You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Sep 2016 01:20 AM by  Dushan
තම සැත්කම තමා විසින්ම කරගත් වෛද්‍යවරයා
 7 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Sep 2016 07:00 AM

    තම සැත්කම තමා විසින්ම කරගත් වෛද්‍යවරයා

    තමන්ගේ බඩ තමන් විසින්ම කපාගෙන එහි සැත්කමක් සිදුකරගන්නවා කිව්වොත් ඔයාලාට මොකද හිතෙන්නේ?
    ඒ වගේ සිදුවිමක් ගැනයි මේ ලිපිය

    රුසියානු ජාතික ලියොනිඩ් රොගොසොව් ( Leonid rogozov) ඇට්ලන්ටිකාවේ නොවාකෝෂියා රැසියානු පරික්ෂණ මධ්‍යස්ථානයේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකි. 1961 වසරේ අප්‍රේල් මස දිනක ඔහුගේ දකුණු උදර ප්‍රදේශයේ වේදනාවක් හා
    ඔක්කාර තත්ත්වයක්ද ඇතිවිය. වෛද්‍ය රොගොසොව් හට මෙය උන්ඩුක පුච්ඡ ප්‍රදාහයක් හෙවත් ඇපෙන්ඩිසයිටිස් තත්ත්වයක් බව හදුනාගැනිමට අපහසු නොවිය. ඉක්මන් ප්‍රතිකාර නොගතහොත් ජිවිත අවධානමක් ඇති බවද ඔහු වටහාගත්තේය.

    නමුත් එක් ගැටලුක් විය. පරික්ෂණ මධ්‍යස්ථානයේ සිටි 13 ආසන්න පරික්ෂකයන් හට සිටි එකම වෛද්‍යවරයා ඔහු පමණි. ආසන්නතම මධ්‍යස්ථානයට ඇති දුර සැතපුම් 1000 වන අතර, අධික හිමපතනය නිසා ගමනාගමනය ඇණහිට තිබිනි.

    මේ හේතුවෙන් උණ්ඩුක පුච්ඡය ඉවත්කරගැනිමේ සැත්කම (appendectomy) තමාවිසින්ම සිදුකර ගැනිමට වෛද්‍ය රොගොනොව් තීරණය කලේය. ඔහු සැත්කම නිරික්ෂණය කිරිම සදහා කණ්නාඩියක් බාවිතා කල අතර, ඔහුගේ සහයට කදවුරේ සිටිඅනෙක් පරික්ෂකයන් ද ඒ අසල සිට ඇත. ඔවුන් විසින් වෛද්‍ය රොගොසොව් ගේ අතට සැත්කම සදහා අවැසි උපකරණ ලබා දි ඇත. සැත්කම අතරතුර ඔහුගේ අන්ත්‍රයක් අත්වැරදිමකින් කැපිමක් වි ඇති අතර, රොගොසොව් විසින් එය මැසු බවද සදහන් වේ.
    සැත්කම සදහා පැය දෙකක් ගතවිය. සැත්කමින් පූර්ණ සුවය ලබාගැනිමට වෛද්‍ය රොගොනොව් සමත්විය.

    නැවත මවුරටට යැමෙන් පසු වෛද්‍ය රොගොසොව්, සාන්ත පීටර්ස්බර්ග් පරික්ෂණ ආයතනයේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස පත්කරන ලදි.
    2000 වසරේදි පෙනහලු පිලිකාවකින් මියට යන විට ඔහු 66 වන වියෙහි පසුවිය.

    තවත් ලිපියකින් හමුවෙමු.

    - රොෂින් ප්‍රනාන්දු- ( UPUTA GENIMAKI _ FB EKEN)

    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    28 Sep 2016 07:02 AM
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    28 Sep 2016 09:55 AM
    හම්මෝ කකුලෙ කටුවක් ඇනුනත් අපි කෑ ගහගෙන ඒක ගන්නෙ. ඒත් මේ වෛද්‍යවරයා මේක කොහොම කරගත්තද දන්නෙ ැහැ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    28 Sep 2016 10:01 AM
    මට නම් මේ වගේ දෙයක් කරනවා තියා වැඩිපුර ලේ යනවා වෙන කෙනෙක්ගේ හරි බලන්න බෑ.
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    28 Sep 2016 12:43 PM
    ඒක තමයි
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    28 Sep 2016 04:34 PM
    කොහොම හිතේ එඩිතර කමක් ඇද්ද මොහුට .
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    28 Sep 2016 08:33 PM
    මාර දොස්තර කෙනෙක් නේ අප්ප.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    29 Sep 2016 01:20 AM
    මේක නම් හරිම පුදුමයිනේ
    0
    You are not authorized to post a reply.