You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 54 of 77 << < 5253545556 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Apr 2018 05:52 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Apr 2018 05:52 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Apr 2018 05:52 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Apr 2018 06:10 PM

හවායන් ස්මූදි

අවශ්‍ය ද්‍රව්‍ය
 
මිරිකාගත් අන්නාසි යුෂ 
මිලි ලීටර් 200
උකු ‍පොල් කිරි මිලි ලීටර් 25
අයිස් කැට කීපයක් 
රසට අනුව සීනි
ග්‍රේට් කරගත් චොක්ලට් ටිකක්
 
සාදන ආකාරය 
 

අන්නාසි යුෂ, ‍පොල් කිරි, අයිස් කැට, සීනි දමා හොඳින් බ්ලෙන්ඩර් කර වීදුරුවලට දමන්න. ග්‍රේට් කරගත් චොක්ලට් උඩින් දමා පිළිගන්වන්න.

 

බ්ලු බෙරි ස්ප්‍රයිසර්

අවශ්‍ය ද්‍රව්‍ය
 
බ්ලූබෙරි ග්‍රෑම් 50
මින්චි කොළ කීපයක් 
දෙහි යුෂ මිලි. ලීටර් 25
සීනි මේස හැඳි 1
ස්ප්‍රයිට් බිම අවශ්‍ය තරමට 
අයිස් කැට ටිකක් 
 
සාදන ආකාරය 
 

බ්ලූබෙරි මින්චි කොළ  සෝදා දිය බේරාගන්න. දැන් බ්ලුබෙරි මින්චිකොළ, සීනි, අයිස්කැට දමා හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. දැන් ඔබ කැමති හැඩයේ විනිවිද පෙනෙන වීදුරුවක් ගෙන ඉන් අඩක් පිරෙන සේ බ්ලුබෙරි මිශ්‍රණය පුරවා ගන්න. දැන් ඉතිරි අඩ ස්ප්‍රයිට් දමා පිළිගන්වන්න. මින්චි කොළ ඉත්තක් සිහින් දෙහි පෙත්තක් වීදුරුවේ ගසා සරසා ගත හැකිය.

 

කැරට්, බිට් පානය

අවශ්‍ය ද්‍රව්‍ය
 
කැරට් අල 2යි, බිට් අල 2යි
දෙහි ගෙඩියක යුෂ 
සීනි මේස හැඳි 3
අයිස්කැට වීදුරු 1
වතුර වීදුරුවක් 
 
සාදන ආකාරය 
 

කැරට් සහ බිට් සෝදා කපා වෙන වෙනම බ්ලෙන්ඩර් කර සාරය වෙන් කරගන්න. දැන් ඒවා වෙන වෙනම සීනි, දෙහි එකතු කර බ්ලෙන්ඩර් කර ගන්න. දැන් විනිවිද පෙනෙන වීදුරු ගෙන එහි අඩියට අයිස් කැට දමන්න. වීදුරුවෙන් භාගයක් පිරෙන තුරු බිට් යුෂ දමන්න. ඉතිරි අඩ කැරට් යුෂ දමා පුරවා පිළිගන්වන්න.

 

පිපිඤ්ඤා මින්චි පානය

අවශ්‍ය ද්‍රව්‍ය
 
පිපිඤ්ඤා ගෙඩියක ‍පොතු ඇට, මදය ඉවත්කර සුදුපාට කොටසින් ග්‍රෑම් 500
සීනි මේස හැඳි 4
දෙහි ගෙඩියක පමණ යුෂ 
මින්චි කොළ අහුරක් 
අයිස්කැට වීදුරු 3ක්
 
සාදන ආකාරය 
 

මේ සියල්ල එකට දමා බ්ලෙන්ඩර් කර සිසිල් ගතියෙන්ම පානය කරන්න.

 

දෙළුම් මීකිරි පානය

අවශ්‍ය ද්‍රව්‍ය
 
තරමක හොඳින් ඉදුනු ඇට රතුපාට දෙළුම් ගෙඩියක් 
මුදවපු කිරි අඬු කෝප්ප 4
අයිස්කැට අඬු කෝප්ප 1
සීනි රසට අනුව, ලුණු ස්වලප්යක් 
 
සාදන ආකාරය 
 

දෙළුම් ඇට ටික ඉවත් කරගෙන එයට වතුර ස්වල්පයක් දමා බ්ලෙන්ඩර් කර සාරය පෙරා ගන්න. දැන් මේ සාරයට මීකිරි, අයිස්. ලුණු, සීනි දමා බ්ලෙන්ඩර් කර ගන්න. උකු ගතිය වැඩිනම් වතුර එකතු කරගන්න.

 

ලෙමන් සැල්දිරි පානය

අවශ්‍ය ද්‍රව්‍ය
 
සැල්දිරි දඬු ග්‍රෑම් 150
දෙහි යුෂ වීදුරු 3
සීනි රසට අනුව 
ලුණු ටිකක් 
අයිස් කැට වීදුරු 1යි
වතුර වීදුරු 2යි
මින්චි කොළ අහුරක් 
 
සාදන ආකාරය 
 

සැල්දිරි නටු සෝදා සිහින්ව කපා ගන්න. දැන් මේ සියල්ල බ්ලෙන්ඩරයක දමා හොඳින් අඹරා පෙරා ගන්න.

 

ග්‍රීන් ස්මූදි

අවශ්‍ය ද්‍රව්‍ය
 
හොඳින් ඉදුනු 
අලිගැටපේර ගෙඩියක් 
මීකිරි අඬු කෝප්ප 1/2
නැවුම් කිරි වීදුරුවක් 
සීනි ස්වල්පයක් 
අයිස් කැට කීපයක් 
 
සාදන ආකාරය 
 

මේ සියල්ල එකට දමා හොඳින් බ්ලෙන්ඩර් කර සිසිල්ව පිළිගන්වන්න.

 

ස්ට්‍රෝබෙරි ස්මූදි

අවශ්‍ය ද්‍රව්‍ය
 
ස්ට්‍රෝබෙරි ගෙඩි 10ක්
ස්ට්‍රෝබෙරි රසැති 
අයිස්ක්‍රීම් මේස හැඳි 3
නැවුම් කිරි වීදුරුවක් 
අයිස් කැට කීපයක් 
සීනි ස්වල්පයක් 
 
සාදන ආකාරය 
 

ස්ට්‍රෝබෙරි සෝදා ගන්න. ඉන් ගෙඩි 8ක් පමණ අයිස්ක්‍රීම් කිරි, අයිස් කැට, සීනි දමා හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. දැන් වීදුරු වලට දමා ඉතිරි ස්ට්‍රෝබෙරි ඉතා කුඩාවට කපා උඩින් කැබැලි දමා පිළිගන්වන්න.

 

 

 

 

 

 

 

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Apr 2018 04:23 PM

දිව පිනවන දේශීය ආහාර වට්ටෝරු

මදාරා මුදලිගේ

සිංහල අලුත් අවුරුද්ද ගෙවී යනවාත් සමඟම නිවෙස්වලට පැමිණෙන අමුත්තන්ගේද අඩුවක් නැත. සෑම වසරකම ඒකාකාරී ආහාරවලින් අමුත්තන් සතුටු කරනවා වෙනුවට මෙවර සුවිශේෂී වූ, පහසුවෙන් සකස් කර ගත හැකි දේශීයත්වයට නැඹුරු ආහාර වේලකින් අමුත්තන්ට සංග්‍රහ කිරීමට හැකි නම් වඩාත් යෝග්‍ය වේ. එවිට පැමිණෙන අමුත්තන්ට ද විශේෂ සතුටක් දැනෙනු ඇත. පහත දැක්වෙන්නේ මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලයේ දී ඔබගේ නිවසට පැමිණෙන අමුතන්ට සංග්‍රහයට සුදුසු වෙනස්ම ආකාරයේ දිව පිනවන දේශීය ආහාර වට්ටෝරු කිහිපයකි.

 දොඩම් සරුවත්

පළමුව දොඩම් යුෂ , සීනී සිරප්,ජලය,කසකසා ඇට වැනිලා එකට එක්කර හොදින් මිශ්‍ර කර ගත යුතු ය.ඉන් පසු අයිස් කැටයක් පොඩිකර දමා විනාඩි කීපයක් තිබෙන්නට හැර පානය සදහා ගත හැක.සීනීවලට වතුර අඩුවෙන් යොදා උකු පැණියක් සේ උණු කර ඊට කැමති එසන්ස් වර්ගයක් සහ වර්ණ කාරකයක් යොදා සීනී සිරප් සාදා ගැනීමට පුළුවන. නූතන ජන සමාජයේ ජනප්‍රිය පානයක් වන සරුවත් ,අධික පිපාසය සමනය කිරීමේ ගුණයෙන් යුක්ත ය.

 

ගිතෙල් බත

ප්‍රථමයෙන්ම හාල් ගරා සෝදා පසෙකින් තබා ගත යුතු ය.පසුව බඳුනට එළඟිතෙල් දමා රත් කර රතු ලූණූ , රම්පේ,කරපිංචා දමා බැද ගැනීම කළ යුතු ය.එයට ම හාල් එකතු කොට අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා කරදමුංගු,කරාබුනැටි,කුරුඳු පොතු තලා පොට්ටනියක් බැඳ බත හා තැම්බෙන්නට ඉඩ හැරිය යුතු ය.ලියා ගත් බී ලූණු ,කජු , සුල්තානා ගැඹුරු තෙලේ බැඳ ගැනීම කළ යුතු ය.වතුර නො පෙරා බත මඳ ගින්නේ පිසෙන්නට හැර කුළු බඩු පොට්ටනිය ඉවත් කළ යුතු ය.පිසුණ බත බඳුනකට දමා බැඳ ගත් ලොකු ලූණූ , කජු , සුල්තානා,බත මත අතුරා අලංකාර කර ගත යුතු ය. පෝෂක පදාර්ථ රාශියක් අන්තර්ගත ගිතෙල් බත ගැබිණි මව්වරුන්ට විශේෂයෙන් ගුණදායක වන අතර ලොකු, කුඩා හැම දෙනට යෝග්‍ය බත් වර්ගයකි.

 

බහුදින මාළු ව්‍යංජනය

පළමුව මාළු කෑලි සෝදා දිය බේරෙන්නට තියා ගෙන එයට ගොරක,ගම්මිරිස්,ඉගුරු,සුදු ලූණු, වෙන වෙනම අඹරා ගත යුතු ය.රම්පේ,කරපිංචා, හීනියට ලියා කබලෙන් බැද කුඩු කර ගත යුතු ය.ඉන් පසු මෙම ද්‍රව්‍ය මිරිස් කුඩු, තුනපහ කුඩු සමග එක්තැන් කොට ලුණු වතුරෙන් තරමක උකු ද්‍රාවණයක් සාදා ගෙන එය පිසින බඳුනට දමා මාළු කෑලි එම ද්‍රාවණයේ ගිල්විය යුතු ය.ඉන් පසු ළිප තබා තරමක් සැර ගින්නේ පිසෙන්නට හැර හැඳි නොගා විටින් විට බඳුන සොළවමින් මද ගින්නේ ඉස්ම හිදෙන තුරු පිසෙන්නට හැරිය යුතු ය.ඉන් පසු මෙම බහුදින මාළු ව්‍යාංජනය සතියක් වුව ද කල් තබා ගැනීමට පුළුවන. බහුදින ගමන් බිමන් හා චාරිකාවලදී බෙහෙවින් ප්‍රයෝජනවත් මෙම බහුදින මාළු ව්‍යංජනයේ ප්‍රෝටීනමය ගුණය ඉහළ අගයක් ගනී.

 

කූනිස්සන් සම්බෝලය

පොල් ගෙඩියක් ගා ගත යුතු ය.කූනිස්සන් සෝදා දිය බේරෙන්නට තියා ගත යුතු ය.ඉන් පසු වියලි මිරිස්,රතුලූණු,ලුණු කැට ප්‍රථමයෙන් ගලේ අඹරා , දෙවනුව පොල් ගෙඩියෙන් ගා ගන්නා ලද පොල් අඹරා හොදින් මිශ්‍ර කර පසෙකින් තියා ගත යුතු ය.ඉන් පසු උම්බලකඩ,රම්පේ,කරපිංචා ලියා සියල්ල හොදින් කළවම් කර ළිප තබා කාල් ගාමින් මද ගින්නේ සුවද හමන තෙක් පදමට මළවා ගත යුතු ය.ඉනික්බිති සම්බෝලය බා ගෙන නිවුණු පසු දෙහි ඇඹුල් මිශ්‍ර කර කෑමට ගත හැක. ප්‍රසන්නතාවයකින් යුතු කූනිස්සන් සම්බෝලය ආහාර රුචිය වඩවන ගුණයෙන් පොහොසත් ය.

 

බිලිං අතුරුපස

බිලිං නටු ඉවත් කර සෝදා දිය බේරෙන්නට තියා ගත යුතු ය.ඊළගට වතුර නොදමා තැම්බිය යුතු ය.එවිට බිලිංවල ඇති වතුර පිටවේ.එම වතුර පෙරා සීනී ග්‍රෑම් 250 ක් දමා පැණි උණුකර බිලිංවලට දමා වසා තබා පසු දා යළි තැම්බිය යුතු ය.එවිට ද ජලය පිටවේ.එම ජලය ද පෙරා ගෙන සීනී ග්‍රෑම් 250 ක් දමා පැණි උණුකර බිලිංවලට දමා වසා තැම්බිය යුතු ය.පසුවදාත් බිලිං තම්බා වතුර පෙරා සීනී ග්‍රෑම් 250 ක් දමා පැණි උණුකර බිලිංවලට දමා වසා තැම්බිය යුතු ය.පසුව දා බිලිං තම්බා ඉතිරිවන වතුර ද රැගෙන සිනී ග්‍රෑම් 250 ක් දමා බුබුළු දමන පදමට පැණි උණුකර බිලිංවලට දමා බෝතලයක අසුරා ගත යුතු ය.මෙය පැරණි ක්‍රමයකි.කල් තබා ගැනීමට ද පුළුවන.

මෙලෙස සකස් කරන බිලිංවලට ගැමියෝ බිලිං මුද්දරස්පලම් කියා ද හඳුන්වනු ලබති .විටමින් සී,කැල්සියම්,පොස්පරස් අන්තර්ගතව ඇති මෙම අතුරුපස දිව පිනවන රසයෙන් අනූන ය.

උපදෙස් - ගිරිඋල්ල රිල්ලොලුවේ ලීලා රාජපක්ෂ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Apr 2018 06:05 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Apr 2018 06:05 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Apr 2018 06:06 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Apr 2018 06:06 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Apr 2018 08:27 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
20 Apr 2018 10:28 PM
ගොරකා දඩමස් කියන්නේ කන්න පුළුවන් දෙයක්ද?
ගොරකා විතරයි නේද තියෙන්නේ...
0

Jaani
Basic Member
Basic Member
Posts:285






--
21 Apr 2018 11:09 AM
ගොරකා දඩමස් කන්නේ කොහොමද අප්පා.මම හිතුවේ දඩමස් ගොරකා දාලා උයලා කියලා
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
21 Apr 2018 08:34 PM
මාත් මුලින් හිතුවේ ජානි නංගී හිතපු විදියමයි...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Apr 2018 05:00 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Apr 2018 05:00 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Apr 2018 05:00 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Apr 2018 06:17 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Apr 2018 06:18 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Apr 2018 06:18 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Apr 2018 06:18 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 54 of 77 << < 5253545556 > >>