Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 30 Nov 2018 10:24 AM by Udari කෑම පිටුව 1520 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 22 of 77 << < 2021222324 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 02 Jun 2017 07:00 PM බිම්මල් බැදුම අවශ්‍ය ද්‍රව්‍ය බට්න් මෂ්රූම් 10ක් පමණ කඩල පිටි ග්‍රෑම් 150 සිහින්ව කපාගත් කැරට් මේස හැඳි 2 සිහින්ව කපාගත් ලූනු මේස හැඳි 2 අමු බිත්තරයක් ලුණු රසට අනුව ගම්මිරිස් රසට අනුව බැද ගැනීමට තෙල් සාදන ආකාරය බට්න් මෂ්රූම් ටින් එකක් ගන්නේ නම් වඩාත් යෝග්‍යයි. බඳුනක් ගෙන එයට කඩල පිටි, කැරට්, ලූනු, බිත්තරයක්, ලුණු, ගම්මිරිස් සහ වතුර අවශ්‍ය තරමට දමා උකු බැටරයක් ලෙස අනාගන්න. දැන් මේ බැටරයේ මෂ්රූම් ගිල්වා රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැද ගන්න. කුකුල් මස් රොටී අවශ්‍ය ද්‍රව්‍ය පාන් පිටි ග්‍රෑම් 150 සිහින්ව ගා ගත් පොල් අඬු කෝප්ප 1/2 ලුණු, ලොකු ලූනු ගෙඩියකින් 1/2 අර්තාපල් අල 2ක්, කරපිංචා ඉත්තක් අඹරාගත් කුකුල් මස් ග්‍රෑම් 50 සාදන ආකාරය කරපිංචා සිහින්ව කපා ගන්න. ලූනු ද සිහින්ව කපා ගන්න. අල බාගෙට තම්බා පොතු හැර කුඩා කොටුවලට කපා ගන්න. දැන් පොල් ස්වල්පයක් ළිප තබා රත් වූ විට එයට කරපිංචා, අල, ලූනු අඹරාගත් කුකුල් මස් දමා තෙම්පරාදු කරගන්න. දැන් මේ තෙම්පරාදු කරගත් මිශ්‍රණය පිටි සහ පොල් සමග දමා ලුණු, අවශ්‍ය තරමට වතුර දමා රොටී පදමට අනාගන්න. ඉන්පසු කුඩා ප්‍රමාණයේ රොටී සාදා තැටියක හෝ අවන් එකක දෙපැත්ත දමා පුළුස්සා ගන්න. බිස්කට් සැන්ඩ්විච් අවශ්‍ය ද්‍රව්‍ය කුඩා රවුම් ලුණු මිශ්‍ර බිස්කට් 20 වර්ගයකින් කිහිපයක් චීස් පෙති කීපයක් සලාද කොළ කීපයක් තක්කාලි පෙති කීපයක් සාදන ආකාරය බිස්කට් දහයක් පෙළට තබා ගන්න. දැන් ඒ මත කුඩා සලාද කොළ කැබැල්ලක් තබන්න. ඊට උඩින් චීස් කැබැල්ලක් තබන්න. දැන් කුඩා තක්කාලි කැබැල්ලක් තබා ඉතිරි බිස්කට්වලින් වසා පිළිගන්වන්න. පලතුරු කෙබාබ් අවශ්‍ය ද්‍රව්‍ය අන්නාසි ගෙඩියකින් 1/2 පමණ හොඳින් ඉදුනු අඹ ගෙඩියක් කළු පාට මිදි ගෙඩි 20ක් ගස්ලබු ගෙඩියකින් 1/2 ඇපල් ගෙඩි 2ක් කෙබාබ් ස්ටික් 20 සාදන ආකාරය අන්නාසි, අඹ, ගස්ලබු, ඇපල් සුද්දකර අඟලේ පමණ කොටු වලට කපා ගන්න. දැන් කෙබාබ් ස්ටික් ගෙන අලංකාර ලෙස සිටින පරිදි අන්නාසි කැබැල්ලක්, අඹ කැබැල්ලක්, ඇපල් කැබැල්ලක් සහ ගස්ලබු කැබැල්ලක් සමග මිදි ගෙඩියක් ගසා ගන්න. දැන් මේවා දරුවන්ට පහසුවෙන් ලබා ගත හැකි ආකාරයට අසුරා තබන්න. බැටර් ෆ්‍රයිඩ් සොසේජස් අවශ්‍ය ද්‍රව්‍ය සොසේජස් 15ක් පාන්පිටි ග්‍රෑම් 300 බිත්තර 1 යි කහ කුඩු තේ හැඳි 1/2 සිහින්ව කපාගත් කරපිංචා ග්‍රෑම් 5 සිහින්ව කපාගත් ලූනු ග්‍රෑම් 25 සිහින්ව කපාගත් අමුමිරිස් ග්‍රෑම් 10 කඩල පිටි ග්‍රෑම් 150 රසට අනුව ලුණු බේකිං පවුඩර් තේ හැඳි 1/2 කෙබාබ් ස්ටික් 15 වතුර අවශ්‍ය තරමට බැද ගැනීමට තෙල් සාදන ආකාරය සොසේජස් හැර අනෙකුත් සියලුම ද්‍රව්‍ය බඳුනකට දමා උකු බැටරයක් සාදා ගන්න. දැන් සොසේජස් කෙබාබ් කූරුවල ගසා බැටරයේ ගිල්වා රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැදගන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Jun 2017 07:18 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 02 Jun 2017 09:21 PM ආසාවේ බැරුවා... 0 chamaramindMost Senior MemberPosts:13471 04 Jun 2017 08:37 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 RosiSuper Senior MemberPosts:5335 05 Jun 2017 05:54 AM ම්ම්ම්ම්ම්ම් කැරට් ආසම කෑමක් ...බොහොම ස්තුති 0 chamaramindMost Senior MemberPosts:13471 05 Jun 2017 05:17 PM නිර්මාංස අය ආහාරයට ගත යුතුම එළවළුව තිබ්බටු Written by තනූෂිකා “අල පලා බටු තිබ්බටු කාපල්ලා වේලක් හැර වේලක් කැඳ බීපල්ලා...” ඕං දුවේ එදා හිටිය ජනකවියො අපේ කෑම ගැන කිව්ව හැටි. මේවා නිකම් කට කහනවට කිව්ව එව්වා නම් නෙමෙයි දරුවනේ. මේ අපේ පින් බිමේ සරුවට වැවෙන අපේම කෑම බීමවල වටිනාකම දන්න හින්දයි ඒ අය ඔහොම කිව්වේ. ඇත්තටම දරුවනේ ඒ දේවල් ඒ විදිහට කෑවා නම් අද අපේ රටේ ඉස්පිරිතාලවල ඉන්නෙ දැන් ඉන්න ලෙඩ්ඩුන්ගෙන් හරි අඩයි. කොහෙද හොඳ දේවල් අතහැරලා සංකරකම කරපින්නා ගන්න එක දැන් දරුවන්ගේ මෝස්තරයක් වෙලානේ. අර ජනකවියෙ කිව්ව තිබ්බටු මේ රත්තරං පොළොවේ පිනට වැවුණු දිව්‍ය ඖෂධයක් දරුවනේ. දැන් ඔය නෝනලා කී දෙනෙක් නම් කියනවා ද හැමදාම කන්නේ එකම එළවළු ටිකක් කියන එක. ඒ නෝනලා දන්නේ නැහැ පෝෂණ ගුණයයි ඔසු ගුණයයි පිරුණු එළවළු මේ බිමේ තව තියෙනවා කියලා. ඒකයි එහෙම කියන්නේ. දැන් තිබ්බටු වෙළෙඳපොළෙත් තියෙනවානේ. ඒත් මේ නෝනලා ඒක දිහා බල බලා යනවා මිසක් ගන්නේ නැහැ. අඩු තරමේ මේ මොනවද කියලවත් අහන්නෙ නැහැ. අනේ ඔය මොනවා හරි කැලෑ ගෙඩි ජාතියක් කියලා ඔහේ යනවා. ඒ හින්දා අද ඔය දරුවන්ට ගුණ පිරුණු තිබ්බටු ගැන පහදලා දෙන්නම්කෝ. මීට පස්සේවත් ඒ දිහා බල බලා නොගිහින් අරගෙනම යන්න. ගිහිල්ලා රසට හදාගෙන කන්න. තව රහසකුත් කියන්නම්. කාව හරි වශී කරගන්න ඕනෙ නම් තිබ්බටු මැල්ලුමක් හදලා දෙන්නකෝ. ඔය ඒ කාලෙ හිටියයි කියන අන්දරේ කළු ගල් පර්වතයක් ඉවත් කරන්න හීනටි හාලේ බතුයි, කළුකුම් මසුයි, තිබ්බටු මැල්ලුමකුයි ඉල්ලුවා කියනවානේ. ඒ කියන්නේ මේ තිබ්බටු ශක්තිය වඩන කෑමක්. එහෙම බැලුවාම මස්, මාළු නොකන නිර්මාංස අය ආහාරයට ගත යුතුම එළවළුවක් තමයි තිබ්බටු. බත් පතට පෝෂක ගබඩාවක් දරුවනේ, තිබ්බටු කියන්නේ රසවත් දේශීය එළවළුවක්. අපේ සිරුරට අවශ්‍ය වෙන විටමින් වර්ග, ඛනිජ ලවණ ආදිය මෙහි අඩංගුය. කෙඳි හෙවත් තන්තු, පිෂ්ඨය හෙවත් කාබෝහයිඩ්රේට් වැඩියෙන්ම තියෙනවා. ප්‍රෝටීනුත් බහුලයි. ඒ අතර විටමින් බී 6 විටමින් බී 3, කැල්සියම්, පොටෑසියම්, යකඩ වර්ග බහුලයි. තිබ්බටු ගහේ පංචාගයම ඖෂධ සඳහා ගන්නවා. වාතය සහ සෙම සමනය කරන ගුණ තියෙන නිසා සෙම් රෝගවලදී බහුලවම යොදාගන්නවා.. ඒ නිසාම දරුවනේ ශ්වසන පද්ධතිය ආශ්රිත රෝගවලට තිබ්බටු ගුණ දෙනවා. ඇදුම, පීනස ආදී රෝගවලදී සුවය ලැබීමටත් එම රෝග වැලඳීමෙන් වැළකීමටත් තිබ්බටුවලට අපූරු හැකියාවක් තියෙනවා. නරක් වූ සෙම ඉවත් කිරීමටත් තිබ්බටු අපූරුයි. ස්වාස රෝග අවස්ථාවලදී හුස්ම ගැනීමත් පහසු කරනවාලු. කැස්ස, ප්‍රතිශ්‍යාව, උගුර බැරැන්ඩිය ඇති අවස්ථාවල ආහාරයට ගත්තොත් රෝග සුවයට මනා සහනයක් ලැබෙනවා දරුවනේ. හික්කා රෝගීන්ටත් තිබ්බටු ගුණයි. මුත්‍රා ගල් දිය කරන්නත් පුළුවන්. ඔසප් වීම අඩු අයටත් තිබ්බටු හොඳයි. එහෙත් රුධිරය පිටවීම වැඩි අය නම් තිබ්බටු ආහාරයට එකතු කරගන්න එපා. සෙම් රෝගවලට දිව ඔසුවක් හෘද රෝගීන්ටත් තිබ්බටු හොඳයි. හෘද රෝග අවදානමෙන් මිදෙන්න පුළුවන්. හෘදය ශක්තිමත් කරන තිබ්බටු හෘදයට රුධිරය සපයන ධමනි ශක්තිමත් කරනවා. රුධිර නාලවල ලේ කැටි ගැසීමත් අවම කරනවා. ඒ හින්දා අංශභාගය හෙවත් ආඝාත රෝගීන්ටත් කන්න කියාපු එළවළුවක් තමයි තිබ්බටු. අම්ල පිත්ත හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගයටත් ගුණ දෙනවා. ඒ ආමාශයේ ඇති ආම්ලික ස්වභාවය අවම කිරීමට තිබ්බටුවලට ඇති අපූරු හැකියාව නිසයි. ඒ විතරක් නෙමෙයි දුවේ, අපේ ආහාර මාර්ගයේ ඉන්න අහිතකර පණු වර්ග නැසීමටත් එවැනි පණුවන් ඇතුළු අනෙකුත් අහිතකර ක්ෂූද්‍ර ජීවින් මර්දනය කිරීමටත් තිබ්බටු දිව ඔසුවක්. මලබද්ධය දුරුකරලා හොඳින් ආහාර ජීර්ණය කිරීමට හැකි පරිසරයක් ඇති කරනවා. දත් හිරිවැටීම ආදී දත් රෝගවලට තිබ්බටු ගෙඩි පුලුස්සා ගානවා. හිසෙහි උඳු ගොව්වන් කෑමේදී ඉදුණු තිබ්බටු පුලුස්සලා තල තෙලින් අනා ගෑම හිතකරයි. ඊට අමතරව අධික රුධිර පීඩනය, අක්මා රෝග, අක්මා දුර්වල අයට, දියවැඩියාවට, වකුªගඩු රෝගවලට, ඔසප් වීම අක්‍රමවත් අයට රක්තහීනතාවයට, අර්ශස් රෝගීන්ට, සිරුරේ ඇතිවන වේදනාවන් අවම කිරීමට, සන්ධි ඉදිමීමේ රෝගයට, තුනටියේ වේදනාවට, වාත රක්ත රෝගීන්ට, අත් පා හිරිවැටෙන අයට, උෂ්ණාධික සිරුරු ඇති අයට සිරුරේ දාහය හෙවත් දැවිල්ල ඇති අයට, අධික හිසරදයට, රාත්‍රී අන්ධතාවයෙන් පෙළෙන අයට මෙන්ම වෙනත් අක්ෂි රෝග ඇති අයටත් තිබ්බටු කෑම හරිම ගුණදායකයි දරුවනේ. මතක ශක්තියට කියාපු එළවළුව ඒ විතරක් නෙමේ තිබ්බටු කෑමෙන් මොළයේ ක්‍රියාකාරීත්වය දියුණු කරලා මතක ශක්තිය වැඩි කරනවා. ඒ නිසාම ඉගෙන ගන්න දරුවන්ට කියාපුම කෑමක්. ඔය කිරි පිටි බොන දරුවන්ට ඒ වෙනුවට තිබ්බටු කන්න දෙන්නකෝ. තිබ්බටු ලේ පිරිසුදු කරන ගුණයෙනුත් ඉහළයි. පිළිකා රෝගයෙන් මිදෙන්නත් තිබ්බටු හොඳයිලු. ඒ හින්දා නිතර නිතර තිබ්බටු කෑවොත් පිළිකා වැලඳෙන්නෙත් නැහැ. ලිංගික අප්‍රාණිකත්වයට වගේම ලිංගික ශක්තිය වැඩි කරගන්නත් තිබ්බටු හොඳයිලු. තිබ්බටු කෑමෙන් ආහාර රුචිය වැඩෙනවා. ඒ නිසා බඩගිනි අඩු අයට ගුණදායකයි. ගර්භණි මවුවරුන්ට ද හොඳයි. උදර වේදනාවට ද ගුණදායකයි. තිබ්බටු ගසේ පස් පංගුවම වේළලා තියාගෙන විශේෂයෙන්ම දඬු හා මුල් තම්බලා බොන්න ගන්නව නම් සෙම් රෝග නැතුවම යාවි. තිබ්බටු කැඳත් ඔසු ගුණයෙන් අනූනයි. රෝගීන්ට වගේම සාමාන්‍ය අයට හදන සුප් වලටත් තිබ්බටු ගෙඩි 4 -5 ක් එකතු කරගන්න පුළුවන්. උණ රෝගීන්ට ඒ සුප් බොහොම ගුණදායකයි. තිබ්බටු ගෙඩි රසවත් වෑංජනයක්, බැදුමක් වගේම මැල්ලුමක් විදිහටත් හදාගන්න පුළුවන්. තිබ්බටු ගෙඩි වියළා කුඩු කරගෙන පානයක් ලෙසත් උණ, සෙම්ප්‍රතිශ්‍යාව ඇති අවස්ථාවලදී බොන්න පුළුවන්. දියවැඩියා රෝගීන්ට තිබ්බටු කොළ වේළලා කුඩු කරලා තේ වගේ දිනකට වරක් පානය කළොත් රුධිරයේ සීනි මට්ටම අඩු කරගන්න පුළුවන්. එහෙම නම් දැන් ඔය දරුවෝ තිබ්බටු කන්න කැමැතියි. ඒත් හදාගන්න විදිහ දන්නෙ නැහැ. ඒක නේද ගැටලුව. අපි ඒ ගැනත් බලමුකෝ දැන්. රසට උයමු ළපටි තිබ්බටු ටිකක් අරගෙන ඒකට සෑහෙන්න හාල් මැස්සන් ද ගන්න. මේ දෙවර්ගය කහයි ලුණුයි වතුර ටිකකුයි දාලා තම්බාගන්න. බඳුනක් ළිපේ තියලා තෙල් ටිකක් දාලා රත් වෙනකොට රතුලූනු, අමු මිරිස් හෝ කොච්චි මිරිස්, කොච්චි කොළ, පොල් දාලා තෙම්පරාදු කරගන්න. එයට පොල් වතුර ටිකකුත් දාන්න. ගම්මිරිස් ස්වල්පයක් ද දාන්න. එයට තම්බාගත් හාල්මැස්සො ටිකයි, තිබ්බටු ගෙඩි ටිකයි දාලා තෙම්පරාදු කරලා ගන්න. බොහොම රසවත් කෑමක්. තිබ්බටු ගලේ තියලා තළලා ඒකට ලුණු, රතුලූනු, පොල් , ගම්මිරිස්, කහ, අබ, කරපිංචා, අමුමිරිස් ගලේ අඹරලා දාන්න. තෙල් ටිකක් රත් වෙන්නට තියලා ඒකට ඉහත ද්‍රව්‍යයි කැමැති නම් සෝදා දිය බේරාගත් හාල්මැස්සො ටිකකුයි දාලා මළවා ගන්න. තිබ්බටු මැල්ලුම තමයි මේ හාල්මැස්සො වෙනුවට කූනිස්සො එකතු කර ගන්නත් පුළුවන්. තිබ්බටු තෙම්පරාදුව හදන හැටි දැන් බලමුකෝ. තිබ්බටු ග්‍රෑම් 150 ක් - 200 ක් විතර ගන්න. ඊට පස්සේ නැටි කඩලා සෝදාගන්න. පිරිසුදු ෂොපින් බෑගයකට දාලා මිටියෙන් තළලා ගන්න. නැත්නම් ගලේ තියලා තළන්න. පස්සෙ වතුර ටිකක් දාලා සෝදලා ඇට ඉවත් කරගන්න. මේ බටුවලට පොල්, කහ, තුනපහ කුඩු හා ලුණු ස්වල්පයක් දමා මිශ්‍ර කරගන්න. බඳුනක් ළිප තියලා රත්වෙන කොට තෙල් ස්වල්පයක් දාන්න. තෙල් ටික රත්වෙන කොට අබ ඇට ටිකක් දාන්න. එය බැදෙනකොට ලියාගත් රතුලූනු, අමුමිරිස්, සුදුලූනු, කරපිංචා දමා තෙම්පරාදු කරගන්න. දැන් මේකට පොල් මිශ්‍ර කරගත් තිබ්බටු ටික දාන්න ඕනේ. මිශ්‍රණය මඳක් තැම්බීගෙන එනකොට මිටි පොල්කිරි අවශ්‍ය තරමට එකතු කරලා ඉස්ම තියෙන්න හරි ඉස්ම හිඳෙන්න හරි උයාගන්න. තිබ්බටු මිශ්‍ර කොස් ඇට තිබ්බටු කොස් ඇට දාලත් උයාගන්න පුළුවන්. ඒකට තිබ්බටු ගෙඩි පිටින් ගන්නේ. තිබ්බටු ග්‍රෑම් 200 ක්, මිරිස් කුඩු තේ හැන්දක්, තුනපහ කුඩු තේ හැඳි 1/2 ක්, කහ කුඩු ස්වල්පයක්, තම්බා පොතු ඉවත් කරගත් කොස් ඇට 15 -20 ක්, රස අනුව ලුණු, ලියාගත් රතුලූනු ගෙඩි 8 ක්, අමු මිරිස් කරල් 3 -4 ක්, උම්බලකඩ මේස හැඳි 1/2 ක්, රම්පෙ, කරපිංචා, දිය පොල් කිරි අඬු කෝප්ප 3/4 ක් හෝ කෝප්පයක්, මිටිකිරි කෝප්ප භාගයක් ගන්න. තිබ්බටු නැටි ඉවත් කරලා සෝදලා මැටි ඇතිළියකට දාන්න. එයට තම්බා දෙකට කපාගත් කොස් ඇට දාන්න. ඒකට මිටිකිරි නැතිව අනෙකුත් සියලුම දේවල් දාලා කලවම් කරලා ළිප තියා පිසගන්න. මෙය තැම්බී දිය හිඳුණාට පස්සේ මිටිකිරි ටිකයි රස අනුව ලුණුයි දාලා නටවා ළිපෙන් පිටතට ගන්න. මැල්ලුමක් තිබ්බටු, මඤ්ඤොක්කා කොළ එකතුකර රසවත් මැල්ලුමක් හදා ගන්නත් පුළුවන්. මඤ්ඤොක්කා කොළ, තිබ්බටු, අමු මිරිස්, රතුලූනු, ගා ගත් පොල්, සුදුලූනු, අබ ඇට ස්වල්පයක්, කහ කුඩු ස්වල්පයක්, රස අනුව ලුණු මේ සඳහා ඕනෙ කරනවා. මඤ්ඤොක්කා කොළ ලියාගන්න. එය වංගෙඩියකට දාලා එයට ගා ගත් පොල්, කහ, ලුණු, රතුලූනු, අමු මිරිස් සහ තිබ්බටු දමා කොටාගන්න. බඳුනක් ළිප තියා තෙල් ස්වල්පයක් දමා රත්වෙන කොට සිහින්ව ලියාගත් සුදුලූනු හා අබ දමා කලවම් කරගන්න. එයටම ලුණු දියේ පොඟවා ගත් වියළි මිරිස් කැබලි ස්වල්පයක් දමන්න. මෙය බැදුණු පසු කොටාගත් මිශ්‍රණය දමා මඳ ගින්දරේ කූරුගාමින් මළවා ගන්න. ඔන්න දැන් ඔය දරුවෝ තිබ්බටුවල ගුණ වගේම තිබ්බටු රසට උයා පිහා ගන්නත් දන්නවා. එහෙම නම් විශේෂ සැලකිල්ලක් නොදක්වා වවාගන්න පුළුවන් තිබ්බටු ගහක් ගෙවත්තේ සිටුවා ගන්න අමතක කරන්න එපා. එහෙම නැත්නම් හැම සතියකම මාර්කට් යනකොට ගෙනියන බඩු ලිස්ට් එකට තිබ්බටුුත් මතක ඇතුවම ලියාගන්න. මීට චාලට් නැන්දා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 samanthaMost Senior MemberPosts:13190 05 Jun 2017 09:09 PM මේ කෑම දැක්කම නම් ආසාවේ බැහැ. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 RosiSuper Senior MemberPosts:5335 08 Jun 2017 05:17 AM අනේ ආසා කැමක් වුනාට තිබ්බටු කොහෙන්ද මෙහෙ ඉන්න අපිට 0 chamaramindMost Senior MemberPosts:13471 09 Jun 2017 06:52 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Jun 2017 07:12 AM හීල්බත, මාළුපිරිවැස්ස ධීවර කිරි හොද්ද දෙන රසය දන්නැද්ද? ආචාර්ය පබිලිස් සිල්වා රුවන් ජයවර්ධන "දිවයින ඉරිදා සංග්‍රහය" සමඟ දිර්ඝ කතා බහකට එක්ව සිටින ජාතියේ මහා සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා ඉකුත් සති හතරක් පුරා මෙරට ආහාර සංස්කෘතිය පිළිබඳ හරවත් අදහස් පෙළක් රට හමුවේ හෙළිදරව් කරමින් පවසා සිටියේ ආහාරයේ ඇති වැදගත්කම සහ මනා ලෙස එය සකසා ගැනීමේ ඇති වටිනාකම පිළිබඳවය. එහිදී පැරැන්නන් විසින් සකසා ගත් දුර්ලභ ආහාර වට්ටෝරු කීපයක් සහ ඒවා පිළියෙළ කර ගන්නා ආකාරය පිළිබඳවත් ඔහු විසින් හෙළිදරව් කිරීමක් සිදුකරන ලදී. හීල් බත (දිය බත) බොහෝ සිංහල ප්‍රදේශවල මෙන්ම නැගෙනහිර පළාතේ දෙමළ වැසියන්ද කලින් දින රාත්‍රියේ බත් පිසූ මුට්ටියේ ඉතිරි වූ බත පසුවදා උදෑසන දිය බත සේ සළකා අනුභව කරති. හීල්බත හැලියේ තිබියදීම ඊට වතුර එක්කර ටික වේලාවක් තිබෙන්නට හැර පසුව රතුලූනු සහ අමු මිරිස් යොදා පොල් කිරි හා ලුණුද අවශ්‍ය තරමට එක්කර අනා සකස් කර ගන්නා දිය බත උදෑසන ආහාරය වශයෙන් භාවිතා කරයි. ඇඹුල් හීල් බත ඉදුණු දිවුල් හෝ කෙසෙල් හෝ සියඹලා යන ආදියෙන් එක් වර්ගයක්ද සිහින්ව ලියාගනු ලැබූ රතුලූනු, දෙහි ඇඹුල්, ලුණු හා සීනි හෝ පැණි හීල් බතට එක්කර එය පොල් කිරෙන් අනා කෑම ඇඹුල් හීල් බත නම් වේ. මීකිරි මුසු හීල් බත මුදවන ලද මීකිරි හෝ උණුකළ මීකිරි හීල් බතට එකතුකොට අවශ්‍ය තරමට සීනි හා ලුණු එක්කර අනුභවයට ගැනීම මීකිරි මුසු හීල්බත නම් වේ. හබල පෙති ගොයම් කපාගත් විගස දැඩි ගින්නේ වී තම්බා ගනු ලබන්නේ ඇතුළත ඇති සහල් ඇටය බත් මෙන් තැම්බෙන තුරුය. අනතුරුව එහි උණුසුම තිබියදීම වංගෙඩියේ දමා කොටාගෙන කුල්ලෙන්a පොලා ගැනීමෙන් වී පොතු නොහොත් දහයියා ඉවත් කරගනු ලැබේ. එවිට සහල් ඇටය පැතිලි ස්වභාවයකින් යුක්ත වන අතර මේවා හොඳින් හෝදා හකුරු සහ පොල් සමඟ අනා ආහාරයට ගනු ලැබේ. ගොරකා ව්‍යංජනය ගොරකා, විඩට කන හුණු, සුදුලූනු, ලූනු, කරපිංචා, කුරුඳු, අමු මිරිස්, උළුහාල්, පොල් කිරි, කරි කුඩු, මිරිස් කුඩු, ලුණු, ගොරකා විඩට කන හුණු ස්වල්පයක් දමා පැයක් පමණ තබා ඉන්පසුව කීප විටක් හුණු ඉවත් වන තෙක් සෝදා අනෙක් සියලුම ද්‍රව්‍ය දමා දිය කිsරිවලින් තම්බා මිටිකිරි දමා මෙම ව්‍යංජනය සකසා ගත හැකිය. මාළු පිරිවැස්ස ඉරටුවක් සහිත පොල් කොළයක්, බිලිං, කහ, මිරිස්කුඩු, ගම්මිරිස් කැබලි, සුදුලූනු, අමු ඉඟුරු, ලුණු, බල මාළු හා තෙල් මෙයට අවශ්‍යය. ලුණු හැර අන් සියල්ල එකට අඹරා තෙල් සහ පදමට ලුණු දමා අඹරාගත් මිහ්‍රණය එයට එක්කොට මිශ්‍රකර අනතුරුව පොල් කොළයේ ඉරටුව දෙපැත්තටම සිටින සේ පොල් කොළය කපා පොල් කොළයේ එක් පැත්තකට මාළු මිශ්‍රණය පුරවා අනෙක් පොල් කොළ කැබැල්ලෙන් වසා ලීක්ස් කොළයක් හීන් පටියක් සේ ගෙන මෙම පිරිවැස්ස වසා පිළිස්සීමෙන් හෝ ග්‍රිල් කිරීමෙන් මාළු පිරිවැස්ස ආහාරයට ගත හැකිය. ධීවර කිරි හොද්ද සුදු පැහැති මාළු, තක්කාලි, මාළු මිරිස්, ලීක්ස්, ළුනු, සුදු ලූනු, රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු, කහ, උළුහාල්, පොල් කිරි, ලුණු, අමු මිරිස් එක්කොට මෙම හොද්ද සාදා ගනී. ඉස්සන් ලුණු පිම්බීම මේ සඳහා අමුද්‍රව්‍ය වශයෙන් ඉස්සන්, ලුණු වතුර පමණක් යොදාගනී. මෙහිදී තාච්චියක් හොඳින් රත්කර ඉස්සන් දමා එම තාච්චිය වටේට ලුණු වතුර ඉස තාච්චිය ඉස්සන් සමඟ හොඳින් කරකවා එම ඉස්සන් ලුණුවල දවටා පිළිස්සීම සිදු කෙරේ. මෙය ජලය හෝ කිරි යොදා නොගෙන ලුණුවලින් පමණක් පිළියෙල කර ගත හැකි ආහාරයකි. මිරිස් මිශ්‍රණය (කෘතිම රසකාරක හෝ වර්ණ කාරකවලින් තොරව සකස් කරගන්නා ආකාරය) මෙහි අඩංගු අමුද්‍රව්‍ය වන්නේ ලූනු, ඉස්සන්, වියළි මිරිස් කැබලි, සීනි, තෙල්, කරදමුංගු, කරාබුනැටි, කුරුඳු, රම්පෙ, කරපිංච, සුදුලූනු, අමු ඉඟුරු, ලුණු ය. මෙහිදී ඉස්සන් පොතු සමඟ අඹරා හෝ කපා ලූනු, සුදු ලූනු, අමු ඉඟුරු කුඩාවට කපා භාජනයක් ලිප තබා තෙල් එක්කොට ලූනු, රම්පෙ, කරපිංච, කරදමුංගු, කරාබුනැටි එක්කර රන්වන් පැහැයට බැද ඉතිරි සියල්ල දමා තරමක් බැද ගැනීමෙන් මෙම මිශ්‍රණය සාදා ගත හැක. වම්බටු සම්බෝලය වම්බටු සම්බෝලය සකස් කිරීමේදී වම්බටු ගෙඩි උණු අළුපල්ලේ බහා තම්බා ගනු ලැබේ. අනතුරුව එහි නටුව හා සිවිය ඉවත් කරගෙන කොච්චි හා රතුලූනු සමඟ නෑඹිලියට දමා හැන්දෙන් හොඳින් පොඩි කර ගනී. ඊට ලුණු වතුර ස්වල්පයක්ද එක්කර ගනු ලැබේ. දෙහි ඇඹුල්ද පදමට එක්කර ගන්නා අතර මෙයද හීල් බත් කෑමට සකස් කරගනු ලබන සම්බෝලයක් වේ. දෙල් කට්ලට් දෙල්, ලූනු, කරපිංචා, කුරුඳු, කහ, කූනිස්සන්, දෙහි, පාන්කුඩු, පිටි, බිත්තර, අමු මිරිස්, තෙල් හා ලුණු. දෙල් තම්බා පොඩිකර ලූනු, අමු මිරිස්, කරපිංචා රන්වන් පැහැයට බැද තෙල් පෙරා, මිරිස්, කහ, කූනිස්සන් ලුණු දමා බැද එයට දෙල් එක්කර මිශ්‍රකර ගම්මිරිස් හා දෙහි එක්කර කට්ලට් සාදා පිටි සහ බිත්තර එක්කොට තුනී බැටරයක් තනා එහි බහා පාන් කුඩුවල දවටා බැද ගැනීමෙන් මෙය තනාගත හැකිය. මුහුදු ආහාර ලැවරියා හාල්පිටි, ඉස්සන්, දැල්ලන්, මාළු, ලූනු, අමු මිරිස්, කුරුඳු, කරපිංචා, සුදුලූනු, ඉඟුරු, කහ, කරි කුඩු, මිරිස් කුඩු, අල හා ලුණු. මෙහිදී භාජනයක් ළිප තබා තෙල් දමා රත්වන විට කරපිංචා, අමු මිරිස් රන්වන් පැහැයට බැද සුදුලූනු, අමු ඉඟුරු, කුරුඳු කුඩු, කහ කුඩු, කරි කුඩු, මිරිස් කුඩු එයට දමා තරමක් බැද බිලිං, මාළු සහ වතුර දමා තැම්බෙන්නට හැර දැල්ලෝ සහ ඉස්සෝ එක්කර ළිපෙන් ඉවත් කර තම්බා ගත් අල එක්කර පසෙක තබා හාල් පිටිවලට ලුණු සහ උණු ජලය මිශ්‍රකර අතේ නොඇලෙන පරිදි අනා කෑම ඔතන කොළයක තෙල් ස්වල්පයක් දවටා ඉඳිආප්ප වංගෙඩියට මෙම පිටි මිශ්‍රණය දමා සම්පූර්ණයෙන්ම කොළය වැසෙන සේ ඝන නොවන්නට වක්කර කලින් සාදාගත් මිශ්‍රණය මෙම ඉඳිආප්පය මත තබා තරමක් රෝල් කර විනාඩි 2 ක් පමණ හුමාලයෙන් තම්බා ගැනීමෙන් මෙය සාදාගත හැක. ඉස්සන් හැලප අමුද්‍රව්‍ය වන්නේ කුරක්කන් පිටි, බැදගත් හාල් පිටි, ඉස්සෝ, පොඩියට කපා බැදගත් අල, ලූනු තක්කාලි, සුදු ලූනු, අමු ඉඟුරු, කරපිංචා, කුරුඳු කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කැබලි, තෙල් සහ ලුණු වේ. මෙය සෑදීමේදී බැදගත් පිටි සහ කුරක්කන් පිටි මිශ්‍රකර අතේ නොඇලෙන පරිදි අනා රෙදි කැබැල්ලකින් වසා විනාඩි 20 ක් පමණ තිබෙන්නට හැර ඉස්සන් සුද්ධ කර පොඩියට කපා තබා තෙල් රත්කොට ලූනු, රම්පෙ, කරපිංච, සුදුලූනු, අමු ඉඟුරු එක්කර තරමක් බැද කරිකුඩු, මිරිස් කුඩු දමා බැද තක්කාලි එක්කර මද ගින්දරේ තරමක් තැම්බෙන්නට හැර කපාගත් ඉස්සන් දමා හොඳින් හැඳිගා තත්ත්පර 30 කට පසුව අල එක්කොට මිශ්‍රණය සාදා අනතුරුව බත් ඔතන කොළයක් හෝ කෙසෙල් කොළයක් ගෙන තෙල් ස්වල්පයක් තවරා සාදාගත් පිටි මිශ්‍රණයෙන් ග්‍රෑම් 50 ක් පමණ ගෙන තුනීකොට සාදාගත් මිශ්‍රණය ඒ මත අතුරා සාදාගත් ඉස්සන් මිශ්‍රණය පැන්සලක ප්‍රමාණයට දමා රෝල්කොට හුමාලයෙන් තම්බා ගන්න. රසකැවිලි බක් මී මෙහි අමුද්‍රව්‍ය වන්නේ බැදගත් පොල්, බැදගත් හාල්, හකුරු, කැබලි ගම්මිරිස්, මාදුරු, මුං පියලි, එළඟිතෙල්, ලූනු වේ. මෙහිදී හකුරුවලට වතුර දමා උණුකොට මුං පියලි එළඟිතෙල් හැර අන් සියල්ල එකට දමා උණු කරගත් හකුරු දමා අතේ නොඇලෙන පරිදි අනා ගුලි කොට ඒවා මුං පියළිවල දවටා එළඟිතෙලින් බැද ගැනීමෙන් සාදාගත හැක. මොළගිය රාළ මෙහි අමුද්‍රව්‍ය වශයෙන් වරකා, ඇටි කෙසෙල් යුෂ, ගම්මිරිස් කැබලි, ඉඟුරු, කුරුඳු, එනසාල්, නාමල් රේණු ගත හැක. මෙහිදී ඇටි කෙසෙල් යුෂවලට ඉඟුරු, හකුරු, ගම්මිරිස් දමා උණුකර එම මිශ්‍රණයට ඇට ඉවත්කර හතරට පළාගත් වරකා මදුළු එක්කර උයා පසුව එයට නාමල් රේණු, එනසාල්, කුරුඳු කුඩු එක් කිරීමෙන් මෙම අතුරුපස සෑදිය හැක. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 hasithadSuper Senior MemberPosts:5795 10 Jun 2017 08:49 AM සේරටම වඩා වරකා වලට තමයි මගෙ නං හිතගියේ. සුපිරි කෑමක් තමයි. 0 chamaramindMost Senior MemberPosts:13471 11 Jun 2017 03:36 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 RosiSuper Senior MemberPosts:5335 11 Jun 2017 04:21 AM මේ දිය බත් ගැන මට ලගදිත් මතක් වුනා .ස්තුති මලයෝ 0 chamaramindMost Senior MemberPosts:13471 11 Jun 2017 06:18 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Jun 2017 10:42 AM විවිධ රසට රස වෑහෙන කෑම ලිව්වේ අයන්ති උඩුගම්පල ‘හැමදාම එකම කෑම කන්න බෑ..’ ඔබේ දරුවනුත් මේ මැසිවිල්ල නගනවා නම් එයට විසඳුම් සෙවිය යුතුමයි නේද? ඉතිං විසඳුම අප ඔබේ දෙපා අභිමුවට ම ගෙනත්. මේ කෑම වට්ටෝරු ඒ සඳහාමයි. වෙනස් රසයකට කැමැති ඔබේ පවුලේ අයට මේ කෑම වට්ටෝරු මඟින් සැබෑම වෙනසක් ගෙන දේවි. ඒ වගේම නිවෙසට අමුත්තන් පැමිණි වේලාවකට සංග්‍රහ කිරීමටත් සුදුසු මේ රස වෑහෙන කෑම වට්ටෝරු නිවාඩු පාඩුවේ සාදා බලන්න දැන් ඔබට පුළුවන්. තරුණී නිරන්තරයෙන් ම ඔබේ දැනුම දියුණු කරන්නට බැඳී සිටිනා බව ඔබ දන්නා කරුණක්. එකකට එකක් ගැළපෙන ලෙස සැකසූ මේ කෑම වට්ටෝරු ඔබේ සූපවේදී දැනුම වැඩි කිරීමට සමත් වේවි. සූපවේදය හොඳින් දන්නා ගෘහණියක් පවුලේ රැජිණ වෙන්නේ නිතැතින්මයි. රසට කන්න කවුද අකැමැති. ඉතිං කටට රසට කෑම හදන ඔබට පවුලේ සියලු දෙනාගේ සෙනෙහසත් නොඅඩුවම නිතැතින් ම ලැබේවි. උපදෙස් ලක්ෂ්මි නාරාහේන්පිට, ලක්ෂ්මි කුකරි ස්කූල්, නුගේගොඩ. ලම්ප් රයිස් ගෙදරට අමුත්තන් පැමිණි වෙලාවකට ඉක්මනින් සකසා ගත හැකි මේ බත කෑම වේලට විශේෂත්වයක් ගෙන දේවි. මේ බත සකසා ගන්නේ කෙසේදැයි දැන් අපි බලමු. අවශ්‍ය ද්‍රව්‍ය කීරි සම්බා කිලෝ 1 ක් උණුසුම් ස්ටොක් කෝප්ප 8 ක් (පීරිසි කෝප්පයේ කට ළඟටම) කරදමුංගු කරල් 5 ක් කරාබුනැටි 5 ක් සුප් කැට 2 ක් (අවශ්‍ය නම්) ගී මේස හැන්දක් මිරිස් කුඩු තේහැන්දක් සේර අලයක් ලුණු රස අනුව අමු මිරිස් කරල් 5 ක් සිහින්ව කපා ගත් ලූනු ස්වල්පයක් මෙය ක්‍රම දෙකකට සකසා ගත හැකිය. අපි එම ක්‍රම දෙකම ඉදිරිපත් කරන අතර ඉන් ඔබට වඩා පහසු ක්‍රමය අනුගමනය කළ හැකියි. පළමු ක්‍රමය ගී මේස හැන්ද ළිප තබා එයට තළා ගත් කරදමුංගු කරල් හා කරාබු නැටි එක්කරන්න. දෙකට කපා ගත් සේර අල කැබැල්ල සමඟින් දෙකට කපා ගත් අමු මිරිස් කරල් හා ලූනු ද එයට දමන්න. සෝදා ගත් හාල් ද මෙම තෙම්පරාදුවට ම දමා විනාඩි තුන හතරක් බැදෙන්නට හරින්න. ඉන්පසුව ස්ටොක් එකට (මස් තම්බා ගත් වතුර) ලුණු හා සුප් කැට දමා එයට ම මිරිස් කුඩු ද එක්කර බත පිසගන්න. දෙවන ක්‍රමය පෙර ලෙසම ගී ළිප තබා එයට තළාගත් කරදමුංගු, කරාබුනැටි, සේර, අමු මිරිස්, ලූනු, මිරිස් කුඩු ආදිය දමා තෙම්පරාදු කරගන්න. ඉන් පසුව හාල් සෝදා පැය භාගයක් පෙඟෙන්නට තබන්න. පසුව දඹර ඇඟිල්ලේ පළමු පුරුක ආසන්නයට පමණ ප්‍රමාණයක් ස්ටොක් එයට දමා ප්‍රෙෂර් කුකර් එකේ විසිල් එකක් ගිය පසු ළිප තබන්න. විනාඩි දහයක් දොළහක් පමණ වේලාවක් ගිය පසුව ප්‍රෙෂර් කුකර් එකේ පියන ඇරීමට හැකි තත්ත්වයට ආ විට බත කූරු ගාන්න. දැන් බත සරසා මේසයට යවන්න. ලම්ප් රයිස් සඳහා අල තෙල් දැමීම අල තෙල් දාන්න අපි නොදන්නවා නෙමෙයි. ඒත් අල තෙල් දාන එකකට එකක් වෙනස් ක්‍රම තියෙන බව නම් ඔබ නොදන්නවා විය හැකියි. දැන් අපි ඉගෙන ගන්නේ ලම්ප් රයිස් එකකට සුදුසු අල තෙල් දැමීමක්. අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ අර්තාපල් ග්‍රෑම් 500ක් පමණ කහ ස්වල්පයක් ලුණු ස්වල්පයක් තෙල් බී ලූනු ගෙඩි 2 ක් පමණ රම්ප, කරපිංචා උම්බලකඩ කුඩු මේස හැඳි 2 ක් පමණ කෑලි මිරිස් ස්වල්පයක් දැන් අල තෙල් දමමු.. පළමුවෙන් ම අල බෙරි නොවන සේ තම්බා පොතු ඉවත් කරගන්න. ඉන්පසුව අල ගෙඩි කැබැලිවලට කපා කහ, ලුණු දමා අතගාන්න. මෙය වැඩි කාලයක් තබා ගැනීමට අවශ්‍ය නම් අල අමුවෙන් කැබලිවලට කපා ගැඹුරු තෙලේ රන්වන් පැහැ වන තෙක් බැදගන්න. දැන් තෙල් මේස හැඳි 4 ක් පමණ ළිප තබා තම්බාගත් අල නොකැඩෙන පරිදි පරෙස්සමෙන් බැද ගන්න. බී ලූනු ගෙඩි පවිත්රකර සිහින්ව ලියා ගන්න. අල බැදෙන විට එයට රම්ප, කරපිංචා සමඟ ලියා ගත් ලූනු ද එක්කරන්න. මෙම මිශ්‍රණයට කෑලි මිරිස් හා උම්බලකඩ කුඩු ද එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. රස අනුව ලුණු දමා ළිපේ ගින්දර අඩුකර බැද ගන්න. වම්බටු, අලුකෙසෙල්, පීකුදු කරිය ලම්ප් රයිස් එක රස විඳින්න නම් එයට ම ගැළපෙන විදියට අනෙක් ව්‍යාංජනත් තියෙන්න ඕන. මේ වම්බටු කරිය ඒ සඳහා හොඳින් ම ගැළපෙනවා. අවශ්‍ය ද්‍රව්‍ය වම්බටු ග්‍රෑම් 250 ක් අළු කෙසෙල් ග්‍රෑම් 250 ක් චිකන් පීකුදු ග්‍රෑම් 250 ක් තුනපහ තේහැඳි 1/2 ක් මිටිකිරි කෝප්ප 1 ක් 1 1/2 ක් පමණ රම්ප, කරපිංචා කුරුඳු පොත්තක් සිහින්ව ලියාගත් සුදුලූනු බික් 2-3 ක් ලියාගත් රතු ලූනු මේස හැන්දක් කරදමුංගු කරලක්, කරාබුනැටි 1 ක් අමු මිරිස් කරල් 2 ක් කහ ස්වල්පයක් මිරිස් කුඩු තේ හැන්දක් රස අනුව ලුණු උළුහාල් තේ හැන්දක් (බැදපු) මෙලෙසින් සාදමු පළමුව වම්බටු හා අළු කෙසෙල් කොටු හැඩයට කපා ලුණු හා කහ අතගා (මිශ්‍රණයේ තවරා) ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතෙක් බැදගන්න. පසුව තෙල් මේස හැඳි 2 ක් රත් වන්නට ළිප තබා එයට ලූනු, කරපිංචා, රම්ප, ලියා ගත් අමුමිරිස්, තළාගත් කරදමුංගු, කරාබු නැටි, කුරුඳු ආදිය එක්කර බැදගන්න. පසුව කපාගත් පීකුදු ඇතුළු අනෙකුත් සියලු දේ ද එයට එක්කරන්න. අවසානයේ දී බැදගත් වම්බටු හා අළු කෙසෙල් එයට එක්කර හැඳිගාන්න. ඉන්පසුව උතුරවා ගත් කරිය රස බලා ළිපෙන් බාගන්න. සාමාන්‍ය බතකටත් මෙය නොගැළපෙන එකක් නෑ. බ්ලචන් (ලුණු මිරිසක්) මෙය නිකන්ම ලුණු මිරිසක් නෙවෙයි. ලම්ප් රයිස් එකකට ගැළපෙන බ්ලචන්, සාමාන්‍ය කෑම වේලක් රසවත් කරන්නත් ඔබට සකසා ගත හැකියි. අවශ්‍ය වන්නේ ඉස්සෝ ග්‍රෑම් 100 ක් වියළි මිරිස් කරල් 10 ක් ලියාගත් ඉඟුරු තේ හැන්දක් ලියාගත් සුදුලූනු තේ හැන්දක් ගා ගත් පොල් ස්වල්පයක් බී ලූනු ගෙඩි භාගයක් පමණ දෙහි යුෂ ස්වල්පයක් ලුණු රස අනුව සාදන ක්‍රමය පළමුව ඉස්සන් හොඳින් පවිත්රකර ක්‍රිස්පි වන තෙක් ගැඹුරු තෙලේ බැදගන්න. වියළි මිරිස් කරල් 10 ද කබලේ බැදගන්න. පොල් ටික ද රන්වන් පැහැ වන තෙක් කබලේ දමා බැදගන්න. බී ලූනු සිහින්ව ලියා එය ද ගැඹුරු තෙලේ රන්වන් පැහැ වන තෙක් බැදගන්න. දැන් මේ සියල්ල හා ඉඟුරු, සුදුලූනු, ලුණු ආදී සියල්ල බ්ලෙන්ඩ් කරන්න. අවසානයේ දී දෙහි යුෂ එක්කර රසය වැඩිකර ගන්න. වෙනස් රසයක මේ සම්බෝලය ඔබේ බත් පතේ රසය දෙගුණ කරාවි. පි්රකඩල් (කට්ලට්) කට්ලට් කන්න නම් අපේ ඇත්තෝ හරිම ආසයි. පොඩිත්තන් වුණත් රස කට්ලට් එක්ක බත් කන්න බෑ කියන්නේ නෑ. මේ වෙනස් රසයක කට්ලට් එක ලම්ප් රයිස් එකට හොඳින් ම ගැළපෙනවා. අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ අඹරාගත් චිකන් බ්‍රෙස්ට් භාගයක් ලියාගත් ලූනු මේස හැඳි 2 ක් ඉතා සිහින්ව ලියාගත් ඉඟුරු මේස හැන්දක් ඉතා සිහින්ව ලියාගත් සුදුලූනු මේස හැන්දක් මාදුරු කුඩු තේ හැඳි 1/4 ක් - දෙහි යුෂ තේ හැඳි 2 ක් අමු මිරිස් කරල් 2-3 ක් - ලුණු රස අනුව - අමු පාන් පෙති දෙක තුනක් කුරුඳු කුඩු තේ හැඳි 1/4 ක් - පාන් කුඩු - බිත්තරයක් තෙල් දැන් අපි පි්රකඩල් හදමු පළමුව තෙල් මේස හැන්දක් පමණ ළිප තබා එයට ලියා ගත් ලූනු, අමු මිරිස්, සුදුලූනු, ඉඟුරු ආදිය දමන්න. මෙය තෙම්පරාදුකර ළිපෙන් ඉවතට ගෙන අමු මස්වලට එකතු කරන්න. දැන් මෙයට කුඩුකර ගත් අමු පාන් පෙතිවල මැද කොටස් සමඟ මාදුරු, දෙහි යුෂ ආදිය එක්කර හොඳින් මිශ්‍රකර ගන්න. මෙහි තෙත ස්වභාව මදි නම් එයට බිත්තර කහ මදය ද එකතු කරන්න. දැන් මෙම මිශ්‍රණයෙන් රවුම් සාදා ඒවා මඳක් පැතලිකර පැතලි හැඩයට පි්රකඩල් සාදා ගන්න. මෙසේ සාදා ගත් කට්ලට් බිත්තර සාරුවල දවටා පාන්කුඩු තවරා ගැඹුරු තෙලේ රන්වන් පැහැ වන තෙක් බැදගන්න. සීනි සම්බෝලය සීනි සම්බෝලයක් එක්ක බත් කටක් කන්න කවුද අකැමැති. ඒ විතරක් ද පාන්, ඉඳි ආප්ප ආදිය කන්නත් සීනි සම්බෝලයක් කදිමයි. ලම්ප් රයිස් එකේ නියම රස විඳින්නත් සීනි සම්බෝලයක් තිබුණොත් හොඳයි. බලමු මොනවද අවශ්‍ය කියලා.. බී ලූනු කිලෝ 1 ක් උම්බලකඩ ග්‍රෑම් 50 ක් කෑලි මිරිස් රම්ප, කරපිංචා කුරුඳු පොත්තක් කරදමුංගු සේර කැබැල්ලක් අමු මිරිස් ඉඟුරු, සුදුලූනු ගම්මිරිස් ස්වල්පයක් ලුණු රස අනුව සියඹලා යුෂ ස්වල්පයක් තෙල් සීනි ස්වල්පයක් දැන් අපි එය මෙලෙසින් සාදමු.. ලූනු සිහින්ව කපාගන්න. තෙල් මේස හැඳි 2 ක් පමණ රත් වන්නට ළිප තබන්න. එයට රම්ප, කරපිංචා, තළාගත් කරදමුංගු, සේර, කුරුඳු, ලියාගත් ඉඟුරු සුදුලූනු, අමුමිරිස්, ලුණු, උම්බලකඩ ආදිය දමා කලවම් කරන්න. මෙයට ලූනු හා සියඹලා යුෂ ද එකතුකර පියනෙන් වසා මඳ ගින්නේ පිසගන්න. මෙහි වතුර උනන විට පියන හැර අඩිය නොඇලෙන සේ මලවන්න. ලූනු හොඳින් මැලවුණු පසුව එයට ගම්මිරිස් කුඩු ස්වල්පයක්, කෑලි මිරිස් අවශ්‍ය පමණ, මිරිස් කුඩු තේ හැඳි 2 ක් පමණ දමා මලවන්න. අවසානයේ දී සීනි ස්වල්පයක් රස හා ඔබේ කැමැත්ත පරිදි එක්කර ගන්න. සීනි එක්කළ පසුව හොඳින් මිශ්‍රණය කලවම් කරන්න. නැතිනම් මෙය අඩිය ඇල්ලිය හැකිය. ඉතාලි ක්‍රමයට නියමම රසයට ලසඤ්ඤා ඉතාලි කෑම වට්ටෝරු දැන් දැන් අපේ ගෘහණියන් අතර බෙහෙවින් ජනපි‍්‍රයයි. මේ කෑම වට්ටෝරුවත් ඔබේ සති අන්ත විශේෂ කෑම වේලට හොඳින් ම ගැළපේවි. අවශ්‍ය ද්‍රව්‍ය ලසඤ්ඤා පැකට් 1 ක් නැතිනම් මේ ආකාරයට එය සාදා ගන්නත් පුළුවන්. පාන් පිටි ග්‍රෑම් 250 ක් බිත්තර 2-3 ක් ඔලිව් තෙල් මේස හැඳි 2 ක් (මේ වෙනුවට බටර් උණුකර මේස හැඳි 2 ක් ද යොදා ගත හැකියි) ලුණු තේ හැන්දක් වතුර අවශ්‍ය පමණ දැන් මෙය සාදමු ඉහත සියලු දේ එක්කර මෘදු පිටි මෝලියක් අනා (සොෆ්ට් ඩෝ එකක්) විනාඩි 15-20 ක් පමණ වේලාවක් පිපෙන තුරු ලන්ච් ෂීට් එකකින් වසා තබන්න. පසුව පිටි මෝලියෙන් ටික ටික ගෙන පිටි ඉස ගත් ලෑල්ලක පත්තර පිටුවක් මෙන් සිහින්ව තුනීකරන්න. දැන් නටන වතුරට ලුණු ස්වල්පයක් දමා කපාගත් ලසඤ්ඤා ෂීට් උණුවතුරට දාන්න. මෙය තැම්බීගෙන එන විට උඩට මතු වේ. පසුව මේවා සිසිල් ජලයට අල්ලා කැඳ ගතිය ඉවත් කරගන්න. පසුව බටර් උණුකර හෝ ඔලිව් තෙල් බ්රෂ්කර මේ ලසඤ්ඤා ෂීට් එකින් එක වෙන්කර ගන්න. මීට් සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය සිහින්ව කපා ගත් බී ලූනු ගෙඩි 2-3 ක් බෙල් පෙපර් පාට තුනෙන් ම ග්‍රෑම් 100 ක් බැගින් සිහින්ව ලියා ගත් සුදුලූනු බික් 5-6 ක් තක්කාලි පූරි අඬු කෝප්ප 1 1/2 ක් ඔලිව් ඔයිල් හෝ බටර් උණුකර මේස හැඳි 5 ක් පාන් පිටි මේස හැන්දක් (පුරවා) කටු ඉවත්කර සිහින්ව කපාගත් කුකුළු මස් ග්‍රෑම් 500 ක් (මේ සඳහා වෙනත් මස් වර්ගයක් වුවද ගත හැකියි.) සාදාගත් චීස් සෝස් කෝප්ප 3 ක් පර්මේසන් චීස් ග්‍රෑම් 100 ක් ස්විස් චීස් ග්‍රෑම් 100 ක් චේඩාර් හෝ ගවුඩා චීස් ග්‍රෑම් 50 ක් ඔරිගානෝ තේ හැඳි 1/2 ක් මිරිස් කුඩු තේ හැන්දක් බේ ලීව් 2 ක් ස්ටොක් (මස් තැම්බූ වතුර) බේකන් එන්ඩින් ග්‍රෑම් 100-105 ක් ලුණු, ගම්මිරිස් රස අනුව සාදන ක්‍රමය ඔලිව් තෙල් හෝ රත්කර ගත් බටර් මේස හැඳි 4 ක් ළිප තබා සුදුලූනු එයට දමා තෙම්පරාදුකර මස් ද එයට එකතු කරගන්න. මස් තෙම්පරාදු වූ විට ලුණු, ගම්මිරිස්, ඔරිගානෝ, බේලීව්ස්, මිරිස් ආදිය හා පාන්පිටි මේස හැන්දක් පුරවා එයට දමා බැදගන්න. පසුව තක්කාලි පූරි, බෙල් පෙපර් ස්ටොක් වතුර කෝප්පයක් පමණ දමා පියනකින් වසා මඳ ගින්නේ පිස ගන්න. මෙය උකු වූ විට ළිප නිවා පර්මෙසන් චීස් එකතු කරන්න. චීස් සෝස් (වයිට් සෝස්වලට චීස් දැමූ විට චීස් සෝස් වේ) බටර් ග්‍රෑම් 100 ක් කිරි කෝප්ප 3 ක් පාන් පිටි මේසහැඳි 4 ක් ලුණු තේහැන්දක් ග්‍රේට් කරගත් චීස් ග්‍රෑම් 50 ක් ෆ්‍රෙෂ් ක්‍රීම් ග්‍රෑම් 250 ක් ස්ටඩි අනියන් (බී ලූනු ගෙඩියේ දෙපැත්ත කපා කරදමුංගු කරල් 4 බැගින් දෙපැත්තට ගසා ගන්න.) බටර් මඳ ගින්නේ ළිප තබා පාන් පිටි එයට එකතු කරන්න. පිටි ටික මඳක් බැද ගන්න. මෙයට කිරි ස්වල්පය බැගින් එක්කරමින් මිශ්‍රණය ලිහිල් කරගන්න. ෆ්‍රෙෂ් ක්‍රීම් හා රස අනුව ලුණු, ගම්මිරිස්, ස්ටඩි අනියන් එක සමඟ චීස් එක්කර මිශ්‍රණය ඝන කරගන්න. තික් සෝස් එකක් සාදා ගන්න. මේ සඳහා ලසඤ්ඤා ෂීට් වෙළෙඳ පොළෙන් ගන්නවා නම් ඒවා උණුවතුරට එක එක දමා බටර් බ්‍රෂ් කරගන්න. දැන් ට්‍රේ එකක් ගෙන එහි බටර් හෝ ඔලිව් තෙල් ගල්වා එහි ලසඤ්ඤා ෂීට් එකක් අතුරා එය මතට මීට් සෝස් තට්ටුවක් තබා නැවත ලසඤ්ඤා ෂීට් එකක් එය මත අතුරා චීස් සෝස් දමා නැවතත් ලසඤ්ඤා ෂීට් එකක් අතුරා ඒ මතට නැවතත් මීට් සෝස් දමන්න. මෙසේ මාරුවෙන් මාරුවට තට්ටු ලෙස සාදා පර්මෙසන් චීස් ඉසින්න. මෙය උණු වතුර භාජනයක බස්සවා සෙල්සියස් අංශක 200 ක උණුසුමේ විනාඩි 20-30 ක් පමණ වේලාවක් රන්වන් පැහැ වනතෙක් බේක්කර ගන්න. රාත්‍රී කෑම මේසයට ක්‍රීම් ඔෆ් වෙජිටබල් සුප් ඇතැම් දිනවල රාත්‍රියට වැඩියෙන් මුකුත් කන්න බැරි බවක් හැඟෙනවා. ඒත් සිරුරේ ශක්තියට ගුණදායක යමක් නොගෙනත් බැහැ. එහෙම දවසකට රාත්‍රී කෑම මේසයට මේ සුප් එක හොඳින් ම ගැළපේවි. අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ කැරට් අල 2 ක් සැල්දිරි ග්‍රෑම් 100 ක් (දඬු කොටසින්) බේ ලීව්ස් 2 ක් බී ලූනු ගෙඩියක් බෝංචි ග්‍රෑම් 100ක් තක්කාලි ගෙඩියක් ලීක්ස් ගස් දෙකක සුදු දණ්ඩ කොටස ගම්මිරිස් ඇට තේ හැන්දක් අර්තාපල් අල ගෙඩි 2 ක් වට්ටක්කා ග්‍රෑම් 100 ක් තැම්බූ ගී්රන් පීස් ග්‍රෑම් 100 ක් බ්රොකොලි කෝලිෆ්ලවර් බේබි ස්පිනැච් ග්‍රෑම් 50 ක් (ළපටි නිවිති) බටර් ග්‍රෑම් 50 ක් පාන් පිටි මේස හැඳි 2 ක් ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්පයක් රස අනුව ලුණු දැන් එය මෙලෙසින් සාදමු කැරට්, බෝංචි, අල, වට්ටක්කා, තක්කාලි ආදිය කුඩා කොටු හැඩයට කපන්න. ඉන්පසුව එළවළු, ලූනු, ආදිය වතුර කෝප්ප 6 ක් පමණ දමා තම්බන්න. එයට රස අනුව ලුණු, ගම්මිරිස් ඇට දමන්න. තම්බාගත් පසුව මෙය පෙරා ගන්න. පෙරා ගත් එළවළු බ්ලෙන්ඩ් කරන්න. පසුව බටර් හා පාන්පිටි එකට එකතුකර මඳ ගින්නේ ටික වේලාවක් උයාගන්න. දැන් මෙයට එළවළු ස්ටොක් (එළවළු තැම්බූ වතුර) ස්වල්පය බැගින් එකතු කරමින් මිශ්‍රණය මෘදු කරගන්න. බේබ් ස්පිනැච් හා ෆ්‍රෙෂ් ක්‍රීම් හැර අනෙක් සියල්ල එකට එකතුකර උයාගන්න. අවසානයේ දී බේබි ස්පිනැච් හා ෆ්‍රෙෂ් ක්‍රීම් මෙයට එකතු කරන්න. රස බලා ලුණු, ගම්මිරිස් එකතු කරන්න. උණු උණුවේ ම කෑම මේසයට යවන්න. නිවෙන්න පෙර රස විඳින්න. නියම රසය දැනෙන්නේ එවිටයි. ක්‍රිස්පි චිකන් චිකන් කන්න කැමැති බොහෝ දෙනෙක් වැඩිම කැමැත්තක් දක්වන්නේ ක්‍රිස්පි චිකන්වලටයි. ඒත්, ‘නම ගිය හෝටල්වල වගේ අපිට බෑනේ ක්‍රිස්පි චිකන් හදන්න’ යැයි හිතන ඔබට මෙය නම් හොඳ ම අවස්ථාවක්. චිකන් බකට් සල්ලිවලට අරන් කන පවුුලේ අයට නිවෙසේ දී ම රසට හැදූ චිකන් බකට් එකක් තෑගි කරන්න දැන් ඔබටත් පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය චිකන් (බ්‍රෙස්ට් හෝ ලෙග්ස්) සීසන් එක සඳහා, ලුණු ස්වල්පයක් ගම්මිරිස් ස්වල්පයක් සුදුලූනු පවුඩර් තේ හැඳි 1-2 ක් ලූනු පවුඩර් තේ හැඳි 1-2 ක් (මෙම පවුඩර් පෙටා එසන්ස් එකෙන් ලබා ගත හැකියි. මේවා ඉතා කුඩා ප්‍රමාණවලින් ලබාගන්න. නැතිනම් වැඩි කලක් තබා ගැනීමට නොහැකි නිසා අපතේ යයි.) එළකිරි කෝප්පයක් දෙකක් දැවටුම සඳහා පාන්පිටි ග්‍රෑම් 250 ක් පමණ ආප්ප සෝඩා කපාපු තේ හැඳි 1/4 ක් ලුණු තේ හැඳි 1/4 ක් දැන් අපි එය සාදන්නේ කෙසේදැයි බලමු.. පළමුවෙන් ම චිකන් අවශ්‍ය ප්‍රමාණවලට කපාගන්න. චිකන් ලෙග්ස් ගන්නවා නම් සීසන් කළ පසුව මයික්‍රොවේව් අවන් එකට විනාඩි 2-3 ක් දමා තම්බා ගැනීම හෝ ස්ටීම් කරගැනීම කළ යුතුයි. මස් ගන්නා ප්‍රමාණයට අනුව ඉහත අවශ්‍ය ද්‍රව්‍යය ද අඩු වැඩි කරගත යුතුයි. ලුණු, ගම්මිරිස්, සුදුලූනු පවුඩර්, ලූනු පවුඩර් ආදිය එකට එක්කර මස්වල අත ගා එයට කිරි ද එක්කර ශීතකරණයේ පැය 4-5 ක් පමණ වේලාවක් පදම් වීම සඳහා තබන්න. පාන් පිටි, ආප්පසෝඩා, ලුණු ආදිය එක්කර දැවටුම සකසා ගන්න. දැන් පදම් කරගත් මස් පාන් පිටිවල දවටා නැවත කිරිවල ඔබා නැවත පාන්පිටි වල දවටා නැවතත් කිරිවල ඔබා නැවත පාන් පිටි මිශ්‍රණයේ දවටා ගන්න. මෙසේ කිහිපවිටක් දැවටුම දැමූ මස් කැබැලි රත් වූ ගැඹුරු තෙලේ මඳ ගින්නේ බැදගන්න. ළා රන්වන් පැහැ වන තෙක් මේවා බැද ගත යුතුයි. දැන් ඉතිං ගෙදර ඉඳන් ම ක්‍රිස්පි චිකන් රස බලන්න ඔයාලටත් පුළුවන්. අතුරුපසකට මැකරූන්ස් ආහාර වේලකින් පසුව අතුරුපසක් නැති වුණාම ඒ කෑම වේල සම්පූර්ණ නෑ වගේ. ඒ නිසා පහසුවෙන් සකසා ගත හැකි මේ අතුරුපස සවස තේ මේසයට රස කැවිල්ලක් විදියට වුණත් නරකම නෑ. දරුවන් ඔබෙන් නිතර ම මැකරූන්ස් ඉල්ලනවා නිසැකයි. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ සීනි ග්‍රෑම් 100 ක් ලොකු බිත්තරයක් වැනිලා කජු ගා ගත් පොල් ග්‍රෑම් 80 ක් පමණ දැන් එය පහසුවෙන් සාදා ගනිමු පළමුවෙන් ම බිත්තර සුදු මදය වෙන්කර ගෙන එය හොඳින් බීට් කරන්න. හිම මෙන් පෙණ නගින තුරු බීට් කළ යුතුය. දැන් මෙයට සීනි ස්වල්පය බැගින් එකතු කරන්න. පසුව බීට් කළ මිශ්‍රණයට ගා ගත් පොල් එකතු කරන්න. තැටියකට බටර් ආලේපකර ඉහත මිශ්‍රණයෙන් බෝල සාදා ගනිමින් තැටියේ තබන්න. ඉන්පසුව මෙය අවන් එකේ සෙල්සියස් අංශක 150 ක පමණ උණුසුමේ විනාඩි 25 ක පමණ වේලාවක් බේක් කරන්න. ලම්ප් රයිස් බතට චිකන් කරිය මසක් මාළුවක් නැතිව බත් කටක් කන්න ඇතැම් අයට අපහසුයි. කටට රස දැනෙන්න මේ චිකන් කරිය නම් අපූරුයි. ලම්ප් රයිස් බතට වඩාත් සුදුසු මේ චිකන් කරිය වෙනත් බතකටත් අත්හදා බලන්න ඔබට පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ චිකන් කිලෝ 1 ක්(තයි කොටස නම් වඩා හොඳයි) ලූනු, රම්ප, කරපිංචා ඉඟුරු, සුදුලූනු අමු මිරිස් කරල් 2-3 ක් කරදමුංගු කරල් 2 ක් කරාබුනැටි 2 ක් කුරුඳු පොත්තක් තක්කාලි ගෙඩියක් විනාකිරි මේස හැන්දක් ගම්මිරිස් කුඩු මේස හැන්දක් පහේ එක සාදා ගැනීම සඳහා කොත්තමල්ලි ඇට තේහැන්දක් සූදුරු තේ හැඳි 1/2 ක් මාදුරු ඇට තේ හැඳි 1/4 ක් කැකුළු හාල් තේ හැන්දක් ගාගත් පොල් තේ හැඳි 2 ක් අබ ඇට තේ හැඳි 1/4 ක් උළුහාල් තේ හැඳි 1/4 ක් කරදමුංගු කරලක් කරාබුනැටි 1 ක් වියළි මිරිස් කරල් 10-12 ක් පහේ එක හදන්නේ මෙහෙමයි පළමුව කොත්තමල්ලි හොඳින් බැදගන්න. පසුව සූදුරු, මාදුරු බැදපු පහේ එකක ප්‍රමාණයට බැදගන්න. අනිත් සියලු දේ ද එක්කර බැදගන්න. මිරිස් කරල් බැදීමට පෙර සෝස් පෑන් එකට ලුණු කුඩු ටිකක් එකතුකර බැදීමෙන් මිරිස් බදින විට කැස්ස ඇති නොවේ. පසුව මෙලෙසින් බැදගත් සියල්ල කුඩු කරගන්න. සෝදා, කපා ගත් මස් එකට මේ පහේ මිශ්‍රණය දමා අතගාන්න. දැන් කරිය හදමු.. තෙල් මේස හැඳි 2 ක් පමණ ළිප තබා රත්කරන්න. ලියාගත් ලූනු, රම්ප, කරපිංචා, අමුමිරිස්, කරදමුංගු, කරාබුනැටි, කුරුඳු එක්කර බැද එයට මස් එකතුකරන්න. තක්කාලි හා විනාකිරි එක්කර බඳුන වසා මඳ ගින්නේ පිස ගන්න. කුඩා දරුවන්ට දෙනවා නම් හෝ අවශ්‍ය නම් පොල්කිරි කෝප්ප 1/2 ක් එකතු කරන්න. එසේ නොමැති නම් පොල් කිරි අවශ්‍ය නොවේ. මෙය ඕනෑම බත් එකක රසය වැඩි කිරීමට සමත් චිකන් කරියක් බව රස බැලුවොත් ඔබට වැටහේවි. චොප්සි රයිස් සඳහා චිකන් එකක් චොප්සි රයිස් එක වෙනත් ව්‍යාංජනයක් නොමැතිව කෑමට ගත හැකියි. එසේ වුවත් චිකන් කරියක් එක්කර ගත් විට එය තවත් රසවත් වේවි. ඔබත් චොප්සි රයිස් එක සාදනවා නම් මේ චිකන් කරියත් එයට එක්කර ගන්න අමතක කරන්න එපා. අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ චිකන් බ්‍රෙස්ට් එකක් කෝන් පිටි මේස හැන්දක් ඔයෙස්ටර් සෝස් මේස හැන්දක් සෝයා සෝස් මේස හැන්දක් චිලි පේස්ට් තේ හැන්දක් ස්ටොක් වතුර කෝප්පයක් ලුණ, ගම්මිරිස් රස අනුව දැන් එය මෙලෙසින් සාදන්න පළමුව චිකන් බ්‍රෙස්ට් එක ගෙන කුඩා කැබැලිවලට කපන්න. දැන් එයට ලුණු, ගම්මිරිස් දමා තම්බන්න. ස්ටොක් එක පෙරා කැබැලි වෙන්කර ගන්න. පෙරා ගත් මස් කැබැලි තෙලට දමා හොඳින් බැද ගත යුතුයි. ඉන්පසුව ඔයෙස්ටර් සෝස්, සෝයා සෝස් සමඟ ස්ටොක් එක එකතුකර ළිප තබන්න. එයට ම චිලි පේස්ට් ද එකතු කරන්න. දැන් මෙයට බැදගත් මස් එකතු කරන්න. මෙම මිශ්‍රණය තරමක් උකු වීම සඳහා කෝන් පිටි ස්වල්යක් ද එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. රස අනුව ලුණු, ගම්මිරිස් එකතු කරන්න. දැන් ඔබට වෙනස් රසයක මස් කරියක රස බලන්න පුළුවන්. වෙනස් රසයකට චොප්සි රයිස් එකම රසට බත් කන්න අපේ ළමයි කැමැති ම නෑ. ඔබත් අම්මා කෙනෙක් නම් ඒ බව හොඳින් ම දන්නවා ඇති. මේ වෙනස් රසයේ බත් එකට ඔවුන් වැඩි කැමැත්තක් දක්වාවි. මේ සඳහා අවශ්‍ය වන්නේ බාස්මතී හාල් කිලෝ 1 ක් ලුණු තේ හැඳි 2 ක් තෙල් මේස හැඳි 2 ක් වතුර අඬු කෝප්ප7 ක් මේ සියල්ල එකට එකතුකර ළිප තබන්න. බත හැදෙන තෙක් අපි චොප්සි එක සාදා ගනිමු. ඒ සඳහා කැරට් ග්‍රෑම් 250 ක් ගෝවා ග්‍රෑම් 250 ක් බෝංචි ග්‍රෑම් 250 ක් ලීක්ස් ග්‍රෑම් 250 ක් නෝකෝල් ග්‍රෑම් 250 ක් නිවිති ග්‍රෑම් 250 ක් බට්න් මෂ්රූම් ටින් 1/2 ක් බේබි කෝන් ටින් 1/2 ක් ඉස්සන්, දැල්ලන් හෝ කුකුළු මස් ග්‍රෑම් 250 ක් සුප් කැටයක් හෝ මස්කටු තම්බා ගත් ස්ටොක් කෝප්ප 1/2 ක් කෝන් පිටි මේස හැන්දක් (දියකර) ඔයෙස්ටර් සෝස් මේස හැන්දක් සෝයා සෝස් මේස හැන්දක් චිලි පේස්ට් තේ හැඳි 2 ක් සීනි පුරවා ගත් තේ හැඳි 2 ක් ඉඟුරු, සුදුලූනු මේස හැන්දක් (ලියාගත්) තල තෙල් බිංදු 2-3 ක් ලුණු, ගම්මිරිස් රස අනුව දැන් එය මෙලෙසින් සාදමු.. මස් හෝ මාළු ලුණු, ගම්මිරිස් අත ගා කොන් පිටි දමා බදින්න. එළවළු තරමක කැබැලිවලට කපා හුමාලයෙන් තම්බා ගන්න. එළවළු තෙල් හෝ බටර් මේස හැඳි 2-3 ක් ළිප තබා ඉඟුරු සුදුලූනු එයට දමන්න. හුමාලයෙන් තම්බා ගත් එළවළු, බැදගත් මාළු හෝ මස් ද එයට දමා අනෙකුත් සියලු දේ ද එකතු කරන්න. පසුව මෙයට ස්ටොක් එක දමා තරමක් ඝන වන තෙක් කෝන් පිටි දමන්න. තල තෙල් බිංදු කිහිපයක් එක් කොට හොඳින් මිශ්‍ර කරන්න. දැන්, සාදා ගත් චොප්සි එක බත් එකට දමා කලවම් කරන්න. කෑම කන්න අකැමැති කුඩා දරුවන්ට මෙය රසයත් ගුණයත් ගෙන දේවි. රාත්‍රී කෑම මේසයට චිකන් ඇන්ඩ් මැකරෝනි චීස් මැකරෝනි කන්න කැමැති ඔබට රසම රස මැකරෝනි එකක් හදන්නයි අපි කියාදෙන්නේ. මේ විදියට හැදූ මැකරෝනි එක පවුලේ ජනපි‍්‍රයම ආහාරය වෙනවා නිසැකයි. එහෙම නම් අද රාත්‍රියේ දී ම මේ මැකරෝනි එක හදලා රස විඳින්න. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ මැකරෝනි ග්‍රෑම් 500 ක් බටර් ග්‍රෑම් 50 ක් බී ලූනු ගෙඩි 2-3 ක් බේකන් එන්ඩ්ස් හෝ චිකන් හැම් ග්‍රෑම් 100 ක් චිකන් ග්‍රෑම් 750 ක් පාන් පිටි මේස හැඳි 2 ක් (පුරවා) මිරිස් කුඩු තේ හැන්දක් කිරි කොප්ප 3 ක් (මිලි ලීටර් 500 ක් පමණ) ගම්මිරිස් තේ හැඳි 1 1/2 ක් පමණ ලුණු රස අනුව සාදික්කා කුඩු ස්වල්පයක් (තේ හැඳි 1/4 ක් පමණ) චීස් ග්‍රෑම් 100ක් (පර්මෙසන්) සුදුලූනු බික් 4-5 ක් දැන් අපි එය මෙලෙසින් සකසමු මුලින් ම අපි උතුරන වතුරට මැකරෝනි ටික දමා විනාඩි 10 ක් පමණ තබා තම්බා පෙරා ගනිමු. දැන් එයට ලුණු තේ හැන්දක් හා බටර් මේස හැන්දක් දමා උණුවෙන් ම මිශ්‍ර කරගන්න. බටර් ටික ළිප තබා චිකන්, චිකන් හැම් හෝ බේකන් හැම් එකතුකර බැදගන්න. මෙයට පිටි මේස හැඳි දෙක ද එකතුකර බැදගන්න. පසුව කිරි ස්වල්පය බැගින් මිශ්‍රණයට එකතු කරමින් හැඳිගාන්න. මෙලෙස සියලුම කිරි එයට දමන්න. මිශ්‍රණය උකු වේගන එන විට ළිප නිවා චීස්වලින් භාගයක් එයට දමා මිශ්‍ර කරන්න. දැන් ෆයිරෙක්ස් දීසියකට හෝ ට්‍රේ එකකට බටර් තවරා මෙම මිශ්‍රණය එයට දමන්න. ඉතිරි කරගත් චීස් මිශ්‍රණය උඩින් ඉසින්න. දැන් අවන් එක සෙල්සියස් අංශක 180 ට උණුසුම සකසා විනාඩි 20 ක් පමණ වේලාවක් බේක් කරගන්න. ගි්රල් එක දමා උඩ මඳක් රන්වන් පැහැ කරගන්න. සී ෆුඩ් මැකරෝනි චීස් අපේ දරුවන් දැන් බත්වලට වඩා කන්න කැමැති දෙයක් තමයි මැකරෝනි. මැකරෝනි වුණත් එකම ක්‍රමයකට නැතිව වෙනස් වෙනස් රසවලින් තියෙනවා නම් දරුවෝ වැඩියෙන් කැමැති වේවි. රාත්‍රී කෑම වේලකට සුදුසු මේ සී ෆුඩ් මැකරෝනි චීස් එක පවුලේ හැමගේ පෝෂණයත් රැක දේවි. සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ මැකරෝනි ග්‍රෑම් 500 ක් බටර් ග්‍රෑම් 100 ක් බී ලූනු ගෙඩි 2-3 ක් ඉස්සෝ ග්‍රෑම් 500 ක් හෝ 750 ක් පමණ පාන් පිටි මේස හැඳි 2 ක් කිරි කෝප්ප 3 ක් සාදික්කා කුඩු ස්වල්පයක් ලුණු, ගම්මිරිස් රස අනුව පර්මෙසන් චීස් ග්‍රෑම් 100 ක් සුදුලූනු බික් 4 ක් පමණ දැන් අපි මැකරෝනි එක හදමු මුලින් ම කළ යුතු වන්නේ මැකරෝනි එක තම්බා ගැනීමයි. නටන වතුරට මැකරෝනි එක දමා විනාඩි 10 ක පමණ වේලාවක් තබා පෙරා ලුණු තේ හැන්දක් හා බටර් මේස හැන්දක් පමණ දමා මෙය බටර් කරගන්න. පසුව බටර් ළිප තබා සිහින්ව ලියා ගත් සුදුලූනු එයට දමා බැද එයට ඉස්සන් ද එකතු කරන්න. සාදික්කා, ලුණු, ගම්මිරිස් ආදිය ද මෙයට එක්කරන්න. පිටි එක්කර ටික වේලාවක් බැද පසුව කිරි ස්වල්පය බැගින් මෙම මිශ්‍රණයට එකතු කරමින් මිශ්‍රණය ලිහිල් කරන්න. දැන් මෙයට චීස් ග්‍රේට්කර දමන්න. (සියල්ලම නොදමා ස්වල්පයක් පසුවට දැමීමට ඉතිරි කරගන්න.) මෙම මිශ්‍රණය බේක් කිරීම සඳහා බඳුනකට දමන්න. ඉතිරිකර ගත් චීස් දැන් මෙම මිශ්‍රණය උඩින් ඉසින්න. මේ සඳහා මොසරැල්ලා චීස් වුවද ගැළපේ. අවන් එකේ සෙල්සියස් අංශක 180 ක උණුසුමේ විනාඩි 20 ක පමණ වේලාවක් බේක් කරගන්න. ගි්රල් එක දමා මෙහි මතුපිට (උඩ) රන්වන් පැහැ කරගන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Jun 2017 06:19 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Jun 2017 06:31 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Jun 2017 06:37 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 samanthaMost Senior MemberPosts:13190 16 Jun 2017 09:53 PM විවිධාකාරයේ නම් තියෙන්නේ.. ස්තූතියි මල්ලී මේ රෙසිපි වලට. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 18 Jun 2017 07:29 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 22 of 77 << < 2021222324 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes