Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 30 Nov 2018 10:24 AM by Udari කෑම පිටුව 1520 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 76 of 77 << < 7374757677 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 07 Nov 2018 10:51 AM වෙලාවකට මේ මොන කෑම ජාතිද කියල හිතෙනවා 0 chamaramindMost Senior MemberPosts:13471 07 Nov 2018 03:28 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Nov 2018 03:46 PM කොස් ඇට මිශ්‍ර වට්ටක්කා කරටි මාළුව අවශ්‍ය ද්‍රව්‍ය වට්ටක්කා කරටි - 3-4 ක් කොස් ඇට - 10ක් පමණ අමුතුනපහ කුඩු - තේ හැඳි 1 අමුමිරිස් කරල් 2 යි ලුණු රසට අනුව මිටිකිරි අඬු කෝප්ප 1 දියකිරි අඬුකෝප්ප 1 කහ කුඬු ස්වල්පයක් රතුලූනු ගෙඩි කීපයක් සාදන ආකාරය කොස් ඇට තලා පොතුහැර සෝදා ගන්න. වට්ටක්කා කරට් වල කෙඳි සහ සුඹුල ඉවත් කර කුඩාවට කඩා ගන්න. මැටි ඇතිළියක් ගෙස එයට තලාගත් කොස්ඇට, රතුලූනු, අමුමිරිස්, සහ පහේ වර්ග දමා වතුර ටිකක් එකතු කර ළිප තබන්න. තැම්බිගෙන එනවිට වට්ටක්කා කරට් එකතු කරන්න. හොඳින් මිශ්‍රකර මිටිකිරි දමා නටවා කැමට ගන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 07 Nov 2018 07:13 PM වට්ටක්ක ආස නෑනෙ, බලමු එහෙනම් කොස් ඇටත් දාල රහයිද කීල 0 chamaramindMost Senior MemberPosts:13471 08 Nov 2018 06:42 AM අඹරැල්ලා දළු සලාදය අවශ්‍ය ද්‍රව්‍ය ඇඹරැල්ලා දළු මිටක් ලුණු රසට අනුව සිහින්ව ගා ගත් පොල් මිටක් ගම්මිරිස් කුඩු ස්වල්පයක් දෙහි යුෂ ස්වල්පයක් රතු ලූනු ගෙඩි කීපයක් අමුමිරිස් කරලක් සීනි තේ හැඳි 1/2ක් සාදන ආකාරය ඇඹරැල්ලා දළු සෝදා දිය බේරෙන්නට තබා ඉතාම සිහින්ව ලියා ගන්න. අමුමිරිස් සහ රතුලූනුද සිහින්ව ලියාගන්න. දැන ඒවා බඳුනකට දමා එයට පොල්, ලුණුකුඩු, ගම්මිරිස් කුඩු. සීනි, දෙහි, යුෂ දමා පොඩිනොවන සේ අනා කෑමට ගන්න. ආහාරයට ගැනීමට මදකට කලින් පිළියෙල කරගන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 08 Nov 2018 03:08 PM මේ දවස්වල දලු හොයා ගන්න ලේසියි. වහිනවනේ හොදට දලු දානවා 0 UdariSuper Senior MemberPosts:5555 08 Nov 2018 09:29 PM අඹරැල්ල ගෙඩි ටිකක් තිබ්බ නම් මේ වෙලාවට ලුණුත් එක්ක 0 chamaramindMost Senior MemberPosts:13471 09 Nov 2018 08:08 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 09 Nov 2018 03:43 PM ස්තූතියි මල්ලි මේව එකම විදියට කාල එපා වෙලා හිටියෙ නෝනට දීල බලන්න ඕනෙ 0 UdariSuper Senior MemberPosts:5555 09 Nov 2018 07:52 PM හා ඔය මහත්තුරුත් ඉඳල හිටල හරි සස කෑමක් හදල දෙන්න නෝනලාට 0 isurusamSuper Senior MemberPosts:7342 09 Nov 2018 09:33 PM Posted By Udari on 09 Nov 2018 07:52 PM හා ඔය මහත්තුරුත් ඉඳල හිටල හරි සස කෑමක් හදල දෙන්න නෝනලාට එහෙමද ආස .... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Nov 2018 06:59 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Nov 2018 07:38 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Nov 2018 07:08 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 12 Nov 2018 01:56 PM හා ඔන්න අදත් මම මේ පාන් අරන් ආවෙ චාමර අය්යගෙ රස ව්‍යාන්ජනයක් එක්ක කන්න 0 chamaramindMost Senior MemberPosts:13471 12 Nov 2018 06:09 PM ඉන්දියන් මාළු කරිය අවශ්‍ය ද්‍රව්‍ය තලපත් මාළු ග්‍රෑම් 500 ලොකු ලූනු ගෙඩි 2ක් මිරිස් කුඩු මේස හැඳි 1 1/2 ගරම් මසාලා මේස හැඳි 1 චිලී සෝස් මේස හැඳි 4 විනාකිරි මේස හැඳි 2 සීනි මේස හැඳි 1 ලුණු රසට අනුව තෙල් මේස හැඳි 2-3ක් බේලීව්ස් 2-3ක් සාදන ආකාරය මාළු ටික හොඳින් සෝදා කුඩා ප්‍රමාණයේ කොටු ලෙස කපා ගන්න. තක්කාලි ඉතාම කුඩාවට චොප් කර ගන්න. දැන් තෙල් ටික ළිප තබා රත්වන විට කපාගත් ලූනු, බේලීව්ස් දමා තෙම්පරාදු වන්නට හරින්න. දැන් තක්කාලි, චිලි සෝස්, ගරම් මසාලා, විනාකිරි, මිරිස් කුඩු, සීනි යන සියල්ල එකතු කරන්න. මාළු කැබැලි දමා හොඳින් මිශ්‍රකර මද ගින්දරේ පිස ගන්න. ඉස්සන් මසාලා අවශ්‍ය ද්‍රව්‍ය ලොකු ඉස්සන් ග්‍රෑම් 500 ලොකුලූනු ගෙඩියක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ඉඟුරු කැබැල්ලක්, අබ ඇට තේ හැඳි 1 සුදුලූනු බික් 3, උළුහාල් තේ හැඳි 1 විනාකිරි මේස හැඳි 2 වියළි මිරිස් කරල් 7-8ක් තක්කාලි ගෙඩි 2ක් ලුණු රසට අනුව, තෙල් ටිකක් කහ කුඩු ටිකක් කරපිංචා කිනිත්තක් සාදන ආකාරය ඉස්සන් ඔළු සහ පොතු ඉවත් කර සෝදා දිය බේරා ගන්න. ගම්මිරිස්, අබ, සුදුලූනු, උළුහාල්, මිරිස්, ඉඟුරු, කහ, විනාකිරි වලින් අඹරා ගන්න. දැන් ලොකු ලූනු සහ තක්කාලි තීරු ලෙස කපා ගන්න. තෙල් ටිකක් ළිප තබා රත්වන විට ඉස්සන් දමා බැදෙන්නට හරින්න. බැදීගෙන එන විට ලූනු, තක්කාලි එකතු කරන්න. දැන් අඹරාගත් පේස්ට් එක සහ ලුණුද, වතුර, අඬු කෝප්ප 1/2 පමණද දමා හොඳින් මදගින්දරේ පිසගන්න. කාරල්ලන් සුප් අවශ්‍ය ද්‍රව්‍ය කාරල්ලන් ග්‍රෑම් 200 කරපිංචා ඉති 2ක් සියඹලා බොර මේස හැඳි 1 ලුණු රසට අනුව ග්‍රෑම් 50 පරිප්පු ලොකු ලූනු ගෙඩියක් මාගරින් මේස හැඳි 2 වට්ටක්කා, කැරට්, බෝංචි (කුඩාවට කපාගත් අඬු කෝප්ප 1) ගම්මිරිස් කුඩු රසට අනුව සාදන ආකාරය කාරල්ලන් ටික හොඳින් පිලී යන ලෙස අතුල්ලා සෝදා හරින්න. දැන් පරිප්පු සෝදා දමන්න. එළවළු, ලූනු, තුනපහ සියල්ල දමා කලවම් කරගන්න. දැන් මාගරින් ටික ළිප තබන්න. රත්වන විට සියල්ල දමා යම් තරමක් තෙම්පරාදු කරගන්න. දැන් අවශ්‍ය තරමට වතුර දමා තැම්බෙන්නට හරින්න. හොඳින් තැම්බිමෙන් පසු බිමට බා හැන්දකින් පොඩි කරන්න. නැතිනම් බ්ලෙන්ඩර් කර ගන්න. ඉන්පසු තුනී රෙදි කැබැල්ලකට දමා පෙරා මිරිකා ගන්න. රස්නය මදිනම් නැවත රත්කර ගන්න. කුඩා දරුවන්ට රෝගීන්ට ඉතාම ගුණදායකය. මාළු ඔළු කරිය අවශ්‍ය ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් පමණ බර පරා මාළු ඔළුවක් කරපිංචා කිනිත්තක් ලොකු ලූනු ගෙඩියක් තක්කාලි ග්‍රෑම් 100ක් අමුමිරිස් කරල් 2යි තෙල් මේස හැඳි 3ක් අඹරාගත් ඉඟුරු සුදුලූනු මේස හැඳි 1 මිරිස් කුඩු මේස හැඳි 2 ගොරකා ඉති 2ක් තුනපහ කුඩු මේස හැඳි 2 කහකුඩු තේ හැඳි 1/2 ලුණු රසට අනුව ගම්මිරිස් කුඩු ස්වල්පයක් මුරුංගා කොළ ඉති 2ක් සාදන ආකාරය කරමල් ගලවා මාළු ඔළුව තරමක ලොකු කැබැලි වලට කපා හොඳින් පිලී ඉවත්ව යන ලෙස දෙහි මිශ්‍ර වතුරෙන් සෝදා ගන්න. දැන් තක්කාලි ටික බ්ලෙන්ඩර් කර ගන්න. ලූනු, සිහින්ව කපා ගන්න. අමුමිරිස් ද දිගු අතට කැබැලි කපා ගන්න. දැන් තෙල් ටික ළිප තබා රත්වන විට අඹරාගත් ඉඟුරු, සුදුලූනු දමන්න. දැන් ලූනු, කරපිංචා, අමුමිරිස් දමන්න. තක්කාලි පේස්ට් එක සහ තුනපහ වර්ගද දමා ගන්න. දැන් මාළු ඔළු කැබැලි එකතු කර අවශ්‍ය තරමට වතුර ටිකක් එකතු කර හොඳින් තැම්බෙන්නට හරින්න. ළිපෙන් බෑමට ආසන්නයේදී සෝදා දිය බේරාගත් මුරුංගා කොළ ටික දමා කලවම් කර උණුවෙන්ම කෑමට ගන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 13 Nov 2018 10:22 PM මොනවද අනේ කාරල්ලො කියන මාලු..... ඒවයින් අපිට තියෙන්නෙ නම් ඉස්සො විතරයි 0 Udeshika HerathVeteran MemberPosts:3955 22 Nov 2018 02:41 PM මම මේ දවස්වල කෑම දිහා බලන්නෑ Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 22 Nov 2018 09:40 PM Posted By Udeshika Herath on 22 Nov 2018 02:41 PM මම මේ දවස්වල කෑම දිහා බලන්නෑ ඩයට් කරන්න එපා හලූ.....මේ මම් වගේ පුලාන් කාලෙ ගිලල දාන්න 0 indika76Most Senior MemberPosts:10449 30 Nov 2018 07:36 AM ඒක හරි නංගී.. කන්න පුළුවන් කාලේ කාල දාන්න... 0 You are not authorized to post a reply. Page 76 of 77 << < 7374757677 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes