Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Jun 2017 11:40 AM by Rosi පාට හතයි රස හතයි හත් මාළුව හදන්නේ මෙහෙමයි... 130 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 712345 > >> Author Messages samanthaMost Senior MemberPosts:13190 29 Sep 2016 12:27 AM තේ එක ඇල්වතුර වගේද? රසවත්ම තේකක් හදන කලාව දැනගන්න රසට තේ එකක් හදාගන්න දන්නවද? හිනා ගියාද? විහිළුවක් නෙවෙයි, තේ එකක් හදාගන්න ඕන කෙනෙක්ට පුළුවන් කියල හිතුවට කීයෙන් කී දෙනාටද නියම පදමට තේ එකක් හදාගන්න පුළුවන්. ආගන්තුක සත්කාරයෙන් ඉහල තැනක් ගන්න අපේ රටේ කොයි ගෙදරට කොයි වෙලාවක ගියත් තේ එකක් බොමුද කියල අහන එක සිරිතක්. එහෙම ලැබෙන තේ වල එක එක විදි තියෙනව. පිටි වැඩි කහට අඩු තේ, පිටියි කහටයි දෙකම වැඩි තේ, කටේ ඇලෙන තරම් සීනි වැඩි තේ, එහෙමත් නැත්නම් තේ බිව්වට වඩා වතුර එකක් බිව්ව නම් රසයි කියල හිතෙන තේ. කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් තේ එකක් හරි පදමට හදාගන්න දැනන් ඉන්නම ඕනෙ. හැබැයි ඉතින් අත පය දිග ඇරල පිටි සීනි වැඩියෙන් දාගත්තට තේ එකක් රස වෙන්නෙ නෑ. ලෝබකමට ගිහිල්ලත් තේ එකක නියම රස ගන්න බැහැ. අනිවා අපේ මේ උත්සහය දිව පිනවන සිත පිනවන වෙහෙස නිවන රසවත් තේ එකක් හදාගන්න හැටි කියල දෙන්න. හරි ගාණට තේ එකක් හදාගන්න දැනගත්තට පස්සෙ ඒකට එක එක රස දාගන්න හැටිත් අන්තිමටම තියෙනව. ඔයා හදන තේ එක කොහොමත් රසයි නම් ඒ රස තව වැඩි කරගන්න ඒ ටිකත් කියවලම බලන්න. 1. තේ වර්ග ගැන දැනන් ඉන්න Source – freysmiles.com තේ කොළ වල මෝරපුකම, ඒවා වියලන ක්‍රමය සහ කාලය, සම්පූර්ණ තේ කොළය සහ කැඩුණු තේ කොළ වගෙ විවිධ මිනුම් දඬු වලින් තේ කොළ වර්ග කෙරෙනව. ලංකාවේ අපිට හුඟක් වෙලාවට ගන්න තියෙන්නෙ BOP වර්ගයේ කැඩුණු තේ කොළ. මේ තේ කොළ වර්ගය අනුව තේ එකක් හදාගන්න කොට පාවිච්චි කරන වතුරේ උශ්ණත්වය සහ තේ කොළ තම්බගන්න ඕන කාලය වෙනස් වෙනව. අපි අද මේ කියන්නෙ සාමාන්‍ය BOP සිලෝන් තේ කොළ වලින් තේ එකක් හදාගන්න හැටි. 2. වතුර රස්නෙන් Source – rooshv.com වතුර උතුරන්න තියන්න. වතුර ටික උතුරන්න කලින් තේ හදාගන්න කෝප්පයි ඔයා තේ බොන මග් එකයිත් හෝදල ළඟින් තියාගන්න. මොකද වතුරෙ රස්නය පොඩ්ඩක්වත් අඩු වෙන්න කලින් වතුර ටික තේ කොල වලට දාගන්න එක අනිවා වැදගත්ම පොයින්ට් එකක්. 3. තේ කෝප්පයක් හොඳේ Source – taiwanoolongs.com තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕනෙ. මග් එකට අල්ලන ප්‍රමාණෙ අනුව වෙනස් කරගන්න පුළුවන්. 4. අවශ්‍ය ද්‍රව්‍ය Source – suppversity.blogspot.com, binarazan.com, philly.com කිරි පිටි පුරවල තේ හැඳි 2 තේ කොල තේ හැඳි 1 සීනි තේ හැඳි 2 (පැණිම පැණි රසට තේ බොනව නම් ඕක වැඩි කරගන්න. අඩුවෙන් සීනි බොන කෙනෙක් නම් අඩු කරගන්න. මේ තමා නියම ගාණ.) 5. මෙහෙමයි හදන්නෙ Source – youtube.com තේ කොල ටික දාගත්තු කෝප්පෙට වතුර 200ක් උතුරපු ගමන්ම දාගන්න. ඒ කියන්නෙ ලිප නිවපු ගමන්ම. තේ කොළ වල නියම රස සහ කහට ගන්න නම් සෙල්සියස් 95ට රත් වෙච්ච වතුර වලින් තැම්බෙන්න ඕනෙ. දැන් ඒක විනාඩි 5ක් වහල තියන්න. ඒ අතරතුර වෙනම කෝප්පෙක පිටි ටිකයි සීනි ටිකයි හොඳට මික්ස් කරගන්න. දැන් අර තැම්බෙන්න තිබ්බ කහට වලින් ටිකක් පිටි එකට දාගෙන ක්‍රීම් එකක් වෙනකම් හොඳට හැන්දෙන් කලවම් කරගෙන ඉතුරු කහට ටිකත් දාල තේ බොන්න ගන්න කෝප්පෙට පෙරාගන්න. ඔන්න තේ එක හදල ඉවරයි. හැබැයි මතක තියාගන්න මේ සේරටම විනාඩි 6ක 7කට වඩා කාලයක් ගත නොකරන්න. නැත්නම් එහෙට මෙහෙට වෙවී තේ හදන්න ගිහින් අන්තිමට බොන්න වෙන්නෙ ඇල් වෙච්ච තේ එකක්. 4. තව වෙනසක් කරමුද? Source – tearoad.ru මසාල ටී / මසාල චායි අල්ලපු රටේ බොහොම ජනප්‍රියයි. දැන් දැන් මෙහෙ කට්ටියත් මේකට වහ වැටිල. ඔන්න නොදන්න කෙනෙක්ට හදන හැටි කියල දෙන්නම්. එක එක්කෙනා එක එක ක්‍රමේට හදන මසාලා චායි ලේසියෙන්ම මෙහෙම හදාගන්න. මේ එක තේ කොප්පෙකට ඕන ප්‍රමාණය. තේ හදන වතුර ටික රත් වෙන්න තියන්න කලින් මේ ටික දාගන්න. කරදමුංගු ඇට 1 කරාබු නැටි 2 කුරුඳු අඟලක් තලාගත් ඉඟුරු පෙත්තක් ගම්මිරිස් ඇට 3ක් ස්ටාර් අනීස් බාගයක් (තියෙනවනම් විතරක්) මේ දේවල් දාගෙන වතුර ඉතිරුවට පස්සෙ කලින් වගේම තේ එක හදාගන්න. මයිලෝ තේකක් රසම රස මයිලෝ තේ එකක් හදාගන්න නම් අර පිටි මික්ස් එකටම මයිලෝ පුරෝපු තේ හැඳි 2ක් දාගන්න. ඒකටම කුරුඳු කුඩු එහෙමත් නැත්නම් කෝපි (නෙස්කැෆේ නම් වඩා හොඳයි) පොඩ්ඩකුත් එකතු කරගත්ත නම් වෙනස්ම රසක් ගන්නත් පුළුවන්. ප්ලේන් ටී විතරද ඉඟුරු දාල රස? ඉඟුරු දාල ප්ලේන් ටී බිව්වට කිරි තේ බීල නෑ නේද? කිරි තේ එකක් හදාගෙන ඒකට ඉඟුරු පෙත්තක් දාල බීල බලන්න. හැමදාම බොන කිරි රසට ඉඟුරු රස එකතු උනාම එන්නෙ වෙනස්ම නැවුම් රසයක්. සයිවර් කඩේ එළකිරි තේ පිටි කිරි වලට වැඩිය එළකිරි දාල හදන තේ එකක් රස වැඩියි. සයිවර් කඩේ කිරි තේ එකට කට්ටිය වැඩියෙන් මනාපයක් දක්වන්නෙ ඒකනෙ. එළකිරි දාල තේ හදනවනම් කෝප්පෙන් 3\4ක් කහට දාල ඉතුරු 1\4කට උණු කරගත්ත කිරි එකතු කරගන්න. හැබැයි වතුර මික්ස් වෙච්ච එළකිරි නැතුව හොඳ එළකිරි එකතු කරනව නම් තමා මේ ප්‍රමාණය. ඇයි මිල්ක්මේඩ් තේ? එළකිරි නැත්නම් මෙන්න නියම රසක් ගන්න පුළුවන් තේ එක. සීනි ඕනෙත් නෑනෙ. කහට තේ කෝප්පෙකට මිල්ක් මේඩ් මේස හැඳි 1 1\2ක් එකතු කරගන්න. තායි ටී එකක් බොමුද? මේක අපේ වගේ රස්නෙ රටකට කියාපු තේ එකක්. කූල් කරල බොන හින්ද දවාලකට උනත් කෙනෙක්ට පිළිගන්වන්න පුළුවන්. තේ කොළ තේ හැන්දකට උණු වතුර කෝප්පයක් දාල විනාඩි 5ක් වහල තියන්න. ඒකටම සීනි තේ හැඳි 2කුත් එකතු කරන්න. නිව්නට පස්සෙ ෆ්‍රිජ් එකට දාන්න අවශ්‍ය වෙලාවට ගන්නකම්. පිළිගන්වන කොට වීදුරුවකට අයිස් කැට පුරව ගන්න වීදුරුවෙන් 1\4ක්. ඒකට උඩින් අර කලින් හදාගත්තු කහට එකතු කරන්න වීදුරුවෙන් 3\4ක් පිරෙනකම්. ඒකට උඩින් මිල්ක් මේඩ් මේස හැන්දකුයි උකුවට හදාගත්තු පිටිකිරියි එකතු කරගන්න වීදුරුව පිරෙනකම්. Cocktail stirrer එකක් එකක් හරි දිග හැන්දක් එක්ක හරි පිළිගන්වන්න බොන කෙනාටම මික්ස් කරගන්න පුළුවන් විදියට. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 29 Sep 2016 12:40 AM තරු පහේ හෝටලේකට ගිහින් හැඳි ගෑරප්පු වරද්දගන්නෙ නැතුව කෑම කන්න මෙන්න මේ සිරිත් දැනගන්න බොහෝ දෙනෙක් සිතන්නේ තරු පහේ හෝටලයකට ගිය විට හැඳි ගෑරප්පු බාවිතය සේම ඉංග්‍රීසියෙන් කතා කිරීම අනිවාර්ය දෙයක් ලෙසටයි. මේ නිසාම බොහෝ දෙනෙක් අපහසුවෙන් පසු වෙනවා. එහෙත් තරු පහේ හෝටලයක ඔබ සිංහලෙන් ඔබේ අවශ්‍යතාවය පවසා සේවය ලබාගත හැකියි. ඒ වගේම අතින් ආහාර ගැනීමටද හැකියි. එයට පසුබට වෙන්න අවශ්‍ය නැහැ. තරු පහේ හෝටලේක කෑම මේසයක් පිළිවෙල කරන ක්‍රමයක් තියෙනව. ඒ ඒ දේට අදාල හැඳි ගෑරප්පු විතරක් නෙවෙයි වීදුරු පවා වෙනස්. ඉතින් මේ දේවල් හරි විදියට පාවිච්චි කරන්න දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයිනෙ. හැඳි ගෑරප්පු භාවිතය විතරක් නෙවෙයි අතින් කෑම ගන්න කොට පවා අනුගමනය කරන්න ඕන සිරිත් විරිත් තියෙනව. ඒ දේවල් ගැනත් අපි දැනුවත් වෙමු. මේසය මත ඇති දේ හඳුනා ගැනීම Source – sdsu.edu බෝජන සංග්‍රහයකදී අනුගමනය කල යුතු සිරිත් විරිත් ගැන කතා කිරීමට පෙර මුලින්ම අපි හැඳි, ගෑරප්පු සහ පිහි හඳුනාගමු. ඔබ මේසයට වාඩි වූ පසු ඔබේ වම් පසින් තියෙන්නෙ ගෑරප්පු 2ක්. එළිය පැත්තේ සිට පිඟාන දෙසට පිළිවෙලින් සැලඩ් සඳහා බාවිතා කරන ගෑරප්පුව සහ ප්‍රධාන ආහාර වේල සඳහා බාවිතා කරන ගෑරප්පුව වශයෙන්. වම් පස ඉදිරියෙන් බටර් පිහියක් සහ සුප් පිළිගැන්වීමේදී දෙනු ලබන පාන් සහ බනිස් වර්ග තබා ගැනීමට කුඩා පිඟානක් තබා තිබෙනව. පිඟානට ඉදිරියෙන් ඇත්තේ අතුරුපස සඳහා භාවිතා කරන හැන්ද සහ ගෑරප්පුවයි. අතුරුපස පිලිගැන්වූ පසු ගෑරප්පුව වම් අතටත් හැන්ද දකුණු අතටත් ලෙස ගත යුතුයි. ඔබේ දකුණු පසින් ඇත්තේ එළිය පැත්තේ සිට පිඟාන දෙසට පිළිවෙලින් සුප් සඳහා බාවිතා කරන හැන්ද, ප්‍රධාන ආහාර වේල සඳහා බාවිතා කරන හැන්ද සහ ප්‍රධාන ආහාර වේල සඳහා බාවිතා කරන පිහියයි. තේ හෝ කෝපි පානය සඳහා පීරිසිය සහ කෝප්පයද දකුණු පසින් ඇති අතර එයට ඉදිරියෙන් ඇත්තේ වීදුරු වර්ග 4ක්. මහත බඳ සහිත තරමක් ලොකු වීදුරුව වතුර සඳහාද, සිහින් උස වීදුරුව ශැම්පේන් සඳහාද, සිහින් දිගු අන්ඩක් සහිත තරමක් කට කුඩා වීදුරුව සුදු වයින් සඳහාද, කොට මහත කට පළල් වීදුරුව රතු වයින් සඳහාද ලෙස වෙන් වෙනවා. අනුගමනය කල යුතු සිරිත් විරිත් 1. වාඩි වූ විගස Source – protocolo.org ඔබ භෝජන සංග්‍රහය සඳහා වාඩි වූ විගස අත්පිස්නාව ගෙන ඔබේ කකුල් මත දිගහැරගන්න. ඔබ මේසයෙන් නැගිට යන්නේ නම් අත්පිස්නාව පුටුව උඩින් තබා නැගිටින්න. 2. ආහාර ගන්නා අතර තුර Source – etsy.com ඔබ අතින් කෑම බිම වැටුනහොත් එය එසේ තියෙන්නට හරින්න. ඒ වගෙම ඔබ අතින් හැඳි, ගෑරප්පු බිමට වැටුනහොත් එය කෙනෙකුට අවහිරයක් නොවෙන අයුරින් නම් ඇත්තේ එය තියෙන්නට හරින්න. වෙනත් හැන්දක් හෝ ගෑරප්පුවක් ඉල්ලා ගන්න. කවුරුන් හෝ ඔබෙන් ලුණු හෝ ගම්මිරිස් කුඩු සහිත කුඩා බාජන අවශ්‍ය බව පැවසුවොත් ඒ දෙකම එකට ලබාදෙන්න. එයින් එකක් පමණක් දීමෙන් වලකින්න. එමෙන්ම ආහාර රස බැලීමට පෙර ලුණු හෝ ගම්මිරිස් ඉස ගැනීම නොකරන්න. ආහාර ගන්නා අතර තුර මේසය මත වැලමිට තබා සිටීමෙන් වලකින්න. ඔබ ආහාර නොගෙන කතාබහක නිරත වනවා නම් පමණක් වැලමිට තබා ගන්න නැතහොත් දෑත් උකුල මත තබා ගන්න. ආහාර ගන්නා අතර තුර කතා බහේ දී ඔබේ මැණික් කටුව මේසයේ කෙලවරට සිටින ලෙස තබා ගන්න. ආහාර ගන්න අතර තුර විරාමයකදී ඔබේ හැඳි ගෑරප්පු වල හිස පෙදෙස එකිනෙකට ලං වන සේ V අකුරක හැඩයට පිඟාන මත තබන්න. ඔබ ආහාර ගෙන අවසන් නැති බව එයින් ඇඟේවි. 3. වයින් වීදුරු අල්ල ගැනීම Source – fanpop.com සුදු වයින් වර්ග සාමාන්යෙන් පිළිගන්වන්නේ ශීත කර බැවින් එය බීමට ගන්නා විට වීදුරුවේ සිහින් දිග අන්ඩෙන් අල්ලා පානය කරන්න. පෙර පැවති සිරිත අනුව රතු වයින් වීදුරුව අල්ලන්නේ එහෙ බඳ කොටසින් වුවත්, වයින් වල උශ්නත්වය වෙනස් විය හැකි නිසා නව ක්‍රමය අනුව එයද වීදුරුවේ දිගු අන්ඩෙන් අල්ලා පානය කරන්න. ඔබට වයින් හෝ පිළිගන්වනු ලබන යම් දෙයක් අවශ්‍ය නැති නම් පිළිගන්වන අවස්ථාවේ කාරුණිකව ඒ බව පවසන්න. 4. සුප් පානය Source – tripadvisor.ie, rakuten.com සුප් පානයේ දී පිළිගන්වන පාන් හෝ බනිස් වල බටර් තවරා එය කුඩා කොටස් වලට අතින් කඩා කෑමට ගන්න. සුප් පානය කිරීමේදී හැන්දෙන් ඔබේ පැත්තට සුප් පුරවා නොගෙන ඔරලෝසුවේ 12 අංකය ඇති පැත්තට පුරවා ගන්න. එසේම ඔබේ සුප් කෝප්පයේ ඇති අවසාන සුප් ටික ගැනීමේදී සුප් කෝප්පය ඔබේ පැත්තට නොව ඔබෙන් ඉවතට ඇල කරන්න. හැන්දෙන් 3/4ක් පුරවා සුප් ගැනීමෙන් ඉහිරී යාම වලක්වා ගත හැකියි. එසේම සුප් එකේ උණුසුම වැඩි නම් එය කෝප්පයේම නිවෙන්නට හරින්න. පිඹීමෙන් නිවන්න එපා. සුප් පානය කර අවසන් වූ පසු හැන්ද කෝප්පය තුලම ඔරලෝසුවේ අංක 4 දෙසට මිට සිටින ලෙස තබන්න. 5. අතින් ආහාර ගැනීම Source – chibichi.com ඔබ අතින් ආහාර ගන්නේ නම් අත සෝදා ගැනීමට වතුර බෝල් එකක් අවශ්‍ය බව පවසන්න. (ෆින්ගර් බෝල්) එයට ඇඟිලි පමනක් දමා සෝදාගන්න. එක වරකට එක් අතක් පමනක් දමන්න. එහි දෙහි හෝ ලෙමන් පෙත්තක් ඇත්නම් එය මිරිකන්න එපා. සෝදා ගත් අත උකුල මත ඇති අත්පිස්නාව මත තබා වතුර තෙතමාත්තු කරන්න. අත්පිස්නාව මේසය මතට ගැනීමෙන් වලකින්න. ආහාර ගෙන අවසන් වූ පසුද මේ ක්‍රමය අනුගමනය කරන්න. 6. අවසන් කිරීම Source – wikihow.com ආහාර ගෙන අවසාන නම් හැඳි ගෑරප්පු දෙකම මිට පැත්ත ඔරලෝසුවේ 4 ඉලක්කම දෙසටත් හිස පැත්ත ඔරලෝසුවේ 10 ඉලක්කම දෙසටත් වන ලෙස පිඟානේ දකුණු පස එක ලඟින් තබන්න ඔබ ආහාර ගෙන අවසන් බව එයින් ඇඟවේවි. අත්පිස්නාවෙන් ඔබේ මුව වට තෙතමාත්තු කරන්න. අතුල්ලා පිස දැමීම නොකරන්න. නැගිටීමට පෙර අත්පිස්නාව පිඟානේ වම් පසින් සාමාන්‍ය ලෙස නවා තබන්න. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DushanVeteran MemberPosts:2536 29 Sep 2016 01:01 AM මේ ටික නම් බොහොම වැදගත් කරුණු ටිකක් ස්තුති අයියේ 0 gaminiVeteran MemberPosts:4475 29 Sep 2016 03:39 AM ඉතාමත් පලදායි ලිපියක් .......සමන්ත ගෙනාවොත් ඉතින් ගෙන්නෙ අපිට හරබර ලිපිනෙ ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 29 Sep 2016 04:17 AM ගොඩක් වැදගත් ලිපියක් තමා අයියේ 0 Ind007kaMost Senior MemberPosts:12931 29 Sep 2016 04:18 AM මට නම් මෙවා සැහෙන්න වටිනවා ..යන්නෙම තරු පහෙ ඒවටනෙ අනේ ......කොහොම හරි ඉගෙන ගන්න ඔන්බෙ වැදගත් විදියට කන්න First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sha733Super Senior MemberPosts:7332 29 Sep 2016 06:19 AM ත්‍රෙඩ් එකේ නමත් වෙනස් කලානම් හොදයි 0 hasithadSuper Senior MemberPosts:5795 29 Sep 2016 10:22 AM ඕවට නොයන හින්දා මට නම් අවුලක් නැ. යන අයට වැදගත්. 0 PoddiVeteran MemberPosts:2100 29 Sep 2016 07:12 PM රසම රස තේ එකක් හදාගෙන බීලා හැදි ගෑරැප්පු අරන් හබුන් ටිකකුත් කෑව ඔන්න මමත් ස්තුතියි සමන්ත මාමේ... මම දැන් ගමිමිරිස්. කුරැදු දාලා තේකක් හදන්න යනෝ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 maduranga001Most Senior MemberPosts:14118 29 Sep 2016 08:49 PM ඉතා වැදගත් කරුණු ටිකක්. අපි හැමෝටම වැදගත්. වැඩේ කියන්නෙ මේ ටික පුරුදු වෙන්නත් ඉතිං තරු පහෙන්ම කන්න යන්න එපැයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 29 Sep 2016 09:18 PM Posted By samantha on 29 Sep 2016 12:40 AM තරු පහේ හෝටලේකට ගිහින් හැඳි ගෑරප්පු වරද්දගන්නෙ නැතුව කෑම කන්න මෙන්න මේ සිරිත් දැනගන්න බොහෝ දෙනෙක් සිතන්නේ තරු පහේ හෝටලයකට ගිය විට හැඳි ගෑරප්පු බාවිතය සේම ඉංග්‍රීසියෙන් කතා කිරීම අනිවාර්ය දෙයක් ලෙසටයි. මේ නිසාම බොහෝ දෙනෙක් අපහසුවෙන් පසු වෙනවා. එහෙත් තරු පහේ හෝටලයක ඔබ සිංහලෙන් ඔබේ අවශ්‍යතාවය පවසා සේවය ලබාගත හැකියි. ඒ වගේම අතින් ආහාර ගැනීමටද හැකියි. එයට පසුබට වෙන්න අවශ්‍ය නැහැ. තරු පහේ හෝටලේක කෑම මේසයක් පිළිවෙල කරන ක්‍රමයක් තියෙනව. ඒ ඒ දේට අදාල හැඳි ගෑරප්පු විතරක් නෙවෙයි වීදුරු පවා වෙනස්. ඉතින් මේ දේවල් හරි විදියට පාවිච්චි කරන්න දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයිනෙ. හැඳි ගෑරප්පු භාවිතය විතරක් නෙවෙයි අතින් කෑම ගන්න කොට පවා අනුගමනය කරන්න ඕන සිරිත් විරිත් තියෙනව. ඒ දේවල් ගැනත් අපි දැනුවත් වෙමු. මේසය මත ඇති දේ හඳුනා ගැනීම Source – sdsu.edu බෝජන සංග්‍රහයකදී අනුගමනය කල යුතු සිරිත් විරිත් ගැන කතා කිරීමට පෙර මුලින්ම අපි හැඳි, ගෑරප්පු සහ පිහි හඳුනාගමු. ඔබ මේසයට වාඩි වූ පසු ඔබේ වම් පසින් තියෙන්නෙ ගෑරප්පු 2ක්. එළිය පැත්තේ සිට පිඟාන දෙසට පිළිවෙලින් සැලඩ් සඳහා බාවිතා කරන ගෑරප්පුව සහ ප්‍රධාන ආහාර වේල සඳහා බාවිතා කරන ගෑරප්පුව වශයෙන්. වම් පස ඉදිරියෙන් බටර් පිහියක් සහ සුප් පිළිගැන්වීමේදී දෙනු ලබන පාන් සහ බනිස් වර්ග තබා ගැනීමට කුඩා පිඟානක් තබා තිබෙනව. පිඟානට ඉදිරියෙන් ඇත්තේ අතුරුපස සඳහා භාවිතා කරන හැන්ද සහ ගෑරප්පුවයි. අතුරුපස පිලිගැන්වූ පසු ගෑරප්පුව වම් අතටත් හැන්ද දකුණු අතටත් ලෙස ගත යුතුයි. ඔබේ දකුණු පසින් ඇත්තේ එළිය පැත්තේ සිට පිඟාන දෙසට පිළිවෙලින් සුප් සඳහා බාවිතා කරන හැන්ද, ප්‍රධාන ආහාර වේල සඳහා බාවිතා කරන හැන්ද සහ ප්‍රධාන ආහාර වේල සඳහා බාවිතා කරන පිහියයි. තේ හෝ කෝපි පානය සඳහා පීරිසිය සහ කෝප්පයද දකුණු පසින් ඇති අතර එයට ඉදිරියෙන් ඇත්තේ වීදුරු වර්ග 4ක්. මහත බඳ සහිත තරමක් ලොකු වීදුරුව වතුර සඳහාද, සිහින් උස වීදුරුව ශැම්පේන් සඳහාද, සිහින් දිගු අන්ඩක් සහිත තරමක් කට කුඩා වීදුරුව සුදු වයින් සඳහාද, කොට මහත කට පළල් වීදුරුව රතු වයින් සඳහාද ලෙස වෙන් වෙනවා. අනුගමනය කල යුතු සිරිත් විරිත් 1. වාඩි වූ විගස Source – protocolo.org ඔබ භෝජන සංග්‍රහය සඳහා වාඩි වූ විගස අත්පිස්නාව ගෙන ඔබේ කකුල් මත දිගහැරගන්න. ඔබ මේසයෙන් නැගිට යන්නේ නම් අත්පිස්නාව පුටුව උඩින් තබා නැගිටින්න. 2. ආහාර ගන්නා අතර තුර Source – etsy.com ඔබ අතින් කෑම බිම වැටුනහොත් එය එසේ තියෙන්නට හරින්න. ඒ වගෙම ඔබ අතින් හැඳි, ගෑරප්පු බිමට වැටුනහොත් එය කෙනෙකුට අවහිරයක් නොවෙන අයුරින් නම් ඇත්තේ එය තියෙන්නට හරින්න. වෙනත් හැන්දක් හෝ ගෑරප්පුවක් ඉල්ලා ගන්න. කවුරුන් හෝ ඔබෙන් ලුණු හෝ ගම්මිරිස් කුඩු සහිත කුඩා බාජන අවශ්‍ය බව පැවසුවොත් ඒ දෙකම එකට ලබාදෙන්න. එයින් එකක් පමණක් දීමෙන් වලකින්න. එමෙන්ම ආහාර රස බැලීමට පෙර ලුණු හෝ ගම්මිරිස් ඉස ගැනීම නොකරන්න. ආහාර ගන්නා අතර තුර මේසය මත වැලමිට තබා සිටීමෙන් වලකින්න. ඔබ ආහාර නොගෙන කතාබහක නිරත වනවා නම් පමණක් වැලමිට තබා ගන්න නැතහොත් දෑත් උකුල මත තබා ගන්න. ආහාර ගන්නා අතර තුර කතා බහේ දී ඔබේ මැණික් කටුව මේසයේ කෙලවරට සිටින ලෙස තබා ගන්න. ආහාර ගන්න අතර තුර විරාමයකදී ඔබේ හැඳි ගෑරප්පු වල හිස පෙදෙස එකිනෙකට ලං වන සේ V අකුරක හැඩයට පිඟාන මත තබන්න. ඔබ ආහාර ගෙන අවසන් නැති බව එයින් ඇඟේවි. 3. වයින් වීදුරු අල්ල ගැනීම Source – fanpop.com සුදු වයින් වර්ග සාමාන්යෙන් පිළිගන්වන්නේ ශීත කර බැවින් එය බීමට ගන්නා විට වීදුරුවේ සිහින් දිග අන්ඩෙන් අල්ලා පානය කරන්න. පෙර පැවති සිරිත අනුව රතු වයින් වීදුරුව අල්ලන්නේ එහෙ බඳ කොටසින් වුවත්, වයින් වල උශ්නත්වය වෙනස් විය හැකි නිසා නව ක්‍රමය අනුව එයද වීදුරුවේ දිගු අන්ඩෙන් අල්ලා පානය කරන්න. ඔබට වයින් හෝ පිළිගන්වනු ලබන යම් දෙයක් අවශ්‍ය නැති නම් පිළිගන්වන අවස්ථාවේ කාරුණිකව ඒ බව පවසන්න. 4. සුප් පානය Source – tripadvisor.ie, rakuten.com සුප් පානයේ දී පිළිගන්වන පාන් හෝ බනිස් වල බටර් තවරා එය කුඩා කොටස් වලට අතින් කඩා කෑමට ගන්න. සුප් පානය කිරීමේදී හැන්දෙන් ඔබේ පැත්තට සුප් පුරවා නොගෙන ඔරලෝසුවේ 12 අංකය ඇති පැත්තට පුරවා ගන්න. එසේම ඔබේ සුප් කෝප්පයේ ඇති අවසාන සුප් ටික ගැනීමේදී සුප් කෝප්පය ඔබේ පැත්තට නොව ඔබෙන් ඉවතට ඇල කරන්න. හැන්දෙන් 3/4ක් පුරවා සුප් ගැනීමෙන් ඉහිරී යාම වලක්වා ගත හැකියි. එසේම සුප් එකේ උණුසුම වැඩි නම් එය කෝප්පයේම නිවෙන්නට හරින්න. පිඹීමෙන් නිවන්න එපා. සුප් පානය කර අවසන් වූ පසු හැන්ද කෝප්පය තුලම ඔරලෝසුවේ අංක 4 දෙසට මිට සිටින ලෙස තබන්න. 5. අතින් ආහාර ගැනීම Source – chibichi.com ඔබ අතින් ආහාර ගන්නේ නම් අත සෝදා ගැනීමට වතුර බෝල් එකක් අවශ්‍ය බව පවසන්න. (ෆින්ගර් බෝල්) එයට ඇඟිලි පමනක් දමා සෝදාගන්න. එක වරකට එක් අතක් පමනක් දමන්න. එහි දෙහි හෝ ලෙමන් පෙත්තක් ඇත්නම් එය මිරිකන්න එපා. සෝදා ගත් අත උකුල මත ඇති අත්පිස්නාව මත තබා වතුර තෙතමාත්තු කරන්න. අත්පිස්නාව මේසය මතට ගැනීමෙන් වලකින්න. ආහාර ගෙන අවසන් වූ පසුද මේ ක්‍රමය අනුගමනය කරන්න. 6. අවසන් කිරීම Source – wikihow.com ආහාර ගෙන අවසාන නම් හැඳි ගෑරප්පු දෙකම මිට පැත්ත ඔරලෝසුවේ 4 ඉලක්කම දෙසටත් හිස පැත්ත ඔරලෝසුවේ 10 ඉලක්කම දෙසටත් වන ලෙස පිඟානේ දකුණු පස එක ලඟින් තබන්න ඔබ ආහාර ගෙන අවසන් බව එයින් ඇඟවේවි. අත්පිස්නාවෙන් ඔබේ මුව වට තෙතමාත්තු කරන්න. අතුල්ලා පිස දැමීම නොකරන්න. නැගිටීමට පෙර අත්පිස්නාව පිඟානේ වම් පසින් සාමාන්‍ය ලෙස නවා තබන්න. මේක ඉතා වටිනා ලිපියක්.. නොදන්න කරුණු මෙන්ම අපි වැරදියට සිදුකරනු ලබන කරුණු රාශියක් ඉගෙන ගත්තා... ස්තූතියි අයියේ... 0 hasithadSuper Senior MemberPosts:5795 30 Sep 2016 08:59 AM මෙහෙ ඉතින් තරු පහේ තැන් නෑනෙ. තියෙන එකකින් හදිසියේ හරි කාලා ආවම පැයකින් දෙකකින් තරු පේනවා කොදු ඇටත් එක්ක යන්න ගත්තම. 0 sha733Super Senior MemberPosts:7332 30 Sep 2016 09:54 AM තරැ පහේ යන්නම ඕනෙ නැහැ අයියේ හැබැයි මේ සිරිත් ටික දැන ගත්තොත් නෑ ගෙදරක උනත් කරන්න පුලුවන් 0 RosiSuper Senior MemberPosts:5335 30 Sep 2016 12:57 PM හොදම හොද කරුණු කාරණා ටික ,,කාටත් උපකාරී වෙනවා .ස්තුති අයියේ . 0 DanuLiyanageVeteran MemberPosts:3457 30 Sep 2016 03:28 PM me gatalu walata mama nam muhuna panawa hotel skul yaddi apita kanna une me widiyata. danuth wine ekak taste karaddi mewa wedagath wenawa apata මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 01 Oct 2016 09:35 AM ආර්මි එකේ ඉන්නවනං කෙනෙක් එයා දන්නවා මේකේ මොන තරම වැදගත් කමක් තියෙනවද කියල. ඒක නීතියක් විදියට ක්‍රියාත්මක වෙන දෙයක් 0 smt90Veteran MemberPosts:1736 03 Oct 2016 11:15 AM ගොඩක් වටිනා විස්තර ටිකක්නේ දලා තියෙනේ............ 0 samanthaMost Senior MemberPosts:13190 11 Oct 2016 04:45 AM ඔබත් Meat lover කෙනෙක්ද? එහෙනම් මේ රසවත් මාංශ රෙසිපි ට්‍රයි කරන්නම වෙනවා එක එක මස් වර්ග නොයෙක් විදියට රස බලන්න කැමති අපේ අනිවා හිතවතුන්ට අපි අද ගේන්නෙ රෑ කෑමකට ගැලපෙන්න සකස ගන්න පුළුවන් රෙසිපි 5ක්. රෑ කෑමකට කිව්වට දවාලකට හරි බයිට් එකට හරි මේ දේවල් හදාගන්න ආසයි නම් කාගෙන් තහනමක්ද … මේ රෙසිපි වලට ඔබ කැමති ඕනෑම මස් වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. වඩාත්ම ගැලපෙන මස් වර්ගය රෙසිපි එකේ සඳහන් කරල තියෙනව. 1. Mexican Spice Rubbed Meat with Lime Butter Source – pinterest.com අවශ්‍ය ද්‍රව්‍ය කැමති මස් වර්ගයකින් 750ක මස් කැබැල්ලක් (ලෑම්බ් සහ බීෆ් වඩාත් සුදුසුයි.) දිය කරගත් බටර් මේස හැඳි 4 තලාගත් සුදු ලූනු බික් 2ක් ගා ගත් දෙහි ලෙලි තේ හැඳි 1\4 දෙහි යුශ තේ හැඳි 1 ලුණු පැප්රිකා තේ හැඳි 1 1\2 (සුපර් මාකට් වල ඇත.) සූදුරු කුඩු හැඳි 1 1\2 මිරිස් කුඩු හැඳි 1 1\2 පෑන් එකක් හෝ ග්‍රිල් එකක් රත් වෙන්න තියන්න. පොඩි බෝල් එකකට සුදු ලූනු, බටර්, දෙහි ලෙලි සහ දෙහි යුශ දමා එයට ලුණු පින්ච් එකක් දමා මිශ්‍ර කරගන්න. වෙනම බෝල් එකක් ගෙන එයට පැප්රිකා, මිරිස් කුඩු, සූදුරු කුඩු වලට ලුණු තේ හැඳි 1 1\4ක් දමා මිශ්‍ර කරගන්න. පැප්රිකා මිශ්‍රණය මස් කැබැල්ලේ හොඳින් තවරාගන්න. රත් වෙන්න තැබූ පෑන් එකට තෙල් මේස හැඳි 2ක් පමණ ඉස ගන්න. ඒ මත මස් කැබැල්ල තබා විටින් විට දෙපැත්ත හරවමින් හොඳින් ග්‍රිල් කරගන්න. පෑන් එකෙන් ඉවතට ගත් විගසම සාදාගත් දෙහි සහ බටර් මිශ්‍රණය ඒ මත දමා විනාඩි 4ක් 5ක් තියෙන්නට හැර පිළිගන්වන්න. 2. Brown Sugar Meat Loaf Source – fortheloveofcooking.net අවශ්‍ය ද්‍රව්‍ය අඹරාගත් මස් 700 (බීෆ් හෝ චිකන් වඩාත් ගැලපෙනව.) දුඹුරු සීනි කප් 1\2 කෙචප් හෝ තක්කලි සෝස් කප් 1\2 කිරි කප් 3\4 බිත්තර 2 ලුණු තේ හැඳි 1 1\2 ගම්මිරිස් කුඩු තේ හැඳි 1\4 තලාගත් ඉඟුරු තේ හැඳි 1\4 චොප් කරගත් ලූනු පාන් කුඩු කප් 3\4 (බ්‍රෙඩ් ක්‍රම්බ්ස්) ලෝෆ් පෑන් එකක් නැත්නම් පාන් පුළුස්සන උස ට්‍රේ එකක් ගෙන එහි බ්ටර් හෝ තෙල් ටිකක් තවරා ගන්න. එහි අඩියට සීනි ටික දමා ගන්න. එයට උඩින් කෙචප් ටික දමාගන්න. ඉතිරි සියළුම ද්‍රව්‍ය හොඳින් අනා කෙචප් උඩින් තරමක් අතින් තද කරමින් අතුරා ගන්න. සෙල්සියස් 175ට පෙර රත් කරන ලද උඳුනක දමා පැයක් පුළුස්සා ගන්න. 3. Chicken Cordon Bleu Source – http://www.bettycrocker.com/ අවශ්‍ය ද්‍රව්‍ය චිකන් බ්‍රෙස්ට් එකක් (අඹරාගත් වෙනත් මස් වර්ගයක් උනත් ගන්න පුළුවන්) චීස් ස්ලයිස් 4 හැම් ස්ලයිස් 4 (කැමති හැම් වර්ගයක් ගන්න පුළුවන්) පාන් පිටි මේස හැඳි 3 බටර් මේස හැඳි 6 කෝන් පිටි මේස හැඳි 1 කිරි කප් 1/2 ලුණු ගම්මිරිස් කුඩු චිකන් බ්‍රෙස්ට් එකේ කටු ඉවත් අර වෙන් නොවන සේ දෙකට පලා මදක් තලාගන්න. දැන් එය මැදට චීස් ස්ලයිස් 2ක් අතුරා ඒ මත හැම් පෙති තබා ඊටත් උඩින් නැවත ඉතිරි චීස් අතුරා චිකන් බ්‍රෙස්ට් එක දෙකට නවා තද කර ටූත් පික්ස් වලින් රඳවා ගන්න. බටර් ටික පෑන් එකක දමා රත් වෙන්න හරින්න. එයට කිරි, පාන් පිටි, කෝන් පිටි, ලුණු සහ ගම්මිරිස් එක් කර උකු වන තුරු හැඳි ගාමින් අඩු ගින්දරේ උතුරුවා ගන්න. තෙල් තවරා ගත් ට්‍රේ එකක චිකන් බ්‍රෙස්ට් එක තබා ඒ මත සාදාගත් සෝස් එක තවරා ගන්න. එයට උඩින් පාන් කුඩු දවටා සෙල්සියස් 180ට පෙර රත් කරන ලද උදුනක දමා විනාඩි 25-30ක් බේක් කරගන්න. 4. Baked Teriyaki Meat Source – youtube.com අවශ්‍ය ද්‍රව්‍ය කැමති මස් වර්ගයක් (චිකන් සහ පෝක් වඩාත් සුදුසුයි.) කෝන් පිටි මේස හැඳි 1 අයිස් වතුර මේස හැඳි1 විනාකිරි කප් 1\2 (වයිට් වෙනිගර්) සෝයා සෝස් කප් 1\2 තලාගත් සුදු ලූනු බික් 1 තලාගත් ඉඟුරු තේ හැඳි 1\2 ගම්මිරිස් කුඩු තේ හැඳි 1\2 මේ ප්‍රමාණ ස්කින්ලස් චිකන් ඩ්‍රම්ස්ටික් 10කට ප්‍රමාණවත්. පෑන් එකක් ලිප තබා එයට මස් හැර අනෙක් සියල්ල එක් කර උකු වන තුරු මද ගින්නෙ උතුරුවා ගන්න. සෝදා වතුර හොඳින් පිසදාගත් මස් වල සෝස් එක හොඳින් තවරා හොඳින් බටර් තවරාගත් තැටියක තබා සෙල්සියස් 200ට පෙර රත් කරගත් උඳුනක විනාඩි 25ක් බේක් කර අනෙක් පස හරවා නැවත විනාඩි 20ක් බේක් කරගන්න. බේක් වන අතර තුර විනාඩි 10කට වරක් සෝස් එක නැවත නැවත තවරා ගන්න. 5. Honey Mustard Meat Source – paleoaholic.com අවශ්‍ය ද්‍රව්‍ය කැමති මස් වර්ගයකින් 500 (චිකන් හෝ පෝක් වඩාත් ගැලපෙනව.) මී පැණි කප් 1\2 පැප් රිකා හෝ මිරිස් කුඩු තේ හැඳි 1 අබ කුඩු මේස හැඳි 2 විනාකිරි 2 සීනි මේස හැඳි 1 ලුණු ගම්මිරිස් කුඩු වියලි ඔරිගානෝ තේ හැඳි 1 අබ කුඩු වලට සීනි විනාකිරි සහ ලුණු, ගම්මිරිස් එක් කර හොඳින් කලවම් කරගන්න. එයට මී පැණි සහ ඔරිගානෝ එක් කරගන්න. මස් කැබැල්ල මත ලුණු ගම්මිරිස් ටිකක් ඉස හොඳින් තවරා ගන්න. එය විනාඩි 5ක් පමන පසෙකින් තබා ඒ මත මී පැණි මිශ්‍රණයෙන් බාගයක් හොඳින් තවරන්න. සෙල්සියස් 180ට පෙර රත් කරගත් උඳුනක තබා විනාඩි 20ක් බේක් කරගන්න. එය අනෙක් පස හරව ඉතිරි පැණි මිශ්‍රණය තවරා නැවත විනාඩි 20ක් බෙක් කරගන්න. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 11 Oct 2016 04:47 AM මෙන්න කොල්ලන්ටත් තනියම හදාගන්න පුලුවන් මරු බයිට් 5ක් පහුගිය ටිකේම කාන්තාවන්ට හදන්න පුළුවන් කෑමම දැම්ම හන්දා පුරුෂ පාර්ශවයෙන් අපිට ඉල්ලීම් ටිකක් ආවා. ඔන්න අපි ඒකට ප්‍රතිචාර දක්වන්නයි හදන්නෙ. යාළුවෙක් දෙන්නෙක් එක්ක පොඩියට සෙට් වෙද්දි අම්මලගෙයි බිරිඳගෙයි ගෑස් නම් අනිවා බලන්න වෙනවමයි නේද? එයාලට පේන්නත් එක්ක ලේසියෙන් හදාගන්න පුළුවන් බයිට් ටිකක් තමයි මේ කියල දෙන්න යන්නෙ. මීට පස්සෙ සෙට් වෙන කොට යාළුවන්ට වැඩ පෙන්නන්නත් එක්ක මේ බයිට් වලින් එකක් දෙකක් හදල බලන්නකො. 1. Fried chicken Source – wagjag.com හම නැති චිකන් බ්‍රෙස්ට් එකක් අරගෙන හොඳට සෝදල කටුව ඉවත් කරගෙන මස් ටික පොඩි තීරු කපාගෙන, දෙහි ඇඹුල් ටිකක් අතගාගන්න. ( කටුව නැතුවත් මස් කඩවලින් චිකන් බ්‍රෙස්ට් එකක් ගන්න පුළුවන්.) බෝල් එකකට පාන් පිටි කප් 2ක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 2ක්, මිරිස් කුඩු තේ හැන්දක්, ලුණු තේ හැඳි 1 1\2ක් දාලා කලවම් කරගන්න. කපාගත්ත චිකන් ටික මේ පිටි එකට දාල හොඳින් පිටි ටික දවටගන්න. ගැඹුරු තෙලේ බැදගන්න තරම් තෙල් තාච්චියකට දාලා රත් වෙන්න තියාගෙන වැඩිපුර පිටි යන්තම් ගසල ඉවත් කරගත්ත චිකන් ටික දාල රන්වන් පාට වෙනකම් බැදගන්න. ලිපේ ගින්දර සාමාන්‍ය ගානට තියාගන්න. (Medium Heat) මෙහෙමම බයිට් එකට ගන්නත් පුළුවන් තක්කලි සෝස් ටිකක් එක්ක. සැරට කැමති නම් වෙනම නන්ස්ටික් පෑන් එකක් රත් කරන් ඒකට බටර් මේස හැන්දක් දාගෙන ඒකට කෑලි මිරිස් මේස හැන්දක්, ලොකුවට කපාගත්ත ලූනු ගෙඩියක්, ලුනු තේ හැඳි බාගයක් දාල බැදගත්තු චිකන් ටික දාලා කලවම් කරල ලිප නිවාගන්න. 2. Onion Rings Source – mccainfoodservice.com.au ලොකු ලූනු ගෙඩි දෙකක් අරන් දෙපැත්ත කපල පොත්ත සුද්ද කරල සෝදල රවුමට අඟල් බාගයක් විතර මහතට පෙති කපාගන්න. ලූණු කපනකොට අඬන්නේ නැතුව කපාගන්න නම් බයිට් එක හදන්න ගන්න විනාඩි 15කට කලින් ලූනු ගෙඩි ටික ෆ්‍රීසර් එකේ දාල තියල ගන්න. මේක නම් අපේ හුඟක් නෝනලා දන්නෙත් නැතුව ඇති. (ඔන්න ඔයාලගෙ නෝනලට වැඩ පෙන්නන්න ටිප් එකක්) දැන් බෝල් එකක් අරගෙන ඒකට පාන්පිටි කප් 1\2, කෝන් පිටි (corn flour) කප් 1\4, ලුනු තේ හැඳි 1\2, මිරිස් කුඩු තේ හැන්දක්, බේකින් සෝඩා තේ හැඳි 1\2ක්, (ආප්ප සෝඩා කියන්නෙත් මේවමයි) හොඳට මික්ස් කරගන්න. සැන්ඩි වලට ගෙනාව සෝඩා ටිකක් අරගෙන මේ පිටි මික්ස් එකට ටික ටික දාගෙන ඝනකම බැටර් එකක් හදාගන්න. (බැටර් එකට අත දැම්මම ඇඟිලි වල දැවටෙන තරම් ඝනකමට) කපාගත්තු ලූනු ටික හෙමීට රවුම් ගලවගෙන හදාගත්ත බැටර් එකේ දවටගෙන පාන් කුඩු තවරලා රත් කරගත් ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගෙන ටිශූ එකකට දාල තෙල් බේරගන්න. ලිපේ ගින්දර සාමාන්‍ය ගානට තියාගන්න. (Medium Heat) 3. Sausage & Cheese Omelet Source – mrbreakfast.com බිත්තර 4ක් අරගෙන බෝල් එහෙකට කඩල දාගෙන ලුණු තේ හැඳි 1\2ක්, කෑලි මිරිස් තේ හැන්දක් දාල ගෑරප්පුවකින් හොඳට ගහගන්න(beat කරගන්න). නන්ස්ටික් පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට තෙල් මේස හැන්දක් දාල රත් කරන් ඒකට පොඩියට කපාගත්ත සොසේජස් 4ක් 5ක්, පොඩියට කපපු තක්කලි ගෙඩියක්, ලූනු ගෙඩියක්, අමුමිරිස් ටිකක් දාලා බැදගන්න. සොසේජස්, ලූනු මිශ්‍රනය පෑන් එක පුරාම විසිරෙන්න ඇරලා ඒකට උඩින් අර ගසාගත්ත බිත්තර ටික පෑන් එක වැහෙන්න දාගන්න. ලිප අඩුම කරල පියනකින් වහල විනාඩි 3ක් තියෙන්න අරින්න. හැපීකව් චීස් වෙජස් 4ක් අරගෙන පොඩියට කඩල හදාගත්ත ඔම්ලට් එකේ තැනින් තැන දාගෙන ඔම්ලට් එක එක පැත්තකින් පැතලි හැන්දකින් උස්සල දෙකට නවාගන්න. ලිප ටිකක් වැඩි කරල විනාඩියක් තියාගෙන ලිප නිවල ඔම්ලට් එක බාගන්න. 4. Potato Wedges Source – homecookingadventure.com අල ගෙඩි 4ක් අරගෙන පොත්ත ඇරලා සෝදලා ගෙඩියක් කෑලි 8කට වගේ කපලා ආයෙත් සෝදන්න. (දෙකට කපල එක කොටසක් 3ට 4ට කපන්න) පාන් පිටි කප් එකකට ලුනු තේ හැන්දක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක්, මිරිස් කුඩු තේ හැන්දක් දාගෙන හොඳින් කලවම් කරගන්න. බිත්තර දෙකක් බෝල් එහෙකට කඩලා දාගෙන ගෑරප්පුවකින් ගසාගන්න (beat කරගන්න). කපාගත් අල ටිකේ බිත්තර සාරු ගාගෙන පිටි වල දවටලා රත් කරගත්ත තෙල්වලට දාගෙන ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගන්න. මේක තක්කලි සෝස් එක්ක කන්නත් පුළුවන් එහෙමත් නැත්නම් මෙන්න මේ පහත තියනව වගේ ඩිපින් එකක් ලේසියෙන් හදාගන්නත් පුළුවන්. මයොනිස් සෝස් කප් එකකට හැපී කව් චීස් කෑල්ලක් දාගෙන ඒකට ගම්මිරිස් කුඩු ටිකක් දාල ගෑරප්පුවකින් හොඳින් මික්ස් කරල ගත්තම පොටෑටො වෙජස් වලට හොඳටම ගැලපෙනවා. 5. Garlic Bite Source – chicagoreader.com සුදු ලූනු ගෙඩි දෙකක් විතර අරන් බික් ටික වෙනම ගලවගන්න. පොත්ත පිටින්ම හොඳට සෝදල වතුර ටික රෙද්දකින් පිහිදලා අරගෙන මේ සුදු ලූනු බික් ටික යන්තම් තලා ගන්න. තාච්චියක් ලිපෙන් තියල ලිප ඔන් කරගෙන ඒකට සුදු ලූනු ටික ගැඹුරු තෙලේ බැදගන්න ඕන තරම් තෙල් දාගෙන රත් වෙන්න තියන්න. ලිපේ ගින්දර සාමාන්‍ය ගානට තියාගන්න. (Medium Heat) තෙල් ටික බුබුළු දාල රත් වෙද්දි සුදු ලූනු ටික දාලා රන් වන් පාට වෙනකම් බැදගෙන ටිශූ එහෙකට දාලා තෙල් බේරගන්න. නොන්ස්ටික් පෑන් එකක් රත්වෙන්න තියල ඒකට බටර් තේ හැන්දක් සෝයා සෝස් මේස හැන්දක්, මිරිස් කුඩු තේ හැඳි බාගයක් දාලා බැදගත්ත සුදු ලූනු ටික දාල මික්ස් කරල විනාඩියක් විතර ලිපේ තියල බාගන්න. සුදු ලූනු බයිට් එක රෙඩී. 6. Devilled Sausages Source – foodcnr.com සොසේජස් 6 පැකට් එකක් අයිස් යන්න එළියෙන් තියන්න. ඒ අතර තුර ලූනු ගෙඩියක්,මාලුමිරිස් කරලක්, තක්කලි ගෙඩියක් ටිකක් ලොකුවට කපාගන්න. (ලොකු සොසේජස් පැකට් එකක් ගන්නවනම් ප්‍රමාණ වැඩි කරල ගන්න) ලිපේ තියාගත්ත නන්ස්ටික් පෑන් එහෙකට තෙල් මේස හැන්දක් විතර දාලා අයිස් ඇරගත්ත සොසේජස් ටික දාල හොඳින් බැදගන්න. තෙල් බේරෙන්න ටිශූ එකක් උඩට දාලා රස්නෙ අඩු උනාම මේකත් ලොකු කෑලි කපාගන්න. (සොසේජ් එකක් කෑලි 4කට වගේ) වෙනම බාජනයක් ලිපේ තියල බටර් හෝ ඇස්ට්‍රා මේස හැන්දක් දාගෙන ඒකට චිලි පේස්ට් මේස හැන්දක් දාලා කපාගත්ත ලූනු,මාළු මිරිස්, තක්කලි ටික දාල කලවම් කරන් විනාඩියක් වහල තියන්න. ඊට පස්සේ තක්කලි සෝස් මේස හැඳි 3ක් විතර දාලා බැදලා කපාගත්තු සොසේජස් ටික දාල කලවම් කරල ලිප නිවාගන්න. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 සඳුනිVeteran MemberPosts:2462 11 Oct 2016 05:20 AM කොල්ලන්ටම තනියෙන් හදන් කන්න කියමු නේද? දිනයක වැටහේවී........... 0 You are not authorized to post a reply. Page 1 of 712345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes