Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Nov 2016 08:47 AM by sha733 හිතට කතා කරලා බලමු........... 126 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 5 of 7 << < 34567 > >> Author Messages සඳුනිVeteran MemberPosts:2462 13 Oct 2016 10:00 AM Quote Reply 05.සැම සිතුවිල්ලක සැම සිතුවිල්ලක ඔබ පැටලී පැතුමන් පුබුදන්නේ සෙනෙහේ නාමෙන් කුළුදුල් ලිපියෙන් ඔබ මේ අමතන්නේ.....// කිසි දා නොසිදෙන සයුරැලි සේ සැමදා පායන හිරු විලසේ ඔබට මා අාදරෙයි කියා හඩගා කියන්නට වරම් නැති ලියමී පෙම් අාරාදනා. කරමී පෙම් අායාචනා. සිහිනේ රැදෙනා මල් කැකුළී. මුදවා සිහිනේ මායාවෙන් දැනුනා නම් මට සෙනේ බවක් ලියලා අමතන්න වාසනා ඔබටයි මේ අාරාධනා. ඔබටයි මේ අායාචනා. දිනයක වැටහේවී........... 0 DanuLiyanageVeteran MemberPosts:3457 13 Oct 2016 10:24 AM Quote Reply mama maarama asayi me sinduwata naga කිසි දා නොසිදෙන සයුරැලි සේ සැමදා පායන හිරු විලසේ ඔබට මා අාදරෙයි කියා හඩකා කියන්නට වරම් නැති menna me tikatayi godak asa මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 isurusamSuper Senior MemberPosts:7342 13 Oct 2016 01:18 PM Quote Reply ගොඩක් ලස්සනයි සඳුනි........... 0 සඳුනිVeteran MemberPosts:2462 13 Oct 2016 07:51 PM Quote Reply සැම සිතුවිල්ලක ඔබ පැටලී සැම සිතුවිල්ලක ඔබ පැටලී පැතුමන් පුබුදන්නේ සෙනෙහේ නාමෙන් කුළුදුල් ලිපියෙන් ඔබ මේ අමතන්නේ.....// කිසි දා නොසිදෙන සයුරැලි සේ සැමදා පායන හිරු විලසේ ඔබට මා අාදරෙයි කියා හඩකා කියන්නට වරම් නැති ලියමී පෙම් අාරාදනා. කරමී පෙම් අායාචනා. සිහිනේ රැදෙනා මල් කැකුළී. මුදවා සිහිනේ මායාවෙන් දැනුනා නම් මට සෙනේ බවක් ලියලා අමතන්න වාසනා ඔබටයි මේ අාරාධනා. ඔබටයි මේ අායාචනා. මේ ගීතය පිළිබදව නම් අර්ථ දැක්වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිම සරල වචන පෙළක් භාවිතා කරලා නිර්මාණය කරලා තියෙන්නේ. මේ සිංදුවෙන් කියවෙනවා අැත්තේ තමාගේ සිතේ සිටින අාදරවන්තියට අාදරය ප්‍රකාශ කිරීමේ අරුමුණින්, වචනයෙන් කියා ගන්නට ධෙෙරියක් නැති දේ හසුනක අකුරු කිරීම පිළිබදවයි. සිතේ සිර වුන සුන්දර ඒකපාර්ශික අාදර හැගීමක්. සැම සිතුවිල්ලක ඔබ පැටලී පැතුමන් පුබුදන්නේ සෙනෙහේ නාමෙන් කුළුදුල් ලිපියෙන් ඔබ මේ අමතන්නේ.....// * මා සිත තුළ ඉන්නේ ඔබ පමනයී. කුමක් කරන්නට ගියත් මුලින්ම සිහිවන්නේ ඔබ පමනයි. මම පතන ඒකම අාදරයද ඔබගේ අාදරය පමනයි. ඒ අාදරේ කෙතරම්ද කියා ඔබ දන්නේ නෑ. මම ඔබට කියලත් නෑ. ඔබගේ දෑස් ඉදිරිපිටදී කියා ගන්න බැරී මගේ අාදරේ , මගේ ජීවිතේ මුල්ම වතාවට ලියන අාදර හසුනින් ඔබට කියන්නයි මම උත්සහා කරන්නේ.* සිතෙහි තෙරපෙන, තවමත් ඒකපාර්ශික අාදරය ඔහු කුළුදුල් හසුනේ ලියනවා. කිසි දා නොසිදෙන සයුරැලි සේ සැමදා පායන හිරු විලසේ ඔබට මා අාදරෙයි කියා හඩගා කියන්නට වරම් නැති ලියමී පෙම් අාරාදනා. කරමී පෙම් අායාචනා. * මට කියා ගන්න බෑ මගේ අාදරය මෙතෙකයි කියලා. මගේ අාදරය හරියට කවදාවත් නොසිදෙන මහ මුහුද වගේ කවදාත් මගේ හිතෙන් විකිලා යන්නේ නැහැ. මගේ අාදරේ හරියට හැමදාම නොවරදාම පායන හිරු වගේ, හිරු පායන ඒක නවතින්නේ ලෝකේ විනාශ වු දාක. මගේ අාදරයත් වියකෙන්නේ මම මැරෙන දාක. මගේ ලෝකෙටම අැහෙන්න කෑගහලා කියන්න මට ඔනේ. ඒත් මට ඒකට හයියක් නෑ. ඔබගේ හිතේ මම ඉන්නවද කියන්න මම දන්නේ නෑ, ඔබගේ ලෝකයේ වෙන කෙනෙක් ඉන්නවද කියන්නත් මම දන්නේ නෑ. ඒ නිසා මම නිහඩව ලිපියකින් ඔබට මගේ අාදරය කියන්නම්. මගේ ජීවිතය වෙන්න කියලා ඉල්ලන්නම්.* ඔහු හසුනේ ලියනවා හිතේ තියෙන අාදරේ තරම කිසිදා නොසිදෙන සාගරයි, සැමදා පායන හිරු යි නිදසුනට අරන්.මේ පද ටිකෙන් තේරෙන්නේ තවමත් මේ අදරේ ඒකපාර්ශිකයි. ඔහු දන්නේ නෑ අැයගේ හිත ගැන මොකුත්ම. සිහිනේ රැදෙනා මල් කැකුළී. මුදවා සිහිනේ මායාවෙන් දැනුනා නම් මට සෙනේ බවක් ලියලා අමතන්න වාසනා ඔබටයි මේ අාරාධනා. ඔබටයි මේ අායාචනා. * මටත් හොරා මගේ ඒකම සිහිනය ඔබ වුනා. සැමදා පන්නේ ඔබ පමණයි. මා ඒ සිහිනයෙන් මුදවාලා මගේ ජීවිතේට අැතුල් වෙන්න. ඒ සිනය හැබෑ කරන්න. හසුන කියවලා මා හා අමනාප වෙන්න ඒපා. මම කියන්නේ මගේ අදහස පමනයි. ඔබ අකමැති නම් ඒ බව මට කියන්න. නමුත්ඔබේ හිතේ කොනක හරි මම ඉන්නවා නම් , ඒ ගැන තව වරක් හිතන්න. ඔබේ අදහස් මට ලියලා ඒවන්න. මම බලා ඉන්නවා ඔබ මට අාදරෙයි කියා හසුනක් ඒවන තුරු. ඒ ලිපිය තමා මගේ ජීවිතය ඒළිය කරන්න වාසනාවන්ත කරන්න පුළුවන් ඒකම දේ. මම ඔබගෙන් ඉල්ලනවා මට අාදරය කරන්න. මගේ ජීවතයට අැතුල් වෙන්න.* අන්තිම වශයෙන් ලියනවා. මේ ලිපියට මට පිළිතුරු ලිපියක් අවශ්‍යයි ඒය ලැබෙන තුරු මග බලාඉන්න බව. හරිම ප්‍රේමනීය ගීතයක්. කෙල්ලෙක්ගෙන් අාදරේ ඉල්ලන්න කියපු සිංදුව. මට හැගෙන විදිය කිව්වා. අදහස් දෙන්නකෝ බලන්න. දිනයක වැටහේවී........... 0 DanuLiyanageVeteran MemberPosts:3457 14 Oct 2016 05:13 AM Quote Reply ඔයාගේ තේරුම හරි වගේ. මමත් කෙල්ලෙක් හම්බ උනහම මේක කියන්නම් . එතකොට සෙරෙප්පු පාරක් කාවිද දන්නේ නැහැ, මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 සඳුනිVeteran MemberPosts:2462 14 Oct 2016 06:21 AM Quote Reply මම හිතන්නේ නෑ දැන් කාලේ මේ සිංදුවලින් අාදරේ ප්‍රකාශ කරලා හරි යයි කියලා. රසවින්දනය බිංදුවයි. මේවා හරියන්නෑ. ටිං බෙලෙක්ක සිංදුවක් කියන්න. දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 15 Oct 2016 01:47 AM Quote Reply 06.රුක් අත්තන රුක් අත්තන මල මුනේ බඹරු නටන හැන්දෑවේ. සැදෑ අදුර පියමන් කර කවුරුද ඒන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද ඒන්නේ මුතු පින් දැල් සැලෙන උදේ උදා දිමුතු හිරු ඒළියේ පුතු සවනට රහස් කියා පියමන් කරලා අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී ඒන්නේ රුක් අත්තන මල මුදුනේ... පතොක් වැටිය උඩින් අැදී දියවුරු මිය යන මොහොතේ පුරා සරක් සේ අැතින් කවුරුද ඒන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද ඒන්නේ රුක් අත්තන මල මුදුනේ... දිනයක වැටහේවී........... 0 DanuLiyanageVeteran MemberPosts:3457 15 Oct 2016 03:15 PM Quote Reply Posted By සඳුනි on 14 Oct 2016 06:21 AM මම හිතන්නේ නෑ දැන් කාලේ මේ සිංදුවලින් අාදරේ ප්‍රකාශ කරලා හරි යයි කියලා. රසවින්දනය බිංදුවයි. මේවා හරියන්නෑ. ටිං බෙලෙක්ක සිංදුවක් කියන්න. මොන වගේ එකක්ද මාව දාල යන්න එපා මාව මැරෙයි, මාව මරලා දාල ඔයා ගියා. ඔයා ගිහින් ඌ හොඳ නැත්නම් මගේ ගාවට අයෙ වරෙන්. එහෙම නැත්නම් උඹට කෙලවෙයන් ඔකනේ කියන්න ඔන මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 සඳුනිVeteran MemberPosts:2462 15 Oct 2016 03:51 PM Quote Reply අන්න හරී. මට වඩා හොද ඒකකෙක් නෑ වරෙන් කියන්න. යන්න ප්‍රේම සවාරී අපොයී.... දිනයක වැටහේවී........... 0 DanuLiyanageVeteran MemberPosts:3457 15 Oct 2016 04:00 PM Quote Reply උඹ ලැබුනෙ නැත්නම් මැරෙනවා. පන්තියේ යාලුවො උඹ කොහේද අහනවා. තව තියෙනව මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 සඳුනිVeteran MemberPosts:2462 15 Oct 2016 04:16 PM Quote Reply අෑ ඒ කාලේ ලව් ඒක බොක්කටම වැදිලා වගේ. දැන් මැරෙන්න ඒපා ඉතිං. හී දිනයක වැටහේවී........... 0 indika76Most Senior MemberPosts:10449 15 Oct 2016 11:12 PM Quote Reply Posted By සඳුනි on 15 Oct 2016 01:47 AM රුක් අත්තන මල මුනේ බඹරු නටන හැන්දෑවේ. සැදෑ අදුර පියමන් කර කවුරුද ඒන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද ඒන්නේ මුතු පින් දැල් සැලෙන උදේ උදා දිමුතු හිරු ඒළියේ පුතු සවනට රහස් කියා පියමන් කරලා අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී ඒන්නේ රුක් අත්තන මල මුදුනේ... පතොක් වැටිය උඩින් අැදී දියවුරු මිය යන මොහොතේ පුරා සරක් සේ අැතින් කවුරුද ඒන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද ඒන්නේ රුක් අත්තන මල මුදුනේ... දවසේ මෙහෙය නිමාකර විඩාබරව නිවසට පිය මනින අප්පච්චි පිළිබඳව කියවෙන ඉතා සුන්දර ගීතයක්... මෙය දුටුවිට මගේ අප්පච්චි සිහිවුනා.. අපි පොඩි කාලේ ඔහු එනකන් අපි මග බලා ඉන්නවා... 0 DanuLiyanageVeteran MemberPosts:3457 16 Oct 2016 04:32 AM Quote Reply දැන් නම් කොහොමත් කෙල්ලෙක් නිසා මැරෙන්නේ නැහ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 සඳුනිVeteran MemberPosts:2462 16 Oct 2016 06:23 AM Quote Reply Posted By indika76 on 15 Oct 2016 11:12 PM Posted By සඳුනි on 15 Oct 2016 01:47 AM රුක් අත්තන මල මුනේ බඹරු නටන හැන්දෑවේ. සැදෑ අදුර පියමන් කර කවුරුද ඒන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද ඒන්නේ මුතු පින් දැල් සැලෙන උදේ උදා දිමුතු හිරු ඒළියේ පුතු සවනට රහස් කියා පියමන් කරලා අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී ඒන්නේ රුක් අත්තන මල මුදුනේ... පතොක් වැටිය උඩින් අැදී දියවුරු මිය යන මොහොතේ පුරා සරක් සේ අැතින් කවුරුද ඒන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද ඒන්නේ රුක් අත්තන මල මුදුනේ... දවසේ මෙහෙය නිමාකර විඩාබරව නිවසට පිය මනින අප්පච්චි පිළිබඳව කියවෙන ඉතා සුන්දර ගීතයක්... මෙය දුටුවිට මගේ අප්පච්චි සිහිවුනා.. අපි පොඩි කාලේ ඔහු එනකන් අපි මග බලා ඉන්නවා... මේ සිංදුව ලස්සන රෑපයක් මැවෙනවා නේද.. මම හරිම අාසයි මේ සිංදුවට.. දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 18 Oct 2016 10:14 PM Quote Reply රුක් අත්තන මල මුදුනේ රුක් අත්තන මල මුදුනේ බඹරු නටන හැන්දෑවේ. සැදෑ අදුර පියමන් කර කවුරුද ඒන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද ඒන්නේ මුතු පින් දැල් සැලෙන උදේ උදා දිමුතු හිරු ඒළියේ පුතු සවනට රහස් කියා පියමන් කරලා අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී ඒන්නේ රුක් අත්තන මල මුදුනේ... පතොක් වැටිය උඩින් අැදී දියවුරු මිය යන මොහොතේ පුරා සරක් සේ අැතින් කවුරුද ඒන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද ඒන්නේ රුක් අත්තන මල මුදුනේ... ගායනය- විශාරද නන්දා මාලනී. පද රචනය-මහින්ද අල්ගම. මේ සිංදුව නම් හරිම අාදරණියයි. පවුලේ බර කරට ගෙන පවුල වෙනුවෙන් වෙහෙසෙන පිය තුමාණාන්ගේ අාදරය ගැනයි ලියවී තියෙන්නේ. රුක් අත්තන මල මුදුනේ බඹරු නටන හැන්දෑවේ. සැදෑ අදුර පියමන් කර කවුරුද ඒන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද ඒන්නේ *පුතුනේ දැන් හවස් වෙලා. තාත්තා රැකියාව නිම වෙලා ගෙදර ඒන මෙහෙතත් ළං වෙලා. බලන්න ඉර අවරට යන මොහොතේ රුක් අත්තන මල් පිපිලා සුවද හමනවා. ඒ සුවදට බඹරු රොක් වෙලා. සැන්දෑ අදුර වැටේන කලින් තාත්තා ඒවී. පුතා මග බලනවා දෙනෙත් විදහාලා තාත්තා අෑතින් ඒනවද කියලා. මම දන්නවා ඒ පුංචී නෙත දෙක හෙයන්නේ පියාණන්ගේ රූපය.* මේ සිංදුවේ රුක් අත්තන මල යොදා ගන්න හේතුවක් තියෙනවා කියලා මම හිතනවා. රුක්අත්තන මල් පිපෙන්නේ හවසට ඒකෙන් පියාණන් හවසට ගෙදර ඒන බව පෙන්නුම් කරණවා ඒ වගේම. රුක් අත්තන මලක සුවද දැනෙන්නේ ළගට නෙමෙයි දුරට. අපිට පියතුමෙක්ගේ අාදරය දැනෙන්නෙත් ඒහෙම. අම්මා ජීවිතයට හුගාක් ළං වෙද්දී පියාණන්ගෙන් ලැබෙන්නේ නිහඩ අාදරයක්. අන්න ඒ සැගවුනු නමුත් මව් සෙනෙහසට නොදෙවෙනී ඒ අාදරය ගැන පැහැදිළි කරන්න රුක් අත්තන මල යොදා ගන්න අැති කියලා මම හිතනවා. මේ මෑනියන් පියාගේ ප්‍රමාදයෙන් දුක් වෙන දරුවට පියාගේ අාදරේ තරම කියා දෙන බවයි මට දැනෙන්නේ. මුතු පින් දැල් සැලෙන උදේ උදා දිමුතු හිරු ඒළියේ පුතු සවනට රහස් කියා පියමන් කරලා අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී ඒන්නේ * උදා හිරු ඒළිය පොළවට වැටීගෙන ඒද්දී. මිහිදුමත් පින්නත් වියැකෙන්නට පෙර පියතුමන් නිවසින් පිට වන්නේ අපේ ජීවිකාව සරිකරන්නටයි. පුතේ පියානන් උදෙන්ම ඔයා අවදි වෙනවට අකමැත්ත නිසාම රහසින්ම කියලා යන්නේ ඉක්මණින්ම ඔයාව දැක ගන්න ඒනවා කියලා. ඒහෙම පිටමන් වූ පිය තුමා දවසම අපි වෙනුවෙන් දහඩිය මහන්සිය හෙලලා සැදෑ අදුරත් සමග නිවසට ගොඩ වදින්නේ. හරිම විඩාවෙන්. තාත්තා අාදරේ නෑ කියලා හිතන්න ඒපා. ඔබ හා සුරතල් නොවුනට.* *පුතු සවනට රහස් කියා* මේ කොටස නිසා මට හිතෙනවා .පියා පිටවන්නේ පුතා අවදි වෙන්නත් කලින් කියලා. පුතු අවදී වේවී කියලා රහසේම නිදා සිටන දරුවා ලගට ගොස් සිපගෙන අාරය දක්වා පිටවී යන බවයි. මේ සිදු වීම හැමදාම දකින අම්මා පුතාට කියන්නෝ පියා නිතර ළගින් නොසිටියත්, අාදරයෙන් හුරතල් නොකළත් අාදරේ නෑ යැයි සිතන්න ඒපා. ඔබ පිබිදන්නත් කලින් පිට වන්නේ අප වෙනුවෙන් මුදල් උපයන්න. අපගේ ජීවිතය සැපවත් කරන්න කියලා. පතොක් වැටිය උඩින් අැදී දියවුරු මිය යන මොහොතේ පුරා සරක් සේ අැතින් කවුරුද ඒන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද ඒන්නේ *බොහොම වෙහෙස වී සිටින පියානන් හිරු අවරට යන වෙලාවෙහී ඒ අදුර මකාලන පුන් සද ඒළිනක් මෙන් අෑතින් පියතුමා ඒවදැයි බලන්න පුතේ. ඔහු තමා අපේ ජීවිතයේ අාලෝකය.* පතොක් ශාකය යොදා ගන්නටත් හේතුවක් තියේ කියලා මම හිතනවා. පතොක් කියන්නේ හරිම ශුෂ්ක ශාකයක්. මේකෙන් අදහස් කරන්නේ පියානන්ගේ ජීවිතයේ කටුක බව. පවුලේ නැතිබැරි කම්. සියලු වේදනා විදින පියාගේ අාදරය වටහා ගන්න කියලා මෑණියන් දරුවාට කියා සිටිනවා. මේ මගේ අදහස දරුවන්ට නොදැනෙන පියාගේ නිහඩ අාදරය. කියන්න බලන්න ඔයාලගේ අදහස්. දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 18 Oct 2016 10:20 PM Quote Reply රුක් අත්තන මල මුදුනේ සින්දුව සිනමා සිත්තමක් වගේ අපූරු රූප පෙලක් අපේ හිතේ මවනවා. මේ සින්දුව ගැන අපේ විචාරකයින්ගෙ කියවීම මදි කියලත් මට දැනෙනව. පොඩි දරුවන්ට මේක පිය සෙනෙහස ගැන කියාදෙන සින්දුවක් උනාට වැඩිහිටියන්ට මේක වෙනත් ආරක සින්දුවක් වෙනවා. හවසට පාර දිහා බලාගෙන, දරුවත් උකුලෙ රඳවගෙන, මේ අම්ම වචනවලට පෙරලන්නෙ දරුවගේ උවමනාව නෙමේ කියල හොඳින් පද කියෙව්වොත් වැටහේවි. මේ බිරිඳගේ, සතුටින් පොපියමින් නටන හිත අපුරුවට පද වලින් සිත්තමක් වගේ මවල තියනව.ඒකට හරියන්නම සංගීතයත් අපුරුවට සපයල තියනව. රුක් අත්තන මලේ සුවඳ විහිදෙන්නෙ හවසට.ඈතක ගිහින් හිටිය බඹරු ඔන්න දැන් මල වටා රඟ දෙනවා.මේ රුක්අත්තන මල තමන් නම්, අර ඈතින් ඔහු එන්නෙ මලේ සුවඳ හොයාගෙන නේද කියල ඇයට හිතෙනව. පලවෙනි අන්තරා කොටසින් අපූරු සැඟවුන කතාවක් කියනව. "මුතු පිනි දැල් සැලෙන උදේ - උදා දිමුතු හිරු එළියේ" කියල මෙයා වර්ණනා කරන්නෙ බොහොම ප්‍රබෝධමත් උදෑසනක් ගැන.මේ උදෑසන මෙහෙම ප්‍රබෝධයෙන් තියෙන්නෙ කලින් රාත්‍රිය සතුටින් ගෙවුන හින්ද.ඒ සතුට තමන්ට විතරක් නෙමේ ඔහුටත් ඒ වගේම දැනෙනව.ඒක නිසා තමයි නින්දෙ ඉන්න දරුව ඇහැරවන්නෙ නැතුවම මොනවද මුමුනල හාදුවක් දිල පිටවෙන්නෙ. පතොක් කියන්නෙ වතුර ගොඩක් රඳවගත්ත ශුෂ්ක තැන්වල උනත් හැදෙන රළු ශාකයක්.මේ පවුලෙ අග හිඟකම් තමයි ඒ පද වලින් කියල තියෙන්නෙ.හැබැයි දවස අවසානයෙ ස්වාමියගෙ දර්ශනය මේ ඔක්කොම දේවල් අමතක කරනව.හරියට සිසිල ගෙනෙන හඳ වගේ. ආදරය,සෙනෙහස කියල කියන්නෙ නැතිබැරිකම් එක්ක සමාන්තර ගමනකට එකතු නොවන දෙයක් බව අල්ගම මහත්තය කියල තියනව. අපේ රටේ සදාකාලික නිර්මාණ අතලොස්ස අතරෙ මේ සින්දුවත් හැමදාම තියේවි. උපුටා ගැනීමක්. මම කිව්දේ වැරදිලානේ. මට හිතුනේ නෑ මේ කතාව. ඒකත් හරි වගේ. දිනයක වැටහේවී........... 0 indika76Most Senior MemberPosts:10449 21 Oct 2016 09:53 PM Quote Reply පිය ගුණ ගීත අඩු නමුත් නිර්මාණය වූ පිය ගුණ ගීත ඉතා සුන්දරාත්මකයි.. මෙයත් එවැනි ගීතයක්.. ස්තූතියි සදුනි නංගී.. 0 DanuLiyanageVeteran MemberPosts:3457 22 Oct 2016 01:02 AM Quote Reply මේ තියෙන්නේ හරියටම විස්තරේ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 hasithadSuper Senior MemberPosts:5795 22 Oct 2016 10:08 AM Quote Reply මමත් කැමතිම ගීතයක්. 0 සඳුනිVeteran MemberPosts:2462 22 Oct 2016 05:31 PM Quote Reply 07.මුදු මුහුණේ මුදු මුහුණේ සුව දැනුනේ පිය ලඳුනේ මට විතරද ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද... පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මන් විතරද උර තලයේ හිස රන්දා සුව වින්දේ මන් විතරද... ඉඟ නෙරියේ රැළි බින්දේ පිය ලඳුනේ මන් විතරද ඉඟ නෙරියේ රැළි සැදුවේ හිමි සඳුනේ මගෙ විතරද... ---------------------------------------------------------------------------------------------------------- පද රචනය -මහින්ද දිසානායක සංගීතය -ගුණදාස කපුගේ ගායනය -දීපිකා ප්‍රියදර්ශණී / කරුණාරත්න දිවුල්ගනේ දිනයක වැටහේවී........... 0 Add Reply Page 5 of 7 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit