You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  indika76
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 43 of 76 << < 4142434445 > >>
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Sep 2015 05:58 AM
  •  Quote
  •  Reply
සොම්නස හෝ සංතාපය හමුවේ
සිහිවෙයි සිහිවෙයි අම්මා
කරුණා ගුණයේ සාරය සොයලා
නිමකල පිළිරුව අම්මා
ආදරයේ බල මහිමේ රතු ලේ සුදු වූවා
මෑණියගේ සෙනෙහසිනේ රට ජාතිය පිදුවා
නිල්මිණි රන් කැට මේවා ඕනැද
ඕනෑ නෑ ළඟ අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ
නිවසේ දෙවියන් අම්මා
පාවෙන සුළඟේ සිසිලස මවමින්
පෙන්වයි සාමය අම්මා
ජීවනයේ පූජාවෙන් පිදුවත් මදි අම්මා
නිල්මිණි රන් කැට මේවා ඕනැද
ඕනෑ නෑ ළඟ අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ
නිවසේ දෙවියන් අම්මා
නිවසේ දෙවියන් අම්මා.....

ආදරයේ උල්පත අම්මා ......................
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Sep 2015 11:57 AM
  •  Quote
  •  Reply
සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුභ සිහිනය යළි මැවේ //
සියොළඟ යහනතෙ ඉම තියා
මගෙ හිත ටික ටික දුර ගියා //
සැතපෙන කළ විඳ නිදි සුවේ
ඇසිපිය හෙල හෙල අත වනා //
මදහස මතුකොට හිනැහුණා //
තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
නැත නැත එය රන් තරුවෙකි
සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුභ සිහිනය යළි මැවේ
උකුලත සුව පිට හිත තියා //
නැලවුණි මධු රස ගී කියා //
තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
නැත නැත ඒ රන් ගිරවෙකි
සිඹ සිඹ මගෙ වත සැනසුනා
සුර ලොව සුර සුව වැටහුණා
තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
නැත නැත ඒ පිපි කුසුමෙකි
සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුභ සිහිනය යළි මැවේ 


සුජාතා අත්තනායක මහත්මිය ගයන   මෙම ගීතය අසා අස විදින්න 

 "වෙන්නිරා ආඩෙයි" නම් ද්‍රවිඪ චිත්‍රපටියේ පී. සුශිලා ගැයූ "කන්නන් එන්නුම්

ආදරයේ උල්පත අම්මා ......................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Oct 2015 08:17 PM
  •  Quote
  •  Reply
බඔර පහස ලබන මලක් දෝ
බඔර සුවය සොයන මලක් දෝ
කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ
බඔර පහස ලබන මලක් දෝ
බඔර සුවය සොයන මලක් දෝ…/
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
01 Oct 2015 10:57 PM
  •  Quote
  •  Reply






රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා
මලක් සේම දැඩිකරලා මට සැප දුන්නා
මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා
දැඩිකල මවුට වඳිනවා
මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා
දැඩිකල මවුට වඳිනවා

දුකට සැපට පිහිට අපට වෙනව මෑණියෝ
දැක දැක මව් නොසලකන්නෙ රටේ මෝඩයෝ
දස මස කුසෙහි දරා ලේ කිරි කර පොවලා
දැඩිකල මගේ මෑණියෝ
දස මස කුසෙහි දරා ලේ කිරි කර පොවලා
දැඩිකල මගේ මෑණියෝ

දෑත දෙපය නොකඩා දැඩි කරපු අම්මට
දෝත නගා වඳිනව මම මගේ අම්මට
ලෙඩ දුක දෙක බැලුවා දිවා රෑ නිදිමැරුවා
මෙලොව දෙවියො මගේ මෑණියෝ
ලෙඩ දුක දෙක බැලුවා දිවා රෑ නිදිමැරුවා
මෙලොව දෙවියො මගේ මෑණියෝ

මව් වගෙ තව කෙනෙක් ඇත්ද මේ මනු ලෝකේ
මව් නැතිදා තේරේවී මව් නැති සෝකේ
නලවා බබෝ කියා බැලුවා නෙත නොපියා
සිහිවේ මව් මරණ මංචකේ
නලවා බබෝ කියා බැලුවා නෙත නොපියා
සිහිවේ මව් මරණ මංචකේ

කැලේ සිටින මුර්ගය ආදරෙයි පැටියට
යක්ෂයා වගේ සමහර පුතු රවයි අම්මට
බස් නොව බොරු මිතුරා ඇස් දෙක යයි පුපුරා
සත්තම්ඇයි නුඹේ අම්මට
බස් නොව බොරු මිතුරා ඇස් දෙක යයි පුපුරා
සත්තම්ඇයි නුඹේ අම්මට

ආදරය කරන කරන කෙල්ලට නම් පුදයි ජීවිතේ
පව් නේද මව්ට කුස්සියෙ වැඩ ඉවරයක් නැතේ
මෝඩකම් අත්හැරලා මෙ වදන් සිතට අරං
සලකන්න මව්ගෙ ජීවිතේ
මෝඩකම් අත්හැරලා මෙ වදන් සිතට අරං
සලකන්න මව්ගෙ ජීවිතේ

මරුව ඇවිත් දඟලන කල පණ ගෙනයන්න
බේරගන්න බැරි තැන අඬගසති අම්මට
දරුවා වරෙන් කියා මරුවා අඬගහනව
පුතාගෙ සැර එවෙලෙට ඉවරයි
දරුවා වරෙන් කියා මරුවා අඬගහනව
දුවාගෙ සැර එවෙලෙට ඉවරයි

රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා
මලක් සේම දැඩිකරලා මට සැප දුන්නා
මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා
දැඩිකල මවුට වඳිනවා
මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා
දැඩිකල මවුට වඳිනවා


ගායනය, සංගීතය - වොලී බැස්ටියන්
පසු ගායනය - මැක්ස්වෙල් මෙන්ඩිස්
ආදරයේ උල්පත අම්මා ......................
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
06 Oct 2015 09:30 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 01 Oct 2015 08:17 PM
බඔර පහස ලබන මලක් දෝ
බඔර සුවය සොයන මලක් දෝ
කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ
බඔර පහස ලබන මලක් දෝ
බඔර සුවය සොයන මලක් දෝ…/
මොකද කාගෙ හරි පහස ලැබුනද උඹට එකපාරටම ..

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Oct 2015 08:19 AM
  •  Quote
  •  Reply
මේ දවස් වල මන් ආසම සින්දු වලින් තවත් එකක් මේක ...... රනිල් කියන එකට තමා ගොඩක්ම කැමති මන් නම් .......මුළු සින්දුවම හරිම ලස්සනයි .ඔයාලත් කැමති වෙයි මේකට නම්

සැදී රන් අභරනින්
රිදී සළු පිළි දරා
නැගී රිය පෙරහරින්
පැතු පෙම් ලොව දවා
මනාලිය වී ලඳේ
ගියත් ඔබ ඔහු කරා
මගේ හදවත ඔබෙයි
මගේ දිවි ඇති තුරා..............

අදින් පසු සිත ඔබේ
අහිමි වෙන බව දනිම්
යලිදු අප දිවි තුරා
නොයෙන බව යලි දනිම්............

ඔබෙන් ලද සෙනෙහසේ
සුවය නිති විදින්නම්
සසර මතු බවෙක හෝ
සුරත ඔබෙ පතන්නම්...........
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Oct 2015 11:30 AM
  •  Quote
  •  Reply
දොරකවුළුවෙන් එබී බලා - කවුරුදෝ නුවන් හෙලා..
කවුරුදෝ ඔබ කවුරුදෝ - මන්දහාසයෙන්...
දොර කවුළුවෙන් එබී බලා - මං මෙසේ නුවන් හෙලා..
රෝස මලට බඹරු රඟන - මං හිදිමි බලා...
නගේ මගේ පැලට නුඹේ සීපද රාවේ..
සවනට මා රැදුනු සැනින් මේ දුර ආවේ..
මලින් මලට බඹරු රඟන ගුමු ගුමු නාදේ..
සවනට මා රැදුනු සැනින් මේ දිව ආවේ..
දොර කවුළුවෙන්...//
ලබන මහේ අස්වැන්නේ සතුට දැනෙනවා
බහක් ලැබේ දෝ නුඹගෙන් මසිත සැලෙනවා
පමා වුනේ නුඹ කිමදෝ මසිත සැලෙනවා
හෙට දිනයේ එහා ගමට දීගෙක යනවා...
දොර කවුළුවෙන්...//
ගායනය - ෂර්ලි වෛජයන්ත /// චන්ද්‍රලේඛා පෙරේරා
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
10 Oct 2015 08:55 PM
  •  Quote
  •  Reply
Posted By gamini on 10 Oct 2015 11:30 AM
දොරකවුළුවෙන් එබී බලා - කවුරුදෝ නුවන් හෙලා..
කවුරුදෝ ඔබ කවුරුදෝ - මන්දහාසයෙන්...
දොර කවුළුවෙන් එබී බලා - මං මෙසේ නුවන් හෙලා..
රෝස මලට බඹරු රඟන - මං හිදිමි බලා...
නගේ මගේ පැලට නුඹේ සීපද රාවේ..
සවනට මා රැදුනු සැනින් මේ දුර ආවේ..
මලින් මලට බඹරු රඟන ගුමු ගුමු නාදේ..
සවනට මා රැදුනු සැනින් මේ දිව ආවේ..
දොර කවුළුවෙන්...//
ලබන මහේ අස්වැන්නේ සතුට දැනෙනවා
බහක් ලැබේ දෝ නුඹගෙන් මසිත සැලෙනවා
පමා වුනේ නුඹ කිමදෝ මසිත සැලෙනවා
හෙට දිනයේ එහා ගමට දීගෙක යනවා...
දොර කවුළුවෙන්...//
ගායනය - ෂර්ලි වෛජයන්ත /// චන්ද්‍රලේඛා පෙරේරා
මොකද අයියේ හදිසියේම මේක මතක් වුනේ..
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
11 Oct 2015 07:53 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 10 Oct 2015 08:55 PM
Posted By gamini on 10 Oct 2015 11:30 AM
දොරකවුළුවෙන් එබී බලා - කවුරුදෝ නුවන් හෙලා..
කවුරුදෝ ඔබ කවුරුදෝ - මන්දහාසයෙන්...
දොර කවුළුවෙන් එබී බලා - මං මෙසේ නුවන් හෙලා..
රෝස මලට බඹරු රඟන - මං හිදිමි බලා...
නගේ මගේ පැලට නුඹේ සීපද රාවේ..
සවනට මා රැදුනු සැනින් මේ දුර ආවේ..
මලින් මලට බඹරු රඟන ගුමු ගුමු නාදේ..
සවනට මා රැදුනු සැනින් මේ දිව ආවේ..
දොර කවුළුවෙන්...//
ලබන මහේ අස්වැන්නේ සතුට දැනෙනවා
බහක් ලැබේ දෝ නුඹගෙන් මසිත සැලෙනවා
පමා වුනේ නුඹ කිමදෝ මසිත සැලෙනවා
හෙට දිනයේ එහා ගමට දීගෙක යනවා...
දොර කවුළුවෙන්...//
ගායනය - ෂර්ලි වෛජයන්ත /// චන්ද්‍රලේඛා පෙරේරා
මොකද අයියේ හදිසියේම මේක මතක් වුනේ..

තාම වසන්ත ඍතුවනේ ඕක ඔයහැටි ගනම්ගන්නට එපා ......
 
ආදරයේ උල්පත අම්මා ......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
14 Oct 2015 12:12 AM
  •  Quote
  •  Reply
ඔය එබිලා බලන ඒවා දිහා ඕනවට වඩා බලන්න නොගිහින් හිටියනම් හරි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Oct 2015 06:29 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 14 Oct 2015 12:12 AM
ඔය එබිලා බලන ඒවා දිහා ඕනවට වඩා බලන්න නොගිහින් හිටියනම් හරි.

කමක් නැද්ද? මලයෝ .................................
ආදරයේ උල්පත අම්මා ......................
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Oct 2015 06:35 AM
  •  Quote
  •  Reply
මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි...//

ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
අප හදවත් බැඳි සොදුරු සෙනේ...
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මඟ බලමින් මා සිත ලතැවේ...

මහ වරුසාවට...//

ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවදයි...
විටකදි නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස අද උතුරයි...
ආදරයේ උල්පත අම්මා ......................
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Nov 2015 05:26 PM
  •  Quote
  •  Reply
සන්සුන් සිතින් සිතමි මුළු රෑ පුරා..
දැනෙනා හැඟුම් විදිමි සිහිනේ සරා..
දිගු රැය දිගේ - ඔබෙ රුව මැවේ..
පවසන්න ලංවෙලා - මේතරම් ආදරේ..
කොහෙන්දෝ කියා..
මා ඈස් පිය නොහෙලා බෑලුවා..
මා ඈස් පිය නොහෙලා බෑලුවා..
මා ඈස් පිය නොහෙලා බෑලුවා..
ඔබේ දෑස් දිහා....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
12 Nov 2015 11:31 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 10 Nov 2015 05:26 PM
සන්සුන් සිතින් සිතමි මුළු රෑ පුරා..
දැනෙනා හැඟුම් විදිමි සිහිනේ සරා..
දිගු රැය දිගේ - ඔබෙ රුව මැවේ..
පවසන්න ලංවෙලා - මේතරම් ආදරේ..
කොහෙන්දෝ කියා..
මා ඈස් පිය නොහෙලා බෑලුවා..
මා ඈස් පිය නොහෙලා බෑලුවා..
මා ඈස් පිය නොහෙලා බෑලුවා..
ඔබේ දෑස් දිහා....

මාර වැඩේනේ.. නිදි පෙත්තක්වත් බීල බලන්නකෝ...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Nov 2015 05:45 AM
  •  Quote
  •  Reply
hari yayai da aiyya ....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
13 Nov 2015 07:06 AM
  •  Quote
  •  Reply
නින්ද නොයාම

මිනිසාගේ හොඳම ව්‍යායාමය නින්දයි. ජීවිත කාලයෙන් තුනෙන් එකක් පමණ මිනිසා නින්දේ ගත කරයි. අවදිව සිටීම මෙන්ම නින්ද ද මිනිසාට අත්‍යවශ්‍ය වේ. නින්ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ව අවශ්‍ය වේ. කුඩා දරුවා දිනකට පැය 16 ක් පමණ නිදා ගන්නා අතර වයෝවෘද්ධ අය සාමාන්‍යයෙන් නිදන්නේ පැය 6 කට අඩු සුළු කාලයකි. බොහෝ තරුණ පිරිස් ශිල්පීන් පැය 7 - 8 අතර කාලයක් නිදා ගනිති.ලොකයේ ප‍්‍රකට පුද්ගලයන් නිදා ගත්තේ ඉතා සුළු කාලයකි. ඒ අතර ඇල්බට් අයින්ස්ටයින්, මහත්මා ගාන්ධි, රුසියාවේ ජනාධිපති ස්ටාලින් වැන්නෝ මේ අතර වෙති.දහවල් කාලයේ දී නිදා ගත් විටක රාති‍්‍ර කාලයේ නින්ද අඩුවීම ස්වාභාවික දෙයකි. ඇතැම් විට දහවල් නිදා ගැනීමෙන් අප නිදා ගන්නා රටාව වෙනස්වීමට ද පුළුවන. දවස පුරාම කය මනස වෙහස වී වැඩ කරන මිනිසාට විවේකය අවශ්‍යය. නින්ද යෑමට පෙර පැයක් හෝ දෙකක් විවේකීව සිටීමට පුරුදුවීමෙන් සුව නින්දක් කරා ළඟා විය හැක. මීට හොඳ පිළියම් ලෙස නවකතාවක් පුවත්පතක් කියවීම, රූපවාහිනීය නැරඹීම, භාවනාකිරීම, රේඩියෝවට සවන්දීම මේ අතර වේ.

ශරීරයට හොඳ ව්‍යායාමයක් ලබා දීමෙන් හොඳ නින්දක් ලබා ගත හැකිය. නිතිපතා ව්‍යායාමයේ යෙදෙන විට ශරීරයට හොඳ වාතාශ‍්‍රයක් ලැබේ. ගේ දොර වැඩ කටයුතු, ඇවිදීම, බයිසිකල් පැදීම මේ අතර වේ. උණු වතුරෙන් ඇඟ සේදීම ද රාති‍්‍රයට සුව නින්දක් ලබා ගැනීමට ඇති හැකියාව ද ඇති කරවයි.රාතී‍්‍ර නින්දට පෙර බර ආහාර වේලක් හෝ ලොකු ආහාර වේලක් ගත් විට සිරුර රත්වීම වැඩි වේ. හෘද කි‍්‍රයාකාරිත්වය ඉහළ යයි. එය නින්ද අපහසු කරවයි. අඩු තරමින් නින්දට පැය දෙකකට පෙර රාතී‍්‍ර ආහාර වේල ගැනීමෙන් ඒ අපහසුතාව මඟ හරවා ගත හැක. නිදා ගැනීමට පෙර කෝපි සහ තේ පානය කිරීමෙන් ද නිදිමත නැති වේ. කෝපි සහ තේවල අඩංගු කැෆේන් සහ මැනින් ශරීරයට උද්දීපනයක් ලබා දේ. ඒ නිසා නිදා ගැනීමට මද වේලාවකට හෝ පරක්කු වේ. මීට අමතරව කොලා පානයන්, රෙඩ් වයින් වර්ග, චොකලට් සහ චීස් වර්ග ද නිදි මත පමා කරයි. එනිසා මෙවන් ආහාර වර්ග රාතී‍්‍ර නින්දට පෙර ගැනීීමෙන් වැලකිය යුතුය.එමෙන්ම හොඳ නින්දකට ඇඳෙ සුව පහසුව ද අත්‍යවශ්‍ය වේ. ඔබ නිදා ගන්නා ඇඳ සුවපහසු එකක් වූවාට කමක් නැත. එවිට හොඳ නින්දක් ඔබට ලබා ගත හැක. මනාව සකසා ඇති කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි මෙන් ම සුදුසු තිර රෙදි දැමීම ඔබ නිදන කාමරයට හොඳින් වාතාශ‍්‍රය ලැබෙන වා කවුළු ද මේ අතර සුව නින්දකට වැදගත් වේ.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
13 Nov 2015 07:11 AM
  •  Quote
  •  Reply
ඔන්න නංගී මේ ටික කියවලා සන්සුන් සිතින් නිදාගන්නකෝ...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Nov 2015 10:12 AM
  •  Quote
  •  Reply
sthuthi aiyya
ane apahasuwak na ,,,me hemadema kara nokara ninden nam paduwak na mata ,,,ninda thama mage kemathima wade ..eka nisa kisi badawak na nindata nam mage
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
17 Nov 2015 10:46 AM
  •  Quote
  •  Reply
දුර ඈත තුරු වදුලේ කටු අකුලේ
පිපි නිදිකුම්බා මල් කැකුළ ඔබයි...
මඳහස මුව මඬලේ නෙතු සඟලේ
නිති තනි රකිනා පිනි කඳුළ මමයි...
මුළු සසර පුරා සිසිලස තවරා
දිවි ගිමන නිවන මඳ පවන ඔබයි…
හද විමන අරා සෙනෙහස අතුරා
එහි නිබඳ රඳන මල් සුවඳ මමයි…
ඇස කඳුළු සලා හිස ගිනි අවුලා
හිත නැඟෙන බිඳෙන දුක් සුසුම ඔබයි…
නිති සිනා සලා දිවි ගෙවන තුරා
ඔබ සිතන පතන පිළිසරණ මමයි…
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
17 Nov 2015 06:35 PM
  •  Quote
  •  Reply
Posted By gamini on 17 Nov 2015 10:46 AM
දුර ඈත තුරු වදුලේ කටු අකුලේ
පිපි නිදිකුම්බා මල් කැකුළ ඔබයි...
මඳහස මුව මඬලේ නෙතු සඟලේ
නිති තනි රකිනා පිනි කඳුළ මමයි...
මුළු සසර පුරා සිසිලස තවරා
දිවි ගිමන නිවන මඳ පවන ඔබයි…
හද විමන අරා සෙනෙහස අතුරා
එහි නිබඳ රඳන මල් සුවඳ මමයි…
ඇස කඳුළු සලා හිස ගිනි අවුලා
හිත නැඟෙන බිඳෙන දුක් සුසුම ඔබයි…
නිති සිනා සලා දිවි ගෙවන තුරා
ඔබ සිතන පතන පිළිසරණ මමයි…

නන්දා මාලිනියන්ගේ ඉතා සුන්දර ගීතයක්..

සංගීතය නම් සරත් දසනායකයන්ගේ...

මට මතක විදියට පද කැමිලස් පෙරේරා ගේ..

(මට ගැටළුවක් තියෙනවා මේ ගජමෑන් අදින කැමිලස් ද වෙනත් කැමිලස් කෙනෙක්ද කියලා. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න)

0
Add Reply
Page 43 of 76 << < 4142434445 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below