Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Dec 2016 11:52 PM by samantha මියෙදෙන තුරා.......... 254 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 4 of 13 << < 23456 > >> Author Messages සඳුනිVeteran MemberPosts:2462 20 Oct 2016 01:00 PM Quote Reply තාම හරියට දන්නේ නෑ දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 20 Oct 2016 03:32 PM Quote Reply මියෙදෙන තුරා.... 07. වන කොටස. *අනේ ඔහොම හිතන්න ඒපා... හ්හ්. දවසක කාටත් වඩා හොදට ලොකු බේබිගේ ජීවිතේ ලස්සන වෙනවා.හ්හ් මට ඉර හද වගේ විශ්වාසයි. හ්හ් ලොකු බේබිගේ හිත හරිම හොදයි, අනුකම්පාවයී.හ්හ් ලොකු බේබිට කවදා හරි හරියනවා මයී.හ්හ්* *මම නම් ඒහෙම හිතන්නේ නෑ සිගිතියෝ.. ඔන් ඔය රෝස ගහ කපලා දාන්න. මට දකිද්දිත් කේන්ති යනවා.* *ඒ මොකටද ලොකු බේබී..හ්හ්. ඔවා හිතන්නේ නැතුව ඉන්න.* මම නිතරම කල්පනා කලේ වෙෙද්‍යවරයෙක් ලගට යන්න ගෙදරින් පිට වෙන්නේ කොහොමද කියලා. මම කල්පනා කරමින් මිදුලේ කොනක, තාප්පයට අාසන්නව තිබූ අඹ ගසේ සෙවනට යන්න වුනා. අඹ ගස වටා තරමක් උසට සිමෙන්තියෙන් බැද රවුමට සදා තිබූ පාත්තියේ ලස්සනට සීනියාස් මල් යායට පිපිලා තිබුනා. සිගිතිගේ මහන්සිය නිසාම ගෙමිදුළ නොයෙක් මල් වර්ග හා පැළෑටි වලින් අලංකාරව තිබුනා. මම ඒ අාසන්නව තිබූ ගල් බන්කුවේ ඉදගෙන කල්පනා කරන්න ගත්තා. හිතේ තිබුන දුකත් , සැකයත් නිසා මට කිසිම දෙක සුන්දරත්වයක් පෙනුනේ නැහැ. දවස් කීපයක්ම ගෙවිලා ගියෙ හිතේ විශාල අසහනයකුත් සමග. පුස්ථකාලයට යන ගමන විතරක් මම ගෙදරින් පිට වන ඒකම ක්‍රමය නිසා , ඒ ගමනෙදි වෙෙද්‍යවරයෙක් හමුවෙන්න යන්න හිතුවා. ඒ යනගමනත් පුස්තකාලය ලගට යනකන්ම මම ගියේ ගෙදර වාහනයෙ රියදුරු මහතාත් සමග. අැත්තටම පුස්තකාලයට තිබුනේ පයින් යන දුරක. ඒටික වත් මට තනියම ගෙදරින් පිට යන්න දුන්නේ නෑ. මට කේන්තිත් ඒන්නේ මේ හැම නීතියක්ම මට විතරක් නිසා. පුංචී නංගී කොහේ ගියත් මොකුත් කියන්න කවුරුත්ම හිටියේ නෑ. මම පාන්දර ඒක පාරටම අැහැරුනේ පපුවේ අැති වුන වේදනාවත් ඒක්ක. මම මුහුන කොට්ටයට තද කරන් වේදනාත නිහඩව විද ගන්න මම උත්සහා කලා. කොහොම හරී ටික වෙලාවකින් වේදනාව තුරන් වෙලා ගියා. මට හිතා ගන්න බෑ අැයි ලග ලගම මේ වේදනාව දැනෙන්නේ කියලා. කොහොම වුනත් ඉක්මනින්ම වෙෙද්‍යවරයෙක් ළගට යන්න ඔන කියලා මම හිතුවා. මම ඒළි වෙනයකන් ම අැදේ හාන්සි වෙලා කල්පනා කලා. යාන්තම් හිරු ඒළිය රූස්ස ගස් අතරින් මොදු වෙද්දී ලීලම්මා කාමරයේ දොර අැරගෙන් අැතුලට අාවා. ඒ සද්දයට ගැස්සිලා මම ලීලම්මා දිහා බැලුවා. *අානේ ලොකු බේබී අැහැරලනේ. මම හිතුවා නිදි අැති කියලා.* *මට නින්ද යන්නේ නෑ ලීලම්මේ* *මොකද අදත් උදේම මුන පුළුටු කරන් ඉන්නේ ලොකු බේබී . අදත් හිනෙන් වත් බය වුනාද?* *ඒහෙම ඒකක් නෑ ලීලම්මේ.* ලීලම්මා මගේ කාමරයේ වු ජනෙල් කවුලු කිහිපය හැර දැමුවා. මිහිදුමත් සමග කැටි වුන උදා හිරු රැස් කාමරය තුලට අැතුලු වුනා. *සිතලයී ලීලම්මේ....* ජනෙල් කවුලුවෙන් හමා අා සිහින් මද නලය අැග දැවටුන නිසා මම මගේ උණුසුම් පොරවනය ඉහේ ඉදන් පොරව ගත්තා. *මොකද මේ කවදාවත් නැතුව ලොකු බේබී . ඔයා සීතලට අාසයිනේ . මහ පාන්දරත් සිතල වතුරෙන් නාන්නේ . හා හා කම්මැලී නොවී අැහැරෙන්න . ගෑනු ළමෙක් වුනාම උදෙන් අැහැරෙන්න ඔනේ..* *මම වෙනදට අැහැරෙනවනේ ලීලම්මේ . අද හරිම සීතලයි.* *මම පොරෝනය අතරින් හිස පමණක් ඒළියට දමමින් කිව්වා. * *අැයී ලොකු බේබී උණ ගැනෙන්න වද්ද?* ලීලම්මා මගේ ලගට අැවිත් ඔලුවටයි , බෙල්ලටයි පිට අත්ල තියලා බැලුවා. *ලොකු බේබීගේ කොලම්.. මම තේ හදන් ඒන්නම්.* ලීලම්මා කාමරෙන් පිට වෙලා ගියා. මගේ හිතට තවත් බියක් අැති වුනේ ඒත් ඒක්කමයි. සිතල මා සොයා ගෙන ඒන්නේ මගේ මරණය ළං වෙලාද? මගේ අැගත් සීතලයී මම දන්නවා ළගදිම මාව මැරිලා යාවී මම මටම මුමුණ ගත්තා ඒත් ඒක්කම අායෙත් පපුවෙ වේදනාව දැනෙන්න ගත්තා. මාරයා මාව දැනුනත් කරනවද කොහෙද ? ඔව් මරනය මගේ ළගටම අැවිල්ලා. මට දැනුනේ විශාල දුකක්. *ලොකු බේබී මොනවද ළමයෝ ඔය තරම් කලපනා කරන්නේ.* *මොතුත් නෑ ලීලම්මේ* මම ලීලම්මා කාමරයට ඒනවා වත් අැහුනේ නෑ. ඒ තරමටම මම කල්පනාවේ ඉදලා තියෙන්නේ. මම ටක් ගාලා අැද මත ඉද ගත්තා. සිදු වුන අපහසුතාය සගවා ගන්නට උත්සහ කරමින් මම අැදෙන් බැහැලා නාන කාමරය පැත්තට ගියා. *ලීලම්මේ මම වොස් ඒකක් දාන් ඒන්නම්. තේ ඒක ඔතනින් තියන්න.* මම අද නම් කොහොම හරි ගෙදරින් ඒළියට යන්න ඔනේ කියලා හිතාගෙන අලුත් අැදුමක් අැද ගත්තා. තද නිල් පැහැත් දිග සාය පුරා ලා නිල් පැහැතී සිහින් මල් විසිරී තිබුනා. ඊට කැපෙන්නට සුදු පාට කුඩා අත් දෙකක් සහ කොලරයක් සහිත හැට්ටයක් අැන්දා. ඒ අැදුම අැදලා කැඩපත ඉස්සරහට ගියාම මට දැනුනේ මම තවත් කෙසෙග වෙලා කියලා. දිග කොන්ඩය හකුලලා බැද ගත්තා. පුස්තකාලයෙන් ගත් පොත් කිහිපයත් අතට අරගත්තා. අල්මාරියේ අාරක්ෂිතව තබා තිබූ බැංකු පොත අරන් පොත් අතර රදවා ගත්තා. මට ගෙදරට අාරංචි නොවන්නට වෙෙද්‍යවරයෙක් හමුවීම හුගක් වැදගත් වුනා. ඒ සදහා මුදල් අවශ්‍ය වන නිසා මම බැංකු පොතෙන් හොරෙන්ම සල්ලී ගන්න තීරනය කලා. සියලු දේ සිතේ රදවාගෙන මම පඩිපෙළ බැහැගෙන පහළට අාවේ ගැහෙන හදවතින් යුතුව. *ලොකු දූ කොහේ යන්නද? අපිට කලින් කිව්වෙත් නෑනේ.* *මම මේ.. මේ.. පුස්තකාලයට යන්න කියලා.* *හදිස්සියෙම.* *අම්මට මං ගැන සැකක් දැනිලද මන්දා පිට පිට ප්‍රශ්න අහන්න පටන් ගත්තා. * *ගොඩ දවසකින් ගියේ නෑනේ අම්මේ.* *අද යන්න විදිහක් නෑ . කාර් ඒක ලොකු පුතා අරන් ගියා.* *මම පයින් ගිහින් ඒන්නම් ටික දුරයිනේ අම්මේ. * *නෑ නෑ ඔනේ නෑ.* අම්මා තදින්ම කියා සිටියා. කාර් ඒකත් නැති නිසා අද මාව හොයන්න ඒන්නත් කවුරුත් නෑ. බලෙන් හරි යනවා කියලා මම හිත හයිය කර ගත්තා.පොඩි නංගී අාලින්දයේ රූපවිහිනිය නරබමින් හිටියා. *පව් අම්මේ ලොකු අක්කිට ගිහින් ඒන්න දෙන්නකෝ.* පුදුමයි නංගී දෙයියො බැලුවා වගේ මගේ පැත්තට කතා කරනවා. ශාලින්ද මස්සිනාට පින් සිද්ද වෙන්න නංගී ටිකක් හැදිලා වගේ . මගෙ හිතට ඒකෙනුත් ලොකු සැනසීමක් දැනුනා. *පිස්සුද පුංචී දූ .. තාත්තාත් ගෙදර නෑ කාර් ඒකත් නෑ. තනියම යවන්නේ කොහොමද? මගදි අර මිනිහා ඒහෙම හමු වුනොත්.* *මොකද අම්මේ ඔය විජී අයියා කියන මිනිහා අපේ ලොකු අයියගේ පස්සෙන් පන්නන්නේ. පුංචී නංගී අම්මගෙන් ප්‍ර්‍රශ්න කරන්න වුනා.* *අනේ කවුද දන්නේ පුංචී දූ. මට ඒකව දැක්කමත් බය හිතෙනවා කොහෙන් මේ පැත්තට පාත් වුනාද මන්දා.* අම්මා ඒහෙම කියද්දී මගේ හිතටත් ලොකු බයක් අාවා. ඒදා දැකපු හීනයත් අායී හිතේ හොල්මන් කරන්න ගත්තා. මොන දේ වුනත් මම අද නම් යන්නම ඔනේ මගෙ හිත මාව දිරිමත් කලා. *අනේ මම ගිහින් ඒන්නම් අම්මේ..* *ඒපා ඒපා ලොකු දු කිව්වම අහන්න. ඔය ගමන හෙට යන්නකෝ. *ලොකු අක්කී ගිහින් අපුදෙන් අම්මී ගේ අස්සටම වෙලා ඉදලා අැති වෙලා අැති. පුංචී නංගිත් මගෙ පැත්තට කතා කල නිසා අම්මා ටිකක් නිහඩ වුනා. මම අම්මට වැදලා මම ගේට්ටුව පැත්තට අැවිදගෙන අාවා මට දැනුනේ පුදුමාකාර නිදහසක් . අවුරුදු ගානක් සිර ගත වෙලා ඉදලා නිදහස් වුනා වගේ .මම ස්භාදහමේ සුව පහස විදිමින් හම ඒන සුගටත් වඩා සැහැල්ලවෙන් මම ඉදිරයට අැවිදන් අාවා. *ලොකු බේබී. හ්හ් අද නිදහස ලැබුව කිරිල්ලි වගේ නේද?* මම ගේට්ටුවට කිට්ටු වෙද්දී සිගිති මගේ පස්සෙන් දුවන් අාවා. අම්මායී ලීලම්මයි ප්‍රධාන දොර ලගට වෙලා බලන් ඉන්නවා. ජීවිතේ මුල්ම වතාවට මම මෙහෙම තනිතීරනයක් ගත්තේ. අනිත් හැමදාකම මම කලේ අනිත් අයට ඔනේ දේ, අනිත් අය හොදයි කියපු දේ. මගේ හිතට ලොකු බයක් දැනුනා මම කරන්න යන දේ හරිද කියලා. *අා.. සිගිතියෝ මම පුස්තකාලයට ගිහින් ඒන්න යනවා.*- *වෙන කොහෙවත් නෙමෙනේ යන්නේ.හ්හ්* *වෙන කොහේ යන්නද සිගිතියෝ.* *පරිස්සමින් ගිහින් ඒන්න ලොකු බේබී.හ්හ් *හරි සිගිතියේ...* මම සිගිති අැරලා දුන්න විශාල ගේට්ටුවේ කොනක වූ කුඩා ගේට්ටු කවුලුවෙන් ඒළියට අාවා. ලොකු සුසුමක් අරන් මම ගමන අාරම්භ කළා . ඒ හරියේ හැම ගෙයක්ම වගේ තාප්ප වලින් අාවරනය ෙවලා තිබුනා . පාරේ අැවිදන් ගිය ගමේ කීපදෙනෙක් අැරැන්නට වෙන කවුරුත්ම පාරේ හිටියේ නැහැ. කිසි කෙනෙක් මාව දැක්කට අැදුරුවේ නෑ. මම නිතර ඒළිපහලියට නොඒන නිසාත් මම නිතර දැකලා නොතිබුන නිසාත්. මම ඉදිරියට පිසමැන ගියේ බර කල්පනාවක. අම්මා කියපු විදිහටම විජී අයියාගේ මොටර් සයිකල් ඒනවා අැහුනා. මගෙ හිත බයෙන් ගැහන්න ගත්තා. අම්මා කිව්ව දේ ටිකක් අහන්න තිබුනා කියලා මගේ හිත මටම දොස් කිව්වා. මම මුන පුලුවන් තරම් බිමට නැඹුරු කරගෙන අඩි ඉක්මන් කලා. මොටර් සයිකලය ඒකපාරටම මගේ ලග බේර්ක් කලා. මම ඉබේටම ගමන නවත්වලා විජී අයියා දිහා බැලුවෙ අැස් ලොකු කරගෙන. *කවුද මේ නගා මම මීට කලින් දැකලා මතකයක් නෑනේ.* ඔහු ගොරෝසු කට හඩින් කියද්දි මට පොඩි සැනසිල්ලක් දැනුනේ මේ මනුස්සයා මාව අදුරන්නේ නැහැනේ කියලා. මම නිහඩව බිම බලා ගත්තා. *මොකද නගාගේ කට නැද්ද? අපි ඒක්ක කතා කරන්න ඒපා කිව්වද කවුරු හරි. අානේ මේ මන්ත්‍රී වලව්වේ ලොකු කුමාරිහාමිනේ . අනේ සමා වෙන්න ඔනේ නගා කිව්වට. ලොකු කුමාරි හාමි. මම අැස් ලොකු කරගෙන විජී අයියා දිහා බැලුවා. ඒයාගේ මුනේ තිබුනේ සමච්චලේට මවා ගත් හිනාවක්. අැස් ගෙඩි දෙක ඒළිපයින්න තරම් ලොකු කරගෙන ඔහු කට කොනකින් හිනා වුනා. මගේ අැග ගැහෙන්න ගත්තා බයටම. හෝව් හෝව් .. මොකද මේ ලොකු කුමාරිහාමි බය වෙලා. ඊ ළග කොටසින් හමුවෙමු. දිනයක වැටහේවී........... 0 RosiSuper Senior MemberPosts:5335 20 Oct 2016 07:40 PM Quote Reply ස්තුති නංගි අලුත් කොටස් කිහිපයටත් ,,,මහා රැ නේද ලියලා දැම්මේ 0 kingDVeteran MemberPosts:3309 20 Oct 2016 10:51 PM Quote Reply සිගිතියා ඇයි අර හැමතිස්සෙම හ්හ් හ්හ් ගාන්නෙ Business, you know, may bring money, But friendship hardly ever does. 0 සඳුනිVeteran MemberPosts:2462 21 Oct 2016 02:21 AM Quote Reply නෑ අක්කේ මම මේවා ලියලා තියෙන්නේ...... කොපි පේස්ට් විතරයි. රජ තුමාට හ්හ් ඒක අවුලද? දිනයක වැටහේවී........... 0 DushanVeteran MemberPosts:2536 21 Oct 2016 02:33 AM Quote Reply ස්තුති මාත් කියෙව්වා මේ කොටස 0 DanuLiyanageVeteran MemberPosts:3457 21 Oct 2016 07:51 AM Quote Reply mata nam kiyawanna une naha ada kiyawanna ona මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 සඳුනිVeteran MemberPosts:2462 21 Oct 2016 06:29 PM Quote Reply මියෙදෙන තුරා.. 08. වන කොටස. මම අඩියක් දෙකක් ඉදිරියට තිබ්බේ වචනයක් පිට කරගන්න ශක්තියක් නැති නිසා. මම ටිකක් ඉස්සරහට යනකන් බලන් හිටපු විජී අයියා මෝටර් සයිකල් ඒක පණ ගැන්නුවා. *ලොකු බේබී... නිවැරදි මිනිස්සුන්ට මගෙන් කරදරයක් නෑ. මන්ත්‍රී බේබී මහත්තයගේ වැඩ වලට ලොකු බේබී පලි නෑනේ. ලොකු බේබී වලව්වේ අනිත් අයට වඩා හිත හොද බව මට අාරංචී වුනා.* විජී අයියා ඒහෙම කියද්දී මම අාපහු හැරිලා බැලුවා. ඒත් ඒක්කම කුරුල්ලෙක් වගේ මෝටර් සයිසිකලයෙන් පියඹා ගියා. මගේ හිතේ විජී අයියා ගැන තිබුන හැගීම ටිකක් වෙනස් වුනා .කොන්ඩ රැව්ල වවාගෙන රස්තියාදු පෙනුමක් මවාගෙන ජීවත් වුනාට සාධාරනයට වැඩ කරන මනුස්සයෙක් කියලා මගේ හිත කිව්වා. පුලුවන් ඉක්මන් ගමනින ඉදිරියට ගියේ ඉක්මනට ගෙදර යන්න ඔනි නිසා. පරක්කු වුනොත් මම පුස්තකාලේ ගිහින් නෑ කියලා සැක හිතෙන්න පුලුවන්. මම ගම පැත්තෙන් අා ත්‍රීවීල් ඒකකට අත දැම්මේ බයෙන් බයෙන්. *කොහෙට යන්නද මිස්.* *ටවුන් ඒකට .* *යමු නගින්න මිස්* ත්‍රීවීල් ඒකේ හිටියේ අවුරුදු තිහක විතර පෙනුමක් තිබුන පුද්ගලයෙක් . මම නැග්ග වෙලේ ඉදන් බයේ හිටියේ මේ මනුස්සයා මගෙන් මොනවා අහයිද ගොදරට අාරංචී වෙයිද කියලා. ඒ මනුස්සයා මාව අදුර බවක් නම් තේරුනේ නෑ කන් අඩි පැලෙන්න හයියෙන් සිංදුවක් දාගෙන ඒ මදිවට ඒ මනුස්සයත් කෑ ගහලා සිංදුව කියනවා. ටවුන් ඒකට කිට්ටු වෙද්දි සද්දේ අඩු කරලා දැම්මා. *මිස් කොහෙන්ද බහින්නේ.* *මට පොඩ්ඩක් බෑන්ක් ඒකට යන්නත් ඔනේ . තව ගමනක් යන්නත් තියෙනවා . මල්ලිට වැඩක් නැත්තම් දිගටම මගේ ඒක්ක යමු.* *අපිට මොන වැඩද මිස් .මේකනේ අපේ රස්සාව අපායට යමු කිව්වත් අපි රෙඩි..* *හා ඒහෙනම් බෑන්ක් ඒක ගාවින් නවත් වන්න.* *මිස් මට පොල්ල තියන්න ඒහෙම ඒපා හරිද? දවසම මෙතනට වෙලා මිස් ඒනකන් බලන් ඉන්න වෙයි.* *නෑ නෑ බය වෙන්න ඒපා ඒ ගැන. මම ටග් ගාලා ඒනවා.* මට බැංකුවෙන් සල්ලී ගන්නවා කියන්නෙත් හරිම නුහුරු වැඩක්. මීට කලින් තුන් පාරක් විතර අැවිත් තිබුණා .ඒ හැම පාරම අාවේ අම්මත් ඒක්ක. මම සල්ලි අාපසු ගන්න ඔනේ කරන පත්‍රිකාව පුරවන්න ගත්තේ වටපිට නොබලමයි . බැංකු පොත අස්සේ පුරවපු පත්‍රිකාව රදවාගෙන මමත් පොලිමේ හිට ගත්තා. මම වැඩිය ඔලුව උස්සලා වටපිව බලන්න නොගියේ අදුර කෙනෙක් වත් ඉදීවී ද කියලා.අවශ්‍ය සල්ලිත් අරගෙන මම අහපහු ත්‍රීවිල් ඒකට අාවා. *මිස් පරක්කු වෙද්දි මම බැලුවෙ මිස් මට පොල්ල තියලා මාරු වෙලාද කියලා.* *බෑන්ක් ඒකේ සෙනග වැඩී මල්ලී. ඒකයි පරක්කු වුනේ.* *දැන් කොහෙටද යන්නේ මිස්.* *සුවාසී හොස්පිටල් ඒකට යමු.* මම ඒහෙම කියද්දි ඔහු පුදුමයෙන් අාපසු බැලුවා. *මම මෙහෙම අැහුවට සමාවෙන්න මිස්. මිස්ට බෙහෙත් ගන්නද?* *නෑ... මේ.. මගේ යාලුවෙක් හොස්පිට්ල් අැඩ්මිට් කරලා. ඒයාව බලන්න යනවා.* *හරි මිස් ඔන්න තැනට අාවා.* මම ත්‍රීවිල් ඒකෙන් බැස්සේ ගැහෙන හිතින්. මට තනියම බෙහෙත් ගන්න අැවිල්ලත් පුරුද්දක් නෑ. වෙනදා බෙහෙත් ගන්න තැනට යන්නත් බෑ ගෙදරට අාරංචී වෙන නිසා. *මල්ලී මම ඒන්න ටිකක් පරක්කු වේවී මම ඒනකන් ඉන්න පුලුවන් නේද?* *හරි හරි මිස්.* *අපු ටිකට හයර් ඒක දීලා යන්නද?* *ඔනේ නෑ මිස්. වැඩේ කරන්න ඒන්න මම ඉන්නම්* මම රෝහලට අැතුල් වුණේ චකිතයෙන් . අංක ගන්න තැනට ගියාම ඒතන හිටි තවම අවුරැදු විස්සක විතර පොඩි ගැහැනු ළමයා ලස්සන හිනාවක් මවාගෙන මගේ දිහා බැලුවා. ඒක නිසා මගේ හිතේ තිබුන බය ටිකක් අඩු වුනා . මම විස්තරය කිව්වම . *මිස් කලින් නම්බර් ඒකක් ගන්න ඔනෙන්. මිස් කියන ඩොක්ටර් මේ වෙලාවේ අැවිත් ඉන්නේ . පොඩ්ඩක් ඉන්න මම පොඩ්ඩක් අහලා බලන්නම් මිස්ට නම්බර් ඒකක් දෙන්නද කියලා.* හුරැබුහුටි ගෑනු ළමයා රිසිවරය කනට තියාගෙන් අංක කීපයක් වේගයෙන් තද කරන් ගියා. දුරකථන සංවාදයෙන් පස්සේ මගේ පැත්තට හැරුන ගැහැණු ළමයා. *මිස්ගේ වෙලාව හොදයි. නම්බර් ඒකක් දෙන්න කිව්වා.* මම අවශ්‍ය මුදල ගෙවලා අංය සහිත පත්‍රීකාව ලබා ගත්තා. *මිස් රූම් නම්බර් ඒයිට් ඒකට යන්න. උඩ තට්ටුවේ* මම පඩි පෙළ නැගගෙන ඉහළ මාළයට අාවා. කියපු කාමර අංකය ඉදිරිපිට දිගු පොලිමක් නොමැති බව දැකීමෙන් මගේ හිතට ලොකු සැනසිල්ලතක් දැනුනා. පැය භාගයකට විතර පසු වෙෙද්‍යවරයා හමුවීමට මට අවස්තාව උදා වුනා. නමින් වෙෙද්‍යවරයා දැන සිටියත් මුල්ම වතාවට දැක ගත්තේ ඒ මොහොතෝ. තරමක මහලු ස්වරූපයක් ගත් ඔහු අවුරුදු පනහකටත් වඩා වයසැතයි මට හැගුනා. සුදු පැහැ ගැන්වුන හිස කෙස් , පැලද සිටි විශාල උපැස් යුවල ඔහුගේ වයස පිලිබිබු කලා. ඉතා කරණාබර සිනහවක් මුහුනෙහි රදවාගෙන වඩි වෙන ලෙස අතින් පෙන්නුම් කලා. රෝග පිළිබද මට දැනෙන සියල්ල මම වෙෙද්‍යවරයා සමග කියා සිටියා. සාමාන්‍ය ජීවිතය පිළිබදවද ප්‍රශ්න කල ඔහු මුහුණට බැරෑරුම් ස්වරූපයක් මවා ගත්තා. *මෙහෙමයි මානසික අාතතිය නිසාත් ඔය වගේ තත්වයක් අැතිවෙන්න පුලුවන්, වෙන රෝගයක් වෙන්නත් පුලුවන්. පරික්ෂන කීපයක් නම් කරන්න වෙනවා* *හොදයි ඩොක්ටර්..* *මේ පරක්කෂණ ටික කර ගන්න. රිපොට් අවම අායත් මෙතනට ඒන්න.* *හොදමයි ඩොක්ටර්.* වෙෙද්‍යවරයා ලියා දුන් පත්‍රිකාවත් රැගෙන කාමරයෙන් ඒළියට අාවා . මගෙන් පස්සේ ප්‍රතිකාර ගන්න ඒක රෝගියෙක් දොර අභිමුව රැදී සිටියා. මම පිට වෙනවත් සමග මාවත් තල්ලු කරගෙන කාමරයට අැතුල් වුනා. මගේ හිතේ තිබුනේ අදම පරීක්ෂන කර ගන්න පුලුවන් වුනොත් හොදයි කියන හැගීම විතරයි. මම හිතපු අාකාරයටම සියලු පරීක්ෂණ ඒදිනම සිදු වුනා. මම පරීක්ෂණ හමාර වී ඒළියට ඒන විට වෙෙද්‍යවරයාගේ කාමරයට හදිස්සියෙන් අැතුල් වු කාන්තාව ඉදිරි අසුනක වාඩී වී සිටියා. *අනේ සමා වෙන්න නංගී.* මම දුටු විගස මා අසලට පැමිණි අැය කියා සිටියා. *ඒකට කමක් නෑ අක්කේ. සුලු දෙයක්නේ.* *මම මේ දවස් වල හුගක් බයෙන් ඉන්නේ නංගී මට නිතර නිතර හැදෙන පපුවේ අමාරුව නිසා. මට බයයි මගෙ දරුවෝ දෙන්නා මේ ලෝකේ තනි වෙයි කියලා. මම කරන්නේ මොනවද කියලා මටවත් මතක නෑ. මම ජීවත් වෙන්නේ මේ ලෝකේ නෙමෙයි වගේ මට දැනෙන්නේ.* *ඒච්චර හිතන්න ඒපා අක්කේ, හිතන තරම් ලොකු අසනීපයක් නැතුව අැති. පරික්ෂන කර ගන්නද මෙතනට අාවේ.* *ඔව් නංගී මම අැතුලට යනවා. සමාවෙන්න.. පරිස්සමින් යන්න.* *අක්කාත් පරිස්සමින්.. අක්කාට ඉක්මනටම සුවවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නම්.* ඒ සිදු වීමෙන් පස්සේ මගේ හිතට අාවේ අමුතුම සිතුවිල්ලක්. මගෙන් කාටත් අැති වටිනා කමක් නෑ. දරු දෙන්නට අම්මා බේරාලා මාව මේලෝකෙන් අයින් කරන්න දෙවියනේ. මට සැබෑටම ජීවත් වන්නට අාසාවක් නෑ . මම ඔන වුනේ මගේ මරණය ස්ථිර කර ගන්න. මම ත්‍රීවිල් ඒකට ඒදිදී රියදුරු මල්ලිට හොදටම නින්ද ගිහින්. *මල්ලි ... මල්ලී* *අා.. මිස් අාවද . මිස් පරක්කු නිසා මට කම්මැලි කමටම නින්ද ගියා.* *මම ටිකක් පරක්කු වුනා නේද?* *ඒක නේන් නම් අැයි මිස් පරක්කු.* *මගේ යාලුව ළග වුන් කෙනා ගෙදර ගිහින් ඒන්න ගියා . ඒයා ඒනකන් ඉන්න වුනා . දැන් මාව ගෙදරිනුත් හොයනවා අැති. ඉක්මනට යමුද?* *යමු යමු .... නගින්න මිස්* රියදුරු මල්ලී ඉදිරි අසුනිනේ වාඩි ගෙන ත්‍රීවීල් රථය පන ගන්වමින් කිව්වා. ඉන් පසු අැති වුනේ ලොකු නිහඩතාවයක්. නිවෙස් අසලට ඒනතෙක් වචනක් වත් කතා කලේ නෑ. *මල්ලී මම ඉස්සරහින් බහිනවා.* *මේ මිස්ලගේ ගෙදරද?* ඔහු ත්‍රීවීල් රථය නතර කර අසල වු නිවස අැසින් පෙන්වා අසා සිටියා. *නෑ මල්ලී තව ටිකක් ඒහා.* *අැයි ඒහෙනම් මෙතන බහින්නේ* *මට යාලුවෙක් හම්බෙන්න යන්න ඔනේ ඒහේ ගිහින්ම ගෙදර යනවා.* මම බොරුවක් කිව්වේ මම නිරෝෂන විකුම් මන්ත්‍රී තුමාගේ අක්කා බව කවුරුත් දැන ගන්නවට අකමැති නිසා. ත්‍රීවීල් ඒකෙන් බැස අදාල මුදල ගෙවූ මම ඉදිරියට ගමන් කලා. ත්‍රීවීල් රථය නොපෙනී යන තුරු සෙමින් ගමන් කල මම පසුව වේගයෙ නිවස දෙස ගමන් කලා. මුරකරු ලවා ගේට්ටුවේ කවුලුව හැර ගත් මා නිවස දෙසට පිය මැන්නා. මම ගෙට ගොඩ වෙනවාත් සමගම අම්මා මගේ ඉදිරියට අාවා. *ලොකු දූ අැයි පරක්කූ.... කොහෙද ගියේ.* අම්මාට මම ගියපු තැන් අාරංචී වෙලාවත්ද? මම තිගැස්සුනා. ඊ ළග කොටසින් හමු වෙමු... දිනයක වැටහේවී........... 0 DushanVeteran MemberPosts:2536 24 Oct 2016 03:40 AM Quote Reply ස්තුති මේ කොටසටත් මං කියෙව්වා 0 sha733Super Senior MemberPosts:7332 24 Oct 2016 05:50 AM Quote Reply ඔන්න කථා කොටස් 3 ක් කියෙව්වා. එහෙම කියවනකොටත් නියමයි චිත්‍රපටියක් බලනවා වගේ එකදිගට විජී අයිය ෂෝක් පොරක්කේ හිතාගෙන හිටිය විදිය නෙවෙයිනේ 0 සඳුනිVeteran MemberPosts:2462 24 Oct 2016 09:25 AM Quote Reply 09. වන කොටස. මියෙදෙන තුරා... *පුස්තකාලයට තමා අම්මේ* *මේ තරම් පරක්කු. වෙනදට මෙහෙම පරක්කු වෙන්නෑනේ.