙකක් පමණ ද, අවසානයේදී අමු මිරිස් කරල් විනාඩි දෙකක් පමණ තබා ඉවත් කරන්න. වර්ග තුන වෙන ම තම්බා ගන්න. දැන් කිරි ගොටුවකට දමා වතුර බහින්න තියන්න. ටික වේලාවකින් වියළි රෙදි කඩක් ගෙන තම්බා ගත් වර්ග තුන වෙන වෙනම අතුරන්න. තෙත සිඳෙන තුරු ම තියන්න. මේ අතර ඔබ ලුණු වතුරින් සෝදාගත් අබ, විනාකිරෙන් අඹරා ගන්න. ඉඟුරු, මුරුංගා පොතු කැබැල්ල තළාගන්න. දැන් ලොකු මැටි බඳුනක් ගෙන එයට අඹරාගත් අබ, තළාගත් ද්‍රව්‍ය, ගම්මිරිස්, තුනපහ, කහ, අවශ්‍ය පමණ ලුණු, නොතළන ලද කරාබු නැට්ට, දෙකට පලාගත් එනසාල් කරල දමා වියළි පොල් කටු හැන්දකින් සියල්ලම හොඳින් මිශ්‍ර කරන්න. ඉන් පසුව තෙත සිඳුණු ගස්ලබු, අමුමිරිස් සහ රතුලූනු එකතුකර කලවම් කරන්න. පසුව වියළි මැටි මුට්ටියක් ගෙන එයට මිශ්‍රණය දාන්න. අවසානයේදී විනාකිරි එකතුකර කලවම් කරන්න. දැන් වියළි රෙදි කඩකින් වසා තබන්න. සතුන් හෝ ජලය මිශ්‍ර නොවුණේ නම් මාසයක් පමණ තැබිය හැකිය. බොහෝ අය දැන් බෝංචි, කැරට්, මාළු මිරිස් එකතු කරන අතර එය පැරණි ක්‍රමය නොවේ. ගම්වල අතීතයේ සිට සකස් කළ නියම සිංහල අච්චාරුව මෙයයි. අන්නාසි අච්චාරු අවශ්‍ය ද්‍රව්‍ය බාගෙට ඉදුණු අන්නාසි ගෙඩියක් අමු මිරිස් කරල් කිහිපයක් විනාකිරි අඬු කෝප්ප එකක් විනාකිරෙන් අඹරාගත් අබ ලුණු අවශ්‍ය පමණ මිරිස් කුඩු මේස හැන්දක් පමණ ගම්මිරිස් කුඩු ස්වල්පයක් සීනි ස්වල්පයක් සාදන ක්‍රමය බාගෙට ඉදුණු අන්නාසි ගෙඩියක් ගෙන පොතු හැර ලුණු වතුරෙන් සෝදාගෙන කොටු සේ කැබලි කපාගන්න. පසුව දිය බේරෙන්න කිරි ගොටුවකට දමන්න. අමු මිරිස් සහ රතුලූනු විනාඩි දෙකක් පමණ උණු වතුරින් තම්බා ගන්න. අන්නාසි, ලූනු, අමු මිරිස් වියළි රෙදි කඩක ටික වේලාවක් අතුරා තබන්න. වියළි බඳුනක් ගෙන එයට විනාකිරෙන් අඹරාගත් අබ, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, අවශ්‍ය පමණ ලුණු සහ සීනි එකතු කරන්න. දැන් වියළි පොල් කටු හැන්දක් ගෙන හොඳින් මිශ්‍ර කරන්න. මේ අතර අන්නාසි කැබැලි, අමු මිරිස් සහ රතුලූනු එකතු කරන්න. නැවත හැඳි ගාන්න. අවසානයේ විනාකිරි දමා මිශ්‍ර කරන්න. වියළි මැටි මුට්ටියකට දමා රෙදි කඩකින් වසා තබන්න. මෙය වෙනත් අච්චාරු වර්ග තරම් කාලයක් තබා ගැනීමට නොහැකි අතර සතියක් පමණ තබාගත හැකියි. නිතර ආහාරයට ගැනීම, වරකට අධික ප්‍රමාණයක් ගැනීම, මෙන්ම දිනපතා ආහාරයට ගැනීමත් හිතකර නොවේ. කටට රස වුව ද පමණ දැන ආහාරයට ගන්න. අළු කෙසෙල් අච්චාරු අවශ්‍ය ද්‍රව්‍ය පැසුණු අළු කෙසෙල් ගෙඩි දහයක් පමණ විනාකිරි කෝප්ප කාලක් පමණ විනාකිරෙන් අඹරාගත් අබ රතුලූනු ගෙඩි විස්සක් පමණ අමු මිරිස් කරල් පහළොවක් පමණ ලුණු අවශ්‍ය පමණ කහ ස්වල්පයක් කුරුඳු කැබැල්ලක්, අමු ඉඟුරු කැබැල්ලක් මිරිස් කුඩු ස්වල්පයක් තුනපහ කුඩු ස්වල්පයක් ගම්මිරිස් කුඩු ස්වල්පයක් පොල් තෙල් බෝතල් භාගයක් සාදන ක්‍රමය මේ සඳහා අළු කෙසෙල්, අළු මුන්දම්, දිය මුන්දම් වැනි ව්‍යංජනයක් ලෙස ගන්නා ඕනෑම කෙසෙල් වර්ගයක් ගත හැකියි. වතුර මිශ්‍ර නොකරන නිසා දෑත්, පිහිය සහ කපන ස්ථානය පිරිසුදු කරගන්න. දැන් අළු කෙසෙල් පොතු ඉවත්කර තරමක කොටු කපා ගන්න. කහට පිපෙන බැවින් ලුණු සහ කහ ස්වල්පයක් කපන ලද කැබැලිවල තවරන්න. රතුලූනු පිරිසුදු කරගන්න. අමු මිරිස් හැඩේට කපාගන්න. අමු මිරිස් සහ රතු ලූනු කහ සහ ලුණු මිශ්‍ර නටන උණු වතුරින් විනාඩි දෙකක් පමණ තම්බා ගන්න. එම වර්ග දෙක වියළි රෙදි කඩක අතුරන්න. කොටු කපා ගත් අළු කෙසෙල් රන්වන් පාට වනතුරු ගැඹුරු තෙලේ බැදගන්න. දැන් තෙල් ඉවත් වන සේ කිරි ගොටුවක දමා තබන්න. ලුණු වතුරින් සෝදා විනාකිරෙන් අඹරාගත් අබ, ගම්මිරිස් කුඩු, තුනපහ කුඩු, මිරිස් කුඩු ආදි සියල්ලම (අළු කෙසෙල්, අමු මිරිස් සහ ලූනු හැර) මැටි බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. ලුණු එකතු කිරීමේදී කල්පනාකාරී වන්න. දැන් රතුලූනු සහ අමු මිරිස් එකතු කරන්න. අවසානයේ විනාකිරි ටික එකතු කරන්න. මෙය වියළි පොල් කටු හැන්දකින් හොඳින් මිශ්‍ර කරන්න. දැන් මෙය වියළි මැටි මුට්ටියක අසුරා කට ගැට ගසාගන්න. බැද ගන්නා ලද අළු කෙසෙල් වෙනම හුළං නොවදින බඳුනකට දමන්න. උත්සව අවස්ථාවකදී, අමුත්තන්ට පිළිගන්වන විට හෝ ඔබ ආහාරයට ගන්නා විට ඉහත නිමා කළ අච්චාරු මිශ්‍රණය ගන්නා බඳුනට ඒ මොහොතේම බදින ලද අළු කෙසෙල් කැබැලි එකතු කරගන්න. එවිට ඉතාම රසවත් වේ. විනාකිරි එකතු කළ අවස්ථාවේ අළු කෙසෙල් කැබැලි එකතු කර මුට්ටියට දමා කට ගැට ගසා තබා ගන්නට ද හැකියි. එහෙත් එවිට බදින ලද අළු කෙසෙල්වල පෙනුම, සුවඳ, රසය වෙනස් වෙයි. මෙය රසවත් මෙන්ම වෙනස් විදිහේ අච්චාරුවකි. බිලිං අච්චාරු අවශ්‍ය ද්‍රව්‍ය දිග බිලිං ගෙඩි විස්සක් පමණ විනාකිරි තේ හැඳි තුනක් පමණ විනාකිරෙන් අඔරාගත් අබ ලියාගත් ලොකුලූනු ගෙඩියක් අමු මිරිස් කරල් කිහිපයක් පොඩි හාල්මැස්සන් විස්සක් පමණ ලුණු අවශ්‍ය පමණ කුරුඳු කැබැල්ලක් රම්පෙ, කරපිංචා බැදගත් තුනපහ ටිකක් කෑලි මිරිස් මේස හැඳි තුනක් පමණ මිරිස් කුඩු මේස හැන්දක් පමණ ගම්මිරිස් කුඩු ස්වල්පයක් වේලන ලද කොච්චි හෝ හීන් කොච්චි මිටක් තෙල් ස්වල්පයක් සාදන ක්‍රමය බිලිං ගෙඩි සෝදා හතරට පළාගන්න. පසුව මැටි බඳුනක් ගෙන වතුර නොදමා ලුණු කැට සහ බිලිං කැබලි දමා ළිපේ තියන්න. තැම්බුණ පසුව ලුණු සහිත වතුර පෙරන්න. බිලිං දිය බේරෙන්නට තබන්න. (බිලිං ගෙඩි පිටින්ම ගන්නට ද හැකියි.) දැන් තෙල් බඳුනක් ළිපේ තියන්න, රම්පෙ, කරපිංචා බැද ඉවත් කරන්න. ලියාගත් ලොකු ලූනු දිගට කපාගත් අමු මිරිස් වෙන වෙනම බැදගන්න. පසුව හාල්මැස්සන් දෙකට ඉරාගෙන බදින්න. සියල්ලම අවශ්‍ය පදමට බැද ගන්න. පසුව මැටි ඇතිළියක් ළිපේ තබා තෙල් ස්වල්පයක් දමා එයට තම්බාගත් බිලිං කැබැලි දමා ටිකක් කලවම් කරන්න. දැන් විනාකිරි හැර පෙර බදින ලද දේවල් සහ අනෙක් සියලුම දෑ එකතුකර කලවම් කරන්න. විනාඩි පහක් පමණ පිස ගැනීම ප්‍රමාණවත් වන අතර ළිපෙන් බිමට ගෙන විනාකිරි එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. හොඳින් නිවුණු පසුව වියළි මැටි බඳුනක අසුරා රෙදි කඩකින් මුට්ටියේ කට ගැට ගසන්න. මෙය බිලිං අවාරයේ දී භාවිතා කරන්නට හැකි බැවින්, කල් තබා ගන්නා ක්‍රමයක් ලෙසින් ද සැලකිය හැකියි. උත්සව අවස්ථාවලදී මෙන්ම ඉඳහිට ආහාරය සඳහා සුදුසු වේ. මෙය අච්චාරුවක් වුවද විනාකිරි එකතු කිරීම අත්‍යාවශ්‍යම නොවන අතර විනාකිරි එකතු නොකර සකස් කරගන්නට ද හැකියි. අතිරේක දායකත්වය ප්‍රවීණ සූපවේදනී, ලේඛිකා නිකිණි නේත්‍රාංජලී බණ්ඩාර 077-4247999 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 May 2017 08:31 AM නෙළුම් අල සහල් පිටි දැවටුම අවශ්‍ය ද්‍රව්‍ය නෙළුම් අල ග්‍රෑම් 500 වියළි මිරිස් කරල් 8ක් පමණ කෑලි මිරිස් තේ හැඳි 1 බටර් මේස හැඳි 2 ලූනු කොළ ග්‍රෑම් 50 රසට අනුව ලුණු සීනි තේ හැඳි 1/2 කහ කුඩු තේ හැඳි 1/2 සහල්පිටි මේස හැඳි 4 බැද ගැනීමට තෙල් ගම්මිරිස් කුඩු ස්වල්පයක් සාදන ආකාරය නෙළුම් අල සෝදා පිරිසිදු කර සිහින් පෙතිවලට කපා ගන්න. දැන් එයට ලුණු, ගම්මිරිස්, සහල් පිටි දමා හොඳින් අත ගා ටික වේලාවක් සීසන් වන්නට තබන්න. එය රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැද ගන්න. ලූනු කොළ අඟල් 1/2 පමණ කැබලි වලට කපා ගන්න. වියළි මිරිස්ද අඟල් 1/2 පමණ කැබලිවලට කපා ගන්න. දැන් වෙනත් බඳුනක් ළිප තබා රත්වන විට එයට බටර් ටික දමන්න. එයට වියළි මිරිස් කැබලි දමන්න. දැන් ලූනු කොළ දමන්න. ඉන්පසු එයට කෑලි මිරිස්, ලුණු, සීනි සහ බැදගත් නෙළුම් අල දමා කලවම් කර ගන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 May 2017 08:33 AM අමු එළවළු සම්බෝලය අවශ්‍ය ද්‍රව්‍ය ළපටි ගෝවා ග්‍රෑම් 100 ළපටි කැරට් ග්‍රෑම් 100 ලොකු ලූනු ගෙඩියක් පමණ අඹරාගත් අබ තේ හැඳි 1/2 මිරිස් කුඩු තේ හැඳි 1/2 විනාකිරි මේස හැඳි 2 ලුණු රසට අනුව සාදන ආකාරය ගෝවා සහ කැරට් හොඳින් සෝදා ඉතාම සිහින් වන ලෙස ලියා ගන්න. ලූනු ද ඒ ලෙසම කපා ගන්න. දැන් මැටි බඳුනක් ගෙන එයට අබ, මිරිස් කුඩු, විනාකිරි, ලුණු දමා හොඳින් මිශ්‍ර කරන්න. අන්තිමට ගෝවා සහ කැරට් දමා හොඳින් කලවම් කරගන්න. ආහාරයට ගැනීමට පැය 1/2 පමණ පෙර පිළියෙල කරගන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 May 2017 08:37 AM මුරුංගා, කොස්ඇට රතු කරිය අවශ්‍ය ද්‍රව්‍ය මුරුංගා ග්‍රෑම් 500 කොස්ඇට ග්‍රෑම් 200 මිරිස් කුඩු තේ හැඳි 2 කහ කුඩු තේ හැඳි 1/2 අබ ඇට තේ හැඳි 1/2 අඹරාගත් ඉඟුරු ග්‍රෑම් 5 අඹරාගත් සුදුලූනු ග්‍රෑම් 5 සිහින්ව කපාගත් රතුලූනු ග්‍රෑම් 50 තුනපහ කුඩු තේ හැඳි 1 මිටිකිරි අඬු කෝප්ප 4 දියකිරි අඬු කෝප්ප 4 කරපිංචා ඉත්තක් රසට අනුව ලුණු තෙල් ස්වල්පයක් සාදන ආකාරය මුරුංගා පොතු ඉවත් කර හොඳින් සුද්දකර අඟල් 2 පමණ කැබලිවලට කපා ගන්න. කොස් ඇට ටික තලා කුඩා කැබලිවලට සකසා, පොතු හැර සෝදා ගන්න. දැන් මැටි ඇතිලියක් ගෙන එයට තෙල් ස්වල්පයක් දමා රත්වන විට තලාගත් ඉඟුරු, සුදුලූනු, කරපිංචා, අබ ඇට, කපාගත් රතුලූනු දමන්න. එයට කපාගත් මුරුංගා, කොස්ඇට කැබැලි, මිටිකිරි හැර අනෙක් සියලුම පහේ වර්ග සමග දියකිරි දමා හොඳින් තැම්බෙන්නට හරින්න. කොස්ඇට තැම්බි ඉස්ම හිඳීගෙන එද්දී මිටිකිරි දමා නටවා ගන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 May 2017 08:38 AM අවශ්‍ය ද්‍රව්‍ය තම්බාපත් මනිපිට්ටු ග්‍රෑම් 500 ලීක්ස් ග්‍රෑම් 50 කැරට් ග්‍රෑම් 100 බටර් මේස හැඳි 2-3ක් කරපිංචි කිනිත්තක් ලුණු රසට අනුව සාදන ආකාරය මනිපිට්ටු ටික අතින් කුඩා කැබැලිවලට ලෙහා ගන්න. ආහාරයට ගෙන ඉතිරි වූ ඒවා නම් නැව ස්ටීමරයක දමා ටික වෙලාවක් තම්බා ගන්න. දැන් එළවළු ඉතාම සිහින් කැබැලිවලට කපා ගන්න. තරමක් ලොකු තාච්චියක් ළිප තබා රත්වනවිට බටර් ටික දමන්න. දැන් ලියාගත් එළවළු කැබලි, ලූනු, කරපිංචා දමා තෙම්පරාදු කර ගන්න. අන්තිමට පිට්ටු දමා හොඳින් කලවම්කර උණුවෙන්ම කෑමට ගන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 May 2017 08:40 AM එළවළු කලවම් කරිය අවශ්‍ය ද්‍රව්‍ය කැරට් ග්‍රෑම් 150 බෝංචි ග්‍රෑම් 150 ගෝවා ග්‍රෑම් 150 මිරිස් කුඩු මේස හැඳි 1 සූදුරු කුඩු මේස හැඳි 1 අබ ඇට තේ හැඳි 1/2 කොත්තමල්ලි කුඩු මේස හැඳි 1 උළුහාල් තේ හැඳි 1/2 කුඩා කුරුඳු කැබැල්ලක් තෙල් මේස හැඳි 2 අමුමිරිස් කරල් 2 රතුලූනු ගෙඩි කීපයක් දියකිරි අඩු කෝප්ප 3 මිටිකිරි අඩු කෝප්ප 2 සාදන ආකාරය එළවළු සියල්ල සෝදා තරමක ලොකු කැබැලිවලට කපා ගන්න. ලූනු අමුමිරිස් ලියා ගන්න. එළවළු සියල්ල සමග පහේ වර්ග ලුණු එකතු කර දියකිරෙන් එළවළු තැම්බෙනතුරු පිසගන්න. දැන් වෙනත් බඳුනක් ළිප තබා තෙල් දමා රත්වනවිට ලූනු, අබ, උළුහාල්ඇට, කරපිංචා දමා තෙම්පරාදුකර එළවළු සහ මිටිකිරි දමා නටවා ගන්න ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 May 2017 08:41 AM බැදගත් බණ්ඩක්කා ව්‍යංජනය අවශ්‍ය ද්‍රව්‍ය බණ්ඩක්කා ග්‍රෑම් 500 සිහින්ව කපාගත් ලූනු ග්‍රෑම් 50 සිහින්ව කපාගත් සුදුලූනු ග්‍රෑම් 15 කරපිංචා කිනිත්තක් තුනපහ කුඩු තේ හැඳි 2 ගම්මිරිස් කුඩු තේ හැඳි 1 මිරිස් කුඩු තේ හැඳි 1 පොල්කිරි අඬු කෝප්ප 3 ලුණු රසට අනුව කහකුඩු තේ හැඳි 1/2 තෙල් අවශ්‍ය තරමට සාදන ආකාරය බණ්ඩක්කා හොඳින් සෝදා අඟල් 2 පමණ කැබලිවලට කපා හොඳින් දිය බේරෙන්නට තබන්න. දැන් එයට ලුණු ස්වල්පයක් දමා සීසන් වන්නට තබා රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැදගන්න. බඳුනක් ගෙන එයට පොල්කිරි, ලූනු, සුදුලූනු, කරපිංචා, තුනපහ, ගම්මිරිස්, මිරිස් කුඩු, ලුණු කහ කුඩු ඇතුළු සියල්ල දමා ළිප තබා නටවා ගන්න. උකුවී ගෙන එන විට බැදගත් බණ්ඩක්කා කැබැලි දමා කලවම් කර ගන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 May 2017 08:43 AM රසගුණ සපිරි නිර්මාංශ එළවළු බත අවශ්‍ය ද්‍රව්‍ය කීරි සම්බා කිලෝ ග්‍රෑම් 1 බණ්ඩක්කා ග්‍රෑම් 100 තිත්බඩු ග්‍රෑම් 100 වට්ටක්කා ග්‍රෑම් 100 දඹල ග්‍රෑම් 50 අඹරාගත් සුදුලූනු, ඉඟුරු ග්‍රෑම් 10 සිහින්ව කපාගත් ලූනු ග්‍රෑම් 25 එළඟිතෙල් මේස හැඳි 3 කරපිංචා කිනිත්තක් කහකුඩු තේ හැඳි 1/2 මිටිකිරි අඬු කෝප්ප 1/4 අවශ්‍ය තරමට තෙල් ලුණු රසට අනුව සාදන ආකාරය සහල් ගරා සෝදා එයට ලුණු සහ කහ දමා බත බෙරි නොවන සේ පිසගන්න. බණ්ඩක්කා, දඹල ඉතාම සිහින්ව කපා ගන්න. වට්ටක්කා කැබැල්ල ස්ටීමරයේ දමා තම්බා ග්‍රේට් කරගන්න. තිත්බටු, බණ්ඩක්කා, දඹල, කරපිංචා, රතුලූනු වෙන වෙනම රත්වූ තෙලට දමා බැදගන්න. දැන් තරමක ලොකු සාස්පානක් ගෙන එයට එළඟිතෙල් දමා රත්කරන්න. රත්වන විට එයට අඹරාගත් සුදුලූනු, ඉඟුරු දමා බැදෙන්නට හරින්න. දැන් ග්‍රේට් කරගත් වට්ටක්කා එකතු කරන්න. දැන් ලුණු මිටිකිරි දමා පිසගත් බත් සහ බැඳගත් එළවළු දමා කලවම් කරගන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 14 May 2017 07:11 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 hasithadSuper Senior MemberPosts:5795 14 May 2017 08:30 AM සැමන් සැරයි කියනවානෙ ගොඩක් අය.ඒ වුනාට මගෙ නම් ආසම කෑමක්. මේක මට වැඩක් වෙනවා චාමර මල්ලි. ඔන්න save කලා. 0 chamaramindMost Senior MemberPosts:13471 16 May 2017 07:56 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 samanthaMost Senior MemberPosts:13190 16 May 2017 08:51 PM මේවා දැක්කම නම් කටට කෙල උනනවා. මෙයින් කිහිපයක් හදන්න උත්සාහ කරලා බලනවා. බොහොමත්ම ස්තූතියි චාමර මල්ලී. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 19 May 2017 05:48 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 gaminiVeteran MemberPosts:4475 19 May 2017 10:03 PM ෂා නියම කෑම වර්ගනේ අංක 8 යටතේ තිබු තුබ නම් මම තාමත් කළා නැහැ ආදරයේ උල්පත අම්මා ...................... 0 Ind007kaMost Senior MemberPosts:12931 19 May 2017 10:43 PM කෙලත් උනනවා අප්පා මෙවා දැක්කහම First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 21 May 2017 06:02 PM සිරුර සිසිල් කරන ව්‍යංජන වර්ග මේ මුළු රටම වාගේ විවිධාකාර ලෙඩ රෝගවලින් පෙළෙන කාල වකවානුවකි. උණ, සෙම්ප්‍රතික්ෂාව, කැස්ස වැනි රෝග බහුලව ඇති මෙවන් උණුසුම් සමයකට ගැළපෙන ආහාර වර්ග කීපයකි මේ. එසේම ආහාර පිළියෙල කිරීමේදී ගම්මිරිස්, ඉඟුරු, සුදුලූනු වැනි දේ යහමින් යොදා ගැනීම මේ කාලයට උචිතය. කැකිරි ඇඹුල අවශ්‍ය ද්‍රව්‍ය කැකිරි කිලෝග්‍රෑම් 1 කබලේ බැදගත් තුනපහ තේ හැඳි 3 කබලේ බැදගත් මිරිස් කුඩු තේ හැඳි 3 ගම්මිරිස් කුඩු තේ හැඳි 1 උළුහාල් තේ හැඳි 1/2 එන්සාල් කරල් 2ක් කරාබුනැටි 3-4ක් සිහින්ව කපාගත් රතුලූනු ග්‍රෑම් 100 ගොරකා ඉති 2-3ක් සුදුලූනු බික් 3-4ක් රම්පේ කැබැල්ලක් කරපිංචා කිනිත්තක් දියකිරි අඬු කෝප්ප 6 මිටිකිරි අඬු කෝප්ප 3 රසට අනුව ලුණු සාදන ආකාරය කැකිරිවල තිත්ත හැර, ඇට ඉවත් කර සෝදා තරමක ලොකු කැබැලිවලට කපා ගන්න. දැන් පොත්ත තිබෙන පෘෂ්ඨය වෙන් නොවන සේ දිගට සහ හරහට ඉරි ගසා ගන්න. දැන් තරමක ලොකු ඇතිලියක් ගෙන එයට කැකිරි සහ මිටිකිරි හැර අනෙකුත් සියලුම කළමනා දමා හොඳින් මිශ්‍රකර ළිප තබා මදගින්දරේ පැයක් පමණ පිසෙන්නට හරින්න. හොඳින් තැම්බි ඉස්ම ගතිය අඩුවීගෙන එන විට මිටිකිරි දමා තෙල් පෑදෙන තුරු නැවත මදගින්දරේ ළිපේ තියෙන්නට හරින්න. වට්ටක්කා කළුපොල් මාලුව අවශ්‍ය ද්‍රව්‍ය වට්ටක්කා කිලෝග්‍රෑම් 1 අබ ඇට තේ හැඳි 2 ගම්මිරිස් කුඩු තේ හැඳි 2 තුනපහ කුඩු තේ හැඳි 2 රසට අනුව ලුණු කුඩා ඉඟුරු කැබැල්ලක් සුදුලූනු බික් 2-3ක් රතුලූනු ගෙඩි 2-3ක් අමුමිරිස් කරල් 2 යි කරපිංචා ඉත්තක් සිහින්ව ගා ගත් පොල් මේස හැඳි 3 දියකිරි අඬු කෝප්ප 4 මිටිකිරි අඬු කෝප්ප 2 සහල් මේස හැඳි 1 සාදන ආකාරය සෝදාගත් සහල් සහ පොල් කබලේ රන්වන් පාටට බැදෙන්නට හරින්න. දැන් එයට සුදුලූනු, ඉඟුරු, අබ, ගම්මිරිස්, තුනපහ කුඩු එකතු කොට කුඩා ගුලියක් සේ අඹරා ගන්න. එය පසෙකින් තබන්න. වට්ටක්කා ඇට ඉවත් කර තරමක කැබැලිවලට කපා ගන්න. දැන් රතුලූනු, අමුමිරිස් කපා දමන්න. ලුණු සහ දියකිරි ද කරපිංචා ද එකතු කොට ළිප තබන්න. වට්ටක්කා තැම්බි ඉස්ම ගතිය සිඳීගෙන එන විට මිටිකිරිවලට අඹරාගත් ගුලිය දමා නටවා දියකර ගන්න. දියලබු නියඹලාව අවශ්‍ය ද්‍රව්‍ය දියලබු කිලෝග්‍රෑම් 1 සිහින්ව ගාගත් පොල් ග්‍රෑම් 100 සුදුලූනු බික් 4 යි කුඩා ඉඟුරු කැබැල්ලක් අබ ඇට තේ හැඳි 1 රතුලූනු ගෙඩි 10ක් පමණ තුනපහ කුඩු තේ හැඳි 3 කහ කුඩු තේ හැඳි 1/2 පදමට ලුණු දියකිරි අඬු කෝප්ප 4 මිටිකිරි අඬු කෝප්ප 1 රම්පේ කැබැල්ලක් කරපිංචා කිනිත්තක් අමුමිරිස් කරල් 3 යි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 20 of 77 << < 1819202122 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes