You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 21 of 77 << < 1920212223 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 May 2017 06:07 PM

http://navaliya.com/2017/05/22/New%20folder/46.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 May 2017 06:09 PM

මුරුංගා විවිධ ක්‍රමවලට සකසා ගනිමු

මුරුංගා මල් බැදුම 

 
අවශ්‍ය ද්‍රව්‍ය
 
මුරුංගා මල් ග්‍රෑම් 500
කෑලි මිරිස් තේ හැඳි 2
උම්බලකඩ කැබැලි තේ හැඳි 3
සියඹලා බොර තේ හැඳි 2
සීනි තේ හැඳි 1
ලූනු ග්‍රෑම් 200
කරපිංචා ඉත්තක් 
ලුණු රසට අනුව 
බැදගැනීමට තෙල්
 
සාදන ආකාරය 
මුරුංගා මල් ටික සෝදා දිය බේරා හැර රත්වූ ගැඹුරු තෙ‍ලේ දමා රන්වන් පාටට බැද ගන්න. 
දැන් බඳුනක් ළිප තබා එයට තෙල් ටිකක් දමා රත්වන විට සිහින්ව ලියාගත් ලූනු, කරපිංචා, උම්බලකඩ, සියඹලා බොර, කෑලි මිරිස්, ලුණු, සීනි දමා කලවම් කර අන්තිමට බැදගත් මුරුංගා මල් දමා කලවම් කර ගන්න. 
 
මුරුංගා කොස් ඇට මාලුව 
 
අවශ්‍ය ද්‍රව්‍ය
මුරුංගා ග්‍රෑම් 500
කොස් ඇට ග්‍රෑම් 200
සුදුලූනු බික් 2යි
රතුලූනු ගෙඩි 2 - 3ක් 
රම්පේ කැබැල්ලක් 
කරපිංචා කිනිත්තක්
උළුහාල් ඇට තේ හැඳි 1/2
තුනපහ කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/2
රසට අනුව ලුණු
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
අඹරාගත් අබ තේ හැඳි 1
දියකිරි අඬු කෝප්ප 4
මිටිකිරි අඬු කෝප්ප 2
 
සාදන ආකාරය 
මුරුංගා සුද්දකර අඟල් 2 පමණ කැබැලි වලට කපා ගන්න. කොස් ඇට තලා සෝදා ගන්න. දැන් බඳුනක් ගෙන එයට මුරුංගා, තලාගත් කොස් ඇට, සිහින්ව කපාගත් ලූනු ඇතුළු සියලුම පහේ වර්ග සමග දියකිරි දමා තැම්බෙන්නට හරින්න. තැම්බිගෙන එද්දී, මිටිකිරි දමා නටවා ගන්න. 
 
මුරුංගා නියඹලාව 
 
අවශ්‍ය ද්‍රව්‍ය
මුරුංගා ග්‍රෑම් 500
සිහින්ව ගා ගත් 
‍පොල් ග්‍රෑම් 100
ඉඟුරු ග්‍රෑම් 10
සුදුලූනු ග්‍රෑම් 10
සිහින්ව කපාගත් රතු ලූනු ගෙඩි කීපයක්
අබ ඇට තේ හැඳි 1
කරපිංචා ඉත්තක් 
මිටිකිරි අඬු කෝප්ප 1
දියකිරි අඬු කෝප්ප 2
පදමට ලුණු 
කහ කුඩු තේ හැඳි 1/2
තුනපහ කුඩු තේ හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
 
සාදන ආකාරය 
මුරුංගා සෝදා අඟල් 2 පමණ කැබැලි කපා ගන්න. බඳුනකට දමන්න. ගාගත් ‍පොල් හා සමග රතුලූනු, ඉඟුරු, සුදුලූනු, කහ කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස්, කරපිංචා, අබ සියල්ල එකට අඹරා ගන්න. දැන් අඹරාගත් මිශ්‍රණය ලුණු, දියකිරි සහ මුරුංගා එකතු කර ළිප තබා මදගින්දරේ පිසගන්න. මුරුංගා තැම්බිගෙන එනවිට මිටිකිරි දමා නැවත නටවා උකුවට ළිපෙන් බා ගන්න. 
 
 
ළපටි මුරුංගා කරල් තෙම්පරාදුව 
 
අවශ්‍ය ද්‍රව්‍ය
නොමේරූ 
මුරුංගා කරල් ග්‍රෑම් 500
රතුලූනු ග්‍රෑම් 200
අමුමිරිස් කරල් 3-4ක්
තක්කාලි ග්‍රෑම් 100
රම්පේ කැබැල්ලක්
කරපිංචා කිනිත්තක් 
අබ ඇට තේ හැඳි 1
උම්බලකඩ කැබැලි තේ හැඳි 3
කහ කුඩු තේ හැඳි 1/2
කෑලි මිරිස් තේ හැඳි 3
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
තෙල් මේස හැඳි 2
මිටිකිරි අඬු කෝප්ප 1/2
අඹරාගත් ඉඟුරු, 
සුදුලූනු මේස හැඳි 1
ලුණු රසට අනුව 
 
සාදන ආකාරය 
මුරුංගා කරල් සෝදා දිය බේරා හැර ඒවා කුඩාවට කඩා ගන්න. දැන් සුදුසු බඳුනක් ළිප තබා එයට තෙල් දමා රත් කරන්න. සිහින්ව කපාගත් රතුලූනු, අමුමිරිස්, රම්පේ, කරපිංචා, අබ ඇට, උම්බලකඩ, කෑලි මිරිස්, කහ, ගම්මිරිස් ඇතුළු සියල්ල සමග මුරුංගා කරල් කැබැලි ද දමා තෙම්පරාදු කර ගන්න. මුරුංගා කැබැලි තෙම්පරාදු වී ගෙන එන විට මිටිකිරි ටික දමා හින්දා කෑමට ගන්න. මේවා මෑකරල් මෙන් රසවත්ය. 
 
උපදෙස්ප්‍ රවීණ සූපවේදී සුජිත් ආරියරත්න
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 May 2017 06:12 PM

ගෙදරදීම අංගසම්පූර්ණ බිරියානි එකක් හදමු

බිරියානි එහෙමත් නැත්නම් ලංකාවේ තා‍ලේට බුරියානි කියන්නේ රසවත් වගේම විශේෂ අවස්ථාවලට පිළියෙල කරගත හැකි බත් වර්ගයකි. ඒත් රසට බිරියානි එකක් කන්න විශේෂ අවස්ථාවක් එන්නම ඕනේ නැහැ. ගෙදර ඉන්න වෙලාවක බිරියානි එකක් කන්න හිතුනොත් ගෙදරදීම රසට බිරියානි මෙහෙම හදා ගන්න.  මුලින්ම බිරියානි මසාල පවුඩර් හදා ගන්න ඕනෑ. මේ කියන බිරියානි මසාල පවුඩර් ටිකක් වැඩිපුර හදා ගත්තොත් ශීතකරණයේ දාලා අවුරුද්දක් වුණත් තියා ගන්න පුළුවන්. එයට වියළි හැන්දක් භාවිතා කිරීම වැදගත්. 

 
අවශ්‍ය ද්‍රව්‍ය
* දවුල් කුරුඳු හෝ කුරුඳු කොලයක් වියලා ගන්න 
* මහදුරු තේ හැඳි 2
* කරදමුංගු ඇට 8 ගම්මිරිස් ඇට තේ හැඳි 1
* කුරුඳු ‍පොතු කෑලි 5
* කරාබු නැටි මේස හැඳි 1
* කොත්තමල්ලි ඇට මේස හැඳි 4
* සූදුරු මේස හැඳි 2
* වසාවාසි 1
* සාදික්කා කුඩු තේ හැඳි 1
* ස්ටාර් අනීස් 2
 
පවුඩර් එක සාදා ගන්නා ආකාරය 
මේ සියලු ද්‍රව්‍ය වෙන වෙනම කබ‍ලේ බැද නිවෙන්නට හැර එකට දමා කුඩු කරගන්න. 
 
බිරියානි එක සාදා ගන්නා ආකාරය 
බිරියානි වර්ග කිහිපයක්ම තියෙනවා. අපි මේ හදන්න යන්නේ පහසුවෙන්ම හදා ගන්න පුළුවන් හයිද්‍රාබාද් ඔම් බිරියානි එකක් ඔම් කියන්නේ ස්ලෝ කුක් එහෙමත් නැත්නම් අඩු ගින්දරේ වැඩි කාලයක් පිස ගන්න එකමයි. චිකන් වෙනුවට කැමති මස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම චිකන් ටැරිනේඩ් එක හදමු. 
 
චිකන් මැරිනේඩ් එකට අවශ්‍ය ද්‍රව්‍ය
මුලින් සාදාගත් බිරියානි මසාල තේ හැඳි 2
තලාගත් ඉඟුරු සුදුලූනු පේස්ට් තේ හැඳි 1
මිරිස්කුඩු තේ හැඳි 1
කහ ස්වල්පයක් 
යෝගට් කප් 1
අමුමිරිස් කරල් 3
චොප් කරගත් 
කොත්තමල්ලි කොල මිටක්
චොප් කරගත් මිංචි 
කොළ මිටක්
දෙහි යුෂ මේස හැඳි 1
රෝස වතුර තේ හැඳි 1
ලුණු (රස අනුව)
කපාගත් චිකන් ග්‍රෑ. 750
 
සාදාගන්නා ආකාරය 
ඉහත සියල්ල හොඳින් මිශ්‍ර කර චිකන් එකට දමා අවම පැය 2 ක් ශීතකරණයේ තබන්න. 
 
බිරියානි එක හදමු 
 
අවශ්‍ය ද්‍රව්‍ය
බාස්මති හාල් ග්‍රෑ. 500
ලුණු (රස අනුව)
තෙල් තේ හැඳි 1
සූදුරු තේ හැඳි 1/2
කරදමුංගු කරල් 4
දවුල් කුරුදු කොළ 1
කරාබුනැටි 5
කුරුඳු ‍පොතු කැබලි 1
වතුර කෝප්ප 10 
 
බත් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
 
එළඟිතෙල් මේස හැඳි 3
දුඹුරු පැහැ වනතෙක් 
බැදගත් ලූනු
මින්චි සහ කොත්තමල්ලි කොළ ටිකක් 
කිරිවල ‍පොඟවා ගත් 
සැෆ්රන් හෝ කහ ස්වල්පයක් 
මිශ්‍ර කරගත් කිරි මේස හැඳි 3
 
සාදා ගන්නා ආකාරය 
 
මැරිනේඩ් කරගත් චිකන් එක පිටතට ගෙන සීතල ගතිය ඉවත් වෙන තුරු තබන්න. හාල් හොඳින් සෝදා වතුර පෙරා විනාඩි 30ක් පසෙකින් තබා ගන්න. වතුර කෝප්ප 10 උතුරන්නට හැර එයට තෙල් සහ අනෙකුත් ද්‍රව්‍ය එක් කර හාල් ටිකත් එක් කරන්න. බත් මත 3/4 ඉදුනු පසු වතුර ටික පෙණ ඉවත් කරන්න. 
චිකන් ටික පතුල ඝණකම භාජනයකට දමා එයට උඩින් පිසගත් බත් දමා තැනින් තැනට සැෆරන් මිශ්‍ර කිරි ඉසින්න. බැදගත් ලූනු, එළඟිතෙල්, මිංචි කොළ සහ කොත්තමල්ලි කොළත් උඩින් ඉස ගන්න. කැමති නම් බැදගත් කජු ටිකක් එකතු කරන්න. 
මෙම භාජනය තෙත රෙද්දකින් වසා හොඳින් තද වෙන පරිදි පියනකින් වසන්න. විනාඩි 5ක් මදගින්නේ ළිප තබා ගන්න. ඒ අතරතුර තෝසේ තැටියක් රත්වෙන්න තබා ගන්න. විනාඩි 5ක් මදගින්නේ තබාගත් භාජනය තෝසේ තැටිය මත තබා විනාඩි 40ක් මදගින්නේ පිස ගන්න. 
 
මිංචි සම්බෝලය 
 
අවශ්‍ය ද්‍රව්‍ය
 
මිංචි කොළ ටිකක්
කොත්තමල්ලි කොල 
ඉඟුරු ‍පොඩි කෑල්ලක්
සුදුලූනු බික් 2
අමුමිරිස් කරල් 2
ලූනු ‍පොඩි ගෙඩියක් 
ලුණු
දෙහි යුෂ මේස හැඳි 1
යෝගට් හෝ මීකිරි 
මේස හැඳි 1
‍පොල් ස්වල්පයක් 
 
සාදා ගන්නා ආකාරය 
ලූනු, ඉඟුරු, සුදුලූනු, මිංචි, කොත්තමල්ලි, අමු මිරිස් සහ ලුණු වතුර මේස හැන්දක් පමණ එක් කර බ්ලෙන්ඩ් කරගන්න. එයට ‍පොල් එක් කර නැවත බ්ලෙන්ඩ් කරන්න. බ්ලෙන්ඩරයෙන් ඉවතට ගෙන යෝගට් සහ දෙහි ඉස්ම එක් කර මිශ්‍ර කරගන්න. 
 
බැඳගත් බිත්තර 
බිරියානි සමග ගනු ලබන බිත්තරය හරියට බැඳගන්න බොහෝ අය දන්නේ නැහැ. මෙන්න ඒ බිත්තරේ බදින හැටි.
හොඳින් තම්බා ගත් බිත්තරයේ කටු හැර තැනින් තැන පිහි තුඩකින් සිදුරු කරගන්න. එහෙම කරන්නේ බිත්තරේ බදින විට පුපුරලා තෙල් පිටතට විසි නොවෙන්නයි. 
කහ, මිරිස් සහ ලුණු ටිකක් එකට මිශ්‍ර කර පේස්ට් එකක් සාදා ගන්න. එය බිත්තර මත තවරා විනාඩි 10ක් පමණ තියෙන්නට හැර බිත්තර ගැඹුරු තෙ‍ලේ බැද ගන්න. 
 
බැඳපු චිකන් 
බිරියානි එක අපේ කාලෙට කන කොට ජනප්‍රියම ක්‍රමය කැමති මිංචි කොළ සම්බෝලයි රෝස්ට්  චිකන් එකයි. ගෙදර බිරියානි හදාගන්නකොට රෝස්ට් චිකන් එක හදා ගන්න. ‍ලේසිම ක්‍රමය තමා බිරියානි බත ඉදුනට පස්සේ බත් එකට දාපු චිකන් කෑලි ටික එළියට අරන් බත් ඇට ටික අයින් කරලා ගැඹුරු තෙ‍ලේ බැද ගන්න. බතට දාන හැම පහේ එකක්ම හොඳට මස් එකට අල්ලල තියෙන නිසා මේ චිකන් එක ගොඩක් රසයි. 
 
උපදෙස්ප්‍ රවීණ සූපවේදි අබේරත්න බණ්ඩා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 May 2017 06:14 PM

http://navaliya.com/2017/05/22/New%20folder/50.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 May 2017 05:31 PM

පලතුරු මිශ්‍ර රසැති කේක්

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
රිබන් ජෙලි  අවශ්‍ය ද්‍රව්‍ය ස්ටෝබෙරි ජෙලි පැකට් 1 ක් වතුර අඬු කෝප්ප 2 1/2 ක් සීනි ග්‍රෑම් 100 ක් පිටිකිරි හෝ දිය කරගත් ටින් කිරි කෝප්ප 4 ක් ජෙලටින් තේ හැඳි 5 ක් වතුර මේස හැඳි 4 -5 ක් තමන් කැමැති පාට වර්ග 3 ක්

 

වැනිලා ස්වල්පයක්

කැමැති එසන්ස් වර්ග 3 ක්

 සාදන ක්‍රමය

ජෙලටින්වලට වතුර ටිකක් දමා උතුරන වතුර භාජනයක් තුළ තබා දියකර ගන්න. කිරිවලට සීනි මිශ්‍රකර උණුකර ගන්න. එය උණුවේගෙන එනවිට පළමුව දිය කරගත් ජෙලටින් ටික එකතු කරන්න. කිරි මිශ්‍රණය ළිපෙන් බා වැනිලා එකතු කරන්න. ඉන්පසු කොටස් තුනකට වෙන්කර එක් එක් කොටසට කැමැති පාට හා එසන්ස් මිශ්‍ර කරන්න.

ස්ටෙ‍්‍රීබෙරි ජෙලි එකට උණුවතුර කෝප්ප 2 1/2ක් එක්කර ගන්න. පුඩිං බඳුනක් සෝදා ගෙන එයට ජෙලි ටික දමා සෙට් වෙන්නට ශීතකරණයේ තබන්න. එය සෙට් වූ පසු පිටතට ගෙන මුලින් සාදා වර්ණ යොදාගත් කිරි මිශ්‍රණයෙන් කොටසක් එයට දමා නැවත ශීතකරණයේ තබන්න. මේ ආකාරයට වරින් වර ඉතිරි කොටස් දමා සෙට් වෙන්නට තබන්න.

මතුපිට කැමැති ලෙස සරසා සංග්‍රහයට යොදාගන්න.


 බිත්තර රහිත චොකලට් කේක්

 අවශ්‍ය ද්‍රව්‍ය

පිටි ග්‍රෑම් 700 ක්

සීනි කෝප්ප 3/4 ක්

බටර් ග්‍රෑම් 100 ක්

කිරි කෝප්ප 1 ක්

බේකිං පවුඩර් මේස හැඳි 3 ක්

වැනිලා තේ හැඳි 1 1/2 ක්

ලෙමන් යුෂ හෝ පයිනැපල් එසන්ස් තේ හැඳි 1 ක්

කොකෝ පවුඩර් මේස හැඳි 3 ක්

 සාදන ක්‍රමය

පළමුව කිරිවලට සීනි සහ බටර් එක්කර සීනි දියවනතුරු ගසාගන්න. එයට කොකෝ පවුඩර් සහ පිටි ටික බැගින් එකතු කරමින් වැනිලා සහ එසන්ස් ද එකතු කරමින් මිශ්‍ර කරන්න.

තැටියක් ගෙන එහි බටර් තවරා පිටි ටිකක් ඉස සූදානම් කරගන්න. සාදාගත් කේක් මිශ්‍රණය කේක් තැටියට දමා තුනීකර සෙල්සියස් අංශක 150 ට රත් කරගත් උදුනක තබා විනාඩි 30 ක කාලයක් බේක් කරන්න. මෙම කේක් එක නිවුණු පසු ඔබට කැමැති නම් චොකලට් අයිසිං යොදා අයිසිං කරගැනීමටත් පුළුවනි.


 බිත්තර රහිත මාරි බිස්කට් පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය

මාරි බිස්කට් පැකට් 2 ක්

කෝන් පිටි මේස හැඳි 2 ක්

කිරි කෝප්ප 5 ක්

ජෙලටින් තේ හැඳි 3 ක්

වැනිලා තේ හැඳි 3 ක්

සීනි ග්‍රෑම් 100 ක්

කොකෝ පවුඩර් මේස හැඳි 1 ක්

සැරසීමට ජුජුබ්ස්, රටකජු

 සාදන ක්‍රමය

කිරි උණුකර එයින් කෝප්පයක් පමණ බිස්කට් පෙඟවීම සඳහා තබන්න.

කෝන් පිටි කෝප්පයකට දමාගෙන කිරි ටිකක් දමා දියකර එය ද පසෙක තබන්න. ඉතිරි කිරිවලට සීනි එක්කර උණු කරන්න. එය උණු වේගන එනවිට දියකර ගත් කෝන් පිටි මිශ්‍ර කරමින් හැඳි ගාන්න. එය ඝන වේගන එනවිට උණු වතුරෙන් දිය කරගත් ජෙලටින් එක්කර ළිපෙන් බා මිශ්‍රණය දෙකට බෙදා එක කොටසකට දිය කරගත් කොකෝ ද අනෙකට වැනිලා ද දමා ගන්න.

දැන් වීදුරු භාජනයක් ගෙන කිරිවලින් පොඟවා ගත් බිස්කට් භාජනයේ යට තට්ටුවට සහ වටේට තබා ඒ මත කොකෝ මිශ්‍ර කළ කස්ටඩ් එක දමන්න. නැවත පොඟවාගත් බිස්කට් තට්ටුවක් අතුරා වැනිලා එක් කළ කස්ටඩ්වලින් වසා ගන්න.

මෙය කජු කෑලි, කැමති නම් ජුජුබ්ස් හෝ ස්මාටීස් වලින් සරසා ගෙන ශීතකරණයේ තබන්න.


  මොක් මැලේ පුඩිම

 අවශ්‍ය ද්‍රව්‍ය

කිරි ටින් 1 ක්

වතුර ටින් 2 ක්

පාන් පෙති 3 - 4 ක්

සාදික්කා කුඩු තේ හැඳි 1/2 ක්

හකුරු ග්‍රෑම් 400 ක්

සීනි ග්‍රෑම් 150 ක්

වැනිලා තේ හැඳි 2 ක්

ජෙලටින් තේ හැඳි 4 - 5 ක්

 සාදන ක්‍රමය

 

හකුරු සිහින්ව සූරාගෙන එය කිරි සමඟ මිශ්‍රකර සීනිත් කැමැති නම් මිශ්‍රකර හොඳින් උණු කරන්න. එයට සිහින්ව කඩාගත් පාන්, සාදික්කා මිශ්‍රකර උකුවේගෙන එනවිට ළිපෙන් බා වැනිලා ද මිශ්‍රකර බටර් තවරන ලද භාජනයකට දමා එය තෙල් කොළයකින් වසා නූලකින් බැඳ

වාෂ්පයෙන් තම්බා ගන්න.

මෙය පෝරණුවේ තම්බා ගන්නේ නම් පුඩිං භාජනය වතුර භාජනයකට දමා බේක් කරගන්න.


 පලතුරු මිශ්‍ර රසැති කේක්

 අවුරුදු කාලෙ ඉවර වුණාට තාමත් ඔයාලගෙ නිවෙස්වලට නෑ හිත මිතුරන් පැමිණෙනවා ඇති. ඒ වගේම ඔයාලටත් නෑගම් යන්න ඇති. ඉතිං මේ දෙගොල්ලන්ම වෙනුවෙන් පලතුරු මිශ්‍රකරගත් මේ වගේ කේක් වර්ගයක් හදාගෙන යන්න පුළුවන්නම් හැමෝම සතුටු වේවි.

  චෙරි කේක්

 පාට පාට චෙරි එකතු කරලා මේ වගේ රසම රස කේක් එකක් හදමු.

 අවශ්‍ය ද්‍රව්‍ය

සීනි ග්‍රෑම් 250 ක්

බිත්තර 4 ක්

පිටි ග්‍රෑම් 250 ක්

බටර් ග්‍රෑම් 250 ක්

රතු චෙරි ග්‍රෑම් 50 ක්

කොළ චෙරි ග්‍රෑම් 50 ක්

බේකිං පවුඩර් තේ හැඳි 2 ක්

චෙරි එසන්ස් තේ හැඳි 1/2 ක්

වැනිලා තේ හැඳි 2 ක්

සාදන අයුරු

පළමුව බටර් සහ සීනි බඳුනකට දමා බීට් කරගන්න. එයටම බිත්තර එකින් එක දමා නැවතත් බීට් කරන්න. දැන් වර්ණ දෙකේ චෙරි ගෙන සෝදා කුඩාවට කපාගන්න.

පසුව චෙරි ඉහත මිශ්‍රණයට එක්කර බීට් කරගන්න. දැන් බේකිං පවුඩර් පිටිවලට මිශ්‍රකර තෙවරක් හළා ගන්න. එය බටර් සීනි මිශ්‍රණයට දමා කලවම් කරගන්න. වැනිලා සහ චෙරි එසන්ස් ස්වල්පයක් ද එයට එකතු කරන්න. දැන් ඔයිල් පේපර් දමාගත් තැටියකට මෙම මිශ්‍රණය දමා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙන් විනාඩි 35 - 45 ත් අතර කාලයක් බේක් කරගන්න.


ඔරේන්ජ් කේක්

දොඩම් රසයට කැමැති ඔබටයි මේ කේක් එක.

 අවශ්‍ය ද්‍රව්‍ය

සීනි ග්‍රෑම් 250 ක්

පිටි ග්‍රෑම් 250 ක්

බිත්තර 4 ක්

බටර් 250 ක්

බේකිං පවුඩර්

තේ හැඳි 2 ක්

වැනිලා තේ හැඳි 2 ක්

කහ පැහැති දොඩම්

ගෙඩියක්

තැඹිලි වර්ණක ස්වල්පයක්

ඔරේන්ජ් එසන්ස්

තේ හැඳි 1/2 ක්

 

සාදන ක්‍රමය

පළමුව සීනි, බටර් සහ බිත්තර එක බඳුනකට දමා බීට් කරගන්න. දැන් පිටිවලට බේකිං පවුඩර් එකතුකර හළා ඉහත මිශ්‍රණයට තෙවරකින් එකතු කරන්න. දැන් දොඩම් ගෙඩියේ පොතුහැර දෙකට කපා එක් කොටසක් මිරිකා යුෂ ලබාගන්න. අනෙක් කොටසෙහි රේණු ගලවා ගන්න.

පසුව ඉහත මිශ්‍රණයට මේ යුෂ හා රේණු එකතු කරගන්න. දැන් ඔයිල් පේපර් දමාගත් තැටියකට මෙම මිශ්‍රණය දමා සෙල්සියස් අංක 160 ක උෂ්ණත්වයෙන් විනාඩි 45 ක් පැයත් අතර කාලයක් බේක් කරගන්න.

 


 

ස්පොන්ජ් කේක්

  කප් කේක් හදනකොට වගේම ගැටෝ එකක් හදනකොටත් නැතිවම බැරි ස්පොන්ජ් කේක් හදාගන්නෙ මෙහෙමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 3 ක්

සීනි ග්‍රෑම් 100 ක්

පිටි ග්‍රෑම් 100 ක්

බේකිං පවුඩර් තේ හැන්දක්

වැනිලා තේ හැන්දක්

ඔබ කැමැති වර්ගයක එසන්ස්

 සාදන ක්‍රමය

පළමුව බිත්තර බීට් කරගන්න. එයට සීනි ස්වල්පය බැගින් එක් කරමින් බීට් කරන්න. මෙය ක්‍රීම් එකක් වනතුරු බීට් කරගන්න. දැන් පිටිවලට බේකිං පවුඩර් එකතුකර හළා ඉහත මිශ්‍රණයට තෙවරකට එකතු කරන්න. දැන් වැනිලා එසන්ස් සහ දෙහි ස්වල්පයක් මෙයට එකතු කරගන්න.

ඉන්පසු ඔයිල් පේපර් එකක් දමාගත් රවුම් තැටියකට (ග්‍රෑම් 500 තැටියක්) මෙම මිශ්‍රණය දමාගන්න. පසුව සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙන් විනාඩි 25 - 30 ක් අතර කාලයක් බේක් කරගන්න.

  

උපදෙස් - සම්මාන ආචාර්ය කේක් නිර්මාණ ශිල්පී- කේන් පෙරේරා

071-8986310

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 May 2017 05:32 PM

සුප් එකක් බොමු

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
රුචිය වඩන, ජීර්ණය පහසු කරන, සිරුර වර්ධනයට බෙහෙවින් උපකාරී වන පෝෂණීය ආහාරයකි සුප්. කොයි කාටත් ගුණ දෙන සුප් රෝගීන්ට ද, රෝගවලින් සුවය ලබන ගිලනුන්ට ද ඖෂධමය ආහාරයක් වන අතර ඔබේ පොඩිත්තාට ද පහසුවෙන් දිය හැකි රස අහරකි. පෙර අපර දෙදිග ආහාර සම්ප්‍රදායයන් හි දී ම සුප්වලට විශේෂ තැනක් හිමි වෙනවා. විශේෂයෙන් බටහිර ආහාර වේලක සුප් මූලික ආහාරයක් සේ සැලකේ. එවැනි රසැති සුප් වර්ග කිහිපයක් අපි මෙලෙස ඔබට තිළිණ කරන්නෙමු.

 

 

 

පොටැටෝ ක්‍රීම් සුප්

 අවශ්‍ය ද්‍රව්‍ය

අර්තාපල් අල ග්‍රෑම් 500 ක්

ස්ටොක් පයින්ට් 3 ක්

බටර් මේස හැඳි 03 ක්

පිටිකිරි කෝප්ප 01 ක්

රස අනුව ලුණු

ගම්මිරිස් කුඩු

සැල්දිරි ඉත්තක්

බී ලූනු ග්‍රෑම් 100 ක්

 

සාදා ගැනීම

පළමුව අර්තාපල් පොතු හැර සෝදා ග්‍රේට් කරගන්න. බී ලූනු ටික හීනියට කපාගන්න. කිරි පිටි මේස හැඳි 2 ට වතුර කෝප්ප 1 ක් දියකර ගන්න. ස්ටොක් පයින්ට් 3 ක් සාදා ගන්න.

භාජනයක් ළිප තබා එයට තෙල් හෝ මාගරින් දමා රත්කර ගන්න. ඉන්පසුව එයට ග්‍රේට් කරගත් අල සහ හීනියට කපාගත් බී ලූනු දමා තෙම්පරාදු කරගන්න. දැන් මෙයට ස්ටොක් එක දමා සැල්දිරි ඉත්තක් ද දමා හොඳින් උතුරවා ගෙන සැල්දිරි ඉත්ත ඉවත්කර බ්ලෙන්ඩර් කරගන්න. ඉන්පසුව නැවත මෙය ළිප තබා දියකර ගත් පිටි කිරි, රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු දමා උතුරවා පිටතට ගෙන පිළිගන්වන්න.


 ක්‍රීම් ඔෆ් ලීක්ස් සුප්

  අවශ්‍ය ද්‍රව්‍ය

ලීක්ස් (අල කොටස) ග්‍රෑම් 500 ක්

පාන් පිටි මේස හැඳි 02 ක්

ස්ටොක් පයින්ට් 03 ක්

කිරි කෝප්ප 01 ක්

ගම්මිරිස් තේ හැඳි 01 ක්

තළාගත් සුදුලූනු තේ හැඳි 01 ක්

මාගරින් මේස හැඳි 02 ක්

සැල්දිරි මේස හැඳි 02 ක්

බී ලූනු ග්‍රෑම් 50 ක්

පාස්ලි ග්‍රෑම් 25 ක්

 සාදා ගැනීම

පළමුව ලීක්ස්වල අල කොටස පමණක් කපා එය හොඳින් සෝදාගන්න. බඳුනක් ළිප තබා එයට මාගරින් මේස හැඳි දෙක දමා රත්කර පොඩියට කපාගත් ලීක්ස් ටික සහ බී ලූනු දමා හොඳින් කලවම් කරගන්න. ඉන්පසුව මෙයට පාන් පිටි මේස හැඳි 2 ක දමා ටිකක් බැදෙන්න අරින්න. සුදු ලූනු ද එක්කරගන්න. පසුව ස්ටොක් එක දමා උතුරවා ගන්න. ලුණු, සැල්දිරි, ගම්මිරිස් එකතුකර හොඳින් උතුරවා ගන්න. දැන් එයට කිරි කෝප්පය ද එකතුකර ළිපෙන් බාන්න. ඉන්පසුව මෙය පිළිගන්වන විට පොඩියට කපා ගත් පාස්ලි ටිකක් දමා පිළිගන්වන්න.


 ස්වීට් කෝන් චිකන් සුප්

 අවශ්‍ය ද්‍රව්‍ය

කුකුළු මස් ග්‍රෑම් 100 ක්

ස්වීට් කෝන් ටින් 01 ක්

සීනි මේස හැඳි 1/2 ක්

කෝන් පිටි ග්‍රෑම් 50 ක්

බිත්තර සුදුමද 01 ක්

අවශ්‍ය ප්‍රමාණයට ලුණු

ස්ටොක් පයින්ට් 3 ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 01 ක්

මාගරින් ග්‍රෑම් 50 ක්

සාදා ගැනීම

පළමුව කුකුළු මස් ටික කුඩාවට කපාගන්න. ගැඹුරු

 බඳුනක් ළිප තබා මාගරින් ටික දමා රත්කර එයට කුකුළු මස් ටික දමා බැදගන්න.

ඉන්පසුව එයට ස්ටොක් වතුර දමා හොඳින් උතුරවා ගන්න. හොඳින් ඉතිරූ පසුව එයට ස්වීට් කෝන් ටික දමා රස අනුව ලුණු, ගම්මිරිස් එකතුකර දිය කරගත් කෝන් පිටි දමාගන්න.

දැන් මෙය උතුරන විට බිත්තර සුදු මදය බීට්කර එයට දමා උතුරවා ගෙන සීනි ටික ද එකතුකරන්න.


 මෂ්රූම් සුප්

 අවශ්‍ය ද්‍රව්‍ය

පාන්පිටි මේස හැඳි 2 ක්

මෂ්රූම් ග්‍රෑම් 500 ක්

බී ලූනු ග්‍රෑම් 50 ක්

තළාගත් සුදුලූනු තේ හැඳි 1 ක්

තළාගත් අමු ඉඟුරු

තේ හැඳි 1/2 ක්

මාගරින් ග්‍රෑම් 50 ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 2 ක්

රස අනුව ලුණු

අවශ්‍ය පමණ වතුර

 සාදා ගැනීම

පළමුව මෂ්රූම් (හතු) සෝදා දිය බේරා පොඩියට කපා පසෙකින් තබාගන්න. බඳුනක් ළිප තබා එයට මාගරින් දමා රත්කර හීනියට කපාගත් බී ලූනු එයට දමා හොඳින් බැදෙන්නට හරින්න.

එයට සුදුලූනු, අමු ඉඟුරු එක්කර හතු ටිකද දමා හොඳින් බැදෙන්නට තියන්න. ඉන්පසුව මෙයට පාන් පිටි ද එක්කර බැදෙන විට අවශ්‍ය පමණ වතුර දමා හොඳින් උතුරවා ගන්න.

රස අනුව ලුණු ගම්මිරිස් එක්කර ළිපෙන් බා ගත් සුප් එක බ්ලෙන්ඩර්කර පිළිගන්වන්න.


 කාරල්ලන් සුප්

 අවශ්‍ය ද්‍රව්‍ය

 කාරල්ලන් මාළු

ග්‍රෑම් 250 ක්

කැරට් ග්‍රෑම් 50 ක්

පරිප්පු ග්‍රෑම් 50 ක්

ලීක්ස් ග්‍රෑම් 50 ක්

අල ග්‍රෑම් 50 ක්

තළාගත් සුදුලූනු

තේ හැඳි 01 ක්

තළාගත් අමු ඉඟුරු

තේ හැඳි 1/2 ක්

ලුණු තේ හැඳි 1/2 ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 2 ක්

මාගරින් ග්‍රෑම් 50 ක්

වතුර අවශ්‍ය පමණ

දෙහි යුෂ රස අනුව

 

සාදා ගැනීම

පළමුව එළවළු ටික කුඩාවට කපා ගන්න. කාරල්ලන් සෝදා වතුර ටිකක් දමා තම්බා ගන්න. තැම්බූ කාරල්ලන් පොඩිකර හොඳින් පෙරා ඉස්ම ටික ද ගන්න. භාජනයක් ළිප තබා මාගරින් දමා රත්කර පොඩියට කපාගත් එළවළු දමා හොඳින් බැද ගන්න.

සුදුලූ නු, අමු ඉඟුරු එක්කර ගන්න.

ඉන්පසුව මෙයට අවශ්‍ය පමණ වතුර එක්කර පරිප්පු ද එකතුකර තම්බා ගත් කාරල්ලන් ඉස්ම ද එකතුකර හොඳින් උතුරවා ගන්න.

දැන් ලුණු, ගම්මිරිස් එකතු කරගන්න. මෙය හොඳින් උතුරවා ගෙන පසුව ළිපෙන් බා දෙහි ඉස්ම දමා පිළිගන්වන්න.

  උපදෙස්

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී හා සූපවේදිනී

සර්වදර්ශනී අප්සරා

 ඡායා - ශාන් රඹුක්වැල්ල

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
23 May 2017 08:41 PM
සුප් ටිකක් නම් බොන්න ආසයි මල්ලි 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 May 2017 06:13 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/15748.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/15749.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/15750.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/15751.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
26 May 2017 08:43 PM
ස්තුති මෙ⁣ම recipe ටිකටත්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
29 May 2017 05:58 PM

රාජ භෝජනයේ තවත් වට්‌ටෝරු මෙන්න...
ආචාර්ය පබිලිස්‌ සිල්වා හෙළිකරයි

රුවන් ජයවර්ධන

ගල්කිස්‌ස මහ හෝටලයේ ආහාර ප්‍රවර්ධන අධ්‍යක්‍ෂ දේශබන්දු ආචාර්ය පබිලිස්‌ සිල්වා සමග කරනු ලබන කතා බහක ප්‍රතිඵලයක්‌ ලෙස සැකසෙන මෙම ලිපි මාලාව සඳහා ඉහළ පාඨක ප්‍රතිචාරයක්‌ හිමිවෙමින් පවතී. පුරාතන ශ්‍රී ලාංකික ආහාර සංස්‌කෘතියේ පටන් අද දවස දක්‌වා මෙරට ආහාර සංස්‌කෘතියේ විකාශනය එහි සිදුවූ වෙනස්‌කම් සහ ආහාරයක පැවැතිය යුතු ගුණාත්මක බව ආදී කරුණු මෙම ලිපි මාලාව මගින් කතා බහට ලක්‌ කරන අතර මෙම ලිපිය පළවන්නේ එහි තවත් දිග හැරීමක්‌ ලෙසය.

සාම්ප්‍රදායික ආහාර වට්‌ටෝරු ක්‍රමය වෙනුවට මෙරට මිනිසුන් යෝධයන් බවට පත් කළ එකල පැවැති ආහාර වර්ග සහ මනාව එය පිළියෙළ කරගත් ආකාරය පිළිබඳවද මෙහි යම් යම් සඳහන් කිරීම් කරනු ලබන්නේ නූතන සමාජය කොතරම් සංකීර්ණ වුවද අද පවා පුරාණයේ පැවැති ආහාර පිළියෙළ කර ගැනීමේ ක්‍රම අනුගමනය කළ හැකි බව රට හමුවේ පැවසීම පිණිසය. නිරෝගී මිනිසුන්ගෙන් යුත් සෞඛ්‍ය සම්පන්න සමාජයක්‌ බිහි කිරීම පිණිස මෙම ලිපි මාලාව මගින් යම් මෙහෙවරක්‌ කළ හැකි නම් එය තමන්ට සතුටට පත්විය හැකි කරුණක්‌ බව ආචාර්ය පබිලිස්‌ සිල්වා සඳහන් කර සිටින්නේය. පහත පළවෙන්නේ හුදු ආහාර වට්‌ටෝරු ක්‍රමයෙන් එපිට ගිය පොත පතෙහි සඳහන් පුරාණ ආහාර වට්‌ටෝරු කීපයක්‌ වන අතර මෙය ආචාර්ය පබිලිස්‌ සිල්වා විසින් රචිත "මහා සූපවංශයේ" ඇතුළත් කරුණු කාරණා අනුසාරයෙන් ලබාගත් තොරතුරුය.

