Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Oct 2016 08:35 AM by Poddi රස පිරුණු කතා හොදට ගොතා (ප්‍රහසනයට මුල් තැන) 98 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 4 of 5 << < 12345 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 27 Apr 2015 02:02 PM ස්තුති මදුරංග අපුරු කතාවක් කියෙවුවා 0 ChandimaAdvanced MemberPosts:509 28 Apr 2015 06:41 PM thanks maduranga 0 isurusamSuper Senior MemberPosts:7342 28 Apr 2015 06:51 PM Posted By maduranga001 on 27 Apr 2015 01:51 AM අක්කාට මඟුල් ගොඩය මම තාමත් තනිකඩය හිතවත් පාඨකය, ප්‍රථමයෙන්ම මම කවුරුන්දැයි හඳුන්වාදීමට කැමැත්තෙමි. මා නමින් ගිරාතොට ආරච්චිලාගේ උපුල් කොපුල් වෙහෙසී ඇත්තේ කොපුල් උචින් කිනිතුල්ලන් ඇත්තේ ෙදාලේ අමා ගෑවේ අමා නංගි බැන්දේ රුවන් කොල්ලා නේදෝ අපේ... හිතවත් පාඨකය සමාවන්න, කටට තිරිංග නැත. ක්ලච් එකද නැත. එනමුදු මෙකල්හි මම සත්‍යම පැවැසිය යුතුය. මම නම් ජීවන දරිද්‍රතාවයේ ලෙල්ලටම කි¼දා බැස බිම තිබූ කෙසෙල් ලෙල්ලකට පය පැටලී ලිස්සා ගොස් හොම්බ කට තළා ගත්තේ ගහෙන් වැටුණු මිනිහගේ ඔළුව කඩන් වැටිලා වඳින්න ගිය දේවාලෙට ගොනා ඇන්නා සේය. මේ දුක නිමක් නැති _ එනමුදු කමක් නැති මට ඔය දුක මොඳට හුරුය. මගේ වෘත්තීය ජීවිතයේ පහළම ස්ථානයේ සිට ඉහළම ස්ථානයට මට නැඟීමට තරම් කාලයක් ගත වුණේ ගිය අවුරුද්දේ මම ටවුන් එකේ විජේ අයියාගේ සපත්තු කඩේ සපත්තු මැහුවේය. දැන් බට්ටාගේ බාබර් සාප්පුවේ කොණ්ඩේ කපන්නේය. එපමණක් නොව මම පාට් ටයිම් ආකාරයට වෙන වෙන රැකියාද කරමි. සුනිලා නැති විට පොල් කඩන්නෙමි. තවත් විටක මල් කඩන්නෙමි. විටෙක ගස් කපන්නෙමි. හදිස්සිම අවස්ථාවලදී පමණක් ණයට කොටු පනින්නෙමි. ඒ අපේ සනියාගේ බලවත් පෙරැත්ත නිසාමය. සනියා යනු අපේ සෙට් එකේ එල කොල්ලෙකි. මගේ බොක්කේ මිතුරෙකි. උගේ කතාව පසුව සඳහන් කරන්නෙමි. මම අමතර රැකියාවලට අමතරව ඉස්සර මම ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ ටෙනිස් ගැසුවෙමි. ඇතුළේ නම් පවුල් ප්‍රශ්න බොහෝය. ඒත් මට අවුලක් නැත. බේබිලා මගේ බොක්කලාය. ඒ කාලේ නම් පුල් පන්ය. අතේ වතය. කෙල්ලන් සෙල්ලම්ය. දැන්නම් අතේ පිච්චියක් නැත. මේ වහ පාලනය මාව නෙරපා දැම්මේය. මේවා හරි කැත වැඩය. හේතුව මගේ ඇඟ මදි කියාය. පපුව පිටේ ඇලී තිබුණද මේවා හොඳ පිට් ඇඟවල්ය. අත ගල් කටස් වාගේය. මට ඇඬෙන්න ඔන්න මෙන්නය. ඒත් දැන්මම අඬන්නේ නැත. අලුත් විපක්ෂ නායකතුමා තේරුණායින් පසුවම අ¾ඩන්නෙමි. මට අක්කා කෙනෙකුද ඇත. ඇගේ නම ගිරාතොට ආරච්චිලාගේ හංසනී පියාසලා ඉගිළුණේය. ෆේස්බුක් එකේ ඇත්තේ වෙන නමකි. අක්කාගේ පොටෝවලට කොල්ලන් පැණි හලනා කලට ලයික් ගොඩය. ඇඳුනුම්කමට මට ලයික් දෙකය. මම පොටෝ එකක් ෆේස්බුක් එකට දමන්නේ කලිසම්, කමිස, සපත්තු, හැඳ ටයි පොල්ලකුත් දමාගෙනය. අපේ අක්කා පොටෝ දමන්නේ ටයි පොල්ල පමණක් ඇඳගෙනය. මට විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරිය. අවුලක් නැත. අපේ අක්කා නිළියෙකි. නිළියෝ එහෙම හිටියේ නැත්නම් කැපෙනවා කියා ඇය සැමවිටම කියන්නීය. කැපීම ගැන ඇය දන්නා තරම වැඩිය. නිළිකමම කරගෙන හිටියානම් අද අක්කා එළ කෙල්ලෙකි. අක්කා චාටර් වුණේ ගියවර මැතිවරණයට ඡන්දය ඉල්ලන්නට ගොස්ය. දැන් හොටු පෙර පෙර ගෙදර ෙදායිය. තවද ඇය ඉඳහිට එක එක නාට්ටි නටන්නීය. අපේ අක්කාට කොල්ලෙකු ඇත. උගේ නම වින් පෙට්රල්ය. උෟද නළුවෙකි. ඒ කොල්ලාට තව කෙල්ලක් ඇත. ඒ කෙල්ලටද තවත් කොල්ලෙක් ඇත. අක්කාට ඒ කිසිවකින් වැඩක් නැත. මක්නිසාදයත් අල්ලපු ගෙදර නපුංසක සුමියා අපේ අක්කාගේ අතේය. ඒකි කියන්නේ එහෙමය. ගියවර අපේ අම්මා මගේ සහ අක්කාගේ හඳහන් ඒබරං සීයාට ගොස් පෙන්නුවාය. සීයා පැවැසුවේ මගේ කේන්දරේ ඔක්කෝම ග්‍රහයෝ හතේ කියාය. මඟුල් ගොඩයි කියාය. අක්කාගේ හතර කේන්දරේ පාළුයි කියාය. අක්කාටද තවමත් හමුව ඇත්තේ එක කේන්දරයක් පමණි. ඉතිරි තුන මම කාට හරි විකුණන්න ඇති කියා හැමදාම මට චෝදනා කරයි. මම ගත්ත ඒකිගේ කේන්දරයක් නැත. අනික ගන්නවානම් තුනක් අරන් එකක් තියලා යන්නේද නැත. ඒකිට පිස්සුය. හතර කේන්දරේ පාළු වුණු අක්කාට මඟුල් ගොඩය. මම තාමත් තනිකඩය. නපුංසක සුමියා නම් එමරල්ඩ් මුදු දාන එළ කොල්ලෙකි. ඒත් ඕකාගේ වොයිස් එක අවුල්ය. නළවනවාද වැඩිය. තවද කුණු ලෝබයන්ටත් වඩා ටිකක් ලෝබය. උෟ දිනක් අපේ අක්කාට ලියුමක් ලියා මට දුන්නේය. "මල්ලි මේක ගිහින් අක්කාට දෙන්න පැටියෝ" මමත් සුමියාගේ හොඳ දතක් ගලවන්න සිතාගෙන "අපෝ අයියේ ඒවා නිකං කරන්න බෑ කීයක් හරි දුන්නොත් සලකලා බලන්නම්" යැයි කීවෙමි. ඉන්පසු සුමියා පසුම්බිය ගෙන හූරා හූරා බලා මට පහේ කාසියක් දී කිව්වේ "ඕකෙන් පහේ චොකලට් එකක් කන්න කොල්ලෝ" කියාය. මට ඒ වෙලාවේ නම් උගේ පවුලේ උදවිය මතක් විණ. ඒත් අපේ අක්කාගේ ප්‍රේමවන්තයකු නිසාවෙන් මගේ වාචාල කටට අගුළු දා ගන්නට මට විය. සුමියාට පෝන් එකක් නැත.ෆේස් බුක් එකවුන්ට් එකක් නැත. වයිබර්, වට්ස් ඇප් මුකුත් නැත. කොටින්ම කිව්වොත් සුමියා බබෙකි. උෟට ඇත්තේ වතුර විදින තුවක්කු ගොඩක් සහ සෙල්ලම් කාර් ගොඩකි. රෑට සුමියා නැළවිලි ගී කියයි. තවත් මොහොතකින් සුමියාගේ අම්මා නැළවිලි ගී කියයි. ඒ සුමියාව නිදි කරවීමටය. අපට නින්දක් නැත. උදේට ඇසූවිට කාගෙද බං ඊයේ නළවපු බබා කියා උෟ ලතාවට නැළවි නැළවි කියන්නේ "මම ඊයේ ටෙඩියව නැළෙව්වා කොල්ලෝ, මහ රෑ ඇහැරුණානේ ඒ චණ්ඩියා" කියාය. සුමියාගේ ඔක්කොම අපේ අක්කාට ඉවසිය හැකිය. එනමුදු එකක් බැරිය. එනම් උෟ බත් කන්නේ නැත. උගේ ජාතික ආහාරය නම් කුක්කු පෙඟවූ මාරි බිස්කට්ය. සුමියාගේ අම්මාද අපේ එකීට මැරීගෙනය. සමහරක් විට අපේ අක්කා සුමියාව බඳින්න පුළුවන්ය. තවත් විටක බැරිය. කෙසේ වෙතත් පෙට්රල් ලොක්කාට අක්කා මැරීගෙනය. ඒ කෙසේ වෙතත් මගේ අක්කා මට හොඳය. ඇය එළ කෙල්ලකි. හිතවත් පාඨකය කරුණාකර ඇගේ ෆේස් බුක් එකවුන්ට් එකේ නම නම් නොඉල්ලනු මැනවි. ඔබ මගෙන් ඉල්ලුවත් මගේ පිළිතුර "හේමමලී" කියා මම ලබාදේවී කියා හිනෙකින්වත් හිතන්නට එපාය. මක්නිසාදයත් මමද එළ කොල්ලෙකි. ගිරාතොට ආරච්චිලාගේ උපුල් කොපුල් වෙහෙසී ඇත්තේය නොහොත් එළ කොල්ලා පසුවදන පළමුවැනි ලිපිය හේතුවෙන් මේ ලෙස අසභ්‍ය ආකාරයේ උක්ත ආඛ්‍යාත සම්බන්ධයන් ප්‍රකාශ කිරීම හේතුවෙන් කනගාටුව ප්‍රකාශ කරමි. පළමු ලිපියම හරියට ලිව්වානම් අප්සට් නිසාවෙන් මේ ආකාරයට ලිව්වෙමි. ඉමාල් ෂෙහාන් ප්‍රනාන්දු (මවුබිම) මාත් මේ කථාව දැන්නේ දැක්කේ ...... 0 maduranga001Most Senior MemberPosts:14118 22 Dec 2015 07:07 AM (ඊමේලයකින් කලකට ඉහතදී ලැබුණි. කතුවරිය කවුදැයි නොදනිමි.) සාරිය වූ කලී.. වෙනදා නම් 8 ට ආරම්භ වෙන දේශනයට යාම සඳහා මා අවදි වෙන්නේ 7.15 පමණය. මුණ කට සෝදා තියන දෙයක් ගිල දමා ඩෙනිමක් ඇඳගෙන අහුවෙන ටී ෂර්ට් එකක් ඊට උඩින් දමාගෙන ගෙදරින් පිට වෙන්නේ 7.45 ටය. ෆුට් බෝඩ් එකේ හෝ එල්ලී ගොස් ගලහා හන්දියෙන් බැස ඉතිරි ටික වල ගොඩැලි සහිත ෂෝට් කට් වලින් දමා කෙසේ හෝ 8.15 පමණ දේශන ශාලාවට සැපත් වෙමි. දැන් 7.15 වෙනතුරු නිදා ගැනීමට නොහැකිය. සාරිය වූ කලී ජරා ඇඳුමකි. මා වැනි බිළින්දන්ගේ නිදාගන්නා කාලයට හෙනහුරා ගැසූ භුතයෙකි. විශ්ව විද්‍යාලයට යා යුත්තේ 8 වුවත් දැන් 5.30 අවදි විය යුතුය. අඩුම ගානේ 6 ට වත් සාරි ඇඳීමේ ව්‍යාපෘතිය දියත් කළ යුතුය. සාරිය නමා පොටවල් සෑදිය යුතුය. අතේ පොට යන තුරු නැමුවත් ඒ පොටවල් කෙලින් හිටින්නේ නැත. බැරිම තැන කටු සීයක් විතර ගසා පොටවල් ටික සාදා ගෙන ඉස්තිරික්කය රත් කොට දෙන්නම් වැඩක් කියා සාරිය උඩින් තැබුවෙමි. සාරියක් පිච්චීමට ගතවන්නේ තත්පර කීයක්ද යන ගැටලුවට නිවැරදි පිළිතුර මා සොයා ගත්තේ එදාය. සාරිය විතරක් ඉස්තිරික්ක ගත කළාට වැඩක් නැත. හැට්ටයද, සායද ඉස්තිරික්ක කළ යුතුය. මේ විකාර ගැන කියන්නට ඇත්තේ මළ සමයන් සාරි ඇඳන් යනවා කියාය. සරසවි සිසුවියෙක්ව සිටි කාලයේ ජීවිතේට ඇඳුමක් මැද්දේ නැති මට මේවා මැජික් යැ. ඩෙනිමට මල් තියා වදින්නට සිතෙන්නේ දැන්ය. පොටවල් සාදා ගත් පසු ආරම්භ වන්නේ යුද්ධයේ දෙවැනි කොටසය, එනම් මානුෂික මෙහෙයුමය. එයට මානුෂික මෙහෙයුම යැයි කියන්නේ යුද්ධයේ ඉතිරි කොටස සඳහා මනුස්සයන් කිහිප දෙනෙක් අවශ්‍ය නිසාය. කාපුවා උගුරෙන් ඉහළට එන තරමට තද කළ පටියක් ඉණ වටේ බැඳේ. ඒ පටියේ සාරිය පැටලේ. සාරිය කකුලේ පැටලේ. මම වැටේ. සාරිය කැඩේ. පළවෙනි දිනයේ දින චරියාව මෙසේ වූ හෙයින් තත්වය analyse කර බැලුවෙමි. දැන් ඉණ වටා කටු ගසමි. කටු ඇනී ඇනී දවසම ගත කරමි. ඩෙනිමක් නම් කඩෙන් ගත හැකිය. ඕනෑ සරීරයකට ගැලපෙන ඕනෑ සයිස් ඩෙනිමක්, ටී ෂර්ට් එකක් කඩෙන් සොයා ගත හැක. නමුත් මා සිතා සිටියේ සාරී ඔක්කොම එක සයිස් කියාය. ඒ නිසා දුටු සැනින් හිත ගිය සාරියක් මිලදී ගත්තෙමි. දහ දුක් විඳ හැට්ටයත් මහා ගත්තෙමි. එක්තරා දිනක උදේ පාන්දර ඒ සාරිය ඇඳීමට පටන් ගත්තෙමි. කාලා හමාරය, සාරිය කොටය. ඒ අස්සේ සාරිය මැදින් නූල් ගැලවිලාය. මම උස නිසා උසට ගැලපෙන සාරි තෝරා ගත යුතු බව එදා අපේ නැන්දා කීවාය. මලා යැ. මීට පස්සේ සාරී ගන්න විට උස බැලිය යුතුය. කඩේ එක කොණක සිට අනික් කොන දක්වා සාරිය එළා එහි නූල් ගැලවී ඇත්දැයි බැලිය යුතුය. twitter භාෂාවෙන් කියනවා නම් #NoteToSelf යැ. සාරි හැට්ට මසා ගැනීමද සංසාරේ එපා වෙන වැඩකි. මිනුම් දිය යුතුය, සල්ලිත් දිය යුතුය. නමුත් මේ වන තුරු මගේ හිතට අල්ලන එක හැට්ටයක් වත් මසා ගැනීමට නොහැකි විය. ඒ නිසා සැමටම රැකවරණය දෙන කඩේ හැට්ටයක් ගත්තෙමි. වැඩේ ලෙසිය, රේඩි මේඩ් යැ. නමුත් එය ලිස්සා වැටේ. සාරියේ පොට අල්ලා හැට්ට කට්ටක් ගැසූ විට හැට්ටය අත දිගේ රූරා වැටේ. ඇඩෙනවා යැ. කඳුළු එනවාය. එක තැනකට කට්ටක් ගසා අනිත් තැන හදන විට තවත් තැනකින් රැළි ඇද වේ. රැළි ටික එක ගානට හදන විට පොට දිග මදිය, එසේ නැත්නම් දිග වැඩිය. කට්ටක් ගැසීමට අමාරුවෙන් පොටවල් ටික අල්ලා ගත් නමුත් කට්ට ගැසූ විට සාරිය රැළි ගැසී ඇකිලී යයි. එවිට මතක් වෙන්නේ සාරිය සොයාගත් කෙනාගේ මාමා ය. සාරිය වූ කලී ජරා ඇඳුමකි. කාලය නිකරුණේ වැය කරවන වදකාරී ඇඳුමකි. කෙසේ හෝ රෙද්ද පටලවා ගෙන ගෙදරින් එළියට බැසීමට සුදානම් වෙද්දී දෙවියන් සිහිවෙන්නේ සාරිය පෑගීම නිසා වැටීමට යෑම නිසාය. සාරි පොට කරට දමා ගත යුතුය. එක අතකින් බස් එකට සල්ලි ගත යුතුය, අනිත් අතින් සාරිය ඔසවා ගත යුතුය. පොඩ්ඩක් උස අඩියක් ඇති සෙරෙප්පු දෙකක් දැමිය යුතුය. නැතහොත් දවස අවසානයේ සාරිය ඌරු කොටුවක දොර රෙද්දක් සේ දිස්වනු නියතය. අමතක වුණාය, කෑම, බීම, පොත්, පැන්සල් සහිත බෑගයද කරට දාගත යුතුය. මේ බෑගයද එක කරකට පමණක් බර දැනෙන hand bag යන ජාතියේ එකක් නිසා කරත් රිදෙන්නේය. කරන්නට දෙයක් නැත, කුම්බලා කෑවා නම් විදවපිය බළලෝ ලු යැ . ඔය අස්සේ වැස්සා නම් ලොවෙත් නැත ලොවි ගහෙත් නැත මේ ලෝකෙත් නැත. බසයට නැගීම මී ළඟ යුද්ධය යැ. එක අතකින් සාරියය, අනිත් අතේ බසයට සල්ලිය, එසේ නැත්තම් කුඩය යැ. බස් එකට නගින විට අල්ලා ගැනීමට දැන් අතක් නැත. පිරිමි වාසනාවන්තය කියා සිතෙන්නේ මේ වෙලාවටය. බසයට නැගගත්තත් උඩ පොල්ලේ එල්ලී යෑමට හැකියාවක් නැත. සාරියක් හෝ ඔසරියක් ඇඳ බස් එකේ මැද පොල්ලේ එල්ලී වැඩට යන කාන්තා පාර්ශවය මේ ගැන දන්නවා ඇතැයි සිතමි. බස් එකේ යෑම සේම බැසීමද බයානකය. වෙලාවකට මම බස් එකෙන් පිටය, සාරි පොට බස් එක ඇතුළේය. වෙලාවකට පොට එළියේය, මම ඇතුළේය. එක දවසක් මම එළියේය, සාරි පොට බස් එකේ දොරේය, කොන්දොස්තර සාරි පොට උඩය. දුෂ්කර ක්‍රියා කර බසයෙන් පොළවට මාරු වී සාරිය දෙස බැලූ විට බොහෝ දිනවල තරු පෙනෙන්නේය. සාරි පොට ගෙදරින් එන විට තිබු තැන නැත.සාරියේ යට හරියේ සපත්තු පොලිෂ් පහරවල්ය. සාරියේ රැළි ටික පිලිවලකට නැත. බස් එකෙන් බැස ගත්තද වෙනදා සේ දැන් මීටර් සීය දිවීමට නොහැකිය. අඩි උස සෙරෙප්පු මළ වදයක් යැ.ගල් වල පැටලේ, වලවල් වල වැටේ, පැය කිහිපයක් ඒවා දාගෙන සිටින විට කොන්දත් රිදෙන්නේය. දුකට හේතුව සාරියය. දුක නැති කරන මාර්ගය වැටී තිබෙන්නේ ඩෙනිම් මාවත හරහා ටී ෂර්ට් දක්වාය. නමුත් එය මේ දිනවල වසා ඇති පාරක් ය. ඩෙනිම් මාවතේ යනවිට කරාඹු, මුදු, මාල කිසිවක් අවශ්‍ය නැත. කැමති නම් කොණ්ඩය නොපීරා වුවද ගෙයින් පිට යා හැකිය. නමුත් සාරියක්/ ඔසරියක් අඳින්නේ නම් කරාඹු දැමිය යුතුය, මාලයක් දැමිය යුතුය, පිළිවෙලකට කොණ්ඩය පීරිය යුතුය. රත්තරන් වලට ඇති අකමැත්ත නිසා සාරියට ගැලපෙන පාට වලින් මාල , වළලු සෙවීමද කළ යුතුය. ඒවාද අස්ප ගණන්ය. වෙනත් වචනයකින් කියනවා නම් සාරිය මහම මහා වදයකි. ඔය මොනවා කිව්වත් සාරිය/ ඔසරිය අපේ රටේ වැඩ කරන කාන්තාවගේ ජාතික ඇඳුමය. එය සංවර ඇඳුමකි, හොඳ තැනකට යනවිට ඇඳගෙන යා යුතු ඇඳුමකි. පිටත් පේනවා නම්, බඩත් පේනවා නම්, කොන්දත් පේනවා නම්, කරත් පේනවා නම් සාරිය/ ඔසරිය සංවර ඇඳුමක් වන්නේ කෙසේද යන්න කවුරුවත් කතා නොකරන මාතෘකාවකි. හිරට ඩෙනිමක් අඳින විට කෑ ගසන තාත්තලා, ඔවුන්ගේ දුවලා සාරියක්/ ඔසරියක් අඳින විට කවදා වත් බනින්නේ නැත. ඒ ලංකාවේ හැටිය. ඕවා ගැන දුක් වී වැඩක් නැත. ඩෙනිම, ටී ෂර්ට් එක සහ රබර් සෙරෙප්පු වලට ජය වේවා ය! ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 22 Dec 2015 05:17 PM මට නම් කාන්තවකට ලස්සනම අදුම සාරිය තමයි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 22 Dec 2015 05:46 PM Posted By Ind007ka on 22 Dec 2015 05:17 PM මට නම් කාන්තවකට ලස්සනම අදුම සාරිය තමයි අනිවා.. ඔය මුල් කාලේ සාරිය අඳින කෙනෙකුගේගැගීම වෙන්න ඕන. මුලදී කෙනෙකුට හිතෙන්නේ මේ මොන කරුමයක්ද කියල තමයි.. පුරුදු වුනාම "නතින් ගේමක්". මගේ හාමිනේත් ඉස්සර ඔය වැඩේට පැය එකහමාරක් විතර ගත්ත. දැන් ඕනනම් මිනිත්තු දෙකක් නැත්නම් තුනක් යාවි.. දැන් ඩෙනිම අඳින්න ඊට වඩා වෙලාවක් ඕන. සාරිය ඇන්දහම අමුතු සුන්දරත්වයක් තියෙනවා නම් තමයි. ඒ නිසා සාරියට මමත් කැමතියි.. (මම කිව්වේ සාරිය අඳින අයට කැමතියි කියල.) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 22 Dec 2015 07:49 PM Posted By maduranga001 on 22 Dec 2015 07:07 AM (ඊමේලයකින් කලකට ඉහතදී ලැබුණි. කතුවරිය කවුදැයි නොදනිමි.) සාරිය වූ කලී.. වෙනදා නම් 8 ට ආරම්භ වෙන දේශනයට යාම සඳහා මා අවදි වෙන්නේ 7.15 පමණය. මුණ කට සෝදා තියන දෙයක් ගිල දමා ඩෙනිමක් ඇඳගෙන අහුවෙන ටී ෂර්ට් එකක් ඊට උඩින් දමාගෙන ගෙදරින් පිට වෙන්නේ 7.45 ටය. ෆුට් බෝඩ් එකේ හෝ එල්ලී ගොස් ගලහා හන්දියෙන් බැස ඉතිරි ටික වල ගොඩැලි සහිත ෂෝට් කට් වලින් දමා කෙසේ හෝ 8.15 පමණ දේශන ශාලාවට සැපත් වෙමි. දැන් 7.15 වෙනතුරු නිදා ගැනීමට නොහැකිය. සාරිය වූ කලී ජරා ඇඳුමකි. මා වැනි බිළින්දන්ගේ නිදාගන්නා කාලයට හෙනහුරා ගැසූ භුතයෙකි. විශ්ව විද්‍යාලයට යා යුත්තේ 8 වුවත් දැන් 5.30 අවදි විය යුතුය. අඩුම ගානේ 6 ට වත් සාරි ඇඳීමේ ව්‍යාපෘතිය දියත් කළ යුතුය. සාරිය නමා පොටවල් සෑදිය යුතුය. අතේ පොට යන තුරු නැමුවත් ඒ පොටවල් කෙලින් හිටින්නේ නැත. බැරිම තැන කටු සීයක් විතර ගසා පොටවල් ටික සාදා ගෙන ඉස්තිරික්කය රත් කොට දෙන්නම් වැඩක් කියා සාරිය උඩින් තැබුවෙමි. සාරියක් පිච්චීමට ගතවන්නේ තත්පර කීයක්ද යන ගැටලුවට නිවැරදි පිළිතුර මා සොයා ගත්තේ එදාය. සාරිය විතරක් ඉස්තිරික්ක ගත කළාට වැඩක් නැත. හැට්ටයද, සායද ඉස්තිරික්ක කළ යුතුය. මේ විකාර ගැන කියන්නට ඇත්තේ මළ සමයන් සාරි ඇඳන් යනවා කියාය. සරසවි සිසුවියෙක්ව සිටි කාලයේ ජීවිතේට ඇඳුමක් මැද්දේ නැති මට මේවා මැජික් යැ. ඩෙනිමට මල් තියා වදින්නට සිතෙන්නේ දැන්ය. පොටවල් සාදා ගත් පසු ආරම්භ වන්නේ යුද්ධයේ දෙවැනි කොටසය, එනම් මානුෂික මෙහෙයුමය. එයට මානුෂික මෙහෙයුම යැයි කියන්නේ යුද්ධයේ ඉතිරි කොටස සඳහා මනුස්සයන් කිහිප දෙනෙක් අවශ්‍ය නිසාය. කාපුවා උගුරෙන් ඉහළට එන තරමට තද කළ පටියක් ඉණ වටේ බැඳේ. ඒ පටියේ සාරිය පැටලේ. සාරිය කකුලේ පැටලේ. මම වැටේ. සාරිය කැඩේ. පළවෙනි දිනයේ දින චරියාව මෙසේ වූ හෙයින් තත්වය analyse කර බැලුවෙමි. දැන් ඉණ වටා කටු ගසමි. කටු ඇනී ඇනී දවසම ගත කරමි. ඩෙනිමක් නම් කඩෙන් ගත හැකිය. ඕනෑ සරීරයකට ගැලපෙන ඕනෑ සයිස් ඩෙනිමක්, ටී ෂර්ට් එකක් කඩෙන් සොයා ගත හැක. නමුත් මා සිතා සිටියේ සාරී ඔක්කොම එක සයිස් කියාය. ඒ නිසා දුටු සැනින් හිත ගිය සාරියක් මිලදී ගත්තෙමි. දහ දුක් විඳ හැට්ටයත් මහා ගත්තෙමි. එක්තරා දිනක උදේ පාන්දර ඒ සාරිය ඇඳීමට පටන් ගත්තෙමි. කාලා හමාරය, සාරිය කොටය. ඒ අස්සේ සාරිය මැදින් නූල් ගැලවිලාය. මම උස නිසා උසට ගැලපෙන සාරි තෝරා ගත යුතු බව එදා අපේ නැන්දා කීවාය. මලා යැ. මීට පස්සේ සාරී ගන්න විට උස බැලිය යුතුය. කඩේ එක කොණක සිට අනික් කොන දක්වා සාරිය එළා එහි නූල් ගැලවී ඇත්දැයි බැලිය යුතුය. twitter භාෂාවෙන් කියනවා නම් #NoteToSelf යැ. සාරි හැට්ට මසා ගැනීමද සංසාරේ එපා වෙන වැඩකි. මිනුම් දිය යුතුය, සල්ලිත් දිය යුතුය. නමුත් මේ වන තුරු මගේ හිතට අල්ලන එක හැට්ටයක් වත් මසා ගැනීමට නොහැකි විය. ඒ නිසා සැමටම රැකවරණය දෙන කඩේ හැට්ටයක් ගත්තෙමි. වැඩේ ලෙසිය, රේඩි මේඩ් යැ. නමුත් එය ලිස්සා වැටේ. සාරියේ පොට අල්ලා හැට්ට කට්ටක් ගැසූ විට හැට්ටය අත දිගේ රූරා වැටේ. ඇඩෙනවා යැ. කඳුළු එනවාය. එක තැනකට කට්ටක් ගසා අනිත් තැන හදන විට තවත් තැනකින් රැළි ඇද වේ. රැළි ටික එක ගානට හදන විට පොට දිග මදිය, එසේ නැත්නම් දිග වැඩිය. කට්ටක් ගැසීමට අමාරුවෙන් පොටවල් ටික අල්ලා ගත් නමුත් කට්ට ගැසූ විට සාරිය රැළි ගැසී ඇකිලී යයි. එවිට මතක් වෙන්නේ සාරිය සොයාගත් කෙනාගේ මාමා ය. සාරිය වූ කලී ජරා ඇඳුමකි. කාලය නිකරුණේ වැය කරවන වදකාරී ඇඳුමකි. කෙසේ හෝ රෙද්ද පටලවා ගෙන ගෙදරින් එළියට බැසීමට සුදානම් වෙද්දී දෙවියන් සිහිවෙන්නේ සාරිය පෑගීම නිසා වැටීමට යෑම නිසාය. සාරි පොට කරට දමා ගත යුතුය. එක අතකින් බස් එකට සල්ලි ගත යුතුය, අනිත් අතින් සාරිය ඔසවා ගත යුතුය. පොඩ්ඩක් උස අඩියක් ඇති සෙරෙප්පු දෙකක් දැමිය යුතුය. නැතහොත් දවස අවසානයේ සාරිය ඌරු කොටුවක දොර රෙද්දක් සේ දිස්වනු නියතය. අමතක වුණාය, කෑම, බීම, පොත්, පැන්සල් සහිත බෑගයද කරට දාගත යුතුය. මේ බෑගයද එක කරකට පමණක් බර දැනෙන hand bag යන ජාතියේ එකක් නිසා කරත් රිදෙන්නේය. කරන්නට දෙයක් නැත, කුම්බලා කෑවා නම් විදවපිය බළලෝ ලු යැ . ඔය අස්සේ වැස්සා නම් ලොවෙත් නැත ලොවි ගහෙත් නැත මේ ලෝකෙත් නැත. බසයට නැගීම මී ළඟ යුද්ධය යැ. එක අතකින් සාරියය, අනිත් අතේ බසයට සල්ලිය, එසේ නැත්තම් කුඩය යැ. බස් එකට නගින විට අල්ලා ගැනීමට දැන් අතක් නැත. පිරිමි වාසනාවන්තය කියා සිතෙන්නේ මේ වෙලාවටය. බසයට නැගගත්තත් උඩ පොල්ලේ එල්ලී යෑමට හැකියාවක් නැත. සාරියක් හෝ ඔසරියක් ඇඳ බස් එකේ මැද පොල්ලේ එල්ලී වැඩට යන කාන්තා පාර්ශවය මේ ගැන දන්නවා ඇතැයි සිතමි. බස් එකේ යෑම සේම බැසීමද බයානකය. වෙලාවකට මම බස් එකෙන් පිටය, සාරි පොට බස් එක ඇතුළේය. වෙලාවකට පොට එළියේය, මම ඇතුළේය. එක දවසක් මම එළියේය, සාරි පොට බස් එකේ දොරේය, කොන්දොස්තර සාරි පොට උඩය. දුෂ්කර ක්‍රියා කර බසයෙන් පොළවට මාරු වී සාරිය දෙස බැලූ විට බොහෝ දිනවල තරු පෙනෙන්නේය. සාරි පොට ගෙදරින් එන විට තිබු තැන නැත.සාරියේ යට හරියේ සපත්තු පොලිෂ් පහරවල්ය. සාරියේ රැළි ටික පිලිවලකට නැත. බස් එකෙන් බැස ගත්තද වෙනදා සේ දැන් මීටර් සීය දිවීමට නොහැකිය. අඩි උස සෙරෙප්පු මළ වදයක් යැ.ගල් වල පැටලේ, වලවල් වල වැටේ, පැය කිහිපයක් ඒවා දාගෙන සිටින විට කොන්දත් රිදෙන්නේය. දුකට හේතුව සාරියය. දුක නැති කරන මාර්ගය වැටී තිබෙන්නේ ඩෙනිම් මාවත හරහා ටී ෂර්ට් දක්වාය. නමුත් එය මේ දිනවල වසා ඇති පාරක් ය. ඩෙනිම් මාවතේ යනවිට කරාඹු, මුදු, මාල කිසිවක් අවශ්‍ය නැත. කැමති නම් කොණ්ඩය නොපීරා වුවද ගෙයින් පිට යා හැකිය. නමුත් සාරියක්/ ඔසරියක් අඳින්නේ නම් කරාඹු දැමිය යුතුය, මාලයක් දැමිය යුතුය, පිළිවෙලකට කොණ්ඩය පීරිය යුතුය. රත්තරන් වලට ඇති අකමැත්ත නිසා සාරියට ගැලපෙන පාට වලින් මාල , වළලු සෙවීමද කළ යුතුය. ඒවාද අස්ප ගණන්ය. වෙනත් වචනයකින් කියනවා නම් සාරිය මහම මහා වදයකි. ඔය මොනවා කිව්වත් සාරිය/ ඔසරිය අපේ රටේ වැඩ කරන කාන්තාවගේ ජාතික ඇඳුමය. එය සංවර ඇඳුමකි, හොඳ තැනකට යනවිට ඇඳගෙන යා යුතු ඇඳුමකි. පිටත් පේනවා නම්, බඩත් පේනවා නම්, කොන්දත් පේනවා නම්, කරත් පේනවා නම් සාරිය/ ඔසරිය සංවර ඇඳුමක් වන්නේ කෙසේද යන්න කවුරුවත් කතා නොකරන මාතෘකාවකි. හිරට ඩෙනිමක් අඳින විට කෑ ගසන තාත්තලා, ඔවුන්ගේ දුවලා සාරියක්/ ඔසරියක් අඳින විට කවදා වත් බනින්නේ නැත. ඒ ලංකාවේ හැටිය. ඕවා ගැන දුක් වී වැඩක් නැත. ඩෙනිම, ටී ෂර්ට් එක සහ රබර් සෙරෙප්පු වලට ජය වේවා ය! සාරිය හින්ද හොඳ කට්ටක් කාපු කෙනෙක් වගේ ... 0 samanthaMost Senior MemberPosts:13190 22 Dec 2015 09:57 PM සාරියට වඩා ලස්සණ ඔසරියයි.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 23 Dec 2015 12:42 AM Posted By samantha on 22 Dec 2015 09:57 PM සාරියට වඩා ලස්සණ ඔසරියයි.. මේක ලියපු නෑම්බි නම් සාරියයි ඔසරියයි කියල දෙකක් තියෙනව කියලවත් දන්නෙ නැතිව ඇති. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 25 Dec 2015 10:24 PM Posted By samantha on 22 Dec 2015 09:57 PM සාරියට වඩා ලස්සණ ඔසරියයි.. සමන්ත අයියත් වෙනස දන්නව වගේ... 0 samanthaMost Senior MemberPosts:13190 25 Dec 2015 11:56 PM Posted By indika76 on 25 Dec 2015 10:24 PM Posted By samantha on 22 Dec 2015 09:57 PM සාරියට වඩා ලස්සණ ඔසරියයි.. සමන්ත අයියත් වෙනස දන්නව වගේ... මගේ නෝනා නම් අඳින්නේ ඔසරිය තමයි.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 30 Dec 2015 08:34 AM කෙට්ටු අයටනං මට හැගෙන විදියට ගොඩක් ලස්සන සාරිය. ටිකක් විතර පාතට වෙන්න ඉන තිබ්බාම 0 maduranga001Most Senior MemberPosts:14118 03 Jan 2016 07:16 PM (දිග කතාවක් නිසා පෝස්ටු කිහිපයකට කඩා ඉදිරිපත් කරමි.මේ වරහනින් පසු ඇති සියළු දේ මම ඒ පොස්ටුවේ ඇති අයුරින්ම කොපි කර ගන්නා ලද්දක් බව සලකන්න.) මේ කථාව මම copy කරගත්ත ඒකක්... අයිතිකාරයා mr, මානවක.. පට්ටම කතාවක්. කතාව කියන්න කලින් ගහ වටේ යන්න ඕනේ නැනේ.. ඔන්න එහෙනම් pataaaaaaaan ගන්න හදන්නේ... ආගන්තුකයන්ගේ මධුසමය | the honeymoon of strangers ඇයට එසේ කිරීමට අයිතියක් තිබුණාදැයි හෝ ඇයගේ අරමුණ කුමක් වීදැයි මුල් හමුවීමේ සිටම මා පෙළන ගැටළුවකි.ඇය ලැබීමට තරම් නොව පැතීමට තරම් වත් රූමත් කමක් එදින මාගෙන් නිරුපණය නොවීමද මට අකමැති වනමෙන් ඇයගෙන් ඉල්ලා සිටියදීත් ඇය මාවෙත මනාපය පල කිරීමද මාගේ හදවතෙහි ඇය ගැන සැකයක් නැතිනම් අපුලක් හෝ අර්ථකතනයක් දිය නොහැකි එහෙත් දරාගත නොහැකි නොසන්සුන්තාවයක් ඇති කිරීමට සමත් වී යැයි සිතේ. ඔයාගේ ගෙදරට තව දුරද? මාගේ සිතුවිලි දාමය බිඳුනේ ඇයගේ පැනයෙනි.අප මෝටර් රථයට නැගී ගතවුණ පැයකුත් හමාරක කාලය තුල අප අතරේ හටගත් මුල්ම සංවාදය එයයි.ඇයගේ කට හඬේ කිසිදු චකිතයක් හෝ නොවීම මා තව තවත් නොසන්සුන් කරවයි.ඇත්තෙන්ම ඇයගේ ඇමතුම ළදරියකගේ ඇමතුමකින් වෙන්කර හඳුනාගත නොහැකි තරම් ලයාන්විතවත් අකර්ශනීයවත් සවන් හරහා හදට එලබේ.නැවත මා නොසන්සුන්තාවයට පත් වන්නේ ඇයට නාදුනන පිරිමින් සමග මුහු වීමට ඇති හැකියාව ගැන හිතෙහි අප්රසන්න වූ සැකයක් මතු කරමිනි. හ්ම්ම්ම්...ටිකක් එතන මොන වගේද.....මම අහන්නේ වටපිටාව.... අමුතු දෙයක් නෑ.පොඩි ගෙදරක්.... කාමර දෙකක්...පොඩි සාලයක්..හ්ම්ම් තව පුංචි කුස්සියක්..වටේටම තාප්ප ..මට නම් ඕනෑවට වැඩිත් එක්ක... ෂෝයි....මම ආසයි පුංචි ගෙවල් වලට...හැබැයි ප්රශ්නයක්... ඇයට නැවතත් පැනයකි....ඇය ප්රශ්න නගන්නේ පාසල් යන දැරියක් සේය.අයත් මාත් අතර වයස පරතරය ඇය දැරියකුත් මා වියපත් මිනිසෙකුත් කර ඇත..ඇය කෝල ලෙස සිනාසෙයි..එම සිනාවේ අරුත සෙවීමට මා දැරූ තැත ඇයට තේරුම් ගිය නිසාවෙන්දෝ ඇයගේ සිනහව තවත් සුන්දර වී ඇත. කියන්න..මොකක්ද ප්රශ්නේ... ඇයගේ සිනහව හදවත කළඹයි.... මොකක්ද ප්රශ්නේ...එතන හිනා වෙන්න දෙයක් තියනවද...මට පුළුවන් විදියට තමයි මම ඉන්නේ... ඔහොම කේන්ති ගන්න එපා අයියෝ...ප්රශ්නේ තමයි...හ්ම්ම්ම්...හ්ම්ම්ම්.. කියන්න.....අප්පා...... මා නොසන්සුන් වෙයි...ඇය තවත් සිනාසෙයි.... හ්ම්ම්ම්...දැන් ඔය පොඩි ගෙදර මටත් ඉඩ තියනවද...ළමයෝ.... හ්ම්ම්ම්..... මැරෙන්න යනවද මනුස්සයෝ..... ඈ අවිනීත රියදුරෙකුට දෙස් තබයි.මා තවත් නොසන්සුන් වෙයි..දුම් වැටියක මිහිරි මතක හිත වටා සෙවනැලි නගයි.. ------------------------------------------------------------------------------------------------------------ ඔය ළමයා මේකට නම් කැමති වෙන්නම ඕන.කේන්දරත් හොදටම ගැලපෙනවා.කේන්දර බලන මනුස්සය කිව්වෙත් පාතාගෙන ආව වගේ හඳහන් දෙකක් කියලා. නින්දෙන් ඇහැරුනේ අම්මාගේ සද්දෙට.ඇයි යකෝ ගෙදර ආවම මිනිහෙකුට නිදහසේ නිදාගන්නවත් විදියක් නෑ.අනිවා කොහේ හරි ඉන්න කස්කුරුප්පුවක් සෙට් කරලා ඇති.මොන දුකක්ද මම මේ තනියෙන් ඉන්න ආතල් එක කඩන්න හදන්නේ.මොකක් හරි පොඩි දෙයක් කාලා හීනියට අඩියක් ගහගෙන සින්දුවක් කියන් ඉන්න එක තරම් ෆන් එකක් තියේද අප්පා මේ ගෑනියෙක් ගත්තම.ඒකි කියන තාලෙට තමයි නටන්න වෙන්නේ ඊට පස්සේ.ඇරත් උදේ ඇහැරුනා ගමන් හිස්බඩටම දුමක් දාන්න පුලුවන්ද ගෑනියෙක් ගත්තම. හරි හරි අපෝ මම එන්නම්.හැබැයි ඔන්න මට රැවුල කපන්න මේකප් දාන්න කියන්න එපා.මගේ විදියට තමයි මම එන්නේ.ඔය බඩ්ඩ මට කැමති වෙනවනම් එහෙම වෙන්න ඕන මගේ සාමාන්ය විදියට නැතුව පියරු බබෙකුට නෙවෙයි.ඔන්න අද බලන්න යන එකී මට කැමති උනොත් ආයේ දෙකක් නෑ මමත් කැමතියි.දැන් කීයටද ඔය මගුලට යන්න තියෙන්නේ.මම ඔය මගුලට ගිහින් එහෙමම ගෙදර යනවා.හෙට උදේම වැඩට යන්න ඕනෑ. මම මගේ සුපුරුදු කොන්දේසි ලැයිස්තුව අම්මට දැම්මා.මම අත්දැකීමෙන්ම දන්නවා රැවුල කපන්නේ නැතුව කොන්ඩෙත් අවුල් කර ගත්තම මගේ මුණට එන වලස්ත පෙනුමට සිහිකල්පනාව නැති උනත් ඇස්දෙක පේන ගෑනියෙක් නම් කැමති වෙන්නේ නෑ කියලා.හෙට නිවාඩු උනත් කෙප්පයක් කෙලලා කලින්ම ගෙදරින් මාරු වෙන්න හැදුවේ මේ කසාද සීන් එපා වෙච්ච නිසා.. උඹට කියන කට හොඳයි බිම උලා ගන්න එක.ටිකක් දුරයි දැන්ම නාල ලෑස්තිවෙන්න... ------------------------------------------------------------------------------------------------------ ඔයා උයනවද? ඇයට නැවතත් පැනයකි.එයද සිත අතරමං කරන සිනහවක් මැදින්ය.නැවත මා නොසන්සුන් වෙයි. ඔව්....සමහර දවසට... මම හිස් ලෙස පිළිතුරු දෙමි.ඇය නොනවත්වා සිනාසෙයි.වරක් දුටු විට තව වරක් නොව සිය වාරයක් බැලීමට සිත්දෙන ඇයගේ වතේ කෝමල රේඛා සිත කුල්මත් කරයි.ඇයගේ සුන්දරත්වය පරිහරණය කිරීමට මම නීතියෙන් අවසර ලබා ඇත.එහෙත් නැවත මා නොසන්සුන්ය.පැරණි එහෙත් මා ප්රියකරන ගීතයක් නොදැනීම මිමිනෙයි."මුදු මුහුණේ සුව දැනුනේ ප්රිය ළඳුනේ මට විතරද ♪♫" ශෝක්..ශෝක්..මම ආසයි උයන්න..ඉතින් තව දුරද කියන්නකෝ..අපි පොඩ්ඩක් නැවතිලා යන්ද..මට විකාරයි වගේ අද සිද්ධ වෙච්ච දේවල් නිසා... නැවතත් ඇය දොඩමළු වෙයි.නාදුනන මිනිසෙකු සමග හුරතල් වීමට හැකි ගැහැනියට මා දිවයුතු අර්ථකථනය කුමක්ද? ------------------------------------------------------------------------------------------------------ (ඉතුරු කොටස ඊලග කොමෙන්ටුවේ...) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 03 Jan 2016 07:16 PM (කතාවේ ඉතිරි කොටස..) --------------------------------------------------------------------------------------------------- තාත්තා දිගින් දිගටම අහගෙන ආපු මග විස්තරත් එක්ක අපේ වාහනේ නැවතුනේ බන්ධනාගාරේ තාප්පේ විතර එකකට දාපු පතරංග ගේට්ටුවක් ගාව. කිව්ව විදියට නම් මෙතන තමයි තැන. තාත්තා එහෙම කිව්වේ ගේට්ටුවේ උඩ හරිය බලන්න දාපු ට්රයි එක හරිගියේ නැතුව.මට එක පාරටම හිතට ආවේ නවදැලි හේනක සිංදුව, ඇයි වදේ මෙහෙම ගෙදරක එකියක් දීග දෙන්න කපුවන්ට කියනවා කියන්නේ අනිවාර්යෙන්ම ගෑනි හේනේ බාබකිව් වෙච්ච වැඳිරි වගේ ඇති...මගේ ෆැන්ටසි වලට වැඩි ආයුෂ නැති උනේ අර පතරංග ගේට්ටුව දෙපළු වෙන්න ගත්තම...මටත් නොදැනීම ඕපන් සෙසමි කියලත් කියවුනා...වෙලාවට කාටවත් ඇහුනේ නෑ.. මනුස්සයෙක් වගේ හැසිරියන්.පණ්ඩිත කතා කියන්න යන්න එපා. තාත්තා එහෙම කිව්වේ පෙර පිනකට හරි මගේ අපත පෙනුමට මේකි කැමති උනොත් කියන අදහසින් වෙන්න ඕනෑ.තාත්තා එහෙම කියලා කාරෙකෙන් එලියට බහින කොටම ලඟට ආපු ජෙනුයින් ලුක් එක තියන ඩයල් එක කට පුරා හිනා උනා. හොයා ගන්න අමාරු උනාද...මගේ නම කිව්ව නම් ලේසියෙන්ම හොයාගන්න තිබුනා..ඒ උනාට ලොකුකම් කියන්න ඕනේ නෑ නේ.ඇතුලට යමුකෝ ගමන් මහන්සියත් ඇතිනේ. මෑන්ස් දීපු පදිරි ටෝකෙන් මට පොරව අල්ලලා ගියා.මමත් ඉතින් මොකක්ද එකට රිංගන මොකාද එකා වගේ ගේ ඇතුලට රිංගුවා..යකෝ මේක සිනමන් ග්රෑන්ඩ් එකේ ලොබිය වගේ නේ.මේස පුටු සෝෆා හැමතැනම.මම ශේප් එකේ පැත්තකට උනේ අපේ සැට් එක වාඩිවෙන තැන බලල වාඩි වෙන්න.ඔන්න එතකොටමයි වැදගත් පෙනුමක් තියන ගෑනු මනුස්සයෙක් සාලෙට ආවේ.අනේ අපරාදේ කියන්න බෑ ඒ මනුස්සය ලොස් නැතුව අපි කාටත් එක ගානේ හිනා පාරවල් දැම්ම.අම්ම නම් හොඳයි දොනියන්දා කොහොමද දන්නේ නෑ. මෙයාද මනමාල මහත්තයා... ඔව් ඔව් පැනල උත්තර දුන්නේ අපේ අම්මා..අනේ ඒ මනුස්සයගේ සිරියාවන්ත මුණ හතර වරං වෙලා ගියා.. ----------------------------------------------------------------------------------------- මග නැවතුන ඉසිඹුවෙන් යටපත් විඩාව හා නොසන්සුන්කමත් සමග මාගේ නවාතැනට එන තුරු අප අතරේ වචනයකුදු හුවමාරු නොවීම එක අතකින් සැනසිල්ලකි.චන්ද්රිකා තාක්ෂනය නොවුනානම් මා පත් වන අපහසු තාවය සිතා ගත නොහැක.මා ඇය දෙස හොරැහින් බැලූ කීප විටකම පෙනුනේ ඇය තනියෙන් සිනාසෙන බව හා මාදෙස හොරැහින් බලන බවය.ඇයගේ සිනහවේ මුහු වී ඇත්තේ සංග්රාමයක් දිනු රැජනක ගේ ඇති ආඩම්බරයද.ඇය ජයගත්තා විය හැක.ඇයගේ ජයග්රහණයේ සදාතනික සිහිවටනය ලෙස ඇයට මාගේ ආත්මය අද සිට පාවිච්චි කල හැක. මෙතනද තැන..ඔයාගේ විස්තර වලට මම හදා ගත්ත ඉමජිනේෂන් එකට වැඩිය නම් මෙතන ගොඩක් ලස්සනයි.දැන් කළුවරයි නේ උදේට බලමු. ඇය නැවතත් සිනාසෙයි.ඒ සිනහව ඇතුලේ යම්කිසි සරදමක් ඇතියි සිතේ. මොකද ළමයෝ ලජ්ජා වෙලා.මේක ඔයාගේ තැන හරි නම් මමයි ලජ්ජා වෙන්න ඕනෑ.දැන් උඩ බලං ඉන්නේ නැතුව මට මේ බෑග් දෙක ගන්න උදව් කරන්න. ඇය මට සරදම් කරයි.මාගේ සිත මා ගැනම ඇති වූ සානුකම්පිත හැගීමකින් වෙලේ.මා ඇති තරම් ගැහැණුන් ආශ්රය කර ඇත.ඔවුන්ගේ කතා බහෙන් සහ හැසිරීමෙන් ඔවුන්ගේ ගති ලක්ෂණ තේරුම් ගැනීමට තරම් දැනුමක් මා සතු උවත් තේරුම් ගත නොහැකි ගැහැනියක් හා ජීවිත කාලයම ගත කිරීමට මා හට සිදුවනු ඇත.නැවත මා නොසන්සුන් වේ.නැත ඇයට පමණක් මාහට සරදම් කිරීමට ඉඩ දිය යුතු නැත.මමද දොඩමළු විය යුතුය. මේ බෑග් දෙකේද ඔක්කොම තියෙන්නේ...මම හිතුවා ලොරියක වත් ගෙන්න ඕනෑ කියල. ලොරියක ගේන්නේ මොනවටද...වැඩිය ඇඳුම් නෑ...මොකද මම අදින්නේ ජීන්ස් එකයි ටි එකයි.වැඩිය මේකප් දාන්නෙත් නෑ..ඒ නිසා ඒවාට යන ඉඩත් ඉතුරු වෙලා...ලැප් එකෙයි පොර්ටබල් එකෙයි තියනවා මගේ අනිත් වටිනා දේවල් ටික.ඔය බෑග් දෙකේත් ඉඩ ඉතුරු වෙලා ඇති.සමහර දේවල් අමතක වෙන්නත් ඇති ඉක්මනට පැක් කරපු නිසා.... නැවතත් මා ඇයට පරාජය විය.ඇය නොනවත්වාම කතා කරයි.දොඩමළු ඇයගේ වත දෙස බලා සිටීම නෙතට රසඳුනකි.ඒ සුන්දරත්වය සදාකාලයටම මාසතු නොවේදැයි සිතට සැනසිල්ලක් නැත්තේ කුමක් නිසාද. ඒක නෙවෙයි ළමයෝ...අපි රෑට කන්නේ මොනවද?මට මතකම නැති උනා..මගදී..අපි උයමුද...එහෙම ෂෝයි... උයන්න විදියක් නෑ... ඇයි ඔයා කලින් කිව්වේ ඔයා සමහර දවසට උයනවා කියලා... මම කිව්ව තමයි...මම උයනවා කියන්නේ ඔම්ලට් එකක් හදන එක මැගී එකක් හදා ගන්නවා වගේ වැඩ වලට.නැතුව බත් උයන එක ගැන නෙවෙයි. හරි..අපි මැගී හදමු..කෝ තියනවද ගෙනාපුවා.... මතක නෑ ඉස්සෙල්ලා මේ ටික අස් කරලා ඉම්මු.පස්සේ පුළුවන් කෑම බලන්න.... ඇය දොඩමළු වන්නේ ගිරවියක මෙනි...ඇය....හ්ම්ම්ම්ම්ම්....යකෝ මේකි ආව ගමන් කා කියා ගත්ත ගමන් මයි.මාවත් කාල තමයි නතර වෙන්නේ.. ------------------------------------------------------------------------------------------------------- (ඉතුරු කොටස ඊලග කොමෙන්ටුවේ...) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 03 Jan 2016 07:17 PM (කතාවේ ඉතිරි කොටස...) ------------------------------------------------------------------------------------------------- ගෙනල්ලා තියපු බීම වීදුරුව බඩට යනවා දැනුනෙත් නෑ.අම්මපා එකේ රස..කවුද දන්නේ නෑ හැදුවේ..අද නම් රස දේවල් මයි ලැබෙන්නේ..ඔක්කොම හරි කෝ එතකොට මනමාල බඩ්ඩ... නෝනේ දරුවට එන්න කියන්න... දවසේ මාමණ්ඩියා එහෙම කිව්වේ මම හිතපු එක මිනිහට ඇහිලද කොහේද...මමත් ලජ්ජාවෙන් බිම බලා ගත්තා.මොනවා උනත් මම පතිවත රකින කොල්ල නේ. වැඩිම උනොත් විනාඩියක් යන්න ඇති..මට ලාවට වගේ කාසි හෙල්ලෙන සද්දෙකුයි නිකන් රෙද්දක් ඇතිල්ලෙන සද්දෙකුයි ඇහෙන්න ගත්තා.මටත් මොකෝ කියල මම බිම බලන් හිටියේ එංගලන්තේ මහ රජ්ජුරුවෝ ආවත් ඔය බුලත් විට තට්ටුව දෙන්න වෙන්නේ මට නේ.කුණු ලේ පාටට හුරු සාරියක් මගේ දර්ශන පථය අවහිර කරද්දී මම නැගිට්ටේ හේනක බාබකිව් කරපු වැඳිරියක් දකින්න බලාගෙන ඕනෑවට එපාවට. සල බලාන් සද්දෙට බිම වැටිච්ච හෙප්පුවේ සද්දෙට තමයි මම පියවි ලෝකෙට ආවේ. ඒ වෙනකොටත් මම බලාගෙන හිටියේ මේ ලෝකේ මම දැකපු ලස්සනම ඇස දෙක දිහා.මට මුලින්ම වයිරයක් ඇති උනේ මගේ රැවුල ගැන.මොන මගුලට වැවෙනවද මන්ද.... මනමාල මහත්තයට තියෙන කලබලේ....දැන් ඉතින් චාරිත්ර එහෙම කරානේ....ඔය දෙන්නගේ හඳහන් එහෙමත් හොඳටම ගැලපෙනවා....ඒත් ඔය ළමයි දෙන්න කතා කරගෙන විසඳුමකට එන්න, ජීවත් වෙන්න ඕනෑ ඔයාලනේ ඉස්සරහට.මම නම් මේ වැඩේට කැමතියි... දවසේ මාමණ්ඩියා එහෙම කිව්වේ මට බින්දුව බව දැනගෙන.මුට අපේ එකී ලොවෙත් කැමති වෙන්නේ නෑ කියන එක සහසුද්දෙන්ම දැනගෙන වගේ.ඒත් ඒ වචනත් එක්ක මගේ හිතට ආවේ අමුතුම හැගීමක්. මුන් මේ මොකාටද එන්න හදන්නේ?.ඇයි දෙවියනේ මෙච්චර දත තියන තැනක මේ වගේ සුපිරි කෑල්ලක් කපුවන්ට කියල පොරොන්දම් බලල බන්දන්න ඕනද.අනිවා මේක නම් පනින්න ඕන පිමි ඔක්කොම පැනපු සුපිරි භාණ්ඩයක් වෙන්න ඕනෑ.දැන් කවුරු හරි අහිංසකයෙක් හොයල කරේ ගහන්න හදන්නේ. මේ වගේ තැනක මේ වගේ පෙනුම තියන කෙල්ලෙක් කපුවන්ට කියල කසාද බන්දන්න හදන්නේ.කපුවා කිව්වේ නැද්ද මේකේ වරදට සමාව සීන් එකක් කියල. මම තාත්තට කනට කරලා එහෙම කිව්වේ මට කට තියාගෙන ඉන්නම බැරුව...හැරෙන තැපෑලෙන් ම තාත්තා මගේ කනට කරලා මෙහෙම කිව්වා. බූරුවෝ මෙතන ජරා කතා නොකිය ගිහින් අර ළමයත් එක්ක කතා කරපිය. ---------------------------------------------------------------------------------------------------------- හ්ම්හ්...ඔයා අන්තිමට මේක හේදුවේ කවද්ද... මොකක්ද මේස් දෙකද? ඔව්...කවද්ද අන්තිමට හේදුවේ..මම මේ විහිලුවට වගේ අහන්නේ... මේකි ප්රශ්න අහන්නේ නිකන් සැන්ටිබෝටි මහත්තයෙක් අහනවා වගේ නේ.අනික මට කෝචෝක් ඒකත් දානවා... මතක නෑ..මම හිතන්නේ ගත්තට පස්සේ හේදුවේම නැද්ද කොහේද...එකක් අරන් සවුත්තු වෙනකන්ම දාලා පස්සේ අලුත් එකක් ගන්න එක හෝදනවට වැඩිය ලේසියි. මමත් ආයෙ සෙකන්ඩ් උනේ නෑ..ගෑනුන්ට නැවිල බෑ ඊට පස්සේ උන් කරේ යනවා.. ඉස්සරහට ඒවා තියාගන්න බෑ...තමන්ගේ ඇඳුම් හෝදන්න ඕනෑ..අපි අප අවට පරිසරය පිරිසිදුවට තියාගන්න ඕනේ..වායු දුෂණය කියන්නේ ලෙඩ වැඩි වෙන්න පුළුවන් ලොකු අවධානමක් දෙන වැරද්දක්... මේකි ආයෙත් මට කෝචෝක් එක දානවා..සැලෙන්න හොඳ නෑ... සමාවෙන්න ආයෙත් ඉස්සරහට එහෙම වෙන එකක් නෑ මම එහෙම කිව්වේ බොහොම සංවේදී විදියට...මම ඒ කියපු විදියට ගෑනිට බොහොම ආඩම්බර හිනාවක් ගියා...ආයේ දෙකක් නෑ ගෑනි හිතුවේ මම බය උනා...සලෙන්ඩර් උනා කියලා...මම හිනාව දිහා බලාගෙනම මට පුළුවන් තරම් සංවේදී විදියට මෙහෙමත් කිව්වා. මම කතා කරන්න පුළුවන් වොෂින් මැෂින් එකක් ගෙනාවනේ.... -------------------------------------------------------------------------------------------------------- (ඉතුරු කොටස ඊලග කොමෙන්ටුවේ...) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 03 Jan 2016 07:17 PM (කතාවේ ඉතිරි කොටස...) ------------------------------------------------------------------------------------------------------ මම අර භාණ්ඩේ එක්ක කතා කරන්න ගියේ බ්ලු මැන්ඩල් කුණුකන්ද විතර කුණුගොඩක් හිතේ හිතේ තියාගෙන.කෙල්ලගේ මුනේ තිබ්බ අහිංසක ලස්සන එක සැරේටම මැකිලා මට මතක් උනේ වැම්පයර් කෙනෙක්ව.උඹට මගේ ලේ නම් බොන්න වෙන්නේ නෑ යක්ෂනියේ.මම කෙලින්ම කතාවට බැස්ස. මෙහෙමයි නංගි මම කසාද බැඳපු මිනිහෙක්වත්,ගේ වත් ලෙඩෙක් වත් නෙවෙයි.ඒ නිසා ඔයා හිතන්න එපා මම ඔයාට කැමති නැත්තේ එහෙම හේතුවක් නිසා කියලා.මට ඕනෑම වෙලාවක කසාද බඳින්න පුළුවන් නිදහසක් තියන මිනිහෙක්..මම ඔයාට කැමති නෑ. මම කියාගෙන ගියා , දැක්කා කෙල්ලගේ ඇස්දෙක උඩ යනවා... ඒත්.....මම මම ආයෙත් කතාව පටන් ගත්තා මම අපේ අම්මට පොරොන්දු වෙලා ඉන්නේ ඔයා මට කැමති උනොත් මාත් කැමති වෙනවා කියලා..මම කොහොමත් දන්නවා ඔයාමට කැමති නෑ කියල..ඒත් මම කැමතියි මේ කරදරේ අදම ඉවර වෙනවා නම්..ඒ නිසා ඔයා මට අකමැතියි කියන්න අදම මේ දැන්ම..එතකොට හරි...දැන් මම නැගිටලා සාලෙට යනවා ඔය ඇවිත් අවසාන තීරණේ දෙන්න... මම එහෙම කියලා එතනින් නැගිටලා සාලෙට ආවේ ගුටි කාල හෙවිවේට් චැම්පියන් දිනපු ජෝන් සීනා වගේ... ඔච්චර ඉක්මනට කතා කර ගත්තද පුතා.... මාමණ්ඩිය එහෙම ඇහුවේ ඔලොක්කුවට වගේ ආහ්හ් ඔව් අන්කල්...ඔය දේවල් වල වැඩිය කතා කරන්න දෙයක් නෑ නේ...ගන්න තීරණයක් දැන්ම ගම්මු... මට එහෙම කියල කට ගන්න උනේ නෑ..අර භාණ්ඩේ සාලෙට එන හඬ ඇහුනා.... දු මොකද කියන්නේ..තව හිතන්න කල ඕනද එහෙම ඇහුවේ අපේ තාත්තා..අම්මප මේ මනුස්සයටත් කට තියන් ඉන්න බැරි හැටි... මම කැමතියි...... ආයෙත් කියන්න පුතේ.... එහෙම කිව්වේ තමන්ට ඇහිච්ච වචන අදහ ගන්න බැරි වෙච්ච දවසේ මාමණ්ඩිය... මම කැමතියි තාත්තේ... එහෙම කිව්වම ඒ ගෙදර හිටිය නෑදෑ සනුහරේම හිනා උනේ නිකන් අයිස් පළම් නොමිලේ ලැබුන පොඩි උන් වගේ...අපේ සැට් එකේ අයගෙත් කටවල් කන්දෙක ගාව.. හැබැයි දේවල් වෙන්න ඕනෑ මගේ කොන්දේසි වලට...මේ අයට ඒවා කිව්වද... මේකි නම් ලේසි පාසු බඩ්ඩක් නෙවෙයි.ඉතින් මගෙත් වැරද්ද මේකි කියන්නේ මොනවද කියල අහගන්නේ නැතුව මමත් ආව නේ.තව මොනවා කියාවිද දන්නේ නෑ ඊට කලින් මම කතා කරන්න ඕනෑ. මෙහෙමයි මගෙ කොන්දේසි තියනවා.මේක වෙනවා නම් උත්සව මොකුත් ගන්න බෑ..ඒ කියන්නේ මේ කසාදේ අදම වෙන්න ඕන.මෙයා අදම මාත් එක්ක යන්න එන්න ඕන. මම මේ මරාලෙන් ගැලවෙන්න පුළුවන් අන්තිම තුරුම්පුවත් ගැහුවා.එහෙම කිව්වා විතරයි..අපේ අම්මගෙයි තත්තාගෙයි මුණු දෙක උනා..හැබැයි අනිත් කාටවත් කිසිම වෙනසක් උනේ නෑ..මාමණ්ඩියත් පැණි හිනාවක් දාගෙන කතාවකට මුල පුරන්න හදනකොට මම දැක්කේ මාමගේ නල්ලමලේ දෝනියන්දා මම ජීවිතේට දැක්ක ලස්සනම හිනාව දාගෙන ඉන්න හැටි. ඔයදෙන්න අතර කලින් මොකුත් සම්බන්දයක් තිබ්බද නැත්තන් ඔය ළමය මට විහිලු කරනවද? පිස්සුද අන්කල් මම මෙයාව දැක්කෙත් අදමයි.. මම එහෙම කිව්වේ මේ මනුස්සයගේ හතර බීරි කතාව දරාගන්න බැරි වෙච්ච නිසා.... මේක මහා පුදුම ලෝකයක්..අපේ ලමයගේ කොන්දේසිත් ඔය ටිකම තමයි.ඒ නිසා මෙයාව බලන්න මනමාලයෙක් එනකොට අපි ඔක්කොම ලෑස්ති කරලා තියේන්නේ .එහෙමනම් ඉතින් අදම මේක ඉවරයක් කරලා දාමු. සභා තොමොගේ චිත්ත ප්රීතිය මැද මගේ මරණ දඬුවම ඒ විදියට තීරණය උනා ----------------------------------------------------------------------------------------------- (ඉතුරු කොටස ඊලග කොමෙන්ටුවේ...) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 03 Jan 2016 07:17 PM (කතාවේ ඉතිරි කොටස හෙවත් අවසාන කොටස...) ---------------------------------------------------------------------------------------------------------------- මම දෙයක් අහන්නද මම එහෙම ඇහුවේ.නුඩල්ස් හැන්දක් කටේ ඔබා ගන්න ගමන්...මොනවා උනත් ගෑනිට හොඳට උයන්න පුළුවන් හ්ම්ම්ම්..මම දන්නවා ඔයා අහන්න යන්නේ මොනවද කියලා.ඔයා මම ගැන හිතන ඉන්නේ කොහොමද කියලත්.. ඔයා අහන්න හැදුවේ මම ඔයා එපා කියද්දීත් ඔයාට කැමති උනේ ඇයි කියලනේ.තව ඔයා මම ගැන හිතන් ඉන්නේ සල්ලි තියන ගෙදරක ලස්සන කෙල්ලෙක් නටන්න ඕනෑ ඔක්කොම නැටුම් නටල අන්තිමට කසාද බඳින්න එකෙක් නැතුව ප්රෝපොසල් එකකින් අහිංසකයෙක් ගේ කරේ එල්ලුනා කියලනේ.ඒක හරිද වැරදිද..මට කෙලින් උත්තරයක් දෙන්න. මම මෙච්චර කලක් හිතන් හිටියේ මම තමයි පොර කියල..බලනකොට මේකි තමයි දවසකටවත් ගෑනි..මම ජීවිතේ පලවෙනි වතාවට ගෑනියෙකුට පැරදුනා අද දවාලේ...කරුමේ කියන්නේ දෙවෙනි වතාවටත් හොදි නැතුව ඒ ගෑනිටම පරාද උනා මේ දැන්.මමත් ඉතින් තුන් වේලටම ගුඩ් මොර්නින්ග් කියන තනි වචනේ මිනිහ නිසා මගේ කෙලින් උත්තරේ දුන්න. ඔව්.. හ්ම්ම්ම්...මම හිතුවා... ඔයාට මේ ප්රශ්නෙත් එන්න ඇති අතයි මම වගේ ලස්සන කෙනෙක් ප්රෝපොසල් එකකින් බඳින්නේ කියල.එකටත් හේතුව කියන්නම්. මගේ නැන්දා ඒ කියන්නේ අප්පච්චි ගේ එකම නංගි හිතුමතේට කසාද බැඳලා ජීවිතේ නාස්ති කර ගත්තා.ඒ මට යමක කමක් තේරෙන කාලේ.ඒ හින්දා අප්පච්චි මගෙන් පොරොන්දුවක් ගත්තා මම කවදාහරි බඳින්න ඕනෑ ගෙදරින් කතා කරන කෙනෙක් කියල.මමත් පොරොන්දු උනා හරි හැබැයි මමත් කැමති වෙන්න ඕනෑ කියල. අම්මප මේකි නිළියක්ද කොහේද..දෙන දෙබස් වලට අක්මාවට පවා ඇඩෙනවා..මම අහුවෙයි ඕවට... ඔයා දැක්කම මුලින්ම හිතුනේ ගොඩක් වැඩිමල් ඇති කියල පස්සේ මතක් උනා අපේ අම්ම කිව්වා ඔයා මට වැඩිය අවුරුදු පහයි වැඩිමල් කියල. මම ඔයාට කැමති උනේ ඔයාගේ පිළිවෙලට...කැමති උනා නෙවෙයි ආස උනා..මාව බලන්න ආපු හැම කෙනාම ආවේ දාන්න පුළුවන් ඔක්කොම සැරසිලි දාගෙන..ඒත් ඔයා ඔයා විතරයි ඔයා විදියට ආවේ තැනින් තැන වැවුන රැවුලයි අපිළිවෙල කොන්ඩෙයි මැදින් මම මගේ හීන කුමාරයා දැක්ක..මාව බලන්න ආව ගොඩක් අයට ඕනෑ උනේ අපේ තාත්තගේ සල්ලියි මගේ ඇඟයි විතරයි.සමහරු බැලුවේ එවෙලේම මාව යට කර ගන්න වගේ. ඔයා මාව එපා කියනකොටම මට හිතුනා ඔයා මම ගැන වැරදි චිත්රයක් මවාගෙන ඇති කියල..ඒත් මට ආස හිතුනේ ඒ ඇඩිටියුඩ් එකට.සල්ලි නිසා තමන්ගේ ප්රතිපත්ති විකුනන්නේ නැති කෙනෙක්.හ්ම්ම්ම් මාව දැකපු ගොඩක් අයට මාව ඕනෑ උනා..නැත්තන් මගේ ඇඟ ඕනෑ උනා..ඔය විතරයි මාව එපා කිව්වේ..ඒක තමයි වැදගත්ම දේ.ඔයා තමයි මාව ප්රතික්ෂේප කරපු පලවෙනි පිරිමියා. මම යුනික් දේවල් වලට හරිම ආසයි.... හ්ම්ම්ම්ම් මට හ්ම්ම් ගෑවුනේ මට කියන්න දෙයක් ඉතිරි නොකර එයා හැමදේම කියන නිසා..මේ වෙනකොටත් මට තේරිලා තිබ්බේ එයාගේ කලින් දැක්කේ නැති ලස්සන දැන් මට පේනවා කියල..කතාවේ නොතේරුන තැන් ගොඩක් මට තේරුනා..තමන්ගේ මනුස්සය හිතන දේවල් ඒ විදියටම දැනෙන සහකාරියක් හැම කෙනාටම ලැබෙනවද..ඒත් උත්තරයක් හොයා ගන්න බැරි මගේ හිතේ තියනවා කියල එයාටත් දැනෙන්නේ නැති ප්රශ්නේ මම අහන්න හිතුවා.. ඔයාට බය හිතුනේ නැද්ද ආගන්තුකයෙක් එක්ක මෙහෙම තනිවෙන්න... එකට මම නොදැනීම ආමන්ත්රනයකුත් එකතු වෙලා තිබුන අහ්හ්හ්...ඒහෙම එකක් මට හිතුනෙම නෑ නේ... එයා හිනා වෙනවා හිත පිස්සු වැටෙන විදියට...මට පලවෙනි වතාවට හිතුනා එයාව තුරුල් කරන් නළලට හාදුවක් දෙන්න. ආගන්තුකයෙක් උනත් ඔයා මගේ කසාද හබී නේ ඉතින් බය වෙන්නේ මොකටද..අනිත් එක මගේ ජීවිතේට ආව පලවෙනි පිරිමියා ඔයා ඒ නිසා ඔයාට දැනටම මාව පාවිච්චි කරන්න අයිතිය තියනවා.ඊට අමතරව නීතියෙන් උනත් අයිතිය තියනවා.ඒ කියන්නේ නීතියේ නාමයෙන් මාව රේප් කරන්න.... හෑ මේකි හිතුව දුරක්..මම උදේ කාමෙසුමිච්චාචාරා සමාදම් වෙලා ඉන්නේ.එහෙම එකක් මතක් උනේවත් නෑ. ඒ උනාට මම දන්නවා මට දැනෙනවා ඔයා මහාම මහා ආඩම්බරකාර මනුස්සයෙක් ඒ නිසා මට ඕනෑ උනත් මට ඔයාගෙම වෙන්න තව සතියක් වත් බලන් ඉන්න වේවි.නේද ළමයෝ... මට කියන්න දෙයක් ඉතුරු නොකර එයා හැම දේම කියල ඉවර කරා... ඔයාට නිදිමතද..ඔයා මගේ රූම් එකේ නිදා ගන්න..මම සාලේ නිදා ගන්නම්..මම එලියට යනවා සිගරට් එකක් බොන්න. මම එහෙම කිව්වේ මම ගැන තවදුරටත් එයාට දැනගන්න ඕනෑ නිසාත් උදේ ඉඳං බිව්වේ නැති නිසා ඇගට දැනුන අපහසුව නිසාත්. සිගරට් බිව්වම පිරිමි අයට වෙනදේ ඔයා දන්නවා නේද? අහ්හ් ඔව් ඒක ඔයාට අදාළ නෑනේ.. මොකද මට අදාළ නැත්තේ... හරි හරි ඒක ඔයාට දැන්ම අදාළ නෑ... මට අදාළ වෙනකොට ඉතුරු වෙලා තියේද දන්නේ නෑ... අම්මප මේක කටක් නම් නෙවෙයි.මගේ අරක්කු වලින් මටම කුණුහරප කියනවා.අර අම්ම කියපු පතාගෙන ආව කතාව ඇත්ත වෙන්න ඇති... ඔයාට මම සිගරට් බොන්න එපා කියන්නේ නෑ.හැබැයි අද අපේ අලුත් ජීවිතේ පලවෙනි දවසේ මම නීතියක් දානවා.මේක හැමදාටම වලංගුයි...ඔයාට සිගරට් බොන්න පුළුවන් හැබැයි එහෙම බීල පැයක් යනකන් මගේ ලඟට එන්නවත් මාව අල්ලන්නවත් තහනම් හරි හරි ඒවා ඒ වෙලාවට බලමු.මම එලියට යනවා... බොහෝවිට තව සතියකින් විතර මම මේක සදහටම නවත්තාවි... නිමි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 27 Jan 2016 04:45 AM (උපුටා ගැනීමක්) බස් රථ බස් අද මම ඉෂාරයගේ ගෙදර ගියා. හරියට පේස් ටු පේස් කයියක් දැම්මෙ අවුරුදු 7 කට විතර පස්සේ. තාම ඉතිං බොක්ක තමයි. මිනිහ දැන් බිග් බෝයි කෙනෙක්නේ. ඉස්සර තිබ්බ ගොබ්බ මූන නං දැන් ශේප් වෙලා. දැන් හැන්ඩියා. උගුරේ ඇටෙත් එලියට පැනල. ඒත් ඉස්සර තිබ්බ පණ්ඩිත ටෝක්ස් ටික නං එහෙමමයි. ඌ ගැන නෙමෙයි ලියන්න හදන්නේ. බස් කතාවක්. අද යන්නයි එන්නයි බස් හතරක කට්ට කෑව. ඒකත් හරි බස් පහකින් බැනුම් ඇහුව. 1) යන්න පාරේ බලාගෙන ඉන්නකොට හිස්ම හිස් බස් කට්ටක් ඇවිල්ල මගේ ඉස්සරහින් නැවැත්තුව. මමත් ඉතිං අඬු හතර දිග ඇරගෙන යන්න පෙරුම් පුරාගෙන නැග්ග. නගිනකොටම කාපි යකා කියල රියදුරු මහතා බැන්නෙ නැද්ද. " ඕයි මේක යන්නේ නෑ. පිස්සා බෝඩ් එක බලල නගිනවා.". ආයේ ඉතිං කරබාගෙන බැහැල බෝඩ් එක බැලුව. ඒක වෙන කොහෙද ටිප් එකක් යන එකක්. තේ බොන්න නවත්තල තියෙන්නේ. 2) ඊලඟට ආපු එකේ බෝඩ් එකක් බලලම නැග්ග. මාරු කාසි නෑ කියල බැනුම් කෝටියයි. රුපියල් දෙකක් පාඩු කරගෙන ඉතිං ගියා. අද මූඩ් එක හරි නෑ. නැත්තං මං රුපියලටත් වලි දාගෙන තියෙනව. 3) කළුතර බස් එකකට ගොඩ උනා. ඒත් ඉතිං බහින තැනක් දන්න එකක්යැ. ඉස්සරහ පුට් බෝඩ් එකේ හිටගෙන ඉෂාරයට කෝල් එකක් ගත්ත. ඌ දෙන ඉන්ස්ට්‍රක්ෂන් වලට එපැයි යන්න. ඔන්න රියදුරු මහතා බනින්න පටන් ගත්ත. " ඕයි තමුසේ බහිනවනං බහිනව නැත්තං ගිහිල්ල වාඩිවෙනවකො. නගින මිනිස්සුන්ට නගින්නත් බෑ බහින මිනිස්සුන්ට බහින්නත් බෑ." මම ඉතිං මගේ දුක් ගැනවිල්ල කියල ශේප්මන්ට් එකක් දාගත්ත. බහින මිනිස්සු මාව චෝර කරගෙන තමයි ඉතිං බහින්නෙ. එක සැරයක් මගේ අතින් පිටිපස්ස බලන කන්නාඩියත් වෙනස් උනා. එකටත් බැන්න. එහෙම කරනවද මං අහන්නේ මං වගේ අහිංසක විනීත පෙරේත අවංක කෙනෙකුට. කාට කියන්නද ඉතිං. ඔන්න ඉතින් ගිහිල්ල දවල්ටත් කාල. සිය පවුලට සමු දීල එන්න පිටත් උනා. 4) එනකොට රුපියල් දෙකක් අඩුවෙන් දුන්නේ. ගාන කවර් කරගන්න කියල. ඒකට "මොකද්ද මල්ලි යන තැනක සල්ලි බලල අරන් යනවකෝ" 5) අන්තිම බස් එකේ තමයි නියම සීන් එක ගියේ. කොන්ද පිටිපස්සේ ඉඳන් කෑගහනව "ඔය මැද පේලියෙන් ඉස්සරහට යන්නකෝ. අනිත් මිනිස්සු කොහොමද නගින්නේ බලන්න. නෝනා ඕක අත ඇරලා යන්නකෝ කිව්වම අහල. මල්ලි ඔය බෑග් එක උඩට දාන්නකෝ" නොන් ස්ටොප් කෑගැහිල්ල. ඔන්න ටික දුරක් ගිහිල්ල මූ ඉස්සරහ පැත්තෙන් නැගල කෑගහනවා " ඔය මොකද කරන්නේ ඉස්සරහට වෙලා! අර පිටිපස්සේ ඉඩ තියෙන්නෙ. යන්නකෝ පිටිපස්සට" ඕක ටික වෙලාවක් ගියා. අපිත් ඉතිං රූකඩ වගේ ඉස්සරහට යනවා පිටිපස්සට යනවා. ඔන්න අරූගේ සද්දේ එන්න එන්න වැඩිවෙනකොට පොඩි එකෙක් අඬන්න ගත්ත. ඌ බෙරිහන් දිදී විලාප තියනවා. ඌව නලව ගන්න බැරිවෙච්ච පාර උගේ අම්ම කෑගැහුවේ නැද්ද ." නවත්ත ගන්නවා ඕයි තමුසෙගෙ ඔය කෑගැහිල්ල මේ ළමය අඬනවා! තමුසෙගෙ බාප්පද ඕයි නලවන්නේ ". බස් එකේ හිටපු ඔක්කොටම හිනා.කොච්චරද කියනවනං ඩයිවර්ටත් හිනා. එතනින් පස්සේ කොන්ද " තරහ නැතුව ඔතනින් ඉස්සරහට යන්න මල්ලි. නෝනා සල්ලි ගන්න. කොහෙද පුතා බහින්නෙ?" හුරතල් පූස් පැටියෙක් වගේ. මට ඉඹින්න හිතුන. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 27 Jan 2016 08:29 AM කොන්දට හොද වැඩේ 0 ChandimaAdvanced MemberPosts:509 29 Jan 2016 06:10 PM ela ela 0 You are not authorized to post a reply. Page 4 of 5 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor