Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Dec 2016 11:52 PM by samantha මියෙදෙන තුරා.......... 254 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 6 of 13 << < 45678 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 28 Oct 2016 01:13 PM Quote Reply Hariveelanga kotasin hamuwenakan balagena inne 0 සඳුනිVeteran MemberPosts:2462 29 Oct 2016 12:44 AM Quote Reply 17. වන කොටස. මියෙදෙන තුරා.... * මම තමා අද ලොකු අක්කිගේ හෙයා ස්ටයිල්ස් දාන්නේ.* මගේ වරලස් මුදා හරමින් අැය කියා සිටියා. මම කැඩපතින් අැය දිහා බැලුවා. අැගේ මුහුනේ වුනේ සැබැම අාරණීය පෙනුමක්. අැය මගේ හිස පීරන්න වුනා. මම අෑ දෙසම බලන් උන්නේ හරිම සතුටින්. *ලොකු බේබී.හ්හ්.* *අැයි සිගිතියෝ.* දොර අභියසින් අැහුනේ සිගිතිගේ කට හඩ. *අර ශාලින්ද මහත්තයා ඒහෙම අැවිත්.හ්හ් . * *හරි . හරි අපි ඒනවා.* *අපි ඒනවා දැන් සිගිතියෝ.* පුංචි නංගී කලබලයෙන් කිව්වා. හිස පිරා අවන් කළ අැය , මට හොදදැයි බලන්නට කිව්වා. කොන්ඩය හකුලා දමා තිබූ කොන්ඩ මෝස්තරයයි, අැගේ මේකප් කිරීමත් නිසා මම අදුරන්නට මටම නොහැකි වුනා. *දැන් යමුද මනමාලී.* *මනමාලී* මට දැනුනේ අමුත්තක්. නංගිගේ මූනේ වුනේ ඉපිලී යන සතුටක්. *ඔයානේ මනමාලී.* *අා ඔව්නේ මමනේ මනමාලී. යමු යමු ලොකු අක්කි අපි පහළට.* අපි දෙන්නා පහළට යද්දී ,ශාලින්ද මල්ලිලා සෙටියේ වාඩි වෙලා හිටියා. *ශා දෙන්නම පට්ට ලස්සනයි. නංගී අද සැරසිලා ඉන්නේ ඒයාගේ බර්ත්ඩේ ඒක වගේනේ.* ශාලින්ද මල්ලී අෑත තියාම අපට විහිලු කලා. අපි ඔවුන් අතරට ඒක් වුනා. වැළදගෙන මට සුභ පතපු ශාලින්ද මල්ලිගේ පවුලේ සියලු දෙනා. විශාල තෑගී පාර්ශලයක් මා අත තැබුනා. තෑග්ග සෙටිය මැද වූ ස්ටූල් ඒක තමා ශාලින්ද මල්ලිගේ දිහාවට හැරුනා. සුපුරුදු පරිදි වැළදගෙන සුභ පැතූ ඔහු, මා අත කුඩා පාර්ශල් ඒකක් තැබුවා. *අැයි මේ තවත් තෑග්ගක්.* *මේක විශේෂ තෑග්ගක්* *අයියෝ අැයි. මේ තරම් කරදර වුනේ. තෑක්ස් ශාලින්ද මල්ලී.* මම කුඩා තෑග්ග ස්ටුල් ඒක මත තබන්නට පහත් වුනා. *අනේ අක්කී මෙතනම ඔක දිග හැරලා බන්නකෝ.* *හ්ම්ම්.* මම කුඩා පාර්ශල් ඒක පරිස්සමින් ගලවන්න වුනා. රතු පැහැති දිලිසෙන කොළයකින් ඒය අාවරනය කර තිබුනා. කොළය දිග හැරිය පසු වුනේ පෙට්ටියක්. ඒක ජංගම දුරකථනයක පෙට්ටියක්. ඒ කියන්නේ මේක පෝන් ඒකද්ද? මගේ දෙනෙත් විසල් වුනා. පෙට්ටියද විවර කර බැලු කල රෝස පැහැති හුරුබුහුටි ජංගම දුරකතනයක්. මෙතරම් කලකට මටම වෙන් වූ ජංගම දුරකථනයක් තිබුනේ නැහැ. මට ඒ ගැන අවශ්‍යතාවයක් තිබුනෙත් නෑ. ඒ මට කතා කිරීමට කිසිදු යහළුවෙක් නොසිටි නිසා. හුදකලාවට බොහෝ කැමතී මා මිතුරන් අැති කර ගැනීමට ඒතරම් සමත් නැතැයි මම නිතරම සිතුවා. නිවසින් බැහැරට නොයන මා හට බාහිර සමාජයේ මිනිසුන් අැසුරු කරන්නට අවස්ථාවක් හිමි වුනෙත් නැහැ. මට ජීවිත කාලයට හිටියේ ඒකම ඒක මිතුරියයි. නමින් ශාමලී වුන අැය මගේ පාසල් කල මිතුරියයි. පාසල් අධ්‍යාපනයෙන් පසු අෑ ගැන කිසිදු තොරතුරක් දැන ගැනීමට මට ඉඩක් ලැබුනේ නැහැ. අැය දුප්පත් පවුලක දැරියක් නිසා අැසුරු කරන්නට මට නිවසින් ඉඩ ලැබුනේ නැහැ. *කොහොමද ලොකු අක්කී.* *හරිම ලස්සනයි ශාලින්ද මල්ලී. ඒත් ඉතින් මට කතා කරන්න කෙනෙක් නැහැනේ.* *අයියෝ කතා කරන්න අය ලැබෙයි කලබල නෙවී ඉන්නකෝ.* *අනේ තෑන්ක්ස් ශාලින්ද මල්ලී.* *දැන්ම තෑන්ක්ස් කරන්න ඒපා. තව ඔයා කැමතිම තෑග්ගක් මගෙන් ලැබෙයි.* *තව තෑග්ගක් ඒ මොකද්ද?.* *බලන් ඉන්නකෝ * පවුලේ නෑදෑ සිත මිතුරන්ගෙන් නිවස පිරී ගියා. හරිම සුන්දර රාත්‍රියක්. පසකින් අැසුනු සංගීත රාවය සාදය තවත් රසවත් කලා. ලොකු මල්ලිගේ මිතුරු මිතුරියන් මේ සාදයට සහභාගී වී සිටියා. ලොකු මල්ලී හරිම අාඩම්බරයෙන් ඔවුන් සමග සතුටු සාමිච්චියේ යෙදී සිටියා. කුඩා දරුවන් සමග ඒක් වී සිටි ලොකු මල්ලිගේ දරුවන් දෙදෙනා සංගීත රාවයට නටමින් සිටියා. පුංචී දූගේ සුරතල් නැටුමත් සමග මගේ සිතට සිවුම් දුකක් අැති වුනේ ෂයිනී දුව සිහි වීම නිසා. *අැයි ලොකු අක්කී දුකින් වගේ.* පුංචී නංගි ශාලින්ද මල්ලී සමග මා අසලට පැමිනෙමින් අසා සිටියා. *මට ෂයිනී දූ මතක් වුනා. අර දරුවෝ දකිද්දී.* *ලොකු අක්කිත් ෂයිනී දූට අාදරෙයි වගේ.* *ඒ දාරුවගේ හුරල් පෙනුමට අකමැති වෙන්නේ කවුද ශාලින්ද මල්ලී.* මම ශාලින්ද මල්ලිගේ ප්‍රශ්නට පිළිතුරු සපයමින් කියා සිටියා. *දුක් වෙන්න ඒපා ලොකු අක්කී අායි දවසක ඒයා මුන ගැසේවී.* මම කබනා ඒකක් වටා වූ අසුනක වාඩී වි කල්පනා කරන්න වුනා. කාලය ගෙවිලා ගියත් මම හිටියේ ෂයිනී දූගේ ලෝකයේ. *ලොකු අක්කී ශාලින්ද අයියා අඩ ගහනවා.* හදිසියෙම මගේ ළගට දුවන් අාපු පුංචී නංගී ප්‍රීතියෙන් කියා සිටියා. *අැයි හදිස්සියෙම.* *අර දෙනවයි කිව්ව තෑග්ග දෙන්න වෙන්න අැති* මම පුංචි නංගිත් සමග ගෙට අැතුල් වුනා. සැබවින්ම සිහිනයක්ද? ෂයිනී දූ. මම දෑස් අදහා ගන්නට නොහැකි වුනා. මම දැකපු ගමන් ෂයිනී දූ මගේ ළගට දුවගෙන අාවා. *අම්මී නැන්දී..* *චූටී දූ ඔයා අාවද නැන්දි බලන්න.* *මම නැන්දි ඒක්ක තලයි. නැන්දි චූටී දූ බලන්න ඒනා කූවා. අාවේ නැනේ.* *දැන් මගේ චූටී දූ අාවනේ මම බලන්න.* මම අැයව වඩාගෙන සිප ගත්තේ හිතේ තිබුන සතුට උතුරා යද්දී. සැබැවින්ම අැය මටත් නොදැනිම මගේ ජීවිතය වෙලා තිබුනා. මම ෂයිනී දූත් වඩාගෙන සුමේධ අයියා අැතුළු පවුලෙ සියල්ලන් ඉන්න තැනට ගියා. *කොහොමද නිල්මිණී නංගී.* *මම හොදින් සුමේධ අයියේ.* *සුභ උපන් දිනයක් නිල්මිණී නංගී.* මට සුභ පැතුම් ඒක් කල ඔහු රැගෙන අා ත්‍යාගය මා අත තැබුවා. ඔහු අසලින් ලැජ්ජාශීලිව වුන්නේ සුමේධ අයියගේ වැඩි මහල් දියනිය විය යුතුයි. *මේ ඉන්නේ මගේ ලොක්කී. ගයනී. * *චූටී දූ වගේමයි . මට හිතුනා.* *යමු යමු ළමයිනේ කෑම කලා ඉන්න. දැන් හොදටම රෑ වෙලා .මේ දරුවන්ටත් බඩගිනි අැති.* *මේ ගොල්ලෝ හවසත් කෑවා අම්මේ.* ලොකු දූගේ ඔලුව අාදරයෙන් පිරිමදිමින් , අම්මා නැගූ පැනයට සුමේධ අයියා පිළිතුරු සැපයුවා. *ඒකට කමක් නෑ යමුකෝ කෑම ටිකක් කන්න.* *ඒන්න චූටී දූ හබුං කන්න යන්න.* මා අත වුන් දියනියට දෑත් පාමින් සුමේධ අයියා කියා සිටියා. මෙතරම් වෙලා නිහඩව බලා වුන් අැය මගේ බෙල්ල බදාගෙන අකමැත්ත ප්‍රකාශ කරන්න වුනා. *චූටී දුට බෑ තාත්තී. අම්මි නැන්දිටත් යමු කියන්න.* *මේ දරුවගේ අම්මත් අපේ ලොකු දූ වගේ මයිලු නේද?. පව් හරිම කනගාටුයි වුන දේ ගැන.* *ඒක තමා අම්මේ චූටී දූ මෙයාට අම්මී නැන්දී කියන්නේ. අැත්තටම මුලින්ම නිල්මිණී නංගිව පංසලේදී දැක්ක දවසෙදී මගේ සෙව්මිණිට පණ අැවිද්ද කියලා මට හිතුනා.* *ශාලින්ද පුතා කිව්වා සුමේධ පුතේ.* *ඒකනේ අම්මේ. දූ රැවටෙන ඒක අහන්නත් දෙයක්ද* සුමේධ අයියා අපේ අම්මට, අම්මේ කියලා කියලා කතා කරද්දී මට හිතට දැනුනේ ඔහු හරිම ගුණ ගරුක පුද්ගලයෙක් කියලා. ෂයිනී දූගෙන් බේරැමක් නැති නිසා මමත් ඔවුන් සමග කෑම ගැනීමට තීරණය කලා. කෑම බෙදා ගත් අපි ඒකම කබානා මේසයක් වට වාඩී වුනා. සුමේධ අයියා ඒන තුරුම බලා වුන්නා සේ ශාලින්ද මල්ලී පුංචී නංගීත් අපි සමග කෑම ගන්නට ඒක් වුනා.පුටුවක් අැද දුන් පසු ෂයිනී දූ මම අසලින්ම වාඩී වුනා. *අයියේ කෑමට කලින් මොනවා හරි බොනවද සැර දෙයක්* *අපෝ මම ඔවා කරන්නේ නෑ මල්ලී.* ඒ වදනින් ඔහු දරුවන් ගැන හුගක් හොයලා බලන අාදරබර පියතුමෙක් කියලා මට සිතුනා. මටත් නොදැනී මා සිත තුළ ඔහු ගැන පැහැදීමක් අැති වෙමින් තිබුනා. *චූටී දූ මගේ ළගට ඒන්න පැටියෝ තාත්ති කවන්න.* *බා තාත්තී . චුටී දු කන්නේ අම්මි නැන්දා කැව්වොත් විතලයි.* *නැන්දිට කරදර කරන්න ඒපා චූටි දූ.* *මොන කරදරයක්ද සුමේධ අයියේ මම කවන්නම්.* මම ෂයින දූට කවමින් කෑම ගන්න වුනා. ලොකු දූ කෑම ගන්න බෑ කිව් නිසා සුමේධ අයියා ලොකු දූට කෑම කැව්වා. ඊ ළග කොටසින් හමු වෙමු... දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 29 Oct 2016 12:54 AM Quote Reply 18. වන කොටස. මියෙදෙන තුරා.... වෙන කාවෙනුවෙන් වත් නොදැනුන සමීප බවක් ඒ දරුවෝ දෙන්නා ළගදී මට දැනුන නිසා. ලැජ්ජාබර සිනහවකින් මුව සරසා ගත් අැය මා කැවූ බත් කට පිළි ගත්තා.මේ සියල්ල දෙස බලමින් ශාලින්ද මල්ලිත් ,පුංචී නංගීත් සිනහා වූ හේතුව මට වටහා ගන්න බැරි වුනා. සුමේධ අයියා දරුවන් දෙදෙනාම මට ළං වී සිටින අයුරු දැක මූණ අදුරු කර ගත්තා. *අැයී සුමේධ අයියේ දුකෙන් වගේ.* මට විමසන්නට අවශ්‍ය වූ දෙය ශාලින්ද මල්ලී විමසා සිටියා. *මට සෙව්මීණීව මතක් වුනා මල්ලී ඒයා හිටියා නම් අද අපේ ගෙදරත් පාටියක්.* *ඒ අැයි අයියේ.* *සෙව්මිණීගේ උපන් දිනෙත් අද .* *මාර සිද්දියක්නේ. දෙන්නා ඒක වගේ ඒකම දවසේ උපන් දිනේ.* *ඒකනේ වැඩේ කියන්නේ. මම හිතන්නේ නිල්මිණී නංගිට වඩා වැඩිමාල්.* *තාත්ති දයියා. අනේ ජෝ දෙන්නකෝ.* ෂයීනි දූ සැර දෙයක් කැවිලා කෑ ගහන්න වුන නිසා මම වතුර පොවන්න ගත්තා. ඒක නිසා උපන් දිනය ඒකම දිනයක වීම ගැන කතාව යට ගියත් මගේ හිතේ තැන්පත් වුනා. මගේ හිත කිව්වේම සෙව්මිණී මමයි කියන්නේ නිවුන් සහොදරියෝ වෙන්න අැති කියලා. කුමක් හරි දෙයක් ගෙදර අයත් මට හංගන බව දැනුන නිසා, මගේ නිවුන් සහෝදරි වුන සෙව්මිණීව වික්‍රමසිංහ පවුලට හදා ගන්න දුන්නා වත්ද? මම අහගෙන ඒදා අම්මලා කතා වුනා. *වික්‍රමසිංහලට දරුවෝ හිටියේ නෑ.ඒත් රට ගිහින් අවුරුදු පහකින් විතර ඒද්දී තමා ඔය ළමයාවත් අරන් අාවේ. මම හිතන්නේ අපේ ලොකු දූට වඩා අවුරුද්දක් විතර බාල අැති ඔය නැති වුනයි කියන දරුවා. පවු. අකාලෙම මැරිලා ගිහින්. සෑහෙන කාලයක් දරුවෝ නැතුව නොගිය දේවාලයක්, පංසලක් නෑ. ඒ දරුවත් ඉක්මනට නැති වෙලා. වික්‍රමසිංහලා කොහොම ඉවසනවද මන්දා.* ඒ කතාවේ හැටියට නම් සෙව්මිණි මට නංගි වෙන්නේ . ඒ කියන්නේ ඒයා පිටරටදි ඉපදිලා තියෙන්නේ. අනේ මන්දා මට මේ අවුල තේරුම් ගන්න බෑ. අහන්න කෙනෙකුත් නෑ. අනික දරුවෙක් හදා ගන්න දුන්නා නම් තරහාකාරයෝ වෙන්න විදියකුත් නෑ. ලීලම්මා කිව් විදියට දෙගොල්ලෝ තරහයි. ඒත් සුමේධ අයියා ඒක්ක අම්මාලා හොදට කතා කරනවනේ. මම හරියට පබගාලක පැටලිලා වගේ මට දැනුනේ. *ලොකු බේබී දරුවා අඩනවනේ. කෝ දෙන්න මම නළවලා දෙන්න* ඒවෙලෙහි ඒතනට අා ලීලම්මා ෂයිනී දූට දෑත් පාමින් කිව්වා. අැය දරුවන්ට බොහෝ සෙයින් අාදරය කරන නිසාදෝ, අඩමින් සිටි ෂයිනී දූ අැඩුම නවත්වා ලීලම්මා දෙස බැලුවා. *ඒන්න චූටී පැටියෝ අයිස් ක්‍රීම් කන්න යන්න.* *මම චූටී දූ. චූටී පැටියා නෙමෙයි.* *අනේ ඉතිං මම දන්නේ නෑනේ. ඒන්න චූටී බේබී .* පුංචී නංගී දෙස හොරැහින් බලමින් ලීලම්මා බේබී යනුවෙන් කිව්වේ දොස් නගාවි යැයි සිතා විය හැකී. *අනේ අාච්චී. මගේ නම චූටී දූ.. * *අනේ ලීලම්මේ චූටි දු කියනකම් ඒයාව යාලු කර ගන්න බෑ.* මේ සිදු වීම දෙස බලා වුන් පුංචී නංගී කිව්වේ හිනා වෙමින්. *ඒන්නකෝ චූටී දු මෙහෙට බලන්න.* *තාත්තී චූටී දූ අයිස් කීම් කන්නද.* *හා චූටී දූ. ලොකු දූ ඔයත් නංගි ඒක්ක ගිහින් අරන් ඒන්න.* කියන පරක්කුවට චූටී දූ ලීලම්මගේ අතට ගියා. ලීලාම්මා ලොකු දූවත් අඩගහගෙන අතුරුපස ගන්න තැනට ඒක්කන් ගියා. මධ්‍යම රාත්‍රිය තෙක් පැවති සාදය නිමා වෙලා සියල්ලන් පිට වී ගියා. ෂයිනී දූ මගේ උකුලේම නිදන්ද ගිහින් වුන් නිසා ඒක්කගෙන යන්න අපහසු වුනේ නෑ. සාදය පුරාම ෂයිනී දු මගේ උකුලෙන් බැස්සේ ම නෑ. මම යන තැනක අැයවත් රැගෙන යන්න වුනා. අැහැරලා හිටියා නම් යන්න බෑ කියාලා අඩනබව විශ්වාසයි. සියල්ලන් නික්ම ගිය පසු විඩාව නිසාම අස් කිරීමේ කටයුතු හෙටට ඉතුරු කරලා හැමෝම නිදා ගන්න සූදානම් වුනා. මගේ කාම්බරය කොනක වුනේ මට ලැබුන උපන් දින ත්‍යාග. සිගිති විසින් සියලු තෑගී මගේ කාමරයට ගෙනත් දාලා තිබුනා. නානකාමරයට වැදී විඩාව නිවා ගැනීමට අැග පත සොදා ගත් මම රැ අැදුමක් අැගලා ගත්තා. නිදා ගන්නට සිතා අැදට අාවත් නිදිමතක් අහලකටවත් අාවේ නැහැ. මේ දවස් ටික මගේ ජීවිතේ ලස්සනම දවස් ටික කියලා මට හිතුනා. මම දෑස් පියා ගත්තේ සිහින මවන්න. ඒක පාරටම මට පරණ පපුවේ වේදනාව දැනෙන්න ගත්තා. මම සතුටු වෙනවට දෙවියෝ කැමති නෑ. කොච්චර සතුටින් හිටියත් දැන් මාරයා ඒන්න කාලය ළගයි කියන්න වගේ දින කීපයක් නොදැනෙමින් තිබූ පපුවේ වේදනාව ඒක පාරටම අැති වුනා. මුහුන කොට්ටයක හොවා ගත් මම වේදනාව සමග පොර බැදුවා. ටික මොහොතකින් ගතේ වේදනාව තුරන්වී ගියේ විශාල හිත් වේදනාවක් ඉතුරු කරලා. මරණ දන්ඩනය නියම වුන පුද්ගලයාගෙනුත් අන්තිම කැමැත්ත විමසනවලුනේ. අන්න ඒ වගේ මගේ අන්තිම කාලය නිසා හැමෝගෙම අාදරය කරුනාව මට ලැබෙනවා අැති. ඒත් ඒකෙනුත් වෙන්නේ මට තවත් ජීවත් වෙන්න අාස හිතෙන ඒක. අපි දුකින් ඉන්න කොට මැරුනා නම් හොදයි කියලා හිතුවට, මරණය අභියසට අාව කෙනෙක් තමා දන්නේ ඒතකොට ජීවත් වෙන්න මොන තරම් අාසාවක් අැති වෙනවද කියලා. මරණාසන්න කෙනෙක් කවදාවත් කියන්නේ නෑ අනේ මාව මරල දාහන් කියලා. අනේ මාව තව දවසක් හරි ජීවත් කරන්න කියලා තමා ඉල්ලන්නේ. මට දැන් ජිවත් වෙන්න අාසයි. ඒත් මරණයට ඒන්න ඒපා කියන්න මට අයිතියක් නෑ. මම ගෙනාපු අායුෂ ඉවර අැති. මාරින්තින රෝගියක් ළග ඒයා ඒක්ක දුක් වෙන්න අඩන්න, සනසන්න, බලාපොරොත්තු අැති කරන්න විශාල පිරිසක් ඉන්නවා. මට ඉන්නේ මගේ හෙවනැල්ල විතරයි. මම කැමති නෑ මම පිච්චෙන විදියට අනිත් අයගේ අාත්මයනුත් පිච්චෙනවට. මම මේ දේ ඒයාලට කිව්වෝත් මේ මුළු අවුරුද්දම ඒයාලත් හිතින් විදවාවි මගේ මළගමින් පස්සෙත් විදවාවී. දැන් සතුටින් හිටපු දෙන්. මම මැරුන දාක දුක් වුනාවේ. දැන්ම ඉදන් දුක් දෙන්න ඔනේ නැහැ. ඒකෙන් මටත් සැනසීමක් ලැබෙන්නැහැ. මගේ හිත මේ තරම්ම හයියද? උපන්දිනේ සමරන ගමන් මැරෙන දිනේ ගැන කල්පනා කරන්න තරම්. මම තනියම කල්පනා කලා. මම උදේ අැහැරුනේ මිහිරි සංගීත රාවයක් සවනෙහි වැකීමෙන්. මම හිතුවේ මට අැහෙන හැටි කියලා. මම අයෙත් පොරවනයේ උණුසුමට ගුලී වුනා. ඉවරයක් නැතිව අැසෙන නිසා මම දෙනත් හැර බැලුවා. සැබැවින්ම අැසෙනවා. කාමරේ රේඩියෝවක් වත් නැතුව කොහෙන්ද අැහෙන්නේ. අැද අසල වු කුඩා මේසය උඩ ශාලින්ද මල්ලී දුන් දුරකථනය නද දුන්නා. මම අතට අරන් තිරය දෙස බැලුවේ මගේ නම්බර් ඒක කාටවත්ම දුන්නේ නෑනේ කියලා. පුංචි නංගිගේ විහිළුවක් කියලා මම දුරකතනය සවනත තබා ගත්තා. *හෙලෝව්* පිරිමි කට හඩක්. ශාලින්ද මල්ලී වද්ද?. කතා කරන්න බයක් දැනුනත් කීප වරක් ඒහෙන් කතා කරද්දි මම කතා කලා. *හෙලෝ්ව්. කවුද මේ* *මම සුමේධ අයියා නිල්මිණි නංගී* *ගුඩ් මොර්නිං සුමේධ අයියේ. ඔයාට කොහෙන්ද නම්බර් ඒක.* *ශාලින්ද මල්ලි තමා දුන්නේ දවසක්. චූටී දූ කතා කරන්න ඔනේ කියලා කරදර කරන නිසා.* ඒ කියන්නේ ශාලින්ද මල්ලී මට පෑලෑන් කරලයි පොන් ඒක අරන් දීලා තියෙන්නේ. කට්ටියගේ හිතේ තියෙනවද දන්නේ නෑ මම අැත්තටම ෂයිනී දූගේ අම්මා කරන්න. *හා සුමේධ අයියේ කෝ චූටී දූ.* *අැහැරුන වෙලේ ඉදන් අඩනවා. ඒයාව ඒක්ක අාවා කියලා. ඔයාට කතා කරන්න නොදුන්නොත් මොන්ටි සෝරි යන්නෙත් නැහැලු.* *අනේ පව්.* *චූටී දූ ඒන්න . මේන් නිල්මිණී නැන්දී කතා කරනවා.* *අම්මී නැන්දී.* ඒ වචනය මගේ හද පතුළටම කිදා බැස්සේ ෂයිනී දූ තවමත් අඩනවා. *අැයි පැටියෝ අඩන්නේ.* * චූටී දූ අම්මී නැන්දිත් ඒක්ක තාලයි.* *අැයි මගේ චූටී දූ.* *මට දොයිය ගියාම ගෙදල ඒක්ක ඒන්න දුන්නනේ.* *පව්නේ චූටි දූ. තාත්තිටයි අක්කිටයි දොයිය යන්නේ නෑලූ දූ නැතුව.* *අම්මි නැන්දී ඒනාද අද චූටී දූ බලන්න.* *බලමුකෝ පැටියෝ . දැන් හොද පැටියා වගේ මොන්ටි සොරි යන්න ලෑස්ති වෙන්න.* *මම තාලයි. අම්මී නැන්දී චූටී දූට අාදලේ නා.* *අාදරෙයි පැටියෝ. ගොඩක් අාදරෙයි. නැන්දිත් කොයි වෙලේද දූ බලන්න ඒන්නේ කියලා ඉන්නේ. ඉක්මනටම ඒන්නම්.* *බා බා අදම ඒන්න ඔනේ. චූටී දූ තාලයි.* *දූ මොන්ටි සොරී ගිහින් අැවිත් අායිත් පොන් ඒකෙන් කතා කරමු හාද?* *හ්ම්.* *හොද බබා වගේ දැන් තාත්ති කියන දේ අහලා ලෑස්ති වෙන්නකෝ.* *හෙලෝ නිල්මිණි නංගී. අද මට හදිස්සී වැඩ වගේකටත් යන්න තියෙනවා. මම පස්සේ ගන්නම්. බොහොම ස්තූතියි මෙයාව නලවලා දුන්නට. චූටී දූ දැන් හරියට මුරණ්ඩු වෙලා.* *ඔක මොකද්ද අනේ. හොදයි පරිස්සමින් වැඩ ටික කර ගන්න බුදු සරණයි.* *බුදු සරණයි නිල්මිණී නංගී. බායී.* *බායී* මගේ හිතට උදෙන්ම ලැබුනේ සැනසිල්ලක්. සුපුරුදු පරිදි ජනෙල් කවුළුව විවර කර ගත් මා උදා හිරු රැස් විද ගත්තා. මීදුමත් සමග ජනෙල් කවුළුවෙන් අැතුල් වුනේ සීත පවන් රැල්ලක්. සීතලට බොහෝ ප්‍රිය කරන මම ඒ සුළගට මා වත දැවටෙන්නට ඉඩ දුන්නා. *ලොකු බේබී තාම ඔතනද? මම සැරයක් ඒනකොට පොන් ඒකෙන් බර කතාවක් නිසා තේ හදන්න ගියා.* *චූටී දූ කතා කලා ලීලම්මේ.* ඊ ළග කොටසින් හමු වෙමු... දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 29 Oct 2016 12:55 AM Quote Reply තව කොටස් 13 ක පරතරයක් තියෙනෝ දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 29 Oct 2016 09:43 AM Quote Reply කොටස් 2ට වඩා දාන්න කියවන්න අමාරැවක් නැහැ 18 කොටසේ පොඩි නමක් පැටලිලා තියෙනවා පුලුවන්නං හොයල හදන්න 0 සඳුනිVeteran MemberPosts:2462 29 Oct 2016 06:20 PM Quote Reply අනේ මහ ගොඩක් ස්තූතියි ශා අයියේ. මම දෙපාරක් කියවලා කතාව සයිට් ඒකට දාන්නේ දැනුත් අායි කියෙව්වා. ඔයා කිව් වැරැද්ද හම්බුණා. ''ශාලින්ද මල්ලී වෙනුවට සුමේධ මල්ලී නේද?. ඔයා හොද අවදානෙන් කතාව කියවනවනේ. අැත්තටම ගොඩක් සතුටුයි. මොකක්ම හරි වරදක් තිබුනොත් කියන්න. මම කැමතී මගේ වැරදී පෙන්නනවට. ඒෆ් බී අයට වත් ඔක අහුවෙලා තිබුනේ නෑ. ගොඩාක් ස්තූතියි!!!! දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 29 Oct 2016 07:30 PM Quote Reply 19. වන කොටස. මියෙදෙන තුරා..... *ඊයේ නේද ලොකු බේබීට ඔය පොන් ඒක ලැබුනේ. සුමේධ මහත්තයා දන්නේ කොහොමද.* * ශාලින්ද මල්ලි ම තමා දීලා තියෙන්නේ.* *හරි හරි. ලොකු බේබී ඉක්මනට මූන සොදගෙන මේ තේ ඒක බීලා ඉන්න නිමෙන්න කලින්.* *අහන්නකෝ ලීලම්මේ. සුමේධ අයියගේ වයිප් සෙව්මිණී . ඒයාගෙත් උපන්දිනෙත් ඊයෙලු.* *ඒහෙම වෙන්න ඒපැයි.* *මොකක්. ලිලම්මා කොහොමද ඒක දන්නේ.* *මේ.. මේ..ලොකු බේබි මොකද්ද අැහුවේ. මම වෙන කල්පනාවක් හිටියේ.* මම පුදුමයෙන් ප්‍රශ්න කලා. සිහින ලොවින් පිවිසුනාක් මෙන් කළබලයට පත් වූ ලීලම්මා තමා අතින් ලොකු වරදක් වූවා ඒය නිවැරදි කර ගන්න වගේ නැවතත් මගෙන් විමසුවා. *මම අැහුවේ සෙව්මිණීගේ උපන් දිනෙත් මගේ උපන් දිනේ දවසෙමයි, කියලා ලීලම්මා දන්නේ කොහොමද කියලා.* * අනේ මම දන්නේ නැ ලොකු බේබී. වෙන කල්පනාවක හිටියේ මම. මටත් නිතරම අර පුංචී දරුවෝ දෙන්නව මතක් වෙනවා.* * නෑ . නෑ ලිලම්මලා මට මොනවා හරි හංගනවා.* *අනේ නෑ ලොකු බේබී.* *නැත්තේ මොකද? අපි දෙන්නා ඒක වගේම වෙන්නයි. ඒකම උපන්දිනේ වෙන්නත් හේතුවක් තියෙන්න ඒපෑ.* *ඒක උපන්දිනේ තියෙන අය ඉන්න පුළුවන්නේ ලොකු බේබී. අනික ඒ ළමයා බේබිට වඩා බාල අැති. වික්‍රමසිංහ මහත්තයලට දරුවෝ හිටියේ නෑ. රට රටවල් වල ගිහින් බේත් කරලා තමා ඔය දරුවා හදා ගන්න අැත්තේ. අනික ඒ දරුවා ඉපදෙද්දී. වික්‍රමසිංහ මහත්තයලා හිටියේ රට.අනික ඒක වගේ හත් දෙනෙක් ඉන්නවලුනේ. ඒවා ගැන ඒ හැටි හිතන්න ඒපා.* *දවසක මටත් දැන ගන්න ලැබෙයි.* මට හැමෝම කියන කරුනු පිළිගන්න අමාරුයි. මම කේන්තියෙන් නානකාමරයට ගිහින් දොර වහ ගත්තා. උදේම නාලා අලුත් අැදුමක් අැද ගත් මම තෑගී ටික දිගහැරලා බලන්න හිතුවා. තෑගි ගැන මට කිසිම අාසාවක් නොතිබුනත්, හැමදාම මේ තෑගී මෙහෙම තියන්න බැරි නිසා මම අැදේ කොනකින් ඉද ගත්තා. *ලොකු අක්කී. ඔයා අැහැරලා නේද ඉන්නේ* *ඒන්න පුංචි නංගී අැතුළට* මම දොර අභියස සිට මා දෙස බලා වුන් පුංචී නංගිට අැරයුම් කලා. *මොකද ලොකු අක්කී කරන්නේ. අද හරිම කම්මැලී අනේ.* *මම මේ තෑගී ටික ගලවලා බලන්න හැදුවේ. ඔයත් ඒන්නකෝ මේ ටික බලන්න.* *නියමයි. බලමු . බලමු.* තෑගී පාර්ශල් ඒකක් අතට ගනිමින් අැයත් අැද කොනක වාඩී වුනා. මම පුංචී නංගී ඒක්ක උදේ චූටි දූ කතා කරපු බව කිව්වේ හරිම සංතෝෂෙන් . මගෙන් නොයෙක් ප්‍රශ්න අසමින් සියලු විස්තරය අහගත් පුංචී නංගී තනියෙම හිනා වුනා. *මොකද පුංචී නංගී හිනා වෙන්නේ.* *නෑ. නෑ. මොකුත් නෑ.* *පිස්සු හැදීගෙන ඒනවද* *නෑ මම මේ .. කල්පනා කලේ ශාලින්ද අයියගේ තෑග්ග දැන් බොහොම වැදගත් වෙලා නේද කියලා.* *අනේ මේ විකාර නොකියා ඉන්න පුංචි නංගී* මම අැය අදහස් කල දේ තේරුම් ගත් නිසා අකමැත්ත ප්‍රකාශ කලා. *ලොකු අක්කී මේක නේද සුමේධ අයියා ගෙනාව තෑග්ග. * *මට මතක නෑ පුංචී නංගී.* සැබවින්ම ඒක සුමේධ අයියා ගෙනාපු තෑග්ග බව මගේ මතකයේ තිබුනා. ඒ පාර්ශලය වෙනස්ම කොළයකින් අාවර්නය කරලා තිබුන නිසා. ඒ තෑග්ගේ දවටනයට යොදාන තිබුනේ පුංචි දරුවෙකුට තෑගී සරසන්න යොදා ගන්න කාටුන් වලස් පැටවුන් සිහිත කොළයක් නිසා. අනිවාර්යෙන් ඒ තෑග්ග පැක් කරන්න අැත්තේ ලොකු දූ. මටත් හොරා මගේ මුනේ සිනාවක් මැවුනා. *මොකද ලොකු අක්කී තනියම හිනා වෙන්නේ* මගේ මහුනෙහි ඉරියව් පිළිබද හොද අවදානයෙන් බලා වුන් පුංචී නංගී ප්‍රශ්න කරද්දී මට දැනුනේ පොඩි නොරිස්සුමක්. නිදහසේ හිනා වෙන්නවත් නෑනේ කියලා. *මෙහෙ දෙන්න බලන්න ඔකේ මොනවද තියෙන්නේ කියලා.* *අැයි අැයි විශේෂයක් නෑනේ මම බලන්නම්.* *විශේෂයක් නෑ. ගලවන්නකෝ පුංචි නංගී කෝලම් නොකර.* *හා. හා. ඔයාම බලන්න.* පුංචී නංගී තෑග්ග මා දෙසට පෑවා .මම ගන්න හදද්දිම , පුංචී නංගී අාපහු අැදලා ගත්තා. අැය නැවතත් මා වෙත පෑවත් මම ඒ දෙස බැලුවේ වත් නෑ. *මොකද ඔය හැටි කේන්ති යන්නේ.* *මොකද පුංචි නංගී ඔයාට වෙලා තියෙන්නේ.මොනවද කරන විකාර වැඩ.* අැත්තටම තෑග්ග මොකද්ද කියලා දැන ගන්න තිබුන උවමනාව නිසාදෝ මට පුංචි නංගී කරන ඒවට කේන්තී ගියා. මට කේනති ගියත් අැගේ මුහුන සතුටින් පිරිලා තිබුනේ, මගේ නොසන්සුන් කම දැකලා වෙන්න ඔනෝ. අැයම තෑග්ග කෙමෙන් ගලවන්න වුනා. සියලු ටේප් කැබලි ගලවා ඔයාම බලන්න මුලින් කියලා තෑග්ග මගේ උකුල උඩින් තිබ්බා. මම කොළ මෑත් කරලා තෑග්ග දෝතට ගත්තා. * පුංචී නංගී මේ බලන්නකෝ හරිම ලස්සනයි. * *මොකද්ද ලොකු අක්කී. කෝ බලන්න.* අැය මා අතේ වු ත්‍යාගයට මුහුණ පොවමින් අැසුවා. ඒක මේස ඔරලෝසුවක්. ඔරලෝසුව කියන ඒක හරි නෑ රාමු කරපු චායාරෑපයක්. හාඩ් හැඩයක් ගත් ඒ ඔරලෝසුවෙහි කොනක කුඩා ඔරලෝස් කටු ටිකත් ඉලක්කම් ටිකත්. ඉතිරි පසුබිමෙහී චූටී දූගෙයි, ලොකු දූගෙයී සුරතල් සිනහව රැදි අලංකාර චායා රූපයක්. අැත්තටම ඔවුන් දෙදෙනාගේ සිනහව ජීව මානයි. මට දැනුනේ දරා ගන්න බැරි තරමේ සතුටක්. *හරිම ලස්සනයි ලොකු අක්කේ. සූමේධ අයියා ඔයා වෙනුවෙන් මයි මේක හදවන්න අැත්තේ . ඔයා ඒ දරුවන්ට අාදරේ බව ඒයටත් තේරෙනවා අැති.* පුංචී නංගිගේ වදන මා හදේ වූ අාදරය, ලෙන්ගතු කම තවත් දැඩී කලා. මම කුඩා ඔරලෝසුව අැද අසල වූ කුඩා මේසය මත තැබුවේ හරිම අාදරයෙන්.දැන් මට හැමදාම උදේ හවා දරුවෝ දෙන්නා දැක ගන්න පුළුවන් , ඔයාට ගොඩක් පින් මගේ හිත තේරුම් අරන් මෙහෙම දෙයක් කලාට. මම හිතින් පිං දුන්නේ, ඔරලෝසුව දිහා ලෝභ කමින් බලාන් ඉන්න ගමන්. *ලොකු අක්කී පොන් ඒක රිං වෙනවා නේද?* *අා.. ඔව්* මම ඒතන වූ දුරකථනය අතට ගෙන තිරය මත දැස යොමු කලා. සුමේධ අයියගේ අංකය. මට පුංචී නංගී දිහා බැලුනේ ඉබේටමයි. අැය ඉගි කරලා අැහුවේ කව්ද කියලා. *සුමේධ අයියා.* *ඉතිං මොකද බය වෙලා වගේ අාන්සර් කරන්නකෝ.* මම දුරකතනයට අැමතුමට සවන් දුන්නා. *හෙලොව් නිල්මිණී නංගී.* *හෙලෝව් සුමේධ අයියේ.* *අනේ කරදර කරනවා නම් සමාවෙන්න. මේ දූගෙන් බේරිල්ලක් නෑ. නිල්මිනි නංගී.* *මොන කරදරද අනේ.* මම නංගී දිහා බමින් කියද්දී නංගී හිනාව තද කරගෙන මගේ දිහා බලන් ඉන්නවා. *හරි. හරි ඔන් අපි යන්නවා. කට්ටියට ලැජ්ජා අැතිනේ අපි ඉද්දී කතා කරන්න.* කියලා මගේ ලිහලා දාලා තුබුන කොන්ඩෙන් අැදපු පුංචි නංගී කාමරේ දොරත් වහගෙන පිට වෙලා ගියා. *නිල්මිණි නංගී මොකද මේ වෙලාවේ කරන්නේ.* *අනේ ඔයාට ගොඩාක් පිං අයියේ.* *ඒ මොකටද නිල්මිණි නංගී.* *මට දුන්න බර්ත්ඩේ ගිෆ්ට් ඒකට.* *ඔයා දරුවන්ට අාදරේ බව දැනුන නිසා මම ඔයා වෙනුවෙන් මයි ඔක හැදෙව්වේ.* *මට දැන් දවස ගනෙම දූලා දෙන්නා දකින්න පුළුවන්. දැන් දවස ගානෙම කතා කරන්නත් පුළුවන්.* මගේ හැංගිලා තිබුන හැගීම් ඉබේම වචන වෙද්දී. ඒ හැගීම් නෙත් දෙකෙන් දෝරේ ගැලුවා. මගේ අත්මයට බැදුන ලොකු ලෙන්ගතු කමක් ඒ දරුවෝ දෙන්නා වෙනුවෙන් මට දැනුනේ, හරියට අාත්ම ගානක් මගේ දරුවෝ වෙන්න පතන් අාවා වගේ. සුමේධ අයියයි, චූටී දූයී , ලොකු දූයී මට නිතර කතා කලා. අපි තව තවත් ළං වුනා.පුංචී නංගී ශාලින්ද මල්ලී නිතර මට විහිළු කලා. දරුවන් වෙනුවෙන් මගේ හිතේ තිබුණ අාදරය කැමැත්ත නිසාම, මම ඒවා නෑසුනා වගේ හිටියා. මට සුමේධ අයියා ගැන ඒයාගේ බිරිද වෙන්න ඔනේ , දරුවන්ගේ අම්මා වෙන්න ඔනේ කියලා හැගීමක් තිබුනේ නෑ. මම දන්න තරමින් සුමේධ අයියත් මම ගැන ඒහෙම හිතන්නේ නෑ. කවදාවත්ම මට ඒ්වගේ දෙයක් සුමේධ අයියා අගවලාවත් නෑ. මම මගේම සහෝදරයන්ටත් වඩා ළගින් සුමේධ අයියව අාශ්‍රය කලා. අැත්තටම ඔහු තමා දැන් මගේ හොදම මිතුරා. සුමේධ අයියා නිතර දෙවෙලේ දරුවෝ ඒක්ක අපේ ගෙදර අාවා ගියා. මමත් ශාලින්ද මල්ලී පුංචී නංගී ඒක්ක දරුවෝ බලන්න ගියා. ඊ ළග කොටසින් හමු වෙමු... දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 29 Oct 2016 07:41 PM Quote Reply 20. වන කොටස. මියෙදෙන තුරා... සුමේධ අයියා හරිම ඉක්මණට නිවසේ සියලු දෙනාගේ සිත් දිනා ගත්තා. සැබැවින්ම ඔහු දරුවන් හට අාදරය කරන අාදරණිය පියෙක්. ඔහු දරුවන්ගේ සියලු සුළු කරුනක් වුව හොද අවබෝධකින් යුතුව සොයා බලා කටයුතු කලා. ඔහුගේ මුළු දිවියම වුනේ දරුවෝ දෙන්නා. ඔහු තවමත් මිය ගිය බිරිදට අාදරය කළා .අෑ වෙනුවෙන් ජීවත් වුනා. අැයත් මොන තරම් ගුණ ගරුක බිරිදක් දැයි ඔහුගේ ශෝකනීය වදන් කියා දුන්නා. දරුවන් දෙදෙනාට මා නැතුව බැරුව ගියා. සෑමදිනකම වගේ අපේ ගෙදර අාවා. ඔවුන් සෙල්ලම් උයනට ගියත් පංසල් ගියත් මට ඔවුන් සමගයන්නට වුනේ, චූටී දූගේ අැවිටිල්ල නිසාමයි. සුමේධ අයියාගේ හමුවීමෙන් පසු මගේ ජීවිතේ හුගක් වෙනස් වුනා. ගෙදරින් පනවා තිබූ නීතී රීතී සියල්ල ඉවත් වී තිබුනා. සුමේධ අයියත් දරුවනුත් සමග යන ගමන් සදහා ගෙදරින් කිසිම බලපෑමක් අැති වුනේ නෑ. ඒසේ වන්නේ ගෙදරි මා සුමේධ අයියාට විවාහ කරදීමට සිතන නිසා දැයි වරෙක මා හට සිතුනා. නමුදු අපි අතර කිසි දිනෙක ඒබදු සංවාදයක් අැති වුයේ නෑ. මියෙදෙන්නට සිටින මා ඒවැන්නක් සිතන්නට පවා අකමැති වුනා. කෙමෙන් මාස තුනක් ගෙවී ගියා. මගේ අායූ කාලයෙනුත් මාස තුනක් අවසන් වී තිබුනා. තවත් මාස නමයකට අාන්න කාලයයි මම ජිවත් වන්නේ. සමහර විට ඊටත් වඩා අඩු වෙන්න ඉඩ තියෙනවා. මරණය ඒන තුරා මග බලන මා හට නිතරම පපුවේ වේදනාව මතු වී ඒය සිහි ගන්වා දුන්නා. දැන් මට සිහින හා බලාපොරොත්තු තිබුනා. නමුත් ධෙෙවය ඒයට හරසි වී තිබුනා. නිමෙන්න ළං වුනහම පහන් දැල්ලේ වුනත් අාලෝකය වැඩි වෙනවලුනේ. සුමේධ අයියා දැන් අප නිවසේම කෙනෙකු වි හමාරයි. ඔහුගේ පැමිනීම නිවැසියන්ගේ දිනයේ බලාපොරොත්තුවක් වෙලා තිබුනා. සැමදා පාසල නිම වූ දරුවන් දෙදෙනා අප නිවසට පැමිනියා. හවස් වන විට සුමේධ අයියා දරුවන් රැගෙන යාමට පැමිණියා. ඒම ප්‍රදේශයේ ධනවත්ම පවුලක ඒකම දරුවෙක් වූ සුමේධ අයියලට කිසිම දෙයකින් අඩුවක් තිබුනේ නැහැ. දරුවන් බලා ගැනිමට අවශ්‍ය තරම් මෙහේකාරීයන් සිටියා. නමුත් දරුවන්ගේ සතුට ගැන නිතරම සිතු ඔහු. මවගේ අඩුව දැනෙනවාට අකමැති වුනා. හැකි සෑම විටම ඔවුන් සමගම රැදුනු ඔහු දරුවන්ට අවශ්‍ය සියලු දේ ඔහු අතින් හෝ ඔහුගේ මව අතින් සිදු විමට ඉඩ සැලැස්සුවා. දිනක් මධ්‍යම රාත්‍රියෙහි මගේ ජංගම දුරකථකතනය නාද දෙන්න වුනා. අඩ නින්දෙන්ම අැමතුමට සවන් දුන් මම අනිත් පසින් කියනදේ අසා සිටියා. *හෙලෝව් නිල්මිනී නංගී.* *අැයි සුමේධ අයියේ මේ රෑ . චූට දූ ඒහෙම හොදින් නේද අසනිපයක් ඒහෙම නෑ නේද?.* නිදිමත අතුරුදහන් වී හිත තුල කලබරකාරී ස්වරූයක් අැති වුනා. අැද මත වාඩී වු මම සුමේධ අයියාගෙන් තෑගී ලෙස ලැබුන ඔරලෝසුවේ සහන් ඒලිය දැල්වුවා.චායා රූපයෙහි වුන් මා පණ මෙන් අාදරය කරන දරුවෝ දෙදෙනා සුපුරුදු සිනහාවෙන් මාගේ දිහා බලන් හිටියා. *කළබලවෙන්න දෙයක් නෑ. ඒයාලා හොදින්. හොදටම නිදි.* *ඒහෙනම් අැයි සුමේධ අයියේ මේ රෑ.* *මට පොඩි පටලැවිල්ලක නිල්මිණි නංගී ඉන්නේ. ඒක නිසා නින්ද යන්නෙත් නෑ.* *මොකද්ද සුමේධ අයියේ අවුල. මගෙත් ඒක්ක කියන්න අපි හොද යාලුවොනේ. ඔයාගේ හිතට සහනයක් දැනේවී.* *ඔයා ඒක්ක කියන්න බැරී ඒක තමා මට තියෙන ඒකම අවුල.* *අනේ කියන්න බැරි දෙයක් නම් සොරි අයියේ. අැයි කතා කළේ කියන්නකෝ.* *කියන්න නම් පුළුවන් නිල්මීණි නංගී. මට බය ඔයා මං ගැන වැරදියට හිතයිද කියලා.* ඔහු මොකක් නමුත් මගේ ජීවිතයටත් අදාල දෙයක් පිළිබද කියන්නට යන බව මට ඉවෙන් මෙන් වැටහුනා. *අනේ ඒහෙම නෑ සුමේධ අයියේ කියන්නකෝ බලන්න.* *මම නංගිගෙන් දෙයක් අහන්නද?* *අහන්න සුමේධ අයියේ.* *ඔයා මේ තරම් කාලයක් මැරි කලේ නැත්තේ අැයි.* *මොකද ඒක පාරටම ඒහෙම දෙයක් අැහුවේ සුමේධ අයියෝ.* *අනේ අනවශ්‍ය දෙයක් අැහුවා නම් සොරි.* *අනේ නෑ. අපි දෙන්නගේ යාලුකමේ හැටියට ඔක මොකද්ද?.* මම මෙතරම් කල් මා බලන්නට අා මලමාලයන් ගැන ඔහු හා කියන්න වුනා. මම කියන සමහරක් දේවල් වලට ඔහු සිනා වුනා. ඒක නිසා ඒ කතාව කියද්දි මට දුකට වඩා දැනුනේ සතුටක්. *හරි හරි. දැන් වත් ඉතින් මැරේජ් ඒකක් ගැන හිතුවන්ම් හොද නැද්ද?* *දැන්නම් මම මැරි කරන ඒක ගැන හිතන්නෙම නෑ. අැත්තටම මට දැන් මැරි කරන්න ඔනේ නෑ.* *නිල්මිණී නංගී මැරිකරකන් ශාලින්ද මල්ලී ඒයාලගේ වෙඩින් ඒක ගන්නේ නෑ කිව්වේ.* *මටත් කිව්වා . ඒත් කල් යද්දී ඔවා මගැරිලා යයි.* *නිල්මිණි නංගී.* *හ්ම්* * ඔයාට අම්මලා මොනවා හරි කිව්වද?* *මොනවා ගැනද සුමේධ අයියේ.* *මට විවාහා යෝජනාවක් අැවිත් තියෙනවා. ඒකයි මම මේ රැයක් දවලාක් නැතුව කල්පනා කරන්නේ.* *අනේ ඒක හොදයිනේ. දරු දෙන්නට අම්මෙක් ඔනෙමයි නේ අයියේ. ඒයාලා ගෑනු ළමයි නිසා හැම දේම සුමේධ අයියට තනියම කරන්න බෑ. අැයි අයියා ඒයාට අකමැතිද?* මගේ හිතට මොකද්දෝ ලොකු දුකක් කාන්දු වුනා. අැත්තටම මට දුක හිතුනේ අැයි. සුමේධ අයියා මගේ හිතේ ඉන්නවද? නෑ නෑ දරුවෝ දෙන්නා මගෙන් අෑත් වෙන නිසා. අලුත් අම්මෙක් ලැබුනම දූලා දෙන්නට ටික දවසක් යද්දී මාව අමතක වෙලා යාවී. හිතට අා ලොකු වේදනාවත් සමගම පපුවේ වේදනාවක්ද දැනෙන්න ගත්තා. *මගේ හිතේ ඒයා ගැන ඒහෙම හැගීමක් නෑ නිල්මිණී නංගී. මම දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. මගේ සෙව්මීණී මායි මොන තරම් අාදරෙන් හිටියද කියලා දන්නේ අපි විතරයි . මම හිතන්නේ නෑ ඒයාගේ තැන වෙන කාටවත් ගන්න පුළුවන් කියලා.* *ජීවිතේ හැටි ඔහොම තමයි සුමේධ අයියේ. හොදට හොයලා බලලා දරුවෝ දෙන්නා වෙනුවෙන් තීරනයක් ගන්න. හැමදාම තනියම ඉන්නත් බෑනේ.* * මගේ ජීවිතෙන් කවදාවත්ම, මගේ සෙව්මිණී යන්නේ නෑ. සෙව්මීණී අපේ ලෝකෙන් ගිය දවසෙමයි මම ඒයාට පොරොන්දු වුනේ අායි මම වෙන කෙනෙක් අපේ ජීවිතයට ගේන්නේ නෑ කියලා.* *ඒත් සුමේධ අයියේ.* *නෑ නංගී මට අායි මැරි කරන්න බෑ. ඒත් මේ යෝජනාවට මට අකමැති වෙන්නත් බෑ ඒක පාරට.* *අැයි අකමැති වෙන්න බැරි .අයියා දන්න කෙනෙක්ද?* *ඔව් නිල්මිණි නංගී මගේ දරුවෝ දෙන්නට පණ වගේ අාදරේ කරන කෙනෙක්.* අැත්තටම මම නොදන්න තවත් කෙනෙක් ඉන්නවද? මගේ හිතේ අැති වුනේ සැකයක්. මෙතරම් කාලයකට වෙනත් යාලුවෙක් ගැනවත් සුමේධ අයියා කියලත් නෑ. දරුවෝ දෙන්නා කියලත් නෑ. * කාගෙන්ද සුමේධ අයියේ යෝජනාව අාවේ.* *මම හොදට දන්න කෙනෙක්ගේ පවුලේ අයගෙන්.* *මට කියන්න බැරී කෙනෙක්ද?* සූමේධ අයියා අගේ කරමින් ඒ ගැන කියද්දී මගේ හිතට දැනුනේ කේන්තියක්. *කියන්න නම් බැරි කමක් නෑ. ඒත් නංගී මගෙත් ඒක්ක කතා කරන ඒකත් නවත්තලා දාමාවී.* *අැත්තටම කියන්නකෝ සුමේධ අයියේ.* *ඔයාලගේ ගෙදරින් තමා මට ප්‍රපෝසල් ඒක අාවේ. ඔයා ගැන. අනේ මොකුත්ම හිතන්න ඒපා. මගේ හිතේ ඒ ගැන මොකුත්ම නෑ.* *මොනවා මං ගැන.* *ඔව් නිල්මිණි නංගී.* *පිස්සුද අපේ ගෙදර අයට. මම හීනෙකින් වත් නොහිතපු දෙයක්.* *ඒ ගැන හිතන්න ඒපා. මට ඔයාගේ හැගීම දැන ගන්නයි ඔනේ වුනේ.* *මගේ හිතේ ඒහෙම බලාපොරොත්තුවක් නෑ සුමේධ අයියේ. මම කාව වත් මැරි කරන්න කැමති නෑ.* මේ සිදු වීමෙන් පසු අපි තරමක් දුරස් වුනා. දරුවන්ට වෙනදා මෙන්ම අාදරයෙන් සැලකුවත් , මම සුමේධ අයියා සමග පැවති අැසුර අඩු කරනු ලැබුවා. සැබැවින්ම මට ඔහු සමග කිසිදු අමනාපයක් නොතිබුනත්, මට මුහුණ දෙන්න අපහසුතාවක් දැනුනා. සති දෙකක් පමණ මම මගහරිමින් කාලය ගෙව්වා. සියලු සිදු වීම් අමතක කොට සිත සැහැල්ලු කරගන්නට සිතා මම දින කීපයකට කලින් පුස්තකාලයෙන් ගෙනා පොතක් කියවීමට සිතාගෙන ජනෙල් කවුලුව අසල වූ අසුනෙහි අසුන් ගත්තා. *ලොකු බේබී.. ලොකු බේබී.. හ්හ්* ඒවෙලහිම වගේ සිගිතිගේ කටහඩ අැසුනේ දොර අභියසින්. *අැයි සිගිතියෝ.* *ලොකු මහත්තයා ඒන්න කිව්වා* *මට මේ වෙලාවේ. අැයි දන්නේ නෑ නේද සිගිතියෝ.* *මම නම් දන්නේ නැහැ ලොකු බේබී. මම යනවා. මට වැඩ ගොඩයි.* සුමේධ අයියා මේ ගෙදරට ඒන්න ගත් දා සිට ලීලම්මයි සිගිතියි මගෙන් ටික ටික දුරස් වුනා. ඒ ගැළපීමක් නැති සිදුවීම් නිසා, ඒ සිදු විම් තේරුම් ගන්න ප්‍රශ්න කරන නිසයි. ඔවුන් ඒ සිදුවීම් ගැන මම නොදන්න මොනවා හෝ දැනගෙන හිටියා. නමුත් ඔවුන් මගෙන් සැමදේම සැගවුවා. අප්පච්චිගේ පණිවිඩය නිසා මම පහළ මහලට ගියා. අම්මයි, අප්පච්චී , ලොකු මල්ලී, පුංචී නංගී, ශාලින්ද මල්ලී,සේනාදී නංගී හැමෝම සෙටිය වටා ඒක් වෙලා හිටියා. *අැයි අප්පච්චී කට්ටියම ඒකතු වෙලා ඉන්නේ .* ඊ ළග කොටසින් හමුවෙමු....... දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 29 Oct 2016 07:42 PM Quote Reply 21. වන කොටස. මියෙදෙන තුරා... *පොඩ්ඩක් මෙහෙන් අැවිත් ඉද ගත්තා නම් ලොකු දූ.* *අනේ අැයි අප්පච්චී.* මගේ හද බීතියෙන් පිරී ගියේ සියල්ලන් ඒක තැනට රොක් වී සිටීම නිසයි. අප්පච්චී මා සමග නිතර කතා කරන අයෙකු නෙමෙයි, මොකක් හෝ හේතුවක් අැත්ම් පමනයි කතා කරන්නේ. විජී අයියා කියන මිනිහගෙන් ලොකු මල්ලිට අවුලක් වත් අැවිල්ලද, නෑදෑ කාට හරි කරදරයක්ද, චූටී දුට හරි ලොකු දූට හරි අසනීපයක් වත්ද, මම සුමේධ අයියගේ කෝල්ස් අාන්සර් කරන්නැති නිසා ඒ පණිවිඩය ගෙදරට කියලද? නොයෙක් සිතුවිලි දහසක් හදවතේ තෙරපෙද්දී මම සෙටියේ කොනක වාඩී වුනා. *ලොකු දූ. වැදගත් දෙයක් කියන්න කතා කලේ.* *මොකද්ද අපච්චී.* *දුව කසාද බදිනකන් නංගී ශාලින්ද ළමයයි වෙඩින් ඒක පරක්කු කරනවා කියනවා.* *ඒහෙම කරන්න ඒපා. මම මැරි කරන්න බලාපොරොත්තුවක් නෑ.* හිත තුළ වූ නොසන්සුන් බව වෙනුවට අප්‍රසාධයක් අැතිවුනේ අකමැතිම මාතෘකාව අායෙමත් මගේ ඉදිරියට අැවිත් නිසා. මට ඔනේ දැන් මෙකනින් පිට වෙලා මේ කතා නෑහෙන තැනක හැංගෙන්න. ලොකු මල්ලී අප්පච්චී දෙන්නම ඉන්න නිසා මම ඉවසන් ඉන්නට තීරනය කලා. *ඒහෙම කියලා කොහොමද ලොකු දූ. අපිත් තව ටික කාලෙකින් මැරිලා යාවී. ගැනු ළමෙක්ට හැමදාම තනියෙම ජීවත් වෙන්න බෑ.* *මම කොහොම හරි තනියෙම ඉන්නවා. මම මැරි කරන්න කැමති නෑ ඔය කතාව නවත්තලා දාන්න දැන්.* මට හිත කිව්වෙම ඔයාලා තරම් කල් මම ජීවත් වෙන්නේ නෑ .ඒකයි මැරි කරන්න අකමැති කියලා කියන්න කියලාමයි.මම ඒ හැගීම මැඩගෙන අකමැත්ත කියා සිටියා. *කෙනාවත් නොදැන ලොකු අක්කා අැයි බෑ කියන්නේ.* මගේ වදන් ඒක්ක මුන අැඹුල් කර ගත් පුංචී නංගී විමසා සිටියා. * මම දන්නවා කෙනා කවුද කියලා. ඔයාලා මෙච්චර කල් කරපු කියපු හැම දේම මම දන්නවා. සුමේධ අයියාත් මේකට කැමති නෑ.* සියල්ලන්ගේ අැස් මවිත කරමින් මම කියා සිටියා.ශාලින්ද මල්ලී නිහඩවම මගේ දිහා බලන් හිටියා. ඒයා කවදාවත් මම මෙහෙම කියයි කියලා හිතන්න නැතුව අැති. *ලොකු අක්කේ ඔයා දරුවෝ දෙන්නට අාදරෙයිනේ .ඒයාලා වෙනුවෙන් වත් මේ ගැන පොඩ්ඩක් හිතන්නකෝ.* ශාලින්ද මල්ලී අායාචනාත්මක ස්වරයෙන් කිව්වා. *දරුවෝ දෙන්නට නම් අාදරෙයි තමයි . ඒත් මට මේකට කැමති වෙන්න බෑ.* *මොන විකාරයක්ද මේක. අක්කේ ඔබ මේකය කැමති වෙන්නම ඔනේ.* නිහඩව සිදුවීම දිහා බලා වුන් ලොකු මල්ලී ඒක වරම මගේ අැගට කඩන් පැන්නා. ඒක පාරටම වුනුදේ සිතා ගන්නට නොහැකී වූ මම ගල් ගැහුනා. ලීලම්මාත් සද්දෙට බය වුන පාරද කොහෙද කෑම මේසය ළගට අැවිත් ගල් ගැසිලා වුන්නා. කුමක්ද වුනේ කියලා ටිකක් වෙලා කල්පනාවේ හුන් මම නිහඩවම අසුනෙන් නැගිට්ටා. මම පිටු පස හැරී යන්නට සැරසෙත්ම ලොකු මල්ලී අතින් අැදලා අයෙත් මාව පුටුවේ ඉන්දෙව්වා. *අක්කේ...... ඔබට ඔනේ ඔනේ විදියට මෙහෙ නටන්න බෑ. අප්පච්චිටයි මටයි ඔනදේ තමා වෙන්න ඔනේ.තේරුනාද?* *අනේ කළබල අැති කර ගන්න ඒපා ලොකු අයියේ. අපි ලොකු අක්කට ටිකක් කල් දෙමු. ඒක පාරට ගන්න පුළුවන් තීරනයක් නෙමෙනේ මේක.* ශාලින්ද මල්ලී මා දෙසට නැමැ තර්ජනාත්මක ස්වරූපයෙන් බැනවදිමින් වුන් ලොකු මල්ලිව පස්සට අදිමින් කිව්වා. සැබැවින් මා වුන්නේ'' කුසගිනි වූ සිංහදේනුවකට අසු වූ හා පැටියෙක් වගේ'' හැකිලිලා. *ශාලින්ද මල්ලී ඔබ පාඩුවේ ඉදහන්. මම හැමදාම බලන් හිටියා. ගේන ගේන මනමාලයගේ මෙකිට අැදයක් තියෙයි. දැන් මෙච්චර කල් අාශ්‍රය කරලත් සුමේධ අයියට කැමතිත් නැහැල්ලු. අක්කේ මේ මම අන්තිම පාරට කියන්නේ ඔබ මේකට කැමති වෙන්නම ඔනේ. * *මගේ ජීවිතේ ගැන තීරණ ගන්න මට අයිතියක් නැද්ද?.* *මෙච්චර කල් දීලනේ තිබුනේ ඔබ ඒක තීරනයක් වත් ගත්තද? අදම මේ දැන්ම තීරනය ඔනේ. අක්කේ ඔබ සුමේධ අයියව බදින්නම ඔනේ. උෟගේ අැති අඩු පාඩුව මොකද්ද? මේ පැත්තටම ඉන්න හොදම ව්‍යාපාරිකයා ඔබට රැජිනක් වගේ ඉන්න පුළුවන්. ඔබ කැමති වුනොත් මගේ ව්‍යාපාර වැඩ වලටත් හොදයි.* *ලොකු අයියේ. ඔක නවත් තන්නකෝ. අක්කා හිමින් මේකට කැමති වෙයි.* * අක්කේ කියපන් උබේ තිරනේ. අපි වගේ පවුල් දෙකක් ඒකතු වෙනවා කියන්නේ අපිට කරන්න බැරි දෙයක් නැතුව යනවා.* ලොකු මල්ලිගේ කතාව අැහුනම මගේ හිත කෝපයෙන් වියරු වැටුනා. ඒ කියන්නේ කට්ටිට මට අාදරේට නෙමේ මේ කසාදය කරලා දෙන්න යන්නේ .බිස්නස් ඩීල් ඒකක්. මේ ගොල්ලෝ මේ තරම් විශ්විසෙන් මට කැමති වෙන්න කියන්නේ, සුමේධ අයියාත් මේකට කැමතී වගේ. මම මට පුළුවන් ශක්තිය දාලා ලොකු මල්ලිවත් තල්ලු කරන් අසුනෙන් නැගිට්ටා. ලොකු මල්ලී අඩි කීපයක් පසු පසට වුනේ ඔහු මගෙන් බලාපොරොත්තු නොවු හැසිරීමක් වු නිසා විය යුතුයි. සැමදා ඔවුන්ගේ වදන් වලට කීකරු වී තනියම හිත යටින් හඩා වැටුනු මා අසාධාරනයට ඒරෙහිව නැගී සිටියා. * අා.. ඒක තමා කට්ටියගේ පෑලැන් ඒක. මම වෙනුවෙනුත් නෙමෙයි, දරුවෝ දෙන්නා වෙනුවෙනුත් නෙමෙයි. ඔයාලගේ මල්ල බර කරගන්නයි උවමනාව. මම මැරුවත් මම ඔකට කැමති නෑ.* * මේ අක්කේ . මට පව් පුරවන්න ලෑස්ති වෙන්න ඒපා. අක්කා කියලා බලන්නෑ කේන්ති අාවම. ඔබ දන්නවනේ මගේ හැටී.* * මන්ත්‍රී බලේ පෙන්නලා මාව බය කරන්න ද ලොකු මල්ලියේ ඔයා හිතන් ඉන්නේ. ඔයාලා පාගගෙන වැඩ ගන්න පොඩි මිනිස්සු වගේ ඔය සද්ද වලට මම බය වෙයි කියලා හිතන්න ඒපා. මං ඔයාගේ අක්කා බව මතක තියා ගන්නවා.* *අක්කාත් ඒකයි මට . සොකාත් ඒකයි.* *අනේ ලොකු අයියේ කළබල නොකර ඉන්නකෝ. මම අක්කාව කැමති කරලා දෙන්නම්* ශාලින්ද මල්ලී මැද්දට අැවිත් අපේ ගැටුම නවත්තන්න උත්සහා කලා. මම හිටියේ කෝපයෙන් වෙව්ලමින්. මම මාවම පාලනය කර ගන්න අමාරු වුනා.කෝපයත් සමග මගේ පපුවේ වේදනාවත් වැටී වීගෙන ඒන බව මට දැනුනා. *අායි මගේ තීරනයේ වෙනසක් නෑ. මම ජීවිතේට මැරි කරන්නෙත් නෑ. ළගදිම මම මැරිලා යයි .ඒතකොට සේරමලා සැනසිල්ලෙන් ඉන්නවලා.* *කට වහපිය.* ඉදිරියට පැන්න ලොකු මල්ලී මගේ කම්බුල හරහා පාරක් ගැසුවා. මම දෑතින්ම කම්බුල අල්ලන් අඩන්න ගත්තේ ජීවිත කාලයටම මම අප්පච්චිගෙන් වත් ඉරටු පාරක් වත් කාලා නැති නිසයි. අප්පච්චිත් හිටියේ ලොකු මල්ලී වගේම කේන්තියෙන්. අම්මත් ලොකු මල්ලිට ඉහළින් කතා කරන් කෙනෙක් නෙමෙයි. ශාලින්ද මල්ලි මැදිහත් වෙලා මට පහර දෙන ඒක වැලැක්වුවා. මෙතරම් වෙලා අෑතින් සිට බලා සිටි ලීලම්මා මගේ ළගට අාවේ හඩමින්. * මොනවද ලොකු මහත්තයා මේ සිද්ද වෙන්නේ. මේවා ගහලා බැනලා විසදන්න පුළුවන් ඒවා නෙමෙයි.* * මොකද්ද ගෑනියේ ඔබට මේවට කතා කරන්න තියෙන අයිතිය.* ශාලින්ද මල්ලිගේ ග්‍රහනයෙන් මිදෙන්නට උත්සහ කල ලොකු මල්ලී ලීලම්මටත් බැන වැදුනා. * අයිතිය. අයිතිය තමා . මම තමා ඔයාලා හැමෝම මගේ මෝ දෑතින් වඩාන උස් මහත් කලේ . හරියට මල් පෙති වගේ සිනිදුවට හදා වඩා ගත්තු අහිංසක කෙල්ලට ගහද්දී මට බලන් ඉන්න පුළුවන්ද ? * ලීලම්මා හඩමින් කියාගෙන ගියා. ලොකු මල්ලිගේ අැස් වලින් ගිනි පිට වෙනවා. මම කවදාවත් ගෙදරදී ලොකු මල්ලී මෙහෙම හැසිරෙනවා දරකලා නැහැ. * අම්මේ මේ ගෑනිට කට වහ ගන්න කියන්න.* * ලොකු මහත්තයි , නෝනයි සද්ද නැතුව ඉන්නවා නම් මට මේවට මැදි හත් වෙන්න වෙනවා.* ලීලම්මා අප්පච්චී ඉදිරියේ මෙහෙම කතා කරන්නේ කොහොමද කියලා මගේ හිත අැහුවා. ලොකු මල්ලී ශාලින්ද මල්ලිගේ ග්‍රහන්ගෙන් මිදෙන්න උත්සහ කරමින් දත්මිටි කෑවා. * අම්මද බොල මේ ගෑනිගේ පවර්. * * ලීලාවතී පලයං මෙතනින්. ප්‍රශ්න තවත් වැඩි නොකර.* මෙතරම් වෙලා පපුවේ වේදනවත් ඉවසගෙන් සිටියත් තවත් ඉවසන්න බැරි බව මට දැනුනා. ඔලුව කැරකුමක් දැනුන මට හතර වටම කලුවර වූ බව මතකයි. මට සිහි නැතිවී අැද වැටී තිබුනා. සිහි ඒන විට මා උන්නේ, මගේ අැද මත. ශාලින්ද මල්ලී මාව කාමරයට උසවාගෙන අැවිත් තිබුනා. මුහුණට වැටුන සීතල දිය බිදු කිහිපය නිසා මට අැතින් කට හඩවල් අැහෙන්නත් බොද වූ මුහුණු කිපයක් පෙන්නටත් පටන් ගත්තා. * ලොකු බේබී, ලොකු බේබී, රත්තරන් ... කෝ අැස් අරින්න. ඔයා හොදින් නේද?* මගේ අැද අසල දන ගසා ගත් ලීලම්මා කදුලු මැදින් මට සිහි ගන්නට උත්සහ කලා. *ලොකු අක්කේ ඔයා හොදින් නේද* පුංචී නංගිත්, ශාලින්ද මල්ලිත් , සිගිතිත් ඒ අසලම ඉන්න බව මට චායාව වගේ පෙනුනා. මගේ පපුවේ වේදනාව තවමත් දරා ගන්නට බැරි තරම් දරුනුයි. * ලී...ලම්මේ...* *අැයි අැයි මගේ රත්තරන්. * *ව..තු..ර ටික..ක්.* ලීලම්මා පුංචී නංගිගේද උදව් අැතුව හාන්සී වී සිටි මගේ ඔලුව ඔසවලා වතුර ටිකක් පෙව්වා. * ලී.. ලම්මේ... මට අමාරුයි.* *අැයි මගේ රත්තරං මොකද්ද අමාරුව.* *මම.. මැ..රෙන්න .. ඒන්...නේ.. ලීලම්මේ....* *මොනවද රත්තරනේ ඔය කියන්නේ. අනේ පුංචී බේබී ලොකු බේබීව ඉස්පිරිතාලෙකට ඒක්ක යමු.* ඊ ළග කොටසින් හමු වෙමු.... දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 29 Oct 2016 08:06 PM Quote Reply 22. වන කොටස. මියෙදෙන තුරා... * ඒපා ... ලී...ලම්මේ. මට යන්න බෑ..* දැන් රෝහල වෙත රැගෙන ගියහොත් මගේ රෝගී තත්තවය සියල්ලන්ම දැන ගනීවී යැයි මකත් වීම නිසා මම කියා සිටියා. *ඒහෙම කියලා කොහොමද ලෝකු බේබී.* ලීලම්මා මගේ පපුව පිරිමදිමින් කිව්වා. අැය සිටියේ බොහොම කළබල වෙලා. අම්මා කාමරය පැත්තටවත් අැවිත් නැති බව මට වටපිටාව බලද්දි පැහැදිළි වුනා. *ලීලම්මේ මම ඩොක්ටර් කෙනෙකුට කොල් කරන්නම්. ගෙදරට ගෙන්න ගමු . ලොකු අක්කිගේ මුණත් ඉදිමිලානේ. ස්පිරිතාලේ ඒක්ක ගියොත් හැමදේ ගැනම ප්‍රශ්ණ කරයි.* ඒහෙම කියපු පුංචී නංගි කාමරෙන්පිට වෙලා ගියා. ශාලින්ද මල්ලි අැද ළගට වෙලා හිටගෙන බලාගෙන හිටියා. ලීලම්මා මගේ මූණ අතගාමින් තව තවත් අැඩුවා. වෙලාව ගත වෙනවත් සමග පපුවේ වේදනාව ටිකෙන් ටින අඩු වෙලා යන බව මට දැනුනා. කියපු විදියටම වෙෙද්‍යවරයා නිවසට පැමිණියා. ඔහු ඒන විට කිසිදු අපහසුතාවයක් තිබුනේ නෑ. සියලු වේදනා තුරන් වී තිබුනා. මාව පරික්ෂා කර බලපු වෙෙද්‍යවරයා පුංචී නංගිලාගේ පැත්තට හැරුනා. *මට කියන්න බලන්න මේ දරුවට සිහි නැති වෙන්න කලින් මෙහේ සිද්ද වුන දේ. මොකක් හරි වෙලා තියෙනවා. මුණත් ඉදිමිලා.* ඔහු පවුලට සමීපතම වෙෙද්‍යවරයෙක් නිසා පවුලේ හුගත් දේ ගැන දැන වුන්නා. ඒක නිසාම පුංචී නංගී අැත්තම විස්තරය කියාගෙන ගියා.ඔහු කතාව සාවදානව අහන් හිටියා. අවසානේ ඔහුගේ නෙතට නැගුන සිනහවත් සමග මගේ පැත්තට හැරුනා. මම බයේ තැති අරන් හිටියේ මගේ රෝගී තත්වය පිළිබද මොනවා හෝ ඒළිවෙයිද කියලා. *මේ දරුවා මොකද දැන් විවාහයට අකමැති. මල්ලී හැසිරුනු විදියත් මම අනුමත කරන්නේ නෑ. ඒත් තරුණ ගෑනු ළමෙක්නේ .අම්මලා අප්පච්චීලා කියන දේවලුත් පොඩ්ඩක් හිතන්න. දැන් අමාරුවක් නෑ නේද?* *නෑ ඩොක්ටර්.* *බය වෙන්න දෙයක් නෑ. කළබලයට බය වුන නිසා ක්ලාන්ත ගතියක් ඒන්න අැත්තේ. හැබැයි අායෙත් ක්ලාන්ත ගතියක් අැති වුනොත් හොස්පිටල් ඒකට ඒන්න. පපුව රිදෙන්නත් අැත්තේ මානසික අාතතිය නිසා වෙන්න ඔනේ.* උපදෙස් රැසක් දුන්න වෙෙද්‍යවරයා පිට වෙලා ගියා. අනිත් හැමෝමත් කාමරෙන් පිට වෙලා ගියා. වෙෙද්‍යවරයා ලබා දුන් බෙහෙත් වලටද කොහෙද මට හොදටම නින්ද ගියා. *ලොකු බේබී .. ලොකු බේබී..හ්හ්* සිගිතිගේ කට හඩින් අවදි වුන මම අැද මත වාඩී වුනා. නින්දත් සමග සියලු අමාරුකම් තුරන් වී තිබුනා. *අැයි සිගිතියෝ ඒන්න අැතුළට.* *ලොකු බේබී අර බබාලා දෙන්නා අැවිල්ලා. ලොකු මහත්තයා කිව්වා පහළට ඒන්න කියන්න කියලා.හ්හ්* *සුමේධ අයියත් ඉන්නවද? නැත්තම් ඩ්‍රයිව ඒක්කද අැවිත් තියෙන්නේ.* *සුමේධ මහත්තයත් ඉන්නවා ලොකු බේබී. හ්හ්*. *මට බෑ සිගිතියෝ අායි ගුයි කන්න. මට අමාරුයි හොදටම නිදි කියන්න.* *අනේ අැයි ලොකු බේබී සුමේධ මහත්තයට අකමැති.හ්හ්. ඒ මහත්තයා හොදයි කියලා ලොකු බේබිමනේ කිව්වේ.හ්හ්* *හොදයි තමයි . ඒත් මගේ හිතේ ඒයා ගැන කිසි හැගීමක් නෑ. දරැවෝ දෙන්නා වෙනුවෙන් හරි මට මේකට කැමති වෙන්න තිබුනා. ඒත්* *ඒත් කිව්වේ ලොකු බේබී.හ්හ්* * නෑ. නෑ මොකුත් නෑ.* *ලොකු බේබී මොනවා හරි හන්ගනවද? හ්හ්* *මොනවා හන්ගන්නද ?ඔයාලා තමා මාව රවට්ටන්නේ. මගෙන් ලොකු දෙයක් හංගන් ඉන්නේ ඔයාලා.* මට අසනීපය ගැන කියවෙන්නයි ගියේ .ලීලම්මත් කාමරයට අැතුල් වෙනවා දැක්කම මම පියවි සිහියට අාවා. *ලොකු බේබී අාන් ලොකු මහත්තයා කතා කරනවා* *මට ඒන්න බෑ ලීලම්මේ මම තාම නිදි කියන්න.* මම පොරවනය සකසා ගනිමින් අැදේ හාන්සි වුනා. *මොකද ලොකු බේබී වෙලා තියෙන්නේ. අැයි ඔහොම හැසිරෙන්නේ.* *මටත් අහන්න තියෙන්නේ ඒ ටිකම තමා ලීලම්මේ. ඔයා වෙනදට හැමදාම මගේ පැත්තේ. දැන් අැයී ලීලම්මත් අම්මලාගේ පැත්තේ.* *ඒහෙම ඒකක් නෑ ලොකු බේබී. සූමේධ මහත්තයා හරිම හොදයිනේ. ඒ දරුවෝ දෙන්නටත් ලොකු බේබීව නැතුවම බෑ.* *ඒත් කට්ටියගේ යටි අරමුණ සුමේධ අයියාගේ සල්ලී. * *දරුවෝ දෙන්න වෙනුවෙන් වත් මේකට කැමති වෙන්න ලොකු බේබී. අායි මේ වගේ හොද මහත්තයෙක් ඔයාට හම්බෙන ඒකක් නෑ.* ලීලම්මත් මමයි සුමේධ අයියායි විවාහා වෙනවට ගොඩක් කැමති බව මට වැටහුණා. සුමේධ අයියා ගැන අදහසක් නැතත් දරුවෝ දෙන්නා වෙනුවෙන් හරි මට කැමති වෙන්න තිබුනා. ඒත් කොහොම කැමති වෙන්නද? මම මැරෙන්න ඉන්න කෙනෙක් . මට බෑ අර දරුවන්ට අායි දුකක් දෙන්න. කොහොමටත් මම මේ විවාහයට කැමති වෙන්නේ නෑ කියලා මම හිත තද කර ගත්තා. *නැන්දී අම්මී.* *අනේ චූටී දූ.* *නැන්දී අම්මිට උෟවා වෙලාද? * *ඔව් චූටී දූ නැන්දි අම්මි අසනීප වෙලා.* කාමරයට අැවිත් මගේ ළගින් වාඩී වුන, දරුවෝ දෙන්නම තුරුළු කරගෙන සිඹිමින් මම කිව්වා. අනේ මේ දරුවෝ දෙන්නා මගෙම කරන් මෙයාලගේ ළගටම වෙලා ඉන්න තියෙනම්. මම හිත යටින් හඩා වැටුණා. *අම්මී නැන්දී. ඔයා කවදාවත් අපේ ගෙදර ඒන්නේ නෑද?* *අැයි මගේ චූටී දූ ඒහෙම අහන්නේ.* *නංගී තාත්තා කිව්වා නේ නැන්දී ඒක්ක කියන්න ඒපා කියලා.* *මොකද්ද ලොකු දූ කියන්න ඒපා කිව්වේ.* *මොකුත් නෑ නැන්දී.* දරුවෝ දෙන්නා මට මොකක් හරි හංගන බව මට දැනුනා. ලොකු දූගේ මූනේ තිබුනේ බිය වුණ ස්වරූපයක්. *හැබැයි ඔන්න අම්මී නැන්දී කවදාවත්ම ඒන්නේ නෑ ඔයාලා බලන්න. දැන් මට අැත්තම නොකිව්වොත්.* *ඒත් අපි තාත්තිට පොරොන්දූ වුනානේ නැන්දී.* *මම තාත්තිට නොකියා ඉන්නම්කෝ දූලා මට කිව් බව.* මම ලොකු දූව මගේ ළගට ළං කර ගනිමින් කිව්වා. *තාත්තී කූවා. අම්මි නැන්දි අපේ ළගට ඒන්න කැමතී නෑ කීලා.* *දූට කව්වද කීවේ මම දූලගේ ගෙදර නවතින්න ඒනවා කියලා.* *ශාලින්ද මාමී* *කවදද කිව්වේ.* මම පුදුමයෙන්යුතුව ප්‍රශ්න කලේ. මේ මිනිස්සුන්ගේ මොළේ හොද නෑ. පොඩි දරුවෝ දෙන්නාගේ හිත් වලටත් මේවා දාලා කියලා. *ගොඩාලියක් කල්.* *ගොඩක් කල්* * ඔව් . ඒත් අම්මි නැන්දී අාවේ නානේ තාම.* *අැත්තද ලොකු දූ නංගී කියන කතාව. කවදද ශාලින්ද මාමා ඒ වගේ කතාවක් කිව්වේ.* මම ලොකු දූගෙන් විමසුවේ මගේ හිතට සැකයක් අාපූ නිසයි. *අපි නැන්දිව දකින්නත් කලින්.* * ඔයාලා මාව දක්න්නත් කලින් . මම ඔයාලගේ ගෙදර ඒනවා කිව්වා.* *ඔව් ඒදා පංසලේදී නංගී තාත්තියි හම්බුන දවසට කලින් දවසේ අැවිත් ශාලින්ද මාමී අපිට පංසල් ඒන්න කිව්වා. ඔයාලට ගේන අලුත් අම්මා බලන්න ඔනේ නම්.* *මොනවා. මේ මොකද්ද මේ කතාව.* *නැන්දි කැමතී නැද්ද අපේ අම්මා වෙන්න.* ලොකු දූ මගේ අැස් දෙක දිහාම බලාගෙන ඒහෙම අහද්දී මගේ පපුව පිච්චිලා ගියා. මම අකමැති නෑ දූලගේ අම්මා වෙන්න. ඒත් මම දන්නවා මම මැරෙන්න ඉන්නේ. මම කොහොද තවත් ඔයාලගේ ජීවිතේට ළං වෙන්නේ. මම නිහඩවම දරුවෝ දෙන්නා බදාගෙන අැඩුවා. ඒ කියන්නේ මුල ඉදලම මේක ශාලින්ද මල්ලියේ පෑලෑන් ඒකක්.හොදයි කියලා හිතුවට වැඩක් නෑ සේරම ඒකයිනේ බලං ගියොම. මම සුසුම් හෙළුවේ මම පුංචී නංගිලාගේ රගපෑමට අහු වෙලා කියලා දැනුනම. මම හොදටම දන්නවා මට අැති අාදරේට නෙමෙයි සල්ලි වලට තියෙන පෙරේත කමට තමා මාව සුමේධ අයියාට කැමති කරන්න හදන්නේ කියලා. පුදුම මිනිස්සු මට දැනුනේ හරිම පිළිකුලක්. *ලොකු අක්කේ* පුංචී නංගිගේ කට හඩ අැහෙනවත් ඒක්ක මම අැදේ හරි බරි ගැසිලා වාඩී වුනා. * ඒන්න පුංචී නංගී අැතුළට.* මම හිතෙහී වු පිළිකුල මැඩ ගනිමින් හොදින් කතා කළේ දරුවෝ දෙන්නා ගැන හිතලා. මම දැන් අැත්ත දන්න බව දැන ගත්තොත් දරුවෝ දෙන්නා මට අැත්ත කිව් බව හැමෝම දැන ගනිවී. පුංචී නංගිත් ඒක්ක සුමේධ අයියයි ශාලින්ද මල්ලීත් අැතුළට අාවා. මම සුමේධ අයියාගේ මූණ දකින්නත් අකමැති වුනා. මට දැන් තේරෙනවා අදහසක් නෑ කියලා මූලිච්චාවට කිව්වට ඒයත් මේ වැඩේට උඩින්ම කැමතී කියලා. ඊ ළග කොටසින් හමු වෙමු.. දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 29 Oct 2016 08:07 PM Quote Reply තව කොටස් 10 ක පරතරයක් තියෙනෝ දිනයක වැටහේවී........... 0 DushanVeteran MemberPosts:2536 31 Oct 2016 01:10 AM Quote Reply දැන් නම් කතාව නියමයි ඉක්මනට අනිත් කොටසත් දාන්නෝ එහෙනම් බොහොම ස්තුති 0 samanthaMost Senior MemberPosts:13190 31 Oct 2016 01:15 AM Quote Reply අනේ මගේ අසනීප තත්වය නිසා මේක දිගටම කියවාගෙන යන්න නම් බැරි වුණා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 සඳුනිVeteran MemberPosts:2462 31 Oct 2016 01:59 AM Quote Reply හෙමින් සැරේ කියවන්න මම කතාව හෙමින් දාන්නම්. දැන් හුගක් අඩුයි නේද? දිනයක වැටහේවී........... 0 kingDVeteran MemberPosts:3309 31 Oct 2016 02:27 AM Quote Reply වව් ..දැන්නම් නියමයි කතාව...ඉක්මනට ඉක්මනට කියවන්න ආසයි Business, you know, may bring money, But friendship hardly ever does. 0 indika76Most Senior MemberPosts:10449 31 Oct 2016 02:41 AM Quote Reply නංගී කොටස් ගොඩක් දාලානේ... මටත් තාම කියවන්න බැරිවුනා.. 0 සඳුනිVeteran MemberPosts:2462 31 Oct 2016 04:02 AM Quote Reply මේ ටික කියවලා ඉවර වුනාම කියන්නකෝ ඊළග කොටස දාන්න. දිනයක වැටහේවී........... 0 indika76Most Senior MemberPosts:10449 31 Oct 2016 04:09 AM Quote Reply කමක් නෑ නංගී ඔයා දාන්න... මේ දක්වා කියවපු අය ඉන්නවනේ.. ඉඩක් තියෙන වෙලාවක එක දිගට කියවාගෙන යන්නම්... 0 sha733Super Senior MemberPosts:7332 31 Oct 2016 04:11 AM Quote Reply මමනං කියවලා ඉවරයි අනිත්වා දැම්මත් කමක් නැහැ මෙහෙම කොටස් 4 ගානේ දීගෙන ගිහින් ඉවර වෙලා 1 ගානේ දෙන්න ගියාම තමා මල පනින්නේ 0 සඳුනිVeteran MemberPosts:2462 31 Oct 2016 04:13 AM Quote Reply 10 යම දාන්නද? ඉවරයක් වෙන්න දිනයක වැටහේවී........... 0 Add Reply Page 6 of 13 << < 45678 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit