You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 73 of 77 << < 7172737475 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Oct 2018 06:36 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Oct 2018 06:36 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Oct 2018 06:36 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Oct 2018 07:36 PM
අම්මෝ ඒවයි රස 😋😋
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Oct 2018 07:03 AM

සෝයා සීනි සම්බල්

අවශ්‍ය ද්‍රව්‍ය
සෝයාමීට් 100g
බී ලූනු 500g
කෑලි මිරිස් 25g
අඹරා ගත් ඉගුරු සුදුලූනු තේ හැ`දි දෙකයි
රම්පේ/ කරපිංචා
කුරුදු පොතු කැබැල්ලක්
එනස⁣ල් කරල් 6ක්
කරාඹුනැටි 3ක්
පොල් තෙල් 1/4

සාදන ආකාරය
සෝයා මීට් වංගෙඩියක ආධාරයෙන් හෝ බ්ලෙන්ඩරයක ආධාරයෙන් ඉතා කුඩා කැබලි සිටින සේ කුඩු කරගන්න. ඉන්පසු උණුුවතුරට දම⁣ා පොගවා මිරිකා ගන්න. දැන් හො`දින් රත් වූ තෙලට දමා ගැඹුරු තෙලේ බැද පසෙකින් තබන්න. වෙනම බාජනයකට තෙල් මේස හැදි තුනක් පමණ එක්කොට රත්වන විට ඉගුරු සුදුලූනු රම්පෙ කරපිංචා එක් කරන්න. රන්වන් පාටට එන විට ලියා ගත් බී ලූනු එක් කරන්න. බී ලූණු මැලවෙන විට එයට කුරුද එනසාල් කරාබුනැටි එක් කොට රස අනුව ලූ‍ණුද, සියඹලා ඉස්ම මේස හැදි දෙකක්ද කෑලි මිරිස් එක් කරන්න. හොදින් කලවම් කොට එයට බැදගත් සෝයා එක් කරන්න. අවසානයට සීනි මේස හැ`දි හතරක් එක්කොට හොදින් කලවම් කොට ලිපෙන් බා ගන්න.

 

කොහිල කළුපොල් ව්‍යංජනය


අවශ්‍ය ද්‍රව්‍ය

අග⁣ල් 1x1ට පමණ
කොටු හැඩයට කපාගත්
කොහිල 500g
අඹරාගත් ඉගුරු
සුදුලූනු තේ හැදි 2
ලියා රත් රතුලූනු ගෙඩි දහයක්
පලාගත් අමු මිරිස් කරල් පහක්
තක්කාලි ගෙඩි දෙකක්
රම්පේ/ කරපිංචා
අ`ගලක පමණ සේර කැබැල්ලක්
රස අනුව ලූ‍ණු
බැදපු තුනපහ කුඩු මේස හැදි හතරක්
කහ කුඩු තේ හැදි 1/4
මිරිස් කුඩු මේස හැදි තුනක්
ගම්මිරිස් කුඩු තේ හැන්දක්
කුරුදු පොතු කැබැල්ලක්
එනසාල් කරල් පහක්
දිය කිරි අඩු කෝප්පයක්
මිටි පොල් කිරි අඩු කෝප්පයක්
පොල් තෙල්


සාදන ආකාරය
මුළින්ම තෙල් රත් කොට කොහිල රන්වන් පාටට බැද පසෙකින් තබන්න. වෙනම භාජනයකට තෙල් ස්වල්පයක් දමා රතුලූනු ඉගුරු සුදුලූනු රම්පෙ කරපිංචා එනසාල් දමා රන්වන් පාටවනවිට ඉතිරි සියලූ‍ දෑ දියකිරි සමග එක් කරන්න. කිරි උතුරන විට බැදගත් කොහිල හා උකු කිරි එක් කොට උතුරවා ලිපෙන් බා ගන්න.

 

බැදගත් කරපිංචා බත

අවශ්‍ය ද්‍රව්‍ය
සූදුරු සම්බාකිලෝ 1
එළඟිතෙල් මේස හැඳි 3
සිහින්ව කපාගත්,
ලොකු ලූනු ගෙඩි 3
අඹරාගත් ඉඟුරු සහ සුදුලූනු මේස හැඳි 2
අඟලක පමණ සේර කැබැල්ලක්
රම්පේ කැබැල්ලක්
එන්සාල් කරල් 5ක්
කරාබු නැටි 2ක්
කුරුඳු කැබැල්ලක්
තම්බාගත් ග්‍රීන් පීස් ග්‍රෑම් 200
කොළ පාට කලරිං බිංදු කීපයක්
ගැඹුරු තෙ‍ලේ බැදගත් හොඳින්
මේරූ කරපිංචා කොළ අඬු කෝප්ප 1/2
ගැඹුරු තෙ‍ලේ රටකජු ග්‍රෑම් 100
ලුණු රසට අනුව

සාදන ආකාරය
සහල් ගරා හොඳින් සෝදා දිය බේරාගන්න. එළඟිතෙල් ළිප තබා රත්වන විට ඉඟුරු සුදුලූනු සේර රම්පේ එන්සාල්, කරාබුනැටි, කුරුඳු‍පොතු සහ ලුණු දමා තෙම්පරාදු කරන්න. රන්වන් පාටට ඒමට පෙර සහල් සහ ලුණු එකතු කර වතුර දමන්න. බත උතුරා වතුර හිඳීගෙන එනවිට කොළ පාට කලරිං බිංදු කීපයක් බතේ තැනින් තැනට දමා කලවම් කරන්න. බත පීසු පසු බැදගත් කරපිංචා ග්‍රීන්පීස්, රටකජු කලවම් කර පිළිගන්න.

 

පුරවාගත් පතෝල

අවශ්‍ය ද්‍රව්‍ය
අඟල් තුනට පමණ කපාගත් පතෝල කැබලි 10ක්
අල 250g
බී ලූණු 100g
අමුමිරිස් 50g
ඉගුරු (අඹරා ගත්) තේ හැදි 01
සුදුලූනූ (අඹරා ගත්) තේ හැදි 01
රම්පේ/කරපිංචා
ගම්මිරිස් කුඩු තේ හැදි 2
රස අනුව ලූනු
කඩල පිටි 200g
මිටි පොල් කිරි අඩු කෝප්ප 01යි
පොල්තෙල් බෝ. 1/2යි

සාදන ආකාරය
අල තම්බා හො`දින් පොඩි කරගන්න. තෙල් ස්වල්පයක් ලිපතබා රත් වු පසු ඉගුරු සුදුලූණු බී ලූනූ රම්පෙ කරපිංචා දමා තෙම්පරාදු කර ගන්න. එයට තම්බා පොඩිකරගත් අල හා ලූණු ගම්මිරිස් එක්කොට කලවම් කර ලිපෙන් බා ගන්න. පතෝල එක් පැත්තකින් පමණක් පලා ඇට ඉවත් කර ගන්න. වතුර ටිකක් හො`දින් උතුරවා සුද්ද කරගත් පතෝල එයට දමා විනාඩි තුනක් පමණ තබා වතුර බේරෙන්නට තබන්න.  කඩල පිටි පොල්කිරි කහ සහ ලූ‍ණු ස්වල්පයක් සමග අනා උකු මිශ‍්‍රනයක් සදා ගන්න. හීනියට කපාගත් කරපිංචා හා කුඩු කරගත් සූදුරු කැබලි ස්වල්පයක්ද මෙම මිශ‍්‍රනයට එක් කිරීමෙන් වඩා රසවත් වේ.  දැන් පලාගත් පතෝල කැබලි තුළට අල මිශ‍්‍රණය පුරවා ඉරටු කැබැලි දෙකක දෙපසට ගසා සවි කරගන්න. මෙය පිටි මිශ‍්‍රණයේ ඔබා හොදින් රත්වූ තෙලේ රන්වන් පාට වනතෙක් බැද ගන්න.

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Oct 2018 04:24 PM




ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Oct 2018 05:29 PM
අපූරැ කෑම ටිකක්
ඉස්සරහට එන කෑම වලට දාන්න නම් කියෙනවද දන්නෙ නැ
ඒ තරමට කෑම වර්ග
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Oct 2018 07:24 PM
පොල් කේක් දැක්කම නම් කෙල ගිලෙනව
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
10 Oct 2018 04:36 PM
කෑම තොගයක්ම තියෙනව....
Udeshika Herath
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Oct 2018 11:11 AM







ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Oct 2018 06:03 PM
හම්මේ අද රස කෑම ගොඩ අතරෙ නම කියන්න බැරි කෑමකුත් ඇතේ
0

Jaani
Basic Member
Basic Member
Posts:285






--
12 Oct 2018 12:29 AM
හම්මේ පිස්සු හැදෙන කෑම වට්ටෝරුනේ අප්පා.බඩත් පිරුණා නොකාම
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Oct 2018 07:49 AM

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 Oct 2018 08:01 AM
කා⁣ගෙන කාගෙන යන්න හිතෙනව
Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Oct 2018 01:47 PM
හැමදාම මඥ්ඥොක්ක පෙත්තක් ගෙදර බැදල කන්න කියල හිතාගෙන ඉන්නවා තාම බැරි උනානේ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Oct 2018 03:35 PM
ඒක මට ලියන්න බෑනි
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Oct 2018 05:42 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Oct 2018 04:59 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Oct 2018 07:53 PM
කවුපි දාල කිරිබත් .....අදමයි ඇහැව්වෙ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Oct 2018 04:27 AM

මාළු බිත්තර හින්දුම



අවශ්‍ය ද්‍රව්‍ය
මාළු බිත්තර ග්‍රෑම් 500
මිරිස් කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/2
අමුතුනපහ කුඩු තේ හැඳි 1
රතුලූනු ගෙඩි කීපයක්
අමුමිරිස් කරල් 2-3ක්
තෙල් ටිකක්
කරපිංචා කිනිත්තක්
උකු ‍පොල් කිරි අඬු කෝප්පයක්

සාදන ආකාරය

මාළු බිත්තර දෙහි මිශ්‍ර වතුරේ පිලී යන ලෙස හොඳින් සෝදා ගන්න. තරමක කැබැලිවලට කපා ගන්න. තෙල් ටිකක් ළිප තබා එයට සුද්දකර ගත් ලූනු ගෙඩි පිටින් දෙකට පලාගත් අමුමිරිස්, කරපිංචා දමන්න. බැදීගෙන එනවිට මාළු බිත්තර කැබැලි, මිරිස්, තුනපහ, කහ දමන්න. මදගින්දරේ තරමක් බැදෙන්නට හරින්න. ‍පොල්කිරි, ලුණු එකතු කර හිදුවා ගන්න.

 

පුළුස්සා ගත් පරා මාළු

අවශ්‍ය ද්‍රව්‍ය

කිලෝ එකක් පමණ බර පරා මාළුවෙක්
රසට අනුව ලුණු කුඩු
රසට අනුව දෙහි යුෂ
ගම්මිරිස් කුඩු රසට අනුව
කැමති නම් මිරිස් කුඩු රස අවශ්‍ය තරමට

සාදන ආකාරය

මාළුවා කරමල් කොර‍පොතු ඉවත් කර හොඳින් පිලී ඉවත්ව යන ලෙස සෝදා ගන්න. දැන් මාළුවාගේ දෙපස තියුණු පිහි තුඩකින් ඉරි ගසා හොඳින් තෙත මාත්තු කර ගන්න. කුඩා භාජනයක් ගෙන එයට ලුණු, ගම්මිරිස්, දෙහි, අවශ්‍ය නම් මිරිස් කුඩු දමා හොඳින් මිශ්‍රකර තලපයක් සේ සාදාගන්න. දැන් මාළුවාගේ බඩවතට ඇඟට හොඳින් ගෑවෙන සේ තුනපහ තලපය අතුල්ලා ටික වේලාවක් තියෙන්නට හරින්න. දැන් මෙය ඇලුමිනියම් ෆොයිල් කඩදාසියකින් ඔතා දැවෙන අඟුරු මත විනාඩි 20ක් පමණ දෙපැත්ත දමා පුළුස්සා ගන්න.

 

ඉස්සන් මසාලා


අවශ්‍ය ද්‍රව්‍ය

ලොකු ඉස්සන් ග්‍රෑම් 500
ලොකුලූනු ගෙඩියක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 1
ඉඟුරු කැබැල්ලක්, අබ ඇට තේ හැඳි 1
සුදුලූනු බික් 3, උළුහාල් තේ හැඳි 1
විනාකිරි මේස හැඳි 2
වියළි මිරිස් කරල් 7-8ක්
තක්කාලි ගෙඩි 2ක්
ලුණු රසට අනුව, තෙල් ටිකක්
කහ කුඩු ටිකක්
කරපිංචා කිනිත්තක්

සාදන ආකාරය

ඉස්සන් ඔළු සහ ‍පොතු ඉවත් කර සෝදා දිය බේරා ගන්න. ගම්මිරිස්, අබ, සුදුලූනු, උළුහාල්, මිරිස්, ඉඟුරු, කහ, විනාකිරි වලින් අඹරා ගන්න. දැන් ලොකු ලූනු සහ තක්කාලි තීරු ලෙස කපා ගන්න. තෙල් ටිකක් ළිප තබා රත්වන විට ඉස්සන් දමා බැදෙන්නට හරින්න. බැදීගෙන එන විට ලූනු, තක්කාලි එකතු කරන්න. දැන් අඹරාගත් පේස්ට් එක සහ ලුණුද, වතුර, අඬු කෝප්ප 1/2 පමණද දමා හොඳින් මදගින්දරේ පිසගන්න.

 

වැව් මාළු අච්චාරු



අවශ්‍ය ද්‍රව්‍ය

වැව් මාළු ග්‍රෑම් 500
කුඩා රතු ලූනු ග්‍රෑම් 200
අමුමිරිස් ග්‍රෑම් 150
අබ ඇට මේස හැඳි 2
සුදුලූනු බික් 4යි
ගම්මිරිස් ඇට මේස හැඳි 1
කුඩා ඉඟුරු කැබැල්ලක්
විනාකිරි අඬු කෝප්ප 1/2ක්
ලුණු රසට අනුව
තෙල් අවශ්‍ය තරමට
කහ ස්වල්පයක්

සාදන ආකාරය

වැව් මාළුවල සම ගලවා දමා තරමක කැබැලි වලට කපා ලුණු, කහ අතගා ටික වේලාවක් තබා රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැද තෙල් බේරෙන්නට තබන්න. රතුලූනු සුද්දකර ගෙඩි පිටින්ම රත්වූ තෙලට දමා උණුං ගස්වා ගන්න. අමුමිරිස් ද වෙන් නොවන සේ දෙකට පලා උණුං ගස්වා ගන්න. ඉඟුරු, අබ, ගම්මිරිස්, සුදුලූනු, විනාකිරි  ටිකකින් අඹරා ගන්න.  දැන් මැටි බඳුනක් ගෙන එයට විනාකිරි අඹරාගත් මිශ්‍රණය, ලුණු දමා හොඳින් මිශ්‍රකර එයට බැදගත් ලූනු, අමුමිරිස් මාළු දමා ‍පොඩි නොවන සේ මිශ්‍රකර ගන්න. සුළං නොවදින සේ වසා තබා අවශ්‍ය වූ විටෙක කෑමට ගන්න.

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 73 of 77 << < 7172737475 > >>