Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Feb 2017 04:02 PM by smt90 ගෙදරදීම අයිස් ක්‍රීම් හදාගමු 76 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 4 << < 1234 > >> Author Messages PoddiVeteran MemberPosts:2100 24 Jan 2016 02:46 AM kelath unanawa akkiyooo. hari soiii.... 0 ChandimaAdvanced MemberPosts:509 24 Jan 2016 06:29 PM wowo thanks 0 samanthaMost Senior MemberPosts:13190 28 Jan 2016 02:11 AM එදිනෙදා ව්‍යාංජන සෞඛ්‍යයට හිතකර ලෙස හදාගන්නේ මෙහෙමයි සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අපි හැමෝම කැමතියි. ව්‍යායාම කරන එක වගේම එදිනෙදා ගෙදර උයන පිහින දේවල් උනත් වඩාත් ශරීරයට හිතකර විදියට හදාගන්න පුළුවන් නම් ලෙඩ දුක් අපේ ජීවිතවලින් තරමක් ඈතින් තියාගන්න අපිට පුළුවන් වේවි. ශරීරයට හිතකර අහිතකර දේවල් ගැන සොයාගැනීම් දවසින් දවස වෙනස් වෙනවා.මේ කියන්න හදන්නේ සරලව අපි එදිනෙදා සකසන ව්‍යාංජන වඩාත් සෞඛ්‍යට හිතකර ආකාරයට සකස ගන්න ක්‍රම ගැන. පහේ කුඩු වෙනුවට… Source – flickr.com/sammyjayjay කාර්ය බහුලකමත් එක්ක අද ගෘහණියට ඉස්සර වගේ ගෙදරම පහේ කුඩු ටික හදාගන්න අපහසුයි. ඒ නිසාම කඩෙන් ගන්න පහේ කුඩු වලට අකමැත්තෙන් උනත් පුරුදු වෙන්න වෙලා තියෙනවා. කල්තබාගන්න දාන දේවල් අඩංගු මේ පහේ කුඩු වෙනුවට තනිකරම කුළුබඩු වර්ගය ව්‍යංජනයට යොදාගන්න පුළුවන්. පහේ කුඩු වලට යොදන කරදමුංගු,කරාබුනැටි,කුරුඳු පොතු,සූදුරු, කොත්තමල්ලි වගේ කුළුබඩු වර්ග ටික බදින්නේ කොටන්නේ නැතුව ඒ අකාරයෙන්ම ව්‍යංජනයට යොදන්න. රස වෙනසක් වෙන්නේ නෑ. හදවතට ආදරෙයිද? Source – flickr.com/gordonramsaysubmissions තෙල් භාවිතය අවම කරන්න. තෙම්පරාදු කිරීමට පමණක් අවම ප්‍රමාණයක් තෙල් භාවිතා කරන්න. තෙලෙන්ම මස් මාලු ව්‍යංජනය සැකසීම කොහෙත්ම සෞඛ්‍ය හිතකර නැහැ. ඔලිව් තෙල්, පොල් තෙල්, සූරියකාන්ත තෙල් මේ මොන තෙල් වර්ගය භාවිතා කලත් හැකි තරම් අවම වශයෙන් ආහාර වලට යොදාගන්න. සැරට කන්න ආසද? Source – 123rf.com රතු මිරිස් කුඩු ලංකාවේ අපි බහුලව භාවිතා කරන පහේ වර්ගයක්. හැබැයි රතු මිරිස් කුඩු නිතර භාවිතය ගැස්ට්‍රයිටිස් නැත්නම් අම්ලපිත්ත රෝගයට අත වැනීමක්. සැරට කෑම කාලා පුරුදු අපේ අයට රතු මිරිස් කුඩු වෙනුවට අමු මිරිස් හෝ ගම්මිරිස් යොදාගන්න පුලුවන්. වැඩි දෙනෙක් නොදන්නවාට ගම්මිරිස් ආයුර්වේදයේ නිතර භාවිතා කරන ඖෂධයක්. ව්‍යංජන වලට පහේ වර්ග කීපයක් භාවිතා නොකර හැකි හැම අවස්තාවකම එක් පහේ වර්ගයක් පමණක් යොදා ව්‍යංජන සකසා ගන්න. පහේ වර්ග නිතර බහුලව භාවිතය බඩවැල් හා ආමාශගත රෝග වලට එතරම් සුදුසු නැති බවත් මතක තබා ගන්න. පොල් කිරි නැතුව හොඳි(!) Source – flickr.com/fruitlush, flickr.com/zak, inhabitat.com පොල් කිරි වල ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් නැති බව නවතම සොයා ගැනීම වුවත් එහි ඇති පොල් කිරි 240ml ක ඇති කැලරි ප්‍රමාණය 552cal ක්. මේද රහිත යෝගට් එම ප්‍රමාණයකම කැලරි ඇත්තේ 140cal ක් පමණයි. මේ සඳහන කැලරි අඩුවෙන් අහාරයට එක් කරගන්න උත්සහ කරන ඔබ වෙනුවෙනුයි. ලංකාවේ අපිට නම් මේක අලුත් දෙයක් වේවි. හැබැයි අපේ අසල්වැසි ඉන්දියාවට නම් මේ දේ අමුත්තක් නෙවෙයි. පොල් කිරි භාවිතයෙන්ම ව්‍යංජන සකසන්නයි අපි පුරුදු වෙලා තියෙන්නේ. පොල් කිරි වෙනුවට මේධ රහිත යෝගට් යොදාගන්න කැලරි අඩුවෙන් මස්, මාළු, වගේ ව්‍යංජනයක් වුවත් සකසගන්න පුලුවන්. උළු හාල් මෙහෙම දාන්න Source – herbalteasonline.com, specialtyproduce.com උළු හාල් දියවැඩියා සහ කොලෙස්ට්‍රොල් රෝග තත්වයන් ඇති අයට ඉතාම ගුණ දායක කුළුබඩුවක්. හැකි හැම විටම සෝදා වේලා කරපිංචා සමඟ කබලේ බැදගත් උළු හාල් කුඩු කර ව්‍යංජන වලට යෙදීම වඩාත් සුදුසුයි. පුංචි දෙයක් ලොකු වෙනසක් සෙම් ගතිය වැඩි අයට සහ ආහාර රුචිය අඩු අයට ලොකු ලූනු වෙනුවට හැකි හැම විටම රතු ලූනු භාවිතා කරන්න. පිඟානෙන් ඉවතට විසිවෙන ගුණය ආහාරයට එක් කිරීමට කරපිංචා, සුදු ලූනු ඉතා කුඩාවට කපා ව්‍යංජන වලට එකතු කරන්න. ලෙඩ දුක් හැදුනාම තමන් ආස කිසිම දෙයක් කන්න බැරුව තැවෙනවාට වඩා හැකි හැමවිටම සෞඛ්‍ය සම්පන්නව තමන්ගේ ආහාර වේල සකස ගන්න උනන්දු වෙනවානම් බොහෝමයක් රෝග තත්වයන්ට ගොදුරු වීමේ අවදානම මගහැරගන්න පුළුවන්. 0 Ind007kaMost Senior MemberPosts:12931 28 Jan 2016 02:36 AM මට නම් මිරිස් නැතුව කන්න බැහැ අප්පා 0 isurusamSuper Senior MemberPosts:7342 28 Jan 2016 03:52 AM වැදගත් ලිපියක් ........ 0 sha733Super Senior MemberPosts:7332 28 Jan 2016 06:55 AM සමන්ත අයියේ බොහොම ස්තූතියි මේ ලිපිය මගින් අපිව දැනුවත් කලාට යෝගට් දාල කෑමක් හදල බලන්න ඕනේ. පොල් කනවට වඩා ශරීරෙට වගේම ආර්ථිකේටත් ලාබ වෙයි වගේ පොල් ගනන් හින්ද 0 RosiSuper Senior MemberPosts:5335 28 Jan 2016 06:57 AM Thank you aiyya.... Hoda visithara ekathuwak 0 maduranga001Most Senior MemberPosts:14118 28 Jan 2016 07:03 AM Posted By Ind007ka on 28 Jan 2016 02:36 AM මට නම් මිරිස් නැතුව කන්න බැහැ අප්පා අනේ මන්ද මටත් එහෙමයි. මොකුත්ම නැති දවසට ලුණු මිරිසක්, කට්ට සම්බෝලයක් වත් කොටවා ගන්නව. 0 RosiSuper Senior MemberPosts:5335 22 Feb 2016 01:12 PM 0 maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2016 07:51 PM බොහොම ස්තූතියි රෝසි මේ වට්ටෝරු ටිකට. ඔය හොයා ගන්න ලැබුනොත් එහෙම සෝර්ස් වර්ග හදා ගන්න විදිය එහෙම දාන්නකෝ. විශේෂයෙන්ම තක්කාලි සෝර්ස් එහෙම. කඩෙන් ගන්න තක්කාලි සෝර්ස් වර්ග ගොඩක් අහිතකරයි කියල කියන්නෙ. රස වුනත් දැන් ඒවා නොගෙන ඉන්න ඕන. ගෙදරම රසට හදා ගන්න පුළුවන් නම් ගොඩක් හොදයි. 0 samanthaMost Senior MemberPosts:13190 22 Feb 2016 09:52 PM අච්චාරු කන්න නම් මමත් හරි ආසයි.. බොහොමත්ම ස්තූතියි නංගී. 0 hasithadSuper Senior MemberPosts:5795 25 Feb 2016 06:56 AM ෂා මරුනෙ. තව තව දන්න ඒවා හදන හැටි දෙන්න ඕනා. හොදද .... 0 Ind007kaMost Senior MemberPosts:12931 25 Feb 2016 05:18 PM අච්චාරු කියන කොටත් කටට කෙල උනනවා 0 MaduNew MemberPosts:57 26 Feb 2016 03:43 AM achcharu tikak tiyenawanan bath muttiyak unath kanna puluwan 0 maduranga001Most Senior MemberPosts:14118 28 Feb 2016 01:55 AM Posted By Madu on 26 Feb 2016 03:43 AM achcharu tikak tiyenawanan bath muttiyak unath kanna puluwan මධූ නගත් ඔයා දන්න කෑම බීම ජාති මේ වගේ ත්‍රෙඩ් එකකින් අපට කියන්න. ඔයා අත් හදා බලල තියෙන රෙසිපි එහෙම තියෙනව නම් අනිවා දෙන්න. 0 samanthaMost Senior MemberPosts:13190 28 Feb 2016 10:42 PM අමුද්‍රව්‍ය 3කින් මේ රසම රස කෑම ජාති 5 ලෙහෙසියෙන්ම හැදිය හැකි බව ඔබ දැන හිටියද? කෑම හදන්න ආසයිද? හැබැයි බෙහෙත් වට්ටෝරු වගේ දිග අවශ්‍ය ද්‍රව්‍ය වල ලිස්ට් එක දැක්කම කෑම හැදිල්ල එපා වෙනවා නේද? කෑම හදන්න ආස නැති අයටත් කෑම හදන්න ආස හිතෙන්න අපි බොහොම පොඩි කෑම වට්ටෝරු ටිකක් අරන් ආවා. ප්‍රධාන අමුද්‍රව්‍ය 3ක් පමණක් යොදාගෙන හදන්න පුළුවන් මේ දේවල් ඔයාලත් අත්හදා බලන්න. මේ දේවල් හදන්න ඔයාලට ඕන කුකින් චොක්ලට්, ක්‍රීම් චීස්, විපින් ක්‍රීම් වගේම බටර් වගේ දේවලුත් ගෙදරදීම හදාගන්න හැටි දැන ගන්න ආසයි නම් දිගටම මතක ඇතුව අනිවා බලන්න. 1. ෆ්ලැට් බ්‍රෙඩ් Source – wikipedia.org හදිසියේ බඩගින්නක් ආව වෙලාවකට කන්න කියාපු කෑමක් මේ. ඉක්මණින් හදාගන්න වගේම මේකට ඕන ද්‍රව්‍ය ටිකත් හුඟක් වෙලාවට ගෙදරම තියෙනවා. නැතත් හොයාගන්න අපහසු නෑ. අවශ්‍ය ද්‍රව්‍ය යෝගට් 125g බේකින් පව්ඩර් මේස හැඳි 1 1/2 පාන් පිටි කප් 1 1/2 පියවර මේ සියල්ල එකට අනාගෙන පොඩි බෝලයක් හදල විනාඩි 10ක් පිරිසිදු තෙත රෙද්දකින් හෝ ලන්ච් ශීට් එකකින් වහල තියන්න. පස්සෙ කොටස් 4කට කඩලා රොටියක් විදියට තුනී කරගෙන රත්වෙච්ච තැටියක දාල පුළුස්ස ගන්න. ඕනම කරියක් එක්ක වගේම හදිසි බඩගින්නට බටර් ටිකක් ගාගෙන උනත් කන්න පුළුවන්. 2. ග්ලේස්ඩ් චිකන් Source – hamiltonbeach.com මේ විදියට හදන චිකන් එක ඉතාම රසවත්. උයන්න දන්නෙම නැති කෙනෙක්ට උනත් මේක හදන්න පුලුවන්. ඔන්න බිරිඳව පුදුමයට පත් කරන්න සැමියන්ට හොඳ අවස්ථාවක්. කලින් කියපු ෆ්ලැට් බ්‍රෙඩ් එක්ක ග්ලේස්ඩ් චිකන් එක හොඳ රාත්‍රී ආහාර වේලක්. අවශ්‍ය ද්‍රව්‍ය ඇපල් යුශ කප් 2 චිකන් කෑලි 4 ( කුකුලු මස් කකුල් වඩා හොඳයි ) ගම්මිරිස් සහ ලුණු පියවර භාජනයකට ඇපල් යුශ ටික දාගෙන එය රත් වෙන්න ලිපෙන් තියන්න. මස් වලට ලුණු ගම්මිරිස් අතගාගෙන ඒ ටික ඇපල් යුශ එකටම දමන්න. ඉතාම අඩු ගින්දරේ මස් ටික විනාඩි 15ක් පමණ තැම්බෙන්න හරින්න. විටින් විට හැඳි ගාමින් මස් කෑලි ටික පෙරලන්නත් අමතක කරන්න එපා. ඇපල් යුශ ටික හිඳුනාට පස්සෙ ලිප නිවාගන්න. 3. Short Bread බටර් කුකීස් Source – wikimedia.org පොඩ්ඩො ලොක්කො ඔක්කොම ආසාවෙන් කන බටර් කුකීස් හදමුද තේ වෙලාවට? වැඩි දෙයක් ඕන නෑ. මෙහෙමයි හදන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය කුඩු කරගත් සීනි කප් 1\2 බටර් ග්‍රෑම් 225 පිටි කප් 2 පියවර සෙල්සියස් 350ට උඳුන රත් වෙන්න තියන්න. ඒ අතරේ සීනි ටිකයි බටර් ටිකයි ක්‍රීම් එකක් වෙනකම් හොඳින් මිශ්‍ර කරගන්න. (බීටරයක් හෝ බ්ලෙන්ඩරයක් පාවිච්චි කරන්න පුළුවන්) ඒකට පිටි ටික ටික කලවම් කරගෙන මෘදු පිටි බෝලයක් වෙනකම් හොඳින් අනාගන්න. පිටි තවරගත්ත ලෑල්ලක් මත අඟල් 1\4ක ඝනකමට තුනී කරන් කැමති හැඩයකට කපාගන්න. තැටියට තෙල් කඩදාසියක් දාගෙන ඒ උඩින් හදාගත්ත කුකීස් ටික තියන් විනාඩි 20ක් 25ක් බේක් කරගන්න. උඳුන් වල රස්නය වෙනස් වෙන්න පුළුවන් නිසා රන්වන් පාට වෙන කොටම මතක ඇතුව උඳුනෙන් ඉවත් කරන්න. 4. ජැපනීස් කොට්න් කේක් Source – cosmopolitan.com පිටි නැතුව කේක් හදන්න පුළුවන්ද? ඔව් පුළුවන්. පුදුම උනා නේද? අමුද්‍රව්‍ය තුනක් විතරක් පාවිච්චි කරල ඉතාම රසවත් කේක් එකක් හදන්නෙ මෙහෙමයි. අවශ්‍ය ද්‍රව්‍ය බිත්තර 6 කපාගත් සුදු චොකලට් කප් 1 1\2 ක්‍රීම් චීස් කප් 1 1\4 (හැපී කව් ක්‍රීම් චීස් ගන්න පුළුවන්) පියවර බිත්තර සුදු මද කහ මද වෙන් කරගන්න. උණු වතුර භාජනයක් මත තබා ගත්ත බෝල් එකකට චොක්ලට් ටික දාලා චොක්ලට් ටික දිය කරගන්න (Double boil) එයටම ක්‍රීම් චීස් ටික එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. නිවෙන්නට හැර බිත්තර කහ මද එක් කර නැවත මිශ්‍ර කරගන්න. බිත්තර සුදු මද ටික පෙන නැගී හිම මෙන් වනතුරු හොඳින් බීට් කරගන්න. චොකලට් මිශ්‍රණයට බිත්තර සුදු මද මිශ්‍රණය ටික ටික හෙමින් හැන්දකින් පෙරලමින් මිශ්‍ර කරගන්න. හොඳින් බටර් ගා තෙල් කඩදාසි අතුරාගත් අඟල් 8ක විශ්කම්බය ඇති රවුම් තැටියකට මෙම මිශ්‍රණය දමාගන්න. වෙනත් තැටියකට උණුවතුර දමාගෙන එය මත කේක් තැටිය තබා සෙල්සියස් 180ට කලින් රත්කරගත් උඳුනක තබා විනාඩි 40ක් 45ක් බේක් කරගන්න. උඳුන නිවා දැමූ පසු තවත් විනාඩි 15ක් උදුනේම තියෙන්නට හැර එලියට අරගන්න. 5. චොකලට් අයිස් ක්‍රීම් Source – almostsupermom.com අයිස් ක්‍රීම් වලට කවුද ආස නැත්තෙ. චොකලට් අයිස් ක්‍රීම් එකක් ගෙදරම හදා ගමුද? මෙන්න ඕන කරන දේවල් අවශ්‍ය ද්‍රව්‍ය මිල්ක්මේඩ් කප් 1 විපින් ක්‍රීම් කප් 2 චොකලට් සෝස් කප් 1\2 පියවර මුලින්ම විපින් ක්‍රීම් ටික හොඳින් ඝන වන තුරු බීට් කරගන්න. ඒකට මිල්ක්මේඩ් සහ චොකලට් සෝස් ටික කලවම් කරගන්න. අවම වශයෙන් පැය 4ක් අධි ශීතකරණයේ තබා ගන්න. එච්චරයි. කැමතිනම් හැමදාම කන පාන්වලට හෝ බත්වලට වෙනසක් කර පිළියෙළ කල හැකි කෑම හදන අයුරුද බියර් කෑම වට්ටෝරුවට එකතු කරන කෑම 5ක් ගැනද අනිවා කියවා බලන්න. කැමතිද? අකමැතිද? 0 MaduNew MemberPosts:57 03 Mar 2016 01:52 AM Godak wedagath podi dewal tikakin me wage kama hadaganna puluwan kiyanne 0 sha733Super Senior MemberPosts:7332 06 Mar 2016 02:16 AM මේක කවුරැත් දැකල නැද්ද වටිනා ලිපියක්නේ කෑලි තුනයි කෑම එකයි ලේසියි පහසුයි 0 hasithadSuper Senior MemberPosts:5795 10 Mar 2016 06:27 AM මේ වගේ දේවල් තව දාන්න.ගොඩක් වටිනවා.පිටින් අරන් ජරාව කන වෙලාවෙ ගෙදරම හදා ගන්නවා. 0 RosiSuper Senior MemberPosts:5335 10 Mar 2016 05:15 PM හරිම ලේසි නේ ..මාත් මේක දැක්කේ දැන් ..ස්තුති අයියා 0 You are not authorized to post a reply. Page 2 of 4 << < 1234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes