You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Jan 2017 07:56 AM by  hasithad
ගස්ලබු කොළ වල සැඟවුණු ඖශධීය ගුණ..
 201 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 11 << < 7891011 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
25 Nov 2015 06:36 PM
පාර්ලිමේන්තුව තුළ දන්නා තරමින් කැන්ටින් 7ක් තියෙනවා විවිධ තරා තිරම් වල අය සඳහා වෙන්වුණු.
පාර්ලිමේන්තු මන්තිවරු සඳහා වෙනම කැන්ටින් එකක්..

කොහොම නමුත් පාර්ලිමේන්තුවේ අය සඳහා සියලුම කෑම පිළියෙළ කරද්දී ගන්නේ ඒ අය සඳහා වෙනම වෙන්වුණු භූමියක වගා කරන රසායනික පොහොර හෝ කෘමි නාශක නොයෙදූ ස්වභාවික කාබනික පොහොරෙන් පමණක් යෙදු භෝග වර්ග. මේක කිව්වෙත් පාර්ලිමේන්තු නියෝජිතයෙක්ම නිසා පිලි ගන්න වෙනව.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Nov 2015 08:54 PM
ඔව්,, නැත්නම් පාර්ලිමේන්තුවේ ඉන්න හිටන් හුටන්ලා කන ජරාවෙ හැටියට ක්ෂණයෙන් මැරෙනවා...එසේ මෙසේ ජරා කෑමක් ද කන්නේ 
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Nov 2015 09:15 PM
ඔව් මුන් වෙනම හිටොගෙන කැවත් කන ජරාවෙ හැටියට අනිවා පල දෙනවා මයි ...
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Nov 2015 06:00 AM
හ්ම්ම්ම්ම් එකත් එහෙමද ....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Nov 2015 12:46 PM


පලතුරු වුණත් වැඩිපුර කෑවොත් සිරුරේ බර වැඩිවේවි

එළවළු අඩුවෙන් කෑම පෝෂණයට බාධාවක්



වැඩිපුර කැරට් කෑවොත් අක්මාවේ පිළිකා වළකිනවා

මිනිසා පරිභෝජනයට ගන්නා නැවුම් එළවළු හා පලතුරු මඟින් මිනිස් සිරුර පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍යම ශුද්‍ර පෝෂක පදාර්ථ විශේෂයෙන් මිනිස් සිරුරට ලැබේ. ශරීරය ආරක්ෂා කිරීමට මහෝපකාරී වන විටමින් හා ඛනිජලවණ ඒ අතර ප්‍රධාන වේ. නමුත් අද වනවිට නැවුම් එළවළු ආහාර සඳහා ලබා ගැනීමේදීත් ආහාරය සඳහා සකසා ගැනීමේදීත් ඒ සඳහා වැඩි කාලයක් හා වෙහෙසක් වැය වන නිසා නැවුම් එළවළු පිසීම අත්හැර වෙනත් ලෙහෙසි හා ඉක්මනින් පිසිය හැකි ව්‍යාංජන සැකසීම, කෙටි ආහාර , සමබල නොවන ආහාර පරිභෝජනය කරා අද කාර්ය බහුල ගෘහණියෝ පෙලඹී සිටිති. පෝෂණයෙන් පිරුණු ආහාර වේලක් සඳහා එළවළු එක් කර ගැනීම මේනිසා අල්ප වශයෙන් සිදුවන බව පෙනේ.

*එළවළු හා පලතුරු ක්‍රමානුකූලව එදිනෙදා ජීවිතයට එක් කරගත යුත්තේ ඇයි?

විශේෂයෙන් එළවළු ක්‍රමානුකූලව එදිනෙදා ජීවිතයෙන් ඈත්වීම නිසා සිරුරට අවශ්‍ය වන අත්‍යවශ්‍ය විටමින් හා ඛනිජලවණ වර්ග ශරීරයට අහිමි වී යයි. සීනි වැනි ද්‍රව්‍යයක් සිරුරට ලබා ගැනීමේ දී මිනිස් මොළයත් බඩවැලත් සම්බන්ධ වී සිදුවන රසායනික සංයෝගය නිසා ඇති වන ප්‍රීතියෙන් ඒවා ලබාගැනීමට ඇබ්බැහිවීමකට පවා යෑමේ සිරිතක් මිනිස් හෝමෝන ක්‍රියාවලිය තුළින් සිදු වීමේ ඉඩකඩ ඇත. නමුත් එළවළු සඳහා මිනිස් සිරුර තුළින්ම කැමැත්තක් ඇති කර ගැනීම වන්නේ නැත. එය අප හිතාමතාම අප ආහාරයට එක් කර ගත යුතුය.

ආහාරයට එළවළු එක් කර ගැනීම මඟින් කුස පිරවීම පමණක් නොව සිරුරට අවශ්‍ය කෙඳි ලබා ගැනීමද ආහාර ජීර්ණයට , මළ බද්ධය වැනි තත්ත්වයන් වළක්වා ගැනීමට ද අවකාශ ලැබේ. එපමණක් නොව ශරීරයේ අනෙකුත් අත්‍යවශ්‍ය ඉන්ද්‍රියන් ඇත. ඒවායේ අවශ්‍යතාව පවත්වාගෙන යාම සඳහා මෙන්ම හෝමෝන සහ එන්සයිම නිෂ්පාදනය සඳහා අවශ්‍ය විටමින්, ඛනිජ ලවණ ලැබෙනුයේ ද එළවළු මඟිනි. මෙම එළවළු සමානවම නැවුම් පලතුරු මඟින්ද එම ගුණාංගය ලබා දෙන අතර පලතුරු වැඩිපුර ගැනීමේ දී එහි අඩංගු ශක්තිය එළවළු සමඟ සන්සන්දනය කිරීමේ දී වැඩි වන නිසා පලතුරු ශරීරයේ බර වැඩිවීමට හේතු වන බව පෙනේ. එනිසා පලතුරු ගැනීමේ දී අවශ්‍ය පමණ ගත යුතුය. කෙසෙල් , අලිගැට පේර, අඹ,පැපොල්,ආදී පලතුරුවල වැඩිපුර ශක්තිය පෲක්ටෝස් සීනි ලෙස ගබඩා වී ඇත.

*දිනපතා ආහාරයට ගත හැකි එළවළු පලතුරු

කැරට්, බතල,වට්ටක්කා, ඇෆ්රිකොට්,දොඩම් වැනි කහ පැහැති එළවළු පලතුරු මෙන්ම තද කොළ පැහැති එළවළු පලතුරු පලා වර්ගද අප නිතිපතා ආහාරයට එක් කර ගැනීම වැදගත්වේ. මේ අතරින් උදාහරණයක් ලෙස කැරට් වැනි එළවළුවක් පිළිබඳ අප කතා බහ කළහොත් කැරට් අප ආහාරයට එක් කර ගැනීම මඟින් දිනකට මිනිස් සිරුරට අවශ්‍ය විටමින් ප්‍රතිශතය සියයට 400 ක පමණ ප්‍රමාණයකිනුත් විටමින් K සියයට 20ක ප්‍රමාණයකිනුත් සියයට 14කට අධික කෙඳි ප්‍රමාණයක් හා සියයට 12කටඅධික විටමින් C ත් සිරුරට හිමිවේ.මෙය පෙති ගසන ලද කැරට් කෝප්පයකින් ලබා ගත හැක. මේ අනුව බලන විට කැරට්වල ඇල්ෆා කැරොටින්, බීටා කැරොටින් නම් සංයෝග ද විටමින් සී සංයෝගයද ෆයිටෝ කෙමිකල්ස් සංයෝග ඇතුළුව ප්‍රතිඔක්සිකාරක ගුණයන් නිසා ඉතා ඉහළ තත්ත්වයක පවතී.

මේවා සිරුර තුළ දී විටමින් A බවට පත් වීම සිදුවේ. මේ ගුණය නිසා අක්මාවේ ඇතිවන පිළිකා තත්ත්ව වළකා ගැනීමේ හැකියාව ලැබේ. කැරට් ආහාරය සඳහා සැකසීමේ දී එයට තෙල් ස්වල්පයක් එක් කර ගැනීමෙන් එහි අඩංගු බීටා කැරොටින් සිරුරට උරා ගැනීම වැඩි වශයෙන් සිදු කරගත හැක. කැරට් ආහාරයට එක් කර ගැනීමෙන් සිරුර තුළ ඇතිවන පිළිකා සෛල සෑදීමේ යුද්ධය සමනයකට පත් කිරීමේ හැකියාව විශේෂයෙන්ම පවතී. එළවළු පිළිබඳ කරන ලද පර්යේෂණවල සඳහන් ආකාරයට කැරට්වල ඇති ‘ෆැල්කැරිනෝල්’ ( Falcurinol) සංයෝගය මඟින් පිළිකා සෛල වර්ග විනාශ කිරීමේ හැකියාව ඇති බව සොයාගෙන ඇත. එලෙසම සිරුරේ කෙලෙස්ට්‍රෝල් අඩු කිරීමේ හැකියාවක් ද කැරට් හා ඒ හා සමාන එළවළු සතුය. එමෙන්ම මිනිස් සිරුරට රුධිරය සපයන රුධිර නාළවල ශරීරයට අහිතකර LDL කොලොස්ට්‍රෝල් නිසා ඇතිවන අවහිරතා වළකා ගන්නට ද හැකිවේ. තවද කැරට් හා ඒ අශ්‍රිත එළවළුවල රාත්‍රී අන්ධභාවයට මූලිකවන විටමින් A ඌණතාව වළක්වා ගත හැක.මේ නිසා නිරෝගී පුද්ගලයෙක් දිනපතා කෑම වේල් තුනටම අප රටේ වැවෙන කැරට්, වට්ටක්කා, වැනි එළවළුවක් පලා වර්ගයක් එක් කර ගැනීමට අමතක නොකළ යුතුය.

අප රටේ විවිධත්වයෙන් යුතු පලතුරු බහුලව තිබුණත් අප නිතරම පළතුරු කිහිපයක් පමණක් අනුභවයට පුරුදු වී ඇත. කෙසෙල්, අඹ, පැපොල්, පැණි කොමඩු, අන්නාසි, ‍කිලෝ පේර අද අප රටේ බහුලව ආහාරයට ගන්නා පලතුරුයි. නමුත් පිටරටට ආවේණික පලතුරු වර්ගද ඉහළ මිලකට වෙළෙඳ පොළේ විකිණීමට ඇත. නමුත් මෙම පලතුරු වර්ග නෙළාගෙන, ගබඩාකර කලක් තබාගෙන අප කුස තුළට යන විට එහි ඇති විටමින් වර්ගවල අවවීමක් වන බව පරීක්ෂණවල සඳහන්ය.

තවද මෙම පලතුරුවලට කල්තබා ගැනිමේ ද්‍රව්‍ය යොදන බවද නිතර අසන්නට දකින්ට ලැබේ. මෙනිසා හැමවිටම නැවුම් පලතුරු අප ආහාරයට ගත යුතුය. මේ අතර කාමරංගා, අඹරැල්ලා, නෙල්ලි, වෙරළු වැනි විවිධත්වයෙන් යුතු පලතුරු අප සිරුරට ඉතා අවශ්‍යය. අප සමාජයේ දැන් දැන් ඇතිව තිබෙන මතයක් වන්නේ ප්‍රධාන ආහාරවේලට පළමුව පලතුරු ආහාරයට ගත යුතු බවයි. නමුත් මෙය ප්‍රායෝගිකව කළ හැකිද යන්න ගැටලු සහගතය.

නමුත් පලතුරක් ගත යුතු නියමිත කාලයක් ඇති බව ආහාර හා පෝෂණවේදයේ සඳහන් වෙයි. ඊට හේතු වන්නේ පලතුරු වර්ග නිවැරදි වේලාවට ශරීරයට ලබා දීමෙන් ශරීරයෙහි නිපදවෙන සහ පිටතින් ඇතුළුවන විෂ ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලියත් ශරීරයට ලැබෙන අත්‍යවශ්‍ය ශක්තියත් එලෙසම පැණි රස අඩු පලතුරු ශරීරයේ බර අඩු කිරීමේ ක්‍රියාවලියට උදව් වීමත්ය. එලෙසම පලතුරුවල තිබෙන පෝෂ්‍ය පදාර්ථ කලින් කී ලෙස හෘද රෝග වැළැක්වීමට, අධික රුධිර පීඩනය අවම කිරිමටත් පිළිකා වැලැක්වීමටත් උපකාරී වේ.

*අප පලතුරු ආහාරයට ගත යුතු හොඳම වෙලාව කුමක්ද?

නිරෝගී පුද්ගලයෙක් නිරාහාරව සිට පලතුරක් ගැනීම (උදෑසන ) එසේ නොමැති නම් ප්‍රධාන කෑම වේල් අතරතුර පලතුරක් ආහාරයට ගැනීම සුදුසුය. සිරුරට ලැබෙන පෝෂණ පදාර්ථයන් ජීර්ණය කිරීම සඳහා අවශ්‍ය එන්සයිමවර්ග පලතුරුවල හොඳින් ක්‍රියාත්මක වේ.

මෙනිසා නිරෝගී පුද්ගලයෙක් සඳහා උදෑසනම පලතුරු ගැනීම හෝ කෑමවේල් අතරතුර පලතුරු ගැනීම නිසා පෝෂ්‍යපදාර්ථ හා කෙඳිවර්ග එහි අඩංගු පෲක්ටෝස් සීනි හොඳින් ජීර්ණ ක්‍රියාවලියට පත්වන බව පරීක්ෂණවල සඳහන්ය. පලතුරු ආහාරයට ගැනීමේ දී ප්‍රධාන ආහාරවේල ලබා ගැනීමෙන් පසු විනාඩි 30ක් වත් පමා කර ආහාරයට ගැනීම සුදුසුය.නමුත් දියවැඩියාව හෝ ආන්ත්‍රයේ ආම්ලිකතා ප්‍රශ්නයකින් පෙළේ නම් වඩා සුදුසු වන්නේ ප්‍රධාන ආහාරය ගෙන පැය දෙකකට පසුව පලතුරු ආහාරයට ගැනීමයි. මේ සඳහා නිර්දේශිත ප්‍රමාණයක් ගැනීමට වගබලා ගන්න.

* දිනකට ලබා ගත යුතු පලතුරු ප්‍රමාණය

දිනකට පලතුරු වර්ග දෙක තුනක්වත් ලබා ගත යුතු බව නිර්දේශවල සඳහන්ය.අතේ ඇති අල්ලේ ප්‍රමාණයෙන් යුතු කෙසෙල් ගෙඩියක්, පැපොල් පලුවක්, ලබා ගැනීම සුදුසුය. සමහරු නින්දට යාමට ප්‍රථම  පලතුරු කෑමට පුරුද්දක් කරගෙන සිටියි. මෙය සුදුසු නැත. මෙමගින් රුධිරයේ සීනි මට්ටම හා සිරුරේ සීනි මට්ටම වැඩි වී ඉන්සියුලින් මට්ටම ද වැඩිවී නින්ද යාමේ අපහසුතා ඇතිවේ. නින්දට පැය 3කටවත් පෙර පලතුරු ලබා ගැනීම වඩා උචිත වේ

තුෂාරි නේරංජා වික්‍රමසිංහ

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
29 Nov 2015 07:15 PM
කොතරම් ගුණදායක වුනත් පලතුරුත් ගත යුතු පිළිවෙලක් ප්‍රමාණයක් තියෙනවා... බොහොම ස්තුතියි තොරතුරු වලට..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
29 Nov 2015 09:48 PM
බොහොමත්ම ස්තූතියි නංගී මේ වැදගත් ලිපියට. අපිත් කෑම කාපු ගමන් අතුරුපස කියලා පළතුරු ගන්නවා ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
29 Nov 2015 11:56 PM
දැන් තියෙන්න් ඔක්කොම බෙහෙත් ගහපු පලතුරු .. එ වගෙමයි ගනන් ....පලතුරු අතගාල නිකන් ඉන්නවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
01 Dec 2015 01:32 AM
මේ දවස් වල කන්නෙ අඹ , පැපොල් ...
පැපොල් 1kg රු 55 යි 
අඹ ගෙඩිය 50 සිට ඉහළට ....
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
01 Dec 2015 04:00 AM
ekanam atta labun welawaka kanawa mnisak welawak balala kanne nahane
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
01 Dec 2015 05:36 AM
ඔව් ඔව් ඔව්...වෙලාවට කන්න ඕනේ....පලතුරු. ඒ විතරක්ද, වෙලාවට නිසි පියවර ගත්තේ නැත්නම් පාඩු ගොඩයි......මම කිව්වේ පලතුරු වල පෝෂණ ගුණය අඩුවිය හැකි එක ගැනම තමයි
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
05 Jan 2016 10:25 PM

ගස්ලබු කොළ වල සැඟවුණු ඖශධීය ගුණ..

ගස්ලබු වල සමට හා සෞඛ්‍යයට හිතකර වූ ගුණාංගයන් රැසක් පවතී. ගස්ලබු ඵලයේ මෙන්ම ගස්ලබු කොළ වලද ඒ වැනිම වූ විශාල ගුණාංගයන් ප්‍රමාණයක් පවතී.  තිත්ත රසයක් ඇති වුවද මේවායේ විටමින් A, B, C, D හා E මෙන්ම කැල්සියම් ද අඩංගු වේ. ගස්ලබු කොළ වල අන්තර්ගත සංයෝගය රුධිරගත සීනි මට්ටම පාලනය  අතර ප්‍රතිශක්තිය ද වඩවයි. එමෙන්ම මෑතකදී වඩාත් ප්‍රචලිත වූයේ ඩෙංගු හා පිළිකා වලට ද මෙමගින් සුවය ලබාදෙන බවය.

11

මේ එවැනි තවත් ගස්ලබු කොළ වල සැඟවුණු ඖශධීය ප්‍රයෝජන රාශියකි.

01. පිළිකා නාශක ගුණය

මෑතකදී සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ගස්ලබු කොළ වල පිළිකා නාශකයන්  අඩංගු වන අතර, ගැබ්ගෙළ පිළිකා, අග්න්‍යාශයික පිළිකා, අක්මාවේ පිළිකා හා පෙනහළු පිළිකා වලට විරුද්ධව සටන් කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන බව ය.

1

02. බැක්ටීරියා වර්ධනය වළකාලයි.

ගස්ලබු කොළ වල karpain වැනි පණුවන්, මයික්‍රෝ බැක්ටීරියාවන්, පුස් වර්ග හා විවිධ පිළිකා සෛල වර්ධනය වළක්වාලන ක්‍රියාකාරී සංයෝගයන් අඩංගු වේ.

2

03. ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශකිත්මත් කරයි.

ගස්ලබු කොළ වල ඇති සංයෝගයන් මඟින් සෙම්ප්‍රතිශ්‍යාව, උණ වැනි ආසාදනයන්ට විරුද්ධව සටන් කිරීමට ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශකිත්මත් කරවයි. එමෙන්ම මෙමඟින් සුදු රුධිරාණු හා රුධිර පට්ටිකා ප්‍රතිජනනය සිදු කරයි. දිනකට ගස්ලබු කොළ යුෂ තේ හැඳි 2ක් පානය කිරීමෙන් ස්වාභාවිකවම රුධිර පට්ටිකා සංඛ්‍යාව ඉහළ නංවා ගත හැක.

3

04. මැලේරියා නාශක ගුණය.

ගස්ලබු කොළ මැලේරියා නාශක ගුණ ඇති බැවින් මැලේරියාවට හොඳ ඖශධයකි. ගස්ලබු කොළ යුෂ පානය කිරීම මැලේරියාව වළකාලයි.

4

05. ඩෙංගු වලට විරුද්ධව සටන් කරයි

ඩෙංගු රෝගීනට ගස්ලබු කොළ යුෂ පානය කිරීමට සැලැස්වීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල අත්කරගත හැක. මෙහි කිසිඳු අතුරු ආබාධයක් ද නොමැත. මෙහි ඇති එන්සයිමයන් රුධිර පට්ටිකා සංඛ්‍යාව වැඩි කිරීම, රුධිර කැටි ගැසීම හා ඩෙංගු මඟින් අක්මාවට හානි සිදු වීම වැළැක්වීම ද සිදු කරයි.

5

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Jan 2016 11:49 PM
තවම ගස් ලබු කොල කැමක් වශයෙන් ජනතාව ගන්නෙ නැහැ නෙද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Jan 2016 01:41 AM
තිත්ත රහයි කිරියි එක්ක කන්නෙ කොහොමද
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Jan 2016 11:18 AM
අනේ කන්නෙ කොහොමද තිත්ත නෙ ?
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Jan 2017 08:57 PM
Posted By Rosi on 07 Jan 2016 11:18 AM
අනේ කන්නෙ කොහොමද තිත්ත නෙ ?


බ්ලෙන්ඩෙර් කරලා කැද වගෙ හදා ගත්තොත් මෙ ගුනය ලැබෙවිද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Jan 2017 05:11 AM
Posted By samantha on 05 Jan 2016 10:25 PM

ගස්ලබු කොළ වල සැඟවුණු ඖශධීය ගුණ..

ගස්ලබු වල සමට හා සෞඛ්‍යයට හිතකර වූ ගුණාංගයන් රැසක් පවතී. ගස්ලබු ඵලයේ මෙන්ම ගස්ලබු කොළ වලද ඒ වැනිම වූ විශාල ගුණාංගයන් ප්‍රමාණයක් පවතී.  තිත්ත රසයක් ඇති වුවද මේවායේ විටමින් A, B, C, D හා E මෙන්ම කැල්සියම් ද අඩංගු වේ. ගස්ලබු කොළ වල අන්තර්ගත සංයෝගය රුධිරගත සීනි මට්ටම පාලනය  අතර ප්‍රතිශක්තිය ද වඩවයි. එමෙන්ම මෑතකදී වඩාත් ප්‍රචලිත වූයේ ඩෙංගු හා පිළිකා වලට ද මෙමගින් සුවය ලබාදෙන බවය.

11

මේ එවැනි තවත් ගස්ලබු කොළ වල සැඟවුණු ඖශධීය ප්‍රයෝජන රාශියකි.

01. පිළිකා නාශක ගුණය

මෑතකදී සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ගස්ලබු කොළ වල පිළිකා නාශකයන්  අඩංගු වන අතර, ගැබ්ගෙළ පිළිකා, අග්න්‍යාශයික පිළිකා, අක්මාවේ පිළිකා හා පෙනහළු පිළිකා වලට විරුද්ධව සටන් කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන බව ය.

1

02. බැක්ටීරියා වර්ධනය වළකාලයි.

ගස්ලබු කොළ වල karpain වැනි පණුවන්, මයික්‍රෝ බැක්ටීරියාවන්, පුස් වර්ග හා විවිධ පිළිකා සෛල වර්ධනය වළක්වාලන ක්‍රියාකාරී සංයෝගයන් අඩංගු වේ.

2

03. ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශකිත්මත් කරයි.

ගස්ලබු කොළ වල ඇති සංයෝගයන් මඟින් සෙම්ප්‍රතිශ්‍යාව, උණ වැනි ආසාදනයන්ට විරුද්ධව සටන් කිරීමට ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශකිත්මත් කරවයි. එමෙන්ම මෙමඟින් සුදු රුධිරාණු හා රුධිර පට්ටිකා ප්‍රතිජනනය සිදු කරයි. දිනකට ගස්ලබු කොළ යුෂ තේ හැඳි 2ක් පානය කිරීමෙන් ස්වාභාවිකවම රුධිර පට්ටිකා සංඛ්‍යාව ඉහළ නංවා ගත හැක.

3

04. මැලේරියා නාශක ගුණය.

ගස්ලබු කොළ මැලේරියා නාශක ගුණ ඇති බැවින් මැලේරියාවට හොඳ ඖශධයකි. ගස්ලබු කොළ යුෂ පානය කිරීම මැලේරියාව වළකාලයි.

4

05. ඩෙංගු වලට විරුද්ධව සටන් කරයි

ඩෙංගු රෝගීනට ගස්ලබු කොළ යුෂ පානය කිරීමට සැලැස්වීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල අත්කරගත හැක. මෙහි කිසිඳු අතුරු ආබාධයක් ද නොමැත. මෙහි ඇති එන්සයිමයන් රුධිර පට්ටිකා සංඛ්‍යාව වැඩි කිරීම, රුධිර කැටි ගැසීම හා ඩෙංගු මඟින් අක්මාවට හානි සිදු වීම වැළැක්වීම ද සිදු කරයි.

5


මේ යුෂ කොහොමද හදා ගන්නේ?

ගොඩක් වටින ලිපියක්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Jan 2017 01:28 PM
ඒවෑ කිරිනේ කහන්න ගනී.
දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Jan 2017 05:11 PM
ඔක තමයි මමත් ප්‍රශනය ..ඩෙන්ගු හැදෙන්න කලින් උනත් නිකන් බිවට කමක් නැද්ද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Jan 2017 06:07 PM
gaslabu kiri as walatawath watenna nam hoda ne neda?
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0
You are not authorized to post a reply.
Page 10 of 11 << < 7891011 > >>