You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 37 of 77 << < 3536373839 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Nov 2017 02:12 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Nov 2017 02:13 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Nov 2017 02:14 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Dec 2017 03:59 AM

මාළු කස්ටර්ඩ්


අවශ්‍ය ද්‍රව්‍ය
තෝර මාළු පෙත්තක්
කිරි අඬු කෝප්ප 1/2
බිත්තරයක්
බටර් ටිකක්
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව

සාදන ආකාරය
මාළු පෙත්ත තම්බා ගන්න. දැන් කටු හම ඉවත් කරමින් කුඩාවට කඩා අතින් ‍පොඩි කර ගන්න. දැන් මෙයට කිරි, ලුණු, ගම්මිරිස් දමා හොඳින් මිශ්‍ර කරගන්න. බටර් ගා ගත් කෝප්පයක දමා හුමාලයෙන් තම්බා ගන්න.

 

බාර්ලි වතුර


අවශ්‍ය ද්‍රව්‍ය
පිටිකරගත් බාර්ලි මේස හැඳි 2
උතුරන වතුර අඬු කෝප්ප 3
දෙහි යුෂ බින්දු දෙකක්
සීනි ස්වල්පයක්

සාදන ආකාරය
බාර්ලි පිටි ටික ඇල් වතුරේ දිය කර ගන්න. දැන් එයට නටන වතුර එකතු කරන්න. ළිප තබා විනාඩි 5-6ක් පමණ පිස ගන්න. දැන් එයට සීනි සහ දෙහි යුෂ දමා කලවම් කර පෙරා බිමට දෙන්න.

 

එළු මස් සාරය


අවශ්‍ය ද්‍රව්‍ය
කටු සමග එළු මස් ග්‍රෑම් 250
ගම්මිරිස් ඇට 10ක්
කරාබුනැටි 2ක්
බාර්ලි ඇට මේස හැඳි 2-3ක්
රතුලූනු ගෙඩි කීපයක්
කුරුඳු ‍පොතු කැබැල්ලක්
ලුණු රසට අනුව

සාදන ආකාරය
බාර්ලි සෝදා පැය කීපයක් ‍පොඟවාගන්න. මස් ටික කපා සෝදා බඳුනකට දමන්න. දැන් එයට රතුලූනු සුද්දකර ගෙඩි පිටින්ම, ගම්මිරිස් ඇට, කුරුඳු ‍පොතු කැබැල්ල, බාර්ලි, ලුණු, කරාබු නැටි සහ වතුර ලීටරයක් පමණ දමා පැය 2ක් පමණ හොඳහැටි තැම්බෙන්නට හරින්න. තැම්බුනු පසු පෙරා රෝගීයාට බිමට දෙන්න. ශක්තිය වඩන ආහාරයකි. ටෝස්ට් කරගත් පාන් පෙත්තක් සමග බිමට දෙන්න.

 

චිකන් මින්ස්


අවශ්‍ය ද්‍රව්‍ය
කුකුල් මස් ග්‍රෑම් 250
පාන්පිටි මේස හැඳි 3
කිරි අඬු කෝප්ප 1 1/2
බටර් ටිකක්
ලුණු, ගම්මිරිස්

සාදන ආකාරය
කුකුල් මස් ටික සෝදා ඉතාම සිහින් කූරු ලෙස කපා ගන්න. දැන් එයට ලුණු, ගම්මිරිස් අතගා ටික වේලාවක් තබන්න. බටර් ටික ළිප තබා රත්වන විට කුකුල් මස් දමා තෙම්පරාදු වන්නට හරින්න. පිටි ටික උඩින් ඉසිමින් කලවම් කරන්න. දැන් කිරිද දමා කලවම් කර වසා මද ගින්දරේ තැම්බෙන්නට හරින්න.

 

ස්පැගටි ඉස්ටු

අවශ්‍ය ද්‍රව්‍ය
ස්පැගටි ග්‍රෑම් 150
බටර් අවශ්‍ය තරමට
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව
කුකුල් මස් තැම්බූ වතුර අවශ්‍ය තරමට

සාදන ආකාරය
ස්පැගටි තුන් කාලට තම්බා පෙරා ගන්න. බටර් දමා සාස්පානක් ළිප තබන්න. එය රත් කරන්න. දැන් එයට ස්පැගටි සහ කුකුල් මස් තැම්බූ වතුර එකතු කර ලුණු සහ ගම්මිරිස් ද එකතු කරන්න. මද ගින්දරේ ස්පැගටි ඉතා මෘදු වන තුරු පිසගන්න. සිහින්ව ගා ගත් චීස් එකක් දමා කලවම් කර උණුවෙන්ම ආහාරයට ගන්න.

 

කුරුඳු තේ (හතර දෙනෙකු සඳහා)

අවශ්‍ය ද්‍රව්‍ය
තේ කොළ තේ හැඳි 5
වතුර අඬු කෝප්ප 6
අඟලක පමණ කුරුඳු ‍පොතු කැබැල්ලක්
අවශ්‍ය නම් සීනි

සාදන ආකාරය
කේතලයට වතුර ගෙන හොඳින් උතුරවාගන්න. දැන් නටන වතුර අඬු කෝප්ප 1/2 පමණ දමා තේ ‍පෝච්චිය හෙඳින් රත්කරන්න. දැන් එයට තේ කොළ දමා ඉතිරි වතුර ටිකට තලාගත් කුරුඳු කැබැල්ලද දමා විනාඩි 5ක් පමණ වසා තබන්න. සීනි සමග හෝ නොමැතිව උණුවෙන්ම බිමට ගන්න.

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Dec 2017 07:19 AM
කුරුදු තේ එක නම් හොදයි.මමත් බොනවා.
කොලස්ටරෝල් වලටත් හොද හින්දා.....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Dec 2017 06:42 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Dec 2017 06:43 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Dec 2017 06:55 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Dec 2017 06:56 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Dec 2017 06:56 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Dec 2017 06:56 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Dec 2017 05:59 PM

male300ගව මස්‌ උපයෝගී කර ගනිමින් මැලේ ජාතිකයන් විසින් පිළියෙල කරගනු ලබන ඔවුන් අතර ඉතා ජනප්‍රිය බොජුන් වර්ග 4 ක්‌ පිළිබඳව පසුගිය දෙසතියේදී මෙවන් ලිපි දෙකක්‌ මගින් දැනටමත් ඔබ දැනුවත් වී ඇත. එසේ ඔබ හඳුනාගත් හරක්‌ මස්‌ මිශ්‍ර ආහාර වර්ග වලට අමතරව හරක්‌ මස්‌ මූලික කර ගත් තවත් ආහාර වර්ග කීපයක්‌ම තිබීමෙන් විවිධාකාරයේ භෝජන වර්ග මගින් හරක්‌ මස්‌වල රස බැලීමට මැලේවරු තුළ පවතින අභිරුචිය පිළිබඳව ප්‍රාමාණික අවබෝධයක්‌ ඔබට ලබාදෙනවා ඇත. එවන් හරක්‌ මස්‌ වෑංජන කීපයක්‌ පිළිබඳව දැන් අපි විමසා බලමු.
 
 කුඩාවට සිහින් ලෙස ලියන ලද හරක්‌ මස්‌ පලහා ගනිමින් (Grilled) මැලේ ගෘහණියන් විසින් පිළියෙල කරගනු ලබන රසවත් ආහාර වර්ගය පිළිබඳව මීට දෙසතියකට පෙර විමසා බැලුවෙමු. මෙවර ලිපියෙන් මුලින්ම විමසා බැලෙන්නේ ළිපේ තබා තම්බා පිස ගන්නා සිහින් ලෙස ලියා කුළුබඩු රැසක්‌ මගින් රසගැන්වූ හරක්‌මස්‌ වෑංජනයක්‌ පිළිබඳවය. එකී වෑංජනය හැඳින්වෙන්නේ සිහින් ලෙස ලියන ලද හරක්‌ මස්‌ වෑංජනය (Mince Meat Curry) නමිනි. ඒ සඳහා යොදා ගනු ලබන ද්‍රව්‍ය මෙසේ ය.
 
 1) සිහින් ලෙස ලියන ලද හරක්‌ මස්‌ කිලෝ 1/2 ක්‌.
 
 2) සුදු ලූනු සහ ඉඟුරු තලප තේ හැඳි 01 ක්‌
 
 3) මිරිස්‌ කුඩු මේස හැඳි 01 ක්‌
 
 4) තුනපහ කුඩු මේස හැඳි 01 ක්‌
 
 5) පොඩිකර ගත් දුරු වර්ග තේ හැඳි 1/2 ක්‌
 
 6) පෙති කැපූ ලොකු ලූනුq ගෙඩි 1/2 ක්‌
 
 7) පෙති ගැසූ අමු මිරිස්‌ කරල් 1/2 ක්‌
 
 8) සිහින්ව ලියන ලද කොත්තමල්ලි කොළ මේස හැඳි 2 ක්‌
 
 9) තක්‌කාලි ඉස්‌ම කෝප්ප 1/4 ක්‌
 
 10) යෝගට්‌ කෝප්ප 1/4 ක්‌
 
 11) රසගැන්වීම පිණිස ලුණු ස්‌වල්පයක්‌
 
 12) තෙල් ස්‌වල්පයක්‌
 
 සාදා ගන්නා ක්‍රමය
 
 සිහින් ලෙස ලියා ගන්නා ලද මස්‌ වලට තක්‌කාලි ඉස්‌ම, තෙල් සහ යෝගට්‌ හැර මේ සඳහා යොදාගනු ලබන සෙසු සියලුම ද්‍රව්‍ය එක්‌කොට හොඳින් මුසු කර පදම් වෙන්නට හරින්න. ඉන්පසු එකී මිශ්‍රණයෙන් ගෝලාකාර හැඩයේ බෝල සකසා ගන්න. තක්‌කාලි යුෂ සහ තෙල් ළිපේ තබා හොදි වැනි දියාරු ද්‍රHවයක සැකසෙන තෙක්‌ උණුකර ගන්න. පසුව මස්‌ බෝල හා ඉහත ද්‍රව්‍ය එකට මිශ්‍ර කරගන්න. පසුව එකී මස්‌ බෝල හොඳින් තැම්බෙන තෙක්‌ ළිපේ තබා පිස ගන්න. අනතුරුව යෝගට්‌ ප්‍රමාණය ඊට එක්‌කොට විනාඩි 5ක්‌ පමණ හොඳින් පිසෙන තෙක්‌ උණු වෙන්න හරින්න.
 
 මෙම වෑංජනය උණු උණුවේම රස විඳීමට මැලේවරු කැමැත්තක්‌ දක්‌වති. මැලේවරු පිළියෙල කර ගන්නා හරක්‌ මස්‌ මූලික කරගත් තවත් රසවත් ආහාර වර්ගයක්‌ වන්නේ "මැලේ චූනා" වෑංජනයයි. (Meley Chooka Currey) මැලේ භාෂාවෙන් "චූනා" යන නමින් හඳුන්වන්නේ විනාකිරිය. විනාකිරි වලින් රස ගැන්වුණ හරක්‌ මස්‌ වෑංජනය යන්න මෙහි අර්ථයයි. එකී මැලේ චූනා වෑංජනය සකසා ගැනීම පිණිස පාවිච්චි කරනු ලබන ද්‍රව්‍ය මෙසේය.
 
 1) ඝන හරක්‌ මස්‌ පෙති කිලෝ 2ක්‌
 
 2) පෙති ගැසූ ලොකු ලූනු ගෙඩි 2 ක්‌
 
 3) සුදුලූනු මේස හැඳි 3ක්‌
 
 4) ඉඟුරු තලප මේස හැඳි 3ක්‌
 
 5) අඟල් 01 ප්‍රමාණයේ රම්පෙ කොළ කැබලි 4ක්‌
 
 6) අඟල් 01 ප්‍රමාණයේ සේර කොළ කැබලි 4ක්‌
 
 7) කරඳ මුංගු 8 ක්‌
 
 8) කුරුඳු පොතු 01 ක්‌
 
 9) ගම්මිරිස්‌ කරල් 20 ක්‌
 
 10) විනාකිරි කෝප්ප 1/4 ක්‌
 
 11) ගිතෙල් කෝප්ප 1/4 ක්‌
 
 12) රස ගැන්වීම පිණිස ලුණු ස්‌වල්පයක්‌
 
 සාදා ගන්නා ක්‍රමය
 
 සාස්‌පානකට ගිතෙල් දමා රත්කොට සුදුලූනු, ඉඟුරු, රම්පේ, සේර, ලොකු ලූනු, ගම්මිරිස්‌, කරඳමුංගු හා කුරුඳු පොතු ඊට එක්‌කොට දුඹුරු පැහැ ගැන්වෙන තෙක්‌ හැඳි ගාන්න. පසුව ඊට ඝනාකාර හැඩයට කැපූ මස්‌ කැබලි එක්‌කොට මිශ්‍රණයේ යුෂ මස්‌ පෙතිවල සෑම පැත්තකම හොඳින් තැවරී දුඹුරු පැහැ ගැන්වෙන තෙක්‌ ළිපේ තබා බැද ගන්න.
 
 අනතුරුව ඊට විනාකිරි සහ ලුණු එක්‌කර රස ගන්වන්න. පසුව එය මඳ ගින්නේ තබා මොළොක්‌ ලෙස පදම්වන තෙක්‌ පිස ගන්න. මෙකී පිස ගැනීම සඳහා විනාඩි 45 කට ආසන්න කාලයක්‌ ගතවනවා ඇත. මෙසේ සැකසෙන ආහාරය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ "මස්‌ ස්‌ටු" (Meat Stew) නමිනි.
 
 පාවිච්චි කරන ද්‍රව්‍යයන්ගේ සහ සකස්‌ කරගන්නා ආකාරයේ මඳ වෙනස්‌කම් සහිතව තවත් මස්‌ ස්‌ටු වර්ගයක්‌ සාදා ගැනීමට මැලේ ගෘහණියෝ හුරුවී සිටිති. එය හැඳින්වෙන්නේ (Daging Cuke) නමිනි. (Cuka) සහ (Chooka) යන වදන් දෙකට මැලේවරු උච්චාරණය කරන්නේ චූකා යනුවෙනි. ඒ වචන දෙකෙන්ම අරුත් ගැන්වෙන්නේ විනාකිරිය. හරක්‌ මස්‌ භාවිත කරමින් විනාකිරි සුවිශේෂී කොට ඒ සඳහා යොදා ගනිමින් සකස්‌ කරගන්න මෙකී ආහාරය සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය මෙසේය.
 
 1) ඝන හැඩයට හෝ පෙති ලෙස කපා ගත් හරක්‌ මස්‌ කිලෝ 1/2ක්‌
 
 2) හොඳින් පෙති ගැසූ ලොකු ලූනු ගෙඩි 3 ක්‌
 
 3) හොඳින් පෙති ගැසූ සුදු ලූනුq බික්‌ 3 ක්‌
 
 4) හොඳින් පෙති ගැසූ අඟල් 2 ඉඟුරු කැබැල්ලක්‌
 
 5) හොඳින් කුඩුකරගත් කළු ගම්මිරිස්‌ තේ හැඳි 01ක්‌
 
 6) සුදුසු විනාකිරි ප්‍රමාණයක්‌
 
 7) රස ගැන්වීම පිණිස ලුණුq ස්‌වල්පයක්‌
 
 8) අමු සහ ඉදුණු මිරිස්‌ කරල් 2-3 ක ප්‍රමාණයක්‌
 
 9) වතුර කෝප්ප 3 ක්‌
 
 සාදා ගන්නා ක්‍රමය
 
 හරක්‌ මස්‌, ජලය, විනාකිරි, ලූනු, සුදු ලූනු, ඉඟුරු, ගම්මිරිස්‌ සුදුසු බඳුනකට දමා මස්‌ මොළොක්‌ වන තෙක්‌ තම්බා ගන්න. ඉන්පසු මිරිස්‌ සහ ලුණු ඊට මුසු කොට පදමට සැකසෙන තෙක්‌ ගින්නේ නටන්නට හරින්න. උණු උණුවේම මෙකී මස්‌ ස්‌ටු ආහාරයට ගැනීමට මැලේවරු රුචියක්‌ දක්‌වති. බිස්‌ටේක්‌ (Bestake) යන වැරදි ව්‍යවහාරයෙන් හඳුන්වන්නේ මෙකී වෑංජනයයි. එහි නිවැරදි උච්චාරණය බීෆ්ස්‌වේක්‌ (Beefsteak) ය. එහි අර්ථය වන්නේ "පලහා ගත් ගව මස්‌" යන්න වේ.
 
 මැලේ ගෘහණියෝ ගව මස්‌ ඇසුරෙන් සකස්‌ කර ගන්නා තවත් සුවිශේෂී වෑංජනයක්‌ වේ. ඒ ගව පෙණහලු යොදා ගනිමින් පිළියෙල කර ගන්නා"ඩෙං ඩොං ගෝ රෙං" (Dendeng Goreng) ය. (poru poru) නමින් මැලේවරු නම්කරන ගව පෙණහලු වලින් සකස්‌ කර ගන්නා මේ ආහාරය ඔවුන් නම් කළේ "ටෙං ටෙං ගෝරෙං" (Tenteng Goreng) යනුවෙනි. "ඩෙං ඩොං ගෝ රෙං" නමින් බිඳීගොස්‌ ඇත්තේ එකී නාමයයි. මෙය ගව පෙණහලු පෙති ලෙස කපා තුනපහ සමඟ මුසුකොට පදම් කර ගන්න. ගින්නේ පලහා ගැනීමෙන් වියළි ස්‌වභාවයෙන් ගන්නා මාංශ සිහින් තීරුවලට කපා සකස්‌කර ගනු ලබන රසවත් ආහාරයකි.
 
 Ö එඩ්වඩ් චJද්‍රසිරි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Dec 2017 07:47 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Dec 2017 07:47 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Dec 2017 04:52 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Dec 2017 04:52 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Dec 2017 04:53 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Dec 2017 04:53 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Dec 2017 04:54 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Dec 2017 03:27 AM

ඉංග්‍රීසි නත්තල් කේක්

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
මේ රසවත් කේක් එක අපි හඳුන්වන්නේ ඉංග්‍රීසි නත්තල් කේක් කියලයි. අයිරිස් ජාතිකයන් හදන මේ කේක් එකේ විශේෂත්වය වන්නේ මෙයට රුලං වෙනුවට පිටි භාවිත කිරීමයි.

 

ඒනිසාම මේ කේක් එක ආමන්ඩ් පේස්ට් යොදා අලංකාර කරන නත්තල් කේක්වලින් වෙනස් වේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

දුඹුරු සීනි ග්‍රෑම් 250 ක්

පිටි ග්‍රෑම් 200 ක්

බටර් ග්‍රෑම් 200 ක්

ආමන්ඩ් පිටි ග්‍රෑම් 50 ක්

දොඩම් ගෙඩි බාගෙක යුෂ

ග්‍රේට් කරගත් දොඩම් සහ ලෙමන් පොතු

 

 

 

ජෑම් මේස හැඳි 2 ක්

මී පැණි මේස හැඳි1 ක්

බිත්තර 5 ක්

රේසින්ස් ග්‍රෑම් 100 ක්

සුල්තානා ග්‍රෑම් 100 ක්

කජු ග්‍රෑම් 100 ක්

ඉඟුරු දෝසි ග්‍රෑම් 50 ක්

චෙරි ග්‍රෑම් 60 ක්

කැනිඩිඩ් ෆෘට් ග්‍රෑම් 60 ක්

Cranberries  50 ක් (තියෙනවා නම්)

ඔයාලට පුළුවන් කැනිඩිඩ් ෆෘට් සදහා පුහුල් දෝසි, චව් චව් හෝ අපේ රටේ තිබෙන සොයාගත හැකි දේවල් ගන්න

මික්ස්ඩ් ෆෘට් ග්‍රෑම් 250 ක්

(මේ සඳහා ඉඟුරු දෝසි හැර ඉහත ගත්ත හැම පලතුරක්ම කලවමට ගන්න, ඒ හැම පලතුරු ප්‍රමාණයක්ම ගෙන ඊට අමතරව තමයි වෙනම කලවමට මික්සඩ් ෆෘට් ග්‍රෑම් 250 ගන්න ඕනේ )

බ්‍රැන්ඩි මිලිලීටර් 35 ක්

වැනිලා තේ හැඳි 2 ක්

ආමන්ඩ් එසන්ස් තේ හැඳි 2 ක්

කුරුඳු කුඩු තේ හැඳි1/4 ක්

සාදික්කා කුඩු තේ හැඳි 1/4 ක්

 

සාදන ක්‍රමය

 

සියලුම වියළි පලතුරු සිහින්ව කපා බ්‍රැන්ඩි , දොඩම් යුෂ, දොඩම් සහ ලෙමන් පොතු, මී පැණි, ජෑම්, වැනිලා, ආමන්ඩ් එසන්ස් එකතු කර හොඳින් කලවම් කර පැය 2 ක් තබන්න. බටර් සහ සීනි එකතු කර හොඳින් බීට් කරන්න. එයටම බිත්තර එක බැගින් එක්කර ක්‍රීම් එකක් වගේ වනතුරු බීට් කරන්න. පිටි හා ආමන්ඩ් පිටි, කුරුඳු කුඩු, සාදික්කා කුඩු කලවම් කරන්න.

දැන් බටර්, සීනි, බිත්තර මිශ්‍රණයට පිටි ටික ටික එකතු කරමින් කලවම් කරන්න. එයට සකසාගත් පලතුරු එකතු කර හොඳින් කලවම් කරන්න .

කිලෝ 1 තැටියක් ගෙන එයට බේකිං පේපර් 2 ක් දමා සකස් කරගන්න. එය මත කේක් මිශ්‍රණය අතුරා සෙල්සියස් අංශක 130 ක උෂ්ණත්වයෙන් පැය 2 ත් 2 1/2 අතර කාලයක් බේක් කරගන්න.

(කේක් එකේ සුවඳත් වෙලාවත් ගතවූ පසු ටුත් පික් එකක් මගින් බේක් වෙලා ද කියලා බලන්න. එක එක අවන්වල උෂ්ණත්වය අඩුවැඩි වෙන්නත් පුළුවන් එනිසා මේ වෙලාව අතරතුර බලන්න. ටුත් පික් එක පිරිසුදුව ආවොත් කේක් එක හොඳින් බේක් වෙලා )

 

බේක් වුණාට පසු ටුත් පික් එකක් හෝ බාබක්‍යු ස්ටික් එකක් මගින් හිල් යොදා බ්‍රැන්ඩි කෝප්ප කාලක් ගෙන බ්‍රෂ් එකකින් කේක් එක පුරාම ගාන්න. මෙය නිවුණු පසු හොඳින් ඔතා රැයක් තියන්න. දින කිහිපයක් පරණ වූ විට රස වැඩියි. පිළිගන්වද්දී ඔබට අයිසිං සීනි ඉස පිළිගන්වන්න පුළුවන්. එලෙස පිළිගන්වන ආකාරය ද අප ඡායාරූපය මඟින් දක්වා ඇත.

 

හැමදාමත් වගේ මේ රසම රස රහස් ඔබට කියාදෙන්නේ ඉතාලියේ පර්මා නගරයේ පදිංචි සූපවේදිනී

ජනනී ගුරුසිංහයි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 37 of 77 << < 3536373839 > >>