Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 May 2019 09:24 PM by Imalka මේ මොනවාද ? 474 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 19 of 24 << < 1718192021 > >> Author Messages DanuLiyanageVeteran MemberPosts:3457 10 Nov 2016 01:37 PM ඩොල්ෆින් නේද මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 indika76Most Senior MemberPosts:10449 10 Nov 2016 08:48 PM Posted By සඳුනි on 10 Nov 2016 01:03 PM මෙයාලව නම් නාදුනන කෙනෙක් ඉන්න බෑ.. තල්මසුන්... ඡායාරූප තුනේ නම් ඉන්නේ තල්මස් වර්ග තුනක් වගේ පෙනෙන්නේ ... 0 sha733Super Senior MemberPosts:7332 11 Nov 2016 12:16 AM Posted By DanuLiyanage on 10 Nov 2016 01:37 PM ඩොල්ෆින් නේද උඹ මුහුද අයිනේ ඉන්නෙ කියලනං කාටවත් කියන්න එපා 0 සඳුනිVeteran MemberPosts:2462 11 Nov 2016 01:58 AM ඒක තමා ශා අයියේ මමත් මේ සද්ද නැතුව හිටියේ. මේ ඉන්නේ . තල්මසුන්. ඉන්දික අයියා හරි. විස්තරයක් රෑට ගේන්නම්. දිනයක වැටහේවී........... 0 hasithadSuper Senior MemberPosts:5795 11 Nov 2016 07:19 AM Posted By සඳුනි on 10 Nov 2016 10:32 AM Posted By hasithad on 10 Nov 2016 09:08 AM BBC එකෙන් කල වීඩියෝවකුත් මා ලග තියෙනවා මේ ගැන. හසිත අයියා වීඩියෝව දාමුද කට්ටිවට බලන්න. ul කරන්න බෑ නංගි ඒවා. 4GB වලටත් වැඩියි file එක. 0 සඳුනිVeteran MemberPosts:2462 11 Nov 2016 07:31 AM ඒ නම් දුක තමා රංජනී කිව්වලු දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 11 Nov 2016 03:14 PM තල්මසා. දිය ඉතා ලොකු සතා තල් මසා ගැන කතා තෙරක් නොපෙනෙන අසිරිමත් මහා සාගරය ජීවන විජිතය කොට ගනිමින් ජීවත්වන තල් මසුන් ලොව දැවැන්තම සත්වයෝය. මිනිසුන් මෙන්ම ඔවුන්ද කිරි උරා බී වැඩුණු බැවින් ක්‌ෂීරපායීහු වෙති. මිනිස් ලොව ජීවත්වන මිනිසුන් සේම තල්මසුන්ද වාතය ආස්‌වාස කරන්නේ යෑයි පවසතොත් ඒ පිළිබඳව ඔබ සැම විශ්මයට පත් වනු ඇත. තල්මසුන් මහ මුහුදේ කොපමණ ගැඹුරක ජීවත් වුවත් යථාර්ථය එයයි. වාතය හුස්‌ම ගැනීම සඳහා යෝධ තල්මසුන්ට මහෝපකාරී වන්නේ ඔවුන්ගේ හිස මුදුනෙහි පිහිටා තිබෙන විශාල සිදුරු දෙකයි. වායු සිදුරු වශයෙන් හඳුන්වන ඒවායෙහි සාමාන්‍ය උස පමණක් අඩි විසිපහක් පමණ වන බව අනාවරණය කරගෙන තිබේ. එමෙන්ම තල්මසකුගේ බර පමණක් කොතෙක් දැයි ඔබට සිතිය හැකිද? එයද ඔබ තුළ විශ්මය දනවන කාරණයක් වනවාට සැක නැත. එනම් සාමාන්‍යයෙන් වැඩුණු තල්මසකුගේ බර ටොන් සියයක් පමණවේ. දිග අඩි අනූවක් තරම් වන ඔවුන්ගේ ශරීර ප්‍රමාණය ඊට බෙහෙවින් පෑහී තිබෙන්නාක් වැන්න. මෙතරම් සුවිශල් ඇඟ පතක් තිබෙන තල්මසුන්ගේ ආහාර ප්‍රමාණයෙහිද ඊට වැඩි වෙනසක් තිබෙන්නට බැරිය එය එසේමය. නිබඳ මහ සයුරු රළ පතර අතරේ කිමිඳෙන ඔවුහු වැඩිපුරම ආහාර වශයෙන් කෑමට ගන්නේ මුහුදු කූනිස්‌සෝය. තල් මසුන් ඔවුන් අල්ලා ගන්නා අයුරු අපූරුය. ඔවුන් එහිලා මුළින්ම කරන්නේ මහ බෝක්‌කු කටක් වැනි සිය මුඛය විවර කිරීමයි. ඉන් එහා කිසිවක් කරන්නට කිසිදු වෙහෙසක් නොගන්නා මේ තල් මසුන් මෙයින් පසුව වඩාත් නිසොල්මන්ය. කූනිස්‌සන් හා වෙනත් නොයෙක් මාළුන් තොගපිටින් මේ අතර මුහුදේ ඒ මේ අතර පීනා යන්නේ එකිනෙකා අතර පොරකමින්, තෙරෙපෙමින්ය. මෙසේ අර ඇරගෙන සිටින තල්මස් කට අතරින්ද මොවුන් ගමන් ගනිත්ම මහ තල්මසා එකරවම කට වසයි. එවිටම කට තුළ කොටුවන කූනිස්‌සන් සියල්ලෝම තල්මසාගේ ආහාරය නැත්නම් ගොදුර බවට පත්වේ. මෙලෙස එක තල්මසකු එක දවසකට ආහාරයට ගන්නා මුළු කූනිස්‌සන්ගේ ප්‍රමාණය ටොන් අටක් පමණය. ගැඹුරු මුහුදේ පමණක් නොව තවත් වරෙක නොගැඹුරු මුහුදටද පැමිණ ජීවිතය ආශ්වාද කරන ඇතැම් තල්මසුන් රෑන් රෑන් නැත්නම් රංචුපිටින් ජීවත් වන්නට කැමති නැත. නිල් තල්මසුන් විශේෂයෙන් මෙබඳු හුදෙකලා ජීවිතයක් ප්‍රියකරන්නෝය. මේ අනුව යම් හෙයකින් නිල් තල් මසෙකුට තවත් තල්මසකු හෝ දෙදෙනකු මුහුදේ අතරමගදී හමුවුණ හොත් ඌ වහාම කරන්නේ එක සැටියෙන් ගැඹුරු මුහුදු පතුළට කිමිදී යැමයි. නිල් තල්මසුන් මෙන්ම මහ මුහුදේ ජීවත් වන වෙනත් බොහෝ තල් මසුන්ද බිත්තර දමන්නේ නැත. ඔවුහු තම වර්ගයා බෝකරන්නේ පැටවුන් හැටියටයි. තල්මසකුගේ ගැහැණු සතකු තල්මස් පැටවකු බිහි කරන්නේ අවුරුදු දෙක තුනකට වරක්‌ය. එවැනි එක පැටියකු උපදින විට මීටර් හතක් පමණ දිග ප්‍රමාණයකින් යුක්‌තය. විවිධ වර්ගවලින් තල්මස් ලෝකයේ අලංකාරම තල්මසා වන්නේ මාරක තල්මසාය. සැබවින්ම උගේ මේ අලංකෘත බවට වඩාත් තුඩු දී තිබෙන්නේ ඌගේ ශරීර වර්ණයයි. එම වර්ණ කළු හා සුදු යන දෙකින් සමන්විත වී තිබේ. ඒවා සුවිශාල පුල්ලි ලෙස ඔවුන් සිරුරෙහි පිහිටා තිබෙන අයුරු චමත්කාර ජනකය. මාරක පිරිමි තල්මසකුගේ බර ටොන් අටක් පමණය. ඔවුන්ගේ ශරීරය අඩි විස්‌සක පමණ දිගකින් යුක්‌තවේ. මුහුද මතු පිට සිටින විට ත්‍රිකෝණාකාර පෘෂ්ඨීය වරල හොඳින් දිස් වී පෙනෙන්නේ නම් ඔබ නිසැකයෙන්ම මුහුදේදී මේ දකින්නේ මාරක තල්මසෙකි. නිල් තල් මසුන් මෙන් නොව රංචු ගැසී මුහුදු ජීවිතය ගත කිරීමට ඉමහත් කැමැත්තක් දක්‌වන මොවුන්ගේ කට ඇතුළතට ගිය කවර කුඩා මුහුදු ජීවියකු වුවද ආයෙත් එළියට නම් එන්නේ නැත. කැස්‌බෑවන්, දාර කැස්‌බෑවන් පමණක් නොව, පෙන්ගුවීන් නම් මුහුදු බඩ ජීවත්වන පක්‌ෂීන්ද, මුහුදු කුරුල්ලන්ද මහත් ආශාවකින් කන්නෝද මෙම මාරක තල්මස්‌හුමය. හොට උල් තල් මසුන් මහ මුහුදේ ජීවත් වන තවත් තල්මසුන් විශේෂයකි. මෙම ස්‌වරූපයට අයත් තල්මසුන් වර්ග දහඅටක් පමණ ලෝකය පුරාවෙහි සාගරයෙහි තැනින් තැන ජීවත්වෙති. මොවුන්ගේ ජීවිත කාලය අවුරුදු තිස් පහක් තරම්ය. මොවුහු මුහුදේ සුවිශාල ගැඹුරක කිමිදීමෙහිලා අතිශය ශූරයෝය. එපමණක්‌ද නොව එසේ කිමිදෙන මොවුහු විනාඩි තිහක් පමණ එම ගැඹුරු සයුරු පතුළේම රැඳී සිටින්නටද සමත්වෙති. තල්මසුන්ගේ ලොව තුළ තවත් විශ්මිත වූ තොරතුරු රාශියක් තිබෙන්නේ "මන්දා" නම් තල්මසුන්ගේ ජීවන ලෝකයෙහිය. මන්දා තල්මසකුගේ ශරීරයෙන් අඩකටත් වඩා තිබෙන්නේ ඔළුවයි. අලංකාර පෙට්‌ටගමක් වැනි එවැනි හිසකට උරුමකම් කියන ඔවුන් ගේ පැටවකු පමණක් ටොන් එකක් පමණ බරකින් සමන්විත වේ. මුහුදේ ගැඹුරටම කිමිදෙන තල්මසුන් මොවුන්ය. එම ගැඹුරු අඩි තුන් දහසක් තරම්ය එනම් මීටර් දහසකි. එපමණක්‌ද නොවේ. එවැනි යටක කිමිදුණු පසු පැයක් හමාරක් යන තෙක් එක සැටියෙන් ඒ මහ ගැඹුරෙහි රැඳී සිටින්නටත් මන්දා නම් තල් මසුන්ට පිළිවන. මොවුන්ගේ ස්‌පර්මසිටි නම් ග්‍රන්ථියෙන් නිපදවෙන මන්දා තෙල් නම් තෙල් වර්ගය මොවුන්ගේ ජීවිතයට විශාල තර්ජනයක් ගෙන දී තිබේ. මේවා විශාල මිලකින් යුක්‌තය. එසේම දැල්ලන් ආහාරයට ගැනීමට මන්දා තල් මස්‌සු දැඩි කැමැත්තක් දක්‌වති. එයම ඔවුන්ට පාරා වළල්ලක් වන අයුරු දෛව්‍ය විසින් ඔවුන්ට උරුම කර දී තිබෙන පුදුම සහගත සිදුවීමක් වැන්න. ඒ කෙසේදැයි පවසතොත් සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීමෙහිලා ගන්නා "ඇම්බර්" නම් ද්‍රව්‍යය මේ දැල්ලන්ගේ ශරීරයන්හි ගහනය මන්දා තල්මසුන් මෙම දැල්ලන් ගොදුරුකරගත් පසු ඔවුන් ජීර්ණය වූ පසු ඇම්බර් මන්දා තල්මස්‌වල ගබඩා වේ ඇම්බර් කිලෝ සිය දහස් ගණන් ලබා ගැනීම සඳහා මන්දා තල්මසුන් මරා දමති. සිසිර තරණයද මන්දා තල්මසුන්ගේ ජීවිත හා බැඳී තිබෙන සුවිශේෂ සිදුවීමකි. එනම් මුහුදේ සීතල හැඩි දැඩි වන විට මොවුහු ඈත උණුසුම් මුහුදු වෙත වේගයෙන් පීනා යති. ඒ ඈත මුහුදේ සැතපුම් දහස් ගණන් දුරටය. මන්දා තල්මසුන්ගේ ලෝකය මෙන්ම මොල්ලි තල්මසුන්ගේ ජීවන ලෝකයද අසිරිමත්ය. ඔළුව මතුපිට තිබෙන ගැට නිසා මොවුන්ගේ ස්‌වරූපය කිඹුලකුගේ වැන්න සුදුපාට අවල ඇති මොවුන්ගේ දිග මීටර් 15 ක් පමණය. කටෙහි දත් නැත. දත් වෙනුවට තිබෙන්නේ මුඛ පෙරණය. ඒවායෙහි හැටි හරියට තලන ලද පොල්ලෙලි වැන්න. මුළු කටෙහිම මේවා 400 ක් පමණ දැක ගැනීමට පිළිවෙන උඩ පැනීමටද මොල්ලි තල්මසුන් හපන්නුය. පැයට කිලෝමීටර් හයත් දොළහත් අතර වේ. වේගයෙන්න් මුහුදේ පීනා යාමටද මොවුහු එක සේ දක්‌ෂයෝය. මොල්ලි තල්මුසුන්ගේ කෑ ගැසීමේ හඬ මිහිරිය ගීතවත්ය. සිත ඇලේ. මේ නාදය ඇත්තටම ඇහෙන්නේ ඇතුන්ගේ කුංචනාදයක් ලෙසින්ය. දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 11 Nov 2016 04:09 PM තල්මසාගේ නාස් විවර දෙක බැලීන තල්මසකුගේ මුඛයේ පෙරණ පිහිටා ඇති ආකාරය. මුඛයේ දත් නැත මන්දා තල්මසා තල්මසුන් සංසර්ගයේ යෙදීමට ඉහළට පැමිණි අවස්ථාවක් පැටවකු සමග සිටින මොල්ලි තල්මසෙක් දිනයක වැටහේවී........... 0 DanuLiyanageVeteran MemberPosts:3457 12 Nov 2016 12:15 AM Posted By sha733 on 11 Nov 2016 12:16 AM Posted By DanuLiyanage on 10 Nov 2016 01:37 PM ඩොල්ෆින් නේද උඹ මුහුද අයිනේ ඉන්නෙ කියලනං කාටවත් කියන්න එපා හික්ක්ස්ස්ස්ස්ස් ගණන් ගන්න එපා ඕකට උත්තරේ දැම්මේ පාවෙන වෙලාවක මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 hasithadSuper Senior MemberPosts:5795 12 Nov 2016 09:20 AM නංගි දාපු පින්තූර 3 ඉන්නේ තල්මසුන් වර්ග 3ක්. 0 සඳුනිVeteran MemberPosts:2462 12 Nov 2016 11:18 AM ඔව් ඔව් පස්සේ නමුත් දාලා තියෙන්නේ දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 12 Nov 2016 02:05 PM දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 13 Nov 2016 12:52 AM pasbara patawu tikakda 0 maduranga001Most Senior MemberPosts:14118 13 Nov 2016 01:03 AM Posted By hasithad on 08 Nov 2016 07:27 AM මේ ඉගිලෙන මාලුවා. "පියාඹන මාළු" තහනම් කළා නේද ලංකාවෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 සඳුනිVeteran MemberPosts:2462 13 Nov 2016 02:46 AM අපේ ගෙදර නම් තියේ පියාඹන මාළු තහනම් කලාට. දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 13 Nov 2016 02:47 AM පැස්බර පැටව් තමා ශෝයි නේද දිනයක වැටහේවී........... 0 hasithadSuper Senior MemberPosts:5795 13 Nov 2016 09:36 AM පොඩි පැටියෙක් කොච්චර විතර උසද දන්නෑ...... 0 සඳුනිVeteran MemberPosts:2462 13 Nov 2016 01:24 PM පැස්බරා (Ostrich) විද්‍යාත්මක නාමය : Struthio camelus ලෝකයේ ජීවත්වන විශාලතම කුරුලු වර්ගය වන්නේ පැස්බරාය. මොවුන් ඔටු කුරුල්ලා ලෙසත් හැඳින්වෙනවා. ඒ මොවුන්ගේ අැති විශාල ඇස්, ඇවිදින විලාසය වැනි කරුණු කීපයක් නිසාවෙනි. පැස්බරා හට විශාල උණුසුමක් දරා සිටිය හැකි අතර ජලය නොමැතිව විශාල කාලයක් සිටිය හැක. අප්‍රිකාණු සතෙකු වන මොවුන් තණ බිමි ප්‍රදේශ වල සිටි කාන්තාර ප්‍රදේශ දක්වා ව්‍යාප්තව ඇත. පිරිමි සත්ත්වයාට ලාක්‍ෂණික වූ කළු හා සුදු වර්ණ පිල්කලඹක් ඇත. ගැහැණු සතා දුඹුරු පැහැවේ. එක් සතෙකු සාමාන්‍යයෙන් මීටර 3ක් පමණ උසැතිය. බරින් 150kg පමණවේ. දිගු ශක්තිමත් පාද වල ඇඟිලි දෙක බැගින් පිහිටයි. Photograph by Donarreiskoffer ඔවුන්ගේ ශරීරයේ විශාල බර නිසාවෙන් පියාමීමට නොහැකි වුවත් දිගු ශක්තිමත් පාද වේගයෙන් දිවීමට අනුවර්තනය වී ඇත. කෙටි දුරක් දීවීමේදී පැයට කිලෝමීටර 70ක පමණ වේගයක්ද දිගු දුරක් ඒකාකාරව දුවන්නේ නම් පැයට කිලෝමීටර 50ක වේගයක්ද පවත්වා ගත හැකි අතර පියවර දෙකක් අතර දුර මීටර 3-5 අතර වේ. ඔවුන්ට පියාපත් ඇතත් ඒවා පියාසැරීමට නොව වේගයෙන් දිවීමේදී දිශව වෙනස් කිරීමට හා සමබරතාව රැක ගැනීමට උදව් වේ. තවද විරුද්ධ ලංගිකයන් ආකර්ෂණය කිරීමටද ඔවුන් පියාපත් යොදාගනී. සාමාන්‍යයෙන් රංචු වශයෙන් ජීවත් වන මොවුන් රංචුවක සතුන් 10 සිට 100ක ප්‍රමාණය දක්වා සිටිය හැක. මෙය ඔවුන් සතුරන්ගෙන් ආරක්‍ෂා වීමේ ක්‍රමයක් ලෙසද භාවිතාවේ. තවද තර්ජනයකදී දිව ගැනීමට නොහැකි අවස්ථාවන්හිදී ඔවුන් බිම ලැග දිගු බෙල්ල පොලව තම දිගාකරගනී. එවිට සතුරන් ගෙන් ආරක්‍ෂා වන අතර එනිසාවෙන්ම පැස්බරා අනතුරකදී හිස වැලි තුල හංගා ගන්නවා යැයි මිත්‍යාවක් පවා බිහිවී ඇත. පැස්බර බිත්තර බොහෝ විට හයිනාවන්ගේ ගොදුරු වන අතර ඊජිප්තු ගිජිලිහිණියන්ද බිත්තර ආහාරයට ගනී. ඒ සඳහා ඔවුන් ගල් ගෙනවිත් අහසේ සිට අත්හැර බිත්තර බිඳ අහරට ගනී. නමුදු වැඩුනු සතෙකු සතුරු තර්ජනයකදී එල්ල කරන පා පහරක් සිංහයකු පවා මරා දැමීමට තරම්වේ. Photograph by Keshawa Bulathsinhala ආහාර ලෙස කුඩා පැලෑටි හා කුඩා සතුන් ආහාරයට ගන්නා අතර සාමාන්‍යයෙන් ආහාර ප්‍රමාණයක් උගුර තුල එක්රැස් කර පසුව ගිල දැමීම සිදු කරයි. දිගු ආහාර ජීරණ පද්ධතියක් හිමි මොවුන් ගන්නා ආහාරය සම්පූර්ණයෙන්ම පාහේ ජීරණය කරවන අතර දිරවීම පහසු කර ගැනීමට වැලි, කුඩා ගල් කැට පවා ආහාරයට ගනී. ජලය පානය කිරීම අඩු වුවද ගන්නා ආහාර වලින්ම ශරීරයට අවශ්‍ය ජලය ප්‍රමාණය සපුරා ගනී. Photograph by Chamara Sulakkhana සාමාන්‍යයෙන් රංචුවක ප්‍රධාන පිරිමි සතෙකු හා ගැහැණු සතෙකු සිටින අතර මෙයට අමතරව ගැහැණු සතුන් කීපයක් සිටී. සමහර විටෙක තව් පිරිමි සතුන්ද එක්වේ. ප්‍රධාන පිරිමි සත්ත්වයා හා ගැහැණු සත්ත්වයා එක්ව පැටවුන් බෝ කරන අතර වරකට බිත්තර 7-10ක් පමණ දමයි. බිත්තර රකිනු ලබන්නේ කිරිල්ලිය විසිනි. සමහර විටෙක ප්‍රධාන කුරුල්ලා හා අනෙක් කිරිල්ලියන් හෝ වෙනත් කුරුල්ලන් හා අනෙක් කිරිල්ලියන් එක්ව වුවද බිත්තර දමන්නේ ප්‍රධාන කිරිල්ලිය බිත්තර දැමූ කූඩුවේමය. නමුදු ප්‍රධාන කිරිල්ලියගේ බිත්තර කූඩුව මැද පරිස්සමින් රකිනු ලබන්නේය. සමානයයෙන් බිත්තරයක් අඟල් 6ක් දිග අඟල් 5ක් පලල් වන අතර බරින් 1.5kg පමණ වේ. බිත්තර රැකීම දවල් කාලයේදී ගැහැණු සතුන්ද රාත්‍රී කාලයේ පිරිමි සතුන්ද සිදු කරයි. කුඩා පැටවුන් බිහිවී දින කීපයකදීම වැඩුනු කුරුල්ලන් සමඟ ආහාර සොයා යන අතර ඔවුන්ගේ වර්ධනය මසකට අඩියක් පමණ වේ. තර්ජනයකදී පිරිමි සතුන් ශබ්ද කරමින් විලා්පිකයන්ගේ අවධානය වෙනත් පැත්තකට හරවන අතර ගැහැණු සතුන් පැටවුන් විගස ආරක්‍ෂාකාරීව පඳුරු අතර සඟවයි. අවුරුදු 3ක් හෝ 4ක් යන තුරු පැටවුන් සියල්ල එකම විදිහට දිස්වෙන අතර ඉන්පසු ලිංගික වෙනස අනුව වර්ණ පිහාටු ලැබේ. සාමාන්‍යයෙන් වසර 40ක් පමණ ජීවත්වන සත්ත්වයෙක් ලෙස සැලකේ. දිනයක වැටහේවී........... 0 RosiSuper Senior MemberPosts:5335 13 Nov 2016 05:08 PM අපුරු විස්තර ටිකක් දැන ගත්තා ..බොහොම ස්තුති නංගෝ 0 maduranga001Most Senior MemberPosts:14118 15 Nov 2016 04:11 AM නමුදු වැඩුනු සතෙකු සතුරු තර්ජනයකදී එල්ල කරන පා පහරක් සිංහයකු පවා මරා දැමීමට තරම්වේ. ඒ කියන්නේ අපට ෂොට් එකක් වැදුනත් බඩුම තමයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 You are not authorized to post a reply. Page 19 of 24 << < 1718192021 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games