Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 58 of 76 << < 5657585960 > >> Author Messages isurusamSuper Senior MemberPosts:7342 01 Oct 2016 11:15 AM Quote Reply ඔබ නැතුව ඉන්න බැරි තරමට ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට ඔබ නොදැක ඉන්න බැරි තරමට නෙත ඔබව සොයනවා දවසෙම මේ සීතල හිම ගිරි අරණේ මට හමු වූ වනපස කුසුමේ පෙති මත සතපා රැගෙන යන්න මා කුසුම් නිම්නයේ මාලතියේ මේ ජීවන අවපස අහසේ ඔබ පුරපස සඳ වී පිපුණේ ඔබේ රැසින් මා දවාලන්න රෑ ළය මත සනහා රාජිනියේ -සුජීව ප්‍රසන්න ආරච්චි -වික්ටර් රත්නායක 0 සඳුනිVeteran MemberPosts:2462 01 Oct 2016 02:04 PM Quote Reply සසරේ සදා අප බැදෙමුයි පතා......... වැඩුනා හදෙහී සෙනේ... දගකාර ඔය දෑස දුටුවා ඒදා දුර අෑත පාසල් වියේ නොදැනීම අපගේම සිත් යා වුනා දසුනින්ම හසුනක් මවා......// උදයේ හවා ඔබ හමුවී ඒදා දෙඩුවා බැදීලා සෙනේ......// දෙකොපුල් විලේ.. හසරැල් පිපී.. සතුටින්ම කල් යා වුනා....... දගකාර ඔය දෑස දුටුවා ඒදා....... සසරේ සදා අප බැදෙමුයි පතා වැඩුනා හදෙහී සෙනේ.....// නිළුපුල් නෙතේ..... හසරැල් මැකී.... කදුලින්ම වෙන් වී ගියා........ දගකාර ඔය දෑස දුටුවා ඒදා........// දිනයක වැටහේවී........... 0 DanuLiyanageVeteran MemberPosts:3457 02 Oct 2016 02:36 PM Quote Reply ඔබ ගාව මම ඉන්නෙමි සුසුමන් වගේ යාවෙවී තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී රෑ සීතලේ ළං වෙවී තරුමල් කඩා දෙන්නෙමි // මෙලෙසේ දිළෙන්නේ තරු සේ නිවෙන්නේ ඔබගේ සිනා දෑස නේදෝ නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ ඔබගේ මගේ ස්නේහෙ නේදෝ සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන් නෑ ළඳේ මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී ගුවනේ පියාඹන්න වේවි අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ මිතුරන් සොයා යන්න වේවි ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ ඔබ ගාව මම ඉන්නෙමි සුසුමන් වගේ යාවෙවී තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී රෑ සීතලේ ළං වෙවී තරුමල් කඩා දෙන්නෙමි // මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 සඳුනිVeteran MemberPosts:2462 02 Oct 2016 03:28 PM Quote Reply මලක් වුනේ අැයි නුඔ මට ජීවිතයට සුවද සලන ඒනමුදු සිප ගන්නට තහනම්......... විලක් වුනේ අැයි නුඔ මට ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් බොන්නට තහනම්......... පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද ඒ ඒළියෙන් මහද පහන් දල්වනු කෙෙලසින් කියන්න... මලක් වුනේ අැයි නුඔ............ සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිව්වද ඒ ගීයේ සොදුරු වදන් මුමුනනු කෙලෙසින් කියන්න... මලක් වුනේ අැයි නුඔ....... අමරසිරි පීරිස්. දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 02 Oct 2016 03:55 PM Quote Reply ඔබ නැති මේ රැයට පුර සද ඒළිය කුමටද ඔබ නැති බිමට නළ මුදු සුවද කුමටද..........// මහ කනදරා වැවැට සද වැටිලා දියේ ගිලීය විකල් වී තුරු හිස හාදු දිදී වුන් කිරලුන් කොහේ ගිහින්ද ඉගිල්ලී ඔබ නැති මේ රැයට.............. හමුවී අැසට අැසක් නැගූ පහන් නිවී ගියාද නොකල්හී සුන්දර රාත්‍රියම මවිත සිතින් බලා හිදි වී නොසෙල් වී ඔබ නැති මේ රැයට........... නන්දා මාලනී. දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 03 Oct 2016 02:32 PM Quote Reply සෙනෙහෙ සිතින් මට සමු දෙන්න හදට හොරෙන් පිටවී යන්න හැකි තරමික් මට රිදවන්න හඩන්න ආසයි හැකිනම් මට දුක් දෙන්න ආදරයෙන් පිරිණු සිතට සැකය උරුමමයි ඒනිසාම මා හැරදා යයිද සිත කියයි හැම වෙලේම මට දැනෙන්නෙ ඔබගෙ වෙනසමයි කවදාවත්ම එපා යන්න මම ඔබේ ලගයි ආදරයේ මිහිරියාව වින්දෙ ඔබ නිසයි මගෙ දිවියට සැනසීමක් ලැබුණෙ ඔබ නිසයි හැමදාකම ඹා සමගින් ඉන්නෙ ඔබ තමයි ඉතින් එන්න ලංව ඉන්න ඔබ මගේ ලගයි 1 indika76Most Senior MemberPosts:10449 03 Oct 2016 07:34 PM Quote Reply මේ දවස් ටිකේ විරහ ගීත වැඩිපුර තියෙන්නේ... මොකද කට්ටිය බූට් කාලාද? 0 සඳුනිVeteran MemberPosts:2462 04 Oct 2016 10:25 PM Quote Reply සිනා පොදක් වී ඔබගේ දෑසේ නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට කඳුලැල්ලක් වී ඔබගේ දෑසින් ගිලිහී යන්නට උරුම කලේ ඇයි // සෙවනැල්ලක් සේ ඔබ දිවිගමනේ අත්වැල වන්නට පැතුම් පැතූ මා // මිරිඟුව දක්වා නෙතු යුග රවටා වල්මත් කරදා සැඟව ගියේ ඇයි // මල් කැකුලක්සේ ඔබ හද උයනේ විකසිත වන්නට සැරසී උන් මා // සිතගිණි අවුලා පියවර අහුරා අසරණ කරදා ඉවත ගියේ ඇයි // සිනාපොදක් වී...... දිනයක වැටහේවී........... 1 sha733Super Senior MemberPosts:7332 05 Oct 2016 07:46 AM Quote Reply Posted By indika76 on 03 Oct 2016 07:34 PM මේ දවස් ටිකේ විරහ ගීත වැඩිපුර තියෙන්නේ... මොකද කට්ටිය බූට් කාලාද? ඔව මේ හිත බැදුණු දේවල්නේ. 0 සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 05:11 AM Quote Reply අාදරේට වඩා විරහව වැඩි නිසා. විරහවට අාදරේ කරන්න හිතුවා. හී නරකද? වෙන් වෙන්න නම්, වෙන්නේ නෑ..... අායේ........... දිනයක වැටහේවී........... 0 kingDVeteran MemberPosts:3309 06 Oct 2016 05:54 AM Quote Reply ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට හිත බැදි කාරණේ මම තවම සොයන්නෙමි ....... Business, you know, may bring money, But friendship hardly ever does. 0 kingDVeteran MemberPosts:3309 06 Oct 2016 06:17 AM Quote Reply සඳ මිදුලට එනවා ඇගෙ වත සිහිවෙනවා සඳ වතුරේ නලවා සතපා ඇය රෑ එළියේ සැඟවී යනවා ඇය රෑ එළියේ සැඟවී යනවා ඈ ඉන්නෙ සඳ රේණුවේ මා ඉන්නෙ මගෙ ලෝකයේ ඈතට ඈ යාවි සීතට රෑ වේවි මා මෙහි තබා පාළුවේ ...... Business, you know, may bring money, But friendship hardly ever does. 0 kingDVeteran MemberPosts:3309 06 Oct 2016 06:25 AM Quote Reply ගතින් ඔබ ඈතයි සිතින් ඔබ ලගමයි කවදා හමුවේවි දෝ දෙදෙනා හැබැහින් හිනැහී ලංවේවි දෝ තුරුළු වී ආදරෙන් මා සිත බැඳුනේ ඔබටයි ප්‍රිය ලඳුනේ සැමදා මා ආදරෙයි ආදරෙයි ආදරෙයි දිවුරා කියමි මෙසේ ඔබට මා ආදරෙයි Business, you know, may bring money, But friendship hardly ever does. 0 sha733Super Senior MemberPosts:7332 06 Oct 2016 06:54 AM Quote Reply කදුලු පලසක්ද මගෙ දෑස හඩවන්නෙ ඈ හැමදාම වැලපීල තනිවෙයිද මා තනිකඩව ගෙවු යුගය මිහිරියි එදා සෙනෙහසට පිටුපෑම කදුලක් වෙලා............. හිනැහීල සැනසීල නැලවූ යුගේ හැර ඇයිද ආලයට මා ලං කලේ මා සිතුවෙ ආදරය මිහිරියි කියා පිටුපෑව දින දැනුනෙ කුරිරුයි කියා.......... ලතැවීල ගොලුවීල කදුලැල් සලා නොහඩන්නෙ කෙලෙසින්ද නුඹ සිහි වෙලා පෙම් සිහින මැව්වාට පෙරැමන් පුරා හිමිවන්නෙ කදුලැල්ල පමණයි සදා.............. 0 සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 07:03 AM Quote Reply Posted By kingD on 06 Oct 2016 05:54 AM ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට හිත බැදි කාරණේ මම තවම සොයන්නෙමි ..... මේ සිංදුවේ තේරුම දන්නවා නම් රජ තුමාගේ හිත බැදෙන ඒකක් නෑ.......... දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 06 Oct 2016 07:33 AM Quote Reply තේරැමත් කියල දෙන්නකෝ 0 gaminiVeteran MemberPosts:4475 06 Oct 2016 09:40 AM Quote Reply සඳක් වෙන්න බැරි නම් නුඹ හට ඉරක් වෙන්න හැකිදෝ මා හට වෙහෙස දැනෙන මේ ජීවිතේ වැවක් වෙන්න බැරි තැන නුඹ හට ඇයිද කීවේ වෙන්න නිල් දිය දුකක් ඉතිරි මේ ජීවිතේ // සීත සෘතුවකට වෙලා මිය යන්න නම් එපා පෙම් කවක් ලියන්න ආසයි මට තවත් සෘතුවක් ඇතත් නැතත් හුස්ම ලන මගේ සිතුම් පණ ගසයි ඔබේ දෙපා මුල වැටී සඳක් වෙන්න බැරි නම්............ මා නොමැති හෙටක් ඇතත් පිපෙන මල් යළිත් පපේ හිරු එළිය ඇවිත් තව දවසක් උදාවී හමනා ඒ සුළං රැළිත් නෙත් කොනින් ළඟින් හමයි නෙතු අගින් වැටෙන ඒ කඳුලැල් සීතලයි ආදරයේ උල්පත අම්මා ...................... 0 සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 11:58 AM Quote Reply Posted By sha733 on 06 Oct 2016 07:33 AM තේරැමත් කියල දෙන්නකෝ තේරුම මමත් කෙනෙක් ඒක්ක සාකච්චා කරලා දැන ගත්තේ ඊට කලින් මටත් ඒහෙම හිතුනේ නෑ. ගුරුගේ ඩොන් ඩොන් ඒකටම දාන්නම්කෝ අෑ. මේකේ දාන ඒක හරි නෑනේ. දිනයක වැටහේවී........... 0 RosiSuper Senior MemberPosts:5335 06 Oct 2016 01:31 PM Quote Reply රජ තුමාගේ හිත පැරිලා වගේ ,එක පාරටම ලස්සනම සින්දු ටිකක් මතක් වෙලා ,,මොකෝ අගබිසව දාලා ගිහින් ද 0 RosiSuper Senior MemberPosts:5335 06 Oct 2016 01:35 PM Quote Reply කට්ටියගේම සින්දු ටික නම් හරිම ලස්සනයි ,,මටත් මතක් වුන සින්දුවත් එකතු කරන්න ආවේ මේ හිත තනියෙන්.. නුඹ එනකන්.. හිටිය තරම්.. නෑ මං දන්නා.. වෙන කවුරුත් - නුඹව තරම්.. ආදරයෙන්...එදා ඉදන්.. කඳුලක් ලඟ නැවතුන ඇහිපිය දුරකට යවමින්.. හුස්මත් මට අමතක කරනා මතකය හොයමින්.. ආයේ හීනේ මැද්දෙන් ජීවිතේ අලුතෙන් ලියන තරම්.. 0 Add Reply Page 58 of 76 << < 5657585960 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit