Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 65 of 76 << < 6364656667 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 03 May 2017 08:03 AM Quote Reply සිත බිදුණු දා තරු කඩා වැටුනා මම ඉකිගසා..හැඩුවා ඔබ දන්නේ නෑ කුමුදිනිය පෙති ලිහී..... බොලද මගේ සිත රිදී කදුළු කැටි ගැසුනා ඔබ දන්නෑ ඔබ දන්නේ නෑ සුළගටත් දුක හිතී....// මලක් ළග නැවතී මල් රේණුවෙන් රේණුවම ඉම්බා ඔබ දන්නේ නෑ...../// සිත බිදුණු දා තරු කඩා වැටුනා මම ඉකිගසා..හැඩුවා ඔබ දන්නේ නෑ... අළුත් බඹරිදු රැදී........// තුරුළු වී සිටියා මල් රේණුවෙන් රේණුවම ඉම්බා ඔබ දන්නේ නෑ...../// සිත බිදුණු දා තරු කඩා වැටුනා........ ගායනය - ගයනි මධුෂා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 04 May 2017 10:52 PM Quote Reply ඔබමත් මමත් හිදිනා මේ ලොව තුළ කදුළ සුසුම කුමකදෝ ඔබමත් මමත් දෙදෙනෙකු ලෙස නොව එකකු ලෙසින් සිතමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු.....// අවි ගැටෙනා බිම් තලය පුරා යුධයේ ගිනි දැල් පැතිරෙන්නේ දුක් විලාපයයි මිනිසුන්නේ යුධ වැදී කුමට මේ එකම පොළව මත එකම ලෙයින් අප සැදුනේ -එකම සුසුම් ළය රැදුනේ ඔබමත් මමත් හිදිනා මේ ලොව තුළ කදුළ සුසුම කුමකදෝ ඔබමත් මමත් දෙදෙනෙකු ලෙස නොව එකකු ලෙසින් සිතමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු.....// රකිමු මිනිස්කම් භේද නොවී කුල ගොත් උස් මිටිකම් දුරලා සතුරු සිතුම් අත්හැරලා කුසගින්න අවි දරා දැවේ ළපටි සිත් කදුළු පිසිනු දරුවන්ගේ -සතුට බෙදමු මිහිමඩලේ ඔබමත් මමත් හිදිනා මේ ලොව තුළ කදුළ සුසුම කුමකදෝ ඔබමත් මමත් දෙදෙනෙකු ලෙස නොව එකකු ලෙසින් සිතමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු.....// ගායනය - ජගත් වික්‍රමසිංහ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 May 2017 10:21 PM Quote Reply සැබෑ ලොවක විඳින්න බැරි නුඹේ ආලය සැබෑවටම සිහිනයක්ය නෙතුමානය.. නෙතුමානය.. නෙළුම් විලක රෑ මැදියම රැෙඳන සිසිල විකසිත වන මොහොතට පෙර දැනෙන කිතිය නුඹේ හද තුල මා වෙනුවෙන් පිරි දයාව කම් පහසින් ලැබිය හැකිද එවන් සුව සැබෑ ලොවක...... කරුණාවේ අමරස මුසුකළ ප්‍රේමය ඉවසීමේ නිම නොපෙනෙන සන්තානය කුමන අසිරියද නොදනිමි මම මේ අරුමය මෙවන් සිතක් තිබිය හැකිද මනු ලොව සැබෑ ලොවක...... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 May 2017 10:22 PM Quote Reply ගං ඉවුරට කියා යන්න නොඑනා බව ආයේ දිය රැලි මත සුසුම් හෙලන පෙන කඳුලැලි වාගේ ඇවිදින් කියා යන්න නොඑනා බව ආයේ නොඑනා බව ආයේ විපරම් කලත් මගෙන් ගඟ දිය හිස ඔසවා සත්තයි නොදනිමි මම තව කියනුද මොනවා ඇවිදින් කියා යන්න නොඑනා බව ආයේ නොඑනා බව ආයේ ගං ඉවුරට කියා යන්න..... වෙනදා වගෙම රුවට මල් පිපෙනවා දෑලේ සිත නැහැ සිපගන්නට පෙති ගිලිහුුනු හීනේ ඇවිදින් කියා යන්න නොඑනා බව ආයේ නොඑනා බව ආයේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 May 2017 11:11 PM Quote Reply (Yeh din, yeh mahine, sal gujar jayenge mere yar Magar itna rakhna khayal jina sirf merre liye Jina sirf merre liye kasam se, (jina sirf merre liye -2)) - (2) Abb kabhee na kam ho bekararee apanee Yu hee badhatee jaye yeh khumaree apanee Mujhko dhadkano me tum chhupa ke rakhna Chahato ko dil se tum laga ke rakhna Mohabbat me sara jahan kare chahe lakho sawal Magar itna rakhna khayal jina sirf merre liye Jina sirf merre liye kasam se, (jina sirf merre liye -2) Kaisee bhee ho rahein sath sath chalna Chahe badle mausam tum nahee badalna Teraa meraa nata abb kabhee na tute Saanso kaa yeh bandhan abb kabhee na chhute Mile ham ko gham ya khushee Chahe kuchh bhee ho apna hal Magar itna rakhna khayal jina sirf merre liye Jina sirf merre liye kasam se, (jina sirf merre liye -2) Yeh din yeh mahine sal gujar jayenge mere yar Magar itna rakhna khayal jina sirf merre liye Jina sirf merre liye kasam se, (jina sirf merre liye -6) ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 06 May 2017 01:51 AM Quote Reply අප හමුවූවත් නොවුණත් කාලය ගතවී යනවා අප තනිවූවත් නොවුණත් ලොව එකසේ පවතිනවා ලොව මල් පිබිදෙන්නේ යළි පරවෙන්නට නම් අප හදවත් එක්වන්නෙත් වෙන්වන්නට නම් යළි වෙන්වන්නට නම් 0 isurusamSuper Senior MemberPosts:7342 13 May 2017 04:57 AM Quote Reply හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න කඳුලක් කඳුලක් ගානෙ පෙම දියකරලා සුසුමක් ගානෙ හදවත දුක් ගිනි අවුලා අමතක කරලන්නට බෑ මට නම් කිසිදා ආදරේ කියා දුන්න ආදරි ඔයා දැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා අමතක කරලන්නට බෑ මටනම් කිසිදා ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු... 0 Udeshika HerathVeteran MemberPosts:3955 13 May 2017 06:45 PM Quote Reply ලෙන්ගතුකම වැඩි හින්දයි උදේ හවා ඔබ සිහි වෙන්නේ නොදැක ඉන්න බැරි හින්දයි නෙතු අද්දර කඳුළු පිරෙන්නේ අනන්තයට සිත දිව්වත් ඔබ ළඟමයි සිත නවතින්නේ උන්මාදව ඔබෙ නාමය මගේ තොල් අග ඇයි මිමිනෙන්නේ නිදි වරමින් රෑ තුන්යම ඔබ ගැනමයි සිතන්නේ දෑස වැසුන හැම මොහොතෙ ම ඔබමයි මට පෙනෙන්නේ ඉහ ඉද්දර ළඟට වෙලා කවදද කවි කියන්නේ පොරොන්දුවක් දුන්න සිතින් නෑ සරදම් කරන්නේ හීනෙන්වත් දුරස් වුණොත් කොහොමද දුක දරන්නේ මුළු ලෝකෙම උරණ වුණත් නෑ මගෙ හිත බිඳෙන්නේ ආදරයක් කියා දුන්නු හිත ළඟ තනි රකින්නේ පුංචි කෙල්ල මම ඔබ ළඟ දිව ඇති තුරු රැඳෙන්නේ ලෙන්ගතුකම වැඩි හින්දයි ........... Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 14 May 2017 05:22 AM Quote Reply නංගිට මේ දවස්වල කාවදෝ මතක් වෙනව වගේ... 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 May 2017 06:14 PM Quote Reply Posted By indika76 on 14 May 2017 05:22 AM නංගිට මේ දවස්වල කාවදෝ මතක් වෙනව වගේ... අයිය සාස්තර කියන්නත් පටං අරං හී හී Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 14 May 2017 09:30 PM Quote Reply මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා 0 DushanVeteran MemberPosts:2536 16 May 2017 02:29 AM Quote Reply ඔබ කඳුලේ උපතයි හසරැල් උපත මමයි කඳුල හෝ හසරැල්ලේ ඉම අජිමයි 0 Udeshika HerathVeteran MemberPosts:3955 16 May 2017 04:00 AM Quote Reply මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි මගේ සොදුරු කවි ලියාන හිත් කොනේ තාරුකා වහින රාත්‍රියේ ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී ඔබයි මගේ තුරුලතා පවා දුකෙන් වගේ අතවනා සොයන්නෙ ඔබ කොහේ හැන්දෑව වගේ සෞම්‍ය වී නිදා ඉන්න මගේ හදේ Udeshika Herath 1 kingDVeteran MemberPosts:3309 23 May 2017 09:36 PM Quote Reply මෙතන නේ බොලව් සින්දු තියෙන්නෙ ...තරගයක් ද ඈ Business, you know, may bring money, But friendship hardly ever does. 0 kingDVeteran MemberPosts:3309 23 May 2017 09:39 PM Quote Reply ලසෝ තැවුල් මැද ඔබ සැලෙනා විට මගේ දෙනෙත වැලපේ සිනා තෙපුල් මැද ඔබ සැනසෙන සද මගේ සිතද සැනසේ ... Business, you know, may bring money, But friendship hardly ever does. 0 Udeshika HerathVeteran MemberPosts:3955 25 May 2017 02:21 AM Quote Reply කවුරුත් එන්නැති කවුරුත් දන්නැති මල්පෙති ඉහිරුණු මල් පාරේ දවසක හමුවෙමු හමුවී හිනැහෙමු හිනැහී වැලපෙමු අපි ආයේ සඳකැන් බොදවුනු වලා කැදැල්ලේ තරුකැට අහුරක සිනා මෝදු කර කඳුලින් ඉපදුනු ඉන්ද්‍රචාපයක උදා නොවන සිහිනයක් දකින්නට දවසක හමුවෙමු හමුවී හිනැහෙමු - හිනැහී වැලපෙමු අපි ආයේ සියොළඟ මිහිදුම් සළු අතුරාලා මන්දාකිනියේ ඔබ හිනැහෙද්දී උදා ලහිරු සේ මීදුම සඟවා නොකී රහස් දෙනයනට කියන්නට දවසක හමුවෙමු හමුවී හිනැහෙමු - හිනැහී වැලපෙමු අපිආයේ Udeshika Herath 0 gaminiVeteran MemberPosts:4475 25 May 2017 07:57 AM Quote Reply එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා.. මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියනවා.. නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා.. මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා.. දුක පිරුණු මගේ හිත නුඹ හොදට දන්නවා.. හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා.. නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි සිතෙනවා.. මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා... අනාගත වාලුකා කතර මැද තනිවෙලා.. කෙසේ පා ඔසවමිද සා පවස විද දරා.. පුර පසෙක නොවී නුඹ අව පසෙක සඳ වුනා.. මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා.. ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 26 May 2017 02:26 AM Quote Reply නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින් ආදර පවනින් නොසැලුනු මා ලොව කලඹනු නොහැක ඉතින් ලදකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙම් ලදකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙම් නුරා පිරුණු නෙත වෙනතක දල්වා සමුගත මැනවි ඉතින් සුපුරුදු තනිකම පාළුව මිහිරියි හිදිනෙමි සැනසිල්ලෙන් සුපුරුදු තනිකම පාළුව මිහිරියි හිදිනෙමි සැනසිල්ලෙන් ආදර රැහැනින් මහද වෙලන්නට ඔබ හට නොහැක ඉතින් 0 isurusamSuper Senior MemberPosts:7342 05 Jun 2017 10:22 PM Quote Reply සිනහව අතරින් කඳුළක් උපන්නා ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා සිනහව අතරින් කඳුළක් උපන්නා ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා සිනහව අතරින් හිමකැට වැටෙනා සීතල උදයක ඇය හමුවූවා කඳුකර පෙදෙසක හිමමෙන් පිරිසිදු ඔබෙ ආදරයේ හිමමෙන් පිරිසිදු ඔබෙ ආදරයේ සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳුරේ කඳුළැලි දුන් ඔය නිල්මිණි දෑසට කඳුළැලි දුන් ඔය නිල්මිණි දෑසට පමණයි කෙල්ලේ ආලය කෙරුවේ සිනහව අතරින් කඳුළක් උපන්නා ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා සිනහව අතරින් හදවත ගොළු නැත මා මියුලැසියේ ගොළු කළෙ කවුදැයි ඔබ නේද දන්නේ ඔබ පමණයි මට සතුටට හිටියේ ඔබ පමණයි මට සතුටට හිටියේ ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ නිල්මිණි දෑසට මම සුදු ආසයි ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි සිනහව අතරින් කඳුළක් උපන්නා ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා සිනහව අතරින් කදුලක් උපන්නා ගායනය - මිල්ටන් මල්ලවාරච්චි පද රචනය - සී.ටී. පෙරේරා තනුව - සී.ටී. පෙරේරා 1 indika76Most Senior MemberPosts:10449 06 Jun 2017 04:15 AM Quote Reply සිනහව අතරින් කඳුළක් උපන්නා ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා සිනහව අතරින් මොකේ ඉසුුරු මලයේ අප්සැට් එක... 0 Add Reply Page 65 of 76 << < 6364656667 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit