You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 31 of 77 << < 2930313233 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
03 Oct 2017 09:42 PM
කෑම වගේම කටත් පරෙස්සම් කර ගන්න උත්සාහ කරන්න. නැතිනම් චාමර මල්ලීගේ වෙද පිටුවේ පිට පතන්න වෙයි
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 Oct 2017 06:22 AM
ඕක සමන්ත අයියේ අපේ චාමරටම තමා කියන්න වෙන්නේ.
ඌට වයසත් නෑ. දැනටමත් දියවැඩියාව තියෙනවා කියලා කිව්වා මතකයි.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Oct 2017 05:55 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/23861.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/23862.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/23863.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/23864.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Oct 2017 07:30 PM

දුන්තෙල් බත් මැලේ කෑමක්‌ ලු!

කොළඹ සහ සෙසු නගරවල සිල්ලර හෝටල්වල පාරිභෝගිකයන් හමුවේ ප්‍රදර්ශනය පිණිස තබා ඇති එකී හෝටල්වලින් මිලදී ගත හැකි කෑම වට්‌ටෝරු ඇතුළත් නාම පුවරුවල සඳහන් "නාසිගුරාං" යන නාමය ඔබේ ඇස ගැසී තිබෙන්නට බැරිකමක්‌ නැත. "නාසිගුරාං" යන්න නිවැරදි නාමයක්‌ දෙස උඩින් පල්ලෙන් බලා, කටට හුරු ලෙස වහරනු ලබන සාවද්‍ය නාමයකි. එකි අව්‍යක්‌ත නාමයේ නිවැරදි ව්‍යවහාරය වන්නේ "නාසිගෝරෙං (Nasi Goreng) ය.

අපි නොදන්න මැලේ සංස්‌කෘතිය
 
 
dunuthelකොළඹ සහ සෙසු නගරවල සිල්ලර හෝටල්වල පාරිභෝගිකයන් හමුවේ ප්‍රදර්ශනය පිණිස තබා ඇති එකී හෝටල්වලින් මිලදී ගත හැකි කෑම වට්‌ටෝරු ඇතුළත් නාම පුවරුවල සඳහන් "නාසිගුරාං" යන නාමය ඔබේ ඇස ගැසී තිබෙන්නට බැරිකමක්‌ නැත. "නාසිගුරාං" යන්න නිවැරදි නාමයක්‌ දෙස උඩින් පල්ලෙන් බලා, කටට හුරු ලෙස වහරනු ලබන සාවද්‍ය නාමයකි. එකි අව්‍යක්‌ත නාමයේ නිවැරදි ව්‍යවහාරය වන්නේ "නාසිගෝරෙං (Nasi Goreng) ය.
 
 මැලේ ජාතිකයන්ගෙන් අපහට උරුම වූ ඉතා ප්‍රණීත, එසේම ශ්‍රී ලාංකික සෙසු ජාතීන් අතරද ඉතා ජනප්‍රිය මෙකී "නාසිගෝරෙං" පිළිබඳව මැලේ ආහාර වර්ග මාතෘකා කොට ලියෑවෙන මෙම ලිපි පෙළේ මුලදීම සඳහන් වූවා ඔබට මතක ඇතිවාට සැකයන් නැත. "නාසිගෝරෙං" යන නාමය නිර්මාණය වී ඇත්තේ මැලේ භාෂාවෙන් "නාසි" යනුවෙන් හැඳින්වෙන බත් හා "ගෝරෙං" යනුවෙන් එකී භාෂාවෙන් දැක්‌වෙන "බැදපු" හෙවත් "බඳින ලද" යන අරුතක්‌ එක්‌කොට "බදින ලද බත්" යන අර්ථයෙනි. කිසියම් ආහාරයක්‌ බැදීම දෙයාකාරය. ගැඹුරු තෙලේ බැදීම සහ තෙල් ස්‌වල්පයක්‌ යොදා ආහාර බැදීම එකී ක්‍රම දෙකයි. ගැඹුරු තෙලේ බදින්නේ මස්‌, මාළු වැනි ආහාර වර්ගයි. බත් බැද ගන්නේ තෙල් ස්‌aවල්පයක්‌ යොදා ඊට උචිත වන ආකාරයට යන්තමිනි. ඒ අනුව "නාසිගෝරෙං" සකසා ගැනීමේදී යොදා ගනු ලබන්නේ යථෝක්‌ත දෙවැනි ක්‍රමයයි.
 
 නාසි (බත්) යන්න මුල් වන එකම මැලේ ආහාර වර්ගය වන්නේ "නාසි ගෝරෙං" පමණක්‌ම නොවේ. "නාසි" මුල්කර ගනිමින් හඳුන්වනු ලබන ආහාර වර්ග කීපයක්‌ම මැලේවරුන්ගේ ආහාර වට්‌ටෝරු අතර පවතී. ඒත් වෙනස වන්නේ එකී ආහාර වර්ග බොහෝමයක්‌ නාසි ගෝරෙං මෙන් ශ්‍රී ලාංකික සෙසු ජාතිකයන් අතර ප්‍රචලිත හෝ ජනප්‍රිය නොවීමයි. එකී කෑම වර්ග දෙස දැන් අපි යොමු වෙමු.
 
 "නාසි ක-බූලි" (Nasi kebuli) යනුවෙන් මැලේවරුන් විසින් හඳුන්වනු ලබන්නේ එවන් එක්‌ ආහාර වර්ගයකි. ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ වෙසෙන මැලේවරු අතර මෙය ඉතා ජනප්‍රිය ආහාර වර්ගයකි. ඉන්දුනීසියානු සහ මැලේසියානු මැලේ ගෘහණියෝ මෙකී ආහාර වර්ගය පිසීමේදී ඒ සඳහා ගිතෙල්වලට අමතරව කොන්ඩ කඩල ද යොදා ගනිති. එහෙත් ශ්‍රී ලාංකීය මැලේවරු මෙකී ආහාරය සකසා ගැනීමේදී ඒ සඳහා කොන්ඩ කඩල යොදා නොගැනීම මෙහිදී දක්‌නට ලැබෙන විශේෂත්වයයි. සිංහල ජාතිකයන් "දුන්තෙල් බත්" යනුවෙන් හඳුන්වන්නේ මේ "නාසි ක-බූලි" නමැති මැලේ ආහාර වර්ගයයි. ඉන්දුනීසියානු සහ මැලේසියානු මැලේ ජාතිකයෝ මෙකී ආහාරය පිස ගැනීම සඳහා පාවිච්චි කරනු ලබන ද්‍රව්‍ය ශ්‍රී ලාංකික මැලේවරුන්ගේ කෑම වට්‌ටෝරුවට වඩා වෙනස්‌ වේ. ඉන්දුනීසියානු සහ මැලේසියානු මැලේවරු මෙකී ආහාර වර්ගය පිස ගැනීම පිණිස භාවිතා කෙරෙන ආහාර වට්‌ටෝරුවේ දක්‌නට ලැබෙන්නේ මැලේවරුන්ගේ සෙසු ආහාර වට්‌ටෝරුවල දක්‌නට නොලැබෙන අන්දමේ විශේෂත්වයකි. එකී විශේෂත්වය වන්නේ ඒ සඳහා යොදා ගන්නා, පොදු ද්‍රව්‍ය වර්ග කීපයකින් සමන්විත ලේඛනයක්‌ සමඟ එකිනෙකට වෙනස්‌ව පාවිච්චි කරනු ලබන ද්‍රව්‍ය ලේඛන වර්ග දෙකක්‌ද තිබීමයි. ප්‍රථමයෙන් "නාසි ක-බුලි" සාදා ගැනීම පිණිස භාවිත කෙරෙන පොදු ද්‍රව්‍ය ලේඛනය දක්‌වා ඉන්පසු වෙනස්‌ ද්‍රව්‍ය ලේඛන 2 ' A' හා ' B' යනුවෙන් දක්‌වන්නේ ඒවා නිවැරදිව යොදා ගැනීම පහසුවනු පිණිසය.
 
 "නාසි ක-බූලි" සාදා ගැනීම පිණිස පොදුවේ භාවිත කෙරෙන ද්‍රව්‍ය පහත සඳහන් වේ.
 
 1. හොඳින් සෝදා පිරිසිදු කරගන්නා ලද බාස්‌මතී හෝ සම්බා සහල් කිලෝ 03 ක්‌.
 
 (බාස්‌මතී හාල් මේ සඳහා වඩාත් සුදුසු වන්නේ එහි වියළි ස්‌වභාවය මෙකී ආහාර වර්ගය සඳහා උචිත වන බැවිනි.)
 
 2. ඉඟුරු ග්‍රෑම් 400 ක්‌
 
 3. සුදු ලූනු ග්‍රෑම් 400 ක්‌
 
 5. පිසීමට ගන්නා තෙල් (Cooking Oil) මි. ලී. 200 ක්‌
 
 6. ඝන, ලුණු රසැති සෝයා සෝස්‌ මේස හැඳි 01 ක්‌. (අවශ්‍ය වන්නේ නම් පමණක්&zwnj
 
 7. කජු මද, වියළි මිදි (මුද්දරප්පලම්), කරාබුනැටි සහ ලූනු රැල් ස්‌වල්පය බැගින්
 
 ' A' වර්ගයට යොදා ගැනෙන විශේෂිත ද්‍රව්‍ය
 
 1. ලුණු ග්‍රෑම් 80 ක්‌
 
 2. මිංචි කොළ ග්‍රෑම් 10 ක්‌
 
 3. රම්පෙ කැබැල්ලක්‌
 
 4. වතුර කෝප්ප 01
 
 ' B ' වර්ගය සඳහා යොදන ද්‍රව්‍ය
 
 1. මහදුරු ග්‍රෑම් 150 ක්‌
 
 2. කළු ගම්මිරිස්‌ කුඩු ග්‍රෑම් 75 ක්‌
 
 3. කරඳමුංගු ග්‍රෑම් 30 ක්‌
 
 4. දුරු ග්‍රෑම් 150 ක්‌
 
 5. කොත්තමල්ලි ඇට ග්‍රෑම් 300 ක්‌
 
 6. කුරුඳු පොතු කැබලි 01 ක්‌
 
 සාදා ගන්නා ක්‍රමය(-
 
 තම්බා ගැනීමෙන් පසු මුළු මිශ්‍රණයට කෝප්ප 1/4 ක්‌ පමණ වනතෙක්‌ ' A ' වර්ගයේ ද්‍රව්‍ය සියල්ල එකට එකතු කර හොඳින් තම්බා ගන්න. එසේ තම්බා ගත් මිශ්‍රණය සහල් සමඟ මුසු කොට අනතුරුව .ඊ. වර්ගයේ ද්‍රව්‍ය සහ සෝයා සෝස්‌ ඊට එක්‌ කර ගන්න. පසුව එයට පිසීමට ගන්නා තෙල් එක්‌කොට ඉතා හොඳින් මිශ්‍ර වන සේ හැඳි ගාන්න. සහල් ප්‍රමාණයට සරිලන ජලය ප්‍රමාණයක්‌ පිසින බඳුනකට දමා සහල් මිශ්‍රණය එයට දමා අවශ්‍ය ප්‍රමාණයට තම්බා පිස ගන්න. අනතුරුව ඉඟුරු, සුදු ලූනු, වියළි මුද්දරප්පලම් සහ කජු මද ඊට එකතු කරන්න. පසුව මද වියළි ස්‌වභාවයක්‌ ගන්නා තෙක්‌ මිශ්‍රණය රත් කර ගන්න.
 
 ඉන්පසුව ඔබ හට ආහාරයට ගත හැකි වන්නේ ඉන්දුනීසියානු සහ මැලේසියානු මැලේවරුන් හට ආවේණික "නාසි කාබූලි" නමැති ප්‍රණීත ආහාර වර්ගයයි.
 
 ශ්‍රී ලාංකික මැලේවරු "නාසි ක-බූලි" හෙවත් අපගේ වහරින් "දුන්තෙල් බත්" සාදා ගැනීම පිණිස භාවිත කරන ද්‍රව්‍ය විදෙස්‌ මැලේවරුන් ඒ සඳහා පාවිච්චි කරන ද්‍රව්‍යවලට වඩා බොහෝදුරට වෙනස්‌ වේ. අප සමඟ ලාංකීය සමාජයේ ජීවත් වන මැලේවරුන්ගේ "නාසි ක-බූලි" භාවිතය අප හට වඩාත් සුවිශේෂී වන බැවින් ඒ පිළිබඳව විමසා බැලීම වටී.
 
 වර්ග ද්‍රව්‍ය මෙසේය.
 
 1. සම්බා සහල් කිලෝ 01 (ඇතැම් විට සම්බා සහල් වෙනුවට ආදේශකයක්‌ ලෙස බාස්‌මතී සහල්ද යොදා ගැනේ.)
 
 2. ඉතා සිහින් ලෙස පෙති ගැසූ රතු ලූනු හෝ බොම්බායි ලූනු ග්‍රෑම් 200 ක්‌
 
 3. කරඳ මුංගු කරල් 10 ක්‌
 
 4. කරාබු නැටි 06 ක්‌
 
 5. අඟල් 4 ක්‌ පමණ රම්පෙ කැබැල්ලක්‌
 
 6. ගිතෙල් හෝ බටර් හෝ මාගරින් ග්‍රෑම් 200 ක්‌
 
 7. රස ගැන්වීම සඳහා කළු ගම්මිරිස්‌ ඇට ස්‌වල්පයක්‌
 
 8. සුදු ලූනු බික්‌ 04 ක්‌
 
 9. අඟල් 2 ක පමණ කුරුඳු පොත්තක්‌
 
 10. වතුර කෝප්ප 06 ක්‌
 
 11. පොල් කිරි සුදුසු ප්‍රමාණයක්‌
 
 ගිතෙල් හෝ බටර් හෝ මාගරින් සුදුසු පිසින බඳුනකට දමා ඊට රතු ලූනු හෝ බොම්බයි ලූනු, කැබලි කළ රම්පෙ එක්‌කොට රන්වන් දුඹුරු පැහැ ගන්නා තෙක්‌ එය රත්කර ගන්න. පසුව ඊට පොල් කිරි හා වතුර දමා, හාල් සහ සෙසු කුළුබඩු වර්ගද ඊට එක්‌කර ගන්න. අනතුරුව සහල් හොඳින් තැම්බුණු පසු මද ගින්නේ තබා පසුව ළිපෙන් බා, නිවෙන්නට පෙර පාවිච්චියට ගැනීම වඩාත් සුදුසු වේ.
 
 ඊළඟ සතියේදී අපි "නාසි ගෝරෙං" සහ "නාසි ක-බූලි" වලට අමතර "නාසි" හෙවත් මැලේ බත් වර්ග පිළිබඳව විමසා බලමු.
 
 එඩ්වඩ් චන්ද්‍රසිරි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Oct 2017 03:57 AM

http://www.navaliya.com/2017/10/09/New%20folder/40.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Oct 2017 04:00 AM

http://www.navaliya.com/2017/10/09/New%20folder/10.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Oct 2017 08:48 AM
චොක්ලට් රෝල් හදන විදිය තිබුනට හරියට ආවේ නැති වුනොත් කන එකත් එපා වෙනවා.
කෝකටත් හාමිනේට දීලා බලන්න ඕනෙ.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Oct 2017 06:13 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/23927.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Oct 2017 09:23 PM
Tikak withara hadanna amaruiwage...
Udeshika Herath
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Oct 2017 06:02 AM
අම්මෝ පැස්ටා නං එපා.
එක පාරයි කෑවෙත්. එකෙන්ම ඇති වුනා.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
09 Oct 2017 07:29 AM
අම්මෝ පැස්ටා නං එපා.
එක පාරයි කෑවෙත්. එකෙන්ම ඇති වුනා.

අපේ පොදු උන් දෙන්න නම් උඩ පැන පැන කනව. අනේ මන්ද මටත් එක කෑල්ලක් වත් කන්න බැහැනෙ. සමහර විට වෙනස් විදිහකට රසට හැදුවහම කන්න පුළුවන් ඇති. මම මේ වට්ටෝරුව අපේ නෝනට දුන්න. බලමු වෙනසක් තියේවිද කියල. ස්තූතියි පැස්ටා වට්ටෝරුවට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Oct 2017 08:35 AM
අපේ ගෙදරත් නෝනා නිතරම හදනවා පැස්තා හොද ඔලිවූ තෙල් මුසු උනාම රස තව තවත් වැඩි වෙනවා .......... මස් නොමැතිව මස්රුම් ( හතු ) යොදාගෙනත් හදන්න පුළුවනි රසට
ආදරයේ උල්පත අම්මා ......................
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Oct 2017 09:57 PM
පැස්ටා කියන්නේ මෙහෙනම් ජනප්‍රිය ආහාරයක්. නමුත් මමත් එච්චර ප්‍රිය තාවයක් නැහැ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Oct 2017 05:30 PM

http://www.rivira.lk/epaper/diyaniya/2017/10/11/files/assets/common/page-substrates/page0013.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/10/11/files/assets/common/page-substrates/page0014.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/10/11/files/assets/common/page-substrates/page0026.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/10/11/files/assets/common/page-substrates/page0031.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Oct 2017 02:52 AM

කොමඩු ලැසී

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳින් රතුපාටට ඉදුණ කොමඩු
මී කිරි, සීනි ස්වල්පයක් 
ලුණු ඉතාම ස්වල්පයක්
 
සාදන ආකාරය

ඇට සහ ‍පොත්ත ඉවත් කරගත් කොමඩු කුඩා කැබැලිවලට කපා ගන්න. කොමඩු ප්‍රමාණයටම මී කිරි  දමා හොඳින් බ්ලෙන්ඩර් කර රසට අනුව ලුණු සහ සීනි ඉතාම ස්වල්පයක් එකතු කර ගෙන බිමට ගන්න. (ලුණු සහ සීනි එකතු කර නොගන්නවානම් , ගුණදායක බව වැඩිවෙයි )

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Oct 2017 03:09 AM

ඉස්සන් සම්බල්

අවශ්‍ය ද්‍රව්‍ය 

ලොකු ඉස්සන් ග්‍රෑම් 300
වියළි මිරිස් කරල් 20ක්
එළවළු තෙල් මේස හැඳි 5
ඉඟුරු කැබැල්ලක්
සුදුලූනු බික් 2ක් 
ලොකු ලූනු ගෙඩියකින් 1/2
ලුණු රසට අනුව 
සීනි ටිකක් 
විනාකිරි අඬු කෝප්ප 1/4
 
සාදන ආකාරය 
තෙල් ටිකක් ලිප තබා රත් කරන්න. ඔළු, ‍පොතු ඉවත් කර සෝදා ගත් ඉස්සන් මේ තෙල්වලට දමන්න. ඉඟුරු, සුදුලූනු දෙකට තුනට කපාගත් මිරිස් කරල් සහ සිහින්ව කපාගත් ලූනු දමන්න. දැන් හොඳින් තෙම්පරාදු කරගත් මේ මිශ්‍රණය හොඳින් අඹරා ගන්න. දැන් මැටි බඳුනක් ලිප තබා එයට ලුණු, විනාකිරි, සීනි දමා උණු කර ගන්න. දැන් කලින් අඹරාගත් ඉස්සන් මිශ්‍රණය මෙයට දමා කලවම් කර මලවා ගන්න. 
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
11 Oct 2017 03:09 AM
කොමඩුත් එක්ක මී කිරි කොච්චර දාන්න ඕනෙද? සාමාන්‍ය වීදුරුවකට නම් හෝ සාමාන්‍ය ගෙඩියකට නම්?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Oct 2017 03:14 AM

උඩ කබල තබා සාදන මාළු ඇඹුල් තියල්

අවශ්‍ය ද්‍රව්‍ය

කෙලවල්ලන් ග්‍රෑම් 500
ගොරකා ඉති 4-5ක්
ගම්මිරිස් මේස හැඳි 2
කරපිංචා කිනිත්තක්
කුරුඳු‍පොතු කැබැල්ලක් 
ලුණු රසට අනුව, කෙසෙල් කොළයක් 
අඟුරු කබලක් 
 
සාදන ආකාරය 
මාළු හොඳින් පිලී යන ලෙස සෝදා තරමක කැබැලි කපා ගන්න. ඉන්පසු එය බඳුනකට දමා ලුණු, ගම්මිරිස් හොඳින් සිහින් පාප්පයක් සේ අඹරාගත් ගොරකා, කරපිංචා දමා හොඳින් අතගා සීසන් වන්නට තබන්න. දැන් මැටි ඇතිලියක් ගෙන එහි අඩියට කෙසෙල් කොළයක් දමා ගන්න. දැන් සීසන් කරගත් මාළු මෙහි පිළිවෙළට අඩුක් කරගන්න. මාළු තිබූ බඳුනට වතුර ස්වල්පයක් දමා කලතා එය මාළු උඩින් වත් කරන්න. දැන් සාමාන්‍ය ආකාරයට ලිප තබා ගින්දර දමන්න. ‍පොල් කටු පුළුස්සා ගත් ගිනි අඟුරු සහිත කබලක් උඩින් තබන්න. මාළු ටික ඉතා මද ගින්දරේ පිසගන්න. හොඳින් වියැළුණු මාළු ඇඹුල්තියලක් ඔබට ලැබේවි.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Oct 2017 03:21 AM

කෙසෙල්මුව මිශ්‍ර උම්බලකඩ බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය

ලොකුලූනු ග්‍රෑම් 500
උම්බලකඩ කැබැලි ග්‍රෑම් 200
කෙසෙල්මුව ග්‍රෑම් 200
කෑලි මිරිස් මේස හැඳි 2
කජු මද ග්‍රෑම් 100
සීනි මේස හැඳි 2
ලුණු කුඩු රසට අනුව 
 
සාදන ආකාරය 
ලොකුලූනු, කෙසෙල්මුව ඉතා සිහින්ව නූල් ලෙස කපා ගන්න. දැන් මේ දෙවර්ගයම රත්වූ ගැඹුරු තෙ‍ලේ රන්වන් පාටට බැද තෙල් බේරෙන්නට තබන්න. දැන් කජු මදද කුඩාවට කපා තෙලට දමා ඉක්මනින් ඉවත් කර ගන්න. දැන් වෙනත් බඳුනක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා රත් කරන්න. රත්වන විට උම්බලකඩ කැබැලි දමන්න. බැදීගෙන එන විට ලුණු, කෑලි මිරිස්, සීනි දමන්න. 
අන්තිමට බැදගත් කජු, ලොකු ලූනු, කෙසෙල්මුව එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. නිවෙන්නට හැර පිරිසිදු වියළි අසුරනයක දමා කලක් තබා ගෙන පාවිච්චි කරන්න.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Oct 2017 03:26 AM

චයිනීස් කැබේජ් පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය

චයිනීස් කැබේජ් ගෙඩියක් 
වියළි මිරිස් කරල් 10ක්
විනාකිරි අඬු කෝප්ප 1/2
ලුණු රසට අනුව 
අබ ක්‍රීම් මේස හැඳි 1
මාළු සෝස් මේස හැඳි 3
 
සාදන ආකාරය 
චයිනීස් ගෝවා ගෙඩිය හොඳින් සෝදා දිය බේරා හැර තරමක ලොකු කැබැලි කපා කට ලොකු බෝතලයකට දමන්න. විනාකිරිවලට, අබ ක්‍රීම්, ලුණු, මාළු සෝස්, වියළි මිරිස් දමා හොඳ හැටි බ්ලෙන්ඩර් කරන්න. දැන් මේ බ්ලෙන්ඩර් කරගත් සාරය කලින් සකස් කළ ගෝවා තිබෙන බෝතලයට දමා දිනක් පමණ වසා තබා අවශ්‍ය වේලාවක කෑමට ගන්න.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 31 of 77 << < 2930313233 > >>