Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Dec 2016 11:52 PM by samantha මියෙදෙන තුරා.......... 254 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 2 of 13 << < 12345 > >> Author Messages සඳුනිVeteran MemberPosts:2462 11 Oct 2016 08:05 AM Quote Reply Posted By DanuLiyanage on 11 Oct 2016 06:12 AM kello kawqadda atta kiwwe. hamadama boru kiwe bor kale වෙන්ඩ රජ තුමා මම බොරු කිව්වේ නෑ හරිද?. ඔය තියෙන්නේ අලුතු කතාවේ පිට කවරය. මම පටන් ගත්තු දෙයක් සාධාරණ හේතුවක් නැතුව නවත්තන්නේ නෑ හරිද? දිනයක වැටහේවී........... 1 ගීත්New MemberPosts:55 11 Oct 2016 11:44 AM Quote Reply මියෙදෙන තුරා කතා ලියනව නේද හී හී 0 සඳුනිVeteran MemberPosts:2462 11 Oct 2016 11:50 AM Quote Reply බලමු ඉතිං... දිනයක වැටහේවී........... 0 DushanVeteran MemberPosts:2536 12 Oct 2016 05:18 AM Quote Reply ලියමු ලියමු මේ කතාවත් එහෙනම් ඉක්මනටම 0 DanuLiyanageVeteran MemberPosts:3457 12 Oct 2016 06:39 AM Quote Reply Posted By සඳුනි on 11 Oct 2016 08:05 AM Posted By DanuLiyanage on 11 Oct 2016 06:12 AM kello kawqadda atta kiwwe. hamadama boru kiwe bor kale වෙන්ඩ රජ තුමා මම බොරු කිව්වේ නෑ හරිද?. ඔය තියෙන්නේ අලුතු කතාවේ පිට කවරය. මම පටන් ගත්තු දෙයක් සාධාරණ හේතුවක් නැතුව නවත්තන්නේ නෑ හරිද? තරහ ගියා කියලා දන්නවා මම කිව්ව දේට මටත් ඔන උනේ ඒකම තමා. මම කිව්වෙ ඇත්ත මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 RosiSuper Senior MemberPosts:5335 12 Oct 2016 07:34 AM Quote Reply Posted By DanuLiyanage on 11 Oct 2016 06:12 AM kello kawqadda atta kiwwe. hamadama boru kiwe bor kale දම්මි සුගත් තනි කරාට හිතට දුකක් එක් කරාට හැම කෙල්ලම එක මිම්මෙන් එපා මනින්න 0 සඳුනිVeteran MemberPosts:2462 12 Oct 2016 05:21 PM Quote Reply මියෙදෙන තුරා.. 01. වන කොටස. මා ඒක්ටැම් ගෙයක සිරවී අැතයි සිතමි. මා සගවා තැබී මේ කිසියම් වටින්කමක් හෝ පැහැදිලි හේතුවක් අැතැයී මා නොසිතෙයී. කිමද මා පැහැර ගෙන යාමට කුමරෙක් නැත. මාමාවරුන් මරණවා යැයී අනාවැකියක්ද නැත. නමුදු මා මේ දෙමහල් විසල් මැදුරේ , සුවිසල් කාමරයක සිරකාරියක් වී අැත. අතට පයට මෙහෙකරමවන්, දෙව් ලොවක සම්පත් තිබුනද සිත තුල කිසිදු සතුටක් තිබුනේ නෑ. අදුර කෙමන් අාලෝකය ගිල ගමින් පවතින මොහොතේ මම ජනෙල් කවුලුව අසලට වී පිටත බලා සිටියා. කවුලුවෙන් පිටත ලෝකය ඉතා බියකරු ලෙස පෙනෙන්නේ මං දැයී මම දන්නේ නැහැ. නමුදු ඒ ලොකයට මා නොගැලපෙන බව හෝ නොගලපා අැති බව පමනක් මම දනී . මා හට කවුලුවෙන් පෙනුනේ සැමදා මෙන් සුපුරුදු රූස්ස ගස් කීපයත්, ඒ අතරින් ගිනි ගත් හිරු කදු අතර සැවන අයුරුත් පමනයි. *ලොකු බේබී .... මොකද තවමත් ඔය ජනෙල් අැරගෙන. ලොකු නෝනා ඒහෙම අාවොත් මටත් ඒක්ක දොස් අහන්න වේවී.* ඒය මා හට සැමදා සුපුරුදු වැකියක්. සැමදා මෙලෙස ගස් පෙල අතරින් හිරු අවරට යාම බලා සිටීම මගේ පුරුද්දක් වෙලා තිබුනා. ලීලමිමාගේ වදන සවනට වැකුනත් මම නොඅැසුනා මෙන් ජනෙල් කවුලුවෙන් තවත් ටිකක් පිටතට නැබුරු වුනා. ලීලම්මා නම් මෙම නිවසේ පැරණිම මෙහෙකාරියයි. නමින් ලීලාවතී නම් වූ අැය මා දන්නා කාලයේ සිට මෙම පවුලට ලැදිව සේවය කරයි. කුඩා අවදියේ සිට අප උකුලේ හොවා, නළවවා, කවා , පොවා රැක බලා ගත් නිසා , මවුටත් වඩා අප අැයට කිට්ටු වුනා. *මොකද ලොකු බේබී අද අමුතු විදිහක්.* වෙනදා ලීලම්මාගේ වදනින් කවුලුෙවන් ඉවත්ව ජනෙල් පිහන් වසා දැමීමට ඉඩ දෙන නිසා, අැය පුදුමව අැති බව මට තේරුනා. *අනේ මංදා ලීලම්මේ.* *ලොකු බේබී දුකකින්ද ඉන්නේ* පහලින් අප්පව්වීගේ කාරය ගරාජයට දමන හඩ අැහිලා මම ඒ දෙස බැලුවා. *අාන් ලොකු මහත්තයයී පොඩි බේබී අාවා. යමු යමු ලොකු බේබී පහලට.* යැයී පවසමින් ලීලම්ම ලහි ලහියේ ජෙනෙල් කවුලු වසන්න වුනා. *යමුකෝ ලොකු බේබී* *මට බෑ ලීලම්මේ. ලීලම්මා යන්න.* *පුංචි බේබී හෙට අදින්න අැදුම් අරන් අැවිත් අැති.* *මොකක් හරි කොට කෑල්ලක් අරන් අැවිත් අැතී.* මම අකමැත්ත ප්‍රකාශ කරමින් අැදෙහි කොනක වාඩී වුනා. *රට ගිහින් අාපු හින්දා පුංචි බේබී සංකර සිරිත් වලට පුරුදු වෙලා. අනේ මංදා ඔවා අදින්න විලිසංගයක් නැද්ද කියලා. පුංවි කාලේ වත් නොඅැදපු තරම් කොටටනේ දැන් අදින්නේ. ලොකු බේබිවත් පොඩ්ඩක් කියලා බලන්නකො.* ලීලම්මා කම්බුලේ අතක් ගසා ගනිමින්, දැඩි සිත්තැවුලෙන් කීව්වා. *ඒයා කවද්ද ලීලම්මා මං කියන ඒවා අැහුවේ. අප්පව්වී කියන දෙයක් වත් අහනවද?* *ඒක නේන්නම් ලොකු බේබී. හෙට ඔය ඒනවා කියන හාදයත් මොන ජතියෙද දන්නේ නෑ. මේ ලොකු නෝනලත් මොකුත් කල්පනා කරන්නේ නෑනේ. ලොකු බේබී ගෙදර ඉද්දී පුංවී බේබිට මනමාලයේ බලනවා.* මගේ හිත කම්පාකරවන ඒකම කරුනද මෙයයි. නමින් නිල්මීණී සුබෝදනී වීරසිංහ වන මා ජීවිතෙන් තිස් හතර වසරක් නිමා කල අවිවාහක තරුණියකි. පවුලේ වැඩිමහල් දියණිය වන මා හට ඒක් නැගණියක් හා මල්ලිලා දෙදෙනෙක් සිටී. පුංවී මල්ලී නිලූක සුනෙත් වීරසිංහ වැඩි දුර අධ්‍යාපනයට විදේශ ගත වී, හිතු මනිපයට විදේශික තරුණියක් සමග විවාහා වී සිටී.ඔහු මව් රටට නොඒන්නට තීරනය කර අැත. ලොකු මල්ලී නිරෝෂන විකුම් රණසිංහ, දෙදරු පියෙකි, පියා ගිය මගම යමින් දේශපාලනයට අවතීරනය වී සිටී. ඔහුගේ බිරිදත් දරු දෙදෙනත් ජීවත් වන්නේ මෙම නිවෙසෙමයි. බාල නැගනිය නිලුෂා නුවංගී රණසිංහය. විදෙස් ගතව වැඩිදුර අධ්‍යාපනය නිම කොට සති දෙකකට ප්‍රථම මෙරටට පැමින සිටී. විසි හතරවන වියෙහී පසුවන අෑ බෑලීමට හෙට දිනයේ මානාලෙයෙක් පැමිනීමට සියලු කටයුතු සූදානම් වෙමින් තිබේ. අැරත් මෙය අැගේ කැමැත්ත මත සිදුවන පැමීනීමකී. විදේශ ගතව සිටි සමයේ අැති කරගත් අාදර සම්බන්දතාවයක් නිසාවෙන් සිදු වෙන්නට යන විවාහායකි . මා සිත තුල අැත්තේ ඊර්ෂ්‍යාවක් නොව, මා ගැනම ලැජ්ජාවක් හා දුකකි. මට මතක අැති අයුරින් මම බැලීමට මනාලයින් තිහ හතලිහකට අාසන්න ප්‍රමානයක් පැමින අැත. ඒ ඒන හැම අයෙකුගේම මට අැදයක්, කීමට දොසක් තිබුනා. සමහරුන් මගේ කෙසග සිරුර හා මලානික මුහුන නිසා මට අකැමැත් වන්න අැතැයී මට සිතනවා. තවත් සමහරුන් ඉහලින්ම මට කැමතී වුවත් , මම වෙනුෙවන් ලැබෙන දෑවැද්දට ලෝභ කම් කරනවා යැයී මම සිතුවා. *ලොකු බේබී ..... ලොකු බේබී ....* *මොකද සිගිතීයෝ.* ගෙදර වැඩට සිටින කුඩා කොලු ගැටයා කාමරේ දොර අභියස නතර වී කෑ ගහන්න ගත්තා. *මොකද්ද ... මේ .. කියන්න අාවේ.. මේ .. මේ මතක නෑනේ හ්හ් ලොකු බේබී.* ඔහුගේ හැසිරීම දැක මගේ මලානික මුහුනේ සිනහවක් ජනිත වුනා. ඔහුට දැන් කියන දෙය දැන් අමතක වෙන සුලු නෙනෙක්. දවස පුරාම අප්පවිගෙනුත් , අම්මාගෙනුත් බැනුම් අැහුවේ ඒනිසාමයි. නමුත් අප්පචීට ඔහු නැතුවම බැරි කෙනෙකී. ඔනෑම මොහොතක සිගිතී මෙහෙ වරෙන් කියා ගත් ගමන් තමා හිටියි. මගෙ මුවට පොඩි හෝ හිනාවක් අැති වුනේ සිගිති නිසායි. *තටබන්නේ නැතුව පණිවිඩේ කිහපන් සිගිතියෝ.* *ලීලම්මා නම් කියයි හ්හ් . මම ඒපෑ මතක තියා ගන්න හ්හ්.* *අනේ ඔබ පණිවිඩේ මතක් කරද්දී නාකී මට පුලුවන් දහපාරක් පණිවිඩය අහන් ඒන්න.* *ඉතිං අහන් ඒන ඒකනේ හ්හ් මෙතනට වෙලා බලන් ඉන්නේ හ්හ්.*. ලීලම්මා සිගිතිට ගස්සා ගෙන පහත මාලහට බැස යන්නට වුනා. *මොකක්ද සිගිතියෝ පණිවිඩේ* *ඒක තමා ලොකු බේබී මාත් කල්පනා කලේ හ්හ්.. ලොකු මහත්තයා කිව්වා හ්හ් . මහත්තයා බලන්න කව්ද මනමාල මහත්තයෙක් ඒනවා කියලා හ්හ්. ලොකු බේබිට අැදුමක් තෝරගන්න ඒන්න කියලා හ්හ්.* *අා ..අැත්තද..* මම මුවට අා සිනහව තද කර ගනිමින් කීව්වා. *මොකද ලොකු බේබී හිනා වෙන්නේ හ්හ්.* *ලොකු මහත්තයා බලන්නද ? මනමාල මහත්තයා ඒනවා කිව්වේ.* *නෑ නෑ චූටි බේබී බලන්න හ්හ්. පොඩ්ඩක් අමතක වුනා හ්හ්.* *හරි හරි සිගිති යන්න මම ඒන්නම්.* *ඒන්න ඔනේ ඔන් ලොකු බේබී ..-* සිගිති පිටව යනවත් සමගම මම විශාල කැඩපත ඉදිරියට ගොස් අවුල් වූ හිසකේ අතින් සෑදුවා.දෙපතුල දක්වා දිගු සිය සාය සහ ඒයට සරිලන හැට්ටයක් අැද සිටි මගේ කෙසෙග සිරුර දෙස බලා දිගු සුසුමක් පිට කලේ මගේ පෙනුමට මම අකමැති නිසයි. උකුලෙහි අත්ල තබා බලද්දී හැට්ටයද කෙතරම් මට විශාල දැයි පෙනුනා. කිසිදා මගේ සිරුට ගැලපෙන අැදුමක් සොයා ගත නොහැකි යයි මම හිතුවා. කැඩපත තුලින් මා දැකීමෙන්, සිගිති නිසා මුවට නැගී තිබු සිනහව වියැකී ගොස් අප්‍රිය ජනක ස්වරූපක් අැති වුනා. මට මා ගැනම දුක සිතුනේ මා තව තවත් වයසට යන නිසා අවලස්සන බව වැඩි වී කිසිවෙකු මා හට කැමතී නොවන බව සිහි වීමෙනුයි. ඒනිසා තරයේ සිතා ගත්තේ නැවත විවාහයක් පිළබද නොසිතන්නයී. *ලොකු බේබී තව මෙතනද? ලොකු මහත්තයට කේන්ති යාවී.* ලීලම්මා නැවතත් කාමරයට හිස පොවමින් කිව්වා. *යමු . යමු..* මම කැඩපතින මෑත්ව පහල මාලයට යාමට අාවා . පඩි කීපයක් බැස ඒන විට අම්මා, අප්පච්චී අලින්දයේ සැප පහසු සෙටියේ වාඩී වී කතා බහ කරමින් හිටියා. නංගී තාත්තා අසල සෙටියේ අැන්ද මත වාඩී වී සිටින්නේ පොඩි ඒකියක් වගේ. *අා .. ලොකු දුව කොයි වෙලේද අඩ ගහලා මොකද මේ තරම් පරක්කූ.* අප්පච්චී මා දෙසට හැරී ප්‍රශ්න කරන්නට වුනා. *ඔය ඒන්න නැතුව අැත්තේ ඊර්ෂ්‍යාවට . මම කැමති කෙනාව මට බදින්න ලැබෙනවනේ. මෙයා ඉතිං ඒන ඒක මනමාලයෙකුට වත් කැමතී වෙනවා අෑ. ඊ ළග කොටසින් හමු වෙමු.. දිනයක වැටහේවී........... 0 kingDVeteran MemberPosts:3309 13 Oct 2016 06:32 AM Quote Reply දොරට වැඩුමට රජතුමා එනකං හිටිය එක හොදයි Business, you know, may bring money, But friendship hardly ever does. 0 sha733Super Senior MemberPosts:7332 13 Oct 2016 06:35 AM Quote Reply ආයෙත් එනකං මග බලා හිදීමක් තමා තියෙන්නේ මීට කලින් එකක් දාල පිස්සු වැට්ටුව මේකත් එහෙම වෙයි මගක් යද්දි 0 DanuLiyanageVeteran MemberPosts:3457 13 Oct 2016 10:33 AM Quote Reply mmm meka nal lassanayi wage මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 සඳුනිVeteran MemberPosts:2462 13 Oct 2016 11:50 AM Quote Reply මියෙදෙන තුරාම කියවන්න වෙයි. මම තාම අවසානේ ගැන හිතලාවත් නෑ.. දිනයක වැටහේවී........... 0 isurusamSuper Senior MemberPosts:7342 13 Oct 2016 12:04 PM Quote Reply ගොඩක් ලස්සනයි ........... 0 සඳුනිVeteran MemberPosts:2462 13 Oct 2016 04:43 PM Quote Reply මියෙදෙන තුරා.. 02. වන කොටස. මට මෙවැනි නොක්කාඩු වචන නුහුරු දේවල් නොවුනත් තදින්ම හිත රිදී ගියේ අඩන්න ඉන්න මිනිහාගේ අැහැට අැගිල්ලෙන් අනිනවා වගේ ඒ ගැනම කියා රිදවීම නිසයි. ඒ පිළිබද තර්ක කිරීමෙන් අැති ඵලක් නොමැති නිසා මම නිහඩ හිටියා. ඒ නිහඩ කමම මට වරෙක අවාසියකැයි මට වැටහුනා. නමුත් අම්මා අප්පච්චී වුනත් මම කිියනා දේ ඒතරම් තැකීම් නොකල නිසා මම නිහටඩව සිල්ල බලා හිටියා. *ලොකු දූ හෙට නංගී බලන්න මනමාලයෙක් ඒන බව දන්නවා නේද?* *ඔව් අම්මේ* *අා මේ නංගී කියනවා හෙට ඔයාට ඔය අැදුම් අදින්න ඒපාලු.* *ඔව් ඔව්.. මේ .. ඔවා අැදන් නම් ඒ මිනිස්සු ඉස්සරහට ඒන්න ඒපා. මටත් ඒක්ක වස ලැජ්ජාව.* නංගී නිතරම මා හට අැමතුවේ, හදට පිහි තුඩින් අනිනවා වගේ. මා දෙස නොරිස්සුම් බැල්මක් හෙලමින් , අැය ඒය කීවේ සමච්චලයට හිනාවෙමින්. *මට මොකක්ද අදින්න කිහන්නේ අම්මේ. සාරියක්ද?* *මේ මේ හලෝ පිස්සුද? මනමාලි වුන මං වත් සාරී අදින්නේ නෑ. මාෙන විකාර වැඩක්ද සාරී පටලන් ඉන්නවා කියන ඒක.අනික ඒයා ඒන්නේ මාව බලන්න ඔයාව බලන්න නෙමේ.* *මම කිව්වේ නෑනේ ඒහෙම.* මම ඉතා සාවදානව කීව්වා. මට කෙතරම් දේ කිව්වත් මා කා සමග වත් ඒකට ඒක පවසා ගෙන නොයයී. බොරුවට වචන විසි කිරීම අපරාදයක් ලෙස සිතා මම නිහඩ වුවත් ,ඒය මගේ මෝඩ කමය කියා ඔවුන් හිතවනා විය හැකියී. *ඒහෙනම් සාරී අදින්න අහන්නේ.* *ඉතිං නංගී මට මොනවද අදින්න කියන්නෙ . මට නම් බෑ ඔයා අදින විකාර නම් අදින්න.* *අා දැන් මම අදින ඒවාද විකාර, ඔයා අදින ඒවා හරිම ලස්සනයි කියද හිතන්නේ , ඔිවා මහා ගොබ්බ පාටයී, හැටි විතරක්.* නංගී ලහි ලහියේ කුඩා මේසය මත වූ කවර මලූ කීපය අවුස්සන්නට වුනා.මම තවමත් සෙටිය අසල සිටගෙන බලන් ඉන්නවා. ඒක් කවරයකින් අැද ගත් අැදුමක් නංගී මා වෙත විසි කලේ කෝපයෙන්. *අා.. ඔික අැදන් මිසක් හෙට පහලට ඒනන ඒපා.* අැය මා හට තර්ජනාත්මක ස්වරයෙන් කියද්දී, මම නිහඩව, බිම පතිත වු අැදුම අහුලා ගත්තා. අැදුම දිග හැර මම අැගට තියලා බැලුවා. දනහිසටත් අගල් පහ හයකටත් වඩා කෙටී ඩෙනිම් රෙද්දෙන් මසන ලද සායක් සහ අත් නොමැති බැනියම දැකීමෙන්, ඒය දැකීම පවා මා හට අප්‍රිය වුනා. *අනේ මට නම් බෑ අම්මේ මේවා අදින්න.* *අා ඒහෙමද ඒහෙනම් ඔයාගේ වැදගත් අැදුම් අැදන් නම් පහලට ඒන්න ඒපා. මට අක්කෙක් නෑ කියනවා.* *මම බලන්න නෙමේනේ නංගියෝ ඒයාලා ඒන්නේ .මම මොකක් අැන්දම මොකෝ* *මොකෝ මොකෝ තමා..* අැය සෙටි අැන්දෙන් බිමට පැන මගේ අැට කඩා පැන්නේ යක්ෂණියක් ලෙසින්. *මම කිව්වා ඒක පාරක් මේක අැදන් මිසක් පහලට ඒන්න ඒපා. ඔයාගේ සිරි යහනටම වෙලා ඉන්නවා. මට කැමති නෑ මම ගොඩේ පව්ලකින් නගරෙට ගිහින් පොෂ් වුන් කෙල්ලෙක් කියලා ඒ මිනිස්සු හිතනවට.* *අනේ ලොකු දූ හෙටට විතරක්, මේන් මෙයා වෙනුවෙන් ඔික අදින්න.* අම්මත් නංගිගේ විගඩන් වලට හවුල් වීම මට ඉවසන්න බැරි වුනා. නංගී අෑත් අැගේ ඉගටියේ ගසාගෙන කෝපාන්විතව මම දිහා බලන් ඉන්නවා. *අයියෝ අක්කේ ඔයා දැන් වත් පොඩ්ඩක් පොෂ් වෙන්නකෝ .ඒතකොට කොල්ලෝ වුනත් පස්සෙන් ඒවී .* ලොකු මල්ලිගේ බිිරිද වු සේනාදී කුසුම් විජේසිංහ නම් නැනා ද සියල්ලන්ගේ මතයට ඒකගතොව දක්වමින් අාලින්දයට අාවා. ධනවත් පවුලක දියණිනක් වූ අැයද නංගිගේ අදහස්ම අැති කෙනෙක්. ඒක නිසාම නංගී මට වඩා සේනාදීට කිට්ටු වුනා. දෙපාර්ෂවයේම ධනය තර කර ගැනීමේ අදහසින් නිරෝෂන විකුම් රණසිංහ සමග විවාහා වී මෙම නිවසට පැමිනි අැය, දරු දෙදෙනෙකුගේ මවක් වුවත්, අැය සුන්දර රූසපුවක හිමිකම් කිව්වා. *අනේ මට කොල්ලෝ ඔිනෙත් නෑ. අැදුම් ඔීනෙත් නෑ. මම යනවා.* මම අැදුම නංගිගේ අතට දෙමින් පඩිපෙල දිගේ ඉහල මාලයට දුවගෙන ගියේ දුක හිතෙහී තද කරගෙන. කාමරය වැදී අැතුලතින් අගුලු දමා ගත්තා. කියන්නට කරන්නට දෙයක් සිතා ගන්නට නොහැකිව, අැදෙහී වැතිරී කදුලු සලන්නට පටන් ගත්තා. *ලොකු බේබී .. ලොකු බේබී..හ්හ්* මොහාෙතකින් සිගිතිගේ කටහඩ දොර ළගින් අැසිීම හේතුවෙන් කදුලු පිස දමමින් අැද මත හිදගත්තා. *ලොකු බේබී... හ්හ්* *අැයී සිගිතියෝ...* මම බිදි ගිය කටහඩ යටපත් කර ගැනීමට වෙහෙසෙමින් කිව්වා. *මේ .. මේක දෙන්න කිව්වා.හ්හ්* *ඔතනින් තියලා යන්න සිගිතියෝ මම ගන්නම්.* *ලොකු බේබී අඩනවද? හ්හ් මටත් දුක් හිතෙනවා. හ්හ්* *නෑ නෑ සිගිතියෝ. මම අඩන්නේ නෑ.* *මම බලන් හිටියේ හ්හ්. චූටී බේබී කියවපු දේවල් හ්හ් . ලොකු බේබී ඔිවා හිතන්න ඒපා. ලොකු බේබී තරම් මේ ගෙදර කවුරුත්ම හොද නෑ.. හ්හ්* මගේ නෙතෙහී කදුලු තවත් වේගවත් වුනා. කොට්ටයේ මුහුන හොවාගෙන ඉකි බිදින්ට වුනේ හිතේ දුක අඩු කර ගන්නට සිතමින්. *ලොකූ බේබී ..හ්හ්* *මට වද නොදී ඔතනින් තියලා යන්න සිගිතීයෝ.* මම සිගිතිට ටිකක් සැරෙන් කතා කලේ නිදහසේ ඉන්න අවශ්‍ය වූ නිසා. *මම යනවා ලොකු බේබී.. හ්හ් අඩන්නේ නැතුව ඉන්න.* සිගිති පඩිපෙල බැස පහළට යන හඩින් සිත නිදහස් වු මම තව තවත් අැදෙහී ගුලි වෙමින් කල්පනා කරන්න පටන් ගත්තා.හෙටෙ ගෙදර සියලූ දෙනාම ඉන්න බව සිහිපත් වී හිත තවත් කලබල් වුනා.නිවසේ සියලු දෙනා මැද කාලය ගත කිරීම මට ඉතා අපහසු කාර්යයක් වුයේ ,ඔවුන්ගේ නොයෙක් හැසිරීමි බලා හිදිම හා මට කියනා වවන ඉදිකටු තුඩු මෙන් හදෙහී අැනී වේදනා ගෙන දෙන නිසායී. රෑ අාහාරය ගැනීමට කීපවරක්ම කතා කලද මම නැසුනා මෙන් හිටියේ කෑම මේසයට ගොස් තවත් හිත රිදවා ගත නොහැකී කියා සිතූ හේතුවෙන්. *ලොකු බේබී.. ලොකු බේබී...* පාන්දර මම අවදී වුනේ ලීලමිමාගේ කටහඩ අැසීමෙනී.රාත්‍රියේ මට ඉබේටම නින්ද ගොස් තිබුනා. මගේ හිත අායෙත් අවුල් වී ගියේ අද නේද නංගීනේ මනමාලයා ඒන දිනය යන්න සිහිපත් වීමෙනුයී. ඊ ළග කොටසින් හමු වෙමු.. දිනයක වැටහේවී........... 0 kingDVeteran MemberPosts:3309 14 Oct 2016 02:23 AM Quote Reply Posted By සඳුනි on 12 Oct 2016 05:21 PM මියෙදෙන තුරා.. 01. වන කොටස. මා ඒක්ටැම් ගෙයක සිරවී අැතයි සිතමි. මා සගවා තැබී මේ කිසියම් වටින්කමක් හෝ පැහැදිලි හේතුවක් අැතැයී මා නොසිතෙයී. කිමද මා පැහැර ගෙන යාමට කුමරෙක් නැත. මාමාවරුන් මරණවා යැයී අනාවැකියක්ද නැත. නමුදු මා මේ දෙමහල් විසල් මැදුරේ , සුවිසල් කාමරයක සිරකාරියක් වී අැත. අතට පයට මෙහෙකරමවන්, දෙව් ලොවක සම්පත් තිබුනද සිත තුල කිසිදු සතුටක් තිබුනේ නෑ. අදුර කෙමන් අාලෝකය ගිල ගමින් පවතින මොහොතේ මම ජනෙල් කවුලුව අසලට වී පිටත බලා සිටියා. කවුලුවෙන් පිටත ලෝකය ඉතා බියකරු ලෙස පෙනෙන්නේ මං දැයී මම දන්නේ නැහැ. නමුදු ඒ ලොකයට මා නොගැලපෙන බව හෝ නොගලපා අැති බව පමනක් මම දනී . මා හට කවුලුවෙන් පෙනුනේ සැමදා මෙන් සුපුරුදු රූස්ස ගස් කීපයත්, ඒ අතරින් ගිනි ගත් හිරු කදු අතර සැවන අයුරුත් පමනයි. *ලොකු බේබී .... මොකද තවමත් ඔය ජනෙල් අැරගෙන. ලොකු නෝනා ඒහෙම අාවොත් මටත් ඒක්ක දොස් අහන්න වේවී.* ඒය මා හට සැමදා සුපුරුදු වැකියක්. සැමදා මෙලෙස ගස් පෙල අතරින් හිරු අවරට යාම බලා සිටීම මගේ පුරුද්දක් වෙලා තිබුනා. ලීලමිමාගේ වදන සවනට වැකුනත් මම නොඅැසුනා මෙන් ජනෙල් කවුලුවෙන් තවත් ටිකක් පිටතට නැබුරු වුනා. ලීලම්මා නම් මෙම නිවසේ පැරණිම මෙහෙකාරියයි. නමින් ලීලාවතී නම් වූ අැය මා දන්නා කාලයේ සිට මෙම පවුලට ලැදිව සේවය කරයි. කුඩා අවදියේ සිට අප උකුලේ හොවා, නළවවා, කවා , පොවා රැක බලා ගත් නිසා , මවුටත් වඩා අප අැයට කිට්ටු වුනා. *මොකද ලොකු බේබී අද අමුතු විදිහක්.* වෙනදා ලීලම්මාගේ වදනින් කවුලුෙවන් ඉවත්ව ජනෙල් පිහන් වසා දැමීමට ඉඩ දෙන නිසා, අැය පුදුමව අැති බව මට තේරුනා. *අනේ මංදා ලීලම්මේ.* *ලොකු බේබී දුකකින්ද ඉන්නේ* පහලින් අප්පව්වීගේ කාරය ගරාජයට දමන හඩ අැහිලා මම ඒ දෙස බැලුවා. *අාන් ලොකු මහත්තයයී පොඩි බේබී අාවා. යමු යමු ලොකු බේබී පහලට.* යැයී පවසමින් ලීලම්ම ලහි ලහියේ ජෙනෙල් කවුලු වසන්න වුනා. *යමුකෝ ලොකු බේබී* *මට බෑ ලීලම්මේ. ලීලම්මා යන්න.* *පුංචි බේබී හෙට අදින්න අැදුම් අරන් අැවිත් අැති.* *මොකක් හරි කොට කෑල්ලක් අරන් අැවිත් අැතී.* මම අකමැත්ත ප්‍රකාශ කරමින් අැදෙහි කොනක වාඩී වුනා. *රට ගිහින් අාපු හින්දා පුංචි බේබී සංකර සිරිත් වලට පුරුදු වෙලා. අනේ මංදා ඔවා අදින්න විලිසංගයක් නැද්ද කියලා. පුංවි කාලේ වත් නොඅැදපු තරම් කොටටනේ දැන් අදින්නේ. ලොකු බේබිවත් පොඩ්ඩක් කියලා බලන්නකො.* ලීලම්මා කම්බුලේ අතක් ගසා ගනිමින්, දැඩි සිත්තැවුලෙන් කීව්වා. *ඒයා කවද්ද ලීලම්මා මං කියන ඒවා අැහුවේ. අප්පව්වී කියන දෙයක් වත් අහනවද?* *ඒක නේන්නම් ලොකු බේබී. හෙට ඔය ඒනවා කියන හාදයත් මොන ජතියෙද දන්නේ නෑ. මේ ලොකු නෝනලත් මොකුත් කල්පනා කරන්නේ නෑනේ. ලොකු බේබී ගෙදර ඉද්දී පුංවී බේබිට මනමාලයේ බලනවා.* මගේ හිත කම්පාකරවන ඒකම කරුනද මෙයයි. නමින් නිල්මීණී සුබෝදනී වීරසිංහ වන මා ජීවිතෙන් තිස් හතර වසරක් නිමා කල අවිවාහක තරුණියකි. පවුලේ වැඩිමහල් දියණිය වන මා හට ඒක් නැගණියක් හා මල්ලිලා දෙදෙනෙක් සිටී. පුංවී මල්ලී නිලූක සුනෙත් වීරසිංහ වැඩි දුර අධ්‍යාපනයට විදේශ ගත වී, හිතු මනිපයට විදේශික තරුණියක් සමග විවාහා වී සිටී.ඔහු මව් රටට නොඒන්නට තීරනය කර අැත. ලොකු මල්ලී නිරෝෂන විකුම් රණසිංහ, දෙදරු පියෙකි, පියා ගිය මගම යමින් දේශපාලනයට අවතීරනය වී සිටී. ඔහුගේ බිරිදත් දරු දෙදෙනත් ජීවත් වන්නේ මෙම නිවෙසෙමයි. බාල නැගනිය නිලුෂා නුවංගී රණසිංහය. විදෙස් ගතව වැඩිදුර අධ්‍යාපනය නිම කොට සති දෙකකට ප්‍රථම මෙරටට පැමින සිටී. විසි හතරවන වියෙහී පසුවන අෑ බෑලීමට හෙට දිනයේ මානාලෙයෙක් පැමිනීමට සියලු කටයුතු සූදානම් වෙමින් තිබේ. අැරත් මෙය අැගේ කැමැත්ත මත සිදුවන පැමීනීමකී. විදේශ ගතව සිටි සමයේ අැති කරගත් අාදර සම්බන්දතාවයක් නිසාවෙන් සිදු වෙන්නට යන විවාහායකි . මා සිත තුල අැත්තේ ඊර්ෂ්‍යාවක් නොව, මා ගැනම ලැජ්ජාවක් හා දුකකි. මට මතක අැති අයුරින් මම බැලීමට මනාලයින් තිහ හතලිහකට අාසන්න ප්‍රමානයක් පැමින අැත. ඒ ඒන හැම අයෙකුගේම මට අැදයක්, කීමට දොසක් තිබුනා. සමහරුන් මගේ කෙසග සිරුර හා මලානික මුහුන නිසා මට අකැමැත් වන්න අැතැයී මට සිතනවා. තවත් සමහරුන් ඉහලින්ම මට කැමතී වුවත් , මම වෙනුෙවන් ලැබෙන දෑවැද්දට ලෝභ කම් කරනවා යැයී මම සිතුවා. *ලොකු බේබී ..... ලොකු බේබී ....* *මොකද සිගිතීයෝ.* ගෙදර වැඩට සිටින කුඩා කොලු ගැටයා කාමරේ දොර අභියස නතර වී කෑ ගහන්න ගත්තා. *මොකද්ද ... මේ .. කියන්න අාවේ.. මේ .. මේ මතක නෑනේ හ්හ් ලොකු බේබී.* ඔහුගේ හැසිරීම දැක මගේ මලානික මුහුනේ සිනහවක් ජනිත වුනා. ඔහුට දැන් කියන දෙය දැන් අමතක වෙන සුලු නෙනෙක්. දවස පුරාම අප්පවිගෙනුත් , අම්මාගෙනුත් බැනුම් අැහුවේ ඒනිසාමයි. නමුත් අප්පචීට ඔහු නැතුවම බැරි කෙනෙකී. ඔනෑම මොහොතක සිගිතී මෙහෙ වරෙන් කියා ගත් ගමන් තමා හිටියි. මගෙ මුවට පොඩි හෝ හිනාවක් අැති වුනේ සිගිති නිසායි. *තටබන්නේ නැතුව පණිවිඩේ කිහපන් සිගිතියෝ.* *ලීලම්මා නම් කියයි හ්හ් . මම ඒපෑ මතක තියා ගන්න හ්හ්.* *අනේ ඔබ පණිවිඩේ මතක් කරද්දී නාකී මට පුලුවන් දහපාරක් පණිවිඩය අහන් ඒන්න.* *ඉතිං අහන් ඒන ඒකනේ හ්හ් මෙතනට වෙලා බලන් ඉන්නේ හ්හ්.*. ලීලම්මා සිගිතිට ගස්සා ගෙන පහත මාලහට බැස යන්නට වුනා. *මොකක්ද සිගිතියෝ පණිවිඩේ* *ඒක තමා ලොකු බේබී මාත් කල්පනා කලේ හ්හ්.. ලොකු මහත්තයා කිව්වා හ්හ් . මහත්තයා බලන්න කව්ද මනමාල මහත්තයෙක් ඒනවා කියලා හ්හ්. ලොකු බේබිට අැදුමක් තෝරගන්න ඒන්න කියලා හ්හ්.* *අා ..අැත්තද..* මම මුවට අා සිනහව තද කර ගනිමින් කීව්වා. *මොකද ලොකු බේබී හිනා වෙන්නේ හ්හ්.* *ලොකු මහත්තයා බලන්නද ? මනමාල මහත්තයා ඒනවා කිව්වේ.* *නෑ නෑ චූටි බේබී බලන්න හ්හ්. පොඩ්ඩක් අමතක වුනා හ්හ්.* *හරි හරි සිගිති යන්න මම ඒන්නම්.* *ඒන්න ඔනේ ඔන් ලොකු බේබී ..-* සිගිති පිටව යනවත් සමගම මම විශාල කැඩපත ඉදිරියට ගොස් අවුල් වූ හිසකේ අතින් සෑදුවා.දෙපතුල දක්වා දිගු සිය සාය සහ ඒයට සරිලන හැට්ටයක් අැද සිටි මගේ කෙසෙග සිරුර දෙස බලා දිගු සුසුමක් පිට කලේ මගේ පෙනුමට මම අකමැති නිසයි. උකුලෙහි අත්ල තබා බලද්දී හැට්ටයද කෙතරම් මට විශාල දැයි පෙනුනා. කිසිදා මගේ සිරුට ගැලපෙන අැදුමක් සොයා ගත නොහැකි යයි මම හිතුවා. කැඩපත තුලින් මා දැකීමෙන්, සිගිති නිසා මුවට නැගී තිබු සිනහව වියැකී ගොස් අප්‍රිය ජනක ස්වරූපක් අැති වුනා. මට මා ගැනම දුක සිතුනේ මා තව තවත් වයසට යන නිසා අවලස්සන බව වැඩි වී කිසිවෙකු මා හට කැමතී නොවන බව සිහි වීමෙනුයි. ඒනිසා තරයේ සිතා ගත්තේ නැවත විවාහයක් පිළබද නොසිතන්නයී. *ලොකු බේබී තව මෙතනද? ලොකු මහත්තයට කේන්ති යාවී.* ලීලම්මා නැවතත් කාමරයට හිස පොවමින් කිව්වා. *යමු . යමු..* මම කැඩපතින මෑත්ව පහල මාලයට යාමට අාවා . පඩි කීපයක් බැස ඒන විට අම්මා, අප්පච්චී අලින්දයේ සැප පහසු සෙටියේ වාඩී වී කතා බහ කරමින් හිටියා. නංගී තාත්තා අසල සෙටියේ අැන්ද මත වාඩී වී සිටින්නේ පොඩි ඒකියක් වගේ. *අා .. ලොකු දුව කොයි වෙලේද අඩ ගහලා මොකද මේ තරම් පරක්කූ.* අප්පච්චී මා දෙසට හැරී ප්‍රශ්න කරන්නට වුනා. *ඔය ඒන්න නැතුව අැත්තේ ඊර්ෂ්‍යාවට . මම කැමති කෙනාව මට බදින්න ලැබෙනවනේ. මෙයා ඉතිං ඒන ඒක මනමාලයෙකුට වත් කැමතී වෙනවා අෑ. ඊ ළග කොටසින් හමු වෙමු.. ඔන්න පළවෙනි කොටසින් කතාවෙ එන චරිත කිහිපය හිතේ මවා ගත්තා ... හොද කතාවක් කියවන්න පුළුවන් වෙයි වගේ Business, you know, may bring money, But friendship hardly ever does. 0 kingDVeteran MemberPosts:3309 14 Oct 2016 02:31 AM Quote Reply එක පවුලක උනත් අදින පළදින..සිතන පතන වෙනස් ළමයින් ඉන්නවනේ... බලමුකො අපි නංගි බලන්න එන කොල්ල අක්කව දැකල මොකද වෙන්නෙ කියල Business, you know, may bring money, But friendship hardly ever does. 0 DanuLiyanageVeteran MemberPosts:3457 14 Oct 2016 04:50 AM Quote Reply nangi balanna awith akkawa aran yawida danna මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 සඳුනිVeteran MemberPosts:2462 14 Oct 2016 07:06 AM Quote Reply රජ තුමත් අක්කා බලන්න ගිහින් නංගි අරන් අාවා වගේනේ කතාව. අැත්තටම ඔයාලා කැමති මේ දෙන්නගෙන් කොයි චරිතයටද? දිනයක වැටහේවී........... 0 gaminiVeteran MemberPosts:4475 14 Oct 2016 08:56 AM Quote Reply ඔය කතා ටික මුද්‍රණය කරමුකෝ දුවේ ............................ ආදරයේ උල්පත අම්මා ...................... 1 සඳුනිVeteran MemberPosts:2462 14 Oct 2016 09:11 AM Quote Reply Posted By gamini on 14 Oct 2016 08:56 AM ඔය කතා ටික මුද්‍රණය කරමුකෝ දුවේ ............................ අදහසක් තියෙනවා. කදුලත් සැනසුමක් කතාව මුද්‍රණය කරන්න ගියේ. ඒක අැත්ත කතාවක් නිසා . අයිතිකාරයා අකමැති වුනා. මේ කතාව නම් ලියලා ඉවර වුනාම අනිවාර්යෙන් පොතක් විදිහට මුද්‍රණය කරන්න ඉන්නේ. දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 14 Oct 2016 03:21 PM Quote Reply මියෙදෙන තුරා.. 03. වන කොටස. *ලොකු බේබී දොර අරින්නකෝ.* මම තවමත් අැද මත හිදගෙන සිහිපත් කෙරුවේ අද දිනය කෙසේ ගෙවන්නද කියායි. දිවියේ අන් සියලු දිනයකටම වඩා අද දින කටුක යයි මගේ හිත පෙරලි කරමින් කියන නිසා මට කිසිවක් සිතා ගැනීමත් අපහසුයි. *ලොකු බේබී කෝ ළමයෝ දොර අරින්නකෝ.* ලීලම්මාගෙන් බේරුමක් නොවු නිසා මම දොරේ අගුල හැරියා. *අා මුන කට සොදන් මේ තේ ඒක බොන්න.* *හ්ම්ම්ම්... ලීලම්මේ...* තේ සහ බිස්කට් දීසියක් මා අත තබා අාපසු යන්න හැරුන ලීලම්මාගෙන් මම ප්‍රශ්න කරන්න වුනා. *අැයි ලොකු බේබී.* *අම්මාලා ඒහෙම අැරලද?* *ඔව් ලොකු බේබී කවදාවත් නැතුව පුංවී බේබිත් අැහැරලා මොනවදෝ කෑමක් හදනවා. අපි දන්නේ නෑනේ ඉතිං ඔය සුද්දන්ගේ කෑම.* *ඒ කියන්නේ අද නංගී බලන්න ඒන්නේ සුද්දෙක්ද ලීලම්මේ.* මගේ අැස් මවිතව ඉහළ යද්දී මම අැහුවා. මගේ හිත පුදුම වුනේ අපේ පුංවී මල්ලී නිලූක විදේශික තරුණියක් විවාහා කර ගන්නවා යයි දැනුම් දුන් වෙලේ මුලු ගෙදරම දෙවනක් කල අප්පච්චී, දවස් ගනනාවක් හඩා වැටුන අම්මා , මේකට කැමතී වුනේ කොහොමද කියලා. ඒක ඒක දරුවන්ට මේ මිනිස්සුන්ගේ ඒක ඒක සැලකිලී, මගෙ සිතට ඒ ගැන දුකක් අාවා. *නෑ නෑ ලොකු බේබී . ලංකාවේ කට්ටියක්. ඒත් ඉතිං වැඩිපුර ඉදලා තියෙන්නේ රට රට වලනේ.* *ඒහෙනම් කමක් නෑ. ලීලම්මා යන්න වැඩ අැතිනේ.* *මම යනවා ඒහෙනම් ලොකු බේබී තේ ඒක බීලා පහලට ඒන්න හරි නෑනේ.* *ඒන්නම් ලීලම්මේ..* මම තේ හා බිස්කට් තබා තීබූ බන්දේසිය අැද අසලම තිබූ කුඩා මේසය උඩින් තිබ්බා . කාමරයේ දොරත් අඩවල් කරගෙන නාන කාමරයට අැතුල් වුනා. මෙම නිවසේ සැම කාමරයකමටම යාබද නාන කාමර ඉදිකර තිබුනා. හිතා ගන්නවත් බැරි තරම් සියලු සැප පහසුකම් තිබුනත් මගේ හිතට නම් කිසි සැනසීමක් තිබුනේ නැහැ. රෑ අැදුමින් නිදහස් වුන් මම දත් මැද පිරිසිදු වී උදෙන්ම නාන්න හිතුවා. මට හැමදාකම වගේ උදේම නා ගැනීම සුපුරුදු පුරුද්දක් වෙලා තිබුනා. සියලු ප්‍රශ්න සිතින් මැකෙන්න කියලා මම වතුර මලෙන් අා සීතල වතුරටම හිස පෙව්වා. ගල් ගැහෙන්නට තරම් සීතලයී, සීතල වතුර බිදු මගේ වත පුරා විසිරී ගියා. කෙමෙන් මම සීතලට පුරුදු වූ නිසා ඒ ජල බිදු වලින් මගේ ගතත් සිතත් දෙකම සිසිල් වුනා. මම නාගෙන ලා කොළ පැහැති තුවාය අැග දවටාගෙන කාමරයට ඒනකොට සිගිති අැද ළග හිටන් හිටියේ ලස්සන සිනහවක් මවාගෙන. මම දුටු වහාම ඒ හිනාව මැකී ගියා. *මම මේ... මම මේ. කාමරය. හ්හ්.* *ලස්සනට අස් කරලා තියෙන්නේ ගොඩක් ස්තූතියී සිගිතී..* මම ඒසේ කියමින් සුපුරුදු ලෙස ජනෙල් කවුලුව අසලට ගොස් මැදින් තිබූ ජනෙල් උලුවහු කදට වාරු වී රූස්ස ගස් පෙල අතරින් හිරු ඒළිය අප සොයා ඒන හැටි බලා හිටියා.තවමත් මීදුමෙන් වැසී ගිය පරිසරය හිරු කිරනත් සමග පොර බදනවද කියලා මට සිතුනේ හිරු තරමනක් පායා තිබුනත් මීදුම මැකී නොයාම නිසයි. වෙනදට වඩා ඒ දවසේ සුන්දර බවක් මට දැනුනා, ජනෙල් කවුලුව පෙන්න රූස්ස ගස් පෙල නිසා මට අැති කල බියකරු බව වෙනුවට අසිරියන් සිතේ රැදී තිබුනා. *මම මේ ...හ්හ්. ලීලම්මට වැඩ නිසා කාමරය ..හ්හ් පොඩ්ඩක් අස් කරන්න අාවේ.... හ්හ්* මම සිගිතිගේ කට හඩින් අපහු හැරී බලද්දී සිගිති තාමත් මුහුන බිමට නැබුරු කරන් ඉන්නවා. මට තේරුම් ගියා සිගිති මේ වෙලාවේ කාමරයට අැවිත් කරන්නේ වරදක් කියලා හිතලා පසු තැවෙනවා කියලා. සිගිති කීයටවත් හිතන්න නැතුව අැති මම තුවාය පිටින් මේ වෙලාවේ කාමරෙට ඒවී කියලා. *අයියෝ සිගිති මොකද මේ. ඔය කාමරේ හොදට අස් කරලා තියෙන්නේ. සිගිති දැන් යන්නකෝ මම අැදුමක් දාන් පහලට ඒන්නම්.* *හරි ලොකු බේබී ..හ්හ්. මම යනවා.හ්හ්* සිගිති කාම්මරෙන් පිට වුනේ දුකෙන් කියලා මට තේරුනා. *සිගිති ... මම ඊයේ පුංචි බේබී දුන්න අැදුම අදිනවා..* මම හිනා වෙමින් ඒහෙම කියද්දී. සිගිතිත් අාපහු බලලා හිනා වුනා. *අප්පෝ ලොකු බේබී ඔයා නම් ඒවා අදින්න ඒපා.* මම හිනා වුනා මිසක් වචනයක් නොකියා දොර අගුලු දැම්මා. මට කවදාවත්ම සිගිතිගේ නරක ගතියක් දැනිලා නෑ . සිගිතිගේ හැසිරීම් තවමත් පොඩී ළමයෙකුගේ වගේ ඒක නිසාම මම සිගිතිට අාදරේ වුනා. මම තේ ඒක බොන්න කියලා ගියා, ඒක හොදටම අැල් වෙලා දැන් ඉතින් මේක බොන්න බෑ, හිතමින් අල්මාරිය අසලට ගියා. දොර පියන් තුනේ අල්මාරියක් පුරවලා මට අැදුම් තිබුනා. මම කොහෙවත්ම අැවිදින්න නොයන් නිසා අැදපුම නැති අැදුනුත් විශාල ප්‍රමානයක් තිබුනා. මම ඊළගට කල්පනා කලේ මොකද්ද අදින්නේ කියලා . නංගිගේ කැමැත්තට අැගේ අැදුම අැදීම මට නුහුරුයි . අනික කොට අැදුම් අැදලා මට පුරුද්දක් තිබුනෙත් නෑ.මම අැදුම් කිපයක්ම අැදලා අැගට තියලා බැලුවා.මට ඒකක් තෝර ගන්න බෑ. අැද පුරාම දැන් මගේ අැදුම් විසිරිලා. *ලොකු බේබී...* *අනේ ලීලම්මේ ඔයා අාවේ හොද වෙලාවට.* මම දුවලා .ගිහින් දොර අැරියා. *මොකද මේ තවම ටවල් ඒක පිටින්... දැන් අර මිනිස්සුත් ඒවී අැදුමක් දා ගන්න. තේ ඒක බිව්වද?* ලීලම්මා තේ කොප්පය දෙස බලමින් කිව්වා. *කෝ බිලා නෑනේ. * *අනේ මම නාගෙන් ඒනකොට තේ ඒක නිමිලා ලීලම්මේ.* *පැය ගානක් නාන්න අැතිනේ ඉතිං. ඉන්න මම තව තේ ඒකක් හදන් ඒන්නම්.* *අනේ මට තේ ඒපා . මට අැදුමක්. තොරලා දෙන්නකෝ ලීලම්මේ.* *අැය පුංචී බේබී දුන්න ඒක.* *මට බෑ ඒක අදින්න ලීලම්මා කැමතිද මම ඒක අදිනවට.* *මම නම් කැමති නෑ..ඒත් ලොකු බේබිට බනීවී.* *කමක් නෑ. මැරුවත් මම ඒක නම් අදින්නෙ නෑ.* *අනේ ඔය කතා කියන්න ඒපා රත්තරනේ..* ලීලම්මගේ කට හඩ බිදී ගියා. අැයට දුක හිතෙන දෙයක් කිව්වා දැයි මට මතකයක් තිබුනේ නෑ. *අැයි ලීලම්මේ..* *මොකුත් නෑ ලොකු බේබී .ඔයා අැදුමක් තෝරන්නකෝ මම තේ ඒකක් හදන් ඒන්නම්.* ලීලම්මා නිමී ගිය තේ ඒකත් රැගෙන කාමරෙන් පිට වී ගියා. මම අායෙත් අැදුම් තෝරන්න පටන් ගත්තා. මට අල්මාරියේ උඩම තට්ටුවේ තිබී අැස ගැටුනේ තවමත් බ්‍රවුන් පේපර් කවරයෙන් ඒලියට නොගත් අැදුමකුයි. මට මතකයි මට ඒ අැදුම ලැබුනේ ගිය උපන් දවසේ, මම කිසිදා තිළිනයක් බළාපොරොත්තු නොවුන කෙනෙක් ගෙන්. මට සිහිපත් වෙනවා, මගේ උපන්දින සාදය වුනත් මගේ හිතේ කිසිම සතුටක් තිබුනේ නැහැ. මුලු නෑදෑ පිරිවරම අැවිත් හිටියත් ඔවුන් කතා කරන දේවල් මගේ හිතට අැල්ලුවෙම නෑ. සෙනග අතරට වී සිටියත් මම කා සමගවත් කතා කෙරුවෙත් නැහැ. ඒ නොරස්සුම දරා ගන්න බැරි තැන මම කාමරයට අාවා. අැදේ කොනක ඉදගෙන මම කල්පකනා කලේ අැයි මම මේ මිනිස්සුන්ට නොගැල පෙන්නේ, මොකද මෙයාලට මගේ අඩුපාඩුම පේන්නේ කියලා. *ලොකු බේබී ..හ්හ් . මොකද ඔතන තනියම කරන්නේ හ්හ්.. ඔයාගෙන පාර්ටිය.හ්හ්* මම සිගිතිගේ කට හඩින් ගැස්සීලා ගියා. සිගිතිත් මගේ කාමරයට අැවිත් අහද්දී . *අනේ මට ඔය පාර්ටී අල්ලන්නේ නෑ සිගිති.* *බලන්නකෝ පුංචී බේබී ඒහෙම නටනවා..හ්හ්* *ඔහේ නටා ගත්තාවේ මට වැඩක්නෑ.* *මං. මේ.. හ්හ්. ලොකු බේබිට බඩුවක් ගෙනාවා. හ්හ්* *මොකද්ද?* *දිගෑරලම බලන්නකෝ. හ්හ්* සිගිති ඒදා මට මේ බවුම් පේපර් කවරයට දාපු අැදුම දුන්නා. *තෑග්ගක් කාගෙන්ද?* *මගෙන් . හ්හ්* මම ඒකේ තිබුන සුදු පාට සිනිදු ගව්ම අැගට තියලා බැලුවා. මට ඒක දැක්කම පුදුම හිතුනේ ඒක වටින. ගවුමක් නිසා.. *සිගිති බර ගානක් යන්න අැතිනේ මේක ගන්න මේ පාර ගෙදරට සල්ලි යැව්වේ නැද්ද? අපරාදෙනේ සිගිති මට හම්බෙලා තියෙන තෑගී ගොඩ දැක්කා නේද?* *ඒත් මේක මට වැදගත් ලොකු බේබී.. හ්හ්.. මම ඔක ගත්තේ මගේ අක්කා මතක් කරගෙන හ්හ්. ලොකු බේබීත් මගේ අක්කා වගේ හ්හ්. ඒක නිසා වටින්නෙ නැති වුනත් ඔක බාර ගන්න . හ්හ්.* *ඉතිං අක්කට යවන්නකෝ මේක.* *දැන් වැඩක් නෑ ඒයා අපිව දාලා ගිහින් ඉවරයි.හ්හ් * *අැයි මොකද වුනේ ඒයාට.* *මම ඒවා කතා කරන්න කැමතී නෑ ලොකු බේබී. අක්කා උන්නා නම් ලොකු බේබිගේ වයසෙම වගේ ඉදී.හ්හ් . ලොකු බේබී කැමතිද ඔය අැදුමට. හ්හ්* *අනේ ඔව් මට ජීවිත කාලයටම ලැබුන හොදම තෑග්ග..* *අනේ ලොකු බේබී විහිල් කරනවා .හ්හ්* *නෑ විහිලු නෙමෙයි මම මේ ගවුමට අාසයි.* සැබැවින් ඒ අැදුම දැකුමෙන්ම මගේ සිත අැදී ගියා. කැඩපත ඉදිරියට ගොස් කිපවතාවක්ම අැගට තියලා හැඩ බැලුවෙ ලෝභ කමින්. කිරි සුදු පාට දුහුල් රෙද්දකින් නිමවා තිබුන දෙපතුල දක්වා දිගු ගවුමේ අත් දෙකට තිබුනේ සිහින් පටි දෙකක් පමනයි. අත් පටි දෙකටත් පපුව දෙපසත් පමනක් රිදී වර්ණයෙන් හැඩ ගන්වලා තිබුන ගවුම හරිම චාම් ඒකක් වුනා. අත් නැති ගවුම් අදින්නට අකැමැති වුවත් මම ඒ ගවුමට බොහො සෙයින් ප්‍රිය කලා. මේ ගවුම අදින්න හොදම දවස අද කියලා මට හිතුනේ මීට කලින් කවදාවත් අදින්න අවස්තාවක් නොලැබුන නිසා. මම ගවුම අැගෙන කණ්ණාඩිය ඉදිරයට ගියා. ගවුම තරමක් මට ලොකු වුනත් වෙනදා නොපෙනුන ලස්සනක් මටම පෙනුනා. අත් සහ කර විශාල ප්‍රමානයක් නිවාරවය වි තිබු නිසා අපහසුවක් දැනුනත් මම මගේ ස්වරූපයට කැමතී වුණා. ඊ ළග කොටසින් හමු වෙමු. දිනයක වැටහේවී........... 0 Add Reply Page 2 of 13 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit