Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 30 Nov 2018 10:24 AM by Udari කෑම පිටුව 1520 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 23 of 77 << < 2122232425 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 22 Jun 2017 07:22 AM ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් දරුවන්ට මෙන්ම යොවුන් වියේ අයටත් වැඩිහිටි අයටත් ඉතාමත්ම ගුණවත් පානයකි මේ. අවශ්‍ය ද්‍රව්‍ය -; ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 100 නිවාගත් උණුවතුරට දමා සාදා ගත් පිටිකිරි වීදුරුවක් රස අනුව සීනි සාදන ක්‍රමය-: සෝදාගත් ස්ට්‍රෝබෙරි සහ කිරි බ්ලෙන්ඩරයකට දමා ගසා ගන්න. වඩාත් රසවත් වීමට ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් ස්කූපර් එකක් බිම වීදුරුවට එක් කරන්න. ( සෙම් රෝග බහුල දරුවන්ට අයිස්ක්‍රීම් නොමැතිව බිමට දෙන්න) ස්ට්‍රෝබෙරි ෂෝට් කේක් අවශ්‍ය ද්‍රව්‍ය -: නැවුම් ස්ටේරා්බෙරි 10-15 පමණ ස්ටේරා්බෙරි ජෑම් ග්‍රෑම් 450 වීප් ක්‍රීම් කෝප්ප 01 පාන්පිටි කෝප්ප 02 කිරි කෝප්ප 3/4 සීනි මේස හැඳ 04 බටර් මේස හැඳි 04 බේකින් පවුඩර් මේස හැඳි 01 ලුණු තේ හැඳි 1/2 සාදන ක්‍රමය -: පාන් පිටි බඳුනකට දමා බේකින් පවුඩර්, ලුණු, සීනි, බටර් දමා අතේ නොඇලෙන පදමට මිශ්‍ර කර ගන්න. ඉන්පසු මෙම මිශ්‍රණය විනාඩි 20 පමණ ශීතකරණයක තබන්න. ඉන්පසු ශීතකරණයෙන් ඉවතට ගෙන එය කොටස් දෙකකට වෙන්කර අඟල් 1/2 පමණ වන රවුම් හැඩයට එම කොටස් දෙක සකසා ගන්න. ඉන්පසු සෙන්ටිග්‍රේට් අංශක 180 වන සේ උඳුන රත්කර විනාඩි 10ක් පමණ රන්පැහැ වනතුරු බේක් කර ගන්න. මෙලෙස සකසා ගත් ෂෝට් කේක් දෙක මත ස්ටේරා්බෙරි ජෑම් හා වීප්ඩ් ක්‍රීම් තවරා ස්ටේරා්බෙරිවලින් ඒවා අලංකාර කර ගන්න. ස්ට්‍රෝබෙරි ජෑම් ස්ට්‍රෝබෙරි ජෑම් විවිධ වෙළෙඳ නාමයන්ගෙන් වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබුණත් ඒවායේ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය මෙන්ම කෘත්‍රීම වර්ණක, කෘත්‍රීම පැණිරස කාරක ආදිය විවිධ ප්‍රතිශතවලින් අඩංගුව පවතී. මේ නිසා ඉතාම ප්‍රනීත සෞඛ්‍යාරක්ෂිත හා ගුණයෙන් අනූන ස්ට්‍රෝබෙරි ජෑම් ඔබට නිවසේදීම සාදාගත හැකිය. (බොහෝ ස්ට්‍රෝබෙරි ජෑම්වලට භාවිත කරන්නේ පුහුල් බවත් මතක තබාගන්න) අවශ්‍ය ද්‍රව්‍ය -: ස්ටේරා්බෙරි ග්‍රෑම් 250 ජලය මිලිලීටර් 100 සීනි ග්‍රෑම් 50 කෝන් ෆ්ලවර් ග්‍රෑම් 10 දෙහි යුෂ තේ හැඳි 01 සාදන ක්‍රමය-: ස්ටේරා්බෙරි ගෙඩි සෝදා පිරිසිදු කර ජලය, සීනි හා දෙහි යුෂ යොදා මැටි බඳුනක හෝ නොන්ස්ටික් බඳුනක මද ගින්නේ පිසින්න. විනාඩි 10කට පමණ පසු ළිපෙන් බා දිය කරගත් කෝන් ෆ්ලවර් හොඳින් මිශ්‍රකර ගන්න. නිවුණු පසු සිසිල් කර කෑමට ගන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Jun 2017 07:24 AM ලෙමන් කේක් අවශ්‍ය ද්‍රව්‍ය:- බටර් හෝ මාගරින් ග්‍රෑම් 250 සිනි ග්‍රැම් 250 බේකිං පවුඩර් තේ හැඳි 2 පිටි ග්‍රෑම් 250 කිරි මේස හැඳි 2 බිත්තර 4යි ගාගත් ලෙමන් පොතු එක ගෙඩියක් පමණ වැනිලා තේ හැඳි 2 ලෙමන් ගෙඩියක යුෂ සාදන ආකාරය:- බටර් හා සීනි හොඳින් බිට් කරගන්න. වැනිලා එකතු කරන්න. සීනි හා බටර් බිට් වුණාට පසුව බිත්තරය බැගින් දමමින් බිට් කර ගන්න. පිටි හා බේකිං පවුඩර් එකට මිශ්‍ර කර හලාගන්න. දැන් බිත්තර මිශ්‍රණයට පිටි ටික ටික එකතු කර මිශ්‍ර කරන අතරේ ලෙමන් පොතු, ලෙමන් යුෂ ද කිරි ද මිශ්‍ර කර සකසා ගත් තැටියකට දමා 180ංජ විනාඩි 25-30 පමණ පුළුස්සා ගන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Jun 2017 07:26 AM රටඉඳි කේක් අවශ්‍ය ද්‍රව්‍ය-: සීනි ග්‍රෑම් 250 මාගරින් ග්‍රෑම් 250 රට ඉඳි ග්‍රෑම් 500 බිත්තර 4යි පිටි ග්‍රෑම් 250 කුඩාවට කපාගත් කජු ග්‍රෑම් 125 කිරි අඬු කෝප්ප 1 බේකිං පවුඩර් තේ හැඳි 2 බේකිං සෝඩා තේ හැඳි 1 ආමන්ඩ් එසෙන්ස් තේ හැඳි 1/2 වැනිලා තේ හැඳි 2 සාදන ආකාරය -: රටඉඳිවල ඇට ඉවත් කර ගන්න. එය බඳුනකට දමා කිරිවලට බේකිං සෝඩා දියකර එයට දමා පැය 3ක් පමණ පෙළෙන්නට හරින්න. ඉන්පසු හොඳින් පොඩි කර ගන්න. පිටිවලට බේකිං පවුඩර් මිශ්‍ර කර තුන් වරක් පමණ හලා ගන්න. මාගරින් සහ සීනි එකට දමා ක්‍රීම් එකක් වනතුරු ගසා ගන්න. එයටම බිත්තරය බැගින් දමමින් නැවත ගසා ගන්න. දැන් පොඩිකර ගත් රටඉඳි දමා හොඳින් ගසා පිටි මිශ්‍රණයෙන් ටික ටික දමමින් මිශ්‍ර කර ගන්න. කජුවලින් කොටසක්ද, වැනිලාද, ආමන්ඩ් එසෙන්ස් ද එකතු කරන්න. දැන් මිශ්‍රණය සකස් කර ගත් තැටියක දමා ඉතිරි කජු කැබලි උඩින් ඉස ගන්න. 300ංජ උෂ්ණත්වයේ විනාඩි 25-30 පමණ බේක් කර ගන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Jun 2017 07:28 AM රොක් කේක් අවශ්‍ය ද්‍රව්‍ය-: පිටි ග්‍රෑම් 200 මාගරින් ග්‍රැම් 75 වියළි මිදි සහ කජු ග්‍රෑම් 50 සීනි ගෑම් 75 පුහුල් දෝසි ග්‍රෑම් 100 කිරි ස්වල්පයක් ලුණු ස්වල්පයක් බිත්තර 1 යි වැනිලා තේ හැඳි 1 බේකිං පවුඩර් තේ හැඳි 2 සාදන අයුරු -: පිටි සමග බේකිං පවුඩර් මිශ්‍ර කර හලාගන්න. දැන් මේ පිටි ටික බඳුනකට දමන්න. එයට මාගරින් ටික දමා හොඳින් කලවම් කරමින් අනාගන්න. ලුණු එකතු කරන්න. කුඩාවට කපාගත් පුහුල් දෝසි, කජු මද එකතු කරන්න. බිත්තරය ගසාගෙන එයද එකතු කරන්න. දැන් සීනි සහ කිරි ද එක්කර හොඳින් අනා ගන්න. දැන් මෙම මිශ්‍රණයෙන් ගුලි 10ක් පමණ සාදා ගන්න. මාගරින් තවරා සකස් කරගත් තැටියකට, පිටි ටිකක් ඉස ගන්න. දැන් මේ ගුලි ටික එකිනෙකට නොගෑවෙන සේ එහි අඩුක්කර ගන්න. මේවා මත බිත්තර කහමද ස්වල්පයක් ආලේප කර ගන්න. දැන් 175ංජ උෂ්ණත්වය සහිත පෝරණුවක විනාඩි 15ක් පුළුස්සා ගන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 RosiSuper Senior MemberPosts:5335 22 Jun 2017 06:02 PM ම්ම්ම්ම්ම්ම් රට ඉදි කේක් ,මන් ආසම කෑමක් ,,ස්තුති මල්ලි ගොඩක් . මේ රෙසපි අපිට ගෙනත් දෙනවට . ප්‍රයෝජනවත් කෑම වට්ටෝරු 0 ishan22New MemberPosts:65 22 Jun 2017 06:25 PM නියමයි 0 chamaramindMost Senior MemberPosts:13471 23 Jun 2017 07:39 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 23 Jun 2017 07:53 PM පින්තුර ටික දැක්කහම කෙල උනනවා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 RosiSuper Senior MemberPosts:5335 23 Jun 2017 07:59 PM අනේ..... මේ නිදා ගන්න යන වෙලාවේ බඩ ගින්නත් එනවා මේවා දැකලා .. 0 chamaramindMost Senior MemberPosts:13471 24 Jun 2017 08:55 AM වෙනසකටත් එක්‌ක කමුද වැදි කෑම... ආචාර්ය පබ්ලිස් සිල්වාගෙන් තවත් හෙළිදරව්වක් රුවන් ජයවර්ධන වැදි ජනතාව යනු ශ්‍රී ලාංකේය ජනයා අතරින් කැපී පෙනෙන්නා වූ සුවිශේෂතාවන් රැසක් හිමි ජන කොට්‌ඨාසයකි. ජීව විද්‍යාත්මක මෙන්ම සංස්‌කෘතිමය වශයෙන්ද අනන්‍යතා රැසක් හිමි වැදි ජනතාවගේ ආහාර සංස්‌කෘතිය පිළිබඳව ආචාර්ය පබ්ලිස් සිල්වා විසින් රචිත සූපවංශය ග්‍රන්ථයේ වෙනම පරිච්ඡේදයක් වෙන්කර ඇති අතර, ඒ හරහා සාකච්ඡාවට බඳුන් කර ඇත්තේ වැදි ජනයාට ආවේණික ආහාර රටාවන් සහ ඔවුන් බහුල ලෙස ආහාරය පිණිස සකසා ගන්නා ආහාර වට්‌ටෝරු රැසක් පිළිබඳවය. ආහාරයෙහි පැවතිය යුතු පිරිසිදුකම පිළිබඳ එතරම් සැලකිලිමත් බවක් නොදක්‌වන වැදි ජනතාව එහිදී මුල්තැන ලබා දෙන්නේ එහි ඇති රසවත් බව පිළිබඳවය. පහත පෙළගැසෙන්නේ වැදි ජනතාව බහුල ලෙස ආහාරයට ගන්නා ආහාර වර්ග රැසක් සහ ඒවා පිළියෙල කරගන්නා ආකාරය පිළිබඳ ආචාර්ය පබ්ලිස් සිල්වා විසින් හෙළිකර සිටින තොරතුරුවලින් කොටසක්‌ය. පුරුමස (වියළා ගන්නා ලද මස්&zwnj සකස් කර ගැනීම ඌරන්, මුවන් හෝ ගෝනුන් වැනි මස් වැඩි ප්‍රමාණයක් සහිත සතුන්ගේ මස් පමණක් පසුව පරිභෝජනය කරනු පිණිස කල්තබා ගැනීම, වියළා සකස් කර ගැනීම ආදිවාසීන සතුව පවතින දීර්ඝ කාලීන පුරුද්දකි. පළමුව දඩයම් කරන ලද සතුන්ගේ හම ගලවා මස් කරගනු ලැබේ. එහිදී මස් සේදීමක් සිදුනොකරයි. අනතුරුව මස් තරමක් මහතින් හා අඩියක පමණ තීරුවලට ඉරා වෙන්කර ගන්නා අතර, සකස් කර ගන්නා ලී මැස්‌සක් මත මස් තීරු අතුරා ඒ යටින් ගිනි ගසා ගනු ලැබේ. ගිනි රස්‌නයෙන් මස් කැබලි රන් පැහැ ගැන්වෙන තුරු තම්බා ගනු ලැබේ. වරින්වර මස් කැබලිවල පැත්ත මාරු කිරීමටද ප්‍රවේශම් වෙයි. පැය 12 ක් පමණ ගත කර මස් සකස් කර ගනී. වියළන ලද මස් තීරු පහ බැගින් පට්‌ටාවලින් වෙලා ගෙන විකිණීම හෝ අසුරා තබා ගැනීම පිණිස සකස් කර ගනී. එක් මිටියක් රාත්තලක පමණ බරකින් යුක්‌ත වන අතර, දුම් මැස්‌සක තබා ගබඩා කර ගනු ලැබේ. මෙසේ වියළා ගන්නා ලද දඩමස් අවුරුදු 10 ත් 15 ත් අතර කාලයක් තබා ගත හැකිය. පුරු මස් බැදුම - ආදිවාසීන් විසින් "පුරු මස්" යනුවෙන් හඳුන්වනු ලබන වියළා ගන්නා ලද මස් කුඩා කැබලිවලට කපා වතුරේ දමා පොඟවා ගෙන අඹරන ලද මිරිස් ලුණු හා තුනපහ සමඟ මිශ්‍ර කොට සත්ව තෙල් රත් කොට එහි දමා බැඳ ගනු ලැබේ. තැම්බීමේදී වතුර ස්‌වල්පයක් එක්‌කර ගනී. පුරු මස් සම්බෝලය - වියළි මස් කැබලි කපා ගෙන කොච්චි සමඟ වංගෙඩියේ දමා කොටා කුඩු කර ගනී. අනතුරුව ලුණු හා දෙහි යුෂ එක්‌කොට ආහාරයට ගැනීම ආදිවාසීන් අතර, ඇති සුලභ ක්‍රමයකි. මස් සමඟ ඉරිගු ඇට තැම්බුම - වගා කරන ලද ඉරිගු ඇට දවසක් පමණ දියේ පෙඟෙන්නට හැර පසුව මුට්‌ටියක දමා තම්බන්නට පටන් ගනී. එම මුට්‌ටියටම කපා ගන්නා ලද පුරු මස්‌ද මුසු කොට හොඳින් තැම්බූ පසු ලුණු හා මිරිස් එක්‌කොට ආහාරයට ගනී. පුරු මස් සමඟ පලා මැල්ලුම - මඤ්ඤොක්‌කා කොළ, වියළි මස් සමඟ වංගෙඩියෙහිලා අවශ්‍ය පමණ ලුණු දමා හොඳින් කොටා ගනී. කොටා ගන්නා ලද මැල්ලුම ඇතිලියක දමා වතුර ස්‌වල්පයක් සමඟ ළිප තබයි. පදමට තැම්බුන පසුව වෙනත් භාජනයකට සත්ව තෙල් දමා ළිප තබා ඊට මැල්ලුම එක් කරයි. මෙම මැල්ලුමට පොල්ද එක්‌කර ගන්නා අතර, මස් රහිතව මැල්ලුම පමණක්‌ද ආහාරයට ගන්නා අවස්‌ථා ඇත. දඩමස් පැලහුම - දඩමස් කුට්‌ටි වශයෙන් කපා ගෙන ගින්නේ පුළුස්‌සා ආහාරයට ගැනීමද ආදිවාසීන් අතර, සුලභ ආහාර පුරුද්දකි. ලේ හා තෙල් සහිත නැවුම් මස් කුට්‌ටි ලී උල් මත අමුණා ගිනි අඟුරු මත තවරමින් කර කරගෙන කොච්චි මිරිස් තැවරුමක් සමඟ ආහාරයට ගනු ලබයි. තලප සඳහා හොද්දක් වශයෙන් දඩමස් වෑංජනය සකසන ආකාරය - කුරහන් තලප අනුභවයට දඩමස් හොද්දක් සකස් කරන විට විශේෂ ක්‍රමයක් අනුගමනය කිරීමට ආදිවාසීන් උත්සුක වෙති. කපන ලද මස් කැබලි හට්‌ටියක දමා ලුණු සහ මිරිස් ඊට එක් කරනු ලබයි. හොද්ද තද ගින්නේ පැසෙන විට ඊට අඹරා ගත් වට්‌ටක්‌කා, කැකිරි, කව්පි ඇට හෝ කුරහන් පිටි ස්‌වල්පයක්‌ද එක් කරනු ලැබේ. එයින් හොද්ද උකු ස්‌වභාවයක් ගනී. හොද්දට පිටි එක් කිරීම "පිටි වැක්‌කිරීම" යනුවෙන්ද හඳුන්වයි. වේලූ දඩමස් හොද්ද - වේලූ දඩමස් හොද්දක් සේ පිළියෙල කරගෙන ඒ සමඟ තලප හෝ පිට්‌ටු ආහාරයට ගැනීම ආදිවාසීන් විසින් සුලභව සිදුකරයි. වියලන ලද දඩ මසින් හොද්ද සකස් කිරීම බොහෝ විට දැකගත හැකිය. වේලන ලද දඩමස් තීරු වශයෙන් කපා ගෙන ඒවා පැයක් පමණ වතුරේ පොඟවා ගනී. අනතුරුව හට්‌ටියකට වතුර ස්‌වල්පයක් දමා ළිප තබා මිරිස් හා වෙනත් අඩුම කුඩුම එක්‌කොට පෙඟුන මස් කැබලි තැම්බෙන්නට හරී. හොද්ද අටි වෙන්නට (උකු වෙන්නට) කිරි ගඡ්ජක හෝ කුරහන් පිටි ස්‌වල්පයක් එයට එක් කරනු ලැබේ. මෙම අටි කරවීම (උකු කිරීම) සිදුකරන්නේ මස් කැබලි හොඳින් තැම්බු පසුය. පසුව දෙහි, සියඹලා, කාමරංගා, කටුකොළ හෝ ගොරකා යොදා ගෙන හොද්ද ඇඹුල් කර ගනී. ඇතැම් විට ඇඹුල් කාරකයක් වශයෙන් කෝන් අඟුනද එක්‌කර ගනු ලැබේ. ගෝනල සමඟ මස් තැම්බුම - ගෝනල නමින් හැඳින්වෙන අල හෝ කටු අල ශුද්ධ කරගෙන කැබලිවලට කපා හැලියක දමා තම්බන අතරවාරයේම ඊට දඩමස් මිරිස් හා ලුණු මිශ්‍ර කොට ආහාරය පිණිස සකස් කර ගැනීමද ආදිවාසීන් අතර සුලභ ආහාර රටාවකි. ඇතැම් විට කොච්චිද මේ සඳහා එක්‌කර ගනු ලැබේ. ලිහිනි කූඩු හා මී පැණි මුහුව - ලුණු අවශ්‍යතාවය වෙනුවෙන් භාවිතා කරනු ලබන ලිහිනිs කූඩු කඩා ගැනීමෙන් පසුව ඒවා මී පැණි සමඟ මිශ්‍ර කොට ආහාරයට ගනී. ගෝන හමේ මස් ඉවීම - ගෝනෙකු දඩයම් කළ අවස්‌ථාවක සාමාන්‍ය ආකාරයට සම ඉවත් කරගෙන සතා මස් කරගනු ලැබේ. ඉවත් කර ගන්නා ගෝන හම සිටවූ ලී කණු හයක කොන්වල පට්‌ටාවලින් ගැටගසා ගනු ලැබේ. මෙහිදී සත්ව හමේ ලොම් ඇති පැත්ත පහතට වන සේ බඳිනු ලැබේ. සතා මස් කරන අවස්‌ථාවේදී වෙනම රැස්‌කර ගන්නා ලද කොටස් මෙම එල්ලා ගන්නා සම මතම හලනු ලැබේ. පසුව හදවත, අක්‌මාව වැනි කොටස් සේම ගාත් කොටස් වැනි මාංශ කොටස්‌ද එම සම මතම දමා අවශ්‍ය තරමට මිරිස්, තුනපහ ආදියද එක් කරනු ලැබේ. පසුව හමට යටින් ගිනිමැලය අවුලවනු ලබන අතර, නිසි වේලාව වන විට හොද්ද ලෙයින් හා තෙලින් මනාව කැකෑරෙමින් පැසේ. පදමට ඉදුනු පසු මස් හොද්ද සහිත සම කණුවලින් ගලවා ගෙන බදුන්වලට බෙදා ගෙන අනුභව කරති. මෙම ආහාරය සහ ක්‍රමවේදය ආදිවාසීන් විසින් බොහෝ විට භාවිතා කරනු ලබන්නේ සංචාරයේ යෙදී සිටින අතරවාරයේදී ආහාර අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට සිදු වූ විටය. කුරහන් තලප - නෙලා ගන්නා ලද කුරහන් ගලක හෝ ගල් පොත්තක දමා අත් ගලකින් අඹරා ගැනීමෙන් පිටි කරගනු ලැබේ. පළමුව වළඳකට වතුර දමා එය ළිපේ තබනු ලැබේ. වතුර උතුරන විට වෙනත් වළඳක් ළිsප අසල තබා ගෙන එම වළඳට ළිපේ ඇති වතුරෙන් කොටසක් ඉවත් කර ගනී. ළිපේ ඇති බඳුනට කුරහන් පිටි එක් කරනු ලැබේ. පසුව "තලපැත්ත" නම් වන ලීයෙන් තැනු පැතලි කූරක ආධාරයෙන් කුරහන් පිටි හැඳිගා ගනී. හැඳිගාන අතරවාරයේදී ඇති පදමට නටන වතුරද එක් කරමින් පිටි පදම් කරයි. මේ කටයුත්ත පැය භාගයක පමණ කාලයක් සිදුකරනු ලැබේ. පදම් වූ තලපය ළිපෙන් බාගෙන පොල්කටු හැන්දේ ආධාරයෙන් ගුලි සකස් කරගනු ලැබේ. කුඩා ජම්බෝල ගැටයක ප්‍රමාණයට මෙම ගුලියක් සකස්a කරයි. තලපය ආහාරයට ගැනීමේදී සකස් කරගනු ලබන දඩමස් හොද්ද සමඟ දවටා ගිලිනු ලැබේ. කුරහන් කැඳ - කුරහන් පිටි වතුරට දමා උණු කරගෙන ලුණුද මිශ්‍ර කොට කැඳ සාදා ගනිති. බොහෝ විට පොල් කිරිද, මී පැණිද එක් කර ගනු ලැබේ. මෙය පෝෂ්‍යදායී ආහාර පානයක් බවට ආදිවාසීන් තුළ විශ්වාසයක් ඇත. ගලේ දමා රොටි පුච්චන ආකාරය - ගල් තලාවක දමා රොටි පුච්චා ගැනීම අතීත වැදි සමාජයේ පැවති ක්‍රමයකි. ගල් තලාවක ගිනි මැලයක් අවුලා ගල රත් වූ විට අඟුරු සහ අළු කොළ අත්තක ආධාරයෙන් ඉවත් කොට සකස් කරගත් රොටිය ඒ මත ඵලයි. ගලේ රස්‌නයෙන් එය හොඳින් පිසේ. රොටියේ අනෙක් පස තබන්නේ එම ගලේම වෙනත් ස්‌ථානයකය. බොහෝ විට විශාල රොටියක් සකස් කරගෙන එය බෙදා ගෙන කෑම මෙම ක්‍රමයේ දැකිය හැකි සුවිශේෂී බවකි. කුරහන් රොටි - සකස් කර ගන්නා ලද කුරහන් පිටි උණු දියෙන් ලුණු මිශ්‍ර කොට යළිත් සත්ව තෙල් සමඟ මුසු කොට අතින් අනා පදම් කර ගනී. පසුව ගුලිවලට බෙදා කැන්ද කොළ මත තුනී කර ගනී. ඉන්පසු කබලක දමා දෙපැත්ත පුළුස්‌සා ගනී. ඇතැම් විට දඩමස් කැබලි මිරිස් ආදියද ඊට එක්‌කර ගනී. බලගෙඩි ඇටයේ මදයෙන් තලප සෑදීම - වසරේ එක් කාලයක පමණක් (ජුනි සහ ජුලි) ඵල දරන බලගෙඩි මෝරා ඉදී බිම වැටුණ විට ආදිවාසීහු ඒවා අහුලති. පොතු හරින ලද බලගෙඩිවල ඇට වෙන වෙනම එක් රැස් කර ගන්නා ඔවුන් ඒවා පැසකට හෝ මල්ලකට දමා ගලා යන වතුරේ දවස් දෙකක් පමණ සේදී යන්නට තබති. එසේ කරනු ලබන්නේ එම ඇටවල ඇති මත් ගතිය නැතිවනු පිණිසය. ඉන්පසු ගලක දමා අඹරා පිටි කර ගන්නා අතර, සාමාන්‍ය පරිදි ඒවායෙන් තලප සකසා ගනිති. මෙය තරමක් තිත්ත රසයෙන් යුත් ආහාරයකි. කෝන් අඟුණ - හොඳින් පැසුන කෝන් ගෙඩි කඩාගෙන පොතු හැර හට්‌ටියකට දමා ළිපේ තබා උණු කර ගන්නා අතර, වතුර රත් වෙද්දී හැන්දෙන් මිශ්‍ර කරනු ලැබේ. එවිට කෝන් මදය හා ඇට පහසුවෙන් වෙන්කරගත හැකිය. හැන්දක ආධාරයෙන් ඇට ඉවත් කරගත් පසුව මදය පමණක් හට්‌ටියේ ඉතිරිවේ. මෙය තවදුරටත් රත් කිරීමේදී ජලය ඉවත්ව කෝන් ඇඹුල තලපයක් සේ තැන්පත් වේ. මෙම ආහාරය කෝන් අඟුණ නම් වේ. මුට්‌ටියක දමා කල්තබා ගන්නා කෝන් අඟුණ තලප රොටි, අල හෝ බත් සමඟද අතුරු ආහාරයක් ලෙස පරිභෝජනය කළ හැකිය. කෝන් අඟුණ වැඩිපුර ආහාරයට ගැනීම විරේකය ඇති කරනු ලබයි. ආදිවාසීන් ආහාර රසවත් කර ගන්නා ආකාරය - හොද්දක් රසවත් කර ගැනීම පිණිස ආදිවාසීහු ක්‍රම කීපයක් අනුගමනය කරති. ඔවුහු වියළි මිරිස් ගෙන ගලක් මත තබා අඹරා එය හොද්දට එක් කර ගනිති. කැලයෙන් ලබා ගන්නා ගොරකා මෙන්ම කරපිංචාද අතිරේක වශයෙන් වෑංජන රසවත් කර ගැනීම සඳහා යොදා ගනී. බොහෝ විට කැලයේ වැවෙන මිරිස් වේළා භාවිතයට ගනු ලබන අතර සමහර අවස්‌ථාවන්හිදී කොච්චි හෝ හීන් මිරිස්‌ද යොදා ගන්නා ලදී. ගම්මිරිස් වැනි කැලයේ වැවෙන "කුඩු මිරිස්‌ස" මුල් අඹරා ගැනීමෙන්ද වෑංජනවල සැර ගතිය ඇති කර ගනී. ආදිවාසීන් ලුණු සපයා ගත් ආකාරය - හොද්ද රසවත් කර ගැනීමට අවශ්‍ය දිය ලුණු සපයා ගනු ලැබුවේ දඩමස්‌දී ඒ වෙනුවට වෙළෙඳුන්ගෙන් ලුණු හුවමාරු කර ගැනීමෙනි. එයට අමතරව බෙලිකටු විශේෂයක් ගින්නේ පුළුස්‌සා එම අළු යොදා ගැනීමෙන්ද හොද්ද සඳහා අවශ්‍ය ලුණු රසය සපයා ගන්නා ලදී. ගංඟා, ඇළ දොළ ආශ්‍රිතව වැවෙන්නා වූ ආහාර සැකසීමේ කටයුතු සඳහා භාවිතා කෙරෙන්නා වූ "පන්" විශේෂයක් වන "හැවන් මුල්" පුළුස්‌සා එම අළු හොද්දට යොදා ගැනීමෙන් ලුණු රසය ලබාගත් ක්‍රමයක්‌ද ආදිවාසීන් අතර වේ. උස් ගල් පර්වත මත සාදන ලිහිනියන්ගේ කූඩුවලින් ස්‌වල්පයක් හොද්දට එක් කිරීම මඟින්ද ලුණු රසය ලබා ගන්නා ලදී. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 Jun 2017 04:43 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 RosiSuper Senior MemberPosts:5335 25 Jun 2017 05:42 AM අපුරු කෑම වට්ටෝරු ටික ,,ස්තුති මල්ලි 0 RosiSuper Senior MemberPosts:5335 25 Jun 2017 05:43 AM ආදිවාසීන්ගේ කෑම නම් අපේ කෑම වලට වඩා හරිම රස ඇති . 0 chamaramindMost Senior MemberPosts:13471 25 Jun 2017 05:07 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 ishan22New MemberPosts:65 25 Jun 2017 08:12 PM නියමයි ..හදලා බලන්න ඕනේ 0 chamaramindMost Senior MemberPosts:13471 27 Jun 2017 08:16 AM රස වෙනසකට පෝෂණීය කෑම බීම ලිව්වේ චම්පා වරුසප්පෙරුම සලාද සුප් බත් සමඟ කෙටි කෑම කටට රසට කෑම ටිකක් කන්න අපි කවුරුත් කැමැතියි. ලස්සන පෙනුමත්, දිවඟට දැනෙන රසත් ගැන හිතන වැඩිදෙනකු ආහාර වේලේ පෝෂණීය ගුණය ගැන හිතන්නේ නැහැ. ඒ නිසාම රසවත් ආහාර හිතුමනාපයට රසවිඳලා බෝ නොවන රෝග බොහොමයකට අපි අතවනනවා. මේ නිසාම කටට රස වාගේම ඇඟට ගුණ ආහාර කිහිපයක් පිසගන්න හැටි කියාදෙන්න තරුණී තීරණය කළා. විශේෂයෙන්ම පෝෂණ ගුණය රැකෙන පරිදි සකස් කළ එළවළු සලාද වාගේම පලතුරු සලාද, සුප් වර්ග විතරක් නෙමෙයි ගුණදායක බත් වර්ගත් මෙයට ඇතුළත්. ඒ වගේම තමයි එග් මෆින්, ෆිෂ් පයි වාගේ කෙටි කෑම වර්ග කිහිපයක් හදාගන්න හැටිත් අපි ඔයාලට කියාදෙනවා. ඔලිව් තෙල් වැනි ශරීරයට හිතකර අමුද්‍රව්‍ය නිසි ප්‍රමාණයට මිශ්‍ර කරලා හදන මේ ආහාර බොහොමයක් සකස් කරන්න එතරම් කාලවේලාවක් ගත වෙන්නෙත් නැහැ. වැඩි වෙලාවක් ළිපේ තියලා රත් කරලා රසය, ගුණය, පෙනුම වෙනස් වෙන්නෙත් නැති හින්දා බැලූ බැල්මට හොඳ පෙනුමකුත් තියෙනවා. හැමදාමත් හදන එකම කෑම ටික මේ විදිහට පෝෂණ ගුණය රැකෙන ආකාරයට හදලා බලන්නකෝ පවුලේ උදවියගේ ප්‍රතිචාර කොහොමද කියලා. * * * * * * * * මෂ්රූම් සුප් රසය, පෝෂණ ගුණය එකට කැටි වූ සුප් කෝප්පයකට තිබෙන ඉල්ලුම හැමදාමත් ඉහළයි. විවිධ රසයට හදන සුප් අතරේ මේ හතු සුප් එක මොනතරම් නම් අපූරුද? අවශ්‍ය ද්‍රව්‍ය හීනියට පෙති කපාගත් බට්න් හතු ග්‍රෑම් 450 ක් ඔලිව් තෙල් මේස හැඳි 03 ක් කුඩාවට කපාගත් ලොකු ලූනු ගෙඩියක් තළාගත් සුදුලූනු බික් 02 ක් පිටි මේස හැඳි 02 ක් චිකන් ස්ටොක් ලීටර් 01 ක් සුප් කැට දෙකක්. (වතුර ලීටර් එකකට දියකර සාදාගන්න) කුඩාවට කඩාගත් පාස්ලි කොළ මේස හැඳි 02 ක් කුඩු කරගත් ගම්මිරිස් ඇට තේ හැඳි 1/2 ක් රස අනුව ලුණු සාදන ක්‍රමය බඳුනක් ගෙන ඔලිව් තෙල් දමා ළිප තබන්න. තෙල් රත්වූ විට එයට කපාගත් ලූනු, සුදුලූනු දමා හොඳ සුවඳක් හමනතෙක් පිසගන්න. ඉන්පසුව හීනියට කපාගත් බට්න් හතු ටික මෙයට එකතුකර විනාඩි 05 ක් පමණ හැඳිගාමින් පිසින්න. අනතුරුව පිටි ටික ද එකතුකර හොඳින් කලවම් කරන්න. මෙහිදී සෑම හතු කැබැල්ලකම පිටි තැවරෙන පරිදි කලවම් කරන්නට වගබලාගන්න. දැන් චිකන් ස්ටොක්, පාස්ලි, ගම්මිරිස් ආදිය එකතුකර හොඳින් උණු වෙන්නට හරින්න. සුප් එක උණු වූ පසුව ගින්දර අඩුකර තවත් විනාඩි 05 ක් පමණ ඉදෙන්නට හැර ළිපෙන් බාගන්න. අනතුරුව මඳ වේලාවක් නිවෙන්නට හැර බ්ලෙන්ඩරයකට දමා හොඳින් ගසාගන්න. පිළිගැන්වීමට පෙර රස පදමට ලුණු, ගම්මිරිස් දමාගන්න. ඔලිව් තෙල් මේස හැන්දක් ද සුප් එක උඩින් දමන්න. චිකන් ඇන්ඩ් කැබේජ් සැලඩ් තෙලට, මිරිසට, කිරට ආදී විවිධ විදිහට ඔබ කුකුළු මස් රස විඳලා තිබුණත් කුකුළු මස් සලාදයක් විදිහට නම් කාලා නැතුව ඇති. බලන්න මේ සලාදය කොයිතරම් නම් රසවත්දැයි කියා. අවශ්‍ය ද්‍රව්‍ය තම්බාගත් කුකුළු මස් (පපු කොටසින්) ග්‍රෑම් 200 ක් දම් පාට ගෝවා කෝප්ප 1/4 ක් කොත්තමල්ලි කොළ කෝප්ප 1/4 ක් මිංචි කොළ කෝප්ප 1/4 ක් චයිනිස් ගෝවා කොළ කෝප්ප 1/4 ක් තල ඇට මේස හැඳි 01 ක් සීනි තේ හැඳි 01 ක් ෆිෂ් සෝස් මේස හැඳි 02 ක් තළාගත් රතු මිරිස් කරල් 02 ක් දෙහි යුෂ මේස හැඳි 03 ක් ලුණු (රස අනුව) සාදන ක්‍රමය ප්‍රථමයෙන්ම තළාගත් හෝ කුඩාවට කපාගත් රතු මිරිස්, දෙහි යුෂ, ෆිෂ් සෝස්, සීනි, ලුණු යන මේ සියල්ලම බඳුනකට දමා හොඳින් කලවම්කර පැත්තකින් තබන්න. දැන් තවත් භාජනයක් ගෙන එයට හීනියට කපාගත් දම්පාට ගෝවා, කොත්තමල්ලි කොළ, මිංචි කොළ දමාගන්න. චයිනිස් ගෝවා ටික ද කුඩාවට කඩාගන්න. කුකුළු මස් කුඩා තීරු වශයෙන් ඉරාගන්න. ඉන්පසුව මේ සියල්ලම එකම භාජනයකට දමා තල ඇට ද එකතු කරන්න. පළමුව සකසාගත් දෙහි, මිරිස් මිශ්‍රණය ද මෙයට දමා හොඳින් කලවම් කරගන්න. එග් මෆින්ස් නිවාඩු දවසේ ගෙදර රැඳෙන පොඩිත්තන්ට හැම වෙලාවේම මොනවා හරි හපන්න ඕනේ. හරිම පහසුවෙන් සහ ඉක්මනින් සකසා ගතහැකි මේ ගුණදායක මෆින් ඊට හරි අපූරුයි. අවශ්‍ය ද්‍රව්‍ය බිත්තර 08 ක් ග්‍රේට් කරගත් චෙඩාර් චීස් කෝප්ප 01 ක් කුඩාවට කොටු කපාගත් තක්කාලි ගෙඩියක් සිහින්ව කපාගත් අමුමිරිස් කරල් 02 ක් තළාගත් ලූනු ගෙඩියක් අඹරාගත් සුදුලූනු බික් දෙකක් තම්බා කුඩාවට කපාගත් කුකුළු මස් ටිකක් ද ඔබ කැමැති නම් මෙයට එකතු කරගත හැකියි. සාදන ක්‍රමය සෙල්සියස් අංශක 160 ට විදුලි උදුන රත්කරගන්න. බිත්තර ටික හොඳින් ගසාගන්න. දැන් මේ බිත්තර ටිකට ග්‍රේට් කළ චීස්, තක්කාලි, අමුමිරිස්, ලුණු, සුදුලූනු, කුකුළු මස් ආදී සියල්ලම එකතුකර හොඳින් ගසාගන්න. අනතුරුව මෆින් ට්‍රේ එකක් ගෙන මේ මිශ්‍රණය ඊට දමාගන්න. විනාඩි 20 ක් පමණ මෙය බේක් කරගත යුතු අතර මෆින් උඩ රන් පැහැයට හුරු දුඹුරු පැහැයක් එනවිට අවන් එකෙන් පිටතට ගන්න. කුකුළු මස් සමඟ බත් මිශ්‍ර සුප් බත්වලින් හදන සුප් එකක රස කොහොමද කියලා ඇතැම්විට ඔබ නොදන්නවා ඇති. මොකද එළවළු, මස්, මාළුවලින් හදන සුප් ගැන කතා කළාට බත් මිශ්‍ර සුප් ගැන වැඩිය කතා කරලා නැහැනෙ. කුකුළු මස්, බත් සහිත මේ සුප් එකේ රස හදලම බලන්නකෝ. අවශ්‍ය ද්‍රව්‍ය සිහින්ව පෙති කපාගත් ලූනු ගෙඩි 1/2 ක් ඉතා කුඩාවට පෙති කපාගත් කැරට් අල 02 ක් අඹරාගත් සුදුලූනු බික් 02 ක් ඔලිව් තෙල් මේස හැඳි 02 ක් කුඩාවට කපාගත් කුකුළු මස් ග්‍රෑම් 250 ක් කුකුළුමස් ස්්ටොක් කෝප්ප 08 ක් බාස්මති සහල් කෝප්පයක් ඔලිව් තෙල් ස්වල්පයක් ලුණු, ගම්මිරිස් (රස අනුව) සාදන ක්‍රමය තරමක් ගැඹුරු භාජනයක් ළිප තබා එයට ඔලිව් තෙල් ස්වල්පයක් දමා රත් වෙන්නට හරින්න. තෙල් රත්වීගෙන එනවිට එයට කපාගත් ලූනු සහ කැරට් ටික දමා කලවම් කරමින් විනාඩි දෙකක් පමණ පිසගන්න. අනතුරුව බඳුන පියනකින් වසා තවත් විනාඩි 02 ක් පිසින්න.ඉන්පසුව අඹරාගත් සුදුලූනු ටික එකතුකර නැවතත් කලවම් කරමින් තවත් විනාඩි දෙකක් පිසගන්න. දැන් කුකුළු මස් ස්ටොක් එක ද එයට එකතුකර ගින්දර තරමක් වැඩි කරන්න. මිශ්‍රණය උණුවීගෙන එනවිට කුකුළු මස් සහ සෝදාගත් සහල් ටික එකතු කරන්න. රස පදමට ලුණු ගම්මිරිස් දමාගන්න. ගින්දර අඩුකර විනාඩි 15 ක් 20 ක් පමණ පිසගන්න. ඔබ ළිපෙන් බා ගත් සුප් එක විනාඩි 05 ක් පමණ නිවෙන්නට හැර ලුණු පරික්ෂාකර පිළිගන්වන්න. සී ඇන්ඩ් එස් සීසර් සැලඩ් සැහැල්ලු ආහාරයකට කියාපු කෑමක් තමයි සලාද. දම්පාට ගෝවා කොළයි, නිවිතියි මිශ්‍ර මේ රසවත් සලාදය හදාගන්න ඔබට වැය වන්නේ විනාඩි දෙකක් විතරයි. අවශ්‍ය ද්‍රව්‍ය මයෝනේස් මේස හැඳි 03 ක් ලෙමන් යුෂ මේස හැඳි 1 1/2 ක් ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක් අඹරාගත් සුදුලූනු බික් එකක් කපාගත් දම්පාට ගෝවා කොළ කෝප්ප 02 ක් කුඩා නිවිති කොළ කෝප්ප 01 ක් පර්මේසන් චීස් කුඩු තේ හැඳි 05 ක් රස අනුව ලුණු සාදන ක්‍රමය නිවිති සහ ගෝවා කොළ ටික හැර අන් සියලුම ද්‍රව්‍ය බඳුනකට දමා විස්ක් එකකින් කලවම් කරගන්න. ඉන්පසුව නිවිති සහ දම්පාට ගෝවා ටික ද එයට කලවම්කර රස පදමට ලුණු මිශ්‍ර කරගන්න. පොටෙටෝ ෆිෂ් පයි විවිධ කෑම රස බලන්න වැඩියෙන්ම කැමැත්තක් දක්වන්නේ අපේ පොඩිත්තන් තමයි. පැණි රස, තෙල් රස බලන ඒ අයට වෙනසකටත් එක්ක මේ අල සහ මාළු මිශ්‍ර පයි අපූරු වෙනසක් ගෙනේවි. අවශ්‍ය ද්‍රව්‍ය පොතු ඉවත්කර කුඩාවට කොටු කපාගත් අර්තාපල් ග්‍රෑම් 600 ක් මඳ උණුසුම් කිරි කෝප්ප 1/3 ක් කටු ඉවත්කර කොටු කපාගත් ටූනා මාළු ග්‍රෑම් 500 ක් පොතු ඉවත්කර ගත් ඉස්සෝ ග්‍රෑම් 250 ක් නැවුම් කිරි කෝප්පයක් බඩඉරිඟු පිටි මේස හැඳි 01 ක් සිහින්ව පෙති කපාගත් ලූනු ගෙඩි 02 ක් රස පදමට ලුණු සහ ගම්මිරිස් සාදන ක්‍රමය බඳුනකට ජලය දමා එය ළිප මත තබන්න. එය නටනවිට අල ටික දමා හොඳින් තම්බාගන්න. දැන් වෙනත් බඳුනකට මේ තම්බාගත් අල ටික දමා අඩු ගින්දරේ තබාගෙන හොඳින් පොඩි කරගන්න. එයට මඳ උණුසුම් කිරි ටිකද එකතු කරමින් පොඩි කරගත යුතුයි. රස පදමට ලුණු සහ ගම්මිරිස් දමන්න. වෙනත් බඳුනකට නැවුම් කිරි වලින් 3/4 ක් දමා මාළු සහ ඉස්සෝ ටික දමා ළිප තබන්න. මෙය විනාඩි 02 - 03 ක් පමණ පිසගන්න. ඉතිරි කිරි ටික බඩඉරිඟු පිටි සමග දියකර එයද එකතු කරන්න. අනතුරුව කපාගත් ලූනු එකතුකර විනාඩි 05 ක් පිසගන්න. දැන් ළිපෙන් බාගත් මෙම මිශ්‍රණය අවන් එකට දැමිය යුතුයි. ඒ සඳහා සුදුසු බඳුනක් ගෙන පළමුව කිරිවලින් සකසාගත් මිශ්‍රණය දමන්න. ඊට උඩින් අල ටික ද ලස්සනට අතුරා සෙල්සියස් අංශක 160 උෂ්ණත්වයට රත් වූ අවන් එකක විනාඩි 15 ක් බේක් කරගන්න. රන්වන් පැහැයට හැරෙනවිට පිටතට ගන්න. හෙල්දි චිකන් කරි හොද්දක්, ව්‍යාංජනයක් රස කරන්න අප එකතුකරන අමුද්‍රව්‍ය ඒ කියන්නෙ රසකාරක හැමදෙනෙක්ම අනුභව කරන්නෙ නැහැ. විශේෂයෙන්ම රම්පා, කරපිංචා, ගොරකා, කුරුඳුපොතු වාගේ දේවල් බත්පතේ පසෙකින් ඉතිරි කරන්න තමයි වැඩිදෙනකු පුරුදු වෙලා ඉන්නෙ.ඒ නිසාම මේ සියලු අමුද්‍රව්‍ය අඹරලා ඒවායේ අඩංගු ගුණාත්මක කොටස් ආහාරයට ගැනීමට හැකි පරිදි සකසාගත් කුකුළු මස් ව්‍යාජනයක් තමයි මේ. අවශ්‍ය ද්‍රව්‍ය කුකුළු මස් කිලෝ ග්‍රෑම් 01 ක් මිරිස් කුඩු මේස හැඳි 1 1/2 ක් බැදපු තුනපහ මේස හැඳි 1 1/2 ක් අමු තුනපහ මේස හැඳි 1 1/2 ක් ගම්මිරිස් කුඩු තේ හැඳි 1 1/2 ක් හතරට කැපූ ලූනු ගෙඩි 02 ක් සුදුලූනු බික් 04 ක් අමු මිරිස් කරල් 04 ක් කරපිංචා ඉති තුනක කොළ ඉඟුරු පොඩි කැබැල්ලක් ඔලිව් තෙල් ස්වල්පයක් ගොරකා පේස්ට් තේ හැඳි 01 ක් විනාකිරි තේ හැඳි 01 ක් මීකිරි මේස හැදි 02 ක් රස පදමට ලුණු සාදන ක්‍රමය කුකුළු මස් සෝදා පසෙකින් තබන්න. අනතුරුව ඉහත සඳහන් කළ සියලුම අමුද්‍රව්‍ය බ්ලෙන්ඩරයකට දමා වතුර කෝප්පයක් ද එකතුකර හොඳින් අඹරාගන්න. දැන් සෝදා පසෙකින් තැබූ කුකුළු මස් ටික මැටි බඳුනකට දමා අඹරාගත් අමුද්‍රව්‍ය මිහ්‍රණය ද ඊට එකතුකරන්න. අනතුරුව කුකුළු මස් කැබලිවල හොඳින් තැවරෙන පරිදි අතගාන්න. මෙය විනාඩි 20 ක් පමණ සීසන් වන්නට පසෙකින් තබන්න. ඉන්පසුව මෙය ළිප තබා ඉදීගෙන එනවිට නැවතත් වතුර කෝප්ප දෙකක් දමන්න. දැන් මස් එක හොඳින් තැම්බෙන තෙක් පිසගන්න. හොඳ ඝනකමක් සහිත උකු හොද්දක් සමඟ එන මස් ව්‍යාංජනයකි මේ. ස්ටීම් මෝදා ෆිෂ් හරි අලංකාරයට සරසපු මේ මෝදා මාළුවා කෑම මේසයට අපූරු කලඑළියක් රැගෙන එනවා නේද? හැඩ වාගේම තමයි රසත්. ඔබත් හදලාම බලන්නකෝ. අවශ්‍ය ද්‍රව්‍ය හොඳින් ශුද්ධ කරගත් මෝදා මාළුවෙක් තුනීයට කපාගත් ඉඟුරු මේස හැන්දක් තුනීයට කපාගත් ලූනු ගෙඩියක් කුඩාවට කපාගත් අමුමිරිස් කරල් 02 ක් හීනියට කැපූ සේර මේස හැන්දක් හීනියට පෙති කැපූ සුදුලූනු බික් 04 ක් කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 01 ක් තලතෙල් මේස හැඳි 01 ක් ගම්මිරිස් කුඩු මේස හැඳි 1/2 ක් කැබලි මිරිස් මේස හැඳි 1/2 ක් දෙහි ගෙඩි දෙකක යුෂ ඔලිව් තෙල් මේස හැඳි 01 ක් දෙහි කොළ 03 ක් (හීනියට කපා) මාළුවා එතීමට හැකි ප්‍රමාණයේ කෙසෙල් කොළයක් ලුණු තේ හැඳි 3/4 ක් සාදන ක්‍රමය පළමුව මාළුවාව හොඳින් ශුද්ධකර බඳ කොටසේ කැපුම් 03 ක් දමන්න. මාළුවාගේ යටි බඩ කොටස කපා පැත්තකින් තබන්න. අනෙක් සියලුම අමුද්‍රව්‍ය බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. එය විනාඩි 15 ක් පමණ ශීතකරණයේ තබන්න. අනතුරුව මාළුවාව ගෙන මේ මිශ්‍රණය හොඳින් මාළුවාගේ තවරන්න. කැබලි වශයෙන් ඇති සෑමදෙයක්ම මාළුවාගේ බඩ ඇතුළට දමන්න. ඉන්පසුව තවාගත් කෙසෙල් කොළය මත මේ මාළුවාව තබා ඉස්ම ඉතුරු වී ඇත්නම් ඒවාද උඩින් දමන්න. දැන් කෙසෙල් කොළයේ මාළුවා ඔතා ස්ටීමරයකට දමා විනාඩි 15 - 17 ක් පමණ වේලාවක් ස්ටීම් කරගන්න. මාළුවා තරමක් විශාල නම් විනාඩි 20 ක් පමණ තැබිය යුතුයි. ඉන්පසුව මාළුවාව ඉවතට ගෙන පරෙස්සමින් කෙසෙල් කොළය ඉවත් කරන්න. කෙසෙල් කොළයේ ඉතිරිවන ද්‍රාවණය සෝස් එකක් ලෙසින් භාවියට ගන්න. පැණි කොමඩු සලාදය රතට රතේ දිලෙන පැණි කොමඩුවලින් හදපු මේ රසම රස පලතුරු සලාදය දැක්කත් බඩ පිරෙනවා නේද? තල ඇට, මිංචි කොළ විතරක් නෙමෙයි තරමක් සැරට හදාගත්තු සෝස් එකකුත් මිශ්‍ර කරගන්න නිසා ඔබේ දිවට අමුතුම මිහිරක් කැන්දාවි. අවශ්‍ය ද්‍රව්‍ය තල ඇට කෝප්ප 1/2 ක් පැණි කොමඩු ගෙඩි 1/2ක් මිංචි කොළ අහුරක් ඩ්‍රෙසිං එක සඳහා අඹරාගත් සුදුලූනු බික් 1/2 ක් ඇඟිල්ලක් පමණ දිග ඉඟුරු කැබැල්ලක් ග්‍රේට් කරගන්න. තළාගත් රතු මිරිස් කරලක් සෝයා සෝස් මේස හැඳි 01 ක් තල තෙල් මේස හැඳි 01 ක් සාදන ක්‍රමය තල ඇට ටික පෑන් එකකට දමා රන්වන් පැහැයට බැදගන්න. පැණි කොමඩු ගෙඩිය සාමාන්‍ය ප්‍රමාණයට කොටු කපාගන්න. මිංචි කොළ ටිකත් හීනියට කපාගන්න. ඩ්‍රෙසිං එක සඳහා අවශ්‍ය සියලුම දේ බඳුනකට දමා හොඳින් කලවම් කරන්න. අනතුරුව කපා ගත් කොමඩු, මිංචි කොළ සහ තල ඇට ටික ද මෙයට දමා සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න. හෙල්දි එග් ෆ්‍රයිඩ් රයිස් විවිධාකාරයේ බත් වර්ග බොහොමයක් ඔබ රස වින්දාට සැකයක් නැහැ. හැබැයි මේවාගේ ගුණාත්මක ෆ්‍රයිඩ් රයිස් එකක් නම් කන්න නැතිව ඇති. බලන්නකෝ මේ බතේ රස. අවශ්‍ය ද්‍රව්‍ය කුඩාවට කොටු කපාගත් ලූනු ගෙඩියක් කුඩාවට කොටු කැපූ කැරට් අලයක් පිසගත් බාස්මතී බත් කෝප්ප 03 ක් තම්බාගත් ග්‍රින්පීස් කෝප්ප 1/2 ක් තම්බාගත් බඩ ඉරිඟු ඇට කෝප්ප 1/2 ක් බිත්තර 03 කින් සාදාගත් ස්ක්‍රම්බල් අඹරාගත් සුදුලූනු බික් 03 ක් එළවලු තෙල් ස්වල්පයක් සාදන ක්‍රමය බඳුනක් ළිප තබන්න. එයට එළවළු තෙල් ස්වල්පයක් දමන්න. තෙල් රත් වනවිට අඹරාගත් සුදුලූනු, කුඩාවට කැපූ ලූනු, කැරට් ආදිය දමා විනාඩි 05 ක් පමණ පිසගන්න. ඉන්පසු ගින්දර මඳක් වැඩිකර පිසගත් බාස්මති බත් එකතු කරන්න. මේ සියල්ල හොඳින් කලවම් කරනා අතරතුරේ තවත් විනාඩි 04 ක් පමණ පිසගන්න. අනතුරුව තම්බාගත් බඩඉරිඟු සහ ග්‍රින්පීස් එකතු කරන්න. දැන් අඩු ගින්දරේ සියල්ලම කලවම් කරනා ගමන් බිත්තර ස්ක්‍රම්බල් ද එකතුකර හොඳින් කලවම් කරන්න. ළිපෙන් බා ගත් මෙම බත උණුවෙන්ම පිළිගන්වන්න. උපදෙස් - මීගමුව, වින්ඩ්මිල් බීච් හෝටලයේ ප්‍රධාන සුපවේදී නේමින්ද රණතුංග ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 27 Jun 2017 08:19 AM අඩු බර දරු උපත් වළකන බඩ ඉරිඟු එක යායට වැඩුණු බඩ ඉරිඟු හේනක ලස්සන..... ඔය ළමයි ඒ ලස්සන දැකලා තියෙනවා ද? බඩ ඉරිඟු කරලත් ඒ වගේ තමා. බොහොම ලස්සනයි. ගුණයත් ඉස්තරම්. ළපටි බඩ ඉරිඟු කරලක රසයත් සුපිරියි. කිරි රස පිරුණු බඩ ඉරිඟු කරලක් පුච්චලා කාලා තියෙනවාද? ඒ රස විඳින්න ඕනෙ හේනකම ඉඳගෙනයි දරුවනේ. ඒත් මේ යාන්ත්‍රික සමාජයේ ඒ වගේ නිදහසක් ඔය දරුවන්ට තියෙන එකක් යැ. පාර දෙපස බඩ ඉරිඟු තම්බන තැන් ඕනෑ තරම් තියෙන්නෙ. අඩුම තරමෙ ඒ බඩ ඉරිඟු කරලක රසයවත් විඳගන්නකෝ. මොනවද මේ කෝන් ෆ්ලා බඩ ඉරිඟු, ඉරිඟු කිව්වාට නොදන්න අයත් ඉන්නවා. හැබැයි ඒ අය කෝන් ෆ්ලා, කෝන් මීල්, කෝන් පිටි, කෝන් ස්ටාච් වගේ නම්වලින් කිව්වොත් දන්නවා. බටහිර ක්‍රමයට, ඉන්දියන් ක්‍රමයට කෑම හදනකොට ඔය දරුවොත් ඒවා භාවිත කරනවා ඇති. ඒ මෝරපු බඩ ඉරිඟු ඇටවලින් හදන පිටි. එතකොට තෙල් වර්ගයකුත් තියෙනවා කෝන් ඔයිල් කියලා. එතකොට බඩ ඉරිඟු සුප්... චීන කෑමවල දී අංක එකට එන සුප් වර්ගයක් තමා ඒ. අපේ මේ පින් බිමේ වැවුණට මොකද අපේ අය හරියට ඒකෙ ගුණ දන්නෙ නැහැ. ඒ විතරක්යැ අපේම බිමේ වැවිලත් අපි කන්නෙ සුපිරි වෙළෙඳසල්වල තියෙන පිටරටින් ගෙන්වන ටින් කළ ඉරිඟු. ඔන්න ඕකයි ඇත්ත. අපේ බිමේ වගේම ඉන්දියාවෙත් සරුවට වැඩෙන බඩ ඉරිඟු. වැඩියෙන් භාවිත කරන්නේ බටහිර වැසියෝ. ඒ වගේම ඉන්දියානුවොත් මේවා භාවිත කරනවා. එහෙම බැලුවාම අපි තමයි මේවායින් හරි ප්‍රයෝජනයක් නොගන්නේ. විස්මයජනක පෝෂක ගබඩාවක් ඔන්න එහෙම නම් බඩ ඉරිඟුවල පෝෂණ ගුණය ගැන ඔය දරුවන්ට මං කියලා දෙන්නම්කෝ. එතකොටවත් බඩ ඉරිඟු ආහාරයට එකතුකර ගනියිනේ. ශරීර ශක්තිය වඩන බඩ ඉරිඟු ආහාරයට ගැනීමෙන් සිරුරට පිරුණු බවක් ගෙන දෙනවා. ඒ හින්දා අධික කෙසඟකින් යුතු අයට බොහොම හොඳ කෑමක්. අපේ සිරුරේ දිනපතා සිදුවෙන පරිවෘත්තීය ක්‍රියාවලිය කාර්යක්ෂම කරන්නත් එය නිවැරැදිව ඉටු කරන්නත් බඩ ඉරිඟු උපකාරි වෙනවා. විටමින් ඒ, විටමින් බී, විටමින් සී වගේම බොහොමයක් ඛනිජ ලවණත් මෙහි අඩංගුයි. ඒ විතරක් නෙමේ ෆයිබර් හෙවත් කෙඳිවලිනුත් බඩ ඉරිඟු පොහොසත්. දියවැඩියාව පාලනය කරනවා. හදවත් රෝග වළකනවා. උපතේදී සිදුවන ස්නායු අඩුපාඩු වීම් වළකනවා. බඩ ඉරිඟුවල අඩංගු කෙඳි නිසා ආහාර ජිර්ණ ක්‍රියාවලියේ සිදුවන අපහසුතා වළක්වනවා. මලබද්ධය, අර්ශස්, මහා බඩවැල් ආශි‍්‍රත පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා විතරක් නෙමේ සිරුරේ අනෙකුත් ස්ථානවල ඇතිවිය හැකි පිළිකා වලට එරෙහිව ක්‍රියාකරනවා. ඇල්සයිමර් රෝගය (කායික හා මානසික ක්‍රියාකාරීත්වයේ පිරිහීම නිසා ඇතිවන රෝගයක්) වළක්වා ගන්නවා. නිධන්ගත රෝග රැසකටම බඩ ඉරිඟු ගුණදෙනවා. කැලරි වැඩියි බඩ ඉරිඟු ග්‍රෑම් 100 ක කැලරි 342 ක් අඩංගු වෙනවා. එහෙම බැලුවාම ධාන්‍යවලින් වැඩිම කැලරි ප්‍රමාණයක් අඩංගු වන්නේ බඩ ඉරිඟුවලයි. ඒ නිසා හැදෙන වැඩෙන දරුවන්ට ශක්තිය අවශ්‍ය පුද්ගලයන්ට බඩ ඉරිඟු කියන්නේ ආහාර වේලට එකතුකර ගත යුතුම දෙයක්. බඩ ඉරිඟු කෝප්පයකින් අපේ සිරුරට ඕනෙ කරන දෛනික කෙඳි අවශ්‍යතාවෙන් 18.4% ක් ලැබෙනවා. මේ කෙඳි නිසා තමයි ආහාර ජීර්ණ ක්‍රියාවලිය ආශි‍්‍රත ගැටලු අවම වෙන්නේ. එනම් මලබද්ධය, අර්ශස් වගේ රෝග වැළකෙන්නේ. ඒ වගේම මහා බඩවැලේ පිළිකා ඇතිවීම වැළැක්වීමට හේතු වෙන්නෙත් මේ කෙඳි තමයි. විටමින් බී වල අඩංගු තයමින්, නියැසින් තමයි ස්නායු සුවතාවට හේතු වෙන්නේ. සම හැකිළී, ශරීරය දිරායන ඌනතාවක් වන පෙලග්‍රාව පරාජය කරන්න හේතු වෙන්නෙත් නියැසින්. ෆෝලේට් වැඩි ප්‍රමාණයක් දිනකට අපේ සිරුරට අවශ්‍ය වන ෆෝලේට් අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් සපුරා දෙන්නට බඩ ඉරිඟුවලට හැකියි. ඒ හින්දා ගර්භණී මවුවරුන්ට විශේෂයෙන්ම ගුණ දෙන කෑමක් විදිහට බඩ ඉරිඟු හඳුන්වන්න පුළුවන් දරුවනේ. ඔය දරුවො ලැබෙන්න ඉන්න අම්මලා බඩ ඉරිඟු කනවා නම් අඩු බර දරු උපත් සිදුවෙන්නේත් නැහැ. ඒ විතරක් නෙමේ දරු උපත්වල දී ඇතිවන ස්නායු ගැටලු ඇතිවෙන්නෙත් නැහැ. ඒ හින්දා උපදින්න ඉන්න දරු පැටියටත් හොඳයි. මෙය පැන්ටොතෙනික් ඇසිඩ් ලබාදෙන හොඳම ප්‍රභවයක්. මේ නිසා පිෂ්ටය, ප්‍රෝටීන්, මේදය සිරුරට උරාගැනීම පහසු කරනවා. පොස්පරස්, මැග්නීසියම්, මැන්ගනීස්, සින්ක්, යකඩ, කොපර් වැනි ඛනිජ ලවණ සිරුරට ලබා ගන්නත් බඩ ඉරිඟු හොඳ තෝරා ගැනීමක් වෙනවා. ඔය පිටරට විශ්වවිද්‍යාලයකින් කළ පරීක්ෂණයකට අනුව දරුවනේ බඩ ඉරිඟු කියන්නේ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කෑමක්. මෙහි තවත් ගුණ තියෙනවා. ඒ හින්දා පියයුරු පිළිකා, අක්මා පිළිකා වළක්වන්නටත් හැකියි. හදවත් රෝග වළකයි බඩ ඉරිඟු ආහාරයට ගැනීමෙන් ධමනිවල මේද තැන්පත් වීම වළක්වනවා. ඒ නිසා හෘද රෝගවලටත් වැට බඳින්න බඩ ඉරිඟුවලට හැකියාවක් තියෙනවා. සිරුරේ ලේ අඩුවීම වළකනවා. ඒකට හේතුව රතු රුධිරානු වර්ධනය කිරීමට බඩ ඉරිඟුවලට ඇති හැකියාවයි. සිරුරට අහිතකර ඛ්ච්ඹ් කොලෙස්ටරෝල් ඇති වීම අඩු කරන්නත් පුළුවන්. විශේෂම දේ වෙන්නේ දියවැඩියාව පාලනය කිරීමට ඇති හැකියාවයි. ඒකට හේතුව වන්නේ බඩ ඉරිඟුවල අඩංගු තන්තු හෙවත් කෙඳි රුධිරයේ සීනි මට්ටම සමබරව පවත්වා ගෙන යාමයි. ඒ හින්දා ඔය දියවැඩියාව ඇති දරුවෝ බඩ ඉරිඟු නිතරම ආහාරයට ගත යුතු දෙයක්. රූපලාවණ්‍ය නිෂ්පාදන ඉහළ තත්ත්වයේ ශාකසාර රූපලාවණ්‍ය නිෂ්පාදන සැකසීමට බඩ ඉරිඟු භාවිත කරනවා. එහෙම බැලුවාම බඩ ඉරිඟුවලින් නොගත්ත ප්‍රයෝජනයන් නැහැ. ඇයි හරක්, අශ්වයෝ වගේ සතුන්ටත් කෑම හදනවානේ. කෑමට කොහොමද? ගිනි ගොඩක් ගහලා ළපටි බඩ ඉරිඟු කරල් පුලුස්සලා කන්න පුළුවන්. පුදුම කිරි රසක් තියෙන්නේ. පැසුණු බඩ ඉරිඟු තම්බලා කන්න පුළුවන්. ඔය පුංචි දරුවෝ ආශාවෙන් කන කෝන් ෆ්ලෙක්ස් හදන්නෙත් බඩ ඉරිඟුවලින්. පුලුස්සපු බඩ ඉරිඟුවලින් සලාද හදන්නත් පුළුවන්. දරුවනේ අපි බලමු ඒ කොහොමද කියලා. බඩ ඉරිඟු තරමක් පුලුස්සා ගන්න. නිවුණාට පසු ඇට ගලවා ගන්න. තක්කාලි, ලුනු, කොත්තමල්ලි කොළ කුඩා කැබලිවලට කපාගන්න. ඇට ගලවාගත් බඩ ඉරිඟු බඳුනකට දාන්න. එයට ඔලිව් තෙල් ස්වල්පයක්, ගම්මිරිස් කුඩු, රස අනුව ලුණු, දෙහි එකතු කරන්න. කපාගත් ලූනු, තක්කාලි හා කොත්තමල්ලි කොළ දමා කලවම්කර ආහාරයට ගන්න. ගිනි ගොඩක් ගහන්න බැරි අයට ගෑස් ළිප දල්වා ඒ මත බඩ ඉරිඟු තබා පුලුස්සා ගන්න පුළුවන්. ඒ වගේම බඩ ඉරිඟු කරලට බටර් හෝ තෙල් ස්ප්‍රේ කරලා අවන් එකේ හෝ තැටියක තබා පුලුස්සා ගන්නත් පුළුවන්. තරුණි සමඟ හැමදාමත් රැඳී සිටින ඔය දරුවන්ට බඩ ඉරිඟුවලින් සාදාගන්න රස පිරි කෑම අතිරේකයක් ඉදිරියේදී තිළිණ කරන්නම්කෝ. මීට චාලට් නැන්දා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 27 Jun 2017 08:21 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 01 Jul 2017 06:42 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 01 Jul 2017 07:17 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 23 of 77 << < 2122232425 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes