You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 43 of 77 << < 4142434445 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Jan 2018 05:34 PM

දෝණි ලොකුවෙලා ගෙදර පුංචි සාදයක්

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
සිඟිති පා පොඩි පියවරෙන් පියවර තබා ඇවිද ගිය ඔබේ දූ කුමරිය අද වගකීමක් දැරිය හැකි දියණියක වෙලා. ඔබටත් හිතට මහමෙරක් තරම්. දෝණිගෙ මල්වර මංගල්‍යය... ආදරණීය අම්මාට පැවරෙන යුතුකම්, වගකීම් මෙතෙකැයි කිව නොහැකියි.

 

ඉතිං ඇය වෙනුවෙන් නිවෙසේ පුංචි සාදයක් පවත්වන්නත් වෙනවා. බලන්නකො, ගම්බද කෑම මේසයක රසය උත්සවයට වටිනාකමක් ගෙන දේවි.

මේ එවැනි කෑම වට්ටෝරුවකි. ඔබේ පහසුවට දස දෙනෙකුට ප්‍රමාණවත් පරිදි ලබා දේ.

 

උපදෙස්

ප්‍රවීණ කේක් නිර්මාණ හා සූපවේදිනී

සුජාතා ජයරත්න

 ඡායාරූප - උපාලි ජයරත්න


 

 

 

එළවළු බත

  අද ඕනෑම උත්සවයක එළවළු බතක් දක්නට ලැබෙනවා. ලොකු පොඩි කොයි කවුරුත් පාහේ රසවිඳින්නත් කැමැතියි.

අවශ්‍ය ද්‍රව්‍ය

සම්බා හාල් කිලෝ ග්‍රෑම් 1 1/2 ක්

කැරට් ග්‍රෑම් 300 ක්

ලීක්ස් ග්‍රෑම් 300 ක්

බෝංචි ග්‍රෑම් 300 ක්

සැල්දිරි ග්‍රෑම් 100 ක්

මාගරින් ග්‍රෑම් 125 ක්

සැරසීමට කජු, ගී‍්‍රන් පීස්, වියළි මිදි, චොප් කරගත් ඉඟුරු සුදු ළූණු ස්වල්පයක්

 

සාදන ක්‍රමය

බත බෙරි නොවන සේ සකස් කර ගන්න. මාගරින් ලිප තබා රත්වෙන විට චොප්කර ගත් ඉඟුරු, සුදු ළූණු දමන්න.

ඉන්පසුව සිහිනන්ව කපාගත් බෝංචි, කැරට්, ලීක්ස් හා සැල්දිරි එකතුකර ගන්න. තෙම්පරාදු වූ පසු බතට කලවම් කරගන්න. කජු, ගී‍්‍රන් පීස්, වියළි මිදි දමා සරසා ගන්න.


 

මාළු ඇඹුල් තියල්

 

 

 

මාළු ඇඹුල් තියල් නොමැති මඟුල් මේසයක් නැති තරම්. ගමක පිසෙන මාළු ඇඹුල් තියල් පදම හරිම ප්‍රණීතයි. ගෑවුණු තැන රස බලන්න හැකියි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

කෙලවල්ලන් හෝ තලපත් මාළු කිලෝ 1 ක්

ගොරකා බික් කිහිපයක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

තලාගත් ඉඟුරු, සුදු ළූණු

කරපිංචා

රස අනුව ලුණු

වතුර අඬු කෝප්ප 2 ක්

 

සාදන ක්‍රමය

මාළු අවශ්‍ය ප්‍රමාණයට කපා සෝදා ගන්න. ගොරකා, ගම්මිරිස්, ඉඟුරු, සුදු ළූණු, කුරුඳු පොතු, කරපිංචා රස අනුව ලුණු දමා හොඳින් අඹරා ගන්න. මේ සියල්ල මාළු ඇතිළියට දමා හොඳින් අනා ගන්න. වතුර අඬු කෝප්ප 2 ක් දමා වතුර හිඳෙන තුරු තම්බා ගන්න.


 අල තෙම්පරාදුව

 

නිවෙසේ සාමාන්‍ය කෑම වේලකට අල කරි එකතු කර ගන්නා අවස්ථා ඕනෑ තරම්. එහෙත් උත්සව අවස්ථාවකට ගැළපෙනුයේ අල තෙම්පරාදුවක් ලෙසින්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අල කිලෝ ග්‍රෑම් 1 ක්

රට ළූණු ග්‍රෑම් 300 ක්

රම්පා, කරපිංචා

කෑලි මිරිසි කුඩු

කහ කුඩු

රස අනුව ලුණු

සුදු ළූණු

අබ ස්වල්පයක්

බැදීමට තෙල්

 

සාදන ක්‍රමය

අල කැබැලිවලට කපා ගන්න. ගැඹුරු තෙලේ බැඳ ගන්න. ළූණු ද ගැඹුරු තෙලේ බැද ගන්න. (කර නොවන සේ) රම්පෙ, කරපිංචා තෙලේ බැදගන්න.

ඉන්පසුව කෑලි මිරිස් දමා යාන්තම් බැදගන්න. බී ළූණු දමා බැදගත් අල හා ලුණු කලවම් කර ගන්න.


  පරිප්පු තෙම්පරාදුව

 

පරිප්පු නැති හෝටලයක් නැහැ කියනවානෙ. ඒ වගේමයි පරිප්පු නැති කෑම මේසෙ ගතියකුත් නැහැ. ඕනෑම කෙනෙක් පරිප්පු රසයට රුචිකත්වයක් දක්වනවා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

පරිප්පු ග්‍රෑම් 600 ක්

ලූණූු ග්‍රෑම් 50 ක්

අමු මිරිස් කරල් 3 , 4 ක්

රම්පෙ, කරපිංචා

සුදු ළූණු

මිරිස් කුඩු මේස හැඳි 1 ක්

කහ කුඩු තේ හැඳි 1/2 ක්

තුන පහ තේ හැඳි 1 ක්

අබ තේ හැඳි 1ක්

තෙල් මේස හැඳි 2 ක්

 

සාදන ක්‍රමය

පරිප්පුු හොඳින් සෝදා ගන්න. වතුර කෝප්ප 1/2 ක් දමා ළූණු, අමු මිරිස්, කරපිංචා, මිරිස් කුඩු, කහ, තුන පහ දමා උයාගන්න.

තැම්බුණු පසු වෙනත් භාජනයක් ලිප තබා තෙල් නටන විට අබ ටික දමන්න. ඉන්පසු සුදු ළූණු, ළූණු දමා බැදගන්න. පසුව තම්බාගත් පරිප්පු එකතුකර කලවම් කරගන්න.


   බෝංචි තෙම්පරාදුව

 

ආහාරයක රසය දිවට දැනීමට ප්‍රථම නෙතට දැනෙන ආකර්ෂණයත් එක්තරා රසයක්. එබැවින් කෑම මේසයට විවිධ වර්ණයෙන් යුත් ආහාර එකතුවිය යුතුයි. කොළ පැහැති බෝංචි තෙම්පරාදුව මෙයට කදිම විසඳුමකි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

බෝංචි ග්‍රෑම් 750 ක්

අමු මිරිස් කරල් 3 ක් 4 ක්

කෑලි මිරිස් මේස හැඳි 2 ක්

කහ කුඩු ස්වල්පයක්

රස අනුව ලුණු

රම්පෙ, කරපිංචා

කපාගත් තක්කාලි ග්‍රෑම් 150 ක්

අබ ස්වල්පයක්

උම්බලකඩ මේස හැඳි 1 ක්

සුදු ළූණු බික් 2 ක්

 

සාදන ක්‍රමය

බෝංචි අඟලේ කැබලිවලට කඩා හෝ කපා ගන්න. තෙල් භාජනයක් ළිප තබා අබ දමන්න. ඉන්පසුව සුදු ළූණු, ළූණු, තක්කාලි, අමුමිරිස්, උම්බලකඩ දමා රත්වෙන්නට තබන්න. මේ මිශ්‍රණයට බෝංචි දමා කලවම් කරගන්න. රස අනුව ලුණු සහ කහ කුඩු දමා නැවත හොඳින් මිශ්‍රකර ගන්න.


  

චිකන් කරිය

 උත්සව අවස්ථාවක් සඳහා සැකසෙන කෑම මේසය රස ගන්වන්න කුකුළු මස් කරිය විශේෂයි.

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුළු මස් කිලෝ ග්‍රෑම් 1ක්

ලියාගත් ළූණු

කරි කුඩු මේස හැඳි 2 ක්

සියඹලා යුෂ කෝප්ප 1/2ක්

ගම්මිරිස් මේස හැඳි 1ක්

ලුණු රස අනුව

තෙල් කෝප්ප 1/2 ක්

සුදු ළූණු, ඉඟුරු මේස හැඳි 2 ක්

රම්පෙ, කරපිංචා

කුරුඳු පොතු

කරඳමුංගු

කරාබු නැටි

 

සාදන ක්‍රමය

භාජනයක් ළිප තබා තෙල් රත් වූ විට ළූණු, සුදු ළූණු, ඉඟුරු, කුරුඳු පොතු, කරාබු නැටි පිළියෙල කර ගෙන සියල්ල රන්වන් පාට වෙනතුරු බැදගන්න.

ඉන්පසු මිරිස් කුඩු, කරි කුඩු, ගම්මිරිස් දමා කලවම් කර සෝදා ගත් මස් සහ සියඹලා දමා හොඳින් තම්බා ගන්න.


 

 කට්ලට්

   කට්ලට් එකක රස විඳින්න කවුද අකැමැති ?පොඩිත්තෝ නම් විශේෂයෙන් කැමැතියි. උත්සව අවස්ථාවලදී කට්ලට් රසයට විශේෂ ඉල්ලුමක් හිමි වේ.

 අවශ්‍ය ද්‍රව්‍ය

මාළු ග්‍රෑම් 200 ක්

තම්බාගත්

පොළොස් ග්‍රෑම් 100 ක්

තම්බාගත් අල ග්‍රෑම් 100 ක්

සිහින්ව කපාගත්

ළූණු ග්‍රෑම් 100 ක්

මිරිස් කරල් 3, 4 ක්

දෙහි යුෂ තේ හැඳි 1 ක්

කරඳමුංගු කුඩු ස්වල්පයක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1 1/2 ක්

රස අනුව ලුණු කුඩු

බිස්කට් කුඩු

පාන් පිටි අවශ්‍ය පමණ දමා එයට ලුණු සහ කහ කුඩු දමා බැටරයක් සාදා ගන්න.

 

සාදන ක්‍රමය

මාළු ලුණු ගොරක දමා තම්බා ගන්න.

තම්බා ගත් මාළු පොඩිකර අල ද තම්බා පොඩිකර ගන්න. පොලොස් ද තම්බා පොඩිකර ගන්න. ළූණු, මිරිස් තෙම්පරාදු කරගන්න. දැන් පොලොස් අල සහ ළූණු එකතු කර ගන්න. තෙම්පරාදු වන විට මෙයට මාළු ද එකතු කර ගන්න. ළිපෙන් බා නිවුණු පසු ගම්මිරිස්, ලුණු එකතුකර හොඳින් කලවම් කරගන්න.

මෙම මිශ්‍රණයට දෙහි ද එකතුකර බෝල සාදා ගන්න. එය සකසාගත් බැටරයේ තවරා බිස්කට් කුඩුවල දවටා බැදගන්න.


  

බටු මෝජුව

 

 හැමදාමත් විවිධ රසයට ආහාරයට එකතුකර ගන්න බටු මෝජුවක් ලෙසයි අපි විශේෂ අවස්ථාවක දී සකස්කර ගනු ලබන්නේ. හරිම පහසුවෙන් පිස ගන්නත් පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

වම්බටු කිලෝග්‍රෑම් 1 ක්

අමු මිරිස් ග්‍රෑම් 75 ක්

නැට්ට භාගයට කපා වෙන් නොවන සේ පළාගත්)

රතු ළූණු ග්‍රෑම් 500 ක්

තෙල් අඬු කෝප්ප

විනාකිරි අඬු කෝප්ප 1/4 ක්

සුදු ළූණු තේ හැඳි 2 ක් (අඹරාගත්)

ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ක්

කහ කුඩු තේ හැඳි 1/2 ක්

අබ මේස හැඳි 3

සීනි මේස හැඳි 1

අබ මෝජු මිශ්‍රණය මේස හැඳි 3 ක්

ලුණු ස්වල්පයක්

 

සාදන ක්‍රමය

වම්බටු බැද ඉවීමට ගන්නා ආකාරයට තීරු කපා ගැඹුරු තෙලේ රන්වන් පැහැ වන තෙක් බැදගන්න.

ළූණු, අමුමිරිස් විනාඩියක් පමණ තෙලේ බැදගන්න. වම්බටු ළූණු, අමුමිරිස්, විනාකිරි හා අනෙකුත් සියලු දේ එකට එක්කොට දමා එයට විනාකිරි ඇති පමණ දමන්න. වම්බටු, ළූණු, අමුමිරිස් කළවම්කර පිරිසුදු භාජනයක අහුරා දවසකට පසුව කෑමට ගන්න.


 

කජු මාලුව

පෝෂණ ගුණයෙන් අනූන කජු අපි විවිධ ආකාරයට ආහාරය සඳහා යොදාගන්නවා. අමුත්තන්ට සංග්‍රහ කිරීමේ දී කජු මාලුවක් ලෙසින් පිසගත හැකියි. ඕනෑම කෙනෙක්ට ආහාර රුචිය වඩන ව්‍යංජනයකි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

කජු ග්‍රෑම් 750 ක්

රතු ළූණු ග්‍රෑම් 100 ක්

අමු මිරිස් කරල් 4, 5 ක්

කහ කුඩු තේ හැඳි 1/2 ක්

මිරිස් කුඩු තේ හැඳි 2 ක්

තුන පහ කුඩු තේ හැඳි 2 ක්

බැදපු තුන පහ කුඩු තේ හැඳි 1 ක්

රම්පෙ, කරපිංචා

දියකිරි කෝප්ප 2 ක්

මිටිකිරි කෝප්ප 2 ක්

 

සාදන ක්‍රමය

කජු උණු වතුර දමා පැය 4, 5ක් පෙඟෙන්න දමන්න. ඉන්පසු පියළි වෙන්කර හොඳින් සෝදන්න. සෝදාගත් කජුවලට කහ කුඩු, තුන පහ, මිරිස් කුඩු සියල්ල අවශ්‍ය පමණ එකතු කරන්න. එයට කපාගත් අමු මිරිස්, රතු ළූණු, රම්පෙ, කරපිංචා දමන්න. දැන් දියකිරි දමා පිසගන්න. මඳ වේලාවකින් මිටිකිරි දමා මඳගින්නේ පිසගන්න. පසුව බැදපු තුන පහ එකතුකර ගන්න.


 සිංහල අච්චාරු

 

අච්චාරු තරමක් උෂ්ණාධික සැර ආහාරයක් ඒත් ඉතිං විශේෂ අවස්ථාවක කෑම මේසය අපූරුවට හැඩ කරන්න අච්චාරුවක් ඕනෙමයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ගස්ලබු ගෙඩියක්

රතු ළූණු ග්‍රෑම් 200 ක්

අමු මිරිස් ග්‍රෑම් 100 ක්

කැරට් ග්‍රෑම් 200 ක්

ගම්මිරිස් මේස හැඳි 2 ක්

ලුණු තේ හැඳි 2ක්

අබ තේ හැඳි 2 ක්

කුරුඳු පොතු කැබැල්ලක්

සුදු ළූණු, ඉඟුරු කැබැල්ලක්

මුරුංගා පොතු කැබැල්ලක්

සීනි මේස හැඳි 1 ක්

විනාකිරි මිලිලීටර් 300 ක්

 

සාදන ක්‍රමය

ගස්ලබු සහ කැරට් සිහින්ව කපා ගන්න. අමුමිරිස් දෙකට පළා ගන්න. රතු ළූණු අවශ්‍ය නම් දෙකට කපාගන්න. මේ සියල්ල කහ සහ ලුණු මිශ්‍ර උණුවතුර මිශ්‍රණයක දමා ඉක්මනින් බාගන්න. මඳ වේලාවක් නිවෙන්නට තබන්න. අනෙක් සියලුම ද්‍රව්‍යයන් වෙන වෙනම විනාකිරෙන් අඹරා ගන්න. දැන් මැටි බඳුනක් ගෙන විනාකිරෙන් අඹරාගත් ද්‍රව්‍ය කලවම් කරගන්න. රස අනුව ලුණු ද මිශ්‍ර කරන්න. ඉන්පසුව කපාගත් සියල්ල කලවම් කර මැටි භාජනයක අහුරා තබන්න.

 


 

ඉස්සන් අච්චාරු

 

ඔබ ඉස්සන් අච්චාරු රස විඳ තිබේද? කටට රසට කන්න කැමැති කොයි කවුරුත් මේකට නම් කැමැතියි. විශේෂයෙන් පොඩිත්තෝ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ඉස්සන් ග්‍රෑම් 500 ක්

සිහින්ව කපාගත් රතු ලූනු ග්‍රෑම් 200 ක්

හතරට පළාගත් අමු මිරිස් ග්‍රෑම් 50 ක්

විනාකිරෙන් අඹරාගත් අබ තේ හැඳි 2 ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්

විනාකිරි මේස හැඳි 3 ක්

සීනි තේ හැඳි 1/2 ක්

මුරුංගා කොළ ග්‍රෑම් 10 ක්

බැද ගැනීමට තෙල්

කපාගත් තක්කාලි ගෙඩි 1 ක්

 

සාදන ක්‍රමය

ඉස්සන් පොතු හැර ලුණු වතුරෙන් සෝදා ගන්න. තෙල් ළිප තබා රත් වූ විට ඉස්සන් විනාඩි 2 - 3 ක් පමණ බැද ගන්න. වෙනත් මැටි වළඳක් ළිප තබා එයට රතුලූනු, අමු මිරිස්, විනාකිරි, අබ, ගම්මිරිස්, මුරුංගා කොළ සහ අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා හොඳින් පිසගන්න. එයටම බැදගත් ඉස්සන් එකතුකර මිශ්‍ර කරගන්න.

-http://tharunie.lk/-

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jan 2018 01:26 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jan 2018 01:26 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jan 2018 01:26 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
16 Jan 2018 04:00 AM
දෙල් නම් මොන ආකාරයට හැදුවත් රසයි...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jan 2018 05:29 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jan 2018 06:00 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jan 2018 06:00 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jan 2018 06:00 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jan 2018 06:00 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jan 2018 05:53 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jan 2018 05:53 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Jan 2018 03:09 AM
නෙස්කැෆේ කේක් එකනං හදන්න ලේසියි වගේ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Jan 2018 05:23 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Jan 2018 05:23 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Jan 2018 05:24 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Jan 2018 05:25 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Jan 2018 04:43 PM

හරියටම ඉස්‌සෝ ඩෙවල් හදන්න දන්නවාද?


prons134

බොහෝ දෙනා ඉස්‌සන් ආහාරයට ගැනීමට ප්‍රිය කරති. ඉස්‌සන්ගෙන් විවිධ ආකාරයට කෑම වර්ග සකස්‌ කර ගැනීමට උත්සාහ කරති. ඉස්‌සන් ඩෙවල් ජනප්‍රිය කෑමකි. කුඩා දරුවෝ මෙන්ම වැඩිහිටියන්ද ඉස්‌සන් ඩෙවල්වලට දක්‌වන කැමැත්ත නිසාම ඉස්‌සන් ඩෙවල් සෑදීමට උත්සාහ කරන ගෘහණියෝ නිසි පදම ගැනීමට නොහැකිව ලතැවෙන අවස්‌ථා අනන්තවත් බව සැබෑවකි.
 
 රසට කන්න ඉස්‌සන්ගෙන් කෑම වර්ග කිහිපයක්‌ අද ඔබට පෙන්වා දී තිබේ.
 
 ඩෙවල් ප්‍රොaන්ස්‌ (ඉස්‌සො ඩෙවල්)
 
 අවශ්‍ය ද්‍රව්‍ය
 
 ඉස්‌සෝ ග්‍රෑම් 500 (තම්බා ගන්න)
 
 බටර් හෝ මාගරින් මේස හැඳි 1
 
 කෝප්ප එකක්‌ හීන්ව ලියා ගත් ලොකු ලූනු
 
 කෝන් පිටි මේස හැඳි 1
 
 තක්‌කාලි සෝස්‌ මේස හැඳි 4
 
 කුඩාවට කපා ගත් පාස්‌ලි මේස හැඳි 1
 
 ගම්මිරිස්‌ කුඩු අවශ්‍ය පමණ
 
 ලුණු අවශ්‍ය පමණ
 
 මිරිස්‌ කුඩු අවශ්‍ය පමණ
 
 තක්‌කාලි ගෙඩියක්‌ දෙකක්‌
 
 සාදා ගන්නා ක්‍රමය - ගම්මිරිස්‌, ලුණු, සෝස්‌, මිරිස්‌ කුඩු එකට මිශ්‍ර කරන්න. බටර් හෝ මාගරින් ළිප තබා රත් වූ විට කපා ගත් පාස්‌ලි දමන්න. පසුව ඉස්‌සන් දමන්න. ඉහත මිශ්‍ර කර ගත් ගම්මිරිස්‌ මිශ්‍රණය ඉස්‌සන්ට දමා හොඳින් මිශ්‍ර කරන්න. අවසානයට කෝන් පිටි ඇල් වතුර මේස හැඳි දෙකක දිය කර ඉස්‌සන් වෑංජනයට දමන්න. උකු ගතියක්‌ ගැනීමට කෝන් පිටි භාවිත කරනු ලැබේ.
 
 ස්‌වීට්‌ ඇන්ඩ් සවර් ප්‍රොaන්ස්‌
 
 අවශ්‍ය ද්‍රව්‍ය - ඉස්‌සන් ග්‍රෑම් 500 (පොතු හැර එයට (සෙයට්‌ ඔයිල් සම්) තල තෙල් තේ හැඳි 1/4 සහ සෝයා සෝස්‌ මේස හැඳි 1 ක්‌ සමග ලුණු, ගම්මිරිස්‌ දමා මිශ්‍ර කර ගන්න. එය පසෙකින් තබන්ත. පැය 1/4 තැබීම ප්‍රමාණවත්.
 
 බැටර් එක සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය
 
 පිටි මේස හැඳි 4
 
 කෝන් පිටි මේස හැඳි 2
 
 බේකිං පවුඩර් තේ හැඳි 1
 
 මේවා හොඳින් මිශ්‍ර කර එය වතුර ස්‌වල්පයක්‌ දමා උකු ද්‍රdවණයක්‌ සාදා ගන්න. ඉන්පසු පසෙකින් තබා ගත් ඉස්‌සන් එකින් එක සාදා ගත් බැටරයේ බහා හොඳින් එය තවරා ගැඹුරු තෙලේ බැද ගන්න.
 
 දැන් ස්‌වීට්‌ ඇන්ඩ් සවර් ප්‍රොaන්ස්‌ සාදා ගනිමු
 
 * ලොකු ලූනු ගෙඩිය හයකට පමණ පලා ගන්න.
 
 * තක්‌කාලි අඟල් 1/2 පමණ කුට්‌ටි කපන්න.
 
 * අන්නාසි තරමක කෑලිවලට කපන්න.
 
 * රතු පාට අමු මිරිස්‌ කරල් 2 ක්‌ කොටුවලට කපන්න.
 
 * බෙල්පෙපර් කොළ පාට ගෙඩියක්‌ අඟලේ කෑලිවලට කපන්න. (හැකි නම් මාළු මිරිස්‌ වුව ප්‍රමාණවත් වේ.)
 
 බෙල්පෙපර් සුපිරි වෙළෙඳසැල්වලින් මිලදී ගත හැක.
 
 * තක්‌කාලි සෝස්‌ මේස හැඳි 6
 
 * සීනි මේස හැඳි 4
 
 * විනාකිරි මේස හැඳි 4
 
 * වතුර හෝ මස්‌ තම්බා ගත් වතුර
 
 * මේස හැඳි 6 (සුප්කැටවලින් වුව ගත හැක)
 
 * ඔසිස්‌ටර් සෝස්‌ හැඳි 1
 
 * තෙල් මේස හැඳි 1
 
 * කෝන් පිටි මේස හැඳි 1
 
 සාදන ක්‍රමය - තෙල් මේස හැඳි එක බඳුනකට දමා එය ළිප තබා එයට තක්‌කාලි, ලොකු ලූනු, කපා ගත් අන්නාසි, මිරිස්‌, කොළ පාට බෙල්පෙපර් දමා මද ගින්නේ බැදෙන විට බැද ගත් ඉස්‌සන් දමා එකට මිශ්‍ර කර ගත් මිශ්‍රණය දමා ඉතිරි සියලු දේ එක්‌ කර උතුරුවා ගන්න. අවසානයට කෝන් පිටි මේස හැඳි එක වතුර මේස හැඳි 2 ක දිය කර වෑංජනය උකු කර ගැනීම සඳහා දමන්න.
 
 පොලෙන්ටා
 
 අවශ්‍ය ද්‍රව්‍ය -
 
 රුලං කෝප්ප 1 (බැද ගත්)
 
 උකු කිරි කෝප්ප 1
 
 පොඩියට කපා ගත් ඉස්‌සන් (තම්බා ගත්)
 
 ග්‍රෑම් 100
 
 අවශ්‍ය පමණ ලුණු
 
 කිරි රත් කර රුලං දමා හැඳි ගාන්න. එයට ඉස්‌සන් එකතු කර ලුණු දමා රස්‌සනය තිබියදීම ගුලි සාදා ගන්න. මෙය පැණි රසට කෑමකි. සැරට කන්නට කැමැති අයට ඉහත මිශ්‍රණයට ගම්මිරිස්‌, මිරිස්‌ කුඩු එක්‌ කර සැරට සාදා ගත හැක.
 
  ප්‍රවීණ සූපවේදිනී සහ
 කේක්‌ නිර්මාණ ශිල්පිනී
 පුෂ්පා නිශ්ශංක
 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Jan 2018 01:38 AM
මේක හරියට හදාගන්න ලුණු එහෙම වැඩි කර ගත්තොත් මලා තමයි
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Jan 2018 06:06 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 43 of 77 << < 4142434445 > >>