You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Aug 2017 08:36 AM by  Rosi
අපි කන කෑමවල ඔබ නොදන්න ගුණ
 164 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 9 << < 45678 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
23 Dec 2015 12:46 AM
Posted By Ind007ka on 23 Dec 2015 12:43 AM
Posted By maduranga001 on 23 Dec 2015 12:00 AM
මට වඩාත් වැදගත් තොරතුරු ටිකක්.. මම පලතුරු වලට තදින් ඇබ්බැහි වුවෙක්. මගේ යම් යම් වැරදි පුරුදු මේ මගින් අත් හැරිය හැකියි.. ස්තුතියි තොරතුරු මගින් අපව දැනුවත් කිරීමට..
… … …ඉස්සෙක් දෙන්නෙක් කැමට එකතු කරගන්න එතකොට බැලන්ස් වෙයි

මාව මරන්නද බොල හදන්නෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Dec 2015 01:33 AM
Posted By maduranga001 on 23 Dec 2015 12:46 AM
Posted By Ind007ka on 23 Dec 2015 12:43 AM
Posted By maduranga001 on 23 Dec 2015 12:00 AM
මට වඩාත් වැදගත් තොරතුරු ටිකක්.. මම පලතුරු වලට තදින් ඇබ්බැහි වුවෙක්. මගේ යම් යම් වැරදි පුරුදු මේ මගින් අත් හැරිය හැකියි.. ස්තුතියි තොරතුරු මගින් අපව දැනුවත් කිරීමට..
… … …ඉස්සෙක් දෙන්නෙක් කැමට එකතු කරගන්න එතකොට බැලන්ස් වෙයි

මාව මරන්නද බොල හදන්නෙ.


First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
25 Dec 2015 10:18 PM
ඕනෑම දෙයක් ඹ්නෑම කෙනෙකුට ඕනෑවට වඩා ඕනෑ නැත...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Dec 2015 08:30 AM
සොබාදහම කියල දෙන පාඩමක් තමා ඔය
ඕනෑම දෙයක් ඹ්නෑම කෙනෙකුට ඕනෑවට වඩා ඕනෑ නැත කියන්නෙ
ඉතින් කෙසෙලුත් ඕනෙ නැහැ ඕනෑවට වඩා
0

PRADO_MONTERO
New Member
New Member
Posts:12






--
03 Jan 2016 08:00 PM
ගොඩක් වැදගත් ලිපි සියල්ලටම ගොඩක් ස්තුතියි
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Feb 2017 05:12 PM
ගොඩක් වැදගත් ලිපි පෙළක්
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Feb 2017 05:56 PM
අවුරුද්දකට පස්සෙ පොඩ්ඩි මෙ tread එක උඩට අරන්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
01 Feb 2017 06:00 PM
thanks article eka share kara gattata
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
01 Feb 2017 08:24 PM
Posted By Rosi on 17 Dec 2015 08:01 AM

ගුණදායී බවින් යුතු වුවද කෙසෙල් අධිකව ආහාරයට නොගත යුතුයි

 

කෙසෙල්වල උපත මලයාවේ බැව් පිළිගැනෙන අතර ක්‍රිස්තු පූර්ව පන්සියය වැනි අතීතයකදි පවා කෙසෙල් පිළිබඳව වූ සටහන් ඉන්දියාවෙන් හමුව ඇත. මහා ඇලෙක්සැන්ඩර් රජතුමා ඉන්දියාවට පැමිණි ගමනේදි මෙම පළතුර දුටු බව ඓතිහාසික මුලාශ්‍රවල සඳහන්ය. ඇමරිකාව සොයා ගෙන කාලයක් ගත වෙත්ම කැනරි දූපත්වල සිට කෙසෙල් ගෙඩි ඇමරිකා එක්සත් ජනපදයට හඳුන්වා දි ඇති අතර මුලින්ම එය හිස්පැනියෝලාවේ වගා කරන ලදී. 1516 වසරේදි තෝමස් දී බර්ලෝඤ්ඤා මිෂනාරි පියතුමා විසින් අත්ලාන්තික් සාගරය හරහා සාන්ත දුමින්ගු දූපත් වැසියන්ට කෙසෙල් හඳුන්වා දුන්නේ පිසින ලද ආහාරයක් ලෙසින්ය. 

මානව සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනුවෙන් සුවිශේෂ මෙහෙයක් සිදු කරන පොටෑසියම් බහුල වූ පළතුරක් ලෙස කෙසෙල් හදුන්වා දිය හැකිය. 

ආහාර මඟින් පොටෑසියම් ලබා ගැනිම පිළිබඳව වෛද්‍ය පර්යේෂණයන්හි පැවැතුණේ ඉතා සුබවාදි ආකල්පයක්. ආහාර පිළිබඳ අධ්‍යනනයේ යෙදෙන පර්යේෂකයන් විසින් මෙහිදි කෙසෙල් ගෙඩි සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇත. ඒ අනුව ආහාර ජිරණය වෙනුවෙන් අවශ්‍ය පොටෑසියම් මාත්‍රාව ඉතා පහසුවෙන් උපයා ගත හැකි පළතුරක් ලෙසින් කෙසෙල් ගෙඩි විශේෂ ගුණ ගායනාවට පාත්‍ර වී ඇත. ඒ අතරම තන්තු, විටමින් සී, විටමින් බී 6 සහ පොටෑසියම් හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය සහය ලබා දෙන බැවින් ආහාරයට ගැනීම නිසා උක්ත සංයෝගයන් ඉතා පහසුවෙන් උපයා ගත හැකි බැව් මහාචාර්ය මාර්ක් හුස්ටන් සඳහන් කරයි. 

ඇමරිකාවේ ටෆ්ට්ස් විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂ ඩෝව්සන් හියුසේ සඳහන් කරන්නේ පොටෑසියම් ප්‍රභවයන්ගෙන් යුක්ත ආහාර මඟින් වියපත් පුද්ගලයන්ගේ පේශි ස්කන්ධය සුරකින අතර ඔස්ටේ‍්‍රලියාවේ සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ වියපත් වීම සමඟ කාන්තාවන්ට ඇති වෙන අස්ථිහායනය වෙනුවෙන් පොටෑසියම් උපයා ගැනිමට හැකියාවක් ද කෙසෙල් අනුභව කිරීමෙන් ලැබෙන බවයි. 

මළ පහවීම ආශ්‍රිත සංකූලතාවන් වෙනුවෙන්ද කෙසෙල්ගෙඩි විශේෂිත ගුණ ලබා දෙන පළතුරකි. නිරන්තර වැසිකිලි යෑමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ඇති වෙන ශාරිරික අප්‍රාණිකතාවට සහනයක් ලබා දිමට මෙමඟින් ලැබෙන ක්ෂණික පොටෑසියම් කෙසෙල් ගෙඩි සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ඇත. ඒ අතරම කුඩා සහ මහා අන්ත්‍රවල ඇති වෙන පිළිකා රෝග තත්ත්වය වළක්වන අතරම තන්තු බහුල හෙයින් ආහාර ජිර්ණ ක්‍රියාවලියට සහ මළබද්ධයට සහනයක් ලබා දෙනු ඇත. මෙම පළතුරෙහි අන්තර්ගත ට්‍රිප්ටොපෑන් සහ ඇමයිනෝ අම්ල මගින් මතක ශක්තිය උත්තේජනය කරන බවද කෙසෙල් ආශ්‍රිතව සිදුකරන ලද විවිධ පර්යේෂණ මඟින් තහවුරුව ඇත. මහා බ්‍රිතාන්‍යයේ ඉම්පිරියල් වෛද්‍යායතනය මඟින් සිදු කරන ද අධ්‍යනයකට අනුව පෙන්වා දෙන්නේ බාල කාලයේදි කෙසෙල් ආහාරයට ගත් දරුවන්ගෙන් 50% ක් ඉදිරියේදි ඇදුම රෝගයෙන් ආරක්ෂිත වූ බවයි. 

විටමින් සී බහුලව අන්තර්ගත කෙසෙල්ගෙඩි සිරුරේ විෂ සමග සටන් කළ හැකි ප්‍රතිඔක්සිකාරක ශක්තියෙන් යුක්ත වේ. මෙවැනි ගුණදායක බවින් යුතු කෙසෙල්වල අධික ලෙස ආහාරයට ගැනීම නිසා විවිධ අහිතකර තත්ත්වයන්ද ඇතිවන බවට තහවුරු වූ අවස්ථාවන් නැතිවද නොවේ. ඒ අනුව දිනකට ආහාරයට ගත යුතු කෙසෙල්ගෙඩි ප්‍රමාණය ගැනත් සිමාවන් පනවා ගැනීමට දැන් කාලය එළැඹ තිබේ. ලන්ඩන් නුවර ශාන්ත ජෝර්ජ් රෝහලේ ආහාර පුරුදු පිළිබඳ විශේෂඥ කැතරින් කොලින්ස් සඳහන් කරන්නේ අපේ සිරුරේ සෑම සෛලයකම පොටෑසියම් අන්තර්ගත අතර පොටෑසියම් මඟින් සෛල ක්‍රියාකාරිත්වය වෙනුවෙන් අවශ්‍ය විදුලි ආරෝපණයන් ජනිත කරන බවයි. අග්න්‍යාසයේ රුධිර ග්ලුකෝස් පාලනයටත් පොටෑසියම් බලපාන නමුත් මෙම සංයුතිය පිළිබඳව සමතුලිතතාවයක් පවත්වා ගැනීමත් අවශ්‍ය බවයි. පොටෑසියම් මට්ටම පහල බැසිම හෝ ඉහළ නැඟීම නිසා ඔක්කාරය, පාචනය, උදර වේදනාව සහ හෘද අක්‍රමවත්බව ඇති වීමේ ප්‍රවණතාවය ඉහළ නංවන බැවින් කෙසල් වැනි පළතුරක වුවත් පාලනයක් අවශ්‍ය බැව් වෛද්‍ය උපදේශයවී ඇත. 

සිරුරට එක්වර මුදා හැරන පොටෑසියම් ක්ලෝරයිඩ් නිසා හෘද ස්පන්දනය සම්පුර්ණයෙන්ම නැවතීමට තරම් අවදානම ඉහළ ය. එමෙන්ම වකුගඩු ආශි‍්‍රත රෝග සංකූලතාවයන්ගෙන් පෙලෙන්නේ නම් පොටෑසියම් බහුල ආහාර පාලනය අනිවාර්යයෙන්ම අවශ්‍ය බැව් පර්යේෂණ ප්‍රධානී කැතරින් කොලින්ස් අවධාරණයෙන්ම සඳහන් කර ඇත. කෙසෙල් ගෙඩි පිළිබඳ ගුණගායනාවන් කොතෙක් තිබුණත් පමණ ඉක්මවා ආහාරයට ගැනීම අහිතකර හෙයින් ඒ වෙනුවෙන් සීමා පනවා ගැනීම සෞඛ්‍ය වෙනුවෙන් හිතකර වේ. 

 



අද ඉන්දක් කෙහෙල් ගෙඩියක් විතර කනවා දවසට මම හොටෙල් එකේදී නිතර කනවා ස්තුති වැදගත් විස්තරයක්
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
01 Feb 2017 08:41 PM
ලිපි දෙකේම ඉතා වැදගත් තොරතුරු ගොඩක් අඩංගු වුනා, අපේ පුරුදු නැවත සකස් කර ගන්න මේ මගින් අත් වැලැත් ලැබෙන්වා ස්තූතියි ඔබ දෙපලටම.
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Feb 2017 08:16 AM
මෙහෙම දෙයක් දැන ගත්ත එක හොදයි.
වත්තෙ ඒවා එහෙම හැදුනම වැඩිපුර කනවා.
දැන් බලද්දි ඒකත් හොද නෑනෙ.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Feb 2017 04:00 PM
එක නේ මල්ලි කියන්නේ කොයි දේත් ඕනවට වඩා ඕනෙම නැ කියලා ..ඔන්න ඕක නිසා ලු
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Feb 2017 05:59 PM
Posted By Rosi on 17 Dec 2015 08:01 AM

ගුණදායී බවින් යුතු වුවද කෙසෙල් අධිකව ආහාරයට නොගත යුතුයි

 

කෙසෙල්වල උපත මලයාවේ බැව් පිළිගැනෙන අතර ක්‍රිස්තු පූර්ව පන්සියය වැනි අතීතයකදි පවා කෙසෙල් පිළිබඳව වූ සටහන් ඉන්දියාවෙන් හමුව ඇත. මහා ඇලෙක්සැන්ඩර් රජතුමා ඉන්දියාවට පැමිණි ගමනේදි මෙම පළතුර දුටු බව ඓතිහාසික මුලාශ්‍රවල සඳහන්ය. ඇමරිකාව සොයා ගෙන කාලයක් ගත වෙත්ම කැනරි දූපත්වල සිට කෙසෙල් ගෙඩි ඇමරිකා එක්සත් ජනපදයට හඳුන්වා දි ඇති අතර මුලින්ම එය හිස්පැනියෝලාවේ වගා කරන ලදී. 1516 වසරේදි තෝමස් දී බර්ලෝඤ්ඤා මිෂනාරි පියතුමා විසින් අත්ලාන්තික් සාගරය හරහා සාන්ත දුමින්ගු දූපත් වැසියන්ට කෙසෙල් හඳුන්වා දුන්නේ පිසින ලද ආහාරයක් ලෙසින්ය. 

මානව සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනුවෙන් සුවිශේෂ මෙහෙයක් සිදු කරන පොටෑසියම් බහුල වූ පළතුරක් ලෙස කෙසෙල් හදුන්වා දිය හැකිය. 

ආහාර මඟින් පොටෑසියම් ලබා ගැනිම පිළිබඳව වෛද්‍ය පර්යේෂණයන්හි පැවැතුණේ ඉතා සුබවාදි ආකල්පයක්. ආහාර පිළිබඳ අධ්‍යනනයේ යෙදෙන පර්යේෂකයන් විසින් මෙහිදි කෙසෙල් ගෙඩි සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇත. ඒ අනුව ආහාර ජිරණය වෙනුවෙන් අවශ්‍ය පොටෑසියම් මාත්‍රාව ඉතා පහසුවෙන් උපයා ගත හැකි පළතුරක් ලෙසින් කෙසෙල් ගෙඩි විශේෂ ගුණ ගායනාවට පාත්‍ර වී ඇත. ඒ අතරම තන්තු, විටමින් සී, විටමින් බී 6 සහ පොටෑසියම් හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය සහය ලබා දෙන බැවින් ආහාරයට ගැනීම නිසා උක්ත සංයෝගයන් ඉතා පහසුවෙන් උපයා ගත හැකි බැව් මහාචාර්ය මාර්ක් හුස්ටන් සඳහන් කරයි. 

ඇමරිකාවේ ටෆ්ට්ස් විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂ ඩෝව්සන් හියුසේ සඳහන් කරන්නේ පොටෑසියම් ප්‍රභවයන්ගෙන් යුක්ත ආහාර මඟින් වියපත් පුද්ගලයන්ගේ පේශි ස්කන්ධය සුරකින අතර ඔස්ටේ‍්‍රලියාවේ සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ වියපත් වීම සමඟ කාන්තාවන්ට ඇති වෙන අස්ථිහායනය වෙනුවෙන් පොටෑසියම් උපයා ගැනිමට හැකියාවක් ද කෙසෙල් අනුභව කිරීමෙන් ලැබෙන බවයි. 

මළ පහවීම ආශ්‍රිත සංකූලතාවන් වෙනුවෙන්ද කෙසෙල්ගෙඩි විශේෂිත ගුණ ලබා දෙන පළතුරකි. නිරන්තර වැසිකිලි යෑමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ඇති වෙන ශාරිරික අප්‍රාණිකතාවට සහනයක් ලබා දිමට මෙමඟින් ලැබෙන ක්ෂණික පොටෑසියම් කෙසෙල් ගෙඩි සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ඇත. ඒ අතරම කුඩා සහ මහා අන්ත්‍රවල ඇති වෙන පිළිකා රෝග තත්ත්වය වළක්වන අතරම තන්තු බහුල හෙයින් ආහාර ජිර්ණ ක්‍රියාවලියට සහ මළබද්ධයට සහනයක් ලබා දෙනු ඇත. මෙම පළතුරෙහි අන්තර්ගත ට්‍රිප්ටොපෑන් සහ ඇමයිනෝ අම්ල මගින් මතක ශක්තිය උත්තේජනය කරන බවද කෙසෙල් ආශ්‍රිතව සිදුකරන ලද විවිධ පර්යේෂණ මඟින් තහවුරුව ඇත. මහා බ්‍රිතාන්‍යයේ ඉම්පිරියල් වෛද්‍යායතනය මඟින් සිදු කරන ද අධ්‍යනයකට අනුව පෙන්වා දෙන්නේ බාල කාලයේදි කෙසෙල් ආහාරයට ගත් දරුවන්ගෙන් 50% ක් ඉදිරියේදි ඇදුම රෝගයෙන් ආරක්ෂිත වූ බවයි. 

විටමින් සී බහුලව අන්තර්ගත කෙසෙල්ගෙඩි සිරුරේ විෂ සමග සටන් කළ හැකි ප්‍රතිඔක්සිකාරක ශක්තියෙන් යුක්ත වේ. මෙවැනි ගුණදායක බවින් යුතු කෙසෙල්වල අධික ලෙස ආහාරයට ගැනීම නිසා විවිධ අහිතකර තත්ත්වයන්ද ඇතිවන බවට තහවුරු වූ අවස්ථාවන් නැතිවද නොවේ. ඒ අනුව දිනකට ආහාරයට ගත යුතු කෙසෙල්ගෙඩි ප්‍රමාණය ගැනත් සිමාවන් පනවා ගැනීමට දැන් කාලය එළැඹ තිබේ. ලන්ඩන් නුවර ශාන්ත ජෝර්ජ් රෝහලේ ආහාර පුරුදු පිළිබඳ විශේෂඥ කැතරින් කොලින්ස් සඳහන් කරන්නේ අපේ සිරුරේ සෑම සෛලයකම පොටෑසියම් අන්තර්ගත අතර පොටෑසියම් මඟින් සෛල ක්‍රියාකාරිත්වය වෙනුවෙන් අවශ්‍ය විදුලි ආරෝපණයන් ජනිත කරන බවයි. අග්න්‍යාසයේ රුධිර ග්ලුකෝස් පාලනයටත් පොටෑසියම් බලපාන නමුත් මෙම සංයුතිය පිළිබඳව සමතුලිතතාවයක් පවත්වා ගැනීමත් අවශ්‍ය බවයි. පොටෑසියම් මට්ටම පහල බැසිම හෝ ඉහළ නැඟීම නිසා ඔක්කාරය, පාචනය, උදර වේදනාව සහ හෘද අක්‍රමවත්බව ඇති වීමේ ප්‍රවණතාවය ඉහළ නංවන බැවින් කෙසල් වැනි පළතුරක වුවත් පාලනයක් අවශ්‍ය බැව් වෛද්‍ය උපදේශයවී ඇත. 

සිරුරට එක්වර මුදා හැරන පොටෑසියම් ක්ලෝරයිඩ් නිසා හෘද ස්පන්දනය සම්පුර්ණයෙන්ම නැවතීමට තරම් අවදානම ඉහළ ය. එමෙන්ම වකුගඩු ආශි‍්‍රත රෝග සංකූලතාවයන්ගෙන් පෙලෙන්නේ නම් පොටෑසියම් බහුල ආහාර පාලනය අනිවාර්යයෙන්ම අවශ්‍ය බැව් පර්යේෂණ ප්‍රධානී කැතරින් කොලින්ස් අවධාරණයෙන්ම සඳහන් කර ඇත. කෙසෙල් ගෙඩි පිළිබඳ ගුණගායනාවන් කොතෙක් තිබුණත් පමණ ඉක්මවා ආහාරයට ගැනීම අහිතකර හෙයින් ඒ වෙනුවෙන් සීමා පනවා ගැනීම සෞඛ්‍ය වෙනුවෙන් හිතකර වේ. 

 


මේ ලිපිය වැදගත් ඒ නිස මම සෙව් කරගත්තා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Feb 2017 08:02 PM
Posted By Rosi on 22 Mar 2015 03:27 PM
කුරක්කන් ආහාරයට ගැනීම බෝ නොවන් රෝගවලින් වැළැකීමට හොඳ උපක්‍රමයක්
පසුගිය දිනවල පිටිවලින් සෑදූ ආහාරවලින් නම් අඩුවක් නැහැ. විවිධ රසකැවිලි වර්ග නිවසේදීම පිළියෙල කරගෙන පමණක් නොව වෙළඳපොලෙන් මිළදී ගෙනත් මෙවර අවුරුදු කෑ හැටි මතක් වෙනවා. ගෙවී යන බක්මහ අවසානයේ අපව ලෙඩ කරවන්නේ මේ විවිධ රසකැවිලි අප සිරුරේ අධික ලෙස තැන්පත් වීම නිසාය.

එසේ කියන්නේ පිටි ආහාර අපට එතරම් ගුණදායක නොවන නිසාය. හේතුව දියවැඩියාව, අධික තරබාරුව, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය වැනි රෝග අපගේ ජීවිතවලට තර්ජනයක් වන්නට මේ පිටි සහිත ආහාර උදව්වන නිසාය. පිටි සහිත ආහාර ගැනීම නිසා එසේ සිදුවූනත් සමහර පිටිවර්ග වලින් එසේ අප ජීවිතයට හානියක් සිදු නොවෙනවා යැයි කිව්වොත් ඔබ පුදුම වන්නේද? ඒ ගැන කථා කරන්නට මා වෛද්‍ය චන්ද්‍රිකා වැලිවිටිගොඩ හමුවූවා.

පිටිවලින් සෑදූ ආහාර අද බහුලව පවතින මුත් ඉන් අපගේ සිරුරට ගුණදායක පිටි වර්ගයක් ලෙස කුරක්කන් හඳුන්වා දිය හැකියි. නමුත් තිරිඟු පිටි ආහාර අද බොහෝ සේ වෙළඳපොලේ තිබෙනවා. පිෂ්ඨය අධිකව ඇති තිරිඟු පිටි ආහාර අප සිරුරට එතරම් ගුණදායක වන්නේ නැහැ. මේ ඝණයට අයත් අනිත් මහා ධාන්‍ය වර්ග අතර ඉරිඟු, බඩඉරිඟු, සහල්වලද පිෂ්ඨය වැඩියි. නමුත් කුරක්කන්වල පිෂ්ඨය ඇත්තේ අඩුවෙනි. දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව කුරක්කන් කුඩා ධාන්‍ය වර්ගයකි. මෙනේරි, තණහාල්, ඕලුහාල්, අමුහාල් මේ කුඩා ධාන්‍ය ගණයට අයත් අනෙකුත් ධාන්‍යයි.

කුරක්කන් පිටි

කුරක්කන් පිටි නිපදවන්නේ මෙහි ඇට යොදාගෙනයි. ඇටය තුල පිටි අඩුවෙන් අන්තර්ගතයි. මෙහි පොත්තේ විටමින් හා ඛනිජ ලවන බහුලව අන්තර්ගතයි. ප්‍රධාන පෝෂක කොටස්වලින් එකක් වන පිෂ්ඨය හෙවත් කාබෝහයිඩ්‍රේට් ඇත්තේ අවම වශයෙනුයි. එය කුඩා ධාන්‍ය වර්ගවල පවතින සුවිශේෂී ගුණාංගයක්. කුඩා ධාන්‍යවල ප්‍රෝටීන් බහුලයි. කුඩා ධාන්‍යවල ඒවායේ ප්‍රතිශතයක් සාපේක්ෂව කුරක්කන්වල බහුලව ඇත. ඒ නිසා දිරවීමේ කාලය වැඩියෙන් ගනී.

කුරහන්වලින් සෑදූ ආහාර

කුරහන් ඇට, ඇට විදිහට ආහාරයට ගන්නේ නැහැ. සෙසු ධාන්‍ය වර්ග පිරිපහදු කර (පොත්ත ඉවත්කර) ආහාරයට ගත්තද කුරහන් එසේ කරගත නොහැකියි. හේතුව එය දිරවීමේ ඇති අපහසුව නිසාය. එය සැමවිටම ආහාරයට ගත යුතු වන්නේ පිටි බවට පරිවර්තනය කිරිමෙන්ය. පිට්ටු, රොටී, ඉඳි ආප්ප සහ හැලප, කුරහන්වලින් සකසා ගත හැකි ආහාරයන්ය. අතීතයේ සිට පැවත එන ආහාරයක් ලෙස කුරහන් තලප ප්‍රචලිත වී ඇත්තේ ගැමි සමාජය තුළය. ගැමියාට එය සුපුරුදු ආහාරයක් වන්නේ හොඳට කට සැර මස් හෝ මාළු හොද්දක් සමඟ ගැනීමෙනි.

ශක්ති ජනකයි

කහට හා මිහිරි රසයකින් යුක්ත කුරහන් ප්‍රෝටීන් බහුල නිසා ශක්ති ජනකබවින් යුක්තයි. වනයේ ජීවත් වූ මිනිසා මුල් කාලයේ කුරහන් තලප සප්පායම් වූයේ කටට රසයක් මින් දැනෙන නිසා මස් හොද්දක් සමඟයි. කිසිදු පැණි රස මිශ්‍රණයකින් තොරව රළුවට හොද්දක් සමඟ කුරහන් තලප ආහාරයට ගැනීම ගැමි සම්ප්‍රදායයි. ඒ නිසා ඔවුන්ගේ ශරීර ශක්තිය, සුදුසු පරිදි හොඳින් වර්ධනය වනු ඇත. දියවැඩියා රෝගී තත්ත්ව ඇතිවීම, මේදය අධික වීම වැනි රෝග අඩුවිය හැකියි. එවැනි ආහාර රටා භාවිතය බෝ නොවන රෝගවලින් බේරීමට හොඳ උපක්‍රමයක් වනු ඇත.

ජීවන පැවැත්ම

නිරෝගී වීම නිසා ජීවිත පැවැත්ම සාර්ථක මෙන්ම සුවසේ ගෙවන්නට පුළුවනි. මේ හේතුවෙන් පාන්පිටි වර්ගවලට වඩා පෝෂ්‍යදායී කුරහන් පිටිවලින් සෑදූ ආහාර ඔබ වෙත ළං කර ගැනීම වඩාත් ප්‍රතිඵල ගෙනදේ. මෙහි පවතින අධික ප්‍රෝටීන් නිසා ශක්තිජනක වීම හා විටමින් ඛනිජ ලවන වර්ග හේතුවෙන් සිරුරට අවශ්‍ය පෝෂණය ලැබී නිරෝගී දිවි පැවැත්මකට හිමිකම් කියන්නට හැකිවනු ඇත. ප්‍රිය උපදවන ආහාරයක් ද වේ. කුරහන් පිටිවලින් සැකසූ ඉඳි ආප්ප, පිට්ටු , රොටී ඔබගේ ආහාර රටාවට එකතු කර ගතහොත් එය ජීවිතයේ දිගු ගමනකට ඉඩ සලසනු ඇත.

ස්වර්ණා ආරියවංශ
කුරක්කන් 100ඨ ක තිබෙන පෝෂණ අගයන්

ශක්තිය - කිලෝ කැලරි 332

මේදය - ග්රූම් 1.7

ප්‍රෝටීන් - ග්රූම් 6.5

යකඩ - මිලි ග්රූම් 4.0

කැල්සියම් - මිලි ග්රූම් 350
කැරොටීන් - මයික්‍රොග්රූම් 60


මං නම් කුරක්කන් පාන් කනවා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
03 Feb 2017 08:34 PM
එක එක කාලෙට එක එක කතා කියනවා..
කන්නලු ... කන්න එපාලු...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Feb 2017 01:23 PM


‍ලෙඩට දුකට අත් බෙහෙත්


කැඩුම් බිදුම් සඳහා අත් බෙහෙත් හදිසි තැල්මට

* කොහොඹ කොළ, පොතු, අමුකහ ලුණුකැට ලා කොටා මලවා බඳින්න.

*ගොරකා පලු ලුණු සමඟ තලා බැඳීම.

* හීන් නාරං කොළ, පොතු, අමුකහ ලුණු කැට ලා කොටා මලවා බඳින්න.

* කොහොඹ කොළ පොතු මිට බැගින් කොටා ඉස්ම ගෙන එයට අබ සුදුළුණු කලං 01 බැගින් ද උළුහාල් කලං 05 ක් ද දමා තම්බා අඹරා ගාන්න. එම රොඩු මලවා ඊට උඩින් තබා බඳින්න.

* මී කොළ පොතු කොටා තලතෙලින් මළවා බැඳීම.

* තල තෙල්, එළගිතෙල් රත්කර ගා හොඳින් පිරි මැදීම.

* රත් හඳුන් දෙහි ඇඹුලින් උගරා ගෑම .

ඇමැට්ටිය* උළුහාල් සුදුලූණු සමව ගෙන මී පැණි වලින් අඹරා ගාන්න.

උළුක්කුව

බෙහෙත් එඬරු පස් පංගුව අමුකහ, ලුණු පැසුණු පොල් මිටක් දමා මලවා බඳින්න.

ඉදිමුම සහිත උලුක්කුවට

වල් අඹ පොතු, බැලතණ, අමුකහ දියලුණු දමා කොටා මලවා බඳින්න.

ඉදිමුම රහිත උලුක්කුවට

තෙල් එඬරු පංචාංගය බැල තණ අමුකහ දියලුණු දමා කොටා මලවා බඳින්න.

නිදි උලුක්කුවට

මී තෙල් බෙල්ලේ ගා උණු අලු පොට්ටනියකින් තවන්න.

තැල්මට

මී පොතු, ගොරකා හාතාවාරිය කොළ මදටිය කොළ පොතු අමුකහ ලුණු දමා කොටා මලවා බඳින්න. කොහොඹ කොළ පොතු, අමුකහ දියලුණු දමා කොටා මලවා බඳින්න.

ගෙදරට වෙදකම අත්බෙහෙත් කෘතිය ඇසුරෙනි




 


  

 

 

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Feb 2017 02:39 PM
බෙහෙත් එඬරු පස් පංගුව අමුකහ, ලුණු පැසුණු පොල් මිටක් දමා මලවා බඳින්න.

මේ බෙහෙත නම් මටත් කරලා තියේ අපේ ආච්චී අම්මා..
දිනයක වැටහේවී...........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Feb 2017 09:38 PM
Posted By Rosi on 04 Feb 2017 01:23 PM


‍ලෙඩට දුකට අත් බෙහෙත්


කැඩුම් බිදුම් සඳහා අත් බෙහෙත් හදිසි තැල්මට

* කොහොඹ කොළ, පොතු, අමුකහ ලුණුකැට ලා කොටා මලවා බඳින්න.

*ගොරකා පලු ලුණු සමඟ තලා බැඳීම.

* හීන් නාරං කොළ, පොතු, අමුකහ ලුණු කැට ලා කොටා මලවා බඳින්න.

* කොහොඹ කොළ පොතු මිට බැගින් කොටා ඉස්ම ගෙන එයට අබ සුදුළුණු කලං 01 බැගින් ද උළුහාල් කලං 05 ක් ද දමා තම්බා අඹරා ගාන්න. එම රොඩු මලවා ඊට උඩින් තබා බඳින්න.

* මී කොළ පොතු කොටා තලතෙලින් මළවා බැඳීම.

* තල තෙල්, එළගිතෙල් රත්කර ගා හොඳින් පිරි මැදීම.

* රත් හඳුන් දෙහි ඇඹුලින් උගරා ගෑම .

ඇමැට්ටිය* උළුහාල් සුදුලූණු සමව ගෙන මී පැණි වලින් අඹරා ගාන්න.

උළුක්කුව

බෙහෙත් එඬරු පස් පංගුව අමුකහ, ලුණු පැසුණු පොල් මිටක් දමා මලවා බඳින්න.

ඉදිමුම සහිත උලුක්කුවට

වල් අඹ පොතු, බැලතණ, අමුකහ දියලුණු දමා කොටා මලවා බඳින්න.

ඉදිමුම රහිත උලුක්කුවට

තෙල් එඬරු පංචාංගය බැල තණ අමුකහ දියලුණු දමා කොටා මලවා බඳින්න.

නිදි උලුක්කුවට

මී තෙල් බෙල්ලේ ගා උණු අලු පොට්ටනියකින් තවන්න.

තැල්මට

මී පොතු, ගොරකා හාතාවාරිය කොළ මදටිය කොළ පොතු අමුකහ ලුණු දමා කොටා මලවා බඳින්න. කොහොඹ කොළ පොතු, අමුකහ දියලුණු දමා කොටා මලවා බඳින්න.

ගෙදරට වෙදකම අත්බෙහෙත් කෘතිය ඇසුරෙනි




 


  

 

 

මේ බෙහෙත් වට්ටෝරු ටික නම් මාත් සෙව් කර ගත්තා.ස්තුතියි අක්කේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Feb 2017 01:02 AM
අත් බෙහෙත් දැනගෙන ඉන්න එක කොච්චර දෙයක්ද
මෙතන දීල තියෙන්නේ ගොඩක් වෙලාවට ප්‍රෙයා්ජනවත් වන බොහෙත් ටිකක්
ස්තූතියි
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 May 2017 04:49 PM

අපි කන කෑමවල ඔබ නොදන්න ගුණ



වර්තමානයේ කොතරම් බටහිර ආහාරපාන සැකසුණ ද, ශ්‍රි ලංකාවට අනන්‍ය වු ආහාර වට්ටෝරුවලින් මිනිසාගේ සිරුරට ලැබෙන පෝෂණය මෙපමණ යැයි කීමට අපහසු ය. එදිනෙදා ජීවිතයේ දී ලබාගන්නා ආහාර පිළිබඳ, ඔබ නොදන්නවා වුණාට, බොහෝ ගුණ අන්තර්ගතව ඇත. මේ ඒ පිළිබඳ තතු බිඳකි.

* බත් යනු බොහෝ පෝෂ්‍ය පදාර්ථවලින් පරිපූර්ණ වූ ප්‍රධාන ආහාරයකි. එහි ප්‍රෝටීන සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගතව ඇත. බත් සමඟ මුං ඇට එකතු කළ විට, බත්වල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය නැතිවී යයි. එහෙත්, මුංඇට කිරිබත් , සිරුරේ හටගන්නා බොහෝ රෝග සඳහා ගුණදායක ආහාරයකි.

* නිවුඩු හාල්වල සහ දේශීය හාල්වල තන්තු බොහෝ ප්‍රමාණයක් අන්තර්ගතව ඇත. නිවුඩු හාල්වල සුදු හාල්වලට වඩා ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ යන පෝෂණ සංඝටක අන්තර්ගත ය. නිවුඩු හාල්වල පිහිටා ඇති දුඹුරු පැහැති ස්ථරය, ඇලියුරෝනය ලෙස හැඳින් වේ. එහි, සෞඛ්‍යයට හිතකර පෝෂණ සංඝටක බොහෝ ප්‍රමාණයක් අන්තර්ගත ය. එම නිසා, සුදු සහල්වලට වඩා නිවුඩු සහල් සහ දේශීය සහල් , සෞඛ්‍යයට වඩාත් ගුණදායක ය.

* කඩල වැනි ඇට වර්ග, රැයක් පොඟවා තබා පිළියෙළ කිරීම සාමාන්‍ය සිරිත ය. රැයක් පොඟවා තබන ලද කඩලවල බැක්ටීරියා ක්‍රියාවලිය අනුසාරයෙන් අතිදුර්ලභ පෝෂණ සංඝටකයක් වන B12 විටමිනය නිපද වේ. කල් වේලා ඇතිව පොඟවාගෙන තම්බා ගන්නා කඩල, ආහාරයට ගැනීම යෝග්‍ය වන්නේ එනිසා ය.

* ලූණු සහ සුදු ලූණු ව්‍යාංජනවලටත්, මැල්ලුම් ආදියටත් බහුලව මිශ්‍ර කිරීමෙන්, ආහාර මේදවල අඩංගු යම් අගුණයක් වේ නම්, එය ඉවත්ව යයි.

* බල මාළුවල කළු පැහැති කොටසෙහි හිස්ටමීන් යන රසායනික සංයෝග බෙහෙවින් ඇත. ඒ නිසා, බලමාළු ආහාරයට ගන්නා ඇතැම් අයට හතිය, කැසිල්ල, වමනය, අධික දහඩිය දැමීම (උෂ්ණ අධික වීම නිසා ඇතිවන රෝග) ඇති වේ. එම නිසා, බලමාළු පිළියෙළ කිරීමේ දී ගොරකා මිශ්‍ර කිරීමෙන් හිස්ටමීන් රසායනික සංයෝගයේ විෂ බාල කිරීමට හැකි බව වෛද්‍යවරුන් සනාථ කරගෙන ඇත. බලමාළුවලින් ඇඹුල්තියල් පිළියෙළ කරන විට දී, ගොරකා භාවිත කරන්නේ එනිසා ය.

* එළවළු වර්ගවල අධික ලෙස කැල්සියම්, යකඩ සහ ඛනිජ ලවණ අඩංගු වී නොමැත. එහෙත් කොත්තමල්ලි, අබ, ගම්මිරිස්, එනසාල් ආදියේ ඉහත සංඝටක මඳ වශයෙන් අඩංගු වී තිබේ. එම නිසා, ව්‍යංජන පිසීමේ දී කුළුබඩු එකතු කර ගැනීම යෝග්‍ය වේ.

0
You are not authorized to post a reply.
Page 6 of 9 << < 45678 > >>