* *මම චුට්ටක් පරක්කු වුනාම තමා අම්මටත් පෙන්නේ.* කවදාවත් නැතුව මම අම්මට නොක්කාඩු කියන්න වුනා . අම්මටත් පුදුම බව මට මුනින්ම තේරුනා . * ඒ වුණාට ළමයෝ අපි බයේ හිටියේ. ලොකු දූ ගිය ගමන්ම වගේ විජී අයියා කියන ඒකා ගියා. කාර් ඒක තිබුනා නම් මම ඒවෙලෙම ඒනවා.* *ඒ මනුස්සයා මාව අදුරන් වත් නැද්ද කොහෙද බැලුවේ වත් නෑ ගියා* * හරි. හරි ලොකු දූ ඔයා දැන් ගෙදර අාවනේ. * *මම යනවා උඩට* මම ලැබුන අවස්ථාවෙන් ඒතනින් ඉවත් වෙලා ඉහළ මහලට ඒන්න පඩි පෙළ නැග්ගා. මම ඒන්නත් කලින් සිගිති කාමරයට අැවිත්. *ලොකු බේබී.හ්හ්* *මොකද සිගිතියෝ* *විජී අයියා හම්බුනා නේද? හ්හ්* *ඔව් ඔව් . සිගිති මම හිතපු තරම් ඒයා නපුරු නෑ.* *ඒකනේ ලොකු බේබි හීනෙන් බය වුනාම මම හිනා වුනේ.හ්හ්* මම සිගිති ඒකක විතරක් වුන සිද්දය කිව්වා. * ඒකනේ.. ලොකු බේබී.හ්හ්* * සිගිතියෝ..... ඔයා කොහොමද විජී අයියා ගැන ඔය හැටි දන්නේ.* *අා... මේ.. ඒහෙමට දන්නෑ. හ්හ්. හොදයි කියලා දන්නවා.හ්හ්.* ඒක අැහුවම සිගිතියි ඒතනින් මගහැරලා යන්න ගියා. ඊට පස්සේ මගේ හිතේ තිබුනේ රිපොට් වල මොනවා තියේවිද කියලා. මම නිතර ඒ ගැන කල්පනා කලා. නිතර දෙවෙලේ මිදුලේ තිබුන අඹ ගස සෙවනේ ගල් බංකුවට වෙලා මම බලාගත් අත බලන් හිටියා. සිගිති නිතරම වත්තේ පිටියේ වැඩ කල නිසා මගෙත් ඒක්ක කතා කරන්න උත්සහා කලා. මම ඒහෙම කතා කරලා හිත සනස ගන්න වත් උවමනාවක් තිබුනේ නෑ. කෙමෙන් කාලය ගෙවී ගියා. දවසක් මම උදෑසන දහයට විතර මිදුලට ඒන්න හිතාන පඩී පෙළ බැහැගෙන අාවා.. *ලොකු දූ පොඩ්ඩක් මෙහාට ඒන්න* *අැයි අම්මේ* නෑණා සේනාදීයි, පුංචී නංගී, අම්මයි, අප්පච්චී සෙටියෙ වාඩී වෙලා වට වෙලා කතා කරමින් සිටියා. මමත් ඒ කිට්ටුවට ගිහින් නතර වුනා. * නංගිගේ කටයුත්ත ශාලින්ද පුතාලගේ ගෙදරින් හදිස්සි කරනවා.* අම්මා ඒහෙම කියද්දී මගේ හිතට අාපු හැගීම මටවත් වටහා ගන්න බැරි වුනා. මම නිහඩව අහගෙන හිටියා. * අනේ සොරි ලොකු අක්කී . මම ශාලින්දට කිව්වා අක්කි රට ගියා අපේ වෙඩින් ඒකට ඒන ඒකක් නෑ කියලා.* *හ්ම්ම්ම්ම්* මම සුසුමක් හෙලලා කල්පනා කරන්න වුනේ මගේ පවුලෙම මිනිස්සු වුනත් මේ මිනිස්සු දරන අාකල්පය මට තේරුම් ගන්න බැරී අැයි කියලා.තමන්ගේ ලොකු දුව වැඩකාරියක් කියන්න මේ මිනිස්සුන්ට පුලුවන් වුනානේ. කමක් නෑ මම මැරෙන්නනේ ඉන්නේ . මම සදහටම යන්නම්. මගේ හිත හඩා වැටුනා. * අනේ ලොකු අක්කී දැන් මම කියපු බොරුව හදන්න ගියොත් ඒ මිනිස්සු මම ගැන මොනවා හිතයිද?* *හරි ඒකට කමක් නෑ පුංචි නංගී. මම කොහොමත් අාස නෑනේ උත්සව වලට ඔයාලා වෙඩින් ඒක හොටෙල් ඒකේනේ ගන්නේ. මම ගෙදරට වෙලා ඉන්නම්.* *ඔය ළමයා දැන් දීගෙක යන්නැද්ද අපිටම වදදිදී හැමදාම ඉන්නද කල්පනාව. අපි හොයන ඒක්කෙනෙකුටවත් කැමති වෙන්නෙත් නෑ.* අප්පච්චී කෙලින්ම මගේ දිහා බලාගෙන කිව්වා. මට කියන්න හුගක් දේ හිත අැතුලේ පොර කෑවත් මම නිහඩ වුනා. *අැත්තට ලොකු දූ කසාදයක් කරගන්න අදහසක් නැද්ද?* අම්මා නැවතත් ඒ ප්‍රශ්ණයම අහද්දී මට තවත් නිහඩව ඉන්න බැරි වුනා. *මම තීරණයක් අරන් ඉන්නේ . මම තවදාවත්ම මැරි කරන්නෑ. කවුරුත් මගේ ගැන හිතන්න ඒපා. පුංචි නංගිගේ වෙඩින් ඒක ගැන කතා කරන්නත් මම ඔනේ වෙන්නේ නෑ. මම යනවා.* මම කදාවත් නැතුව ගෙදර අයට මෙහෙම කතා කරන ඒක ඒයාලට ලොකු ප්‍රශ්නයක් වුනා. මට ජීවත් වෙන්න අාසාවක් නෑ මගේ හිත කිව්වෙම ළගදිම මම මැරෙයි කියලා. කල්පනා කරන නිසාද මන්දා නිතරම පපුවේ වේදනාවත් අැති වුනා. මට හිතුනෙම ඒ වගේ වෙලාවක මම ඒහෙන්මම මැරෙනාවා නම් හොදයි කියලා. *ලොකු දූ මොකද ඔය ළමයට වෙලා තියෙන්නේ.* *මොකුත් නෑ අම්මේ මම යනවා.* මම කෙළන්ම ප්‍රධාන දොරෙන් ඒළියට අාවා. සිගිති ඉදිරිපස අලංකාරයට වවා තිබූ ගස් වල අලුතින් වැවී තිබුන කොටස් ඒක මට්ටමකට වෙන්න කපනවා. මම සිගිති ළගට ගිහින් නතරවුනා. *ලොකු බේබී .. අැයි කේන්තියෙන් වගේ..හ්හ්* * සිගිතියෝ මම යනවා යන්න මෙහෙන්* *අප්පෝ ලොකු බේබී කොහේ යන්නද?හ්හ්. මොකද වුනේ කියන්නකෝ...හ්හ්* *ඒ්වා කියලා වැඩක් නෑ. මට ඔන් ඔක දෙන්න* *මේ ගස් කපන කතුර...හ්හ්* *ඔව් ප්‍රශ්න කරන්නැතුව ඔක මෙහාට දෙන්න සිගිතියෝ* *ලොකු බේබිට මොකටද මේක..හ්හ්* *අායි ප්‍රශ්න කරනවා. මල් ගස් කපන්න තමා.* *අනේ අනේ ලොකු බේබී මම කපන්නම්...හ්හ්* *මෙන් මෙහෙ දෙනවා.* මම සිගිතිගේ අතේ තිබුන මල් ගස් කපන කතුර උදුරලා ගත්තා .අරන් කෙලින්ම ගියේ මම හිටවපු රෝස ගහ ළගට. සිගිති හිටි තැනටම වෙලා බලං ඉන්නවා. මම රෝස ගහ කෑලී කෑලී වලට කපලා දැම්මේ මගේ තියෙන කේන්තියට. සිගිති ඉක්මනට මගේ ලගට දුවන් අැවිත් මාව නතර කරන්න උත්සහා කලා. *ලොකු බේබී මොකද ඔය කරන්නේ නවත්වන්න ඔක.හ්හ්* *මේ ගහ තව දුරටත් මෙතන තියෙන්න ඔනේ නෑ. මගේ ජීවිතේ වගේම මේ ගහෙත් කවදාවත් මල් පිපෙන්නෑ* *ලොකු බේබී ඔක නවත්වන්න. හ්හ් පිස්සු හැදිලද? හ්හ් කවුරු හරි මොනවා හරි කිව්වද? හ්හ්* * මට පිස්සු. මේ ගහ වගේම මමත් මේ ජීවිතෙන් විජහටම අෑත් වෙයි.* *මොනවා කියනවද මන්දා ලොකු බේබී..හ්හ්* මම කේන්තිය නිමෙනකන් ගහ පොඩි කෑලී වෙනකන් කපලා දැමුවා. මම ඔලුව උස්සලා බලද්දී අම්මයි අප්පච්චී ඉස්සරහා දොර ගාවට අැවිල්ලා හිටියා මගේ කෑගිල්ල අැහිලා. මගේ හැසීරීම හැමෝටම පෙහේළිකාවක් වුනා. මම ඊට පස්සේ කතුරත් බිම දාලා දුවගෙන මගේ කාමරයට යන්න අාවා. *ලොකු දූ මොකද වෙලා තියෙන්නේ.* *මට මොනවා වෙන්නද?* මම අම්මයි අප්පච්චී පහු කරගෙන ගියා. *ලොකු දූ ඔහොම තවතින්න කිව්වම* මම නෑහුන ගානට පඩිපෙල නැගලා ඉහළ මහලට ගියා. කාමරයට ගිහින් දොර අැතුලිනුත් අගුලු දමා ගත්තා. *ලොකු බේබී ... ලොකු බේබී... අනේ දොර අරින්නකෝ* *මට පාඩුවේ ඉන්න දෙන්න ලීලම්මේ* ලීලම්මා දොර අරින්න කියලා අැවිටිලි කරද්දී මම අැදේ අැලවෙලා කොට්ටයේ මූන හොවා ගත්තා. *අැයි ලොකු බේබී කවදාවත් නැතුව ඔහොම හැසිරෙන්නේ. කවදාවත් දොර අැතුලින් ලොක් කරන්නෙත් නෑ. මොකද වුනේ කියන්නකෝ.* *මට මොකුත් වෙලා නෑ පාඩුවේ ඉන්න දෙන්න ලීලම්මේ.* *ලීලා මොකද ඔතන. මක් වෙලාද ලොකු බේබීට.* *අනේ දන්නෑ ලොකු නෝනා.* *හිතුවක්කාර නම් ඉන්න අරින්න* අම්මා අැවිත් ලීලම්මට දොස් කියනවත් මට අැහුනා. ඒදා දවසම මම කාමරේ දොර අැරියේ නැහැ.