Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 30 Nov 2018 10:24 AM by Udari කෑම පිටුව 1520 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 26 of 77 << < 2425262728 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 25 Jul 2017 03:33 AM චාමර් කුකා දාල නේද අදත් කෑම සෙට් එකක්ම. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 26 Jul 2017 11:33 PM ලගදි හෝටලයක්වත් දැම්මද මන්ද 0 hasithadSuper Senior MemberPosts:5795 27 Jul 2017 07:54 AM චාමර මල්ලි ...හෝටලයක් පටන් ගනින්. මාර තොගයක්නෙ තියෙන්නේ. 0 chamaramindMost Senior MemberPosts:13471 29 Jul 2017 07:35 AM තවදුරටත් අරුමයක් නොවන බිබික්කන් සහ සීනක්කු අපි නොදන්නා මැලේ සංස්කෘතිය 05 ශ්‍රී ලංකාව ස්වකීය වාස භූමිය කරගත් ප්‍රධාන ජාතීන් පහෙන් එක් ජාතියක් වන්නේ මැලේවරුය. මැලේ නැතහොත් ජා මිනිසුන් ලෙසින් හැඳින්වෙන වත්මනෙහි අප අතර වෙසෙන මැලේවරුන්ගේ මුතුන්මිත්තන් ලන්දේසි යුගයේදී විවිධාකාරයෙන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ මැලේවරු වෙති. එහෙත් මැලේවරු පිළිබඳ අතීතය ඉන් ඔබ්බටද දිවයන බවක් පෙනේ. ඉන් පෙර වකවානුවල ද මැලේවරු පිළිබඳව කියෑවෙන අවස්ථා ලාංකීය ඉතිහාසයේ තැන තැන දක්නට ලැබේ. ඒ අනුව මැලේවරු පිළිබඳ ඉතිහාසය 11 වැනි සියවසේ 2 වැනි භාගය දක්වා දිවයයි. බුදු දහමින් පෝෂණය වූ මලයානු අර්ධද්වීපයේ ශ්‍රී විජය මැලේ රාජධානියට අයත් වූ රටවල් සහ ලංකාව අතර නිරන්තර සබඳතා පැවති බවක් කියෑවේ. ලංකාව පාලනය කළ රජ පරම්පරාවේ ඇතැම් රජවරු මලයානු අර්ධද්වීපයේ රටවලින් ගෙන්වාගත් මැලේ කුමාරිකාවන් ආවාහ කර ගැනීම පිළිබඳ පුවත් ඉතිහාසයේ සඳහන් වේ. කාලිංග මාඝ වැනි මැලේ ජාතික ආක්‍රමණිකයන්ද ශ්‍රී ලකාව නතුකර ගැනීමට එකල වෙර දැරුවේ ද එකී පසුබිම ඔස්සේ ය. ඉන් මාඝ සුළු කාලයක් යාපනය ප්‍රදේශය තම අණසකට නතුකොට සිටි බවක් ද සඳහන් ය. මේ අනුව ඇතැම් රජවරු සමග මුසුවූ මැලේ කුමාරිකාවන් ඔස්සේ ද මැලේ කෑම වර්ග අප අතරට ආ බවට උපකල්පනය කිරීමේ හැකියාවක් ද පවතී. ශ්‍රී ලංකාවේ ආදිතමයන් සේම බහුතරයක් වූ සිංහල ජනතාව හා බද්ධ වූ ඇතැම් කෑම වර්ග ඔවුනටම ආවේණික ආහාර තරමටම සමීප වීමට ඒවා එසේ සියවස් ගණනාවකට පෙර පටන් භාවිතයේ පැවතීම හේතු විණැයි අනුමාන කිරීමට ද හැකි වේ. එසේ අපහට ඉතා සමීප ආහාර වර්ගක් ලෙස බිබික්කන් හැඳින්විය හැකිය. සිංහල ජනතාව අතර ප්‍රකට ඇතැම් උපහැරණවලටද බිබික්කන් ප්රස්තුත වූ අවස්ථා එමට ය. zඋඹටත් ඕනෙ නැති බිබික්කමක් නැහැනෙZ යනුවෙන් ජනවහරේ කියෑවෙන්නේ අනවශ්‍ය දෙයක් පිළිබඳව නැවත නැවතත් විමසීමේදී කතාබහ කිරීමේදී ජනයා දක්වන සෝපාහාසී ප්රතිචාරයකි. zඒක හරිම බිබික්කමZ යනුවෙන් කියෑවෙන්නේ සාටෝප හැසිරීම් උද්දීපනය වූ කැපී පෙනෙන්නට වලිකන විෂම චරිත ලක්ෂණ සහිත කාන්තාවක් හැඳින්වීමට ජනවහරේ යෙදෙන උපමාවකි. මෙසේ ජනවහර සඳහා ද බිබික්කන් උපයෝගී කරගැන්මෙන් එය කෙතරම් දුරට සිංහල ජනතාව අතරේ ප්‍රචලිත වී ඇත්දැයි පැහැදිලි වේ. බිබික්කන් ශ්‍රී ලංකාව තුළ සේම දකුණු සහ ගිනිකොන දිග ආසියාතික රටවල් බොහොමයක ප්‍රචලිත ආහාර වර්ගයකි. මැලේවරු සේම අනෙක් ශ්‍රී ලාංකිකයන් ද එය හඳුන්වන්නේ බිබික්කන් නමින්ම ය. පිලිපීන වැසියෝ එය zබිබින්කාZ (ඊසඉසබටන්) යනුවෙන් හඳුන්වති. බිබික්කන් දීප්තිමත් දුඹුරු පැහැයෙන් යුත් ඉතා මෘදු හාල්පිටි, බැද පිටිකර ගත් මුං ඇට, පොල්, හකුරු, සීනි හා සූදුරු වලින් පෝෂණය වූ රසවත් ආහාරයකි. මැලේවරු බිබික්කන් සාදා ගන්නේ මෙසේය. සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය 1. හොඳින් ගා ගත් ලොකු පොල් ගෙඩි 03 ක් 2. තිරිඟු පිටි ග්‍රෑම් 200 ක් 3. හාල් පිටි ග්‍රෑම් 450 ක් 4. බැද කුඩුකර ගන්නා ලද මුං ඇට ග්‍රෑම් 100 ක් 5. පෙති ගැසූ කජු මද ග්‍රෑම් 250 ක් 6. වියළි මුද්දරම්පලම් හෝ ඇට රහිත මිදි ග්‍රෑම් 200 ක් 7. සිහින් ලෙස පෙති ගැසූ ඇට රහිත රටඉදි ග්‍රෑම් 200 ක් 8. පොල් වතුර කෝප්ප 1/2 ක් 9. උණු වතුර කෝප්ප 1/3 ක් 10. පොල් පැණි ග්‍රෑම් 450 ක් 11. කරඳමුංගු තේ හැඳි 01 ක් 12. වැනිලා තේ හැඳි 02 ක් 13. ඊස්ට් තේ හැඳි 01 ක් 14. සීනි තේ හැඳි 1/2 ක් සාදා ගන්නා ක්‍රමය ප්‍රථමයෙන්ම සීනි සහ ඊස්ට් උණු වතුරට මිශ්‍ර කොට එය හොඳින් රත්කර ගන්න. දෙවනුව තිරිඟු පිටි සහ සහල් පිටි මෘදු ලෙස බැදගෙන එයට බැඳ කුඩුකර ගන්නා ලද මුං ඇට එක්කොට එම මිශ්‍රණය පොල් වතුර සමඟ ඊස්ට් හා සීනි මුසු වූ වතුරට එකතු කරන්න. ඉන්පසු මෘදු ලෙස අනා ගන්නා ලද පිටි, උණු කළ පොල් පැණි, ගා ගත් පොල්, කුඩුකර ගන්නා ලද කරඳමුංගු වියළි මුද්දරම්පලම් සිහින් ලෙස පෙති ගැසූ රට ඉඳි පෙති ගැසූ කජු මද හා වැනිලා ඇතුළු මේ සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය සියල්ල ඊට එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න. ඉන්පසු එම මිශ්‍රණය තෙල් ගැල්වූ නියමිත අච්චුවලට වත්කොට විනාඩි 30 - 40 ක් උඳුනේ තබා හොඳින් පුළුස්සා ගන්න. මැලේවරුන් විසින් බිබික්කන් සාදා ගැනීම පිණිස භාවිත කරන වෙනත් ක්‍රමයක් ද වේ. ඒ සඳහා භාවිත කරන ද්‍රව්‍යයන් ද වෙනස් වේ. ඒවා මෙසේ ය. 1. නොමේරූ හෙවත් කලටි පොල් කිරි මි.ලී. 100 ක්. 2. දුඹුරු සීනි ග්‍රෑම් 100 ක් 3. කැට සහිත සුදු සීනි ග්‍රෑම් 50 ක් 4. ලුණු තේ හැඳි 1/4 ක් 5. ගාන ලද පොල් ග්‍රෑම් 250 ක් 6. බේකින් පවුඩර් ග්‍රෑම් 25 ක් 7. පිටි කරන ලද කුරුඳු කුඩු තේ හැඳි 4 ක් 8. කුඩු කරන ලද කරාබු නැටි තේ හැඳි 1/4 ක් 9. බැද පෙති ගැසූ කජු මද ග්‍රෑම් 50 ක් 10. පෙරන් ගාන ලද දෙහි ලෙලි යුෂ තේ හැන්දක් සාදා ගන්නා ක්‍රමය පොල් කිරි, දුඹුරු සීනි, සුදු කැට සීනි හා ලුණු හොඳින් දියවන සේ උණුකර ගන්න. එයට ගොරෝසු ලෙස ගාන ලද පොල් එකතු කොට ඝන තත්ත්වයට පත්වන තෙක් හැඳි ගාන්න. ඉන්පසු එයට පිටි, කුරුඳු පිටි, කරාබුනැටි පිටි එක්කොට හොඳින් මිශ්‍ර කර ගන්න. කජු මද හා දෙහි ලෙලි යුෂ ද ඊට එක්කර හොඳින් හැඳි ගා මිශ්‍ර කරන්න. අනතුරුව මාගරින් හෝ බටර් හොඳින් තවරන ලද සුදුසු කඩදාසි ඇතිරූ භාජනයකට මෙම මිශ්‍රණය වත්කොට විනාඩි 30 ක් පමණ ඉහළ උෂ්ණත්වයකින් යුතුව පුළුස්සා ගන්න. පසුව එය නිවෙන්නට හැර යෝග්‍ය හැඩයකින් හා ප්‍රමාණයකින් යුත් කැබැලිවලට කපා ගන්න. zසීනක්කුZ නමින් අප අතර ප්‍රකට රසවත් ආහාරයද මැලේවරුන්ගෙන් අපට උරුම වූවකි. zනාවල අන්නාසි කෝට්ටේ දොඩම් යස රසය කෑමටා...Z යනුවෙන් අප අතර ප්‍රචලිත පැරණි රසවත් ගීතය මධ්‍යයේ එන පේළියක zගල්කිස්ස සීනක්කු - කොම්පඤaඤවීදිය ඉදියප්පන් බෝම රසා...Z යනුවෙන් ගයනු අසන්නට ලැබේ. එය ටවර්හෝල් යුගයේ ගීතයක මිහිරි තනුවක් උපුටා ගනිමින් කළ පැරණි ගීත ප්රබන්ධයකි. පසු කලෙක එය චJද්‍රසේන හෙට්ටිආරච්චි නම් වූ තරුණ සේවා සභාවෙන් බිහිවූ ප්රමුඛ ගායකයකු විසින් ගායනා කරනු ගුවන් විදුලියෙන් අසන්නට ලැබිණ. ඔහු එම ගීතය තම කැසට් පටයකටද යොදාගෙන තිබේ. අප ඉහත දැක්වූ එම ගීතයේ මධ්‍ය පද පේළිය එහි මුල් පද රචකයා අනවබෝධය නිසා හෝ ගීතයේ රිද්මයට අනුකූල වනසේ හෝ සාවද්‍ය අයුරින් පද මාරු කළ අවස්ථාවක් ලෙස උපකල්පනය කිරීමට අපහට සිදුවේ. පුරාණයේ නාවල අන්නාසි, කෝට්ටේ දොඩම්වලට ප්‍රසිද්ධ වූවා සේම කොම්පඤ්ඤවීදිය ප්‍රකට වූයේ මැලේ සීනක්කුවලටය. නොඑසේ නම් පිට්ටුවලටය. කොම්පඤ්ඤවීදිය (Sක්ඩැ ෂික්බා) ලන්දේසි යුගයේ ඉන්දුනීසියානු දූපත්වලින් මෙරටට ගෙන එන ලද මැලේ සිරකරුවන් බහුල ලෙස රඳවා සිටි ප්රදේශයයි. මැලේ ජාතිකයන් කොම්පඤ්ඤ වීදියේ තහවුරු වූයේ ඒ අයුරිනි. කොම්පඤ්ඤවීදිය අතීතයේ පටන් සීනක්කු උදෙසා ප්‍රකට වූයේ එසේය. මුල් මැලේ ජාතිකයන් එකී රසවත් ආහාරය හැඳින්වූයේ කුවේචීනා (ණමැයජයෑeබ්) නමිනි. එය ශ්‍රී ලාංකික මැලේ ජාතිකයෝ චිනකුවේ (Cයෑeබ් නමැය) නමින් හඳුන්වති. .නමැය. යන මැලේ වදනින් කේක්, පෑන්කේක්, පේස්ටි්ර යන කෑම අරුත් ගැන්වේ. ශ්‍රී ලංකාවේදී මැලේ ජාතිකයෝ .නමැය. යන වදන උදේ ආහාරය සඳහා භාවිත කරති. චීනක්කුවේ හෙවත් සීනක්කු සාදා ගැනීම පිණිස මැලේවරු යොදා ගන්නා ද්‍රව්‍ය මේවාය. 1. හාල් පිටි ග්‍රෑම් 250 ක් 2. හකුරු ග්‍රෑම් 500 ක් (මැලේවරු හකුරු, zගුලා ආරෙන්Z (ඨමක් Aරුබ) ලෙස හඳුන්වති.) 3. පොල් වතුර තේ කෝප්ප 1/2 ක් 4. කඩු කළ සාදික්කා කුරුඳු සහ කරඳමුංගු සම ප්‍රමාණයෙන් මුසුකරගත් දුරු තේ හැඳි 01 5. ගා ගත් නැවුම් පොල් සහ ලුණු ස්වල්පයක් සාදන ක්‍රමය කීපවරක් පෙනේරයෙන් හළාගත් හාල් පිටිවලට පොල් වතුර මුසුකොට හොඳින් අනා ගන්න. ඉන්පසු එම මිශ්‍රණය පැය 4 ක් සුදුසු යමකින් වසා තිබෙන්නට හරින්න. වතුර කෝප්ප 1/2 ක් හකුරුවලට දමා හොඳින් පැණි වන සේ ලිපේ තබා සකසා ගෙන සිසිල් වන්නට තබන්න. පසුව එම හකුරු පැණි හාල් පිටිවලට එක්කොට එයට දුරු, ලුණු මිශ්‍රකොට ඒවා සියල්ල හොඳින් එකිනෙක හා මුසුවන සේ සකසා ගන්න. මෙකී මිශ්‍රණය ප්‍රමාණවත් ඝනත්වයකින් යුතුව සකසා ගැනීමෙන් අනතුරුව සාම්ප්‍රදායික කුඩා පෝසිලේන් කෝප්ප (බිත්තර කෝප්ප හෝ කුඩා කෝපි කෝප්ප වැනි) වලට දමා විනාඩි 20-30 අතර කාලයක් හුමාලයෙන් තම්බා ගන්න. භාවිතයට පෙර සීනක්කු මතුපිට ගාන ලද පොල් රැලි ස්වල්පයකින් සරසා ගන්න. මැලේවරුන් වෙතින් අපට උරුම වූ මෙතෙක් වෙළෙඳ පොළෙන් මිලදී ගන්නට සිදුවූ බිබික්කන් සහ සීනක්කු මෙතැන් පටන් තම අතින්ම පිසගෙන රස බැලීමට දැන් ඔබට අවකාශ ලැබෙනවා ඇත. එඩ්වඩ් චJද්‍රසිරි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 Jul 2017 08:17 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 samanthaMost Senior MemberPosts:13190 29 Jul 2017 11:25 AM මේ කෑම දැක්කම බඩ ටිං ටිං ගානවා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 30 Jul 2017 12:23 AM කන්න ඔන්න මේන්න තියල මේ ටික දැක්කෙ බඩගින්න වැඩි උනා මේ ටික දැක්කම 0 chamaramindMost Senior MemberPosts:13471 30 Jul 2017 04:52 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 31 Jul 2017 03:53 AM පලවෙනි පින්තූරෙ තියෙන නෙලුම් කොලේ බත් එක දැක්කත් බඩ පිරෙනව 0 chamaramindMost Senior MemberPosts:13471 01 Aug 2017 05:51 PM රස වෑහෙන කේක්ගෙදරම හදමු ලිව්වේ උදයංගනී ලියනආරච්චි චොකලට් ක්‍රීම් කේක්, ඇපල් කේක්...ම්..ම්... රසය මතක් වෙනකොටත් දිවගට දැනෙන්නේ මිහිරක්. මේ කේක් වර්ග ගෙදරදීම හදාගන්න අද අපි ඔයාලට කියලා දෙනවා. පුංචි දරුවන්ට, පවුලේ අයට වගේම නිවෙසකට පැමිණෙන නෑ හිත මිතුරන්ට සංග්‍රහ කරන්නත් ඔවුන්ගේ නිවෙස්වලට ඔයාලා යනවිට අරගෙන යන්නත් මෙවැනි කේක් එකක් හරිම අපූරුයි. ඇපල් කේක් අවශ්‍ය ද්‍රව්‍ය සීනි ග්‍රෑම් 250 ක් පිටි ග්‍රෑම් 250 ක් රතු ඇපල් ගෙඩියක් බිත්තර 4 ක් බටර් ග්‍රෑම් 250 ක් ඇපල් එසන්ස් තේ හැන්දක් බේකිං පවුඩර් තේ හැඳි 2 ක් වැනිලා තේ හැඳි 2 ක් සාදන ක්‍රමය පළමුව ඇපල් පළුවක් සිහින්ව කපා ගන්න. දැන් ඉතිරි පළුව පෙති හැඩයට කපාගන්න. ඉන්පසු බේකිං පවුඩර් පිටිවල මිශ්‍රකර තෙවරක් හළාගන්න. දැන් බටර් බිත්තර සහ සීනි බඳුනකට දමා හොඳින් බීට් කරන්න. එය මදක් බීට් වූ පසු කුඩාවට කපාගත් ඇපල් කැබලි ද එයට එකතු කරන්න. මේ සියල්ල හොඳින් බීට් වූ පසු පිටි තෙවරකින් එයට එකතුකර කලවම් කරන්න. වැනිලා සහ ඇපල් එසන්ස් ද එයට එකතු කරන්න. දැන් තැටියක් ගෙන එයට ඔයිල් පේපර් එකක් දමා බටර් තවරා ගන්න. පසුව ඒ මතට සිහින්ව පෙති කපාගත් ඇපල් අතුරන්න. එයට උඩින් කේක් මිශ්‍රණය දමා සෙල්සියස් අංශක 160 ක උෂ්ණත්වයෙන් විනාඩි 35 - පැයක් අතර කාලයක් බේක් කරගන්න. ක්‍රීම් එක සඳහා බටර් ග්‍රෑම් 200 ක් අයිසිං සීනි ග්‍රෑම් 500 600 අතර ඇපල්එසන්ස් තේ හැන්දක් සාදන ක්‍රමය ඉහත සඳහන් සියල්ලම එක බඳුනකට දමා ක්‍රිම් එකක් වනතුරු බීට් කරගන්න. දැන් කේක් එක ගෙන පැය දෙකක් නිවෙන්නට තබා දෙකට කපාගන්න. පසුව මැදින් ක්‍රීම් දමා සැන්ඩ්විච්කර කේක් එකෙහි උඩ සහ මතුපිටද ක්‍රීම් තවරා ගන්න. චොකලට් ක්‍රීම් කේක් අවශ්‍ය ද්‍රව්‍ය සීනි ග්‍රෑම් 250 ක් පිටි ග්‍රෑම් 250 ක් බිත්තර 4 ක් බටර් ග්‍රෑම් 250 ක් කිරිපිටි මේස හැඳි 2 ක් වතුර මේස හැඳි 3 කට දියකර ගන්න වැනිලා තේ හැඳි 2 ක් චොකලට් පවුඩර් මේස හැඳි 3 - 4 ක් පමණ බේකිං පවුඩර් තේ හැඳි 2 ක් ක්‍රීම් එක සඳහා බටර් ග්‍රෑම් 200 ක් අයිසිං සීනි ග්‍රෑම් 500 - 600 අතර චොකලට් පවුඩර් මේස හැඳි 2 ක් දියකරගත් පිටිකිරි මේස හැඳි 3 ක් කේක් එක සාදන ක්‍රමය පළමුව පිටි, බේකිං පවුඩර් සහ චොකලට් පවුඩර් එකට මිශ්‍රකර තෙවරක් හළාගන්න. ඉන්පසු බිත්තර, සීනි සහ බටර් බඳුනකට දමා බීට් කරගන්න. දැන් එම මිශ්‍රණයට පිටි දමා හොඳින් කලවම් කරන්න. එයට පිටිකිරි මිශ්‍රණය සහ වැනිලා දමන්න. අවසානයේ සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් විනාඩි 35 - 45 අතර කාලයක් බේක් කරගන්න. ක්‍රීම් එක සාදාගැනීම එහිදී ඉහත සඳහන් සියලු ද්‍රව්‍ය එකට දමා ක්‍රීම් එකක් වනතුරු හොඳින් බීට් කරන්න. පසුව කේක් එක පැය දෙකක් පමණ නිවෙන්නට තබා නිවුණු පසු මැදින් කපා ක්‍රීම් ගා සැන්ඩ්විච් කරන්න. දැන් කේක් එකෙහි වටේට සහ උඩට කේක් සඳහා භාවිත කරන කෝම්බ් (පනාවක්) එකක් ආධාරයෙන් ඉතිරි ක්‍රීම් තවරා ගන්න. මඳ වේලාවක් ශීතකරණයේ තබා අමුත්තන්ට පිළිගන්වන්න. උපදෙස් ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පී ආචාර්ය කේන් පෙරේරා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 01 Aug 2017 05:54 PM වෙහෙස නිවන සිසිලස දෙන පාන වර්ග ලිව්වේ අචිනි ලක්මාලි චන්ද්‍රසේකර රසින් රස මවන බීම එකක් බොන්න ලොකු පොඩි කොයි කවුරුත් කැමැතියි. අපේ නිවෙසට අමුත්තන් ආවත්, විවාහ මංගල්‍යයක දී සාදයක දී වගේම ඕනෑම උත්සව අවස්ථාවක දී ප්‍රණීත රසැති බීම එකකින් සංග්‍රහ කරන එක ශ්‍රී ලාංකේය අපේ සිරිතක්. පුංචි පුංචි හිතවත්කම් වැඩි දියුණුකර ගැනීමටත් තිබහකදී ගිමන නිවන්නට හැකි මේ විවිධ රසැති බීම හදන්නත් හරිම පහසුයි. විවේකී මොහොතක එකින් එක සාදා රස විඳ බලන්න දැන් ඔබටත් පුළුවන්. උපදෙස් ප්‍රවීණ කේක් නිර්මාණ හා සූපවේදිනි සර්වදර්ශනී අප්සරා පොඩිත්තන් ආසකරන්න ජම්බු බීම රත් පැහැති ජම්බු කන්න හැමෝම ආසයි. විශේෂයෙන් පොඩිත්තෝ. ඔවුන්ට ජම්බු බීමට සකසා දුන්නොත් හරිම ආස වේවි. අවශ්‍ය ද්‍රව්‍ය ජම්බු ගෙඩි 10 - 15 ක් සීනි ග්‍රෑම් 50 ක් දෙහි ගෙඩි 1 ක ඉස්ම වතුර වීදුරු 3 ක් සාදා ගැනීම පළමුව ජම්බු සෝදා ඇට ඉවත්කර බ්ලෙන්ඩර් කරගන්න. එයටම සීනි සහ වතුර එකතුකර නැවත බ්ලෙන්ඩර් කරන්න. දැන් පෙරා ගන්න. දෙහි ඉස්ම එකතුකර හොඳින් කලවම්කර ගන්න. අවසානයේ ශීතකරණයේ තබා සිසිල්කර පිළිගන්වන්න. ************************************* දියවැඩියාව පාලනයට කදිම කාමරංගා බීම ශරීරයේ සීනි වැඩි එනම් දියවැඩියා රෝගීන්ට කදිම පානයකි, කාමරංගා බිම. අවශ්‍ය ද්‍රව්‍ය කාමරංගා ගෙඩි 3 - 4 ක් සීනි ග්‍රෑම් 50 ක් වතුර වීදුරු 3 - 4 ක් රස අනුව ලුණු සාදා ගැනීම කාමරංගා හොඳින් සෝදා කැබලිවලට කපා ගන්න. දැන් බ්ලෙන්ඩර් එකට දමා එයට සීනි සහ වතුර එකතුකරගන්න, හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. ඉන්පසුව එය භාජනයකට දමා රස අනුව ලුණු එකතු කරන්න. දැන් අවශ්‍ය නම් ශීතකරණයේ තබා සිසිල් කරගන්න. ************************************* වෙනස්ම රසයකට ජැම්සන් බීම ඇතැම් ගෙවතුවල ජැම්සන් වගාකර තිබේ. එසේ නැතිනම් අපට වෙළෙඳපොළෙන් වුව ඉතාම සුළු මුදලකට මෙය ලබාගත හැකියි. තරමක් වෙනස් රසයකට කැමැති ඔබටයි මේ. අවශ්‍ය ද්‍රව්‍ය හොඳින් ඉදුණු ජැම්සන් ගෙඩි 20 ක් සීනි ග්‍රෑම් 50 ක් රස අනුව ලුණු වතුර වීදුරු 3 - 4 ක් සාදා ගැනීම ජැම්සන් ගෙඩි හොඳින් සෝදා එහි මැද ඇති ඇටය ඉවත් කරගන්න. බ්ලෙන්ඩරයට දමා එයට වතුර සහ සීනි එකතුකර ගන්න. හොඳින් බ්ලෙන්ඩර්කර ගන්න. ඉන්පසුව එය වෙනත් භාජනයකට පෙරා රස අනුව ලුණු එකතුකර ගන්න. වඩාත් රසවත් කරගැනීමට ශීතකරණයේ තබාගන්න. ************************************* ගැබිනි ඔබට දිව ඔසුවකි අලිගැටපේර බීම ගැබිනි මවුන්ට දිව ඔසුවක්වන් අලිගැට පේරවලින් රසැති බීමක් හදා ගන්න පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය අලිගැට පේර ගෙඩි 1 ක් කිරි පිටි මේස හැඳි 1 ක් සීනි ග්‍රෑම් 50 ක් වතුර කෝප්ප 3 ක් සාදා ගැනීම ඉදුණු අලිගැට පේර ගෙන මදය සුරා බ්ලෙන්ඩර් එකට දමා ගන්න. එයට සීනි කිරිපිටි සහ වතුර එක්කර හෝ බ්ලෙන්ඩර් කර ශීතකරණයේ තබන්න. කැමැති නම් වැනිලා අයිස්ක්‍රීම් එකතු කරන්න. ************************************* රසම රස පැණි කොමඩු බීම පැණිම පැණි රසැති කොමඩු බීම මතක් වෙනකොටත් රස නහර පිනා යනවා. හරිම පහසුයි බීම එක සාදා ගැනීම. බලන්නකො ඉතිං ඔබත් සාදා... අවශ්‍ය ද්‍රව්‍ය මධ්‍යම ප්‍රමාණයේ පැණි කොමඩු ගෙඩියක් සීනි ස්වල්පයක් වතුර කෝප්ප 1 ක් සාදා ගැනීම කොමඩු ගෙඩියක් ගෙන මදය සූරා ඇට ඉවත්කර බ්ලෙන්ඩරයට දමා ගන්න. එයට සීනි ස්වල්පයක් ද එකතුකර වතුර දමා නැවත බ්ලෙන්ඩර් කරගන්න. හොඳින් පෙරා ශීතකරණයේ දමා තබා පිළිගන්වන්න.. ************************************* දාහය නිවාලන්නට පිපිඤ්ඤා බීම ඇඟ නිවෙන්න පාන වර්ග ගන්න එක ශරීර සෞඛ්‍යයට හිතකරයි. මේ පිපිඤ්ඤා බීම එකත් එවැන්නකි. අවශ්‍ය ද්‍රව්‍ය කුඩා පිපිඤ්ඤා ගෙඩි 1 ක් වතුර වීදුරු 2, 3 ක් ලුණු ස්වල්පයක් සීනි ග්‍රෑම් 50 ක් දෙහි ගෙඩි 1 ක ඉස්ම සාදා ගැනීම පළමුව පිපිඤ්ඤා ගෙඩියේ පොතු ඉවත්කර කෑලි කපා බ්ලෙන්ඩර් කරගන්න. එයට අවශ්‍ය පමණ වතුර ද එක්කරන්න. සීනි, රස අනුව ලුණු දමා නැවත හොඳින් බ්ලෙන්ඩර් කරන්න. ඉන්පසුව දෙහි යුෂ එකතුකර ශීතකරණයේ තබන්න ************************************* උදරාබාධ සුවයට කියාපු ඉඟුරු බීම ඖෂධීය වටිනාකමක් ඇති ඉඟුරු බීම උදරය ආශ්රිත රෝග රැසකට සුව ගෙන දේ. අවශ්‍ය ද්‍රව්‍ය ඉඟුරු ග්‍රෑම් 25 ක් සීනි ග්‍රෑම් 200 ක් සෝඩා බෝතල් 1 ක් වතුර බෝතල් 1 ක් ලෙමන් ගෙඩියක යුෂ රස අනුව ලුණු සාදා ගැනීම ඉඟුරු, සීනි සහ වතුර එකතුකර බ්ලෙන්ඩර් කර පෙරා ගන්න. ඉන්පසු මෙයට රස අනුව ලුණු එකතුකරන්න. ලෙමන් යුෂ සහ සෝඩා එකතුකර ශීතකරණයේ තබා සිසිල් කර බීමට ගන්න. ************************************* මලබද්ධයට ගුණැති බෙලි බීම මලබද්ධය දුරුකරන පලතුරක් වන බෙලිවලින් රසැති පානයක් සාදාගන්නේ මෙලෙසිනි. අවශ්‍ය ද්‍රව්‍ය බෙලි ගෙඩි 1 ක යුෂ වතුර කෝප්ප 3 - 4 ක් සීනි ග්‍රෑම් 50 ක් රස අනුව ලුණු සාදා ගැනීම මුලින්ම බෙලි ගෙඩිය සූරා එයට වතුර කෝප්පයක් පමණ දමා හොඳින් පොඩිකර ඇට ඉවත්කර ගන්න. ඉන්පසුව මෙය බ්ලෙන්ඩරයට දමා එයට සීනි, ලුණු එකතුකර ඉතිරි වතුර දමා බ්ලෙන්ඩ්කර ගන්න. අවසානයට පෙරා ශීතකරණයේ තබා පානය කරන්න. ************************************* මලබද්ධයට ගුණැති බෙලි බීම මලබද්ධය දුරුකරන පලතුරක් වන බෙලිවලින් රසැති පානයක් සාදාගන්නේ මෙලෙසිනි. අවශ්‍ය ද්‍රව්‍ය බෙලි ගෙඩි 1 ක යුෂ වතුර කෝප්ප 3 - 4 ක් සීනි ග්‍රෑම් 50 ක් රස අනුව ලුණු සාදා ගැනීම මුලින්ම බෙලි ගෙඩිය සූරා එයට වතුර කෝප්පයක් පමණ දමා හොඳින් පොඩිකර ඇට ඉවත්කර ගන්න. ඉන්පසුව මෙය බ්ලෙන්ඩරයට දමා එයට සීනි, ලුණු එකතුකර ඉතිරි වතුර දමා බ්ලෙන්ඩ්කර ගන්න. අවසානයට පෙරා ශීතකරණයේ තබා පානය කරන්න. ************************************* කෑමට අකැමැති නම් මෙන්න තක්කාලි බීම පලතුරක්, එළවළුවක් ලෙස ගැනෙන තක්කාලි බීමට ගත හැකි අපූරු පානයකි. අවශ්‍ය ද්‍රව්‍ය පොතු ඉවත්කර ගත් තක්කාලි ග්‍රෑම් 50 ක් ලෙමන් යුෂ මේස හැඳි 1 ක් සීනි ග්‍රෑම් 50 ක් වතුර වීදුරු 3 ක් සාදන ක්‍රමය තක්කාලි සහ වතුර එකතුකර බ්ලෙන්ඩර් කරගන්න. එය හොඳින් පෙරා භාජනයකට දමා රස අනුව සීනි සහ ලෙමන් යුෂ එකතුකර ගන්න. ශීතකරණයේ තබා ගැනීමෙන් රසය වැඩිකර ගත හැකියි. ************************************* අයිස්ක්‍රීම් රසැති අඹ ෂර්බට් පානය නිකම්ම නිකම් අඹ බීම එකකට වඩා අයිස්ක්‍රීම් එකතුකර ගත් අඹ ෂර්බට් පානයකින් අපූරු රසයක් ලැබේ. හිතවතුන්ට සංග්‍රහ කරන්නත් කදිමයි. අවශ්‍ය ද්‍රව්‍ය ඉදුණු අඹ ගෙඩි 2 - 3 ක් ටින් කිරි ටින් 1/2 ක් අයිස් ක්‍රීම් මේස හැඳි 3 - 4 ක් රස අනුව සීනි (අවශ්‍ය නම්) දෙහි ගෙඩියක ඉස්ම වතුර වීදුරු 3 - 4 ක් සාදා ගැනීම පළමුව අඹ පොතු ඉවත්කර කැබලිකර බ්ලෙන්ඩ් එකට දමා එයට වතුර එකතුකර හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. ඉන්පසුව මෙයට ටින්කිරි හෝ අයිස් ක්‍රීම් එකතුකර නැවත බ්ලෙන්ඩර් කරගන්න. දෙහි ඉස්ම ද එකතුකර ශීතකරණයේ තබා බීමට ගන්න. ************************************* නීරක්තියට සුව ගෙනෙන පොකුරු වදමල් බීම ශරීරයේ නීරක්තිය ඇති රෝගීන්ට ඔසුගෙන දෙන පොකුරු වදමල් බීම සාදා ගන්නේ මෙලෙසිනි. අවශ්‍ය ද්‍රව්‍ය රතුපාට පොකුරු වදමල් 6 - 7 ක් නටන උණු වතුර වීදුරු 3 - 4 ක් දෙහි ගෙඩි 1 ක ඉස්ම සීනි ග්‍රෑම් 50 ක් සාදන ක්‍රමය වදමල්වල පෙති ගළවා රේණු ඉවත්කර හොඳින් සෝදා භාජනයකට දමා ගන්න. එයට උණුවතුර දමා නිවෙනතුරු භාජනය වසා තබන්න. ඉන්පසුව එයට සීනි සහ දෙහි ඉස්ම එකතුකර ගන්න. හොඳින් පෙරා ශීතකරණයේ තබා සිසිල් කර පානය කරන්න. ************************************* කවුරු අකැමැති වේද? මිදි බීමට මිදි රසයට කැමැති ඔබට මිදි යුෂ පානයක් ලෙස රස විඳිය හැකියි. අවශ්‍ය ද්‍රව්‍ය මිදි ග්‍රෑම් 100 ක් සීනි ග්‍රෑම් 25 ක් වතුර වීදුරු 2 ක් රස අනුව ලුණු සාදා ගැනීම මිදි හොඳින් සෝදා එහි මැද ඇති ඇට ඉවත්කර බ්ලෙන්ඩර් එකට දමා සීනි, වතුර එක්කර හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. ඉන්පසුව රස අනුව ලුණු දමා ගන්න. ශීතකරණයේ දමා සිසිල් වීමෙන් පසු පිළිගන්වන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Aug 2017 06:32 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 samanthaMost Senior MemberPosts:13190 02 Aug 2017 08:48 PM තව අළුත් කෑම වට්ටෝරු ටිකක්.. ස්තූතියි.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 02 Aug 2017 08:51 PM මේ මම පෝලන්තයේදී බිව් පාන් සුප් එකක්.. මේ සුප් එක දාලා තියෙන්නේ අතින් හදාපු පාන් ගෙඩියක. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 04 Aug 2017 07:44 PM නියමයිනේ සමන්ත අයියේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 04 Aug 2017 07:47 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 RosiSuper Senior MemberPosts:5335 04 Aug 2017 07:54 PM ම්ම්ම්ම්ම්ම්ම් මීව රසත් ඇති නේද පෙනුම වගේම ...ස්තුති මල්ලි . 0 RosiSuper Senior MemberPosts:5335 04 Aug 2017 08:02 PM Posted By samantha on 02 Aug 2017 08:51 PM මේ මම පෝලන්තයේදී බිව් පාන් සුප් එකක්.. මේ සුප් එක දාලා තියෙන්නේ අතින් හදාපු පාන් ගෙඩියක. හරි ෂෝක් නේද අයියේ bread bowl සුප් එක ,,මෙහෙත් ඕක දෙනවා ඔහොම එක එක ජාති සුප් වලින් , 0 chamaramindMost Senior MemberPosts:13471 05 Aug 2017 09:46 AM අපි නොදන්න මැලේ සංස්කෘතිය මැලේ දෝසි කා දිවුල් කිරි බොමු... දෝසි යෑයි කී පමණින් අපේ මතකයට වහා දිවඑන්නේ ප්‍රණීත රස කෑම වර්ගයකි. ඒ පුහුල් දෝසිය. කුඩා දරුවෝ සේම වැඩිහිටියෝද පුහුල්දෝසි අනුභව කරන්නේ ඉමහත් අභිරුචියකිනි. අප පුහුල් දෝසි ප්රියකරනවාටත් වඩා දැඩි රුචියකින් මැලේවරු බුදින දෝසි වර්ග තුනක් වේ. ඒවා පුහුල් දෝසිවලින් ඉඳුරා බැහැර, පලතුරු වර්ග තුනක් මූලික කර ගනිමින් සකස් කර ගන්නා රසවත් ආහාර වර්ග වේ. මැලේ ගෘහණියන් අතින් රස ගැන්වෙන මැලේ කෑම වට්ටෝරුවල ප්රමුඛස්ථානයක් ගන්නා එකී දෝසි වර්ග වන්නේ ඇඹරැල්ලා දෝසි, අඹ දෝසි සහ අන්නාසි දෝසිය. ඔස්ටේ්රලියාව වැනි රටවල ස්ථිර පදිංචිය දරන මැලේ ගෘහණියෝ ඇඹරැල්ල, අඹ සහ අන්නාසිවලට අමතරව එකී රටවල සුලබ ඇපල් සහ පෙයාර්ස්ද යොදා ගනිමින් දෝසි සාදා ගනිති. ඒ අනුව වත්මන වන විට ඇඹරැල්ලා, අඹ සහ අන්නාසි දෝසි වලට අමතරව ඇපල් දෝසි සහ පෙයාර්ස් දෝසිද ඒ රටවල වෙසෙන ලාංකිකයන් අතර අතිශය ජනප්‍රිය ය. ඇඹරැල්ලා දෝසි මැලේවරු විසින් හඳුන්වනු ලබන්නේ "දෝසි ඩොං ඩොං" (Dosi dong dong) යන නමිනි. ඒ සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය මෙසේය. 1. හොඳින් පැසුණු (බාගෙට ඉදුණු) ඇඹරැල්ලා ග්‍රෑම් 500 ක් 2. සීනි ග්‍රෑම් 250 ක් 3. රෝස වතුර මේස හැඳි 2 ක් 4. අඟල් දෙකක පමණ කුරුඳු පොතු කැබැල්ලක් 5. කරඳමුංගු කරල් 3 ක් 6. වතුර කෝප්ප 1/2 ක් සාදා ගන්නා ක්‍රමය ලෙලි ගැසූ ඇඹරැල්ලා ගෙඩි දෙකට පලා ගන්න. හොඳින් සිදුරුවන සේ ගෑරුප්පුවකින් තදින් ඇත. පිරිසිදු, සිසිල් ජලයේ ඒවා පොඟවා ගන්න. හොඳින් පෙඟීමෙන් පසු ඇඹරැල්ලා වලින් ජලය ඉවත්කොට ඉන් ජලය ඉවත්වන සේ මිරිකා හරින්න. ඉන්පසු එයට සීනිද වතුර කෝප්ප 1/2 ද දමා කරඳමුංගු සහ කුඩා කැබලි වලට කැඩූ කුරුඳු පොතු ද ඊට එක්කොට ළිපේ තබා අඛණ්ඩව හැඳිගාමින් මෙම මිශ්‍රණය විනිවිද පෙනෙන සේ ඝන තත්ත්වයට පත්වන තෙක් උණු කරන්න. එය ළිපෙන් බෑමට ප්‍රථම ඊට රෝස වතුර ද එක්කර ගන්න. පසුව එය සුදුසු බඳුනකට දමා සිසිල් කරගන්න. මැලේවරු සාම්ප්‍රදායිකව මැටියෙන් කළ බඳුනක දමා මෙය සිසිල්කර ගැනීමට හුරුවී සිටිති. ඉන්පසු ඉමහත් අභිරුචියකින් ආහාරයට ගන්නා දෝසි ඩොං ඩොං හෙවත් ඇඹරැල්ලා දෝසි මැලේවරුන් අතර ඉතා ජනප්‍රිය ප්‍රණීත ආහාර වර්ගයකි. එසේම ඔවුන්ගේ කෑම මේස ඔස්සේ අපද රස බැලීමට හුරුවී ඇති රසවත් ආහාරයකි. දෝසි මාංගා (Dosi Manga) යන නමින් මැලේවරු අතර ප්‍රචලිත අඹදෝසි සාදාගනු ලබන්නේද ඇඹරැල්ලා දෝසි සකස්කර ගන්නා ලද ආකාරයටමය. අඹ දෝසි සාදා ගැනීමට යොදාගනු ලබන සෙසු ද්‍රව්‍ය සහ ඒවා සකස් කර ගන්නා ආකාරයද ඇඹරැල්ලා දෝසි පරිදිම වේ. එහිදී ඇඹරැල්ලා වෙනුවට පැසුණු අඹ යොදා ගැනෙන අතර විශේෂයෙන්ම ඒ සඳහා භාගෙට ඉදුණු අඹ භාවිත කිරීමට මැලේ ගෘහණියෝ වගබලා ගනිති. ඇඹරැල්ලා දෝසි සේම අඹ දෝසිද මැලේවරුන් අතර ඉතා ජනප්‍රිය ප්‍රණීත ආහාර වර්ගයක් වේ. ඒ අයුරින්ම ඉහත සඳහන් වන ඇපල් දෝසි සහ පෙයාර්ස් දෝසි සාදා ගැනීමේදී ද ඇඹරැල්ලා දෝසි සෑදීම සඳහා යොදාගනු ලබන ද්‍රව්‍යම යොදා ගනිමින් එකී දෝසි වර්ගය සාදා ගන්නා ක්රමයම අනුගමනය කරන අතර යොදාගනු ලබන පලතුරු වර්ගය පමණක් වෙනස් වේ. ඒ අනුව ඇපල් දෝසි සඳහා ඇපල්ද, පෙයාර්ස් දෝසි සඳහා පෙයාර්ස්ද ඒ ඒ අවස්ථා වලදී නියමිත පලතුරු ලෙස යොදා ගැනේ. අන්නාසි දෝසි සාදා ගැනීම පිණිස මැලේවරු භාවිත කරන ද්‍රව්‍ය වට්ටෝරුව මෙසේය. 1. හොඳින් පැසුණු බාගෙට ඉදුණු අන්නාසි ගෙඩි 01 ක් 2. සීනි ග්‍රෑම් 250 ක් 3. රෝස වතුර මේස හැඳි 02 ක් 4. අඟල් 2 ක පමණ කුරුඳු පොත්තක් 5. වතුර කෝප්ප 1/2 ක් 6. කරඳමුංගු කරල් 03 ක් හොඳින් පොතු හැර ශුද්ධ කර ගන්නා ලද අන්නාසි ගෙඩිය පෙතිගසා ගන්න. ඉන්පසු හොඳින් සිදුරුවන සේ ගෑරුප්පුවකින් පෙති වලට අනින්න. පිරිසිදු, සිසිල් ජලයට එම අන්නාසි පෙති දමා හොඳින් සෝදා එහි ජලය ඉවත්කර, සුදුසු භාජනයකට දමා සීනි සහ ජලය කෝප්ප 1/2 ඊට මුසුකොට ළිපේ තබා රත්කර ගන්න. කරඳමුංගු සහ කුරුඳු ද ඊට එක්කොට එක දිගට හැඳිගාන්න. අන්නාසි, සීනි පැණි සහ සෙසු ද්‍රව්‍යයෙන් සුසැදි මිශ්‍රණය පාරදෘශ්‍ය අයුරින් අවශ්‍ය ප්‍රමාණයට ඝන වූ පසු ඊට රෝස වතුරද එක්කොට ළිපෙන් බෑමට පෙර ස්වල්ප වේලාවක් ළිපේ තිබෙන්නට හරින්න. සුදුසු මැටි බඳුනක එය සිසිල් වෙන්නට තබා ආහාරයට ගන්න. "දෝසි නන්නාස්" (Dosi nannas) යනුවෙන් මැලේවරු විසින් හඳුන්වනු ලබන අන්නාසි දෝසි ද සෙසු දෝසි වර්ග සේම ඉතා ප්‍රණීත ආහාර වර්ගයකි. මෙම පලතුරු දෝසි වර්ග සියල්ලම විශේෂයෙන් ඇඹරැල්ලා, අඹ සහ අන්නාසි දෝසි මැලේවරු තම නිවෙස්වලදී පිළියෙල කර ආහාරයට ගන්නා ඔවුන්ගේ උත්සව අවස්ථාවන්හිදී අපටද රසවිඳීමට ලැබෙන ආහාර වර්ග වේ. දිවුල් බහුල කාලවලදී අපේ නිවෙස්වල පිළියෙල කරගන්නා දිවුල් කිරි අප ඉමහත් අභිරුචියකින් පාවිච්චියට ගන්නා ඉතා රසවත් බීම වර්ගයකි. එය මැලේවරුන් ඇසුරෙන් අපට හුරුවූ බීම වර්ගයක් බව ඇසීම ඇතැම් විටෙක ඔබහට විමතියට කරුණක් වන්නටද පුළුවන. එහෙත් සත්‍යය එයයි. ඉන්දුනීසියානු දූපත් ආශ්‍රිතව විසූ මැලේවරු බීමට සකස්කරගත් දිවුල් පානය ඔවුන් නම් කළේ "බෙලින්ගායි සන්තං (Belingai Santan) යන නමිනි. බෙලන්ගා සන්තං (Belanga Santan) ලෙස එය හැඳින්වූයේ ශ්‍රී ලාංකික මැලේවරුය. අප දිවුල් කිරි නමින් හඳුන්වන්නේ එකී රසවත් පානයයි. දෙදෙනකුට පාවිච්චි කිරීමට ප්‍රමාණවත් වන සේ සකස් කර ගන්නා දිවුල් කිරි සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මෙසේය. 1. ඉදුණු දිවුල් ගෙඩි 02 ක් 2. හකුරු ග්‍රෑම් 250 ක් 3. පොල් ගෙඩියක් ගා සකස්කරගත් උකු පොල් කිරි සාදා ගන්නා ක්‍රමය දිවුල් ගෙඩි බිඳ ඒවායේ මදය හොඳින් හැන්දකින් සූරා සුදුසු බඳුනකට දමන්න. ඊට කුඩුකළ හකුරු සහ පොල් කිරි මිශ්‍රණය එක්කොට ග්‍රයින්ඩරයට දමා මෘදු ද්‍රdවණයක් සේ අඹරා ගන්න. ඉන්පසු ශීතකරණයේ තබා සිසිල් කොට හෝ අයිස් කැටයක් දමා පාවිච්චි කරන්න. කෑමට සහ බීමට පාවිච්චි කරන අතුරු පසක් ලෙස ශ්‍රී ලාංකික මැලේවරු අතර සේම සෙසු ජාතීන් අතරත් දිවුල් කිරි ඉතා ජනප්‍රිය බීම වර්ගයකි. එච්. එච්. චන්ද්‍රසිරි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 samanthaMost Senior MemberPosts:13190 05 Aug 2017 10:22 PM දිවුල් කිරි වලට නම් මමත් ආසයි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 You are not authorized to post a reply. Page 26 of 77 << < 2425262728 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes