Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Aug 2017 08:36 AM by Rosi අපි කන කෑමවල ඔබ නොදන්න ගුණ 164 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 9 << < 34567 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 20 Apr 2015 01:59 PM 0 Ind007kaMost Senior MemberPosts:12931 20 Apr 2015 06:09 PM තව බබෙක් හදලා මෙ විදියට කරන්න ඔනෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 20 Apr 2015 07:23 PM රෝසි අක්කේ තැන්ක්ස් මේ වැදගත් ලිපියට..... 0 maduranga001Most Senior MemberPosts:14118 20 Apr 2015 08:11 PM ඔය ප්‍රශ්නේ එන්නේ ගොඩක්ම බටහිර රටවල් වලට. ආසියාවේ අපේ රටවල් වල ළමයින්ගේ බර අඩුවීම ,කෙට්ටු වීම වගේ ඒවා තමයි ලොකුම ප්‍රශ්න වෙලා තියෙන්නේ.. නමුත් කොළඹ වැනි ප්‍රදේශ වල පාසල් ළමුන්ගේ නම් මමත් මේ තත්ත්වය දැකලා තියෙනවා.. කෙට්ටු වීමත් මහත් වීමත් දෙකටම හේතුව එකම තමයි.. පෝෂණය නිසි ආකාරයෙන් නඩත්තු නොවීම.. එක්කෝ පමණ ඉක්මවා.. නැත්නම් අවශ්‍ය පමණටවත් නොලැබීම.. මේ තොරතුරු වලට බෙහෙවින්ම තුති. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 20 Apr 2015 10:37 PM විශේෂයෙන් ක්ෂණික ආහාර මහත් වීමට බලපානවා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 RosiSuper Senior MemberPosts:5335 26 Apr 2015 04:59 PM තෙල් බහින්න වයින් බොන්න තරබාරුකම මේ වනවිට ලෝකය තුළ වඩාත් කතාබහට ලක්වන ගැටළුවක් වී ඇත. වර්තමාන අති ධාවනකාරී පරිසරය තුළ බොහෝ විට ශරීරයට නිසි පරිදි ව්‍යායාම නොලැබීම මෙම තරබාරුකමට ප්‍රධානම හේතුව බවට පත් වී ඇත. එසේම වැරදි ආහාර පුරුදුද මේ සඳහා හේතු වේ. ඇමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදුකළ පර්යේෂණයකින් තරබාරුකම මට්‍ටු කළ හැකි අපූරු පානයක් පිළිබඳව සොයා ගෙන ඇත. ඔවුන්ගේ නිගමනයට අනුව වයින් හා රතු මිදි යුෂ මඟින් ශරීරයේ තැන්පත්ව ඇති තෙල් දහනය කිරීම මනාව සිදුවෙන බවට ඔප්පු වී ඇත. තෙල් බහින්න වයින් බොන්න තරබාරුකම මේ වනවිට ලෝකය තුළ වඩාත් කතාබහට ලක්වන ගැටළුවක් වී ඇත. වර්තමාන අති ධාවනකාරී පරිසරය තුළ බොහෝ විට ශරීරයට නිසි පරිදි ව්‍යායාම නොලැබීම මෙම තරබාරුකමට ප්‍රධානම හේතුව බවට පත් වී ඇත. එසේම වැරදි ආහාර පුරුදුද මේ සඳහා හේතු වේ. ඇමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදුකළ පර්යේෂණයකින් තරබාරුකම මට්‍ටු කළ හැකි අපූරු පානයක් පිළිබඳව සොයා ගෙන ඇත. ඔවුන්ගේ නිගමනයට අනුව වයින් හා රතු මිදි යුෂ මඟින් ශරීරයේ තැන්පත්ව ඇති තෙල් දහනය කිරීම මනාව සිදුවෙන බවට ඔප්පු වී ඇත. කෙසේ වෙතත් සිරුරේ බර අඩුකර ගැනීමේ ක්‍රමවේදයක් ලෙස වයින් හෝ මිදි යුෂ පානය කිරීමට කටයුතු නොකළ යුතු යැයි පරීක්ෂකයින් අනතුරු අඟවා තිබේ. මීට කලින් බර අධික මීයන් හට මිදි ආහාර වශයෙන් ලබාදීමෙන් සිදුකළ පර්යේෂණයකින්ද හෙළිවී තිබුනේ මිදිසාරය ලබාදුන් මීයන්ගේ අක්මාවල අඩු තෙල් ප්‍රමාණයක් තිබුණු බවත් ඔවුන්ගේ රුධිරයේ සීනි ප්‍රමාණය අඩු බවත්ය. 0 isurusamSuper Senior MemberPosts:7342 26 Apr 2015 06:02 PM තැන්ක්ස් මේ වැදගත් ලිපියට රෝසි අක්කේ..... 0 Ind007kaMost Senior MemberPosts:12931 26 Apr 2015 06:12 PM කතාව නම් අත්ත බව මමත් අහලා තියෙනවා ..නමුත් ව්යින් බොන්න සල්ලි තම්යි නැත්තෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 30 Apr 2015 12:11 AM එහෙම නම් වයින් බොන්න පටන් ගන්න ඕනේ ..බීලම බලමු. වයින් වලින් නවතියිද මන්දා සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 RosiSuper Senior MemberPosts:5335 17 Dec 2015 08:01 AM ගුණදායී බවින් යුතු වුවද කෙසෙල් අධිකව ආහාරයට නොගත යුතුයි කෙසෙල්වල උපත මලයාවේ බැව් පිළිගැනෙන අතර ක්‍රිස්තු පූර්ව පන්සියය වැනි අතීතයකදි පවා කෙසෙල් පිළිබඳව වූ සටහන් ඉන්දියාවෙන් හමුව ඇත. මහා ඇලෙක්සැන්ඩර් රජතුමා ඉන්දියාවට පැමිණි ගමනේදි මෙම පළතුර දුටු බව ඓතිහාසික මුලාශ්‍රවල සඳහන්ය. ඇමරිකාව සොයා ගෙන කාලයක් ගත වෙත්ම කැනරි දූපත්වල සිට කෙසෙල් ගෙඩි ඇමරිකා එක්සත් ජනපදයට හඳුන්වා දි ඇති අතර මුලින්ම එය හිස්පැනියෝලාවේ වගා කරන ලදී. 1516 වසරේදි තෝමස් දී බර්ලෝඤ්ඤා මිෂනාරි පියතුමා විසින් අත්ලාන්තික් සාගරය හරහා සාන්ත දුමින්ගු දූපත් වැසියන්ට කෙසෙල් හඳුන්වා දුන්නේ පිසින ලද ආහාරයක් ලෙසින්ය. මානව සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනුවෙන් සුවිශේෂ මෙහෙයක් සිදු කරන පොටෑසියම් බහුල වූ පළතුරක් ලෙස කෙසෙල් හදුන්වා දිය හැකිය. ආහාර මඟින් පොටෑසියම් ලබා ගැනිම පිළිබඳව වෛද්‍ය පර්යේෂණයන්හි පැවැතුණේ ඉතා සුබවාදි ආකල්පයක්. ආහාර පිළිබඳ අධ්‍යනනයේ යෙදෙන පර්යේෂකයන් විසින් මෙහිදි කෙසෙල් ගෙඩි සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇත. ඒ අනුව ආහාර ජිරණය වෙනුවෙන් අවශ්‍ය පොටෑසියම් මාත්‍රාව ඉතා පහසුවෙන් උපයා ගත හැකි පළතුරක් ලෙසින් කෙසෙල් ගෙඩි විශේෂ ගුණ ගායනාවට පාත්‍ර වී ඇත. ඒ අතරම තන්තු, විටමින් සී, විටමින් බී 6 සහ පොටෑසියම් හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය සහය ලබා දෙන බැවින් ආහාරයට ගැනීම නිසා උක්ත සංයෝගයන් ඉතා පහසුවෙන් උපයා ගත හැකි බැව් මහාචාර්ය මාර්ක් හුස්ටන් සඳහන් කරයි. ඇමරිකාවේ ටෆ්ට්ස් විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂ ඩෝව්සන් හියුසේ සඳහන් කරන්නේ පොටෑසියම් ප්‍රභවයන්ගෙන් යුක්ත ආහාර මඟින් වියපත් පුද්ගලයන්ගේ පේශි ස්කන්ධය සුරකින අතර ඔස්ටේ‍්‍රලියාවේ සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ වියපත් වීම සමඟ කාන්තාවන්ට ඇති වෙන අස්ථිහායනය වෙනුවෙන් පොටෑසියම් උපයා ගැනිමට හැකියාවක් ද කෙසෙල් අනුභව කිරීමෙන් ලැබෙන බවයි. මළ පහවීම ආශ්‍රිත සංකූලතාවන් වෙනුවෙන්ද කෙසෙල්ගෙඩි විශේෂිත ගුණ ලබා දෙන පළතුරකි. නිරන්තර වැසිකිලි යෑමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ඇති වෙන ශාරිරික අප්‍රාණිකතාවට සහනයක් ලබා දිමට මෙමඟින් ලැබෙන ක්ෂණික පොටෑසියම් කෙසෙල් ගෙඩි සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ඇත. ඒ අතරම කුඩා සහ මහා අන්ත්‍රවල ඇති වෙන පිළිකා රෝග තත්ත්වය වළක්වන අතරම තන්තු බහුල හෙයින් ආහාර ජිර්ණ ක්‍රියාවලියට සහ මළබද්ධයට සහනයක් ලබා දෙනු ඇත. මෙම පළතුරෙහි අන්තර්ගත ට්‍රිප්ටොපෑන් සහ ඇමයිනෝ අම්ල මගින් මතක ශක්තිය උත්තේජනය කරන බවද කෙසෙල් ආශ්‍රිතව සිදුකරන ලද විවිධ පර්යේෂණ මඟින් තහවුරුව ඇත. මහා බ්‍රිතාන්‍යයේ ඉම්පිරියල් වෛද්‍යායතනය මඟින් සිදු කරන ද අධ්‍යනයකට අනුව පෙන්වා දෙන්නේ බාල කාලයේදි කෙසෙල් ආහාරයට ගත් දරුවන්ගෙන් 50% ක් ඉදිරියේදි ඇදුම රෝගයෙන් ආරක්ෂිත වූ බවයි. විටමින් සී බහුලව අන්තර්ගත කෙසෙල්ගෙඩි සිරුරේ විෂ සමග සටන් කළ හැකි ප්‍රතිඔක්සිකාරක ශක්තියෙන් යුක්ත වේ. මෙවැනි ගුණදායක බවින් යුතු කෙසෙල්වල අධික ලෙස ආහාරයට ගැනීම නිසා විවිධ අහිතකර තත්ත්වයන්ද ඇතිවන බවට තහවුරු වූ අවස්ථාවන් නැතිවද නොවේ. ඒ අනුව දිනකට ආහාරයට ගත යුතු කෙසෙල්ගෙඩි ප්‍රමාණය ගැනත් සිමාවන් පනවා ගැනීමට දැන් කාලය එළැඹ තිබේ. ලන්ඩන් නුවර ශාන්ත ජෝර්ජ් රෝහලේ ආහාර පුරුදු පිළිබඳ විශේෂඥ කැතරින් කොලින්ස් සඳහන් කරන්නේ අපේ සිරුරේ සෑම සෛලයකම පොටෑසියම් අන්තර්ගත අතර පොටෑසියම් මඟින් සෛල ක්‍රියාකාරිත්වය වෙනුවෙන් අවශ්‍ය විදුලි ආරෝපණයන් ජනිත කරන බවයි. අග්න්‍යාසයේ රුධිර ග්ලුකෝස් පාලනයටත් පොටෑසියම් බලපාන නමුත් මෙම සංයුතිය පිළිබඳව සමතුලිතතාවයක් පවත්වා ගැනීමත් අවශ්‍ය බවයි. පොටෑසියම් මට්ටම පහල බැසිම හෝ ඉහළ නැඟීම නිසා ඔක්කාරය, පාචනය, උදර වේදනාව සහ හෘද අක්‍රමවත්බව ඇති වීමේ ප්‍රවණතාවය ඉහළ නංවන බැවින් කෙසල් වැනි පළතුරක වුවත් පාලනයක් අවශ්‍ය බැව් වෛද්‍ය උපදේශයවී ඇත. සිරුරට එක්වර මුදා හැරන පොටෑසියම් ක්ලෝරයිඩ් නිසා හෘද ස්පන්දනය සම්පුර්ණයෙන්ම නැවතීමට තරම් අවදානම ඉහළ ය. එමෙන්ම වකුගඩු ආශි‍්‍රත රෝග සංකූලතාවයන්ගෙන් පෙලෙන්නේ නම් පොටෑසියම් බහුල ආහාර පාලනය අනිවාර්යයෙන්ම අවශ්‍ය බැව් පර්යේෂණ ප්‍රධානී කැතරින් කොලින්ස් අවධාරණයෙන්ම සඳහන් කර ඇත. කෙසෙල් ගෙඩි පිළිබඳ ගුණගායනාවන් කොතෙක් තිබුණත් පමණ ඉක්මවා ආහාරයට ගැනීම අහිතකර හෙයින් ඒ වෙනුවෙන් සීමා පනවා ගැනීම සෞඛ්‍ය වෙනුවෙන් හිතකර වේ. පුන්‍යා චාන්දනි ද සිල්වා 0 samanthaMost Senior MemberPosts:13190 17 Dec 2015 09:02 AM මමත් මේ කථාව අහලා තිබුණා. කොහොම වුණත් හැම දෙයකටම සීමාවක් තිබිය යුතුයි.. බොහොමත්ම ස්තූතියි නංගී අපිව දැනුවත් කලාට. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 ChandimaAdvanced MemberPosts:509 20 Dec 2015 06:43 PM kesel kana ayage maduruwo kanawath wadilu neda 0 sha733Super Senior MemberPosts:7332 22 Dec 2015 03:29 AM දැනගත්ත එක හොදයි වකුගඩු රෝගීන්ට හොද නැහැලුනේ 0 isurusamSuper Senior MemberPosts:7342 22 Dec 2015 02:34 PM වැදගත් ලිපියක් තැන්ක්ස් අපිත් එක්ක බෙදා හදා ගත්තට . 0 Ind007kaMost Senior MemberPosts:12931 22 Dec 2015 05:16 PM දැණ් නම් කෙසෙල් තියෙන්නෙ තනිකරම බෙහෙත් ගහපුවා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 22 Dec 2015 05:46 PM කෙසෙල් කියන්නේ මගේ ප්‍රියතම කෑමක්.. ඒ කියන්නේ මම කන ප්‍රමාණය වැඩිද මන්ද.. දිනකට අහිතකර නොවෙන ප්‍රමාණය ගැන ලිපියේ සඳහන් වුනා නම් වඩාත් වටිනවා.. සීමාවක් ගැන සඳහන නැති නිසා අහිතකර වෙන්න පුළුවන් කොපමණද කියල හිත ගන්න අමාරුයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 22 Dec 2015 10:03 PM කෙසෙල් වුනත් වැඩිපුර කෑවොත් අගුණයි. මෙම කියමනේ සත්‍යතාව විමසීම උදෙසා විද්‍යාත්මක හේතු සෙවීමටයි මේ ප්‍රයත්නය. කෙසෙල් ලොව ජනප්‍රිය ම පලතුරු වර්ගයක් වන අතර ඉතා මිහිරි රසයකින් යුතු මේ පලතුර ඛනිජ ලවන සහ විටමින් වර්ග වලින් පිරි මිනිස් සෞඛ්‍යයට ඉතා හොඳ ආහාරයක්. සාමාන්‍ය ප්‍රමාණයේ හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක පොටෑසියම් ඉතා ඉහළ ප්‍රමාණයක් අඩංගු වන අතර එවැනි කෙසෙල් ගෙඩි හයකට වඩා වැඩි ප්‍රමාණයක මිනිස් සිරුරට හානි කළ හැකි තරම් පොටෑසියම් ප්‍රමාණයක් අඩංගු වීමට ඉඩ ඇත. පොටෑසියම් අප සිරුරට බලපාන ආකාරය සොයා බැලීමෙන් මේ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගත හැකියි. ලන්ඩන් නුවර ශාන්ත ජෝර්ජ් රෝහලේ ආහාර පුරුදු පිළිබඳ විශේෂඥවරිය වන කැතරින් කොලින්ස් පවසන්නේ පොටෑසියම් පුද්ගලයෙකුගේ ජීවිතයට අත්‍යවශ්‍ය සහ සෘජුවම බලපාන සාධකයක් විය හැකි අතර අපේ සිරුරේ සෑම සෛලයකම පොටෑසියම් අන්තර්ගත වන බවයි. සෛල තුල පොටෑසියම් ක්‍රියාකාරීත්වය විස්තර කළ විශේෂඥවරිය කියා සිටියේ පොටෑසියම් මගින් සෛලයක ක්‍රියාකාරීත්වය පවත්වා ගෙන යාමට අවශ්‍ය සියුම් විදුලි ආරෝපණයක් ජනිත කිරීම සිදු කරන බවයි. මීට අමතරව අග්න්‍යාශය විසින් සිදු කෙරෙන රුධිර ග්ලුකෝස් පාලනයටත් පොටෑසියම් උපකාරී වන අතර විශේෂයෙන්ම රුධිර පීඩනය පාලනය කිරීමටත් අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ක්‍රියා කරයි. පොටෑසියම් ක්‍රියාකාරීත්වයසිරුරේ ඇති පොටෑසියම් ප්‍රමාණය ඉතා අඩු මට්ටමකට පහත බැසීම හෝ ඉහළ නැගීම මගින් හෘද ස්පන්දනය අක්‍රමවත් කිරීම, උදරයේ වේදනාවක් ඇති කිරීම, ඔක්කාරය සහ පාචනය ඇති කළ හැකියි. සිරුරට එකවර මුදා හැරෙන ඉතා ඉහළ ප්‍රමාණයක පොටෑසියම් ක්ලෝරයිඩ් හෘද ස්පන්දනය සම්පූර්ණයෙන්ම නැවත්වීමට පවා හේතු විය හැකියි.කෙසේ වෙතත් හෘද ස්පන්දනය නවතින තරම් පොටෑසියම් ප්‍රමාණයක් කෙසෙල් ගෙඩි මගින් ලබා ගැනීමට නම් දිනක් තුල කෙසෙල් ගෙඩි 300ක පමණ ප්‍රමාණයක් අනුභව කළ යුතු බවයි කැතරින් කොලින්ස් පෙන්වා දෙන්නේ. වැඩිහිටි පුද්ගලයෙකුට දිනකට පොටෑසියම් මිලි ග්රෑම් 3500ක් පමණ සිරුරට අවශ්‍ය වන අතර ග්රෑම් 125ක් පමණ බරැති කෙසෙල් ගෙඩියක අන්තර්ගත වන්නේ පොටෑසියම් මිලි ග්රෑම් 450 පමණ වන බවයි බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය පවසන්නේ. එබැවින් වැඩිහිටි පුද්ගලයෙකුට කෙසෙල් ගෙඩි හතක් පමණ ආහාරයට ගැනීමෙන් විද්‍යාත්මක ව අනුමත කරන ලද පොටෑසියම් ප්‍රමාණය කරා ලඟා විය හැකියි. නමුත් යමෙක් වකුගඩු රෝගයෙන් පෙළෙන්නේ නම් පොටෑසියම් බහුල ආහාර රාශියක් එකවර අනුභව කිරීම එතරම් ශරීර සෞඛ්‍යට යෝග්‍ය නොවන බවයි විශේෂඥවරිය වැඩි දුරටත් පවසන්නේ. මූලාශ්‍රය දෙරණ ගොසිප් සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 22 Dec 2015 10:05 PM දිනකට ලබා ගත යුතු පලතුරු ප්‍රමාණය දිනකට පලතුරු වර්ග දෙක තුනක්වත් ලබා ගත යුතු බව නිර්දේශවල සඳහන්ය.අතේ ඇති අල්ලේ ප්‍රමාණයෙන් යුතු කෙසෙල් ගෙඩියක්, පැපොල් පලුවක්, ලබා ගැනීම සුදුසුය. සමහරු නින්දට යාමට ප්‍රථම පලතුරු කෑමට පුරුද්දක් කරගෙන සිටියි. මෙය සුදුසු නැත. මෙමගින් රුධිරයේ සීනි මට්ටම හා සිරුරේ සීනි මට්ටම වැඩි වී ඉන්සියුලින් මට්ටම ද වැඩිවී නින්ද යාමේ අපහසුතා ඇතිවේ. නින්දට පැය 3කටවත් පෙර පලතුරු ලබා ගැනීම වඩා උචිත වේ. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 23 Dec 2015 12:00 AM මට වඩාත් වැදගත් තොරතුරු ටිකක්.. මම පලතුරු වලට තදින් ඇබ්බැහි වුවෙක්. මගේ යම් යම් වැරදි පුරුදු මේ මගින් අත් හැරිය හැකියි.. ස්තුතියි තොරතුරු මගින් අපව දැනුවත් කිරීමට.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 23 Dec 2015 12:43 AM Posted By maduranga001 on 23 Dec 2015 12:00 AM මට වඩාත් වැදගත් තොරතුරු ටිකක්.. මම පලතුරු වලට තදින් ඇබ්බැහි වුවෙක්. මගේ යම් යම් වැරදි පුරුදු මේ මගින් අත් හැරිය හැකියි.. ස්තුතියි තොරතුරු මගින් අපව දැනුවත් කිරීමට.. ඉස්සෙක් දෙන්නෙක් කැමට එකතු කරගන්න එතකොට බැලන්ස් වෙයි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 You are not authorized to post a reply. Page 5 of 9 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner