You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Aug 2016 01:20 AM by  sha733
හදිස්සියකදී මේ ප්‍රථමාධාර 5 දැනගෙන හිටියොත් ඔබට ජිවිතයක් බේර ගන්නට හැකි වේවි!
 359 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 18 << < 89101112 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Feb 2015 06:04 PM

බොමු බියර්

බොමු බියර්
 

සාමාන්‍යයෙන් අපිට නිතරම උපදෙස් ලැබෙන්නෙ ශරීරය නිරෝගීව පවත්වා ගැනීම සඳහා එළවළු පලතුරු ආහාරයට ගන්නා ලෙසයි. ඒ වට්ටෝරුට ඇල්කොහොල් වර්ග ඇතුලත් නොවන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.

නමුත් බියර් වර්ග පානය කිරීම හරහාත් ශරීරයට පෝෂණය ලබාගැනීමට හා ලෙඩ රෝග වලින් මිදීමට හැකියාව ලැබෙන බව කිව්වොත් ඔබ නිසැකවම පුදුමයට පත් වේවි . බියර් වර්ග පානය කිරීමෙන් ශරීරයට වැඩි ප්‍රතිලාබ රැසක් ලබාගත හැකියි.

මේ පිලිබඳ සිදු කල පරීක්ෂණයන්ට අනුව හෙළි වී ඇත්තේ අකාලයේ සිදුවන කායික හා මානසික පිරිහීම් නැති කරන්න, බර අඩු කිරීම හා හෝමෝන තත්වය පාලනය කිරීම වැනි ප්‍රතිලාබ රැසක් බියර් මගින් ලබාගත හැකි බවයි. නමුත් වැදගත් කරුණක් ලෙස පවතින්නේ එය පමණ ඉක්මවා ගැනීමෙන් වැළකීමයි.

ඔස්ට්‍රියා සෞඛ්‍ය ආයතනයේ වෛද්‍ය Stephan Domenig පවසන්නේ බියර් වල තිබෙන පෝෂණ කොටස් පිලිබඳ දැන ගතහොත් ඔබ පුදුම වනු ඇති බවයි. ඒ වගේම ඔහු සඳහන් කරන ආකාරයට මෙහි ශරීරයට හිතකර වගේම අහිතකර ඇමයිනෝ අම්ල අඩංගු වෙනවා.

ඒවගේම මෙහි ඛනිජ වර්ග වන පොස්පරස්, අයඩින්, මැග්නීසියම් හා පොටෑසියම්ද අඩංගු වන බව පැවසේ. බියර් කැල්සියම් වලින්ද අනූන පානයක්. බොහෝදෙනා දන්නා ආකාරයට කැල්සියම් කියන්නේ ශරීරයේ අස්ථි වර්දනයට ඉතා හොඳ පෝෂකයක්.

2009 වසරේ ඇමරිකාවේ ටෆ්ට්ස් විශ්ව විද්‍යාලය මගින් පැවැත්වූ පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ බියර් මදවශයෙන් පාවිච්චියෙන් කැල්සියම් වැඩිවීමෙන් ඇතිවන ආබාධ වලින් ඔබේ අස්ථි ආරක්ෂා කරන බවයි .

විකී එඩ්සන් නම් පෝෂණවේදියා පවසන ආකාරයට ටික කාලයකට ප්‍රථම Guinness නම් බියර් වර්ගය එහි පවතින අධික විටමින් B ප්‍රමාණය හේතුවෙන් ගැබිණි මව්වරුන්ට පවා නියමකර තිබූ බවයි. අද කාලයේ මව්වරුන් සඳහා මද්‍යසාර නිර්දේශ නොකලත් අනිත් මිනිසුන්ට එහි ප්‍රතිලාබ අත්විඳිය හැකියි.

බියර් විටමින් වලින් පොහොසත් වගේම සීනි ප්‍රමාණයත් ඉතා අඩුයි. එය ස්ථුල භාවය පාලනයට හා දියවැඩිය පාලනයට සහයවෙනවා. පසුගිය වසරේ බියර් පිලිබඳ විද්‍යාත්මක පරීක්ෂණයක් පැවැත්වූ වෛද්‍ය කැත්රින් මේ පිලිබඳ පවසන්නේ විවිධ පැණි බීම වර්ග හා සංසන්දනය කිරීමේදී බියර් මගින් ලේවලට එකතුවන සීනි ප්‍රමාණය ඉතා අඩු බවයි.
ඒවගේම බියර් වල 93%ක් ජලය අඩංගු නිසා ශරීරය විජලනය වීම මගහරවා ගැනීමට මෙය ඉතා හොඳයි.

එමෙන්ම 2008 වසරේදී journal Food And Chemical Toxicology හි පළවූ වාර්තාවකට අනුව බියර් වල අඩංගු සිලිකන් මගින් ජීරණ පද්ධතියට ඇලුමිනියම් අවශෝෂනය වීම පාලනය කරනු ලබනවා. ශරීරයේ හා මොලයේ පටකවල ලෝහ තැන්පත් වීමද මෙමගින් පාලනය වේ.

බියර් වලට ශරීරයට අවශ්‍ය කොලොස්ටරෝල් ඉහල දැමීමේ හැකියාවකුත් පවතින බවයි පැවසෙන්නේ. බොස්ටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය Curtis Ellison පවසන ආකරයට හදවත ආරක්ෂා කිරීමට ඇති හොදම දෙය මද්‍යසාරයි. ඒවගේම එය පමණට වඩා භාවිතයෙන් අහිතකර ප්‍රතථිපල ඇති විය හැකි බවත් ඔහු වැඩි දුරටත් පවසන කරුණක්.

බියර් වල අඩංගු ෆෝලික් ඇසිඩ් ඉර එළියෙන් සමට සිදුවන හානි වළක්වයි.

බියර් හිසකෙස් ශක්තිමත් කිරීමට හා දීප්තිමත්ව තබාගැනීමට උදව් වෙන කන්ඩිෂනර් එකක් ලෙස භාවිතාකරන බව ඇසුවොත් ඔබ පුදුම වෙයි. Look Great Naturally නම් සඟරාවේ කතුවරිය පවසන ආකාරයට බියර් මද්‍යසාර ගතිය ඉවත් කිරීමෙන්පසු පොල්තෙල් සමඟ එක් කර හිසකෙස් වල ගැල්වීමෙන් ඉතා හොඳ ප්‍රතිපල ලබාගත හැකියි.

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Feb 2015 06:22 PM

okane mama kiyanne sharirayata alcohol awashayayi kiyala..habai mata nam beer biwwama oluwe kakkuma hadenawa...dan isuru malli ehenam beer boi neda?

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 Feb 2015 06:45 PM
යහපතට වඩා ඉන් ලැබෙන අයහපත වැඩියි කියන එක තමයි කියන්න තියෙන්නේ... ඕවා බොනකොට කිරල මැනලා බීලා නවත්වන්නෙත් නැහැ නෙව..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
24 Feb 2015 08:26 PM

ඒ පාර මොකද්ද මේ හොයාගෙන ආවේ, දැන් පන්සිල් පද පහෙන් තුන් වෙනි එකයි පස්වෙනි එකයි ඉවර කරා. ඉතුරු තුනත් නැති කරන්න ක්‍රමයක් ඉක්මනට හොයල දාපන් 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 Feb 2015 09:38 PM

පහ නවත්වලා තුන ආයෙත් පටන් ගත්තා නම් හරි එහෙනම්.. (ආයෙත් කියපු එක ඔතන හරිද මන්දා.. දැන් නැහැ වගේ අදහසක් එනවද? අනේ වැරි ෂොරි )

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 Feb 2015 05:48 PM

පිළිකාවට ප්‍රතිකාරය ඒඩ්ස්

පිළිකාවට ප්‍රතිකාරය ඒඩ්ස්
 

අපේ රටේ ජන සමාජයේ කතාවක් තියෙනවා විසෙන් විස නසන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම අපේ පාරම්පරික සිංහල වෙදකමේ යොදාගත් ප්‍රතිකාර ක්‍රමයක්. බටහිර වෛද්‍ය විද්‍යාව එය යොදාගත් අවස්ථාවක් ගැන කියන්නයි මේ සුදානම.

දරුණු පිලිකාවකින් පෙළුණු එමා සය හැවිරිදි දැරියක්. ඇය පෙළුණු මාරාන්තික පිළිකා රෝගයෙන් මරණය දකිමින් සිටි එමා බේරා ගන්නට වෛද්‍යවරු අපමණ වෙහෙසක් ගත්තා.

එහි එක් උත්සහයක් ලෙස වෛද්‍යවරුන් විසින් ඇයට එච්.අයි.වී. වෛරසය ශරීරගත කරනු ලැබුවේ කිසියම් අරමුණක් ඇතිවයි. එය වෛද්‍යවරුන් විසින් හඳුන්වා දෙනු ලැබුවේ Fire to Fire (ගින්දරට ගින්දර දැමීම) ලෙසයි. වෛද්‍යවරුන් මෙලෙස එමාගේ සිරුරට එච්.අයි.වී. වෛරසය එක්කරනු ලැබුවේ ඇයගේ ශරීරය තුළ හටගෙන තිබූ මාරාන්ති රෝගී තත්ත්වය වළලා දැමීමේ අරමුනින් බව වාර්තා වේ. එය ඇත්තටම අභියෝගයක් හා අවදානමක්.

කෙසේ නමුත් එම වෛරස් ශරීරගත කිරීමෙන් පසුව දක්නට ලැබුනේ කිසිවෙක් බලා පොරොත්තු නොවූ ප්‍රතිපලයක්. ඒ සඳහා පහත වීඩියෝව නරඹන්න.

 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Feb 2015 04:48 PM

අශ්වලාඩම් හැඩති මේ කකුළුවන්ගේ ලේ ජීවිත දහස් ගණනක් බේරගන්නවා-GIVITHA BERAGANNA LE


අපි ජීවත් වන්නේ කෙටි කාලයක්. මේ ජිවිත කාලය තුල අපිට එක එක විදියේ ලෙඩ රෝග වැලඳෙනවා. මේ රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමේ විශාල වගකීමක් පැවරෙන්නේ අපගේ රුධිර පද්ධතියටයි. සුදු රුධිරානු වලින් මෙම ආක්‍රමණශීලි රෝගකාරක බැක්ටීරියා වලට එරෙහිව සටන් වදිනවා. අපි මේ කතා කරන්න යන අශ්ව ලාඩම් හැඩති කකුළු විශේෂයට ඉංග්‍රීසියෙන් කියන්නේ Horseshoe crab කියල. එයාගේ විද්‍යාත්මක නාමය Limulus polyphemus. මේ කකුළු විශේෂයේ ඇති වැදගත්කම කෑමට ගන්න එකට වඩා එහාට ගිය
දෙයක්. මෙගොල්ලොන්ගේ රුධිරයේ ඇති බැක්ටීරියා නාශක හැකියාව ඉතා විශිෂ්ටයි. මිනිසුන් කකුළුවන් තරම් දීර්ග කාලයක් පරිසරයේ ජීවත් නොවුනාට සීග්‍ර බුද්ධි වර්ධනයත් එක්ක මේ සුවිශේෂී හැකියාවෙන් ප්‍රයෝජන ගන්න විදියක් සොයාගත්තා.

සාමාන්‍යයෙන් ලේ රතු පාටයි කියල කිව්වට මෙගොල්ලොන්ගේ ලේ දීප්තිමත් නිල් පැහැයක් ගන්නවා. ඒකට හේතුව තමයි මෙගොල්ලොන්ගේ ලේ වල ඔක්සිජන් ප්‍රවාහනය කරන්න උදව් වෙන්නේ තඹ (copper) අන්තර්ගත hemocyanin (හීමොසයනින්) නම් සංයෝගයක් වීම. අපේ , ඒ කියන්නේ පෘෂ්ඨවංශිකයන්ගේ ලේ රතු පාටින් පේන්නේ haemoglobin (හිමොග්ලොබින්) කියන යකඩ වලින් හැදුන සංයෝගයක් නිසා. සාමාන්‍යයෙන් ආසාදන වලට එරෙහිව සටන් කරන සුදු රුධිරානු වෙනුවට බොහෝ අපෘෂ්ඨවංශිකයන්ගේ රුධිරයේ හමුවන්නේ amebocytes නම් සෛල විශේෂයි. එම සෛල සැලකිල්ලට ගන්නා කල මෙම කකුළු විශේෂයෙන් හමුවන සෛල වලට ප්‍රමුඛස්ථානයක් හිමි වේ.
අශ්ව ලාඩම් හැඩති මෙම කකුළු විශේෂය සතු amebocytes සෛල වලට ට්‍රිලියනයකට එකක් වන තරමේ කුඩා වූ බැක්ටීරියා ප්‍රමාණයක් වුවද හඳුනාගෙන විනාශ කිරීමේ හැකියාවක් පවතියි. අනෙක් වැදගත් කාරණය වන්නේ මේ සඳහා ගත වන කාලය මිනිත්තු 45ක් තරම් කෙටි කාලයක් වීමයි. සාමාන්‍යයෙන් ක්ෂීරපායි සතෙකුට මේ සඳහා ගතවන කාලය දින දෙකක්. මෙම සෛල අදාළ බැක්ටීරියා සෛල වටා කැටි ගැසීමකට ලක්වන්නේ Coagulan (කෝගියුලන්) නම් රසායනික සංයෝගය නිසා. මෙම රසායනිකය බොහෝ විට භාවිත කෙරෙන්නේ වෛද්‍ය උපකරණ පරික්ෂාවට සහ එන්නත් පරික්ෂා කිරීමටයි. මේ හේතුවෙන් විවිධ ආසාදන නිසා මිය යන පුද්ගලයන් සංඛ්‍යාව අවම කරගැනීමට හැකියාව ලැබී තිබෙනවා. නමුත් මෙම රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය අවම මට්ටමක පවතින බැවින් වාර්ෂිකව කකුළුවන් මිලියන කාලකගේ පමණ රුධිරය ලබා ගැනීමට කටයුතු කෙරෙනවා.

මෙම ක්‍රියාවලියේදී කකුළුවන්ගේ ජීවිතයට වන හානිය අවම මට්ටමක පවත්වාගනිමින් සිදු කෙරෙන අතර කකුලුවකුගෙන් 30% ක රුධිර ප්‍රමාණයක් ලබා ගැනේ. ඉන් පසු මොවුන්ව නැවත මුහුදට මුදා හැරීම සිදු කෙරේ. මෙම රුධිර ප්‍රමාණය ලබා ගැනීමෙන් ඔවුන්ගේ ජීවිතයට අවදානමක් නොමැති බවට සැලකුණත් 10% – 30% අතර ප්‍රමාණයක් මරණයට පත්වෙනවා. මෙම කකුළුවකුගේ රුධිර බෝතලයක මිල ඇමෙරිකන් ඩොලර් 15,000 ක් විතර වෙනවා කියල තමයි ආරංචි වෙන්නේ !
මෙම රුධිරය ලබාගන්න ආකාරයත් එම රුධිර සාම්පල් වල amebocytes සෛල බැක්ටීරියා සමග ගැටෙන ආකාරයත් පහත වීඩියෝවෙන් නරඹන්න.
 
 
 
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Feb 2015 05:17 PM
SHHA MAARA WATINAWANE..DANAGENAMA HITIYE NAHA KALIN
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Mar 2015 07:00 AM

 

පෝෂණය සම්බන්ධ මිත්‍යා මත 20ක්

පෝෂණය ගැන කතාකරද්දී අපිට එක එක වෙලාවට නොයෙක් දේ අස්සනට ලැබෙනවා. කවුරුන් හෝ පුද්ගලයෙක් හොඳයි කියන දෙයක් තවත් අයෙක් හොඳ නෑ කියන දේ ගැන ඔබටත් මටත් අත්දැකීම් නැතුවාම නොවෙයි. විද්‍යාත්මක සාධක මගින් පැහැදිලි කර ඇති පෝෂණය සම්බන්ධ විවිධ වැරදි මත 20ක් පිළිබඳව අපි මෙහිදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ලිපිය අපි කොටස් දෙකකින් ඔබට ඉදිරිපත් කරනවා.

එම ලිපි දෙකෙන් පළමු ලිපියයි මේ.

1. මේදය අඩු , පිටි සහිත ඇට ජාති වැඩියෙන් කෑමට කන්න


කාලෙකට ඉස්සර මේවගේ දේවල් අපිට ඇහෙනවා. ඒත් එක පර්යේෂණයකින්වත් ම බව ඔප්පු වෙලා නෑ. ඒක හින්ද මේ ගැන ගැඹුරින් කරපු සමීක්ෂණයකින් හෙළි වුනේ බර අඩු කරගැනීමත්, පිළිකා අවදානම අඩු කරගැනීමත් හෘදයාභාද අවදානම අඩු කිරීමත් මේදය අඩු , පිටි සහිත ඇට ජාති වැඩියෙන් කෑමට ගන්න එක අතර සම්බන්ධයක් නොමැති බවයි.

2. රුධිර පීඩනය අවම කරගැනීමට සහ හෘදයාභාද ඇති වීම අවම කිරීමට ලුණු ආහාරයට ගැනීම අවම කල යුතුයි.


මේ කාරණය නම් අපිට අදටත් අහන්න ලැබෙන දෙයක්. ලුණු අඩුවෙන් ආහාරයට ගැනීම රුධිර පීඩනය 1-5 mm /Hg පමණ අඩු කිරීමට සමත් වන නමුත් හෘදයාභාධයක් ඇතිවීම කෙරෙහි පැහැදිලි බලපෑමක් ඇති නොකරයි. නමුත් ලුණු අධි මාත්‍රාවක් ආහාරයට ගැනීමෙන් ඇති වන රෝග තත්ව නැතුවා නොවෙයි. ලුණු පමණට වැඩියෙන් ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය ඉහල යෑමට බලපායි. මේ ගැන විශාල ලෙස පර්යේෂණ කර නැති වුනත් ලුණු අවශ්‍ය පමණට ආහාරයට ගන්න කියල තමයි උපදෙස් ලැබෙන්නේ.

3. අපේ ඇඟේ පරිවෘත්තිය නිසියාකාරව සිද්ධ වෙන්න කුඩා ආහාර වෙල් කිහිපයක් දිනපතාම ගන්න ඕනේ.


මේ කතාවත් ඔබ අහල ඇති. නමුත් මේ ගැන වැඩි දුර අධ්‍යනය කරලා හොයාගෙන තියෙන්නේ දිනකට ආහාර වේල් 2-3ක් ගත්තම සිරුරේ කැලරි දහනය වන ප්‍රමාණයයි ආහාර වේල් 5-6ක් ගත්තට පස්සෙයි වෙනසක් නෑ කියල. හැබැයි ඒකෙ මෙහෙම පැත්තකුත් තියනවා. වැඩියෙන් බඩගිනි වෙන එක තරමක් දුර මගහැර ගන්න පුළුවන්. අනික් කාරණය තමයි අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගැනීම නිසා සිරුරේ මේධය තැන්පත් වීමත් වැඩි වෙන එක.

4. බිත්තර කහමද කන්න හොඳ නෑ. කොලෙස්ටරෝල් වැඩියි. හදවත් රෝග වලට බලපානවා.


මෙහෙම කියනවා ඔබත් අහල ඇති. නමුත් ගොඩක් දෙනෙක්ට කෑම වල තියන කොලෙස්ටරෝල් ලේ වල කොලෙස්ටරෝල් වලට ඇති කරන බලපෑම අඩුයි. මේ ගැන කරපු අධ්‍යනයකින් දැගන්න ලැබෙන්නේ බිත්තර වලින් හොඳ කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන බවත් හදවත් රෝග වල බල නොපාන බවත්ය. හැබැයි මේ සියල්ල වලංගු වෙන්නේ ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නේ නැති පුද්ගලයකු නම් පමණයි. මොකද දියවැඩියා රෝගීන්ට නම් මෙමගින් හදවත් රෝග වැළඳීමේ අවදානමක් ඇති කරන බැවින්.

5. තිරිඟු පිටි වලින් හදන කෑම සෞඛ්‍යදායි සමබර ආහාර වේලක කොටසක්.


ගොඩක් වෙලාවට තිරිඟු පිටි වලින් හදන කෑම වලට මිනිස්සු පුරුදු වෙලා හිටියා. නමුත් වර්තමානය වන විට ජාන තාක්ෂණයේ බලපෑමත් එක්ක මෙහි පෝෂණ ගුණය පිළිබඳව ගැටළු ඇති වී තිබෙනවා. මුලික අදියරේ පර්යේෂණ වලින් පෙනී යන්නේ වර්තමානයේ භාවිත කරන තිරිඟු පිටි වලින් කොලෙස්ටරෝල් මෙන්ම විවිධ ආසාත්මිකතා ඇති කිරීමේ අවදානමත් වැඩි කරන බවයි. ඉස්ස‍ර තිරිඟු වල මේ ප්‍රශ්න නොතිබුන බවත් ඔවුන් පවසනවා.

6. සංතෘප්ත මේද මගින් LDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි කර හෘදයාභාධ ඇති වීමේ අවදානම වැඩි කරයි.


දශක ගණනාවක සිටම මේ ගැන කතාබහ වන දෙයක්. නමුත් මෑත කාලයේ සිදු කල මහා පරිමානයේ සමීක්ෂණ මගින් සොයාගෙන තිබෙන්නේ සංතෘප්ත මේධ හදවත් රෝග නිසා වන මරණ වැඩිවීම කෙරෙහි සම්බන්ධයක් නොමැති බවයි. එහි සැබෑ පැතිකඩ වනුයේ සංතෘප්ත මේද HDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි කර LDL අංශු වල ප්‍රමාණය විශාල කර අවදානම අඩු කරන බවයි. කෙසේ නමුත් පමණට සංතෘප්ත මේද සහිත ආහාර ගැනීම සුදුසුයි.

7. කෝපි පානය අහිතකරයි.


කෝපි පානය අහිතකර බවට බොහෝ විට සැලකෙන්නේ කැෆින් අඩංගු වන නිසයි. කෙසේ නමුත් කෝපි පානය කිරීමෙන් අත්වන ප්‍රධාන වාසි ද තිබේ. කෝපි යනු බටහිර රටවල් වලට ඇති ඉතා ප්‍රබල ප්‍රති ඔක්සිකාරකයකි. කෝපි මගින් මානසික අවපීඩනය ,දෙවන අදියරේ දියවැඩියාව , ඇල්සයිමර් , පාර්කින්සන් වැනි රෝග වැළඳීමේ හැකියාව අවම කරයි.

8. තෙල් කෑවම මහත් වෙනවා. ඒක හින්ද තෙල් කන්නේ නැතුව ඉඳල බර අඩු කරගන්න.


අපේ හම යටින් තියෙන්නේ මේද ස්ථරයක්. ඒක හින්ද තමයි මෘදු බවක් සහ පිරුණු බවක් ලැබිල තියෙන්නේ. ඒක හින්ද තෙල් කන එක අඩු කරන්න ඕනේ කියන එක සාධාරණ හේතුවක් වගේ පෙනුණත් ඇත්ත කතාව මේකයි. මේදය වැඩි කාබොහයිඩ්‍රේට වැඩි ආහාර ඔබව තරබාරු කරයි. එහෙම වෙන්නේ මේදය හින්දා නෙමෙයි. මේදය වැඩි පිෂ්ටය අඩු ආහාර ගන්න පුරුදු වුනොත් මේදය අඩු ආහාර වේල් ගන්න පුරුදු වුනාටත් වඩා කෙට්ටු වෙන්න පටන් ගන්නවා.

9. අධි ප්‍රෝටීන සහිත ආහාර මගින් වකුගඩු වලට බලපෑම් ඇති කරන හින්දා වකුගඩු ආශ්‍රිත ලෙඩ හැදෙන්න පුළුවන්.


වකුගඩු රෝග වැළඳුනු පුද්ගලයන්ට ප්‍රෝටීන සහිත ආහාර අඩුවෙන් ගන්න කිව්වත් සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට මේ කාරණය වලංගු වෙන්නේ නෑ. මේ ගැන නොයෙක් අධ්‍යන මගින් පිළිගෙන තිබෙනවා. ප්‍රෝටීන් වැඩියෙන් ආහාරයට ගැනීම රුධිර පීඩනය අඩු කිරීමටත්, දෙවන වර්ගයේ දියවැඩියාවත් ඇති වීම අවම කරනවා. බොහෝ විට වකුගඩු නරක වීමට බලපාන සාධක වන්නේ මේවායි.

10. සම්පුර්ණ යොදය සහිත කිරි ආහාර සංතෘප්ත මේද සහ කැලරි වලින් ගහනයි. තරබාරුකම වගේම හදවත් රෝග වැළඳීමේ අවදානමත් වැඩි කරනවා.


සම්පුර්ණ යොදය සහිත ආහාර සංතෘප්ත මේදය සහ කැලරි වලින් පරිපුර්නයි. මේ හේතුව නිසාම යොදය රහිත ආහාර අනුභව කරන්න උපදෙස් ලැබෙනවා. නමුත් පර්යේෂණ වලින් පෙනීයන්නේ සම්පුර්ණ යොදය සහිත ආහාර හදවත් රෝග වැළඳීම හා සම්බන්ධ නොවන අතර තරබාරු බවටත් විශාල ලෙස බලනොපාන බවයි. නමුත් මෙමගින් පැවසෙන්නේ නෑ ඔබට ඕනෑතරම් යොදය සහිත ආහාර පාන අනුභව කරන්න පුළුවන් කියල. කලින් මතක් කර වගේම හැම දේටම සීමාවක් තියන බව මතක තියාගන්න.

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Mar 2015 07:24 AM

sthuthiii me visthara walata,,, biththara saha coffee kathawa nam math ahala thiyenawa kalin

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
01 Mar 2015 07:29 AM
bohoma sthuthi isuru me vistara valata. kirith honda na vage neda
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
01 Mar 2015 07:48 AM
Posted By isurusam on 01 Mar 2015 07:00 AM

 

 

2. රුධිර පීඩනය අවම කරගැනීමට සහ හෘදයාභාද ඇති වීම අවම කිරීමට ලුණු ආහාරයට ගැනීම අවම කල යුතුයි.


මේ කාරණය නම් අපිට අදටත් අහන්න ලැබෙන දෙයක්. ලුණු අඩුවෙන් ආහාරයට ගැනීම රුධිර පීඩනය 1-5 mm /Hg පමණ අඩු කිරීමට සමත් වන නමුත් හෘදයාභාධයක් ඇතිවීම කෙරෙහි පැහැදිලි බලපෑමක් ඇති නොකරයි. නමුත් ලුණු අධි මාත්‍රාවක් ආහාරයට ගැනීමෙන් ඇති වන රෝග තත්ව නැතුවා නොවෙයි. ලුණු පමණට වැඩියෙන් ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය ඉහල යෑමට බලපායි. මේ ගැන විශාල ලෙස පර්යේෂණ කර නැති වුනත් ලුණු අවශ්‍ය පමණට ආහාරයට ගන්න කියල තමයි උපදෙස් ලැබෙන්නේ.

ආසම කොටස 

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Mar 2015 05:17 PM

4. බිත්තර කහමද කන්න හොඳ නෑ. කොලෙස්ටරෝල් වැඩියි. හදවත් රෝග වලට බලපානවා.

 

wade kiyanne kannama asama kotasa kaha madene

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 Mar 2015 12:47 AM

කෝමාරිකා-Komarika wala preyojana


ඔබගේ සිරුරට ගුණදායක බව හා සුවදායක බව ලබා දෙන කෝමාරිකා ශාකයේ ඇති ඖෂධීය ගුණය අතිමහත්ය. තරුණ යුවතියන්ට ලැදියාව දක්වන මෙය කුමාරි යන නමින්ද හඳුන්වනු ලබයි.
 කෝමාරිකා මදයත් රසවත් වෑංජනයක් සාදා ගන්නට හැකිවන අතර අපස්මාර රෝගය, අම්ල පිත්ත රෝගය, අක්මා රෝග,

සෙංගමාලය, ප්ලීහාව, (පපුව ආශ්‍රිත රෝග) ශරීරයේ ඉදිමුණු අවස්ථාවලදී, දේශීය ආයුර්වේදයේ ඖෂධ සඳහා යොදාගනු ලබයි. එමෙන්ම මානසික රෝග සුව කිරීම සඳහා ද කෝමාරිකා (කුමරි) තෛලය යොදාගනු ලබනවා.

කෝමාරිකාවල අඩංගු වී තිබෙන සිසිලස නිසා සිරුර පිළිස්සුණු විට කෝමාරිකා කැබැල්ලක් ගෙන ශරීරයේ ආලේප කිරීමෙන් වියළි බව හා දැවිල්ල අඩුවී සහනයක් ලැබෙන අතර මුත්‍රා පිට කිරීමට අපහසු අවස්ථාවලදී ද කෝමාරිකා ආහාරයට ගැනීමෙන් ගුණ ලබාදේ.
විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ කාන්තාවන්ට පැන නගින ඔසප් දෝෂ සම්බන්ධයෙන් ඖෂධයක් හැටියට භාවිතයට ගන්නා කෝමාරිකා ඔබගේ දෑස් වලටද යෝග්‍ය බවයි. මදය ආලේප කරන විට පොත්ත ගාවන්න එපා.
සමට නිරතුරුවම තෙතමනය රඳා පවත්වා ගැනීමට උපකාරී වන මෙය ඔබගේ කෙස් කළඹට ඉතාමත් ගුණදායකය. හිසේ හට ගන්නා

ආසාදන තත්ත්වයක් වන හිස් හොරි වලට ප්‍රතිකර්මයක් ලෙසට කෝමාරිකා සමග දෙහි යුෂ ස්වල්පයක් දමා හිසේ ගැල්වීමෙන් ගුණ වන අතර කෙස් කළඹ වර්ධනයටද එය උපකාරී වේ.

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
15 Mar 2015 11:37 AM
sthuthi malli...komarika nam kawadath wedagath shakayak.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Mar 2015 06:48 PM
mamath ahala thiyenawa komarika itha watina shakayak
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
16 Mar 2015 10:10 PM

කෝමාරිකා රසවත් වෑංජනයක්....


මම නම් කාලම නෑ හැබැයි 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
16 Mar 2015 10:21 PM
කෝමාරිකා කොළයක් දෙකට කඩලා අල්ලලා බලන්නකෝ.. පුදුම සීතලයි. පිළිස්සුම් වලට දානවා කියලා නම් දන්නවා.. අපේ ගෙදරත් පොඩි පැළයක් තියෙනවා..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 Mar 2015 10:22 PM
narakada bisaunwahanseta kiuwanam hadala denna kiyala..................
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
16 Mar 2015 10:36 PM
Posted By isurusam on 16 Mar 2015 10:22 PM
narakada bisaunwahanseta kiuwanam hadala denna kiyala..................

pissuda yako ..bisaunwahanse inne kema hadanna da..

 

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0
You are not authorized to post a reply.
Page 10 of 18 << < 89101112 > >>