Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Aug 2017 08:36 AM by Rosi අපි කන කෑමවල ඔබ නොදන්න ගුණ 164 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 8 of 9 << < 56789 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 10 Jul 2017 05:43 PM බඩ ඉරිගු නම් කන්න ආසයි කොහේ ගියත් වරදින්නේ නෑ.ඕට්ස් ගැන නම් මන් වැඩිය අහලා නෑ.ස්තුතියි අක්කේ පැහැදිලි කිරිමට.මන් සෙව් කරගත්තා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Jul 2017 05:46 PM Posted By Rosi on 06 Jun 2017 09:00 AM මඤ්ඤොක්කා අගුණ වෙන්නේ මෙහෙමයි මඤ්ඤොක්කා යනු, අද වන විට සුලබව දක්නට ලැබෙන ආහාරයකි. ගමේ පොළේ වගේ ම,සුපිරි වෙළෙඳසැල්වලත් මෙය කිසිදු අපහසුවක් නැතිව මිලදී ගැනීමට හැකි ය. ඒ වුණත්, මඤ්ඤොක්කා ආහාරයට ගැනීමට බොහෝ දෙනා බියක් දක්වති. එයට හේතුව, මේවා ආහාරයට ගැනීමෙන් සමහරවිට විස වීම සිදුවන බවට පවතින බිය නිසා ය.මඤ්ඤොක්කාවල විස අන්තර්ගත වන්නේ,බැඳුණු අණු හා නොබැඳුණු අණු වශයෙනි.බැඳුණු අණුවල ඇත්තේ ලිනමරින් නම් සංයෝගය ය. එම සංයෝගය ජලය සමඟ විච්ජේදනය වී, HCN නමැති ඉතා විස සහිත සංයෝගය සෑදේ.අපගේ ශරීරයේ ස්වභාවයෙන් ම තිබෙන එන්සයිම තුනක් මඟින් HCN විස අඩු අණු බවට පත් කර, මුත්‍රා මාර්ගයෙන් ශරීරයෙන් පිට කරයි. මඤ්ඤොක්කා,සෙල්සියස් අංශක 60ට අඩු උෂ්ණත්වයකින් තැම්බීමේදී,විස HCN ලිනමරින්වලින් නිකුත්ව, විච්ජේදනය වී පිටව යයි. එහෙත්,සෙල්සියස් අංශක 60ට වැඩි උෂ්ණත්වයේ දී මෙය අක්‍රීය වී, ලිනමරේස් එන්සයිමය(Linermarase) CN මඤ්ඤොක්කා අලවල හෝ කොළවල ඉතිරි වේ. මේ නිසා,මඤ්ඤොක්කා ආහාරයට ගත් විට විස වේ.මඤ්ඤොක්කා විස වීම,ඉතා උග්‍ර විස වීම හා කාලීන විස වීම යනුවෙන් කොටස් දෙකකි. කාලීන විස වීම සිදු වන්නේ කාලාන්තරයක් තිස්සේ ය.මේ මඟින් ගලගණ්ඩය සහ ස්නායු රෝග වැලඳේ. එම නිසා, මඤ්ඤොක්කා සම්පුර්ණයෙන් විස හැරීමට තුන් වරක් තම්බා,දිය හැරීම කළ යුතු ය. එය කරන්නේමෙසේ ය. පළමුව කට ලොකු මුට්ටියකට මඤ්ඤොක්කා සහ වතුර දමා,සෙල්සියස් අංශක 60ට අඩු උෂ්ණත්වයකදී තම්බා,ළිපෙන් ඉවත් කර,වතුර පෙරා ගත යුතු ය. නැවත පෙර පරිදි ම ජලයේ දමා සෙල්සියස් අංශක 60ට අඩුවෙන් රත්කර, වතුර පෙරා හැරීම අනිවාර්යයෙන් ම සිදු කළ යුතු වේ. අවසානයේදී, නැවතත් ජලය දමා අවශ්‍ය තරමට තම්බා ගත යුතු ය. ඉන් අනතුරුව ආහාරයට ගැනීම කළ හැකි ය. මේ ක්‍රමය නිසා මඤ්ඤොක්කාවල විස සම්පුර්ණයෙන් ම ඉවත් වේ. මඤ්ඤොක්කාවල සයනසිඩ් අඩංගු හෙයින්,'ලිතියම්' නමැති ඖෂධය භාවිත කරන රෝගීන්ට මඤ්ඤොක්කා ආහාරයට ගැනීම අහිතකර ය. එසේ ම, ඉඟුරුවල අන්තර්ගත ජින්ජරික් ඇසිටික් සමඟ මඤ්ඤොක්කාවල අන්තර්ගත සිරුරට අහිතකර විස රසායනික ප්‍රතික්‍රියා කරන හෙයින්, ඉඟුරු තේ හෝ ඉඟුරු දමා සකසා ගත් ආහාර අනුභව කර,මඤ්ඤොක්කා ආහාරයට ගැනීම නුසුදුසු ය. මානසික රෝග සඳහා ඖෂධ භාවිත කරන රෝගීන්ට සහ තයිරොයිඩ් වැලඳී ඇති රෝගීන්ට, මඤ්ඤොක්කා ආහාරයට ගැනීම සුදුසු නැත. මඤ්ඤේක්කාවල අන්තර්ගත සයිනයිඩ් සමඟ,තයිරොක්සින් ප්‍රතික්‍රියා කිරීම එයට හේතුව ය. එලෙස ආහාරයට ගැනීමෙන් එම රෝගීන්ට, වායු ගෙඩි සුව නොවීමට පුළුවන. උපදෙස් - පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ආහාර හා පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙලී ප්‍රනාන්දු මදාරා මුදලිගේ ලුණු මිරිස් තිබ්බ නම් කන්න තිබ්බා දැක්කත් කන්නමයි හිතෙන්නේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 hasithadSuper Senior MemberPosts:5795 11 Jul 2017 08:20 AM ඇත්තටම මඤ්ඤොක්කා තම්බලා අපිත් වතුර අයින් කරන්නේ එක වතාවයි. බලන් ගියාම ඒකත් වැරදියි. ලිපි පෙලටම ස්තූතියි. 0 sha733Super Senior MemberPosts:7332 12 Jul 2017 02:17 AM අපි තම්බපුවාම වතුර ඉතිරි වෙන්නෙ නැහැනේ 0 RosiSuper Senior MemberPosts:5335 12 Jul 2017 02:32 PM අනේ මන්ද මෙහෙ බඩ ඉරිගු ලංකාවේ ඒවා තරම් රහ නැ වගේ . 0 RosiSuper Senior MemberPosts:5335 16 Jul 2017 04:49 AM බොහෝ දෙනා නොහඳුනන පොල් වතුර හා තෙල් වල ගුණ ශ්‍රී ලාංකිකයන්ගෙන් පොල් වතුර බොන්නට කැමතිද ඇසුවොත් පොල් වතුර බීමෙන් ‘මෝඩ වෙනවා’ යැයි කියන අයද තවමත් අපට සමාජයේ මුණ නොගැසෙනවා නොවේ. ඒ වගේම අපේ රටේ බොහෝ සාම්ප්‍රදායික ආහාර වර්ග පිලියෙළ කිරීමට බැදුම් තෙල වශයෙන් පොල් තෙල් යොදාගෙන ඇත්තේ ඇයි දැයි යමෙකුගෙන් ඇසුවොත් බොහෝ විට අසන්නට ලැබෙන්නේ ඒ ලංකාවේ පහසුවෙන්ම සොයාගත හැකි තෙල් වර්ගය නිසා කියන එකයි. ‘මෝඩ වීමේ’ කතාව හැරුණු විට අනෙක් කතාවේ ඇත්තක් තිබුණත් පැරැන්නන් මේවා යොදා ගැනීමට ඊට වඩා ගැඹුරු හේතු තිබුණා. වර්තමානයේ වගේ විද්‍යාත්මක අතින් දැනුමක් නොතිබුණාට අත්දැකීමෙන් හෝ පුරාණ වෛද්‍ය කර්ම අනුව පැරැන්නන්ට මේවායේ සෞඛ්‍යමය වාසි ගැන යම් අවබෝධයක් තිබුණා. නවීන තාක්ෂණය හා දැනුම සමඟ අද අපිට ඒවායේ විද්‍යාත්මක පසුබිම පහදන්න පුළුවන් වෙලා. pixabay.com පොල් වතුර බීමෙන් ලැබෙන වාසි අපේ රටේ බොහොමයක් දෙනා තැඹිලි වතුර වල ගුණ දැනගෙන සිටියත් පොල් වතුර වල තත්වයනම් ඊට වෙනස්. බොහෝ බටහිර හා ඈත පෙරදිග රටවල සෞඛ්‍යමත් පානයක් ලෙස පොල් වතුර පාවිච්චි කරද්දී ඒවායින් විවිධ බීම වර්ග නිෂ්පාදනය කරද්දී ලංකාවේ පොල් වතුර ආප්ප මිශ්‍රණ වගේ දෙයකට ගැනීම හැරුණු කොට කාණු පල්ලේ පල් වෙනවා. ඇත්තෙන්ම මේ ඉවත දැමෙන්නේ තැඹිලි වතුර හා සමානම ගුණයකින් යුත් වටිනා දියරයක්. පොල් වතුර කෙතරම් වටිනා පානයක් වුණත් ලංකාවේ කාණු වල පල් වෙනවා (Philstar.com) පොල් වතුරද තැඹිලි මෙන්ම සරළ සීනි සහිත, ශරීරයේ අයන තුලිතතාවය ඇති කරන අයන වලින් සපිරි පානයක්. පොල් වතුර සතු සයිටොකයනින නිසා ශරීරය වෘද්ධියට පත් වීම, පිළිකා ඇතිවීම හා රුධිර කැටි ඇති වීමත් පාලනය කරනවා. ඒ වගේම අතීසාරය වැනි රෝග වලින් පෙලෙන්නන්ටද පොල් වතුර ලබා දෙන්නේ විජලනයෙන් ආරක්ෂා කර ගන්නට. මෙහි ඇති ඇමයිනෝ අම්ල, එන්සයිම, ඛණිජ ලවණ සහ මේද අම්ල මඟින් ඉහළ පෝෂණ ගුණයක් ලබා දෙන අතර, අයන තුලිත කිරීමද සිදු වන නිසා මෙසේ රෝගියාට සහනය සලසනවා. පොල් වතුර වල විවිධ පරිවෘතීය ක්‍රියා වලට හා ජීර්ණ ක්‍රියාවලියට උදව් වන විවිධ එන්සයිම් වර්ග අන්තර්ගත වෙනවා. මේ පොල් වතුර කැල්සියම්, යකඩ, මැංගනීස්, මැග්නීසියම් සහ zසින්ක් වැනි ඛණිජ ලවණ වලින්ද අනූණයි. ඒ වාගේම විටමින් බී සංකීර්ණයට අයත් රයිබොෆ්ලේවීන්, නියැසින්,තයිමින්, පිරිඩොක්සීන් සහ ෆෝලේට මෙහි යහමින් අන්තර්ගතයි. පොල් වතුර වල විශේෂයෙන් ඉතා විශාල වශයෙන් පොටෑසියම් අයනය තිබෙනවා. ශරීරයේ ස්නායු සෛල වැනි විවිධ පටක වල ක්‍රියාකාරීත්වය සඳහා පොටෑසියම් නැතුවම බැරි අයනයක්. පොල් වතුර මිලි ලීටර 100ක මිලි ග්‍රෑම් 250ක පොටෑසියම්ද 105 ක සෝඩියම්ද අන්තර්ගත වෙනවා. මීට අමතරව මෙහි සුළු වශයෙන් විටමින් සී ද අන්තර්ගත වෙනවා. පිටරට වල පොල් වතුරෙන් නිපදවෙන විවිධ පාන වර්ග (lionheartagrotech.com) තවත් විශේෂම දෙයක් වන්නේ පොල් වතුර කෙරෙහි අසාත්මිකතා දක්වන්නන් සාමාන්‍යයෙන් හමු නොවීමයි. මේ නිසා වෛද්‍යවරු විසින් පොල් වතුර අසනීප වී සිටින් විටදී හෝ ගර්භණී සමයේදී පානයට ගැනීම අනුමත කරනවා. සියල්ල සලකා බැලීමේදී සිතාගාත හැක්කේ පොල් වතුර පාවිච්චි කිරීමෙන් මෝඩ වෙනවා කෙසේ වෙතත් අපතේ හැරීමනම් මෝඩ ක්‍රියාවක් බවයි. පොල් තෙල් වල ඉතිහාසය පුරාණ ශ්‍රී ලාංකිකයන් අනාදිමත් කාලයක සිට පොල්තෙල් සිය ආහාර පිළියෙල කිරීම් වලට යොදා ගන්නවා. විශේෂයෙන්ම අවුරුදු කැවිලි නිපසදවීමේදීනම් පොල් තෙල් නැතිවම බැරි දෙයක්. අද මෙන් විද්‍යාත්මක දැනුමක් නැති වුණත් පැරැන්නන්ට මේ තෙළේ වටිනාකම හා සෞඛ්‍යමත් භාවය පිළිබඳ යම් අවබෝධයක් තිබුණා. නැණ පමණින්, විශේෂයෙන් අවුරුදු සමයේ හා ආප්ප වැනි දේ පිසීමට භාවිතා කළත් ඔවුන්ට ලෙහෙසියේ කොලෙස්ටරෝල් වැනි රෝගාබාධ වැළඳුණෙ නැහැ. පොල් තෙලින් බදින ලද කැවුම් වැනි දෑ වල වැඩි ශක්තියක් සංචිත වන බවත්, දිගු කාලයක් කල් තබා ගැනීමට හැකි බවත් එකළ කය වෙහෙසා වැඩ කළ ජනතාව දැනගෙන සිටියා. පොල් තෙලේ බදින කොණ්ඩ කැවුම් හොඳ ශක්ති සංචිතයක් (youtube.com) පොල් තෙල් පිසින තෙලක් ලෙස පොල් තෙල් වල පෝෂ්‍ය ගුණය ඉහළයි. ඒ මඟින් ශරීරයට අත්‍යවශ්‍ය මේද අම්ල යුහුසුළුව ලබා දෙනවා. මෙමඟින් මේද ද්‍රාව්‍ය විටමින වන විටමින් ඒ, ඩී, ඊ හා කේ ශරීරයට උරාගැනීම සඳහා අවශ්‍ය මාධ්‍ය සපයනවා. පොල් තෙල් කියන්නේ ශාක ප්‍රභවයකින් පැමිණුනත් සංතෘප්ත මේදය සම්පූර්ණ මේදයෙන් 82% ක් පමණ ඉතා ඉහළ අගයක් ගන්න පිසින තෙලක්. බැලූ බැල්මට මෙය ඉතාම සෞඛ්‍යට අහිතකරයි වාගේ පෙණුනත් ඇත්ත කතාව ඊට වඩා ටිකක් වෙනස් එකක්. ඒ කුමක් වුණත් ඕනෑම පිසින තෙල් වර්ගයක් භාවිතා කිරීමේ සීමාවක් තිබෙනවා. සාමාන්‍යයෙන් සංතෘප්ත මේදය ආහාරයට එක් කර ගැනීමේ දෛනික නිර්දේශිත අගය කාන්තාවකට ග්‍රෑම් 20ක් හා පුරුෂයෙකුට ග්‍රෑම් 30ක්. පොල්තෙල් තේ හැඳි දෙකක සංතෘප්ත මේදය ග්‍රෑම් 25ක් අන්තර්ගත වෙනවා. පොල් තෙල් වල සංතෘප්ත මේදය ප්‍රතිශතය ඉතා වැඩි වුණත් එයින් බාගයක් පමන මධ්‍යම ප්‍රමාණයේ මේද අම්ල වලින් යුක්ත නිසා වැඩි නැඹුරුතාවයක් දක්වන්නේ ශරීරයේ හිතකර කොලෙස්ටරෝල් හෙවත් ‘HDL ‘ වැඩි කිරීමටයි. මේ කාරණා දෙක සළකා බැලීමේදී පෙනී යන්නේ පොල්තෙල් වැඩිපුර ගැනීම ශරීරයට අහිතකර වුණත් සුළු වශයෙන් ගැනීම හිතකර බවයි. අනෙක් අතට වැඩි සංතෘප්ත මේදයක් තිබීම නිසා මුඩු වීමේ වේගයත් අනෙක් ශාක තෙල් වලට වඩා අඩුයි. popsugar.com මධ්‍යම දිගින් යුතු මේද අම්ල ඉතා පහසුවෙන් දීර්ඝ ඒවාට වඩා පරිවෘත්තීය ක්‍රියා වලට ශරීරය විසින් යොදවාගන්නා නිසා අනෙකුත් තෙල් වර්ග වලට වඩා පොල් තෙල් නිසි පමණ පාවිච්චි කිරීමේදී ශරීරය මහත් වෙන්න්ට තිබෙන සම්භාවිතාවය අඩුයි. මීට අමතරව පොල් තෙල් වල සැලකිය යුතු තරමේ ඉහළ ධූමාංකයක් තිබෙනවා. (ෆැරන්හයිට් අංශක 350 – 400 පමණ ) මේ නිසා ගැඹුරු තෙලේ බැදීම වැනි දෙයකදී කෙටි දාම මේද අම්ල හා ශරීරයට අහිතකර මුක්තඛණ්ඩක සෑදීමේ සම්භාවිතාවත් අඩුයි. නමුත් එකම තෙල් නැවත නැවත බැදුම් වලට ගැනීමනම් නැණවත් දෙයක් නොවෙයි. එවිට ටිකෙන් ටික තෙල් වල මේද අම්ල හානි වී මුක්තඛණ්ඩක සෑදීමේ සම්භාවිතාව වැඩි වෙනවා. පොල් තෙල් යොදා සෑදූ රූපලාවන්‍ය නිෂ්පාදනයක් (skinnyandcompany.com) ආහාරයට ගැනීමට අමතරව පොල් වතුර හා පොල් තෙල් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේදීත් භාවිතා වෙනවා. විශේෂයෙන් පොල් වතුර සමේ තෙතමනය ආරක්ෂා කිරීමටද කුරුලෑ වර්ධනය අවම කර ගැනීම සඳහාද යොදා ගැනෙනවා. පොල් තෙල් හිසෙහි ගැල්වීමෙන් හිසකෙස් වල සෞඛ්‍ය ඉතා හොඳින් වර්ධනය කරගත හැකි වන්නේ එහි අඩංගු මේද අම්ල වල පෝෂ්‍ය ගුණය නිසයි. 0 DushanVeteran MemberPosts:2536 16 Jul 2017 08:05 AM පොල් වතුර ගැන නම් අහලා තියනවා ස්තුති විස්තරයට 0 hasithadSuper Senior MemberPosts:5795 16 Jul 2017 08:23 AM පොල් වතුර ගැන මෙහෙම දෙයක් ඇහැව්වාමයි. කොලස්ටරෝල් වලට පොල් වතුර බොන එක හොදයි කියනවා නේද .... 0 sha733Super Senior MemberPosts:7332 16 Jul 2017 10:59 PM පොල් වතුර ගැනනම් ලිපියක් ස්ටන් එකේම තිබුණනේ පොල් තෙල් එහෙමත් ඇගට හොදයි කියල තබුණට මේ තරම් විස්තර දැනගෙන හිටියේ නැහැ ලිපිය ඉදිරිපත් කලාට බොහොම ස්තූතියි 0 RosiSuper Senior MemberPosts:5335 22 Jul 2017 03:46 PM චොක්ලට් චොක්ලට් යන වචනය ඇසු පමණින් ඔබේ මුහුණටත් සිනාවක් එනවද? පැණි රසට අකමැති බොහෝ අය පවා මේ මිහිරි රසට ලොකු ඇල්මක් දක්වනවා. ඒ වගේම තවත් විශේෂතම හේතුවක් වන්නේ මේ මිහිරි රස අත්හදා බලන්න කිසිදු වයස් භේදයක් නොමැති වීමයි. තෑගි ලබා දෙන්නටත්, ප්‍රීතිමත් අවස්ථා සැමරීම සඳහාත්, ආදරවන්තයින් තම ආදරය ප්‍රකාශ කරන්නටත් මේ මිහිරි රස යොදා ගනු ලබනවා. මේ ලිපිය කියවන ඔබත් චොක්ලට් වලට ප්‍රිය කරන්නෙකු බවට Roarහි අපිට හොඳට ම විශ්වාස යි. එහෙනම් අපි මේ මිහිරි රසයත් එක්ක රසබර චොක්ලට් ගැන කතාබහ ආරම්භ කරමු. කොහෙන්ද මේ චොක්ලට් ආවේ? චොක්ලට් පිළිබඳව ලිපි ලේඛන හමු වන්නේ ක්‍රි.පූ.1100 දී පමණ සිට බව වාර්තා වේ. ක්‍රි.පූ. 1600 දී පමණ චොක්ලට් යන වචනය ඉංග්‍රීසි භාෂාවට පැමිණ ඇත්තේ ස්පාඤ්ඤයෙන්ය. එසේ පැමිණි චොක්ලට් යන ආහාරය නිෂ්පාදනය කරනු ලබන්නේ කොකෝවා යන ශාකයේ ඇට වලින්. මෙම ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ තියබ්‍රොමා කොකෝවා ලෙසයි. මීසෝ ඇමරිකානුවන් චොක්ලට් පානයක් ලෙස ආහාරයට ගත් බවත් වාර්තා වේ. එමෙන්ම මායා සහ ඇස්ටෙක් යන ශිෂ්ටාචාර වලදී චෝක්ලට් රාජකීය හා ආගමික උත්සව වලදී භාවිතා කර ඇත.එමෙන්ම ඇස්ටෙක් ජනයා මෙය xocolatl ලෙස හදුන්වා ඇත. එහි අර්ථය “තිත්ත පානය” බවත් එසේ හඳුන්වන්නට හේතුව ඔවුන් කොකෝවා හා ජලය පමණක් භාවිතා කිරීම බවත් වාර්තා වනවා. මෙම රසවත් පානය පිළිබඳව 16 වන සියවස තෙක්ම යුරෝපියන් මධ්‍යම හා දකුණු ඇමරිකානුවන්ගෙන් අසා තිබුණේ නැත.1502 අගෝස්තු 02 වන දින දී කොලොම්බස් ඔහුගේ හතරවන මෙහෙයුම ඇමරිකාවට දියත් කරන ලදී.එහි දී ක්‍රිස්ටෝපර් කොලොම්බස්ට හා ඔහුගේ පුත් ෆර්ඩිනන්ඩ්ට කොකෝවා ඇට හමු වෙන ලද බව ඉතිහාසය වාර්තා කරයි. ඝන චොක්ලට් මුල්ම වරට නිෂ්පාදනය කර තිබෙන්නේ 1847 දී ලන්ඩන් වල බවද වාර්තා වනවා. දහ අට වන ශතවර්ෂයේ වැනිසියේ විසු පියෙත්‍රෝ ලෝන්ගි (Pietro Longhi) චිත්‍ර ශිල්පියා විසින් නිර්මිත “උදැසන චොක්ලට් පානය කරමින්” (theepochtimes.com) වෙළඳපොළේ ඇති චොක්ලට් වර්ග කොකෝවා ප්‍රතිශතය මත වෙන් වූ විවිධ වර්ගයේ චොකලට් (http://thedarkchocolatier.com) අද වන විට විවිධ චොක්ලට් වර්ග වෙළඳසල්වල විවිධ මිල ගණන් යටතේ මිල දී ගැනීමේ හැකියාවක් තිබේ.ඒ අතර ඇති චොක්ලට් වර්ග වනුයේ Milk chocolate, White chocolate, Dark chocolate හා Unsweetened chocolate වශයෙනි. මිලක් චෝකොලට් (Milk chocolate) මිල්ක් චොක්ලට් වල කිරි පිටි හෝ උකු කිරි අඩංගු වේ. එක්සත් රාජධානිය හා අයර්ලන්තයට අනුව සමස්තයක් අනුව Milk chocolate වල අවම වශයෙන් 20% ක් පමණ වියළි ඝන කොකෝවා අඩංගු විය යුතුය.එමෙන්ම යුරෝපයේ එය 25% ක් ලෙස වාර්තා වේ. වයිට් චොකලට් (White chocolate) වයිට් චොකලට් ස්වභාවයෙන් මිල්ක් සහ ඩාර්ක් චොකලට් වලට සමාන වුවත් එහි ඝන කොකෝවා අඩංගු වන්නේ නැත. මෙහි කොකෝවා අඩංගු නොවන නිසා බොහෝ රටවල් white chocolate, චොක්ලට් ලෙස සලකන්නේ නැත. ඩාක් චොකලට් (Dark chocolate) ඩාර්ක් චොක්ලට් නිෂ්පාදනය කරනු ලබන්නේ කොකෝවා මිශ්‍රණයට මේද සහ සීනි එකතු කරමින්ය. U.S. Food and Drug Administration මේ සදහා “sweet chocolate” ලෙස හඳුන්වන අතරම 15% පමණ චොක්ලට් මත්පැන් සාන්ද්‍රණය අවශ්‍ය බව සඳහන් කරයි. යුරෝපීය නීති වලට අනුව අවම වශයෙන් 35% පමණ ඝන කොකෝවා අන්තර්ගත විය යුතු බවයි. පිළිවෙලින් ඩාක්, මිලක් හා වයිට් චොකලට් වර්ග (gorgechocolates.com.au) Dark Chocolate කාගේත් කතා බහට ලක්වුණු වැඩි අවධානයක් යොමු වූ චොක්ලට් වර්ගයක්.මෙහෙම සඳහන් කරන්න හේතුව ලෙස දැක්විය හැක්කේ කොකෝවා ප්‍රතිශතයෙන් ඉහළ මේ කළු චොක්ලට් දිනපතා ආහාරයට ගැනීම මගින් අධි රුධිර පීඩනය අවම කර ගැනීමටත්, හෘදයේ මනා ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාමටත් හේතු වන බවට ඇතැම් පෝෂණ වේදීන් සඳහන් කරන නිසා යි. අන්ස්වීටන්ඩ් චොකලට් (Unsweetened chocolate) ඉවීමට ගන්නා බේකින් චොකලට් (hausse.info) අන්ස්වීටන්ඩ් චොක්ලට් යනුවෙන් අදහස් වන්නේ පිරිසිදු චොක්ලට් මත්පැන් වේ. මේවා bitter හෝ baking chocolate ලෙසද හදුන්වනු ලැබේ. මතක ශක්තිය වැඩි කරන චොක්ලට් බොහෝ දෙනා චොක්ලට් හඳුන්වන්නේ ඉතා රසවත් ආහාරයක් ලෙසයි. නමුත් විද්‍යාඥයන් කියන විදිහට චොක්ලට් වැඩිපුර කන පුද්ගලයන්ගේ දෘශ්‍ය මතකය (Visual memory) වර්ධනය වන බවත් මතක ශක්තිය වැඩි වර්ධනය වන බවත් වියුක්ත චින්තන (Abstract thinking) හැකියාව වැඩි දියුණු වන බවත් මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමටත් මෙම චොක්ලට් උපකාරී වන බවට විද්‍යාඥයන් මත පළ කර තිබෙන බවත් සදහන් වනවා. මෙයට හොඳම උදාහරණයක් ලෙස දැක්විය හැක්කේ 2001 වසරේ භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය හිමි කර ගත් එරික් කෝනෙල් ප්‍රකාශ කරන්නේ ඔහුගේ සාර්ථකත්වයට බලපෑ ප්‍රධානතම හේතුව වන්නේ චොක්ලට් ආහාරයට ගැනීම බවත්, එසේ ආහාරයට ගැනීමේදී චොක්ලට් වල සංයුතිය පිළිබඳව වැඩි අවධානයක් යොමු කල යුතු බවත් කොකෝවා ප්‍රතිශතයෙන් වැඩි කළු චොක්ලට් තෝරා ගැනීම තුලින් චොක්ලට් මගින් අත් කර ගත හැකි වාසි ලබා ගත හැකි බවත්ය. මිට අමතරව චොක්ලට් මතක ශක්තිය වර්ධනය කරනවාද යන ප්‍රශ්නය සදහා පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටින සමීක්ෂණ කණ්ඩායමක් වයස අවුරුදු පනහත් හැට නමයත් අතර වයසේ සෞඛ්‍යමත් පුද්ගලයන්ගේ මතක ශක්තිය හීන වීම අවම කර ගැනීමට කොකෝවා සහ චොක්ලට් උපකාරී වන බව දක්වයි. එමෙන්ම මතක ශක්තිය හීන වීම අවම කිරීමටත්, ලේ ගමනාගමනය වර්ධනය කිරීමේ උපායක් ලෙසත් චොක්ලට් හඳුන්වා දීමේ ඉඩකඩක් පවතින බවත් වාර්තා වේ. ඔබ මේ ගැන අසා තිබේද? කොකෝවා ගෙඩි (aduna.com) චොක්ලට් වල අඩංගු තියොබ්‍රොමීන් හේතුවෙන් පූසන්, බල්ලන් වැනි ඇතැම් සතුන් මත් බවට පැමිණෙන බවත් අනාවරණය කරගෙන ඇත. එමෙන්ම කොකෝවා වලට සමාන උත්තේජක සංඝටක කෝපි ඇට, අබිං, මත්පැන් සහ ගංජා වල අන්තර්ගත වන බව වාර්තා වන බව සදහන් වේ. එමෙන්ම කොකෝවා තුල අඩංගු වන උත්තේජක සංඝටක නීත්‍යනුකූල ඖෂධ සහ නීති විරෝධී ඇතැම් මත් ද්‍රව්‍ය වල අඩංගු වන බව පරීක්ෂණ වලින් හෙළි වී තිබෙන බව සඳහන් වනවා. 2007 වසරේදී ඩොමිනික් පර්සෝන් චොක්ලට් වල අඩංගු මෙම උත්තේජන ගුණාංගය ඉස්මතු කරමින් වියළි කොකෝවා පිටි යොදා ගෙන මත්ද්‍රව්‍යකට සමාන ආහාරයක් නිපදවීමටද සමත් වී ඇති බවත් වාර්තා වනවා. අලුත් වැඩක් නවතම වාර්තා වලට අනුව දැනගන්නට ලැබෙන්නේ Amaury Guichon විසින් සුරුට්ටුවක් නිර්මාණය කර ඇති බවත් එහි චොක්ලට් ආවරණය මිල්ක් චොක්ලට්, හේසල්නට් ආදියෙන් පුරවා සිල්වර් පවුඩර් වලින් අළු විධියට ඉදිරියෙන් ද සකසනු ලබනවා. මෙය බීමට තිබෙන දෙයක් නොවන අතර ආහාරයට ගැනීමට තිබෙන දෙයක් බවත් වාර්තා වනවා. ඔබ චොක්ලට් ආහාරයට ගන්නවා වගේම අපි සඳහන් කළ කරුණු ගැනත් සැලකිලිමත් වන්න අමතක කරන්න එපා 0 chamaramindMost Senior MemberPosts:13471 22 Jul 2017 06:28 PM ලංකාවේ චොකලට් කන්න බෑ.අද කාලේ ඒවා.හොද චොකලට් නම් ඉස්සර තිබ්බා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 smt90Veteran MemberPosts:1736 22 Jul 2017 06:38 PM 0 sha733Super Senior MemberPosts:7332 23 Jul 2017 07:08 AM ආසම මාතෘකාවක් කටට කෙලත් උනනවා 0 hasithadSuper Senior MemberPosts:5795 23 Jul 2017 07:59 AM චොකලට් වලට කවුද අප්පා අකමැති. පෙරේත හිතෙනවා...... 0 samanthaMost Senior MemberPosts:13190 24 Jul 2017 10:48 PM අහලා තියෙන විදිහට බෙල්ගියම් චොක්ලට් තමයි රසවත්ම. නිවැරදි භාවය නම් දන්නේ නැහැ. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 25 Jul 2017 03:35 AM Posted By samantha on 24 Jul 2017 10:48 PM අහලා තියෙන විදිහට බෙල්ගියම් චොක්ලට් තමයි රසවත්ම. නිවැරදි භාවය නම් දන්නේ නැහැ. ස්විස් චොක්ලට් නෙවෙයිද ඉස්තරම්ම රසවත් ම චොක්ලට් තියෙනවා කියන්නෙ? මමත් අහල තියෙනව විතරයි. සමන්ත අයිය නම් කාලත් ඇති. අපට ඉතින් ඔයාල රට ඉඳන් එද්දී ගෙනත් දෙන දෙයක් තමයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 25 Jul 2017 06:36 PM සමන්ත අය්ය නම් රට රටවල ර්ස බලනවා ..අපි නම් ඉතින් ආසියාවෙ ඒවා තමා කාලා තියෙන්නෙ ..යුරොප් එවත් කන්න ආසයි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 25 Jul 2017 09:39 PM මෙවාත් චොක්ලට් තමයි.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Ind007kaMost Senior MemberPosts:12931 25 Jul 2017 09:52 PM ඊයා අනේ .. First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 25 Jul 2017 10:02 PM සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 You are not authorized to post a reply. Page 8 of 9 << < 56789 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner
මඤ්ඤොක්කා යනු, අද වන විට සුලබව දක්නට ලැබෙන ආහාරයකි. ගමේ පොළේ වගේ ම,සුපිරි වෙළෙඳසැල්වලත් මෙය කිසිදු අපහසුවක් නැතිව මිලදී ගැනීමට හැකි ය. ඒ වුණත්, මඤ්ඤොක්කා ආහාරයට ගැනීමට බොහෝ දෙනා බියක් දක්වති. එයට හේතුව, මේවා ආහාරයට ගැනීමෙන් සමහරවිට විස වීම සිදුවන බවට පවතින බිය නිසා ය.මඤ්ඤොක්කාවල විස අන්තර්ගත වන්නේ,බැඳුණු අණු හා නොබැඳුණු අණු වශයෙනි.බැඳුණු අණුවල ඇත්තේ ලිනමරින් නම් සංයෝගය ය. එම සංයෝගය ජලය සමඟ විච්ජේදනය වී, HCN නමැති ඉතා විස සහිත සංයෝගය සෑදේ.අපගේ ශරීරයේ ස්වභාවයෙන් ම තිබෙන එන්සයිම තුනක් මඟින් HCN විස අඩු අණු බවට පත් කර, මුත්‍රා මාර්ගයෙන් ශරීරයෙන් පිට කරයි. මඤ්ඤොක්කා,සෙල්සියස් අංශක 60ට අඩු උෂ්ණත්වයකින් තැම්බීමේදී,විස HCN ලිනමරින්වලින් නිකුත්ව, විච්ජේදනය වී පිටව යයි. එහෙත්,සෙල්සියස් අංශක 60ට වැඩි උෂ්ණත්වයේ දී මෙය අක්‍රීය වී, ලිනමරේස් එන්සයිමය(Linermarase) CN මඤ්ඤොක්කා අලවල හෝ කොළවල ඉතිරි වේ. මේ නිසා,මඤ්ඤොක්කා ආහාරයට ගත් විට විස වේ.මඤ්ඤොක්කා විස වීම,ඉතා උග්‍ර විස වීම හා කාලීන විස වීම යනුවෙන් කොටස් දෙකකි. කාලීන විස වීම සිදු වන්නේ කාලාන්තරයක් තිස්සේ ය.මේ මඟින් ගලගණ්ඩය සහ ස්නායු රෝග වැලඳේ. එම නිසා, මඤ්ඤොක්කා සම්පුර්ණයෙන් විස හැරීමට තුන් වරක් තම්බා,දිය හැරීම කළ යුතු ය. එය කරන්නේමෙසේ ය. පළමුව කට ලොකු මුට්ටියකට මඤ්ඤොක්කා සහ වතුර දමා,සෙල්සියස් අංශක 60ට අඩු උෂ්ණත්වයකදී තම්බා,ළිපෙන් ඉවත් කර,වතුර පෙරා ගත යුතු ය. නැවත පෙර පරිදි ම ජලයේ දමා සෙල්සියස් අංශක 60ට අඩුවෙන් රත්කර, වතුර පෙරා හැරීම අනිවාර්යයෙන් ම සිදු කළ යුතු වේ. අවසානයේදී, නැවතත් ජලය දමා අවශ්‍ය තරමට තම්බා ගත යුතු ය. ඉන් අනතුරුව ආහාරයට ගැනීම කළ හැකි ය. මේ ක්‍රමය නිසා මඤ්ඤොක්කාවල විස සම්පුර්ණයෙන් ම ඉවත් වේ. මඤ්ඤොක්කාවල සයනසිඩ් අඩංගු හෙයින්,'ලිතියම්' නමැති ඖෂධය භාවිත කරන රෝගීන්ට මඤ්ඤොක්කා ආහාරයට ගැනීම අහිතකර ය. එසේ ම, ඉඟුරුවල අන්තර්ගත ජින්ජරික් ඇසිටික් සමඟ මඤ්ඤොක්කාවල අන්තර්ගත සිරුරට අහිතකර විස රසායනික ප්‍රතික්‍රියා කරන හෙයින්, ඉඟුරු තේ හෝ ඉඟුරු දමා සකසා ගත් ආහාර අනුභව කර,මඤ්ඤොක්කා ආහාරයට ගැනීම නුසුදුසු ය. මානසික රෝග සඳහා ඖෂධ භාවිත කරන රෝගීන්ට සහ තයිරොයිඩ් වැලඳී ඇති රෝගීන්ට, මඤ්ඤොක්කා ආහාරයට ගැනීම සුදුසු නැත. මඤ්ඤේක්කාවල අන්තර්ගත සයිනයිඩ් සමඟ,තයිරොක්සින් ප්‍රතික්‍රියා කිරීම එයට හේතුව ය. එලෙස ආහාරයට ගැනීමෙන් එම රෝගීන්ට, වායු ගෙඩි සුව නොවීමට පුළුවන. උපදෙස් - පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ආහාර හා පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙලී ප්‍රනාන්දු මදාරා මුදලිගේ