You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 25 of 77 << < 2324252627 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Jul 2017 06:59 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/18661.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/18662.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/18663.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/18664.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
14 Jul 2017 09:01 PM
එංගලන්තයේ කුමාරවරු කන ඒවත් දැන් අපිට කන්න පුළුවන් වගේ...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jul 2017 03:42 AM
මැකරෝනි අපි හැදුවට ඒකට ගොඩක් දේවල් ඔනෙ නේද
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jul 2017 09:08 AM

අපි නොදන්නා මැලේ සංස්‌කෘතිය - 04
දොදොල්, සව් දොදොල් අපේම කෑමද?

මැලේවරුන්ගෙන් අපට දායාද වූ නාසිගෝරෙං (Fried Rice), මැලේ අච්චාරු, සෙරිකායා (Serikaya) හෙවත් වටලප්පන් සේම අපහට ඉතා සමීප අපේ ජන සමාජයේ ඉතා ජනප්‍රිය මැලේ ජාතිකයන්ගෙන් අපට උරුම වූ ආහාර වර්ග බොහොමයකි. ඉන් කීපයක්‌ පිළිබඳව අපගේ අවධානය යොමු කිරීම මැනවැයි සිතේ.

දොදොල් එසේ මැලේ ජාතිකයන්ගෙන් අප හඳුනාගත් අපහට සමීප එසේම ඉතා රසවත් අතුරුපසකි. දොදොල් වරෙක තේ පානයේදී අප බුදින කෑමකි. තවත් වරෙක දිවා හෝ රාත්‍රි ආහාරයෙන් පසු කන අතුරුපසකි. එසේම අපේ අමුත්තන් හට සංග්‍රහ කිරීම සඳහා යොදා ගන්නා ප්‍රමුඛ ආහාර වර්ගයකි. මැලේවරුන්ගේ කෑම මේසය නිරන්තරයෙන් සරසන කෑම වර්ගයක්‌ ලෙසද දොදොල් සැලකේ.

රාමසාන් උළෙලට පෙර එළැඹෙන මාසයක පමණ කාලයක්‌ පුරා දිවයන උපවාස සමයේදී ආහාර වර්ජික කාලසීමාවෙන් පසු ආහාර ගැනීම ඇරඹීමේදී බුදින ආහාර වර්ග අතරට ඉස්‌ලාම් භක්‌තික මැලේවරු දොදොල්ද එක්‌කර ගනු දක්‌නට ලැබේ. එසේම ඉන්පසු එළැඹෙන රාමසාන් උත්සවයේදී තම කෑම මේසය අලංකාර කිරීමටද ඔවුහු දොදොල් යොදා ගනිති. මැලේවරුන් වෙතින් අපහට උරුම වූ සමහර කෑම වර්ග සඳහා අප ඇතැම් අවස්‌ථාවන්හිදී වෙනත් නම් භාවිත කරන බවක්‌ දක්‌නට ලැබුණද මැලේවරු සේම සිංහලයෝද එකී ආහාර වර්ගය දොදොල් නමින් එකම නමකින් හැඳින්වීමද විශේෂත්වයකි.

දොදොල් කැබැල්ලක්‌ කටට ගෙන බුදින විටෙක එය එක්‌වරම අපගේ තල්ලේ ඇලෙන්නේ නම් එය කෙතරම් රසවත් වුවද පාරිභෝගිකයා ඉන් අපහසු තත්ත්වයකට පත්වීම අපට හුරු පුරුදු අත්දැකීමකි. එසේ නොවන ආකාරයෙන් එසේම ඊට ආවේණික අපූරු රසයෙන් යුතුව දොදොල් සාදා ගැනීම සඳහා මැලේවරු භාවිත කරන ද්‍රව්‍ය සහ ඒවා සාදා ගන්නා ආකාරය පිළිබඳ නිවැරදි අවබෝධයක්‌ ලැබීම වැදගත්ය. එසේ 4-6 අතර පිරිසකට සෑහෙන සේ දොදොල් පිළියෙල කර ගැනීම පිණිස භාවිත කෙරෙන ද්‍රව්‍ය මෙසේය.

1. හාල් පිටි හෝ තිරිඟු පිටි ග්‍රෑම් 500 ක්‌

2. හොඳින් කුඩුකර ගත් කිතුල් හකුරු කිලෝග්‍රෑම් 2 1/2 ක්‌

3. පොල්කිරි පයින්ට්‌ 10 ක්‌ හෝ විශාල ප්‍රමාණයේ පොල්ගෙඩි හයක පොල් කිරි

4. කරඳ මුංගු ස්‌වල්ප ප්‍රමාණයක්‌

5. පෙති ගැසූ කජු මද ස්‌වල්පයක්‌

දොදොල් සාදන ක්‍රමය -

පයින්ට්‌ 10 ක පොල්කිරි ප්‍රමාණය ඒ සඳහා සුදුසු පරිමාණයේ තරමක්‌ විශාල බඳුනකට වත්කර ගන්න. පැරණි මැලේවරු ඒ සඳහා යොදා ගන්නා ලද්දේ "Periuk Besar" නමින් හැඳින්වුණු විශාල තාච්චි විශේෂයකි. ඉන්පසු පිටි ප්‍රමාණය පොල්කිරිවලට මුසු කරන්න. එසේම පිටි වනසේ කුඩු කළ හකුරුද ඊට මිශ්‍ර කර එම බඳුන තද ගින්නේ තබන්න. එම භාජනය ළිප මත තිබෙන මුළු කාලය පුරාම අඛණ්‌ඩවම එය හොඳින් හැඳි ගෑම අත්‍යවශ්‍ය කරුණකි. ඒ සඳහා භාවිත කරන්නේ පැතලි තරමක්‌ විශාල හබලක්‌ වැනි ලී සහ ලෝහ කොටස්‌වලින් යුත් "පත්ත" නමින් අප හඳුන්වන උපකරණයකි. ගින්නේ පැසීමේදී කෙමෙන් උකු වන දොදොල් මිශ්‍රණය ඇලෙන සුළු බවින් තොරව සකසා ගැනීම අත්‍යවශ්‍ය සාධකයකි. එය ළිපේ තිබෙන තාක්‌ කල් අඛණ්‌ඩව හැඳි ගෑ යුත්තේ ඒ සඳහාය.

එසේ සැකසුණු දොදොල් මිශ්‍රණය තුළ ඒ වන විට නිපද වී තිබෙන තෙල් ප්‍රමාණය මුළුමනින්ම ඉවත් කිරීම ඊළඟට සිදුකළ යුතු කරුණයි. එය ඉතා සීරුවෙන් කළ යුතු වන්නේ තෙල් බහුල ලෙස මුසු වී පැවතීම දොදොල්වල ප්‍රනීත රසයට බාධා පමුණුවන නිසා පමණක්‌ නොවේ. එය අපගේ ශරීර සෞඛ්‍යයටද අහිතකර බැවිනි. ඉන්පසු දොදොල් මිශ්‍රණයට කරඳ මුංගු සහ පෙති ගැසූ කජු මද ද එකතු කරගන්න. දොදොල් සාදා ගැනීම සඳහා යොදා ගන්නා බඳුනේ අඩියේ රැඳී තිබෙන දොදොල් මිශ්‍රණයේ යට කොටස අනවශ්‍ය ලෙසින් ඝන නොවන සේ හොඳින් අඛණ්‌ඩව හැඳි ගෑ යුත්තේ මුළු මිශ්‍රණයම එක්‌ බදු තත්ත්වයකින් සකසා ගැනීමේ අවශ්‍යතාවය සලකාය. දොදොල් මිශ්‍රණය අවශ්‍ය ප්‍රමාණයට ඝනීභවනය වීමෙන් අනතුරුව එය බඳුනකට හලා අපේක්‌ෂිත උස ප්‍රමාණය එළැඹෙන තෙක්‌ සමතලා කරගත යුතුය. අපේ ගෘහණියන් "වඩවනවා" යනුවෙන් නම් කරන්නේ එකී කාර්යභාරයයි. මිශ්‍රණය නිසි පරිදි සිසිල් වීමෙන් අනතුරුව තමන්ට අවශ්‍ය ප්‍රමාණයට අපේක්‌ෂා කරන හැඩයකින් යුතුව කෑලි කපා ගත් දොදොල් ආහාරයට ගත හැකි වේ.

දොදොල්වලින්ම බිදී එන තවත් ප්‍රනීත ආහාර වර්ගයක්‌ මැලේවරු මහත් අභිරුචියකින් තම පරිභෝජනය සඳහා යොදා ගනිති. එය හඳුන්වන්නේ "දොදොල් ලීන්යේ" (Dodol Linye) නමිනි. "Nimmak" යනුවෙන්ද මැලේවරු එය හඳුන්වති. මැලේ රටවල එය නම් කෙරෙන්නේ "Nimat" යනුවෙනි. "ප්‍රනීත ආහාරය" යන්න එහි අරුතයි. දොදොල් අපට හුරු පුරුදු ආහාරයක්‌ වන නමුදු "දොදොල් ලන්සේ" එසේ නොවේ. මෙහිදී දොදොල් සෑදීමට ගන්නා ද්‍රව්‍ය සහ ඒවා සාදා ගන්නා ක්‍රමය එසේම අනුගමනය කරන නමුදු එය එහි නිමාවේ අවසන් පියවර දක්‌වා නොගොස්‌ ඊට පෙර සාදා ගන්නා ආහාර විශේෂයකි.

දොදොල් මිශ්‍රණය ළිපේ තබා හැඳි ගාද්දී එය කෙමෙන් ඝනීභවනය වන විට මිශ්‍රණයේ පවත්නා දුඹුරු පැහැය ක්‍රමයෙන් කළු පැහැයට හැරීම සිරිතකි. දොදොල් ලින්යේ සැකසීමේදී දොදොල් මිශ්‍රණයේ දුඹුරු පැහැය වෙනස්‌ වීමට ප්‍රථම එය මෘදුව, කස්‌ටර්ඩ් වැනි දියාරු තලපයක තත්ත්වයේ පවතීද්දීම ළිපෙන් බාගත යුතු වේ. ඉන්පසු එයට ඝන පොල්කිරි මුසුකොට ආහාරයට ගත හැකිය. එය උණුසුම්ව පවතිද්දීම හැන්දක ආකාරයෙන් රස බලන්නට මැලේවරු පුරුදුව සිටින්නේ එහි ප්‍රනීත බව නොඅඩුව විඳීම සඳහාය. ශ්‍රී ලාංකික මැලේවරු මෙම රසවත් ආහාර වර්ගය "දොදොල් ආයෙර්" නමින්ද හඳුන්වති.

දොදොල් සේම අපට හුරු පුරුදු තවත් රසවත් කෑමක්‌ වන සව් දොදොල්ද මැලේවරුන් හට ආවේණික ආහාර වර්ගයකි. සව් නමින් අපට හුරු පුරුදු ධාන්‍ය වර්ගය මූලික කරගනිමින් පිළියෙල කර ගන්නා සව් දොදොල් සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය මෙසේය.

1. මුංඇට ග්‍රෑම් 285 ක්‌

2. පිටිකර ගන්නා ලද පොල් ග්‍රෑම් 120 ක්‌

3. සීනි මේස හැඳි 01 ක්‌

4. ලුණු තේ හැඳි 1/2 ක්‌

4. රම්පේ කොළ කීපයක්‌

සාදා ගන්නා ක්‍රමය -

හොඳින් සෝදා පිරිසිදු කර ගන්නා ලද සව් විනාඩි 5 ක්‌ පමණ ජලයේ පෙඟෙන්නට හැර තබා එය පෙරා දිය බේරෙන්නට තබන්න. ජලය මිලිලීටර් 625 ක ප්‍රමාණයක්‌ සාස්‌පානක රත්වෙන්නට තබා එය කෙමෙන් රත්වී ගෙන එද්දී සව් ප්‍රමාණය එයට එකතු කරගන්න. ඉන්පසු සව් ඇට විනිවිද පෙනෙන තත්ත්වයට පත් වන තෙක්‌ හොඳින් හැඳි ගාන්න. පසුව පෙරණයකින් එය පෙරා ගෙන එහි ඇති අතිරික්‌ත ජලය බේරෙන්නට හැර සව් මිශ්‍රණය සුදුසු බඳුනකට දමා ඊට පිටිකරන ලද පොල්, සීනි, ලුණු සහ රම්පේ එකතු කොට හොඳින් හැඳි ගාන්න. ඉන්පසුව විනාඩි 3 ක්‌ පමණ එය සිසිල් වෙන්නට හරින්න. අනතුරුව හොඳින් සෝදා පිරිසිදු කරන ලද අච්චුවක හෝ එවන් සුදුසු බඳුනක දමා එය පදම් වීමට ඉඩ හරින්න. ඉන්පසුව එය ශීතකරණයේ හෝ නිදැල්ලේ තබා හෝ හොඳින් සිසිල් වෙන්නට හැර කැබලි කපා ආහාරයට ගන්න.

මේ අයුරින් සකස්‌ කර ගන්නා දොදොල් සහ සව් දොදොල් මෙන්ම අපට නුහුරු දොදොල් ලින්යේ යන ආහාර වර්ග ත්‍රිත්වයම මැලේ ජාතිකයන්ට සේම අපටද ඉතා ප්‍රනීත ආහාර වර්ග වෙනවාට කිසිදු සැකයක්‌ නොමැත.

එඩ්වච් චන්ද්‍රසිරි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jul 2017 09:07 AM

http://navaliya.com/2017/07/17/New%20folder/40.jpg

http://navaliya.com/2017/07/17/New%20folder/25.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jul 2017 06:05 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/18737.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/18738.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/18739.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/18740.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Jul 2017 11:02 PM
ෂා මේ කාලෙටම කියාපු මිල්ක් ෂේක්,ජූස් ටික
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Jul 2017 09:08 AM

රස වෑහෙන පෝෂණීය කෑම බීම

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
රස පිරුණු බත් වර්ග සුප් සහ බීම වර්ග සමඟ අතුරුපස     අප මෙලොව උපන්නේ කන්නට බොන්නට පමණක්ම නො වන බව සැබෑවකි. නමුදු ජීවත් වීමටත්, එදිනෙදා දහසකුත් එකක් කටයුතු ඉටුකර ගන්නටත් අප නිරෝගී විය යුතුය. ජව සම්පන්න විය යුතුය. එහෙයින්ම කෑම සහ බීම අපේ දිවියේ ප්‍රධාන අංගයකි.

 

කනවා, බොනවා කියා හැමදාමත් එකම දේ කන්නට ද බැරිය. එසේ වුවහොත් කෑම නීරස වී ආහාර රුචිය බිඳ වැටේ. මේ හේතුව නිසාම අපේ සෞඛ්‍ය සම්පන්න බව වියැකී යා හැකියි. එහෙත් එය එසේ නො වන්නට කටට රසට කෑමට රුචි වඩන ලෙස පෝෂණ ගුණාංග සපිරිව කෑමබීම සකසා ගන්නා දැනුමෙන් ඔබව පොහොසත් ළඳක් කරන්නට ‘තරුණී’ නිරතුරු සූදානම්. පිටු දාසයක් පුරාවට දිගහැරෙන ‘රස’ ඒ වෙනුවෙන් ඔබට පිදෙනා අනගි තිළිණයයි.

දූ දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට කදිම, පෝෂණ ගුණය පිරුණු පහසුවෙන් සකසාගත හැකි උදෑසන ආහාර, රස පිරුණු සුප්, උදෑසනට, දහවලට මෙන්ම රාත්‍රියට ගැළපෙන රස පිරුණු වෙජිටේරියන් බත් වර්ග, නිදහසේ රස විඳින්නට රසැති පාන සහ අතුරුපස ආදී සූපවේදයේ ප්‍රවීණයන් කිහිපදෙනෙක් ඉදිරිපත් කරන රස ගුණ සපිරි කෑම, බීම වෙනුවෙන් මෙවර අතිරේකය වෙන් වේ. මෙහි දැක්වෙන බොහොමයක් කෑම දූ දරුවන්ට පාසල් දිවා ආහාරය ලෙසින් ගෙනයන්නට ද කදිමයි. එපමණක් නොව රැකියාවක නියුතු ඔබේ උදෑසන හා දිවා ආහාරය සඳහාත් මේවා ගැළපේ. එසේ නම් ‘රස’ ළඟ තබාගෙන මේ කෑම බීම සකසා පවුලේ අයත් සමඟ සිරි සේ රස විඳින්න.

 උදෑසනට පෝෂණීය ආහාර

 ශක්තිය වඩන කඩල පිටි රොටි

 ප්‍රෝටීන්, පිෂ්ටය, කෙඳි ආදී පෝෂක රැසක් අඩංගු කඩල උදෑසන ආහාරයට වඩාත් සුදුසුයි. ඒත් ඉතිං හැමදාමත් නිකම්ම කඩල තම්බලා කන්නත් බැහැනේ. ඒ හින්දා රස වෙනසකට වගේම පෝෂණීය වෙනසකටත් එක්ක කඩල රොටි සකසා ගත්තොත් නරකද? ඇඟට ශක්තිය දෙන කඩල රොටි මේ විදිහට හදමු.

 අවශ්‍ය ද්‍රව්‍ය

කඩල පිටි කෝප්ප 1 ක්

පාන් පිටි කෝප්ප 1 ක්

රතුලූනු ග්‍රෑම් 70 ක්

අමු මිරිස් කරල් 2 ක්

ළපටි ගෝවා කොළ 1 ක්

රතු බෙල්පෙපර් කොටසක්

කැමැති වර්ගයකින් තෙල්

මේස හැඳි 2 ක්

කෑලි මිරිස් තේ හැඳි 1/2 ක්

එස අනුව ලුණු

අවශ්‍ය පමණ වතුර

 සාදන ක්‍රමය

ලූනු, අමු මිරිස්, ගෝවා සහ බෙල්පෙපර් සෝදා සිහින්ව කපාගන්න. එය බඳුනකට දමා වතුර හා ලුණු හැර අනෙක් ද්‍රව්‍ය ද එයටම දමන්න. රස අනුව ලුණු එකතු කරන්න. වතුර ටික ටික එක්කරමින් මිශ්‍රණය කලවම් කරමින් අනාගන්න. අතේ නො ඇලෙන පදමට එනතෙක් අනා පසුව කොටස් වෙන්කර බෝල සාදා ගන්න. සාදාගත් බෝල තුනීකර තෙල් ගා ගත් තැටියක් මත තබා දෙපැත්ත පුලුස්සා ගන්න.


 පැණි සමඟ කන්න කෙසෙල් පෑන් කේක්

විටමින් සපිරි කෙසෙල් ලොකු කුඩා වුරුත් කැමැති පලතුරක්. නිකම්ම පලතුරක් විදිහට කන කෙසෙල් වෙනස් ආකාරවලටත් රස බලන්න පුළුවනි. දරුවන් ආශාකරන විදිහට කෙසෙල් පෑන් කේක් අපි මෙහෙම හදමු.

  

අවශ්‍ය ද්‍රව්‍ය

ලොකු කෙසෙල් ගෙඩි 1 ක්

(ගෙඩි පොඩි නම් 2 ක් ගන්න)

බිත්තර 1 ක්

පාන් පිටි කෝප්ප 1 ක්

රුලං කෝප්ප 1/2 ක්

බටර් ග්‍රෑම් 50 ක්

බේකිං පවුඩර් තේ හැඳි 1/2 ක්

සීනි මේස හැඳි 2 ක්

කිරි කෝප්ප 1/2 ක්

කුරුඳු කුඩු තේ හැඳි 1/4 ක්

සාදික්කා කුඩු තේ හැඳි 1/4 ක්

 සාදන ක්‍රමය

කෙසෙල් බඳුනකට දමා ගෑරුප්පුවකින් පොඩිකර ගන්න. බිත්තරය ගසාගන්න. පිටි, රුලං, කුරුඳු කුඩු, සාදික්කා කුඩු, බේකිං පවුඩර් එකට එකතු කරන්න. දැන් පොඩිකරගත් කෙසෙල්, සාදාගත් පිටි මිශ්‍රණය, ගසාගත් බිත්තරය, බටර් සහ කිරි එකතුකර කලවම් කරගන්න. ඔබ ගන්නා කෙසෙල් ප්‍රමාණය අනුව කිරි ප්‍රමාණය අඩු වැඩි කරගත හැකියි. පෑන් කේක් මිශ්‍රණයේ ඝනකම අනුව කිරි අවශ්‍ය යැයි හැඟේ නම් තව එකතු කරන්න. නොන්ස්ටික් පෑන් එකක් ළිප තබා ඒ මතට සාදාගත් මිශ්‍රණයෙන් ටිකක් හැන්දකින් වත්කරන්න. එය රවුම් ආකාරයට විහිදුවා ගන්න. දෙපැත්ත රන්වන් පාට වනතුරු පුලුස්සා පිටතට ගන්න.

එලෙස මිශ්‍රණය නිමාවන තෙක් පෑන් කේක් සකසා ගන්න. සෑදූ උණු උණු පෑන් කේක් පැණි සහ කෙසෙල් පෙති සමඟින් පිළිගන්වන්න.


  ක්‍රීම් චීස් මිශ්‍ර රුලං පෑන් කේක්

පොඩිත්තන්ට  කෑම කවා ගන්න එක අම්මලාට යුද්ධයක් වගේනේ.

ඒත් ආදරණීය අම්මා වූ ඔබට විවිධත්වයක් ඇතුව

පෝෂණයත් සහිතව කෑම හදන්න පුළුවන් නම් පුංචි දරුවෝ ආශාවෙන් කෑම කාවි. පෝෂණ ගුණය පිරුණු මේ රුලං පෑන් කේක් එකක් පුංචි දරුවෝ බොහොම ආශාවෙන් රස විඳීවි.

අවශ්‍ය ද්‍රව්‍ය

රුලං කොප්ප 1 1/2 ක්

ක්‍රීම් චීස් මේස හැඳි 2 ක්

සීනි මේස හැඳි 2 ක්

බිත්තර 1 ක්

කිරි කෝප්ප 1 ක්

බේකිං පවුඩර් තේ හැඳි 1/4 ක්

 

සාදන ක්‍රමය

රුලං, සීනි, බේකිං පවුඩර්, ක්‍රීම් චීස්, බිත්තරය කඩා එකට දමා හොඳින් කලවම් කරගන්න.

එයට කිරි ටික ටික එකතු කරමින් පෑන් කේක් බැටර් එක සාදාගන්න. නොන්ස්ටික් පෑන් එකක් ළිප තබා පෑන් කේක් මිශ්‍රණයෙන් ටික ටික වත්කර අඩු ගින්දරේ පෑන් කේක් සාදාගන්න.

මෙය ස්ට්‍රෝබෙරි සෝස්, චොකලට් සෝස් හෝ පලතුරු සමඟින් දරුවන් කැමැති විදිහට පිළිගන්වන්න.

ස්ට්‍රෝබෙරි සෝස් හදමු

ස්ට්‍රෝබෙරි ගෙඩි 5 ක් පමණ කුඩා කොටස්වලට කපාගන්න. එයට සීනි මේස හැඳි එකක් හා වතුර අඬු කෝප්ප කාලක් ද එකතුකර උණුකරගන්න. ඉන්පසු ළිපෙන් පිටතට ගෙන නිවෙන්ටන තබා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.

මෙය පිළිගැන්වීමට ඔබට තිබෙන පලතුරු භාවිත කරන්න. එමෙන්ම පෑන් කේක් සෑදීමට ක්‍රීම් චීස් අවශ්‍යම නොවේ.


 කිරි රසයට කන්න බඩ ඉරිඟු තෝසෙ

 තම්බපු බඩ ඉරිඟුවල රස මතක් කරන කොටත් කටට කෙළ උනනවා නේද? සමට සහ ඇස්වලට හිතකර ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පොහොසත් බඩ ඉරිඟු යොදා තෝසෙ වැනි රසවත් කෑමක් සාදාගන්නා ආකාරයයි මේ.

හැබැයි මේ සඳහා යොදා ගන්නේ බඩ ඉරිඟු පිටියි.

 අවශ්‍ය ද්‍රව්‍ය

බඩ ඉරිඟු පිටි කෝප්ප 1 ක් (කෝන් පිටි)

පාන් පිටි කෝප්ප 1 ක්

බිත්තර 1 ක්

ලොකු ලූනු ගෙඩි 1/2 ක්

අමු මිරිස් කරල් දෙකක්

බෙල්පෙපර් 1/2 ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්

 රස අනුව ලුණු

කිරි කෝප්ප 1 ක් (ෆ්‍රෙෂ් මිල්ක්)

 සාදන ක්‍රමය

ලූනු, අමු මිරිස් සහ බෙල්පෙපර් සිහින්ව කපාගන්න. එය බඳුනකට දමන්න. පිටි, කෝන් පිටි (බඩ ඉරිඟු පිටි), ලුණු, ගම්මිරිස් කුඩු සහ බිත්තර කඩා දමා කලවම් කරගන්න. එම මිශ්‍රණයට කිරි ටික ටික එකතුකර හොඳින් කලවම් කරගන්න. මෙහි පෙනුම තෝසෙ මිශ්‍රණයේ පෙනුමට සමානයි. ඝනකමත් නැහැ. තුනීත් නැහැ.

දැන් නොන්ස්ටික් පෑන් එකක් හෝ තැටියක් ළිප තබා රත්කර තෙල් ගා ඒ මතට තෝසෙ මිශ්‍රණයෙන් හැන්දක් වත්කරන්න. එය රවුමට විහිදුවන්න. ගින්දර වැඩිකර යන්තම් රන්වන් පැහැවනතුරු දෙපැත්ත මාරුකර පුලුස්සා ගන්න.


  පාන් සමඟ කන්න තම්බපු අල සලාදයක්

 විටමින් සපිරි අර්තාපල් කෑම වේලට හොඳම පෝෂක හිතවතෙක්. විවිධ රසට විවිධ ක්‍රමයට අර්තාපල්වලින් රසවත් කෑම හදන්නත් පුළුවන්. අල සලාදය ඒ කෑම අතරින් හරිම සුවිශේෂීයි. උදෑසනට පාන් කන අය වැඩියිනේ.

එහෙම පාන් තෝරාගන්නා අයට පෝෂණ ගුණය වැඩිකරගන්න අර්තාපල් සලාද සමඟ පාන් කන්න පුළුවන්. පොඩිත්තන්ට මේ සලාදය බොහොම රසවත් කෑමත් වේවි.

 අවශ්‍ය ද්‍රව්‍ය

ලොකු අර්තාපල් ගෙඩි 2 ක්

බිත්තර 3 ක්

පොඩි තක්කාලි ගෙඩි 1 ක්

සලාද කොළ දෙකක්

සාමාන්‍ය ප්‍රමාණයේ ලූනු ගෙඩි 1 ක්

ලූනු ගස් කිහිපයක්

මෙයෝනෙස් සෝස් මේස හැඳි 3 ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්

රස අනුව ලුණු

තියෙනවා නම් විතරක් ඔලිව් ගෙඩි කිහිපයක්

 සාදන ක්‍රමය

අර්තාපල් තම්බා පොතුහැර පොඩිකරගන්න. බිත්තර තම්බා පොතු හැරගන්න. සැරසීමට පෙති දෙක තුනක් කපා ගෙන වෙනම තබන්න. ඉතිරි බිත්තර පොඩි කොටස්වලට කපාගන්න.

ලූනු, ලූනු ගස්, සලාද කොළ. කළු ඔලිව් ගෙඩි පොඩි කොටස්වලට කපාගන්න. දැන් මෙම සියලුම ද්‍රව්‍ය බඳුනකට දමා ලුණු, මෙයෝනෙස් සෝස්, ගම්මිරිස් කුඩු දමා හොඳින් කලවම්කර බිත්තර පෙති තබා සරසා පිළිගන්වන්න.


  බේකන් එකතුකර සෑදූ ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් ටෝස්ට්

 හැමදාමත් එකම විදිහට පාන් කන ඔබට තවත් පෝෂණීය වෙනසකි මේ.

බටර්, බිත්තර, කිරි, බේකන් මෙන්ම බෙල් පෙපර්, ලූනු කොළ ආදී පෝෂණ ගුණයෙන් සපිරි ද්‍රව්‍ය එක්කර සාදාගන්නා මේ ෆ්‍රෙන්ච් බේකන් ටෝස්ට් උදෑසන ආහාර වේලට නැවුම් වෙනසක් ගෙන දේවි.

 අවශ්‍ය ද්‍රව්‍ය

බේකන් ග්‍රෑම් 150 ක් (කුඩා

කොටස්වලට කපාගත්)

ලොකු ලූනු ගෙඩි 1/2 ක්

ලූනු කොළ ස්වල්පයක්

බෙල් පෙපර් කොටසක්

ඔලිව් තෙල් මේස හැඳි 1 ක්

රස අනුව ලුණු

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්

කෑලි මිරිස් තේ හැඳි 1/2 ක්

බිත්තර 2 ක්

කිරි කෝප්ප 1 ක්

කුඩා ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් 2 ක් (ඔබට ඇති පාන් වර්ගයක් ගන්න)

කුරුඳු කුඩු තේ හැඳි 1/4 ක්

බටර් තේ හැඳි 1 ක්

 සාදන ක්‍රමය

බඳුනක් ළිප තබා තෙල් දමන්න. තෙල් රත්වීගෙන එන විට බේකන් කැබලි එකතුකර ටික වේලාවක් බැදගන්න. එයට ලියාගත් ලූනු, ලූනු කොළ, බෙල් පෙපර්, ගම්මිරිස් කුඩු, ලුණු, කෑලි මිරිස් එකතුකර ස්වල්ප වේලාවක් හැඳිගාමින් බැදගන්න. ළිප නිවා එය පසෙකින් තබන්න.

දැන් කිරි, බිත්තර, කුරුඳු කුඩු, ලුණු එක්කර හොඳින් ගසාගන්න. එයට කපාගත් පාන් කොටස් එකතුකරන්න. පෑන් එකක් ළිප තබා බටර් එකතු කරන්න. බටර් දියවීගෙන එන විට පොඟවාගත් පාන් පෙති ඒ මත අතුරන්න. එක් පැත්තක් රන්වන් පාට වීගෙන එන විට අනිත් පැත්ත හරවන්න. එම පැත්තත් රන්වන් පාට වූ විට පිටතට ගන්න. පිටතට ගත් පාන් පෙති පිඟානක් මත අතුරන්න. ඒ මත සාදාගත් බේකන් මිශ්‍රණය අතුරා පිළිගන්වන්න.

මෙහි බේකන් වෙනුවට කටු රහිත චිකන් කුඩා කොටස්වලට කපා එකතුකරගත හැකියි.


 රස ඉතිරෙන සේවරි ටෝස්ට්

 ප්‍රෝටීන් සපිරි කිරි, බිත්තර පුංචි දරුවන්ගේ ආහාර අතර වරදින්නේම නැහැ. මේ දේවල් එකතුකර පාන් රසවත් කරන්නත් පුළුවනි. රස ඉතිරෙන සේවරි ටෝස්ට් එවැනි කෑමකි. බලන්න. ඔබටත් මේ විදිහට සේවරි ටෝසට් සාදාගන්න පුළුවන් ද කියලා.

 අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 2 ක්

කිරි කෝප්ප 1 ක්

පාන් පෙති 4 ක්

කුරුඳු කුඩු තේ හැඳි 1/4 ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 ක්

ලුණු ස්වල්පයක්

බටර් තේ හැඳි 1 ක්

ලූනු ගස්වල කොළ කිහිපයක්

රතු බෙල්පෙපර් කොටසක්

චීස් පවුඩර් මේස හැඳි 2 ක්

 සාදන ක්‍රමය

ලූනු කොළ සහ බෙල්පෙපර් සිහින්ව කපාගන්න. කිරි, බිත්තර, කුරුඳු කුඩු, ගම්මිරිස් කුඩු හා ලුණු බඳුනකට දමා ගසාගන්න. පෑන් එකක් ළිප තබා බටර් එකතුකරන්න. බටර් දියවීගෙන එන විට සාදාගත් බිත්තර මිශ්‍රණයේ පාන් පෙති බහා පෑන් එක මත තබන්න. එම පාන්පෙත්තේ උඩ පැත්තට කපාගත් ලූනු කොළ, බෙල්පෙපර් දමා ඒ මත චිස් කුඩු අතුරන්න. පාන් පෙත්තේ යට පැත්ත රන්වන් පාට වීගෙන එන විට අනෙක් පැත්ත හරවන්න. චීස් දියවෙන නිසා අනෙක් පැත්ත හරවද්දී එළවළු වැටෙන්නේ නැහැ. ඒවා පාන් පෙති මත රැඳී පවතිනවා. මේ විදිහට හදන සේවරි ටෝස්ට්වලට දරුවන් කැමැති වෙනත් එළවළු එක්කර ගන්න පුළුවන්.


  පොඩිත්තෝ ආසම කරන ෆ්‍රෙන්ච් ටෝස්ට්

 පුංචි දරුවන් ටෝස්ට් වර්ග රස විඳින්න බොහොම කැමැතියි. රස පිරුණු පෝෂණ ගුණයත් සහිත ටෝස්ට් වර්ග අතර ෆ්‍රෙන්ච් ටෝස්ට් අංක එකට ඉන්නවා.

 එහෙමනම් පොඩිත්තන්ට රස කෑම හදන්න හිතන අම්මලාට මෙන්න මේ විදිහට රසම රස ෆ්‍රෙන්ච් ටෝස්ට් සාදාගන්න පුළුවන්.

 අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 2 ක්

කිරි කෝප්ප 1 ක්

පාන් පෙති 4 ක්

කුරුඳු කුඩු තේ හැඳි 1/4 ක්

රස අනුව ලුණු

බටර් තේ හැඳි 1 ක්

 සාදන ක්‍රමය

කිරි, බිත්තර, කුරුඳු කුඩු, ලුණු එකතුකර ගසාගන්න. පෑන් එකක් ළිප තබා බටර් එකතුකරන්න. බටර් රත්වීගෙන එන විට පාන් පෙති සාදාගත් බිත්තර මිශ්‍රණයේ බහා පෑන් එක මත තබන්න. එක් පැත්තක් රන්වන් පාට වී ගෙන එන විට අනෙක් පැත්ත හරවන්න. ඉන්පසු දරුවන් කැමැති විදිහට කුඩා කොටස්වලට කපා පිළිගන්වන්න.

මේ ටෝස්ට් කැබලි නිකම් කන්න පුළුවන්. ඒත් ඔබ කැමැති නම් පැණි, නුතෙල්ලා හෝ පලතුරු ක්‍රීම් චීස් සමඟ දරුවන්ට පිළිගන්වන්න.

  


පෝෂණය පිරුණු ස්ක්‍රම්බල් එග් සැලඩ්

සැලඩ් කියන්නේ පෝෂණ ගුණයෙන් අනූන කෑමක්. බිත්තරත් පෝෂණ ගබඩාවක්. එහෙම නම් එග් ස්ක්‍රම්බල් සැලඩ් කියන්නේ උදෑසනට ශක්තිජනක සැලඩ් එකක්.

බත්, පාන් ආදිය සමඟ රස විඳින්න මෙය කදිම එකතුවක් වේවි. තක්කාලි නිසා කෑම රුචියත් වඩවනවා. පුංචි දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ගුණදායකයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 4 ක්

සලාද කොළ 4 ක්

තක්කාලි ගෙඩි 1 ක්

ලොකු ලූනු ගෙඩි 1/2 ක්

ඔලිව් තෙල් මේස හැඳි 1 ක්

ලෙමන් යුෂ තේ හැඳි 1/2 ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්

රස අනුව ලුණු

 

සාදන ක්‍රමය

බඳුනක් ළිප තබා ඔලිව් තෙල් දමා රත්කර ගන්න. එයට බිත්තරය කඩා දමන්න. බිත්තර තැම්බීගෙන එද්දී ගෑරුප්පුවකින් එහාට මෙහාට කරමින් කැබලිවලට කඩාගන්න. පසුව ළිපෙන් පිටතට ගන්න. සලාද කොළ, තක්කාලි, ලොකු ලූනු සිහින්ව ලියා බඳුනකට දමන්න. එයට ස්ක්‍රම්බල් කළ බිත්තර කැබලි, ලෙමන් යුෂ, ගම්මිරිස් කුඩු හා රස අනුව ලුණු එකතුකර හොඳින් කලවම්කර පිළිගන්වන්න.


 

 

සෙලෙනියම් පිරුණු හතු ඔම්ලට් හතු

බොහොම රසවත් කෑමක්. ඒ වගේම සෙලෙනියන් ඇතුළු ඛනිජ ලවණත් බොහොමයක් අඩංගුයි.

බොහෝ දෙනෙක් උෂ්ණ කෑමක් කියලා සැලකුවත් කටට රස දෙන සිරුරට ගුණ දෙන හතුවලට කැමැති පිරිස වැඩියි. ඒ අයට වෙනස්ම රසයකට හතු ඔම්ලට් මෙලෙස සාදා රස බලන්න පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

හතු ග්‍රෑම් 150 ක්

බිත්තර 3 ක්

ලූනු ගස් 1 ක් (ලූනු ගෙඩියත් සමඟ)

බෙල්පෙපර් කොටසක්

පාස්ලි හෝ කොත්තමල්ලි

කොළ කිහිපයක්

කිරි මේස හැඳි 2 ක්

චීස් පවුඩර් මේස හැඳි 2 ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්

ලුණු රස අනුව

ඔලිව් තෙල් මේස හැඳි 2 ක්

බටර් තේ හැඳි 1 ක්

කෑලි මිරිස් තේ හැඳි 1/2 ක්

 

සාදන ක්‍රමය

බිත්තර, කිරි, චීස් පවුඩර්, ලුණු, ගම්මිරිස් කුඩු එකට එකතුකර හොඳින් ගසාගන්න. හතු කුඩා කැබලිවලට කපාගන්න. ලූනු, ලූනු කොළ, බෙල් පෙපර් කුඩා කොටස්වලට කපාගන්න. දැන් පෑන් එකක් ළිප තබා ඔලිව් තෙල් එකතුකර හතු බැදගන්න. හතු බැදීගෙන එන විට ලූනු, ලූනු කොළ, බෙල්පෙපර්, කෑලි මිරිස් රස අනුව ලුණු එකතුකරගන්න.

ඔලිව් තෙලෙන් මේ සියල්ල තැම්බුණු පසු වෙනත් බඳුනකට අයින්කර ගන්න.

දැන් එම පෑන් එකටම බටර් ස්වල්පය එකතුකර රත්වීගෙන එද්දී කිරි, චීස්, බිත්තර මිශ්‍රණය එක්කරන්න. ටික වේලාවක් ගිය පසු සාදාගත් හතු මිශ්‍රණය ඒ මත අතුරන්න. දැන් පියනකින් වසා මඳ ගින්දරේ ඔම්ලට් එක සාදාගන්න.

ඉදිරිපත් කිරීම සහ ඡායාරූප

ඉතාලියේ පර්මාහි සූපවේදිනී

ජනනි ගුරුසිංහ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jul 2017 11:13 PM
රෙසිපි ටිකට ස්තූතියි මල්ලී
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jul 2017 08:54 AM

http://www.rivira.lk/epaper/diyaniya/2017/07/19/files/assets/common/page-substrates/page0011.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/07/19/files/assets/common/page-substrates/page0012.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/07/19/files/assets/common/page-substrates/page0013.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/07/19/files/assets/common/page-substrates/page0014.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/07/19/files/assets/common/page-substrates/page0030.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/07/19/files/assets/common/page-substrates/page0031.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
20 Jul 2017 08:05 PM
ක්ලබ් ටවර් සැන්ඩ්විච් මතක් වෙන කොට නම් ඉවසන්න බැරුවා...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Jul 2017 12:54 AM

සුපුරුදු කෑම වෙනස්ම රසයකට

ලිව්වේ  මාලනී වේරගොඩආරච්චි
හැමදාමත් කන විදිහට වඩා වෙනස් ආකාරයට කෑම වර්ග සකසා ගත්තොත් එයින් ඇති වන්නේ වෙනස්ම රසයකි. අද තරුණී අතිරේකයෙන් ඔබට ඉදිරිපත් කරන්නේ වෙනස් රසවලින් ඉතාම රසවත්ව ආහාර වර්ග සකසා ගන්නා ආකාරයයි.බත් වර්ග, ව්‍යාංජන වගේම අතුරුපසත් රසවත් වෙන තරමට තමයි කෑම වේලක් රසවත් වෙන්නේ. ඒ වගේම හවස තේ වෙලාවටත් සුදුසු ආහාර වර්ග සැකසුවොත් පොඩිත්තනුත් ආස වේවි. මේ අතිරේකය එවැනි ආහාර පහසුවෙන් සකසා ගැනීමට ඔබට අත්වැලක් වේවි.

 

 

ප්‍රවීණ සූපවේදිනී සුනේත්‍රා ඒකනායක

 රසයෙන් වෙනස් පාන් වඩේ

 ඔබ ආහාරයට ගෙන ඉවතලන පාන්වලින් ප්‍රයෝජනයක් ගන්න

හොඳම ක්‍රමයක් තමයි මේ. ඉවතලන පාන්වලින් වඩේ හදන්න

පුළුවන් කියලා ඔබ දන්නවාද? එක පාරක් පාන් වඩේවල රස

බැලුවොත් නම් ඔබ හැමදාමත් හදාවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

දවසක් පමණ පරණ පාන් පෙති 4 - 5 ක්

උම්බලකඩ කුඩු මේස හැඳි 2 - 3 ක් හෝ වියළි කූනිස්සෝ

අමු මිරිස් කරල් 2 - 3 ක්

රස අනුව ලුණු කුඩු

කෑලි මිරිස් මේස හැඳි 1 ක්

කහ කුඩු තේ හැඳි 1/2 ක්

ග්‍රේට් කරගත් කුඩා කැරට් ගෙඩියක්

සූදුරු මේස හැඳි 1 ක්

හාල් පිටි මේස හැඳි 4 ක්

තෙල් ස්වල්පයක්

වතුර ස්වල්පයක්

 සාදන ක්‍රමය

පාන් පෙති කුඩා කැබලිවලට කඩාගන්න. ඉන්පසු එයට හාල් පිටි එකතුකර රස අනුව ලුණු කුඩු එකතු කරන්න. එයටම උම්බලකඩ කුඩු හෝ වියළි කූනිස්සෝ යොදා බැදගන්න. දැන් එයට අමු මිරිස්, කෑලි මිරිස්, කහ කුඩු, කැරට්, සූදුරු මිශ්‍ර කරගන්න. ඉන්පසු භාජනයේ නොගෑවෙන තරමට එයට වතුර ටික ටික එකතු කරමින් හොඳින් අනාගන්න.

සාදාගත් මිශ්‍රණයෙන් දෙහි ගෙඩි ප්‍රමාණයේ කුඩා බෝල සකස් කරගන්න. ඉන්පසුව වඩේ එකක් හැඩයට අල්ල මත තබා තුනීකර ගන්න. දැන් රත්වූ ගැඹුරු තෙලේ රන්වන් පාට වන තුරු බැදගන්න.


 පෝෂණ ගුණ පිරි මෙක්සිකන් බත්

  ඔබ එදිනෙදා දිවා ආහාරය සඳහා ගන්නා එකම ආහාර වේලට වඩා වෙනස් ආකාරයේ ආහාර වේලක් ගතහොත් කන්න ආස හිතේවි. කිඩ්නි බීන්ස් යොදා ගෙන සකසන මෙක්සිකන් බත ඇත්තෙන්ම රසවත්ය. ඒ වගේම පෝෂණ ගුණයෙන් ද අනූනයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

සම්බා සහල් ග්‍රෑම් 500 ක්

කිඩ්නි බීන්ස් ග්‍රෑම් 250 ක් (වෙළෙඳපොළේ ඇත)

කැවුම් කොච්චි කරල් 3 - 4 ක්

මස් තම්බාගත් වතුර තේ කෝප්ප 1 ක්

පොල් කිරි කෝප්පයක්

ලුණු (රස අනුව)

කුරුඳු කැබැල්ලක්

සුදුලූනු බික් 4 - 5 ක්

රම්පෙ කැබලි 2 - 3 ක්

බේ කොළ 2 - 3 ක්

ලොකු ලූනු ගෙඩියක්

තෙල් මේස හැඳි 3 - 4 ක්

 සාදන ක්‍රමය

කිඩ්නි බීන්ස් පැය 4 - 5 ක් පෙඟෙන්නට තබා තම්බා ගන්න. මේවා තැම්බූ ටින් ලෙස ද මිලට ගත හැකියි. බඳුනකට තෙල් ටිකක් දමා ළිප තබා රත්වුණු පසු ලියාගත් ලූනු, සුදුලූනු, රම්පෙ, බේ කොළ, කුරුඳු එක්කර බැදෙන්නට හරින්න. මෙම තෙම්පරාදුවට සෝදාගත් සහල්, තම්බාගත් කිඩ්නි බීන්ස්, ලුණු හා කොච්චි කරල් එකතු කරන්න. මෙයට මස් තැම්බූ වතුර දමන්න. දැන් බත තැම්බීමට ප්‍රමාණවත් තරමට පොල්කිරි එක්කර බත උයාගන්න. බත උයාගත් පසු ළිපෙන් බා දීසියකට බෙදා සරසා ගෙන කෑම මේසයට යවන්න.

 


 පහසුවෙන් සකසා ගත හැකි මයිසූර් බොන්ඩා

 

පහසුවෙන් සකසා ගත හැකි ආහාර වර්ග අතර මයිසූර් බොන්ඩා ප්‍රධානයි. හාල් පිටි, සූදුරු, යෝගට්, ඉගුරු, අමුමිරිස් දමා සකසන මයිසූර් බොන්ඩා ඔබත් සාදා රස බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි අඬු කෝප්ප 1 ක්

හාල් පිටි අඬු කෝප්ප 1/4 ක්

ආප්ප සෝඩා තේ හැඳි 1/2 ක්

සූදුරු ඇට තේ හැඳි 2 ක්

යෝගට් 1 ක්

වතුර කෝප්ප 1/2 - 3/4 ක්

ඉඟුරු තේ හැඳි 1 ක්

අමු මිරිස් කරල් 2 - 3 ක්

(සිහින්ව කපා)

කරපිංචා (සිහින්ව ලියා)

මේස හැඳි 1 - 2 ක්

තෙල් (බැදීමට)

 සාදන ක්‍රමය

තල් හා වතුර හැර ඉතිරි ද්‍රව්‍ය බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. දැන් මෙයට වතුර එකතු කරමින් බටර් කේක් මිශ්‍රණයේ පදමට අනාගන්න.

තාච්චියට තෙල් ටිකක් දමා ළිප තබා රත්වූ පසු අතේ වතුර ටිකක් තවරාගෙන සාදාගත් මිශ්‍රණයෙන් ටික බැගින් ගෙන රවුම් කරමින් රත්වූ තෙලේ රන්වන් පාටට බැදගන්න. උණු උණුවේ චට්නි සමඟ පිළිගන්වන්න.


  උදේට වගේම සවසටත් මැලේ ස්වීට් පේස්ට්‍රි

 කෙටි කෑම කිව්වාම පේස්ට්‍රි නම් අමතක කරන්නම බැහැ. හවසට වගේම උදේ ආහාරයටත් සුදුසු මැලේ ස්වීට් පේස්ට්‍රි සකසා ගන්න ඉතාම පහසුයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

පැයක් පමණ ස්ටීම්කර

තම්බාගත් පාන් පිටි

ග්‍රෑම් 500 ක්

පොලකිරි කෝප්ප 1 1/2 ක්

බිත්තර 1 ක්

සුවඳ කුඩු තේ හැඳි 1/2 ක්

(එනසාල්, කුරුඳු, සාදික්කා,

කරාබුනැටි)

ලුණු (රස අනුව)

තෙල්

 

සීනි සිරප් සඳහා

සීනි ග්‍රෑම් 250 ක්

වතුර කෝප්ප 1/4 ක්

මහදුරු ඇට තේ හැඳි 2 ක්

 

සාදන ක්‍රමය

තම්බාගත් පාන් පිටි පෙනේරයකින් හළාගන්න. පොල්කිරි තරමක් උණුකර ගන්න. පිටවලට සුවඳ කුඩු, ලුණු කුඩු එකතුකර කිරි ටික ටික එකතු කරන්න. බීට් කරගත් බිත්තරය ද දමා මිශ්‍රණය බඳුනේ නොගෑවෙ පරිදි පොල්කිරෙන් අනාගන්න. (ඉඳිආප්ප සාදන මිශ්‍රණයේ පදමට)

පසුව පිටි මිශ්‍රණය තුනීකර තමන් කැමැති හැඩවලට කපාගන්න. නැතිනම් මුරුක්කු වංගෙඩියෙන් මිරිකා කැබලිවලට වෙන්කර ගන්න. දැන් මෙම කැබලි රත්වූ ගැඹුරු තෙලේ රන්වන් පාටට බැදගන්න. බැදගත් පසු නිවෙන්නට තබන්න.

සීනි සිරප් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය ළිප තබා උණුකරන්න. මෙය නූල් ඇදෙන පදමට උණුකර එයට බැදගත් පේස්ට්‍රි ටික එකතු කරන්න. ඉතා රසවත් රසකැවිල්ලකි.


 කටට සැරට තායි චිකන් රයිස්

ආහාර සකසන විට එහි රසය පමණක් නොව පෝෂණ ගුණය ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. කුකුළු මස්, මෑකරල්, සුදු ලුනු, රතුලුනු දමා සකසන තායි චිකන් රයිස් එවැනි පෝෂණ ගුණයෙන් අනුන ආහාර වේලකි.

අවශ්‍ය ද්‍රව්‍ය

බත් කෝප්ප 2 ක්

කුකුළු මස් (පපුව කොටස) ග්‍රෑම් 250 ක්

ඉදුණු මිරිස් කරල් 4 - 5 ක්

සුදුලුනු බික් 4 - 5 ක්

රතු ලුනු ගෙඩි 10 ක්

මෑකරල් 2 - 3 ක්

ඩයිස්ටර් සෝස් මේස හැඳි 3 ක්

මාළු සොස් මේස හැඳි 2 ක්

සෝයා සෝස් මේස හැඳි 1 ක්

ලුණු (රස අනුව)

තෙල් මේස හැඳි 2 - 3 ක්

අඟල් 2 ක සේර කැබැල්ලක්

 

සාදන ක්‍රමය

පළමුවෙන් ඉදුණු අමුමිරිස්, සුදුලුනු, රතුලූනු එකට අඹරාගන්න. මෙය තරමක් කැබලි සිටින ලෙස අඹරා ගත යුතුයි. මෑකරල් කුඩා කැබලි වලට කපාගන්න. කුකුළු මස් ටිකක් තීරු ආකාරයට කපාගන්න.

තාච්චියක් ළිප තබා තෙල් ටිකක් දමා රත් වූ පසු අඹරාගත් මිරිස් හා සේර, ලූනු, සුදු ලූනු එකතු කරන්න. ඉන්පසු කුකුළු මස් හා මෑකරල් එක්කර තෙලෙන් බැදෙන්න හරින්න. අනතුරුව සොස් වර්ග එක්කර හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු බත් ටික එක්කර හොඳින් කලවම් කරගෙන රස අනුව ලුණු එකතු කරන්න. මෙය තාච්චියේ අඩිය අල්ලන ප්‍රමාණයට මිශ්‍ර කරමින් සිටින්න. එවිට රසය තවත් වැඩිවේ. ඉන්පසු ළිපෙන් බා සංග්‍රහයට යොදාගන්න.

 


  කොත්තමල්ලි කොළ මිශ්‍ර උප්පුමා

 රුලංවලින් සකසන ආහාර වර්ග බොහොමයක ඔබ රස බලලා ඇති එහෙත් කොත්තමල්ලි කොළ, ඉඟුරු, අබ දමා සකසන රුලං උප්පුමාවල නම් ඔබ රස බලලා නැතුව ඇති. රුලං උප්පුමා සකසා එහි රස බලන්න. අද අවස්ථාව ලැබෙනවා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

රුලං කෝප්ප 1 ක්

ඉඟුරු තේ හැඳි 1 ක්

අමු මිරිස් කරල් 2 - 3 ක්

කොත්තමල්ලි කොළ මේස හැඳි 2 ක්

රස අනුව ලුණු කුඩු

තෙල්

පෙරුම්කායම් කුඩු තේ හැඳි 1/2 ක්

අබ ඇට තේ හැඳි 1/2 ක්

කරපිංචා

එළඟි තෙල් මේස හැඳි 2 ක්

 

සාදන ක්‍රමය

ලුණු මිශ්‍රකර. වතුර කෝප්ප 2 1/2ක් උණුකර ගන්න. එයට අමුමිරිස්, ඉඟුරු, පෙරුම්කායම් කුඩු මිශ්‍ර කර වසා තබන්න.

භාජනයක් ළිප තබා එයට තෙල් දමා රත් වූ පසු අබ ඇට, කරපිංචා දමන්න. ඉන්පසු රුලං ද එකතුකර කැට ඇති නොවෙන ලෙස හොඳින් කලවම් කරන්න. ඉන් පසු වසා තැබු මිශ්‍රණය ගෙන ටික දමා කලවම්කර ළිපෙන් බා ගන්න.

එළිඟි තෙල් රත්කර කොත්තමල්ලි කොළ බැඳ එම මිශ්‍රණය සාදාගත් රුලං උප්පුමාවලට කලවම් කර රසවත් කරියක් සමඟ ආහාරයට ගන්න. රාත්‍රී ආහාරය සඳහා වඩාත් සුදුසුයි.


 

රතු කැකුළු බත් සමඟ කන්න ලුණු දෙහි බැදුමක්

  

ලුණු දෙහි කිව්වත් ඇති කටට කෙළ උනන එක වළක්වන්න බැහැනේ. උම්බලකඩ, ලූනු, කරපිංචා දාලා තෙම්පරාදුවක් දාපු ලුණු දෙහිවල රස බලන්න නම් කවුරුද අකැමැති. ඒ විදිහට මේ ලුණු දෙහි බැදුම හදලම බලන්නකෝ.

අවශ්‍ය ද්‍රව්‍ය

ලුණු දෙහි ග්‍රෑම් 250 ක්

මාළුමිරිස් ග්‍රෑම් 250 ක්

රතුලූනු ග්‍රෑම් 100 ක්

උම්බලකඩ කුඩු මේස හැඳි 2 - 3 ක්

රම්පේ, කරපිංචා

ඉඟුරු සුදුලූනු මේස හැඳි 1 ක්

උළුහාල් තේ හැඳි 1/2 ක්

රස අනුව ලුණු කුඩු

රස අනුව ගම්මිරිස් කුඩු

කෑලි මිරිස් අවශ්‍ය ප්‍රමාණයට

කහ කුඩු තේ හැඳි 1/2 ක්

තෙල්

කුරුඳු කෑල්ලක්

 

සාදන ක්‍රමය

ලුණුදෙහි කුඩාවට කපාගන්න. මාළු මිරිස් ද හැඩයට කපාගන්න. රතුලූනු ගෙඩි 2 කට කපාගන්න.

භාජනයකට තෙල් රත්වෙන්න තබා එයට රම්පේ, කරපිංචා, ඉඟුරු, සුදුලූනු, උළුහාල්, කුරුඳු එකතු කරන්න. මෙය බැදීගෙන එනවිට රතුලූනු, මාළු මිරිස්, උම්බලකඩ කුඩු, කෑලි මිරිස්, කහ කුඩු, රස අනුව ලුණු, ගම්මිරිස් එකතු කරන්න. පසුව ලුණුදෙහි මිශ්‍රකර විනාඩි 2 - 3 ක් පිසගන්න. රතු කැකුළු බත් සමඟ ආහාරයට ගැනීමෙන් වඩාත් රසවත් වේවි.


 

රස වගේම ගුණ යෝගට් ඩ්‍රිපින් සෝස්

 සෝස් වර්ග අතරින් විශේෂිත සෝස් වර්ගයක් තමයි යෝගට් ඩ්‍රිපින් සෝස්. මෙහි විශේෂත්වය වන්නේ මෙය සැකසීම සඳහා යෝගට් යොදා ගැනීමයි. එම නිසා ලැබෙන පෝෂණයත් ඉහළයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

යෝගට් ග්‍රෑම් 250 ක්

සීනි මේස හැඳි 1 ක්

පාස්ලී ග්‍රෑම් 50 ක් හෝ මින්චි ග්‍රෑම් 50 ක්

රස අනුව ගම්මිරිස් කුඩු

ලුණු කුඩු ස්වල්පයක්

සුදුලූනු බික් 3 ක්

 

සාදන ක්‍රමය

ඉතාම සිහින්ව සුදුලූනු කපා ගන්න. පාස්ලි ද කුඩාවට කපාගන්න. ඉන්පසුව භාජනයකට යෝගට් දමා ගෑරුප්පුවකින් බීට් කරගන්න. එයට රස අනුව ගම්මිරිස්, ලුණුකුඩු, සීනි එකතුකර බීට් කරගන්න. එයටම සුදුලූනු සහ පාස්ලි මිශ්‍රකර නැවත බීට් කරගන්න. පසුව වීදුරු බෝතලයකට දමා ශීතකරණයේ තබා ප්‍රයෝජනයට ගන්න.

ඉතා රසවත් මෙම යෝගට් ඩ්‍රිපින් සෝස් බැදගත් මාළු, කුකුළුමස්, තම්බාගත් එළවළු සමඟ ආහාරයට ගත හැකියි.


 

කෙසෙල් මුහ මල් බැදුම

 ඔබ කෙසෙල් මුහ යොදා ගෙන සකසන ආහාර වර්ග නම් කොතෙකුත් ආහාරයට ගෙන ඇති. එහි මල් යොදා ගෙන ද ආහාර වර්ග සකසන්නට හැකියි. කෙසෙලමුහ මල් බැදුම ඉතා රසවත්ය.

 

අවශ්‍ය ද්‍රව්‍ය

කෙසෙල්මුහේ ඇති මල් ග්‍රෑම් 250 ක්

කඩල පිටි අඬු කෝප්ප 1/2 ක්

හාල් පිටි අඬු කෝප්ප 1/2 ක්

කෝන් පිටි අඬු කෝප්ප 1/4 ක්

ලුණු (රස අනුව)

කහ කුඩු තේ හැඳි 1/2 ක්

මිරිස් කුඩු තො හැඳි 1/2 ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ක්

සීනි මේස හැඳි 1 ක්

වියලි මිරිස් කරල් 10 ක්

කරපිංචා කොළ මිටක්

තෙල්

ලොකු ලූනු ගෙඩි 2 ක්

 සාදන ක්‍රමය

කෙසෙල්මුහවල ඇතුළත ඇති මල් ගෙන එහි ඇති දිග රේණුව ඉවත් කරන්න. එය තිත්ත රසයෙන් යුක්තයි. ඉතිරි කොටස සෝදා වතුර බේරාගන්න.

පිටි වර්ග තුන එකට මිශ්‍රකර එයට ලුණු, ගම්මිරිස්, කහ, මිරිස් කුඩු, සීනි දමා වතුර එකතු කරමින් උකු බැටරයක් සාදාගන්න.

තාච්චියකට තෙල් ටිකක් දමා ළිප තබා රත්වූ පසු කරපිංචා කොළ ටික දමා බැදගන්න. ඉන්පසු ලියාගත් ලූනු ටික දමා රන්වන් පාටට බැදගන්න. වියළි මිරිස් කරල් ටිකක් කැබලිවලට කඩාගෙන බැදගන්න. අනතුරුව කෙසෙල්මුහ මල් ටික බැටරයකට දමා ටික බැගින් රත්වූ ගැඹුරු තෙලේ බැදගන්න. මේවා වෙන් වෙන්ව සිටින පරිදි රන්වන් පාටට බැදගත යුතුයි. පසුව බැදගත් සියල්ල එකට මිශ්‍රකර අවශ්‍ය නම් ලුණු කුඩු ටිකක් කලවම්කරගන්න.

 


  යෝගට් මිශ්‍ර අළු කෙසෙල් බැදුම

හැමදාම හදන අළු කෙසෙල් ව්‍යාංජනයට වඩා අළු කෙසෙල් බැදලා ගත්තොත් තවත් රසවත් වේවි. විශේෂයෙන්ම මේකට මුදවපු කිරි හරි එහෙමත් නැතිනම් යෝගට් ටිකක් එකතු කරලා හැදුවොත් ලැබෙන පෝෂණයත් ඉහළයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අළු කෙසෙල් ග්‍රෑම් 250 ක්

වියලි මිරිස් කරල් 3 - 4 ක්

කඩල පරිප්පු මේස හැඳි 3 ක්

කරපිංචා

ලොකු ලූනු ගෙඩි 2 ක්

සුදුලූනු බික් 4 - 5 ක්

තක්කාලි ගෙඩි 2 ක්

කහ කුඩු තේ හැඳි 1/2 ක්

රස අනුව ලුණු කුඩු, ගම්මිරිස්

මුදවපු කිරි හෝ යෝගට් මේස

හැඳි 1 ක්

තෙල් මේස හැඳි 2 - 3 ක්

අබ ඇට තේ හැඳි 1 ක්

සූදුරු ඇට තේ හැඳි 1 ක්

 

සාදන ක්‍රමය

පළමුව අළු කෙසෙල්වල පොත්ත ඉවත්කර පෙති කපාගන්න. කහ කුඩු ටිකක් කලවම් කරන්න.

ඉන්පසු භාජනයකට තෙල් දමා රත්වන විට අබ සහ සුදුරු එකතුකර ගන්න. එයට කඩල පරිප්පු, වියලි මිරිස් කෑලි දමා බැදගන්න. පසුව අළු කෙසෙල් එකතුකර රස අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු එකතුකර විනාඩි 4 - 5 ක් පමණ බැදෙන්න හරින්න. දැන් එයට ලොකු ලූනු, සුදුලූනු එකතුකර විනාඩි 2 - 3 ක් යනවිට තක්කාලි සහ මුදවපු කිරි හෝ යෝගට් එකතුකර මිශ්‍රකර ගන්න.

ඉතා රසවත් ආකාරයට සාදාගත හැකි අළු කෙසෙල් බැදුම ඕනෑම අමු කෙසෙල් ගෙඩි වර්ගයකින් වුවද සකසාගත හැකියි.


 හදන්නට පහසු පුරවාගත් බණ්ඩක්කා බැදුම

 

හැමදාම හදන ව්‍යාංජන අතරට විශේෂ ආහාරයකුත් හැදුවොත් බත් පත වඩාත් රසවත් වේවි. පුරවාගත් බණ්ඩක්කා බැදුමට නම් පොඩිත්තෝ ගොඩක් ආසවේවි. හදන්නත් පහසුයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

බණ්ඩක්කා ග්‍රෑම් 250 ක්

කහ කුඩු තේ හැඳි 1/2 ක්

මිරිස් කුඩු තේ හැඳි 1 ක්

සිහින්ව ලියාගත් ලොකු ලූනු ගෙඩියක්

සුදුරු ඇට තේ හැඳි 1 ක්

ඉඟුරු, සුදුලූනු මේස හැඳි 1 ක්

කඩල පිටි ග්‍රෑම් 100 ක්

අමුමිරිස් කරල්

2 ක්

ලුණු (රස අනුව)

තෙල්

 

සාදන ක්‍රමය

බණ්ඩක්කා කරල් සෝදා එහි මැද කොටස අඟල් 4 ක් පමණ දිගට කපාගන්න. වෙන් නොවන ලෙස කරලේ එක කෙළවරකින් මැද තෙක් පලන්න.

කඩල පිටිවලට කහ කුඩු, මිරිස් කුඩු, ලුණු, ඉඟුරු, සුදුලූනු, අමු මිරිස්, සූදුරු, ලූනු එක්කර එයටම තෙල් මේස හැඳි 2 ක් දමා හොදින් අනාගන්න. මෙම මිශ්‍රණය පලාගත් බණ්ඩක්කා කරල් තුළට පුරවන්න. ඉන්පසු බඳුනකට තෙල් ස්වල්පයක් දමා රත්වූ පසු බණ්ඩක්කා කරල් එහි දමා අඩු ගින්දර බැදෙන පරිදි උයාගන්න. මේවා උණු උණුවේ බත් සමඟ කෑමට ගත හැකියි.


  පරිප්පු සහ තක්කාලි මිශ්‍ර රසම්

  රසම් ඉතා පෝෂ්‍යදායි ආහාරයකි. රෝගී වූ අයෙක් රසම් ආහාරයට ගැනීමෙන් ගත සිත ප්‍රාණවත් වී සුවදායක බවක් ගෙනදෙයි. පරිප්පු සහ තක්කාලි මිශ්‍ර රසම් ඖෂධීය ගුණයෙන් යුතු අතර ඉතාම ප්‍රණීතයි. මෙය කෑම රුචිය වඩන්නට ද අපූරු පානයකි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

මයිසූර් පරිප්පු

කෝප්ප 1/2 ක්

සුදුලූනු බික් 4 - 5 ක්

තක්කාලි ග්‍රෑම් 150 ක්

සියඹලා යුෂ මේස හැඳි 1 ක්

කොත්තමල්ලි කුඩු

තේ හැඳි 1 1/2 ක්

ලුණු (රස අනුව)

කරපිංචා

පෙරුම්කායම් කුඩු

තේ හැඳි 1/2 ක්

කොත්තමල්ලි කොළ

මේස හැඳි 1 ක්

අබ ඇට තේ හැඳි 1/2 ක්

සූදුරු ඇට තේ හැඳි 1 ක්

තෙලන් මේස හැඳි 1 ක්

කහ කුඩු ස්වල්පයක්

ගම්මිරිස් ඇට කිහිපයක්

ලූනු ගෙඩියක්

සාදන ක්‍රමය

මුලින්ම පරිප්පු සෝදා එයට කහ සහ වතුර කෝප්ප 1 1/2 ක් දමා තම්බා ගන්න. වෙනත් බඳුනකට වතුර කෝප්ප 1 1/2 ක් දමා එයට සියඹලා, තක්කාලි, සූදුරු කුඩු, කොත්තමල්ලි කුඩු, ගම්මිරිස් ඇට, ලුණු, පෙරුම්කායම්, කරපිංචා දමා උණුකරන්න. මෙයටම සුදුලුනු හා තම්බාගත් පරිප්පු එකතු කරන්න. ඉන්පසු ළිපෙන් බාන්න.

වෙනත් බඳුනකට තෙල් ටිකක් දමා ළිප තබා රත්වූ පසු අබ ඇට, සුදුරු ඇට, ලූනු, කොත්තමල්ලි කොළ, කරපිංචා එක්කර තෙම්පරාදු කරගෙන සාදාගත් රසම් එක තෙමරාදු කරගන්න. මෙය ඉතාමත් රසවත්ය.


 රාත්‍රියට ස්පයිසි පෑන් කේක්

පවුලේ හැමෝම එකතු වෙන්නේ රාත්‍රී කෑම මේසයේදී රාත්‍රියට හැමදාම කන එකම කෑමට වඩා වෙනසක් කළොත් කෑම මේසය වඩාත් සුන්දර වේවි. ඒ විතරක් නෙවෙයි රසවත් කෑම වේලක රස බලන්නටත් හැකිවේවි.රාත්‍රී ආහාරයට සුදුසුම ආහාරයක් තමයි ස්පයිසි පෑන් කේක්. එසවත් කරියක් සමඟ ආහාරට ගැනීමෙන් රසය තවත් වැඩි වේවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ආටා පිටි හෝ

පාන් පිටි ග්‍රෑම් 200 ක්

රුලං ග්‍රෑම් 50 ක්

කහ කුඩු තේ හැඳි 1/2 ක්

රස අනුව ලුණු කුඩු

අමු මිරිස් කරල් 2 - 3 ක්

තක්කාලි ගෙඩි 1 - 2 ක්

ිහින්ව ලියාගත් කරපිංචා

ම්ස හැඳි 1 - 2 ක්

ලොකු ලූනු ගෙඩියක්

වතුර කෝප්ප 1 1/2 ක්

පමණ

තෙල් අවශ්‍ය ප්‍රමාණයට

 

සාදන ක්‍රමය

පිටිවලට රුලං, කහ කුඩු, සිහින්ව ලියාගත් අමු මිරිස්, තක්කාලි, ලූනු සහ ලුණු කුඩු එකතු කරගන්න. එයට තෙල් මේස හැඳි 2 ක් එකතුකර වතුර ද ටික ටික එකතු කරමින් මිශ්‍රණය අනාගන්න.

පසුව පෑන් එකක් ළිප තබා තරමක් රත් වූ පසු මිශ්‍රණය දමා තුනීකර පුලුස්සා ගන්න. රසවත් කරියක් සමඟ රාත්‍රී ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි


 

කවුරුත් කැමැති මිශ්‍ර පලතුරු පුඩිං

 

රසවත් අතුරුපසක රස බලන්නට කවුරුත් කැමැතියි. ඒ අතුරුපසට පලතුරුත් එකතු වුණොත් රසය විතරක් නෙවෙයි ලැබෙන පෝෂණ ගුණයත් ඉහළයි. පලතුරු මිශ්‍ර පුඩිමක රස බලන්න නම් වැඩිහිටියෝ විතරක් නෙවෙයි පොඩිත්තනුත් ආසා වේවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

මාගරින් ග්‍රෑම් 100 ක්

පාන් පිටි ග්‍රෑම් 225 ක්

සීනි ග්‍රෑම් 100 ක්

කරන්ට්ස් ග්‍රෑම් 50 ක්

ප්ලම්ස් ග්‍රෑම් 50 ක්

කැන්ඩිඩ් පිල් ග්‍රෑම් 50 ක්

බිත්තර 2 ක්

එළකිරි මිලිලීටර් 100 ක්

රස අනුව ලුණු කුඩු

සුවඳ කුඩු තේ හැඳි 1/2 ක්

වැනිලා තේ හැඳි 1 ක්

බේකිං පවුඩර් තේ හැඳි 2 ක්

 

සාදන ක්‍රමය

ගැඹුරු බෝල් එකකට බටර් තවරාගන්න. කැන්ඩිඩ් පිල් කුඩාවට කපාගන්න. මාගරින්, සීනි බිත්තර බීට් කරගන්න. පසුව එයට එළකිරි ද මිශ්‍රකර ගන්න. සුවඳ කුඩු, වැනිලා, ලුණු කුඩු මිශ්‍රකරන්න.

පසුව පලතුරු වර්ග එකතුකර ගන්න. පිටිවලට බේකිං පවුඩර් මිශ්‍රකර පළතුරු මිශ්‍රණයට එකතුකර ගන්න. සූදානම් කරගත් බෝල් එකට මිශ්‍රණය දමා සෙල්සියස් අංශක 180 ට රත්කරගත් උදුනක තබා පැය 1 ක් බේක්කර ගන්න.

එසේ නොමැතිනම් පැය 1 1/2 ක් ස්ටීම් කරගන්න. උණුවෙන් කස්ටඩ් ක්‍රීම් සමඟ ආහාරයට ගන්න..

 විදුමිණි නිමේෂා දිසාකරුණා

 ඡායාරූප

හිරන්ත ගුණතිලක

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jul 2017 01:07 AM
අමුතු කෑම ගොඩක් තියෙන්නෙ
පාන් වඩේ නම් මරැ වගේ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Jul 2017 03:00 AM

අල බාජියා

AB 2

AB

 

අවශ්‍ය ද්‍රව්‍ය

කොටු කපා තම්බාගත් අල ග්‍රෑම් 250

තක්කාලි ගෙඩි 2 යි

ලොකු ලූනු ගෙඩි 2 යි

කරාබුනැටි 2

එන්සාල් කරලක් 

කරපිංචා කිනිත්තක් 

සූදුරු ඇට ස්වල්පයක් 

අබ ක්‍රීම් ටිකක් 

කහ කුඩු ස්වල්පයක් 

මිරිස් කුඩු ස්වල්පයක් 

තුනපහ කුඩු ස්වල්පයක් 

ලුණු රසට අනුව 

තෙල් ටිකක් 

කොත්තමල්ලි කොළ ටිකක්

‍පොල් කිරි අඬු කෝප්ප 1 1/2

ඉඟුරු කැබැල්ලක් 

සුදුලුනු බික් 2-3ක්

අමුමිරිස් කරල් 3ක්

සාදන ආකාරය 

ලූනු ගෙඩියක් ගෙන තරමක ලොකුවට කෑලි කපා ගන්න. ඉතිරි ගෙඩිය සිහින්ව ලියා රන්වන් පාටට ගැඹුරු තෙ‍ලේ බැදගන්න. තක්කාලි ගෙඩි කුඩාවට කපා වතුර ටිකක් එකතු කර බ්ලෙන්ඩර් කර පේස්ට් එකක් සාදා ගන්න. දැන් තෙල් ටිකක් ළිප තබා රත්වන විට තලාගත් ඉඟුරු, සුදුලූනු දමන්න. දැන් කපාගත් ලූනු ගෙඩිය දමන්න. තෙම්පරාදු වන්නට හරින්න. තලාගත් එන්සාල්, කරාබු නැටි, කරපිංචා දමන්න. සූදුරු ඇට, කහ කුඩු, මිරිස් කුඩු, අබක්‍රීම්, තුනපහ කුඩු, ලුණු, එකතු කරන්න. දැන් තම්බාගත් අල සහ ‍පොල් කිරි එකතු කර මිශ්‍ර කර නටවා ගන්න. මෙය බඳුනකට දමා උඩින් බැදගත් ලූනු, කොත්තමල්ලි කොල සහ දෙකට පලාගත් අමුමිරිස් තබා සරසා ගන්න.

 

 

 

 

කහ බතක්

YR2

මේ සමග බැදගත් වම්බටු සහ අළු කෙසෙල් කරිය, බිලිං චට්නි හෝ චට්නි වර්ගයක් කුකුල් මස් රතු කරියක් කට්ලට්, බෝංචි කිරට

මේ ව්‍යංජන වර්ග සුදු සම්බා හෝ බාස්මතී බතකට සේම දුන්තෙල් බතකට වුවද ගලපා ගත හැකිය.

 

අන්නාසි ව්‍යංජනය

PA

අවශ්‍ය ද්‍රව්‍ය

අන්නාසි ගෙඩියකින් 1/2 පමණ

රතුලූනු ගෙඩි 5-6ක්

කොත්තමල්ලි කුඩු තේ හැඳි 1

මිරිස් කුඩු තේ හැඳි 2

සූදුරු කුඩු තේ හැඳි 1

අඹරාගත් අබ තේ හැඳි 1/2

ලුණු රසට අනුව 

‍පොල්කිරි අඬු කෝප්ප 3

කුඩා කුරුඳු කැබැල්ලක් 

 

සාදන ආකාරය 

අන්නාසි ‍පොතු හැර කුඩා කැබැලිවලට කපා ගන්න. රතුලූනු, අමුමිරිස් ලියා ගන්න. දැන් මැටි ඇතිලියක් ගෙන මේ සියලු කළමනා දමා හොඳින් මිශ්‍ර කර මද ගින්දරේ ඉස්ම ගතිය අඩුවන තුරු පිසගන්න.

 

 

බැදගත් වම්බටු සහ අළු කෙසෙල් කරිය

Brinj

අවශ්‍ය ද්‍රව්‍ය

අළු කෙසෙල් ග්‍රෑම් 300 

වම්බටු ග්‍රෑම් 300

අමුමිරිස් කරල් 4යි

රතුලූනු ග්‍රෑම් 100

ගම්මිරිස් කුඩු තේ හැඳි 1

කහ කුඩු තේ හැඳි 1/2

මිටිකිරි අඬු කෝප්ප 1

සුදුලූනු ග්‍රෑම් 10

කරපිංචා ඉත්තක් 

සීනි තේ හැඳි 1/2

ලුණු රසට අනුව 

තෙල් අවශ්‍ය තරමට 

 

සාදන ආකාරය 

අළුකෙසෙල් ‍පොතු ඉවත් කර අඟල් 2 පමණ දිග සිහින් තීරු ලෙස කපා ගන්න. වම්බටුද එපමණකට දිගු සිහින් තීරු කපා ගන්න. දැන් මේ දෙවර්ගයම රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැද පසෙකින් තබන්න. දැන් සුදුසු බඳුනක් ගෙන එයට සිහින්ව ලියාගත් රතුලූනු අමුමිරිස් සහ අනෙකුත් තුනපහ වර්ගද සමග මිටිකිරි දමා උතුරවා ගන්න. හොඳින් උතුරන විට බැදගත් වම්බටු සහ අළුකෙසෙල් දමා හොඳින් මිශ්‍ර කර ගන්න. 

 

 

පූරි

Poori

අවශ්‍ය ද්‍රව්‍ය

ආටා පිටි ග්‍රෑම් 250

පාන් පිටි ග්‍රෑම් 250

ලුණු ස්වල්පයක් 

සීනි තේ හැඳි 1/2 පමණ

තෙල් අවශ්‍ය තරමට 

 

සාදා ගන්නා ආකාරය 

පිටි වර්ග දෙකම හොඳින් මිශ්‍රකර බඳුනකට දමා එයට ලුණු සහ සීනි ද එකතු කොට ඇල් වතුර දමා හොඳින් අනා ගන්න. අතේ නොඇලෙන ගානට අනාගත් පිටි ගුලියෙන් කුඩා බෝල කඩා ගන්න. දැන් ඒවා පපඩම් තරමේ ප්‍රමාණයට තුනී කොට රත්වූ තෙලට දමා රන්වන් පාටට බැදගන්න. මේවා උණුවෙන්ම ආහාරයට ගැනීම වඩාත් සුදුසුය.

 

පූරි සමග ගත හැකි බාජි හොද්ද

bhaji

අවශ්‍ය ද්‍රව්‍ය

කඩල ග්‍රෑම් 200

සූදුරු ටිකක් 

කොත්තමල්ලි කුඩු ස්වල්පයක් 

අමුමිරිස් කරල් 2-3ක්

ලොකුලූනු ගෙඩියකින් 1/2 පමණ

කහ කුඩු ස්වල්පයක් 

තක්කාලි ගෙඩි 2ක් 

ලුණු රසට අනුව 

 

සාදන ආකාරය 

කඩල සෝදා හොඳින් මෘදු වන්නට තම්බා ගන්න. දැන් ඉන් අඩක් අතින් හොඳට ‍පොඩිකර ගන්න. දැන් තක්කාලි ගෙඩි දෙකින් එකක් ගෙන එය කුඩාවට කපා වතුර ටිකක් දමා බ්ලෙන්ඩර් කර පේස්ට් එකක් සාදා ගන්න. ඉතිරි තක්කාලි ගෙඩිය කුඩාවට කොටු කපා ගන්න. ලූනු සිහින්ව කපා ගන්න. දැන් තෙල් ටිකක් ළිප  තබා රත්වන විට සූදුරු දමන්න. බැදීගෙන එනවිට ලූනු කැබැලි ටික දමන්න. දැන් කහ කුඩු කොත්තමල්ලි කුඩු, ලූණු, තක්කාලි පේස්ට් එක දමන්න. ‍පොඩිකරගත් කඩල සහ කඩල ඇට ටික ද දමා කලවම් කරගන්න. උකු ගතිය වැඩිනම් වතුර ස්වල්පයක් එකතු කර නටවා ගන්න. දැන් එය දීසියකට දමා ඒ මතට දෙකට පලාගත් අමුමිරිස් සහ කොත්තමල්ලි කොල දමා සරසා 

ගන්න.

 

තක්කාලි චට්නි

tomato chutney

අවශ්‍ය ද්‍රව්‍ය

තක්කාලි ගෙඩි 2

ලොකුලූනු ගෙඩි 2

අබ ඇට ස්වල්පයක් 

සූදුරු ස්වල්පයක් 

මිරිස් කුඩු ටිකක් 

තෙල් ටිකක් 

ලුණු රසට අනුව 

 

සාදන ආකාරය 

තක්කාලි, ලොකු ලූනු සෝදා ලොකු කැබැලි වලට කපා ගන්න. දැන් තෙල් ටිකක් ලිප තබා රත්වන විට සූදුරු, අබ දමා එය බැදෙන විට තක්කාලි සහ ලොකුලූනු කැබැලි ද දමා කලවම් කර ගන්න. ලුණු, මිරිස් කුඩු එකතු  කරන්න. දැන් ලිපෙන් බා බ්ලෙන්ඩරයක දමා අඹරා ගන්න. මෙය රතු පාටට හුරු උකු චට්නියකි.

 

ඉට්ලි

ITLI

ඉට්ලි සඳහාද භාවිතා කරන්නේ තෝසේ පිටි මිශ්‍රණයයි. නමුත් ඉට්ලි පිළියෙල කිරීමේදී තෝසේ මිශ්‍රණය තරම් ක්‍රීම් වනතුරු අඹරා ගන්නේ නැත. තුනීයට සහල් ඇට කැබැලි තිබෙන ආකාරයට පිටි මිශ්‍රණය සකසා ගන්න. ඉන්පසු ඉට්ලි තැටියක දමා වාෂ්පයෙන් තම්බා ගන්න. ඉට්ලි සමග අලබාජියා සහ ඉහත කී ‍පොල් චට්නි මෙන්ම තක්කාලි චට්නි ආහාරයට ගත හැකිය.

 

 

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jul 2017 03:03 AM
මල්ලිත් මරු මරු කෑම තමයි හොයාගෙන එන්නෙ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Jul 2017 08:30 AM
සයිවර් කඩේකට ආවා වගේ.
'රතු කැකුළු බත් සමඟ කන්න ලුණු දෙහි බැදුම ' මේක නම් සුපිරි එකක්.

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Jul 2017 06:20 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/19079.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/19080.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/19081.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/19082.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Jul 2017 06:49 AM
පලතුරැ කෑම ටික මරැනේ
ඒක සේව් කරගත්ත ඔන්න
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Jul 2017 07:58 AM

http://navaliya.com/2017/07/24/New%20folder/40.jpg

http://navaliya.com/2017/07/24/New%20folder/48.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
24 Jul 2017 10:33 PM
මේවා දැක්කම නම් කෙලත් උනනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 25 of 77 << < 2324252627 > >>