You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 77 << < 678910 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
17 Dec 2016 10:12 PM
අළුතින් කෑම වට්ටෝරු ගොඩාක් ඇවිත්.. බොහොමත්ම ස්තූතියි මල්ලී.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Dec 2016 04:41 PM

https://i.imgsafe.org/9cf022bbba.jpg

https://i.imgsafe.org/9ced11e6cc.jpg

https://i.imgsafe.org/9cf07de965.jpg 

https://i.imgsafe.org/9cf07c282e.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Dec 2016 05:22 AM
බිරියානි මම පලවෙනි වතාවට කෑවා ගමනක් ගියපු වෙලාවක හෝටලයකින්.
අනේ අම්මේ එකෙන්ම එපා වුනා.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
21 Dec 2016 07:48 PM
නත්තලට මාර කෑම වර්ග ටිකක් නේ ඇවිල්ලා තියෙන්නේ...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
21 Dec 2016 08:05 PM
Posted By hasithad on 21 Dec 2016 05:22 AM
බිරියානි මම පලවෙනි වතාවට කෑවා ගමනක් ගියපු වෙලාවක හෝටලයකින්.
අනේ අම්මේ එකෙන්ම එපා වුනා.
හරි හමන් තැනකින් කෑව නම් විරේක පෙති ඕනෙත් නැහැ.

හැබැයි ඉතින් ගෙදර හදල මේ වගේ රසවත් විදියට කන්න තිබ්බ නම් ඔහොම වෙන්නෙ නැහැ. චාමර මල්ලි ගේ වට්ටෝරු කොලේ වගේ මෙහෙම හදාගෙන කාල බලන්න.


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
21 Dec 2016 09:53 PM
ගෙදර කෑම රස නැතියෝ..රස කෑම සොයන් මෙහි එනවෝ.... මේ කෑම ගෙදර හදාගෙන කන්න උත්සාහ කරනවා නම් කිසි ගැටළුවක් වෙන එකක් නැහැ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Dec 2016 03:04 PM

https://i.imgsafe.org/2f2dab39f9.jpg

https://i.imgsafe.org/2f2e3231be.jpg

https://i.imgsafe.org/2f2dbab5ce.jpg

https://i.imgsafe.org/2f2e3e1b4a.jpg

https://i.imgsafe.org/2f2e2dcd91.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Dec 2016 03:08 PM

නව වසර පිළිගන්න අපිට පුරුදු අපේම රස 

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
2016 වසරට ගුඩ්බායි කියලා 2017 වසර පිළිගන්නයි කාගේත් සූදානම. ඒ හින්දා සෑම වසරකම ජනවාරි පළමුවැනිදා කාටත් එකසේ වැදගත්. හැමදේම අලුත්. නැවුම් හැඟීමෙන් හැමදේම පිළිගන්නයි ලැහැස්ති වෙන්නේ. ගෙදර ගෘහණිය තමයි මේ හැමදේම හොයලා බලලා කරන්නේ. එදිනට පවුලෙ කට්ටියට රසවත් කෑම වේලකින් සංග්‍රහ කරන එකත් ඇගේ වගකීමක්. ඒ විතරක් නෙමේ උදේ කෑම වේලට විශේෂ කිරිබතක් සකසන්නත් ඕනෙ.


උත්සව අවස්ථාවලට ගැළපෙන රසවත් ආහාර වට්ටටෝරු රැසක්ම පසුගිය කලාපවලින් අප ඔබට තිළිණ කළා. ඒ කෑම බීමවල රස බැලූ ඔබට ජනවාරි පළමුවැනිදාට අපේ රස රැගත් අපේම කෑම වේලක රස බලන්න ලැබුණොත් හොඳයි නේද?

ඒ නිසාම අපි අපට හුරුපුරුදු රස රැසක් වෙනසක් සමඟ මෙවර අතිරේකයෙන් තිළිණ කරනවා. මේ අතරට කිරිබතක් ද එක්වෙනවා. කිරිබත් කන්න ලූනු බැදුමකුත් තියෙනවා. අනෙකුත් කෑම වර්ග සමඟ රතු හාලේ බතක් හෝ සුදු බතක්, අල කිරි හොද්දක්, මාළු ඇඹුල්තියල් එකක් සකසාගෙන ගළපාගන්න පුළුවනි.

කෑම සෑදීමට පෙර අවශ්‍ය ද්‍රව්‍ය සේම සාදාගන්නට දී ඇති උපදෙස් හොඳින් කියවා අවබෝධ කරගත්තොත් ගැටලුවකින් තොරවම කෑම හදාගන්න පුළුවන්. 0112429592 අංකයට ඇමතීමෙන් ඔබට වන ගැටලු විසඳාගැනීමටත් ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් Cooking made simple පහසුයි රසයි ෆේස්බුක් පිටුවට එක්වී ඔබේ ගැටලු යොමුකර විසඳාගන්නත් පුළුවන්.

මේ හැම කෑමක්ම නිවැරැදිව සාදාගන්නා අයුරු බොහොම සරලව ඔබට තේරුම් ගත හැකි ලෙස ඉදිරිපත්කර තිබෙනවා.
එහෙම නම් එළැඹෙන නව වසර ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක්ම වේවා!



උපදෙස් සමඟ ඡායාරූප - සූපවේදිනී ජනනී ගුරුසිංහ


මුං කිරිබත්

අවශ්‍ය ද්‍රව්‍ය:
හාල් කෝප්ප 2 ක්
මුං ඇට කෝප්ප 1 ක්
පොල් මිටි කිරි කෝප්ප 1 ක් (අවශ්‍ය පමණ)
රස අනුව ලුණු
බත තැම්බෙන්නට අවශ්‍ය පමණට වතුර

සාදන ක්‍රමය:
මුං ඇට සෝදා රැයක් පෙඟෙන්නට තියන්න. හාල් සෝදා පෙඟුණු මුං ඇට සමඟින් තැම්බෙන්න තරමට වතුර තියන්න. බත තැම්බෙන්න තියන වතුර ප්‍රමාණයට වඩා චුට්ටක් වැඩියෙන් තියන්න. මිටිකිරිවලට ලුණු එකතු කරන්න. බත තැම්බුණු පසු මිටිකිරි එකතු කරන්න. කෙසෙල් කොළයකට හෝ තැටියකට කිරිබත් අතුරා කෑලි කපාගන්න. ලුණු මිරිස් සමඟින් පිළිගන්වන්න. මාළු ඇඹුල්තියල් එක්කත් රසයි. මෙයට පොල් මිටිකිරි කෝප්ප එකක් විතර ඇතිවුණා. හාල්වල බත හැදෙන විදියට මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා මේ මිනුම් ම ගන්න එපා. පොල්කිරි තව ඕනේ කියලා හිතෙනවා නම් එකතු කරන්න.

හැම වෙලේම බත හදන්නේ අතේ මැද ඇඟිල්ලේ පළමු පුරුකට වතුර තියලා. මේ ක්‍රමය තමයි හරිම ක්‍රමය. බාස්මතී හාලටත් කොයිදේටත්. කිරිබත් හදද්දී බත උයන්න වතුර තියෙනවට වඩා චුට්ටක් වැඩියෙන් වතුර එකතු කරන්න. හාල් වැඩියෙන් තැම්බුණාම තමා හොඳින් කිරි එකතු කරලා කිරිබත රසට හදාගන්න පුළුවන්. කිරි ගතිය හින්දෙන්න නොදී ළිප නිවන්න. එතකොට කිරිබත වඩද්දී ගාණට කිරි හිඳිලා තියෙනවා. නැත්නම් බත වේළිලා වගේ වෙනවා. මුං ඇට සෝදනකොට උඩ පාවෙන ඒවා අයින් කරන්න. ඒවා බොල්. ඒ වගේම ගරලා වගේ ගන්නකොට අඩියේ ඉතුරුවෙන ඒවත් අයින් කරන්න. ඒවා ගල් වගේ මුං ඇට. ඒවා හයියයි. මුං ඇට තැම්බෙනවා හොරයි වගේ හැඟෙනවා නම් හාල් කලවම් කරන්න කලින් මුං ඇට බාගෙට තම්බලා ඊට පස්සේ හාල් එකතුකර කිරිබත හදාගන්න. ඔයාලා දන්නවා ද මේ මුං කිරිබත් තවත් විදියකට හදනවා හකුරු හෝ රතු සීනි, වියළි මිදි, කජු දාලා. එහෙම හදලා රස බලලා නැති කෙනෙක් නම් පොල් කිරි එකතු කරද්දී මේ කියූ දේවලුත් එකතු කරලා හදලා රස බලන්න.


කොහිල මෝජුව

අවශ්‍ය ද්‍රව්‍ය:

කොහිල අල 2 ක් (බර ග්‍රෑම් 250)
රතු ලූනු ගෙඩි 16 ක් විතර (රතු ලූනු සයිස් එකෙන් ලොකු නම් දෙකට කපන්න)
අමු මිරිස් කරල් 8 ක්
විනාකිරි තේ හැඳි 1 ක්
සුදු ලූනු බික් 1 ක්
කරපිංචා කොළ ස්වල්පයක්
කහ කුඩු තේ හැඳි 1/4 ක්
මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්
රස අනුව ලුණු
සීනි තේ හැඳි 1 ක්
දෙහි ඉස්ම මේස හැඳි 1 ක්
බැදගැනීමට තෙල් මේස හැඳි 3 ක්

සාදන ක්‍රමය:
කොහිල අල වටේ පොතු හැර සෝදා සිහින් තීරු විදියට කපා කහ සහ

ලුණු අතගාගන්න. තෙල් මේස හැඳි 3 පෑන් එකකට එක්කර ඒ මත කොහිල අතුරා බැදගන්න. එහාට මෙහාට කරමින් බැදගත් කොහිල අල පේපර් සර්වියට් එකක් මතට එක්කරන්න. එවිට වැඩිපුර තෙල් අයින් වේ. දැන් බඳුනේ ඇති තෙලටම රතු ලූනු සහ අමු මිරිස් එක්කර තත්පර කිහිපයක් බැදගන්න. බැදගත් කොහිල, රතු ලූනු, අමු මිරිස්, මැටි වළඳකට එක්කර එයට සීනි, විනාකිරි, රස අනුව ලුණු, පුංචියටම කපාගත් සුදු ලූනු, කරපිංචා, මිරිස් කුඩු, දෙහි ඉස්ම එක්කර කලවම් කර හොඳින් වසා පැයක් පමණ තියා කෑමට ගන්න. රස නම් උපරිමයි. නිර්මාංස අයට අලුත්ම අත්දැකීමක් වේවි. ඔබට පුළුවන් මිරිස්, විනාකිරි, සීනි ඔබගේ කැමැත්ත අනුව අඩු වැඩි කරගන්න.


ලූනු බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය:
ලොකු ලූනු ග්‍රෑම් 800 ක්
හාල්මැස්සො ග්‍රෑම් 100 ක්
කරපිංචා ඉති 8 ක 10 ක කොළ
රස අනුව ලුණු
මිරිස් කුඩු තේ හැඳි 1 ක්
දෙහි ඉස්ම ටිකක්

සාදන ක්‍රමය:
ලූනු සිහින්ව කපාගන්න. හාල්මැස්සෝ හොඳින් වැලි යන්න සෝදා වතුර ගතිය නැතිවෙන්න වේළාගන්න. (අව්වේ තබා වේළන්න එපා) වතුර නැතිවෙන්න තියන්න. නැත්නම් තෙලින් බදිනකොට තෙල් විසිවෙනවා. මුලින්ම ලූනු ගැඹුරු තෙලේ බදින්න. බදින බදින ටික පේපර් සර්වියට් උඩ තියලා වෙනත් භාජනයකට අයින් කරන්න. කරපිංචාත් ගැඹුරු තෙලේ බැදගන්න. හාල්මැස්සෝ ද ගැඹුරු තෙලේ බැදගන්න. දැන් මේ සියල්ල එකට එකතුකර ලුණු සහ මිරිස් කුඩු, දෙහි ඉස්ම එකතුකර ගෑරුප්පුවකින් කලවම් කරන්න. ලූනු කොටස් වශයෙන් බදිද්දී මුලින් බැද්ද ටික වෙනත් භාජනයකට අයින්කර අනිත් බැදපු කොටස පේපර් සර්වියට් උඩින් තියන්න. බදින බදින එක උඩට දාන්න එපා. එතකොට වැඩිපුර තෙල් රැඳෙනවා. පිටරට ඉන්න කෙනකුට හදලා යවනවා නම් මිරිස් කුඩු, ලුණු විතරක් එකතු කරලා යවන්න. නැත්නම් මේ තුන් වර්ගයම බැදලා කලවම් කරලා යවන්න. මිරිස් කුඩු, ලුණු, දෙහි ඉස්ම එකතුකර ගන්න කියලා ඒ අයට කියන්න. කල්තියා ගන්න ගොඩක් හදනවා නම් මේ තුන් වර්ගයම බැදලා කලවම් කරලා තියාගන්න. අවශ්‍ය වෙලාවට ලුණු, මිරිස් කුඩු, දෙහි එකතු කරන්න. දෙහි බොහොම පොඩ්ඩක් එකතු කරන්න.


හතු සීනි සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය:

ඕනෙම හතු වර්ගයකින්
ග්‍රෑම් 500 ක්
ලූනු ග්‍රෑම් 600 ක්
සුදු ලූනු බික් 1 ක්
කෑලි මිරිස් තේ හැඳි 2 ක්
මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්
කහ කුඩු තේ හැඳි 1/4 ක්
සීනි තේ හැඳි 1 1/2 ක්
රස අනුව ලුණු
සියඹලා ඉස්ම තේ හැඳි 1 ක්
එනසාල් 3 ක්
කරාබු නැටි 2 ක්
කරපිංචා ටිකක්
රම්පෙ
කුරුඳු පොතු කැබලි 2 ක්
හතු බැදගැනීමට තෙල්
සීනි සම්බෝලය සාදා ගැනීමට තෙල්
මේස හැඳි 3 ක්

සාදන ක්‍රමය:
හතු හොඳින් සෝදා පිරිසුදුකර වතුර වියළා ගන්න. දැන් තීරු වෙන්න කපන්න. සුදුසු භාජනයක් ළිප තබා එයට තෙල් පොඩ්ඩක් වෙන්න එකතුකර කපාගත් හතු අතුරා රන්වන් පාට වනතුරු බැදගන්න. ගැඹුරු තෙලේ බදින්න ඕනේ නෑ. තෙල් පොඩ්ඩක් වෙන්න එක්කර හැන්දෙන් එහාට මෙහාට කරමින් බැදගන්න. නන්ස්ටික් බඳුනක බැදගැනීම පහසුයි. බැදගත් හතු වෙනත් භාජනයකට අයින් කරන්න. කපාගත් ලූනු හා තළාගත් සුදු ලූනු, රස අනුව ලුණු, මිරිස් කුඩු, කහ කුඩු, කෑලි මිරිස්, රම්පෙ, කරපිංචා, කුරුඳු, එනසාල්, කරාබු නැටි මේ සියල්ල එක් කරන්න. දැන් හතු බැදපු භාජනයේ වැඩිපුර තෙල් ඉවත්කර ළිප තබා සාදාගත් මිශ්‍රණය එකතු කරන්න. ලූනුවල වතුර ගතිය ගිහින් හොඳින් තැම්බිලා එනවිට දී සීනි එකතු කරන්න. ලී හැන්දකින් එහාට මෙහාට කරමින් අඩිය අල්ලන්න නොදි හදාගන්න ඕනේ. ලූනු පාට වීගෙන එද්දී බැදගත් හතු එකතු කරන්න. දැන් සියල්ල කලවම්කර හොඳින් පාට වනතුරුම හැන්දකින් එහාට මෙහාට කරමින් සීනි සම්බෝලේ හදාගන්න. ලුණු රස බලන්න. සීනි මදි වගේ හැඟේ නම් එකතු කරන්න. අවසානයේ දි සියඹලා ඉස්ම එකතුකර හොඳින් කලවම් කරන්න. මිරිස් කෑලි, මිරිස් කුඩු අවශ්‍ය පමණ එකතු කරන්න පුළුවන්.


සිංහල අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය:
අමු ගස්ලබු ගෙඩි 1/2 ක්
රතු ලූනු ගෙඩි 20 ක් විතර
බෝංචි කරල් 8 ක්
කැරට් අල 1 ක්
අමු මිරිස් කරල් 5 - 10 ක්
සුදු ලූනු බික් 4 ක්
අමු ඉඟුරු කැබැල්ලක්
රස අනුව ලුණු
අබ කුඩු මේස හැඳි 1 හෝ 1 1/2 ක්
ගම්මිරිස් තේ හැඳි 1/2 ක්
කහ කුඩු ස්වල්පයක්
විනාකිරි කෝප්ප 1

සාදන ක්‍රමය:
ගස්ලබු, කැරට්, බෝංචි පොඩි තීරු සිටින සේ කපාගන්න. අමු මිරිස් දෙකට පළාගන්න. මේ සියල්ල (ලුණු, අබ, ගම්මිරිස්, කහ, සුදු ලූනු, අමු ඉඟුරු) විනාකිරි මේස හැන්දක් විතර එකතු කරලා කොටාගන්න. පේස්ට් එකක් වගේ වෙන්න. බ්ලෙන්ඩ් කරගත්තත් කමක් නෑ. මැටි ඇතිළියක් තියෙනවා නම් වඩා හොඳයි. මැටි ඇතිළිය ළිපේ තියා එයට විනාකිරි එකතු කරන්න. එය රත්වුණු විට මුලින්ම ගස්ලබු සහ කැරට් එකතු කරන්න. විනාඩියකින් වගේ එයටම බෝංචි එකතු කරන්න. ඒත් එක්කම ලූනු, අමු මිරිස් එකතු කරන්න. විනාඩි දෙකක් ඇතුළත මේ සියල්ල පොඩ්ඩක් තම්බගන්න. වැඩි වේලා ගන්න එපා. ඔයාලට පුළුවන් එකින් එක විනාකිරෙන් තම්බගෙන එළියට ගන්න. දැන් ඒ සියල්ල වෙනම භාජනයක තියලා, ඉතුරු විනාකිරි ටිකක් හිඳිලා වගේ නම් විතරක් තව විනාකිරි කෝප්ප කාලක් වගේ එකතු කරන්න. එය උතුරන කොට අර හදාගත් පේස්ට් එක එකතුකර හොඳින් උතුරලා නටන්න දෙන්න. ඊට පස්සේ ළිප නිවලා එයට එළවළු එකතු කරන්න. මැටි හට්ටියේම දවසක් තියන්න. හොඳින් නිවෙනකොට මේ ඉස්ම ඒ එළවළුවලට උරාගන්නවා. දවසකට පස්සේ පිරිසුදු කරගත් බෝතලයකට එක් කරන්න. එතකොට ගොඩක් රසයි.


කොහිල කළුපොල් මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය:

කොහිල අල 3 ක් (බර ග්‍රෑම් 300 ක් පමණ)
ලොකු ලූනු ගෙඩි 1/2 ක්
සුදු ලූනු බික් 2 ක්
ඉඟුරු පොඩි කොටසක්
අමු මිරිස් කරල් 2 ක්
පොල්කිරි කෝප්ප 2 ක්
කහ කුඩු තේ හැඳි 1/4 ක්
මිරිස් කුඩු තේ හැඳි 1 ක්
තුනපහ කුඩු තේ හැඳි 1 ක්
මස් උයන්න පාවිච්චි කරන තුනපහ
තේ හැඳි 1 ක් (කළු කුඩු)
කුරුඳු පොත්තක්
එනසාල් ඇට 2 ක්
කරාබුනැටි 2 ක්
තෙල් මේස හැඳි 2 ක්
හාල් මේස හැඳි 2 ක්
පොල් මේස හැඳි 2 ක්
කරපිංචා හා රම්පෙ
රස අනුව ලුණු

සාදන ක්‍රමය:
කොහිල අල වටේ ශුද්ධකර සෝදා කුට්ටි වෙන්න කපාගන්න. මිරිස් තුනපහ කබලේ බැදගන්න. හාල් සහ පොල් කබලේ බැද කොටාගන්න. මැටි ඇතිළියක් ළිප තබා තෙල් එක්කර එයට කරපිංචා, රම්පෙ, ලූනු, තළාගත් සුදු ලූනු, අමු ඉඟුරු, කුරුඳු, එනසාල්, කරාබු නැටි එක් කරන්න. තෙලෙන් බැදිගෙන එනවිට අමු මිරිස් එක් කරන්න. එයට බැදගත් මිරිස්, තුනපහ, මස් උයන්න ගන්න තුනපහ, කහ, රස අනව ලුණු, බැද කුඩුකරගත් හාල් පොල් එකතු කරන්න. කොහිල අල ද එකතු කර හොඳින් කලවම්කර මඳ ගින්දරේ පොඩි වෙලාවක් තෙලෙන් තැම්බෙන්න දෙන්න. තෙලෙන් තැම්බුණු කොහිලවලට, පොල්කිරි එකතුකර මඳ ගින්දරේම හිමින් තැම්බෙන්න දෙන්න කිරි හිඳෙනකම්. ලස්සන පාටක් එන්න, මිරිස්, තුනපහ බැදලම එක් කරන්න. ඔබට රස අනුව මිරිස් තව එක් කළහැකියි.


 බණ්ඩක්කා මෝජු

අවශ්‍ය ද්‍රව්‍ය:
බණ්ඩක්කා කරල් 12 ක් විතර
රතු ලූනු ගෙඩි 20 ක් විතර
අමු මිරිස් කරල් 5 ක්
හාල් මැස්සෝ ටිකක්
රම්පෙ පොඩි කොටසක්
කරපිංචා
කුරුඳු පොඩි කැබැල්ලක්
තළාගත් සුදු ලූනු, අමු ඉඟුරු පොඩි කොටසක් (මේ දෙකම එකතුකළාම මේස හැඳි 1 1/2 ක පමණ ප්‍රමාණයක්)
රස අනුව ලුණු
කහ කුඩු තේ හැඳි 1/4 ක්
තුනපහ කුඩු තේ හැඳි 1/2 ක්
මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්
සීනි තේ හැඳි 1/2 ක්
තක්කාලි සෝස් මේස හැඳි 1 1/2 ක්
විනාකිරි මේස හැඳි 1 ක්
අබ තේ හැඳි 1/4 ක්

සාදන ක්‍රමය:
බණ්ඩක්කා පොඩි කොටස් හෝ තීරුවලට කපලා, කහ” ලුණු අතගාලා තෙල් පොඩ්ඩක් එකතුකර බැදගන්න. තෙල් ටිකක් වෙන්න එකතු කරලා එහාට මෙහාට කරමින් බැදගන්න. මේ සඳහා නන්ස්ටික් බඳුනක් සුදුසුයි. දැන් ඒ වගේ රතු ලූනු, අමු මිරිස්, කරපිංචා සහ හාල්මැස්සොත් බැදගන්න. මේවයේ තියෙන වැඩිපුර තෙල් උරාගන්න ඕනේ නිසා ටිෂූ කොළ දෙකක් හෝ තුනක් මත මේ බැදගත් සියල්ල අතුරන්න. දැන් බඳුනක් ළිප තබා තෙල් බොහොම ස්වල්පයක් එකතුකර එයට කහ, තුනපහ, කුරුඳු පොත්ත, මිරිස් කුඩු, සීනි, ලුණු, තළාගත් අමු ඉඟුරු, සුදු ලූනු, සෝස්, විනාකිරි, අබ එකතුකර පොඩි වෙලාවක් උයාගන්න. එයට බැදගත් බණ්ඩක්කා, ලූනු, අමු මිරිස්, හාල්මැස්සෝ එකතු කරන්න. පුංචි වෙලාවක් උයාගන්න. ලුණු රස බලන්න. සීනිත් තව ඕනේ වගේ හැඟෙනවා නම් එකතු කරන්න. විනාකිරි, අබ අගුණ අය ඒ ගැන හිතන්න එපා. ඒ දෙකම නැතුව හදලා රස බලන්න පුළුවන්.

 

-tharuni-

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
27 Dec 2016 09:45 PM
තව කෑම ටිකක් හදා ගන්න පුළුවන් වෙයි. බොහෝම ස්තූතියි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Dec 2016 10:28 PM
මුං කිරිබත් වලටනං මම ගොඩක් ආසයි
නිකං කිරිබතක් ගෙදර හදනවා කිවුවොක් මම තමයි මුං ඇට ටිකක් පෙගෙන්න දාන්නේ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Jan 2017 05:58 AM

https://i.imgsafe.org/bad2b5841e.jpg

https://i.imgsafe.org/bad2b31e46.jpg

https://i.imgsafe.org/bad2d990d4.jpg

https://i.imgsafe.org/bad2ec7236.jpg

https://i.imgsafe.org/bad30269d1.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Jan 2017 06:21 AM
අච්චාරැ අස්සෙ ඇඩ් එකකත් දැම්ම එහෙනං
රෙසිපි ටිකට ස්තුතියි
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Jan 2017 06:36 AM
සේරටම වඩා මට නං හිත ගියේ අච්චාරු ටික දැක්කමයි.
පෙරේත හිතෙනවා අප්පා.....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Jan 2017 07:23 AM
කොහිල අච්චාරැවට ඇර අනිත් ඔක්කොටම මම කැමතියි
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
03 Jan 2017 09:53 AM
අච්චාරු දැක්කම කටට කෙල උණනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Jan 2017 05:14 PM
ම්ම්ම්ම්ම් ..බටු අච්චාරු ....
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Jan 2017 01:59 AM
බටු අච්චාරැව නිකං මොජුව වගේම ඇති නේද
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
04 Jan 2017 04:18 AM
අච්චාර වලට නම් මම කැමතිම නෑ..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Jan 2017 02:42 AM
Posted By indika76 on 04 Jan 2017 04:18 AM
අච්චාර වලට නම් මම කැමතිම නෑ..

මමත් හැමවෙලේම කැමති නැහැ. ඒකත් වෙලාවකට තමයි
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Jan 2017 07:31 AM
අච්චාරු වලට අකමැති අයත් ඉන්නවද අනේ මේ තුන් ලෝකෙ.......???????
0
You are not authorized to post a reply.
Page 8 of 77 << < 678910 > >>