දවස් කීපයක්ම ගෙවිලා ගියා මම කාමරයෙන් ඒළියට ගියෙ නැහැ. ලීලම්මා කෑම බීම සේරම කාමරයට ගෙනාවත් මට කන්න තරම් පිරියක් තිබුනේ නෑ. ලීලම්මයි, සිගිතියී මම මෙහෙම ඉන්න හේතුව අැහුවත් මම මොකුත්ම කිව්වේ නෑ. ගෙදර අනිත් අය නම් මම ගැන හොයලා බැලුවේ වත් නෑ. අම්මා දවසක් කාමරයට අැවිත් ප්‍රශ්න කලා. ඒ අැරෙන්න වෙන කවුරුත් මගේ ගැන හෙව්වේ නෑ. දවස් කීපයකට පස්සේ මට මිදුල පැත්තට යන්න හිතුනා. මම හිමින් සැරේ ගෙයින් ඒළියට ගිහින් පුරුදු විදියටම අඹ ගස සෙවෙනේ වූ ගල් බංකුවේ වාඩී වුනා. සිගිතිවත් පේන හරියක හිටියේ නැති නිසා ලොකු පාලුවක් දැනෙන්න ගත්තා. මම දැක්කා ගේට්ටුවේ මුරට ඉන්න මනුස්සයා ලිව්ම් වගකුත් අරගෙන ගේ පැත්තට යනවා. මට නිකමට හිතුනා රෝහලෙන් ලිපිනය ගත් නිසා ලිව්මක් ඒවලා තියේවිද කියලා. මම ඉක්මන් ගමනින් මුරකරු ඉදිරියට ගියා. *ලිවුම්ද?* *ඔව් ලොකු බේබී.* *මගේ නමට තියෙද?* ඊ ළග කොටසින් හමු වෙමු. දිනයක වැටහේවී........... 0 kingDVeteran MemberPosts:3309 25 Oct 2016 05:40 AM Quote Reply ඉක්මනට දාන්නකො ..හ්හ් ...හ්හ් ... Business, you know, may bring money, But friendship hardly ever does. 0 DushanVeteran MemberPosts:2536 25 Oct 2016 06:18 AM Quote Reply මරු කතාව ඉක්මනට අනිත් කොටසත් දාමු එහෙනම් 0 සඳුනිVeteran MemberPosts:2462 25 Oct 2016 12:48 PM Quote Reply 10. වන කොටස. මියෙදෙන තුරා. *බැලුවේ නම් නෑ ලොකු බේබී* * කෝ දෙන්න මට බලන්න.* * අා ලොකු බේබී* මම ලිව්ම් ටික අතට ගෙන ලිපින ඒකින් ඒක බැලුවා. සේරම වගේ ලොකු මල්ලිගේ නමට තිබුනේ. ඒ අතර මිස් නිල්මිණි........නමින් ලිපිනය ලියැවුන ලිපියක් වුනා. කිසිදිනක මගේ නමට ලිපියක් නොඅා නිසත්. නිවැසියන්ගේ අතට ලිපිය පත් වුවොත් වන ගැටලුව අවම කර ගැනීමටත් මම නිල්මිණි යන යන නම් කොටස පමනක් ලබා දුන් බව සිහිපත් වුනා. මගේ අත වෙව්ලන්න වුනේ මගේ ඉරනම ලිවුන ලිව්ම මගේ අතට අැවිත් නිසා. මම ඒ ලිපිය ගෙන අනෙක් ලිපි මුරකරුහට නැවත ලබා දුන්නා. *හරි බොහොම ස්තූතියී.* *මොන ස්තූතියි ද? ලොකු බේබී.* *මට ලිව්ම් ටික බලන්න දුන්නට.* *අනේ ඉතින්. මේවා බේබිලගෙනේ. ලොකු බේබී විතරයි අපිට ඔහොම සලකන්නේ . අපිට ඔය ගරු සැලකිලි පුරුදු නෑ බේබී.* ඒහෙම කිපු ඔහු ගේ පැත්තට ගියා . මගේ හිත මුමුනන්න ගත්තේ, ලිව්ම බලන්නත් ඔනේ බලන්නත් බයයි කියලා. මොනවා ලියලා අැද්ද ? කවදා නමුත් මේක බලන්නම වෙනවා. මම කාමරයට යන්න ගේ පැත්තට යන්න වුනා. දිග ලිව්ම් කවරයක දමා තිබූ ලිපිය මම කුඩා වෙන්න නමලා අතේ ගුලි කර ගත්තා. මම අාලින්දය මැදින් යන කොට හිතපු විදියටම අම්මා මට කතා කලා. * ලොකු දූ....* මම ඒහෙම නැවතුනා මිසක් ඒ පැත්තට අැරුනේ නෑ. මම ලිව්මක් ගත් බව මුරකරු කියලා වගේ, මගෙ හිත් කොදුරලා කිව්වා. *ඒන්නකෝ නංගිට ලස්සන වෙඩින් ඩ්‍රස් ඒකක් තෝරන්න.* *මම ඔවා දන්නේ නෑනේ අම්මේ. මම යනවා.* *මොකද ළමයෝ ඔය හැටි මුරන්ඩු.* *මම කිව්වනේ නංගිගේ වෙඩින් ඒකට මාව ගාව ගන්න ඒපා. මම රට ගිහින්නේ ඉන්නේ...* මම කේන්තියෙන් ඒහෙම කියලා පඩිපෙළ නැගගෙන් ඉහළ මහලට අාවා. කාමරයට ගිහින් දොර අගුලු දමා ගත්තේ කාටත් හොර රහසේ ලිව්ම බලන්න ඔනේ නිසා. මම අැදේ කොනක ඉදගෙන් වෙව්ලන දෑතින් ලිව්ම විවර කරන්න වුනා. සුදු කොළයක නිල් පැහැති කටු අකුරින් යම් දෙයක් ලියා තිබුනා. නිල්මිණී මෙනවිය වෙත. බොහොම කණගාටුයි ඔබ හට මෙලෙස ලියන්නට වීම. මා හට විශ්‍රාම යාමට තව වසර පහක් තිබුනත් කලින් විශ්‍රාම ගෙන් දරුවන් ළගට යාමට මම තීරනය කලා. තවත් පැයකින් මම ගුවන් තොටුපලට යාමට නියමිත බැවින් ඔබට මෙලෙස පනිවිඩය ලබා දෙන්නට තීරනය කලා. මෙම ලිපිය ඔබ අතට පත් වන විට මම මෙරට නොසිටීවී. ඔබගේ සියලු පරීක්ෂණ වාර්තා පැමිනියා . ඒවාට අනුව ඔබට ජීවත් වීමට ඉතිරිව අැත්තේ ඉතා සුළු කාලයයි. රෝගියෙකු හට මෙසේ කීම ඉතා කණගාටු දායකයි. නමුත් කවදා හෝ ඔබ හට මෙය දැන්විය යුතුයි. ඔබගේ සියලු වෙෙද්‍යය වාර්තා රෝහලෙන් ලබා ගත හැකී. මාගේ නිගමනය පිළිබද සැකයක් අැත්නම් නැවත පරීක්ෂා කර ගන්න. ඔබගේ ජීවිතය වසරකට සීමා වී අැති නමුත් රෝග පාලනයට ඔෟෂධයක් මා නියම කර අැත . රෝහළට පැමිණ වාර්තා හා ඉදිරි ප්‍රතිකාර ලබා ගන්න. මම නවතින්නම්. අනේ දෙවියනේ මම හිතපු දේම සිද්ද වෙලා. ඒ කීයන්නේ මේ යන්නේ මගේ ජීවිතේ අවසන් අවුරුද්දද. මෙතරම් දවස් මරණය මා කරා ඒන තුරු බලා වුන්නත්, අනිත් සියලුම මිනිසුන් මෙන් මා හටද ජීවත් වීමේ අාශාවක් මතු වුනා. ලිව්ම දෑතින් ගුලි කර ගත් මා අැදෙහී වැතිරී අඩන්නට වුනා. අන් කවරදාටත් වටා මරණයේ බිය මා සොයා අාවා. ඒතැන් සිට රැය පහන් වන තුරු හැඩුවත් මා සිත සනසා ගන්නට නොහැකි වුනා. ලීලම්මා කීප වරක් පැමිණ දොර අරින්න යයි අැවිටිලි කලත් මම දොර නොඅැරියේ කදුලින් පෙගී ගිය රත් පැහැ ගැන්වුන දෙනෙත් සමග අැය ඉදිරියට යා නොහැකි නිසයි. මුළු රෑම කදුළු සමග ගත කල මම පාන්දර වන විට නින්දව වැටී තිබුනා. රෝගී තත්වයත් හිතේ වේදනාවත් නිසාදෝ දහවල් දොළහා පසු වන තුරුම නින්ද ගොස් තිබුනා. මම අවදි වී අැත මත ඉද ගෙන කල්පනා කරන්න වුනා. මට රැ අැදුමක් අැදීම පවා අමතක වී තිබුනා. ගුලි කර අැදෙහි කොනක වූ ලිපිය ගෙන මම නැවත දිගහැර බැලුවා. මගේ නෙතට වැරදීමක් වෙලාදෝ සැකයෙන් කීපවරක්ම කියවා හද පහරා ගත් මම. ලිව්මත් කවරයත් කුඩා කැබලි වලට ඉරා දැමුවා.ඒම කැබලි සියල්ල ඒක්කර රැගෙන ගොස් වැසිකිලි බදුනට දමා වතුර දැමුවා. මට ඔනේ වුනේ යලි කිසි දා කාගේවත් නෙත නොගැටෙන්නට ඒය විනාශ කර දමන්නට. ඉන් පසු සියලු පීඩා වලින් සිත සනසා ගැනීමේ අරමුනින් මම නාන්නට වුනා. මේ මගේ අන්තිම කාලයවත් ගෙදර අය ඒක්ක සතුටින් ඉන්න ලැබෙනවා නම්. මම උත්සහා ගන්න ඔනේ ඒයාලගේ සිත දිනාගෙන් ඒයාලා කැමති තාලයට හැඩ ගැහෙන්න. මට මොනවා කිව්වත් මම ඒයාලා ඒක්ක සාමාදානයෙන් ඉන්නවා. මගේ අවසාන කාලය කියලා දැන ගත්තොත් ඒයාලා හුගක් දුක් වේවී. හැමෝම මම දකින දකින පාරට මට අනුකම්පා කරාවී ටම ඒහෙම වෙන්න ඔනේ නෑ. මම කැමති නෑ ඒයාලා මගේ දිහා අනුකම්පාවෙන් බලනවට. මම නිහඩව මරණය ඒනකන් බලන් ඉන්නවා. තවත් බෙහෙත් බීලා මේ වැඩක් නැති ජීවිතය දික් කරගෙන වැඩක් නෑ. මම අැත්තට මූණ දෙනවා. මම නාලා කාමරයට අැවිත් අලුත් අැදුමක් අැද ගත්තා . කළු පැහැති දිග සාය පුරා කහ පැහැති බොල විසිරිලා තිබුනා. මම ඊට කැපෙන කහ පැහැති අලුත්ම හැට්ටයත් හැද ගත්තා. කිසිම කෙනෙකුගේ අැවටීමකින් තොරව මම පහළ මහළට ගියා. *ලොකු අක්කී කොහේ යන්නද?* මම අලුත් අැදුමක් හැද සිටි නිසා පුංචි නංගී ප්‍රශ්න කලා. *කොහෙවත් යන්න නෙමේ නිකන් අදින්න හිතුනා.* *ලොකු දූ මුරන්ඩු කම් ඉවර නම් අැවිත් මෙතන ඉදගෙන කෑම ටිකක් කන්න. කාලෙකින් ඔයා අපි ඒක්ක කෑම මේසෙට වාඩි වෙලා නෑ.* *හා අම්මේ* මම කෑම මේසයේ පුටුවක් පිටු පසට අැදලා පුංචී නංගි ළගින් වාඩී වුනා. තාත්තාගේ මුහුනේ තිබුනේ සගවා ගත් සන්තෝෂයක්. ලීලම්මගේ මූන සතුටින් ඉපිලිලා ගිහින්. මගේ අැත්ත තත්ත්වය දන්නවා නම් මේ සතුටු මුහුණු සේරම් දුක් බර වෙයි. ඒ දුක මම විතරක් වින්දම අැති මම හිතින් අදිඨන් කර ගත්තා. * කන්නකෝ ලොකු බේබී. තවත් කල්පනා කරන්නේ ඊයේ උදේට කාපු පාර ඔය ඉන්නේ. කොහොම ඉන්නවද මන්නදා හාමත් නොවී.* *කමු. හාමත් වෙන්නෑ ලීලම්මේ මට ඒක පුරුදු වෙලා.* *වෙන ළමයි කෑම නැතුව බඩගින්නේ ඉන්නවා, මේ ළමයා කෑම තිබිලත් බඩගින්නේ ඉන්නවා* අම්මාගේ වචනයත් ඒක්ක මුව ළගටම ගෙන ගිය බත් පිට නැවත පහත දැමුවා. මම සිහි වුනා දැන් මේ වෙලාවේ කී දෙනෙක් නම් බඩ ගින්නේ අැතිද කියලා. *කන්නකෝ ලොකු බේබී මොනවද අායි කල්පනා කරන්නේ.* ලීලම්මා මම කනවද කියලා අැහැ ගහන් ඉන්න බව දැනුන නිසා මම අමාරුවෙන් කෑම ටිකක් කන්න වුනා. මට ලීලම්මාගෙන් බේරුමක් නෑ පිගානට මාලු පිනි බෙදනවා. මට අද මෙතනින් නැගිටින්න දෙන ඒකක් නෑ වගේ. *අනේ හුග දවසකින් ලොකු බේබී පහලට අැවිත්..හ්හ්.* *අා සිගිතියෝ කෑම කෑවද?.* *නෑ ලොකු බේබී මේ කන්න කියලා යන්නේ..හ්හ්.* * හරි. හරි..* මම කෑම ඒකෙන් භාගයක්ම ඉතිර කලා නගිටලා සිග්ක් ඒක පැත්තට ගියේ අත හොදන්න. *ලොකු බේබී ඔය කාලා ඉවරද?* *අැති ලීලම්මේ* මම ටික වෙලාවක් යද්දි ඒළියෙ ගල් බංකුවට අාවේ හුදගලා ජීවතයට හුගක් අැලුම් කල නිසා. *ලොකු අක්කී ඔයා දුකින්ද.* කවදාවත් නැතුව පුංචී නංගී මගේ ළගට අැවිත් වාඩි වෙමින් අැහුවා. *අනේ නෑ පුංචී නංගී.* *මම ලොකු අක්කිට දෙයක් කියන්න අාවේ.* * ඒ මොකද්ද පුංචි නංගියෝ.* *මම ශාලින්දට අැත්ත කිව්වා* *මම ගැනද.* *ඔව් ලොකු අක්කී.ඒයා මට හුගක් දොස් කිව්වා. මට දැන් තමා අැත්ත තේරෙන්නේ ලොකු අක්කී.* පුංචී නංගී මගේ උහහිමට වාරූ වුනේ මුළු මූණම අදුරු කරන්. මට ඒයා දැක්කම ගොඩක් දුක හිතුනා. *හරි ළමයෝ ඒක හිතන්න ඒපා . මම ඒක ගැන දුක් වෙන්නේ නෑ.* *ඒහෙනම් ලොකු අක්කි ඒනවද මාත් ඒක්ක ගමනක් යන්න.* *කොහෙද ?* *අද හවස මම ශාලින්ද හම්බෙන්න යනවා. ලොකු අක්කිත් ඒනවද මාත් ඒක්ක යන්න.* *ඒත් මම මොකටද ඔයාගේ ප්‍රශ්න තවත් වැඩී වෙයි.* *නෑ නෑ අක්කි. ශාලින්ද අයියාට අක්කිව හම්බෙන්න ඔනේ කිව්වා. ඒයා කැමතී අක්කාගේ අදහස් වලට.* *මගේ අදහස් වලට. මම කවදාවත් ඒයා ඒක්ක කතා කරලා නෑනේ.* *ඒත් ඒදා ඔයාගේ මුණ ඉස්සරහම මම අර තරම් බොරුවක් කියලත් ඔයා සද්ද නැතුව හිටි නිසා ඒයා ඔයා ගැන හුගක් පැහැදිලා ඉන්නේ.* ඊ ළග කොටසින් හමු වෙමු.. දිනයක වැටහේවී........... 0 kingDVeteran MemberPosts:3309 25 Oct 2016 11:08 PM Quote Reply අනේ ලොකු බේබි ව මෙච්චර දරුණුවට ලෙඩ කලේ ඇයි ? Business, you know, may bring money, But friendship hardly ever does. 0 සඳුනිVeteran MemberPosts:2462 26 Oct 2016 12:22 AM Quote Reply මමද ලෙඩ කලේ. හි දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 26 Oct 2016 04:08 AM Quote Reply 11. වන කොටස. මියෙදෙන තුරා... *හා යමුකෝ. ඔයා ඒක්ක යනවා නම්, මම ඒනවා* *නියමයි* නංගි සන්තෝෂයෙන් කෑ ගැහුවේ ඉන්න තැනිනුත් නැගිටලා. *හැබැයි ඔන් ඔයාගේ විකාර අැදුම් නම් මට අදින්න බෑ.* * අපෝ මම කැමති ඒ්වා අදින්න ඒපා. අක්කා අදින විදියට මටත් අදින්න කියලා ශාලින්ද අයියාගෙන් බේරුමක් නෑ.* *ඉතින් අදින්නකෝ.* *මගේ ළග ඒක දිග අැදුමක් වත් නෑනේ.* *මම දෙන්නම් . මගේ තාම අැදපු නැති ඒවත් තියෙනවා.* *ඔය අැත්තටමද?. අනේ අද මාත් ඔයා වගේ අදිනවා. ලොකු අක්කි යමුකෝ අැදුමක් බලන්න.* අැය මගේ අතින් අදින ගමන් අැවිටිලි කලා. මටම පුදුමයි මට මතක අැති දවසක පුංචී නංගී මගේ කාමරයට අැවිත් නෑ. මම ඒයාගේ කාමරයට යන්නෙත් නෑ. ඒ තරමට අපි දුරස් වෙලා ජීවත් වුනේ. අනේ දෙවියනේ මම සමු ගන්න ඉන්න මොහොතේ මාව මේතරම් පව්ලේ අයට ළං කරන්න ඒපා . මම නැති දාට ඒයාලට දුක දරා ගන්න බැරි වෙයි. මටත් දාලා යන්න හුගක් දුක හිතෙයි. මම හිතින් දෙවියන්ගෙන් ඉල්ලීම් කලා. මම පුංචි නංගී ඒක්ක කාමරයට යන්න නැගිට්ටා. නංගි මාව අැදගෙන වගේ ගේ පැත්තට අාවා. *අානේ මෙන්න ලොකු බේබී පුංචී බේබී යාලු වෙලා.හ්හ්* *අපි තරහා වෙලා හිටියේ නෑ .යාළු වෙන්න.* අාලින්දය මද්දදයෙන් යද්දී සිගිති කියපු කතාවට නංගිට පොඩ්ඩක් විතර කේන්ති ගිය බව මට වැහුනා. මගේ කාමරයට වැදුනු අපි, මුලු අල්මාරියෙම රෙදි අැද මතට අැද දැමුවා. නංගි දැන් නොයෙක් අැදුම් අැගට තබමින්. වඩා හොද අැදුමක් තෝරනවා. *පුංචි නංගී මට උදව්වක් කරනවද?'* * ඒ මොකද්ද අක්කේ.* *මට පුස්තකාලයට යන්න ඔනේ.* *අයියෝ පොඩි දෙයක්නේ පොඩ්ඩක් කලින් යමු. මමත් කාලෙකින් සිංහල නවල් ඒකක් කියෙව්වේ නෑ මටත් ඒකක් තෝරලා දෙන්න.* *පුදුමයි පුංචී නංගී නවල් කියවනවා.* *මමත් දැන් ඔයා වගේ වෙන්න ඔනේ. මොකද ශාලින්ද අයියා කැමති ඔයාගේ වගේ ගතිගුන තියෙන කෙල්ලෙක්ට.* *අා... ඒක තමා වෙනස. ශාලින්ද මල්ලී නැතුවම බෑ වගේ මෙයාට.* මං වගේ වෙන්න පතන්න වත් ඒපා මගේ නංගී. උඩින් හිනා වුනාට මම හිත අැතුලින් මොන තරම් පිච්චනවද දන්නේ මම විතරනේ. මගේ හිත කෑ මොර දීලා කිව්වා. * ලොකු අක්කී මේක ලස්සනයි නේද?* තැබිලි පැහැති සිහින් රැලි සහිත සාය පුරා සුදු මල් වැල් තැනින් තැන විසිරුන සායක් ඉනට තියාගෙන පුංචි නංගී සතුට පිරුනු අැස් දල්වා ගෙන මගේ දිහා බැලුවා. මට අැත්තට සතුටුයි, මගේ නංගී ශාලින්ද මල්ලී නිසා හරී වෙනස් වුන ඒක. මගේ හදවත සොම්නසෙන් පිරී ගියා. *පුංචි නංගිට කොයි ඒකත් ලස්සනයි. සුදුයි, අැගත් ගානට නිසා.* *ලොකු අක්කිත් සුදුයිනේ ඉතිං* *ඒත් බලන්නකෝ කොටු අැග.* *හොදට කනවා. විටමින් ඒකක් වත් බොන්න. * මේ මැරෙන්න ඉන්න ටික කාලෙට මොන විටමින්ද? ඒ ටික කාලය මට අද වගේම සතුටු කාලයක් වුනොත් හොදයි. මම තනියම සිහිපත් කලා. * ලොකු අක්කේ මේක මට හුගක් උසයි නේ. * *මගේ හැම අැදුමම උය ගාන උසයි. දෙපතුල වැහෙන්නම නොතිබුනොත් කැතයි අනේ.* *මේක මට හොදයි නේද?* *හොදයි ළමයෝ ඔකට සුදු බ්ලව්ස් ඒකක් අදින්න. ඒතකොට තවත් චාම් පාටයි.* *අයියෝ .. ලොකු අක්කි මගේ ළග සුදු පාට බ්ලව්ස් නෑ. ටී ෂර්ට් , ස්කිනීස් විතරයි තියෙන්නේ.* *ඉන්න මගේ තිබුනා.* මම අල්මාරිය අැදලා සුදු පාට හැට්ට කීපයක්ම නංගී අතට දුනනා. * මේවා ඔයාට නම් ගානට තියේවී මට නම් ලොකුයි.* *මේක හොදයි ලොකු අක්කි. ඉක්මණට අැදන් පහළට ඒන්න. මම අම්මිටත් කියන්නම්.* ඒහෙම කියලා පුංචි නංගී අැදුමත් අතේ දාගෙන කාමරෙන් පිට වෙලා ගියා. අැයි දෙවියනේ මට සතුට දෙන්න, දුක මං ළගට ඒනකන්ම වුන්නේ මගේ හිත දෙවියන්ට චෝදනා කලා. මම නානකාමරයට ගියේ මුන අතපය හොද ගන්න. මම අැදුමක් තෝරලා අැද ගත්තා . දම් පැහැති තට්ටු ගනනාවක් අැති සායක් මම අැද ගත්තේ. ඉන ළග ඉදන් කෙමෙන් පහලට යද්දි ලා දම් වර්ණයේ සිට තද දම් වර්ණය දක්වා, තට්ටුවෙන් තට්ටුවට වර්ණය ගලපා තිබුනා. පුංචී නංගිත් අදින නිසාදෝ සුදු පැහැ හැට්ටයක් අැදිමට මට සිත් වුනා. කෙසේ නමුත් සුදු වර්ණයට මම බොහෝ සෙයින් ප්‍රිය කලා. මා ළග වු සෑම අැදුමකම සුදු වර්ණය තිබීමට ඒය හේතුවක් වන්නට අැති. දිග කොන්ඩය හකුලා කටුවක් ගසන්නට උත්සහා කරමින් සිටියදී ලීලම්මගේ කට හඩ අැහුනා. *ලොකු බේබී්. * *අැයී ලීලම්මේ ඒන්න අැතුළට.* *අා.. ලොකු බේබී කොහේ හරි යන්නද?* ලීලම්මා කාමරය අැතුලු වෙමින් අසා සිටියා. * ඔව් ලීලම්මේ පුංචී නංගී ඒක්ක පොඩි ගමනක් යන්න.* *අා මම අහගෙන පුංචී බේබී අම්මා ඒක්ක කියනවා. පරිස්සමින් ලොකු බේබී මට නම් පුංචි බේබිගේ වෙනස අල්ලන්නෑ.* *ඒහෙම නෑ ලීලම්මේ ශාලින්ද මල්ලී නිසා පංචී නංගී හුගක් වෙනස් වෙලා.*. * හරි ලොකු බේබී පරිස්සමින් ගිහින් ඒන්නකෝ.* හිස පීරා අහවර කර ගත් මා කැඩපතට ඒබි බලා අැදුම් අල්මාරියට දමන්න වුනා. *ලොකු බේබී මොනවද ඔය කරන්නේ ඔහෙම ඉන්න. මම ඔක අස් කරන්නම් .ලොකු බේබී යන්න.* *ඒහෙම හරි නෑ ලීලම්මා පවු.* *පිස්සු කෙල්ල අනිත් අය ගැන විතරක්ම හිතන්න ඒපා.* ලීලම්මා ඒහෙම කියලා අැදුම් ටික නමන්න වුනා. *මම ගිහින් ඒන්නම් ලිලම්මේ.* මම පුස්තකාල පොත් ටිකත් අරගෙන පහළ මහළට ගියා. නංගී මම දුන්න අැදුමත් අැදගෙන පහළට වෙලා බලාන ඉන්නවා. අැත්තටම නංගිට ඒ අැදුම් ගොඩක් ලස්සනට තිබුනා. * අනේ ලොකු අක්කී මට මේවා අැදන් අැවිදින්න බෑ.පැටලෙනවනේ.* *ඔයාට පුරුදු නැති නිසා . ටිකක් වෙලා යද්දී හරියයි.* *යමු ඒහෙනම්. ඩ්‍රයිව අංකල් වහෙන් අැත්තේ දැන්.* නංගී දිග සාය අත් දෙකෙන් අල්ලා උස්සගෙන යන තාලේ දැක්කම මට හිනත් ගියා. මමත් පිටි පස්සෙන් ගිහින් කාර් ඒකට නැග්ගා. *දෙන්නම පරිස්සමින් ගිහින් ඒන්න.* අම්මා ඉස්සර දොර ළගට වෙලා අපිට අාශිර්වාද පැතුවා. මමයී නංගීයී මුලින්ම ගියේ පුස්තකාලයට ශාලින්ද මල්ලි ඒන්න තව වෙලා තියෙන නිසා නංගීයී මායී පුස්තකාලය පුරා සැරි සරමිතන් කාලය ගත කලා. * නංගී මේ අලුත් පොතක්. අනේ මම මේ පොත ඒනකන් මයි බලන් හිටියේ.* අාපු සතුටට මම පොත අරන් තුරුලු කර ගත්තා. මගේ මුනේ තිබුන සතුට දැකලද කොහෙද නංගී පුදුමයෙන් මගේ දිහා බලන් හිටියා. *මොකද්ද ලොකු අක්කේ ඔය පොත .කෝ දෙන්න බලන්න.* *.....නිල්ල පිරුනු මිටියාවත.... ඒස්. ඒම් .වී. පසන් සෝමවංශ. මේ කවුද ලොකු අක්කි අලුත් ඒක්කෙනෙක්ද?* *ඔව් නංගී නවකයෙක් .ඒත් ලියන ඒවා මාරම ලස්සනයි. තවම පොත් පහයි ලියලා තියෙන්නේ මේ පස්වෙනි පොත. මීට කලින් අාවා ....සිටු විමන.... කියලා, මේ කතාවේ මුල් කොටස.* *ලොකු අක්කී ඒයාගේ පොතක් නෑර කියවනවා වගේ.* * අනිවාරෙන් * *ලොකු අක්කි දැන් යමුද? තුන හමාරටත් කිට්ටුයි.* අපි පොත් ටික කාඩ් ඒකේ ලකුණු කරලා අරගෙන නැවතත් කාර් ඒකට නැගුනා. නගරය කරා අැදී ගිය කාරය විශාල හොටෙල් සංකීර්නයක් ඉදිරිපස නතර වුනා. * ලොකු අක්කී බහින්න.* මම කාර් ඒකන් බැහැලා නංගි ඉන්න පැත්තට ගියා. * ඩ්‍රයිව අංකල් ඔයා ගෙදර යන්න . ශාලින්ද මහත්තයා අපිව ගෙදරට අැරලයි.* *හොදමයි පුංචී බේබී .* රියදුරු මහතා කාර් ඒක හරවන් නොපෙනී ගියා. *ඒන්න යමු.* නංගී මගේ අතින් අැදගෙන් හොටෙල් ඒකේ ප්‍රධාන දොරටුව කරා ගියා. ලා නිල් පැහැති අැදුමකින් සැරසුන දොර අභිමුව වුන් පුද්ගලයා වීදුරු වලින් නිමවු දොර හැර අාචාර කරනු ලැබුවා. නංගී ගමන් කලේ මෙය අැයට හුරු පුරුදු තැනක් අයුරිනුයි. නිතර නිවසින් ඒළියට නොඒන මට නම් මෙය අලුත් අත්දැකීමක් වුනා. පසුව කෘතිමව ස්වාභාවික පරිසරයක් සෙල සෑදූ ස්ථානයකට අපි පිවිසියා. ඊ ළග කොටසින් හමු වෙමු... දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 26 Oct 2016 04:20 AM Quote Reply 12. වන කොටස. මියෙදෙන තුරා.... * අර ඉන්නේ ශාලින්ද අයියා.* පුංචී නංගී කෙළවර අසුනක වාඩී වී සිටි ශාලින්ද මල්ලී පෙන්වමින් කිව්වා .අපි දෙන්නා කෙමෙන් ඒ පැත්තට යද්දී ශාලින්ද මල්ලිට අපිව නෙත ගැටුනා. ඔහු සිනා මුසු මුහුනින් අපිව පිලිගෙන මට අත දිගු කළා. මම සිතුවිල්ලකින් තොරව අත පෑවා. මා අතින් අල්වා දෙකොපුල් මත ඔහුගේ උණුසුමු දෙකොපුල රැදෙව්වා. මා සිතට දැනුනේ අපහසුතාවයක් වගේම ලැජ්ජා මුසු හැගීමක්. පුංචි නංගීගේ සතුට දෑසින්ම කියා පෑවා. පුංචි නංගිට වඩා සුපුරුදු මෙම සමාජ ක්‍රමය මට නුහුරු වීම නොරහසක් වුයේ මම නිවසින් ඉලියට නොයාමයි. ගෙදර පැවති සාදයකදි වුව මා හැකි තාක් මගහැර ඉන්නට උත්සහා කළ නිසා අමුත්තක් දැනුනා. නුහුරු හැගීමත් සමග අලංකාර කුඩා වීදුරු මේසයක් වට වූ අසුක් අැද වාඩී වුනා. *මම විශ්වාස කළේම නෑ අක්කා ඒයි කියලා. නිලු කිව්වට.* *මම කිව්වෝ ඒක කරනවාමයිනේ.* පුංචී නංගීද කතාවට ඒක් වුනා. මම නිහඩ සිනහවකින් පිළිතුරු දුන්නා. *ඉතිං අක්කී කොහොමද?* *මම නම් හොදින් ශාලින්ද මල්ලී.* *බලන්නකෝ ඒදා නිලූ ඔයා ගැන කිව්ව බොරුව. මට නම් හරිම කේන්තී මෙයා ඒක්ක.* *ඒක දැන් වෙලා ඉවරයින්නේ හිතන්න ඒපා.* *ඒත් අක්කී* *ඔයාට ගොඩක් ස්තූතීයි මල්ලී.* *ඒ අැයි අක්කී.* *නංගි හිතන පතන විදිය වෙනස් කලාට.* *තැනට ගැලපෙන විදියට වෙනස් වෙන්න හැමෝම පුරුදු වෙන්න ඔනේ. තමන් හිතන විදියම හැමෝටම හරි යන්නේ නෑ. සිංහල රටක ඉපදිලා රට තාලෙට හිතන පතන ඒක වැරදි.* *හ්ම්ම්ම්ම්* ඒවෙලෙහී අප අසලට අා හොටල් සංකීර්ණයේ සේවකයෙකු විසින් අපි වෙත නැවුම් පානයක් පිළිගන්වුවා. පැය භාගයක් පමන කාලයක් කතා කරමින් සිටි අපි බොහෝ සෙයින් මිතුරු වුනා. මා සිත තුල වු පැහැදීම තව තවත් තහවුරු වුනා. * නිලු අපි අද පොඩි ගමනක් යමුද?* *කොහෙද ශාලින්ද අයියේ.* *අපි තුන්දෙනා පංසල් යමුද? ලංකාවට අාවත් හරී තාම පන්සලකට යන්න ලැබුනේ නෑ.* *ඒක හොද අදහසක් . ලොකු අක්කී කැමතී නේද?* *ඒක කොච්චර දෙයක්ද. යමු.* *දෙන්නම මගේ හිත කියවලද මන්දා සුදු පාටින් දිගට අැදලා. පංසල් යන්න හිතානම වගේ අැවිත් තියෙන්නේ.* ශාලින්ද මල්ලී අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලමින් හිනා වුනා. අැත්තට හේතුව වටහා ගන්නට බෑ මගේ හිත සුදු අදින්නම කිව් නිසා මම අැන්දා විතරයි. මගේ සිත නැවතත් කල්පනා ලෝකෙට පිවිසුනා. පංසල් යන්න ලැබෙන ඒක නම් ලොකු දෙයක් . මගේ අන්තිම කාලය පංසල් ගිහින් පින් දහම් කරගෙන සැනසීමේන් ඉන්න ලැබෙනවා නම්. පෝයට විතරයිනේ මට පංසලට වත් ඒන්න ලැබෙන්නේ. මගේ හිතට අැතුල් වුනේ ඒ පිලිබදව ලොකු දුකක්. *ඒ කියන්නේ ශාලින්ද අයියා කලින්ම පංසල් යන්න පෑලැන් කරන්ද අාවේ.* *ඔව් නිලු නැත්තම් මම සුදු අදිනවද?* *හරිම කපටියෙක් තමා.* *පිං අතේ වැඩ වලදී කපටි කම් කලාට කමක් නෑ.* *ඒහෙමද?* පුංචී නංගීයි, ශාලින්ද මල්ලීයි පොඩි ළමයි දෙන්නෙක් වගේ වචන පටල ගන්නවා මම හිනා වෙවී බලාන හිටියා. *යමු යමු තව පරක්කු නොවී.* *අැයි පංසලට යන්න නැකතක් තියෙනවද?.* *නෑ.... කැන්දන් යන්න නම් නැකතක් තියෙනවා.* අපි ශාලින්ද මල්ලිගේ සැප පහසු අළුත් කාර් රථය නැගුනා. පැය කාලකින් පමන අපි නිසංසල පංසල් භුමියකට අැතුල් වුනා. ඒය තරමක් ගමක් අැතලකට වන්නට පිහිටා තිබූ පංසලක්. කොළ පැහැ ගස් වලින් සෙවන වූ සෞම්‍ය පූජා භූමියට අපි අැතුලු වුනේ පාවහන් වානය තුලම තබමින්. කාරයේ පිටුපස හැර ශාලින්ද මල්ලී කවර කීපයක් ඒළියට ගත්තා. *මෙයා නම් හරිම නරකයි ලොකු අක්කී. මෙයා පන්සල් යන්න පැලෑන් කරගෙනමයි අැවිත් තියෙන්නේ.* ශාලින්ද මල්ලිගේ අතේ වු මල් කවරය දැකීමෙන් පුංච් නංගී චෝදනා කරන්න වුනා. *මාට ඔනේ වුනේ ඔයාලව පුදුම කරන්න. ඉතිං නරකද.* අපි තිදෙනා ඒකටම පා තබමින් සෑ මළුවට පිවිසියා. පංසල් භුමිය මා සිත තුල අැති කලේ සැනසිලි සුවයක්. සෑ මළුව පුරා විසිරුන සුදු පැහැ සිහින් වැලි දෙපයට සුවය ලබා දුන්නා, හමා අා සිලිල් සුලග මල් සුවදත් , හදුන් කූරු සුවදත්, රත් වූ පොල් තෙල් සුවදත් නැහැට ගෙන දුන්නා. සියලුම ස්ථාන වැද පුදා ගත් අපි බෝ සමිදුන්ට මුහුන දී වැලි පොළව මත හිද ගත්තේ තෙරැවන්ගේ අාසිර්වාද ලබා ගන්න. අපි සිහින් හඩින් පන්සිල් සමාදන් වුනා. *අනේ සුමේධ අයියේ ඔයා මෙහේ.* *හලෝ ශාලින්ද මල්ලී හුග කාලෙකින්. කොහොමද ඉතින් සුදු වෙලා මහත් වලා. * පසකින් අැසුනු කතා බහ නිසා මම දෑස් විවර කර බැලුවා. ශාලින්ද මල්ලී අවුරුදු තුනක පමන දරුවෙකු වඩා ගත් අවුරුදු හතලිහක පමණ පෙනුමැති අයෙකු සමග කතා කරමින් ඉන්නවා. පුංචී නංගිත්, මාත් ඔවුන් අසලට ගියා. *කොල්ලා අපටත් හොරෙන් කසාදයකුත් කරගෙන වගේ.* *තාම නෑ සුමේධ අයියේ වෙඩින් ඒක ළගයි අයියටත් කියනවා අනිවාරෙන්. * *හරි. හරි ශාලින්ද මල්ලී අපි ඒනවා අනිවාර්යෙන්.* * මේ ඉන්නේ නිලූෂා මම මැරි කරන්න ඉන්න කෙනා. මේ ඉන්නේ ඒයාගේ අක්කා නිල්මිණි.* ඔහු ඒක අතකින් දරුවාද වඩාගෙන අපට අතට අත දුන්නා. * ඒතකොට මේ ඉන්නේ සුමේධ අයියා . මේ ඉන්නේ ඒයාගේ චූටි දූ..* ශාලින්ද මල්ලී සුමේධ අයියා අතේ වූ දියනියගේ කම්බුලක් සිනිදුවට මිරිකමන් කියා සිටියා. කුඩා දරුවා ලැජ්ජාවෙන් මුහුණ තම පියාගේ උරහිසේ සගවා ගත්තා. *සුමේධ අයියේ ලොකු කරදරයක් වුනා කියලා අාරංචී.* *අනේ ඔව් මල්ලී අවුරුද්දේ දානයත් කිට්ටුයි. මම මේ ඒක මතක් කරන්නත් ඒක්ක පංසලට අාවේ.* *කවුද සුමේධ අයියේ දරුවෝ බලා ගන්නේ.* * අම්මා තමා. අම්මාත් දැන් ලෙඩ ගානේ ඉන්නේ. ඒයාටත් බෑ දැන් ළමයි බලන්න.* *ලොකු දුව කෝ* *ඒයා ශිෂ්‍යත්ව පංති ගිහින් ශාලින්ද මල්ලී.* ඔවුන්ගේ කතා බහින් අපිට වැටහුනා දරුවන්ගේ මව මිය ගොසින් වසරක් ගතවී අැති බව. සුමේධ අයියාගේ අතේ වූ දරුවා මා සමග හිනා වන්නටත්, නැවත මහුණ සගවා ගන්නටත් පටන් අරන් තිබුනා. දරුවන් සුරතල් කර පුරුද්දක් නොමැති මා අැය හා සිනා සුනා. ලොකු මල්ලිගේ දරුවන් දෙදෙනා ඒ ගෙදරම හිටියත් මම ඔවුන්ව සුරතල් කරනේ නැත්තේ, පොඩි දරුවන් සමග මිතුරු වුන විට මගේ නිදහස නැති වේ යැයි මම සිතුව නිසා. *චුටි දූ නිල්මිණි නැන්දට කැමතී වගේ.* * ඒක තමා මාත් බැලුවේ.* ශාලින්ද මල්ලී සුමේධ අයියයි මගේ දිහා බලලා කතා වුනා. *නැන්දී ශොයී.* *චූටි දූ යනවද. ඒනම් නැන්දි අතට.* *චූටි දූට බා..* *අැයි ඉතිං නැන්දි ශෝයිනේ.* *නැන්දී අඩගැව්වේ නා නේ.* අැගේ සුරතල් කතාවට මගේ සිත අැදී ගියා. ලොකු මල්ලිගේ දරුවන් වුව වඩාගෙන තිබුනේ කිහිප වතාවයි. මම සිගිති දියණිය දෙසට දෑත් දික් කලා. *ඒන්න චූටි දූ.* දරුවා මා අඩගහන සැනින් මගෙ දෑතට පැන්නා. * පුදුමයි... ලේසියෙන් කෙනෙක් ළගට මෙයා යන්නේ නෑ.* අපි වන්දනා කර අවසන් නිසා සියලු දෙනා වහන නවතා තිබූ පෙදෙසට ගමන් කලා. මම දරුවාද වඩාගෙන ඔවුන් සමග ගමන් කලා. *කියන්න බලන්න චූටී දුගේ නම.* * මගේ නම... චූටි දූ නේ නැන්දී.* *අනේ ලස්සන නමක් . චූටි දූ මොන්ටි සොරි යනවද?* * යනවා. මම මේ නැන්දි ඒක්ක විතලයි කතා කලන්නේ. ඔයා නොටී නැන්දී.* නංගි ප්‍රශ්න කරද්දි චූටි දූ මගේ බෙල්ල බදා ගනිමින් කිව්වා. සුමේධ අයියයි. ශාලින්ද මල්ලී කතා කරමින් ඉස්සරහින් යනවා. *ඔයානේ නොටී බබා. ටීචර් ඔයාට කියන නම කියන්න බලන්න.* *ෂයිනී* ඊ ළග කොටසින් හමු වෙමු...... දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 26 Oct 2016 04:26 AM Quote Reply කතගාටුවෙන් දැනුම් දෙන්න වෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි දිනකට කොටස් දෙකක් දැමීමට සිදුවි තිබෙනවා. ඒෆ් බී ගෘප් ඒකේ දමන කොටස හා සයිට් ඒකේ යන කොටස සමාන කර ගැනිමට මට අවශ්‍ය වී තිබෙනවා. ගෘප් ඒකේ යන්නේ 28 වන කොටස.. දිනයක වැටහේවී........... 0 DushanVeteran MemberPosts:2536 26 Oct 2016 04:46 AM Quote Reply අපොයි බලන් ගියාම බයානක ලෙඩක් වගේ නෙහ් 0 Add Reply Page 4 of 13 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit