Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 30 Nov 2018 10:24 AM by Udari කෑම පිටුව 1520 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 29 of 77 << < 2728293031 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 08 Sep 2017 01:16 AM ආයෙත් කෑම මේසෙ පුරවලා නේද රස කෑම ගොඩායි 0 hasithadSuper Senior MemberPosts:5795 08 Sep 2017 08:32 AM අම්මේ තියෙන ගොඩ.පත්තර කන්තෝරුවම චාමරයගේ ගෙදර වගේ. 0 isurusamSuper Senior MemberPosts:7342 08 Sep 2017 09:28 AM පට්ට කෑම සෙට් එකක් නේ............. 0 chamaramindMost Senior MemberPosts:13471 08 Sep 2017 07:05 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 09 Sep 2017 02:02 AM සේවරි රොටියට ලගින් යන රොටියක්නං සමහර වෙලාවට හදාගෙන කනවා මම ස්තූතියි මල්ලි අලුත් රෙසිපි ටිකටත් 0 chamaramindMost Senior MemberPosts:13471 09 Sep 2017 03:39 AM අපි නොදන්න මැලේ සංස්‌කෘතිය කොණ්‌ඩ කැවුම්, මුං කැවුම් අපේම කෑමද? එඩ්වඩ් චන්ද්‍රසිරි සිංහල අලුත් අවුරුද්ද සිංහලයෝ ජාතියක් වශයෙන් ඉතා ඉහළින් සමරන, විවිධ වෘත්තීන් හේතුවෙන් ආවාහ විවාහ වැනි විවිධ මිනිස් සබඳතා හේතුවෙන් විසිරී සිටින පවුල් සාමාජිකයන් සියල්ලෝම එකට එකතු වන වසරකට වරක් එළැඹෙන දුර්ලභ අවස්‌ථාවකි. එකී අලුත් අවුරුදු මංගල්‍යයේදී පවුලේ සාමාජිකයන් සැවොම එකට එකතු වී සුබ නැකතට ලිප ගිනි මොළවා, කිරිබත් පිස, තවත් සුබ නැකතකදී පහන් දල්වා, බුදුන්, දෙවියන් සිහිකර, ගනුදෙනු කොට කැවුම් කිරිබත් අනුභව කිරීම සිරිතය. මෙකී සිංහල අලුත් අවුරුදු මේසයේ වැජඹෙන ප්‍රධාන ආහාරය වන කිරිබත සමඟ මැලේවරුන්ගේ බැඳීම පිළිබඳව මෙම ලිපිපෙළේ මින් පෙර ලිපියක් මගින් කරුණු දක්‌වා ඇත. එසේම අලුත් අවුරුදු මේසය සරසන කෑම වර්ග අතර ප්‍රමුඛම ස්‌ථානයක් ගන්නා කොණ්‌ඩ කැවුම්, මුං ඇට කැවුම් වැනි ආහාර වර්ග ද මැලේවරුන්හට ආවේණික ඔවුන්ගේ නිවෙස්‌වල භාවිත කෙරෙන ආහාර වර්ග වේ. සිංහල සහ මැලේ ජාතිකයන් අතර ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රධාන ජාතීන්ට වඩා එකිනෙකා කෙරෙහි බැඳීමක් සහ ගෞරවයක් පවත්නා බවක් දක්‌නට ලැබේ. මෙකී දෙපාර්ශ්වයම අතර ඉතා ජනප්‍රිය, ඔවුන් දෙකොටසම සුලභව භාවිත කරන, මෙතෙක් අප විසින් දක්‌වන ලද බොහෝ ආහාර වර්ග යථෝක්‌ත බැඳීම සහ ගෞරවයට බලපාන ප්‍රබල සාධකයක් වී දැයි විමසීම වටී. සිංහලයන් කොණ්‌ඩ කැවුම් යනුවෙන් හඳුන්වනු ලබන ප්‍රණීත රසැති කැවිලි වර්ගය මැලේවරුන් විසින් හඳුන්වනු ලබන්නේ 'චූචූර්' (Cucur) යන නමිනි. මැලේවරුන්ගේ උච්ඡාරණයට අනුව එය choochur වේ. ඉංග්‍රීසියෙන් Oil Kake ලෙස හඳුන්වන මෙම කැවිලි වර්ගය දමිළ බසින් හඳුන්වන්නේ පන්නියාරම් (Panniyaram) නමිනි. කොණ්‌ඩ කැවුම් ඊට විශේෂිත වූ අච්චුවක් මගින් සාදා ගැනීමට වත්මනෙහි බොහෝ ගෘහණියෝ පුරුදු වී සිටින නමුත් කැවුම් පිසීම පිණිස තාච්චියට දමන පිටි මිශ්‍රණය මතට සීරුවෙන් පිටි ස්‌වල්පය බැගින් එක්‌කරමින් ඉතා හුරුබුහුටි ලෙස කැවුමේ කොණ්‌ඩය වඩවා ගැනීමට පැරැණි ගෘහණියෝ සමත් වී සිටියහ. කොණ්‌ඩ කැවුම් සාදා ගැනීම පිණිස මැලේවරු භාවිතා කරන ද්‍රව්‍ය මේවාය. 1. හාල් පිටි ග්‍රෑම් 350 ක් 2. තිරිඟු පිටි ග්‍රෑම් 150 ක් 3. හොඳින් කුඩුකර ගන්නා ලද දුඹුරු සීනි ග්‍රෑම් 200 ක් 4. සීනි කැට ග්‍රෑම් 100 ක් 5. පිරිසිදු ජලය මිලි ලී. 550 ක් 6. පිසීමට පොල්තෙල් මි. ලී. 350 ක් සාදා ගන්නා ක්‍රමය පිරිසිදු ජලය මිලි ලී. 550 හොඳින් නටන තුරු රත් කරගෙන, කුඩු කර ගන්නා ලද සීනි සහ කැට සීනි ප්‍රමාණය ඊට එකතු කරන්න. සීනි දෙවර්ගයම හොඳින් ජලයේ දියවන තෙක් හැඳිගාන්න. ඉන් පසු මෙම ද්‍රdවණය ගින්නෙන් බා මන්ඩි කිසිවක් නොරැඳෙන සේ පෙරාගෙන පසෙකින් තබන්න. මධ්‍යම ප්‍රමාණයේ සුදුසු බඳුනකට හාල් පිටි සහ තිරිඟු පිටි දමා හැඳි ගා හොඳින් මිශ්‍ර කරගෙන මඳින් මඳ සීනි ද්‍රdවණය ඊට එක් කරමින් අඛණ්‌ඩව හැඳි ගාමින් මෘදු ද්‍රdවණයක් සැකසෙන තෙක් හොඳින් කලවම් කරගන්න. ද්‍රdවණයේ සියලු ද්‍රව්‍ය හොඳින් මුසු වන සේ විනාඩි 5 ක් පමණ කලතා, විනාඩි 20 ක් පමණ තිබෙන්නට හරින්න. පසුව බොකුටු තාච්චියකට තෙල් මි. ලී. 50 ක් පමණ දමා එය රත් කරගන්න. ඉන් පසු නැවතත් මිශ්‍රණය හැඳි ගා කැවුමකට අවශ්‍ය ප්‍රමාණයට පිටි ද්‍රdවණයෙන් ස්‌වල්ප ප්‍රමාණයක් තාච්චියේ නටන තෙල් මතට දමා රත් වූ තෙල් අඛණ්‌ඩව ඒ මතට හැන්දෙන් දමමින්ම ස්‌වල්ප පිටි ප්‍රමාණයක් ඒ මධ්‍යයට දමා කොණ්‌ඩය වඩමින් කැවුම පිස ගන්න. රන්වන් පැහැ ගනිමින් නිසි පමණට බැඳුණු කැවුම හැන්දෙන් ඉවතට ගෙන එහි ගැල් වී ඇති තෙල් ඉවත් වන අයුරින් බඳුනකට දමන්න. කොණ්‌ඩ කැවුම් පිසීමේදී එය හරව හරවා බැඳීමක් අවශ්‍ය නොවේ. මේ අයුරින් කැවුම් 30 ක් පමණ මෙසේ සකසා ගත හැකි වේ. අලුත් අවුරුදු මේසය සරසන කැවිලි වර්ග අතරින් මැලේවරුන්හට ආවේණික ඊළඟ ආහාර වර්ගය වන්නේ මුං ඇට කැවුම් ය. මැලේවරු මෙම කැවිලි වර්ගය හඳුන්වන්නේ චූචූර් කච්චං (cueur kacang) යන නමිනි. මැලේවරුන්ගේ උච්චාරණයට අනුව එය Choochur Kachchang වේ. හාල් පිටි, හොඳින් කුඩුකර ගත් මුං ඇට, කිතුල් පැණි සහ පොඩි කළ කරඳමුංගු, මුංඇට කැවුම් සාදා ගැනීම සඳහා යොදා ගැනේ. ඒ සියල්ල එකට හොඳින් මිශ්‍ර කොට තලපයක් සේ සකසා පැතලි තලයක් මත අතුරා, අවශ්‍ය ප්‍රමාණයට මුං ඇට කැවුමට ආවේණික හැඩයට කෑලිකපා සහල් පිටි, පොල් වතුර, බිත්තර සහ කහ යෙදූ ද්‍රවැති මිශ්‍රණයක බහා එම ද්‍රවැති මිශ්‍රණය හොඳින් තලප කොටසේ ආලේප වන්නට හැර සීනි, පැණි, ජලය සහ වැනිලා ස්‌වල්පයක් මිශ්‍ර කළ ද්‍රdවණයක ද බහා එයද තැවුරුණු තලප නටන තෙලේ බැදගන්න. රන්වන් පැහැ ගැන්වෙන තෙක් බැඳ තෙල් ඉවත් වන්නට තබා ආහාරයට ගන්නා මුං ඇට කැවුම් හෙවත් චූචූර් කච්චං, ඊටට ආවේණික විශේෂ ප්‍රණීත රසයකින් යුත් කැවිලි වර්ගයකි. තේ පානයේදී අපගේ නිවෙස්‌වල නිතර භාවිත කරන එසේම දෛනික ආහාර වර්ග අලෙවි කරන ව්‍යාපාරික ස්‌ථානවල නිරන්තරයෙන් දක්‌නට ලැබෙන ජනප්‍රිය රස කෑමක් වන්නේ 'ලැවරියා' ය. එය මැලේවරුන් විසින් 'කොස්‌පන්' (Kospang) නමින් හඳුන්වන, ඔවුනට ආවේණික කෑම වර්ගයක් බැව් බොහෝ අය නොදනිති. ලැවරියා වල මතුපිට දැවටුම අප හට සිහි ගන්වන්නේ ඉදියාප්පයකි. ලැවරියා සාදා ගැනීම සඳහා යොදා ගන්නා ක්‍රමයේ එන මුල් අදියර මින් පෙර මෙම ලිපි පෙළේ පළවූ ලිපියක් මගින් පෙන්වා දුන් ඉදියාප්ප තනා