Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 May 2019 09:24 PM by Imalka මේ මොනවාද ? 474 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 20 of 24 << < 1819202122 > >> Author Messages Ind007kaMost Senior MemberPosts:12931 15 Nov 2016 04:24 AM අම්මො අවුරුදු 40ක් ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 hasithadSuper Senior MemberPosts:5795 15 Nov 2016 09:07 AM පැස්බරා ගැන විස්තරයකුත් දීලා තියෙන්නෙ. ස්තූතියි නංගි. 0 PoddiVeteran MemberPosts:2100 15 Nov 2016 08:34 PM Posted By සඳුනි on 13 Nov 2016 01:24 PM පැස්බරා (Ostrich) විද්‍යාත්මක නාමය : Struthio camelus ලෝකයේ ජීවත්වන විශාලතම කුරුලු වර්ගය වන්නේ පැස්බරාය. මොවුන් ඔටු කුරුල්ලා ලෙසත් හැඳින්වෙනවා. ඒ මොවුන්ගේ අැති විශාල ඇස්, ඇවිදින විලාසය වැනි කරුණු කීපයක් නිසාවෙනි. පැස්බරා හට විශාල උණුසුමක් දරා සිටිය හැකි අතර ජලය නොමැතිව විශාල කාලයක් සිටිය හැක. අප්‍රිකාණු සතෙකු වන මොවුන් තණ බිමි ප්‍රදේශ වල සිටි කාන්තාර ප්‍රදේශ දක්වා ව්‍යාප්තව ඇත. පිරිමි සත්ත්වයාට ලාක්‍ෂණික වූ කළු හා සුදු වර්ණ පිල්කලඹක් ඇත. ගැහැණු සතා දුඹුරු පැහැවේ. එක් සතෙකු සාමාන්‍යයෙන් මීටර 3ක් පමණ උසැතිය. බරින් 150kg පමණවේ. දිගු ශක්තිමත් පාද වල ඇඟිලි දෙක බැගින් පිහිටයි. Photograph by Donarreiskoffer ඔවුන්ගේ ශරීරයේ විශාල බර නිසාවෙන් පියාමීමට නොහැකි වුවත් දිගු ශක්තිමත් පාද වේගයෙන් දිවීමට අනුවර්තනය වී ඇත. කෙටි දුරක් දීවීමේදී පැයට කිලෝමීටර 70ක පමණ වේගයක්ද දිගු දුරක් ඒකාකාරව දුවන්නේ නම් පැයට කිලෝමීටර 50ක වේගයක්ද පවත්වා ගත හැකි අතර පියවර දෙකක් අතර දුර මීටර 3-5 අතර වේ. ඔවුන්ට පියාපත් ඇතත් ඒවා පියාසැරීමට නොව වේගයෙන් දිවීමේදී දිශව වෙනස් කිරීමට හා සමබරතාව රැක ගැනීමට උදව් වේ. තවද විරුද්ධ ලංගිකයන් ආකර්ෂණය කිරීමටද ඔවුන් පියාපත් යොදාගනී. සාමාන්‍යයෙන් රංචු වශයෙන් ජීවත් වන මොවුන් රංචුවක සතුන් 10 සිට 100ක ප්‍රමාණය දක්වා සිටිය හැක. මෙය ඔවුන් සතුරන්ගෙන් ආරක්‍ෂා වීමේ ක්‍රමයක් ලෙසද භාවිතාවේ. තවද තර්ජනයකදී දිව ගැනීමට නොහැකි අවස්ථාවන්හිදී ඔවුන් බිම ලැග දිගු බෙල්ල පොලව තම දිගාකරගනී. එවිට සතුරන් ගෙන් ආරක්‍ෂා වන අතර එනිසාවෙන්ම පැස්බරා අනතුරකදී හිස වැලි තුල හංගා ගන්නවා යැයි මිත්‍යාවක් පවා බිහිවී ඇත. පැස්බර බිත්තර බොහෝ විට හයිනාවන්ගේ ගොදුරු වන අතර ඊජිප්තු ගිජිලිහිණියන්ද බිත්තර ආහාරයට ගනී. ඒ සඳහා ඔවුන් ගල් ගෙනවිත් අහසේ සිට අත්හැර බිත්තර බිඳ අහරට ගනී. නමුදු වැඩුනු සතෙකු සතුරු තර්ජනයකදී එල්ල කරන පා පහරක් සිංහයකු පවා මරා දැමීමට තරම්වේ. Photograph by Keshawa Bulathsinhala ආහාර ලෙස කුඩා පැලෑටි හා කුඩා සතුන් ආහාරයට ගන්නා අතර සාමාන්‍යයෙන් ආහාර ප්‍රමාණයක් උගුර තුල එක්රැස් කර පසුව ගිල දැමීම සිදු කරයි. දිගු ආහාර ජීරණ පද්ධතියක් හිමි මොවුන් ගන්නා ආහාරය සම්පූර්ණයෙන්ම පාහේ ජීරණය කරවන අතර දිරවීම පහසු කර ගැනීමට වැලි, කුඩා ගල් කැට පවා ආහාරයට ගනී. ජලය පානය කිරීම අඩු වුවද ගන්නා ආහාර වලින්ම ශරීරයට අවශ්‍ය ජලය ප්‍රමාණය සපුරා ගනී. Photograph by Chamara Sulakkhana සාමාන්‍යයෙන් රංචුවක ප්‍රධාන පිරිමි සතෙකු හා ගැහැණු සතෙකු සිටින අතර මෙයට අමතරව ගැහැණු සතුන් කීපයක් සිටී. සමහර විටෙක තව් පිරිමි සතුන්ද එක්වේ. ප්‍රධාන පිරිමි සත්ත්වයා හා ගැහැණු සත්ත්වයා එක්ව පැටවුන් බෝ කරන අතර වරකට බිත්තර 7-10ක් පමණ දමයි. බිත්තර රකිනු ලබන්නේ කිරිල්ලිය විසිනි. සමහර විටෙක ප්‍රධාන කුරුල්ලා හා අනෙක් කිරිල්ලියන් හෝ වෙනත් කුරුල්ලන් හා අනෙක් කිරිල්ලියන් එක්ව වුවද බිත්තර දමන්නේ ප්‍රධාන කිරිල්ලිය බිත්තර දැමූ කූඩුවේමය. නමුදු ප්‍රධාන කිරිල්ලියගේ බිත්තර කූඩුව මැද පරිස්සමින් රකිනු ලබන්නේය. සමානයයෙන් බිත්තරයක් අඟල් 6ක් දිග අඟල් 5ක් පලල් වන අතර බරින් 1.5kg පමණ වේ. බිත්තර රැකීම දවල් කාලයේදී ගැහැණු සතුන්ද රාත්‍රී කාලයේ පිරිමි සතුන්ද සිදු කරයි. කුඩා පැටවුන් බිහිවී දින කීපයකදීම වැඩුනු කුරුල්ලන් සමඟ ආහාර සොයා යන අතර ඔවුන්ගේ වර්ධනය මසකට අඩියක් පමණ වේ. තර්ජනයකදී පිරිමි සතුන් ශබ්ද කරමින් විලා්පිකයන්ගේ අවධානය වෙනත් පැත්තකට හරවන අතර ගැහැණු සතුන් පැටවුන් විගස ආරක්‍ෂාකාරීව පඳුරු අතර සඟවයි. අවුරුදු 3ක් හෝ 4ක් යන තුරු පැටවුන් සියල්ල එකම විදිහට දිස්වෙන අතර ඉන්පසු ලිංගික වෙනස අනුව වර්ණ පිහාටු ලැබේ. සාමාන්‍යයෙන් වසර 40ක් පමණ ජීවත්වන සත්ත්වයෙක් ලෙස සැලකේ. kate size eka hee ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 indika76Most Senior MemberPosts:10449 16 Nov 2016 05:38 AM පැස්බරු පැටව් ටික දැක්කම නං ආස හිතෙනවා... 0 maduranga001Most Senior MemberPosts:14118 17 Nov 2016 11:31 AM Posted By indika76 on 16 Nov 2016 05:38 AM පැස්බරු පැටව් ටික දැක්කම නං ආස හිතෙනවා... පැටව් ටිකක් අරගෙන ගෙදර ඇති කරමුකො එහෙනම් ඉන්දික අයියෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 hasithadSuper Senior MemberPosts:5795 18 Nov 2016 10:43 AM පැටවු නම් අවුලක් නෑ මදූ මල්ලි. සත්තු ටික ලොකු වෙද්දි ගෙදර අයගෙ ඔළු ටික බේර ගන්න ගලින් කරපු හෙල්මට් දා ගන්න වෙයි ..... 0 සඳුනිVeteran MemberPosts:2462 27 Nov 2016 06:48 PM ඔයාලා මෙයාගේ නම් කියල විහිළු කලාට මෙයා අදුරනවද බලමු දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 28 Nov 2016 06:38 AM මාන කොකා.................... 0 hasithadSuper Senior MemberPosts:5795 28 Nov 2016 08:57 AM මේ ටිකේ වෙල් වැඩ හින්දා මෙයාලව ඕන තරම් දකින්න පුලුවන් වෙල් වල. 0 සඳුනිVeteran MemberPosts:2462 28 Nov 2016 09:12 PM දකිනවා නම කියන්න. මම දන්නා තරමින් මාන කොකා නෙමේ දිනයක වැටහේවී........... 0 DanuLiyanageVeteran MemberPosts:3457 29 Nov 2016 01:29 AM මේ කන කොකා නේද මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 29 Nov 2016 05:08 AM පාලං කොකා........... හරි නේද 0 hasithadSuper Senior MemberPosts:5795 29 Nov 2016 10:18 AM මේ කන කොකා.... 0 sha733Super Senior MemberPosts:7332 30 Nov 2016 12:26 AM ඔව් මේ කණ කොකා තමයි. දන්නෙ නැද්ද ඉතින් 0 hasithadSuper Senior MemberPosts:5795 30 Nov 2016 09:35 AM පෝස්ට් එක දාපු කෙනත් දන්නේ නෑ වගේ..... 0 සඳුනිVeteran MemberPosts:2462 30 Nov 2016 06:04 PM කණ කොකා (Indian pond heron) Indian pond heron or paddybird විද්‍යාත්මක නාමය : Ardeola grayii Heron පවුලේ කුඩාම සාමාජිකය වන මොවුන් ජලාශ්‍රිතව ජීවත් වේ. සමාන්‍යයෙන් බෝවීම ඉරානය, පාකිස්ථානය, ඉන්දියාව, බුරුමය, බංගලාදේශය හා ශ්‍රී ලංකාවේ සිදුවේ. ගොඩක් ව්‍යාප්ත වී ඇති සතෙකු වන අතර ඔවුන් සාමාන්‍යයෙන් නිතරම ගෙදුරු ලෙස කුඩා ජලාශ්‍රිත සතුන් සොයමින් සිටිනු දැකිය හැක. තවද මොවුන් මිනිස් ජනාවාස අවට නිතර ගැවසේ. Photograph by Chamara Sulakkhana වයිරම් සහිත දුඹුරු පැහැයට හුරු ශරීරය වුවත් පියාසරන විට මොවුන්ගේ පියාපත් යට පැත්ත දිලිසෙන සුදු පැහැයෙන් දිස්වේ. මොවුන් පරිසරය මුහුවන සේ සිටින නිසා පියා සරන්නේ නැතිනම් හෝ කිසිදු චලනයක් නොමැති නම් එකවර හඳුනාගත නොහැකි වන සේ සිටී. පියාසරන විට හා නැවතී සිටින විට වර්ණ දෙකක් ඇති නිසාත් මොවුන් වෙනුවෙන් කණ කොකා නාමය පටබැඳී ඇත. Photograph by Chamara Sulakkhana Photograph by Chamara Sulakkhana කෙටි ගෙල, කෙටි තියුණු හොටය නිසා හඳුනා ගත හැක. ශ්‍රීස්ම කාලයේදී වැඩිහිටි සතුන්ගේ ගෙල පෙදෙසේ දිගු පියාපත් සෑදේ. තවද අභිජනන කාලයේදී මොවුන් තනි තනිව රතු පැහැති කකුල් සහිතව දැකිය හැක. මෙය සාමාන්‍යයෙන් වැඩිහිටි සතුන්ගේ සිදුවන ජානමය වෙනසක් ලෙස හඳුනාගත හැක. සාමාන්‍යයෙන් නිහඬ සතුන් වුවත් කරදරයකදී හෝ කූඩු ආශ්‍රිතව සිටිද්දී රළු හඬකින් කෑ ගසයි. වියලි කාල වලදී කෑම සොයා විවිධ ස්ථාන වල සිටියත් ජලාශ්‍රිත පරිසරයක් අවට ජීවත් වීමට ප්‍රියතාවයක් දක්වයි. Photograph by Chamara Sulakkhana ජලජ ශාක, කුඩා කකුළුවන්, ජලජ කෘමින්, මසුන්, ඉස්ගෙඩියන් හා සමහර විටෙක කූඩැල්ලන්ද ආහාරයට ගනී. කුඩා කණ්ඩායම් වශයෙන් කූඩු තනන මොවුන් කුඩා පඳුරු හෝ ගස් මත අනෙක් කුරුලු කූඩු අතර කූඩු තනයි. සාමාන්‍යයෙන් මීටර 9-10 අතර උසක අතු අතර තනන කූඩු තුල බිත්තර 3-5ක් පමණ දමයි. කුරුල්ලා කූඩුව තනන්නට ද්‍රව්‍ය සපයන අතර කිරිල්ලිය කූඩුව තනා ගනී. දින 18-24ක් අතර කාලයේ බිත්තර පුපුරා පැටවුන් පැමිණේ. පසුව කිරිල්ලිය හා කුරුල්ලා මාරුවෙන් මාරුවට පැටවුන් පෝෂණය කරයි. දිනයක වැටහේවී........... 0 indika76Most Senior MemberPosts:10449 30 Nov 2016 08:23 PM ඉස්සර අපේ පැතිවල විශාල වශයෙන් කොක් වර්ග සිටියා... දැන් මෙම ගහනය ගොඩක් අඩු වෙලා.. ලිපියට ස්තූතියි නංගි.. 0 sha733Super Senior MemberPosts:7332 01 Dec 2016 04:39 AM ගේ ලග වැව තියෙන හින්ද කොක්කු දැක ගන්න පුලුවන් එක එක විදියේ 0 hasithadSuper Senior MemberPosts:5795 01 Dec 2016 08:59 AM වැඩි තොරතුරු වලට ස්තූතියි නංගි. මේවා කවදට හරි අපට ඕන වෙනවා. 0 සඳුනිVeteran MemberPosts:2462 22 Jan 2017 03:23 PM කවුද මේ.. දිනයක වැටහේවී........... 0 You are not authorized to post a reply. Page 20 of 24 << < 1819202122 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games