You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 28 of 77 << < 2627282930 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Aug 2017 05:42 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/20796.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/20797.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/20790.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/20791.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Aug 2017 05:02 PM

මැලේ "පුට්‌ටූ" අපිට පිට්‌ටු වූ හැටි

උදේ ආහාරය හෙවත් පාතරාසය ලෙස අප පාවිච්චියට ගන්නා ප්‍රධාන ආහාර වර්ග අතරින් ආප්පවල මැලේ අනන්‍යතාව පිළිබඳව පසුගිය සතියේ දී දැනුවත් වූ ඔබ වෙත මෙවර ඉදිරිපත් කරන්නේ උදේ ආහාර ලෙස බොහෝ නිවෙස්‌වල සුලබව භාවිත කරන ඉඳිආප්ප, පිට්‌ටු සහ රොටී වැනි කෑම වර්ග පිළිබඳවය. ඒ අනුව ඉදිආප්ප, පිට්‌ටු හා රොටී වර්ගවල මැලේ අනන්‍යතාව විමසා බලමු.

ඉන්දියානු මූලයකින් බිහිවූ ආහාර වර්ගයක්‌ ලෙස ප්‍රචලිත වුවද ඉදිආප්ප මැලේවරු විසින් බොහෝ කලෙක පටන් භාවිත කරන ඔවුනට විශේෂිත වූ කෑම වර්ගයකි. ඔවුන් එය හඳුන්වන්නේ "ලක්‌සා" (Laksa) යන නමිනි. ඉන්දුනීසියානු මැලේ දූපත් සමූහයේ මෙන්ම සිංගප්පූරුවේ වෙසෙන මැලේවරු අතරද මෙම ලක්‌සා ඉතා ජනප්‍රිය කෑම වර්ගයකි. ශ්‍රී ලාංකික මැලේවරුද උදේ ආහාරයක්‌ ලෙස ලක්‌සා සුලබව පාවිච්චි කරන බැව් පෙනේ. ඉදිආප්ප යනුවෙන් සිංහලයන් විසින් හඳුන්වනු ලබන මෙම කෑම වර්ගය දමිළ ජනාව හඳුන්වන්නේ ඉදිඅප්පම් (Iddi Appam) නමිනි. සිංහල, දමිළ, මැලේ සේම යෝනක සහ බර්ගර් ජනතාවද එකසේම ඉඳියාප්ප තම ප්‍රියතම ආහාරයක්‌ ලෙස පාවිච්චියට ගන්නා බැවින් එය සමස්‌ත ශ්‍රී ලංකාවටම පොදු ජනප්‍රිය උදේ ආහාරයක්‌ ලෙස සැලකීම නිවැරැදිය.

ඉදිආප්ප සකසා ගැනීම සඳහා පාවිච්චි කරනුයේ බැද ගන්නා ලද සුදු හෝ රතු සහල් පිටි වේ. විවිධ ආහාර නිෂ්පාදන ආයතන මගින් නිපදවනු ලබන සුදු හා රතු ඉදිආප්ප පිටි වර්ග පොදු වෙළෙඳ පොළෙන් මිලදී ගත හැකිය.

මැලේවරු ඉදිආප්ප හෙවත් ලක්‌සා පිළියෙල කර ගන්නේද සෙසු ජාතීන් ඒවා පිළියෙල කර ගන්නා අයුරින්ම ය. ඒ මෙසේය.

පිරිසිදු වියළි බඳුනකට බැද ගන්නා ලද සහල් පිටි කෝප්ප දෙකක්‌ දමන්න. මෙම පිටි කැටි ගැසීමෙන් තොර, මෘදු පිටිවීම අත්‍යවශ්‍ය ය. එයට ලුණු තේ හැඳි 01 ක ප්‍රමාණයක්‌ද මුසුකොට නටන වතුර කෝප්ප 4 ක්‌ද, ඊට එක්‌කර ගන්න. එසේ ජලය එකතු කළ යුත්තේ එක්‌වරම නොව පිටි මිශ්‍රණය හොඳින් අනා ගැනීමට පහසු වන සේ වරින් වර ඊට සරිලන ජල ප්‍රමාණයක්‌ එක්‌ කරමිනි. බඳුන තුළ ඝනීභවනය නොවන සේ නියම පදමට එන තෙක්‌ පිටි මිශ්‍රණය සකසා ගැනීමට යුහුසුළු විය යුතු වේ. එසේ කළ යුතු වන්නේ අවසානයේ නිර්මාණය වන ඉදිආප්ප නිවැරැදි රටාවකින් මෘදු සැහැල්ලු නිමාවකින් එහි රැල් නොකැඩෙන මට්‌ටමේ වියළි ස්‌වභාවයකින් සමන්විත විය යුතු බැවිනි.

එසේ පදමට අනා ගන්නා ලද පිටි ගුලි ඉදිආප්ප වංගෙඩියට දමා එහි පියනෙන් තෙරපුමක්‌ කරමින් කවාකාර ඉදිආප්ප වට්‌ටි මත කවාකාර හැඩයටම සියුම් රටාවන් මවමින් පිටි රැලි වත්කොට ඉදිආප්ප සකසා ගන්න. එසේ පිටි රැළි මිශ්‍රණවලින් යුත් වට්‌ටි කීපයක්‌ එක පිට එක තබා හුමාලයෙන් තම්බා ගන්න. පොල් සම්බෝලයක්‌ හෝ පොල් මැල්ලුමක්‌, ඉදිආප්ප ආහාරයට ගැනීමේදී ඒ සඳහා අනිවාර්ය ව්‍යංජනයක්‌ සේ සැලකේ. ඊට අමතරව පරිප්පු, අර්තාපල්, මස්‌ හෝ මාළු වෑංජනයක්‌ද යොදා ගැනීමෙන් ඉදිආප්ප ආහාර වේල තවදුරටත් රසවත් කරගත හැකි වේ.

අප බොහෝ විට උදේ ආහාරයක්‌ හෙවත් පාතරාසය ලෙස පාවිච්චියට ගන්නා තවත් ජනප්‍රිය කෑම වර්ගයක්‌ වන්නේ පිට්‌ටුය. පිට්‌ටු සේම උදේ ආහාර ලෙස ගන්නා කෑම වර්ග රාත්‍රි ආහාර ලෙස භාවිත කිරීමේ ප්‍රවණතාවක්‌ද දක්‌නට ලැබේ. ආප්ප, ඉදිආප්ප සේම පිට්‌ටුද මැලේවරුන්හට ආවේණික ඔවුන් ඉමහත් රුචියක්‌ දක්‌වන ආහාර විශේෂයකි.

පිට්‌ටු නමින් සිංහලයන් විසින් හඳුන්වනු ලබන මෙම ආහාර විශේෂය දමිළ ජාතිකයන් හඳුන් වන්නේ "පුට්‌ටු" නමිනි. එය මැලේවරුන්ගේ උච්ඡාරණයේ දී "පුට්‌ටූ" යනුවෙන් දීර්ඝ වෙයි. මැලේවරු "පුට්‌ටූ" යනුවෙන් කළ හැඳින්වීම දමිළ ජාතිකයෝ ඊට බොහෝ දුරට සමාන ස්‌වරූපයකින් පුට්‌ටු යනුවෙන් ව්‍යවහාර කළ බවක්‌ද, සිංහලයන් සුඛෝච්ඡාරණය හේතුවෙන් එය කිසියම් සුළු වෙනසක්‌ සිදුකළ බවක්‌ද පෙනේ.

ඉන්දුනීසියාවේ වීදි දිගේ අරුමෝසම් කරත්තවල ප්‍රදර්ශනය කරමින් අලෙවි කරන මෙම ජනප්‍රිය ආහාර වර්ගය එහිදී ඔවුන් ශබ්ද නඟා හඳුන්වන්නේ "ෂුට්‌ටූ" යන නමිනි. වතුර පිරවීමට හැකි මුට්‌ටියක හැඩය ගත් කොටසකින්ද ඊට උඩින් පිහිටි බම්බුවක හැඩය ගත් කුහර සහිත තවත් කොටසකින්ද සමන්විතව නිමවුණු පිට්‌ටු බම්බුව මෙකී ආහාරය සාදා ගැනීමට උපයෝගී කරගන්නා සුවිශේෂී උපකරණය වේ.

පිට්‌ටු සාදා ගැනීමට අවශ්‍ය කරන ද්‍රව්‍ය මෙසේය. මේ මගින් දෙදෙනකුට හෝ තිදෙනකුට පාවිච්චි කිරීමට සෑහෙන පිට්‌ටු 3 ක්‌ සාදාගත හැකිය.

1. හාල්පිටි කෝප්ප 01 (මෘදු ලෙස පාහින ලද සහල් පිටි මේ සඳහා සුදුසු නොවේ)

2. ගාන ලද නැවුම් පොල් කෝප්ප 01

3. ලුණු තේ හැඳි 1/2

4. ඊට සරිලන වතුර ප්‍රමාණයක්‌

සාදාගන්නා ක්‍රමය

ප්‍රථමයෙන්ම හාල්පිටි යන්තමින් බැදගන්න. ඉන්පසු හාල්පිටි සහ ගාන ලද පොල් සුදුසු බඳුනකට දමා මිශ්‍ර කරගන්න. ඉන්පසු ලුණු ප්‍රමාණයද ඊට මුසු කරන්න. අනතුරුව ජලය වරින් වර, මඳින් මඳ එක්‌ කරමින් එම මිශ්‍රණය ඇඟිලි තුඩින් හොඳින් අනාගන්න. කුඩා කැබලි බවට එම මිශ්‍රණය පත්වන තෙක්‌ එය එක දිගටම මිශ්‍ර කරගත යුතුය.

කුඩා කැබැලිවලින් යුත් එම මිශ්‍රණය තවදුරටත් නොකැඩී පවත්නා අදියරට පැමිණෙන තෙක්‌ පමණක්‌ ටිකෙන් ටික ජලය එකතු කරගත යුතුය.

ඉන්පසු පිට්‌ටු බම්බුවේ ජල බඳුනට ජලය දමා එය ළිපේ තබා වතුර නටන විට බම්බුවේ පියන හැර එයට සකසා ගත් මිශ්‍රණයෙන් අවශ්‍ය ප්‍රමාණය පුරවා පියන වසා ජල බඳුනට උඩින් සවිකොට තබා බම්බුවේ රැඳුණු පිට්‌ටු හුමාලයෙන් තැම්බීමට ඉඩ හරින්න. බඳුනේ බම්බු කොටසේ සිදුරුවලින් හුමාලය පිටවෙන්නට පටන් ගත් පසු බම්බුව පරිස්‌සමෙන් ඉවතට ගෙන පොල්කටු හැන්දක මිට වැනි ඝන කෝටුවකින් බම්බුවෙන් පිට්‌ටුව තැටියකට බා ගන්න. ඒ අයුරින් එක දිගට බම්බුවට මිශ්‍රණය පුරවා තැම්බෙන්නට තබා පිට්‌ටු තනා ගන්න.

උණුසුම්ව පවතිද්දීම පිට්‌ටුවලට පොල් කිරි ස්‌වල්පයක්‌ එකතුකොට උම්බලකඩ සම්බෝලයක්‌ සමඟ ආහාරයට ගැනීම මැලේවරුන්ගේ සිරිතය. ඇතැම් විටෙක ඔවුහු පිට්‌ටුවලට පොල් කිරි සමඟ ඉදුණු කෙසෙල් ගෙඩියක මදයද එක්‌කොට ආහාරයට ගැනීමටද පුරුදු වී සිටිති. ඇතැම්හු පිට්‌ටුවලට පොල් කිරි සමඟ සීනි මිශ්‍රකොටද බුදිති. මැලේවරුන්හට ආවේණික වූ පිට්‌ටු දැන් අප සැමගේ ප්‍රනීත ආහාරයක්‌ වී ඇත්තේ එසේය.

එඩ්වඩ් චන්ද්‍රසිරි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
19 Aug 2017 09:31 PM
මේ වර්ග දවසකට එක ගානේ කෑවත් ජීවත්වන කාලය තුල කාලා නිම කරන්න බැරිවේවි...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Aug 2017 07:36 AM

http://www.navaliya.com/2017/08/21/New%20folder/50.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Aug 2017 08:03 AM
බඩ පුරවාගන්න කොච්චර කෑම ජාති තිබුනත් බත් කටක් කනවා වගේ නෑනේ.
හා බොරුද .....?
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Aug 2017 07:58 PM

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/23/files/assets/common/page-substrates/page0012.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/23/files/assets/common/page-substrates/page0013.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/23/files/assets/common/page-substrates/page0014.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/23/files/assets/common/page-substrates/page0025.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/23/files/assets/common/page-substrates/page0026.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/23/files/assets/common/page-substrates/page0030.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/23/files/assets/common/page-substrates/page0031.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Aug 2017 07:09 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/21265.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/21266.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/21267.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/21268.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Aug 2017 08:51 AM
මේ තොගෙන් බුෆේ ආචාර දර්ම ටික නම් හරිම වැදගත්.
අපිත් දකිනවා අපේ සමහර අය කරන පෙරේත වැඩ.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Aug 2017 07:18 PM
අපි නොදන්න මැලේ සංස්‌කෘතිය
තැටිය රත්වුණාම පුච්චන රොටිය
...


උදේ ආහාරය හෙවත් පාතරාසය ලෙසත්, ඇතැම් විට රාත්‍රී ආහාරය ලෙසත් බුදින්නට අපද හුරුවී සිටින ආප්ප, ඉඳියාප්ප, පිට්‌ටු හැරුණුකොට තවත් ජනප්‍රිය කෑම වර්ගයක්‌ ලෙස සැලකෙන "රොටී" යථෝක්‌ත සෙසු ආහාර වර්ග සේම මැලේ අනන්‍යතාව සහිත ආහාර විශේෂයකි.

මැලේවරුන්ගේ නිජභූමි වන්නේ ඉන්දුනීසියාව ප්‍රධාන ජාවා දූපත් වේ. ඒ සෑම දූපතකම පාහේ බහුලව වැවෙන ශාකයක්‌ වන්නේ පොල් ය. ඒවායින් ප්‍රනීත රසැති පොල් මගින් එසේම සහල් පිටි සහ වෙනත් පිටි වර්ගවලට පොල් මුසුකර ගනිමින් තමන්ට උචිත ආහාර වර්ග නිපදවා ගන්නට මැලේවරු පෙළඹීම අරුමයක්‌ නොවේ. ශත වර්ෂ කීපයක්‌ මුළුල්ලේ ලංකාවේ ප්‍රධාන ජාතිය වූ සිංහලයන් සමඟ එක්‌ව වාසය කිරීමෙන් මෙහි ප්‍රධාන ජාතියක්‌ වෙමින් සෙසු ප්‍රධාන ජාතීන් සමඟ මුසුව ජීවත් වීමෙන් මැලේවරුන් ඒ සෙසු ජාතීන්ගේ කෑම වර්ග හඳුනා ගැනීම සහ ඉන් තමන්හට රුචි කෑමවලට හුරුවීම මෙන්ම සෙසු ජාතීන් මැලේ අනන්‍යතාවකින් යුත් ආහාර වර්ගවලට හුරුවීමද සිදුවූ බවක්‌ පෙනේ. රොටී පිළිබඳව සැලකීමේදී ප්‍රථමයෙන්ම අපට විෂය වන්නේ පොල් රොටීය. මෙම ආහාර වර්ගය ලාංකික සියලුම ජාතීන් හට දැන් හොඳින් හුරු වුවද මැලේවරු ඒ සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය සහ සාදා ගන්නා ක්‍රමය විමසීම සුදුසු යයි සිතමි.

4 - 6 අතර ප්‍රමාණයකට සෑහෙන සේ රොටී පිස ගැනීම පිණිස අවශ්‍ය වන ද්‍රව්‍ය මෙසේය.

1. තිරිඟු පිටි කෝප්ප 04 ක්‌

2. ගාන ලද පොල් කෝප්ප 01 ක්‌

3. උතුරන ජලය කෝප්ප 1/2 ක්‌

4. පොල්තෙල් කෝප්ප 1/4 ක්‌

5. ලුණු ස්‌වල්පයක්‌



සාදා ගන්නා ක්‍රමය :

මේ සඳහා යොදා ගන්නා පිටි ප්‍රමාණය ඒ සඳහා සරිලන භාජනයකට දමා පිටි සහ ලුණු ඊට මුසුකර ගන්න. ඉන්පසු ඊට ජලය ක්‍රමක්‍රමයෙන් එක්‌ කර ගනිමින් මෘදු ලෙස පිටි ගුලිකර ගන්න. පොල් තෙල් භාවිත කරනුයේ පිටි අනා ගැනීම පහසු කරනු පිණිසය. ඉන්පසු එසේ අනාගන්නා ලද පිටි ගුලි එකින් එක තැටියක්‌ මත තබා අත්ලෙන් සහ ඇඟිලිවලින් ගෝලාකර හැඩයට තුනී කර ගන්න. පසුව උදුන් තැටියක්‌ මත එකී රොටී අතුරා එහි මතුපිට මද දුඹුරු පැහැ ගැන්වෙද්දී අනෙක්‌ පස හරවා එලෙසම පුළුස්‌සා ගන්න.

උණුසුම්ව තිබියදීම මෙසේ පිසූ රොටි ආහාරයට ගැනීමෙන් එහි ප්‍රනීත රසය තීව්‍ර වේ. රොටී ආහාරයට ගැනීමේදී ඊට ලුණුමිරිස්‌ මිශ්‍රකර ගැනීම සාමාන්‍ය සිරිතය. ඇතැම් විටෙක මැලේවරු ලුණුමිරිස්‌ මිශ්‍රකර ගැනීම වෙනුවට "බිලාචාන්" (Belachan) යනුවෙන් ඔවුන් විසින් නම්කරනු ලබන කූනිස්‌සන් යොදා සාදා ගන්නා රසවත් තලපය සමඟ රොටී ආහාරයට ගැනීමටද පුරුදු වී සිටිති. එකී තලපය සාදා ගැනීමේදී කූනිස්‌සන් යොදා ගැනීමට මැලේ ගෘහණියෝ හුරුවී සිටින්නේ ඉන් එකී තලපයට දක්‌වන සුවිශේෂී රසය නිසාය. රොටී කෑමට ගැනීමේදී දරු දැරියෝ මිරිස්‌ සහිත සැර ව්‍යාංජනයක්‌ ඊට මුසු කිරීම වෙනුවට ඉදුණු කෙසෙල් ගෙඩි සමඟ රොටී බුදින්නට වඩා ප්‍රිය කරති.

මැලේවරුන් හට අනන්‍ය තවත් රොටී වර්ගයක්‌ වේ. ඒ ආටා රොටිය. මැලේවරුන් රුචි කරන එම රොටී වර්ගය 4 - 6 අතර පිරිසකට සෑහෙන පරිදි සාදා ගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මෙසේය.

1. ආටා පිටි කෝප්ප 02 ක්‌

2. දුරු තේ හැඳි 1/4 ක්‌

3. පෙති කැපූ අමු මිරිස්‌ කරල් 1/2 ක්‌

4. උතුරන ජලය ප්‍රමාණයක්‌

5. මාගරින් මේස හැඳි 02 ක්‌

6. ලුණු ස්‌වල්පයක්‌

සාදා ගන්නා ක්‍රමය

පිටි සුදුසු බඳුනකට දමා ඊට පොඩිකර ගන්නා ලද දුරු, අමු මිරිස්‌ පෙති සහ ලුණු මිශ්‍රකර ගන්න. උතුරන ජලය ක්‍රමක්‍රමයෙන් එකතු කරමින් එම මිශ්‍රණය මෘදු ලෙස අනාගන්න. මාගරින් ඊට එකතු කරමින් පිටි මිශ්‍රණය ගුලි කරගන්න. ඉන්පසු පිටි මිශ්‍රණය එක සමාන ගුලි හයකට හෝ අටකට පමණ වෙන්කර ගෙන පැයක කාලයක්‌ එය පසෙක තිබෙන්නට හරින්න.

පසුව එම පිටි පැතලි තැටියක තබා මෘදු ලෙස මට්‌ටම් කොට රවුම් හැඩයකට සකසා ගන්න. ඉන්පසුව ළිපේ තබා මඳ දුඹුරු පැහැ ගන්නා තෙක්‌ පුළුස්‌සා උණුසුම්ව ආහාරයට ගන්න. මාගරින් වැඩි ප්‍රමාණයක්‌ හෝ ඒ වෙනුවට ගිතෙල් එම පරිමාවෙන් යොදා වඩා සරු ආටා රොටී සාදාගත හැකිවේ.

රොටී සමඟ මැලේවරු ආහාරයට ගන්නා තලපයක්‌ ලෙස මින් පෙර සහන් කළ කූනිස්‌සන් තලපයද "බිලාචාන් (Belachan)" නමින් හැඳින්වෙන රසවත් මැලේ ආහාර වර්ගයකි. රොටී, ආප්ප, ඉඳියාප්ප පිට්‌ටු වැනි උදේ ආහාර සමඟ මෙන්ම බත්, ප්‍රයිඩ් රයිස්‌ (මැලේ නාසිගෝරෙං) වැනි දිවා හා රාත්‍රී ආහාර රසවත් කරගැන්ම සඳහා ද මෙම කූනිස්‌සන් තලපය යොදා ගැනේ. මැලේවරු මෙන්ම ලංකාවේ සෙසු ජාතිකයන් අතරද ඉතා ජනප්‍රිය ප්‍රනීත රසයකින් යුත් ආහාර විශේෂයකි.

බිලාචාන් සාදා ගැනීම සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය මෙසේය.

1. කුඩු කරන ලද වේලූ කූනිස්‌සන් කෝප්ප 01 ක්‌.

2. ගාන ලද වියළි පොල් කෝප් 1/2 ක්‌

3. මිරිස්‌ කුඩු තේ හැඳි 03 ක්‌

4. පෙති ගැසූ ලූනු ගෙඩි 02 ක්‌

5. කැබලි කළ සුදුලූනු බික්‌ 05 ක්‌

6. හොඳින් පෙති ගැසූ අලුත් අමු ඉඟුරු මේස හැඳි 01 ක්‌

7. දෙහි ඇඹුල් කෝප්ප 2/3 ක්‌

8. ලුණු ස්‌වල්පයක්‌



සාදා ගන්නා ක්‍රමය


වියළි තාච්චියක්‌ රත් වෙන්නට තබා ඊට කූනිස්‌සන් කුඩු දමා විනාඩි කීපයක්‌ තිස්‌සේ හැඳි ගාමින් බැද ගන්න. එය කරවෙන්නට ඉඩ නොතබා බැද ගැනීම අත්‍යවශ්‍ය වේ. එය ළිපෙන් බා ලොකු පිඟානකට දමා පසෙක තබන්න. කූනිස්‌සන් කුඩු බැද ගන්නට පාවිච්චි කළ තාච්චියටම ගාන ලද වියළි පොල් දමා රන්වන් දුඹුරු පැහැ ගන්නා තෙක්‌ එය හැඳිගාමින් බැද ගන්න. ඉන්පසු එය පිඟානකට දමා සිසිල් වෙන්නට හරින්න.

දැන් මේ සඳහා යොදා ගන්නා ද්‍රව්‍යවලින් ඉතිරි සියල්ල බ්ලෙන්ඩරයකට දමා මෘදු තලපයක්‌ සේ එය සකස්‌ වන තෙක්‌ මිශ්‍ර කරගන්න. ඉන්පසු බැද ගන්නා ලද කූනිස්‌සන් කුඩු සහ පොල් ද බ්ලෙන්ඩරයට එකතුකොට එය ආවරණය කර නැවතත් මිශ්‍ර කර ගන්න. අවශ්‍ය වන්නේ නම් ජලය ස්‌වල්පයක්‌ පමණක්‌ බ්ලෙන්ඩරයට දමන්න. හොඳින් මිශ්‍ර වූ පසු එය තසිමකට දමා බත් හෝ වෙනත් සුදුසු ආහාරයක්‌ සමඟ පාවිච්චියට ගන්න.

ලබන සතියේ තවත් මැලේ ආහාර වර්ග පිළිබඳව විමසා බලමු.


එඩ්වඩ් චන්ද්‍රසිරි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Aug 2017 08:11 AM

http://www.navaliya.com/2017/08/28/New%20folder/50.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Aug 2017 07:10 PM

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/30/files/assets/common/page-substrates/page0012.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/30/files/assets/common/page-substrates/page0013.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/30/files/assets/common/page-substrates/page0014.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Aug 2017 07:14 PM

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/30/files/assets/common/page-substrates/page0027.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/30/files/assets/common/page-substrates/page0030.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/30/files/assets/common/page-substrates/page0031.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
31 Aug 2017 09:37 PM
කන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැහැ.. ඒ තරමටම කෑම ජාති.. බොහොමත්ම ස්තූතියි මේ බුෆේ ආචාරධර්ම ටිකට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
31 Aug 2017 11:26 PM
අද මෙතන කියවනකොට දැක්කට මොකද මම නිවිති එක්ක ඉස්සෝ කුකුල්මස් එහෙම හදන කළා තියෙනවා
බාගෙට වගේ තැම්බිගෙන එද්දී නිවිති කොළ ටික දාලා පිලියල කර ගත්තාම
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Sep 2017 04:33 AM
බුෆේ එක පුරවලා නේද
මස් මාංශ කෑම දකිනකොට ආස හිතුනට ටිකක් ඒවයින් ඇත් උනා
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Sep 2017 05:55 PM

මිනි බර්ගර්ස්

අවශ්‍ය ද්‍රව්‍ය
 
කුඩා බ්‍රෙඩ් රෝල්ස් 10ක් පමණ
කටු රහිත කුකුල් මස්් - ග්‍රෑම් 200
ලොකු ලූනු ගෙඩියකින් 1/2
බිත්තර කහමදයක්
ලුණු ස්වල්පය්
සලාද කොළ කීපයක්
තක්කාලි පෙති කීපයක්
බටර් ටිකක්
 
සාදන ආකාරය

කුකුල්මස්, සිහින්ව අඹරා හෝ අඹරාගත් කුකුල් මස් ඒ සඳහා භාවිත කරන්න. ලොකු ලූනු ඉතාම කුඩාවට කපාගන්න. දැන් භාජනයක් ගෙන එයට අඹරාගත් කුකුල් මස්, ලූනු, ලුණු, ගම්මිරිස් සහ බිත්තර  කහමදය දමා  හොඳින් අනාගන්න. දැන් මේ මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා  ඒවායින් කුඩා රොටි  සකසා ගන්න. දැන් තෙල් ස්වල්පයක් ගා දෙපැත්ත දමා හොඳින් පුළුස්සා ගන්න.කුඩා බ්‍රෙඩ් රෝල් දෙකට පලා බටර් ස්වල්පයක් ගාගෙන, එයට සලාද කොළ කැබැල්ලක් සහ තක්කලි පෙත්තක් තබා ඒ මතින්   පුළුස්සා ගත් කුකුල් මස් රවුමක් තබා සකසා ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

කුඩා ප්‍රමාණයේ දැල්ලන් ග්‍රෑම් 500
තරමක් ලොකු 
අල ගෙඩි ගෙඩි 2ක්
ලොකු ලූනු ගෙඩියකින් 1/2ක්
තෙල් ටිකක්
ලුණු රසට අනුව
ගම්මිරිස් රසන අනුව
 
සාදන ආකාරය
දැල්ලන් ගේ ඔළුව සහ උඩ සිවිය ගලවා ඉවත් කරන්න ඉතා හොඳින් පිලී යන ලෙස සෝදන්න. දැන් අල ටික හොඳින් මෘදු වන ලෙස තම්බා ගන්න. බඳුනකට දමා ගත් අල ඉතා හොඳින් ‍පොඩිකරන්න. දැන් ලූනු ඉතාම සිහින්ව චොප් කර ගන්න.  තෙල් ඉතාම ස්වල්පයක් ළිප තබා රත්වන විට ලූනු ටික දමන්න අල,  ලුණු, ගම්මිරිස් ඉතාම ස්වල්පයක් දමා කලවම් කර ගන්න. දැන් මේ අල මිශ්‍රණය දැල්ලන් තුළට පුරවා ගන්න. ඉන්පසු තෙල් ටිකක් දාගත් පෑන් එකක් මත අඩුක්කර දෙපැත්ත හරවමින් හොඳින් පිස ගන්න.



ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Sep 2017 07:24 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/21666.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/21667.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/21660.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/21661.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Sep 2017 08:41 AM

http://www.navaliya.com/2017/09/04/New%20folder/40.jpg

http://www.navaliya.com/2017/09/04/New%20folder/25.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Sep 2017 04:17 AM
වෙල්කම් ඩ්‍රින්ක්ස් ටිකනං ගොඩාක් වැදගත් මල්ලියේ
ගෙදරට එන අමුත්තන්ට දෙන්නම නෙවෙයි හදාගෙන බොන්න
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Sep 2017 07:36 AM

http://www.rivira.lk/epaper/diyaniya/2017/09/06/files/assets/common/page-substrates/page0013.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/09/06/files/assets/common/page-substrates/page0014.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/09/06/files/assets/common/page-substrates/page0029.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/09/06/files/assets/common/page-substrates/page0030.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/09/06/files/assets/common/page-substrates/page0031.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 28 of 77 << < 2627282930 > >>