ගන්නා මූලික ක්‍රමවේදයම වේ. ලැවරියා දැවටුම සකස් කිරීමේදී පවත්නා වෙනස වන්නේ එය ඉදියප්පමට වඩා මඳක් ප්‍රමාණයෙන් විශාලව ඝනත්වයෙන් කර මක් වැඩි ප්‍රමාණයකින් යුතුව සකසා ගැනීමයි. මෙහිදී ගාන ලද පොල්, සව් සහ උක් පැණි එකට මුසු කොට, ලිපේ තබා නිසි පමණට පිස සකසා ගන්නා ලද මිශ්‍රණය අවශ්‍ය ප්‍රමාණයෙන් දැවටුමට මැදි කොට, එය පෑන් කේක් පරිදි ඔතා ලැවරියා සකස් කර ගැනේ. එසේ සකස් කර ගනු ලබන ලැවරියා උණු උණුවේ ම ආහාරයට ගන්නේ නම් ඉන් වඩාත් තීව්‍ර රසයක් ලබා ගත හැකි වේ. අතුරුපස වර්ගයක් ලෙස මැලේවරු ආහාරයට ගන්නා Pastol හෙවත් Pastel ඔවුන් අතර ප්‍රචලිත කෑම වර්ගයකි. එය මැලේවරුන් විසින් උච්චාරණය කරනු ලබන්නේ Pas+Thel යනුවෙනි. එය පැටිස් නමින් අප අතර ප්‍රසිද්ධ අතුරුපස වර්ගයට බොහෝ දුරට සමාන අහරකි. වෙනස වන්නේ Pastol පැටිස් වලට වඩා ප්‍රමාණයෙන් මඳක් විශාල වීමත්. එහි පිටි දවටනය තුළට බහාලන ආහාර මිශ්‍රණයක්‌ය. පැටිස්‌වල ආහාර මිශ්‍රණයට වඩා වෙනස් වීමක් ය. පස්‌තෑල යනුවෙන් ඇතැම් සිංහල ජනයා විසින් ව්‍යවහාර කරනු ලබන්නේ ද මෙම ආහාර වර්ගය බැව් පෙනේ. පිසින ලද මස් කැබලි පස්‌තෑල වල අඩංගු මිශ්‍රණයට එකතු කිරීම එහි විශේෂත්වයයි. මැලේවරු ඒ සඳහා යොදා ගන්නේ හරක් බොකු, හරක් පෙනහලු සහ බාබත් ය. ඔවුහු එමගින් සුවිශේෂී, ප්‍රණීත රසයක් මෙකී ආහාරයට එක්‌කර ගනු ලැබේ. මෙකී 'පස්‌තෑල' සාදා ගැනීම පිණිස පාවිච්චි කරන ද්‍රව්‍ය මෙසේය. ඒවා භාවිතා කරනුයේ එහි දැවටුම සාදා ගනු පිණිසය. 1. හාල් පිටි හෝ තිරිඟු පිටි ග්‍රෑම් 500 ක් 2. පොල් වතුර කෝප්ප 1/2 ක් 3. ගාන ලද පොල් කෝප්ප 1/2 ක් 4. කහ කුඩු තේ හැඳි 1/2 ක් 5. ලුණු ස්‌වල්පයක් 6. පිටි මිශ්‍රණය අනා ගැනීම සඳහා ප්‍රමාණවත් ජලය පස්‌තෑලේ පිටි දැවටුම තුළට බහාලන ආහාර මිශ්‍රණය සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය මෙසේය. 1. හරක් බාබත්, බොකු සහ මස් ග්‍රෑම් 250 ක්. (මෙකී ද්‍රව්‍ය තම්බා, ඉතා කුඩා කැබලි වලට කපා ගත යුතු වේ.) 2. අර්තාපල් ග්‍රෑම් 100 ක් (මෙය තම්බා හෝ බැද සමචතුරස්‍රාකාර කුඩා කැබලිවලට කපා ගත යුතුය.) 3. වම්බටු ග්‍රෑම් 100 ක් (විකල්පයක් ලෙස) 4. කුඩා ලෙස පෙති ගැසූ ලූනු ග්‍රෑම් 100 ක් 5. අඟලක පමණ ඉඟුරු කැබැල්ලක් සහ සුදුළුEනු බික් 03 ක් 6. මිරිස් කුඩු මේස හැඳි 01 ක් 7. කුඩු කළ කළු ගම්මිරිස් මේස හැඳි 01 ක් 8. තුනපහ තේ හැඳි 01 ක් 9 රම්පෙ, කරපිංචා, සේර සහ ලුණු ස්‌වල්පයක් සාදා ගන්නා ක්‍රමය පිටි දවටනය සාදා ගැනීම සඳහා පාවිච්චි කරන, මින් ඉහත දක්‌වා ඇති ද්‍රව්‍ය සියල්ල එකට මුසු කර ගන්න. පස්‌තෑලයේ පරිමාව සලකා ඒ අනුව කුඩා පිටි ගුලි වලට මෙම මිශ්‍රණය වෙන් කර ගන්න. ඉන් පසු පිටි දැවටුම තුළ පුරවන ආහාර මිශ්‍රණය සාදා ගැනීම පිණිස සුදුලූනු. ලූනු සහ කරපිංචා තෙලේ දමා තෙම්පරාදු කර ගන්න. මේ සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය ලැයිස්‌තුවේ ඇති සෙසු ද්‍රව්‍ය සියල්ල මස් සමඟ මිශ්‍ර කොට මඳ ගින්නේ පිසගන්න. පසුව ලිපෙන් බාගත් මිශ්‍රණය හොඳින් කලතා වියෑළෙන තෙක් පසෙක තබන්න. කලින් සකස් කරගත් කුඩා පිටි ගුලි සම මතුපිටත තබා ඒවා අත්ලෙන් තලා, පිරිසිදු බෝතලයක් හෝ ඒ වෙනුවෙන් සැකසූ රවුම් හැඩයේ ලී උපකරණයක් යොදා ගනිමින් පැතලි කොට පස්‌තෑලයට අවශ්‍ය ප්‍රමාණයට රවුම් හැඩයකට සකසා එහි මැදට මස් මිශ්‍රණයේ ප්‍රමාණවත් කොටසක් දමා එය මැදි කොට දවටනය ඔතා අඩ සඳක හැඩය ගැන්වෙන සේ සකසා එහි වාටිය ගෑරුප්පු තුඩකින් දිගටම සීල් කරන්න. ඉන්පසු නටන තෙල් තාච්චියක බහා රන්වන් පැහැ ගැන්වෙන තෙක් බැද තෙල් බේරෙන්නට තබා, උණු උණුවේම ආහාරයට ගන්න පස්‌තෑල හෙවත් මැලේ ඡදිඑදක ඊටම ආවේණික ප්‍රණීත රසයකින් යුත් කදිම අතුරුපසකි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 09 Sep 2017 10:41 PM කොණ්ඩෙ ගන්න අමාරැ හින්ද අපි හදන්නෙ හැදි කැවුම් කොණ්ඩෙ නැති ටික විතරයි කොණ්ඩ කැවුම් රහ ලෙසටම තියෙනවා 0 chamaramindMost Senior MemberPosts:13471 10 Sep 2017 08:15 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 hasithadSuper Senior MemberPosts:5795 10 Sep 2017 09:08 AM නියම අතුරුපස සෙට් එකක්ම තියෙන්නේ. ඒක සේව් කරගත්තා ඕං. 0 sha733Super Senior MemberPosts:7332 11 Sep 2017 04:04 AM රස නහර පිනා යනවා මේව දකිනකොට 0 chamaramindMost Senior MemberPosts:13471 13 Sep 2017 02:18 AM කූර තම්පලා සමග වට්ටක්කා සුප් අවශ්‍ය ද්‍රව්‍ය කූරතම්පලා - ග්‍රෑම් 300, වට්ටක්කා - ග්‍රෑම් 300 පොල්කිරි අඬු කෝප්ප 2ක් පමණ කුකුල් මස් - ග්‍රෑම් 50ක් පමණ තලාගත් ඉඟුරු සුදුලූනු - තේ හැඳි 1 ලොකු ලූනු ගෙඩියක්, එළඟිතෙල් මේස හැඳි 1 කරපිංචා කිනිත්තක්, තක්කාලි ගෙඩියක් ලුණු රසට අනුව සාදන ආකාරය තම්පලා දළුත් සමග ළපටි කොටස් කඩා, සෝදා දිය බේරා ගන්න. වට්ටක්දා පොත්ත සහ ඇට ඉවත් කර සෝදා කුඩාවට කපා ගන්න. දැන් මේ දෙවර්ගයම හොඳින් තම්බා එයට මිටිකිරි එකතුකර බ්ලෙන්ඩර් කර හෝ හැන්දකින් පොඩිකර පසෙකින් තබන්න. කුකුල් මස් ටික ඉතා කුඩා කොටු ලෙස කපාගන්න. දැන් එළඟිතෙල් ළිප තබා රත්වන විට එයට තලාගත් ඉඟුරු, සුදුලූනු දමා රන්වන් පාටට බැදෙන්නට හරින්න. දැන් කුකුල් මස් කැබැලිද දමා තෙලෙන් හොඳින් තැම්බෙන්නට හරින්න. දැන් තක්කාලිද කුඩාවට කපා දමන්න. කරපිංචාද කුඩාවට කපා දමන්න. ලොකු ලූනු ගෙඩියක්ද කුඩාවට කපා දමා එය යන්තමට තෙලෙන් තෙම්පරාදු වනවිට බ්ලෙන්ඩර් කරගත් තම්පලා මිශ්‍රණය දමන්න. ලුණු එකතු කරන්න. උකු ගතිය වැඩිනම් අවශ්‍ය තරමට වතුර එකත කරගෙන මද ගින්දරේ පිස ගන්න. අලිගැටපේර මීකිරි සලාදය අවශ්‍ය ද්‍රව්‍ය හොඳින් ඉදුනු නමුත් බෙරි නොවු අලිගැටපේර ගෙඩියක් රතුලූනු ගෙඩි කීපයක් රතුපාට, කොළපාට සහ කහපාට බෙල්පෙපර් කුඩා කැබැලි කීපයක් මින්චි කොළ 2-3ක් ලුණු ස්වල්පයක් ගම්මිරිස් කුඩු ස්වල්පයක් ග්‍රේට් කරගත් චීස් මේස හැඳි 1 මීකිරි මේස හැඳි 2ක් සාදන ආකාරය අලිගැට පේර ගෙඩියේ පොත්ත සීරුවෙන් ඉවත් කර කුඩා කොටුවලට කපන්න. බෙල් පෙපර්ද කුඩා කොටුවලට කපාගන්න (ස්වල්පය බැගින්) රතුලූනු සිහින්ව කපන්න. මින්චි කොළද සිහින්ව ලියා ගන්න. දැන් බඳුනක් ගෙන එයට මී කිරි, ගම්මිරිස්, ලුණු දමා ක්‍රීම් එකක් සේ සාදාගන්න. දැන් අලිගැටපේර ලුනූ, බෙල්පෙපර් දමා පොඩිනොවන සේ කලවම් කර ගන්න. උඩින් ග්‍රේට් කරගත් චීස් දමා කෑමට ගන්න. කොමඩු ලැසී අවශ්‍ය ද්‍රව්‍ය හොඳින් රතුපාටට ඉදුණ කොමඩු මී කිරි, සීනි ස්වල්පයක් ලුණු ඉතාම ස්වල්පයක් සාදන ආකාරය ඇට සහ පොත්ත ඉවත් කරගත් කොමඩු කුඩා කැබැලිවලට කපා ගන්න. කොමඩු ප්‍රමාණයටම මී කිරි දමා හොඳින් බ්ලෙන්ඩර් කර රසට අනුව ලුණු සහ සීනි ඉතාම ස්වල්පයක් එකතු කර ගෙන බිමට ගන්න. (ලුණු සහ සීනි එකතු කර නොගන්නවානම් , ගුණදායක බව වැඩිවෙයි ) බෙහෙත් නෙල්ලි ව්‍යංජනය අවශ්‍ය ද්‍රව්‍ය නෙල්ලි ගෙඩි ග්‍රෑම් 200 කුඩා ඉඟුරු කැබැල්ලක් සුදුලූනු බික් 3 යි රතුලූනු ගෙඩි 10ක් රම්පේ කැබැල්ලක් කරපිංචා කිනිත්තක් කුඩා සේර කැබැල්ලක් උළුහාල් තේ හැඳි 1/2 කුරුඳුපොතු කැබැල්ලක් බැදගත් තුනපහ කුඩු මේස හැඳි 1 බැදගත් මිරිස් කුඩු තේ හැඳි 1 කහකුඩු තේ හැඳි 1/4 ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 එනසාල් කරල් 2 යි රස අනුව ලුණු කුඩු සියඹලා බොර තේ හැඳි 1/2 උකු මිටිකිරි අඬු කෝප්ප 1 කබලේ බැද අඹරාගත් හාල් සහ පොල් මේස හැඳි 2 පොල් තෙල් ටිකක් සාදන ආකාරය නෙල්ලි සෝදා පිරිසිදු කර, වතුර ටිකක් දමා තම්බා නිවුණු පසු ඇට ඉවත් කර ගන්න. එයට උළුහාල්, කුරුඳුපොතු බැදගත් තුනපහ, මිරිස් කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු සියඹලා බොර දමා හොඳින් කලවම් කර වතුර අඬු කෝප්ප 1/2 දමා පසෙකින් තබන්න. දැන් මැටි වළඳක් ළිප තබා පොල් තෙල් ටිකක් දමා රත් කරන්න. රත්වූ තෙලට තලාගත් ඉඟුරු, සුදුලූනු, රතුලූනු, රම්පේ, කරපිංචා, සේර, කරදමුංගු දමා රන් පැහැයට බැද ගන්න. දැන් එයට නෙල්ලි මිශ්‍රණය එකතු කරන්න. මදගින්දරේ පිසෙන්නට හරින්න. වතුර හිඳීගෙන එනවිට අඹරාගත් හාල් පොල් මිශ්‍රණය මිටිකිරි වලට කලවම් කර නෙල්ලිවලට එකතු කර උතුරවා ළිපෙන් බා ගන්න. කිරිහැන්ද ව්‍යංජනය අවශ්‍ය ද්‍රව්‍ය කිරිහැන්ද කොළ ග්‍රෑම් 300 උකු මිටිකිරි අඬු කෝප්ප 1 සිහින්ව ලියාගත් රතුලූනු ගෙඩි 10 සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 3යි උළුහාල් තේ හැඳි 1/2 කුරුඳුපොතු කැබැල්ලක් කහ කුඩු තේ හැඳි 1/2 ලුණු කුඩු රසට අනුව උම්බලකඩ කැබැලි මේස හැඳි 1 අබ කුඩු තේ හැඳි 1/2 සාදන ක්‍රමය කිරිහැන්ද කොළ අහුලා තරමක් කැබැලිවලට කඩා සෝදා දිය බේරා ගන්න. දැන් මැටි ඇතිලියක් ගෙන එයට කඩාගත් කොළද, ඉතිරි කළමනා සියල්ලද දමා හොඳින් මිශ්‍ර කර ළිප තබා මදගින්දරේ පිසගන්න. සව්, ඕළු හාල් කැඳ අවශ්‍ය ද්‍රව්‍ය සව් හාල් ග්‍රෑම් 100 ඕළු හාල් ග්‍රෑම් 100 උකු පොල් කිරි අඬු කෝප්ප 1 දියකිරි අඬු කෝප්ප 1 එළඟිතෙල් මේස හැඳි 2 සිහින්ව ලියාගත් රතුලූනු ගෙඩි 5-6ක් පමණ අමුමිරිස් කරල් 2යි අඹරාගත් ඉඟුරු තේ හැඳි 1 අඹරාගත් සුදුලූනු තේ හැඳි 1 සිහින්ව කපාගත් කරපිංචා කිනිත්තක් රම්පේ කැබැල්ලක් ලුණු ස්වල්පයක් සාදන ආකාරය ඕළු හාල් ටික සෝදා ගරා පැය 5ක් පමණ පෙඟෙන්නට තබන්න. දැන් එය සුදුසු බඳුනකට දමා වතුර එකතු කර ළිප තබන්න. ඕළු හාල් ඇට තැම්බිගෙන එන විට එයට සෝදාගත් සව් හාල් එකතු කරන්න. සව් ඇට තැම්බිගෙන එන විට දියකිරි එකතු කරන්න. දියකිරි උතුරන විට උකු පොල්කිරි සහ ලුණු දමන්න. දැන් කිරි නටන විට හොඳින් හැඳිගාමින් ළිපෙන් බා ගන්න. දැන් වෙනත් භාජනයක් ළිප තබා ගිතෙල් දමා රත් කරන්න එයට කපාගත් ලූනු, අමුමිරිස්, රම්පේ, කරපිංචා, ඉඟුරු, සුදුලූනු දමා තෙම්පරාදු වන්නට හරින්න. තෙම්පරාදු වී ගෙන එන විට, පිසගත් කැඳ දමා කලවම් කර ගන්න. නෙලුම් අල සම්බෝලය අවශ්‍ය ද්‍රව්‍ය නෙලුම් අල ග්‍රෑම් 250 උම්බලකඩ මේස හැඳි 2 රතුලූනු ගෙඩි 20ක් අමුමිරිස් කරල් 3-4ක් ගම්මිරිස් කුඩු තේ හැඳි 1 රස අනුව ලුණු රස අනුව දෙහි යුෂ සිහින්ව ගා ගත් පොල් මිටක් කරපිංචා කිනිත්තක් සාදන ක්‍රමය නෙලුම් අලය පිටින් සෝදා වතුර එකතු කර කැකුළු සහල් මිටක් සහ ගොරකා කැබැල්ලක් දමා තම්බා දිය බේරා ගන්න. (නෙලුම් අලයේ තිබෙන විෂ ගති ඇත්නම් ඒවා ඉවත්වීම සඳහාය) දැන් නෙලුම් අල ඉතා සිහින්ව පෙති කපා ගන්න. එයට ලුණු සහ දෙහි යුෂ එකතු කර පැයක් පමණ විවේකීව තබන්න. පැයකට පමණ පසු එයට රතුලූනු, අමුමිරිස්, කරපිංචා සිහින්ව ලියා දමන්න. දැන් ඉතිරි කළමනාද දමා කලවම් කර කෑමට ගන්න. දන්දිල කැඳ අවශ්‍ය ද්‍රව්‍ය තම්බාගත් දම්පාට දන්දිල අල ග්‍රෑම් 100 පොල්කිරි අඬු කෝප්ප 1 කිතුල් හකුරු ග්‍රෑම් 100 කජු මද ග්‍රෑම් 50 වියලි මිදි ග්‍රෑම් 50 එනසාල් කරල් 2 යි කරාබු නැටි 1 යි කුඩා කුරුඳුපොතු කැබැල්ලක් රසට අනුව ලුණු සාදන ආකාරය තම්බාගත් අල වලට පොල් කිරි එකතු කර හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. කජු මද කුඩාවට කපා ගන්න. දැන් සුදුසු භාජනයක් ගෙන එයට බ්ලෙන්ඩර් කරගත් අල මිශ්‍රණය සහ අනෙකුත් සියලු කළමනා දමා මදගින්දරේ හැඳිගාමින් පිසගන්න. උකු ගතිය වැඩිනම් අවශ්‍ය පදමට වතුර හෝ දියකිරි එකතු කර ගන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 13 Sep 2017 04:07 AM වට්ටක්කා සුප් ..ඇහුවෙත් අදමයි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Sep 2017 10:53 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 14 Sep 2017 07:17 AM උඹත් මල්ලි මේ කෑම උස්සන් එන්නෙ බඩ ගින්නේ ඉන්න වෙලාවටමනේ ඇවිස්සෙනවා කියන්නේ ඉතින් 0 RosiSuper Senior MemberPosts:5335 14 Sep 2017 08:15 AM ඔව් අනේ කෙලත් වුනනවා කටට මේවා දකිද්දීත් .. නෙලුම් අල සම්බෝලේ කන්න ආස හිතුනා 0 hasithadSuper Senior MemberPosts:5795 14 Sep 2017 08:45 AM නෙලුම් අල ඉස්සර වගේ නෙමෙයි දැන් නම් කන්න එපා කියනවා. මේක අපේ හාමිනේ තමයි කිව්වේ. 0 chamaramindMost Senior MemberPosts:13471 15 Sep 2017 06:40 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 16 Sep 2017 02:19 AM eka maru kamakne elawalu palathuru 2ma 0 chamaramindMost Senior MemberPosts:13471 16 Sep 2017 04:28 AM අපි නොදන්න මැලේ සංස්‌කෘතිය අපට නැකම් කියන මැලේ කෑම හබල පෙති, පෑන් කේක්, රුලං මැලේවරුන් හට ආවේණික එහෙත් සිංහල ප්‍රධාන ශ්‍රී ලංකාවේ සෙසු මූලික ජාතීන් හටද හුරු පුරුදු තවත් කෑම වර්ගයක් වන්නේ පෑන් කේක් (Pancake) ය. මැලේවරුන් හට ආවේණික වෙනත් ආහාර වර්ග අතර කැපී පෙනෙන ලැවරියා, පැණි රොටි වැනි කෑම වර්ග හා සමීප බවක් පෑන්කේක් තුළින් ප්‍රකට වීම විශේෂත්වයකි. මැලේවරුන් විසින් ලැවරියා සේම කොස්‌පන් (Kospang) යන නමින් හඳුන්වනු ලබන පෑන්කේක් දමිළ ජනතාව "සුරූටාපම්" (Soorootaapam) යන නමින් හඳුන්වති. 4 - 6 අතර පරිභෝජනය කරන්නන් ප්‍රමාණයකට සරිලන සේ මෙකී පෑන්කේක් සාදා ගැනීම පිණිස යොදා ගන්නා ද්‍රව්‍ය පහත සඳහන් පරිදි වේ. 1. පාන් පිටි ග්‍රෑම් 150 ක් 2. කහ ස්‌වල්පයක් 3. බිත්තර 02 ක් 4. ලුණු ස්‌වල්පයක් 5. ගා ගත් අලුත් පොල් කෝප්ප 1 ක් 6. පොල් කිරි කෝප්ප 1 ක් 7. කරඳමුංගු 3 ක් 8. කුරුඳු අඟල් භාගයක පොත්තක් 9. ඉසීමට සෑහෙන රෝස වතුර ස්‌වල්පයක් 10. හීනියට කැබලි කළ හකුරු ග්‍රෑම් 150 ක් සාදා ගන්නා ක්‍රමය බිත්තර හොඳින් ගසා ගන්න. ඉන්පසු පාන් පිටි, ගසන ලද බිත්තර, පොල්කිරි, ලුණු සහ කහ යොදා ඒදූ මිශ්‍රණයක් සකසා එය පසෙකින් තබන්න. පෑන්කේක් මැදට යොදන මිශ්‍රණය සකසා ගැනීම පිණිස ගාන ලද පොල්, කැබලි කළ හකුරු එකට මුසු කොට ඊට කරඳමුංගු සහ කුරුඳු පොතු ද එක් කොට මද ගින්නේ පිස ගන්න. එය හොඳින් මුසු වී මිශ්‍රණය ඔප වැටෙන තෙක් ළිපේ තබා මද ගින්නේ පිසිය යුතු වේ. පසුව එයට මුසු කළ කරඳමුංගු සහ කුරුඳු පොතු ඉන් ඉවත් කොට රෝස වතුර ස්‌වල්පයක් ඊට ඉස එය පසෙකින් තබන්න. ඉන්පසු අවශ්‍ය ප්‍රමාණයට රවුම් හැඩයක් ගැනෙන සේ පිටි මිශ්‍රණයෙන් ඊට ගැලපෙන ප්‍රමාණයක් උදුන් තැටිය මත වත්කොට පෑන්කේක් සාදාගත යුතු වේ. එහි දෙපසම රන්වන් දුඹුරු පැහැ ගැන්වෙන සේ ළිපේ තිබෙන්නට හරින්න. පසුව ඉහත පොල් පෑණි මිශ්‍රණයෙන් පිරුණු හැන්දක ප්‍රමාණයක් එය මතට දමා පෑන්කේක් එක සුරුට්‌ටුවක හැඩයට සීරුවට ඔතා ගන්න. මද උණුසුමක් පවතිද්දීම ආහාරයට ගන්නා පෑන්කේක් ප්‍රණීත රසයකින් යුක්‌ත වේ. "හබල පෙති" නමින් අප ඉතා ආශාවෙන් ආහාරයට ගන්න ප්‍රණීත අතිරේක කෑම වර්ගය මැලේවරුන් හට ආවේණික ආහාරයක් බැව් පවසද්දී එය බොහෝ අයගේ විමතියට හේතු වන්නටද බැරිකමක් නැත. සැබැවින්ම එය මැලේවරුන් අතර ප්‍රචලිත ඔවුන් "එම්පිං" (Emping) නමින් හඳුන්වන ඔවුනට ආවේණික කෑම වර්ගයකි. ශ්‍රී ලංකාව ස්‌වකීය වාස භූමිය කරගත් මැලේවරු "උම්පිං" (Umping) යනුවෙන් මෑක් වෙනස් උච්චාරණයකින් හඳුන්වන්නේද මේ හබලපෙතිමය. මැලේවරු හබල පෙති හෙවත් එම්පිං නම් වූ ප්‍රණීත ආහාර වර්ගය උදෙසා මූල බීජය සකසාගන්නේ නොමේරූ සහල් කොටා, තලා බැඳ ගැනීමෙනි. හබල පෙති නැගෙනහිර ආසියාතික රටවල ජනතාවට ඉතා හුරු පුරුදු, ඉතා මිහිරි ඊටම ආවේණික ප්‍රණීත රසයකින් යුතු ආහාර වර්ගයකි. මෙම කෑම වර්ගය විවිධ ප්‍රමාණයේ ගුලි ලෙස පොඩි කොට සකස් කර ආහාරයට ගැනීමට ඇතැම්හු හුරු වී සිටියද ඒවා බත් මෙන් පිඟානකට බෙදා ගෙන ඉමහත් අභිරුචියකින් බුදින්නට හැකි අතිරේක කෑම වර්ගයක් ලෙස ජනතාව අතර ප්‍රකටය. හබල පෙති සාදා ගැනීම සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය පහත සඳහන් පරිදි වේ. 1. බදින ලද වියළි හබල පෙති හෙවත් එම්පිං ග්‍රෑම් 250 ක් 2. ගාන ලද පොල් මද කෝප්ප 1/2 ක් 3. කුඩා කැබලිවලට නොකඩා ගාන ලද කිතුල් හකුරු ග්‍රෑම් 100 ක් 4. ලුණු ස්‌වල්පයක් සාදා ගන්නා ක්‍රමය ජලයේ පොඟවා තබා පසුව සෝදා පිරිසිදු කරගත් එම්පිං හෙවත් හබලපෙතිවලින් ජලය බේරා ඉවත් කොට ඒවා හොඳින් මිරිකා මුළුමනින්ම ජලය ඉවත්කර ගන්න. පසුව එයට ගාන ලද පොල් සහ හකුරු මිශ්‍ර කොට ලුණු ස්‌වල්පයක්‌ද එක්‌කොට ගුලි සාදා හෝa ලිහිල්ව තබා ආහාරයට ගන්න මෙය එම්පිං, අම්පිං සහ හබල පෙති යන කවරාකාරයෙන් හැඳින්වුවද ඉතා අපූරු අතිරේක කෑම වර්ගයකි. දිවා හෝ රාත්‍රි ආහාරයෙන් පසු කෑමට ගන්නා රසමසවුලු අතුරුපසක් ලෙස හඳුන්වා දිය හැකි ෆර්නි (Firni) හෙවත් පීර්නි (Pirni) මැලේවරුන් හට ආවේණික ප්‍රණීත අතුරුපස ආහාරයකි. එය මූලික වශයෙන් කස්‌ටර්ඩ් වර්ගයක් ලෙස හැඳින්වීම නිවැරදිය. ඉරිඟු පිටි, උකු කිරි, වියළි මුද්දරප්පලම් යොදා සාදා ගන්නා මෙම අතුරුපස වර්ගය ඉදුණු කෙසෙල් ගෙඩි සමඟ අනුභව කිරීමෙන් එහි රසය තීව්‍ර කරගත හැකිය. මෙකී ආහාර වර්ගය සාදා ගැනීම පිණිස පාවිච්චි කරන ද්‍රව්‍ය පහත සඳහන් වේ. 1. කස්‌ටර්ඩ් පවුඩර් ග්‍රෑම් 100 ක් 2. උකු කිරි ටින් 01 3. හිස් උකු කිරි ටින් 02 ක වතුර ප්‍රමාණයක් 4. පෙති ගැසු අමු කජු මද කීපයක් 5. වියළි මුද්දරප්පලම් ස්‌වල්පයක් 6. රසගැන්වීම සඳහා වැනිලා ස්‌වල්පයක් සාදා ගන්නා ක්‍රමය මුලින්ම කස්‌ටර්ඩ් පවුඩර් ජලය සහ උකු කිරි සමඟ මුසු කර ගන්න. ඉන්පසු කජු මද, වියළි මුද්දරප්පලම් සහ වැනිලා ඊට එක්‌කොට හොඳින් හැඳි ගා මද ගින්නේ තබන්න. නියම පදමට එය සැකසීමෙන් අනතුරුව එය ගින්නෙන් බා ඊට ගැලපෙන බඳුන්aවලට වක්‌කර ගන්න. පෙති ගැසූ කජු මද සහ වියළි මුද්දරප්පලම් කස්‌ටර්ඩ් මතුපිටට දමා එය තවදුරටත් අලංකාර කරගත හැකිවේ. මෙකී ෆර්නි කස්‌ටර්ඩ් වර්ගය සෙමොලිනා (Semolina) නමින් හැඳින්වෙන රුලං, උකු කිරි, රෝස වතුර, කරදමුංගු සහ කජු මද සමඟ එක්‌කොට සාදා ගැනීමටද හැකිය. රුලංවලට ආවේණික අපූරු රසය එමගින් ලබාගත හැකි වේ. වර්මිසෙලි (Vermicelli) නමින් හැඳින්වෙන නුඩ්ල්ස් වැනි සිහින් රැහැනින් සැදුණු පිටි ආහාර වර්ගයද යොදා ගනිමින් රුලං මූලික කරගනිමින් මැලේවරුන් විසින් සාදා ගැනීමට හුරු වී සිටින මෙකී කස්‌ටර්ඩ් වර්ගය සඳහා පාවිච්චි කරනු ලබන ද්‍රව්‍ය පහත සඳහන් පරිදි වේ. 1. රුලං කෝප්ප 1/2 2. වර්මිසෙලි (කැබලි කළ) කෝප්ප 1/2 3. සුදු සීනි කෝප්ප 01 4. කජු මද කෝප්ප 1/4 ක් 5. වියළි මුද්දරප්පලම් තේ හැඳි 3 ක් 6. උකු කිරි ටින් 01 7. වතුර කෝප්ප 1/2 8. වැනිලා සහ රෝස වතුර සාදා ගන්නා ක්‍රමය සාස්‌පානක් ළිපේ තබා වතුර නටන්නට හැර ඊට වර්මිසෙල් හා රුලං එකතු කර ගන්න. අවශ්‍ය ප්‍රමාණයට පිසෙන තෙක් එය හොඳින් හැඳි ගාන්න. ඉන්පසු එයට සීනි එකතු කොට හොඳින් දියවෙන තෙක් හැඳි ගා ගන්න. අනතුරුව උකු කිරි සහ රසගැන්වීමට යොදන වැනිලා සහ රෝස වතුර ඊට මුසු කොට මද ගින්නේ තබා කස්‌ටර්ඩ්වලට උචිත ඝනත්වයට එළැඹෙන තෙක් හැඳි ගාන්න. මද ගින්න පාලනය කරමින් මෙකී මිශ්‍රණය කැටි ගැසීම වළකා ගත යුතු වේ. ඊට පසු වියළි මුද්දරප්පලම් සහ කජු මද ඊට එක් කොට අවසන් වරටද හොඳින් හැඳි ගා ගින්නෙන් බා භාවිතයට සුදුසු බඳුන්වලට කස්‌ටර්ඩ් වක්‌කර මද උණුසුම්ව හෝ සිසිල් කොට පාවිච්චියට ගන්න. ඇත්තෙන්ම මෙම රුලං කස්‌ටර්ඩ් වර්ගය රුලං රසය මතු කෙරෙන ඉතා ප්‍රණීත අතුරුපසක් වනවාට සැකයක් නැත. එඩ්වඩ් චන්ද්‍රසිරි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Sep 2017 03:25 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 29 of 77 << < 2728293031 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes