You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Sep 2018 10:02 AM by  Udari
ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි
 621 Replies
Sort:
You are not authorized to post a reply.
Page 19 of 32 << < 1718192021 > >>
Author Messages

Vita123
Advanced Member
Advanced Member
Posts:549






--
30 Apr 2015 01:00 AM
Posted By kingD on 26 Apr 2015 09:55 PM

පුටුවක් නැතුව කිස් කරන්න බෑ හැබැයි නේද 

 

ඇයි බන් වඩා ගෙන kiss කරන්න බැරියැ

 

"If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
30 Apr 2015 01:05 AM
අනෙද කියන්නෙ වඩා ගෙන ඔනෙ දෙයක් කරන්න පුලුවන්නෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Apr 2015 01:10 AM
ඇත්තට ................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
30 Apr 2015 01:40 AM
Posted By Ind007ka on 30 Apr 2015 01:05 AM
අනෙද කියන්නෙ වඩා ගෙන ඔනෙ දෙයක් කරන්න පුලුවන්නෙ

 

ඕනේ දෙයක් ය කිව්වෙ? 

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Apr 2015 07:58 AM
මෙයාලා ගිහින් තියෙන දුරක්
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
30 Apr 2015 09:01 AM

 කොරන්නේ ලව් විතරක් නම් උස ප්‍රශ්නයක් නැතුව ඇති 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 May 2015 08:09 PM

                                               සිප ගැනීම ගැන පුදුම දේවල් දහයක්

අපි හැමෝම සිප ගන්නවා. එහෙමත් නැත්නම් ජීවිතයේ කියම් හෝ අවස්ථාවක සිප ගැනීමකට ලක් වෙලා තියෙනවා. තව සමහරු වෙනත් අයෙක්ව සිප ගන්න සැළසුම් කරල එහෙමත් ඇති. අපේ සාමාන්‍ය භාෂාවෙන් නම් සිප ගැනීමට කිස් කරනවා, උම්මා දෙනවා, හාදු දෙනවා ආදී වශයෙන් තව එකී නොකී මෙකී ආකාරයේ වචන භාවිතා කරනවා. කොහොම වෙතත් සිප ගැනීම ගැන ඔබ සිතනවාට වඩා වැඩි යමක් සාකච්ඡා කරන්නයි සූදානම එහෙනම්….

#1 – ‘Kiss’ නම් වචනයේ ආරම්භය

ancient-kiss
ඉංග්‍රීසියෙන් සිප ගැනීමට කියන්නෙ ‘kiss’ කියලනේ. මේ වචනය ‘cyssan‘ නමැති පැරණි ඉංග්‍රීසි වචනයෙන්

පැමිණි එකක්ලු. නමුත් බොහෝ දෙනෙක් හිතන්නෙ සිප ගැනීමේදී ඇතිවන ශබ්ධය අනුකරණයෙන් මෙම වචනය හැදෙන්න ඇති කියලයි. රෝමයේ නම් සිපගන්නා ආකාරය අනුව විවිධ නම් කිහිපයක්ම තියෙනවා. basium කියන්නෙ අත සිප ගන්නවට, මුවට මුව තබා සිප ගන්නවට කියන්නෙ osculum කියලයි. ඒක සරාගී බව වැඩි එකක් නම් saviolum කියලයි හඳුන්වන්නේ. හැබැයි ග්‍රීක් වරුන්ට නම් සිප ගැනීමට අදාලව වචනයක් නැහැ.

#2 – ලෝකයේ 10%ක් දෙනා සිප ගන්නේ නැහැ.

Affectionate Senior Couple Rubbing Noses

Mangaia Island කියන්නේ පැසිපික් සාගරයේ තියෙන වසර මිලියන 18ක් පමණ පැරණිම දූපතක්. 1700 දි ඉංග්‍රීසින් පැමිණෙන තුරුම ඔවුන් සිප ගැනීම පිළිබඳ අසා තිබුණේවත් නැතිලු.
දැනට ලෝකයේ 90%ක් සිපගන්නා අතරේ ඉතිරි 10% ප්‍රමාණය විවිධ හේතු නිසා සිප ගන්නෙ නැහැ. උදාහරණ විදිහට සුඩානයේ සමහර ප්‍රදේශ වල සිප නොගන්නේ ඔවුන් විශ්වාස කරනවා මුඛය කියන්නෙ ඔවුන්ගේ ආත්මයට ඇති ද්වාරය කියලා. ඉතින් මුවට මුව සම්බන්ධ වී සිප ගන්නා විට ආත්මයට හානියක් වෙනවා කියලයි එයාල හිතන්නෙ. මීට අමතරව එස්කිමෝවරු සිප ගැනීමක් නොකරන අතර නහයට නහය වැද්දීමක් සිදු කරනවා.

#3 – සිප ගැනීම ලොව පුරා ව්‍යාප්ත වූයේ කෙසේද?

bible-kiss

විද්‍යාඥයින්ට තවමත් විශාල ගැටළුවක්, කොහොමද සිප ගැනීම ආරම්භ වූයේ කියලා. ඔවුන් තවමත් කල්පනා කරන්නේ මෙය සහජ බුද්ධියෙන් සිදුවන දෙයක්ද එහෙමත් නැත්නම් ඉගෙන ගැනීමෙන් සිදුවන දෙයක්ද කියා. හැබැයි තවත් පිරිසක් විශ්වාස කරනවා කිරි බොන පුංචි කාලෙදි අම්මා තමන්ගෙ කටින් ආහාර කැබැල්ලක් අරගෙන දරුවට කවන එකෙන් (හරියට කිරිල්ලියෙක් පැටියට කවනව වගේ) තමයි මේ දේ ඉගෙන ගන්නෙ කියලා.
ඉතිහාසඥයො විශ්වාස කරන්නෙ සිප ගැනීම ලොව පුරා ව්‍යාප්ත කළේ ඇලෙක්සැන්ඩර් රජතුමා කියලයි. මේ ගැන වේද ග්‍රන්ථ වලත් “ඔවුන්ගේ මුඛයන් ස්පර්ශ කිරීමෙන්…“ ආදී වශයෙන් සඳහන් වෙනවලු. කෙසේ නමුත් ඇලෙක්සැන්ඩර් රජතුමා තමයිලු බටහිර ලෝකෙට මේ ගැන කියල දුන්නෙත්.

#4 – සත්තුත් සිප ගන්නවාද?

kissing-chimps

මිනිස්සු විතරක් නෙවෙයි වෙනත් ප්‍රයිමේටා සතුන්ද මෙවැනි හැසිරීමක් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම චිම්පන්සියො මෙවැනි හැසිරීමක් පෙන්නුම් කරනවා.
Meerkats කියන ප්‍රයිමේටා නොවන සත්ත්වයා අනෙක් එවැනිම සත්ත්වයෙක්ගෙ නහය සෙමින් පිරිමදිමින් ඔවුන්ගේ සංවේදී ග්‍රන්ථි උරාබීමක් සිදු කරනවාලු. මේකෙදි එක් සතෙක් තවත් සතෙක්ගෙ යටතට පත් වෙනවලු. හැබැයි මෙහෙම පත් වෙන්න බැරි සත්තු මෙම ජීවී කණ්ඩායමෙන් ඉවත් කිරීමට ලක් වෙනවා.
අපිට අමතක කරන්නම බැහැ අලි ඇතුන්. ඔයාල දැකල ඇති නේද එයාලත් හොඩවල් පටලවාගෙන සිප ගන්නවා. විශේෂයෙන්ම එයාලා තමන්ගෙ සමීප කෙනෙකුගේ මිය යාමේදී වඩාත් සංවේදී වෙනවා.

#5 – සිප ගැනීමේ සෞඛ්‍ය ප්‍රතිලාභ

Close up a mouth of the girl

බොහෝ අධ්‍යයන පෙන්වා දෙනවා සිප ගැනීම සංවේදී ක්‍රියාවලියකින් ඔබ්බට ගිය දෙයක් විදිහට. අපේ සිරුරේ ජීවත්වන බැක්ටීරියා වැනි ජීවින් 20%ක් පමණ එක් එක් පුද්ගලයාට ආවේණික වෙනවා. සිප ගැනීමේදී මේවා හුවමාරු වීමත්, එම අලුත් විෂබීජ සඳහා සිරුර හැඩගැසීමත් සිදු වෙනවා. මේ අනුව සිප ගැනීමෙන් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය වෙන බව පැහැදිලියි.
අමතර ඛේටය ප්‍රමාණයක් ලැබෙන නිසා ඔබගේ දත් පිරිසිදු වෙන්නත් උපකාරී වෙනවා. මෙයට හේතුව එම ඛේටය මඟින් බැක්ටීරියා විනාශ කරන නිසා. ඒ වගේම සිප ගැනීමෙන් රුධිර පීඩනය අඩු වීමත් සිදු වෙනවා. පැයක් එක දිගට සිපගත්තොත් 1560ක් කැලරි දහනය වෙනවා.
මීට අමතරව ඔබ සිප ගැනීමෙන් පැතිරිය හැකි සෙම්ප්‍රතිශ්‍යයාව වැනි රෝගයක් වැළඳුණු කෙනෙක් සිප ගැනීමට පෙර දෙවරක් සිතන්න. හැබැයි විද්‍යාඥයන් කියන්නෙ මේ වගේ අවාසි ඇරුණුකොට සිප ගැනීමෙන් තියෙන වාසි පැත්ත ගොඩක් ඉහළයි කියලා..

#6 – සිප ගැනීමේ විද්‍යාව

brain

සිප ගැනීම පිලිබඳ අධ්‍යයනය කරන විද්‍යාවට කියන්නෙ philematology කියලා. ඔවුන් අධ්‍යයනය කරන්නෙ සිප ගැනීමේ ජීව විද්‍යාත්මක පැත්ත සහ හෝර්මෝන ක්‍රියාකාරීත්වය පිළිබඳව පමණක් නොවෙයි. අපි ඇයි සිප ගන්නෙ කියන එක ගැනත් පර්යේෂණ කරනවා.
අපි හිතන්නෙ පළමු හාදුව තමයි ගොඩක්ම හිතට දැනෙන්නෙ කියලා. නමුත් 56%ක් පිරිමි සහ 66%ක් කාන්තාවන් තමන්ගෙ පළමු සිපගැනීමෙන් පසු අනෙක් කෙනාට දක්වන ආකර්ශණය අඩු වෙනවලු.
අපගේ තොල් වල සංවේදී බව වැඩියි. ඉතින් තවත් පර්යේෂණයකදී 1000ක පිරිසක් යොදාගෙන කරද්දි පෙනී ගිය කරුණ වෙන්නෙ පිරිමින්ට වඩා කාන්තාවන් සිප ගන්න ගොඩක් දක්ෂ සහ උනන්දු බවයි.

#7 – සිප ගැනීමේ ලෝක වාර්තා

record-kiss

දැනට දිගම සිපගැනීමේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ තායිලන්තයේ Ekkachai සහ Laksana Tiranarat කියන දෙන්නා. ඔවුන් 2013 වර්ෂයේදි පැය 58 මිනිත්තු 35 තත්ත්පර 58ක් එක දිගට සිප ගැනීම සිදු කරලා.
2004 දී Andrea Sarti සහ Anna Chen කියන දෙන්නා පැය 31යි මිනිත්තු 18ක් සිප ගෙන නතර කරන්න වුණේ ඔක්සිජන් අවම වීමෙන් Sarti ට අමාරු වෙච්ච නිසා. මැරෙන්න ඔන්න මෙන්නලු. හිතාගන්න පුළුවන්නෙ දෙන්නගෙ සිප ගැනිල්ලෙ තරම. හැබැයි මේ දෙන්නගෙ ආදරේ කොච්චරද කියනවනම් අන්තිමේදි කසාද බැන්දෙ ඩොලර් 12,700 ක් වියදම් කරලා.

#8 – රසායනික තුලිත තාවයට ඇති වැදගත්කම

bad-kiss

ඔබ තව අයෙක්ව බොහෝ වේලාවක් සිප ගන්නා විට ඔක්සිටොසින් හෝර්මෝනය වැඩිපුර නිෂ්පාදනය වෙනවා. මෙමඟින් සිරුරට සැහැල්ලු බව, සාමකාමී බව සහ ශක්තිමත් හැඟීම් ඇති කරනවා. සිප ගැනීමෙන් dopamine නම් රසායනය නිකුත් වෙනවා. මෙමඟින් කොකේන් මඟින් මොළයට සිදුවන බලපෑමට සමාන දෙයක් වෙනවා. විශේෂයෙන්ම තණ්හාව වැනි හැඟීම් ඇතිවීමත්, ශක්තිය හීන කිරීමත්, නිදිමත ස්වභාවයක් ඇති වීමත් සිදු වෙනවා.

#9 – සිප ගැනීම තහනම් රටවල්

cuffs

මෙක්සිකෝවෙ පොදු ස්ථාන වල සිප ගැනීම තහනම්. එහෙදි මේ වැඩේ කරලා Manuel Berumen නමැති මහාචාර්ය වරයෙක් තමන්ගෙ බිරිඳවම සිප ගත්තට අත්අඩංගුවට ගත්තලු. 2010 දි සවුදි අරාබියෙ මනුස්සයෙක්වත් අත්අඩංගුවට ගත්තලු කාන්තාවක් සිප ගත්තා කියලා.

10# – සිප ගැනීමේ භීතිකාව

nope
සිප ගැනීමට තියෙන බයට කියන්නෙ philemaphobia කියලා. සමහරු තමන්ගෙ පළමු හාදුව ලබාගන්න බියක් දක්වනවා. මෙයට හේතු වෙන්නෙ ඔවුන් විෂබීජ වලට බියක් දැක්වීමත්, එසේත් නොමැතිනම් බලහත්කාරකමකට තිබෙන බිය නිසාත්. හැබැයි මෙයාලටම හිතාගන්න බැහැ ඇයි එහෙම බයක් තියෙන්නෙ කියලත්.

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 May 2015 08:16 PM
අර මුලින් මුළින් කියපු 10% ඉන්න අය කවුද ඉන්නේ..? නැත්නම් philemaphobia රෝගයට ගොදු වෙච්ච අය..?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
24 May 2015 08:17 PM
නියමයි ඉසුරු මල්ලී..
ඔයත් මාර දේවල් තමයි හොයාගන්නේ..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 May 2015 08:32 PM
මාර ආතල් වැඩක් ... ඒ දවස් වල දැන් නම් වෙන දෙවල් තිඔයෙනවනෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
25 May 2015 09:38 AM
ඉසුරු මල්ලිත් හොයාගෙන එන්නෙම මේ වගේ දේවල් තමයි. බොහොමත්ම ස්තූතියි මේ දැනුවත් කිරීමට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 May 2015 08:38 AM
ස්තුති ඉසුරු මල්ලි ..... අනේ කොල්ලෝ කවුරු නැතත් ඔයාවත් මේවගෙන් ප්‍රයෝජනයක් ගන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
27 May 2015 08:57 AM
ඉසුරු මල්ලී මේ දවස් වල මේ පිළිබඳව අත්හදා බලනවලු .
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 May 2015 07:59 PM
Posted By Rosi on 27 May 2015 08:38 AM
ස්තුති ඉසුරු මල්ලි ..... අනේ කොල්ලෝ කවුරු නැතත් ඔයාවත් මේවගෙන් ප්‍රයෝජනයක් ගන්න

 

ඔන්න දවසෙ කතාව  

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 May 2015 01:18 AM

ජපන් කතුන්ට හිතේ හැටියට අඬන්න විශේෂ හෝටල් කාමර

 

කාන්තාවන්ට ඇඬීම සඳහාම වෙන්කරන ලද විශේෂිත කාමර වලින් සමන්විත හෝටලයක් ජපානයේ පිහිටා ඇත. මිට්සුයි ගාර්ඩෙන් යොට්සුයා නම් වන එම හෝටලයේ සිත් තැවුලෙන් පසුවන කාන්තාවන්ට තමාගේ සිත් තැවුල නිමවන තෙක් ඇඬීම සඳහා මෙම අපූරු කාමර වෙන්කරවා ගත හැක. හෝටලයේ පාලකයින් පවසන්නේ දිනකට බොහෝ කාන්තාවන් සංඛ්‍යාවක් මෙම ඇඬීම සඳහා වෙන්කරන ලද කාමර ලබා ගන්නා බවයි.
එම හෝටල් කාමර වල කදුළු පිසදාගැනීමට විශේෂයෙන් සකස් කළ අත්පිස්නා, කදුළු වැගිරවීමේ සමත් දුක්මුසු තේමා රැගත් චිත‍්‍රපට හා කාටූන් ආදී ඇඬීමට අවශ්‍ය සියළුම වාතාවරණයන් සකස් කර ඇත. කාමරයක් වෙන් කර ගැනීමට ඩොලර් 80 ක මුදලක් අය කරනු ලබයි.

 
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
29 May 2015 01:31 AM
ඒ සැරේ සල්ලි දීලා අඩපල්ලකෝ..
ගෙදර ඉඳන් අඩපල්ලකෝ.. හොටලේටම ගිහින් අඩන්න ඕනැය..

(හැබැයි ඕක හොද භාවනාවක් වගේ දෙයක්.. හිත සැහැල්ලු වෙන්න.)
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
29 May 2015 01:41 AM
අඬන අයව නලවන්න යන්න දෙනවද දන්නේ නැහැ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
1

deepika
Basic Member
Basic Member
Posts:121






--
29 May 2015 02:08 AM
ඔව් ඔව් මේ කෙල්ලො අපි වගේ හොටු පෙරාගෙන මග-තොට අඩන්නෙ නැහැ... (ඇඩුවොත් make-up හේදෙන නිසා වෙන්න ඕනෙ )
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
29 May 2015 02:23 AM
Posted By deepika on 29 May 2015 02:08 AM
ඔව් ඔව් මේ කෙල්ලො අපි වගේ හොටු පෙරාගෙන මග-තොට අඩන්නෙ නැහැ... (ඇඩුවොත් make-up හේදෙන නිසා වෙන්න ඕනෙ )

 

ඒ කියන්නෙ අඩල ඉවර වෙලා අයෙත් makeup දාගෙන යනවා අති ...ඊට වඩා හොන්ද නැද්ද හොටෙල් එකෙ කෙනෙක්ටම කියලා නලවා ගත්ත නම් ... 

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
1

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
29 May 2015 02:24 AM

අඩන්නේ ඇයි සුදු මැනිකේ කියන්න පණ මාගේ
හෙලන්නේ ඇයි කදුලැලි ආදර නිල්මිණි දෑසේ

 
මට එම ගීතය මතක් වුනා.............. මේ පුවත බලද්දී
ආදරයේ උල්පත අම්මා ......................
0
You are not authorized to post a reply.
Page 19 of 32 << < 1718192021 > >>