You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 33 of 77 << < 3132333435 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Oct 2017 06:14 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Oct 2017 05:32 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Oct 2017 06:07 PM

දූදරු උපන්දින සාද රසගන්වන කෑම බීම

ලෝකය ලස්සන කරන්නේ පුංචි දූදරුවෝ. මල් වගේ සැහැල්ලුවෙන් ඉන්න මේ සමනල පැටවු නිසා තමයි පවුලක් ලස්සන වෙන්නෙත්.

 

සාගරයක් තරමට ගෙවල් දොරවල් තිබුණත් ළමා කටහඬක් නැත්නම් ඒ ගෙදර තියෙන්නේ පාළු බවක්. ඒ තරමටම දූදරුවන් පවුලක්, නිවෙසක් සජීවී කරනවා. සතුට, සිනහව රජයන පවුලක සම්පත දරුවන් නිසාම අම්මලා තාත්තලා සහ අනෙකුත් වැඩිහිටියෝ හිතන්නේ මේ පුංචි මල් කැකුළු සතුටින් තියන්නමයි.

පොඩිත්තෝ වඩාත්ම සතුටු වෙන්නේ තමන්ගේ උපන් දිනය දවසටයි. ඒ ලස්සන ලස්සන ඇඳුම් ඇඳලා, යාළුවෝ පිරිවරාගෙන කේක් කපන්නයි, තෑගි ලබන්නයි එයාලා දක්වන ආසාව හින්දමයි. ඒ නිසාම මාපියන් තම දූ දරු උපන් දින සාදත් ඉහළින්ම පවත්වන්නයි සූදානම. සිඟිත්තා කැමැති විදිහට කේක් එකක් හදලා තව රස කෑම බිම එකතුකරලා නෑ හිත මිතුරන් පිරිවරාගෙන බොහොම ජයට සාද පවත්වනවා. ඒත් බොහොමයක් මාපියන් කරන්නේ උපන්දින සාද සංවිධානය කරන ආයතනයක් ලවා මේ සියලු කටයුතු සිදුකරන්නයි.

ආදරණීය අම්මේ, තාත්තේ, පොඩ්ඩක් හිතලා බලන්න. මෙවැනි සාද සඳහා මොනතරම් නම් මුදල් වියදම් වෙනවාද? ඒ වෙනුවට තමන්ගේ දරුවාගේ උපන් දින සාදය අම්මාගේ තාත්තාගේ හා දරුවන්ගේ නිර්මාණශීලීත්වය අනුව තමන්ගෙම නිවහනෙදි නෑහිත මිතුරන් පිරිවරාගෙන අම්මාගේ අතින් හදන කෑමෙන්, බීමෙන් හැඩවෙලා තමන්ගෙ දරුවට සතුටු සාගරයක් කරන්න පුළුවනි නම් මොනතරම් අගේද? කෑම බීම ඇනවුම් නොකර තමන්ගෙ අතින්ම හදාගත්තොත් මුදලුත් ඉතිරියි. පිරිසුදුකමත් ඉහළයි. විශ්වාසයත් තියෙනවා.

මෙහිදී පළමුව දරුවා කැමැති උපන්දින කේක් එක මොකක්ද කියලා දැනගන්න ඕනෙ. ඒ කේක් එකේ තේමාව අනුව යමින් ඒ අය කැමැති වර්ණ ගළපමින් නිවෙස හැඩ කරන්න පුළුවන්. උපන්දින මේසයත් ඒ අනුව සරසා ගන්න පුළුවන්. දරුවන් කැමැති කාටූන් චරිත සහිත පින්තූර භාවිත කරන්නත් පුළුවන්. බැලුම්, ක්‍රේප් කොළ ආදිය භාවිතකර නිවෙස හැඩකළ හැකියි.

ඉතින් මේ සාදයට කෑම බීම හදන එක අම්මාගේ වැඩක්නේ. ඒ සඳහා අත්වැලක් වෙමින් පොඩ්ඩෝ ආසා කරන රසම රස කෑම, බීම හදාගන්න විදිහ අද රස කෑම පත්තරෙන් ඔබට තිළිණ කරනවා. මෙහි පොඩ්ඩන්ට වගේම වැඩිහිටියන්ටත් ගැළපෙන කෑම, බීම අඩංගුයි. ඒ අනුව ඔබට ගැළපෙන කෑම, බීම මෙමඟින් තෝරා පිළියෙල කරගෙන පොඩිත්තාගේ උපන්දින සාදය රස ගන්වන්න පුළුවන්.

 සොසේජ් රෝල්ස්

  සොසේජස් කියන්නේ පොඩි දරුවෝ ආසම කරන කෑමක්.

ඒ හින්දා ඔවුන්ගේ උපන් දින සාදයටත් සොසේජ් රෝල්ස් වැනි කෑමක් තියෙනවා නම් සාදය සතුටු සාගරයක් වේවි. ඒ සඳහා වැඩි වෙහෙසක් යන්නෙත් නැහැ. හදන්නත් පහසුයි.

 අවශ්‍ය ද්‍රව්‍ය 

 පෆ් පේස්ට්‍රි ශීට් 2 ක්

ලොකු සොසේජස් 10 ක්

බිත්තර 2 ක්

 සාදන ක්‍රමය

 මේ පෆ් පේස්ට්‍රි ශීට්ස් ඕනෙම සුපර්මාර්කට් එකක ගන්න තියෙනවා. ඒ නිසා ඔබට පහසුවෙන් ලබාගන්නට හැකියි, පෆ් පේස්ට්‍රි ෂිට් එක මත සොසේජ් එක තියලා වටයක් ඔතන්න පුළුවන් විදිහට ශීට් එක කපාගන්න. දැන් එය සොස්ජ් එක වටේම දාර වැහෙන අයුරින් ඔතන්න. දාරවල පින්සලක් මගින් වතුර ටිකක් ගා අලවගන්න. බිත්තර සාරු බ්‍රෂ් එකක් මගින් උඩ දවටන්න. දැන් පුංචි රවුම්වලට සිටින සේ පිහියකින් කොටස් කපන්න. ඉඩ ඇති තැටියකට බේකිං පේපර් එකක් දමා සකස් කරගන්න. අවන් එක සෙල්සියස් අංශක 200 ක උෂ්ණත්වයෙන් විනාඩි 8 පමණ රත් කර පෙර සූදානම් කරගන්න. දැන් කපාගත් පොඩි රවුම් කොටස් බේකිං පේපර් එක මත එකින් එකට ඉඩ ඇතුව තබන්න. සෙල්සියස් අංශක 200 ක උෂ්ණත්වයෙන් විනාඩි 30 ක් රන්වන් පාට වනතුරු බේක් කරගන්න. සාදයට අවශ්‍ය පරිදි අමුත්තන් ගණන අනුව වැඩිපුර සාදාගන්න.

******************************

 ලස්සන රස ජුජුබ්ස්

 අවශ්‍ය ද්‍රව්‍ය

 සීනි කෝප්ප 2 ක්

වතුර කෝප්ප 1ක්

ජෙලටින් මේස හැඳි 2 ක්

ග්ලුකෝස් සිරප් මේස හැඳි 2 ක්

ඔබ කැමැති රසයන්

 

සාදන ක්‍රමය

 

වතුර කෝප්ප බාගෙකට ජෙලටින් එකතුකර විනාඩි 5 පමණ තබන්න. දැන් භාජනයක් ළිප තබා එයට ඉතුරු වතුර කෝප්ප 1/2 එක්කර රත් කරන්න. දැන් එයට සීනි එකතුකර හොඳට උතුරන්න හරින්න. හොඳට පෙන දාලා උතුරාගෙන එද්දී ජෙලටින් මිශ්‍රණය සහ ග්ලුකෝස් සිරප් එකතු කරන්න. විනාඩි 15 ක් 20 ක් යද්දි හොඳ සුගර් සිරප් එකක් හැදෙනවා. දැන් ළිප නිවලා විනාඩි 5 ක් විතර ඉන්න. ඊට පස්සේ තමන් කැමැති රසයන් (ෆ්ලෙවර්ස්), පාට එක් කරන්න. දැන් පුංචි හැඩ තිබෙන සිලිකන් මෝල්ඩ් එකකට සුගර් සිරප් එක දාලා සෙට් වෙන්න හරින්න. නැතිනම් ගැඹුර අඩු තැටියකට එක් කර සෙට් වෙන්න හැර කෑලි කපාගන්න. එහෙම කරනවා නම් උණු වතුරේ බස්සලා ගත්ත පිහියකින් කෑලි කපාගන්න. චොකලට් මෝල්ඩ් එකක් වුවත් භාවිත කළ හැකියි.දැන් මෙය පැය 3 - 4 ක් හෝ හොඳින් සෙට් වෙනතුරු තබන්න. හොඳින් සෙට් වුණු පසු සීනි දවටන්න. කැමැති පාට, රස අනුව සකස් කරගන්න. ස්ටික්ස් මත රඳවා හෝ ලස්සන විදුරු මත තබා උපන්දින මේසය රස ගන්වන්න.

******************************

 හැම් සහ චීස් මිශ්‍ර සැන්ඩ්විච්

 

හැම් සහ චීස් රසයට පුංචි බබාලා කවුරුත් කැමැතියි.

ඒ හින්දා එයාලගේ උපන්දින සාදයට නැතුවම බැරි පහසුම සැන්ඩ්විච් වර්ගයක් තමයි හැම් සහ චීස් මිශ්‍ර සැන්ඩ්විච්. අපි බලමු මේවා හදන්නේ කොහොමද කියලා,

 අවශ්‍ය ද්‍රව්‍ය

 වාටි නැති පාන් පෙති 10 ක්

බටර්

හැම් පෙති 5 ක්

චීස් පෙති 5 ක්

 සාදන ක්‍රමය

 

පාන් පෙති මත බටර් දවටන්න. එක පෙත්තක හැම් සහ චීස් පෙති එක බැඟින් තබන්න. එය බටර් දැවටූ පාන් පෙත්තකින් වසා හරි මැදින් ත්‍රිකෝණ ආකාරයට කපන්න. දැන් එම එක ත්‍රිකෝණයක් නැවතත් ත්‍රිකෝණ දෙකක් වන ලෙස කපන්න. ඒ විදිහට අනිත් පාන් පෙතිත් සාදාගන්න. සලාද කොළ, තක්කාලි එකතුකර හැඩ කරගන්නත් පුළුවන්. මේ ලෙස තමන්ගේ සාදයට අවශ්‍ය පමණ හැම් සහ චීස් මිශ්‍ර සැන්ඩ්විච් සකසා ගත හැකියි.

******************************

 පාට පාට මාෂ්මෙලෝස්

  

අවශ්‍ය ද්‍රව්‍ය

 

සීනි කෝප්ප 2 ක්

වතුර කෝප්ප 1 1/2ක්

ජෙලටින් තේ හැඳි 3 ක්

වැනිලා තේ හැඳි 1/4 ක්

කැමැති වර්ණයක් හෝ දෙකක් (උත්සවයට ගැළපෙන අයුරින් ) කෝන් පිටි (ජධපද ටතධභප)

 

සාදන ක්‍රමය

 වතුර කෝප්ප 1/2 ක ජෙලටින් එක් කර විනාඩි තුනක් පමණ තියන්න. සුදුසු භාජනයක් ළිප තබා ඉතුරු වතුර කෝප්ප එක උණු කරන්න. වතුර එක උණුවීගෙන එද්දී පෙඟෙන්න තැබූ ජෙලටින් මිශ්‍රණය ද එක් කරන්න. හොඳින් ජෙලටින් දිය කරගත් පසු සීනි කෝප්ප දෙක එකතු කරන්න. ගින්දර වැඩි කරන්න එපා. හිමින් උතුරන්න අරින්න. හෙඳින් පෙන දාගෙන එද්දී ළිප නිවන්න. නැතිනම් උතුරලා යාවි. දැන් මෙතැන දී හැදිලා තියෙන්නේ ජෙලටින් සීනි මිශ්‍ර සිරප් එකක්. එය හොඳට නිවෙන්න හරින්න. නිවුණු පසු වැනිලා සහ කැමැති පාටක් එක් කර හොඳින් ගසාගන්න. හොඳින් ඝනකම් ක්‍රීම් එකක් වගේ වෙන්න බීට් කරන්න ඕනේ. තැටියකට බේකිං පේපර් එකක් එළා ඒ මත කෝන් පිටි ඉහින්න. දැන් හොඳින් ගසාගත් මිශ්‍රණය තැටිය මත අතුරන්න. පැය දෙකක් හෝ ඊට වැඩි වේලාවක් තියන්න. දැන් ඒ මතට කෝන් පිටි ඉසින්න. අත තියලා බලන්න ඇලෙනව ද කියලා. එහෙම නැතිනම් හරි. දැන් අපි එය අනිත් පැත්ත හරවා ගමු. බේකිං පේපර් එකක් බෝඩ් එකක් මත එළා කෝන් පිටි උඩින් ඉහින්න. දැන් හිමින් හිමින් කෝන් පිටි ඉහින ගමන් කොළය අයින් කරන්න. කෝන් පිටි පිහිය මත දවටා තීරු කපා කෑලි කපාගන්න. කපන කපන කෑල්ලක් ගාණේ සියලු පැතිවල කෝන් පිටි දවටන්න. ඔන්න දැන් මාෂ්මෙලෝස් හදලා අවසානයි.

******************************

 රෙඩ් වෙල්වට් කප් කේක්

 අවශ්‍ය ද්‍රව්‍ය

 

පිටි ග්‍රෑම් 125 ක්

සීනි ග්‍රෑම් 150 ක්

බිත්තර 1 ක් -බටර් ග්‍රෑම් 60 ක්

කොකෝ පවුඩර් ග්‍රෑම් 10 ක් (මේස හැඳි 1 ක් ගන්න)

කිරි කෝප්ප 1/2 (මිලිලීටර් 120 ක්)

බේකිං පවුඩර් තේ හැඳි 1/4 ක්

වැනිලා තේ හැඳි 1/2 ක්

රතු පාට කලරිං

බේකිං සෝඩා තේ හැඳි 1/2 ක්

ලෙමන් තේ හැඳි 1 1/2 ක්

සාදන ක්‍රමය

 බේකිං සෝඩා නැතිනම් ගන්න ඕනෙ බේකිං පවුඩර් සම්පූර්ණ ප්‍රමාණය වෙන්නේ තේ හැඳි 3/4 යි. කිරි හා රතු කලරිං එකතු කරගන්න. (රතු පාට අඩු වැඩි වීම කැමැත්ත අනුව එකතු කරන්න) පිටි, කොකෝ පවුඩර්, බේකිං පවුඩර් 1/4 එකතු කර හළාගන්න. මුලින්ම සීනි හා බටර් එකතු කර බීට් කරගන්න. ඉන්පසු බිත්තර 1 සහ වැනිලා එකතු කර බීට් කරගන්න. දැන් පිටි හා කිරි ටික ටික එකතු කරමින් වේගය අඩු කර (තචඹ ඵනඥඥඤ) බීට් කරන්න, එහෙම නැතිනම් ලී හැන්දකින් හොඳින් කලවම් කරන්න. අන්තිමටම බේකිං සෝඩා තේ හැඳි 1/2 සහ ඉතුරු ලෙමන් තේ හැඳි 1/2 කලවම් කර කේක් මිශ්‍රණයට එකතුකර කලවම් කරන්න. මෙම මිශ්‍රණයෙන් කප් කේක් 12 ක් සෑදිය හැකයි. සෙල්සියස් අංශක180 උෂ්ණත්වයෙන් විනාඩි 20 බේක් කරගන්න. හොඳින් නිවුණු පසු කැමැති නම් බටර් අයිසිං හෝ ක්‍රීම් චිස්‌ හා අයිසිං සුගර්වලින් හැඩ කරගන්න.

******************************

 දොඩම් රසින් කප් කේක්

 

පුංචි දුවගේ ඇඳුමේ පාටට ගළපලා රසට, ලස්සනට මේ විදිහට පුංචි පුංචි කප් කේක් හදලා උපන් දිනය හැඩකරන්න ඔබටත් පුළුවන්.

 

අවශ්‍ය දුව්‍ය

 

පිටි ග්‍රෑම් 200 ක්

සීනි 130 ක්

බටර් 120 ක්

බිත්තර 3 ක්

බේකිං පවුඩර් තේ හැඳි 1 1/2 ක්

බටර් මිල්ක් කෝප්ප 1/4 ක්

වැනිලා තේ හැඳි 1/2 ක්

ඔරේන්ජ් ෆ්ලෙවර් තේ හැඳි 1/2 ක්

 සාදන ක්‍රමය

 බටර් මිල්ක් නැති අය ගෙදරම හදාගන්න. කිරි කෝප්ප 1/4 ට ලෙමන් තේ හැඳි 1/4 එක් කර විනාඩි 5 ක් විතර තියන්න. පිටි, බේකිං පවුඩර් එකතු කර දෙසැරයක් හළාගන්න. බටර්, සීනි එක් කර හොඳින් බිට් කරගන්න. එයට බිත්තර එක බැගින් එක් කර බිට් කරගන්න. වැනිලා සහ ඔරේන්ජ් ෆ්ලෙවර් එකතු කරන්න. දැන් එයට හළාගත් පිටි ටික ටික එකතු කරමින් කලවම් කරන්න. කිරි එකතුකර හොඳින් කලවම් කරන්න. මෆින් ට්‍රේ එකක් ගෙන එයට පේපර් කප් මොල්ඩ්ස් දමා කේක් මිශ්‍රණය හැන්දකින් එක් කරන්න. කේක් මිශ්‍රණය එක් කරද්දී කප් එකෙන් 3/4 වෙන්න එක් කරන්න. පිපෙන්න ඉඩ තියලා. ඔබට මෆින් ට්‍රේ එකක් නැතිනම් ඒ ගැන හිතන්න එපා, ෆොයිල් කප්ස්, සිලිකන් කප්ස් මේ දේවල් වුවත් පාවිච්චි කරන්න පුළුවන්. විනාඩි 8 කට කලින් රත් කරගත් සෙල්සියස් අංශක175 ක උෂ්ණත්වයෙන් යුතු අවන් එකේ විනාඩි 20 පමණ බේක් කරගන්න. හොඳින් නිවෙන්න හැර බටර් අයිසිං මඟින් හැඩ කරගන්න. ඒ මත දරුවෝ ආසම විදියට ෆොන්ඩන්ට් මල්, පුංචි සත්ත,ª විවිධ හැඩ යොදා අලංකාර කරගන්න.

******************************

 චොකලට් පිරි ඩෝනට්

  අවශ්‍ය ද්‍රව්‍ය

 පිටි ග්‍රෑම් 350 ක්

බිත්තර 1ක්

ඊස්ට් ග්‍රෑම් 7ක්

සීනි ග්‍රෑම් 30 ක්

මාගරින් තේ හැඳි 2 ක් විතර

ලුණු ස්වල්පයක්

කිරි මිලිලීටර් 65 ක්

වතුර මිලිලීටර් 65 ක්

 

සාදන ක්‍රමය

 

පිටි, ලුණු ස්වල්පයක් සමඟ එකතු කරගන්න. එයට ඊස්ට් සහ මාගරින්, සීනි එක් කර හොඳට අතින් කලවම් කරන්න. කිරි, වතුර උණු කරන්න. අත දාන්න පුළුවන් රස්නය තෙක් නිවෙන්න හරින්න. දැන් පිටි මිශ්‍රණය මැද ළිඳක් වගේ හදාගන්න. බිත්තරය බීට් කරලා එක් කරන්න. එයටම කිරි මඳ රස්නෙන් එකතු කරන්න. දැන් හොඳින් අනාගන්න. පිටි ටිකක් දාලා අතේ නො ඇලෙන තෙක් විනාඩි 10 පමණ අනාගන්න. නැතිනම් ලෑල්ලක පිටි ඉහලා නීඩ් ආකාරයට විනාඩි 10 කරන්න. පැයක් පිපෙන්න තියන්න. පිටි ටිකක් ඉහලා අර හදාගත් පිටි මිශ්‍රණය රෝලිං පින් එකකින් තුනී කරන්න. අඟල් බාගයක් වගේ පළල සිටින සේ. නිකන් අතිනුත් තුනී කරන්න පුළුවන්. දැන් වීදුරුවකින් රවුම කපාගන්න. මුඩියකින් මැද කපා ගන්න. දැන් රවුම් කපාගෙන ඉතුරු ටිකත් අර වගේම ආයෙමත් තුනී කරලා තව කපා ගන්න. විනාඩි 20 ක් තියන්න. තෙලින් බැදගන්න. විනාඩි 1- 2 ක් වෙනවිට රන්වන් පාට වෙනවා. ගින්දර අඩුවෙන් තියන්න. එක පැත්තක රන්වන් පාට වෙද්දී අනිත් පැත්ත හරවලා බැදගන්න. චොකලට් මයික්‍රෝවේව් දාලා උණුකරලා තවරගන්න. දරුවෝ ආස වර්ණ යොදාගන්න, ස්ප්‍රින්කල්ස් මගින් හැඩ කරගන්න.

******************************

 තරු සැන්ඩ්විච්

අවශ්‍ය ද්‍රව්‍ය

 පොඩි සැමන් ටින් 1 ක්

ක්‍රීම් චීස් ස්ප්‍රෙඩ් එකෙන් මේස හැඳි 3 ක් (ඔයාලට තියෙන ක්‍රීම් චීස් එකක් ගන්න නැත්නම් බටර් ගන්න.)

පාස්ලි කොළ කිහිපයක්

ලොකු ලූනු ගෙඩි 1/4 ක්

අමුමිරිස් කරලක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

පාන් පෙති

 සාදන ක්‍රමය

පොඩි අය කනවා නම් විතරක් අමුමිරිස් හා ගම්මිරිස් එකතු කරන්න. ලූනු, අමුමිරිස්, පාස්ලි කොළ සිහින්ව කපාගන්න. ක්‍රීම් චීස්, සැමන්, අමුමිරිස්, පාස්ලි කොළ, ගම්මිරිස් එකතු කර හොඳින් කලවම් කරන්න. තරු කටර් එකක් පාන් පෙති මත තබා තරු කපා එහි සාදාගත් පේස්ට් එක දවටන්න. එක තරුවක මැද අයිසින් නොසල් එකක් මගින් රවුමක් කපාගන්න. එම තරුව උඩින් තියන්න. උපන්දිනය සඳහා යොදාගන්නා වර්ණ යොදා තව ලස්සන කරගන්න.

******************************

 චොකලට් කප් කේක්

 

 අවශ්‍ය ද්‍රව්‍ය

 සීනි ග්‍රෑම් 200 ක්

බටර් ග්‍රෑම් 110 ක්

පිටි ග්‍රෑම් 200 ක්

බිත්තර 2 ක්

බේකිං පවුඩර් මේස හැඳි 1 3/4 ක්

වැනිලා මේස හැඳි 1 ක්

කිරි මිලිලීටර් 125 ක්

කොකෝ පවුඩර් මේස හැඳි 2 ක්

 

සාදන ක්‍රමය

 

මුලින්ම බටර් හා සීනි එකතුකර බීට් කරන්න. ඊළගට බිත්තර එකතුකර බීට් කරන්න. එයට වැනිලා ද එකතු කරන්න. පිටි, බේකිං පවුඩර්, කොකෝ පවුඩර් එක්ව හළාගන්න. එය කොටස් දෙකක් ආකාරයෙන් එකතු කර පත්තකින් ගසාගන්න. ඊළඟට කිරිත් දෙසැරයකට එකතුකර ගසාගන්න. පේපර් කප්ස්වලට 3/4 ක් වෙන්න පුරවන්න. සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙන් රත්කරගත් අවන් එකේ විනාඩි 25-30 ක් අතර කාලයක් බේක් කරගන්න. චොකලට්, බටර් ක්‍රීම් සහ පලතුරු මගින් සරසා රස කරගන්න

******************************

 ඇපල් හැඩයට කේක් පොප්ස්

 අවශ්‍ය ද්‍රව්‍ය

 කේක් බෝල සඳහා

 කේක් ග්‍රෑම් 400 ක්

මිල්ක් චොක්ලට් ග්‍රෑම් 100 ක්

ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1/2ක්

ලොලි පොප් ස්ටික්ස් හෝ ඕඕQ ස්ටික්ස් 10 ක්

කේක් බෝල දැවටුමට

සුදු චොක්ලට් ග්‍රෑම් 100 ක්

කිරි කෝප්ප 1/4 ක්

 සාදන ක්‍රමය

 කිරි උණු කර චොකලට් දියකරගන්න. නැතිනම් කිරි හා චොකලට් එකතුකර මයික්‍රෝවේව් එකේ විනාඩියක් තබා දියකරගන්න. කේක් අතින් පොඩි කර කුඩු ලෙස සකස් කරගන්න. ඔයාලට පුළුවන් උපන්දින කේක් එක හැඩ කරද්දී අපි වටේ සහ උඩ කපාගන්නා කේක් කොටස් විසි නොකර මේ සඳහා භාවිත කරන්න. දැන් දියකරගත් චොකලට් සහ කේක් කුඩු හොඳීන් කලවම්කර අතින් අනන්න. පොඩි බෝල සාදා ඇපල් ගෙඩියක් හැඩයට හදන්න. ඔයාලට කැමැති විදියට බෝල හෝ බබාලා කැමැති විදියක හැඩයකට සාදාගත හැකියි. සාදාගත් කේක් බෝල පැයක් අධි ශීතකරණයේ තියන්න. නැත්නම් මෙළක නිසා කැඩෙනවා. ඒ අතරේ වයිට් චොකලට් සහ කිරි එකතුකර විනාඩියක් මයික්‍රෝවේව් එකේ දමා දියකර නිවෙන්න තියන්න. (නැතිනම් ඩබල් බොයිල් ක්‍රමයට උණු කරගන්න) දැන් දියකරගත් සුදු චොකලට්වලට රතු පාට කලරිං එකතු කරන්න. හොඳීන් කලවම්කර වීදුරුවකට ඒ සියල්ල දාගන්න. ලොලිපොප් ස්ටික් එකක් ගෙන දියකර සාදා ගත් චොකලට් මිශ්‍රණයේ බහා කේක් පොප් එක රඳවන්න. එහෙම කේක් පොප්ස් සියල්ලම කරගෙන වේ ළන්න තියන්න. ටික වෙලාවකින් ස්ටික් එක වෙළුණු පසු නැවත කේක් පොප්ස් එක බැගින් ගෙන වැහෙන ආකාරයට චොක්ලට් මිශ්‍රණය දවටන්න. වීදුරුවේ බහා උඩට ගෙන වැඩිපුර චොකලට් ටික වීදුරුවට වැටෙන තුරු තියාගෙන ඉන්න. ඉන්පසු රිජිෆෝම් එකක හෝ ඒවා රඳවන්න පුළුවන්. හොඳීන් චොකලට් දවටනය වෙළුණු පසු උත්සව මේසය හැඩ කරන්න, දරුවන්ට රස බලන්න තියන්න

******************************

 ස්ප්‍රින්කල්ස් පිරුණු නුටෙල්ලා සැන්ඩ්විච්

 අවශ්‍ය ද්‍රව්‍ය

 පාන් පෙති අවශ්‍ය පමණට නුටෙල්ලා

(Nutella) රසට

පාට පාට ස්ප්‍රින්කල්ස්

 සාදන ක්‍රමය

 

පාන් පෙති වාටි කපාගන්න. ඒ මත නුටෙල්ලා අතුරන්න. උඩින් ස්ප්‍රින්කල්ස් ඉස ත්‍රිකෝණ හැඩයට කපන්න. පුංචි ත්‍රිකෝණ වුවත් කමක් නැහැ.

******************************

 සීරියල් පාන්වලින් ටෝස්ටි රෝල්ස්

 අවශ්‍ය ද්‍රව්‍ය

 සීරියල් පාන් පෙති 5 ක්

චීස් පෙති 5 ක්

හැම් පෙති 5 ක්

 සාදන ක්‍රමය

 පාන් පෙත්ත හොඳීන් රෝලිං පින් එකක් මඟින් තුනීකරගන්න. තුනීකරගත් පාන් පෙත්ත මත චීස්‌ පෙති සහ හැම් පෙති තියලා රෝල් කරන්න. පෑන් එකක් ළිප තබා බටර් තේ හැන්දක් එක් කර රත්වූ විට රෝල් කරගත් පාන් තබා හරවමින් රත් කරගන්න.ඔබට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය ද්‍රව්‍ය ගෙන චූටි දුවලා පුතාලට බඩ පිරෙන පහසුවෙන් ඉක්මනට සාදාගත හැකි මෙවැනි ගුණ පිරුණු කෙටි කෑමකින් ඔබේ උපන්දින මේසය සරසාගන්න.

ඉදිරිපත් කිරීම සහ ඡායාරූප

ඉතාලියේ පර්මා හි පදිංචි සූපවේදිනී

ජනනි ගුරුසිංහ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Oct 2017 06:04 PM

කලවම් කොත්තුව

Kottu

අවශ්‍ය ද්‍රව්‍ය
තම්බාගත් කඩල ග්‍රෑම් 200
තම්බාගත් සුදු කව්පි ග්‍රෑම් 100
තම්බාගත් රතු කව්පි ග්‍රෑම් 100
රතු බත් ග්‍රෑම් 100
නිවිති දලු ග්‍රෑම් 100
බිත්තර 2 යි
කෑලි මිරිස් තේ හැඳි 2
ලුණු රසට අනුව
ගම්මිරිස් ස්වල්පයක්
රතුලූණු ගෙඩි කීපයක්
අමුමිරිස් කරල් 2 යි
බටර් මේස හැඳි 2-3ක්

සාදන ආකාරය
නිවිති දලු, අමුමිරිස්, ලූනු සිහින්ව කපා ගන්න. සුදුසු භාජනයක් ලිිප තබා රත්වන විට බටර් දමන්න. දැන් බිත්තර කඩා දමන්න. නිවිති දලු, ලූනු, අමුමිරිස් දමා කූරු ගාමින් පිස ගන්න. ලූණු, කෑලි මිරිස්, ගම්මිරිස් එකතු කරන්න. දැන් පිසගත් බත්, ඇට වර්ග සියල්ල දමා හොඳින් කලවම් කර උණුවෙන්ම කෑමට ගන්න. ‍පෝෂණයෙන් ඉහළ උදේ ආහාරයකි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Oct 2017 06:09 PM

මිනි බර්ගර්ස්

MB

අවශ්‍ය ද්‍රව්‍ය
බෙඩ්රෝල් 4යි
කටු රහිත කුකුල් මස්
ග්‍රෑම් 200 පමණ
බිත්තරයක්
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව
සලාද කොළ කීපයක්
තක්කාලි පෙති කීපයක්
බටර් ටිකක්

සාදන ආකාරය
කුකුල් මස් ටික සෝදා ඉතාම කුඩාවට චොප් කරගන්න. දැන් මෙය බඳුනකට දමා එයට ලුණු, ගම්මිරිස් සහ බිත්තරය එක්කර හොඳහැටි අනා ගන්න. දැන් බටර් ගා ගත් පෑන් එකකට ටික ටික දමමින් කුඩා රවුම් හැඩයේ රොටි ලෙස සාදා ගන්න. මෙය ඉතාම මද ගින්දරේ සෙමින් පිසෙන්නට හරින්න. දැන් බ්‍රෙඩ් රෝල්ස් දෙකට පලා බටර් ගා ගන්න. සාදාගත් කුකුල් මස්, රොටිය සහ සලාද කොළයක් තක්කාලි පෙත්තක් තබා බර්ගර් සාදා ගන්න.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Oct 2017 06:19 PM

පොටෙටෝ විත් බේකන්

PB

අවශ්‍ය ද්‍රව්‍ය
තරමක අල ගෙඩි 2 යි
ලොකු ලූනු ගෙඩියකින් 1/2 යි
බටර් මේස හැඳි 3
බේකන් තීරු 5 යි
ඔරිගානේ පවුඩර්
ඉතා ස්වල්පයක්
ලුණු රසට අනුව

සාදන ආකාරය
අල ගෙඩි සුද්දකර තරමක ලෙකු විවර සහිත ග්‍රේටරයකින් ගා ගන්න. දැන් එයට ලුණු ඔරිගානෝ පවුඩර් දමා මිශ්‍ර කරන්න. සිහින්ව ලියාගත් ලූනු දමන්න. දැන් බටර් ටිකක් දමා රත් කරගත් තැටියක දමා මෙය පිසගන්න. අල තැම්බිගෙන එන විට හැන්දෙන්ම එය ළංකරමින් රවුම් හෝ හතරැස් හැඩයට සාදා ගන්න. දැන් බේකන් තීරු ටික බටර් ගාගත් තැටියක දමා බැඳගෙන එයද කුඩාවට කපා ගන්න. පිඟානක් ගෙන අල මිශ්‍රණයෙන් සාදාගත් සැකැස්ම එහි තබන්න. දැන් බේකන් කැබැලිද පසෙකින් තබා පිළිගන්වන්න.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Oct 2017 06:42 PM

එග් ටෝස්ට්

Egg toast

අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පෙති 4 යි
බිත්තර 2 යි
සිහින්ව ග්‍රේට් කරගත් චීස් ග්‍රෑම් 50
අමුමිරිස් කරල් 5 යි
රසට අනුව ලුණු
රසට අනුව ගම්මිරිස්
බටර් තේ හැඳි 2
සිහින්ව කපාගත් රතුලූනු ගෙඩි 5-6ක්

සාදන ආකාරය
බඳුනක් ගෙන එයට ලුණු, ගම්මිරිස්, බිත්තර, කපාගත් ලූනු, අමුමිරිස් දමා හොඳින් කලවම් කරගන්න. දැන් බටර් ගා ගත් ෆෑන් එකක් රත්වන්නට තබන්න. පාන් පෙත්ත බැගින් ගෙන එය බිත්තර මිශ්‍රණයේ ‍පොඟවා රත්වූ ෆෑන් එකට දමන්න. උඩින් ලූනු, අමුමිරිස් කැබැලි කීපයක් දමන්න. චීස් ටිකක් ද ඉස දෙපැත්ත දමා පුළුස්සා ගන්න. උණුවෙන්ම මේසයට යවන්න.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Oct 2017 06:45 PM

රුලං පිට්ටු

RP

අවශ්‍ය ද්‍රව්‍ය
රුලං ග්‍රෑම් 500
සිහින්ව කපාගත් කැරට් ග්‍රෑම් 50
සිහින්ව කපාගත් මුකුණුවැන්න දලු ග්‍රෑම් 50
සිහින්ව කපාගත් රතුලූනු ග්‍රෑම් 30
සිහින්ව කපාගත් අමුමිරිස් කරල් 2 යි
බිත්තර 2 යි
සිහින්ව කොටු කපා ගැඹුරු තෙ‍ලේ බැදගත් කුකුල් මස් ග්‍රෑම් 100
අබ ඇට තේ හැඳි 1/2
සිහින්ව  ගාගත් ‍පොල් ග්‍රෑම් 50
ලුණු රසට අනුව
කරපිංචා කිනිත්තක්

සාදන ආකාරය
රුලං ටික කබ‍ලේ රන්වන් පාටට බැඳ ගන්න. දැන් සුදුසු බඳුනක් ගෙන එයට රුලං සහ වතුර එකතු කර බෙරි නොවන සේ පිසගන්න. දැන් වෙනත් බඳුනක් ගෙන එය ලිප තබා රත්වන විට බටර් එකතු කරන්න. දැන් එයට කරපිංචා, අබ ඇට, සිහින්ව ලියාගත් රතුලූනු, අමුමිරිස් එකතු කරන්න. දැන් බිත්තර දමා කූරුගාමින් මිශ්‍ර කරන්න. ලුණු, ‍පොල්, කැරට්, මුකුණුවැන්න එකතු කරන්න. බැදගත් කුකුල්මස් කැබලි දමන්න. දැන් තම්බාගත් රුලං දමා මිශ්‍රකර කෑමට ගන්න.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Oct 2017 06:48 PM

රතුහාල් එළවළු බත

RED
අවශ්‍ය ද්‍රව්‍ය
රතු සම්බා සහල් කිලෝග්‍රෑම් 1
කැරට් ග්‍රෑම් 100
මුකුණුවැන්න දලු ග්‍රෑම් 100
කුකුල්මස් ග්‍රෑම් 200
මිටිකිරි අඬු කෝප්ප 1/2
බටර් මේස හැඳි 1
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව
රතුලූනු ග්‍රෑම් 50
අමුමිරිස් කරල් 2-3ක්
තලාගත් සුදුලූනු බික් 2-3ක්
තලාගත් ඉතා කුඩා ඉඟුරු කැබැල්ලක්

සාදා ගන්නා ආකාරය
සහල් බෙරි නොවන සේ පිසගෙන පසෙකින් තබන්න. දැන් කුකුල්මස්වල කටු ඉවත්කර කුඩාවට කපා ගන්න. කැරට් සිහින්ව ලියාගන්න. මුකුණුවැන්න දලු ටිකද කුඩාවට කඩා සෝදා දිය බේරා ගන්න. රතුලූනු, අමුමිරිස් ද සිහින්ව කපා ගන්න. දැන් බඳුනක් ළිප තබා රත්වන විට බටර් ටික දමන්න. තලාගත් ඉඟුරු සුදුලූනු එක් කරන්න. දැන් කුකුල් මස් කැබැලි දමා බැදෙන්නට හරින්න. එය හොඳින් බැදීගෙන එද්දී රතුලූනු, අමුමිරිස්, කැරට්, මුකුණුවැන්න, ලුණු, ගම්මිරිස් සමග ‍පොල්කිරිද දමා පිසගන්න. එය හොඳින් උකුවීගෙන එන විට පිසගත් බත් ටික දමා කලවම් කරගන්න.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Oct 2017 06:53 PM

පෑන් කේක් සැන්ඩ්විච්

b
අවශ්‍ය ද්‍රව්‍ය
පාන්පිටි අඬු කෝප්ප 1 1/2
බිත්තර 2 යි
බේකිං පවුඩර් තේ හැඳි 1/2
පිටිකිරි තේ හැඳි 1
සීනි මේස හැඳි 1
අයිසිං ක්‍රීම් ටිකක්
ලුණු ඉතාම ස්වල්පයක්

සාදන ආකාරය
බිත්තරවල කහමද සහ සුදුමද වෙන් කරන්න. පාන් පිටිවලට
බිත්තර කහමද, බේකිං පවුඩර්, පිටිකිරි, සීනි, ලුණු දමා හොඳහැටි මිශ්‍ර කරන්න. වතුර ටිකක් එකතු කර ඉතාම උකුවට බැටරයක් සාදා ගන්න.





දැන් පෑන් එකක් රත් කර එයට බටර් ස්වල්පයක් ආ‍ලේප කරමින් කුඩා ප්‍රමාණයේ එකම තරමකට පෑන් කේක් සාදා ගන්න. දැන් පෑන් කේක් එකක් ගෙන එහි අයිසිං ක්‍රීම් ආ‍ලේප කරන්න. ඒ මත තවත් පෑන් කේක් එකක් තබන්න. දැන් ඒ මතද අයිසිං ක්‍රීම් ආ‍ලේප කරන්න. මේ ආකාරයට පෑන් කේක් හතරක් එක මත තබමින් සැන්විචය නිම කරගන්න. දැන් එය වෙන් නොවන සේ දෙකට කපා තරමක් පළල් කර පිඟානක් මත තබා පිළිගන්වන්න.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Oct 2017 06:58 PM

චොක්ලට් වොෆ්ල්ස්

Q
අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර 3යි
පාන්පිටි අඬු කෝප්ප 1 1/2
චොක්ලට් පවුඩර් මේස හැඳි 2
සීනි මේස හැඳි 2
කිරිපිටි මේස හැඳි 2
මී පැණි ටිකක්
බටර් ටිකක්

සාදන ආකාරය
පාන්පිටි, චොක්ලට් පවුඩර් හොඳහැටි මිශ්‍ර කරන්න. දැන් එයට කිරි පිටිද එකතු කරන්න. බිත්තර, සීනි, ලුණු ඉතා ස්වල්පයක් දමා හොඳින් කලවම් කරන්න. දැන් එයට වතුර ටිකක් එකතු කර උකු බැටරයක් සාදාගන්න. දැන් වොෆුල් මැෂිමකට දමා මෙයින් වොෆුල් සාදා ගන්න. දැන් උණුවෙන්ම එහි කුහරවලට බටර් ටිකක් වත් කරන්න. ටික වේලාවක් තබා එය වොෆල් තුළට උරාගත් විට පිඟානක තබා උඩින් මී පැණි රේඛාවක් ලෙස වත්කර පිළිගන්වන්න.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Oct 2017 06:14 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Oct 2017 06:15 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Oct 2017 06:18 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Oct 2017 06:19 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Oct 2017 06:19 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Oct 2017 08:12 AM
මගේ අම්මේ බං මල්ලියේ තියෙන තොගය.
ඕන කරන එකක් දෙකක් සේව් කරා ඕං.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 05:08 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 05:08 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 05:20 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 33 of 77 << < 3132333435 > >>