You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Nov 2016 08:47 AM by  sha733
හිතට කතා කරලා බලමු...........
 126 Replies
Sort:
Page 6 of 7 << < 34567 > >>
Author Messages

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Oct 2016 01:53 AM
  •  Quote
  •  Reply
wow mama asama sinduwak oyama theruma kiyanna sanduni
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Oct 2016 02:20 AM
  •  Quote
  •  Reply
ඔයා කියන්නකෝ මුලින්
දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Oct 2016 02:29 AM
  •  Quote
  •  Reply
නැහැ ඔයා අපට වඩා ලස්සනට කියනවා එකයි
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Oct 2016 05:55 AM
  •  Quote
  •  Reply
දෙන්නගෙන් කවුරු හරි තේරුම කියන්නකෝ .........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
23 Oct 2016 07:09 AM
  •  Quote
  •  Reply
මේ පාර නම් මාර සිංදුවක් දාලා තියෙන්නේ ...
බිරිඳක් හා සැමියෙක් අතර ගැටුමක්...
තේරුම වැඩිහිටියන්ට පමණයි...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Oct 2016 07:19 AM
  •  Quote
  •  Reply
ඇත්තටම මේකට උත්තර දෙන්න බැහැ. වැඩිහිටියන්ට පමණයි
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Oct 2016 08:15 AM
  •  Quote
  •  Reply
පොඩි ලමයින්ට හොද නෑ ඕවා.......සිංදුව ඇහැව්වට වැඩි විස්තර ඕනෙ නෑ.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Oct 2016 08:38 AM
  •  Quote
  •  Reply
කවුද මෙක වැඩිහිටියන්ට පමනයි කිව්වේ.
කවුද දැන් මේකේ පොඩිහිටියෝ.
බොහොම වැදගත් විදියට කරන ප්‍රශ්න කිරීමක් විතරයි.
තව ටිකකින් තේරුම දාන්නම්කෝ.
පොඩිහිටියන්ටත් කියවන්න පුළුවන් වෙන්න
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Oct 2016 12:59 PM
  •  Quote
  •  Reply
මුදු මුහුණේ සුව දැනුනේ 
මුදු මුහුණේ සුව දැනුනේ
පිය ලඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද...

පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මන් විතරද
උර තලයේ හිස රන්දා
සුව වින්දේ මන් විතරද...

ඉඟ නෙරියේ රැළි බින්දේ
පිය ලඳුනේ මන් විතරද
ඉඟ නෙරියේ රැළි සැදුවේ
හිමි සඳුනේ මගෙ විතරද...



       මගේ අදහස නම් මේ සිංදුවේ තිබෙන් ප්‍රශ්න වැල මධු සමය ගත කිරීමෙන් පසු අලුත් යුවලක් අතර අැති වෙන සංවාදයක් කියලා. මේකේ වචන නම් හරිම සාමාන්‍යයයි නේද? නමුත් හරිම උපක්‍රම සීලී ප්‍රශ්ණ කිරීමක්.
සෘජුව අහලා ලස්සන දවසේ සිත් රිද්ද ගන්නේ නැතුව අවශ්‍ය දේ වක්‍රව අහනවා. මට නම් හිතෙන්නේ හරිම සුන්දරයි.
මුහුණට කිව්වත් මට අැගේ හෝ ඔහුගේ අතීතය වැඩක් නැහැ වර්ථමානයත් අනාගතයයි පමනයි වැදගත් කියලා. සෑම කෙනෙක්ගෙම හිත පතන්නේ නොයිදුල් සහකරුවෙක් හෝ සහකාරියක්. ගොඩක් දෙනා මේ ප්‍රශ්න හිතේ අැති වුනත් යටපත් කර ගන්න උත්සහ කරනවා. මේ යුවලනම් ප්‍රශ්ණම මතු වෙලා. සහකරුගේ පැනයට සහකාරියත් පැනයකින්ම පිළිතුරු දෙනවා. ඔයා වගේම මමත් පතන්නේ මගේම විතරක් වුන කෙනෙක් බව අගවමින්. සමහර විට මේ පැන දෙදෙනගේ හැගීම් විතරක්ම වෙන්න පුළුවන්, වචනයෙන් අහපු පැන නොවෙන්නත් පුළුවන්.

*මුදු මුහුණේ සුව දැනුනේ
පිය ලඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද... * 

        සහකරු හරිම සරල පැනයකින් පටන් ගන්නවා ඔයා සියුමැලි මුහුන සිපගෙන තියෙන්නේ මම විතරයි නේද? සහකාරිය දෙනවා ඒකට පැනයක් ඔයා සිපගෙන තියෙන්නෙත් මාව විතරයි නේද? ඒ උණුසුම දැනිලා තියෙන්නේ මට විතරයි නේද?

*පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මන් විතරද
උර තලයේ හිස රන්දා
සුව වින්දේ මන් විතරද... * 


        මේ පද පෙලෙන් වැටහෙනවා මේ පැන විමසීම වෙන්න සහකාරියගේ උකුලේ හිස් තියාන ඉන්න ගමන් විමසනවා කියලා. ඔයාගේ උකුලේ මේ විදහට හිස හොවාන ඉදලා තියෙන්නේ මම විතරයිනේද? සහකාරියත් අහනවා පැණයක් ඔයාගේ උරහිසේ හිස් තියාගෙන, ඔයාට මේතරම් ළං වෙලා සිටියේ මම විතරයිනේද? 


*ඉඟ නෙරියේ රැළි බින්දේ
පිය ලඳුනේ මන් විතරද
ඉඟ නෙරියේ රැළි සැදුවේ
හිමි සඳුනේ මගෙ විතරද... *


          මේ පද හතර නිසයි මම හිතුවේ මේක මධු සමයෙන් පසු වෙන සංවාදයක් කියලා. ඉන වට අැදි ඔසරියක රැලි සිද්නේනේ මංගල දිනය නිසානේ. ඉගනෙරියේ රැලී සැදුවේ මම හිතන්නේ දෙවනි මංගල දිනයට සූදානාම් වන ගමන් අහන්නේ මේ පැනය. 


කෙසේ නමුත් හරිම සංවරව අහලා තියේ නේද? දැන් කාලේ සිංදුවක් මේ පැන ටික අහන විදිය හිතා ගන්න පුළුවන්නේ.

දෙදෙනාම තම සිතේ වූ බලාපොරොත්තුව මේ විදියට ප්‍රශ්න කරනවා කියලා තමා මගේ අදහස.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Oct 2016 01:16 PM
  •  Quote
  •  Reply


උපුටා ගැනීමක්.........


          ගීතය සැමවිටම රසිකයාට ගෙන එන්නේ අප කවුරුත් එක හෙලා නොදකින ඔබේම ජීවිතවල නොදුටු පැතිකඩයන්ය. නමුත් එම ගීත රස විඳින කල, ගීතයේ ඇත්තේ කුමන අරුතක් දැයි අප කී දෙනෙකු අවධාරණයෙන් අසා ඇත්ද? එම ගීතවල අරුත ඉතා අවධාරණයෙන් සොයා බලන කල, එහි ඇත්තේ කෙතරම් ගැඹුරක්දැයි ඔබටම වැටහේ.
කරුණාරත්න දිවුල්ගනේ සමඟ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගායනා කරන “මුදු මුහුණේ“ ගීතය ඒ අයුරින් කන වැකුණු අරුත්බර ගීතයකි. අසම්මත පෙමක නොපෙනෙන පැතිකඩ පිළිබඳව කෙරෙන විග්‍රහයකි. මෙහි ඇත්තේ අසම්මත ලෙස හමු වූ තරුණයෙක් හා තරුණියක් අතර ඇති වන කතාබහකි. 


          දිනක් හදිසියේම අහම්බයෙන් හමුවන තරුණ යුවලකි. ගීතයේ පැවසෙන අන්දමට තරුණිය පුර අඟනක් යැයි කිව හැකිය. තරුණයා මේ හමු වූ තරුණිය සමඟ අසම්මත පෙමක පැටලී ඇත. ඇය පෙනුමින් නෙත් සිත් ඇද ගන්නා රුවක් ඇත්තියකි. මනා රූ සපුවක් හා ආකර්ෂනීය වතකට හිමිකම් කියන ඇය කෙරේ නොඑන්නේ කෙළෙසද?
දෙදෙනා පෙමින් වෙලී සිටින අතරතුර තරුණයා තම හඬ අවදි කරයි. ඔහුගේ සිතේ ඇය කෙරේ ඇතිව ඇති ආලය තාවකාලික පෙමක් සඳහාම නොවීය.

මුදු මුහුණේ සුව දැනුනේ
ප්‍රිය ළඳුනේ මට විතරද?

     ඔහු ඇගෙන් විමසනුයේ මෙවන් පෙමක් ඇති වූයේ ඔහු සමඟ පමණක්ද යන වගය. මෙවන් ළඳක් නිසැකවම අන් සතු බව ඔහු නොදන්නවා නොවේ. ඊට පිළිතුරු ලෙස තරුණියද තම හඬ අවදි කරන්නට විය. 


ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද?

    ඇයද ඔහු කවර අයෙකුදැයි දනී. ඇය කෙරෙහි පැමිණියා නම් ඔහු තව කිහිප දෙනෙකු කෙරෙහි ගොස් ඇති බවට ඈ අනුමාන කරන්නීය.
විවිධ අයුරින් දෙදෙනා අතර ඇති වන්නේ එම කරුණ පිළිබඳම කෙරෙන විමසුමකි.

පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මම විතරද?
උර තලයේ හිස රන්දා
සුව වින්දේ මම විතරද?

ඉඟ නෙරියේ රැළි බින්දේ
ප්‍රිය ළඳුනේ මම විතරද?
ඉඟ නෙරියේ රැළි සැදුවේ
හිමි සඳුනේ මගෙ විතරද?

       දෙදෙනාටම සීමා මායිම් නොමැත. තරුණියට ඔහු තවත් එක් පිරිමියෙකු පමණි. තරුණයාටද ඇය තවත් එක් ගැහැණියක පමණි. එම සමාජයේ ස්වභාවය මෙයයි. පෙමක් ලෙස පෙනුනද ඇත්තේ බැඳීම්වලින් තොර අසම්මත පෙමකි. මෙම ගීතය සරල වදන් පෙලක් වටා ගෙතුනද සැඟවී ඇති අරුත සමාජය විවර කර පෙන්වයි.

දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Oct 2016 01:18 PM
  •  Quote
  •  Reply
marama lassanayi neda niyamayi me wage therumak thiyena geethayak ada liyanawada
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Oct 2016 01:25 PM
  •  Quote
  •  Reply
මේ අදහසම නැවත්
වැහි පබළු සැලී සිංදුව
මිහිදුම් වසන්තේ සිතක් දැනේවී.. සිංදුව
මේවයේ තේරුම හිතලා තියෙද
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Oct 2016 09:51 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 23 Oct 2016 01:25 PM
මේ අදහසම නැවත්
වැහි පබළු සැලී සිංදුව
මිහිදුම් වසන්තේ සිතක් දැනේවී.. සිංදුව
මේවයේ තේරුම හිතලා තියෙද
නැහැනේ ඔයාම කියන්න බලන්න

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
24 Oct 2016 10:18 AM
  •  Quote
  •  Reply
අද සින්දු වල මොන අර්ථයක්ද....ගෝෂාවක් එක්ක වචන ගොඩක්.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Oct 2016 11:07 AM
  •  Quote
  •  Reply
තේරුමක් තියේ වචන ටික අහලා බන්නකෝ
දිනයක වැටහේවී...........
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Oct 2016 01:36 PM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 23 Oct 2016 12:59 PM
මුදු මුහුණේ සුව දැනුනේ 
මුදු මුහුණේ සුව දැනුනේ
පිය ලඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද...

පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මන් විතරද
උර තලයේ හිස රන්දා
සුව වින්දේ මන් විතරද...

ඉඟ නෙරියේ රැළි බින්දේ
පිය ලඳුනේ මන් විතරද
ඉඟ නෙරියේ රැළි සැදුවේ
හිමි සඳුනේ මගෙ විතරද...



       මගේ අදහස නම් මේ සිංදුවේ තිබෙන් ප්‍රශ්න වැල මධු සමය ගත කිරීමෙන් පසු අලුත් යුවලක් අතර අැති වෙන සංවාදයක් කියලා. මේකේ වචන නම් හරිම සාමාන්‍යයයි නේද? නමුත් හරිම උපක්‍රම සීලී ප්‍රශ්ණ කිරීමක්.
සෘජුව අහලා ලස්සන දවසේ සිත් රිද්ද ගන්නේ නැතුව අවශ්‍ය දේ වක්‍රව අහනවා. මට නම් හිතෙන්නේ හරිම සුන්දරයි.
මුහුණට කිව්වත් මට අැගේ හෝ ඔහුගේ අතීතය වැඩක් නැහැ වර්ථමානයත් අනාගතයයි පමනයි වැදගත් කියලා. සෑම කෙනෙක්ගෙම හිත පතන්නේ නොයිදුල් සහකරුවෙක් හෝ සහකාරියක්. ගොඩක් දෙනා මේ ප්‍රශ්න හිතේ අැති වුනත් යටපත් කර ගන්න උත්සහ කරනවා. මේ යුවලනම් ප්‍රශ්ණම මතු වෙලා. සහකරුගේ පැනයට සහකාරියත් පැනයකින්ම පිළිතුරු දෙනවා. ඔයා වගේම මමත් පතන්නේ මගේම විතරක් වුන කෙනෙක් බව අගවමින්. සමහර විට මේ පැන දෙදෙනගේ හැගීම් විතරක්ම වෙන්න පුළුවන්, වචනයෙන් අහපු පැන නොවෙන්නත් පුළුවන්.

*මුදු මුහුණේ සුව දැනුනේ
පිය ලඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද... * 

        සහකරු හරිම සරල පැනයකින් පටන් ගන්නවා ඔයා සියුමැලි මුහුන සිපගෙන තියෙන්නේ මම විතරයි නේද? සහකාරිය දෙනවා ඒකට පැනයක් ඔයා සිපගෙන තියෙන්නෙත් මාව විතරයි නේද? ඒ උණුසුම දැනිලා තියෙන්නේ මට විතරයි නේද?

*පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මන් විතරද
උර තලයේ හිස රන්දා
සුව වින්දේ මන් විතරද... * 


        මේ පද පෙලෙන් වැටහෙනවා මේ පැන විමසීම වෙන්න සහකාරියගේ උකුලේ හිස් තියාන ඉන්න ගමන් විමසනවා කියලා. ඔයාගේ උකුලේ මේ විදහට හිස හොවාන ඉදලා තියෙන්නේ මම විතරයිනේද? සහකාරියත් අහනවා පැණයක් ඔයාගේ උරහිසේ හිස් තියාගෙන, ඔයාට මේතරම් ළං වෙලා සිටියේ මම විතරයිනේද? 


*ඉඟ නෙරියේ රැළි බින්දේ
පිය ලඳුනේ මන් විතරද
ඉඟ නෙරියේ රැළි සැදුවේ
හිමි සඳුනේ මගෙ විතරද... *


          මේ පද හතර නිසයි මම හිතුවේ මේක මධු සමයෙන් පසු වෙන සංවාදයක් කියලා. ඉන වට අැදි ඔසරියක රැලි සිද්නේනේ මංගල දිනය නිසානේ. ඉගනෙරියේ රැලී සැදුවේ මම හිතන්නේ දෙවනි මංගල දිනයට සූදානාම් වන ගමන් අහන්නේ මේ පැනය. 


කෙසේ නමුත් හරිම සංවරව අහලා තියේ නේද? දැන් කාලේ සිංදුවක් මේ පැන ටික අහන විදිය හිතා ගන්න පුළුවන්නේ.

දෙදෙනාම තම සිතේ වූ බලාපොරොත්තුව මේ විදියට ප්‍රශ්න කරනවා කියලා තමා මගේ අදහස.


මේ පැහැදිලි කිරීමට මාත් එකගයි ,,සුහද ප්‍රශ්න කර ගැනීමක් 
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Oct 2016 03:04 PM
  •  Quote
  •  Reply
08.සද පානක්

*සද පානක් සේ ඇවිදින්
ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සෙනෙහස
පිදුවායි ඔබ මා හට...

*නෙත් දහසක් පසුකරවිත්
මට හිමි දෙනුවන දුටුවිට
හදපනක් වුයේ
ඔබ නොවේදෝ මා සිත් අහසට..


දුවිලි සුළගෙන් පිරුණත් ඉපදුනු නගරේ
මට නුපුරුදු ගමට එන්න බැ
මේ නගරය අත් අරින්න බැ.....

මගේ උරුමය ලදුවත් මා ලද ගම පියසේ
මේ නගරේ කුඩු වෙන්නේ බැ
ගම්මානය අත් අරින්න බැ ...

අපදෙදෙනා මුණ ගස්වූ මේ මහා නගරේ
අතැර නුබට ගමට යන්නබැ
මේ නගරේ අත් හරින්න බැ

මගේ සිතින් මා සිතනා මතු යම් දවසේ
මේ නගරේ පාලු වෙන්නේ නැ
මන් තනියෙන් ගමට යන්නේ නැ


දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Oct 2016 11:15 PM
  •  Quote
  •  Reply
කාටවත් දැන් මේ ගැන අදහසක් නැතිදෝ..
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Oct 2016 09:01 AM
  •  Quote
  •  Reply
ඒකනේ්නම් අදහස් නැහැනේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Oct 2016 02:05 PM
  •  Quote
  •  Reply
අපොයි..
දිනයක වැටහේවී...........
0
Add Reply
Page 6 of 7 << < 34567 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below