You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 09:24 PM by  Imalka
මේ මොනවාද ?
 474 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 24 << < 56789 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
06 Oct 2016 08:05 PM
Posted By සඳුනි on 06 Oct 2016 05:41 PM
හදුනා ගත්තද මේ මල්

දන්නේ නෑ.මොකක්ද මේ?
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462

--
06 Oct 2016 11:42 PM

බලමුකෝ අනිත් අයවත් අදුරයිද කියලා

දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
07 Oct 2016 12:36 AM
යකො මෙකි දාන්නේම දන්නේ නැති ඒවමනේ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462

--
07 Oct 2016 12:46 AM

යකෝ මේකි මේවද මේ දැම්මේ අහයි ඔකේ නම දැන ගත්තම

දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
07 Oct 2016 01:30 AM
ඔක මනුස්සයාගේ ගතිය නේද
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462

--
07 Oct 2016 01:40 AM

මම නම් දන්නෑ.

අර ධනු කියන කොල්ලගේ හැටි මම හිතන්නේ... හී

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
07 Oct 2016 04:30 AM
මොන කෙහෙල් මලක්ද මේ මමත් දන්නෙ නැහැ මේ මොකක්ද කියල
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536

--
07 Oct 2016 04:42 AM
මාත් දන්නේ නැතෝ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462

--
07 Oct 2016 05:32 AM

යන්තම් පෙනෙන කොළය ගැන අවධානය යොමු කරන්න.

මේවා බිම දිගේ අැදිලා  යන කුඩා වැල් විශේෂයක්.

මේවෑ කොළ තමා වැද ගත්තම.

තම්බලා තේ වගේ බොනවා  මාර සුවදයි.

ඒ වගනම ගුනයි.

කොළ දඩු මුල් සේරම කැද වලට ගන්නවා.

පානයට තම්බා ගන්නත් ගන්නවා.

සිහින් දිගැටි පත්‍රව මැද නාරටියේ සුදු ඉරක් කියේ.

ඒ ඉර ශාකගේ නමට සම්බන්දයි.

පොඩි ශාකයක් හොදද වැල් යන්නේ.

රෑ විස්තරය දාන්නම්. හිතගා බලන්නකෝ.

දිනයක වැටහේවී...........
1

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
07 Oct 2016 05:51 AM
ආ හරි ඉරමුසු

1

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
07 Oct 2016 05:51 AM
ඉරමුසු
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
1

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
07 Oct 2016 05:51 AM
උද්භිත විද්‍යාත්මක නාමය :- Hemi desmus im dicus(L)R .Br

කුලය :-PERIPLOCACEAE

වෙනත් නම් :- සිංහල – ඉරමුසු

දෙමළ – නන්නාරි, උල්සාප්පු

ඉංග්‍රිසි – Indian Sarsaparilla

හැඳින්වීම :-

හීං ඉරමුසු හා මහ ඉරමුසු ලෙස වර්ග දෙකකි. හීන් ඉරමුසු ලංකාවේ බහුලය, මහ ඉරමුසු ඉන්දියාවෙන් ආනයනය කරයි, වසර පූරාම දැකිය හැක. කිරි සහිතය. මල් සුවඳවත්ය ඔසු පැන් ලෙස භාවිතා කල හැක.

රූපකාය :-

වැලක් ලෙස එතෙමින් වැඩේ, කඳ දිගය, සිහින්ය කෘෂ්ඨමය මුල් සහිතය. රේඛිය හෝ දික් වූ රවුම් හැඩයෙන් යුත් පත්‍ර මතුපිට සුදු ඉරක් සහිතයි. කොළ පාටයි, කදේ දෙපැත්තෙන් හට ගනී.

ඖෂධ ගුණ :-

ත්‍රී දෝශ ශාමකයි, මධුර රස හා ස්නින්ධ ගුණ නිසා වාතයද, ශින විර්ය නිසා පිතද, තිත්ත රස නිසා සෙමද සන්සිදුවයි. ඉදිමුව හා දාහය නැති කරයි. හොදින් මල පිටකරයි.

ඖෂධ සඳහා යොදාගන්නා කොටස් :-

කොළ, දළු, මුල්, පොතු, මල්.

අත් ඛෙහෙත් :-

කුෂ්ඨ අවස්ථාවට – ඉරමුසු මල් තමබා වතුර බීම.

මී විෂට – ඉරමුසු මල් කසාය ගිතෙල් සමඟ බීම.

ශරීර දැවිල්ල සහිත ඉඳමුමට – ඉරමුසු මුල් ඇල් දියෙන අඔරාගෙන ආලේප කිරීම.

මුත්‍ර දැවිල්ලට – වියළි ඉරමුසු මුල් තම්බා බීම.

වෙනත් ප්‍රයෝජන :-

හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
07 Oct 2016 05:52 AM
පැළෑටියේ ස්වාභාවය
මෙම පැළෑටියේ ස්වාභාවය සිහින් පත්‍ර සහිත වේ. තද කොළ පැහැති පත්‍රයේ මැද අඳුරු වර්ණ ඉරක් සහිත වූ වැලකි. ඉන්දියානු වර්ගයේ ඉරමුසු පැළෑටියේ මුල් ඖෂධ පිණිස ගනී. මෙය ප්‍රමාණයෙන් විශාල වේ. බීජ මගින් ව්‍යාප්ත වන මෙම පැළෑටිය බිම වැතිරී පැතිරෙන සිහින් වැලකි. වියළි කලාපයට විශේෂිත වූ ලඳු බිම් වල සුලභව දක්නට ලැබේ. මෙහි මුළු පැළෑටියම ප්‍රයෝජනයට ගනී.

ඖෂධීය ගුණය
මිහිරියි, මධුර රස හා තික්ත රස එක්ව පවතී. ශීතල ගුණය ඇත. තුන් දොස් සමනය කරයි. රුධිරය පිරිසිදු කරයි. මුත්‍රා පෙරීම ක්‍රමවත් කරයි. චර්මරෝග වලට බෙහෙවින් ගුණදායක වේ. කැඩුම් බිඳුම් චිකිත්සාවලදී බාහිර ප්‍රතිකාර වලට උපයෝගී කර ගනී. විෂ නසන ගුණය මෙහි ඇති බැවින් සර්ප විෂ චිකිත්සාවේද යොදා ගනී. මව් කිරි වඩන ගුණය ඇත.

ඉරමුසු පැළෑටියේ ඇති වටිනාකම අති මහත් වන බව ඔබට වැටහෙනු නොඅනුමානයි. ඔබ ගෙවත්තේ හොඳින් හිරු එලිය වැටෙන ස්ථානයක හෝ මල් පෝච්චියක වුවද සිටුවා ගැනීමට හැකියාව ඇත. හැකි සැම විටම ඉරමුසු ඔබේ ආහාරයට එක් කර ගන්න. කැඳ , ඔසු පානයක් ලෙස එකතු කර ගත හැකිය. පෙර අපේ මුතුන් මිත්තන් ඉරමුසු තේ වෙනුවට පානය කල හෙළ ඔසුවක් බවද සඳහන් වේ.

උපුටා ගැනීම පෝෂණීය ඔසු පැළෑටි පොත ඇසුරින්.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
07 Oct 2016 05:54 AM
අනේ මම එකටම කීවේ
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
07 Oct 2016 06:04 AM
Posted By sha733 on 07 Oct 2016 05:52 AM
පැළෑටියේ ස්වාභාවය
මෙම පැළෑටියේ ස්වාභාවය සිහින් පත්‍ර සහිත වේ. තද කොළ පැහැති පත්‍රයේ මැද අඳුරු වර්ණ ඉරක් සහිත වූ වැලකි. ඉන්දියානු වර්ගයේ ඉරමුසු පැළෑටියේ මුල් ඖෂධ පිණිස ගනී. මෙය ප්‍රමාණයෙන් විශාල වේ. බීජ මගින් ව්‍යාප්ත වන මෙම පැළෑටිය බිම වැතිරී පැතිරෙන සිහින් වැලකි. වියළි කලාපයට විශේෂිත වූ ලඳු බිම් වල සුලභව දක්නට ලැබේ. මෙහි මුළු පැළෑටියම ප්‍රයෝජනයට ගනී.

ඖෂධීය ගුණය
මිහිරියි, මධුර රස හා තික්ත රස එක්ව පවතී. ශීතල ගුණය ඇත. තුන් දොස් සමනය කරයි. රුධිරය පිරිසිදු කරයි. මුත්‍රා පෙරීම ක්‍රමවත් කරයි. චර්මරෝග වලට බෙහෙවින් ගුණදායක වේ. කැඩුම් බිඳුම් චිකිත්සාවලදී බාහිර ප්‍රතිකාර වලට උපයෝගී කර ගනී. විෂ නසන ගුණය මෙහි ඇති බැවින් සර්ප විෂ චිකිත්සාවේද යොදා ගනී. මව් කිරි වඩන ගුණය ඇත.

ඉරමුසු පැළෑටියේ ඇති වටිනාකම අති මහත් වන බව ඔබට වැටහෙනු නොඅනුමානයි. ඔබ ගෙවත්තේ හොඳින් හිරු එලිය වැටෙන ස්ථානයක හෝ මල් පෝච්චියක වුවද සිටුවා ගැනීමට හැකියාව ඇත. හැකි සැම විටම ඉරමුසු ඔබේ ආහාරයට එක් කර ගන්න. කැඳ , ඔසු පානයක් ලෙස එකතු කර ගත හැකිය. පෙර අපේ මුතුන් මිත්තන් ඉරමුසු තේ වෙනුවට පානය කල හෙළ ඔසුවක් බවද සඳහන් වේ.

උපුටා ගැනීම පෝෂණීය ඔසු පැළෑටි පොත ඇසුරින්.

ගොඩක් වටිනා විස්තරයක් අයියේ , ස්තුතියි

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
07 Oct 2016 06:22 AM
Posted By Poddi on 07 Oct 2016 05:54 AM
අනේ මම එකටම කීවේ

කෝ ඉතින් එකට කිවුවට එකට නැහැනේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462

--
07 Oct 2016 06:48 AM
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462

--
07 Oct 2016 06:52 AM

විස්තරයක් කලින්ම අැවිත්. මම ඔන්න පින්තූරේ දැම්මා.

ඉරමුසු තමයි. දෙන්නම හරී.

දිනයක වැටහේවී...........
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
07 Oct 2016 09:46 AM
විස්තර ටිකට නම් ගොඩක් ස්තුති
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
07 Oct 2016 12:35 PM
shaa mallige uttara watinaa wisthara tikak thiyenawa malli sthuthi