Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Dec 2016 11:52 PM by samantha මියෙදෙන තුරා.......... 254 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 11 of 13 << < 910111213 > >> Author Messages SandaNew MemberPosts:69 09 Nov 2016 09:47 AM Quote Reply Math me kathawa harima asawen kiyawamin yanne.....kathawa lassanata liyala thiyenawa.....Sanduni nangi 😘 0 සඳුනිVeteran MemberPosts:2462 09 Nov 2016 02:19 PM Quote Reply ගොඩක් ස්තූතියි සදා අක්කේ දිනයක වැටහේවී........... 0 kingDVeteran MemberPosts:3309 09 Nov 2016 11:13 PM Quote Reply Posted By සඳුනි on 09 Nov 2016 09:12 AM හී හා හා. අද කරනට් තිබුනේ නෑ. රෑ දාන්නම් කොටස් දෙකක්. එක කොටසක් වත් දාල නෑ ..තාම රෑ උනේ නැද්ද ..හ්හ් ... Business, you know, may bring money, But friendship hardly ever does. 0 සඳුනිVeteran MemberPosts:2462 10 Nov 2016 01:31 AM Quote Reply 40. වන කොටස. මියෙදෙන තුරා. '' මම බිව්වා තමා අැයි මොකද යකෝ. අපි කලා බීලා සතුටින් ඉන්න මිනිස්සු.'' '' හරි හරි තාත්තාගේ වැඩ අපට නවත්වන්න බෑ. බිව්වා නම් කෑ නොගහා ගෙට යන්න.'' '' යකෝ මම වලි සෝමේ. මොකාටද පුළුවන් මගේ කට නවත්තන්න. '' '' හරි හරි තාත්තා කෑ ගහ ගහ ඉන්න. අපි යන්නවා. ඒන්න නිල්මී අපි යමු. මගේ අතින් අතින් අල්ලා ගත් ශාමලී ගෙට අැතුල් වන්නට සැරසුනා. '' මොකද යකෝ මේ ගෙදර ලාම්පුවක් වත් පත්තු කරලා නැත්තේ. තොපි කොහෙද ගියේ.'' '' කොහේ යන්නද? ලාම්පු පත්තු කරන්නේ මොකටද ලයිට් තියෙද්දි.'' ''අෑ.. ලයිට් තියෙද?.'' '' තාත්තේ බිව්වා නම් කෑ නොගහා ඉන්න. නිල්මිණි අපේ ගෙදර ඉන්නේ කියලා තාත්තට අමතකද?'' ''මට මොන අමතකද? ඔබ නොදන්නවා වුනාට ඒකිත් අපේ ඒකියක් තමා වලව්වේ ඒකියක් නෙමේ. කුණු හැත්ත කෑවා මගේ අක්කගේ ජිවිතේ.'' ''මොනවද තාත්තේ ඔය කියවන්නේ. '' ''මම කියවන්නේද?. සම්පුර්ණ අැත්ත.'' '' විකාර කියවන්නේ නැතුව ගෙට යන්න තාත්තේ.'' ඉන් පසු ගෙට වැදුණු අපි දෙදෙනා සෝමේ මාමා මොනතරම් කියෙව්වත් එලියට අවේ නෑ. ශාමී කියා සිටියේ තාත්තා බීලා අාවම හොදම දේ තමා කතා කරන්න නොයා නෑහුනා වගේ අපි පාඩුවේ ඉන්න ඒක කියලා. කතා කරන්න ගියොත් ඒයාගේ සද්දේ තවත් වැඩි වෙනවා. ශාමලී නම් හොදට නිදා ගත්තා. සේමේ මාමා පාන්දර යාමය වෙන තෙක් තනියෙම කියවු නිසා මගේ නෙත් දෙකට නම් නිද්ද බිදක් වත් ළගාවුනේ නෑ. '' අනේ මගේ ශාමලී දුවේ. පොඩ්ඩක් මෙහෙට වරෙන්කෝ. මම බීලා කියවනවා කියලා හිතන්න ඒපා. මම බිව්වේ මේතරම් දවස් හිතේ හිර කරන් හිටි දුකක් නිසා.'' ශාමලී නම් හිටියේ බර නින්දක මට බය හිතුනේ සෝමේ මාමා ඒක පාරටම අඩන්නේ අැයි කියලා. '' අනේ නිල්මිණී දුවේ. අපේ කෙල්ලට පොඩ්ඩක් මෙහාට ඒන්න කියන්න. මට දුකයි මගේ දුවේ. මගේ දරුවන්ට මගේ ළග ඉන්න පින නෑ. මගේ දරුවෝ හැමදාම හොරු ගෙනියනවා.. ඔවුන්ට නම් හොදක් වෙන්නේ නෑ.'' ''ශාමී ශාමී..'' ''හ්ම්..'' ''නැගිටින්නකෝ.'' ''හ්ම් ..'' ''ශාමී.....'' මම ශාමලීව උරහිසෙන් සොලවා අැහැරවමින් කිව්වා. '' මො..කද නිල්මී.. නිදා ගන්...නකෝ. '' ''සෝමේ මාමා අඩනවා.'' ''අ...නේ ඒ..යා බිව්...වම ඔ...හොම තමා. සද්ද.. නැතුව නිදා.. ගන්න.'' අැය නැවතත් අනික් පසට හැරී නිදා ගත්තා. ඒවර සෝමේ මාමාටත් නින්ද ගිහින්ද කොහෙද සද්දයක් නෑ. පාන්දර දෙකට පමන මම අමාරුවෙන් නින්ද ලගා කර ගන්න පුළුවන්. පසු දින උදෑසන් සෝමේ මාමා හැසිරුනේ කිසිත් නොවුන ගානට. ඔහුට රෑ කිව් කිසිවක් මතක බවක් නම් පෙනුනේ නැ. '' තාත්තේ මම අායි වැඩට යන්න කියලා.'' '' අායි.'' උදෑසනම හුග දිනකට පසු රැවුල බාමින් සිටි සෝමේ මාමා ළගට ගොස් ශාමලී කියා සිටියා. '' ඔව් දැන් මට හොදයිනේ. අනික මගේ පුතා මගේ ළගට ගන්න මොකක් හරි දෙයක් කරන්න ඔනේ.'' ''උබේ කැමැත්තක් දුවේ. පරිස්සමින් වැඩ කරපන්. අායි රෑ වැටුන වලේ දවල් වැටෙන්නේ නැතුව.'' '' හරි තාත්තේ මම අායි මෝඩ වැඩ කරන්නේ නෑ. තාත්තාම දන්නවනේ හේෂාන් අයියා මාව රැවැට්ටුවේ නෑ.'' '' ඒක ගැන දැන් කතා කරලා වැඩක් නෑ.'' '' ඔව් තාත්තේ ඒ ගැන දැන් හිතලා වැඩක් නෑ. මම අද ඉන්ටව් යන්න කියලා.'' '' කලින් ගිය තැනමද. උබට පුළුවන්ද ඒ මිනිස්සුන්ට මුණ දෙන්න.'' '' ඊට වඩා ප්‍රශ්ණ වුන මිනිස්සු තාමත් හොදට ජීවත් වෙනවා තාත්තේ.'' ''ඒතකොට නිල්මිණි දුව.'' '' දවල්ට විතරනේ තාත්තේ මම නැත්තේ. පොඩ්ඩාත් ඒහයිනේ. විජී අයියාත් ඉන්නවානේ. තාත්තාත් මේ අහල පහළනේ ඉන්නේ. අනික වලව්වෙන් ඒන ඒකක් නෑ අායි නිල්මී හොයන්න.'' '' ඒ මොකද'' '' ඒයාලා හිතන් ඉන්නේ නිල්මී විජී අයියාව බැදලා කියලනේ.'' '' අා.. ඔව්නේ. හරි දුවේ ඒහෙනම්.'' ඒදින උදෑසනම ශාමලී උදෙන්ම පිට වි ගියා. සෝමේ මාමාත් ඉන් පසු පිට වී ගියා. මට දැනුනේ පුදුමාකාර පාළුවක්. විජී අයියා හරි පොඩ්ඩා හරි ඒයි කියලා බලන් හිටියත් කිසිවෙක් පැමිණියේ නෑ. විජී අයියා සැබවින්ම මා සමග අමනාප වී අැති බව හොදින් පැහැදිළි වුනේ පසු දිනත් නොපැමිණිම. ශාමලී දිනපතා රැකියාවට යන්න පටන් ගත්තා. මට හට නිවස තුල අැති වුනේ හරිම හුදකලා බවන්. ඉද හිට පොඩ්ඩා අැවිත් ගියත් මට දවසම නිවසේ සිටීම අපහසු වෙලා තිබුනේ. ඒක නිසාම මම නැවතත් පැරණී පොත් කීපය මුල සිට කිවන්නට පටන් ගත්තා. '' ශාමී නගා.'' ''ශාමී නගා නෑතෝ.'' විජී අයියගේ කටහඩ අැහෙද්දී මට දැනුනේ පුදුමාකාර සතුටක්. ඔහු සතියක් මෙහි නොපැමින සිටිම මට දැනුනේ හරියට අවුරුදු ගණනාවක් නොපැමිනියා වගේ. '' කෝ ශාමී නගා.'' ''ඒයා වැඩට යනවනේ දැන් . අැයි ඔයා මේ දවස් ටිකේ අාවේ නැත්තේ.''. ''මම නාදුනන කෙනෙක්නෙ. ඒකයි මම අාවෙ නැත්තේ. නිල්මී නගාට මාව විශ්වාසත් නෑනේ.'' '' අනේ ඒහෙම ඒකක් නෑ විජී අයියේ.'' '' හරි හරි නිල්මී නගා. මම රෑ වෙලා ඒන්නම් සෝමේ මාම ඒහෙම අාවම.'' '' අැයි යන්නේ. මම හරිම පාළුවෙන් ඉන්නේ මේ ගෙදර. කියවන්න පොතක් වත් නෑ පුස්තකාලයට යන්න විදියකුත් නෑ.'' ''පාළු බව දන්න නිසානේ මම ඒදා ටවුන් යන්න අඩ ගැහුවේ. දැන් ඔයා පවුලෙන් අයින් වෙලා ජීවිතේ ගැන ලොකු තීරණයක් අරන් ඉන්නේ. ඒක නිසා ඔයා තනියෙන් තමන්ගේ වැඩ කර ගන්න පුරුදු වෙන්න.'' ''තරහා වෙන්න ඒපා විජී අයියේ. ශාමී අකමැති නිසයි මම බැ කිව්වේ.'' මම කියන්න නොහිතුවත් විජී අයියා තරහා කර ගන්නට අකමැති නිසා මට ඉබේම වගේ කිය වුනා. '' ඒයා අැයි අකමැති වෙන්නේ. ඒයා ඔයාට ඒහෙම දෙයක් කිව්වද?'' ''නෑ නෑ. මොකුත් කිව්වේ නෑ. ඒත් මට තේරෙනවා ඒක.'' ''විකාර කියවන්න ඒපා නිල්මි නගා. මම යනවා.'' ඒ කතාවත් ඔහුගේ හිතේ අැති වුනේ නොරිස්සුමක්. අමනාපය හිතේ තියෙද්දිම ඔහු පිට වී ගියා. මගේ හිතේ තෙරපුනේ ලොකු දුකක්. මගේ හිත හොදටම අකිකරු වෙලා. කිසිම දෙයක් හොදක් නරකක් , යුතු නොයුත්තක් මට කල්පනා වුනේ නෑ . අඩුම තරමින් මගේ අසනිප තත්වයක් මුළුමනින්ම අමතක වී ගිහින්. මගේ හිත තුල තෙරපුනේ විජී අයියාට කේන්ති ගැනිමට මා අතින් මේතරම් සිදු වරද මොකද්ද කියලා. පසු දින දහවලේ ගස් වදුලින් සෙවන වු ලී බංකුව මත මම වඩි ගෙන වුන්නා. මහ හඩ දීගෙන අා බයිසිකලය වැට අසල නතරවුනා. මට පාලනය කර ගන්නට නොහැකි මගේ හිත මගේ දෙපා මාව වැට අසරල රැගෙන ගොස් තිබුනා. '' නිල්මී නගා අදවත් යමුද?'' ''ඔය බයික් ඒකෙද යමු කියන්නේ'' ''ඔව් අැයි හොද නැද්ද?.'' ''අනේ මන්දා.'' ''අපිට ඉතින් සැප කාර් නෑ සුමේධ අයියට වගේ..'' '' ඔයා කොහොමද සුමේධ අයියා ගැන දන්නේ.'' '' මට පොඩ්ඩා කිව්වා.'' '' ඒහෙමද?'' මට ලොකු අපහසුතාවයක් දැනුනේ පොඩ්ඩා හිතන් හිටියේ මම සුමේධ අයියාට අාදරෙයි කියලා. ඒයා නම් විජී අයියට සුමේධ අයියා ගැන කිව්වේ. අනිවාරෙන් මම සුමේධ අයියට අාදරය කලා ශාමී වෙනුවෙන් ඒ හැම දේම කැප කලා කියන්න අැති. කවදා හරි දවසක අායෙත් සුමේධ අයියායි මාවයි ඒකතු කරන්න ඔනේ කියලත් කියන්න අැති. අයියෝ මම සුමේධ අයියට අාදරේ කලේ නෑ විජී අයියේ. මට ඒහෙම කියලා කෑ ගහන්න හිතුනා. ඊ ළග කොටසින් හමු වෙමු. දිනයක වැටහේවී........... 0 kingDVeteran MemberPosts:3309 10 Nov 2016 02:41 AM Quote Reply නිල්මි නගා මොකාටද එන්න හදන්නේ .... වීජී අයියත් එක්ක සෙට් වෙයිද Business, you know, may bring money, But friendship hardly ever does. 0 sha733Super Senior MemberPosts:7332 10 Nov 2016 04:18 AM Quote Reply නංගි ප්‍රෙමදඩයමවත් බලනවද. නිකං ඒකට අනුබද්ධ වෙලා යනවා වගේ 0 සඳුනිVeteran MemberPosts:2462 10 Nov 2016 06:00 AM Quote Reply 41. වන කොටස. මියෙදෙන තුරා. '' නිල්මි නගා අැයි සුමේධ අයියා මතක් වුනාද?.'' ''අනේ නෑ. පොඩ්ඩා මොනවද සුමේධ අයියා ගැන කිව්වේ.'' ''සේරම කිව්වා. දැන් ඒක වැඩක් නෑ. ඒනවද යන්න මගේ දුප්පත් වාහනේ.'' '' ඉන්න මම අැදුමක් අැදන් ඉන්නම්.'' '' ඔය අැදුම හොදයි.'' ''අනේ මේක බෑ . පොඩ්ඩක් ඉන්න.'' මම නිවසින් පිටත් වී එන විට කිසිම අැදුමක් රැගෙන අාවේ නැ. අැදන් අා අැදුම පමණයි මට තිබුනේ. මම අදත් ඒ අැදුමම අැදගෙන කොන්ඩයත් පීරාගෙන අල්මාරියේ කැඩපතට ඒබී මගේ රූපය දෙස බැලුවා. තරමක් බුරුලට තිබූ අැදුම මට අැගේ ගානට සිරවි තිබුනා. මම මහත් වෙලා. මම තනියෙම හිනා වුනේ පුදුමයෙන්. මම විජී අයියා දෙසට යන විට ඔහු දෑස් දල්වා මා දෙසම බලා වුන්නා. මම ඔහු අසලම ගිය විට ඔහු මගේ හිසේ සිට දෙපතුල දක්වා නෙත් යැව්වා. මට දැනුනේ ලැජ්ජා සහගත හැගීමක්. ''විජී අයියේ.'' ''නිල්මී නගා ඒ අැදුමට මාර පෙනුමයිනේ.'' මම ඔහුගේ කතාවට සිනවකින් පිළිතුරු දී වැටෙන් ඒහා පැත්තට පැන්නේ සුදු පාට දිගු සාය කෙටි කර අල්ලා ගනිමින්. ''විජී අයියේ මම කොහොමද මේකට නගින්නේ. හුගක් උසයින්නේ.'' '' අැයි මාව අල්ලගෙන නගින්න '' ''අනේ මම බයික් ඒකක ගිහින්ම නෑ. මට බයයි.'' ''මුලින් මේ හෙල්මට්ඒක දාන් ඉන්න.'' ඔහු කිසිදා මේ පයිසිකලය පැදෙනව්වේ හිස් අාවරන පැළදගෙන නෙමෙයි. ඔහු අද හෙල්මට් දෙකක්ම අරන් අැවිත්. මම හිස් අාවරණය පැළද ගන්නට උත්සහ කරද්දී අහු හිස් අාවරනය පැළදගෙන මා දෙස බැලුවා. '' කෝ ඒන්න මම දාන්න.'' මම අමාරුවෙන් හිස් අාවරනය පැළද ගන්නට උත්සහ කරන අයුරු දැක ඔහු කියා සිටියා. අමරුවෙන බයිසිකලයට නැගුන මම වැඩි දුරක් යන්නටත් මත්තෙන් වීජී අයියගේ බද වට දෑත් යව තදින් අල්ල ගත්තා.මට දැනුනේ මම ඉගිල්ලෙනවා වගේ. බයිසිකලය ධාවනය වුනේ එතරම් වේගයෙන්. බයිසිකලය ධාවනය වන්නට පටන් ගත වෙලේ පියා ගත දෑස් මම විවර කළෙම නැ. '' බහිනවද කුමරිහාමී.'' වීජී අයිය එලෙස පවසන විටයි මට දැනුනේ, බයිසිකලය නතර වෙලා කියලා. මම තවමත් ඔහුගේ බද වට දෑත් යවාගත් ගමන බව සිහිවී මම ඉක්මනින් දෑත් ඉවතට ගතතා. '' එක හොද වැඩක් මොකද මේ ටවුන් එකනේ.'' මම දන්නවා ඔහු කිව්වේ මා ඔහුව බදාගෙන සිටි එක ගැන කියලා.මගේ මුණ ලජ්ජාවෙන් රතු වුනා. මම මොකුත්ම නොකිය බයිසිකලයෙන් බහින්නට උත්සහ කළා. බහින්න යාමේදී වැටෙන්න ගිය නිසා මම ඔහුගේ උරහිස අල්ල ගත්තා. '' වැටෙයි ළමයෝ මාව අල්ලාගෙන බහින්න ආඩම්බරකම් නැතුව. ටවුන් එකේ කවූරු දැක්කම මොකද? දකින්න ඕනෙම අය හිතන් ඉන්නේ ඔය මගේ වයිප් කියලානේ.'' ''මේ වීජී අයියගේ කාට නම් '' කියලා, හිත කියද්දී මට දැනුනේ සිවූම් සතුටක්. මම ඔහුගේ වරු ඇතිව බයිසිකලයෙන් බිමට බැහැ ගත්තා. '' නිල්මී නගා ඔතනම ඉන්න . මම බයික් එක අයිනකට දාලා එන්නම්.'' සුළු මොහොතකට පසු ඔහු මා අසලට පැමිණියා. '' නිල්මී නගා අපි දැන් කොහෙද යන්නේ.'' '' මන්දා.'' මම උරහිස් හකුලමින් කිව්වේ, වට පිට බලමින්. නගරය පුරා සෙනග පිරී සිටියා. කලබලයෙන් එහෙ මෙහෙ ඇවිද ගිය ඔවුන් තම කාර්යේයන් ඉක්මනින් ඉටු කර ගන්නට උනාන්දු වෙන අයුරු මා හට පෙනුනා. විශාල ගෝනියක් කරතියාගත් මහලු මිනිසෙක් යම් පටු මගකට ඇතුල් වෙනවා දැකීමෙන් මා සිතේ දුකක් ඇදුනේ ඒ මනුස්සයට එක කරන්න පුලුවන්ද කියල හිතිලා. '' වීජී අයියේ.'' ''ඇයි නිල්මි නගා.'' ''ඔය දැක්කද අර වයසක සියා උස්සගෙන ගිය ගෝනියේ ලොකු . පවූ.. එයා ඒ කොහෙද ඒවා අරන් යන්නේ.'' මගේ කතාව ඇහුණාම ඔහු හිනා වෙන්නට ගත්තා. මට ඔහු ගැන ඇති වූනේ අමනාපයක්. ''මොකද හිනා වෙන්නේ . දන්නේ නැති නිසානේ ඇහුවේ.'' '' එක තමා නිල්මී නගා මම ඔයාට ඉගෙන ගන්න හුගක් දේවල් තියේ කිවූවේ මේ ලෝකේ. ඔය දැකලා තියෙන සුරඟන ලෝකයට වඩා මේ ලෝකේ හුගක් වේදනාකාරී. වැඩි හරියක් ඉන්නේ දුක්විදින මිනිස්සු. ඒ ගිය සීය වගේ.'' ''අනේ පවු වීජී අයියේ . එයා කොහෙටද ඒවත් උස්සගෙන යන්නේ.'' '' එක තම ඒ මනුස්සයාගේ රස්සාව. ඔය දුක් විදගෙන බර අදින්නේ අහිංසක දුප්පත් පවූලක් නඩත්තු කරන්නත් වෙන්න පුළුවන් , නැත්තම් හවසට තැබාරුමට පුජා කරන්න වෙන්නත් පුළුවන්.'' ''පව් වීජී අයියේ.'' ''හ්ම් ඔය පොළ දැකලා නැ කිවුවනේ අපි අද පොළට යමු. අද ඔයා බඩු ගන්න .ආ සල්ලි.'' '' මම .. අනේ මම දන්නේ නැ . ඔයා ගන්න.'' ''දන්නේ නැති නිසානේ පුරුදු වෙන්න ගන්න කියන්නේ.'' ''මොනවද ගන්නේ.'' ''ඔය කැමති ඕනෙම දෙයක්.'' සෙනග අතර තෙරපෙමින් අපි පොළ පුර ඇවිද්දා. වීජී අයියට නම් එපා වෙලා වගේ මා පසුපස ආවා. බොහෝ හවස් වී අපි නිවසට එන විට බොහොම මහන්සියෙන් හෙම්බත් වී සිටියා. ජීවිතේ මුල්ම වතාව මම මෙහෙම අද්දැකීමක් ලබපු . ඒක නිසාම මට විඩාවට වැඩ දැනුනේ සතුටක්. ''අම්මෝ නිල්මී නගා මට නම් හොදටම මහන්සි . පුළුවන් නම් තේ එකක් හදන්න. ගෙනාපු කේක් කෑල්ලකුත් කාල බොන්න.'' ඔහු එළියේ තිබු ලෑලි බැංකුව මත හිද ගමින් කිවුවා. '' හා වීජී අයියේ මම හදන්නම්. එන්න ඇතුලට.'' '' නෑ නෑ නිල්මි නාග හදන් එන්න . මම මෙහෙන් ඉන්නම්.'' මම අමාරුවෙන් එළවලු මල්ල කුස්සියට ඔසවාගෙන ගියා. කේතලය ලිප තැබූ මම මුලින්ම ඇදුම් මාරු කරගැනීමට ගියේ දැන් ශාමලී ගෙදර එන වෙලාවත් කිට්ටු නිසා. වීජී අයියා එක්ක ගියාට මොකද මගේ හිතේ තිබුනේ ලොකු බයක් , ශමී දැන ගත්තම මට බනිවි කියලා. මම ඇදුම හෝදන ඇදුම් ගොඩට වත් නොදා සගවා තැබුවා. ශාමලීගේ ඇදුමක් ඇගලා ගත් මම කුස්සියට ගොස් එළවලු මල්ල අසුරන්න වුණා. '' අයියෝ මොකද වීජී අයියා එළියේ. එන්නකෝ ඇතුලට.'' කියමින් ගෙට ඇතුල් වන ශමිගේ කටහඩ ඇහෙද්දී මගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තේ දැන් මම දැන් වීජී අයිය එක්ක පොලේ ගිය බව දැන ගත්තම හොදටම බනිවි කියලා. ''අනේ කවුද පොලේ ගියේ. මම මේ පොලට යන්න බැරි වුනානේ කියල කල්පනා කර කර ආවේ.'' ''වීජී අයියා ගෙනාවේ.'' ශාමලීගේ පිටුපසින් කුස්සියට පැමිණි වීජී අයියා දෙස ''අනේ ඇත්ත කියන්න නම් එපා'' කියන්න වගේ බලලා කිව්වේ වීජී අයියා ඒ ගැන කතා කරන්න කලින්. මම එහෙම කියද්දී වීජී අයියා හොරෙන් හිනා වෙලා නිහඩ වුනා. එයට නම් හිනා මම මෙතන බයේ ගැහෙනවා. මට ඔහු සමග පොඩි කෙන්තියකුත් ඇති වුනා. '' අනේ වීජී අයියේ ගොඩක් පින්. මම මේ කොහොමද බඩු ටිකක් ගේන්න යන්නේ කියලා හිටියේ.'' ''අනේ ඕක මොකද්ද මම අද හරිම ආසාවෙන් පොලේ ගියේ.'' වීජී අයියා මා දෙස හොරෙහින් බලමින් සිනාසී කිවුවා. මගේ හිත සිවුම් සතුටකින් වගේම ලජ්ජාවෙන් පිරි ගියා. කේතලය උණුවන හඩ ඇසුණු නිසා මම එතනින් නැගිට තේ හැදීමට ලිප අසලට ගිය. '' මෙන්න වැඩක් අසාවෙන් පොලේ ගියා. කවුද අනේ අසාවෙන් ඔය මිනිස්සු ගොඩේ තෙරපෙන්න යන්නේ.'' '' නැ මම මේ කිවුවේ. මම පොලේ ඇවිද්දේ නෑ. අදුරන වෙළෙන්දෙක් හිටිය එයාගෙන් සේරම ගත්තේ.'' හොද වැඩේ විකාර කියවනවට මම බිත්තිය සමග හිනා වෙමින් තනියම හිතුවා. ''මෙන්න තේ බොන්න.'' මම තේ විදුරු දෙක ඔවුන් දෙදෙනාට පාමින් කියා සිටියා. ඒ වන විට ගෙන ආ කේක් එක මේසය මත කෑලී කපා තබා තිබුනා. '' මොකද දන්නේ නැ අද තාත්තා පරක්කු . ගිනි වතුර ටිකක් බොන්න ගියද දන්නේ නැ.'' තේ වීදුරුව තොල ගාමින් ශාමලී කිවුවා. ''සෝමේ මාමා දැන් බොන්නේ නෑනේ.'' ''ඔයා අවේ නැනේ ගිය දවස් ටිකේම. තාත්ත බිල ඇවිත් ගමටම සද්දයක් දැම්මා.'' නොයෙක් දේ කතා කරමින් අපි කඩිමුඩියේ රාත්‍රී ආහාරය පිළියෙළ කරන්න වුනේ අද හුගක් පරක්කු වෙලා නිසා. අනෙක් දින වල මම ශාමලී නිවසට පැමිණෙන්නටත් පෙර උයා තබනවා. පව් ශාමීට බඩගිනි ඇති. මට එයට අද බෝරුවාකුත් කියන්න වුණා පව්. මම තනියම කල්පනා කරන්න වුණා. ''මොනවද නිල්මී නගා ඔය හැටි කල්පනා කරන්නේ.'' ''මම මේ හිතුවේ ශාමීත් එක්ක මත වැඩට ගියානම් හරි කියල.'' '' ඔයාට පිස්සුද නිල්මී නගා.ඔය හිතන තරම් ලේසි නැ රස්සාවක් කරනවා කියන එක.'' වීජී අයියා නම් මගේ යෝජනාවට පොඩ්ඩක් වත් කැමති වුනේ නෑ. ''නිල්මී මොකද රස්සාවක් කරන්න හිතුවේ.'' ඊ ළග කොටසින් හමු වෙමු.... දිනයක වැටහේවී........... 0 DushanVeteran MemberPosts:2536 10 Nov 2016 06:19 AM Quote Reply විජි අයියා හැමදාම පොලට යයි වගේ 0 සඳුනිVeteran MemberPosts:2462 10 Nov 2016 07:07 AM Quote Reply පොලේ යාවී වගේ තමා. අපෝ ශා අයියා මම ප්‍රේම දඩයමට අාස නෑ. දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 10 Nov 2016 09:12 AM Quote Reply Posted By සඳුනි on 10 Nov 2016 07:07 AM පොලේ යාවී වගේ තමා. අපෝ ශා අයියා මම ප්‍රේම දඩයමට අාස නෑ. හී........... එහෙං කමක් නෑ කිවුව වගේ හැමදාම පොලට යවන්න. අහුවෙනකං බලමුකෝ ශාමි කොයි වෙලේ පෙනේ පුප්පන්න ගනියිද කියලා 0 සඳුනිVeteran MemberPosts:2462 10 Nov 2016 01:29 PM Quote Reply 42. වන කොටස. මියෙදෙන තුර... '' මට හැමදාමත් ඔයාලට කරදරයක් වෙන්න බැරි නිසා.'' ''මොනවද නිල්මී ඔයා මේ කියන්නේ. කවද්ද මම ඔයා මට කරදරයක් කියලා කිව්වේ. මම නිසා ඔයයි, ඔයාගේ ලස්සන අනාගතේ නැති කර ගත්තේ. මම අසනිප බව අාරංචී නොවුනා නම් ඔයා මෙලහට සුමේධ අයියාව බැදලා.'' මම ඉබේටම වගේ විජී අයියා දිහා බැලුවා. මගේ හිත පොඩ්ඩක් වත් කැමති වුනේ නෑ මම සුමේධ අයියාට අාදරේ කලා කියලා විජී අයියා හිතනවට. මොකද මම සුමේධ අයියාට අාදරේ කලේ නැ, ඒයාගේ හොද ගති ගුණ නිසා හිත පැහැදීමෙන් හිටියා මිස. මට ශාමී ඒක්ක නොරිස්සුමක් අාවේ ඒ වචනය අැහෙද්දී විජී අයියාගේ මුණ අදුරු වුණ නිසා. '' ඔය කතාව නවත්වන්න ශාමී. මම කවදාවත්ම සුමේධ අයියාට අාදරේ කලේ නෑ. කවුද ඔයාලට ඔය බොරුව කිව්වේ.'' ''නෑ නෑ මම දන්නවා ඔයා ඒ දරුවෝ දෙන්නට මොනතරම් අාදරෙන් හිටියද කියලා.'' ''දරුවෝ දෙන්නටනම් පණ වගේ අාදරෙයි තමයි. ඒත් මම සුමේධ අයියා හොද කෙනෙක් නිසා ඒයාව ළගින් අාශ්‍රය කළා මිසක් .අපි දෙන්නා අතර අාදරයක් තිබුනේ නෑ. අපි ගෙදර අයට පෙන්න අාදරවන්තයෝ වගේ වුන්න බව නම් අැත්ත.'' ''දැන් ඔය කතාව නවත්වන්න දෙන්නම. නැත්තම් මම යනවා යන්න. වෙච්ච දේවල් වෙලා ඉවරයි. අායි ඒවා හාරා අවුස්සන්න ඒපා.'' අපි දෙන්නාගේ කියවිල්ල ඉවරක් නොවන විට විජී අයියා කතාවට මැදිහත් වුනා. මේ වන සිදු වන සියල්ලගෙන්ම මට දැනුනේ ශාමී විජී අයියා මට ළං වෙනවට අකමැති කියන ඒක පමණයි. හරි ශාමී මම කොහොමත් මැරෙන්න ඉන්න කෙනෙක් මට ඩොක්ට දුන්න කාලයත් ඉවර වීගෙනයි ඒන්නේ. තව මාස හයයි දෙවියෝ මට මේ ලෝකේ ඉන්න දීලා තියෙන්නේ. ගන්න කිව්ව බේත් නොගත්ත නිසා මට ඒ කාලය තවත් අඩු වෙවී. ඔයාගේ විජී අයියා මට ඒපා ශාමී. මම අායි කවදාත්ම ඔයාට බොරුවක් කරන්නේ නෑ. ඉන් පසු උදා වූ දවස් කීපය මම ගෙවා දැමුවේ හරිම වේදනාවෙන්. විජී අයියා දහවලට නිවෙස පැත්තට අාවත් මම කතා කලේ වැඩි උනන්දුවකින් නෙමේ .මම නිවසේ තනියෙම සිටි නිසාම වැඩි වෙලා නොරැදී ඔහු පිටවි ගියා. ඉන්පසු ඔහු අාවේ ශාමලි ඉන්න වෙලාවට විතරයි. දිනක් උදෑසන මට හරිම අපහසුතාවයක් දැනුනා. තද ඔළුවේ කැක්කුමත් සමග සිරුරට අප්‍රාණික බවක් දැනුනා. නිවසේ කිසිම වැඩක් කිරීමට හිත නොදුන් නිසා මම අැදටම වී හිටියා. දහවල උදා වුවත් හිස ඒසවිමට නොහැකි තරම් බරක් දැනුන නිසා මම අැදේ ඒ මේ අත පෙරලෙමින් අැදටම වි සිටියා. '' නිල්මී නගා... නිල්මී නගා...'' '' මම අැතු..ලේ විජී අයි..යේ.'' මම අමාරුවෙන් පිළිතුරු දුන්නා. '' පොඩ්ඩක් ඒළියට ඒන්නකෝ.'' '' අ..නේ මට අමාරු..යි විජී අයියේ..'' ''අැයි ළමයෝ මක් වෙලාද?.'' ඒවර විජී අයියා කලබලයෙන් කාමරය තුළට පැමිණියා. ''අැයි අසනිපයක්ද?.'' '' අැගට හරිම අමාරුයි විජි අයියේ. ඔළුව පුපුරන්න රිදෙනවා.'' ''කෝ බලන්න. හොදටම උණනේ අැග ගිනි කබල වගේ. පැනඩෝල් දෙකක් වත් බිව්වද?'' ඔහු මගේ නළල මත පිට අත්ල තබා බලමින් කිව්වා. මෙතරම් දිනක් ලීලම්මා නැති අඩු පාඩුව මට තදින් නොදැනුනේ ශාමලී හැමදේටම මගේ ළග වුන් නිසයි. නමුත් අද මට අැය නැති පාඩුව මට තදින්ම දැනුනා. මට මතකයි ගෙදරදී මට උණ හැදුනම ලීලම්මා පැය භාගෙන් භාගෙට මගේ ළගට දුවන් ඒනවා. කැද වර්ග හදාලා දෙනවා. කන්න බෑ කිව්වම මම ඉල්ලන් ඉල්ලන දේ මට හදලා දෙනවා. අනේ ලීලම්මේ ඔය මාලිගාවට කබුරන ඒක නවත්තලා අපි ගාවට ඒන්නකෝ. හිත හදඩද්දී නෙත් දෙකත් ඉබේටම තෙත් වෙලා තිබුනා. අැස මුළ රොක් වි තිබු කදුලු ඒක වරම නෙත් අගින් රූරා වැටුනා. '' අනේ අැයි අඩන්නේ නිල්මි නගා. අපි බෙහෙත් ටිකක් ගේන්න යමු. ශාමි නගාව ගෙදර ගෙන්න ගමුද?'' '' ඒපා විජි අයියේ මට හොද වෙයි ලොකු අමාරුවක් නෑ.'' ''අැයි ඒහෙනම් ඔය අැස් වල කදුළු.'' ''මට ලිලම්මව මතක් වුනා විජි අයියේ.'' ''ඒ කිව්වේ පොඩ්ඩාගේ නැන්දා නේද?'' ''ඔව් ඔව් . ඒයා තමා අමිමා කෙනෙක් වගේ හැමදාම මගේ ළග හිටියේ.'' ''අැත්තටම නිල්මි නගා ඔයාට අම්මා අප්පච්චි මතක් වෙන්නෙ නැද්ද?'' '' අැත්තටම මම ඒයාලට වැඩිය ළග නෑ විජි අයියේ. මට අම්මාගේ අාදරේ දුන්නේ මගේ ලිලම්මා.'' ''මට වගේ මයි.'' මම විජි අයියාව අදුර ගත් කාලය තුළ මොන තරම් දේ කතා කළත් කවදාත්ම ඒයාගේ පුද්ගලික තොරතුරු මා සමග කියලා තිබුනේ නෑ. ඒවා අසනවාටවත් ඔහු කැමති වුනේ නෑ . නමුත් අද මම නොවිමසාම ඔහු ඔහුගේ දෙමාපියන් ගැන කතා කරන්න වුනා. '' මගේ අම්මා මාව දාලා සදහටම මේ ලෝකෙන් යන්න ගියේ මට නොතේරෙන වයසෙදී. මට ඒයාගේ හැබෑ රූපයත් මතක යාන්තමට. මම දන්නේ නෑ අම්මා ගේ මැද්දේ සුදුම සුදු අැදක නිදාගෙන ඉන්නේ අැයි කියලා. මම ගෙදරට ඒකතු වෙලා හිටිය යාලුවෝ ඒක්ක දවසම කෑ ගගහා සෙල්ලම් කලා. තාත්තා මට කිව්වේ අම්මා ටිකක් අසනිපෙන් නිදි අැහැරවන්න ඒපා කියලා. ඊට පස්සේ දවසක අම්මව පෙට්ටයක දාලා ඔස්සගෙන ගියේ මාමාලා කට්ටියම ඒකතු වෙලා. පස්සේ වාහනයක් අැතුළට දාගෙන අම්මාව අරන් ගියා. තාත්තාගෙන් මම අැහුවම ඒයා කිව්වේ අම්මාව බෙහෙත් ගන්න ඒක්කන් යනවා කියලා. ඊට පස්සේ කවදාවත්ම මගේ අම්මා අායි මම බලන්න අාවේ නෑ. ඊට පස්සේ මගේ අාරක්ෂාවට හිටියේ අායා අම්මාලා විතරයි. තාත්තා නිතර ගෙදර අාවේ නෑ මම ඒයාගෙන් අම්මා ගැන අහලා කරදර කරන නිසා. අායා අම්මලා.'' මට ඉවසා ගන්නට බැරි තද කැස්සක් අා නිසා ඔහුගේ කතාවට බාදා වුනා. '' අනේ නිල්මි නගා යමු බේත් ගෙන්න. ඔයාට හුගක් අමාරුයි.'' '' අනේ මට බෑ විජී අයියේ..'' '' බෑ කියලා කොහොමද ළමයෝ. කෝ නැගිටින්න.'' '' අනේ මට බෑ විජී අයියේ.'' '' අනේ විකාර නැතුව නැගින්න ළමයෝ.'' ඔහු මා වෙතට නැඹුරු වී මට අැදේ වාඩි වන්නට උදව්කලා. '' නගාට පුළුවන්නම් වෙන අැදුමක් අැද ගන්න නැතම් ඔකට උඩින් බවුස් ඒකක් දා ගන්න මම ත්‍රීවීල් ඒකක් කතා කරන් ඒන්නම්.'' විජී අයියා මට ඒලෙස පවසා ගියේ මම තවමත් සිටින්නේ රෑ අැදුම පිටින් නිසයි. අමාරුවෙන් අැදෙන් බැස ගත් මම අැදුමක් අැදගෙන ඔළුව ටිකක් පීරගෙන අායෙත් අැදේ හාන්සි වුනේ ඔළුව උසවාගෙන හිදීම අපහසු නිසයි. '' නිල්මි නගා යමු. ත්‍රිවීල් ඒක අාවා.'' ''හ්ම්'' '' ඉන්න මම උස්සන් යන්න.'' ''ඔනේ නෑ විජී අයියේ මට පයින් යන්න පුළුවන් ඔලුව රිදෙන ඒක තමා ඉවසන්න බැරී'' මම අමාරුවෙන් අැවිදගෙන යන දෙස ටිකක් වෙලා බලා වුන් ඔහු මගේ බද වටා අතක් යවා මට අැවිදින්නට වාරු දුන්නා. ත්‍රිරෝද රථයෙන් පෞද්ගලික වෙෙද්‍ය මධ්‍යස්තානයකට ගිය අපි වෙෙද්‍යවරයා වෙත ඉක්මණින්ම යොමු කරනු ලැබුවේ විජී අයියාගේ බල කිරීම නිසාමයි. පොඩි දරුවෙකුට බෙහෙත් අරන් දෙන්න ඒක්කන් ගියා වගේ විජී අයියා මම වෙනුවෙන් මගෙ සියලු රෝග ලක්ෂණ වෙෙද්‍යවරයා සමග කියා සිටියා. සියල්ල සාවදානව අසා සිටි වෙෙද්‍යවරයාගේ මුවේ සිනාවක් අැදුනා. '' මේ දරුවා නම් හරිම වසනා වන්තයි. හස්බන් හරිම අාදරෙයිනේ ඔයාට.'' විජී අයියා මගේ හස්බන් නෙමෙයි කියන්න මම උත්සහා කලත් වෙෙද්‍යවරයාගෙන් මට ඉඩක් ලැබුනේ නෑ. '' මේ දරුවට වමනෙත් ගියාද?'' මම හිස සලා නෑ කිව්වා. '' ඔන්න ඉතින් දෙන්නට සුභ අාරංචියක්ද දන්නේ නෑ . අපි චෙක් කරලා බලමු.'' මගේ දෑස් මවිතයෙන් ඉහල යද්දී විජී අයියා කතා කරන්න වුනා. '' ඒහෙම වෙන්න විදියක් නෑ ඩොක්ටර්.'' '' අපි බලමුකෝ. මොකද මේ තරම් පරක්කු වුනේ මැරි කරන්න. තවමත් දරුවෙක් ගැන බලාපොරොත්තුවක් නැද්ද ? ඒහෙම වෙන්න බෑ කියන්නේ.'' අපිට කිසිත් කියන්නට අවස්ථාව නොදුන් වෙෙද්‍යවරයා පරික්ෂණ කීපයක් ලිවු පත්‍රිකාවක් විජී අයියා අත තැබුවා. ඉන් පසු වෙෙද්‍යවරයාගේ කාමරයෙන් අපි ඒළියට අාවා. '' ඒ මනුස්සයාට නම් පිස්සුද කොහෙද විජී අයියේ. අපි වෙන තැනකින් බෙත් ගමු.'' ''කමක් නෑ ලේ මුත්‍රානේ චෙක් කරන්න කිව්වේ. වෙන ලෙඩක් තිබුනත් අහු වෙනවනනේ අයි චෙක් කරලා බෙහෙත් අරන් යමු.'' ''ඔයාට පිස්සුද?'' '' ඒන්න මිස් අැතුළට ඔයාගේ පරීක්ෂණ ටික කරන්න. හැබැයි හස්බන්ට නම් ටිකක් ඒළියෙන් ඉන්න වෙනවා.'' කිසිත් කියන්නටත් ඉඩ නොදි හෙදියක් මාව අැතුල් කාමරයකට රැගෙන ගියා. පරීක්ෂන වලින් පසු අපි නැවත වෙෙද්‍යවරයා ළගට ගියේ පරීක්ෂණ වාර්තාත් අරගෙන. සියල්ල හොදින් නිරීක්ෂනය කළ ඔහු අවසන් නිගමනය දුන්නා. '' මේ වාර්තාවේ හැටියට නම් මේ දරුවට තියෙන්නේ වෙෙරස් උණක් විතරයි. මේ බේත් ටික ෆාමසියෙන් ගන්න. මේටික කවුන්ටර් ඒකෙන් ගන්න .'' කියා වෙෙද්‍යවරයා බෙහෙත් වර්ග කීපයක් පත්‍රිකා දෙකක ලියලා විජී අයියා අත තැබුවා. අපි වෙෙද්‍යවරයාගේ කාමරයෙන් පිටත් වෙන්නට සුදානම් වෙත්ම වෙෙද්‍යවරයා අපට නැවත වාඩි වෙන්නයි කීවා. ඊ ළග කොටසින් හමු වෙමු....... දිනයක වැටහේවී........... 0 kingDVeteran MemberPosts:3309 10 Nov 2016 10:24 PM Quote Reply මට හිතෙන්නෙ ලොකු බේබිගේ ලෙඩේ මාට්ටු වෙලා වත්ද Business, you know, may bring money, But friendship hardly ever does. 0 sha733Super Senior MemberPosts:7332 10 Nov 2016 10:56 PM Quote Reply ලෙඩේ මාට්ටු උනොත් විජී අයිය තවත් ආදරේ කරයි නේද හොදයි ඔහොම යමුකෝ 0 සඳුනිVeteran MemberPosts:2462 11 Nov 2016 01:42 AM Quote Reply විජී අයියා අාදරෙයි වගේ නේද? අනිත් යාලුවෝ නම් කියනවා සුමේධ අයියා පව්ලු දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 11 Nov 2016 07:11 AM Quote Reply 43. වන කොටස. මියෙදෙන තුරා.. '' මේ දරුවගේ වයසත් ඒක්ක තවත් දරුවෝ පරක්කු කරන ඒක නම් හොද නෑ. ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් හිතන්න. ඊ ළග වතාවේ සුභ අාරංචියක් අරන් යන්න බලානම ඒන්න.'' මට වෙෙද්‍යවරයා සමග අැති වුනේ කේන්තියක්. ඔහුගේ හැසිරීම ගැන කේන්ති අරන් වැඩකුත් නෑ. හස්බන් නොවන වෙනත් පිරිමියෙක් මෙහෙම ගැහැනු කෙනාගේ ලෙඩ කියලා පොඩි දරුවෙක්ට වගේ බේත් අරන් දෙන්නෙ නෑනේ. මම තනියම හිතුවා. මෙම සිදු වීම නිසා රෝගී තත්වයද අමතක වි තනියම හිනා අැති වුනා. මම හොරෙන් බලද්දී විජි අයියාත් තනියෙම හිනා වෙනවා. ත්‍රී රෝද රතයෙන් නිවසට පැමිණී මම වෙෙද්‍යවරයා දුන් බෙහෙත් පානය කර අැදට වැටුනා. ඉන් පසු මම අැහැරුනේ හොදටම අැදිරි වැටි තිබියදී. විජී අයියා ගියාද හිටියද කියලා වත් මට මතක තිබුනේ නැ. මම අවධි වන විට නිවස පුරා විදුලි පහන් දැල්වි තිබුනා. දැන්නම් ශාමිත් අැවිත් අැති කියලා හිතාගෙන මම අැද මත වාඩී වුනා. '' නිල්මි නගා අැහැරියද?'' '' තාම ඔයා ගියේ නැද්ද විජී අයියේ.'' '' නෑ නගා .කොහොම තනියෙන් දාලා යන්නද ?මේ තරම් අමාරුවෙන් ඉද්දී.'' ''ශාමී තාම අාවේ නැද්ද?'' '' අාවා අාවා නිල්මී නගා.'' '' අනේ නිල්මී අැහැරියද? දැන් අඩුයිද කෙල්ලේ.'' මගේ කටහඩ අැහීලද කොහෙද ශාමලි මා අසලට පැමිණෙමින් කිව්වා. '' දැන් නම් අඩුයි වගේ ශාමී.'' '' කෑම ටිකක් කමු. විජී අයියා කිව්වා දවලටත් බිස්කට් දෙකක් විතරයි කෑවේ කියලා.'' ශාමලිගේ කතා බහෙන් මට වැටහුනා විජී අයියා දවල් සිද්දී සේරම කියලා කියාලා. ඒ නිසාම ශාමීගේ හැසිරීම මට ලබා දුන්නේ ලොකු සහණයක්. ''අනේ කන්න බෑ මට.'' '' අපෝ මෙයා පුංචි දරුවෙක් වගේනේ.'' කාමරයේ උළුවස්සට හේත්තු වී බලා සිටි විජී අයියා මට විහිළු කරන්න වුනා. ''අනේ යමු නිල්මී කෑම ටිකක් කන්න. ඔයා අාසම දෙයක් ඉව්වේ. නැත්තම් මම ගෙනත් කවන්නද?.'' මම ශාමිගේ උරහිසට වාරු වුනේ ඒ වදනින් ලීලම්මා සිහිපත් වීම නිසයි. කිසිදා මා අසනීපව සිටින විට මා බැලීමටවත් අම්මා කාමරයට ඒන්නේ කලාතුකින්, නමුත් ලීලම්මා මම කන්නට බෑ කිව් විට කෑම කවන්නේ පොඩි දරුවෙක් රවට්ටා කැම කවනවා වගේ අාදරයෙන්. අසනීප වූ දිනයේ සිට ලීලම්මා නිතර මතක් වන්නට ගත්තේ අැගේ අාදරය මා හද පත්ලේම තැන්පත් වී තිබෙන නිසයි. ඒනිසාම හිතට වේදනාවක් අැති වන සෑම විටම මට සිහිවන්නේ අැයයි. දවස් කිපයක් ගෙවී ගිය පසු මගේ අසනීප තත්වය හොදටම සුව වුනා. සුපුරුදු පරිදී නිවසේ සියලු වැඩ කටයුතු අවසන් කළ මම විවේකීව සිටින්නට සිතා මිදුලේ වූ ලෑලි බංකුවේ වාඩී වුනා. ස්වභාවික පරිසරයට බොහොම ප්‍රිය කල මම බංකුවට ඉහළින් අත්තේ ඔබ මොබ දුවමින් රග දෙන පුංචි කුැල්ලන් දෙස බලා වුන්නා. මේ සොදුරු දසුන් දකින විට මට සිහි වුයේ මා අාසාවෙන් කියවු ''නිල්ල පිරිණු මිටියාවත'' පොතෙහි මා සිත තුළ දර්ශන මවන්නට සමත් පරිසර වර්ණනාවන්. අහන්බෙන් වගේ මගේ නෙත ගැටුනේ අත්තක් අගිස්සේ සුළගට ඒහෙ මෙහේ වැනෙමින් තිබූ පුංචී කුරුළු කූඩුවක්. අැහෙන පුංචි පුංචී කිචි බිචි සද්දත් ඒක්ක මම ඒ දෙස තවත් විම සිල්ලෙන් බැලුවා. සුළු මොහොතකින් ඒම කැදැල්ල අසල වැසු පුංචිම පුංචී කුරුල්ලෙක් හොටෙන් ගෙන අා දෙයක් කැදැල්ල දෙසට යොමු කලා. ඒවිට මම දුටුවා කූඩුව තුළ වුන පුංචී පැටව්න්ගේ පුංචි හොටවල් පොර කනවා අම්මා ගෙනාපු කෑම කන්න. මගේ හිතට දැනුනේ සැහැල්ලු හැගිමක් මම ඒ දෙසම නෙත් යොමාගෙන හිටියේ තනියම සිනා සෙමින්. තවත් මොහොතකින් තවත් කුරුල්ලෙක් ඒතනට පියඹා අාවා. ඒ තාත්තා වෙන්න අැති කියලා මම අනුමාන කලා. මේ සිදුවිම දකිද්දි මගේ හිත කිව්වේ. ධනවත් පවුලක ඉපදුන පවට අම්මා අප්පච්චිගේ තුරුළේ අාදරේ විදින්න කාලයක් මට තිබුනේ නැනේද? කියලා. ''මේ .. දැන් ශාමලී නංගා ඒහෙම දැන් මෙහෙ නැද්ද?'' ඒක වරම මා අසලින් අැසුනු පිරිමි කටහඩින් තිගැස්සුනු මම බංකුවෙන් නැගිට්ටුනේ ඉබේටමයි. '' අනේ බය කලා නම් සමා වෙන්න මිස්. මිස් වෙන කල්පනාවකනේ හිටියේ. මම වැට ළගට වෙලා කතා කලා. මිස් කතා නොකරපු නිසා අැතුළට අාවේ.'' '' මේ ශාමලීලගේ ගෙදර තමයි. ඔයා ශාමලීගේ යාළුවෙක්ද?.'' ''ඔව් ශාමලී නංගා දැන් මෙහෙ නැද්ද?'' ''ඉන්නවා ඉන්නවා. දැන් නම් ඒයා වැඩට ගිහින්'' ''ඒතකොට ඔයා ශාමී නංගාගේ කවුද? මට මතකයක් නෑනේ ඔයාව.'' '' ඒ කියන්නේ මීට කලින් ඔයා මෙහෙ අැවිල්ලත් තියෙනවද?'' ''ඔව් ඔයා මෙහෙට අළුත් අැති . ඒකයි මාව නොදන්නේ. කෝ ශාමී නංගාගේ තාත්තා නැද්ද?'' ඔහුගේ කතා බහින් දැනුනේ ශාමලිව කාලෙක සිට දන්න හදුනන කෙනෙක් වගෙයි. මුහණත් හරිම කරුණාවන්ත පාටයි. කවුරු වුනත් හොද කෙනෙක් කියලා මගේ හිත කිව්වා. ''සෝමේ මාමාත් වැඩට ගිහින්. හවස් වෙලා හරි ඉරිදා දවසක හරි අාවනම් ඒයාලව මුණ ගැහෙන්න තිබ්බා'' '' ඒහෙමද? මට අායි කවදා ඒන්න ලැබෙයිද දන්නේ නෑ. ඒක නිසා මම මේ පණිවිඩේ අදම දෙන්න ඔනේ.'' ''කියන්න දෙයක් තියෙනම් මට කියන්න මම ශාමීට කියන්නම්.'' ''ඔයා ශාමී නංගාගේ නෑදෑ කෙනෙක්ද්ද?'' ''මම ශාමීගේ හොදම යාලුවා නිල්මිණී.'' ''ඔයාද නිල්මිණී. අදුර ගන්න ලැබුන ඒක ගැන හරිම සතුටුයි.'' මා වෙත අත පාමින් ඔහු කියද්දි මට දැනුනේ පුදුමයක්. මාර වැඩේනේ මම කවදාවත් දැකලා නැති මේ මනුස්සයා මාව අදුරනවලු. අැත්තටම මු හොරෙක් වත්ද? හොරෙක් කියන්නත් බෑ හොදට අැද පැළදගෙන කාර් ඒකකිනුත් අැවිත් තියෙන්නේ. කාර් වලින් අැවිත් මේ දුප්පත් ගම්වල මොනවා හොරකම් කරන්නද? '' නිල්මිණි නංගා මොනවද කල්පනා කරන්නේ.'' ''මම මේ ඔයා කොහොමද මාව දන්නේ කියලා හිතුවේ .මම ඔයාව කවදාවත් දැකලා නෑනේ.'' මම ඔහු මට පා තිබූ අතට අත පාමින් කියා සිටියා. '' මම හේෂාන්. දැන් දන්නවා නේද?'' ''හේෂාන් කිව්වේ අර...'' ''ඔව් ඔව් ශාමී නංගාව තනිකරලා මේ රටින් පැනලා ගිය හේෂාන් තමා.'' ශාමලී කිව් විදිහටම ඔහුගේ මුහුණෙන්ම පෙනුනේ අවංක පෙනුමක්. නමුත් ඒක වරම මා සිතට අා අාවෙගයට මම ඔහුට දොස් කියන්න ගත්තා. '' මොනවා. දැන් අායි මොකටද මෙහෙ අාවේ. අායෙත් ශාමීගේ ජීවිතේ අවුල් කරන්නද?. ඔයා දන්නවද ශාමී පුතා ගැන හිත හිත මොන තරම් දුක් වෙනවද කියලා. පුළුවන්නම් පිං සිද්ද වෙයි ශාමීගේ දරුවා අායි ශාමිට ගෙනත් දෙන්න. ''. මම ඒක දිගට කියාන ගියේ ඔහුට වචනයක් වත් කිමට ඉඩ නොතබමින්. දුකින් බර වුන මුහුණින් ඔහු මට යමක් කීමට උත්සහා දැරුවා. මට මේ වචන කොහෙන් ගලන් අාවද මන්නදා. මම මදක් නිහඩ වන තුරු බලා වුන් ඔහු කතා කරන්න පටන් ගත්තා. ''මම දන්නවා නිල්මිණි නංගා මම කරපු දේ වැරදී බව. මට කරන්න පුළුවන් මොකුත් තිබුනේ නෑ ඒ දවස් වල. අඩුම ගානේ ශාමී නංගාට පණීවිඩයක් වත් දිගන්න විදියක් තිබුනේ නෑ.'' ''හරි දැන් ඔයා අාවේ ඔය ටික කියලා යන්නද?. පිං සිද්ද වෙයි අායි නම් ශාමීට වද දෙන්න ඒපා. ඔයාගේ පොහොසත් පවුල නිසා ශාමී තාම විදවනවා. ඔයා දන්නවද ශාමී ඒකතැන් වෙලා හිටියා කියලා. ඒ දවස් වල ඒ අහිංසකිට වතුර පොදක් දෙන්න කෙනෙක් හිටියේ නෑ. '' '' පොඩ්ඩක් මම කියනදේ අහන්න නිල්මිණී නංගා. මට ඔය හැම දේම අාරංචී වුනේ ලංකාවට අාවට පස්සේ.'' '' තව මොනවා අහන්නද? වෙන්න තියෙන සේරම වෙලා ඉවරනේ. මට ශාමි කිව්වා ඔයාලට කවදාවත් ඒකතු වෙන්න ඔයාලගේ ගෙදරන් ඉඩ දෙන්නේ නෑ කියලා...'' ''අනේ නිල්මිණි නංගා . මම ශාමී නංගාව තනි කරන්නේ නෑ. අපේ පුතාත් මම ඒයාට දෙනවා. ශාමී නංගා මට සමාව දෙන්න කැමතිනම් . වුණ සියළුම වැරදී මම හරි ගස්සනවා.'' ''ඒවට ඔයාලගේ ගෙදරින් ඉඩ ලැබෙන්නේ නෑ . අායිත් බොරුවට ශාමීට බලාපොරොත්තු දෙන්න ඒපා. කොටින්ම ඔයා ශාමීගේ අැහැට දකින්න වත් ඒන්න ඒපා. සෝමේ මාමා වුන්නා නම් ගහලා පන්නන්නේ. දැන් මෙහෙන් යන්න.'' මම මොනතරම් දොස් කිව්වත් ඔහුට බිදුවක් වත් කේන්ති ගියේ නෑ. යන්නට කීවත් පිටව ගියේ නැහැ . ලොකු කතාවකට මුළ පුරන්න වගේ සුසුමක් හෙලපු ඔහු බංකුව මත හිද ගත්තා. '' හරි නිල්මිණී නංගා මම යන්නම්. මම දන්නවා ශාමී නංගා වුන්නා නම් මේ තරම් වෙලාවත් මට අැහුම් කම් දෙන්නේ නෑ. ඒයා මාත් ඒක්ක හුගක් තරහින් ඉන්නවා අැත්තේ. මම කියන කතාව අහන් ඉදලා ඔයාම තීරනය කරන්න මම කරන්න ඔනේ මොනවද කියලා. මේ කතාවෙන් පස්සෙත් ඔයා මට කියනවා නම් මට ශාමීගේ ජීවිතෙන් යන්න කියලා. මම හෙටම ලංකොවෙන් පිට වෙලා යනවා.'' ඔහු කියන දේට ටිකක් සවන් දී බලන්න කියලා මගේ හිත කිව්වා. මම ගෙයින් පුටක් රැගෙන විත් ඔහුට පෑවේ වාඩි වෙන්න කියලා. ''ඔය සිද්දිය වුන කාලේ මට පුළුවන් කමක් තිබුනේ නෑ තනි තීරණයක් ගන්න. මම රස්සාවක් කලා තමා. ගෙදර ඔනේ තරම් සල්ලි තිබුණ නිසා කිසි උවමනාවක් තිබුනේ නෑ ඉතුරු කරන්න. මගේ ළග තිබුණ හුගක් සල්ලි වියදම් වුනා ඉඩම ගන්නයි ගේ හදන්නයි. ශාමී නංගා ඔයාට ඒවා කියන්න අැති කියලා හිතනවා.'' ''ඔව් ශාමී මාත් ඒක්ක ඒ ගැන කිව්වා.'' ''ගෙදරින් දිගින් දිගටම අකමැති වෙද්දී අපි තීරණය කළා රෙජිස්ටර් වෙන්න. අන්තිම මොහොත් ඒක ගෙදරට අාරංචී වුනා. ඊට පස්සේ මට ගෙයින් ඒළියට බහින්න ලැබුනේ නෑ.පොන් ඒක පවා ගත්තා. අන්තිමට මට ගෙදෙරන් රට යන්න ටිකට් බුක් කරලා තිබුණා. මම බෑම කිව්වා යන්න. මට ශාමී නංගාට පණිවිඩයක් දිගන්න විදිහක් තිබුනෙම නෑ. මට ඔනේ වුනේ ශාමී නංගා වත් අරන් මේ රටින් යන්න. ඒත් මගේ ළග ඒකට සල්ලි තිබුනේ නෑ. අන්තිමේ මම රට ගියා. ඊ ළග කොටසින් හමු වෙමු. දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 11 Nov 2016 09:15 AM Quote Reply නිල්මිගේ ඇස් දිලිසෙයි නේද මේ කථාව අවසන් වෙනකොට. විජී අයිය එයාට කියල 0 සඳුනිVeteran MemberPosts:2462 11 Nov 2016 01:02 PM Quote Reply විජි අයියා නිල්මිට අයිති වෙයි වගේනේ දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 12 Nov 2016 04:03 AM Quote Reply එහෙම වෙන්න හොදනෑ අසනීපෙ හොද වෙන් නැත්තං. ඒක විජි අයියට දුකක් 0 සඳුනිVeteran MemberPosts:2462 12 Nov 2016 05:44 AM Quote Reply ඉවසමු ඉවසමු දෙවියෝ හැමදාම නිල්මිට දුකම දෙන ඒකක් නෑ දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 12 Nov 2016 10:33 AM Quote Reply 44.වන කොටස. මියෙදෙන තුරා. ''රට ගිය දා ඉදන් මම උත්සහා කලා ශාමී නංගාට කෝල් කරන්න ඒ වෙද්දි ඒයාගේ පොන් ඒක වැඩ කලෙත් නෑ. මම හැමදාම වගේ උත්සහා ගත්තත් ශාමී නංගාව සම්බන්ධ කර ගන්න බැරි වුනා. පස්සේ මම යාළුවෙක් ඒව්වා ශාමී නංගාගේ ගෙදරට.'' ''ඉතිං ඒදත් ශාමීට පණිවිඩයක් දීගන්න බැරි වුනාද?'' '' ඒදා මගේ යාළුවා කිව්වා. ශාමී වෙන කෙනෙක්ව මැරි කරලද කොහෙද කොල්ලෙක් ඒක්ක ත්‍රීවීල් ඒකක නැගලා ගියා ඒයා ගෙදරට යද්දීම කියලා.'' ''ඉතිං ඒ කව්ද කියලා හොයලා බැලුවේ නැද්ද? මට තේරුණා ඔහු මේ කියන්නේ විජී අයියා ගැන කියලා. මොකද මම දන්නවා හේෂාන් අැරුණම ශාමීගේ ජීවිතයට ළගින් වුන ඒකම පිරිමියා විජී අයියා කියලා. '' හෙව්වා. මම දන්නවා මගේ ශාමී නංගිට ඒ තරම් ඉක්මණින් මාව අමතක කරන්න බෑ කියලා. මම මගේ යාළුවට කිව්වා තව ටිකක් හොයලා බලන්න කියලා ශාමි නංගාට හොරෙන්. මොකද තාත්තාගේ බලකිරිමට හරි ශාමී නංගා වෙන කෙනෙක් මැරි කළානම් ඒයාගේ ජීවිතේ අායි අවුල් කරන්න ඔනේ නැති නිසා.'' ''ඉතින් මොනවද අාරංචී වුණේ.'' ''මගේ යාළුවා දවසක් ශාමී නංගාගේ තාත්තා හම්බවෙලා ශාමී නංගා ගැන අහලා තිබුණා. ශාමී නංගාගේ තාත්තා කියලා තිබුණේ ශාමී නංගා බැදලා දරුවෙකුත් ලැබෙන්න ඉන්නවා කියලා.'' ''ඉතිං ඔයා විස්වාස කළාද?'' ''මට පුදුම හිතුනා ඒ තරම් ඉක්මණට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කිව්වාම. මොකද මම ඒතකොට රට ගිහින් මාස දෙකයි. ශාමී නංගාගේ තාත්තාගේ කටින්ම කිව් නිසා මට විශ්වාස කරන්න වුනා.'' ''ඔයා පුදුම කෙනෙක්නේ.'' ''ඒත් මම යාළුවන්ට කිව්වා ශාමි නංගා ගැන හොයන්න කියාල. මගේ යාළුවොත් මට බැන්නා උබ රට ගිහින් මාස දෙකක් වත් යන්න කලින් ඒකි වෙන ඒකෙක් බැදලා ඔබ බෙල්ල කඩා ගන්නේ නැතුව ඉදහන් කියලා.'' '' ඉතිං අැයි ඔයා මේ තරම් කල් ලංකාවට අාවේ නැත්තේ.'' ''මටත් හොරෙන් අැග්රිමෙනට් සයින් කරන් තිබුනා මම වැඩට ගිය කොම්පැණියෙන් අවුරුදු පහකට. ඒක මම දැන ගත්තේ රට ගිහින් මාසයක් විතර ගත වුනාටත් පස්සේ.'' ''හ්ම්..'' ''පස්සේ අායිත් මගේ යාළුවෙක් පොටෝ වගයක් ඒවලා තිබුනා ශාමි නංගායි තව පිරිමි කෙනෙකුයි ඉන්න. ඒවෑ ශාමී නංගාට පුතා හම්බෙන්න හිටියේ. ලගින් වුන් පිරිමි කෙනා ශාමී නංගව පරිස්සමින් අැගට වාරු කරන් යන පොටෝ වගයක් තිබුනා. ඒවා දැක්කම මම හිතුවේ අපේ පුතා ඒ පිරිමි කෙනාගේ කියාල. මගේ යාළුවා ඒ පොටොස් අරන් තිබුනේ අෑත ඉදන් හොරෙන්.'' ''ඔයා ළග ඒ පොටෝ තියෙද?..'' '' ඔව් ඉන්න.'' ඔහු ජංගම දුරකතනය විවෘත කර මට පොටෝ රැසක් පෙන්නුවා. ඒවායේ සිටියේ විජී අයියා. සැබවින් ඒය දනින අයෙකුට සිතෙන්නේ ඔවුන් විවාහක අය ලෙසින්. මගේ හිතටත් පොඩි දුකක් කාන්දු වුනේ ඔවුන් දෙදෙනා මේතරම් ළගින් සිටියාද කියලා. '' ඔයා දන්නවද මේ කවුද කියලා.'' ''ඔව් මේ විජී අයියා. ඔයා තාමත් හිතන්නේ පුතා ඔයාගේ නෙමෙයි කියලද?.'' '' නෑ. නෑ නිල්මිණී නංගා මම දන්නවා. පුතා මගේ බව . ශාමී නංගා තාමත් මට අාදෙයි කියලත් මම දන්නවා. '' ''ඒක කොහොමද දැන ගත්තේ. '' ''පුතාට අවුරුද්දක් විතර වුනාම දවසක් අහම්බෙන් මගේ යාළුවෙක්ට ශාමී නංගාව හම්බ වෙලා තිබුණා හොස්පිටල් ඒකේදී. කතා බහ කරද්දී මගේ යාළුවා අහලා තිබුනා කාවද මැරි කලේ කියලා. ඊට පස්සේ ශාමී නංගා කියලා තිබුණා. මම තාම මැරි කරලා නෑ අයියේ. මේ ඉන්නේ මගේ හේෂාන් අයියාගෙයි පුතා මම ඒයාව හදාගෙන හැමදාමත් තනියෙම ඉන්නවා කියලා. '' ''ඒතකොටවත් ඔයාට ලංකාවට ඒන්න හිතුනේ නැද්ද?.'' ''මොකච නැත්තේ මම මොනකරම් උත්සහා කලාද ? අවුරුදු පහ ඉවර වෙනකන් ඒන්න විදියක් නෑ. මම පැනලා ඒන්නත් හිතුනා. ඒත් ඒහෙම ඒන්න ගිහින් පොළිසියට අහුවුනොත් අවුරුදු පහ අවසානයෙවත් ඒන්න ලැබෙන්නේ නෑ .මම ඉවසුවා.'' ''අැයි පුතාව ශාමිගෙන් අෑත් කලේ.'' '' අාපු කේන්තියට ගෙදර අයට කොල් කරලා බැන්නා ශාමී නංගායි මාවයි අෑත් කරපු ඒකට. අපිට දරුවෙක් ඉන්න බවත් මම ඒයාලට කිව්වා. පස්සේ ඒයාලා කිව්වා ශාමී නංගාටයි පුතාටයි බලන්නම් කියලා මම ලංකාවට ඒනකම්. '' ''ඉතිං ඒයාලා ශාමීට බලලා නෑනේ.'' ''ඔව් ඒයාලා මට කිව්වා. පුතාව බලන්න ගියාම ශාමි නංගාගේ තාත්තා අපේ ගෙදර අයට බැනලා පන්න ගත්තා කියලා. ඒදා අර පොටෝවල හිටි මනුස්සයාත් ඉදලා කිව්වාලු. ඔබලගේ දරුවෝ මෙහෙ නෑ මේ ඉන්නේ මගෙයි ශාමීගෙයි දරුවා කියලා.'' ''ඒදා ශාමී ඉදලා නැද්ද?'' '' ඉදලා ඒයා මොකුත්ම කිව්වේ නැල්ලු.'' ''ඉතිං දරුවා විජී අයියාගේ නම් අැයි ඔයාලගේ ගෙදර අය අරන් ගියේ.'' ''පුතාගේ වයසත් ඒක්ක බැලුවම මම රට යද්දිත් ශාමි නංගාට පුතා ලැබෙන්න මාස දෙකක් නැත්තම් තුනක් වෙන්න ඔනේ. ඒක නිසා මම විස්වාසෙන්ම දැනන් හිටියා දරවා මගේ කියලා. '' ''ඒහෙනම් අැයි දරුවා විතරක් අරන් ගියේ.'' '' මම හිතුවා ඒයා දරුවෙක් ඒක්ක තනි වුන නිසා .තාත්තෙක් නැති දරුවෙක් හදා ගන්න බැරි නිසාවත් වීජීව මැරි කරන්න අැති කියාලා. ඉතිං ඒයාලගේ පවුල් ජීවිතේට බාධා නොකර මම පුතාව අම්මාලා ළගට ගන්න කිව්වා. ඊට පස්සේ බලෙන්ම අම්මලා පුතාව අරන් අැවිත් තිබුනා. ශාමී නංගා පොළිසි ගියෙත් නැති නිසා ලොකු කළබලයක් අැති වුනේ නෑ.'' ''අැයි දැන් විජී අයියාගෙයි ශාමිගෙයි ජීවිතේට බාධා කරන්න අායි අාවේ.'' ''මම දන්නවා ඒයාලා අතර ඒහෙම සම්බන්ධයක් නෑ කියලා.'' '' ඒ කොහොමද දැන ගත්තේ.'' ''මේ ළගදි දවසක් මට විජී කියන කෙනා කොල් කළා .කොහෙන්දෝ නම්බර් ඒක හොයාගෙන. ඒයා මට හැම දේම කිව්වා. තාමත් ශාමී නංගා මම වෙනුවෙන් දුක් වෙන බව කිව්වා. '' ඒ කියන්නේ ශාමී විජී අයියාට අකමැති බව විජී අයියා දන්නවා. අැත්තටම විජී අයියා ශාමීට අාදරේ කරන්න අැද්ද?. මගේ හිත අායෙත් ප්‍රශ්ණ කරන්න වුනා.. '' දැන් ඔයාලගේ ගෙදරින් ශාමීට කැමතිද හේෂාන් අයියේ'' ''නෑ ඔයාලා කැමති වෙන්නේ නෑ. ඒත් දැන් මට තනි තීරණයක් ගන්න පුළුවන්. අපිට පුළුවන් පුතාවත් අරන් රට යන්න. මම ඒ හැමදේම ලෑස්තිකරලා තියෙන්නේ.'' ''අායි ගෙදරට අාරංචී වෙලා මේ බලාපොරොත්තුවත් කඩ වුනෝත් ශාමීට අායෙත් වේදනා විදින්න වෙයි.'' ''නෑ නෑ. ශාමී තාමත් මට අාදරේනම් මම අායි ඒයාට තනිවෙන්න දුක් වෙන්න දෙන්නේ නෑ. මම සේරම ලෑස්තිකරන් අාවේ. ශාමීට පාර්ස් පොට් හදන්න විතරයි තියෙන්නේ.'' ''ඔයාට ඒහෙම කරන්න පුළුවන් නම් හොදයි. ශාමී පව්. ජීවිතේ හැමදාම දුක් විදපු කෙල්ලෙක් ඒයා.'' '' ශාමීට මේ කතාව පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද නිල්මිණි නංගා ඔයාට. ඔයාට විතරයි මේ උදව්ව කරන්න පුළුවන්.'' ''මම ශාමිට කියන්නම්. ඒත් ඒයා ඔයාව අායි විශ්වාස කරන්න බය වෙයි.'' '' බය වෙන්න දෙයක් නෑ. අපේ අම්මාලා හිතන් ඉන්නේ මම රටදී මැරි කලා කියලා. අනික මම පුතාව අපි ළගට අරන් යන්න ඒන්නේ කියලා මම ලංකාවට අාවේ.'' ''අැත්තටම මැරි කලාද?'' ''පිස්සුද නිල්මිණි නංගා. ඒදා වගේ මම අදටත් ශාමි නංගා ගැන විතරයි හිතන්නේ.'' ''ශාමීගේ තාත්තා ඔයා ගැන කතා කරන්නත් අකමැතී. ඒයා මොනවා කරයිද දන්නේ නෑ.'' ''ඒයා ගැන විජී බලා ගන්නම් කිව්වා නිල්මිණි නංගා. ඔයා ශාමී නංගාව කැමති කරලා දෙන්නකෝ. මුලින්න රෙජිස්ටේෂන් ඒක කරලා පුතාට උපැන්නය හදා ගන්න ඔනේ. '' ''ඔය තරම් දෙවල් කරද්දී ගෙදරට අහු නොවී තියෙයිද හේෂාන් අයියේ.'' '' බය වෙන්න ඒපා . අම්මලා මාව සැක කරන්නේ නෑ. ඔය වැඩ වලට අනිත් අයව දාලා මම ගෙදරටම වෙලා ඉන්නවා ඒතකොට සැක වෙන්නේ නෑ. මම අදත් පුතාගේ ටිකට් ඒකේ වැඩකට යනවා කියලා අාවේ.'' ''හරි හේෂාන් අයියේ අපි උත්සහා කරලා බලමු.'' ''බය වෙන්න ඒපා විජීත් ඔනේ උදව්වක් කරයි. ඒයා හුගක් හොද කෙනෙක්.'' ''මේ තරම් වෙලා කතා කලා මිසක් වතුර ටිකක් වත් දුන්නේ නෑ. ඒන්න ගෙට මම තේ ඒකක් හදන්නම්'' ''ඒපා ඒපා නිල්මීණී නංගා. මට දැටත් පරක්කුයි. මට අායි මෙහෙ ඒන්න වෙන්නේ නෑ මොකද මගේ ගැන ගෙදරට සැක හිතුනොත් මට අායෙත් ශාමි නංගාව නැති වෙනවා. මට අායි ඒයාව නැති කර ගන්න බෑ. ඒක නිසා හුගක් පරිස්සම් වෙන්න ඔනේ.'' ''කොහොමද පණිවිඩයක් දෙන්නේ.'' ''මගෙත් ඒක්ක තරහටම ශාමී නංගා පොන් පාවිච්චිය අත් අැරලා නේද? මම අළුත් පොන් ඒකක් ගෙනාවා. හැබැයි මම කෝල් කරනකම් ඔයාලා මට ගන්න ඒපා.'' කාර්රථය වෙත ගොස් ජංගම දුරකතනය මා අත තැබූ ඔහු පිටවී ගියා. මම දැන් මග බලා ඉන්නේ ශාමී ඒන තුරු. අැත්තටම ශාමී මේක අහලා දුක් වෙයිද? සතුටු වෙයිද? දැන් ඒයා විජී අයියාට අාදරේ නිසා අතහැර යන්න අකමැති වෙයිද?. මට හිතා ගන්න බෑ. නමුත් හේෂාන් අයියාගේ පැමිණිම මට ලොකු සහනයක් ලෙස දැනෙන්න හේතු ගොඩක් තිබුනා. ඒ වගේම දුකට හේතුවකුත් තිබුනා. ශාමී ගියාම මට අායි ගෙදරයන්න වෙයිද? ඊ ළග කොටසින් හමුවෙමු.. දිනයක වැටහේවී........... 0 Add Reply Page 11 of 13 << < 910111213 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit