Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Aug 2017 08:36 AM by Rosi අපි කන කෑමවල ඔබ නොදන්න ගුණ 164 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 7 of 9 << < 56789 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 08 May 2017 06:00 PM Posted By Rosi on 08 May 2017 04:49 PM අපි කන කෑමවල ඔබ නොදන්න ගුණ වර්තමානයේ කොතරම් බටහිර ආහාරපාන සැකසුණ ද, ශ්‍රි ලංකාවට අනන්‍ය වු ආහාර වට්ටෝරුවලින් මිනිසාගේ සිරුරට ලැබෙන පෝෂණය මෙපමණ යැයි කීමට අපහසු ය. එදිනෙදා ජීවිතයේ දී ලබාගන්නා ආහාර පිළිබඳ, ඔබ නොදන්නවා වුණාට, බොහෝ ගුණ අන්තර්ගතව ඇත. මේ ඒ පිළිබඳ තතු බිඳකි. * බත් යනු බොහෝ පෝෂ්‍ය පදාර්ථවලින් පරිපූර්ණ වූ ප්‍රධාන ආහාරයකි. එහි ප්‍රෝටීන සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගතව ඇත. බත් සමඟ මුං ඇට එකතු කළ විට, බත්වල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය නැතිවී යයි. එහෙත්, මුංඇට කිරිබත් , සිරුරේ හටගන්නා බොහෝ රෝග සඳහා ගුණදායක ආහාරයකි. * නිවුඩු හාල්වල සහ දේශීය හාල්වල තන්තු බොහෝ ප්‍රමාණයක් අන්තර්ගතව ඇත. නිවුඩු හාල්වල සුදු හාල්වලට වඩා ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ යන පෝෂණ සංඝටක අන්තර්ගත ය. නිවුඩු හාල්වල පිහිටා ඇති දුඹුරු පැහැති ස්ථරය, ඇලියුරෝනය ලෙස හැඳින් වේ. එහි, සෞඛ්‍යයට හිතකර පෝෂණ සංඝටක බොහෝ ප්‍රමාණයක් අන්තර්ගත ය. එම නිසා, සුදු සහල්වලට වඩා නිවුඩු සහල් සහ දේශීය සහල් , සෞඛ්‍යයට වඩාත් ගුණදායක ය. * කඩල වැනි ඇට වර්ග, රැයක් පොඟවා තබා පිළියෙළ කිරීම සාමාන්‍ය සිරිත ය. රැයක් පොඟවා තබන ලද කඩලවල බැක්ටීරියා ක්‍රියාවලිය අනුසාරයෙන් අතිදුර්ලභ පෝෂණ සංඝටකයක් වන B12 විටමිනය නිපද වේ. කල් වේලා ඇතිව පොඟවාගෙන තම්බා ගන්නා කඩල, ආහාරයට ගැනීම යෝග්‍ය වන්නේ එනිසා ය. * ලූණු සහ සුදු ලූණු ව්‍යාංජනවලටත්, මැල්ලුම් ආදියටත් බහුලව මිශ්‍ර කිරීමෙන්, ආහාර මේදවල අඩංගු යම් අගුණයක් වේ නම්, එය ඉවත්ව යයි. * බල මාළුවල කළු පැහැති කොටසෙහි හිස්ටමීන් යන රසායනික සංයෝග බෙහෙවින් ඇත. ඒ නිසා, බලමාළු ආහාරයට ගන්නා ඇතැම් අයට හතිය, කැසිල්ල, වමනය, අධික දහඩිය දැමීම (උෂ්ණ අධික වීම නිසා ඇතිවන රෝග) ඇති වේ. එම නිසා, බලමාළු පිළියෙළ කිරීමේ දී ගොරකා මිශ්‍ර කිරීමෙන් හිස්ටමීන් රසායනික සංයෝගයේ විෂ බාල කිරීමට හැකි බව වෛද්‍යවරුන් සනාථ කරගෙන ඇත. බලමාළුවලින් ඇඹුල්තියල් පිළියෙළ කරන විට දී, ගොරකා භාවිත කරන්නේ එනිසා ය. * එළවළු වර්ගවල අධික ලෙස කැල්සියම්, යකඩ සහ ඛනිජ ලවණ අඩංගු වී නොමැත. එහෙත් කොත්තමල්ලි, අබ, ගම්මිරිස්, එනසාල් ආදියේ ඉහත සංඝටක මඳ වශයෙන් අඩංගු වී තිබේ. එම නිසා, ව්‍යංජන පිසීමේ දී කුළුබඩු එකතු කර ගැනීම යෝග්‍ය වේ. ස්තුතියි අක්කේ මේ වටිනා ලිපියක්.මම සෙව් කරගත්තා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 smt90Veteran MemberPosts:1736 08 May 2017 06:13 PM වැදගත් ලිපයක් අක්කේ 0 Ind007kaMost Senior MemberPosts:12931 08 May 2017 06:16 PM අනිවා වැදගත් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 08 May 2017 09:18 PM ඉතා වටිනා ලිපියක්. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 hasithadSuper Senior MemberPosts:5795 11 May 2017 07:27 AM ඉස්සර අපේ උදවියට ලෙඩ අඩු මේ විදියට කාපු හින්දනෙ. දැන් විනාඩි දෙකෙන් වැඩේ ඉවර වෙන ඒවා තමයි වැඩිපුර කන්නේ. ඉතින් ලෙඩත් වැඩියි ආයු කාලෙත් අඩුයි. 0 RosiSuper Senior MemberPosts:5335 06 Jun 2017 09:00 AM මඤ්ඤොක්කා අගුණ වෙන්නේ මෙහෙමයි මඤ්ඤොක්කා යනු, අද වන විට සුලබව දක්නට ලැබෙන ආහාරයකි. ගමේ පොළේ වගේ ම,සුපිරි වෙළෙඳසැල්වලත් මෙය කිසිදු අපහසුවක් නැතිව මිලදී ගැනීමට හැකි ය. ඒ වුණත්, මඤ්ඤොක්කා ආහාරයට ගැනීමට බොහෝ දෙනා බියක් දක්වති. එයට හේතුව, මේවා ආහාරයට ගැනීමෙන් සමහරවිට විස වීම සිදුවන බවට පවතින බිය නිසා ය.මඤ්ඤොක්කාවල විස අන්තර්ගත වන්නේ,බැඳුණු අණු හා නොබැඳුණු අණු වශයෙනි.බැඳුණු අණුවල ඇත්තේ ලිනමරින් නම් සංයෝගය ය. එම සංයෝගය ජලය සමඟ විච්ජේදනය වී, HCN නමැති ඉතා විස සහිත සංයෝගය සෑදේ.අපගේ ශරීරයේ ස්වභාවයෙන් ම තිබෙන එන්සයිම තුනක් මඟින් HCN විස අඩු අණු බවට පත් කර, මුත්‍රා මාර්ගයෙන් ශරීරයෙන් පිට කරයි. මඤ්ඤොක්කා,සෙල්සියස් අංශක 60ට අඩු උෂ්ණත්වයකින් තැම්බීමේදී,විස HCN ලිනමරින්වලින් නිකුත්ව, විච්ජේදනය වී පිටව යයි. එහෙත්,සෙල්සියස් අංශක 60ට වැඩි උෂ්ණත්වයේ දී මෙය අක්‍රීය වී, ලිනමරේස් එන්සයිමය(Linermarase) CN මඤ්ඤොක්කා අලවල හෝ කොළවල ඉතිරි වේ. මේ නිසා,මඤ්ඤොක්කා ආහාරයට ගත් විට විස වේ.මඤ්ඤොක්කා විස වීම,ඉතා උග්‍ර විස වීම හා කාලීන විස වීම යනුවෙන් කොටස් දෙකකි. කාලීන විස වීම සිදු වන්නේ කාලාන්තරයක් තිස්සේ ය.මේ මඟින් ගලගණ්ඩය සහ ස්නායු රෝග වැලඳේ. එම නිසා, මඤ්ඤොක්කා සම්පුර්ණයෙන් විස හැරීමට තුන් වරක් තම්බා,දිය හැරීම කළ යුතු ය. එය කරන්නේමෙසේ ය. පළමුව කට ලොකු මුට්ටියකට මඤ්ඤොක්කා සහ වතුර දමා,සෙල්සියස් අංශක 60ට අඩු උෂ්ණත්වයකදී තම්බා,ළිපෙන් ඉවත් කර,වතුර පෙරා ගත යුතු ය. නැවත පෙර පරිදි ම ජලයේ දමා සෙල්සියස් අංශක 60ට අඩුවෙන් රත්කර, වතුර පෙරා හැරීම අනිවාර්යයෙන් ම සිදු කළ යුතු වේ. අවසානයේදී, නැවතත් ජලය දමා අවශ්‍ය තරමට තම්බා ගත යුතු ය. ඉන් අනතුරුව ආහාරයට ගැනීම කළ හැකි ය. මේ ක්‍රමය නිසා මඤ්ඤොක්කාවල විස සම්පුර්ණයෙන් ම ඉවත් වේ. මඤ්ඤොක්කාවල සයනසිඩ් අඩංගු හෙයින්,'ලිතියම්' නමැති ඖෂධය භාවිත කරන රෝගීන්ට මඤ්ඤොක්කා ආහාරයට ගැනීම අහිතකර ය. එසේ ම, ඉඟුරුවල අන්තර්ගත ජින්ජරික් ඇසිටික් සමඟ මඤ්ඤොක්කාවල අන්තර්ගත සිරුරට අහිතකර විස රසායනික ප්‍රතික්‍රියා කරන හෙයින්, ඉඟුරු තේ හෝ ඉඟුරු දමා සකසා ගත් ආහාර අනුභව කර,මඤ්ඤොක්කා ආහාරයට ගැනීම නුසුදුසු ය. මානසික රෝග සඳහා ඖෂධ භාවිත කරන රෝගීන්ට සහ තයිරොයිඩ් වැලඳී ඇති රෝගීන්ට, මඤ්ඤොක්කා ආහාරයට ගැනීම සුදුසු නැත. මඤ්ඤේක්කාවල අන්තර්ගත සයිනයිඩ් සමඟ,තයිරොක්සින් ප්‍රතික්‍රියා කිරීම එයට හේතුව ය. එලෙස ආහාරයට ගැනීමෙන් එම රෝගීන්ට, වායු ගෙඩි සුව නොවීමට පුළුවන. උපදෙස් - පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ආහාර හා පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙලී ප්‍රනාන්දු මදාරා මුදලිගේ 0 maduranga001Most Senior MemberPosts:14118 06 Jun 2017 10:43 AM මඤ්ඤොක්කා සම්පුර්ණයෙන් විස හැරීමට තුන් වරක් තම්බා,දිය හැරීම කළ යුතු ය. එය කරන්නේමෙසේ ය. පළමුව කට ලොකු මුට්ටියකට මඤ්ඤොක්කා සහ වතුර දමා,සෙල්සියස් අංශක 60ට අඩු උෂ්ණත්වයකදී තම්බා,ළිපෙන් ඉවත් කර,වතුර පෙරා ගත යුතු ය. නැවත පෙර පරිදි ම ජලයේ දමා සෙල්සියස් අංශක 60ට අඩුවෙන් රත්කර, වතුර පෙරා හැරීම අනිවාර්යයෙන් ම සිදු කළ යුතු වේ. අවසානයේදී, නැවතත් ජලය දමා අවශ්‍ය තරමට තම්බා ගත යුතු ය. ඉන් අනතුරුව ආහාරයට ගැනීම කළ හැකි ය. මේ ක්‍රමය නිසා මඤ්ඤොක්කාවල විස සම්පුර්ණයෙන් ම ඉවත් වේ.ඇත්තටම අපි මේ විදිහට කරනවද කියන එක සැකයි? ඒ නිසා දිර්ඝකාලින විපාක වලට ගොදුරුවෙන්න වේවිද? වැදගත් ලිපියක් රෝසි. ස්තූතියි ඔබට. මේ ලිපිය මම මගේ හාමිනේගේ අවධානය පිණිස යොමු කරනවා. අදත් මඤ්ඤොක්කා අහාරයට ගත්ත නිසා සහ වඩාත් කැමතිම ආහාරයක් නිසා අවධානය යොමු කරන එක වැදගත්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 06 Jun 2017 06:13 PM අම්මො බයේ බැහැ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 06 Jun 2017 08:59 PM බොහොමත්ම වැදගත් ලිපියක්. මම හිතන්නේ නැහැ කවුරුවත් මේ විදිහට තම්බනවා ඇති කියලා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DushanVeteran MemberPosts:2536 06 Jun 2017 11:24 PM ඉතා වටිනා ලිපියක් ගොඩක් අය මේ ගැන දන්නේ නැතුව ඇති ස්තුති 0 isurusamSuper Senior MemberPosts:7342 06 Jun 2017 11:34 PM වැදගත් ලිපියක් .කවුරුත් මේ විදිහට තම්බන්නේ නැතුව ඇති 0 RosiSuper Senior MemberPosts:5335 28 Jun 2017 02:48 PM අපි ගන්න උදේ ආහාර වේල අපේ සිරුරට කොතරම් හිතකර ද? උදේ අවදි වුණාට පස්සේ දවසේ වැඩ කටයුතු අරඹන්න කලින් අපි ගන්න උදෑසන ආහාර වේල ප්‍රමාණවත් ද? උදෑසන ආහාර වේලට අපි එකතු කර ගන්න ආහාර ද්‍රව්‍ය අපේ සිරුරට කොතරම් සුදුසු ද? දවසේ වැදගත් ම ආහාර වේල ලෙස උදෑසන ආහාර වේල හඳුන්වන්නේ ඇයි? අපේ මේ සූදානම මෙන්න මේ කාරණා ගැන ඔබ ව දැනුවත් වන ආකාරයේ විමසීමක් කරන්න යි. ‘දවසේ වැදගත් ම ආහාර වේල’ උදෑසන ආහාර වේල යි (answersafrica.com) පුද්ගලයෙකු නින්දේ සිටින පැය 8 ක පමණ කාලය තුළ ආහාර කිසිවක් සිරුරට නොලැබෙන නිසා උදෑසන ආහාර වේල නිසි ලෙස ගැනීම අත්‍යාවශ්‍ය යි. ඒ නිසා ම පෝෂණවේදීන් විසින් උදෑසන ආහාර වේල ‘දවසේ වැදගත් ම ආහාර වේල’ ලෙස හඳුන්වනවා. එසේ ම නිසි උදෑසන ආහාර වේලක් ලබා ගැනීම තුළින් සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවන් ක්‍රමවත් කරන බවත්, හෘද රෝග ඇති වීම වළක්වන බවත් අද වන විට විද්‍යාත්මක පර්යේෂණ තුළින් සොයා ගෙන තිබෙනවා. අද හුඟක් දෙනෙකුගේ දවස ඉතාමත් කාර්යබහුල යි. පෝෂ්‍යදායී උදෑසන ආහාර වේලක් සකස් කර ගැනීම සඳහා ඔබට වැය කිරීමට කාලයක් නොමැති තරම්. ඒ නිසා බොහෝ වෙලාවට කෙටි ආහාරයක් ගැනීම හෝ උදෑසන ආහාර වේල මග හැරීමට ඔබ පෙළඹී සිටිනවා විය හැකි යි. ඒ නිසා දවසේ පසු කාලය තුළ දී කුස පුරවා ගැනීම සඳහා විශාල ආහාර ප්‍රමාණයක් ගැනීම ඔබ සිදු කරනවා නම් එය ඔබේ සිරුරට එතරම් හිතකර නැහැ. සුවදායක සිරුරක් පවත්වා ගැනීම සඳහා ඊළඟ වාරයේ සිට නිසි උදෑසන ආහාර වේලක් ගන්න උත්සාහ කරන්න. හොඳ ආහාර වේලක් සැකසීමේ දී මේ කරුණු කෙරෙහි අවධානය යොමු කරන එක වැදගත්. උදෑසන ආහාර වේලට එකතු කර ගත යුතු දේවල් ඕට් පිටි සැකසූ ඕට් පිටි තලප (hesca.org) ඕට් පිටි ආහාරයට ගැනීම මගින් ආමාශ බිත්තියට හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් සිදු විය හැකි හානිය වළක්වා ගන්න පුළුවන්. එමගින් අාමාශ බිත්තිය මත ආරක්ෂාකාරී පටලයක් සාදනවා. ඒ වගේ ම ඕට් පිටිවල අඩංගු වන ජාරක (ජීර්ණය වන) තන්තු මගින් සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමණය අඩු කිරීමත් සිදු කරනවා. ඉරිඟු පිටි තලප ඉරිඟු පිටි තලප මගින් සිරුරේ ඇති විෂ සහ බැර ලෝහ වර්ග ඉවත් කරනවා. ඊට අමතර ව ඉරිඟු පිටි තලප බඩවැල් ආශ්‍රිත රෝග වළක්වා ගැනීමටත් උපකාරී වෙනවා. තිරිඟු අංකුර තිරිඟු අංකුර නිස්සාරණයෙන් සැකසූ තෙල් (saveti.framar.bg) තිරිඟු පිටිවලින් සැකසූ ආහාර උදෑසන අනුභව කිරීම එතරම් නුවණට හුරු නොවුණත් තිරිඟු අංකුර කියන්නේ ඉතාමත් සුදුසු උදෑසන ආහාරයක්. තිරිඟු අංකුර මේස හැඳි දෙකක් මගින් දෛනික විටමින් E අවශ්‍යතාවයෙන් 15% ක් ද, ෆෝලික් අම්ල අවශ්‍යතාවයෙන් 10% ක් ද තෘප්ත කරනවා. එසේ ම ආහාර ජීර්ණය නිසි ලෙස පවත්වාගෙන යාමටත් තිරිඟු අංකුර දායක වෙනවා. බිත්තර බිත්තර කහ මදයක් මගින් පුද්ගලයෙකුගේ දෛනික කොලෙස්ටරෝල් අවශ්‍යතාවෙන් 60% ක් පමණ සම්පූර්ණ කරනවා වගේ ම සිරුරට අවශ්‍ය කරන ප්‍රෝටීන් සහ විටමින් ඩී ලබා දෙනවා. කොමඩු උදෑසන අවදි වූ විට සිරුර විජලනය වීමෙන් වළක්වා ගැනීම සඳහා කොමඩු මගින් ලබා දෙන දායකත්වය ඉතාමත් ඉහළ යි. එසේ ම කොමඩුවල අඩංගු වන lycopene නම් සංයෝගය පිළිකා නාශකයක් ලෙස කටයුතු කරන අතර ම තියුණු දෘෂ්ටියක් ලබා දීම සඳහාත්, හෘද රෝග වළක්වා ගැනීම සඳහාත් උපකාරී වෙනවා. යීස්ට් රහිත දුඹුරු පාන් දෛනික කාබෝහයිඩ්‍රේට් අවශ්‍යතාවය සඳහා යීස්ට් රහිත දුඹුරු පාන් (hidoctor.ir) උදෑසන ආහාර වේලට යීස්ට් රහිත දුඹුරු පාන් එක් කර ගැනීම මගින් පුද්ගලයෙකුගේ දෛනික කාබෝහයිඩ්‍රේට් අවශ්‍යතාවයෙන් සැලකිය යුතු තරමේ ප්‍රතිශතයක් තෘප්ත කර ගැනීමට පුළුවන්. දුඹුරු පාන් තරමක් රසයෙන් අඩු නිසා ඒ සමග ම බිත්තරයක් අනුභව කිරීමෙන් දෛනික කොලෙස්ටරෝල් අවශ්‍යතාවයත් සම්පූර්ණ කර ගැනීමට හැකි යි. මී පැණි උදෑසන අවදි වූ පසු මනස ප්‍රාණවත් කිරීම සඳහා මී පැණි මගින් ලබා දෙන දායකත්වයන් අපමණ යි. මී පැණි මගින් මොළයේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කරන අතර ම සතුට ඇති කරන හෝමෝනය වන serotonin නිෂ්පාදනය කිරීමත් ඉහළ නංවනවා. ඒ නිසා උදෑසන ආහාරයට මී පැණි එකතු කර ගැනීම මගින් දවස පුරා ප්‍රාණවත් ව සහ සතුටින් කටයුතු කිරීමට අවස්ථාව සැලසෙනවා. උදෑසන ආහාර වේලට එකතු කර නොගත යුතු දේවල් පේස්ට්‍රි වර්ග පේස්ට්‍රිවල අඩංගු වන යීස්ට් හිස්බඩ ආහාරයට ගැනීම මගින් ආමාශ බිත්තිවලට හානි සිදු වෙනවා වගේ ම කුස තුළ වාතය එකතු කිරීමත් සිදු කරනවා. ඒ නිසා දවස ගෙවී යත්ම උදරයේ වේදනාවන් ඇති වීමත්, එයින් තම කටයුතු කරගෙන යාමේ දී බාධා ඇති වීමත් සිදු විය හැකි යි. පැණි රසැති ආහාර උදෑසනින් පැණි රසැති ආහාර ගැනීම දියවැඩියාවට අත වැනීමක් (eskipaper.com) උදෑසනින් ම පැණි රසැති ආහාර ගැනීම නිසා රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම නොවැළැක්විය හැකි කරුණක්. මෙය පාලනය කිරීමට උදෑසන අවදි වූ සැනෙන් ම ඉන්සියුලින් නිපදවීමට අග්න්‍යාශයට සිදු වෙනවා. මෙසේ උදෑසනින් ම සිරුර තුළ විශාල ඉන්සියුලින් ප්‍රමාණයක් නිපදවීමට සිදු වීම පසු කාලීන ව දියවැඩියා රෝගය සඳහා අත වැනීමක්. තක්කාලි තක්කාලිවල අඩංගු වන ටැනික් අම්ලය මගින් ආමාශයේ අාම්ලිකතාවය ඉහළ නංවනවා. මෙය පසු කාලීන ව ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වීම සඳහා හේතුවක් විය හැකි යි. කුළුබඩු කුළුබඩු අධික ලෙස යෙදූ උදෑසන ආහාර වේල සිරුරට අහිතකර යි (onceuponaspice.com) උදෑසන ආහාර පිළියෙළ කිරීමේ දී හැකිතාක් අඩුවෙන් කුළුබඩු යොදා ගැනීම මගින් ආමාශයේ අාම්ලිකතාවය පාලනය කර ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සෑදීමේ අවධානම අඩු කර ගත හැකි යි. කෙසෙල් උදෑසනින් කෙසෙල් අනුභව කිරීම මගින් රුධිරයේ මැග්නීසියම් මට්ටම ඉතාමත් ශිඝ්‍රයෙන් ඉහළ යාම සිදු වෙනවා. මෙය හදවතට අහිතකර ලෙස බලපාන්න පුළුවන්. කාබනීකෘත පාන වර්ග කාබනීකෘත පාන වර්ග ශ්ලේෂ්මල පටලයට හානි සිදු කරමින් උගුර ආශ්‍රිත රෝග ඇති කිරීමට හේතු වෙනවා. එසේ ම ආමාශයේ රුධිර සැපයුම අඩාළ කිරීමත් කාබනීකෘත පාන වර්ග මගින් සිදු කරනවා. මේ හේතුවෙන් ආහාර ජීර්ණය ප්‍රමාද වෙන්න පුළුවන්. පැඟිරි පලතුරු කහ පැහැති පලතුරුවල ඇති ආම්ලික බව අනෙකුත් පලතුරුවලට වඩා ඉහළ යි (healthifyme.com) පැඟිරි පලතුරු ආම්ලික බවෙන් ඉතාමත් ඉහළ යි. මේ නිසා උදෑසන ම පැඟිරි පලතුරු අනුභව කිරීම නිසා ආමාශයේ දැවිල්ල ඇති වී එය ගැස්ට්‍රයිටිස් ඇති වීම දක්වා වර්ධනය වෙන්න පුළුවන්. දැනට ම ගැස්ට්‍රයිටිස් ඇති පුද්ගලයෙක් නිරතුරු ව ම උදෑසන ආහාරය සඳහා පැඟිරි පලතුරු එක් කර ගන්නවා නම් ඔහුට ආමාශයේ හෝ ඒ ආශ්‍රිත ව පිළිකාවක් ඇති වීමේ අවධානම සාපේක්ෂ ව ඉතා ඉහළ අගයක් ගන්නවා. මින් පසු ව ‘දවසේ වැදගත් ම ආහාර වේල’ සකස් කිරීමේ දී මේ කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් ඔබට සුවදායී සිරුරක් සහ නිරෝගී ජීවිතයක් පවත්වා ගත හැකි යි. 0 PoddiVeteran MemberPosts:2100 29 Jun 2017 04:25 AM කෑම ගැන මෙච්චර විස්තර දාන්න එපෝ ... හිහි .... ස්තුතියි අක්කේ ලිපිවලට ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 hasithadSuper Senior MemberPosts:5795 29 Jun 2017 07:58 AM මේ ඕට්ස් ගැන පොඩ්ඩක් කියන්නකෝ අක්කේ. මට ලිපි වල මේ ගැන තිබුනට වැඩි පැහැදීමක් නෑ. ලිපියට ස්තූතියි. 0 RosiSuper Senior MemberPosts:5335 03 Jul 2017 05:05 AM ගුණයෙන් පිරිපුන් ඕට්ස් ලොව තිබෙන ධාන්‍යමය ආහාර අතරින් පෝෂණ ගුණයෙන් වැඩි ආහාරයක් ලෙස, ‘ඕට්ස්’ හැඳින්විය හැකි ය. ඕට්ස්වල අඩංගු පෝෂණ සංඝටක වශයෙන්, විටමින් B5- 10%, විටමින් B1- 39% ෆොලේට්-11% සින්ක්- 20% යකඩ - 20%කොපර් - 24% මැග්නීසියම්- 34% පොස්පරස්- 41% මැංගනීස්- 91% වගේම, කැල්සියම්, පොටෑසියම්,විටමින් B6, විටමින් B3 යනාදිය ද යම් ප්‍රමාණයකට ඇතුළත්ව තිබේ . බටහිර වෛද්‍යවරුන් සඳහන් කරන අන්දමට, ඕට්ස් ධාන්‍යමය ආහාරයේ මුළු කැලරි ප්‍රමාණය 303කි. මේ තරම් පෝෂණ ගුණයක් තිබෙන ඕට්ස්, මිනිසාට හිතකර වන්නේ කෙලෙසදැයි විමසා බලමු. ඕට්ස් මඟින් රුධිරයේ සිනී මට්ටම පාලනය කර යි. මෙහි අඩංගු අධික තන්තුමය ස්වභාවය, දියවැඩියා රෝගීන්ට ගුණදායක ය. මේ නිසා, සිරුරේ නිපදවෙන ග්ලුකෝස් ප්‍රමාණය යම් පාලනයකට යටත් වීමක් ද සිදු වේ. දියවැඩියා රෝගී තත්ත්ව උග්‍ර වී, ඉන්සියුලීන් ප්‍රතිකාර කරන රෝගීන් සඳහා ද ඕට්ස් යෝග්‍ය ය. අධික ස්ථුලතාවෙන් පෙළෙන්නන්ට, විදෙස් රටවල වෛද්‍යවරු ඕට්ස් ආහාරයට ගන්නා ලෙස නිර්දේශ කරයි. විශේෂයෙන් ම උදෑසන ආහාරය සඳහා මෙය කදිම ගුණදායක ආහාරයකි. ඕට්ස් කෝප්ප භාගයක් සමඟ කිරි කොප්පයක් හෝ මිලි ලීටර් 250ක කිරි ප්‍රමාණයක් මිශ්‍ර කර රත් කර සකසා ගන්නා ආහාරය, උදෑසන ආහාරයකට වඩාත් උචිත ය. ඒ අයුරින් සකසා ගත් ඕට්ස්, ඔබ කැමැති පලතුරු වර්ගයක් සමඟ, කුරුඳු කුඩු ස්වල්පයක් මිශ්‍ර කර ආහාරයට ගත හැකි ය. එසේ ම, උදෑසන ආහාරය සඳහා ඕට්ස් සමඟ යෝගට් ආහාරයට ගැනීමට ද පුළුවන. මේ සෑම දෙයකින්ම උදරයට අවශ්‍ය ආහාර ප්‍රමාණය නොමඳව ලබා ගැනීමට හැකි වන අතර, ශරීරයේ බර ප්‍රමාණය ඉක්මවා නොයයි. ඕට්ස් ධාන්‍යයෙහි ඇති විශේෂත්වය ද එයයි. 2003 වර්ෂයේදී අමෙරිකානු චර්ම වෛද්‍යවරුන් පිරිසක් තම පරීක්ෂණ මඟින් ඕට්ස් සමට සත්කාරයක් වන ධාන්‍යක් බව ප්‍රකට කර ඇත. ඉන් පසු රූපලාවන්‍ය නිෂ්පාදන බෝහොමයකටම ඕට්ස් අන්තර්ගත කෙරිණි. සමෙහි තෙතමනය පාලනය කර ගැනීමට සහ සමෙහි පැහැපත් බව වැඩි දියුණු කරලීම ඕට්ස් මඟින් සිදුවේ. කුඩා කාලයේදී දරුවන්ට වැළඳෙන හතිය සඳහා ද මෙය වඩාත් ගුණදායක ය. ඕට්ස්වල පවතින ඇන්ටි ඔක්සයිඩ සංඝටකය මඟින්, ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සමනය කෙරේ. එම නිසා, බොහෝ ආහාරපානවලින් වැළකී සිටින, හතිය වැළඳී ඇති දරුවන් සඳහා ඕට්ස් ආහාරයට ලබා දීම සුදුසු බව වෛද්‍යවරුන් නිර්දේශ කරයි. වයසින් මුහුකුරා යන වැඩිහිටියන්ගේ මොළයෙහි ලේ ගමනාගමනය මැනවින් සිදු කරමින්, මනසෙහි ව්‍යාකූල ස්වභාවය නැති කිරීම සඳහා උචිත ආහාරයක් ලෙස ද මේ ධාන්‍ය වර්ගය හඳුන්වා දී ඇත. එක දිගට මාස තුනක පමණ කාලයක් ඕට්ස් ආහාරයට ගැනීමෙන්, වැඩිහිටියන්ගේ මොළය ආශ්‍රිත රෝගාබාධ 59%ක් පමණ අවම කර ගැනීමට පුළුවන. 0 RosiSuper Senior MemberPosts:5335 04 Jul 2017 06:50 AM බඩ ඉරිගු කරලක ගුණ බඩ ඉරිඟු මී පැණි මෙන් පැණි රස උතුරා යන ආහාරයක් නොවෙයි. කැපී පෙනෙන රසයක් නැතත් මහ මගදී ඔබ බඩ ඉරිඟු කරලක රසය විඳින්න අමතක කරන්නේ නැහැ නේද? සැබැවින්ම බඩ ඉරිඟු ලොකු කුඩා කා අතරත් ජනප‍්‍රිය ඇට වර්ගයක්. දත් නීරෝගීව තිබෙන තුරු ඕනෑම කෙනකුට බඩ ඉරිඟු කරලක කිරි රසය භුක්ති විඳින්න පුළුවන්. බඩ ඉරිගු අපේ හේන්වල බහුලව වගා කෙරෙන ශාකයක්. එහෙත් එහි නිජ බිම නම් ඇමරිකාවයි. කෙටියෙන්ම කිවහොත් බඩ ඉරිඟු ඇමරිකානු සංස්කෘතියේ සකේතයක් බඳුයි. කෙඳිවලින් පොහොසත් බඩ ඉරිඟු පෝෂක ගණනාවකින්ම පෝෂිතයි. එක් බඩ ඉරිඟු ඇට කෝප්පයකින් සිරුරේ දෛනික කෙඳි අවශ්‍යතාවයෙන් 18.4% ක් සපුරා ගන්න පුළුවන්. කෙඳි සහිත ආහාර අපේ ආහාර වේලට අත්‍යාවශ්‍යයි. කෙඳි සහිත ආහාර ගැනීමෙන් අහිතරකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කෙරෙනවා. බඩවැල් ආශි‍්‍රත පිළිකා වැළඳීමේ අවදානම අවම කෙරෙනවා.කාර්ය බහුල සමාජයේ වැඩි දෙනකු ගොදුරු වෙන ඉරිටබල් බවල් සින්ඩ්‍රොම් යන රෝග තත්ත්වය අවම කිරීමටත් බඩ ඉරිඟු වල කෙඳී ආධාර වෙනවා. එපමණක් නොවෙයි, මෙහි තන්තු රුධිරයේ සීනි මට්ටම සමබරව පවත්වාගෙන යනවා. එනිසා දියවැඩියා රෝගීන් බඩ ඉරිඟු නිරන්තරයෙන්ම ආහාරයට එක් කර ගත යුත්තක්. බඩ ඉරිගු හදවතට හිතකර වෙන්නේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන නිසාම පමණක් නොවෙයි. එහි සැලකිය යුතු මට්ටමකින් ෆෝලේට් ද පැවතීම නිසයි. විටමින් බී කාණ්ඩයක් වෙන ෆෝලේට් උපත් ආබාධ වළක්වෙනවා සේම රුධිර නහරවලට හානි වීමද වළක්වයි. ඒනිසා හෘද රෝග වගේම, ආසාතය ( ස්ට්‍රෝක් ) වැනි තත්ත්වයන්ද ඇති වීම වළක්වා ගත හැකියි. බඩ ඉරිගුඇට කෝප්පයකින් දෛනික ෆෝලේට් අවශ්‍යතාවයෙන් 19% ක්ම සපුරා ගන්න පුළුවන්. පෙනහැල්ලට ගුණයි.තැඹිලි, කහ පැහැ වට්ටක්කා, ගස්ලබු, දොඩම් වැනි ආහාර කැරොටි නොවිඩිවලින් පොහොසත් බව අප දන්නවා. ඒ අතරිනුත් අධික ලෙසින් කැරොට්නොටිඩ් අඩංගු ආහාරයක් ලෙස බඩ ඉරිඟු හදුන්වන්න පුළුවන්. කැරොටනොයිඩ් පෙනහලු පිළිකා හට ගැනීමේ අවදානම අඩු කරයි. මතකය සවිමත් කරයි.විටමින් බී - 1 හෙවත් තයමීන් බහුල ඇට වර්ගයක් වෙන ඉරිඟු කෑමෙන් මොළයේ සෛල හොඳින් කි‍්‍රයා කරවයි. එනිසා මතක ශක්තිය සවිමත් වෙයි. ඉරිගු කෝප්පයක දෛනික තයමීන් අවශ්‍යතාවයෙන් කාලක් පමණ එනම් 24% ක් පමණ ලබා ගත හැකියි. විටමින් බී -1 ට අමතරව විටමින් බී - 5 ද මෙහි හොඳින්ම අඩංගුය. විටමින් කාබෝහයිඩේරට්, ප්‍රෝටීන හා ලිපිඩ පරිවෘත්තියට අත්‍යාවශ්‍යයි. අසහනයෙන් සිටින අවස්ථාවක වුවත් බඩඉරිගු කරලත් රස විඳින්න. ඇඩි‍්‍රනලින් වල කි‍්‍රයාකාරිත්වය හොඳින් සිදුවේවි. බඩ ඉරිඟු කොප්පයකින් දෛනික විටමින් බී - 5 අවශ්‍ය තාවයෙන් 14.4% ක් සපුරා ගත හැකියි. විටමින් සී, පොස්පරස් , හා මැංගනීස් බඩ ඉරිඟුවල අංඩගු තවත් අත්‍යාවශ්‍ය පෝෂක. මිලදී ගැනීමකෙලින්ම හිරු එළිය වැටෙන ස්ථානවල අලෙවි කරන බඩ ඉරිඟු මිලදී නොගන්න. ශීත කළ හෝ සිසිල් කළ ස්ථානයක ඇති බඩ ඉරිගු තෝරා ගන්න. නැවුම් බඩ ඉරිඟු කරලක ඇටයක් මිරිකු විට කිරි පැහැති ද්‍රව්‍යක් පිටවේ. බඩ ඉරිඟු නිතරම ශීතකරණයක ගබඩා කර තබන්න. බඩ ඉරිඟු කරල් පිටින් ආහාරය ගැනීමට හැකියි. ඒ වාගේම ආහාර රස ගැන්වීමට ද යොදා ගන්න පු‍්‍රළුවන්. සමහරු සුප්වලට බඩ ඉරිඟු යොදයි. බඩ ඉරිඟු චීන ආහාර වට්ටෝරුවලට නැතිවම බැරිය. කෙතරම් ගුණ වුවත් සමහරුන් බඩ ඉරිඟු වලට අසාත්මිකයි. උදරා බාධ, කන් ආසාදන, සමේපලු මතුවීම, මිග්‍රේන් සන්ධි වේදනා, නින්ද නොයාම වැනි ලකුණු ආහාර අසාත්මික වූ විට හට ගනී 0 Ind007kaMost Senior MemberPosts:12931 04 Jul 2017 06:09 PM බඩ ඉරුගු නම් තම්බලා කන්න ආසයි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 04 Jul 2017 09:01 PM බඩ ඉරිඟු නම් මමත් කන්න ආසයි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 04 Jul 2017 09:27 PM ඔව්. බද ඉරිඟු කියන්නෙ ලංකාවෙත් හොඳට වවන්න පුළුවන් භෝගයක්. මම දැක්ක ඉතා වියලි කාලගුණයක් සහිත වතුර අඩු කලාප වලට වවන්න පුළුවන් විශේෂයක් කෘෂිකර්ම එකෙන් හඳුන්වා දී තිබුනා. මම දැක්ක ඒකෙන් ලොකු අස්වැන්නක් අරගෙන තිබ්බ පහුගිය නියං කාලෙත්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 10 Jul 2017 06:55 AM මේ ගුණ රදා පවතින්නේ මොන විදියට ආහාරයට ගැනීමෙන්ද 0 You are not authorized to post a reply. Page 7 of 9 << < 56789 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner
වර්තමානයේ කොතරම් බටහිර ආහාරපාන සැකසුණ ද, ශ්‍රි ලංකාවට අනන්‍ය වු ආහාර වට්ටෝරුවලින් මිනිසාගේ සිරුරට ලැබෙන පෝෂණය මෙපමණ යැයි කීමට අපහසු ය. එදිනෙදා ජීවිතයේ දී ලබාගන්නා ආහාර පිළිබඳ, ඔබ නොදන්නවා වුණාට, බොහෝ ගුණ අන්තර්ගතව ඇත. මේ ඒ පිළිබඳ තතු බිඳකි. * බත් යනු බොහෝ පෝෂ්‍ය පදාර්ථවලින් පරිපූර්ණ වූ ප්‍රධාන ආහාරයකි. එහි ප්‍රෝටීන සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගතව ඇත. බත් සමඟ මුං ඇට එකතු කළ විට, බත්වල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය නැතිවී යයි. එහෙත්, මුංඇට කිරිබත් , සිරුරේ හටගන්නා බොහෝ රෝග සඳහා ගුණදායක ආහාරයකි. * නිවුඩු හාල්වල සහ දේශීය හාල්වල තන්තු බොහෝ ප්‍රමාණයක් අන්තර්ගතව ඇත. නිවුඩු හාල්වල සුදු හාල්වලට වඩා ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ යන පෝෂණ සංඝටක අන්තර්ගත ය. නිවුඩු හාල්වල පිහිටා ඇති දුඹුරු පැහැති ස්ථරය, ඇලියුරෝනය ලෙස හැඳින් වේ. එහි, සෞඛ්‍යයට හිතකර පෝෂණ සංඝටක බොහෝ ප්‍රමාණයක් අන්තර්ගත ය. එම නිසා, සුදු සහල්වලට වඩා නිවුඩු සහල් සහ දේශීය සහල් , සෞඛ්‍යයට වඩාත් ගුණදායක ය. * කඩල වැනි ඇට වර්ග, රැයක් පොඟවා තබා පිළියෙළ කිරීම සාමාන්‍ය සිරිත ය. රැයක් පොඟවා තබන ලද කඩලවල බැක්ටීරියා ක්‍රියාවලිය අනුසාරයෙන් අතිදුර්ලභ පෝෂණ සංඝටකයක් වන B12 විටමිනය නිපද වේ. කල් වේලා ඇතිව පොඟවාගෙන තම්බා ගන්නා කඩල, ආහාරයට ගැනීම යෝග්‍ය වන්නේ එනිසා ය. * ලූණු සහ සුදු ලූණු ව්‍යාංජනවලටත්, මැල්ලුම් ආදියටත් බහුලව මිශ්‍ර කිරීමෙන්, ආහාර මේදවල අඩංගු යම් අගුණයක් වේ නම්, එය ඉවත්ව යයි. * බල මාළුවල කළු පැහැති කොටසෙහි හිස්ටමීන් යන රසායනික සංයෝග බෙහෙවින් ඇත. ඒ නිසා, බලමාළු ආහාරයට ගන්නා ඇතැම් අයට හතිය, කැසිල්ල, වමනය, අධික දහඩිය දැමීම (උෂ්ණ අධික වීම නිසා ඇතිවන රෝග) ඇති වේ. එම නිසා, බලමාළු පිළියෙළ කිරීමේ දී ගොරකා මිශ්‍ර කිරීමෙන් හිස්ටමීන් රසායනික සංයෝගයේ විෂ බාල කිරීමට හැකි බව වෛද්‍යවරුන් සනාථ කරගෙන ඇත. බලමාළුවලින් ඇඹුල්තියල් පිළියෙළ කරන විට දී, ගොරකා භාවිත කරන්නේ එනිසා ය. * එළවළු වර්ගවල අධික ලෙස කැල්සියම්, යකඩ සහ ඛනිජ ලවණ අඩංගු වී නොමැත. එහෙත් කොත්තමල්ලි, අබ, ගම්මිරිස්, එනසාල් ආදියේ ඉහත සංඝටක මඳ වශයෙන් අඩංගු වී තිබේ. එම නිසා, ව්‍යංජන පිසීමේ දී කුළුබඩු එකතු කර ගැනීම යෝග්‍ය වේ.
මඤ්ඤොක්කා යනු, අද වන විට සුලබව දක්නට ලැබෙන ආහාරයකි. ගමේ පොළේ වගේ ම,සුපිරි වෙළෙඳසැල්වලත් මෙය කිසිදු අපහසුවක් නැතිව මිලදී ගැනීමට හැකි ය. ඒ වුණත්, මඤ්ඤොක්කා ආහාරයට ගැනීමට බොහෝ දෙනා බියක් දක්වති. එයට හේතුව, මේවා ආහාරයට ගැනීමෙන් සමහරවිට විස වීම සිදුවන බවට පවතින බිය නිසා ය.මඤ්ඤොක්කාවල විස අන්තර්ගත වන්නේ,බැඳුණු අණු හා නොබැඳුණු අණු වශයෙනි.බැඳුණු අණුවල ඇත්තේ ලිනමරින් නම් සංයෝගය ය. එම සංයෝගය ජලය සමඟ විච්ජේදනය වී, HCN නමැති ඉතා විස සහිත සංයෝගය සෑදේ.අපගේ ශරීරයේ ස්වභාවයෙන් ම තිබෙන එන්සයිම තුනක් මඟින් HCN විස අඩු අණු බවට පත් කර, මුත්‍රා මාර්ගයෙන් ශරීරයෙන් පිට කරයි. මඤ්ඤොක්කා,සෙල්සියස් අංශක 60ට අඩු උෂ්ණත්වයකින් තැම්බීමේදී,විස HCN ලිනමරින්වලින් නිකුත්ව, විච්ජේදනය වී පිටව යයි. එහෙත්,සෙල්සියස් අංශක 60ට වැඩි උෂ්ණත්වයේ දී මෙය අක්‍රීය වී, ලිනමරේස් එන්සයිමය(Linermarase) CN මඤ්ඤොක්කා අලවල හෝ කොළවල ඉතිරි වේ. මේ නිසා,මඤ්ඤොක්කා ආහාරයට ගත් විට විස වේ.මඤ්ඤොක්කා විස වීම,ඉතා උග්‍ර විස වීම හා කාලීන විස වීම යනුවෙන් කොටස් දෙකකි. කාලීන විස වීම සිදු වන්නේ කාලාන්තරයක් තිස්සේ ය.මේ මඟින් ගලගණ්ඩය සහ ස්නායු රෝග වැලඳේ. එම නිසා, මඤ්ඤොක්කා සම්පුර්ණයෙන් විස හැරීමට තුන් වරක් තම්බා,දිය හැරීම කළ යුතු ය. එය කරන්නේමෙසේ ය. පළමුව කට ලොකු මුට්ටියකට මඤ්ඤොක්කා සහ වතුර දමා,සෙල්සියස් අංශක 60ට අඩු උෂ්ණත්වයකදී තම්බා,ළිපෙන් ඉවත් කර,වතුර පෙරා ගත යුතු ය. නැවත පෙර පරිදි ම ජලයේ දමා සෙල්සියස් අංශක 60ට අඩුවෙන් රත්කර, වතුර පෙරා හැරීම අනිවාර්යයෙන් ම සිදු කළ යුතු වේ. අවසානයේදී, නැවතත් ජලය දමා අවශ්‍ය තරමට තම්බා ගත යුතු ය. ඉන් අනතුරුව ආහාරයට ගැනීම කළ හැකි ය. මේ ක්‍රමය නිසා මඤ්ඤොක්කාවල විස සම්පුර්ණයෙන් ම ඉවත් වේ. මඤ්ඤොක්කාවල සයනසිඩ් අඩංගු හෙයින්,'ලිතියම්' නමැති ඖෂධය භාවිත කරන රෝගීන්ට මඤ්ඤොක්කා ආහාරයට ගැනීම අහිතකර ය. එසේ ම, ඉඟුරුවල අන්තර්ගත ජින්ජරික් ඇසිටික් සමඟ මඤ්ඤොක්කාවල අන්තර්ගත සිරුරට අහිතකර විස රසායනික ප්‍රතික්‍රියා කරන හෙයින්, ඉඟුරු තේ හෝ ඉඟුරු දමා සකසා ගත් ආහාර අනුභව කර,මඤ්ඤොක්කා ආහාරයට ගැනීම නුසුදුසු ය. මානසික රෝග සඳහා ඖෂධ භාවිත කරන රෝගීන්ට සහ තයිරොයිඩ් වැලඳී ඇති රෝගීන්ට, මඤ්ඤොක්කා ආහාරයට ගැනීම සුදුසු නැත. මඤ්ඤේක්කාවල අන්තර්ගත සයිනයිඩ් සමඟ,තයිරොක්සින් ප්‍රතික්‍රියා කිරීම එයට හේතුව ය. එලෙස ආහාරයට ගැනීමෙන් එම රෝගීන්ට, වායු ගෙඩි සුව නොවීමට පුළුවන. උපදෙස් - පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ආහාර හා පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙලී ප්‍රනාන්දු මදාරා මුදලිගේ