You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Jun 2018 04:46 AM by  chamaramind
ඔෟෂධීය ගුණයෙන් පිරි කැද......
 431 Replies
Sort:
You are not authorized to post a reply.
Page 12 of 22 << < 1011121314 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Oct 2016 06:09 PM

14. කටරොඩු කොළ කැඳ.

කටරොඩු කොළ කැඳ  වල ඔෟෂධීය ගුණ.

* ශරීරයේ විෂ නැසීම.

* පරණ ගොඩි හෝ තුවාල වල වේනාදව දුරු කිරීම.

* ලේ පිරිසිදු වීම නිසා කල් ගිය සුව නොවූ තුවාල සුව වීම ඉක්මන් වීම.

* උණ රෝගීන්ට ගුණදායක වීම.

* පිස්සු බලු විෂට ගුණ දායක වීම.

* සෙංගමාලය රෝගයට ප්‍රත්‍යක්ෂ වීම.

කටරොඩු කොළ කැඳ සාදා ගන්නා අාකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය

කටරොඩු කොළ මිටි  2යි.

කැකුළු හාල් මිටයි.

පොල් බෑයක කිරි.

ලුනු අවශ්‍ය පමනට.

සාදන ක්‍රමය.

* සහල් සොදා වතුර  දමා ලිප තබන්න.

* කටරොඩු කොළ කොටා යුෂ ලබා ගන්න.

* බත් ඒක ඉදිණු පසු කටරොඩු කොළ යුෂ ඒක් කර ගන්න.

* ඉන්පසු පොල් කිරි සහ ලුණු  ඒක්කර ගන්න.

* විනාඩි කීපයක් පිසගෙන ලිපෙන් බා ගන්න.


දිනයක වැටහේවී...........
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 Oct 2016 10:41 AM
මේ වගේ කැඳ බොනවා තියා ඇහැව්වෙත් අදයිනෙ.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Oct 2016 12:03 PM
මම ඇහුවෙත් අදමයි කියන්නකො මේවා පොවලා මරන්නද හදන්නේ නගො.
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Oct 2016 12:17 PM
මැරෙන්නේ නෑ.
ලෙඩ හැදිලා වේදනා විදිවට ඔවා දෙන්නේ.
දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Oct 2016 12:36 PM
ape ammata kiyanna ona balanna hadanna kiyala
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 Oct 2016 12:37 PM
අදමයි මේවා ඇහුවෙත් .................කඩයක් දැම්මොත් නරකද ?
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Oct 2016 01:12 PM
මෙහෙ කැද බොන්න කවුරුත් නෑ.
ලගම කසිප්පු තිප්පොලක් තියේ .
මට බිස්නස් වෙන්නේ නෑ දැම්මත් ඒක නිසා.
හිහිහිහිහි
දිනයක වැටහේවී...........
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Oct 2016 11:16 PM
nangi mata katarodu keda ekak oder karanna puluwanda
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Oct 2016 11:17 PM
karapincha gena wistharayak kohe hari thibuna mathakayi.. karapancha keda hadala bona nisa me wisthareth man methanata dannamko..


කරපිංචා වල ඇති ගුණය..
November 3, 2015

ආහාර රසවත් කිරීමට යොදා ගන්නා කරපිංචා වල ශරීරයට ගුණදායී ප්‍රයෝජන රාශියක්ද වේ. මෙම සුවඳැති කොළ වල තන්තු, යකඩ, කාබෝහයිඩ්‍රේට, පොස්පරස්, කැල්සියම් මෙන්ම විටමින් A, E, C හා B අඩංගු වේ. මේ නිසා මෙන්ම මේවායේ ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසාවෙන් දියවැඩියාව, පාචනය, ආහාර අජීර්ණය හා ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත පිළිකාවන් වැනි බොහෝ රෝග සුව කිරීමට දායක වේ. එමෙන්ම අක්මාව හා හෘදය ආරක්ෂා කර දේ.

2

01. පාචනය ඇති වීම වළක්වයි.

කරපිංචා වල carbazole alkaloid නම් රසායනිකය අඩංගු වේ. එම රසායනිකයේ ඇති බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව නිසා පාචනයෙන් ඈත් කර තබයි. පාචන තත්වයෙන් ගැළවීමට තවදුරටත් තේ එකකට කරපිංචා කොළ යොදා පානය කරන්න. මෙය දිනකට 2-3න් වරක් පානය කළ යුතුය.

1

02. හිසකෙස් වර්ධනය කරවයි

කරපිංචා මඟින් හිසකෙස් වර්ධනය වේගවත් කරයි. හිසකෙස් වල ස්වාභාවික වර්ණය පවත්වාගැනීමට curry leaf tea පානය කිරීම කළ හැක. එමෙන්ම හිස්හොරි හා හිසකෙස් හානි වීමෙන් ද වළක්වාලයි. කරපිංචා තලපයක් සාදා එය හිස්කබලේ ආලේප කිරීමෙන් හිස්හොරි නැති වේ.

03. රුධිරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කරයි.
කරපිංචා වල රුධිරගත සීනි මට්ටම අවම කිරීමේ හැකියාවක් පවතී. මේවායේ ඇති තන්තු මඟින් මෙම කාර්යය සිදු කරයි. තේ සමඟ පානය කිරීම, ආහාර වලට එක් කිරීම හෝ නැවුම්ව ආහාරයට ගැනීම කළ හැක.

04. ආහාර ජීර්ණය පහසු කරවයි.

කරපිංචා මඟින් ආහාර ජීර්ණයට පමණක් නොව බහිස්‍රාවයටද උපකාරී වේ. curry leaf tea පානය කිරීම ඔබගේ ජීර්ණ පද්ධතියේ ඇති ගැටළු සමනය කරයි.

05. සමේ ඇතිවන ආසාදන වළක්වයි.

කරපිංචා වල ඇති ප්‍රතිඔක්සිකාරකයන් නිසා දිලීර හා බැක්ටීරියා නාශක ගුණ ඇත. ඔබ කුරුළෑ වැනි සමේ ආාදන වලින් පීඩා විඳී නම් සුව කරගැනීමට curry leaf tea පානය කිරීම උපකාරී වේ.
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Oct 2016 11:47 PM
හා කේ ඔය ඔඩර් කරන ඒවා කවදා ලැබෙයිද මන්දා නේද පොඩ්ඩී අක්කේ
දිනයක වැටහේවී...........
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Oct 2016 11:18 AM
මම නම් කරපිංචා කැද බොනවා.
හාමිනේ නිවාඩු දවසට උදේට හදනවා.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Oct 2016 07:49 AM

15. දියහබරල කැඳ.


දියහබරල කැඳ  වල ඔෟෂධීය ගුණ.

* ශරීරයේ විෂ නැසීම.

* පීනසට ගුණදායක වීම.

* අකලට කළු  කෙස් සුදු විම වැලැක්වීම

දියහබරල කැඳ සාදා ගන්නා අාකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය

දියහබරල ගස් මිටි  2යි.

කැකුළු හාල් මිටයි.

පොල් බෑයක කිරි.

රතු ළුෑනු ගෙඩි කිපයක්

ලුනු අවශ්‍ය පමනට.

සාදන ක්‍රමය.

* දියහබරල ගස් සොදා දිය බේරෙන්නට තබන්න.

* සහල් සොදා වතුර  දමා ලිප තබන්න.

* කැම්බී වතුර අඩුවි ගිය පසු ලිපෙන් බාගන්න.

*බත් ටික හැන්දක් මගින් හොදින් පොඩි කර ගන්න.

* දියහබරල ගස් සහ රතු ළුෑනු  කොටා යුෂ ලබා ගන්න.

* ඒම යුෂ බතට ඒක්කර පිස තරමක් සිදුනු පසු ලිපෙන් බා ගන්න.

* ඉන්පසු පොල් කිරි කලවම් කර ඒකවරක් හොදින් උතුරවා ගන්න.

* ලිපෙන් බා රස අනුව ලුණු ඒක් කර ගන්න.

දිනයක වැටහේවී...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
27 Oct 2016 07:52 AM
හප්පේ සඳුනි නගා අපට බොන්න කියන කැඳ ජාති. තොරතුරු නම් ඉතින් හරිම රසවත්.

බොන්න කියන්නෙ කිරි හබරල නෙවෙයි නේද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Oct 2016 07:56 AM
නෑ නෑ දියහබරල. ඔවා මැල්ලුනුත් කනවා.
කෙස් සුදු නොවී තියා ගන්න ඔනේ නම් බොන්න වෙනවා හී.
මධුරංග සියේ කියනවා නැත්තම්.
දිනයක වැටහේවී...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
27 Oct 2016 08:00 AM
Posted By සඳුනි on 27 Oct 2016 07:56 AM
නෑ නෑ දියහබරල. ඔවා මැල්ලුනුත් කනවා.
කෙස් සුදු නොවී තියා ගන්න ඔනේ නම් බොන්න වෙනවා හී.
මධුරංග සියේ කියනවා නැත්තම්.
අනේ එහෙනම් බොන්නම්.

කිරි හබරල කියල කිව්වෙ අර "හෙවරාළ" ට තම්බල දෙනව කියන ජාතිය. පීටර් වෙදමුණිගේ සින්දුවක තියෙන්නෙ. අන්න ඒක.


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
27 Oct 2016 08:16 AM
මේවා වස බොලේ මේවා කාල මැරෙවි
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
27 Oct 2016 08:19 AM
මේවා විස නැද්ද? හබරල විසයිනේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
27 Oct 2016 08:24 AM

මෙන්න හෙවරාලට නම් දෙනවලු මේවා තැම්බිලා යන්නම. හැබැයි කිරි හබරල. 
දිය හබරල වලටත් තැම්බිලම යාවිද දන්නේ නම් නෑ.

කෝකටත් සඳුනි නගෝ Use at your own risk  කියලම දාන්න.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Oct 2016 08:39 AM
ඔයාලා දිය හබරලයි දිය බෙරලියයි පටලගෙන වගේ.
දිය හබරලා බැදලා කනවා. මාලූ හදලත් කනවා.
දිනයක වැටහේවී...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
27 Oct 2016 08:44 AM
හබරල දළු කෑමට ගන්නව කියල මමත් අහල තියෙනව. කාල නම් නැහැ. එහෙනම් මේ සඳුනිගේ හබරළ කොලේ තමයි එහෙනම්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
You are not authorized to post a reply.
Page 12 of 22 << < 1011121314 > >>