කැරන්කොකු සම්බෝලය :-

කැරන්කොකු ග්‍රෑම් 200
ගාගත් පොල් ග්‍රෑම් 50
පොඩි කරගත් ලුණුදෙහි තේ හැඳි 1
ලූනු ග්‍රෑම් 30
වේලුනු මස්‌ මේස හැඳි 1
දෙහි, ලුනු පදමට

පළමුව පොල් සම්බෝලයක්‌ සාදාගන්න. වතුර භාජනයක්‌ ලිප තබා උතුරන විට ලුණු කහ ස්‌වල්පයක්‌ දමා කැරන්කොකු දමා උනූන් ගස්‌සවා වතුර පෙරා ගන්න. නැවත මිරිකා සාදාගත් පොල් සම්බෝලය දමා කලවම් කර ගන්න.

අසමෝදගම් කොළ සම්බෝලය

අසමෝදගම් කොළ ග්‍රෑම් 150
බැදගත් තල ග්‍රෑම් 100
ලූනු කොළ ග්‍රෑම් 25
පොඩියට කපාගත් ලූනු ග්‍රෑම් 30
බත් දිවුල් ගෙඩි 1
සීනි මේස හැඳි 1
විනාකිරි මේස හැඳි 1
ගම්මිරිස්‌ තේ හැඳි 1/2
අමුමිරිස්‌ කරල් 3
පොල්තෙල් මේස හැඳි 1
ලුණු පදමට

කොළ ටික සිහින්ව ලියා ගන්න. දිවුල් ගෙඩියේ මද ගෙන තලා, විනාකිරි, සීනි, ගම්මිරිස්‌ ලුණු එකට එක්‌කර එයට තෙල් දමා සෝස්‌ එකක්‌ සකසා ගන්න. ලූනු කොළ අමු මිරිස්‌, ලූනු කුඩාවට කපා එයද කොළ ටිකට එක්‌කර එම දිවුල් සෝස්‌ ඒ මතට වක්‌කරන්න.

තම්පලා නියඹලාව :-

තම්පලා ග්‍රෑම් 250
ලූනු ග්‍රෑම් 30
අමු මිරිස්‌ කරල් 3
තක්‌කාලි ග්‍රෑම් 50
කරපිංචා මේස හැඳි 1
සුදු ලූනු මේස හැඳි 1
කුරුඳු පොතු තේ හැඳි 1/2
බැද අඹරා ගත් පොල් මේස අඬු කෝප්ප 1/2
කලවම් පැසි තේ හැඳි 1/2

ලුණු පදමට තම්පලා හීනියට ලියා ගන්න. මිටිකිරි හැර අන් සියල්ල තම්පලාවලට දමා ලිප තබා උතුරන විට ගින්දර අඩුකර සිඳෙන්නට හැර හොඳට පොඩිකර මිටිකිරිවලට බැද අඹරාගත් පොල් ටික දමා ලිපෙන් බා තෙල් වයිති දමා ගන්න.

සුදු හඳුන් කොළ සම්බෝලය

සුදු හඳුන් කොළ ග්‍රෑම් - 150
රතු ලූනු ග්‍රෑම් - 30
අමු මිරිස්‌ කරල් 2
ලුණු පදමට
දෙහි

රතු ලූනු හීනියට ලියා ගන්න. අමු මිරිස්‌ පොඩියට කපා ගන්න. ලූනු සහ දෙහි දමා පදමට අනා ගන්න. සුදු හඳුන් කොළ සිහින්ව ලියා ඉහත මිශ්‍රණය එක්‌කරන්න.

මුං ඇට පියළි තෙල් දැමීම

බැදගත් මුං ඇට පියළි ග්‍රෑම් 150
උම්බලකඩ ග්‍රෑම් 100 (පොඩියට කපාගත් වියළි මස්&zwnj
තක්‌කාලි ග්‍රෑම් 75
ඉදුනු කොච්චි මේස හැඳි 1
කැබලි මිරිස්‌ තේ හැඳි 1
කරපිංචා මේස හැඳි 1
කුරුඳු පොතු කැබලි තේ හැඳි 1
උකු මිටිකිරි මේස හැඳි 2
ලූනු ග්‍රෑම් 50
තෙල් මේස හැඳි 03
ලුණු පදමට

පියළි කරගත් මුං ඇට සෝදා දිය හිඳෙන්නට හැර තම්බා ගන්න. භාජනයක්‌ ලිප තබා තෙල් එක්‌කර ලූනු, කරපිංචා, කුරුඳු පොතු, කොච්චි තරමක්‌ බැදෙන්නට හැර පසුව උම්බලකඩ, කැබලි මිරිස්‌, ලුණු එක්‌කරන්න. තප්පර 30 ක්‌ පමණ බැද තක්‌කාලි සහ මිටිකිරි එක්‌කර ඉස්‌ම හිඳවා තම්බාගත් මුං පියළි එක්‌කරන්න.

එළබටු වියලුම

එළබටු ග්‍රෑම් 200
කලවම් පැහි මේස හැඳි 1
උම්බලකඩ මේස හැඳි 1
කහ තේ හැඳි 1/2
අමු මිරිස්‌ කරල් 03
කරපිංචා තේ හැඳි 1
තලාගත් කුරුඳු තේ හැඳි 1
පලාගත් සුදු ලූනු තේ හැඳි 1
උළුහාල් තේ හැඳි 1
ලූනු ග්‍රෑම් 50
දියකිරි අඬු කෝප්ප 1/2
මිටි කිරි අඬු කෝප්ප 1/2
තෙල් වයිති තේ හැඳි 2
ලුණු පදමට

බටු නැට්‌ට භාගයට කපා වෙන් නොවන්න හතරට පලා කහ දෙහි ඇඹුල් මිශ්‍ර වතුර දමා සෝදා ගන්න. තෙල් වයිති හැර අන් සියල්ල බටුවලට දමා උතුරන විට ගින්දර අඩුකර ඉස්‌ම සිඳුවා ගන්න. ලිපෙන් බා ගත් බටු ව්‍යාංජනයට තෙල් වයිති උඩින් එක්‌කරන්න.

මුං ඇටවලින් පිසින "ගනකායුස" නම් ව්‍යංජනය

ගම්මිරිස්‌, වියළි ඉඟුරු, දුරු, අමු ඉඟුරු පෙරුම්කායම් ද ගිතෙල් සහ ලූනු, ලුණු, තිප්පිලි ආදිය යොදා ගිතෙලින් බැදගත් මුං ඇට ව්‍යාංජනය ගනකායුසය නම් වෙයි.

කුකුළු මස්‌ කරිය

කුකුළු මස්‌ ග්‍රෑම් 500
ලූනු ග්‍රෑම් 50
කරපිංචා මේස හැඳි 01
රම්පෙ
අමු මිරිස්‌ කරල් 3
සියඹලා මේස හැඳි 01
අසමෝදගම් කුඩු තේ හැඳි 01
කැබලි ගම්මිරිස්‌ තේ හැඳි 02
සුදු ළුනු මේස හැඳි 01
කොත්තමල්ලි කුඩු මේස හැඳි 01
තිප්පිලි තේ හැඳි 1/2
වියළි ඉඟුරු තේ හැඳි 01
මිටිකිරි අඬු කෝප්ප 1/2
දියකිරි හෝ වතුර අඬු කෝප්ප 1/2
තෙල් මේස හැඳි 02
ලුණු පදමට

මස්‌ කපා ගන්න. වතුර ටිකක්‌ ළිප තබා ගජ තිප්පිලි කොළ මේස හැඳි 01 ක්‌ පමණ කඩා දමා උතුරුවන විට ගින්දර අඩුකර උණුවතුරෙන් මස්‌ ටික සෝදා ගන්න. භාජනයේ ළිප තබා එයට තෙල් එකතුකොට එය රත්වන විට ලූනු රම්පෙ, කරපිංචා අමුමිරිස්‌, සුදුලූනු රන්වන් පැහැයට බැදෙනවිට සාදාගත් තුනපහ ටික දමා එය බැදෙනවිට මස්‌ එක්‌කර මස්‌ බැදෙන විට සියඹලා එක්‌කර කිරි දමා හොඳින් තැම්බෙන්නට හරින්න. ඉස්‌ම හිඳුන පසු පිටිකිරිද දමා තෙල් වැනි ස්‌වල්පයක්‌ දමා ළිපෙන් බාගන්න.

පේනගම අතුරුපස

කිරිවල පොඟවන ලද සහල් සහ පොතුහැර අඹරාගත් මුං ඇටද යන පිටි දෙවර්ගය සමව ගෙන සුද්දකොට අඹරාගත් තල සමඟ මුසුකොට කුඩා නොවන ලෙස වඩා තෙලෙන් බැදගත් කල "පේනගම" නම් අතුරුපසයි.

"වඩන අතිරස"

මුං ඇට සුද්දකර බැද, සාල්පිටි සමග එම පිටි එක්‌කර මිටිකිරි සහ සුවඳ ද්‍රව්‍ය යොදා හොඳින් අනාගන්න. එම මිශ්‍රණය වඩා ගන්න. එසේ වඩාගත් මිශ්‍රණය එක්‌ පැත්තකින් නවා ගන්න. එය වණ්‌ඩුවේ දමා තම්බාගෙන ඉන්පසු අව්වේ තබා දිය සිඳෙන තෙක්‌ වියළා ගන්න. වියළාගත් එම රොටිය පිටිකොට හොඳින් තලාගන්න. එයට දෙපැසි සහ ගම්මිරිස්‌, දුරු, ලුණු ආදිය මුසුකර තබා ගන්න.

කැකුළු සහල් පිටි ගෙන හොඳින් තලාගෙන සකුරු සහ කිරි මිශ්‍රකර අනාගෙන කැවුම් වඩාගෙන ඉහත මිශ්‍රණයෙන් පිට වැස්‌ම යොදා කැවුම් පිස ගන්න. මෙය "වඩන අතිරස" නම් වෙයි.

"රස අතිරස"

ගාගන්නා ලද පොල් බැදගත් සැණින් පිටි සමඟ මුසුකොට දෙපැසි සහ හකුරු සමඟ හොඳින් අනා තුනී කැවුම් වඩා ගන්න. ගාන ලද පොල් එම කැවුමෙහි මැද තබා වසන්න. දවටනයක ගිල්වා ගැඹුරු තෙලෙහි බැදගන්න. මෙය "රස අතිරස" නම් වේ.

"මාතුක" කැවුම්

තල සුද්දකර කොටා කුඩුකරගෙන ගා ගන්නා ලද පොල් කබලෙහි බැද ගන්න. ඒවා සමඟ තල සූණු එක්‌කර කොටා ගන්න. එම මිශ්‍රණය තලියක තබා වඩා ගන්න. කැබලි කපාගෙන බැදගන්න. දුරු ගම්මිරිස්‌ කුඩු ඉසගන්න. "මෙය වැකුන කැවුම්" නම් වේ.

"මුතුලාලු"

මුං වියළි නැලියක පිටි සහ සහල් නැලි 3 ක පිටි මීකිරි යොදා පදමට පිස ගත යුතුය. මෙම මිශ්‍රණය පත්තෙන් (අනාගෙන) වඩා ගන්න. වඩාගත් එම කැවුම් වියළා ගන්න. පිටි සහ පතුරු මිශ්‍රකර මේවා මතුපිටට ඉසිමින් බැදගන්න. මෙය "මුතුලාලු" නම් රස කැවිලි වර්ගය වේ.

"පේනගම ලාලු" අතුරුපස

මී පැණි, වෙඬරු, සහල් පිටි, මුං පිටි සමසේ යොදා හොඳින් අනා රොටි සේ පුළුස්‌සා, ගත යුතුය. හකුරු, කුළුබඩු. හා පැසීයන දේවල් අඹරා එම රොටියෙහි හොඳින් ගල්වන්න. ඉන්පසු එය බැදගන්න. මෙය zපේනගම ලාලු" නම් වෙයි.

තවත් කොටසක්‌ ලබන සතියේ..
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
29 May 2017 06:01 PM

ගිමන නිවන රසය මවන කෙටි කෑම

Written by 
අවිවේකී ජීවන රටාවට විරාමයක් තබා පවුලක් ලෙසින් එකතු වී විනෝද ගමනක් යන්න ඇත්නම් එය සැබෑම ආශීර්වාදයකි. ගිමන නිවන රසය මවන කෙටි කෑම කිහිපයකුත් ඒ ගමනට එකතුකර ගත්තොත් කෙතරම් අපූරුද?

 

ඒ විතරක් නෙමේ මේ ගෙනෙන කෙටි කෑම පෙළ උදෑසන ආහාරයක්, සවස තේ පානයට සංග්‍රහයක් ලෙසින් ද ගත හැකියි.

 

මේ කෙටි කෑම පෙළ ඔබට තිළිණ කරන්නේ ජාඇල වැලිගම්පිටිය ‘ජයලත් ඉන්’ රෙස්ටුරන්ට් හි ප්‍රධාන සූපවේදී

අනුර ප්‍රියදර්ශන

 විශේෂ ස්තූතිය

‘ජයලත් ඉන්’ හි අධිපති අනිල් ජයවර්ධන මහතාට

ඡායාරූප - ශාන් රඹුක්වැල්ල

 


කිඹුලා බනිස්

 අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කිලෝ 01 ක්

සීනි ග්‍රෑම් 100 ක්

යීස්ට් ග්‍රෑම් 50 ක්

මාගරින් ග්‍රෑම් 100 ක්

ලුණු ස්වල්පයක්

 සාදන ක්‍රමය

මුලින්ම පිටි සහ මාගරින්, යීස්ට්, සීනි යන සියල්ලම අවශ්‍ය පමණ ගෙන මෙළෙක් වන තරමට වතුර දමා අතින් කලවම්කර පිටි මෝලියක් (බැටර් එක) සාදාගන්න. පසුව එය හොඳින් පිපෙන්නට පැය එකහමාරක පමණ කාලයක් පැත්තකින් තබන්න.

දැන් හොඳින් පිපුණු පිටි මෝලිය ග්‍රෑම් 100 පමණ කුඩා කැබලිවලට කඩාගන්න. පසුව එම කැබලි ද පැය 1/2 ක් පමණ යළිත් පිපෙන්නට තබන්න. ඊළඟට කුඩා කැබලිවලට කඩන ලද පිටි මිශ්‍රණය කිඹුලා බනිසේ හැඩයට කඩාගන්න. පසුව එම කැබලිද පැය 1/2 ක් යළිත් පිපෙන්නට තබන්න. දැන් බනිස් ගෙඩියේ මතුපිට හොඳින් කර කරගත් සීනි ටික ඉසින්න. පසුව ඊට උඩින් සීනි ස්වල්පයක් යළිත් ඉහින්න.

අවසාන වශයෙන් සීනි තැවරූ කිඹුලා පැය 1/2 ක පමණ කාලයක් සෙල්සියස් අංශක 150 ක උෂ්ණත්වයක් යටතේ තැටියක දමා පුලුස්සා ගන්න.


මාළු පාන්

 අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි ග්‍රෑම් 500 ක්

සීනි ග්‍රෑම් 50 ක්

යීස්ට් ස්වල්පයක්

මාගරින් ග්‍රෑම් 50ක්

ලුණු ස්වල්පයක්

බිත්තරයක්

මාළු පාන් මිශ්‍රණය සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය

කුඩා සැමන් ටින් එකක්

අල ග්‍රෑම් 250ක්

බී ලූනු ග්‍රෑම් 250 ක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

රස අනුව ලුණු

සාදන ක්‍රමය

ප්‍රථමයෙන් පිටි. සීනි, බටර්, යීස්ට් සහ ලුණු එකට දමා වතුර ස්වල්පයක් ද එකතුකර බැටර් එක සාදාගන්න.

 පසුව එය පිපෙන්නට පැයක පමණ කාලයක් තබන්න. පසුව පොඩි කරගත් සැමන්, තම්බා පොඩිකරගත් අල, ලියාගත් බී ලූනු, ගම්මිරිස් කුඩු, රස අනුව ලුණු දමා තෙල් ස්වල්පයක් දමා බැදගන්න.

දැන් පිටි මිශ්‍රණය ග්‍රෑම් 100 කැබලිවලට කඩන්න. එම කැබලි යළිත් පැය බාගයක් පිපෙන්නට තබන්න. හොඳින් පිපුණු පිටි ගුලිය ගෙන එය රොටියක් සාදන ආකාරයට හොඳින් ලෑල්ලක් මත තුනී කරන්න. තුනී කරගත් බැටර් එකේ හරි මැදට කලින් තෙම්පරාදු කරගත් සැමන් මිශ්‍රණය දමා ත්‍රිකෝණාකාර හැඩයට නමාගන්න.

අවසාන වශයෙන් මාළු පාන් ගෙඩියේ මතුපිට බිත්තර සාරු තවරා තැටියක දමා විනාඩි 10 ක් පමණ සෙල්සියස් අංශක 200 ක උෂ්ණත්වයකින් පුලුස්සා ගන්න.


ජෑම් බනිස්

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කිලෝ 01 ක්

ජෑම් ග්‍රෑම් 50 ක්

සීනි ග්‍රෑම් 100 ක්

යීස්ට් ග්‍රෑම් 50 ක්

බී හයි මාගරින් ග්‍රෑම් 100 ක්

බටර් හෝ මාගරින් ග්‍රෑම් 10 ක්

ලුණු ස්වල්පයක්

 සාදන ක්‍රමය

මුලින්ම පාන් පිටි, සීනි, මාගරින්, යීස්ට් සහ ලුණු දමා වතුර කලවම්කර පෙර පරිදි බැටර් එක සාදාගන්න. පසුව එය පිපෙන්නට පැයක පමණ කාලයක් පැත්තකින් තබන්න.

දැන් හොඳින් පිපුණු බැටර් එක ග්‍රෑම් 75 ක පමණ කැබලිවලට කඩාගන්න. පසුව එය යළිත් පිපෙන්නට පැයක වේලාවක් තබන්න.

ඊළඟට බී හයි මාගරින් සහ පාන් පිටි ටිකක් කළවම් කරන්න. මෙය හොඳින් කැට කැට හිටින තෙක් කලවම්කර පැත්තකින් තබන්න.

දැන් හොඳින් පිපුණු බනිස් මිශ්‍රණය ගෙන ඊට උඩින් මාගරින් සහ පිටි කලවම්කර කැට සිටින සේ සකස් කරගත් මිශ්‍රණය ඉහින්න.

අවසාන වශයෙන් බනිස් ගෙඩියේ මතුපිට ඇඟිල්ලක පමණ තරමේ හිලක් සාදා ඒ තුළට ජෑම් ස්වල්පයක් දමන්න. පසුව විනාඩි 10 ක පමණ කාලයක් සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයකින් යුත් පෝරණුවක දමා පුලුස්සා ගන්න.


බටර් බනිස්

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කිලෝ 01 ක්

සීනි ග්‍රෑම් 100 ක්

යීස්ට් ග්‍රෑම් 50 ක්

බටර් හෝ මාගරින් ග්‍රෑම් 100 ක්

වතුර ස්වල්පයක්

රස අනුව ලුණු

සාදන අයුරු

මුලින්ම පාන් පිටි සහ සෙසු කළමනා එකතුකර ජලය දමා අතින් කලවම්කර බැටර් එක සාදාගන්න. මෙය වතුර ටිකක් වැඩිපුර දමා (අතේ පදමට) කළ යුතුයි. පසුව එම මෝලිය පැයක පමණ වේලාවක් පිපෙන්නට තබන්න.

දැන් හොඳින් පිපුණු පිටි මෝලියෙන් පිටි ගුලියක් කඩා එය අතින් ඇද අඩි දෙකක් පමණ සිටින සේ සකස් කරන්න.

පසුව එම පිටි තීරුව ලෑල්ලක් මතට දමා හොඳින් අතින් රෝල්කර රවුමේ හැඩය ලබාගන්න.

දැන් බටර් බනිස් සෑදීමට පිටි මිශ්‍රණය සාදා අවසානයි. පසුව අතින් රවුම් කරගත් පිටි බැටර් එක පිපීම සඳහා යළිත් පැය භාගයක් පමණ තබන්න.

දැන් රවුම් කරගත් බැටර් එක තැටියකට දමා බටර් බනිස් ගෙඩියේ හැඩය එන පරිදි රවුමට නමන්න. පසුව ඊට උඩින් වතුර ස්වල්පයක් ඉස ඒ මතට කර කරගත් සීනි තවරන්න.

අවසාන වශයෙන් මෙලෙස පිළියෙල කරගත් බටර් බනිස් ගෙඩියේ මතුපිටට සීනි ස්වල්පයක් තවරා පැය කාලක් පමණ පෝරණුවක දමා සෙල්සියස් අංශක 200ක උෂ්ණත්වයකින් පුලුස්සා ගන්න.


එළවළු රොටි

 අවශ්‍ය ද්‍රව්‍ය

අර්තාපල් අල ග්‍රෑම් 500 ක්

කැරට් ග්‍රෑම් 100 ක්

ලීක්ස් ග්‍රෑම් 100 ක්

සුදු ලුනු බික් කිහිපයක්

අමු ඉඟුරු කැබැල්ලක්

ගම්මිරිස් කුඩු අවශ්‍ය පමණ

පාන් පිටි ග්‍රෑම් 500 ක්

මාගරින් ග්‍රෑම් 100 ක්

රස අනුව ලුණු

පොල් තෙල් බෝතල් 1/4 ක්

 සාදන අයුරු

පළමුව පිටි හා මාගරින් ලුණු එකට එකතුකර ගෝදම්බ රොටිවලට මෙන් හොඳින් අනාගන්න. කුඩා බෝල සාදා පොල්තෙල් තවරා පිපෙන්නට වසා තබන්න. දැන් අල හොඳින් තම්බා පොඩිකර ගන්න. ඒ සමඟම කැරට් හා ලීක්ස් සිහින්ව ලියා ගන්න. පසුව තාච්චියක් ළිප තබා තෙල් මේස හැඳි 5 ක් පමණ එයට දමන්න. තෙල් රත් වූ පසුව එයට ලියාගත් සුදු ලූනු, ඉඟුරු දමා රන්වන් පැහැ ගැන්වූ පසු එයටම ලියාගත් කැරට්, ලීක්ස් දමා අවශ්‍ය පමණ ලුණු ගම්මිරිස් ද දමාගන්න. පසුව පොඩිකරගත් අල දමා කලවම්කර ළිපෙන් බා ගන්න. පසුව මුලින් සකසා ගත් පිටි බෝල තෙල් ගැල්වූ ලෑල්ලක් මත තබා තුනීකර ගන්න. ඒ මැදට පිළියෙල කරගත් අල මිශ්‍රණයෙන් අවශ්‍ය පමණ තබා ත්‍රිකෝණ හැඩයට නමා පසෙකින් තබන්න. ළිප මත රොටි තැටියක් තබා එහි තෙල් ගල්වා හොඳින් රත් වූ පසු එළවළු රොටියේ සෑම පැත්තක්ම හොඳින් පුලුස්සා ගන්න..


සීනි සම්බෝල පාන්

  අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි ග්‍රෑම් 500 ක්

සීනි ග්‍රෑම් 50 ක්

යීස්ට් ග්‍රෑම් 30 ක්

බටර් හෝ මාගරින් ග්‍රෑම් 50 ක්

ලුණු ස්වල්පයක්

 සීනි සම්බෝලය සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය

ලොකු ලූනු ග්‍රෑම් 500 ක්

කෑලි මිරිස් කුඩු අවශ්‍ය පමණ

එනසාල්, කරාබු නැටි

රම්පෙ, කරපිංචා

පොල් තෙල් අවශ්‍ය පමණ

සීනි ස්වල්පයක්

රස අනුව ලුණු

කුරුඳු පොතු ස්වල්පයක්

උම්බලකඩ

සියඹලා ඉස්ම

 සාදන ක්‍රමය

මුලින්ම සීනි සම්බෝලය මෙසේ සාදාගන්න. ලූනු සිහින්ව ලියා තෙල් තාච්චියට දමා රන්වන් පාට වනතෙක් බැදගන්න. එසේ කළ විට සීනි සම්බෝලය හොඳින් තෙම්පරාදු ගතියට එයි. පසුව එසේ බැදගත් ලූනු සමඟ රම්පේ, කරපිංචා, එනසාල්, කරාබු නැටි, කුරුඳු පොතු, කෑලි මිරිස් කුඩු, උම්බලකඩ සහ සියඹලා ඇඹුල් ද දමා ළිපේ තබන්න. පසුව එම මිශ්‍රණය හිඳීගෙන එන විට පොල්තෙල් සහ රස අනුව සීනි ටිකක් ද දමා ළිපෙන් බාන්න.

දැන් සීනි සම්බෝල පාන් හදමු

මුලින්ම පිටි සහ සෙසු අමුද්‍රව්‍ය කලවම්කර වතුර දමා හොඳින් අතින් කලවම්කර පිටි මිශ්‍රණය සාදාගන්න. පසුව එය පැයක පමණ කාලයක් පිපෙන්නට තබන්න.

ඊළඟට මෙම පිටි මෝලිය ග්‍රෑම් 100 ක පමණ කැබලිවලට කඩා ගන්න. පසුව එම කැබලි යළිත් පැය භාගයක් පමණ කාලයක් පිපෙන්නට තබන්න. දැන් මෙලෙස පිපුණු පිටි ගුලිය හොඳින් ලෑල්ලක් මත තුනී කරන්න. පසුව එහි හරි මැදට සීනි සම්බෝල මිශ්‍රණය දමා පාන් ගෙඩියේ හැඩය එන පරිදි එය නමාගන්න.

අවසාන වශයෙන් සීනි සම්බෝල දැමූ පිටි මිශ්‍රණයේ මතුපිට බිත්තර සාරු තවරා එය පැය කාලක් පමණ කාලයක් පුළුස්සා ගන්න


පැටිස්

 අවශ්‍ය ද්‍රව්‍ය:

තම්බා පොතු ඉවත් කරගත් අර්තාපල් ග්‍රෑම් 250 ක්

අවශ්‍ය පමණ ලුණු, ගම්මිරිස්

කහ දමා තම්බා පොඩි කරගත් මාළු හෝ සැමන් ග්‍රෑම් 200 ක්

සිහින්ව ලියා ගත් කැරට් අලයක්

මාළු මිරිස් කරල් දෙකක් පමණ

හීනියට ලියාගත් සුදු ලූනු බික් කිහිපයක්

සිහින්ව ලියාගත් අමු ඉඟුරු කැබැල්ලක්

පාන් කුඩු (බිස්කට් කුඩු) ග්‍රෑම් 250 ක්

බිත්තර 3 ක්

පාන් පිටි ග්‍රෑම් 500 ක්

අවශ්‍ය පමණ ලුණු, ගම්මිරිස්, කහ කුඩු.

තෙල් ලීටර් 1/2 ක්

බේකිං පවුඩර් තේ හැඳි 3 ක්

සාදන ක්‍රමය

ඔබ කට්ලට් සාදා ගන්නා ආකාරයටම අල සහ මාළු යොදා මිශ්‍රණය සාදා ගන්න. ඊට අමතරව පාන් පිටි ග්‍රෑම් 500 ක් ගෙන එයට බේකිං පවුඩර් තේ හැඳි 3 ක් දමා හොඳින් කලවම් කරන්න. එය පෙනේරයකින් දෙවරක් පමණ හලා භාජනයකට දමන්න. එයට මාගරින් ග්‍රෑම් 100 ක් හා බිත්තර 3 ක් දමන්න. දැන් අවශ්‍ය පමණ ලුණු කුඩු දමා අයිස් වතුරෙන් හොඳින් අනා ගන්න. මෙම පිටි මෝලිය රොටිවලට පිටි අනනා පදමට අනා තෙත රෙදි කඩකින් වසා පැයක් පමණ තබන්න. පසුව තෙත ලෑල්ලක් මත පාන් පිටි ස්වල්පයක් ඉස ඒ මත පිටි මෝලිය තුනීකරන්න. පැටිස් අච්චුවේ ප්‍රමාණයට රවුම්කර ඒ මත සාදා ගත් අල මිශ්‍රණය තබා පැටිස් අච්චුවෙන් තදකර ගැඹුරු තෙලේ බැදගන්න.

පැටිස් අච්චුවක් නොමැති විට තුනීකර ගත් පිටි මිශ්‍රණයෙන් රවුම් කපා ගන්න. එහි වටේට බිත්තර සාරු ටිකක් ගා මැදින් අල මිශ්‍රණය තබා දෙකට නමා ගෑරුප්පුවක දැතිවලන් තදකර බැදගන්න.


චයිනීස් රෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බා පොතු ඉවත් කර පොඩිකර ගත් අර්තාපල් ග්‍රෑම් 250 ක්

අවශ්‍ය පමණ ලුණු, ගම්මිරිස්, කහ දමා තම්බා පොඩිකර ගත් කෙළවල්ලන් හෝ තලපත් මාළු හෝ සැමන් ග්‍රෑම් 200 ක්

හීනියට ලියාගත් කැරට් අලයක්

මාළු මිරිස් කරල් දෙකක්

හීනියට ලියාගත් සුදු ලූනු බික් කිහිපයක්

හීනියට ලියාගත් අමු ඉඟුරු කැබැල්ලක්

පාන් කුඩු (බිස්කට් කුඩු) ග්‍රෑම් 250 ක්

බිත්තර 03 ක්

පාන් පිටි ග්‍රෑම් 500 ක්

අවශ්‍ය පමණ ලුණු, ගම්මිරිස්, කහ කුඩු

හීනියට ලියාගත් බී ලූනු ගෙඩියක්

බැද ගැනීමට සුදුසු තෙල් වර්ගයකින් ලීටර් 1/2 ක්

සාදාගැනීම

පළමුව තාච්චියක් ළිප තබා එයට තෙල් මේස හැඳි 5 ක් පමණ දමන්න. එය රත් වූ පසු එයට ලියාගත් සුදුලූනු, ඉඟුරු, රම්පෙ, කරපිංචා, ලුණු දමා රන්වන් පැහැ වූ විට ලියාගත් කැරට්, මාළු මිරිස් ටික දමා කලවම්කර පසුව පොඩිකර ගත් මාළු ටික දමන්න. අවශ්‍ය පමණ ලුණු, ගම්මිරිස් සහ දෙහි ගෙඩියක යුෂ ද එයට දමන්න. අවසානයේ පොඩිකර ගත් අර්තාපල් අල ටික දමා හොඳින් කලවම්කර ළිපෙන් බා පසෙකින් තබන්න.

පෑන් කේක් මිශ්‍රණය සාදාගැනීම

භාජනයක් ගෙන පාන් පිටි ග්‍රෑම් 500 කට බිත්තර තුනක් දමා ලුණු ස්වල්පයක් හා කහ කුඩු ස්වල්පයක් දමා කැට නොගැසෙන සේ ඇල් වතුරෙන් දියකර ගන්න. මෙය කොකිස් මිශ්‍රණය මෙන් ඝනකමට සාදාගන්න.

නැවත ළිප මත සෝස් පෑන් එකක් තබා රත්කර තෙල් ස්වල්පයක් එහි තවරා එයට සාදාගත් පිටි මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා රවුම් හැඩයට පෑන් කේක් සාදා ගන්න.

එයට සාදා ගත් අල මාළු මිශ්‍රණයෙන් අවශ්‍ය පමණ පෑන් කේක් මත තබා දෙපැත්ත නමා රෝල්ස් සාදා ගෙන ඉතිරි පිටි මිශ්‍රණයේ ගිල්වා බිස්කට් කුඩු තවරා රත් වූ ගැඹුරු තෙලේ බැදගන්න.


උළුදු වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි ග්‍රෑම් 500 ක්

උළුඳු පිටි ග්‍රෑම් 200 ක්

පිටි පිපීම සඳහා ඊස්ට් තේ හැඳි 02 ක්

අවශ්‍ය පමණ ලුණු කුඩු

බැදගැනීම සඳහා පොල් තෙල් අවශ්‍ය පමණ

සාදා ගැනීම

පළමුව පිටි වර්ග දෙක භාජනයකට දමන්න. උණු වතුරෙන් දියකර ගත් ඊස්ට් තේ හැඳි 02 ද අවශ්‍ය පමණට ලුණු කුඩු ද එකතුකරන්න. මේ සියල්ලට ඇල්වතුර ටික ටික දමා හොඳින් අනාගන්න. මෙය අතේ නොඇලෙන ප්‍රමාණයට අනාගන්න. පදමට අනා පැයක් පමණ පිපෙන්නට වසා තබන්න. පැයකට පමණ පසුව මෙම පිටි මෝලියෙන් කුඩා බෝල සාදා එය මැදින් ඇඟිල්ලෙන් කුහරයක් සාදා රත්කර ගත් තෙල්වලින් මඳ ගින්නේ බැද ගන්න. මෙම උළුඳු වඩේ ආහාරයට ගැනීමේදී එය තවත් රසවත්කර ගැනීමට ඔබට අවශ්‍ය නම් කොච්චි සම්බෝලයක් සාදාගත හැකියි. ඒ සඳහා අමුමිරිස් හෝ කොච්චි කරල් කිහිපයක් ගෙන ගා ගත් පොල් ස්වල්පයකට දමා බ්ලෙන්ඩරයකින් හෝ වංගෙඩියකින් හොඳින් කොටා ගෙන එයට අවශ්‍ය පමණ ලුණු කුඩු හා දෙහි යුෂ පදමට දමා සකසා ගන්න.


පරිප්පු වඩේ

 අවශ්‍ය ද්‍රව්‍ය

පැය 2 ක් පමණ වතුරේ පොඟවා ගත් කඩල පරිප්පු ග්‍රෑම් 250 ක්

හාල් පිටි ග්‍රෑම් 100 ක්

සිහින්ව ගා ගත් පොල් ග්‍රෑම් 100 ක්

ලියාගත් බී ලූනු ගෙඩි 2 ක්

ලියාගත් අමු මිරිස් කරල් කිහිපයක්

අවශ්‍ය පමණ මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු

සිහින්ව ලියාගත් රම්පෙ, කරපිංචා ස්වල්පයක්

වඩේ බැද ගැනීම සඳහා අවශ්‍ය පමණ

පොල්තෙල් (ලීටර් 1/2 )

 

සාදාගැනීම

පළමුව පොඟවා ගත් කඩල පරිප්පු දිය බේරෙන්න තබා පසුව වංගෙඩියක දමා කැබලි සිටින සේ කොටා භාජනයකට දමන්න. එයටම ගා ගත් පොල්, ලියාගත් බී ලූනු, අමු මිරිස්, රම්පෙ, කරපිංචා හා අවශ්‍ය පමණ ලුණු කුඩු, ගම්මිරිස් කුඩු දමා හොඳින් කලවම්කර අතින් අනාගන්න. මෙයට හාල් පිටි ග්‍රෑම් 100 ක් ද එක්කර ගන්න. පසුව මෙම මිශ්‍රණයෙන් ඔබ කැමැති හැඩයකින් කුඩාවට වඩේ සාදාගන්න. පොල්තෙලේ බැදගන්න. මෙය මඳගින්නේ බැද ගැනීමට අමතක නොකරන්න.


ටෝස්ට් කරගත් පාන්

 අවශ්‍ය ද්‍රව්‍ය

පෙති කපාගත් පාන් පෙති 10 ක්

තම්බා පොඩි කරගත් මාළු හෝ සැමන් ග්‍රෑම් 100 ක්

සිහින්ව ලියාගත් බී ලූනු ගෙඩියක්

සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් කීපයක්

දෙහි යුෂ මේස හැන්දක්

අවශ්‍ය පමණට ලුණු, ගම්මිරිස් කුඩු

ටෝස්ට්කර ගැනීම සඳහා ටෝස්ටරයක්

බටර් ග්‍රෑම් 50 ක්

 

සාදන ක්‍රමය

භාජනයක් ගෙන තම්බා පොඩි කරගත් මාළු හෝ සැමන් දමා එයට ලියාගත් ලූනු, අමුමිරිස්, දෙහි යුෂ, ගම්මිරිස්, ලුණු, බටර් සියල්ලම දමා හොඳින් කලවම් කරගන්න. ඉන්පසුව මෙම මිශ්‍රණය පාන් පෙති දෙකක් මැදට තබා තදකර ටෝස්ටරයකට දමා පුලුස්සා ගන්න. මේ ආකාරයට සියලුම පාන් පෙති ටෝස්ට් කරගන්න.


පෑන් කේක්

  අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි ග්‍රෑම් 500 ක්

පොල් කිරි අඬු කෝප්ප 1 ක්

බිත්තර 2 ක්

අවශ්‍ය පමණට කහ කුඩු හා ලුණු කුඩු

ගා ගත් පොල් බෑයක පොල්

සීනි ග්‍රෑම් 100 ක්

සිහින්ව ලියාගත් අමු ඉඟුරු කැබැල්ලක්

 සාදාගැනීම

පළමුව භාජනයක් ළිප තබා එයට සීනි ටික දමා පදමට පැණි උණුකර ගන්න. එයට ගා ගත් පොල් සහ එනසාල්, ඉඟුරු, ලුණු දමා තෙත ගතිය සිඳෙනතුරු මඳ ගින්නේ මළවා ගන්න.

ඉන්පසුව භාජනයකට පාන් පිටි, බිත්තර, අවශ්‍ය පමණට ලුණු, කහ දමා පොල් කිරි ද එකතුකර ඝනකම් දියරයක් අනාගන්න.

 දැන් සෝස් පෑන් එකක් ළිප තබා රත් වූ පසු තෙල් ස්වල්පයක් ඒ මත අතුල්ලා එයට පිටි දියර ස්වල්පයක් දමා තුනීයට පෑන් කේක් සාදා ගන්න. (දෙපැත්ත දමන්න) එයට පැණි පොල් දමා රෝල් කරන්න.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
29 May 2017 06:11 PM

http://epaper.mawbima.lk/Process/upload/e_paper/15278.jpg

http://epaper.mawbima.lk/Process/upload/e_paper/15279.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
29 May 2017 06:17 PM

http://navaliya.com/2017/05/29/New%20folder/40.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
29 May 2017 10:04 PM
නියම කෑම ටිකක්නෙ..
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
30 May 2017 08:47 AM
ජීවිතේට අහපු නැති කෑමත් තියෙනවා.මාර සෙට් එකක්නෙ චාමර.
ටිප් ටොප් ඈ.....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
30 May 2017 09:24 AM
චාමර කුකා දීල නේද හිටු කියල තවත් සෙට් එකක්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 May 2017 06:46 PM

https://i.imgsafe.org/f70e713aa1.jpghttps://i.imgsafe.org/f70e884843.jpg

https://i.imgsafe.org/f70e8def18.jpg

https://i.imgsafe.org/f70e359850.jpg

https://i.imgsafe.org/f70e76c5ee.jpg

https://i.imgsafe.org/f70e7497f7.jpg

https://i.imgsafe.org/f70ec3cd2b.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
31 May 2017 08:10 PM
මොකක්ද බං මල්ලී කෑම අස්සේ දූවිලි මැක්කෙතුත් දාලා තියෙන්නේ...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
31 May 2017 09:59 PM
Posted By indika76 on 31 May 2017 08:10 PM
මොකක්ද බං මල්ලී කෑම අස්සේ දූවිලි මැක්කෙතුත් දාලා තියෙන්නේ...
ඒක තමයි. දූවිලි මැක්කා පිස ගන්නා ආකාරය දාල නැහැනෙ.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
31 May 2017 10:01 PM
ඊයා අය්යො
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0
You are not authorized to post a reply.
Page 21 of 77 << < 1920212223 > >>